Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවකවදය දුන් බවට තවත් කැලණිය සිසුවෙකුගෙන් පැමිණිල්ලක්  

0 comments

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවකවදය ලබාදුන් බවට එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවකු කිරිබත්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබෙනවා. නවකවදයට ලක් වූ සිසුවා මේ වන විට රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඊයේ සවස 3 ට පමණ දේශන අවසන්වීමෙන් පසු ක්‍රීඩා පුහුණුව සදහා විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරය වෙවෙයමින් සිටියදී තමන් නවකවදයට ලක් වූ බවයි පැමිණිලිකාර සිසුවා පවසා ඇත්තේ. ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් ඔහුගේ බාහිර පෙනුම  සම්බන්ධයෙන් දෝෂා‍රෝපනය කර කොණ්ඩය හා රැවුල බූ ගා දමන ලෙස පවසා තිබෙනවා. සපත්තු නොදා සෙරෙප්පු දමන ලෙසත් අත් ඔරලෝසු නොපලදින ලෙසටත් පැවසූ බවයි පැමිණිලිකරු සදහන් කරන්නේ. ඊට විරුද්ධ වීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස  ඔහු විශ්වවිද්‍යාලයේ ආපනශාලාවක් වෙත රැගෙන ගොස් තිබෙනවා. එහිදී ජ්‍යෙෂ්ඨ සිසුන් තුන් දෙනෙකු තමන්ගේ මුහුණට සහ ඇගට පහර කිහිපයක් එල්ල කළ බව පැමිණිලිකාර සිසුවා පවසනවා. පහරදීම සිදුවන අවස්ථාවේ සිසුන් 7 දෙනෙකු සිටි බවත් ඔවුන් නම් වශයෙන් නොදන්නා නමුත් නැවත දුටුවහොත් හදුනාගත හැකි බවත් පැමිණිල්ලේ සදහන්. සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සදහා කිරිබත්ගොඩ පොලීසිය විමර්ශන සිදු කරනවා.

 

 

 

 

 

The post නවකවදය දුන් බවට තවත් කැලණිය සිසුවෙකුගෙන් පැමිණිල්ලක් appeared first on ITN News.

Read More »

කියෙව් නගරයේ ජල හා විදුලි සැපයුම්වලට දැඩි හානි  

0 comments

යුක්රේනයේ කියෙව් නගරය ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කල මිසයිල ප්‍රහාරයන්ගෙන් නගරයේ ජල හා විදුලි සැපයුම්වලට දැඩි හානි සිදුව තිබෙනවා.

කියෙව් නගර වැසියන් ජලය ලබා ගැනීම සඳහා දිගු පෝලීම් වල රැදී සිටින ආකාරය මාධ්‍ය වාර්තා කලා. නගර වැසියන්ගෙන් සියයට හතලිහකට පමණ ජලය නොමැති අතර නිවාස දෙලක්ෂ හැත්තෑදහසකට පමණ විදුලි බලය නොමැති බවයි නගරාධිපතිවරයා නිවේදනය කරන්නේ. රුසියාව එල්ල කල මිසයිල ප්‍රහාරයන්ගෙන් පුද්ගලයින් 13දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්. කෙසේ වුව ද රුසියාව පවසන්නේ යුක්රේන හමුදා පාලනයේ පවතින බලාගාරයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන් එල්ල කල බවයි. රුසියානු යුධ නෞකා ඉලක්ක කර ගනිමින් පසුගිය සතියේ දී යුක්රේනය සිදු කල ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස රුසියාව එල්ල කරන මිසයිල ප්‍රහාර සංඛ්‍යාව ඉහළ දමා තිබෙනවා.

 

 

The post කියෙව් නගරයේ ජල හා විදුලි සැපයුම්වලට දැඩි හානි appeared first on ITN News.

Read More »

තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බව ජනපති පවසයි  

0 comments

තේ කර්මාන්තය නැවත නගා සිටුවීමට විධිමත් සැළැස්මක් ඔස්සේ පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අතීතයේ තේ කර්මාන්තය ආශ්‍රිතව පැවති සශ්‍රීකත්වය යළි උදාකරගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා. අමාත්‍ය රමේෂ් පතිරණ,  රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්වුණා. බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ පැවති වාර්ෂික සභා රැස්වීමේ දී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහන්වලට රජය මේ වනවිටත් යොමුවී ඇති බවයි. ගුණාත්මක බවින් ඉහළ තේ නිෂ්පාදනය සදහා වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

 

 

 

The post තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බව ජනපති පවසයි appeared first on ITN News.

Read More »

නැල්ජී සුළි කුණාටුවෙන් පිලිපිනයේ ප්‍රදේශ රැසකට දැඩි හානි  

0 comments

පිලිපීනයට බලපෑ නැල්ජී නිවර්තන සුළි කුණාටුවෙන් පුද්ගලයින් සියයකට ආසන්න සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

පසුගිය සති අන්තයේදී නැල්ජී සුළි කුණාටුවෙන් පිලිපිනයේ ප්‍රදේශ රැසකට දැඩි හානි සිදුවුවා. පුද්ගලයින් 63 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 69 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. සුළි කුණාටුවත් සමග හටගත් අධික වර්ෂාව, ගංවතුර හා නාය යෑම් හේතුවෙනුයි ජීවිත හානි සිදුව ඇත්තේ. ඇතැම් ප්‍රදේශවල ගමනාගමනය හා විදුලිබලය ඇනහිට ඇති බවද සදහන්. දකුණු දිග මින්දනාඕ දූපතේ එක් ගම්මානයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. සුළිකුණාටුවෙන් සිදුවූ හානිය ඇමෙරිකා ඩොලර් මිලියන 13කට ආසන්නයි.  සාමාන්‍යයෙන් එක් වසරක් තුලදී පිලිපීනයට සුළිකුණාටු 20ක පමණ බලපෑම් එල්ලවනවා.

 

 

The post නැල්ජී සුළි කුණාටුවෙන් පිලිපිනයේ ප්‍රදේශ රැසකට දැඩි හානි appeared first on ITN News.

Read More »

සිරප් භාවිතය නිසා ඉන්දුනීසියාවේ ළදරු මරණ සංඛ්‍යාව ඉහළට  

0 comments

කුඩා දරුවන්ට කැස්ස සඳහා ලබාදෙන සිරප් වර්ගයක් භාවිතා කිරීමෙන් අනතුරුව ඉන්දුනීසියාවේ ජීවිතක්ෂයට පත්වූ ළමුන් සංඛ්‍යාව 157දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය දරුවන් අතරින් බහුතරයක් වයස අවුරුදු 5ට අඩු දරුවන් බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. කැස්ස සදහා ලබාදෙන සිරප් වර්ග පානය කිරිමෙන් අනතුරුව වකුගඩු අකර්මර්ණය වීම එම දරුවන්ගේ මරණයට හේතුවයි. දරුවන් සදහා ලබාදුන්  සිරප් වර්ග වල තිබි මිනිස් සිරුරට අහිතකර විස රාසායනික වර්ග හමුව ඇති අතර සියලුම සිරප්වර්ග අලෙවිය තාවකාලිකව තහනම් කිරිමටයි ඉන්දුනිසියා සෞඛ්‍ය අංශය පියවර ගෙන ඇත්තේ.  ඉන්දුනිසියාවේ පළාත් 22කින් සිරප් පානය කිරිමෙන් අනතුරුව රෝගාතුර වු දරුවන් 241 දෙනෙකු සම්බන්ධයෙන් වාර්ථා වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මේ ආකාරයටම ගැම්බියාවේ ළමුන් පිරිසක් ද කැස්ස සඳහා ලබාදෙන සිරප් වර්ගයක් පානය කිරිම හේතුවෙන් ජිවිතක්ෂයට පත්වුණා.

 

 

 

 

The post සිරප් භාවිතය නිසා ඉන්දුනීසියාවේ ළදරු මරණ සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.

Read More »

දකුණු කොරියාවේ තෙරපීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට  

0 comments

දකුණු කොරියාවේ තෙරපීමෙන් මියගොස් ඇති සංඛ්‍යාව මේ වනවිට 154 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව ද 133 දක්වා ඉහළ ගොස් ඇති අතර 37 කගේ ගතත්ත්වය බරපතල බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයින් සිටීද යන්න සොයා බැලීමට විදේශ කටයුතු අමාත්‍යංශය එරට තානාපති කාර්යාල නිලධාරීන් සමග නිරන්තරයෙන් සබදතා පවත්වන බවයි අමාත්‍යංශය සදහන් කළේ.

සිද්ධියෙන් මියගිය පුද්ලයින් අතර විදෙස් රටවලින් පැමිණි 26 දෙදෙනකු ද වනවා. දකුණු කොරියාවේ සෝල් නුවරදී සැම සෙනසුරාදා දිනයකදී මෙවැනි රාත්‍රී සාද පැවැත්වෙන අතර මෙම හැලොවින් උත්සවයේ දී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂන ආරම්භ කර ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

The post දකුණු කොරියාවේ තෙරපීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.

Read More »

කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පයාගල ඉහළ වඩුගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයින් පැහැරගෙන ගොස් කොල්ලකෑම් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා රැසක් එල්ලවී ඇති බවයි පොලීසිය පවසන්නේ. එක් සැකකරුවෙකු පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට එරෙහිව විවෘත වරෙන්තු තුනක් නිකුත්කර තිබුණා. එම පුද්ගලයා ළග තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 130 ක්,  කොල්ලකෑ ජංගම දුරකතන තුනක්,  විද්‍යුත් තරාදියක් හා කඩුවක් ද පොලිස් භාරයට ගැණුනා. අනෙක් සැකකරු වයස අවුරුදු 18 ක් වන පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුයි. ඔහුට ද විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරිමට නියමිතයි.

 

 

 

 

 

The post කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය නව ජවයකින් ගමන් අරඹයි  

0 comments

ශ්‍රී ලාංකේය කලා කෙත අස්වැද්දූ බෙල්වුඩ් නිකේතනය නව ජවයකින් ගමන් ආරම්භ කර තිබෙනවා.

ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් බිහිකළ ජාතික තරුණසේවා සභාවේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය එවකට කලා ක්ෂේත්‍රයට විශිෂ්ඨයින් රැසක් බිහිකළ ද පසුව මෙම නිකේතනය යම් පසුබෑමකට ලක්වුණා.

තරුණ සේවා සභාවේ මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් තරුණ තරුණියන් විශාල පිරිසක් සංගීත සහ නර්තන හැකියාවන් ප්‍රගුණ කළා. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ප්‍රින්ස් උදයප්‍රියන්ත, විජය බණ්ඩාර වැලිතුඩුව,  චන්දන ලියනාරච්චි, ජයන්ත දිසානායක, චන්ද්‍රලේඛා පෙරේරා වැනී ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය ගායක ගායිකාවන් බිහිවූයේ මෙම බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙනුයි. ශර්ලි වෛයිජයන්ත, නිහාල් ගම්හේවා වැනි දක්ෂ සංගීතඥයින්ගේ උපදේශකත්වයෙන් බිහිවූ සැළලිහිණියෝ සහ යොවුන් ගී සංගීත කණ්ඩායම් ද සංගීත ක්ෂේත්‍රය තුළ සිය හැකියාවන් පෙන්නුම් කළා. එහෙත් යම් පසුබෑමකට ලක්වූ මෙම සෞන්දර්ය නිකේතනය නව ජවයකින් ගමන් ආරම්භ කිරීම ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත යලි ආරම්භ වී තිබෙනවා. අමාත්‍යවරයා එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා. අක්කර 50ක භූමියක පිහිටුවා ඇති බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය නවීන පහසුකම්වලින් යුක්තව සංවර්ධනය කර තරුණ තරුණියන් විශාල පිරිසකට තම හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට සුදුසු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට තරුණසේවා සභාව මගින්  වැඩටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

 

The post බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය නව ජවයකින් ගමන් අරඹයි appeared first on ITN News.

Read More »

දුම්රියක් වාද්දුව ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක් වේ  

0 comments

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රිය වාද්දුව ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

අද උදෑසන දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියයි මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ. මේ හේතුවෙන් කාර්යාල සේවකයින් ඇතුළු විශාල පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටියා. කෙසේ වෙතත් අලුත්ගම සිට මරදාන දක්වා ධාවනය වූ වෙනත් දුම්රියක් ප්‍රතිවිරුද්ධ දුම්රිය මාර්ගයෙන් පැමිණ එම මගීන් රැගෙන යන ආකාරයයි දැකගත හැකි වුණේ.

 

 

 

 

The post දුම්රියක් වාද්දුව ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක් වේ appeared first on ITN News.

Read More »

වන අලියෙකු වෙඩි වැදී මරුට  

0 comments

අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේදී වන අලියෙකු වෙඩි වැදී මියගොස් තිබෙනවා.

කහටගස්දිගිලිය වනජීවී කලාපයට අයත් රත්මල්ගහවැව කුඩාවැව රක්ෂිතයේදී වෙඩි වැදී මිය ගිය මෙම වන අලියාගේ සිරුර හමු වී තිබෙනවා. වෙඩි වැදී අසාධ්‍ය තත්ත්වයෙන් දින කිහිපයක් වනන්තරයේ සැරිසරා අලියා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. උස අඩි 7 ක් පමණ වන මෙම සත්වයා වයස අවුරුදු 35ක පමණ වනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි වනජීවී නිලධාරින් පවසන්නේ.

 

 

 

The post වන අලියෙකු වෙඩි වැදී මරුට appeared first on ITN News.

Read More »

ඉරාක අගනුවර ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඉරාක අගනුවර ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඉරාකයේ නැගෙනහිර බැග්ඩෑඩ්හිදීයි මෙම පිපිරීම සිදු වුණේ. පිපිරීමෙන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලැබුවා. පාපන්දු ක්‍රීඩාංගනයක් හා ආපනශාලාවක් අසළ පිහිටි ගරාජයක සිදුව ඇති මෙම පිපිරීම හේතුවෙන් පාපන්දු පිටියේ සිටි පිරිසෙන් වැඩි දෙනෙකු පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. ඉරාක ආරක්ෂක හමුදා අංශ සඳහන් කරන්නේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවයි.

 

 

 

 

The post ඉරාක අගනුවර ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ජනපතිගේ නායකත්වය යටතේ රට සන්සුන් වී ඇති බව හිටපු ජනපති මෛත්‍රී කියයි  

0 comments

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ රට සන්සුන් වී ඇති බව හිටපු ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සහ කාන්තා යන සංවිධානවල නව නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍යවේදින් හමුවේ ඒ මහතා මේ බව කියා සිටියා.

 

The post ජනපතිගේ නායකත්වය යටතේ රට සන්සුන් වී ඇති බව හිටපු ජනපති මෛත්‍රී කියයි appeared first on ITN News.

Read More »

යුක්‍රේනයේ ධාන්‍ය අපනයනයට රුසියාවෙන් යළිත් වාරණයක්  

0 comments

යුක්‍රේනයෙන් ධාන්‍ය අපනයනය කිරීමට ලබාදී තිබූ ඉඩකඩ යළි අසුරාලීමට කටයුතු කරන බව රුසියාව පවසනවා.

මෙමගින් ලෝකයේ පවතින ආහාර අර්බුදයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.රුසියාව මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ කළු මුහුදේ ස්ථානගතව සිටි නාවික බලඇණියට යුක්‍රේනයෙන් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟයි. එහිදී එක් යුද නෞකාවකට බරපතළ හානි සිදු වුණා. යුක්‍රේනය සහ බ්‍රිතාන්‍යය නාවික හමුදාව එක්ව මෙම ප්‍රහාරය සිදු කර ඇති බවටයි රුසියාව චෝදනා කරන්නේ. කෙසේ වුවත් යුක්‍රේනය මෙම ප්‍රහාරය ප්‍රතික්ෂේප කරන අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කරන්නේ මෙය රුසියාවේ අනුමානයක් බවයි.

The post යුක්‍රේනයේ ධාන්‍ය අපනයනයට රුසියාවෙන් යළිත් වාරණයක් appeared first on ITN News.

Read More »

නිවෙස් කොල්ලකෑම් සිදු කරන සංවිධානාත්මක කල්ලියක 4 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

නිවෙස් කොල්ලකෑම් සිදු කරන සංවිධානාත්මක කල්ලියක 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පල්ලේවෙල පොලීසිය සමත් වුණා.

නිවැසියන් නොමැති අවස්ථාවල නිවාසවලට ඇතුළු වී භාණ්ඩ සොරා ගැනීම මෙම සොරකල්ලිය කාලයක් තිස්සේ සිදු කරගෙන ගොස් තිබුණා. මීරිගම කල්එලිය ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමෙන් පසු පොලීසිය සිදු කළ පරික්ෂණවලදී මෙම සැකකරුවන් 4 දෙනා අත්අඩංගුවට ගැනුනා. ඔවුන් දැඩි සේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නන් බවයි මූලික පොලිස් පරික්ෂණවලදී හෙළි වුණේ. ඔවුන් සොරාගත් රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා භාණ්ඩ තොගයක ද පොලීසිය සොයා ගත්තා.සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

 

 

 

The post නිවෙස් කොල්ලකෑම් සිදු කරන සංවිධානාත්මක කල්ලියක 4 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ උමං මාර්ගයක සිදු වු නායයාමකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඉන්දියාවේ විදුලි ව්‍යාපෘති උමං මාර්ගයක සිදු වු නාය යාමකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් හි කිෂ්ත්වාර් ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරුණු උමං විදුලි ව්‍යාපෘතියකයි මෙම අනතුර සිදු වුණේ. අනතුරින් තවත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මේ වන විට ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් තර ඇති අතර සිරවී සිටි සියළු දෙනා බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ. අවස්ථා දෙකකදී නායයාම සිදු ව ඇති අතර මේ වලවිට සියළු දෙනා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ

 

 

The post ඉන්දියාවේ උමං මාර්ගයක සිදු වු නායයාමකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ද.කොරියාවේ හැලොවීන් සැමරුමක් අතරතුර ඇති වු තෙරපීමකින් 151දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

දකුණු කොරියාවේ සොල් අගනුවර පැවති හැලොවීන් සැමරුමක් අතරතුර ඇති වු තෙරපීමකින් පුද්ගලයින් 151ක් දෙනෙකු ජිවිතක්ෂයට පත් වුනා.

විදෙස් මධ්‍ය වාර්ථා කලේ තවත් පුද්ගලයින් 76 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. තුවාල ලැබුවන්ගෙන් සැළකිය යුතු පිරිසකගේ තත්ත්වය බරපතළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. මිය ගිය පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු තරුණ තරුණියන් වන අතර එම පිරිස අතර විදේශකයින් 19 දෙනෙකු ද සිටින බවයි වාර්ථා වන්නේ. හැලොවීන් සැමරුම සඳහා විශාල ජනතාවක් රැස්ව සිටි අතර මෙම පිරිස ඉතා පටු මන්තීරුවක එක් රැස්ව සිටිම අනතුරට හේතු වී ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. එමෙන්ම කොවිඩ් වසංගතයෙන් පසුව මුඛ ආවරණ නොමැතිව දකුණු කොරියාවේ පැවති පළමු එළිමහන් උත්සවය වන්නේ ද මෙයයි.

 

 

The post ද.කොරියාවේ හැලොවීන් සැමරුමක් අතරතුර ඇති වු තෙරපීමකින් 151දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

සමඟි ජන බලවේගයට තවදුරටත් දේශපාලන පැවැත්මක් නැහැ  

0 comments

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමත් සමඟ සමඟි ජන බලවේගයට තවදුරටත් දේශපාලන පැවැත්මක් නැති වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

 

The post සමඟි ජන බලවේගයට තවදුරටත් දේශපාලන පැවැත්මක් නැහැ appeared first on ITN News.

Read More »

මෙරට නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය කර්මාන්තය 300 % කින් වර්ධනය වෙයි  

0 comments

වසර 12ක් තුළ මෙරට නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය කර්මාන්තය සියයට 300කින් වර්ධනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. එමෙන්ම මෙරට සුරාබදු ආදායම උපයා ගැනීමට ඉංග්‍රීසීන්ටත් නොහැකි වූ බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ.

ශ්‍රී ලංකා සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙරට සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමට පෙර එනම් 1810 වසරේදී පවා රජයේ ආදායමෙන් සියයට 7යි දශම 6ක් පමණ ලබා ගෙන ඇත්තේ සුරාබදු ආදායමෙන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව වසර 2004 හා 2016 අතර කාලයේදී මෙරට නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව  රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී පෙන්වා දුන්නා.

 

The post මෙරට නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය කර්මාන්තය 300 % කින් වර්ධනය වෙයි appeared first on ITN News.

Read More »

අයහපත් කාලගුණය හේතුවෙන් පිලිපීනයේ හැත්තෑ දෙදෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පිලිපීනයට බලපා ඇති කුණාටු තත්ත්වය හේතුවෙන් හැත්තෑ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

දරුණු නිවර්තන කුණාටුවක් වශයෙන් පිලිපීනයට බලපා ඇති මෙම කුණාටුව නාල් වශයෙන් නම් කර තිබෙනවා. ගංවතුර තත්ත්වය හා නායයාම්වලින් බොහෝ දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර නායයාම්වලින් විපතට පත්වූවන් බේරා ගැනීමට එරට රජය මෙහෙයුම් රැසක් ආරම්භ කර තිබෙනවා. මෙම කුණාටු තත්ත්වය පිලිපීනයේ මැනිලා අගනුවරටද ධාරාණිපාත වර්ෂාවක් ලෙසින් බලපා තිබෙනවා. පෙරේදා ආරම්භ වූ මෙම කුණාටුමය තත්ත්වය මෙම සති අන්තයේදී උච්ඡතම අවස්ථාවට පත්වනු ඇති බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

 

 

The post අයහපත් කාලගුණය හේතුවෙන් පිලිපීනයේ හැත්තෑ දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

නැන්සි පෙලෝසිගේ සැමියාගේ සෞඛ්‍ය තත්වය සුව අතට  

0 comments

නිවසේදී ප්‍රහාරයකට ගොදුරු වූ එක්සත් ජනපද කතානායිකා නැන්සි පෙලෝසිගේ සැමියාගේ සෞඛ්‍ය තත්ත්වය  මේ වන විට සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා.

එක්සත් ජනපද කතානායිකා නැන්සි පෙලෝසිගේ සැමියා වන පෝල් පෙලෝසි මිටියක් අතැතිව  අනවසරයෙන් නිවසට ඇතුළුවූවෙකුගේ ප්‍රහාරයකට ලක් වුණා. ඔහුගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් ඔහුගේ හිස් කබලට සහ දකුණු අතට බරපතල තුවාල සිදු වුණා. මේ සම්බන්ධයෙන් හතළිස් තුන් හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට වාර්තා පෙන්වා දෙන්නේ පෝල් පෙලෝසි මහතා මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ සිකුරාදා අලුයම බවයි.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා කතානායක නැන්සි පෙලෝසි හමුවීමට අවසර ඉල්ලා ඇති අතර ඒ අවස්ථාවේදී පෝල් පෙලෝසිට මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

 

 

 

The post නැන්සි පෙලෝසිගේ සැමියාගේ සෞඛ්‍ය තත්වය සුව අතට appeared first on ITN News.

Read More »

ගුවන් සමාගම් රැසක් මෙරටට ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් – අගමැති  

0 comments

ගුවන් සමාගම් රැසක් මෙරටට ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම්ව සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. එබැවින් විදේශ ආදායම් වැඩිකර ගැනීමට සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ක්‍රියා කළ යුතු බවයි පළාත් ආණ්ඩුකාරවරුන් හමුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ඡා කළා. අරලියගහ මන්දිරයේදී සූම් තාක්ෂණය ඔස්සේයි සාකච්ඡාව පැවැත්වුණේ. ග්‍රාමීය මට්ටමට ගොවිජන සේවා බලතල යොමුකිරීම ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධාන වගකීමක් බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට මහජන නියෝජිතයන්ගේ සෘජු දායකත්වය අත්‍යවශ්‍යවනවා. අපනයන ආදායම ඉහළ නංවාලිය හැකි භෝග නිෂ්පාදනයේදී සහන ලබාදීමට රජය දැනටමත් පියවර ගනිමින් සිටී. පළාත් මට්ටමෙන් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ද වැඩි අවධානයක් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

 

 

The post ගුවන් සමාගම් රැසක් මෙරටට ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් – අගමැති appeared first on ITN News.

Read More »

පිලිපීනය තුළ නායයෑම් රැසක් සිදුවිය හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවයි  

0 comments

ඇද හැලෙමින් පවතින වැසි සමඟින් මෙම සති අන්තයේ දී පිලිපීනය තුළ නාය යෑම් රැසක් සිදු විය හැකි බව එරට කාලගුණ අංශ පවසනවා.

නල්ගී සුළි කුණාටුව සමඟි පසුගිය දින කිහිපයේ දී උතුරු පිලිපීනයට දැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. අයහපත් කාලගුණය නිසා  මේ වන විට 42 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. තවත් විශාල පිරිසක් අතුරුදන් වී තිබෙනවා. ඇතැම් පිරිස් පස්කදුවලට යට වී ඇති බව සහන සේවා කණ්ඩායම් පැවසුවා.  දේශගුණික විපර්යාස නිසා මෙවර පිලිපීනයට ලැබුණු වර්ෂාපතනය අසාමාන්‍ය බවයි කාලගුණ අංශ ස‍ඳහන් කළේ.

 

 

 

The post පිලිපීනය තුළ නායයෑම් රැසක් සිදුවිය හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

තිළිණි ප්‍රියමාලි කමල් හසන්ගෙන් ලබා ගත් රත්‍රන්, විකිණීමට දායකවූ පුද්ගලයා බන්ධනාගාරයට  

0 comments

මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි යන අය කමල් හසන් යන අයගෙන් ලබා ගත් රන් කිලෝග්‍රෑම් 1 විකිණීමට සෘජුව දායකවූ බව කියන පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.

රුපියල් කෝටියක් පමණ වටිනා මෙම රන් කිලෝග්‍රෑම් 1 විකිණීමට දායක වූ බව කියන විජේසූරිය ආරච්චිගේ කසුන් පෙරේරා යන අයයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ. ඔහු ලබන දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. එම රන් කිලෝග්‍රෑම් 1 ලබා ගත් බව කියන ජා ඇල ස්වර්ණාභරණ වෙලෙද සලක හිමිකරුවෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණා.

ඒ රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. ඔහු සතුව තිබු   රන් පවුම් 40ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. ඔහු විසින් විකිණූ බව කියන රන් පවුම් 20කට අදාළ රුපියල් ලක්ෂ 30ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි අධිකරණය හමුවේ හෙළිවුණේ.

 

 

 

The post තිළිණි ප්‍රියමාලි කමල් හසන්ගෙන් ලබා ගත් රත්‍රන්, විකිණීමට දායකවූ පුද්ගලයා බන්ධනාගාරයට appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා.

උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයේ දී මෙම අත්හදා බැලීම් සිදු කර ඇති බවයි දකුණු කොරියා රජය පවසන්නේ. උතුරු සහ දකුණු කොරියා හමුදාවන් එකිනෙකාට අනතුරු අඟවා ගැනීම සඳහා වෙඩි තබා ගැනීම් සිදු කර දින 4කට පසු මෙම මිසයිල දෙක අත්හදා බලා තිබෙනවා.  දකුණු කොරියාව දින 12 ක යුද අභ්‍යාසයක් ක්‍රියාත්මක කළ අතර 12 වන දිනයේ දී මෙම කෙටි දුර මිසයිල දෙක අත්හදා බැලීමට උතුරු කොරියා හමුදාව කටයුතු කර තිබෙනවා. ඉදිරි සතියේ දී දකුණු කොරියා සහ ඇමරිකා හමුදා එක් ව ගුවන් යුද අභ්‍යාසයක් ද සිදු කිරීමට නියමිතයි.

 

The post උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි appeared first on ITN News.

Read More »

නුවරඑළිය ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුලු වු පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

නුවරඑළිය ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුලු වු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුවරඑළිය ජනාධිපති මන්දිර පරිශ්‍රයට ඊයේ රාත්‍රී කාලයේ දීයි මෙම පුද්ගලයා ඇතුලු වී ඇත්තේ. ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

හෙරෝයින් මිලි ගැම් 160ක් ද ඔහු සතුව තිබිය දී සොයා ගත් බව පොලිසිය පවසනවා.

සැකකරු නුවරඑළිය කළුකැලේ ප්‍රදේශයේ පදිංචි 25හැවිරිදි අයෙක්. නුවරඑළිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ෂණ සිදු කරනවා.

 

 

The post නුවරඑළිය ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුලු වු පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ජීව අත්බෝම්බයක් , කඩුවක් සහ මන්නා පිහි 2ක් සමඟ 6 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් , කඩුවක් සහ මන්නා පිහි දෙකක් සමඟ 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අලුයම් කාලයේ මතුගම නගරය ආසන්නයේ මාර්ග බාධකයක දී සැකකටයුතු වෑන් රථයක් පරීක්ෂා කිරිමේ දීයි මෙම අවි සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකාරියක සහ සැකකරුවන් 05 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මොවුන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මතුගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ෂණ සිදු කරනවා.

මේ අතර ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කල සැකකරුවෙකු දියතලාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටුවක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 03 දෙනෙකුගෙන් ලද  තොරතුරුවලට අනුවයි.

එම සැකකරුවන් 03න් දෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු ද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

The post ජීව අත්බෝම්බයක් , කඩුවක් සහ මන්නා පිහි 2ක් සමඟ 6 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

මහවැල් එල් කලාපයේ මාස් කන්නයේ වී වගා කටයුතු ඇරඹෙයි  

0 comments

මහවැල් එල් කලාපයේ මාස් කන්නයේ වී වගා කටයුතු ආරම්භ කෙරුණා.

ගොවීන්ට මෙවර මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබා දීමට ද සැලසුම් කර තිබෙනවා. අක්කර දහසකට අධික භූමි ප්‍රදේශයක වී වගා කිරීමටයි සැලසුම් කර  ඇත්තේ. පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමඟ වී වැපිරීමේ කටයුතු ද ආරම්භ කර තිබුණා. නියමිත වේලාවට වී වැපිරීමට හැකිවීම සහ පොහොර ප්‍රමාණවත් පරිදී ලැබී ඇති නිසා මෙවර කන්නයේ ඉහළ අස්වැන්නක් ගොවීන් අපේක්ෂා කරනවා.

 

 

The post මහවැල් එල් කලාපයේ මාස් කන්නයේ වී වගා කටයුතු ඇරඹෙයි appeared first on ITN News.

Read More »

උගන්ඩාවේ කම්පාලා නුවර ඉබෝලා වෛරසය පැතිරයෑමේ දැඩි අවදානමක්  

0 comments

උගන්ඩාවේ කම්පාලා නුවර ඉබෝලා වෛරසය පැතිරයෑමේ දැඩි අවදානමක් මතු වී තිබෙනවා.

කම්පාලා නුවර පාසල් සිසුන් 6 දෙනෙකුට ඉබෝලා වෛරසය වැලදී ඇති බව සොයා ගැනීමත් සමඟින් උගන්ඩා රජය දැඩි පාලන ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මේ වන විට ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. පසුගිය දින කිහිපය තුළ දී පුද්ගලයන් 15 දෙනෙකුට වැඩි පිරිසකට ඉබෝලා වෛරසය වැලදී ඇති බව උගන්ඩා සෞඛ්‍ය බලධාරීන් හඳුනා ගත්තා.  ඉබෝලා වෛරසය වැලදෙන පුද්ගලයන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් මිය යෑමේ තත්ත්වයක් පවතිනවා.

 

The post උගන්ඩාවේ කම්පාලා නුවර ඉබෝලා වෛරසය පැතිරයෑමේ දැඩි අවදානමක් appeared first on ITN News.

Read More »

පාන් ගෙඩියක මිල ගැසට් කරයිද ?  

0 comments

පාන් මිල මෙන්ම එහි බර පිළිබද දැඩි අවධානය යොමු කළ යුතු බව අවධාරණය කෙරෙනවා. කිරුම් හා මිනුම් පරික්ෂකවරුන්ගේ වෘත්තීය සංගමය බදුල්ලේදී පැවැත් වූ මාධ්‍ය හමුවකදීයී මේ පිලිබද අදහස් පල කෙරුණේ.

පාන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ යාමත් සමග පාරිභෝගික සේවා අධිකාරිය ගම්පහ දිස්ත්‍රික්කය තුළ වැටලීම් කිහිපයක් සිදු කළා. එහිදී මිල ප්‍රදර්ශනය නොකිරීම, නියමිත බර නොතිබීම ආදී වැරදි සම්බන්ධයෙන් ව්‍යාපාරික ස්ථාන 08 කට එරෙහිව නීතිමය පියවර ගැනුනා. ඔවුන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

The post පාන් ගෙඩියක මිල ගැසට් කරයිද ? appeared first on ITN News.

Read More »

යාල යකා නටපු අයට ඇප – පරික්ෂණ අපක්ෂපාතීව කරන්නැයි ජනපතිගෙන් උපදෙස්  

0 comments

යාල සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සියලු අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

යාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 9 දෙනා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කෙරුණා. සිද්ධියට අදාළ ජිප් රථ 7 ක් ද අධිකරණයට අද ඉදිරිපත් කළා.

අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි පිරිසක් යාල වනෝද්‍යානයට ඇතුළු වී වන සතුන්ට හිංසාවන අයුරින් අනිසි ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමගම මේ පිලිබද දැඩි අවධානයක් යොමු වුණා.

ඒ අනුවයි අමාත්‍යවරයාගේ උපදෙස්  මත සිද්ධියට අදාල නිලධාරීන් 7 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ක්‍රියා කළේ. තරාතිරම නොබලා අදාළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

අනිසි ලෙස හැසිරුණු සියලු පුද්ගලයන්ගේ තොරතුරු හැදුනුම්පත් අංක ලිපිනයන් හා වාහන අංක ඇතුළු සියලු සාක්ෂි වනජීවී දෙපාර්තමේන්තුව සතුව තිබූ බැවින් එම තොරතුරු ඊයේ දිනයේ තිස්සමහාරාම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට ද පියවර ගැනුනා. අදාළ සිද්ධියේ විමර්ශන සිදු කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ඊයේ සවස එම සිද්ධියට අදාළ සැකකරුවන් 09 දෙනෙකු යාල ජාතික වනෝද්‍යානයට භාර වී ඇති අතර එම සැකකරුවන් සහ ජීප් රථ 7 ක් තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමටයි වනජීවී නිලධාරීන් කටයුතු කළේ. මුණසිංහගේ ධනුෂ්ක ප්‍රසාද්, ආර්.ඒ. සුරේෂ් චතුරංග, හස්මිඩීන් මොහොමඩ් සාෆික් , මොහොමඩ් ගවුස් මොහොමඩ් සුවයෙර්, බුද්ධික චතුරංග, අබ්දුල් රකීබ් මොහොමඩ්, පී.ජී.එස්. අංජුල, ආර්.එම් සම්පත්, ඩී.එම් මයුර ලක්ෂාන් යන සැකකරුවනුයි අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ. එහිදී සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් දැඩි විරෝධය පල කළේ ඉදිරි  පරික්ෂණවලට එය බාධාවක් වන බවට සදහන් කරමින්. ජිප් රථ 7  අධිකරණය භාරයට පත් කෙරුණු අතර සැකකරුවන් 9 දෙනා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත නිදහස් කෙරුණා.

මේ අතර සිද්ධියට අදාළව වැඩතහනම් කෙරුණු නිලධාරීන් පිලිබද ඉදිරි විමර්ශන සදහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම විමර්ශනවලදී අදාළ නිලධාරින් 7 දෙනාට අමතරව තවත් නිලධාරින්ගේ නම් හෙලි වුවහොත් ඔවුන්ට එරෙහිව ද විනයානුකූල පියවර ගන්නා බවයි වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ. අදාළ විමර්ශන සදහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ද අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය තීරණය කර තිබෙනවා.

මේ අතර යාල සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවටයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.‍ෙ

The post යාල යකා නටපු අයට ඇප – පරික්ෂණ අපක්ෂපාතීව කරන්නැයි ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.

Read More »

යුරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක් රැගත් පළමු නෞකාව කොළඹ වරායට  

0 comments

මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක් රැගත් පළමු නෞකාව කොළඹ වරායට පැමිණෙයි.

මහ කන්නයේ වී වගාවට  අවශ්‍ය යුරියා පොහොර  මෙට්‍රික් ටොන් 12,500ක් රැගත් පළමු නෞකාව ඊයේ රාත්‍රි කොළඹ වරායට පැමිණ තිබේ. මෙම යුරියා පොහොර තොගය චීනයෙන් මෙරටට ගෙන්වන ලද්දකි.

ලෝක බැංකුව විසින් මෙවර මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනිම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 110ක මුදලක් ණය වශයෙන් ලබා දීමට පියවර ගත්තේය.

මෙවර මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ඉදිරිපත් කළ ප්‍රථම ටෙන්ඩරය අනුව මෙම යුරියා පොහොර තොගය ගෙන්වීමට පියවර ගත් බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මාස් කන්නයේ වී වගාව තවමත් රට පුරා ආරම්භ වී නැතත් වී වපුරා දින 14ක් තුළ යෙදිය යුතු පළමු යුරියා පොහොර යෙදුම සඳහා අවශ්‍ය යුරියා පොහොර ප්‍රමාණයන් මේ වනවිටත් දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන තිබේ.

මේ අතර මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා කැඳවන ලද දෙවන ටෙන්ඩරය අනුව  මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් දෙවන නෞකාව නොවැම්බර් මස අවසන් සතිය තුළ මෙරටට ලඟා වීමට නියමිතය.

කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ වරායට ගොස් යුරියා පොහොර ගොඩබෑම හා බෙදාහැරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සඳහා සහභාගි වීමට නියමිතය.

The post යුරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක් රැගත් පළමු නෞකාව කොළඹ වරායට appeared first on ITN News.

Read More »

සැම්සුන් සමාගමේ නිළ නොවන නායකයාට ජනාධිපති සමාවක්  

0 comments

අපරාධවරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ වරදකරුවෙකු වී සිරදඩුවම් විදිමින් සිටි සැම්සුන් සමාගමේ නිළ නොවන නායකයා ලෙස සැලකෙන ලී ජේ යොන් විශේෂ ජනාධිපති සමාවක් ලැබිමෙන් පසු යලි ව්‍යාපාර කටයුතු සදහා පැමිණ තිබෙනවා.

2017 වසරේ දී අල්ලස් හා දූෂණ චෝදනා යටතේ ලී ජේ යොන් වරදකරු බවට පත් කෙරුණා. කෙසේ වෙතත් පසුගිය අගෝස්තු මාසයේ දී ඔහු වෙත විශේෂ ජනාධිපති සමාවක් ලබා දීමට කොරියා ජනාධිපතිවරයා කටයුතු කලා.

හිටපු ජනාධිපතිනියට අල්ලස් ලබා දීමේ චෝදනාව මතයි ඔහු සිර ගත කෙරුණේ. සැම්සුන් සමාගම ව්‍යාපාර වශයෙන් යලි ශක්තිමත් කොට කොරියා ආර්ථිකය වර්ධනය කිරීම සදහා මෙම ජනාධිපති සමාව ලබාදුන් බව එරට රජය ප්‍රකාශ කර තිබුණා.

 

 

 

 

The post සැම්සුන් සමාගමේ නිළ නොවන නායකයාට ජනාධිපති සමාවක් appeared first on ITN News.

Read More »

‘නව ගමනේ නියමුවා – ෂී ජින්පිං’ මැයෙන් චීනයේ ෂින්හුවා පුවත් සේවය විශේෂ වාර්තාවක් පළ කරයි  

0 comments

‘නව ගමනේ නියමුවා –ෂී ජින්පිං’ මැයෙන් චීනයේ ෂින්හුවා පුවත් සේවය විශේෂ වාර්තාවක් පළ කරයි.

නව චීනය පිහිටුවීමෙන් පසු ඉපදුණු, ප්‍රථම චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා වශයෙන්, ෂී ජින්පිං මහතා සමූහාණ්ඩුවේ පිබිදීම සියැසින් දුටු චරිතයකි.

මව්රටට ඉහළ ගෞරවයක් දක්වමින්, දැඩි උනන්දුවකින් යුතුව රටේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ක්‍රියාමාර්ගයට ඔහු දායක වී සිටින්නේ එම ජීවිත පරිඥානය හේතුවෙනි. චීනයේ තිරසර සංවර්ධනය සඳහා පද්ධතිමය සැලසුම් සම්පාදනය කළ ඔහුගේ මඟපෙන්වීමෙන්, විවිධ ජනවාර්ගික ජනතාව ශක්තිමත් වී සිටිති.

ප්‍රබල ජනප්‍රියත්වයක් සතු ෂී ජින්පිං මහතා විදේශීය පර්යේෂකයන් හා ජගත් දේශපාලනඥයන්ගේ නොමඳ පැසසුමට ලක්වන නායකයෙකි. මීට දශකයකට පෙර ෂී ජින්පිං මහතා පක්ෂ මහලේකම් ධුරයට අලුතෙන් තේරී පත්වන අවස්ථාවේ චීනය ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්ව සිටිය ද, දූෂණය, ඇතිනැති පරතරය හා පරිසර දූෂණය වැනි අභියෝග රැසකට රට මුහුණ පා තිබිණ. ෂී ජින්පිං මහතා ප්‍රථමයෙන්ම සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ලෙස පාලනය කිරීමේ උපායමාර්ගය ඉදිරිපත් කොට, ඊට අදාළ පසුබිම ද සැකසීය.

එය ආණ්ඩු පක්ෂයේ ප්‍රතිරූපය යළි ගොඩනැගීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ. චීන ප්‍රජාතන්ත්‍රවාදය යනු, පූර්ණ ක්‍රියාදාම ප්‍රජාතන්ත්‍රවාදය බවත්, එය යොදාගැනෙන්නේ ජනතා ගැටළු විසඳීම සඳහා බවත් ඔහු පෙන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දිවුරුම් දුන් ප්‍රථම චීන ජනාධිපතිවරයා, ෂී ජින්පිං මහතා ය. රටේ නීති පාලනය පූර්ණ වශයෙන් ඉදිරියට ගෙන යාම, ඔහු විසින් මෙහෙයවන ලද ගැඹුරු විප්ලවයකි. ‘ජනතා කේන්ද්‍රීය සංවර්ධන’ මූලධර්මයට අනුව, ‘‍නිර්මාණශීලී, සම්බන්ධීකරණ, හරිත, විවෘත හා පොදු ජයග්‍රාහී සංවර්ධන සංකල්පය’ ඔහු විසින් ඉදිරිපත් කෙරිණ.

සමස්ත ජනතාවගේ පොදු පොහොසත්කම ළඟා කරගැනීමට එය රුකුලක් වී තිබේ. දෙස් විදෙස් අවදානම් හා අභියෝගවලට මුහුණ දීමේදී ෂී ජින්පිං මහතා දැක්වූ අධිෂ්ඨානය, ධෛර්යය හා නොසැලෙන ගුණය ෂින්හුවා පුවත්‍ සේවය පසුගියදා පළ කළ සවිස්තර වාර්තාවෙන් විවරණය කර ඇත.

ෂී ජින්පිං මහතා මෙහෙයවන චීන ලක්ෂණයෙන් යුතු නවීකරණය, මානව සමාජය මුහුණ පා ඇති අසීරුතා රැසකට විසඳුම් සපයමින් පවතී. එම උත්සාහය, නව මානව ශිෂ්ටාචාර රටාවක් නිර්මාණය කිරීමක් ලෙසට එම වාර්තාව මගින් අර්ථ නිරූපණය කර ඇත.

The post ‘නව ගමනේ නියමුවා – ෂී ජින්පිං’ මැයෙන් චීනයේ ෂින්හුවා පුවත් සේවය විශේෂ වාර්තාවක් පළ කරයි appeared first on ITN News.

Read More »

ලොව අපිරිසිදුම මිනිසා මියයයි  

0 comments

ලොව අපිරිසිදුම මිනිසා ලෙස සැලකනෙ අමූ හාජි මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

දකුණු දිග ඉරානයේ ෆාස් ප්‍රදේශයේ වාසය කළ අමූ හාජි මිය යන විට 94 වන වියේ පසු වුණා.

වසර 50 කට වැඩි කාලයක් ඔහු ස්නානය කර නොතිබුණු අතර මීට මාස කිහිපයකට පෙර ප්‍රථම වතාවට ජලය යොදාගෙන පිරිසිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මීට පෙරද කිහිප වතාවක්ම ගම්වැසියන් ඔහුව පිරිසිදු කිරීමට උත්සාහ කර තිබුණ ද ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූ බවයි වාර්තා වන්නේ.

ජලය හෝ සබන් ඇඟ ගැල්වීමෙන් රෝග වැලදීමේ හැකියාවක් ඇති බවට ඔහු බියෙන් පසු වූ බව ගම්වැසියන් සඳහන් කරනවා.

හදිසියේම  රෝගාතුර වූ ඔහු පසුගිය ඉරිදා දිනයේදී මිය ගොස් තිබෙනවා.

The post ලොව අපිරිසිදුම මිනිසා මියයයි appeared first on ITN News.

Read More »

මන්ත්‍රීවරුන් ලෙස සිටින ද්විත්ව පුරවැසියන් ස්වකැමැත්තෙන්ම ඉන් ඉවත් විය යුතුයි  

0 comments

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිටින ද්විත්ව පුරවැසියන් ස්වකැමැත්තෙන්ම ඉන් ඉවත් විය යුතු  බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන්වහන්සේ  ඉල්ලා සිටිනවා.රජයේ ඉහළ තනතුරුවලට ද්විත්ව පුරවැසියන් පත් නොකරන ලෙසද උන්වහන්සේ ඉල්ලීමක් කළා.

The post මන්ත්‍රීවරුන් ලෙස සිටින ද්විත්ව පුරවැසියන් ස්වකැමැත්තෙන්ම ඉන් ඉවත් විය යුතුයි appeared first on ITN News.

Read More »

සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීමට අවධානය  

0 comments

සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳ මහජන ආරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුණා.

යහපත් සෞඛ්‍ය මට්ටමේ නොසිටින බොහෝ පිරිසක් පොලිස් සේවයේ සිටින බවත් ඔවුන් වෛද්‍ය සහතික පෙන්වා අපහසු රාජකාරීවලට නොයෙදෙන බවත් කමිටුවේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් රාජකාරිය නිවැරදිව ඉටු කරන නිලධාරීන් අපහසුතාවට පත්වන බවයි ඔවුන් පෙන්වා දුනනේ.

පොලිස්පතිවරයා කියා සිටියේ සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් හරදහසක් පමණ පොලිස් සේවයේ යෙදී සිටින බවයි.

මෙම වසරේ පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් විශ්‍රාම යන බවත් පොලිස් නිලධාරීන් දහසයදහසක පමණ පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බවයි පොලිස් පතිවරයා කියා සිටියේ.

The post සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීමට අවධානය appeared first on ITN News.

Read More »

අවිආයුධ නිෂ්පාදනය වේගවත් කරන ලෙස පුටින්ගෙන් නියෝගයක්  

0 comments

යුක්රේනයේ යුද මෙහෙයුම්වල නිරත රුසියා භට ඛණ්ඩවලට අවශ්‍ය අවිආයුධ නිෂ්පාදනය වේගවත් කරන ලෙස රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නියෝග කර තිබෙනවා.

පසුගිය සති කිහිපය තුළ යුක්රේනයේදී රුසියා භට ඛණ්ඩ පසු බැසීමට අවි ආයුධ හිඟය ප්‍රධාන හේතුවක් බවයි රුසියා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

එබැවින් මෙහෙයුම් කටයුතුවලට අවශ්‍ය අවිආයුධ නිෂ්පාදනය වේගවත් කර එම ආයුධ තොගය යුක්රේනයට පිටත් කර හරින ලෙස පුටීන් නියෝග කර තිබෙනවා.

යුද පෙරමුණේදී ජයග්‍රහණ  අත්කර ගැනීමට නම් එය අත්‍යවශ්‍ය කරුණක් බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කළ අතර මේ දක්වා ඒ සඳහා ඇමෙරිකා ඩොලර් බිලියන ගණනක් වැය කිරීමට රුසියාවට සිදු වූවා.

කෙසේ වුවද  යුක්රේනය රුසියාවට විරුද්ධව භාවිත කරනුයේ විදෙස් රටවලින් ආධාර ලෙස ලැබුණු අවි ආයුධ තොගයි.

The post අවිආයුධ නිෂ්පාදනය වේගවත් කරන ලෙස පුටින්ගෙන් නියෝගයක් appeared first on ITN News.

Read More »

යුක්රේන සරණාගතයින්ගෙන් එරට රජය ඉල්ලීමක් කරයි  

0 comments

ශීත සෘතුව අවසන් වනතුරු යළි මව්රටට නොපැමිණෙන ලෙස යුක්රේන සරණාගතයින්ගෙන් එරට රජය ඉල්ලා සිටිනවා.

යුද ගැටුම් හේතුවෙන් යුක්රේනයේ වෙනත් රටවලට සරණාගතයින් ලෙස මිලියන ගණනක පිරිසක් පලා ගියා.

යුක්රේනය දැනට මුහුණ දී සිටින බලශක්ති අර්බුදය හේතුවෙන් ඉදිරි ශිත සෘතුවේ දී එරට ජනතාවට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවටයි බලධාරීන් අනතුරු අඟවන්නේ.

ඒ හේතුවෙන් වසන්ත සෘතුව එළබෙන තෙක් යළි යුක්රේනයට නොපැමිණෙන ලෙස එරට හැරගිය පිරිසගෙන් යුක්රේන ජනාධිපති වෝල්දොමියර් සෙලෙන්ස්කි ඉල්ලා සිටිනවා.

රුසියා ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ බලශක්ති අංශයේ තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවයි ඔහු පවසන්නේ.

මේ අතර සෑම මසකදීම යුක්රේනයට ඇමරිකා ඩොලර් බිලියන තුනක මුදලක් අවශ්‍ය බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

The post යුක්රේන සරණාගතයින්ගෙන් එරට රජය ඉල්ලීමක් කරයි appeared first on ITN News.

Read More »

ඊයේ වැඩිම කොරෝනා මරණ හා නව ආසාදිතයින් ජර්මනියෙන්  

0 comments

ලොව පුරා රටවලින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ගත වූ පැය 24ට රටවල් 228 කින් හමු වී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ විසි දහසකට ආසන්නයි. සිදුව  ඇති මරණ සංඛ්‍යාව 1241 ක්.

ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතකයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ජර්මනියෙන්.

එරටින්  ගත වූ පැය 24ට හමු වී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 95,000 කට ආසන්නයි.

එමෙන්ම ප්‍රංශයේ 59,000 ක් ඉතාලියෙන් 48,000 ක් හා ජපානයෙන් 47,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ජර්මනියේ ඊයේ සිදුව ඇති කොරෝනා මරණ 242 ත් සමග ලොව පුරා සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැට පන් ලක්ෂ අසූ පන් දහස් අටසීය ඉක්මවා ගියා.

හමු වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හැට තුන් කෝටි තිස් හත් ලක්ෂයකට අධිකයි.

 

 

The post ඊයේ වැඩිම කොරෝනා මරණ හා නව ආසාදිතයින් ජර්මනියෙන් appeared first on ITN News.

Read More »

WhatsApp සමාජ මාධ්‍ය ජලයේ බිඳවැටීමක්  

0 comments

පරිශීලකයින්ට පණිවිඩ ලැබීමට නොහැකි වෙමින් WhatsApp සබඳතාවය බිඳ වැටී තිබෙනවා.

ඇනහිටීම් හඳුනාගැනීමේ වෙබ් අඩවිය වන DownDetector මඟින් WhatsApp දහස් ගණනක් පරිශීලකයින් සඳහා ක්‍රියා නොකරන බව තහවුරු කරයි. ඇත්ත වශයෙන්ම, ගෝලීය ඇනහිටීමක් වාර්තා වී ඇත.

ගැටලුව පිළිගනිමින් Meta තාක්ෂණ සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ සමාගම හැකි ඉක්මනින්’ සේවා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

“සමහර පුද්ගලයින්ට දැනට පණිවිඩ යැවීමේ ගැටලුවක් ඇති බව අපි දනිමු සහ හැකි ඉක්මනින් සෑම කෙනෙකු සඳහාම WhatsApp යථා තත්ත්වයට පත් කිරීමට අපි කටයුතු කරමින් සිටිමු” යැයි රොයිටර් පුවත් සේවයට ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.

 

The post WhatsApp සමාජ මාධ්‍ය ජලයේ බිඳවැටීමක් appeared first on ITN News.

Read More »

ලිට්‍රෝ ගෑස් මිල යළිත් පහළට?  

0 comments

ලෝක වෙළෙදපොලේ මිල උච්චාවචනයට අනුව ලබන මාසයේ දී දේශීය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තවදුරටත් අඩුවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේ දී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

 

 

 

 

The post ලිට්‍රෝ ගෑස් මිල යළිත් පහළට? appeared first on ITN News.

Read More »

ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව ඉහළට  

0 comments

ත්‍රි රෝද රථ සදහා ලබාදෙන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී තිබෙනවා.

වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රි රෝද රථ සදහා සතියකට ලීටර් 5 ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10 ක් දක්වා වැඩි කෙරෙනවා. පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රි රෝද රථ ලියාපදිංචිය නොවැම්බර් පළමුවනදා සිට ආරම්භ කිරීම සැළසුමයි. මෙම කරුණු හෙළිවූයේ ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ වෘත්තීය ත්‍රි රෝද රථ සංගම් අතර පැවති සාකච්ඡාවේදීයි. නොවැම්බර් 6 වනදා සිට බස්නාහිර පළාත තුළ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. දිවයිනේ අනෙකුත් පළාත් තුළ මගී ප්‍රවාහන ත්‍රි රෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 6 වනදා සිට 13 වනදා දක්වා සිදුකෙරෙනවා. පසුව එම ප්‍රදේශවල ත්‍රි රෝද රථ වලට ද ඉන්ධන කෝටාව ලබාදීමට නියමිතයි. දැනට ත්‍රි රෝද රථ දසලක්ෂ අසූදහසක් පවතින අතර ඉන් වෘත්තීයමය මගී ප්‍රවාහන ත්‍රි රෝද රථ ලක්ෂ 4 ක් පවතින බව ත්‍රි රෝද රථ සංගම් පවසනවා.  

 

 

 

 

The post ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව ඉහළට appeared first on ITN News.

Read More »

සීට්‍රෑන්ග් සුළි කුණාටුවෙන් බංග්ලාදේශයට දැඩි බලපෑම්  

0 comments

පැයට කිලෝමීටර් 80 ක පමණ ප්‍රබලත්වයෙන් යුතු සීට්‍රෑන්ග් සුළි කුණාටුවෙන් බංග්ලාදේශයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

අධික වැසි හා සුළං හේතුවෙන් ගංවතුර,  නායයාම් හා ගස් කඩාවැටීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බංග්ලාදේශ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. ඊයේ සවස 6 ට පමණ සීට්‍රෑන්ග් සුළි කුණාටුව එරටට ඇතුළු වූ අතර පුද්ගලයින් තිස්දහසකට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. සුළි කුණාටුවෙන් ආපදාවට පත්වන පිරිස් වෙත සහන කටයුතු සැලසීම සදහා රැදවුම් මධ්‍යස්ථාන 576 ක් පිහිටුවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. ඩකා,  නාගල්කොට් ඇතුළු නගර රැසකට මේ වනවිටත් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ගවයින් තුන්දහසක් පමණ ගොවිපල වලින් ඉවත්කර ඇති බවද සදහන්.

 

 

 

 

 

 

 

 

The post සීට්‍රෑන්ග් සුළි කුණාටුවෙන් බංග්ලාදේශයට දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

රට ගොඩනැගීමට ස්ථාවරව හා සාමූහිකව කටයුතු කළ යුතු බව බ්‍රිතාන්‍ය නව අගමැති කියයි  

0 comments

රට ගොඩනැගීමට ස්ථාවරව හා සාමූහිකව කටයුතු කළ යුතු බව බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට නියමිත රිෂී සුනක් පවසනවා.

බ්‍රිතාන්‍ය දැනට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණදීමට නම් එක්ව කටයුතු කළ යුතු බවයි රිෂී සුනක් පෙන්වා දෙන්නේ. කන්සවේටිව් පක්ෂ නායකත්වයට ඊයේ දිනයේ දී ඔහු තේරී පත්වූ අතර ඒ සමගම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට ද සුදුසුකම් ලබනවා. පක්ෂ නායකත්වයට පත්වීනේ පසු පළමුවරට මාධ්‍ය අමතමින් ඔහු සදහන් කළේ තමාගේ ප්‍රමුඛත්වය හිමිවන්නේ රටට සහ පක්ෂයට බවයි. වසර 200 කට පමණ පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ලාබාලතම පුද්ගලයා ලෙසයි රිෂී සුනක් සැලකෙන්නේ. හතලිස් දෙහැවිරිදි වියේ පසුවන ඔහු හින්දු භක්තිකයෙක් ද වනවා. තුන්වන චාල්ස් රජුගේ අනුමැතියෙන් පසුව බොහෝ දුරට අද දිනයේ දී ඔහු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාරගනු ඇති බවටයි බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ.

 

 

 

 

 

 

 

The post රට ගොඩනැගීමට ස්ථාවරව හා සාමූහිකව කටයුතු කළ යුතු බව බ්‍රිතාන්‍ය නව අගමැති කියයි appeared first on ITN News.

Read More »

චීන සංවර්ධන සංකල්පයට ගෝලීය තරුණ පරපුරේ පුළුල් පිළිගැනීමක්  

0 comments

චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය ඔස්සේ චීන ජාතිකයන්ගේ පුනර්ජීවනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන සංවර්ධන සංකල්පය ගෝලීය තරුණ පරපුරේ පුළුල් පිළිගැනීමට ලක්වූ බව ජනමත විමසීමක ප්‍රතිඵලයෙන් පිළිබිඹු වී තිබේ.

ලොව පුරා සිටින වයස අවුරුදු 30ට අඩු තරුණයින් 4700ක් යොදාගැනෙන ජන මත විමසුමක්, චීන මාධ්‍ය සමූහයේ CGTN බුද්ධි මණ්ඩලය හා චීන රෙන්මින් විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පාලන හා මාධ්‍ය ජෛව පර්යේෂණ ඇකඩමිය විසින් ඒකාබද්ධව ආරම්භ කරනු ලැබිණ. සංවර්ධන මාර්ගය තම රටේ මූලික තත්ත්වය මත සැකසිය යුතු බවත්, නවීකරණය පිළිබඳ නිශ්චිත රටාවක් හෝ ප්‍රමිතියක් නොමැති
බවත් සියයට 84.7කගේ අදහස වී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂය ඉදිරිපත් කළ ‘ජනතාව කේන්ද්‍ර කොට ගන්නා සංවර්ධන සංකල්පය’ජනමත විමසීමට එක්වූ සියයට 80කට වැඩි තරුණයන්ගේ පිළිගැනීමට ලක් ව තිබේ. අදාළ ජනමත විමසුම මහාද්වීප පහේ රටවල් 30ක් ආවරණය කළේය. ඊට ලක් වූ රටවලින් සියයට 40ක් ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය හා ඕස්ට්‍රේලියාව ඇතුළු සංවර්ධිත රටවල්. සෙසු සියයට 60 ට ඇතුළත් වුණේ, කෙන්යාව, නයිජීරියාව, පකිස්තානය, ඉන්දුනීසියාව, පේරු රාජ්‍යය, ආජන්ටිනාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින
රටවල්. ගෝලීය සංවර්ධනයේ අස්ථිරබව වඩාත් කැපී පෙනෙන අතර, ගෝලීය ආර්ථිකය පිරිහීමට ලක්වීමේ පසුබිම යටතේ වුවද, ජනමත විමසුමට එක්වූ සියයට 71.1ක තරුණයින් චීන ආර්ථිකයේ තිරසර වර්ධනය කෙරේ සර්වශුභවාදී ආකල්පයක සිටීම විශේෂත්වයකි. ඉන් සියයට 68ක් අදහස් කරන්නේ චීනයේ සංස්කෘතික බලපෑම් ශක්තිය ද සමකාමී ලෙස ඉහළ නැංවෙනු ඇති බවයි. විද්‍යා තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇමරිකාවෙන් මර්දනය හා පීඩනය එල්ල වී තිබුණද ඉදිරි වසර පහ තුළ චීනයේ විද්‍යා තාක්ෂණය කෙරේ සියයට 79.3ක තරුණයින් යහපත් දැක්මකින් සිටින බව ද එම ජනමත විමසුම් ප්‍රතිඵලය පිළිබිඹු කරයි.

The post චීන සංවර්ධන සංකල්පයට ගෝලීය තරුණ පරපුරේ පුළුල් පිළිගැනීමක් appeared first on ITN News.

Read More »

සියලු කර්මාන්ත තාක්ෂණයෙන් බලගැන්විය යුතුයි  

0 comments

ලොව නිෂ්පාදන වෙළෙදපොල සමඟ තරග කිරීමට නම් සියලු කර්මාන්ත තාක්ෂණයෙන් බලගැන්විය යුතු බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

කාර්මික තාක්ෂණ ආයතනයේ බෞද්ධාලෝක මාවතේ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ විද්‍යා මාවතේ මෙන්ම මාලඹේ පිහිටි තාක්ෂණ සේවා පරිශ්‍ර නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. සියලු කර්මාන්ත සදහා නව තාක්ෂණය තවදුරටත් හදුන්වා දිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඉන් වැඩි ආර්ථික ප්‍රතිලාභයක් අත්කර ගත හැකි බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

 

 

 

 

 

 

 

 

The post සියලු කර්මාන්ත තාක්ෂණයෙන් බලගැන්විය යුතුයි appeared first on ITN News.

Read More »

මැතිවරණ කල් දමන්නේ නම් ඊට එරෙහිව නැගී සිටීමට සියලු පක්ෂ සූදානම්  

0 comments

මැතිවරණ පැවැත්වීම වෙනුවට මැතිවරණ කල් දමන්නේ නම් ඊට එරෙහිව නැගී සිටීමට සියලු පක්ෂ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඒ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

 

 

 

 

 

 

 

The post මැතිවරණ කල් දමන්නේ නම් ඊට එරෙහිව නැගී සිටීමට සියලු පක්ෂ සූදානම් appeared first on ITN News.

Read More »

යුක්‍රේනයේ කර්සන් ප්‍රදේශයේ ජනතාව එම ප්‍රදේශයෙන් පලා යයි  

0 comments

රුසියා පාලන බලයේ පවතින යුක්‍රේනයේ කර්සන් ප්‍රදේශයේ ජනතාව එම ප්‍රදේශයෙන් පලා යන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

කර්සන් නගරයේ ජනතාව බස් රථ හා යාත්‍රාවන් උපයෝගී කර ගනිමින් එම ප්‍රදේශයෙන් පලා යමින් සිටිනවා. යුක්‍රේන හමුදාව කර්සන් ඉලක්ක කරගමින් එල්ල කරන ප්‍රහාර වැඩි කිරීමත් සමගයි ජනතාව ප්‍රදේශයෙන් පලා යාම ආරම්භ ‌කළේ. මේ වන විටත් විසිපන්දහසක් පමණ ප්‍රදේශය හැර ගොස් තිබෙනවා.  රුසියා බලධාරීන් ද ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂක ස්ථාන කරා පලා යන ලෙසයි. යුක්‍රේන ප්‍රහාර හේතුවෙන් හැටදහසකගේ පමණ ජිවිත  අවධානමට ලක්ව ඇති බවයි රුසියාව පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

The post යුක්‍රේනයේ කර්සන් ප්‍රදේශයේ ජනතාව එම ප්‍රදේශයෙන් පලා යයි appeared first on ITN News.

Read More »

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු තද වැසි  

0 comments

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ද ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු තද වැසි appeared first on ITN News.

Read More »

අනුරාධපුර සහ මහවිලච්චිය ප්‍රදේශවල බඩ ඉරිඟු ගොවීන්ට නොමිලේ බීජ  

0 comments

රුපියල් මිලියන පන්සිය තිස්තුනක් වැය කරමින් බඩ ඉරිඟු බීජ මෙට්ට්‍රික් ටෝන් එකසිය හතලිස් හතරක ප්‍රමාණයක් ගොවිජනතාව සදහා ලබා දීමට ජයිකා පදනම කටයුතු කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය සමග එක්ව මෙම බීජ නොමිලේ ලබා දීමටයි සැලසුම් කර තිබෙන්නේ.

අනුරාධපුර සහ මහවිලච්චිය ප්‍රදේශවල බඩ ඉරිඟු ගොවීන් සදහා බීජ ලබා දීමට නියමිතයි. එහි පළමු අදියර ලෙස මහවිළච්චි ඇඳ්දත් කල්ලියේ ගම්මානයේ ගොවි ජනතාව වෙත බීජ ලබා දීම සිදු කෙරුණා. එම බීජ ලබාදිමෙන් පසු බඩ ඉරිඟු වගාව සදහා සුදානම් කර ඇති වගා භූමි නිරික්ෂණය කිරිමේ ක්ෂේත්‍ර චාරිකාවකට නිලධාරීන් එක්වුණා. කෘෂිකර්ම අමත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්තා ඉලංගකෝන් මහත්මිය මෙහිදි ප්‍රකාශ කලේ දිවයින පුරා හෙක්ටාර් ලක්ෂයක පමණ බඩ ඉරිඟු වගාව සැලසුම් කර තිබුණ ද බීජ හිගය හේතුවෙන් එය හෙක්ටයාර් හැට දහසකට අඩු කිරීමට සිදුව ඇති බවයි.

 

 

 

 

 

The post අනුරාධපුර සහ මහවිලච්චිය ප්‍රදේශවල බඩ ඉරිඟු ගොවීන්ට නොමිලේ බීජ appeared first on ITN News.

Read More »

දකුණු සුඩානයේ ජනවාර්ගික ගැටුම්වලින් පුද්ගලයින් 220 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

දකුණු සුඩානයේ ජනවාර්ගික ගැටුම්වලින් පුද්ගලයින් 220 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගැටුම් හේතුවෙන් රාත්‍රී කාලයේ දී ඇදිරි නීතිය පනවා ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාවට යුද හමුදාව කැවීමටයි පියවර ගෙන ඇත්තේ. ඉඩම් අරවුලක් මත හවුසා හා බර්ටා නමැති ජන කණ්ඩායම් දෙක අතර මෙම ගැටුම් හටගෙන තිබෙනවා.  පසුගිය වසර කිහිපය තුළ දී ඇතිවූ දරුණුතම ජනවාර්ගික ගැටුම මෙය ලෙස හැදින්වෙනවා. දකුණු සුඩානය හා ඉතියෝපියාව අතර දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති ප්‍රාන්තයකයි මෙම ගැටුම් හටගත්තේ. ගැටුම් හටගැනීමත් සමග කුඩා දරුවන් හා කාන්තාවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වනවා.

 

 

 

The post දකුණු සුඩානයේ ජනවාර්ගික ගැටුම්වලින් පුද්ගලයින් 220 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ලෝකය සමග එක්ව චීනය වඩාත් ක්‍රියාශීලීව කටයුතු කරනු ඇති බව චීන ජනපති කියයි  

0 comments

23 වැනිදා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාව පළමු පූර්ණ රැස්වීම පවත්වමින් සිය නව නායක මණ්ඩලය තෝරා පත් කර ගෙන තිබේ. එහිදී ෂී ජින් පිං මහතා 20වන මධ්‍යම කාරක
සභාවේ මහ ලේකම්වරයා වශයෙන් තේරී පත් විය. චීන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් එම නව නායක මණ්ඩලය එක් වූ මාධ්‍ය හමුව 23වැනිදා බෙයිජිංහි දී පැවැත්විණ.

අංගසම්පූර්ණ සමාජවාදී නවීකරණ රටක් ගොඩ නැගීමේ නව ගමනට චීනය පිවිස ඇති බවත්, චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය මගින් චීන ජාතික පුනර්ජීවනය තවදුරටත් ඉදිරියට ගෙන යාමට වැදගත්
යුගයක් උදා වී ඇති බවත්, ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. චීනය ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධන ක්‍රියාවලිය ස්ථිරව ඉදිරියට ගෙන යමින් ස්වකීය සංවර්ධනය මගින් ලෝකය වෙනුවෙන් වඩාත් වැඩි අවස්ථා නිර්මාණය කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්වයං විනය දැඩි කරමින් සෑමවිටම ජනතාවගේ වඩාත්ම විශ්වාසදායක සහ ශක්තිමත් පිටුබලය හිමිකර ගතයුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. වත්මන්ලෝකය පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටී. සියලු රටවල් සාමකාමී සහජීවනය හා සහයෝගිතාව පදනම් කරගෙන එම අභියෝග ජය ගත හැකි බව හෙතෙම පවසයි. චීනයේ සංවර්ධනය ලෝකය සමග බැඳී ඇති අතර ලෝක සංවර්ධනයට චීනයේ දායකත්වය අවශ්‍ය වේ. ලෝක සාමය හා සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී චීනය විවිධ රටවල් සමග එක්ව වඩාත් ක්‍රියාශීලි ව කටයුතු කරනු ඇතැයි චීන ජනාධිපතිවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ ය.

The post ලෝකය සමග එක්ව චීනය වඩාත් ක්‍රියාශීලීව කටයුතු කරනු ඇති බව චීන ජනපති කියයි appeared first on ITN News.

Read More »

අලුත් විශ්වවිද්‍යාල ගැන ජනපති රනිල්ගෙන් රාජකීය සිසුන්ට පණිවුඩයක්  

0 comments

විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපන අවසන් කිරීමට අවස්ථාව සලසන බව ජනාධිපති රනිල් වික්‍රමසිං මහතා පවසනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

නවක වදය වැළැක්වීම සදහා වන විසදුම් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ කුරුණෑගල සහ මඩකලපුව ප්‍රදේශවල ඇතුළුව නව විශ්වවිද්‍යාල කිහිපයක් කඩිනමින් ආරම්භ කරන බවයි

රාජකිය විද්‍යාලයේ කටයුතු මෙන්ම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්වයන් පිලිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. දේශීය විශ්වවිද්‍යාලයක සහ විදේශීය විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා ගැනීමට ගතවන කාලය අතර විශාල වෙනසක් ඇති බවයි සිසුන් මෙහිදී පෙන්වා දුන්නේ. ඒ සදහා විධිමත් පිළියමක් නුදුරේදීම ලබාදෙන බව ජනාධිපතිවරයා කියා සිටියා. උසස් අධ්‍යාපන සුදුසුකම් ලබන සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරිමට රජය ගෙන ඇති පියවර පිළිබදවද ජනාධිපතිවරයා පැහැදිලි කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය  වෙනම මණ්ඩපයක් බවට පත් කිරීම ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනවලට ජාතික විශ්වවිද්‍යාල සුදුසුකම ලබාදීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. විශ්වවිද්‍යාල නවක වදය පිළිබද සිසුන්ගෙන් විමසූ ජනාධිපතිවරයා සදහන් කළේ කොළඹ ප්‍රධාන පෙලේ පාසල්වලින් වාර්ෂිකව විශ්වවිද්‍යාල සදහා වැඩි සිසුන් පිරිසක් ඇතුළත් වුවද ඔවුන් ඒ පිළිබද නිහඩව සිටින බවයි. නවක වදය හේතුවෙන් සිසුන් කායිකව මෙන්ම මානසික පීඩාවට ලක්වන තත්ත්වය ඉහළ ගොස් ඇති අතර ඒ සදහා වන විසදුම් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා අවධාරණය කළා.

 

The post අලුත් විශ්වවිද්‍යාල ගැන ජනපති රනිල්ගෙන් රාජකීය සිසුන්ට පණිවුඩයක් appeared first on ITN News.

Read More »

රත්‍රන් සහ මුදල් සොරකම්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

රුපියල් ලක්ෂ තිස්පහකට අදික වටිනාකමකින් යුත් රත්‍රන් සහ රුපියල් ලක්ෂ දෙකකට ආසන් මුදලක් සොරකම් කල වනජිවී සේවකයෙකු තබුත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා.

මෙම පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වි ඇති අතර විවාහක බිරිඳගෙන් වෙන් වී ජිවත් වී තිබෙනවා. පවුම් විස්සකට අධික රත්‍රන් සහ මුදල් සොරකම් කර ඇති බවට මෙම බිරිඳ කළ පැමිණිල්ලකට අනුව පොලිසිය කළ පරීක්ෂණ වලදී සැකකරු අත්අඩංගුවට ගැනුනේ. සැකකරු තබුත්තේගම ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට පැමිණ ආවස්ථාවේ ඔහු සැකසහිත ආකාරයෙන් හැසිරිමත් සමඟ තොරතුරු හෙළි කර ගැනීමට තබුත්තේගම පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන්ට හැකි වුණා. සොරකම් කල රත්‍රන් බොහොමයක් බැංකුවල උකස් තබා ඇති බවට ද හෙළි වී තිබුණා.

The post රත්‍රන් සහ මුදල් සොරකම්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

චීන ජනපති ලෙස ෂී ජින්පින් තුන්වන වරටත් තේරී පත්වෙයි  

0 comments

චීන ජනපති ලෙස ෂී ජින්පින්  තුන්වන ධුර කාලය සඳහාද තේරී පත්වී තිබෙනවා.

මාවෝ සේතුන් ජනාධිපතිවරයාගෙන් පසු වැඩිම බලයක් හිමිවූ චීන නායකයා ලෙසයි වත්මන් ජනාධිපති ෂී ජින්පින් සැලකෙන්නේ.චීන කොමියුනිස්ට් පක්ෂයේ වාර්ෂික සමුළුව බීජිං නුවරදී ඊයේ අවසන් වුණා. එහිදී ගත් තීරණය අනුව චීන ජනාධිපති ෂී ජින්පින් කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන අතර එරට රජයේ තීරණ ගන්නා කමිටුවේ ද කටයුතු කරයි. ලබන වසරේ මාර්තු මාසයේ දී පැවැත්වෙන රජයේ වාර්ෂික ව්‍යවස්ථාදායක සැසිවාරයේ දී ජනාධිපති ෂී ජින්පින්ගේ තුන්වන ධුරකාලය පිළිබඳ නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතයි. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය ජනපති ෂී ජින්පින් නායකත්වය දෙන 7 දෙනෙකුගෙන් යුත් දේශපාලන මණ්ඩල ස්ථාවර කමිටුවක් ද නම් කෙරුණා.

The post චීන ජනපති ලෙස ෂී ජින්පින් තුන්වන වරටත් තේරී පත්වෙයි appeared first on ITN News.

Read More »

චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයෝ මාධ්‍ය හමු වෙති  

0 comments

චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන් එක් වන මාධ්‍ය හමුවක් අද (23) බෙයිජිංහි පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පළමු වන පූර්ණ සැසියේදී තේරී පත් වූ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයෝ එහිදී දෙස් විදෙස් වාර්තාකරුවන් හමු වූහ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමඟ Li Qiang , Zhao Leji , Wang Huning, Cai Qi, Ding Xuexiang සහ Li Xi යන මහත්වරු එම ස්ථාවර සාමාජිකයන් වශයෙන් ඒ අතර සිටිති.

The post චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයෝ මාධ්‍ය හමු වෙති appeared first on ITN News.

Read More »

යතුරු පැදියක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට  

0 comments

බණ්ඩාරගම හොරණ මාර්ගයේ මිල්ගස් හංදිය ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වුණා.

යතුරු පැදියක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදු වු වුනේ. යතුරු පැදියේ ගමන් කල පුද්ගලයින් දෙදෙනා බලපතර තුවාල ලැබු අතර ඉන් එක් අයෙකු ජිවිතක්ෂයට පත් වුණා. මෙලෙස මිය ගියේ හොරණ සඳගිරි උයන ප්‍රදේශයේ පදිංචි විසිහත් හැවිරිදි තරුණයෙකුයි. හොරණ දෙස සිට පැමිණි යතුරු පැදිය එම දිසාවෙන්ම පැමිණි ත්‍රිරෝද රථයක් පසු කර යාමට උත්සහ දැරීමත් සමගයි බස් රථයේ ගැටී තිබෙන්නේ. බස් රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට  ගැනුනා.

 

 

 

 

 

 

The post යතුරු පැදියක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

රොස්ලින් සුළිකුණාටුව මෙක්සිකෝව දෙසට  

0 comments

රොස්ලින් සුළිකුණාටුව හතරවන කාණ්ඩයේ සුළිකුණාටුවක් ලෙස මෙක්සිකෝ වෙරළ තීරයෙන් මෙක්සිකෝවට ඇතුලු වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

රොස්ලින් සුළිකුණාටුව පැයට කිලෝමීටර දෙසිය පහළවක වේගයෙන් ගමන් කරන අතර මිලීමිටර සියයත් දෙසියත් අතර වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බවයි මෙක්සිකෝ කාළගුණ අංශ සඳහන් කරන්නේ. මෙම සුළිකුණාටුව හේතුවෙන් මෙක්සිකෝවේ වෙරළබඩ සිටින පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා. සුළිකුණාටුව අද පස්වරුවේ දී මෙක්සිකොවට ඇතුලු වන ඇති බවයි කාළගුණ අංශ අනතුරු අඟවන්නේ.

 

 

 

 

The post රොස්ලින් සුළිකුණාටුව මෙක්සිකෝව දෙසට appeared first on ITN News.

Read More »

දියුණු ආර්ථිකයක් හදන්න තරුණයින්ගේ දායකත්වය වැදගත් – ජනපති  

0 comments

බංකොලොත් ආර්ථිකය වෙනුවට දියුණු ආර්ථිකයක් ගොඩ නැගීමේදී තරුණයන්ගේ දායකත්වය වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

2048 දී සංවර්ධිත රාජ්‍යයක් කරා යන ගමනේ තරුණ වේදිකාව වැඩසටහනේ තරුණයන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට සහභාගී වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

 

 

 

 

 

The post දියුණු ආර්ථිකයක් හදන්න තරුණයින්ගේ දායකත්වය වැදගත් – ජනපති appeared first on ITN News.

Read More »

සිරප් භාවිතය නිසා ඉන්දුනීසියාවේ ළදරු මරණ සංඛ්‍යාව ඉහළට  

0 comments

සිරප් වර්ග භාවිතය නිසා ඉන්දුනීසියාවේ මියගිය ළදරුවන්ගේ සංඛ්‍යාව 133 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වකුගඩු ආබාධවලට ලක්ව ළදරුවන් මිය යාම හේතුවෙන් ඉන්දුනිසියාව තුළ සියලු වර්ගවල සිරප් තහනම් කිරීමට එරට රජය තීරණය කළා. කෙසේ වෙතත් පසුව මෙම තීරණය සිරප් වර්ග 102කට පමණක් සීමා කිරීමට ඉන්දුනිසියා සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ගැම්බියාවේද දරුවන් 66 දෙනෙකු කැස්ස සදහා ලබාදෙන සිරප් වර්ග පානය කිරීමෙන් මිය ගියා. ඉන්දියාවේ නිෂ්පාදිත සිරප් වර්ග කිහිපයකුයි ගැම්බියා දරුවන්ට ලබා දී තිබුණේ.

 

 

 

 

The post සිරප් භාවිතය නිසා ඉන්දුනීසියාවේ ළදරු මරණ සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.

Read More »

ලක්ෂයකට වැඩි වැටුප් ලබන්නන් ඔක්තෝම්බර් මාසයේ බද්දෙන් නිදහස්  

0 comments

රජය හදුන්වා දුන් රුපියල් ලක්ෂයකට වැඩි වැටුප් ලබන්නන්ගෙන් අය කිරීමට නියමිත අත්තිකාරම් පුද්ගල බද්ද ඔක්තෝම්බර් මාසයේ අය නොවන බවත්,එය පාර්ලිමේන්තුවේ සහ අධිකරණ කටයුතු අවසන් වූ පසු සිදුවන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

 

 

The post ලක්ෂයකට වැඩි වැටුප් ලබන්නන් ඔක්තෝම්බර් මාසයේ බද්දෙන් නිදහස් appeared first on ITN News.

Read More »

ගොඩනැගිල්ලක කොටසක් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

0 comments

වර්ෂාවත් සමඟ කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක කොටසක් නිවසක් මතට කඩා වැටීමෙන් එම නිවසේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලේ අත්තිවාරමට යටින් ජලය ගලායාම හා බිත්ති අධික ලෙස තෙත්වී තිබීම හේතුවෙන් ගොඩනැගිල්ල කඩා වැටෙන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.

The post ගොඩනැගිල්ලක කොටසක් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඉදිරි සති 2ක තුළදී ආනයන සීමාවන් ලිහිල් කිරීමට සැලසුම්  

0 comments

ආනයන සීමා පනවා ඇති භාණ්ඩවල එම සීමාවන් ඉදිරි සති දෙක තුළදී ලිහිල් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

කටුනායක බණ්ඩාරනායක ජත්‍යාන්තර ගුවන්තොටුපලේ රේගු පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රේගුව තුළ දී රාජ්‍ය ආදායම් අහිමි කරන ක්‍රියා නතර කිරීමට පියවර ගන්නා බව ද  රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදි කියා සිටියා.

The post ඉදිරි සති 2ක තුළදී ආනයන සීමාවන් ලිහිල් කිරීමට සැලසුම් appeared first on ITN News.

Read More »

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්  

0 comments

මෙම වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙන්ම ලබන වසරේ අ.පො.ස. උසස්පෙළ විභාගය පැවැත්වීම හා 2022 පාසල් වර්ෂයේ තුන්වන වාරය ආරම්භ කිරීම සහ අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරනවා.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට තිරණය කර ඇත්තේ ලබන දෙසැම්බර් 18 වනදායි. අපොස උසස්පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඒ අනුව ලබන වසරේ පාසල්වල දෙවන හා තුන්වන වාරය ආරම්භ කරන මෙන්ම අවසන් කරන දින ප්‍රකාශයට පත් කෙරුණා.

මේ අතර ලබන සදුදාට යෙදී ඇති දීපාවලී දින උත්සවය වෙනුවෙන් දෙමළ පාසල්වල අවශ්‍යතාව සලකා බලා ඊට පසුදින එනම් ලබන 25 වනදා එම පාසල්වලට නිවාඩු ලබාදී තිබෙනවා. ඒ වෙනුවෙන් ලබන 29 වන සෙනසුරාදා දෙමළ පාසල් පැවැත්විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

 

 

 

The post අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් appeared first on ITN News.

Read More »

රිෂී සුනක් බ්‍රිතාන්‍ය අගමැති සටනේ පෙරමුණ ගනී  

0 comments

මහා බ්‍රිතාන්‍ය අගමැති සටනේ මේ වන විට රිෂී සුනක් ඉදිරියට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කන්සවේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිය දෙනෙකුගේ සහාය ලබා ගැනීමේ ඉලක්කයට මේ වන විට රිෂී සුනක් ළඟා වෙමින් සිටින බවයි වාර්තකා වන්නේ. ඔහු මහා බ්‍රිතාන්‍ය යේ හිටපු චාන්සලර්වරයෙකු ද වනවා. කන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රිවරුන් 93 දෙනෙකු පමණ රිෂී සුනක් වෙත සහාය දැක්වීමට ඉදිරිපත්ව තිබෙනවා. මේ අතර කැරිබියන් දූපත්හි නිවාඩුවක් ගතකරමින් සිටි හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද ආපසු මහා බ්‍රිතාන්‍යයටය පැමිණියා. ඔහුද ඡන්ද සටනට එක්ව ඇති අතර මේ වන විට මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ සහාය හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.

 

 

 

The post රිෂී සුනක් බ්‍රිතාන්‍ය අගමැති සටනේ පෙරමුණ ගනී appeared first on ITN News.

Read More »

සංචාරක කර්මාන්තයේ ගැටලු කඩිනමින් නිරාකරණය කරන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්  

0 comments

සංචාරක කර්මාන්තයේ ගැටලු කඩිනමින් නිරාකරණය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ලබන වසරේ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරාගන්න කඩිනම් වැඩපිලිවෙක් ඔස්සේ ක්‍රියා කරන ලෙසයි ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්නේ.සංචාරක ක්ෂේත්‍රයේ  මතුව ඇති ගැටලු සහ එහි ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයී මේ බව අවධාරණය කෙරුණේ. ලබන වසර වන විට සංචාරකයන් අටලක්ෂ පනස් දහසක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එම සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම තුළින් ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නංවාගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

විදේශ ගුවන්යානා ගොඩබැස්සවීමේදී අය කෙරෙන ඉහළ ගාස්තු හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට අයහපත් බලපෑමක් එල්ල වී ඇති බව නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා. ඒ පිළිබඳ සොයා බලා ගැටලුව විසඳීමට  ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට උපදෙස් ලබා දුන්නා.මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා ඔවුන්ගේ සමස්ත සංචාරය ආවරණය කෙරෙන ජංගම දුරකතන යෙදවුමක් ලබන ජනවාරි මාසයේ සිට හදුන්වා දෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී ප්‍රකාශ කළා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග , සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, සංචාරක සන්නාම තානාපති සනත් ජයසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක් වුණා.

 

The post සංචාරක කර්මාන්තයේ ගැටලු කඩිනමින් නිරාකරණය කරන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් appeared first on ITN News.

Read More »

විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

0 comments

ඌව පරණගම වගා බිමක විදුලි සැර වැදීමෙන් මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගැනුණා.

ඌව පරණගම ගොඩකුඹුර දැහිවෙල වෙල්යායේ වගාබිමක තිබී මෙම සිරුර සොයා ගැනුණා. මිය ගිය පුද්ගලයා ඌව පරණගම රංහවඩිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙක්. අනවසරයෙන් විදුලි රැහැන් ඇද තිබූ වගා බිමේ හිමිකරුද පොලිසිය අත්අඩංගුවට ගත්තා.

 

 

The post විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඉන්දීය සෞඛ්‍යය අංශ විසින් කොවිඩ් එන්නත් මිලියන 100ක් විනාශ කරයි  

0 comments

ඉන්දීය සෞඛ්‍යය අංශ විසින් කල් ඉකුත් වීම හේතුවෙන් කොවිඩ් එන්නත් මිලියන 100ක් පමණ විනාශ කර තිබෙනවා.

ඉන්දියාවේ එස් අයි අයි නම් ආයතනය විසින් නිෂ්පාදනය කළ එන්නත් තොගයකුයි මෙලෙස විනාශ කර ඇත්තේ. මෙම ආයතනය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී කොවිඩ් එන්නත් නිෂ්පාදනය නවතා දැමුවා. විනාශ කර දැමූ එන්නත්වල ආයු කාලය මාස 09ක් වූ අතර පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඒවා කල් ඉකුත් වුණා. ඉන්දියාව මේ වන විට සිය ජනගහනයෙන්  70%කට වැඩි පිරිසකට කොවිඩ් එන්නත් දෙක ම ලබා දී තිබෙනවා. ඒ අනුව එරට සමස්තයක් වශයෙන් එන්නත් බිලියන දෙකක් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

 

 

The post ඉන්දීය සෞඛ්‍යය අංශ විසින් කොවිඩ් එන්නත් මිලියන 100ක් විනාශ කරයි appeared first on ITN News.

Read More »

ජනාධිපති කාර්යාලයේ දේපළවලට හානි කිරීමේ සිද්ධියට තවත් 4 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

ජනාධිපති කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදු කිරීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජුලි 09 වනදා පැවති ප්‍රචණ්ඩකාරී හා කලහකාරී සිදුවීම්වලදී ජනාධිපති කාර්යාලයට ද අයුතු ලෙස  ඇතුළු වී එහි දේපලවලට හානි කෙරුණා.මෙම සිද්ධීන්වලට  අදාළව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන සිදු කරනවා. ඒ අනුවයි තවත් සැකකරුන් 4 දෙනෙකු  අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ. ඔවුන් අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.

 

 

 

 

The post ජනාධිපති කාර්යාලයේ දේපළවලට හානි කිරීමේ සිද්ධියට තවත් 4 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

වසර 8කට පසු ජපානයේ වැඩිම උද්දමනය වාර්තා වෙයි  

0 comments

වසර 8කට පසු ජපානයේ වැඩිම උද්දමනය වාර්තා වී තිබෙනවා. එරට පාරිභෝගික මිල ගණන් දර්ශකය පසුගිය මාසයේදී සියයට 3කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ජපන් මහ බැංකුව අපේක්ෂා කළ මට්ටමට වඩා පසුගිය මාස 6 මුළුල්ලේම උද්දමනය ඉහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් ජපානයේ නිෂ්පාදන අංශ බිද වැටීමේ අවදානමක් පවතින බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. ආනයනය භාණ්ඩවල පිරිවැය ඉහළ යාම ප්‍රධානතම ගැටලුවක් වී තිබෙනවා.

The post වසර 8කට පසු ජපානයේ වැඩිම උද්දමනය වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

වර්තමානයේ චීන‍යේ ජාත්‍යන්තර බලපෑම් කැපී පෙනෙන‍ ලෙස වර්ධනය වී ඇතැයි චීන උප විදේශ ඇමති කියයි  

0 comments

ගෙවී ගිය වසර 10 තුළ චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැගු රටවල් ප්‍රමාණය අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.

චීන විදේශ උප ඇමති Ma Zhaoxu මහතා 20වැනිදා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය හමුවකදී පැවසුවේ ගෙවී ගිය වසර 10 තුළ චීන ලක්ෂණයන්ගෙන් යුතු රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය අනුගමනය කර පරිපූර්ණ මෙන්ම ඓතිහාසික ජයග්‍රහණය ලබා ගෙන ඇති බවයි. චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගූ රටවල් ප්‍රමාණය 172කේ සිට 181ක් දක්වා වැඩි වී තිබේ. චීනය සමග හවුල්කාරී සබඳතාව ගොඩනැගූ රටවල් හා සංවිධාන ප්‍රමාණය 41කේ සිට 113ක් දක්වා වර්ධනය වී ඇත. වර්තමානයේ චීන ජාත්‍යන්තර බලපෑම කැපී පෙනෙන‍ ලෙස වර්ධනය වෙමින් පෙර නොවූ ආකාරයේ ගැඹුරු මෙන්ම පුළුල් ලෙස ගෝලීය පාලනයට චීනය එක් වන බව හෙතෙම කියා සිටියේය.

The post වර්තමානයේ චීන‍යේ ජාත්‍යන්තර බලපෑම් කැපී පෙනෙන‍ ලෙස වර්ධනය වී ඇතැයි චීන උප විදේශ ඇමති කියයි appeared first on ITN News.

Read More »

ණය වෙනුවට ආයෝජනයට යායුතුමයි – ජනපති අවධාරණය කරයි  

0 comments

ණය ලබාගැනීම වෙනුවට ආයෝජන කෙරෙහි යොමුවන ක්‍රමවේදයක් යලි අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කාර්යක්ෂම පරිපාලන ක්‍රමයක් හා කාර්යක්ෂම යටිතල පහසුකම් පද්ධතියක් අවශ්‍ය බවද ජනාධිපතිතුමා කියා සිටිනවා.

කොළඹ හැව්ලොක්හි ඉදිකළ මිරේකා ටවර් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී සාගල රත්නායක, කොළඹ පුරපති රෝසි සේනානායක  යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ආයෝජන අවස්ථා වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු අවධාරණය කළා.

 

The post ණය වෙනුවට ආයෝජනයට යායුතුමයි – ජනපති අවධාරණය කරයි appeared first on ITN News.

Read More »

දරුවන්ට ලබාදෙන සියලු සිරප් වර්ග තහනම් කිරීමට ඉන්දුනීසියාව තීරණය කරයි  

0 comments

දරුවන්ට ලබාදෙන සියලු සිරප් වර්ග තහනම් කිරීමට ඉන්දුනිසියා රජය තීරණය කර තිබෙනවා.

දරුවන් අනුනමදෙනෙකු ඖෂධීය සිරප් වර්ග පානය නිසා මිය යාම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. මීට පෙර ගැම්බියාවේ ද දරුවන් හැත්තෑ දෙනෙකු පමණ සිරප් පානයෙන් මිය ගියා.

ඒ සමග ගෝලිය අවධානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරිම ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළා. ඉන්දුනිසියා සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ ඇතැම් සිරප් වර්ගවල ඇති අන්තර්ගතයන් නිසා දරුවන්ගේ වකුගඩුවලට හානි සිදුවන බවයි.

 

 

 

 

The post දරුවන්ට ලබාදෙන සියලු සිරප් වර්ග තහනම් කිරීමට ඉන්දුනීසියාව තීරණය කරයි appeared first on ITN News.

Read More »

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද විවාදයට  

0 comments

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. අද පාර්ලිමේන්තුව උදෑසන 09.30ට ආරම්භ වනවා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද සහ හෙට විවාදයට ගැනෙනවා. අද පැවැත්වෙන විවාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායමක් ඊයේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡා පවත්වා  තිබෙනවා.

ඊට ජනාධිපති, අගමැති සහ පොදුජන පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

දැනටමත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක්  22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පල කර තිබෙනවා.

 

 

 

The post 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද විවාදයට appeared first on ITN News.

Read More »

මහා බ්‍රිතාන්‍යයේ පාලක කන්සවේටිව් පක්ෂය තුළ බෙදුම්කාරී තත්වයක්  

0 comments

මහා බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරිය ඉල්ලා අස්වීමත් සමග අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්ට්ගේ ආණ්ඩුව පවත්වාගෙන යාම පිලිබද දැඩි අස්ථාවර භාවයක් ඇතිව තිබෙනවා.

මීට පෙර අග්‍රාමාත්‍යවරිය විසින් මුදල් අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කිරීමත් සමග පාලක කන්සවේටිව් පක්ෂය තුළ බෙදුම්කාරී තත්ත්වයක් ඇති වුණා. අග්‍රාමාත්‍යවරියගේ සංචාර කිහිපයක් ද අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය සදහන් කළේ.

ස්වදේශ කටයුතු ලේකම්වරිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් සදහන් කර ඇත්තේ පරිපාලන විධිවිධාන කඩකරමින් නව ආණ්ඩුව කටයුතු කිරීම සිය ඉල්ලා අස්වීමට හේතුව වූ බවයි.

 

The post මහා බ්‍රිතාන්‍යයේ පාලක කන්සවේටිව් පක්ෂය තුළ බෙදුම්කාරී තත්වයක් appeared first on ITN News.

Read More »

ඉන්ධන රථ ටැංකියකට ජලය මිශ්‍රවී ඇති බවට පළ වු වාර්ථා සම්බන්ධයෙන් විමර්ශනයක්  

0 comments

ඉන්ධන රථ ටැංකියකට ජලය මිශ්‍ර වී ඇති බවට පළ වු වාර්ථා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා ඛණිජතෙල් සංස්ථා පාලනාධිකාරියට උපදෙස් දී තිබෙනවා.  එම විමර්ශන කටයුතු රාජ්‍ය අමාත්‍ය  ඩි. වි චානක මහතාගේ අධීක්ෂණ යටතේ සිදු කෙරෙනවා.

කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් වෙත ඊයේ රැගෙන ගිය ඉන්ධන ටැංකි රථයක ජලය යම් ප්‍රමාණයක් මිශ්‍ර වී ඇති බවට වාර්ථා වුණා. මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ බවයි ලංකා ඛණිජතෙල් නීති ගත සංස්ථාව පවසන්නේ.

අදාළ ටැංකියට ඉන්ධන පිරවු කොළොන්නාව නිමාවේ ප්‍රධාන ටැංකියට ඉන්ධන තොග නෞකාවලින් ලබා ගැනිසෙම් දී ජලය යම් ප්‍රමාණයක් එකතු වනවා.

එහෙත් එම ජලය නිසි ක්‍රමවේදවලට අනුව ඉවත් කරන බවයි සංස්ථාව පවසන්නේ. එසේ කිරිමෙන් පසු ඉන්ධන නියැදි රසායනාගාර පරීක්ෂණවලට ලක් කෙරෙනවා. එකී ඉන්ධන නියමිත ප්‍රමිතියට අනුකූල බව තහවුරු වනනේ නම් පමණක් පාරිභොගිකයන් සදහා නිකුත් කරන බවයි ලංකා ඛණිජතෙල් නීති ගත සංස්ථාව සදහන් කරන්නේ.

පාරිභෝගිකයන් වෙත කිසිදු අයුරකින් ජලය මිශ්‍ර ඉන්ධන තොග ලැබීමට ඉඩකඩ නොමැති බව සංස්ථාව අවධාරණය කරනවා. මෙම සිදු වීමේ දී පිරවුම්හල් හිමිකරු හා කාර්යය මණ්ඩලය සංස්ථාවේ නීති රීතිවලට අනුව කටයුතු කර ඇති බව පවසන සංස්ථාව කෙසේ වෙතත් සිද්ධිය පිළිබද පූර්ණ විමර්ශනයක් සිදු කෙරෙන බව සදහන් කරනවා.

 

 

 

The post ඉන්ධන රථ ටැංකියකට ජලය මිශ්‍රවී ඇති බවට පළ වු වාර්ථා සම්බන්ධයෙන් විමර්ශනයක් appeared first on ITN News.

Read More »

යුක්රේනයේ විදුලි  බලාගාර කිහිපයකට රුසියා හමුදා ප්‍රහාර එල්ල කරයි  

0 comments

යුක්රේනයේ විදුලි  බලාගාර කිහිපයකට රුසියා හමුදා එල්ල කළ ප්‍රහාරයත් සමග එරට විදුලි සැපයීම අඩපණ වී තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී යුක්රේන රුසියා යුද්ධය ආරම්භ විමෙන් පසු සමස්ත යුක්රේනයට බලපාන පරිදි විදුලි කප්පාදුවක් සිදු වන්නේ පළමු වරටයි. ශීත සෘතුව ආරම්භවීමට  නියමිතව තිබියදී මෙවැනි තත්ත්වයක් ඇති වීම යුක්රේනය තුල දැඩි අර්බුදයක් මතු කරනවා.

පවතින තත්ත්වය අනුව පෙරවරු 7 සිට රාත්‍රී 11.00දක්වා විටින් විට විදුලි සැපයුම කප්පාදු කිරීමට බලධාරීන්ට සිදුව ඇති බව වාර්තා වනවා.

 

 

 

 

 

The post යුක්රේනයේ විදුලි  බලාගාර කිහිපයකට රුසියා හමුදා ප්‍රහාර එල්ල කරයි appeared first on ITN News.

Read More »

ඉන්දීය රුපියලේ අගය තවදුරටත් පහත වැටෙයි  

0 comments

ඉන්දීය රුපියලේ අගය තවදුරටත් පහත වැටෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසරක කාලය තුළ ඉන්දීය රුපියල ඇමෙරිකා ඩොරලයට සාපේක්ෂව  සියයට 11.68 කින්   පහත වැටුනා. මේ වන විට ඩොලරකට ඉන්දීය රුපියල් 83 ක් ගෙවීමට අවශ්‍ය වනවා.මේ අතර ජපන් යෙන් මුදල් ඒකකය ද අව ප්‍රමාණ වී තිබෙනවා.

ඒ සමග එරට උද්දමනය ද ඉහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. ජපන් යෙන් මුදල් ඒකකය පහත වැටීමත් සමග සැප්තැම්බර් මාසයේදී රටේ ආනයන ප්‍රමාණය සියයට 40 කින් ඉහළ ගියා.

ඉන්ධන මිල ද ඉහළ යාම සමග ජපානය තුළ පාරිභෝගික භාණ්ඩ මිළ ගණන් වර්ධනය වීමේ අවධානමක් ද පවතිනවා.

 

 

 

The post ඉන්දීය රුපියලේ අගය තවදුරටත් පහත වැටෙයි appeared first on ITN News.

Read More »

වෙඩිතැබීමකින් 21 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට  

0 comments

වවුනියාව, නැදුන්කේනි, ශිවනගර් ප්‍රදේශයේදී ඊයේ(18) රාත්‍රියේ වෙඩි තබා තරුණියක් ඝාතනය කර තිබෙනවා.

රාත්‍රී 8.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව නැදුන්කේනි පොලිසියට පවසනවා.

වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ශිවනගර් ප්‍රදේශයේ පදිංචි තුරෙයිරාජා ප්‍රමිලා නමැති 21 හැවිරිදි තරුණියක්.

ඇය සිය පියා සමඟ නිවසින් පිටතට යන විට වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

වෙඩිතැබීම සිදුකළ තැනැත්තා අත්අඩංගුවට ගැනීමට සහ වෙඩි තැබීම පිටුපස ඇති අරමුණ අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

The post වෙඩිතැබීමකින් 21 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

තවත් වෙඩි තැබීමක් – දරුවකු ඇතුළු තිදෙනෙකුට තුවාලයි  

0 comments

යක්කලමුල්ල  කලුවලගල ප්‍රදේශයේ  සිදු කළ වෙඩි තැබීමකින් දරුවකු ඇතුළු තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය නොමැති බවයි පොලීසිය පවසන්නේ.

The post තවත් වෙඩි තැබීමක් – දරුවකු ඇතුළු තිදෙනෙකුට තුවාලයි appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍යයේ පසුගිය මාසයේ දී උද්දමනය 10.1% දක්වා ඉහළට  

0 comments

බ්‍රිතාන්‍යයේ සැප්තැම්බර් මාසයේ උද්දමනය 10.1% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අගෝස්තු මාසයේදී බ්‍රිතානයේ උද්දමනය සටහන් වූයේ 9.9% ක් ලෙසයි.

වසර 40 කට පසු එරට උද්දමනය වේගයෙන්ම ඉහළ යන අවස්ථාව මෙය ලෙස ද සැලකෙනවා.

ආහාර මිල හා ජීවන වියදම සීඝ්‍රයෙන් ඉහළ යාම ඊට හේතු වී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ආහාර හා පාන වර්ගයන් හි මිල සියයට දාහතරයි දශම හයකින් ඉහළ ගොස් ඇති අතර අගෝස්තු මාසයේදී එය සටහන් වූයේ 13.1%ක් ලෙසයි.

ජීවන වියදම ඉහළ යාමට අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්ගේ ආර්ථික ප්‍රතිපත්ති හේතු වී ඇති බවටයි විපක්ෂය චෝදනා කරන්නේ.

කෙසේ වුවද ඇය හඳුන්වාදුන් බදු කප්පාදුව ඇතුලු තීරණ රැසක් ආපසු හැරවීමට කටයුතු කළා.

මීට පෙර බ්‍රිතාන්‍යයේ උද්දමනයේ ඉහළම අගය වාර්තා වී ඇත්තේ 1982 වසරේ පෙබරවාරි මාසයේදීයී.

 

The post බ්‍රිතාන්‍යයේ පසුගිය මාසයේ දී උද්දමනය 10.1% දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ගෝඨාභයට යළි නොතීසි නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්  

0 comments

හිටපු ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යළි නොතීසි නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයේ නිතිඥවරුන්ට දැනුම් දුන්නා.

ඒ ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යන දෙදෙනා පැහැර ගෙන ගිය බවට වන නඩු විභාගයට අදාළවයි.

මෙම නඩු විභාගයේ දී සාක්ෂි සදහා ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් දී තිබුණා.

ඒ ජිවිත තර්ජන හේතුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බවට කළ මෝසමක් සලකා බැලිමෙන් අනතුරුවයි.

පසුව ජනාධිපති ධුරය දැරු හෙයින් සාක්ෂියට කැඳවීමට නොහැකි බවට ද තීන්දු කර තිබුණා.

එම තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරෙනු පෙත්සමේ වග උත්තර කරු ලෙස නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නොතීසි නිකුත් කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ.

පෙත්සම් පාර්ශවයේ නිතිඥවරයා කියා සිටියේ මේ වන විටත් අදාළ නොතීසි යවා ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නිතිඥවරයෙකු පෙනී නොසිටි අතර, ඒ අනුව යළි නොතිසි නිකුත් කරන ලෙස දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම දෙසැම්බර් 15වන දා කැඳවන ලෙස නියෝග කළා.

 

The post ගෝඨාභයට යළි නොතීසි නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක් appeared first on ITN News.

Read More »

සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය, චීන ජනතාව රටේ හිමිකරුවන් වීම සහතික කරයි  

0 comments

සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ අත්‍යවශ්‍ය ගුණාංගයයි. ඉතාමත් පුළුල්, ඉතාමත් ප්‍රායෝගික සහ සැබෑම ප්‍රජාතන්ත්‍රවාදය ද එයයි.පසුගිය 16 වනදා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට අමතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා වාර්තාවක් ඉදිරිපත් කරමින් සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ හා වාසි පිළිබඳව පූර්ණ ලෙස විස්තර කළේය.

එය නව යුගයේ චීන සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කිරීමට මග පෙන්වන්නකි. ඉන් චීන ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට වැදගත් කවුළුවක් ද විවෘත කර ඇත. සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කොටස, සියලු චීන ජනතාවයි. එහි ලක්ෂණ සහ වාසි සමස්ත ක්‍රියාවලිය තුළම පවතී. එම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය හරහා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ, උපදේශනය, තීරණ ගැනීම, කළමනාකරණය සහ අධීක්ෂණය
ඒකාබද්ධ සම්බන්ධ කර ඇත.එමගින් රටේ දේශපාලන හා සමාජ ජීවිතයේ සෑම අංශයකම ජනතාවගේ හඬට සවන් දිය හැකි වන අතර ජනතාවගේ අභිලාෂයන් ඉදිරිපත් කළ හැකිය. එම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය හේතුවෙන් චීන ජනතාවට සැබවින්ම රටේ හිමිකරුන් බවට පත්වීමට ඉටු කර ඇත. ලෝකයේ විවිධත්වයන් පවතී. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය කිසිවිටෙකත් සමාන නොවේ.චීන කොමියුනිස්ට් පක්ෂය සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කරමින් ජනතාව රටේ හිමිකරුවන් බව සහතික කරමින් මානව දේශපාලන ශිෂ්ටාචාරය පෝෂණය කිරීමට සහ සංවර්ධනය කිරීම සඳහා චීන දායකත්වය ලබා දෙනු ඇත.‍‍‍

The post සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය, චීන ජනතාව රටේ හිමිකරුවන් වීම සහතික කරයි appeared first on ITN News.

Read More »

යුක්‍රේනයේ කර්සන්හි බලය යළි ලබා ගැනීමට රුසියාවට එරෙහිව යුක්‍රේනයෙන් දරුණු සටන්  

0 comments

රුසියා පාලනයේ පවතින යුක්‍රේනයේ කර්සන් ප්‍රදේශයේ තත්ත්වය ඉතාමත් බරපතල බව රුසියා ආරක්ෂක අංශ සඳහන් කරනවා.

පසුගිය පෙබරවාරි මාසයේ දී  රුසියාව යුක්‍රේනයේ යුධ මෙහෙයුම් ආරම්භ කිරිමෙන් පසුව අත්පත් කර ගත් පළමු යුක්‍රේන නගරය ලෙස කර්සන් හැඳින්විය හැකියි.

කෙසේ වුව ද මේ වන විට කර්සන් නගරයේ ගැටුම් දරුණු අතට පත්ව ඇති බව යුක්‍රේනයේ  රුසියා හමුදා ප්‍රධානි ජනරාල් සර්ජි සර්විකන් සඳහන් කරනවා.

යුක්‍රේන හමුදාව නගරයේ ගොඩනැගිලි හා නිවාස ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර එල්ල කරන බවයි ඔහු පවසන්නේ.

නගර වාසීන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමකින් තොරව ප්‍රතිප්‍රහාර එල්ල කිරිම අපහසු බව ජනරාල්වරයා පෙන්වා දෙනවා.

ඉතා ඉක්මනින් යුක්‍රේන හමුදාව නගරයට දැවැත්න ප්‍රහාරයක් එල්ල කිරිමේ අවදානමක් පවතින අතර ඉන් සමාන්‍ය ජනතාව විශාල සංඛ්‍යාවක් මිය යාමේ හැකියාවක් පවතින බවටයි ඔහු අනතුරු අඟවන්නේ.‍

The post යුක්‍රේනයේ කර්සන්හි බලය යළි ලබා ගැනීමට රුසියාවට එරෙහිව යුක්‍රේනයෙන් දරුණු සටන් appeared first on ITN News.

Read More »

මිනිස් සමට හානි කරන බැක්ටීරියාවක් – ඇමරිකා සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි  

0 comments

මිනිස් සමට හානි කිරීමට හැකියාවක් ඇති බැක්ටීරියාවක් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ  පැතිර යන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

පසුගිය මාසෙයේ දී ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට බලපෑ ඉයන් සුලි කුණාටුවෙන් අනතුරුවයි මෙම බැක්ටීරියාව පැතිරියාම ආරම්භ වී ඇත්තේ.

මිනිස් සම දිය කර හැරීමේ හැකියාවක් එම බැක්ටීරියාව සතු වන අතර ඉන් මරණය පවා සිදුවිය හැකි.

පසුගිය මාසයේ 28වන දින ෆ්ලොරීඩා ප්‍රාන්තයට ඉයන් සුලි කුණාටුව බලපෑ අතර මේ දක්වා වාර්ථා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 29ක්.

මරණ 04 ක් ද සිදුව ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මිනිස් සිරුරේ ඇති ඉතා කුඩා තුවාලයකින් වුව ද එම බැක්ටීරියාව සිරුරට ඇතුල් විමේ හැකියාවක් පවතිනවා.

ගංවතුර වැනි අපිරිසිදු ජලයේ එම බැක්ටීරියාව සක්‍රීය බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.

The post මිනිස් සමට හානි කරන බැක්ටීරියාවක් – ඇමරිකා සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

ගත වු පැය 24ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් ලක්ෂ 05 ක්  

0 comments

ගත වු පැය 24ට ලොව පුරා රටවල් 228කින් කොරෝනා වෛරස ආසාදිතයින් ලක්ෂ 05කට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා.

සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්දහස් එකසිය පනස් දෙකක් .

ඊයේ දිනයේ දී වැඩිම වෛරස ආසාධිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජර්මනියෙන්. එම සංඛ්‍යාව එක් ලක්ෂ තිස්දහසකට අධිකයි.

එමෙන්ම ප්‍රංශයෙන් අසුහත් දහසක් ඉතාලියෙන් පනස් අටදහසක් හා තායිවානයෙන් හතලිස්හතරදහසක් ලෙස වෛරස ආසාධිතයින් හමුව තිබෙනවා.

ගත වු පැය 24ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 248 වාර්ථා වන්නේ ජර්මනියෙන්.

ඒ සමගම ලොව සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව හැටපන්ලක්ෂ හැත්තෑ හතරදහස ඉක්මවා ගියා.

හමු වී ඇති සමස්ථ වෛරස ආසාධිතයින් සංඛ්‍යාව හැටතුන් කෝටි නව ලක්ෂයකට ආසන්නයි.

 

The post ගත වු පැය 24ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් ලක්ෂ 05 ක් appeared first on ITN News.

Read More »

වෘත්තීය ත්‍රී රෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට පියවර  

0 comments

වෘත්තීය ත්‍රී රෝද රථ රියදුරන් හදුනාගැනීමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක අතර ඉදිරි සතිය තුළ ඔවුන්ට ලබා දෙන ඉන්ධන කෝටාවද ඉහළ නැංවිය හැකි බව ද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එමෙන්ම ඉන්ධන මිල පහළ දැමීමට සාපෙක්ෂව ගාස්තු අඩු කිරීමද ඔවුන්ගේ වගකීමක්   බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

 

The post වෘත්තීය ත්‍රී රෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට පියවර appeared first on ITN News.

Read More »

විරෝධතා අතරතුර පොලිසියේ ක්‍රියා කලාපය ගැන අල්ලස් කොමිසම විමර්ශනයක් අරඹයි  

0 comments

සාමකාමී විරෝධතා අතරතුර ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කළේ සාමකාමී උද්ඝෝෂණවලදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් රාජ්‍ය වත්කම් අවභාවිත කර බලය පාවිච්චි කළේද යන්න සොයා බැලීම සඳහා මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.

තරුණ නීතීඥයින්ගේ සහ තරුණ මාධ්‍යවේදීන්ගේ සංගම්වල පීඩනයට එරෙහි කමිටුව විසින් සැප්තැම්බර් 22 වැනි දින ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා.

The post විරෝධතා අතරතුර පොලිසියේ ක්‍රියා කලාපය ගැන අල්ලස් කොමිසම විමර්ශනයක් අරඹයි appeared first on ITN News.

Read More »

විදේශීය දුම් වැටි විසිපන්දහසක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

හොර රහසේ මෙරටට ගෙන්වන ලද විදේශීය දුම් වැටි විසිපන්දහසක් සමඟ සැකකරු අනුරාධපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට ද විශේෂකාර්යය බලකාය සමත් වුණා.

අනුරාධපුර විජයපුර පදිංචි මෙම සැකකරු හා අදාළ දුම්වැටී තොගය වැඩිදුර පරීක්ෂණ සදහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

 

 

The post විදේශීය දුම් වැටි විසිපන්දහසක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

රාජ්‍ය වත්කම් කළමනාකරණය කිරීමට නව පනත් කෙටුම්පතක්  

0 comments

රාජ්‍ය වත්කම් කළමනාකරණය සදහා නව පනතක් හඳුන්වාදීමට පනත් කෙටුම්පත් සකස් කිරීම සදහා  නීතිකෙටුම් සම්පාදකට උපදෙස් දීම සදහා ඉදිරිපත් කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

The post රාජ්‍ය වත්කම් කළමනාකරණය කිරීමට නව පනත් කෙටුම්පතක් appeared first on ITN News.

Read More »

සෞඛ්‍ය ඇමති සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතර හමුවක්  

0 comments

කොවිඩ් ව්‍යසනයෙන් පසු වත්මන් තත්වය තුළ ආහාර සුරක්ෂිතතාවය හා ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම කෙරෙහි රජය මේ වන විට ප්‍රමුඛ අවධානය යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි ජේ.චං  මහත්මිය හමුවේ පැවසීය.

ජනාධිපතිතුමන් ප්‍රමුඛ වත්මන් රජය සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි ඉහළම අවධානයක් යොමු කර ඇති පසුබිමක ආහාර සුරක්ෂිතතාවය හා ජනතාවගේ පෝෂණ තත්ත්වය කෙරෙහිද ඒ තුළ ප්‍රමුඛ අවධානය ලබා දී ඇතැයිද ඒ මහතා කීය.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති Julie J.Chung මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුව (17) එම අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙහිදී ඇමරිකානු ඩොලර් 70,000 ක් පමණ වටිනා හදිසි ප්‍රතිකාර මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සඳහා අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ද පරිත්‍යාග කිරීම සිදුවිය. මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක අතර ඒ් අනුව දිවයිනේ තෝරාගත් රෝහල්හි ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය මෙන්ම හදිසි ප්‍රතිකාර සේවා ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් ඒය ක්‍රියාත්මක කෙරේ.

ආහාර සුරක්ෂිතතාවය හා ජනතාවගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ කාර්ය සාධක බලකායක්ද ඉකුත් සතියේ පිහිටුවනු ලැබූ බවත් එහි මූලික වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. විශේෂයෙන් ළමා සෞඛ්‍ය හා පෝෂණවේදය පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් විසින් දැඩි අවධානය යොමු කරමින් වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර ඇතැයි ද ඒ තුළ දරුවන් , ගැබිණි මව්වරුන් හා වැඩිහිටි කණ්ඩායම් තුළ ඉලක්කගත පිරිස් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමුකරනු ලබන්නේ යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය. එමෙන්ම මෙම කණ්ඩායම්හි පෝෂණ මට්ටම හඳුනා ගැනීමට පමණක් සීමා නොකර එහි ඇතිවන තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇතැයි ඒ මහතා කීය.

වත්මන් අර්බුද මේ වන විට කළමනාකරණය කර ගනිමින් සිටින බවත් ඒ තුළ ඖෂධයන් හි යම් යම් හිඟ තාවයන් කෙරෙහි අවධානය යොමු කරමින් ඒවා සපුරා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය. ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහල් කරා යොමු වන ඇතැම් පිරිස් රජයේ රෝහල් කරා පැමිණීමේ වැඩි ප්‍රවණතාවයක් මේ වන විට ඇති වීම තුළ යම් යම් ඖෂධයන්හි හිඟතාවයක් ඇතිවන තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහිදී මිත්‍ර රටවලින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට මේ මොහොතේ ලැබෙන පරිත්‍යාග, ණය ආධාර වැඩසටහන් ද ඖෂධ හිඟය අවම කරගැනීමට ඉතා වැදගත් වන බව අමාත්‍යවරයා කීය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළ නැංවීම සඳහා ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශයන්හි සේවය කරන වෛද්‍යවරු සඳහා නිල නිවාස පහසුකම් ඉහළ නැංවීමටත් අනෙකුත් කාර්ය මණ්ඩලය සඳහා පහසුකම් ඉහළ නැංවීමටත් කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ඒ ඔස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක සේවාවක් අපේක්ෂා කරන බවද කීය.

ජාත්‍යන්තරික සෞඛ්‍ය දර්ශක පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මෙරට සෞඛ්‍ය සේවාව දකුණු ආසියාවේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලෙස මේ වනවිටත් පවතින බවද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති Julie J.Chung මහත්මිය.

කොවිඩ් වසංගතයෙන් සාර්ථක ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය ළඟා කරගෙන ඇති බවත් එහිදී එන්නත්කරණය ට ප්‍රමුඛතාවයක් ලබා දීම විශේෂයෙන් සැලකිය යුතු බවත් කීය . ආර්ථික අතින් සවිමත් විශාල රටවල් කොවිඩ් ව්‍යසනයේදී දැඩි අවදානමකට ලක්වූ බවත් ශ්‍රී ලංකාව එවැනි අවදානම් තත්ත්වයකට පත් නොවීම ගැන සතුටු වන බවත් ප්‍රකාශ කළාය.

මෙම අර්බුදය මග හරවා ගැනීමට මෙන්ම ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළ නැංවීමට ඇමරිකාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද ඒ් මහත්මිය පැවසුවාය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය යන මහත්වරුන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් මෙයට ඒක්ව සිටියහ.

 

The post සෞඛ්‍ය ඇමති සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතර හමුවක් appeared first on ITN News.

Read More »

මහාරාශ්ඨයෙන් කොරෝනාවේ අලුත් ප්‍රභේදයක්  

0 comments

කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් හමුවීමත් සමග වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසනවා.

ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙනුයි කොරෝනා වයිරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් නව උප ප්‍රභේදයක් හමුව ඇත්තේ. එම ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ දී සියයට 18 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම අධික ජනගහනයක් වාසය කරන මුම්බායි,  තානේ හා රයිගර්ඩ් යන ප්‍රදේශයන්ගෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවද සදහන්. උණ,  සෙම්ප්‍රතිශ්‍යාව හා අනෙකුත් කොරෝනා රෝග ලක්ෂණ තිබේ නම් වෛද්‍යවරයෙකු හමුවන ලෙස සෞඛය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එළඹෙන උත්සව හා ශීත කාලය තුළ වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ වැඩි ඉඩක් පවතින බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ.

 

 

 

 

 

 

 

 

 

The post මහාරාශ්ඨයෙන් කොරෝනාවේ අලුත් ප්‍රභේදයක් appeared first on ITN News.

Read More »

ඛනිජ හා ඛනිජ වැලි සම්පත්හි උපරිම ආර්ථික ප්‍රතිලාභය රටට අත්කර ගැනීමට පියවර |  

0 comments

ඛනිජ හා ඛනිජ වැලි සම්පත් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශය යටතේ ස්ථාපිත කොට ඇති අමාත්‍යංශ උපදේශක කමිටුවේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.

මෙම සාකච්ඡාව තුළදී ඛනිජ හා ඛනිජ වැලි සම්පත් වෙනුවෙන් අගයදාම නිෂ්පාදන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දීර්ඝව කතිකාවට ලක්වුණු අතර එහිදී මතුවන ගැටළු හා බාධාවන් පිළිබඳවද පුළුල් සාකච්ඡාවක් කෙරිණි.

අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකාව තුළ ඇති ඛනිජ හා ඛනිජ වැලි සම්පත් ස්ථානීයව මෙන්ම ගුණාත්මකව හා ප්‍රමාණාත්මකවද විධිමත් ගවේෂණයට ලක් කොට අගයදාම නිෂ්පාදන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි. එහිදී එම අගය එකතුකල නිෂ්පාදනයන් ක්‍රියාත්මක කිරීමට ලෝකයේ නව්‍ය තාක්ෂණය , අද්‍යතන ප්‍රවණතා මෙන්ම ගෝලීය වෙළෙඳපොළ තත්වයන් කෙරෙහිද විශේෂ අවධානය යොමුකල යුතු බවත් සදහන් කල අමාත්‍යවරයා ඒ මගින් වැඩි ආර්ථික ප්‍රතිලාභයක් රටට අත්කර දිය හැකි බවත් වැඩිදුරටත් සදහන් කළේ ය.

එමෙන්ම මෙම සාකච්ඡාව තුළදී අගයදාම නිෂ්පාදන විධිමත් කිරීමට යම් නිෂ්චිත වැඩපිළිවෙළක් සැකසීමට මෙන්ම ඒ ආශ්‍රිත සමාගම්වලට , කර්මාන්ත කරුවන්ට හා ව්‍යවසායකයින්ට උපරිම පහසුකම් සැපයීමටත් අවශ්‍ය කටයුතු කතිකා කෙරිණි. මෙහිදී ගෝලීය තත්වයන් යටතේ තාක්ෂණය මත පදනම් වූ විධිමත් කතිකාවක් රට තුළ ඇති කිරීමටත් එකගතාවය පළ කෙරිණි.

 

The post ඛනිජ හා ඛනිජ වැලි සම්පත්හි උපරිම ආර්ථික ප්‍රතිලාභය රටට අත්කර ගැනීමට පියවර | appeared first on ITN News.

Read More »

දරුවන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට  

0 comments

පාරුවක් පැදීමට උත්සාහ දැරූ දරුවන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නවගමුව පොලිස් වසමේ අක්බාර් වත්ත,  තුන්අදහේන ප්‍රදේහයේ ජලය පිරී තිබූ ගල් වලක ගිලීමෙනුයි දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. ඔවුන් බැරල් යොදා සැකසූ පාරුවක් ආධාරයෙන් දියමත ක්‍රීඩා කරමින් සිටියදීයි මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පවසන්නේ. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 14 සහ 15 වයස් කාණ්ඩවල පසුවන කොරතොට පදිංචි පාසල් සිසුන් දෙදෙනෙක්. මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සදහා අයිඩීඑච් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. අවදානම් සහගත ජල ක්‍රීඩාවල මෙන්ම විනෝද කටයුතුවල යෙදීමෙන් වලකින ලෙසයි පොලීසිය දැනුම් දෙන්නේ.

 

 

 

 

 

The post දරුවන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

තිරිගු පිටි එකම මිලකට අලෙවි කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක්  

0 comments

තිරිගු පිටි මිල රුපියල් අසූපහකින් පහළ දැමුවද දිවයිනේ සෑම ප්‍රදේශයකම සමාන මිලකට තිරිගු පිටි ලබාගත නොහැකි බවට ජනතාව පවසනවා. තිරිගු පිටි එකම මිලකට අලෙවි කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.

තිරිගු පිටි මිල රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩු කිරීමට පසුගියදා පියවර ගැණුනා. එහෙත් එම සහනය තවමත් පාරිභෝගික ජනතාවට ලැබී නැති බවටයි චෝදනා එල්ලවන්නේ. වෙළෙදපොල තුළ තිරිගු පිටි කිලෝවක් තවමත් රුපියල් 400 ක මිලට අලෙවිවන ආකාරය ද දක්නට ලැබෙනවා. ඒ හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට නොහැකිවී ඇති බවයි කුඩා හා මධ්‍ය පරිමාන බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ. එහෙත් තිරිගු පිටි මිල අඩු කිරීමත් සමග කොත්තුවක මිල රුපියල් 50 කින් අඩු කිරීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය කටයුතු කළා. මෙම පසුබිම හමුවේ සියලුම පාරිභෝගික ජනතාවට තිරිගු පිටි එකම මිලකට අලෙවි කිරීමේ අවශ්‍යතාව මතුව තිබෙනවා. ඒ සදහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීමේ හමුවක් අද පැවැත්වෙනවා. තිරිගු පිටි නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගම් දෙකෙහි නියෝජිතයින් මෙන්ම තිරිගු පිටි ආනයනකරුවන් ද එම සාකච්ඡාවට සහභාගිවීමට නියමිතයි.

 

 

The post තිරිගු පිටි එකම මිලකට අලෙවි කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් appeared first on ITN News.

Read More »

මානව සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රසංසනීයයි  

0 comments

2022 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම අතරතුර ගෝලීය ආහාර අර්බුදය මධ්‍යයේ මානව ප්‍රාග්ධනය ආරක්ෂා කිරිම සහ ශක්තිමත් කිරිම යන තේමාව රැගත් මානව ප්‍රාග්ධන සමළුවක් පැවැත් වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ‌ශෙහාන් සේමසිංහ මහතා ඊට සහභාගී වුණා.

සමුළුව අමතමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මානව සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රසංසනීය බවයි. 2021 වසරේ දී ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධන දර්ශකය 60ක් වු අතර එය දකුණු ආසියාවේ සහ ගෝලීය වශයෙන් ගත් විට සාමාන්‍ය අගයට වඩා වැඩි අගයක් ගන්නා බව ද ඒ මහතා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරිම සදහා රජය ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව සහ සෙසු සංවර්ධන හවුල් කරුවන් සමග කටයුතු කරමින් සිටිනවා. ආර්ථික ප්‍රතිසංස්කරණය වැදගත් වුව ද ඒවා ක්‍රියාත්මක කිරිමේ දී දිළිදු සහ අවධානමට ලක්වන ජනතාව පිළිබද වැඩි අවධානයක් යොමු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් අතරතුර පැරිස් සමාජයේ සම සභාපති විලියම්රූස් මහතා හමුවී සාකච්ඡා පැවැත් වු බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරනවා. ණය අර්බුදයට කඩිනමින් විසදුමක් සේවීමට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සහය සදහා පැරිස් සමාජයේ පූර්ණ සහය ලබා දෙන බවට රූස් මහතා සදහන් කල බවයි එම පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

 

 

The post මානව සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රසංසනීයයි appeared first on ITN News.

Read More »

උද්දමනය ඉහළ යාම හා දේශගුණික විපර්යාසයන්ට විරෝධය පළකරමින් ප්‍රංශයේ උද්ඝෝෂණ  

0 comments

උද්දමනය ඉහළ යාම හා දේශගුණික විපර්යාසයන්ට විරෝධය පළකරමින් ප්‍රංශයේ දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාත්මකයි.

ජීවන වියදම ඉහළ යාම හා දේශගුණික විපර්යාසයන්ට නිසි ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළකරමින් ඊයේ පැරිස් නගරයේදී පැවති උද්ඝෝෂණ සදහා එක්ලක්ෂ හතලිස් දහසක පමණ පිරිසක් සහභාගී වූ බවයි සංවිධායකයින් පවසන්නේ. සති තුනකට ඉහතදී එරට තෙල් පිරිපහදු සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමග රට පුරා ඉන්ධන හිඟයක් ආරම්භ වී තිබෙනවා. එම වැඩවර්ජනය අවසන් කිරීමට බලධාරීන් මෙතෙක් සමත්වී නැහැ. ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම, බලශක්ති මිල ස්ථාවර කිරිම, අත්‍යවශ්‍ය භාණ්ඩ හා කුලී ගාස්තු මිල පාලනය හා අධික බදු ඉවත් කිරීම උද්ඝෝෂකයින්ගේ ඉල්ලීම් වනවා. 2018 වසරේ සිට ප්‍රංශයේ පැවැත්වෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සංවිධායකයින් වන යෙලෝ වෙස්ට් සංවිධානය මෙම උද්ඝෝෂණවල ද ප්‍රධානත්වය ගෙන තිබෙනවා.

 

 

 

 

 

 

The post උද්දමනය ඉහළ යාම හා දේශගුණික විපර්යාසයන්ට විරෝධය පළකරමින් ප්‍රංශයේ උද්ඝෝෂණ appeared first on ITN News.

Read More »

නායයාම් පූර්ව අනතුරු ඇගවිම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි  

0 comments

දිස්ත්‍රික් 6කට පනවා ඇති නායයාමේ අනතුරු ඇගවිම් තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

කළුතර,  නුවරඑළිය,  රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට රතු නිවේදන නිකුත් කර ඇති අතර කෑගල්ල කොළඹ සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට නායයාම් දෙවන මට්ටමේ නිවේදන නිකුත් කර තිබෙනවා. පසුගිය දින කීපයේ ජීවිත හානි වාර්තා වූයේ පස් කදු කඩාවැටීම හේතුවෙන් බැවින් එවැනි අවධානමක් පවතින ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

The post නායයාම් පූර්ව අනතුරු ඇගවිම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG