Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තිරිගු පිටි එකම මිලකට අලෙවි කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක්  

Add comments

තිරිගු පිටි මිල රුපියල් අසූපහකින් පහළ දැමුවද දිවයිනේ සෑම ප්‍රදේශයකම සමාන මිලකට තිරිගු පිටි ලබාගත නොහැකි බවට ජනතාව පවසනවා. තිරිගු පිටි එකම මිලකට අලෙවි කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.

තිරිගු පිටි මිල රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩු කිරීමට පසුගියදා පියවර ගැණුනා. එහෙත් එම සහනය තවමත් පාරිභෝගික ජනතාවට ලැබී නැති බවටයි චෝදනා එල්ලවන්නේ. වෙළෙදපොල තුළ තිරිගු පිටි කිලෝවක් තවමත් රුපියල් 400 ක මිලට අලෙවිවන ආකාරය ද දක්නට ලැබෙනවා. ඒ හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට නොහැකිවී ඇති බවයි කුඩා හා මධ්‍ය පරිමාන බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ. එහෙත් තිරිගු පිටි මිල අඩු කිරීමත් සමග කොත්තුවක මිල රුපියල් 50 කින් අඩු කිරීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය කටයුතු කළා. මෙම පසුබිම හමුවේ සියලුම පාරිභෝගික ජනතාවට තිරිගු පිටි එකම මිලකට අලෙවි කිරීමේ අවශ්‍යතාව මතුව තිබෙනවා. ඒ සදහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීමේ හමුවක් අද පැවැත්වෙනවා. තිරිගු පිටි නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගම් දෙකෙහි නියෝජිතයින් මෙන්ම තිරිගු පිටි ආනයනකරුවන් ද එම සාකච්ඡාවට සහභාගිවීමට නියමිතයි.

 

 

The post තිරිගු පිටි එකම මිලකට අලෙවි කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG