Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චාල්ස් රජු ලබන සතියේ සිට නැවත රාජකාරි අරඹයි  

0 comments

පිළිකා රෝගයට ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු චාල්ස් රජු නැවත ලබන සතියේ සිට රාජකාරි ආරම්භ කිරීමට සැරසෙනවා.

පිළිකා රෝගය සඳහා ලබාගත් ප්‍රතිකාර වල ප්‍රගතිය හේතුවෙන්  චාල්ස් රජු ලබන සතියේ සිට නැවතත් මහජන කටයුතු ආරම්භ කරන බව බකිංහැම් මාලිගය නිවේදනය කළා.

කෙසේ වෙතත් එය රජුගේ නිල කටයුතුවලට සම්පූර්ණයෙන් පැමිණීමක් නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ ඉදිරි සැලසුම්වලට අනුව ජපානයේ රාජ්‍ය සංචාරයක් සිදුකිරීමට නියමිත අතර එහිදී ජපාන අධිරාජ්‍යයා සහ අධිරාජිනිය මුණ ගැසීමට ද නියමිතයි.

කෙසේ වෙතත් ඔහුගේ පිළිකා රෝග ප්‍රතිකාරය තව කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි බකිංහැම් මාලිගය නිවේදනය කර නැහැ.

The post චාල්ස් රජු ලබන සතියේ සිට නැවත රාජකාරි අරඹයි appeared first on ITN News.

Read More »

තායිවානයට ප්‍රබල භූ කම්පනයක්  

0 comments

තායිවානයේ හුවාලියන් ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් සිදු වූ හානි මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

The post තායිවානයට ප්‍රබල භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

යුක්රේනයට මිසයිල දෙන්න ඇමරිකාවෙන් මිලිටරි පැකේජයක්  

0 comments

යුක්රේනයට පේට්‍රියට් මිසයිල ලබාදීම කඩිනම් කිරීම සඳහා ඇමරිකාව නව මිලිටරි පැකේජයක් හඳුන්වා දී තිබෙනවා.

පෙන්ටගනය පවසන්නේ තම මිලිටරි ආධාර පැකේජයේ කොටසක් ලෙස යුක්රේනයට පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල හා කාලතුවක්කු පතොරම් ලබාදෙන බවයි.

මේ සඳහා ඇමරිකාව ඩොලර් බිලියන 6 ක් වැය කරන බව ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසනවා.

මෙලෙස වැය කරන ඩොලර් බිලියන 6, පසුගිය බදාදා ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් විසින් අත්සන් කරන ලද ඩොලර් බිලියන 60 ක ආධාර පැකේජයේ කොටසක් වන අතර, ඊට ක්ෂණික ආධාර වශයෙන් තවත් ඩොලර් බිලියන 1 ක් ද ඇතුළත්.

මේ අතර යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පසුගිය දා පැවසුවේ රුසියානු ගුවන් තර්ජනයකට මුහුණ දීමට හදිසි ආධාර බලාපොරොත්තුවෙන් සිටින බවයි.

 

 

 

The post යුක්රේනයට මිසයිල දෙන්න ඇමරිකාවෙන් මිලිටරි පැකේජයක් appeared first on ITN News.

Read More »

මයික්‍රොසොෆ්ට් හා ගූගල් සමාගම්වල ලාභය දෙගුණයකින් ඉහළ යයි  

0 comments

මයික්‍රොසොෆ්ට් හා ගූගල් සමාගම්වල ලාභය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස හැදින්වෙන මයික්‍රොසොෆ්ට් හා ගූගල් සමාගම්වල ලාභය අපේක්ෂිත අගය ඉක්මවමින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ක්‍රියාකාරකම් හා නිෂ්පාදන ඉහළ යාම ඊට හේතුව බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

ගූගල් සමාගමේ කොටස් සියයට 11 කින් හා මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටස් සියයට 4කින් ඉහළ ගොස් ඇති බවද සදහන්.

මෙම වසරේ මුල් මාස තුනේ පමණක් ගූගල් සමාගමේ ලාභය ඇමෙරිකා ඩොලර් බිලියන 23.7ක් ලෙස දැක්වෙනවා.

එය සියයට 57ක ඉහළ යාමක් ලෙසයි සැලකෙන්නේ.

එමෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙම වසරේ මුල් මාස තුනේ ලාභය ඇමෙරිකා ඩොලර් බිලියන 21.93ක් ලෙස සටහන් වනවා.

එය සියයට 20ක ඉහළ යාමක් ලෙස දැක්විය හැකියි.

 

 

The post මයික්‍රොසොෆ්ට් හා ගූගල් සමාගම්වල ලාභය දෙගුණයකින් ඉහළ යයි appeared first on ITN News.

Read More »

හයිටි අගමැති ඉල්ලා අස්වෙයි  

0 comments

හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්ඩ්‍රි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

හයිටි රාජ්‍ය මේවන විට දැඩි දේශපාලන හා ආරක්ෂක අස්තාවර භාවයකට මුහුණ දී සිටිනවා.

අපරාධකල්ලි කිහිපයක් එක්ව රජයට විරුද්ධව ගැටුම් ආරම්භ කර තිබීම ඊට හේතුවයි.

අග්‍රාමාත්‍යවරයා පසුගිය මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළ අතර ඔහු මේ වන විට රැදී සිටින්නේ කෙන්යාවේ.  සංක්‍රාන්ති පාලක මණ්ඩලය ඊයේ දිනයේ ස්ථාපනය කළ අතර අද ඔවුන් හයිටි රාජ්‍යයේ පාලන බලය භාරගත්තා.

නව රජයක් පිහිටුවන තුරු එරට බලය ඔවුන් සතු වන අතර ආර්ථික අමාත්‍යවරයා අන්තර්කාලීන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.

එරට ආරක්ෂාව තහවුරු කිරීම සදහා ජගත් සංවිධානයට අනුබද්ධ ආරක්ෂක සේනාංකයක් ලබා දීමට ඔවුන් එකගතාවය පළකර තිබෙනවා.

 

 

The post හයිටි අගමැති ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලයට එරෙහි විරෝධතා හේතුවෙන් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල කටයුතුවලට දැඩි බාධා  

0 comments

ඊශ්‍රායලයට එරෙහි විරෝධතා හේතුවෙන් ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු කර තිබෙනවා.

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක හේතූන් මත මෙම පියවර ගත් බව එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරනවා.

සිසුන් දෙමාපියන් ඇතුළු 65,000කගේ පමණ සහභාගීත්වයෙන් දැවැන්ත උපාධි ප්‍රදානෝත්සවයක් මෙම අවස්ථාවේදී පැවැත්විය නොහැකි බවයි පාලනාධිකාරිය පෙන්වා දෙන්නේ.

මීට පෙර ඔවුන් නිවේදනය කර තිබුණේ මුස්ලිම් ජාතික සිසුන්ට කතාවක් සිදුකිරීම ලබා දී තිබූ අවස්ථාව පමණක් ආරක්ෂක හේතූන් මත අවලංගු කරන බවයි.

මීට සති කිහිපයකට පෙර සිට ඇමෙරිකාවේ කොළම්බියා යේල් හා හාවඩ් ඇතුළු විශ්වවිද්‍යාල රැසක ඊශ්‍රායලයට එරෙහි විරෝධතා ක්‍රියාත්මකයි.

ඒ හේතුවෙන් එම විශ්වවිද්‍යලයන්හි දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ලවී තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කටයුතු කළ අතර සිසුන් 150කට ආසන්න සංඛ්‍යාවක් එහිදී අත්අඩංගුවට ගැනුණා.

The post ඊශ්‍රායලයට එරෙහි විරෝධතා හේතුවෙන් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල කටයුතුවලට දැඩි බාධා appeared first on ITN News.

Read More »

TikTok විකිණීමේ සූදානමක්?  

0 comments

ටික්ටොක් යෙදවුම වෙනත් පාර්ශ්වයකට විකිණීමට කිසිදු සූදානමක් නොමැති බව එම යෙදවුම අයත් චීන සමාගම නිවේදනය කරනවා.

ටික්ටොක් යෙදවුම ඇමෙරිකාව තුළ භාවිතය තහනම් කරමින් පසුගිය බදාදා සෙනට් මණ්ඩලය ඊට අදාළ පනත සම්මත කළා.

ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනම් නොවීමට නම් අදාළ සමාගම එම යෙදවුම තම අයිතියෙන් පරිබාහිර වෙනත් පාර්ශ්වයකට විකිණිය යුතු වනවා.

කෙසේ වුවද ඇමෙරිකාව පවසන පරිදී ටික් ටොක් යෙදවුම වෙනත් පාර්ශ්වයකට විකිණීමට කිසිදු සූදානමක් නොමැති බවයි එම යෙදවුම අයත් බයිට්ඩාන්ස් චින සමාගම නිවේදනය කරන්නේ.

එමෙන්ම ඇමෙරිකා සෙනෙට් මණ්ඩලයේ තිරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට තම තමාගම සූදානම් බවද ඔවුන් තවදුරටත් පවසනවා.

The post TikTok විකිණීමේ සූදානමක්? appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG