Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිපති දෙපාර්තමේන්තු නව කාර්යාල පරිශ්‍රය විවෘත කෙරේ (PHOTOS)  

0 comments

නීතිපති දෙපාර්තමේන්තුවේ අලුත් ගොඩනැගිලි සංකීර්ණය අගමැතිතුමා අතින් විවෘත වුණා.

රුපියල් මිලියන 1,480 ක වියදමින් ඉදිකළ නීතිපති දෙපාර්තමේන්තුවේ නව කාර්යාලයීය ගොඩනැගිලි සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා.

ශ්‍රවණාගාරයක්,  ආපනශාලාවක් සහ රථගාලක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත එය මහල් 12 කින් යුක්ත වනවා.

මෙහිදී අනුශාසනාවක් පැවැත්වූ අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පූජ්‍ය බොරැල්ලේ අතුල ස්වාමීන් වහන්සේ අග්‍රාමාත්‍යවරයා ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කාර්යයන්ට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කළා. අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

The post නීතිපති දෙපාර්තමේන්තු නව කාර්යාල පරිශ්‍රය විවෘත කෙරේ (PHOTOS) appeared first on ITN News.

Read More »

අලුත් අවුරුදු පොකුරට ඊයෙත් 1,662 ක් – මරණ ලැයිස්තුවට 11ක්  

0 comments

අපේ රටෙන් වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් හදුනාගත්ත දවස විදියට ඊයේ (30) දවස වාර්තා අතරට එක්වුණා.

ඊයේ දවසෙදි අලුත් අවුරුදු කොරෝනා පොකුරට එක්වුණ  ආසාදිතයින් ගණන 1662ක්.

ඊයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් 1662ගෙන් 26 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ අටදහස් එකසිය හතලිස් හයක්. ඒ අතරින් එකොළෙස් දහස් හාරසිය අනූතුන් දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අනූපන්දහස් නවසිය හැත්තෑ පහක්.

ඊයේ දවස තුළ කොරෝනා මරණ 11 ක් වාර්තා වුණා. පිළියන්දල පදිංචි 79 හැවිරිදි කාන්තාවක්, දෙහිඅත්තකණ්ඩිය පදිංචි 76 හැවිරිදි කාන්තාවක්, මාතලේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක් හා කළුතර පදිංචි 82 හැවිරිදි පුද්ගලයෙක් මියගිය පිරිසට ඇතුළත්. එමෙන්ම වත්තල පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්, දිවුලපිටිය පදිංචි 51හැවිරිදි පුද්ගලයෙක් හා පැපිලියාවල පදිංචි 77 හැවිරිදි පුද්ගලයෙක් හා  අනුරාධපුර පදිංචි 64 හැවිරිදි කාන්තාවක් ද මේ අතර වනවා. කොළඹ 14 පදිංචි 94 හැවිරිදි පුද්ගලයෙක්, පරගස්තොට පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක් හා කැළණිය පදිංචි 46 හැවිරිදි කාන්තාවක ද ඊයේ මියගිය පිරිසට ඇතුළත්. ඒ අනුව මේ දක්වා මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 678ක්.

හැටන් ඩන්බාර්වත්ත ඉහළ කොටසේ නිවාස සංකීර්ණයක එකම පවුලේ 12 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා. සිදුකල පීසීආර් පරික්ෂණවලදී එය තහවුරු වූ බවයි හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා සදහන් කළේ.

වැලිකන්ද බටුහේන ගම්මානයේ පුද්ගලයින් විසි හතර දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගැනීමත් සමග ඔවුන් වැලිකන්ද හා පුනානි විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණා.

මේ අතර ආනමඩුව මූලික රෝහලේ නව කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් අද සිට ආරම්භ කළ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය සදහන් කළා. කොවිඩ් රෝගීන් ඇතුළත් කර ගැනීම අද සිට සිදුකරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සදහන් කළේ.

 

 

 

The post අලුත් අවුරුදු පොකුරට ඊයෙත් 1,662 ක් – මරණ ලැයිස්තුවට 11ක් appeared first on ITN News.

Read More »

ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමඟ සබදතා එපා !  

0 comments

පවත්නා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබදතා පැවැත්වීමෙන් වළකින ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ලාංකික ධීවරයින්ගෙන් ඉල්ලා සිටිනවා.

උතුරේ ධීවරයින්ගේ ඥාතීන් ඉන්දියාවේ ජීවත්වන බැවින් ඔවුන් සමග සබදතා පැවැත්වීමට ජාත්‍යන්තර මුහුදු තීරයේදී කටයුතු කිරීම  ධීවරයින්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් ගෙන එන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

 

 

The post ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමඟ සබදතා එපා ! appeared first on ITN News.

Read More »

ඉල්ලීමක් කළහොත් රිෂාඩ්ට පාර්ලිමේන්තු පැමිණීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස CIDයට දන්වයි  

0 comments

තමන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි කරවන ලෙස බදියුදීන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළොත් ඊට අවශ්‍ය පියවර ගන්නා කියල වේත්‍රධාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා තිාබනවා. ඒ කතානායකවරයාගේ උපදෙස් අනුවයි.

රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය 24 වනදා පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වුණා. ඒ අනුව හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් දින 90 ක රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදුවනවා.

The post ඉල්ලීමක් කළහොත් රිෂාඩ්ට පාර්ලිමේන්තු පැමිණීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස CIDයට දන්වයි appeared first on ITN News.

Read More »

08 වන දිනටත් ඉන්දියාවේ කොරෝනා රෝගීන් දිනක වාර්තාව ලක්ෂ 03 පනී  

0 comments

අඛණ්ඩව 8 වන දිනටත් ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා ගියා.

මේ අතර ඇමෙරිකාව ප්‍රමුඛ ලොව රටවල් රැසක් ඉන්දියාවට උපකාර කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් හදුනාගත් නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූහයදහස් අටසිය අසූඅටක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව තුන්දහස් පන්සියය ඉක්මවා ගිය බවයි වාර්තා වන්නේ.

ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන ඉන්දියාව වැනි රාජ්‍යයක උද්ගතව ඇති මේ තත්ත්වය හමුවේ එරට රෝහල් තුළ දැඩිසත්කාර ඇදන්,  සායනික ඔක්සිජන් සහ අත්‍යවශ්‍ය ඖෂධ සියල්ලේම පවතින්නේ දැඩි හිගයක්. මේ අතර දිනෙන් දින ඉහළ යන මරණ හේතුවෙන් සිරුරු ආදාහනයට දිල්ලි නුවර ආදාහනාගාර පහසුම් නොමැතිවීමෙන් දැඩි අසීරුතාවන්ට මුහුණ පා ඇති බව වාර්තා වනවා.

මේ අතර ඩොලර් මිලියන සියයකට අධික ඔක්සිජන් සිලින්ඩර් 400 කට වැඩි සංඛ්‍යාවක් සහ සෞඛ්‍ය උපකරණ හා මිලියනයකට ආසන්න කොරෝනා පරීක්ෂණ කට්ටල රැගත් ඇමෙරිකා හමුදා ගුවන් යානයක් අද දිනයේ ඉන්දියාවට පැමිණයා. බ්‍රිතාන්‍ය,  කැනඩාව,  ප්‍රංශය,  සිංගප්පූරු සහ නවසීලන්තය ද  ඉන්දියාවට සහාය ලබාදීමටයි කටයුතු කර තිබෙන්නේ.

 

 

 

 

The post 08 වන දිනටත් ඉන්දියාවේ කොරෝනා රෝගීන් දිනක වාර්තාව ලක්ෂ 03 පනී appeared first on ITN News.

Read More »

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 922ක්  

0 comments

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 922 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 107,406 දක්වා ඉහළ ගොස් ඇත.

 

The post මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 922ක් appeared first on ITN News.

Read More »

නිදහසට එක්වෙමු-වැඩබිම ජයගමු යෝජනාව අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි  

0 comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති එක්ව සකස් කළ යෝජනා 21 කින් යුත් නිදහසට එක්වෙමු වැඩබිම ජයගමු ජාත්‍යන්තර කම්කරු දින යෝජනාව අග්‍රාමාත්‍යවරයා වෙත භාරදුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා අතිනුයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම යෝජනාව භාරදෙනු ලැබුවේ.

නිදහසට එක්වෙමු වැඩබිම ජයගමු ජාත්‍යන්තර කම්කරු දින යෝජනාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වූයේ අරලියගහ මන්දිරයේදීයි. මහින්ද රාජපක්ෂ මහතා එවකට කම්කරු අමාත්‍යවරයා ලෙස ගෙනආ කම්කරු ප්‍රඥප්තිය මගින් වැඩකරන ජනතාවට සිදුවූ සේවාව ඉමහත්. එම සේවාව සහ කම්කරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ඒ මහතා දැක්වූ දායකත්වය වෘත්තීය සමිති නායකයන් මෙහිදී ඇගයීමට ලක්කළා.

රාජ්‍ය,  අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල වැටුප් වැඩි කිරීමට එවකට ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ගත් පියවර ද මෙහිදී විශේෂයෙන් සිහිපත් කෙරුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post නිදහසට එක්වෙමු-වැඩබිම ජයගමු යෝජනාව අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි appeared first on ITN News.

Read More »

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව  

0 comments

මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඊයේ දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසකදී මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකළ බව පොලීසිය පවසනවා.

 

 

 

 

 

 

The post දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව appeared first on ITN News.

Read More »

තවත් 530 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 530 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 95,975ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post තවත් 530 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

Read More »

ජනාධිපති කාර්යාල සේවා සන්නිවේදන මාධ්‍ය මගින්  

0 comments

උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.

රෝගය පැතිරයාම පාලනය පිණිස පනවා තිබෙන සීමාවන් නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුවද සැලකිල්ලට ගෙන දුරකථන, තැපෑල සහ විද්‍යුත් තැපෑල බඳු සන්නිවේදන මාර්ග ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම් දීමටත්, ඉටු කිරීමටත් අවස්ථාව සලසා ඇත.

ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදල සමග පහත සඳහන් දුරකථන/ ෆැක්ස් අංක ඔස්සේ සම්බන්ධ වීමට පිළිවන.

ජනාධිපති මහජන සම්බන්ධතා අංශය – 0114354550/ 0112354550
Fax 011 2348855

publicaffairs@presidentsoffice.lk

ඔම්බුඩ්ස්මන් කාර්යාලය – 0112338073

ombudsman@presidentsoffice.lk

ජනාධිපති අරමුදල – 0112354354
(දිගුව 4800/ 4814 / 4815 / 4818)
Fax 011 2331243

The post ජනාධිපති කාර්යාල සේවා සන්නිවේදන මාධ්‍ය මගින් appeared first on ITN News.

Read More »

හෙට සිට ඉන්දීය ජනතාවට ස්පුට්නික් ෆයු එන්නත  

0 comments

හෙට සිට ඉන්දීය ජනතාවට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයු එන්නත ලබාදීමට සැළසුම්කර තිබෙනවා.

ඉන්දියාව තුළ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයු එන්නත බෙදාහැරීමට සැළසුම්කර ඇති බව රුසියාවේ ඉන්දීය තානාපතිවරයා ප්‍රකාශ කරනවා. ඒ අනුව ස්පුට්නික් ෆයු එන්නත භාවිතයට ගන්නා 60 වන රට බවට ඉන්දියාව පත්වනවා.

ස්පුට්නික් එන්නතේ සාර්ථකත්වය සියයට 91 ඉක්මවා පවතින බවටයි සිදුකරන ලද පරීක්ෂණවලන් හෙළිව තිබෙන්නේ.

මේ අතර පවතින තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ද කැදවා ඇති බවයි සදහන් වන්නේ.

 

 

 

 

The post හෙට සිට ඉන්දීය ජනතාවට ස්පුට්නික් ෆයු එන්නත appeared first on ITN News.

Read More »

එංජින් ධාරිතාව සීසී දහස ඉක්මවූ යතුරු පැදි දෙකක් අත්අඩංගුවට  

0 comments

අපේ රටේ මහා මාර්ගවල ධාවනය කරන්න හැකියාවක් නැති එංජින් ධාරිතාව සීසී දහස ඉක්මවූ යතුරු පැදි දෙකක් ගම්පහදී පොලිස් අත්අඩංගුවට අරන් තියෙනවා.

වේයන්ගොඩ පල්ලේවෙල ප්‍රදේශයේ නිවසක තිබී පොලිස් භාරයට ගැණුනු මෙම යතුරුපැදි දෙක රුපියල් ලක්ෂ 50ක් පමණ වන බවයි පොලීසිය පවසන්නේ. එම යතුරුපැදි තරගාවලිවලට සැකසූ ධාවන පථවල පමණක් ධාවනය කළ හැකි ඒවා වනවා.

යතුරුපැදි දෙක ඉටිකොල යොදා වසා දමා තිබූ අතර මෙම යතුරුපැදි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි  ගම්පහ කොට්ඨාස පොලිස් විමර්ශන අංශය සදහන් කළේ.

 

 

 

The post එංජින් ධාරිතාව සීසී දහස ඉක්මවූ යතුරු පැදි දෙකක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ කේ වී ආනන්ද් අභාවප්‍රාප්ත වෙයි  

0 comments

දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම කැමරා අධ්‍යක්ෂවරයෙකු වන කේ වී ආනන්ද් අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යනවිට ඔහු 54 හැවිරිදි වියේ පසුවුණා.

චෙන්නායිහි ඔහුගේ නිවසේ සිටියදී අද අලුයම ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගිය බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ. රෝගී තත්ත්වය හමුවේ සිය මෝටර් රථය පදවාගෙන රෝහලට පැමිණ තිබෙනවා.

රසික ජනතාවට වඩාත් රසවින්දනයෙන් යුත් කප්පාන්,  අයන්,  මාට්‍රන් සහ අනේගන් වැනි චිත්‍රපට ගණනාවක් ඔහු අධ්‍යක්ෂණය කළා.

 

 

 

The post දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ කේ වී ආනන්ද් අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

Read More »

කොවිඩි අසාධ්‍ය රෝගීන්ට KDU රෝහලේ දැඩි සත්කාරක සේවා පහසුකම් – සෞඛ්‍ය ඇමති  

0 comments

දැනට රට පුරා ව්‍යාප්ත වන කොවිඩ් -19 තෙවන රැල්ල හේතුවෙන් කොවිඩ් ආසාදනය වී අසාධ්‍ය වන රෝගීන්ට හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීමට ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර සේවා පවත්වාගෙනයාමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ අනුව ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර ඒකක 03 ක් කොවිඩ් රෝගීන්ගේ දැඩි සත්කාරක සේවා සදහා වෙන් කිරීමටත්, මෙම ඒකක තුල ICU ඇඳන් 24 ක් සහ High Dependency Beds (HDU ඇඳන්) 12 ක් ස්ථාපිත කොට Hi-flow ඔක්සිජන් ඇතුලු සියළු පහසුකම් ලබාදීමටත් පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.

මෙම කටයුුතු සොයාබැලීම සදහා සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (29) රාත්‍රියේ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ විශේෂ නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව පැවැති විශේෂ සාකච්ඡාවේ දී මෙම දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන වෛද්‍යවරු 30 ක්, හෙදියන් 80 ක්, කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 ක් කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබාදෙන ලදි.

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ, ඖෂධ වර්ග කඩිනමින් ලබාදීම කටයුතු කරන ලෙසත්, මෙම දැඩි සත්කාර ඒකකවල සේවය සදහා පැමිණෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ආරක්ෂිත නේවාසික හා ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙසට ද සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

එමෙන්ම කොවිඩ් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ විශේෂ වැඩපිළිවෙල යටතේ දිවයින පුරා පිහිටි රෝහල් සහ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල දැඩි දැඩිසත්කාරක සේවා පුළුල් කිරීමටත්, ඇඳන් ධාරිතාවය වැඩි කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි.

මෙම නිරීක්ෂණ චාරිකාව සදහා සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ විධායක අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස්, අධ්‍යක්ෂ වෛද්‍ය සේවා බ්‍රිගේඩියර් සමන් තිලකරත්න හා රෝහලේ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුලු පිරිසක් සහභාගි වූහ .

The post කොවිඩි අසාධ්‍ය රෝගීන්ට KDU රෝහලේ දැඩි සත්කාරක සේවා පහසුකම් – සෞඛ්‍ය ඇමති appeared first on ITN News.

Read More »

ලබන සතියේ පාර්ලිමේන්තුව දින දෙකකට සීමා වෙයි  

0 comments

පවතින කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන සතියේ දින දෙකක් පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද ( 30) තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව රැස් වනුයේ ලබන 04 වෙනිදා අඟහරුවාදා සහ 05වෙනි බදාදා පමණයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එහි සභාපති කතානායක මහින්ද යාපා යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරුවේ රැස්වුණු අවස්ථාවේදි මෙම තීරණය ගෙන තිබෙනවා.

The post ලබන සතියේ පාර්ලිමේන්තුව දින දෙකකට සීමා වෙයි appeared first on ITN News.

Read More »

මාතලේ,කුරුණෑගල,මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කීපයක් හුදකලා කරයි  

0 comments

පොලිස් බල ප්‍රදේශ පහක් හුදෙකලා කිරීමට පියවර අරගෙන තියෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල,  ගලේවෙල,  නාවුල හා මාතලේ යන පොලිස් බල ප්‍රදේශ මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් බල ප්‍රදේශය මෙසේ හුදෙකලා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව හා ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම් මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ හෙලමුල්ල ග්‍රාම නිලධාරී වසම ද අද උදෑසන සිට හුදෙකලා කර ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

 

 

 

 

The post මාතලේ,කුරුණෑගල,මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කීපයක් හුදකලා කරයි appeared first on ITN News.

Read More »

බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි  

0 comments

බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතරේ සීමාව ඉක්මවා ගියා.

ගතවූ පැය 24 තුළ බ්‍රසීලයෙන් වාර්තා වූ කොරෝනා මරණ 3,074 ත් සමගින් එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 401,417 ක් ලෙසින්. ඊයේ එරටින් වාර්තා වූ නව කොරෝනා ආසාදිත සංඛ්‍යාව 69,079 ක්. ඒ අනුව බ්‍රසීලයේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව එක්කෝටි හතලිස් පන්ලක්ෂ අනූදෙදහස් අටසිය අසූහයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට වාර්තා වන සමස්ත ගෝලීය කොරෝනා ආසාදිත සංඛ්‍යාව කෝටි 15 ඉක්මවා ගිය බවයි වාර්තා වන්නේ.

 

 

 

The post බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි appeared first on ITN News.

Read More »

පලස්තීන මහමැතිවරණය කල්යයි  

0 comments

මැයි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පලස්තීන මහමැතිවරණය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

පලස්තීනයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින් මැයි මස එරට මහමැතිවරණය පැවැත්වීමට සූදානම් කළ බව පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් නිවේදනය කළා.

ඊශ්‍රායල පලස්තීන දේශසීමාවේ පිහිටි නැගෙනහිර ජෙරුසෙලමේ  පිරිස් හට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව නොලැබෙන බවයි වාර්තා වී තිබෙන්නේ.

එමෙන්ම එරට ෆටා දේශපාලන පක්ෂය දෙකඩවීම ද මැතිවරණය කල් දැමීමට හේතුවී තිබෙනවා.

කෙසේ නමුත් ඊශ්‍රායල පලස්තීන දේශසීමාවේ පිහිටි නැගෙනහිර ජෙරුසෙලම බටහිර තීරය සහ ගාසා තීරයේ සිටින පිරිස් හට ඡන්දය භාවිත කිරීමේදී ඊශ්‍රායලයෙන් බලපෑම් ඇති වනු ඇති බවට ද සැක පල වී තිබෙනවා

 

 

The post පලස්තීන මහමැතිවරණය කල්යයි appeared first on ITN News.

Read More »

ජූලි 14 තෙක් හරීන්ව අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණට දැනුම්දෙයි  

0 comments

2019 අප්‍රියෙල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ජුලි 14 වනදා තෙක් අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා මේ බව දැනුම් දුන්නා. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි පෙත්සම කැදවනු ලැබුවේ.

එහිදී තවදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සදහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ අත්‍යාසන්න තත්ත්වයක් උද්ගතව නොමැති බවයි.

කෙසේ වුවද විමර්ශන සදහා හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශ සටහන්කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව ඇති බවද ඔහු මෙහිදී තවදුරටත් පෙන්වා දුන්නා.

විමර්ශන ගොනු ලැබීමෙන් පසු ඒවා අධ්‍යනය කර පෙත්සම්කරු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර නීතිපතිවරයා තීරණය කරනු ඇතැයිද අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් කියාසිටියා. ඒ අනුව පෙත්සම සළකා බැලීම ජුලි 14 වනදා දක්වා කල් තැබුණා.

The post ජූලි 14 තෙක් හරීන්ව අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණට දැනුම්දෙයි appeared first on ITN News.

Read More »

‘හරිත සමාජ ආර්ථික රටාවක්’ වැඩපිලිවෙලේ සියලු යෝජනා ක්‍රියාවට නැංවෙයි  

0 comments

දේශපාලනික විපර්යාසවලට ස්ථිර විසදුම් දෙන හරිත සමාජ ආර්ථික රටාවක් වැඩපිලිවෙලේ සියලු යෝජනා ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා කියලා මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ කටයුතු නිසි පරිදි සිද්ධ කරන්න කියලා අමාත්‍යවරයා පරිසර නිලධාරීන්ට උපදෙසුත් ලබා දුන්නා.

 

 

 

 

 

The post ‘හරිත සමාජ ආර්ථික රටාවක්’ වැඩපිලිවෙලේ සියලු යෝජනා ක්‍රියාවට නැංවෙයි appeared first on ITN News.

Read More »

2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි  

0 comments

2020 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.‍

The post 2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලයේ ආගමික ස්ථානයක සිදු වූ තෙරපීමකින් 38ක් මරුට  

0 comments

ඊශ්‍රායලයේ ආගමික ස්ථානයක සිදු වූ තෙරපීමකින් 38 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.තුවාළ ලැබූවන් ඉවත් කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

කෝවිඩ් වසංගතය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින  අවස්ථාවකදී සෞඛ්‍ය උපදෙස් නොතකමින් ආගමික උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ආගමික ස්ථානයේ කොටසක් කඩා වැටීමෙන් අනතුර සිදුව ඇති  බවට මුලින් තොරතුරු හෙළි වුවද තෙරපීම හේතුවෙන් පිරිස් මිය ගිය බවයි පසුව අනාවරණය වී ඇත්තේ.

 

 

The post ඊශ්‍රායලයේ ආගමික ස්ථානයක සිදු වූ තෙරපීමකින් 38ක් මරුට appeared first on ITN News.

Read More »

කොවිඩ් අවධානමට මුහුණ දීම සදහා ඇදන් 2000කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්  

0 comments

පවතින කොවිඩ් අවධානමට මුහුණ දීම සදහා ඇදන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ දී ස්ථාපනය කෙරේ.

දැනට වසා දමා ඇති ඇගළුම් කර්මාන්තශාලාවක් මේ සදහා ලබා ගැනීමට අපේක්ෂිතයි.

මීට අමතරව කටුනායක සහ මීරිගම ප්‍රදේශවල වසා දමා ඇති කර්මාන්තශාලා 02 ක ගොඩනැගිලි ද ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා ලබා ගැනීමට තීරණය කර තිබේ.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවතින කොරෝනා තත්ත්වය පාලනය කිරීම සදහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පැවති රැස්වීමක දී මෙම තීරණයට එළඹිණ.

ඊයේ දිනය තුළ පමණක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රොගීන් 234 දෙනෙකු හදුනාගෙන ඇතැයි මෙහි දී අනාවරණය විය. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් හදුනාගෙන ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20,029 කි. එය මෙරට සමස්ථ කොවිඩ් අසාදිත සංඛ්‍යාවෙන් පහෙන් එකක් බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

ඔහු පෙන්වා දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහණයෙන් 248,387දෙනෙකු කොවිඩ් එන්නත ලබාගෙන ඇති බවයි. ඉදිරි දින කීපය තුළ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවකයන්ට එම එන්නත දෙවන මාත්‍රාව ලබාදෙන බව ද ඔහු සදහන් කළේය. වර්ධනය වෙමින් පවතින කොවිඩ් තත්ත්වයට මුහුණ දීම සදහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කීපයක් දිස්ත්‍රික්කය තුළ පිහිටූවීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැරැල්ලවත්ත, මීරිගම හා කටුනායක වසා දමා ඇති කර්මාන්තශාලා තුනක් මේ සදහා හදුනාගෙන ඇතැයි කීවේය.

ඒ සදහා මැදිහත්ව එම කර්මාන්තශාලා තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ලබාදීමට කටයුතු කරන ලෙස ද ඔහු ඇමති ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියේය. වහා ක්‍රියාත්මක වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මොහොතේම දුරකථනය ඔස්සේ ආයෝජන මණ්ඩල ප්‍රධානීන් සමග සාකච්ඡා කොට අදාළ කර්මාන්තශාලා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ලබාදීම සදහා අවශ්‍ය පියවර ගත්තේය. යෝජිත වැරැල්ලවත්ත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම සදහා නාවික හමුදාව දැනටමත් සිය සහාය පළ කර ඇතැයි ද මෙහි දී අනාවරණය විය.

පවතින අවධානම් සහගත තත්ත්වයට මුහුණ දීම සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වලට අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් ද මෙහි දී දීර්ඝලෙස සාකච්ඡා කෙරිණි. ප්‍රවාහන පහසුකම් සහ අවශ්‍ය තරම් මානව සම්පත් නොමැති වීම පිළිබද ව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් මෙහි දී කරුණු ඉදිරිපත් කළ අතර ඇමතිවරයා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වලට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදෙන්න යැයි දිස්ත්‍රික්කයේ පළාත් පාලන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. මේ වන විට පත්වීම් ලබා පුහුණුව ලබන උපාධිධාරීන් එම කාර්යාලවලට අනුයුක්ත කරන්න යැයි ඇමතිවරයා දිස්ත්‍රික් ලේකම්වරයාට කීවේයත ඒ අනුව අවශ්‍ය පරිදි එම අනුයුක්ත කිරීම් සිදු කිරීමට ද මෙහි දී තීරණය කෙරිණි.

රාජ්‍ය ඇමතිණි සුදර්ශීණි ප්‍රනාන්දුපුල්ලේ, ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති සහන් ප්‍රදීප්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරු, ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම රැස්වීමට සහභාගී වුහ.

The post කොවිඩ් අවධානමට මුහුණ දීම සදහා ඇදන් 2000කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් appeared first on ITN News.

Read More »

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ  

0 comments

මෙරටින් මේ දක්වා දිනකදී හමුවුණු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (29) දවසේදී වාර්තා වුණා.

ඒ අනුව ඊයේ දිනයේ දී මෙරටින් හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1531 ක්.

ඊයේ දිනයේ ද ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 533 ක්.

The post ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකාවෙන් අද මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 1,077 ක් හඳුනාගැනේ  

0 comments

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 1,077 දෙනෙකු අද දිනයේ මේ දක්වා හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 106,030 දක්වා ඉහළ ගියා.

The post ශ්‍රී ලංකාවෙන් අද මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 1,077 ක් හඳුනාගැනේ appeared first on ITN News.

Read More »

දිස්ත්‍රික්ක 9ක ග්‍රාම නිලධාරී කොට්ඨාස 30කට සංචරණ සීමා  

0 comments

ඇතිවන තත්ත්වයත් එක්ක යම් යම් ප්‍රදේශ ලොක් ඩවුන් කිරීමට සිදු වුනත්  රටම ලොක් ඩවුන් කිරිමක් සිදුවන්වෙෙන්න්නේ නැති බව  යුධ හමුදාපතිවරයා අවධාරණය කළා. මේ වෙන කොට දිස්ත්‍රික්ක 9 ක ග්‍රාම නිලධාරී කොට්ඨාස 30 කට සංචරණ සීමා පනවලා තියෙනවා.

කොවිඩ් 19 වෛරසයේ ප්‍රබල ව්‍යාප්තිය හේතුවෙන් ඇතැම් ග්‍රාම නිලධාරී වසම් 30 ක් හුදෙකලා කිරීමට කටයුතු කෙරුණා. ඒ අනුව මොණරාගල, අම්පාර, මාතලේ, ගාල්ල, පොළොන්නරුව, ගම්පහ,  කළුතර, කුරුණෑගල හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලයි. කෙසේ වුවද අද උදෑසන සිට හුදෙකලා කෙරුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයේ සුමේධංගපුර, ත්‍රිකුණාමල පොලිස් බල ප්‍රදේශයේ මඩ්කෝ හා කෝවිල්අඩි මෙන්ම ලිංගනගර් යන ග්‍රාම නිලධාරී වසම් මෙසේ හුදෙකලා කිරීමට පියවර ගනු ලැබුවා.

එමෙන්ම චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ කාවට්ටිකුඩා හා චයිනාබේ යන   ග්‍රාම නිලධාරී වසම් ද මෙසේ අලුතින් හුදෙකලා කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඇතිවන තත්ත්වය මත යම් යම් ස්ථාන හුදෙකලා කළද රටම හුදෙකලා කිරීමක් සිදුවන්නේ නැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවේදී අවධාරණය කළා.

 

The post දිස්ත්‍රික්ක 9ක ග්‍රාම නිලධාරී කොට්ඨාස 30කට සංචරණ සීමා appeared first on ITN News.

Read More »

අර්ජුන් මහේන්ද්‍රන් නැතත් බැඳුම්කර නඩුව පවත්වාගෙන යෑමට තීරණයක්  

0 comments

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව මහ බැංකු බැදුම්කර නඩු විභාගය පවත්වාගෙන යාමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය පැමිණිල්ලට අද අවසර ලබාදුන්නා. ඒ ඔවුන් විදේශගතව සිටීම හේතුවෙනුයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙන්නේ 2016 වසරේ මහ බැංකු බැදුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 15 ක් වටිනා බැදුම්කර සම්බන්ධයෙන් සාවධ්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්කරමිනුයි. පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිනී ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ අදාල විත්තිකරුවන් දෙදෙනා විදේශගතව සිටින බැවින් ඔවුන් නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට අවසර දෙන ලෙසයි.

අනතුරුව අධිකරණයේ අවසරය මත සාක්ෂි සටහන්කර ගැනීම සිදුකෙරුණා. එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක වෙනුවෙන් පෙනීසිටි බලය ලත් නිලධාරී කැලුම් ප්‍රියන්ත මහතා කියාසිටියේ මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් 2014 ඔක්තෝබර් 13 වනදා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි.

 

 

 

 

 

The post අර්ජුන් මහේන්ද්‍රන් නැතත් බැඳුම්කර නඩුව පවත්වාගෙන යෑමට තීරණයක් appeared first on ITN News.

Read More »

අවිවාහකව මිය ගිය හමුදා සහ පොලිස් සාමාජිකයින්ගේ දෙමව්පියන්ට 25000 ක මාසික දීමනාවක්  

0 comments

ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මිය ගිය හමුදා සහ පොලිස් සාමාජිකයින්ගේ යැපෙන්නන් වෙත සහන සැලසීම සදහා පියවර රැසක් ගෙන ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. විශේෂයෙන් මේ සදහා වන කැබිනට් සංදේශයටත් අනුමැතිය ලැබී ඇති බව ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් සදහන් කළා.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදීයි. මිය ගිය ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයින්ගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන දිනට අදාළ වැටුප් හා දීමනා ඔවුන්ගේ වැන්දඹුවන්ට ජීවත්ව සිටින තෙක් ගෙවීම මේ අතර වනවා.

එසේම අවිවාහක සාමාජිකයින් වෙනුවෙන් ජීවත්ව සිටින ඔවුන්ගේ දෙමව්පියන්ට රුපියල් 25000 ක මාසික දීමනාවක් ගෙවීමද සිදුවනවා. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධ සහිත තත්ත්වයට පත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනට ගෙවන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය විට යැපෙන්නන් වෙත ගෙවීමද සිදු කරන බවයි ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කළේ. ඔවුන් වෙනුවෙන් තවත් සහන රැසක්ද හිමිවන බව ඒ මහතා මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළා.

 

 

The post අවිවාහකව මිය ගිය හමුදා සහ පොලිස් සාමාජිකයින්ගේ දෙමව්පියන්ට 25000 ක මාසික දීමනාවක් appeared first on ITN News.

Read More »

රටම ලොක්ඩවුන් කිරීමක් නැහැ – අවශ්‍ය වුණොත් ප්‍රදේශ හුදෙකලාවට සූදානම්  

0 comments

කොරෝනා ආසාධිත වුණ අයට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන ගණන වැඩිකරන්නත් රජය පියවර ගත් බව යුධ හමුදාපතිවරයා සදහන් කළා.

ඇතිවන තත්ත්වය මත යම් යම් ස්ථාන හුදෙකලා කළද රටම හුදෙකලා කිරීමක් සිදුවන්නේ නැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළා.

ඒ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදීයි.

 

 

The post රටම ලොක්ඩවුන් කිරීමක් නැහැ – අවශ්‍ය වුණොත් ප්‍රදේශ හුදෙකලාවට සූදානම් appeared first on ITN News.

Read More »

පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් ආසාදිතයින් 379,257 ක් සහ මරණ 3,645 ක් වාර්තා ‌වෙයි  

0 comments

පසුගිය පැය 24 තුළදී නව ආසාදිතයින් 379,257 දෙනෙකු සහ මරණ 3,645 ක් ඉන්දියාවෙන් වාර්තා වුණා. පසුගිය සතියක කාලයක සිට දිනෙන් දින ඉන්දියාව තුළ වැඩිම රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තාවීම විශේෂත්වයක්. ඉන්දියාව පත්ව තිබෙන සෞඛ්‍ය අවධානම හේතුවෙන් බ්‍රිතාන්‍ය / ඇමෙරිකාව / චීනය සහ රුසියාව වෛද්‍ය ආධාර සැපයීමට ද කටයුතු කර තිබෙනවා. බ්‍රිතාන්‍ය ඔක්සිජන් ජංගම වශයෙන් බෙදාහරින ස්ථාන 3 ක් ලබා දීමට කටයුතු කළා. ටොන් 22 ක් බරැති වෛද්‍ය ආධාර තොගයක් රුසියාවේ සිට ඉන්දියාවට ලබා දීමටද කටයුතු කෙරුණා. කොරෝනා අවදානම නොතකා බටහිර බෙංගාලයේ ප්‍රන්ත මැතිවරණය ද අද පැවැත්වුණා. එම ප්‍රාන්තයේ ඊයේ දිනයේදී පමණක් නව කොරෝනා ආසාධිතයින් 17,207 දෙනෙකු වාර්තා වුණා. ඉන්දියාවෙන් හමුවූ නව වෛරස් ප්‍රභේදය තවත් රටවල් 17 කින් හමුවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ. එම වෛරස් ප්‍රභේදය සාමාන්‍ය කොරෝනා වෛරසයට වඩා වැඩි ක්‍රියාකාරීත්වයකින් යුක්තව පුද්ගලයින්ට පැතිර යන බවයි එම සංවිධානය නිවේදනය කර තිබෙන්නේ.

The post පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් ආසාදිතයින් 379,257 ක් සහ මරණ 3,645 ක් වාර්තා ‌වෙයි appeared first on ITN News.

Read More »

ඉන්දියානු නව කොරෝනා ප්‍රභේදය රටවල් 17 කින් හමු වෙයි  

0 comments

ද්විත්ව විකෘතිතාවක් සහිත ඉන්දියානු නව කොරෝනා වෛරස් ප්‍රභේදය රටවල් 17 කින් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලොව පුරා මෙම වෛරස් ප්‍රභේදය සහිත 1200 දෙනෙකුට වැඩි පිරිසක් හමුවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ. නව වෛරස් ප්‍රභේදය ඉන්දියාව පුරාද වේගයෙන් පැතිර යමින් පවතිනවා. මෙය කොරෝනා සාමාන්‍ය වෛරසයට වඩා වැඩි ක්‍රියාකාරීත්වයකින් යුක්තව පුද්ගලයින්ට පැතිර යන බවද එම සංවිධානය නිවේදනය කර තිබෙනවා. නව වෛරස් ප්‍රභේදයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයයි. නව වෛරස් ප්‍රභේදය පළමු වරට ඉන්දියාවෙන් හදුනාගත්තේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදීයි.

 

The post ඉන්දියානු නව කොරෝනා ප්‍රභේදය රටවල් 17 කින් හමු වෙයි appeared first on ITN News.

Read More »

රාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රය තුළ උණුසුම්කාරී තත්වයක්  

0 comments

රාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රය තුළ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඒ, එහි සේවකයින් පිරිසක් ආයතන සභාපතිවරයා සිය ග්‍රහනයට හසුකර ගනිමින් කළහකාරී ලෙස කටයුතු කිරීමත් සමගයි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සංස්ථා පරිශ්‍රයේ හයවන මහලේ පිහිටි එහි සභාපති රත්නසිරි කළුපහන මහතාගේ නිල කාමරය අසලට රැස්වූ සේවකයින් පිරිසක් ඔහුට එම කාමරයෙන් පිටතට පැමිණීමට නොදී දැඩි කළහකාරී ලෙස කටයුතු කර තිබෙනවා. පැය තුනකට ආසන්න කාලයක් කාර්යාල කාමරයේ සිරකරගෙන සිටි සභාපතිවරයා මුදාගත්තේ පොලීසියයි. පොලීසිය පැමිණ තත්ත්වය පාලනයකර සභාපතිවරයා මුදාගැනීමෙන් පසුව සේවකයින් පිරිස විසිර ගියා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සේවකයින් 150 ක් පමණ එම ස්ථානයේ රැදී සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. වැටුප් සම්බන්ධ ගැටලුවක් මෙම තත්ත්වයට හේතුවූ බව සේවකයින් පැවසුවා.

මේ අතර සභාපතිවරයා ද සිය නිල කාමරයේ සිට මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එහිදී සභාපති රත්නසිරි කළුපහන මහතා කියාසිටියේ මෙය අක්‍රමවත්ව තිබූ සංස්ථාව නගාසිටුවීමට තමන් දරණ උත්සාහය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් බවයි.

 

The post රාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රය තුළ උණුසුම්කාරී තත්වයක් appeared first on ITN News.

Read More »

තවත් 362 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 362 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 95,445ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post තවත් 362 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

Read More »

තුර්කිය සම්පූර්ණයෙන්ම වසා දැමීමට බලධාරීන් තීරණය කරයි  

0 comments

පවතින කොරෝනා අවදානම හමුවේ තුර්කිය සම්පූර්ණයෙන්ම වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

කොරෝනා වසංගතය පැතිර යාමත් සමග තුර්කිය සම්පූර්ණයෙන් වසා දමන පළමු අවස්ථාව මෙයයි. අද සවස සිට තුර්කියම වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මේ හේතුවෙන් ජනතාව කඩ සාප්පුවල දිගු පෝලීම්වල රැදී සිටිමින් භාණ්ඩ එක්රැස් කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. තුර්කියේ ජීවත් වන මිලියන 82 ක ජනතාවගෙන් මිලියන 22 කට පමණ කොරෝනා මර්දන එන්නත් ලබා දී තිබෙනවා.

 

 

The post තුර්කිය සම්පූර්ණයෙන්ම වසා දැමීමට බලධාරීන් තීරණය කරයි appeared first on ITN News.

Read More »

නව බදු එක්රැස් කිරීමේ යෝජනාවට එරෙහිව කොළොම්බියා ජනතාව උද්ඝෝෂණවල  

0 comments

රජයේ නව බදු එක්රැස් කිරීමේ යෝජනාවට එරෙහිව කොළොම්බියා ජනතාව උද්ඝෝෂණවල නිරත වනවා.

කොළොම්බියාවේ විවිධ සංගම්වල නායකයින් එක්ව බොගෝටා නගරයේ මෙම උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා. ඒ සදහා දහස් ගණනක් උද්ඝෝෂකයින් සහභාගී වී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. ගුරුවරුන්, විශ්වවිද්‍යාල සිසුන්, වෙළෙද සංගම් මෙම උද්ඝෝෂණ සදහා සහභාගී වී සිටියා. උද්ඝෝෂණ නවත්වන ලෙස උසාවියේ නියෝග ලැබී තිබියදී පවා ඔවුන් මෙසේ උද්ඝෝෂණවල නිරත වනවා. පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තමන් නව බදු සංශෝධන සදහා එකග නොවන බවයි උද්ඝෝෂකයින් ප්‍රකාශ කළේ.

 

 

The post නව බදු එක්රැස් කිරීමේ යෝජනාවට එරෙහිව කොළොම්බියා ජනතාව උද්ඝෝෂණවල appeared first on ITN News.

Read More »

විභාග දෙපාර්තමේන්තුව මඟින් ලබාදෙන සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය  

0 comments

රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සේවාවන් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

The post විභාග දෙපාර්තමේන්තුව මඟින් ලබාදෙන සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය appeared first on ITN News.

Read More »

බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 29 දෙනෙකුට තුවාල  

0 comments

මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 29 දෙනෙකු තුවාල ලැබුවා.

නුවරඑළිය – හයිෆොරස්ට් ප්‍රදේශයේ සිට රාගල දක්වා ධාවනය වූ පෞද්ගලික මගී බස් රථයක් මෙසේ අනතුරට‌ ලක්වුණා. ඒ මහතුඩුගල ප්‍රදේශයේදීයි. බස් රථයේ රියදුරු හදිසියේ රෝගාතුර වීමෙන් රථය ඔහුගේ පාලනයෙන් ගිලිහී ප්‍රපාතයට පෙරලී ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ 29 දෙනා නුවරඑළිය මහ රෝහලට හා හයිෆොරස්ට් ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කෙරුණු අතර ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් නිලධාරීන් සඳහන් කළා.

 

 

The post බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 29 දෙනෙකුට තුවාල appeared first on ITN News.

Read More »

ගජමුතු දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

නීතිවිරෝධි ලෙස ජගමුතු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ගජමුතු දෙකක් ද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ මුලතිව් කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ. එහිදී අත්අඩංගුවට ගත් ගජමුතු සහ සැකකරු වැඩිදුර විමර්ශන සදහා මුලතිව් පොලීසියට භාරදී තිබෙනවා.

මින් එක් ගජමුතුවක බර ග්‍රෑම් තුනයි මිලිග්‍රෑම් 60 ක් වන අතර අනෙක් ගජමුතුවෙහි බර ග්‍රෑම් තුනයි මිලිග්‍රෑම් 800 ක් පමණ වනවා.

 

 

 

 

The post ගජමුතු දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩිකෙරේ  

0 comments

කොරෝනා ආසාධිත වුණ අයට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන ගණන වැඩි කිරීමට රජය පියවර ගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අවශ්‍ය වුවහොත් තෝරාගත් සංචාරක හෝටල් ද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරන බවයි ඔහු සඳහන් කළේ.

 

 

The post කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩිකෙරේ appeared first on ITN News.

Read More »

තිබ්බටු වැව සංවර්ධනය කිරීම ඇරඹෙයි  

0 comments

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ හුරුළු වැව, තිබ්බටු වැව සංවර්ධනය කෙරෙනවා.

තිබ්බටු වැව සංවර්ධනය කෙරෙන්නේ රුපියල් මිලියන හයයි දශම හයක වියදමින්. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. ගොවි පවුල් 50 කට මෙමගින් සෙත සැළසෙනවා. හෙක්ටාර 28 කට යළ මහ දෙකන්නයේ දියවර සැපයිය හැකි තිබ්බටුවැව වසර 20 ට අධික කාලයක් තිස්සේ රොන් මඩු සහ ජලජ ශාක වලින් පිරී පවතිනවා. වැව ප්‍රතිසංස්කරණයට සමගාමීව ගොයම් පැල සිටුවීමේ යන්ත්‍ර සහ උදු බීජ ප්‍රදානය ද සිදුකෙරුණා.

 

 

 

The post තිබ්බටු වැව සංවර්ධනය කිරීම ඇරඹෙයි appeared first on ITN News.

Read More »

ලොව පුරා කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව කෝටි 15 ඉක්මවයි  

0 comments

ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව කෝටි 15 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව පහලොස් කෝටි දෙලක්ෂ දහසය දහස් පන්සිය අනූවක්. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව තිස් එක් ලක්ෂ හැට තුන් දහස් අටසිය හැත්තෑ තුනක්.

ගෙවුණු පැය 24 තුළ ලොව පුරා රටවලින් කොරෝනා ආසාධිතයින් අට ලක්ෂ අසූ පන් දහස් හයසිය හතරක් හමුවී ඇති අතර එම කාලය තුළ සිදුවී ඇති මරණ සංඛ්‍යාව පහලොස් දහස් දෙසිය අසූ හතරක්. ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාධිතයින් තුන් ලක්ෂ හැත්තෑ නව දහස් හාරසිය පනස් නව දෙනෙකු සහ මරණ 3647 ක් ද බ්‍රසීලයෙන් ආසාධිතයින් හැත්තෑහත් දහස් දෙසිය හැට හයක් සහ මරණ 3019 ක් ද වාර්තා වී තිබෙනවා.

ගෙවුණු පැය 24 තුළ අමෙරිකාවෙන් ආසාධිතයින් පනස් හය දහස් හයසිය හතරක් සහ මරණ 954 ක් ද රුසියාවෙන් ආසාධිතයින් 7848 දෙනෙකු හා මරණ 387 ක් ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

 

The post ලොව පුරා කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව කෝටි 15 ඉක්මවයි appeared first on ITN News.

Read More »

වෙසක් සහ රාමසාන් නිවසේ සිටම සමරන්නැයි උපදෙස්  

0 comments

අපේ රටෙන් දවසකදී හදුනාගත්ත වැඩිම කොරෝනා ආසාධිතයින් ගණන වාර්තා වුණේ ඊයේ දවස තුළයි. ඒ සංඛ්‍යාව 1466 ක්.

මේ තත්වය මත වෙසක් උත්සවය වගේම රාමසාන් සැමරීම නිවෙස්වල සිටම සිදුකරන ලෙසයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

 

The post වෙසක් සහ රාමසාන් නිවසේ සිටම සමරන්නැයි උපදෙස් appeared first on ITN News.

Read More »

තවත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදෙකලා කෙරේ  

0 comments

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කරන්නට රජය පියවර අරගෙන තිබෙනවා.

ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයේ සුමේධගම්පුර,  ත්‍රිකුණාමල පොලිස් බල ප්‍රදේශයේ මුදෝවි හා කෝවිල්අඩි මෙන්ම ලිංගනගර් යන ග්‍රාම නිලධාරී වසම් මෙසේ හුදෙකලා කර තිබෙනවා.

එමෙන්ම චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ කාවට්ටිකුඩා හා චීන වරාය ග්‍රාම නිලධාරී වසම් ද මෙසේ හුදෙකලා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

The post තවත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදෙකලා කෙරේ appeared first on ITN News.

Read More »

ලෝකයේ සියලුම ග්ලැසියර ශීඝ්‍රයෙන් දියවෙමින් පවතින බව නවතම වාර්තාවක් හෙළි කරයි  

0 comments

ලෝකයේ සියලුම ග්ලැසියර ඉතා ශීඝ්‍රයෙන් දියවෙමින් පවතින බව නවතම වාර්තාවක් පෙන්වා දෙනවා.

රටවල් කිහිපයක විද්‍යාඥයින් එක්ව මෙම වාර්තාව එළිදක්වා තිබෙනවා. ලොව මුහුදු මට්ටම ද වේගයෙන් වැඩිවෙමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. නාසා ආයතනයේ චන්ද්‍රිකා ඡායාරූප මගින් හඳුනාගෙන ඇති ආකාරයට දෙදහස වසරේ සිට 2019 වසර දක්වා ග්‍රීන්ලන්තය සහ ඇන්ටාක්ටික් ග්ලැසියර ආසන්න වශයෙන් වසරකට ගිගාටොන් 267 ක් අයිස් දියකෙරෙනවා. මේ හේතුවෙන් වසරකට මුහුදු මට්ටම මිලිමීටර් 0.74 කින් ඉහළ යන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

 

 

 

 

The post ලෝකයේ සියලුම ග්ලැසියර ශීඝ්‍රයෙන් දියවෙමින් පවතින බව නවතම වාර්තාවක් හෙළි කරයි appeared first on ITN News.

Read More »

හෙට දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක්  

0 comments

හෙට දිනය (අප්‍රේල් 30) සඳහා දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දින සෙනසුරාදා දිනයකට යෙදීම හේතුවෙන් හෙට දිනයේ දී සියලු බැංකු සඳහා මෙම දින භාගයක විශේෂ නිවාඩුව නම් කර තිබේ.

The post හෙට දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක් appeared first on ITN News.

Read More »

චීන ආරක්ෂක ඇමති දිවයිනෙන් පිටව යයි  

0 comments

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ මහතා නිල සංචාරය අවසන් කර අද (29) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේ පෙරේදා රාත්‍රියේයි. කටුණායක ගුවන් තොටුපොලේදී ඒ මහතා හරසරින් පිළිගනු ලැබුවා.

චීන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුව සිදුවුණේ ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයි. ජනාධිපතිතුමා සමග මෙන්ම දෙරට අතර සබදතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් වූ බව චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. මෙම හමුව සනිටුහන් කරමින් ඒ මහතා විශේෂ ආරාධිතයන් සදහා වූ සමරු පොතෙහි සටහනක්ද තැබුවා.

මේ අතර චීන ආරක්ෂක අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මුණ ගැසුණා. මෙහිදී අගමැතිතුමා පැවසුවේ පසුගිය සති කිහිපය තුළ කෝවිඩ් 19 ආසාදිතයින් වැඩි වුවද රටේ ආර්ථික හා සමාජීය බලපෑම සළකා බලලා මුළු රටම අගුළු නොදැමීමට රජයක් ලෙස තීරණය කළ බවයි. කොරෝනා පාලනයට මෙතෙක් ලබාදුන් සහායට ප්‍රසාදය පළ කළ අග්‍රාමාත්‍යවරයා ඉදිරියටත් ඒ සදහා සහයෝගය අපේක්ෂා කරන බවද සදහන් කළා. ලොව පුරා ආයෝජකයන් ශ්‍රීලංකාව කෙරෙහි ආකර්ශනය කර ගැනිම සදහා චීනයේ සහාය බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

 

The post චීන ආරක්ෂක ඇමති දිවයිනෙන් පිටව යයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG