Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවකයින්ට කොරෝනා එන්නත අනිවාර්ය කිරීමට අවධානය  

0 comments

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවකයින් කොරෝනා වයිරසයට එරෙහි එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීමට එරට රජයේ අවධානය යොමුව තිබෙනවා.

එන්නත් ලබා නොගත් පිරිස් අතර වයිරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් කාර්ය මණ්ඩල අවම වීම දැඩි ගැටලුවක් වී ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා. වයිරසයට සාර්ථකව මුහුණ දීමට ලොව මේ වන තෙක් ලැබී ඇති හොදම විසඳුම එන්නත්කරණය බවයි ඔහු තවදුරටත් පවසන්නේ. වයිරස ව්‍යාපෘතිය පාලනයට පනවා තිබූ නිරෝධායන නීති ඉවත් කිරීමට පසුගිය මාසයේදී බ්‍රිතාන්‍ය කටයුතු කළද ඔම්ක්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ එම නීති යළි හඳුන්වාදීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

 

 

 

 

The post බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවකයින්ට කොරෝනා එන්නත අනිවාර්ය කිරීමට අවධානය appeared first on ITN News.

Read More »

Lockdown සමයේ සාද පැවැත්වූ බ්‍රිතාන්‍ය අගමැති වරදකරුවෙකු වෙයි  

0 comments

වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට බ්‍රිතාන්‍ය වසා දමා තිබූ සමයේ සාදයන් පැවැත්වීම පිළිබදව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වගකිව යුතු බව සිදුකළ පරික්ෂණයෙන් තහවුරු කර තිබෙනවා.

2020 වසරේ මැයි 20 වන දින හා ජුනි 19 වන දින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාදයන් පැවැත්වීම පිළිබද සූ ග්‍රේ නමැති ඉහළ පෙළේ පරිපාලන නිලධාරියාගේ  ප්‍රධානත්වයෙන් විශේෂ  පරික්ෂණයක් පැවැත්වුණා. වාර්තාව ඊයේ දිනයේදී නිකුත් කළ අතර සාදයන් පැවැත්වීමට අවසර ලබා දීම නායකත්වයේ දුර්වලතාවයක් බවයි එහි දැක්වෙන්නේ.

එම සාදයන් පැවැත්වීමට කිසිදු ලෙසකින් අවසර ලබාදිය නොහැකි බව සූ ග්‍රේ  පවසනවා. වාර්තාවේ අඩංගු කරුණු තමා පිළිගන්නා බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සදහන් කළේ. ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයැද සිටින බවද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියා. කෙසේ වුවද බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය ධුරය දැරීමට කිසි ලෙසකින් සුදුසු පුද්ගලයෙකු නොවන බවයි විපක්ෂය චෝදනා කරන්නේ. ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටද මේ වන විට දැඩි බලපෑමක් ගොඩනැගෙමින් පවතිනවා.

 

 

 

 

 

 

 

 

The post Lockdown සමයේ සාද පැවැත්වූ බ්‍රිතාන්‍ය අගමැති වරදකරුවෙකු වෙයි appeared first on ITN News.

Read More »

ලොව පුරා සුවහසක් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කළ චීන නව අවුරුදු සංදර්ශනය  

0 comments

ජනවාරි 31 වනදා රාත්‍රී අටට චීන මාධ්‍ය සමූහය විසින් ඉදිරිපත් කරන ලද ‘වසර 2022 වසන්ත උත්සව කලා හා සංස්කෘතික සංදර්ශනය’ නියමිත වේලාවට ප්‍රීතිමත් හා සුභ අලුත් අවුරුදු වාතාවරණයක් හමුවේ ප්‍රේක්ෂකයින් ඉදිරියේ ඇරඹිණ.

නිර්මාණශීලිත්වයෙන් ඉදිරිපත් කෙරුණු සංදර්ශනය සුවහසක් ප්‍රේක්ෂකයින් වෙත මානසික කලාත්මක සංස්කෘතික සාධක සපිරි සංග්‍රහයක් ගෙන දී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ ශතසංවත්සරය, ගම්මාන සංවර්ධනය, ජෛව ශිෂ්ටාචාරය, සීත ඍතු ඔලිම්පික් උළෙල හා අභ්‍යාවකාශ ජයග්‍රහණ එහි බොහෝ අංගයන්හී තේමාවන් විය.

31 වනදා මධ්‍යම රාත්‍රී 12 වන විට, වසර 2022 වසන්ත උත්සව කලා හා සංස්කෘතික සංදර්ශනයේ රූපවාහිනී නැරඹුම් අනුපාතය 21.93%කි. නව මාධ්‍ය ඔස්සේ නැරඹූ වාර ගණන කෝටි 493.2කි. පසුගිය වසරට වඩා එය කැපී පෙනෙන ඉහල යාමකි.

වසර 2022 වසන්ත උත්සව කලා හා සංස්කෘතික සංදර්ශනය නව ගමනක් සඳහා පා තබන චීන ජනතාවගේ ජීවගුණය විදහා පෑමකි.

 

The post ලොව පුරා සුවහසක් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කළ චීන නව අවුරුදු සංදර්ශනය appeared first on ITN News.

Read More »

ලොව පුරා දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව යළිත් ඉහළට  

0 comments

ලොව පුරා රටවලින් දෛනිකව වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24ට පමණක් රටවල් 223 කින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 7617ක්.

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 1218ක්. එමෙන්ම ඇමෙරිකාවෙන්ද කොරෝනා මරණ 1153ක් සිදුව ඇති අතර ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව පනස් හය ලක්ෂ අනූදහස ඉක්මවා ගියා.  එමෙන්ම ඊයේ දිනයේදී ඇමෙරිකාවෙන් දෙලක්ෂ හැත්තෑ හතර දහසක්ද , ඉන්දියාවෙන් එක්ලක්ෂ හැටහතර දහසක්ද ,ජර්මනියෙන් එක්ලක්ෂ දහනව දහසක් හා බ්‍රසීලයෙන් එක්ලක්ෂ දෙදහසක් ලෙස ආසාදිතයින් හමුව තිබෙනවා. මේ වන විට ලොව පුරා රටවලින් හමුව ඇති සමස්ත වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව තිස් හත් කෝටි හැත්තෑ අටලක්ෂයකට ආසන්නයි.

 

 

 

The post ලොව පුරා දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව යළිත් ඉහළට appeared first on ITN News.

Read More »

මැනිං වෙළඳපොලට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ බස්රථ සේවයක්  

0 comments

පෑලියගොඩ මැනිං වෙළඳපොල පැමිණෙන වෙළඳ හා පාරිභෝගික ජනතාව වෙනුවෙන් අදසිට විශේෂ බස්රථ සේවයක් ආරම්භ කෙරුනා. ඒ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන්.ඒ පිලිබඳ තොරතුරු  ගෙන එන්නේ නිමේෂ චමත් සංකල්ප

පෑලියගොඩ මැනිං වෙලඳපොල බස්නැවතුම වෙත පමිණි  රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම බස් ර‍ථ සේවයේ ආරම්භය සනිටුහන් කලා.

වැලිවේරිය , ගම්පහ, කඩවත, නිට්ටඹුව, හැඳල, මීගමුව, රද්දො‍‍ළුගම, කොළඹ හා පිටකොටුව සිට මෙම බස්රථ මගින් ගමන් පහසුව සලසා ගැනීමේ හැකියාව පවතිනවා.

ඉදිරියේදී මෙම සේවාව දවස පුරා ක්‍රියාත්මක වනපරිදි සකස්කිරීම අරමුණයි.

 

 

The post මැනිං වෙළඳපොලට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ බස්රථ සේවයක් appeared first on ITN News.

Read More »

වසන්ත කරන්නාගොඩ ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණය නියම කරයි  

0 comments

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කිරීම සදහා අභියාචනාධිකරණය අද නියම කළා. ඒ අප්‍රේල් 06 වනදාටයි.

2008 වසරේදී තරුණුයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් වූ බවට නීතිපතිවරයා ගොනු කළ නඩුවේ විත්තිකරුවකු ලෙස වසන්ත කරන්නාගොඩ මහතා නම් කර තිබෙනවා. එසේ නම් කිරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමිනුයි ඒ මහතා රිට් පෙත්සමක් ගොණු කර ඇත්තේ.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවමින් පසුගියදා තහනම් නියෝගයක් ද නිකුත් කෙරුණා. එම තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත් වෙනවා.කරන්නාගොඩ මහතාගේ රිට් පෙත්සම අද කැදවූ අවස්ථාවේ අභියාචනාධිකරණය නියම කළේ නඩුවට අදාළ විභාගය අප්‍රේල් 06 වනදා සිදු කිරීමටයි.

 

 

 

The post වසන්ත කරන්නාගොඩ ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණය නියම කරයි appeared first on ITN News.

Read More »

වෙල් යායකට වැටී සිටි උකුස්සෙකු ප්‍රතිකාර සඳහා යොමු කෙරේ  

0 comments

වෙල් යායකට වැටී සිටි උකුස්සෙකු ප්‍රතිකාර සදහා යොමු කිරීමට බණ්ඩාරවෙල හීල් ඔය මැදපේරුව ප්‍රදේශවාසීන් කටයුතු කළා.

මැදපේරුව ප්‍රදේශයේ කුඹුරකට වැටී සිටි මෙම උකුස්සා සුනඛයන්ගෙන් බේරාගෙන ඇල්ල රාවණා ඇල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට භාර දී තිබෙනවා. ප්‍රතිකාර වලින් අනතුරුව සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු උකුස්සා නැවතත් පරිසරයට මුදා හරින බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

 

 

 

The post වෙල් යායකට වැටී සිටි උකුස්සෙකු ප්‍රතිකාර සඳහා යොමු කෙරේ appeared first on ITN News.

Read More »

යුක්රේනයට නේටෝ හමුදා අනුයුක්ත කිරීමට සූදානම් නැහැ – නේටෝ මහ ලේකම්  

0 comments

යුක්රේනයට නේටෝ සංවිධානයේ හමුදා ඛන්ඩ අනුයුක්ත කිරීමට කිසිදු සූදානමක් නොමැති බව නේටෝ සංවිධානයේ මහ ලේකම්වරයා නිවේදනය කරනවා.

බි බී සී පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි නේටෝ සංවිධානයේ මහ ලේකම්වරයා මේ බව පවසා සිටියේ. රුසියාව, යුක්රේනය, ආක්‍රමණය කළද නේටෝ හමුදා ඛන්ඩ අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීරණ්‍යකට පැමිණ නොමැති බවද ඔහු පවසනවා. යුක්රේන හමුදාවට අවශ්‍ය යුද පුහුණුව හා අනෙකුත් පහසුකම් සැපයීම පමණක් තම සංවිධානය සිදු කරන බවයි ඔහු නිවේදනය කරන්නේ. මේ අතර යුක්රේනයට බ්‍රිතාන්‍යයේ හමුදා ඛන්ඩ යෙදවීම පිළිබදවද තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරිය නිවේදනය කරනවා.

 

 

The post යුක්රේනයට නේටෝ හමුදා අනුයුක්ත කිරීමට සූදානම් නැහැ – නේටෝ මහ ලේකම් appeared first on ITN News.

Read More »

බ්‍රසීලයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 18 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

බ්‍රසීලයේ සාවෝ පවුලෝ නගරයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් දහඅට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බ්‍රසීලයේ සාවෝ පවුලෝ නගරයට දින දෙකක් පුරා අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති ආකාරය මාධ්‍ය වාර්තා කළා. නායයාම් කිහිපයක්ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පිරිස අතරට කුඩා දරුවන් හත් දෙනෙකුද ඇතුළත් බව බ්‍රසීලයේ මහජන ආරක්ෂාව පිළිබද කාර්යාලය නිවේදනය කරනවා. තවත් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද සදහන්. අවතැන් වූ පවුල් පන්සියයක් පමණ සහන කදවුරු වෙත යොමු කර ඇති අතර ගංවතුරට හසුවීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු අතුරුදන් බවයි බලධාරීන් නිවේදනය කරන්නේ.

 

 

The post බ්‍රසීලයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 18 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

සමාජ සේවා වෙනුවෙන් ගෞරව සම්මාන පිරිනැමේ  

0 comments

සමාජ සේවා වෙනුවෙන් ගෞරව සම්මාන පිරිනැමීමේ උත්සවයක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

සමස්ත ලංකා සදහම් සුවද පදනමයි මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධාන කර තිබුණේ. ඒ එහි නිර්මාතෘ පූජ්‍ය මහව කල්‍යානඥාන ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන්. දේශයට ශාසනයට සහ සමාජයට සිදු කළ මෙහෙවර වෙනුවෙන් මහා සංඝයා වහන්සේ සහ කලාකරුවන් ඇතුළු පිරිසක් මෙහිදී සම්මාන ලැබුවා. උදය ගම්මන්පිළ, මහාචාර්ය චන්න ජයසුමන,  සුසිල් ප්‍රේම්ජයන්ත යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සම්මාන ප්‍රදානයට එක් වුනා.

 

 

 

The post සමාජ සේවා වෙනුවෙන් ගෞරව සම්මාන පිරිනැමේ appeared first on ITN News.

Read More »

ජීවිත 5ක් බිලිගත් ගැරඬි ඇල්ලේ ඛේදවාචකය (Video)  

0 comments

ඇටම්පිටිය උමා ඔය ගැරඬි ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි අනෙක් තරුණියගේ සිරුර  ද අද සොයා ගැනුණා. ඒ අනුව මෙම ඛේදවාචකයෙන් දිවි අහිමි වූ පුද්ගලයන්ගේ ගණන 5ක්.

ඇටම්පිටිය ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසක පැවති දානමය පුණ්‍යකර්මයකට සහභාගී වූ පිරිසක් ඊයේ පස්වරුවේ ගැරඬි ඇල්ලේ දිය නෑමට ගොස් තිබුණා. එහිදී තරුණයෙකු දියේ ගිලී ඇති අතර ඔහු බේරා ගැනීමට සෙසු මිතුරන් උත්සාහ දැරුවා. වයස අවුරුදු 19ත් 23ත් අතර තරුණ තරුණියන් 5 දෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ. ඔවුන් ඇටම්පිටිය , ලිදුල සහ හැටන් ප්‍රදේශවල පදිංචිකරුවන්. ජයරාම් කාංචනා ප්‍රියා, සෙල්වකුමාර් හරිමලාදේවී,සඩෙයිඅප්පන් චන්ද්‍රලේඛා, වනරාජා ඩේවිඩ් කුමාර් නමැති සිව් දෙනාගේ දේහයන් ඊයේ සොයා ගැනීමට හැකිවුණා. අතුරුදන් වූ එක් තරුණියකගේ සිරුර සොයා ගත්තේ අද දහවල් කාලයේයි. ඒ දියවලක ගල්කුහරයක් තුල සිරවී තිබියදීයි.

දියේ ගිලීමෙන් මිය ගිය පස්දෙනාගේ දේහයන් මේ වන විට බදුල්ල මහරෝහලේ තැන්පත් කර තිබෙනවා. දේහයන් පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය හෙට සිදු කිරීමට නියමිතයි. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

 

The post ජීවිත 5ක් බිලිගත් ගැරඬි ඇල්ලේ ඛේදවාචකය (Video) appeared first on ITN News.

Read More »

ගත වූ පැය 24ට රටවල් 223 කින් ආසාදිතයින් ලක්ෂ 21කට අධික සංඛ්‍යාවක් හමු වෙයි  

0 comments

ගත වූ පැය 24 ට ලොව පුරා රටවල් 223 කින් කොරෝනා වයිරස් ආසාදිතයින් විසිඑක්ලක්ෂයකට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව පන්දහස් හත්සිය අසූදෙකක්.

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමු වී ඇත්තේ ප්‍රංශයෙන්. එම සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහසකට ආසන්නයි. එමෙන්ම ඉන්දියාවෙන් එක්ලක්ෂ හැත්තෑතුන්දහසක්ද රුසියාවෙන් එක්ලක්ෂ විසිඑක් දහසක්ද ජර්මනියෙන් එක්ලක්ෂ නව දහසක් හා බ්‍රසීලයෙන් හා ඉතාලියෙන් එක්ලක්ෂ හාරදහස බැගින් වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමගම ලොව සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව තිස්හත් කෝටි පනස් ලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස්හය ලක්ෂ අසූඑක්දහස් තුන්සිය අසූහයයක්.

 

 

The post ගත වූ පැය 24ට රටවල් 223 කින් ආසාදිතයින් ලක්ෂ 21කට අධික සංඛ්‍යාවක් හමු වෙයි appeared first on ITN News.

Read More »

නිදහස් දින උළෙ‌ලේ පෙරහුරු වැඩසටහන හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්  

0 comments

74 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ 7 නිදහස් චතුරස්‍ර පරිශ්‍ර යේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් තිබෙනවා. නිදහස් දින උළෙ‌ලේ සම්මාන පෙළපාලි පෙරහුරු වැඩසටහන හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්ද පොලිස් මූලස්ථානය නිවේදනය කළා.

අද සිට ලබන මස 3වනදා තෙක් පෙරවරු 7 සිට පස්වරු 2 දක්වා සම්මාන පෙළපාලි පෙරහුරු වැඩසටහන් පැවැත්වෙනවා.

ඒ අනුව රථවාහන සදහා මාකස් ප්‍රනාන්දු මාවත, කේම්බ්‍රිජ් පෙදෙස හන්දියෙන් ඇල්බට් චන්ද්‍රවංකය දෙසට ඇතුළුවීම, පුස්තකාල මංසන්ධියෙන් මාකස් ප්‍රනාන්දු මාවත දෙසට ඇතුළුවීම, පුස්තකාල මංසන්ධියෙන් ආනන්ද කුමාරස්වාමී මාවතට ඇතුළුවීම, මෙන්ම ධර්මපාල මාවතෙන් එෆ් ආර් සේනානායක මාවතට ඇතුළු වීම මෙම කාලසීමාවේදී, සීමා කිරීමට නියමිතයි.

සොයිසා වටරවුම දෙසින්  එෆ් ආර් සේනානායක මාවතෙන් , විජේරාම මාවතෙන් රොස්මිඩ් පෙදෙස ඔස්සේ සහ විජේරාම මාවතෙන් බාන්ස් පෙදෙස ඔස්සේ සීඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මාවතට රථවාහන ඇතුළු වීම ද සීමා කෙරෙනු ඇති. හෝර්ටන් පෙදෙස විජේරාම මංසන්ධියෙන් හෝර්ටන් මේට්ලන්ඩ් ක්‍රසන්ට් මංසන්ධිය දෙසට ඇතුළුවීම, විජේරාම මාවතේ සිට ශ්‍රීමත් ආර් ජී සේනානායක මාවත ඔස්සේ මේට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළුවීම ද සීමා වනවා.

හෝර්ටන් පෙදෙස මේට්ලන්ඩ් ක්‍රසන්ට් මංසන්ධියෙන් හෝර්ටන් වටරවුම දෙසට අතුළුවීම ශ්‍රීමත් ආර් ජී සේනානායක මාවතෙන් මේට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළුවීම, විජේරාම මාවතෙන් විද්‍යා මාවත මංසන්ධියෙන් විද්‍යා මාවතට ඇතුළු වීම, විද්‍යා මාවතෙන් මේට්ලන්ඩ් පෙදෙසට ඇතුළුවීම ද සීමා කිරීමට නියමිතයි.

බෞද්ධාලෝක මාවත දෙස සිට ආර් එෆ් පී මංසන්ධියෙන් මේට්ලන්ඩ් පෙදෙසට ඇතුලුවීම, බෞද්ධාලෝක මාවත ටොරින්ටන් මංසන්ධියෙන් ප්‍රේමකීර්තිද අල්විස් මාවතට, ප්‍රේමකීර්තිද අල්විස් මාවතෙන් නිදහස් මාවතට, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම මාවතට, පදනම මාවත අසලින් නිදහස් චතුරස්‍රයට, පදනම මාවතෙන් නිදහස් මාවතට මෙන්ම නිදහස් වටරවුමෙන් නිදහස් මාවතට දෙසට සහ මේට්ලන් ක්‍රසන්ට් දෙසට රථවාහන ඇතුළුවීම ද සීමා කෙරෙනු ඇති.

කොළඹට ඇතුළුවීම හා පිටවීම සදහා විකල්ප මාර්ග කිහිපයක්ද හදුන්වාදී තිබෙනවා. ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය මංසන්ධියෙන් පැමිණෙන රථවාහන, ලිබර්ටි වටරවුම, ධර්මපාලමාවත, පිත්තල මංසන්ධිය, රතුකුරුස මංසන්ධිය, ලිප්ටන් වටරවුම ඔස්සේ යුනියන් පෙදෙසට, වෝඩ් පෙදෙසට සහ ඩීන්ස් පාරට ඇතුළු විය හැකියි. හැව්ලොක් පාර තුම්මුල්ල මංසන්ධියෙන් පැමිණෙන රථවාහන තර්ස්ටන් පාර, අර්නස්ද සිල්වා මාවත, ආනන්ද කුමාරස්වාමී මාවත, පිත්තල මංසන්ධිය ඔස්සේ ජේම්ස් පිරිස් මාවත හා ධර්මපාල මාවතට ඇතුළුවිය හැකි බවයි පොලිසිය සදහන් කළේ. හෝර්ටන් පෙදෙස ඔස්සේ පැමිණෙන රථවාහන හෝර්ටන් පෙදෙස විජේරාම මංසන්ධියෙන් දකුනට හරවා වෝඩ් පෙදෙස සොයිසා වටරවුම ඔස්සේ ධර්මපාල මාවත හා යුනියන් පෙදෙසට හා ඩීන්ඩ් පාරට ඇතුළුවිය හැකියි.

ධර්මපාල මාවත, යුනියන් පෙදෙස හෝ ඩින්ස් පාර ඔස්සේ සොයිසා වටරවුමට පැමිණෙන රථවාහන, බොරැල්ල දෙසට ධාවනය සදහා වෝඩ් පෙදෙස භාවිත කළ හැකි වනවා. රථවාහන වෝඩ් පෙදෙස, විජේරාම මංසන්ධියෙන් විජේරාම මාවතට ඇතුළුවී හෝර්ටන් පෙදෙස ඔස්සේ ද බොරැල්ල දෙසට ධාවනය කළ හැකියි. බෞද්ධාලෝක මාවතට පිවිසෙන රථවාහනවලට, කනත්ත වටරවුම දෙසින් පිටවයා හැකි වනවා.

යුනියන් පෙදෙස, ඩීන්ස් පාර සහ වෝඩ් පෙදෙස ඔස්සේ සොයිසා වටරවුමට පැමිණ හැව්ලොක් පාර දෙසට, පිටව යන රථවාහන ධර්මපාල මාවත, රතුකුරුස මංසන්ධිය, පුස්තකාල මංසන්ධිය, ආනන්ද කුමාරස්වාමි මාවත, අර්නස්ද සිල්වා මාවත, කේම්බ්‍රිජ් පෙදෙස මංසන්ධිය, ජේඕසී මංසන්ධිය, රාජකීය මාවත, පිලිප් ගුණවර්ධන මාවත, තුම්මුල්ලවටරවුම ඔස්සේ පිටව යා හැකියි. යුනියන් පෙදෙස ඩීන්ස් පාර සහ වෝඩ් පෙදෙස ඔස්සේ සොයිසා වටරවුමට පැමිණ ධර්මපාල මාවත ඔස්සේ ගාලු පාර දෙසට පිටව යන රථවාහන රතුකුරුස මංසද්ධිය, පුස්තකාල මංසන්ධිය, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ආර් ඒ ද මැල් මාවත ඔස්සේ පිටව යා හැකි බවයි පොලිසිය සදහන් කළේ.

 

The post නිදහස් දින උළෙ‌ලේ පෙරහුරු වැඩසටහන හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් appeared first on ITN News.

Read More »

වාද්දුව තල්පිටිය බෝධිරාජ මහා විහාරයේ බෝධිඝරය විවෘත කෙරේ  

0 comments

වාද්දුව තල්පිටිය බෝධිරාජ මහා විහාරයේ අභිනවයෙන් ඉදි කෙරුණු බෝධිඝරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අතින් විවෘත කෙරුණා.

තල්පිටිය බෝධිරාජ විහාරයට ඊයේ පස්වරුවේ පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෝට්ටේ කළ්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර සහ අනුනායක අතිපූජ්‍ය කොටපිටිය් රාහුල යන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව විහාරස්ථානයේ නව නාමපුවරුව සහ අභිනවයෙන් ඉදි කෙරුණු බෝධිඝරය ජනාධිපතිතුමාගේ අතින් විවෘත කෙරුණා.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ලලිත් එල්ලාවල, සංජීව එදිරිමාන්න, අනූප පැස්කුවෙල් , ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post වාද්දුව තල්පිටිය බෝධිරාජ මහා විහාරයේ බෝධිඝරය විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

ජනතාව කොරෝනාවෙන් මුදවන එන්නතට වසරක වියදම රුපියල් බිලියන 25ක්  

0 comments

මෙරට කොරෝනා මර්දන එන්නත් ක්‍රියාවලිය ආරම්භ කොට අදට වසරක් සම්පූර්ණ වනවා. ඒ වෙනුවෙන් සැමරුම් වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සහ රෝහල්වලදී අද පැවැත්වුණා

ශ්‍රී ලංකාව මේ වන විට ගෝලීය කොවිඩ් එන්නත්කරණයේ මුල් රටවල් 6 අතර පසුවනවා. ශ්‍රී ලංකාවට කොවිඩ් මර්ධන එන්නත් රැගෙන ඒම සදහා පමණක් රජය පසුගිය කාලයේදී රුපියල් බිලියන 25කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.

පසුගිය වසරේ ජනවාරි මස 28 වනදා ඉන්දීය රජයේ ප්‍රධානයක් ලෙස ඇස්ට්‍රා සෙනෙකා මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට රැගෙන ඒමෙන් පසු කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකාව මේ වන විට ගෝලීය එන්නත්කරණයේ මුල් රටවල් 6 අතර පසුවනවා. ශ්‍රී ලංකාව පළමුවෙන්ම එන්නත්කරණය ආරම්භ කළේ වසංගතය පාලනය කිරීමේ නිරතව සිටින ඉදිරි පෙළ සේවකයන්ටයි. දෙවනුව වයස අවුරුදු   60සහ ඊට වැඩි වැඩිහිටියන්ටත් දිගුකාලීන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ටත් ප්‍රමුඛත්වය දෙනු ලැබුවා. ඉන් පසු වයස අවුරුදු 20 ට සහ ඊට වැඩි සියලු දෙනා වෙත කොවිඩ් මර්දන එන්නත් ලබා දීම සිදුවුණා.

2021 වසර අග භාගයේදී දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන වයස අවුරුදු 12ට වැඩි දරුවන්ටද පසුව වයස අවුරුදු 16 වැඩි සියලු දරුවන්ට ද කොරෝනා මර්දන එන්නත් ලබාදීම සිදු කෙරුණා. මෙරට එන්නත්කරණ වැඩසටහනේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මේ වසරේ ජනවාරි මාසයේදී වයස අවුරුදු 12 සිට 15 දක්වා පාසල් දරුවන් සදහා ද කොවිඩ් එන්නත් ලබාදීම සිදුවුණා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙරට භාවිතය සදහා කොරෝනා මර්දන එන්නත් වර්ග 5 ක් අනුමත කළා. ඒ ෆයිසර්, මොඩර්නා, ස්පුට්නික් වී ඇස්ට්‍රා සෙනෙකා හා සයිනොෆාම් එන්නතුයි. පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකා රජය එන්නත් මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 25කට ආසන්න මුදලක් වැය කර තිබුණා. ඒ අනුව එන්නත් මාත්‍රා දෙකෝටි අට ලක්ෂ නවසිට හැට හතරක් මෙරටට ගෙනවිත් තිබුණා. මේ වසරේ ජනවාරි මස 18 වන දින වන විට ඉලක්ක ගත ජනගහනයෙන් සියයට 100ක් සදහා ප්‍රථම එන්නත් මාත්‍රාව ලබා දී තිබූ අතර සියයට අසූපහක් සදහා එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබුණා.

මෙරටදී මුල්ම කොරෝනා එන්නත ලබාදීම සිදුවුණේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමටයි. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අද පැවති විශේෂ උත්සවයකදී ඒ මහතා අගයමින් උපහාර උළෙලක් පැවැත්වුණා.

මේ අතර ඒන්නත්කරණයට වසරක් සපිරීමේ ප්‍රධාන සැමරුම් වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා. ඒ කෙහෙළිය රඹුක්වැල්ල, චන්න ජයසුමන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පවිත්‍රා වන්නිආරච්චි යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්  පිරිසක් ද එක්ව සිටියා. කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය පිරිස් සිහිපත් කිරීම සදහා විනාඩියක නිෂ්ශබ්දතාවයක් පැවැත්වීම විශේෂත්වයක්. මෙහිදී  සර්ව  ආගමික වතාවත් සිදුකෙරුණා. ජාතික සැමරුම් උත්සවයට සමගාමී ලෙස සෑම පළාතකම සැමරුම් වැඩසටහන් ද සංවිධාන කර තිබුණා. ඒ පළාත් ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම ප්‍රාදේශීය රෝහල් මට්ටමට වඩා ඉහළ සෑම රෝහලකම සහ ප්‍රාොදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ද සැමරුම් වැඩසටහන් පැවැත්වුණා.

The post ජනතාව කොරෝනාවෙන් මුදවන එන්නතට වසරක වියදම රුපියල් බිලියන 25ක් appeared first on ITN News.

Read More »

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ක්‍රිශාන්ති පෙරේරා අභාවප්‍රාප්ත වෙයි  

0 comments

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ක්‍රිශාන්ති පෙරේරා අද අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට 60 හැවිරිදි වියේ පසුවූ ආචාර්ය ක්‍රිශාන්ති පෙරේරා සබරගමු නර්තන සම්ප්‍රදාය පිළිබද විශේෂඥභාවයක් ඉසිලුවා. කලක් අසනීප තත්ත්වයකින් පසුවූ ඇය අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් සදහන් කළේ. දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

 

 

 

The post ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ක්‍රිශාන්ති පෙරේරා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

Read More »

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ප්‍රථම වරට විදුහල්පතිනියක්  

0 comments

පන්නිපිටිය ධර්මපාල  විද්‍යාලයේ නව විදුහල්පතිනිය ලෙස මහේෂිකා රූපසිංහ පසුගියදා වැඩ භාර ගත්තා.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිනියක වන ඇය මීට පෙර මහනුවර විහාරමහාදේවී සහ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලවල විදුහල්පතිවරිය ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඇය මහනුවර අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන සංවර්ධන, සමාජීය විද්‍යා, සමාජ ඒකග්‍රතා හා ජාතික සංහිදියාව යන විෂයන් භාර අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළා. පන්නිපිටිය ධර්මපාල  විද්‍යාලයේ 82 වසරක ඉතිහාසය තුළ විදුහල්පතිවරියක පත්ව ඇත්තේ පළමු වරටයි.

The post පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ප්‍රථම වරට විදුහල්පතිනියක් appeared first on ITN News.

Read More »

චීනයත් අමෙරිකාවත් තරඟයට හොයන කඩා වැටුණු ප්‍රහාරක යානය  

0 comments

දකුණු චීන මුහුදට කඩා වැටුණු අමෙරිකා ප්‍රහාරක යානය සෙවීමේ මෙහෙයුම්වලට චීනය ද සම්බන්ධවීමත් සමඟ එම මෙහෙයුම් තරඟකාරී ස්වභාවයක් ගෙන තිබෙනවා. අමෙරිකා නාවික හමුදාවට අයත් මෙම ප්‍රහාරක යානය අනතුරට ලක්වී අදට දින 4 ක්.

අමෙරිකා නාවික හමුදාවට අයත් අති නවීන තාක්ෂණයෙන් නිපදවා ඇති එෆ් 35 සී වර්ගයේ ප්‍රහාරක යානාවක් මීට දින 4 කට පෙර දකුණු චීන මුහුදු ප්‍රදේශයට කඩා වැටුණා. එම සිද්ධිය අනාවරණය වීමත් සමග යානය සෙවීමේ මෙහෙයුමට චීනය ද එක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම යානය අමෙරිකා නාවික හමුදාවට අයත් ප්‍රහාරක යානා රැගෙන යාත්‍රා කරන යූ එස් එස් කර්නල් වින්ඩ්සන් නෞකාවට අයත් එකක් වනවා. යානය නෞකාවේ සිට පියාසර කිරීමට සූදානම් වන අවස්ථාවේදී අනතුරට ලක්වූ බවත් එය මුහුදට කඩා වැටුණු බවත් පැවසෙනවා.  නියමුවා අනතුරින් දිවි ගලවා ගත් අතර යානය මුහුදේ ගිලි ගියා. අනතුරින් එහි ගමන් කළ හමුදා සාමාජිකයින් 7 දෙනෙක් තුවාල ලැබුවා.

The post චීනයත් අමෙරිකාවත් තරඟයට හොයන කඩා වැටුණු ප්‍රහාරක යානය appeared first on ITN News.

Read More »

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භය චීන ජනාපතිගේ ප්‍රධානත්වයෙන්  

0 comments

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පෙබරවාරි 4වැනිදා ආරම්භ වීමට නියමිතයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමාරම්භක උත්සවයට එක්වනු ඇති අතර, පෙබරවාරි 2වැනිදා සිට 6වැනිදා දක්වා කාලය තුළ, සමාරම්භක උත්සවයට එක් වීම සඳහා චීනයට පැමිණි විදේශ රාජ්‍ය නායකයින්, රජයේ ප්‍රධානීන්, රාජකීය පවුලේ සාමාජිකයන් සහ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන්, පිළිගැනීමේ භෝජන සංග්‍රහ හා අදාළ ද්විපාර්ශ්වික ක්‍රියාකාරකම් පැවැත්වීමට ද නියමිතව තිබේ.

රුසියාව, සිංගප්පූරුව, කසකස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය, උස්බෙකිස්තානය, ඊජිප්තුව, පෝලන්තය, මොංගෝලියාව, පාකිස්ථානය යන රටවල රාජ්‍ය නායකයින් මෙන්ම, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්, මහා මණ්ඩල සභාපති, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, නව සංවර්ධන බැංකුවේ සභාපති සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් යන, ජාත්‍යන්තර ප්‍රධානීන්, බෙයිජිං 2022 ශීත ඍතු ඔලිම්පික් සමාරම්භක උත්සවය සහ අදාළ ක්‍රියාකාරකම්වලට එක් වනු ඇත.

The post බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භය චීන ජනාපතිගේ ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

Read More »

තුර්කි විදේශ ඇමති දිවයිනට  

0 comments

එක්දින නිල සංචාරයක් සදහා තුර්කි විදේශ අමාත්‍ය මෙවුලට් කවුසෝග්ලු මහතා අද දිවයිනට පැමිණියා.

අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට‌ පැමිණි තුර්කි විදේශ අමාත්‍ය මෙවුලට් කවුසෝග්ලු මහතා සමග 13 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණි බවයි අප වාර්තාකරු පවසන්නේ. තුර්කි විදේශ අමාත්‍යවරයා ඇතුලු දූත පිරිස ගුවන් තොටුපලේදී පිළිගනු ලැබුවේ  රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය හා ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයායි.

අද පස්වරුවේ ඒ මහතා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බවයි තුර්කි තානාපති කාර්යාලය පවසන්නේ.

 

 

 

The post තුර්කි විදේශ ඇමති දිවයිනට appeared first on ITN News.

Read More »

ඇෆ්ගනිස්ථානය හමුවේ බොදවී ගිය යොවුන් ලෝක කුසලාන බලාපොරොත්තුව  

0 comments

19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 4 ක පරාජයක් හිමිවුණා.

ඒ අනුව මෙවර යොවුන් ලෝක කුසලානය පිළිබද ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තුව මෙම පරාජයත් සමගින් බිද වැටුණා.

බටහිර ඉන්දීය කොදෙව්හි දී පැවැත්වෙන 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියා,  බටහිර ඉන්දීය කොදෙව් ඇතුලු ප්‍රබල රටවල් කිහිපයක් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානය දිනාගනු ඇති බවට ද ක්‍රීඩා විචාරකයින් මත පළ කළා. කෙසේ වෙතත් අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව ඊයේ දිනයේදී ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජයට පත්වුණේ අනපේක්ෂිත අයුරින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 47 යි 1 පන්දුවකදී සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 134 ක් පමණයි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ විනුජ රන්පුල් ලකුණු 10 කට කඩුලු 5 ක් බිද හෙලුවා. ලකුණු 135 ක ඉතා පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 කදී  ලකුණු 130 කට අවාසනාවන්ත ලෙස සියලු දෙනා දැවී ගියේ ලෝක කුසලාන බලාපොරොත්තුව බොද කර ගනිමින්.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 34 යි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නූර් අහමඩ් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

 

The post ඇෆ්ගනිස්ථානය හමුවේ බොදවී ගිය යොවුන් ලෝක කුසලාන බලාපොරොත්තුව appeared first on ITN News.

Read More »

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 942ක්  

0 comments

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 942නෙකු හදුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ හත්දහස් එකසිය හතරක් දක්වා ඉහළ ගියා.

මේ අතරින් දාහතර දහස් හත්සිය පස් දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනයේදී ආසාදිතයන් දෙසිය හතලිස් නව දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ථ කෙරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන්ලක්ෂ හැත්තෑ හත් දහස් තිහක් දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේදී කොරෝනා මරණ 23 ක් වාර්තා වුණා. මේ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස් දහස් තුන්සිය හැට නවයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස එක්කෝටි හැටපන් ලක්ෂ අසූතුන් දහස් හත්සිය විසිහතරක් වනවා. දෙවන මාත්‍රාව එක්කෝටි තිස් අට ලක්ෂ අනූහත් දහස් හයසිය අසූ දෙදෙනෙකු ලබා ගත්තා. බූස්ටර් එන්නත පනස් ලක්ෂ හතලිස් හය දහස් අටසිය විසි තුන් දෙනෙකු ලබාගෙන තිබෙනවා. එන්නත් ලබා ගැනීමට කිසිදු සැකයකින් තොරව ඉදිරිපත් වන ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ගතවූ පැය 24ක කාලය තුලදී ලොව පුරා කොරෝනා ආසාදිතයන් තිස්හතර ලක්ෂ අනූපන්දහස් හාරසිය හැට හය දෙනෙකු හදුනා ගැනුණා. එම කාල සීමාවේදී කොරෝනා මරණ දහ දහස් හැට තුනක් සිදුව තිබෙනවා. වැඩිම ආසාදිතයන් හා මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඒ අනුව පැය 24ක කාලය තුලදී ඇමෙරිකාවෙන් ආසාදිතයන් හාරලක්ෂ අනූහත් දහස් තුන්සිය පනස් එක් දෙනෙකු හදුනාගෙන ඇති අතර එරට කොරෝනා මරණ 2689 ක් සිදුවුණා. මේ අනුව ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයන් තිස්හය කෝටි හැටහත් ලක්ෂ හැත්තෑ දහස් එකසිය දහනව දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ලොවපුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව පනස් හය ලක්ෂ පනස් හය දහස් හයසිය අනූඑකක්.

 

 

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 942ක් appeared first on ITN News.

Read More »

හොන්ඩුරාස් රාජ්‍යයේ ප්‍රථම ජනාධිපතිනිය පත් වෙයි  

0 comments

ජනාධිපතිනිය ලෙස හොන්ඩුරාස් රාජ්‍යයට ප්‍රථම වතාවට කාන්තාවක් පත්ව තිබෙනවා.

හිටපු ජනාධිපති මැනුවල් සෙලායාගේ බිරිදවන ෂියෝමාරා කැස්ත්‍රෝ හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිනිය ලෙස ඊයේ දිවුරුම් දුන්නා. සියයට 57කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ඇය සිය උපරිම ශක්තියෙන් සිය මව්බිම වෙනුවෙන් කැපවී කටයුතු කරන බවට ප්‍රතිඥා ලබාදුන්නා.

ඇයගේ ජයග්‍රහණයට ලොව රටවල් රැසක නායකයින් සුබ පැතුම් එක්කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

The post හොන්ඩුරාස් රාජ්‍යයේ ප්‍රථම ජනාධිපතිනිය පත් වෙයි appeared first on ITN News.

Read More »

චීන අභ්‍යාවකාශ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ  

0 comments

“2021 චීන අභ්‍යාවකාශය”යන ධවල පත්‍රිකාව එළි දැක්වේ. චීනය රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය එම ධවල පත්‍රිකාව
අද(28) නිකුත් කළේය.

සාමය අරමුණින් අභ්‍යාවකාශය ගවේෂණය කොට භාවිත කිරීමෙහි චීනය මුල සිට ම නිරත වන බව එම ධවල පත්‍රිකාව පවසයි. එම ධවල පත්‍රිකාවට අනුව, 2016 වසරේ සිට චීනයේ අභ්‍යාවකාශ සහ ගුවන් යටිතල පහසුකම් ගොඩනැගීම ක්‍රමානුකූලව ඉදිරියට යමින් පවතින අතර, Beidou නමැති ගෝලීය චන්ද්‍රිකා මග පෙන්වීම් පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයට පත්කර තිබේ. ”පියවර තුන” ඇතුළු
චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර ඇත. චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම විවෘත කරමින් ”Tianwen-1” පෘථිවි-චන්ද්‍ර පද්ධතියේ සිට අන්තර් ග්‍රහලෝක ගවේෂණය දක්වා ඉදිරි පියවරක් ලබා ඇත.

ඉදිරි වසර පහ තුළ චීන අභ්‍යාවකාශය ජාතික සංවර්ධනයට සේවය ලබා දෙනු ඇති අතර, අභ්‍යාවකාශ ක්ෂේත්‍රයේ මානව ඉරණමක් සහිත පොදු ප්‍රජාව ගොඩනැගීම ඉදිරියට මෙහෙයවා, මානවයන්ගේ ශිෂ්ටාචාරය හා ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි එම ධවල පත්‍රිකාව පවසයි.

The post චීන අභ්‍යාවකාශ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ appeared first on ITN News.

Read More »

සඳුදා දක්වා විදුලිය විසන්ධි නොවේ – මහජන උපයෝගිතා කොමිසම  

0 comments

විදුලි ඉල්ලුම සහ සැපයුම පිළිබඳ පවතින දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ලබන සඳුදා (31) දක්වා විදුලිය විසන්ධි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) නිවේදනය කළා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, අද පස්වරුවේ එම දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

හෙට පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා කාර්ය බහුල වේලාවන්හිදී මෙගාවොට් 300 දක්වා සුළු විදුලි හිඟයක් ඇති විය හැකි බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස රත්නායක මහතා සියලු පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත්, සඳුදා වනතුරු විදුලිය කප්පාදුව අනුමත නොකිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබුණා.

අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා විදුලිය ඉතිරි කර ගැනීම සඳහා මුළු රටම බලශක්ති සේවා ක්‍රමයකට යා යුතු බවයි අදින් පසු ඉන්ධන ලබා ගැනීමේ හැකියාව මත තත්ත්වය පිළිබඳව නැවත සලකා බලන බවත් රත්නායක මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩලයෙන් දින 10කට ප්‍රමාණවත් ඉන්ධන ලබාගෙන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාකාරිත්වය ජනවාරි 30 වන විට නැවත ආරම්භ කිරීමෙන් පසු නැවත විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවයි රත්නායක මහතා පවසන්නේ.

ඉල්ලුමට සරිලන විදුලි සැපයුම ප්‍රමාණවත් නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයින්ට විදුලිය භාවිත කිරීමේදී ස්වයං පාලනයක් අනුගමනය කළ හැකි නම්, එය හදිසි අවස්ථා වලදී පවා අඛණ්ඩ සැපයුමක් සහතික කිරීමට උපකාරී වනු ඇතැයි ඔහු කියාසිටියා.

එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් සියලුම ආයතනවලට සහ පාරිභෝගිකයින්ට නිර්දේශ නිකුත් කිරීමට නියමිත බවද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

The post සඳුදා දක්වා විදුලිය විසන්ධි නොවේ – මහජන උපයෝගිතා කොමිසම appeared first on ITN News.

Read More »

කොවිඩ් හමුවේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය වාර්තාගත ප්‍රගතියක්  

0 comments

කොවිඩ් හමුවේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය වාර්තාගත ප්‍රගතියක් අත් කර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ රජයේ විශ්‍රාම වැටුපක් නොලබන සේවා නියුක්තිකයන් සදහා රජයේ වගකීම් සහිත විශ්‍රාම වැටුප් ක්‍රම ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් ලෙසයි. පසුගිය වසරේදී කොවිඩ් බලපෑම් හමුවේ වුවද වෙනත් වසරවලටත් වඩා සාධනීය ප්‍රගතියක් අත් කර ගැනීමට හැකිවූ බව එම මණ්ඩලය පවසනවා.

පසුගිය වසරේදී මෙම ආයතනය විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සදහා නව සාමාජිකයන් 56916 දෙනෙකු බදවා ගෙන තිබෙනවා. එහි මූල්‍ය අගය රුපියල් මිලියන 139.62 ක්. මණ්ඩලයේ 25 වසරක ඉතිහාසය තුළ ඉහළම ඉලක්කය වූ  රුපියල් මිලියන 450 ක මූල්‍යමය රැස්කිරීම් ලබාගැනීමට හැකිව ඇති බවද ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පවසනවා.

 

 

 

 

The post කොවිඩ් හමුවේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය වාර්තාගත ප්‍රගතියක් appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලයේ ජෙරුසලම් නුවරට හිම පතනයෙන් දැඩි බලපෑම්  

0 comments

ඊශ්‍රායලයේ ජෙරුසලම් නුවරට හිම පතනයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

2013 වසරට පසු ජෙරුසලම් නුවරට ඉහළ හිම පතනයක් වාර්තා වූ අවස්ථාව මෙය ලෙසයි සැළකෙන්නේ. මේ වන විට මාර්ග ගණනාවක් හිමෙන් වැසී යාම හේතුවෙන් ගමනාගමනය අවහිර වී තිබෙනවා. විදුලි සැපයුම ද බිඳ වැටීම හේතුවෙන් දෛනික ජන ජීවිතයට බාධා එල්ල වුණා. මෙම කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් පවතිනු ඇති බවට ඊශ්‍රායල කාලගුණික අංශ දැනුම් දී තිබෙනවා.

 

 

 

The post ඊශ්‍රායලයේ ජෙරුසලම් නුවරට හිම පතනයෙන් දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

හික්කඩුව මුහුදු අභයභූමියේ පොකිරිස්සන් ඇල්ලූ දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

හික්කඩුව මුහුදු අභයභූමියේ පොකිරිස්සන් ඇල්ලූ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හික්කඩුව කොරල්පර සහිත මුහුදු අභයභූමියේ මෙම වැටලීම සිදු කළේ හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසකුයි. සංචාරක හෝටල්වලට අධික මිලට අලෙවි කිරීම සදහා මෙලෙස පොකිරිස්සන් ඇල්ලූ බවයි සැකකරුවන් පවසා ඇත්තේ. මෙලෙස අල්ලා ගන්නා පොකිරිස්සන් කිලෝග්‍රෑම් එකක් රුපියල් නව දහසත් එකොලොස් දහසක් අතර මුදලකට අලෙවි කරන බව සැකකරුවන් පවසා තිබෙනවා.

සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත අධිකරණයට අදි ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

 

The post හික්කඩුව මුහුදු අභයභූමියේ පොකිරිස්සන් ඇල්ලූ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

තොරතුරු තාක්ෂණ ප්‍රවීණතාලාභීන් මෙරටදී පුහුණුකොට ලොව පුරා කර්මාන්ත ශාලා වෙත යොමු කිරීමට වැඩපිළිවෙලක්  

0 comments

අන්තර්ජාතික වශයෙන් වැඩි ඉල්ලුමක් ඇති, රටවල් රැසක කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ කර්මාන්ත ශාලාවල පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ (IT) ප්‍රවීණතාලාභීන් මෙරටදී පුහුණුකොට ලොව පුරා කර්මාන්ත ශාලා සදහා ඔවුන් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය, අදාළ අමාත්‍යාංශවල ලේකම්වරු අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (26) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙරට තොරතුරු තාක්ෂණ (IT) ප්‍රවීණතාලාභීන් සිය සමාගම් සඳහා සේවය සැපයීමට යොදාගැනීමට අන්තර්ජාතික සමාගම් කැමැත්තක් දක්වන බවත් ඒ සදහා අන්තර්ජාතිකව පිළිගන්නා NVQ මට්ටමේ පාඨමාලාවක් මගින් ඔවුන්ව තෝරාගැනීමට බලාපොරොත්තු වන බවත් පැමිණ සිටි සේවායෝජකයෝ කියා සිටියහ.ඒ සදහා කර්මාන්ත අමාත්‍යාංශයේ සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ සහාය සහ මගපෙන්වීම බලාපොරොත්තු වන බව ඔවුහු කියා සිටියහ.

මෙරට තොරතුරු තාක්ෂණික දැනුම ලබාගන්නා තරුණ තරුණියන් කර්මාන්ත අමාත්‍යාංශය හරහා කර්මාන්තකරුවන්ට සම්බන්ධකොට රැකියා සදහා යොමු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමට තමන් සුදානම් බව කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. රාජ්‍ය අමාත්‍යාංශය හරහා ඊට අවශ්‍ය පුහුණුව, සහතික පත්‍රය ඇතුළු පහසුකම් සැලසීමට සුදානම් බව රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියාය.

පළමු අදියර යටතේ 1000ක කණ්ඩායමකට මේ සදහා පුහුණුව ලබාදීමට නියමිතව ඇත. අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් හැකි ඉක්මනින් මෙම වැඩසටහන අරඹන ලෙස අමාත්‍යවරයා සහ අමාත්‍යතුමිය නිලධාරීන්ට උපදෙස් ලබාදුන්හ.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දීපා ලියනගේ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායන ඇතුළු මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

 

The post තොරතුරු තාක්ෂණ ප්‍රවීණතාලාභීන් මෙරටදී පුහුණුකොට ලොව පුරා කර්මාන්ත ශාලා වෙත යොමු කිරීමට වැඩපිළිවෙලක් appeared first on ITN News.

Read More »

ගෝලීය මාධ්‍ය නිර්මාණශීලිත්වය පිළිබඳ ප්‍රථම සාකච්ඡාවට චීන ජනපතිගෙන් සුබ පැතුම්  

0 comments

ගෝලීය මාධ්‍ය නිර්මාණශීලිත්වය පිළිබඳ සාකච්ඡාවට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පිරිනමයි. 2022 බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල නොබෝ දිනකින් ආරම්භ වේ. සරල, සුරක්ෂිත හා අපූරු ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් ලෝකය වෙත ගෙන
ඒමට චීනය සූදානම්ව සිටින බව චීන ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.

‘විද්‍යා තාක්ෂණිකව ශීත ඍතු ඔලිම්පික් උළෙලක් බෙදා ගැනීම’ මෙවර ගෝලීය මාධ්‍ය නිර්මාණශීලිත්වය පිළිබඳ සාකච්ඡාවේ තේමාවයි. එම අවස්ථාවට එක්වන අමුත්තන්ට සිය බුද්ධිය හා අත්දැකීම් මගින් හිම අයිස් ක්‍රීඩාවේ විශේෂ ආකර්ෂණය විදහා පෑමට උපකාරී විය හැකි යැයි බලාපොරොත්තු වේ. මෙමගින් ඔලිම්පික් ජීවගුණය හා ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩාවේ වර්ධනය පොදුවේ ඉදිරියට මෙහෙයවීමටත්
අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දක්වා ඇත.

චීන මාධ්‍ය සමූහය විසින් පවත්වන ලද ප්‍රථම ගෝලීය මාධ්‍ය නිර්මාණශීලිත්වය පිළිබඳ සාකච්ඡාව ඊයේ(26) බෙයිජිංහිදී ඇරඹිණ.

The post ගෝලීය මාධ්‍ය නිර්මාණශීලිත්වය පිළිබඳ ප්‍රථම සාකච්ඡාවට චීන ජනපතිගෙන් සුබ පැතුම් appeared first on ITN News.

Read More »

යහපාලන රජය මීතොටමුල්ල කුණු කන්ද සංවර්ධනය කරන්න මිලියන 430ක් වියදම් කළත් කිසිදු සංවර්ධනයක් වී නැහැ  

0 comments

මීතොටමුල්ල කසල කන්ද තිබුණු තැන කොලොන්නාවටම ප්‍රයෝජනවත් වන ස්ථානයක් බවට පත්කිරීමට රජය සැළසුම් කර තිබෙනවා.

මේ ස්ථානයේ නාගරික උද්‍යානයක් ඉදිකරන්න යහපාලන රජය වැයකළ රුපියල් මිලියන 430 ක මුදල අපතේ ගිහින් තියෙන බව හෙළිවුණා.

මීතොටමුල්ල කුණුකන්ද නාගරික උද්‍යානයක් බවට පත්කිරීමට පසුගිය රජය වැයකළ මුදල් වලින් කිසිදු ප්‍රයෝජනයක් ලැබී නැහැ. එහෙත් මෙම ස්ථානයේ කිසිදු සංවර්ධන කාර්යයක් සිදුකර නැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සදහන් කරනවා. මීතොටමුල්ල කසල කන්ද නාගරික උද්‍යානයක් බවට පත් කිරීමට පසුගිය රජය සකස්කර තිබූ ව්‍යාපෘති සැළසුම් පිළිබද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍යවරයා ලෙස ලබාදුන් උපදෙස්වලට අනුව මෙම විමර්ශනය ක්‍රියාත්මකයි.

එමෙන්ම රජයේ කිසිදු මුදලක් වැය නොකර කුණු කන්ද පිහිටි ස්ථානය කොළොන්නාව නගරයට පහසුකම් සපයන ස්ථානයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වනවා.

 

 

The post යහපාලන රජය මීතොටමුල්ල කුණු කන්ද සංවර්ධනය කරන්න මිලියන 430ක් වියදම් කළත් කිසිදු සංවර්ධනයක් වී නැහැ appeared first on ITN News.

Read More »

තවත් 241 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 241 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 576,781ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 241 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

Read More »

ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කරයි  

0 comments

එළැඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා ද ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

අවසන් වුණු සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙසද රුමේෂ් රත්නායක මහතා කටයුතු කළේය.

සිම්බාබ්වේ තරගාවලියෙන් අනතුරුව ඒ මහතාට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබෙන අතර මේ වන විටත් ස්වයං නීරෝධායනයට ලක්ව සිටියි. එම තත්ත්වය මත ඔහුට කණ්ඩායම සමඟ පිටත්ව යෑමේ අවස්ථාව අහිමි වන නමුත් පෙබරවාරි 11 වැනිදා ආරම්භ වන පළමු තරගයට පෙර රත්නායක මහතා කණ්ඩායම සමඟ එකතුවීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තාක්ෂණික උපදේශන කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ඒ මහතාව ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා පත් කිරීමට පියවර ගෙන තිබේ.

The post ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කරයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාව රුසියාවට අනතුරු අඟවයි  

0 comments

රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව පෞද්ගලික සම්බාධක පැනවීමක් සිදුකරන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරනවා.

රුසියාව යුක්රේනයට තවදුරටත් බලපෑම් සිදුකළහොත් රුසියාවට දැවැන්ත ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවද ඇමෙරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවනවා. යුරෝපා රටවල් රැසක් ද මේ වනවිට යුක්රේනයට යුද සහාය ලබාදීමට සූදානමින් පසුවනවා. රුසියා දේශසීමා අසල හමුදා භටයින් ලක්ෂයක් පමණ සේවයට යොදවා තිබුණ ද යුක්රේනය ආක්‍රමණය කිරීමට කිසිඳු අදහසක් නොමැති බවයි රුසියාව නිවේදනය කරන්නේ.

 

 

 

The post ඇමෙරිකාව රුසියාවට අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

ජාත්‍යන්තර මුහුදේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය කොළඹ වරායට  

0 comments

ජාත්‍යන්තර මුහුදේ දී අත්අඩංගුවට ගැණුනු රුපියල් මිලියන තුන්දහස් හාරසිය හතලිස් තුනකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගය කොළඹ වරාය පරිශ්‍රයට රැගෙන එනු ලැබුවා.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා එම හෙරොයින් තොගය නිරීක්ෂණය කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 17දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කුඩාවැල්ල නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ශ්‍රී ලංකා නාවික හමුදාව,  රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණු ‍දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සමුදුර ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව යොදාගනිමින් සති 02ක පමණ කාලයක් ආවේක්‍ෂණය කරමිනුයි මෙම විශේෂ මෙහෙයුම සිදුකර ඇත්තේ. එහිදී දෙවුන්දර සිට කිලෝ මීටර් 1364ක් පමණ  දුරකින් ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ හෙරොයින් කිලෝ 330ක් සහිත යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමටයි නාවික හමුදාවට හැකිවුණේ. එම නෞකාව කොළඹ වරාය පරිශ්‍රය වෙත රැගෙන නාවික හමුදාවේ මැදිහත් වීමෙන් ඒම අද පස්වරුවේ සිදු කෙරුණා. කොළඹ වරායට රැගෙන ආ හෙරොයින් තොගය නිරීක්ෂණය සදහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද එක්වුණා.

එම බහුදින ධීවර යාත්‍රාවේ තිබී රුපියල් මිලියන 3334කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 334 ග්‍රෑම්  456ක් සොයා ගත්තා. සූක්‍ෂම ලෙස උර 13ක් තුළ පැකට් 309ක මෙම හෙරොයින් තොගය අසුරා තිබුණා. යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙකු ජනවාරි මස 17 වන දින අත්අඩංගුවට ගත් අතර  තවදුරටත් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය තොගය  මුහුදේදී හුවමාරු කර ගොඩබිමට රැගෙන යාමට පැමිණි තවත් සැකකරුවන් 05 දෙනෙකු ජනවාරි මස 22 වන දින අත්අඩංගුවට ගත්තා.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ගොඩබිම් ජාලයට සම්බන්ධ තවත් සැකකරුවන් 06 දෙනෙකු ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි ප්‍රධාන ජාවාරම් කරු ඩුබායි රාජ්‍යයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවටයි තොරතුරු තහවුරු වී ඇත්තේ.

 

 

 

The post ජාත්‍යන්තර මුහුදේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය කොළඹ වරායට appeared first on ITN News.

Read More »

ලොව පුරා දෛනික කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට  

0 comments

ලොව පුරා රටවලින් දෛනිකව හමුවන වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ගතවූ පැය 24ට පමණක් ලොව පුරා රටවල් 222කින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 33 කට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 9,633ක්. වයිරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා ප්‍රංශයෙන් දෛනිකව වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනා ගත්තේ ඊයේ දිනයේදීයි. එම සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා තිබෙනවා. එමෙන්ම ඇමෙරිකාවෙන් හාරලක්ෂ හතලිස් තුන්දහසක් ද ඉන්දියාවෙන් දෙලක්ෂ අසූතුන් දහසක් ද බ්‍රසීලයෙන් එක්ලක්ෂ අනූනව දහසක් ද ඉතාලියෙන් එක්ලක්ෂ අසූහය දහසක් හා ජර්මනියෙන් එක්ලක්ෂ හතලිස් අටදහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමඟම ලොව සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව තිස්පන්කෝටි අනූලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,634,116ක්.

 

 

 

 

The post ලොව පුරා දෛනික කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට appeared first on ITN News.

Read More »

මධ්‍යම ආසියානු රටවල් සමඟ වඩාත් සමීප සබඳතා ගොඩ නඟන බවට චීන ජනපතිගෙන් ප්‍රකාශයක්  

0 comments

චීනය මධ්‍යම ආසියානු රටවල් සමග වඩාත් සමීප සම්බන්ධතා ගොඩ නඟන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කරයි.

චීනය මධ්‍යම ආසියානු රටවල් 5 සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹීමේ 30 වන සංවත්සරයේ මාර්ගගත සමුළුව ඊයේ (25) සවස පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක්වෙමින් දේශනයක් පැවැත්වීය. ගත වූ වසර 30 තුළ චීනය මධ්‍යම ආසියානු රටවල් 5 සමග යහපත් සහයෝගිතාවක් පවත්වා තිබේ. අන්‍යෝන්‍ය ගෞරවය, සුහදශීලිත්වය, දුක සැප එකට බෙදා ගැනීම සහ පොදු ජයග්‍රහණය එවන් යහපත් සහයෝගිතාවකට හේතු වී ඇතැයි හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. ඉදිරියේදී කුමන ආකාර සංවර්ධිත තත්ත්වයකට පත් වුවද චීනය, මධ්‍යම ආසියානු රටවල විශ්වසනීය අසල්වැසියෙකු, මිත්‍රයෙකු, සහෝදරයෙකු හා හවුල්කරුවෙකු වනු ඇත. මධ්‍යම ආසියානු රටවලට, සිය දේශීය තත්ත්වයන්ට සරිලන සංවර්ධන මාවත්වල ගමන් කිරීමට චීනය ස්ථිර ලෙස සහය ‍දෙන බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. මධ්‍යම ආසියානු රටවල් සමඟ වඩාත් සමීප සම්බන්ධතා ගොඩනගන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර සමුළුවට එක් වූ මධ්‍යම ආසියානු රටවල් පහේ නායකයන් කියා සිටියේ ලබන සතියේ ආරම්භ වන බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලට එක් වීමට බලාපොරොත්තු වන බවයි. කොවිඩ් වසංගතය මැඩපවත්වමින් සාර්ථක ශීත සෘතු ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට චීනයට හැකි වනු ඇති බවට ඔවුන් එහිදී විශ්වාසය  පළ කර තිබේ.

The post මධ්‍යම ආසියානු රටවල් සමඟ වඩාත් සමීප සබඳතා ගොඩ නඟන බවට චීන ජනපතිගෙන් ප්‍රකාශයක් appeared first on ITN News.

Read More »

“රුහුණෙන් පොතක්” සමාජ සත්කාර වැඩසටහන යටතේ බලන්ගොඩ ඉහළගලගම විද්‍යාලයට පුස්තකාල පොත්  

0 comments

මනුෂ්‍යත්වයෙන් පිරි අනාගත පරපුරක් නිර්මාණය වෙනුවෙන් යහපත් අධ්‍යාපනයක් දරුවන්ට ලබා දිය යුතු බව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති  නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසනවා. බලන්ගොඩ ඉහළගලගම  විද්‍යාලයේ පැවති උත්සවයේදී ඒ මහතා මෙම අදහස්  පල කළා.

බලන්ගොඩ ඉහළගලගම  විද්‍යාලයේ පුස්තකාලය සදහා පොත් ලබාදීම  රුහුණ විශ්වවිද්‍යාලයේ  කලා සහ කළමණාකරණ පීඨ 2002, 2003 කණ්ඩායමේ දායකත්වයෙන් සිදු කෙරුණා. එම කණ්ඩායමේ සාමාජිකයකු වන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නිරෝෂන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ.

රුහුණෙන් පොතක් ග්‍රාමීය පාසල් දරුවන්ගේ නැණ නුවන් දල්වන රුහුණ සරසවි සමාජ සත්කාරය යටතේ එම කටයුතු සංවිධාන කෙරුණා. ඊට සමගාමීව පාසලේ දරුවන් සදහා ක්‍රීඩා උපකරණ මෙන්ම සෑම දරුවකු සදහාම පොත් ඇතුළු උපකරණ කට්ටලයක් ලබාදීමට ද පියවර ගැනුණා.

 

 

The post “රුහුණෙන් පොතක්” සමාජ සත්කාර වැඩසටහන යටතේ බලන්ගොඩ ඉහළගලගම විද්‍යාලයට පුස්තකාල පොත් appeared first on ITN News.

Read More »

අධික හිම පතනය හේතුවෙන් තුර්කියේ ස්ථාන්බුල් අගනුවරට දැඩි බලපෑම්  

0 comments

අධික හිම පතනය හේතුවෙන් තුර්කියේ ස්ථාන්බුල් අගනුවරට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

තුර්කියේ ස්ථාන්බුල් අගනුවර ගුවන් තොටුපලේ සියලු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගත්තා. ගුවන් ගමන් රැසක් අත්හිටුවීමත් සමග මගීන් රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. අධික හිමපතනයත් සමග ගුවන් තොටුපලේ ගබඩා සංකීර්ණයක වහලයක් කඩා වැටී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ප්‍රදේශයේ වාහන ගමනාගමනය ද ඇණහිට ඇති බවද සදහන්. එමෙන්ම එරට වැසියන් හාරදහස් හයසීයක් පමණ විවිධ ස්ථානවල සිරව සිටින අතර හත්දහසකට ආසන්න සංඛ්‍යාවක් රැදවුම් මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා. අවතැන් වූ පිරිසට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් ලබාදීමට පියවර ගෙන ඇති බවයි එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේනය කරන්නේ.

 

 

 

The post අධික හිම පතනය හේතුවෙන් තුර්කියේ ස්ථාන්බුල් අගනුවරට දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

සෞභාග්‍යමත් නව වසරකට ත‍්‍රිවිධරත්නයේ ආශිර්වාද පතා පිරිත් සජ්ඣායනාවක්  

0 comments

ලංකාවාසී ජනතාවට ආශිර්වාද පතා ආරක්ෂක අමාත්‍යාංශය සංවිධාන කරන ජය පිරිත් සජ්ඣායනාව හෙට සවස 6.00ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන මෙම පිංකමට ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ සජීවීව නිවසේ සිට සහභාගිවීමට ඔබට අවස්ථාව උදාවනවා. ඒ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනේ දී මෙලෙස අදහස් පළවුණා.

 

 

 

 

 

The post සෞභාග්‍යමත් නව වසරකට ත‍්‍රිවිධරත්නයේ ආශිර්වාද පතා පිරිත් සජ්ඣායනාවක් appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ ඇමෙරිකාවෙන්  

0 comments

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ

ඊයේ දිනයේදී ඇමෙරිකාවෙන් හමුවී ඇති වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ හැටපන්දහස ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1193ක්. එමෙන්ම ප්‍රංශයෙන් එක්ලක්ෂ අටදහසක් ද ස්පාඤ්ඤයෙන් එක්ලක්ෂ එක්දහසක් හා  ජර්මනියෙන් අනූදහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමගම ලොව සමස්ථ වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව තිස්පන්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස් හය ලක්ෂ විසි දෙදහස් තුන්සිය දාහතරක්.

 

 

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ ඇමෙරිකාවෙන් appeared first on ITN News.

Read More »

බෙයිජිං සීත ඍතු ඔලිම්පික්‍ ක්‍රීඩා උළෙලට ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 222ක්  

0 comments

බෙයිජිං සීත ඍතු ඔලිම්පික්‍ ක්‍රීඩා උළෙලට එක්වන ඇමරිකානු නියෝජිත කණ්ඩායමේ නම් ලැයිස්තුව එළිදැක්වේ. ඒ අනුව ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 222 දෙනෙක් ඊට එක්වනු ඇත.

උස් හිම කඳු මුදුනෙන් ලිස්සායාමේ ක්‍රීඩාව ඇමරිකා කණ්ඩායමට වාසිදායක ඉසව්වකි.  සීත ඍතු ක්‍රීඩා උළෙල අවස්ථා දෙකකට එක්වී රන් පදක්කම් දිනා ගත් Mikaela Shiffrin මෙනවිය ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 17 දෙනෙක් එම ඉසව්ව සඳහා තරග වැදීමට නියමිතව සිටිති. බෙයිජිං සීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වීමේ අවස්ථා හිමිවීම පිළිබඳව සතුටු වන බව ඇමරිකාවේ උස් හිම කඳු මුදුනෙන් ලිස්සායාමේ ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රකාශිකාවක් පැවසුවාය. මෙවර සීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අදාල සංවිධාන කටයුතු විධිමත් හා සුරක්ෂිත ලෙස සිදු කෙරෙමින් පවතී. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍යය උපරිම ලෙස සහතික කර ඇත. බෙයිජිංහි සිට සිය හොඳම ලකුණු ලබා ගැනීමට තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපේක්ෂාවෙන් සිටින බව ද ඇය කියා සිටියි.

The post බෙයිජිං සීත ඍතු ඔලිම්පික්‍ ක්‍රීඩා උළෙලට ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 222ක් appeared first on ITN News.

Read More »

බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ ජනාධිපති මන්දිරය අවට වෙඩි තැබීම් කිහිපයක්  

0 comments

බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයෙන් වෙඩි තැබීම් පිළිබඳව වාර්තාවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එරට හමුදා කඳවුරු කීපයකින්ද අහසට වෙඩි තැබීම් පිළිබඳව වාර්තාවන බව සඳහන්. කෙසේ වුවද එරට හමුදා කුමන්ත්‍රණය සිදුව නොමැති බවයි රජය නිවේදනය කරන්නේ. රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයකට සම්බන්ධ හමුදා සෙබලුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නිල නොලත් ආරංචි මාර්ග පවසනවා. එරට හමුදා ප්‍රධානියා ධුරයෙන් පහ කිරීම හා අයිඑස් ත්‍රස්තවාදීන් සමඟ සටන් කිරීමට අවශ්‍ය අවිආයුධ ලබාදෙන ලෙස බලකරමින් මෙසේ වෙඩි තැබීම් සිදුකරන බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

The post බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ ජනාධිපති මන්දිරය අවට වෙඩි තැබීම් කිහිපයක් appeared first on ITN News.

Read More »

කාබනික ගොවිතැන පිළිබඳ ගොවි මහත්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්  

0 comments

සාම්ප්‍රදායික දැනුමෙන් හා කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කිරීම පිළිබඳ ගොවි මහත්වරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් තල්ගහපොත්ත පවරගිරි විහාරස්ථානයේදී පසුගිය දා පැවැත්වුණා.

තල්ගහපොත්ත, උඩුබද්දාව ගම් ප්‍රදේශයේ ගොවි මහත්ම මහත්මීන්ට මෙහිදී කාබනික පොහොර භාවිතා කරන ආකාරය පිළිබඳ විශේෂ දේශන හා වැඩමුළු පැවැත්වුණා. මෙම වැඩමුළුවේදී අදහස් දැක්වූ මහාචාර්‍ය සමන් වීරක්කොඩි මහතා මිනිසුන්ගේ බත් පතට වස නොදමා බෝ නොවන රෝග වලින් මුදවා ගන්නට මෙම වගාවේ ඇති වැදගත්කම අවධාරණය කළා.

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ කතිකාචාර්‍ය වවුනියාවේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙනුයි මෙම වැඩසටහන පැවැත්වුණේ. ගොවි මහත්වරුන්ට සංකේතාත්මකව එළවළු බීජ ලබා දීමක් ද සිදු වුණා.

 

The post කාබනික ගොවිතැන පිළිබඳ ගොවි මහත්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් appeared first on ITN News.

Read More »

ඔලිම්පික් උළෙල වෙනුවෙන් සටන් විරාමයක් අනුගමනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන ඉල්ලීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිළිගනී  

0 comments

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට අදාළ කාලය තුළ ඔලිම්පික් සටන් විරාමයක් අනුගමනය කරන ලෙස විවිධ රටවලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන ඉල්ලීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිළිගනී.

76 වන එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ සභාපති Abdulla Shahid මහතා පසුගියදා සියලු සාමාජික රටවලින් ඉල්ලා සිටියේ බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල ආරම්භ වීමට පෙර හත්වන දිනයේ සිට පැරාලිම්පික් උළෙල අවසන් වීමෙන් පසු හත්වන දිනය දක්වා කාලය තුළ ඔලිම්පික් සටන් විරාමය අනුගමනය කරන ලෙස ය. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මහතා පැවසුවේ, එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ සභාපතිවරයාගේ ඉල්ලීම මගින් ඔලිම්පික් උළෙල හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ දේශපාලන මධ්‍යස්ථභාවය කෙරෙහි එක්සත් ජාතීන්‌ගේ සංවිධානයේ අනුග්‍රහය යළි පෙන්නුම් කෙරෙන බවයි. එසේම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආරාධනයට අනුව Abdulla Shahid මහතා බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ඔලිම්පික් ගිනිසිළු චාරිකාවට ද සහභාගි වනු ඇත.

The post ඔලිම්පික් උළෙල වෙනුවෙන් සටන් විරාමයක් අනුගමනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන ඉල්ලීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිළිගනී appeared first on ITN News.

Read More »

විදුලි කප්පාදුවක් සිදුකරනවාද? නැද්ද? – තීරණය හෙට  

0 comments

විදුලිබල මණ්ඩලය සතුව ඇති දැවිතෙල් ප්‍රමාණය ගණනය කිරීම සඳහා හෙට දිනයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා. සඳුදා, අඟහරුවාදා සහ බදාදා යන දින තුනේදි විදුලිය  කප්පාදුවක් කරනවාද නැද්ද යන්න පිළිබඳව එම සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

දැවි තෙල් තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඊයේ දිනයේ දී සපුගස්කන්ද බලාගාරය සම්පුර්ණයෙන්ම අක්‍රීය වුණා. මේ නිසා ජාතික විදුලිබල පද්ධතියට අහිමි වු විදුලි ධාරිතාව මෙගාවොට් 108 ක්. දැවිතෙල් රැගත් නෞකාවක් යළි මෙරටට පැමිණෙන්නේ මාර්තු මාසයේ දී බවයි විදුලිබල මණ්ඩලයේ වැඩබලන සමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කරන්නේ. ඒ තත්ත්වය යටතේ යුගදනවි බලාගාරයේ ගබඩා කර තිබෙන දැවිතෙල් තව දින 10කින් අවසන් වීමට නියමිත වනවා. කෙසේ වෙතත් අලුත් වැඩියා කරමින් පවතින නොරොච්චොලේ බලාගාරයේ තුන්වෙනි ඒකකයෙන් ලබන 28 වන විට මෙගාවොට් 300ක් විදුලිබල පද්ධතියට එක්කිරීමට හැකිවන බවයි වැඩබලන සමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කරන්නේ. එළඹෙන අගහරුවාදා වන විට තාප බලාගාරවල දැවිතෙල් අවසන් වීම නිසා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 183ක ධාරිතාවක් අහිමි වී යෑම හේතුවෙන් රාත්‍රී කාලයේ දී විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවයි ඒ මහතා කියා සිටියේ. කෙසේ වෙතත් විදුලි ජනනය සඳහා අවශ්‍ය දැවි තෙල්  කොපමණ ප්‍රමාණයක් විදුලිබල මණ්ඩලය සතු ව පවතින්නේ ද යන්න පිළිබඳව හෙට දිනයේ සාකච්ඡා කර විදුලි කප්පාදුවක් සිදුකරනවාද නැද්ද යන්න පිළිබඳ තිරණය කරන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ප්‍රකාශ කලා. විදුලි අර්බුධය සම්බන්ධයෙන් හෙට දිනයේ දී  කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලදී දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජලධාරිතාවය 95% ඉක්මවනු ලැබුවා. මේ තත්ත්වය යටතේ විදුලිබල නිෂ්පාදනයට 70% කට අධික ජල ධාරිතාවක් ජනවාරි 15 වනදා දක්වා ලබා දී තිබෙනවා.  කෙසේ වෙතත් කෘෂිකාර්මික කටයුතු,පානීය ජලය මෙන්ම අනිකුත් පරිසර අවශ්‍යතා වෙනුවෙන් ජලය රඳවා තබා ගැනීම හේතුවෙන් තවදුරටත් විදුලිබල නිෂ්පාදනයට පෙර පරිදි ජලය නිකුත් කිරීමට නොහැකි බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජලකළමණාකරණ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ.

The post විදුලි කප්පාදුවක් සිදුකරනවාද? නැද්ද? – තීරණය හෙට appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළට  

0 comments

කොරෝනා වයිරස ආසාදිතයින් ලක්ෂ 21 කට අධික සංඛ්‍යාවක් ඊයේ දිනය තුළදී හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. එමෙන්ම වයිරසය හේතුවෙන් ගතවූ පැය 24 ට අහිමිවී ඇති ජීවිත සංඛ්‍යාව 4627ක්.

ඉන්දියාවෙන් දෛනිකව වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේ දී පමණක් එරටින් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව තුන්ලක්ෂ පන්දහසකට අධිකයි. එමෙන්ම ප්‍රංශයෙන් තුන්ලක්ෂ එක් දහසක් ද , ඇමෙරිකාවෙන් එක්ලක්ෂ අනූහත් දහසක් හා ඉතාලියෙන් එක්ලක්ෂ තිස්අට දහසක් ලෙස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමඟම ලොව සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව තිස්පන්කෝටි විසිලක්ෂයකට ආසන්න බවයි වාර්තා වන්නේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,614,788ක්.

 

 

 

The post ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළට appeared first on ITN News.

Read More »

ඝානා රාජ්‍යයේ පිපිරීමකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඝානා රාජ්‍යයේ සිදුවූ පිපිරීමකින් රන් ආකරයක සේවකයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බටහිර ඝානාවේ රන් ආකරයකට පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් සිටි ට්‍රක් රථයක් පුපුරා යාමෙනුයි මෙම පිරිස මියගොස් ඇත්තේ. පිපිරීමෙන් පුද්ගලයින් 180 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. ගොඩනැගිලි රැසක් හා මහාමාර්ගයට ද බරපතල හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. පිපිරීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 20 ක් පමණ දුරින් පිහිටා ඇති ගොඩනැගිලිවලට පවා එහි බලපෑමෙන් හානි සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇති අතර යතුරුපැදියක් ට්‍රක් රථයේ ගැටීම පිපිරීමට හේතුව බවටයි සැක කෙරෙන්නේ.

 

 

 

 

The post ඝානා රාජ්‍යයේ පිපිරීමකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

මහනුවර පාරිසරික ආරක්ෂක ප්‍රදේශවල ඉදිකර ඇති සියලු ඉදිකිරීම් රජයට පවරා ගන්නවා  

0 comments

මහනුවර වරාතැන්න හක්කිද පාරිසරික ආරක්ෂක ප්‍රදේශයේ ඉදිකර ඇති සියලු ඉදිකිරීම් රජයට පවරා ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්වට අනුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා හක්කිද ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වුණා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

The post මහනුවර පාරිසරික ආරක්ෂක ප්‍රදේශවල ඉදිකර ඇති සියලු ඉදිකිරීම් රජයට පවරා ගන්නවා appeared first on ITN News.

Read More »

බංග්ලාදේශ විදේශ සේවා ඇකඩමියේ නියෝජිත පිරිසක් දිවයිනට  

0 comments

බංග්ලාදේශ විදේශ සේවා ඇකඩමියේ නියෝජිත පිරිසක් අධ්‍යාපන චාරිකාවක් සඳහා මෙරට පැමිණ තිබෙනවා.

බංග්ලාදේශ නියෝජිත පිරිස විදේශ අමාත්‍යාංශයට පැමිණ ද්වීපාර්ශ්වික සාකච්ඡාවක නිරත වුණා. 16 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ විදේශ සේවා නිලධාරීන් කණ්ඩායම පිළිගනු ලැබුවේ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතායි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පවත්නා අනාගත සහ වර්තමාන අභියෝග සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරුකර ගැණුනා. බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සංවිධාන කරන වැඩසටහනකට ද බංග්ලාදේශ නියෝජිත කණ්ඩායම එක්වීමට නියමිතයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

The post බංග්ලාදේශ විදේශ සේවා ඇකඩමියේ නියෝජිත පිරිසක් දිවයිනට appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG