Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්  

0 comments

දහසය හැවිරිදි ඉෂාලිනී ජූඩ් දැරිය පිළිස්සී මියයාමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරිය පිළිස්සී මියයාමේ සිද්ධියේ පස්වන සැකකරු ලෙසයි රිෂාඩ් බදියුදීන් මහතා නම්කර ඇත්තේ. ඔහු ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

එදිනට සැකකරු යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළේ.

 

 

 

 

The post රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ් appeared first on ITN News.

Read More »

ITN සභාපති සුදත් රෝහණ මහතාගේ මෑණියන්ගේ අභාවය පිළිබඳ අවසන් කටයුතු අද  

0 comments

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ දයාබර මෑණියන් අභාවප්‍රාප්ත වුණා. අවසන් කටයුතු අද පස්වරුවේ මිනුවන්ගොඩ දී සිදුකිරීමට නියමිතයි.

සුදත් රෝහණ මහතාගේ මෑණියන් වූ හෙට්ටිතන්තිරිගේ දෝන ලීලාවතී මහත්මිය මිය යන විට  74 වන වියේ පසුවුණා. දේහය මේ වන විට මිනුවන්ගොඩ ආඩිඅම්බලම ජාඇලවත්ත අංක 18 ඒ දරණ නිවසෙහි තැන්පත් කර තිබෙනවා.

අද සවස 2.00ට නිවසේ දී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුකූලව මිනුවන්ගොඩ පොදු සුසාන භූමියේ දී පස්වරු 3.30ට සිදු කිරීමට නියමිතයි.

 

The post ITN සභාපති සුදත් රෝහණ මහතාගේ මෑණියන්ගේ අභාවය පිළිබඳ අවසන් කටයුතු අද appeared first on ITN News.

Read More »

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 912ක්  

0 comments

කොරෝනා රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබුණත් ඊයේ දිනයේත් ආසාදිතයින් 912 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් 912 දෙනාද සමගින් මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ දාහත් දහස් තුන්සිය හැත්තෑ හතක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් හතලිස්හය දහස් නවසිය අසූතුන් දෙනෙකු තවදුරටත් රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ දක්වා මෙරට සුවය ලබා ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ පනස් හත් දහස් හාරසිය අසූඅටක්.

ඊයේ දිනයේ තහවුරු කළ කොරෝනා මරණ 59 ද සමගින් මේ දක්වා මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව දොළොස් දහස් නවසිය හය දක්වා ඉහළ ගියා. ඊයේ මියගිය පිරිසට වයස අවුරුදු 30ට අඩු කාන්තාවකද ඇතුළත්.

ඊයේ දිනය තුළ පීසීආර් පරික්ෂණ 7740ක් සිදුකර ඇති අතර එම දිනය තුළ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සංඛ්‍යාව 3380 ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

අද සිට සියලු ජනතාව එකාවන්ව එක්ව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට තරයේ අදිටන් කර ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ අතර කොරෝනා මර්දන එන්නත් වැඩපිළිවෙල දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමද දිවයිනේ බොහෝ ප්‍රදේශවලදී සිදුවනවා. ඒ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේයි. රජයේ රෝහල්වලදී එම එන්නත ලබාදීම සිදුවන්නේ සැලසුම් සහගත වැඩපිළිවෙලකට අනුවයි.

එම වැඩපිලිවෙල යතේ තංගල්ල මූලික රෝහලේ දී වයස අවුරුදු 12 ත් 18 ත් අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ෆයිසර් එන්නත් ලබා දීම ආරම්භ වූ අතර එම අවස්ථාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටියා.

ඇස්ට්‍රා සෙනෙකා,  සයිනොෆාම්, ස්පුට්නික් වී, ෆයිසර් හා මොඩර්නා යන කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ වන විට එක්කෝටි හතලිස් පන්ලක්ෂ විසිහතර දහස් හාරසිය අට දක්වා ඉහළ ගොස් තිබුණා. එහි දෙවන මාත්‍රාව ලබා ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි දාහත් ලක්ෂ හැත්තෑ තුන් දහස් හයසිය අසූපහක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කලේ.

 

 

 

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 912ක් appeared first on ITN News.

Read More »

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පිය පුතු දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පිය පුතු දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන දූෂණ මර්දන ඒකකය සමත් වුණා.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හා පාසලක් ආසන්න නිවසකයි මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් තිබුණේ. මාවා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ක් ගංජා ග්‍රෑම් 50 ක් මත්පැන් බෝතල් තොගයක් හා විදේශීය දුම්වැටි තොගයක් ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළා.

විශ්වවිද්‍යාලයට පැමිණෙන සිසුන් මෙන්ම අවට තරුණ ප්‍රජාව ඉලක්ක කරගෙන මෙම දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවයි විමර්ශනවලදී හෙළිවුණේ.

 

 

The post මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පිය පුතු දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

හෙට(01) සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ  

0 comments

Read More »

ඕස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කිරීමට සූදානම්  

0 comments

ඕස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කිරීමට සූදානම් බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එරට ජාත්‍යන්තර දේශසීමා ලබන නොවැම්බර් මස සිට විවෘත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ.

එන්නත ලබා ගත් සංචාරකයින්ට මේ හරහා ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවසර හිමිවනවා.

ඕස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමා විවෘත කරමින් සංචාරකයින්ට තම රටතුලට පිවිසීමට අවස්ථාව ලබාදී ඇත්තේ මාස 18කට පසුව වීම විශේෂත්වයක්.

 

 

 

 

The post ඕස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කිරීමට සූදානම් appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව ගුවන් යානා නාශක මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව ගුවන් යානා නාශක මිසයිලයක් සාර්ථකව අත්හදා බලා තිබෙනවා.

ඉහළ තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම මිසයිල අත්හදා බැලීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මීට දින කිහිපයකට පෙර උතුරු කොරියාව න්‍යෂ්ටික තාක්ෂණයෙන් බලගැන්විය හැකි මිසයිලයක් අත්හදා බැලූ බව වාර්තා කළා. ඒ අනුව මසක් තුළ උතුරු කොරියාව අත්හදා බැලූ 4 වන මිසයිලය මෙය බවයි සදහන් වන්නේ.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබදව ඇමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන බව එරට රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසනවා.

 

 

 

The post උතුරු කොරියාව ගුවන් යානා නාශක මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි appeared first on ITN News.

Read More »

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් ස්ථාන පිළිබඳ වරින් වර වැඩි  අවධානයක්  

0 comments

ජාතික ආරක්ෂාව පිළිබද සැළකිලිමත්වීමේදී ඇතැම් ස්ථාන පිළිබද වරින් වර වැඩි  අවධානය යොමු කෙරෙන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

බෝපිටිය දේවස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් එහි ගොස් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

මේ අතර අද පැවති උත්සවයකදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

 

The post ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් ස්ථාන පිළිබඳ වරින් වර වැඩි  අවධානයක් appeared first on ITN News.

Read More »

රටින් ගෙන්වා හෝ සාධාරණ මිලකට හාල් දෙන්න – ජනතාව ඉල්ලයි  

0 comments

සහල් සදහා උපරිම මිලක් නියම කිරීමට අදාළව නිකුත් කරලා තිබුණ තිබූ ගැසට් පත්‍රය අවලංගු කරන්නට අදාළ අලුත්  ගැසට් පත්‍රය මේ වෙනකොට  නිකුත්  කර තිබෙනවා.

කෙසේ වෙතත් රටින් ගෙන්වා හෝ සාධාරණ මිලකට පාරිභෝගිකයින්ට හාල් ලබාදෙන ලෙස ජනතාව රජයෙන් ඉල්ලා සිටිනවා.

පාරිභෝගික අධිකාරිය මගින් 2020 නොවැම්බර් 4 වනදා හා 2021.09.02 වන දින නිකුත් කරන ලද සහල් සදහා වන උපරිම සිල්ලර මිල සදහන් ගැසට් පත්‍රය අවලංගු කිරීමට අදාළ නව ගැසට් පත්‍රයයි මෙසේ නිකුත්කර තිබෙන්නේ. මේ අතර සහල් සදහා පාලන මිල ඉවත් කිරීමට රජය ගත් පියවරත් සමග වෙළෙදපොල වෙත හිගයකින් තොරව සහල් තොග ලැබෙමින් පවතිනවා. කෙසේ වුවද සහල් මිල සම්බන්ධයෙන් ජනතාව සහ ව්‍යාපාරිකයින් මෙසේ අදහස් පළ කළා.

The post රටින් ගෙන්වා හෝ සාධාරණ මිලකට හාල් දෙන්න – ජනතාව ඉල්ලයි appeared first on ITN News.

Read More »

පාඩම් නොකරන නිසා පියෙකු සිදු කළ පහරදීමකින් පුතා ජීවිතක්ෂයට  

0 comments

පාඩම් නොකරන නිසා පියෙකු තම පුතුට පහරදීම හේතුවෙන් එම පුතා ජීවිතක්ෂයට පත්වීමේ ප්‍රවෘත්තියක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ශිෂ්‍ය යෙකු මෙසේ මියගොස් තිබෙනවා. අධ්‍යාපන කටයුතු සිදුනොකරන බැවින් කෝපයට පත් පියා කොසු මිටකින් පහර දුන් අවස්ථාවේ දරුවාගේ හිසට පහර වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණා. කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙම සිසුවා මියගොස් ඇත්තේ.

 

 

 

The post පාඩම් නොකරන නිසා පියෙකු සිදු කළ පහරදීමකින් පුතා ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

රාජ්‍ය ඇමති ලොහාන්ට එරෙහිව බන්ධනාගාර රැඳවියන් 8 දෙනෙකුගෙන් පෙත්සමක්  

0 comments

ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව කියමින් බන්ධනාගාර රැදවියන් 8 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී රැදවියෙකුගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමිනුයි සැකකරුවන් 8 දෙනා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

ඔවුන් පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින බවයි. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට අමතරව අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍යවරයා මෙන්ම, නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

The post රාජ්‍ය ඇමති ලොහාන්ට එරෙහිව බන්ධනාගාර රැඳවියන් 8 දෙනෙකුගෙන් පෙත්සමක් appeared first on ITN News.

Read More »

මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා රක්ෂිත බන්ධනාගාරයට  

0 comments

මට්ටක්කුලිය ප්‍රදේශයේ දී එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය යුද හමුදා කදවුරේ අණදෙන නිලධාරීවරයා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. අදාළ මිනී මැරුම සිදු කිරීමට සැකකරුවන් මෙහෙයවූ බවටයි අනදෙන නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල්වරයාට චෝදනා එල්ලවී ඇත්තේ.

 

 

The post මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා රක්ෂිත බන්ධනාගාරයට appeared first on ITN News.

Read More »

ප්‍රංශයේ හිටපු ජනපතිට එරෙහි නඩු විභාගයට ඔහු පැමිණ නැහැ  

0 comments

66 හැවිරිදි ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලොස් සාකෝසිට එරෙහිව පැවති නඩු විභාගයට හිටපු ජනාධිපතිවරයා පැමිණ නොසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු නියෝජනය කළ නීතිඥවරයා පැවසුවේ එම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සුදානම්ව සිටින බවයි. 2012 වසරේදී පැවති ජනාධිපතිවරණ ව්‍යාපාරයට යූරෝ මිලියන විසිදෙකයි දශම පහක් හිටපු ජනාධිපතිවරයා වියදම් කර තිබෙනවා. එය ජනාධිපතිවරණයක් වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල මෙන් දෙගුණයක්. කෙසේ නමුත් පැවති ජනාධිපතිවරණයේදී නිකලස් සාකෝසි තමාගේ ප්‍රතිවාදියා වූ ෆරන්කෝයි හොලන්ඩේට පරාජය වුණා.

The post ප්‍රංශයේ හිටපු ජනපතිට එරෙහි නඩු විභාගයට ඔහු පැමිණ නැහැ appeared first on ITN News.

Read More »

ලබන සඳුදා පාසල් විවෘත කිරීමට ඉන්දියාව තීරණය කරයි  

0 comments

ඉන්දියාවේ පාසල් පියවර ගණනක් ඔස්සේ ලබන සඳුදා සිට විවෘත කිරීමට තීරණය කළ බව එරට රජය පවසනවා.

ඒ යටතේ ප්‍රාථමික අංශය හැර සෙසු ශ්‍රේණි විවෘත කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. ලබන නොවැම්බරයේ දී ප්‍රාථමික ශ්‍රේණි විවෘත කිරීමට සැළසුම්කර ඇති බව ඉන්දීය රජය පවසනවා. ඊයේ දිනයේ දී ඉන්දියාවෙන් වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව 23,139 ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 309 ක් ලෙස දැක්වෙනවා. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව තුන්කෝටි තිස්හත් ලක්ෂ තිස්අටදහස් එකසිය අසූඅටක් ලෙසයි දැක්වෙන්නේ.

 

 

 

 

The post ලබන සඳුදා පාසල් විවෘත කිරීමට ඉන්දියාව තීරණය කරයි appeared first on ITN News.

Read More »

සෘජු විදේශ ආයෝජනවලින් චීනය ලෝකයේ ඉහළම ස්ථානයට  

0 comments

සෘජු විදේශ ආයෝජනවලින් චීනය  ලෝකයේ ඉහළම ස්ථානයට පැමිණ තිබෙනවා.

චීනයේ බාහිර සෘජු විදේශ ආයෝජන 2020 වසරේ දී ඇමෙරිකා ඩොලර් බිලියන 153 දක්වා වර්ධනය වූ අතර එය ගෝලීය වශයෙන් පළමුවරට චීනය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළටම පැමිණි බව පෙන්නුම්කර තිබෙනවා.

එම වසරේ දී බාහිර සෘජු විදේශ ආයෝජනයන්හි වර්ධන වේගය සියයට 12 දශම තුනකින් ඉහළ ගිය අතර එය වසර 2019 දී සියයට 4 දශම 3 ක හැකිලීමක සිට විශාල ලෙස ආපසු හැරවීමක් සමග අත්කරගත් ජයග්‍රහණයක් බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් ගෝලීය සෘජු විදේශ ආයෝජන සදහා චීනයේ බලපෑම තවදුරටත් පුළුල් වෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

 

 

 

 

The post සෘජු විදේශ ආයෝජනවලින් චීනය ලෝකයේ ඉහළම ස්ථානයට appeared first on ITN News.

Read More »

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල හෙට සිට යළි විවෘතයි  

0 comments

නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල හෙට (01) සිට විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

The post මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල හෙට සිට යළි විවෘතයි appeared first on ITN News.

Read More »

තවත් 631 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 631 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 457,488ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 631 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

Read More »

පුහුණු සංක්‍රමණිකයින් රට තුළ රඳවා ගැනීමට නවසීලන්තයෙන් පියවර රැසක්  

0 comments

පුහුණු සංක්‍රමනිකයින් තම රට තුළ රඳවා ගැනීමට කඩිනම් පියවර රැසක් ගැනීමට නවසීලන්ත රජය තීරණය කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයේ ඇතිවූ ප්‍රමාද හේතුවෙන් බොහෝ පුහුණු ශ්‍රමිකයින් නවසීලන්තය අතහැරදමා යෑමට කටයුතු කිරීම එම තීරණයට හේතුවී තිබෙනවා. පුහුණු ශ්‍රමිකයින් අහිමිවීමේ ගැටලුවට මුහුණදෙමින් සිටින නවසීලන්තය එය වළක්වා ගැනීම සදහා සංක්‍රමණික පුද්ගලයින් සදහා ස්ථීර පදිංචිය පහසු කිරීමේ අරමුණෙන් වීසා 175,000 ක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

එමගින් බොහෝ සංක්‍රමණිකයින් සදහා පහසුවෙන් නවසීලන්තයේ පුරවැසිභාවය හිමිකර ගැනීමේ වාසනාව හිමිවනු ඇති. මෙම ක්‍රමවේදය ලබන දෙසැම්බරයේ සිට ඇරඹීමට කටයුතු කර ඇති බවයි නවසීලන්ත රජය නිවේදනය කරන්නේ.

 

The post පුහුණු සංක්‍රමණිකයින් රට තුළ රඳවා ගැනීමට නවසීලන්තයෙන් පියවර රැසක් appeared first on ITN News.

Read More »

ඕස්ට්‍රේලියා මහා බාධක කොරල් පරය ආරක්ෂා කිරීමට විශේෂ තාක්ෂණික ක්‍රමවේදයක්  

0 comments

ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරයේ ආරක්ෂාව සදහා විශේෂ තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

කාලගුණික විපර්යාස හේතුවෙන් අවධානමට ලක්ව තිබෙන ඕස්ට්‍රේලියාවේ ඊසානදිග වෙරළ ඔබ්බෙන් පිහිටි ලොව විශාලතම කොරල්පර පද්ධතිය ආරක්ෂාකර ගැනීමට නව තාක්ෂණික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ක්ලව්ඩ් බ්‍රයිට්නින් නම් වූ තාක්ෂණය උපයෝගීකර ගනිමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් හරහා කොරල්පර පද්ධතිය ආරක්ෂාකර ගැනීම අරමුණ වී ඇති බවයි පැවසෙන්නේ. මෙම ක්‍රමවේදය මගින් හිරු එළියේ බලපෑම අවම වීමත්  පරිසර තත්ත්වයන් පාලනයවීමත් සිදුවනු ඇති බවයි විද්‍යාඥයින්ගේ මතය වී තිබෙන්නේ. මහා බාධක කොරල්පරය විනාශවීමේ තර්ජනයට ලක්ව ඇති ලෝක උරුමයක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නම්කර තිබෙනවා.

 

 

 

 

The post ඕස්ට්‍රේලියා මහා බාධක කොරල් පරය ආරක්ෂා කිරීමට විශේෂ තාක්ෂණික ක්‍රමවේදයක් appeared first on ITN News.

Read More »

දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතුයි – මැතිවරණ කොමිෂන් සභාව  

0 comments

දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාක්ෂි දෙමින් ඊයේ පස්වරුවේ (29) පැවසීය.

සමහර දේශපාලන පක්ෂ දිස්ත්‍රීක්කයකට පමණක් සීමා වී ඇත.වර්තමානය වන විට පක්ෂ ලියාපදිංචි කිරීමේ නිර්ණායකවල ගැටලු මතුව ඇති බවද හෙතෙම කීවේය.

ජාතික වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂ, ලියාපදිංචි පක්ෂ සහ ප්‍රාදේශීය පක්ෂ ලෙස දේශපාලන පක්ෂ වර්ගකර, ඒවා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතු බවද නිමල් පුංචිහේවා මහතා කාරක සභාවට යෝජනා කළේය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති,සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් විය.

නාමයෝජනා භාර දීමේදී මතුවන තාක්ෂණික ගැටලු නිරාකරණය සඳහා අවම වශයෙන් පැය 24 ක කාලයක් ලබා දිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී යෝජනා කළේය. ස්වාධීන දේශපාලන පක්ෂවලට පමණක් සීමා වී ඇති ඇපමුදල් තැන්පත් කිරීම පිළිගත් දේශපාලන පක්ෂ සඳහාද අදාළ කරගත යුතුය යන්න එම කොමිෂන් සභාවේ මතය විය. ඇප මුදල් තැන්පත් කිරීමේ ක්‍රමවේදය කාලිනව සංශෝධනයට ලක්කළ යුතු බවද ඔවුහු පැවසූහ.

නිල ජන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව මඟින් පමණක් සිදු කෙරෙන අතර, ඒ වෙනුවෙන් විකල්ප ක්‍රමවේද භාවිත කිරීමේ අවශ්‍යතාවද කොමිෂන් සභාව කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

මැතිවරණයක ජන්දය භාවිත කිරීමේ වේලාව අවසන් වන විට පොලිම්ගතව සිටින ජන්ද දායකයන්ට ජන්දය භාවිත කිරීමට හැකිවන පරිදි මැතිවරණ නීති සංශෝධනය කළ යුතු බවටද කොමිෂන් සභාව යෝජනා කළේය.

“මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක් රටට යෝග්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ මතයවේ” යන්නද එහි සභාපති නිමල් පුංචිහේවා මහතා කාරක සභාවේදී කීවේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර සංඛ්‍යාව 225 ලෙසම පැවතිය යුතු බවත්, ඉන් 140 ක් කොට්ඨාස මට්ටමින්ද, 70 ක් දිස්ත්‍රීක් සමානුපාතික ක්‍රමයෙන්ද, 15 ක් ජාතික ලැයිස්තුවෙන්ද තෝරා ගත යුතු බවට හෙතෙම යෝජනා කළේය.

නාම යෝජනා භාරදී අවසන් වූ පසු අපේක්ෂකයන්ට තැපැල් ජන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත්, සෞඛ්‍ය ආදි අත්‍යාවශ්‍ය සේවා වලටද තැපැල් ජන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් ඔහු මෙහිදී කීවේය. පූර්ව ජන්දය භාවිත කිරීමේ අයිතිය තහවුරු කළ යුතු බවත්,ඊට විශේෂ ජන්ද මධ්‍යස්ථාන පිහිටුවිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ අදහස විය.

ජනතා නියෝජිතයින් ආපසු කැඳවීමේ ක්‍රමවේදයක් පැවතිය යුතු බවද, ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් සැකසිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී අවධාරණය කළේය.

නව සංශෝධන වලදී ද්විත්ව ජන්ද පත්‍රිකා භාවිතය කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය යුතු බවත්,මැතිවරණ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ලබා දිය යුතු බවත් නිමල් පුංචිහේවා මහතා කාරක සභාවේදී අවධාරණය කළේය.

මැතිවරණ විනිශ්චයාධිකරණයක් අලුතින් පිහිටුවීමට කටයුතු කළ යුතු බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.

මැතිවරණ වියදම් පාලනය සම්බන්ධයෙන් කොමිෂන් සභාව දැඩි ස්ථාවරයක සිටින බවද ඔහු කීවේය. එම වියදම් පාලනය සඳහා මනාප ක්‍රමය අහෝසි කළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කාරක සභාවේදී පැවසීය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මාධ්‍ය උපමාන රාජ්‍ය මාධ්‍යට පමණක් නොව පෞද්ගලික මාධ්‍යටද අදාළ කරගත හැකි බව නිමල් පුංචිහේවා මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ජා විය.නීතිපති දෙපාර්තමේන්තුවේ සාමජිකයෝද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළහ.

මෙම කාරක සභාවට අමාත්‍ය මහාචාර්‍ය ජී.එල් පීරිස් මහතාද,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රංජිත් මද්දුම බණ්ඩාර,මනෝ ගනේෂන්,එම්.ඒ සුමන්තිරන්,මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුද සභභාගි වූහ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම් ලබන අද (30) පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.

The post දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතුයි – මැතිවරණ කොමිෂන් සභාව appeared first on ITN News.

Read More »

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක්  

0 comments

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (29) පැවති සාකච්ඡාවකදී මේ බව කීය. එම අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මේ සඳහා එක්ව සිටියහ.

නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් දුම්වැටි භාවිතයද අවම කිරීමට හැකිවනු ඇත. මෙම බදු ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත මේ වන විට සකස් කර ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙයි. ලොව අනෙකුත් රටවල ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තීන් පිළිබඳවද අධ්‍යයනය කරමින් නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමටද පියවර ගැනේ.

ඒ අනුව දුම්වැටි සිල්ලරට අලෙවිය, පොදු ස්ථාන වල දුම් පානය, ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් අදාළ පනත සංශෝධනය ඔස්සේ දැඩි නීති රීති ගෙන ඒමට අපේක්ෂා කෙරේ.

මේ අතර දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳව සිදු කළ මහජන මත විමසීමේ සමීක්ෂණ වාර්තාව එම අධිකාරිය මගින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මෙහිදී භාරදෙනු ලැබීය. මේ අතර දුම්වැටි ඇසුරුම් තුළ යොදා ඇති රූපමය අවවාද යාවත්කාලීන කිරීම කෙරෙහිද සාකච්ඡා විය.

දුම්වැටි හා මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා වන පුළුල් ප්‍රචාරණයක් ක්‍රියාත්මක විය යුතු බවත් එ් සඳහා අදාළ වැඩපිළිවෙල සකස් කරන ලෙසත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග , දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන රුවන් සත්කුමාර (අතිරේක ලේකම් – ජන මාධ්‍ය අමාත්‍යාංශය), සුමනා බණ්ඩාර (අතිරේක ලේකම්- වෙළඳ අමාත්‍යාංශය),සුරාබදු කොමසාරිස් ජනරාල් – එම්.ජී.ගුණසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

The post දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් appeared first on ITN News.

Read More »

හෙට සිට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් කෙරේ  

0 comments

නිරෝධායන ඇදිරිනීතිය හෙට අලුයම 4 ට ඉවත් කිරීමෙන් පසු රට පවත්වාගෙන යාමේදී පනවනු ලබන සීමාවන් සහ සෞඛ්‍ය උපදේශ අද දිනයේ දී ලබාදීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

The post හෙට සිට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් කෙරේ appeared first on ITN News.

Read More »

ඇෆ්ගනිස්ථානයේ පැවති නීත්‍යානුකූල රජයේ ප්‍රධානීන් එක්සයිල් ආණ්ඩුවක් ප්‍රකාශයට පත්කරයි  

0 comments

ඇෆ්ගනිස්ථානයේ පැවති නීත්‍යානුකූල රජයේ ප්‍රධානීන් පිරිසක් එක්ව එරටින් බැහැරව පවත්වාගෙන යන ආණ්ඩුවක් හෙවත් එක්සයිල් ආණ්ඩුවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීම හේතුවෙන් මෙම තීරණයට එළඹුණ බවයි එරට හිටපු පළමු උප ජනාධිපති අමරැල්ලා සලේ පවසන්නේ. ස්විස්ටර්ලන්තයේ පිහිටි ඇෆ්ගනිස්ථාන තානාපති කාර්යාලය මගින් මේ පිළිබඳව නිවේදනය කර තිබෙනවා. එම නිවේදනය අනුව ඇෆ්ගනිස්ථාන ජනතාවගේ ඡන්දයෙන් පත්කර ගැණුනු පැවති ඉස්ලාමීය ඇෆ්ගනිස්ථාන රජය එරට නීත්‍යානුකූල ආණ්ඩුව වන අතර වෙනත් කිසිඳු ආණ්ඩුවකට හෝ කණ්ඩායමකට මෙම තත්ත්වය අත්කර ගැනීමට නීත්‍යානුකූල හැකියාවක් නොමැති බවයි පැවසෙන්නේ. රටින් බැහැර ආණ්ඩුව සඳහා විදේශයන්හි ඇති සියලුම ඇෆ්ගනිස්ථාන තානාපති සහ කොන්සල් කාර්යාල නව ආණ්ඩුව නියෝජනය කරන බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

 

 

 

The post ඇෆ්ගනිස්ථානයේ පැවති නීත්‍යානුකූල රජයේ ප්‍රධානීන් එක්සයිල් ආණ්ඩුවක් ප්‍රකාශයට පත්කරයි appeared first on ITN News.

Read More »

යහපාලනයේ දී දේශපාලනඥයනුත් ඇතැම් නිලධාරීනුත් මානව හිමිකම් කවුන්සිලයට රට පාවා දුන්නා  

0 comments

සමහර දේශපාලන පක්ෂත්, යහපාලන රජය සමයේ සිටි ඇතැම් නිලධාරීනුත් ඩයස්පෝරාව සමග එකතු වී මානව හිමිකම් කොමිසම හමුවේ රට ගැන වැරදි ප්‍රතිරූප මවා පාමින් සිටින බව මහාචාර්ය ප්‍රතිභාමහානාම හේවා මහතා පවසනවා.

ස්වාධීන රූපවාහිනී තුලාව දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

The post යහපාලනයේ දී දේශපාලනඥයනුත් ඇතැම් නිලධාරීනුත් මානව හිමිකම් කවුන්සිලයට රට පාවා දුන්නා appeared first on ITN News.

Read More »

මනූෂ නානායක්කාර CIDය හමුවට  

0 comments

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (30) පැමිණියා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අනුවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කර ඇත්තේ.

ඔහු සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියා.

 

 

The post මනූෂ නානායක්කාර CIDය හමුවට appeared first on ITN News.

Read More »

ඉක්වදෝරයේ බන්ධනාගාරයක ගැටුමකින් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි  

0 comments

ඉක්වදෝරයේ බන්ධනාගාරයක හටගත් ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව සියය ඉක්මවා තිබෙනවා.

එරට ගුආයාකුවිල් නගරයේ පිහිටි බන්ධනාගාරයක ඊයේ හටගත් එම ගැටුමෙන් තවත් 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මියගිය සංඛ්‍යාව 116 ක්. එරට අපරාධ කණ්ඩායම් දෙකකට අයත් රැදවූවන් අතර ගැටුම හටගෙන තිබෙනවා. එම ගැටුම පාලනය කිරීම සඳහා එරට පොලීසිය සහ හමුදාව මැදිහත්වී ඇති අතර ඊට පැය 5 ක පමණ කාලයක් ගතවී තිබෙනවා. මෙවන් ගැටුම් ඉක්වදෝරයේ බන්ධනාගාර තුළ මීට පෙර ද හටගෙන තිබීම හේතුවෙන් ඒවා පාලනය කිරීමේ අරමුණෙන් පසුගිය ජූලි මාසයේ සිට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යෙදුනා. එරට ඉතිහාසයේ සිදුවූ දරුණුතම බන්ධනාගාර ගැටුම මෙය ලෙස සටහන් වනවා.

 

 

The post ඉක්වදෝරයේ බන්ධනාගාරයක ගැටුමකින් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි appeared first on ITN News.

Read More »

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 941ක්  

0 comments

ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 941 දෙනෙකු වාර්තා වූ අතර කොරෝනා මරණ 61 ද තහවුරු කර තිබුණා.

ඊයේ දිනයේ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් 941 දෙනා ද සමගින් මේ දක්වා මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 516,465 ක්. ඒ අතරින් 46,761 දෙනෙකු රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 456,857 ක්.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 61 ද සමගින් මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 12,847 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ මියගිය 61 දෙනා අතර වයස අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු හා කාන්තාවන් 5 දෙනෙකු ද වනවා. ඊයේ දිනය තුළ මෙරට දී පීසීආර් පරීක්ෂණ 7,367 ක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3,823 ක් සිදුකර ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

 

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 941ක් appeared first on ITN News.

Read More »

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියලු පර්යේෂණ එක් මධ්‍යස්ථානයක් යටතට  

0 comments

කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලු පර්යේෂණ එක් මධ්‍යස්ථානයකින් අධීක්ෂණය කර ඒවායේ ප්‍රතිපල කඩිනමින් ගොවියා අතට පත් කෙරෙන යාන්ත්‍රණයක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට උපදෙස් දුන්නේය.

අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ ශ්‍රී ලංකා ජාතික කෘෂිකර්ම පර්යේෂණ හා ප්‍රතිපත්ති ආයතනයේ නිරික්ෂණ චාරිකාවක යෙදුනු අමාත්‍යවරයා එහිදී පැවැති සාකචිඡාවකදී ⁣ලේකම්වරයාට මෙලෙස උපදෙස් දුන්නේය.

අපේ රටේ ආයතන බොහෝමයක් විවිධ මාතෘකා ඔස්සේ කෘෂිකර්ම ක්ෂෙත්‍රයට අදාල පර්යේෂණ කරනවා. නමුත් ඒ පර්යේෂණවල ප්‍රතිපල ගොවියාට යන්නෙත් නෑ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නෙත් නැ. සමහර අවස්ථාවවල එකම පර්යේෂණය ආයතන කීපයකින් කරනවා. ඒවාට විශාල මුදලක් වැය වෙනවා. නමුත් ප්‍රතිපල නෑ. එළවලු බීජ 80%විතර පිටරටින් ගෙන්වනවා.⁣කැරට් බීට් ලීක්ස් බීජ අපේ රටේ නිපදවා ගන්න බැ කියල මතයක් තියෙනවා.මම දැනුවත්ව දැන් පෞද්ගලික ආයතනයක් මේ බීජ නිපදවන්න පටන් ගෙන තිබෙනවා.මිරිස් වගාව වියලි කලාපයේ සාර්ථකව වැවෙන බෝගයක් බව කීවත් මම දැන් නාවලපිටිය ප්‍රදේශයේ අක්කර සියයක සාර්ථක මිරිස් වගාවක් කරනවා. මේ නිසා කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ නැ බෑ කියන එක මුල් බැහැගෙන තිබෙන නිසා අලුතින් අත්හදා බලන්න උනන්දු වෙන්නෙ නැ.

මේ නිසා කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ කෙරෙන පර්යේෂණ කවුරු කුමන ආයතනයකින් කලත් ඒවා මෙහෙයවීම හා අධීක්ෂණය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති එක ආයතනයකින් සිද්ධ වෙන්න ඕනා. ඒ වාගේම ඒ පර්යේෂණවල ප්‍රතිපල ගමේ ගොවියා අතට යන්න ඕන. ඒ සදහා අලුත් යාන්ත්‍රණයක් සකස් කල යුතු බවද අමාත්‍යවරයා කීවේය. සියළුම පර්යේෂණ රජයේ ප්‍රතිපත්තිවලට හා කාලීන අවශ්‍යතාවලට අනුව සිදුවිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධානරණය කළේය.

කහ, නාරං පිටරටින් ආනයනය කරනවා. ඒකට විශාල මුදලක් වැය වෙනවා. නමුත් පර්යේෂකයින් කියනවා කහ, නාරං මෙරටේ සීත දේශගුණික ප්‍රදේශවල හොදින් වැවෙනවා කියල. ඒ පර්යේෂණ ප්‍රතිථල ගොවියාට යන්න ඕන. එහෙම වුනොත් පිටරට යන මුදල් ඉතිරි කර ගෙන ගොවියා ඒවා මෙහෙදී නිෂ්පාදනය කරයි යැයිද අමාත්‍යවරයා කිවේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ, ජාතික කෘෂිකර්ම පර්යේෂණ හා ප්‍රතිපත්ති ආයතනයේ සභාපති ඇතුලු එම ආයතනයේ ඉහළ නිළධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිටියහ.

The post කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියලු පර්යේෂණ එක් මධ්‍යස්ථානයක් යටතට appeared first on ITN News.

Read More »

උතුරු කොරියාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනයට පියවර රැසක්  

0 comments

උතුරු කොරියාවේ කොරෝනා වයිරස් ව්‍යාප්තිය පාලනයට කඩිනම් පියවර රැසක් ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ යටතේ එරට පියොංයැං නගරයේ ස්ථාන රැසක් විෂබීජහරණය කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම ශරීර උෂ්ණත්වය මැන බැලීම , දුරස්ථභාවය ඇතුළු නිරෝධායන නීති රැසක් හදුන්වාදීමට ද කටයුතු කර තිබෙනවා. කොරෝනා වයිරස් ව්‍යාප්තිය වැළැක්වීමට දේශසීමා වසා දමමින් දැඩි නීති පැනවීමට උතුරු කොරියා රජය කටයුතු කළා. කෙසේ නමුත්  වයිරස් වාහකයෙකු රට තුළට ඇතුළුවී ඇති බවට මතුව ඇති සැකය හමුවේ මෙම පියවර ගැනීමට උතුරු කෙරියා රජය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

The post උතුරු කොරියාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනයට පියවර රැසක් appeared first on ITN News.

Read More »

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන සමුළුව මෙරටදී  

0 comments

ආසියානු සංවර්ධන බැංකුවේ පනස් පස් වෙනි වාර්ෂික සමුළුව මෙරටදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පශ්චාත් කොරෝනා සමය ජය ගන්න මේ සමුළුව විශේෂ අවස්ථාවක් වෙන බවයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ.

ආසියානු සංවර්ධන බැංකුවේ පනස් පස්වෙනි වාර්ෂික සමුළුව ලබන වසරේ මැයි මාසයේ දෙවනදා සිට පස් වනදා දක්වා මෙරට පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම සමුළුවට සාමාජික රටවල නියෝජිතයන් තුන් දහසත් පන් දහසත් අතර පිරිසක් සහභාගි විමට නියමිතයි.

මුදල් අමාත්‍යවරුන් මහ බැංකු අධිපතිවරුන් ජාත්‍යන්තර බැංකු නියෝජිතවරුන්,  සමාගම් විධායක නිලධාරීන් මෙන්ම මාධ්‍ය වේදීන් ද ඊට එක් වනවා.

පශ්චාත් කොවිඩ් 19 ලෝකය සදහා දේශගුණික විපර්යාසයන්ට අනුගත හරිත ආර්ථිකයක් ස්ථානගත කිරීම යන්න මෙවර සමුළුවේ තේමාවයි.

 

 

The post ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන සමුළුව මෙරටදී appeared first on ITN News.

Read More »

චීනෙන් ගේන්න හැදූ කාබනික පොහොර බැක්ටීරියාව නතර කෙරේ  

0 comments

චිනයෙන් කාබනික පොහොර ආනයනය  නතර කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය අද නිවේදනය කළා. ඒ මෙම පොහොරවල අහිතකර බැක්ටීරියා අඩංගු බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරු වූ නිසයි.

ශ්‍රී ලංකා භූමියට, ශාකවලට සහ සත්වයන්ට හානියක් වන කිසිදු පොහොර වර්ගයක් ආනයනය කරන්නේ නැති බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ.

මෙවර මහ කන්නය සදහා නයිට්‍රිජන් අඩංගු කාබනිකපොහොර චීන සමාගමකින් ආනයනය කිරිමට නියමිතව තිබුණා. එම පොහො සමාගම එවා ඇති සාම්පල පරීක්ෂා කිරීමේදී හෙළි වුයේ පසට අහිතකර බැක්ටීරියාවන් එහි තිබෙන බවයි.

The post චීනෙන් ගේන්න හැදූ කාබනික පොහොර බැක්ටීරියාව නතර කෙරේ appeared first on ITN News.

Read More »

තිස්සමහාරාම යෝධ වැව් රක්ෂිතය බිලිගන්න හදන හෝටල් හිමියන්  

0 comments

තිස්සමහාරාම යෝධ වැව් රක්ෂිතයත් හෝටල් හිමියන්ට බිලිවෙමින් පවතින බව අපට වාර්තා වනවා. මේ වන විටත් හෝටල් කිහිපයක් වැව් රක්ෂිතයේ ඉදිකර ඇති බැවින් රක්ෂිත මායිම් සළකුණු කිරීමට යාමේදී අනවසර ඉදිකිරීම්කරුවන් සහ නිලධාරීන් අතර ගැටුමක්ද ඇති වූ බවයි වාර්තා වුණේ.

මහානාග රජු සමයේ ඉදිවූ යෝධ වැව අක්කර එක්දහස් දෙසිය තිහක වපසරයකින් යුක්ත වූ බව පැරණි සිතියම් නිරීක්ෂණයේදී තහවුරු වනවා. එහෙත් මේ වන විට ඉඩම් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුවීමෙන් විශාල වපසරියක් වැවට අහිමි වී ගොස් තිබෙනවා. අනවසර හෝටල් මෙන්ම අනවසර වගාවන්ද ඊට හේතුවයි.

මෙම තත්ත්වය මත වැව් රක්ෂිතයේ සීමාවන් සළකුණු කිරීමට වැව ඉහළ ප්‍රදේශයේ අගලක් කැපීමට වාරිමාර්ග නිලධාරීන් තීරණය කළා. ඒ තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරු අමිල ශිරන්ත මහතාගේ අධීක්ෂණයෙන්. බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මෙම අගල කැපීමේදී අනවසර වගාකරුවන්ගෙන් බාධා එල්ල වුණා. අවසානයේ වැව් රක්ෂිතයේ ඉදිකර ඇති හෝටල්වල හිමිකරුවන්ද එම ස්ථානයට පැමිණ සිටිනු දක්නට ලැබුණා. අවසානයේ ඉංජිනේරුවරයාට සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට මෙන්ම බැකෝ යන්ත්‍රයට පොලිස් ආරක්ෂාව ලබාදීමට සිදු වුණා.

The post තිස්සමහාරාම යෝධ වැව් රක්ෂිතය බිලිගන්න හදන හෝටල් හිමියන් appeared first on ITN News.

Read More »

ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමූ මෘදුකාංග ඉංජිනේරුවරයා රිමාන්ඩ්  

0 comments

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන හය වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ ඇතුළු තවත් නඩු විභාග කිහිපයක තොරතුරු දැන්.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණා.

අපරාධය සිදුකර ඇති ආකාරය හා එහි සූක්ෂම භාවය මෙන්ම විමර්ශනවල සංකීර්ණභාවය සලකා බැලීමේ දී විමර්ශනවලට සාධාරණ කාලයක් අවශ්‍ය බවයි අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ.

 

 

The post ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමූ මෘදුකාංග ඉංජිනේරුවරයා රිමාන්ඩ් appeared first on ITN News.

Read More »

ඔබේසේකරපුර මත්ද්‍රව්‍ය සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු රිමාන්ඩ්  

0 comments

රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියෙකු අනතුරට පත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

The post ඔබේසේකරපුර මත්ද්‍රව්‍ය සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු රිමාන්ඩ් appeared first on ITN News.

Read More »

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිදහස් කිරීමට මහ බැංකුවෙන් ඩො.මි. 50ක් – කන්ටේනර් 800න් 400ක් දැනටමත් නිදහස්  

0 comments

වෙළෙදපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය වැලැක්වීමේ අරමුණෙන් කොළඹ වරායේ ඇති බහාලුම් 800ක් නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් මහ බැංකුවෙන් ලබා දීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා.

ඩොලර් මිලියන 50 ක මුදලක් ඒ සදහා රජය වෙන් කළා.

මේ වන විට එම බහාලුම් 800 න් 400 ක් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

 

The post අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිදහස් කිරීමට මහ බැංකුවෙන් ඩො.මි. 50ක් – කන්ටේනර් 800න් 400ක් දැනටමත් නිදහස් appeared first on ITN News.

Read More »

කොංගෝ රාජ්‍යයේ ස්ත්‍රී දූෂණ රැසකට ලෝක සෞඛ්‍ය සංවිධාන සේවකයින් සම්බන්ධ බව හෙළි වෙයි  

0 comments

කොංගෝ රාජ්‍යයේ සිදු වූ ස්ත්‍රී දූෂණ රැසකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවකයින් සම්බන්ධ බවට පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවයේ නියුතු විසිඑක්දෙනෙකු හා ලෝක සෞඛ්‍ය සංවිධානය හා සමගාමීව කටයුතු කළ ආයතන කිහිපයක සේවකයින් අසූතුන්දෙනෙකුට මෙම චෝදනාව එල්ල වුණා. කොංගෝ රාජ්‍යය තුළ ඉබෝලා වසංගතය පැවති සමයේදී එහි සේවයේ නිරතව සිටියදී ඔවුන් ස්ත්‍රී දූෂණ වලට සම්බන්ධ වී ඇති බවටයි හෙළිව ඇත්තේ.

මෙහිදී කාන්තාවන් පනස් දෙනෙකු පමණ දූෂණයට ලක්ව ඇති බව වාර්තා වනවා. කාන්තාවන් විසිනව දෙනෙකු ගැබ් ගෙන ඇති අතර ඔවුන්ගේ දරු ගැබ් විනාශ කරන ලෙසට මෙම පිරිස බලකර ඇති බවද හෙළිව තිබෙනවා. කෙසේ වුවද සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දැඩි දඩුවම් පැමිණවීමට පියවර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩ්හ්නොම් ප්‍රකාශ කරනවා.

 

 

 

The post කොංගෝ රාජ්‍යයේ ස්ත්‍රී දූෂණ රැසකට ලෝක සෞඛ්‍ය සංවිධාන සේවකයින් සම්බන්ධ බව හෙළි වෙයි appeared first on ITN News.

Read More »

කොරෝනා එන්නත් සමානව රටවල් අතර බෙදී නොයාම ගැන ඉක්මන් පියවරක් ගත යුතුයි – WTO  

0 comments

කොරෝනා වයිරසයට එරෙහි එන්නත් සමානව රටවල් අතර බෙදී නොයාම පිළිබඳ ඉක්මන් පියවරක් ගත යුතු බව ලෝක වෙළෙඳ සංගමය පෙන්වා දෙනවා.

එන්නත් නිෂ්පාදකයින් එන්නත් බෙදීයාම පිළිබඳ නිසි පියවර නොගතහොත් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි ලෝක වෙළෙඳ සංගමය පවසන්නේ. අප්‍රිකානු රටවල එන්නත් ලබාදී ඇත්තේ 4%ක් වැනි ඉතා අඩු ප්‍රතිශතයකටයි. එම රටවල ඉදිරියේ දී උද්ගත විය හැකි භයානක තත්ත්වය පිළිබඳ එන්නත් නිෂ්පාදකයින් අවදානය යොමු කළ යුතු බව ලෝක වෙළෙඳ සංගමය අවධාරණය කරනවා. තම ලාබය පිළිබඳ නොසිතා වසංගත අවස්ථාවකදී කටයුතු කළ යුතු බවයි එම සංගමයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.

 

 

The post කොරෝනා එන්නත් සමානව රටවල් අතර බෙදී නොයාම ගැන ඉක්මන් පියවරක් ගත යුතුයි – WTO appeared first on ITN News.

Read More »

තවත් 770 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 770 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 456,857ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 770 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

Read More »

යාල වන සංරක්ෂණ ප්‍රදේශයේ ඉදිකිරීම් ඉවත් කිරීමට උසාවි නියෝගයක් ලබා ගන්නැයි නිලධාරීන්ට උපදෙස්  

0 comments

යාල වන සංරක්ෂණ ප්‍රදේශය විනාශ කරමින් ඉදිකිරීම් සිදු කිරීමට කිසිසේත් ඉඩක් ලබා නොදෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච් පි සුමනසේකර මහතා පවසනවා.

මෙම ඉදිකිරීම වහාම ඉවත් කිරීමට උසාවි නියෝගයක් ලබා ගැනීම සහ ඉඩම යථා තත්ත්වයට පත් කිරීම සදහා වන්දි ලබා ගැනීම සදහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

 

 

The post යාල වන සංරක්ෂණ ප්‍රදේශයේ ඉදිකිරීම් ඉවත් කිරීමට උසාවි නියෝගයක් ලබා ගන්නැයි නිලධාරීන්ට උපදෙස් appeared first on ITN News.

Read More »

කොරියානු රජයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ආධාර රැසක්  

0 comments

කොරියානු තානාපති සන්තූෂ් වූන්ජින් ජියොන්ග් (Santush Woonjin Jeong) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (29) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය.

එහිදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ‍ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ආධාර ලබාදීමට එකඟතාව පළ විය. ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය, ගණිත සහ භාෂා සංවර්ධනය, තාක්ෂණික සංවර්ධනය සහ මානව සම්පත් යන අංශයන්හි සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජයට ආධාර ලබාදීමට එකඟත්වය පළ කළේ ය.

කිලිනොච්චි දිස්ත්‍රික්කය සඳහා “ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය සඳහා වඩාත් හොඳ භෞතික පරිසරයක් ගොඩනඟා දීම” මැයෙන් වන ව්‍යාපෘතිය යටතේ ගුරු පුහුණුව සහ විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සඳහා ආදර්ශ විද්‍යාල 04ක් ක්‍රියාවට නැංවීම,‍ පන්තිකාමර අලුත්වැඩියාව සහ ඉදිකිරීම් , පාසල්වල විශේෂ අධ්‍යාපනික ඒකක සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම, ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ පාසල්වලට සහ ගුරුවරුන්ට සැපයීම, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ශක්‍යතා සංවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාවට නැංවීම, සහ සමාජ ඒකාබද්ධතාවය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ආදී ක්‍රියාකාරකම් ගණනාවක් එම ව්‍යාපෘතිය මඟින් සිදු කිරීමට අපේක්ෂිත බව අවධාරණය විය.

එමෙන් ම මෙරට තාක්ෂණික අධ්‍යාපනය සඳහා නව ජාතික අධ්‍යාපන විද්‍යාලයක් අලුතින් පිහිටුවීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.

The post කොරියානු රජයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ආධාර රැසක් appeared first on ITN News.

Read More »

අලුතින් පත්වූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය අගමැති හමුවෙයි  

0 comments

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිත් ඒ ලියනගේ මහත්මිය තානාපති සේවයට යාමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණේ අරලියගහ මන්දිරයේදීයි. ශ්‍රී ලංකා රුසියා ඓතිහාසික මිත්‍රත්වය සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා එම සබදතා තවත් වර්ධනය කිරීමට කැපවන ලෙස ඒ මහත්මියට සුබ පැතුම් එක් කරමින් කියා සිටියා.

ජනිතා ඒ ලියනගේ මහත්මිය මෙම ධූරයට පත් වීමට පෙර ගම්පහ වික්‍රමාරච්චි දේශීය විශ්වවිද්‍යාලයේ සමාරම්භක උප කුලපතිනිය ලෙස කටයුතු කළා.

ගාල්ල සවුත්ලන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපතිනිය ලෙසද කටයුතු කර තිබෙනවා.

 

The post අලුතින් පත්වූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය අගමැති හමුවෙයි appeared first on ITN News.

Read More »

වව්නියාව ආබාධිත සංගමය නිෂ්පාදනය කරන කාබනික ගොවි නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක්  

0 comments

ආබාධ සහිත බව ගැටළුවක් කර නොගෙන ජාතික ආර්ථිකයට උරදෙන පිරිසක් ගැන තොරතුරු වව්නියාව ප්‍රදේශයෙන් අපට වාර්තා වනවා.

කාබනික පොහොර පමණක් භාවිත කරමින් ආබාධ සහිත පිරිසක් ඉතා සාර්ථකව ගොවිපොළක් පවත්වාගෙන යන අයුරු වව්නියාව කනගරායන්කුලම ප්‍රදේශයේ දැකගත හැකියි. අක්කර විස්සකින් සමන්විත මෙම ගොවිපොළේ සියළු කෘෂි නිෂ්පාදන වස විසෙන් තොරයි.

ඒ නිසාම එම නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක්ද පවතිනවා. වව්නියාව ආබාධිත සංගමය මගින් පවත්වාගෙන යන මෙම ගොවිපොළෙට අවශ්‍ය   කාබනික පොහොර සදහා යොදා ගන්නේද එහි සිටින ගවයින්ගේ ගොම ඇතුළු ද්‍රව්‍ය වීමද විශේෂත්වයක්.

 

 

The post වව්නියාව ආබාධිත සංගමය නිෂ්පාදනය කරන කාබනික ගොවි නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG