Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජූලි 14 තෙක් හරීන්ව අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණට දැනුම්දෙයි  

Add comments

2019 අප්‍රියෙල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ජුලි 14 වනදා තෙක් අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා මේ බව දැනුම් දුන්නා. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි පෙත්සම කැදවනු ලැබුවේ.

එහිදී තවදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සදහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ අත්‍යාසන්න තත්ත්වයක් උද්ගතව නොමැති බවයි.

කෙසේ වුවද විමර්ශන සදහා හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශ සටහන්කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව ඇති බවද ඔහු මෙහිදී තවදුරටත් පෙන්වා දුන්නා.

විමර්ශන ගොනු ලැබීමෙන් පසු ඒවා අධ්‍යනය කර පෙත්සම්කරු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර නීතිපතිවරයා තීරණය කරනු ඇතැයිද අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් කියාසිටියා. ඒ අනුව පෙත්සම සළකා බැලීම ජුලි 14 වනදා දක්වා කල් තැබුණා.

The post ජූලි 14 තෙක් හරීන්ව අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණට දැනුම්දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG