Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධ්‍යාපන වර්ජනය අත්හිටුවේ  

Add comments

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට අදාල වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ,විදුහල්පති හා ගුරු සේවාවන්හි නිරත නිලධාරීන්ට දේශපාලන පලිගැනීම් පදනම් කර ගනිමින් පත්වීම් හා උසස්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. මෙම තීරණයට එරෙහිවයි වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සැලසුම් කළේ. කෙසේ වුවද අදාල වෘත්තීය සමිති සමග සාකච්ඡා කළ ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ද දුරකතනයෙන් සාකච්ඡා කළා. අනතුරුව ජනාධිපතිතුමා තීරණ කිහිපයකට එළඹුණා. දැනට සැලසුම් කර ඇති පත්වීම් හා උසස්වීම් ලබා දීම තාවකාලිකව නතර කිරීම ඒ අනුව ගත් තීරණයක්. මෙම පත්වීම් සඳහා තෝරා ගත් අයගේ පෞද්ගලික ලිපි ගොණු විමර්ශනය කිරීමටත්. ඒ අනුව දේශපාලන පලිගැනීම් සිදුව තිබේද යන්න නැවත විමර්ශනය කිරීමට නියමිතයි. ඒ සඳහා කමිටුවක් පත් කිරීම සහ එම කමිටුවේ නිර්දේශ මාසයක් ඇතුලත ලබා ගැනීමට ද තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමා පත්කරන ඉහත කමිටුවේ නිර්දේශ වැඩිදුරටත් අනුමැතිය ලබා ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කර නිර්දේශ ලබා ගැනීමට නියමිතයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් පත්කළ කමිටුව සිය අදහස් ඉදිරිපත් කිරීම සඳහා අදාල වෘත්තීය සමිතිවලට ද අවස්ථාව ලබා දීමේ තීරණයට අද එළඹුණා. එමෙන්ම මෙම ක්‍රියාමාර්ගවලින් අනතුරුව දේශපාලන පළිගැනීම් මත පත්වීම් හා උසස්වීම් ලබා දීමේ දී යම් අයෙකුට අසාධාරණයක් සිදුව තිබේ නම් එය නිවැරැදි කිරීමට ද සාකච්ඡාවේ දී තීරණය කර තිබෙනවා.

නීල් අතුකෝරල – උප සභාපති – අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය ,

මේ අතර අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට අදාල පත්වීම් හා උසස්වීම් ලබා දීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ස්ථාන කිහිපයක දී අදහස් පළ වුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG