Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 912ක්  

Add comments

කොරෝනා රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබුණත් ඊයේ දිනයේත් ආසාදිතයින් 912 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් 912 දෙනාද සමගින් මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ දාහත් දහස් තුන්සිය හැත්තෑ හතක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් හතලිස්හය දහස් නවසිය අසූතුන් දෙනෙකු තවදුරටත් රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ දක්වා මෙරට සුවය ලබා ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ පනස් හත් දහස් හාරසිය අසූඅටක්.

ඊයේ දිනයේ තහවුරු කළ කොරෝනා මරණ 59 ද සමගින් මේ දක්වා මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව දොළොස් දහස් නවසිය හය දක්වා ඉහළ ගියා. ඊයේ මියගිය පිරිසට වයස අවුරුදු 30ට අඩු කාන්තාවකද ඇතුළත්.

ඊයේ දිනය තුළ පීසීආර් පරික්ෂණ 7740ක් සිදුකර ඇති අතර එම දිනය තුළ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සංඛ්‍යාව 3380 ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

අද සිට සියලු ජනතාව එකාවන්ව එක්ව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට තරයේ අදිටන් කර ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ අතර කොරෝනා මර්දන එන්නත් වැඩපිළිවෙල දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමද දිවයිනේ බොහෝ ප්‍රදේශවලදී සිදුවනවා. ඒ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේයි. රජයේ රෝහල්වලදී එම එන්නත ලබාදීම සිදුවන්නේ සැලසුම් සහගත වැඩපිළිවෙලකට අනුවයි.

එම වැඩපිලිවෙල යතේ තංගල්ල මූලික රෝහලේ දී වයස අවුරුදු 12 ත් 18 ත් අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ෆයිසර් එන්නත් ලබා දීම ආරම්භ වූ අතර එම අවස්ථාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටියා.

ඇස්ට්‍රා සෙනෙකා,  සයිනොෆාම්, ස්පුට්නික් වී, ෆයිසර් හා මොඩර්නා යන කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ වන විට එක්කෝටි හතලිස් පන්ලක්ෂ විසිහතර දහස් හාරසිය අට දක්වා ඉහළ ගොස් තිබුණා. එහි දෙවන මාත්‍රාව ලබා ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි දාහත් ලක්ෂ හැත්තෑ තුන් දහස් හයසිය අසූපහක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කලේ.

 

 

 

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 912ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG