Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ක්ෂේත්‍ර කිහිපයකට තවත් රටවල් තුනක සහාය  

0 comments

බලශක්ති, සංචාරක, විදේශ රැකියා සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවර්ධනයට බ්‍රිතාන්‍ය, දකුණු කොරියාව සහ ඊජිප්තුව යන රටවල සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බව අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවීම්වලදී සඳහන් කෙරිණ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ සභික මයිකල් නෙස්බි සාමිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි රජය දක්වන උනන්දුව පැසසුමට ලක් කළේය.

සූර්ය සහ සෙසු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල උත්පාදනයට එක් කරගැනීමට බ්‍රිතාන්‍යයේ සහාය ලබාදීමට කටයුතු කරන බව නෙස්බි සාමිවරයා පැවසීය. සාමිවරයා විසින් රචිත “Paradise Lost : Paradise Regained” කෘතිය ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් තමා තරුණ අවධියේ සිට ශ්‍රී ලංකාව සමග පැවති සමීප සබඳතාව සිහිපත් කළේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය හඬ අවදි කරමින් නෙස්බි සාමිවරයා දැක් වූ සහාය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් කෙරිණ.

දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාදීම කෙරෙහි සිය රජයේ අවධානය යොමු කරන බව එරට රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය කෝ යුන්-චොල් (Koo Yun-cheol) මහතා ජනාධිපතිතුමා සමග පවසයි. ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා දකුණු කොරියානු ව්‍යවසායකයන් දිරිගැන්වීමටත් කොරියාවේ නවීන තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් හැකි උපරිම සහාය ලබාදෙන බව කෝ යුන්-චොල් මහතා‍ කියා සිටි.

දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සංවර්ධන ආධාර සහ සෙසු සහාය පිළිබඳ ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා, ශ්‍රී ලංකාවේ ඇති අමුද්‍රව්‍ය භාවිත කරමින් අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඇති අවස්ථාව පෙන්වා දෙනු ලැබීය.

කොරියානු තානාපති ජියෝන්ග් වූන්ජින්ග් (Jeong Woonjing), කොරියානු දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රියෝ ඩේ-යොන්ග් (Ryoo Dae-Young) යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

විශේෂ සංචාරක කලාප ඇති කිරීමෙන් ඊජිප්තු සංචාරකයන්ගේ විශේෂ අවධානය මෙරටට ලබාගත හැකි බව ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මගෙඩ් මොස්ලේ (Maged Mosleh) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි. දෙරට අතර 65වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ තානාපතිවරයා අන්තර්ජාතික සමුළුවලදී ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබාදෙන බවට සහතික විය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

The post ක්ෂේත්‍ර කිහිපයකට තවත් රටවල් තුනක සහාය appeared first on ITN News.

Read More »

ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන්ගේ 3වන රැස්වීම චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  

0 comments

ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන්ගේ 3වන රැස්වීම, චීන රාජ්‍යමණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය Wang Yi මහතාගේ ප්‍රධානත්වයෙන් අද අන්හුයිපළාතේ Tunxi  හිදී පැවැත්විණ. එහිදී ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය සම්බන්ධයෙන්, සියලු පාර්ශ්ව අටවැදෑරුම් සම්මුතියකට එළැඹී තිබේ.

චීනය වෙනුවෙන් අදහස් දක්වමින්  Wang Yi මහතා යෝජනා කළේ, ස්වයං විශ්වාසය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ සාමකාමී සංවර්ධන මාවතකට යාමට ඇෆ්ගනිස්ථානයට සියලු පාර්ශ්ව සහාය දෙන ලෙසයි.

මෙම රැස්වීමේදී 3වන ඇෆ්ගන් අසල්වැසි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ ඒකාබද්ධ ප්‍රකාශය  සහ “ඇෆ්ගනිස්ථානයේ ආර්ථික ප්‍රතිසංස්කරණය හා ප්‍රායෝගික සහයෝගීතාවට සහාය වීම පිළිබඳ අසල්වැසි රටවල Tunxi මුලපිරීමේ ඒකාබද්ධ ප්‍රකාශය  නිකුත් කරනු ලැබීය.

ඇෆ්ගනිස්ථාන විශේෂ නියෝජිතයන්ගේ නිත්‍ය රැස්වීම් යාන්ත්‍රණය දියත් කිරීම සහ දේශපාලන රාජ්‍යතාන්ත්‍රිකභාවය, ආර්ථිකය, මනුෂ්‍යත්වය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය යන ක්‍රියාකාරී කණ්ඩායම් තුනක් පිහිටුවීම ද රැස්වීම නිවේදනය කළා.

 

 

 

 

 

 

 

 

The post ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන්ගේ 3වන රැස්වීම චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

Read More »

ජමාල් කෂෝගි ඝාතන නඩුව සවුදි අරාබියට මාරු කරන ලෙස තුර්කි නීතිඥවරයෙකු අධිකරණයෙන් ඉල්ලයි  

0 comments

2018 ස්ථාන්බූල්හි සවුදි කොන්සාල් කාර්යාලයේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීම සම්බන්ධ නඩුව සවුදි අරාබියට මාරු කරන ලෙස තුර්කි නීතිඥවරයෙකු අධිකරණයෙන් ඉල්ලයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සවුදි සැකකරුවන් 26 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා. සැකකරුවන් 26 දෙනා අධිකරණය මගහැරීම නිසා නඩුව පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. මේ නිසා තුර්කි නීතිඥවරයාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ මතය විමසන බව තුර්කි අධිකරණය දැනුම් දී තිබෙනවා.

මී ළග නඩු විභාගය ලබන 07 වෙනිදා පැවැත්වෙනවා. සවුදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ විවේචකයෙකු වන කෂෝගි අවසන් වරට 2018 ඔක්තෝබර් දෙවනදා ඉස්තාන්බූල් හි සවුදි කොන්සල් කාර්යාලයට ඇතුළු වන ආකාරය සී සී ටී වී දර්ශනවල පටිගත වී තිබුණා. ඔහුගේ සිරුර කොටස් කර ඉවත් කර ඇති බවයි තුර්කි බලධාරින් විශ්වාස කරන්නේ. තවමත් ඔහුගේ මළසිරුර හමු වී නැහැ.

 

The post ජමාල් කෂෝගි ඝාතන නඩුව සවුදි අරාබියට මාරු කරන ලෙස තුර්කි නීතිඥවරයෙකු අධිකරණයෙන් ඉල්ලයි appeared first on ITN News.

Read More »

තරුණයින් ලක්ෂ 10කට රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක්  

0 comments

ලක්ෂ 10 කට තරුණ පිරිසකට රැකියා ලබාදීමේ අරමුණින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය මෙන්ම ජාතික තරුණසේවා සභාව එක්ව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

නව ව්‍යාපෘතිය යටතේ ජාතික තරුණ සේවා සභාවේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් රැකියා පොලක් සංවිධාන කළා. එය පැවැත්වුණේ අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, ගම්පහ නගරාධිපති එරංග සේනානායක,ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. රැකියා විරහිත තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ව්‍යවසායකයින් ලෙස පුහුණු කළ දෙස් විදෙස් රැකියාවලට යොමු කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

The post තරුණයින් ලක්ෂ 10කට රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.

Read More »

යුක්රේනයේ ඩොනෙට්ස්ක් නගරයේ මහල් 9 කින් යුත් නේවාසික ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක්  

0 comments

යුක්රේනයේ ඩොනෙට්ස්ක් නගරයේ මහල් 9 කින් යුත් නේවාසික ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

දේශීය වෙලාවෙන් ඊයේ පෙරවරු 6.30 ට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මෙම මහල් නිවාසයේ සිටි එක් නිවැසියෙක් විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයෙන් තමාගේ පියා බේරුණත් 9 වන මහලේ ජීවත් වූ ඇයගේ වයෝවෘද්ධ මව තවමත් සුන්බුන් යට වැළලී සිටින බවයි. ඩොනෙට්ස්ක් නගරයට එල්ල වන ප්‍රහාර දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. ජීවිත හානි කෙතෙක් සිදුවේදැයි යන්න නිශ්චිත නැති බවයි එම නිවැසියා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ. මාරාන්තික ප්‍රහාරවලින් පසු වඩාත් දුක් විදින නගරය බවට තම නගරය පත්ව ඇතැයිද ඇය කියා සිටියා.

 

 

 

 

 

 

 

The post යුක්රේනයේ ඩොනෙට්ස්ක් නගරයේ මහල් 9 කින් යුත් නේවාසික ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

චීන ජනපති ඇෆ්ගන් ජනතාව වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් කරයි  

0 comments

නැගෙනහිර චීනයේ අන්හුයි පළාතේ පැවති ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල් අතර තුන්වන විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී චීන ජනාධිපති ෂින් ජින් පින් ඇෆ්ගන් ජනතාව වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ලිඛිත ප්‍රකාශයක් කරමිනුයි චීන ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ. ඇෆ්ගන් ජනතාවට දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට උපරිම සහයෝගය ලබා දෙන බව අවධාරණය කළ චීන ජනාධිපතිවරයා එම අසල්වැසි රාජ්‍යවලින් ද මෙම ඉල්ලීම කර තිබෙනවා. බොහෝ දුෂ්කරතා පසුකරමින් පැමිණි ඇෆ්ගනිස්ථානයට සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීමට කැපවන බවයි චීන ජනාධිපතිවරයා මෙහිදි පවසා ඇත්තේ.

The post චීන ජනපති ඇෆ්ගන් ජනතාව වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් කරයි appeared first on ITN News.

Read More »

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමට ඇමෙරිකාව සමඟ සාකච්ඡාවක්  

0 comments

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සදහා ඇමෙරිකා රජය සමග සාකච්ඡාවක් පැවැත්වුණා.

සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙන්ම ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති මාටින් කෙලී මහතාද එක් වුණා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබද මෙහිදී ඇමෙරිකා තානාපති කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කෙරුණා.

බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට ඇමෙරිකා රජයද මේ වන විට සහාය ලබා දෙනවා. ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති බිම් වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යය සිදු කරනවා. යුද හමුදාව මෙන්ම ජාතික හා ජාත්‍යන්තර සංවිධාන රැසක් ඒ සදහා දායකත්වය ලබා දෙනවා.

 

 

The post උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමට ඇමෙරිකාව සමඟ සාකච්ඡාවක් appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඊශ්‍රායලයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අංශ කිහිපයක් පිළිබද එරට ආරක්ෂ අංශ සැක පල කරනවා.

ටෙල් අවීව් නගරයට ආසන්නයේ සිදු කළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙය සතියක් තුළදී එරට සිදු වූ තුන්වන මාරාන්තික ප්‍රහාරයයි. ජනාකීර්ණ ප්‍රදේශයක මෙම වෙඩි තැබීම සිදු වුණා. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක අංශ ද මේ වන විට සීරුවෙන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

 

 

The post ඊශ්‍රායලයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ආරක්ෂක ඇපකරයක් දෙනවනම් ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කරන්න සූදානම් – යුක්රේනය  

0 comments

ආරක්ෂක ඇපකරයක් ලබාදෙන්නේ නම් පමණක් ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් බව සාම සාකච්ඡා අතරතුරදී යුක්රේනය පවසා තිබෙනවා.

යුක්රේනය ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීම රුසියාවේ ප්‍රධානතම කොන්දේසියක් ද වනවා. කෙසේ වුවද පෝලන්තය , ඊශ්‍රායලය , තුර්කිය හෝ කැනඩාව යන රටවලින් එක් රටක් ආරක්ෂක ඇපකරුවෙකු ලෙස කටයුතු කරන්නේ නම් පමණක් ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කරන බවයි යුක්රේනය පෙන්වා දෙන්නේ. ස්වාධීන රාජ්‍යයක් වූ පසු යුක්රේනයට නේටෝ සංවිධානයට සම්බන්ධවීමට හැකියාවක් නොලැබෙන අතර වෙනත් රටවලට අයත් හමුදාවන්ට තම රටට තුළ රැඳී සිටීමට අවස්ථාව ලබාදීමට නොහැකි වනවා. එමෙන්ම යුක්රේනය දෙරටේ ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කර ඇති අතර ඒ සඳහා රුසියා පාර්ශ්වයෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවද පවසා තිබෙනවා. මේ අතර කියෙව් හා චර්නිහිව් නගර ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන යුද මෙහෙයුම් දැඩි ලෙස අවම කිරීමට කටයුතු කරන බවයි යුක්රේනයේ තීරණයට ප්‍රතිචාරයක් ලෙස රුසියාව සඳහන් කර ඇත්තේ.

 

 

 

 

The post ආරක්ෂක ඇපකරයක් දෙනවනම් ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කරන්න සූදානම් – යුක්රේනය appeared first on ITN News.

Read More »

ඛනිජ වැලි අලෙවි කිරීමට නව ක්‍රමවේදයක්  

0 comments

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පුල්මුඩේ ඛනිජවැලි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. අපේ රටේ ඉහළ වටිනාකමක් සහිත ඉල්මනයිට්, රූටයිල් හා සර්කෝන් වැනි ඛනිජ සම්පත් අමුද්‍රව්‍ය වශයෙන් විදේශීය රටවලට අපනයන කිරීම නිසා රටට ලැබෙන විදේශ විනිමය ඉතාමත් අවම මට්ටමක පවතී. එමනිසා ලංකා ඛනිජ වැලි අලෙවි කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ලංකා ඛනිජවැලි සමාගම පියවර ගෙන ඇතැයි එම සමාගමේ නිලධාරීහු අමාත්‍යවරයාට පැවසූහ.

ඒ අනුව ඉතිහාසයේ මෙතෙක් අලෙවි කළ වැඩිම මිල වශයෙන් රූටයිල් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 1733ක් වශයෙන් ද, ඉල්මනයිට් ටොන් එකක් ඇ. එ. ජ. ඩොලර් 251ක් වශයෙන් හා හයි ටයි ඉල්මනයිට් ටොන් එකක් ඇ. එ. ජ. ඩොලර් 250ක් වැනි මුදලකට ද වශයෙන් අලෙවි කිරීමට කටයුතු කර ඇතැයි ඔවුහු පැවසූහ. මෙහිදී සෑම ටොන් එකකටම සියයට 07කට වැඩි
රාජ්‍ය භාගය ද හිමි වන අයුරින් ගිවිසුම් අත්සන් කර තිබේ. මේ නිසා රජයට විශාල ආදායමක් උපයා ගත හැකි අයුරින් නව ක්‍රමවේදය සකස් කර ඇතැයි ද නිලධාරිහු පෙන්වා දුන්හ. නමුත් අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් විදේශ වෙළෙඳපොළට මෙම ඛනිජ සම්පත් අපනයනය කිරීම මගින් විශාල ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබේ. රජය විසින් අගය එකතු කළ නිෂ්පාදන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නැයි උපදෙස් ලබා දුන්න ද මෙතෙක් ලංකා ඛනිජවැලි සමාගම විසින් ඒ සඳහා කිසිදු පියවරක් ගෙක නොතිබිනි. මේ නිසා ඉදිරියේ දී ලංකා ඛනිජවැලි අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් සකස් කිරීම සඳහා පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී එම සමාගමේ බලධාරින්ට උපදෙස් දුන්නේය.

මේ වනවිට ලංකා ඛනිජවැලි සමාගමේ වාර්ෂික ඛනිජ වැලි අපනයනය මෙ. ටොන්. ලක්ෂයක් පමණ වේ. ඒ අතරින් ඉල්මනයිට් මෙ. ටොන් 90,000ක්, රූටයිල් මෙ. ටොන්. 9000ක් හා සර්කෝන් මෙ. ටොන් 5,500 වශයෙන් අපනයනය කරනු ලබන්නේ අමුද්‍රව්‍ය වශයෙනි.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා,
අපේ රටේ වටිනා ඛනිජ සම්පත් විශාල වශයෙන් තිබෙනවා. නමුත් එම ඛනිජ සම්පත් රටේ සංවර්ධනයට භාවිතා කිරීම සඳහා කටයුතු කළයුතු ආයතන කාර්යක්ෂම වී නැහැ. ඒ නිසා රටට ලබා ගත හැකි ආදායම් විශාල වශයෙන් රටට අහිමි වී තිබෙනවා. මුළු ලෝකයම අද ඛනිජ සම්පත් අපනයනයේ දී අමුද්‍රව්‍ය වශයෙන් නොව අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් අපනයනය කිරීමට කටයුතු කරනවා. නමුත් අපේ රටේ වගකිව යුතු රාජ්‍ය ආයතන තවමත් සිදු කරන්නේ ඉතා සුළු මුදලකට මෙම වටිනා ඛනිජ සම්පත් අමුද්‍රව්‍ය වශයෙන් අපනයනය කිරීම පමණයි.

රජයේ ඉළක්කය නම් අපේ සෑම අපනයන භාණ්ඩයක්ම අමුද්‍රව්‍ය වශයෙන් නොව අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් අපනයනය කිරීමයි. ලංකා ඛනිජ වැලි සමාගම තවමත් ඒ සඳහා කටයුතු කර නැහැ. මම හිතන්නේ ඒක විශාල අඩුපාඩුවක්. අද අපේ රටේ විශාල විදේශ විනිමය හිඟයක් තිබෙනවා. ඊට ඇති එකම විකල්පය ඩොලර් වැඩිපුර උපයා ගැනීම සඳහා අපේ අපනයනය ක්‍රමවත් කිරීම හා වේගවත් කිරීමයි. එමෙන්ම අමුද්‍රව්‍ය වශයෙන් ඛනිජ සම්පත් අපනයනය කරනවාට වැඩියෙන් විදේශ විනිමය උපයා ගැනීම සඳහා අගය එකතු කළ නිෂ්පාදන වැඩ පිළිවෙළට අප යා යුතුයි. ලංකා ඛනිජවැලි සමාගම එම අභියෝගය බාරගැනීමට සූදානම් විය යුතුයි. රාජ්‍ය ආයතනයක් එදා වේළ උපයා ගෙන කන ආයතනයක් බවට පත් නොවිය යුතු යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

The post ඛනිජ වැලි අලෙවි කිරීමට නව ක්‍රමවේදයක් appeared first on ITN News.

Read More »

රුසියාව එල්ල කළ රොකට් ප්‍රහාරයකින් යුක්රේනයේ 7 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

යුක්රේනයේ මයිකොලයිව් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් විසිදෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි යුක්රේන ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. ඉන් 18 දෙනෙකු සුන්බුන් අතර සිරව සිටියදී සොයාගත් අය වනවා. රොකට් ප්‍රහාරයෙන් රජයේ ගොඩනැගිල්ලකට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. මේ අතර රුසියාව කර්සන් , ඔඩේසා , මයිකොලයිව් හා මරියුපෝල් යන වරාය නගර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර ක්‍රියාත්මක කර ඇත්තේ ඒ හරහා තම භටයින්ට යුක්රේනයට අතුළුවීමට අවස්ථාව සළසා ගැනීමට බව එරට ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.

 

 

 

The post රුසියාව එල්ල කළ රොකට් ප්‍රහාරයකින් යුක්රේනයේ 7 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි  

0 comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 225 කින් කොරෝනා වයිරස ආසාදිතයින් ලක්ෂ 15 ට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,026 ක්.

ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ දකුණු කොරියාවෙන්. එම සංඛ්‍යාව 350,000 කට ආසන්නයි. එමෙන්ම ජර්මනියෙන් 237,000ක් ප්‍රංශයෙන් 217,000 ක් ඉතාලියෙන් 99,000 ක් හා වියට්නාමයෙන් 88,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. එමෙන්ම ගතවූ පැය 24 ට වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 717 සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටඑක් ලක්ෂ පනස්හත් දහස ඉක්මවා ගියා. හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් අටකෝටි පනස් පන් ලක්ෂ පනස්දහසකට අධික බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදන කරන්නේ.

 

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

සමුද්‍රීය ආරක්ෂක ගිවිසුමෙන් ලංකාවට හානියක් නෑ – ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්  

0 comments

ඉන්දීය රජය සමඟ අත්සන් කළ සමුද්‍රීය ආරක්ෂක ගිවිසුමෙන් මෙරට ජාතික ආරක්ෂාවට බාධාවක් හෝ කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරනවා. මෙම ගිවිසුමෙන් තර්ජනයක් ඇති බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ වැරදි ප්‍රචාර සිදුකරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.

වාර්ෂික වියදම රුපියල් මිලියන 600 ක් පමණ වන නැව් අලුත්වැඩියාව වෙනුවෙන් ඉන්දියානු රජය කිසිදු වියදමකින් තොරව පාවෙන තටාකාංගන පහසුකම ලබාදීමේ යෝජනාව ආරම්භ වූයේ 2015 වසරේ සිටයි. ඩෝනියර් නිරීක්ෂණ යානය මූලික වශයෙන් සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු පිරික්සුම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් සහ විවිධ අවස්ථාවලදී අවශ්‍ය තොරතුරු ලබාදීම සදහා යොදා ගැනෙනවා. ශ්‍රී ලංකාව සතුව මෙම පහසුකම සහ තාක්ෂණය නොමැති බැවින් ඩෝනියර් නිරීක්ෂණ යානයක් ගාස්තුවකින් තොරව ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියාව එකගවුණා. ඒ පසුගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර සිදුවූ සාර්ථක ද්වීපාර්ශ්වික සබදතාවලින් පසුවයි.

 

 

 

 

The post සමුද්‍රීය ආරක්ෂක ගිවිසුමෙන් ලංකාවට හානියක් නෑ – ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක් appeared first on ITN News.

Read More »

සති දෙකකට පසු රුසියා – යුක්රේන සාම සාකච්ඡා ඇරඹේ  

0 comments

සති දෙකකට පසු රුසියා යුක්රේන පාර්ශ්ව අතර සාම සාකච්ඡා අද තුර්කියේ ස්තාන්බුල් අගනුවරදී පැවැත්වීමට නියමිතයි.

දෙපාර්ශ්වයේම නියෝජිතයින් මේ වනවිට තුර්කියේ ස්තාන්බුල් අගනුවරට පැමිණ සිටිනවා. සටන්විරාමයක් ආරම්භ කිරීම සාම සාකච්ඡාවල ප්‍රධානම අරමුණ බවයි යුක්රේනය පවසන්නේ. සාකච්ඡාවට කීපයක් පැවතිය ද මේ වන තෙක් එකඟතාවට පැමිණීමට සමත්ව නැහැ. දෙපාර්ශ්වය අතර මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වෙන්නේ සති දෙකකට පමණ පසුවයි. මෙවර සාකච්ඡා තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

 

 

 

The post සති දෙකකට පසු රුසියා – යුක්රේන සාම සාකච්ඡා ඇරඹේ appeared first on ITN News.

Read More »

රිදීගම සෆාරි සත්වෝද්‍යානය තුළ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන  

0 comments

අම්බලන්තොට රිදියගම සෆාරි සත්වෝද්‍යානය තුළ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකර වැරදිකරුවන් සියලු දෙනාට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව පොලීසිය අවධාරණය කරනවා.

සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය රිදියගම සෆාරි උද්‍යානය වෙත පසුගියදා ගිය අවස්ථාවේ සේවයින් පිරිසක් සමග ආරවුලක් ඇතිවී තිබෙනවා. එහිදී උද්‍යානයේ පශු වෛද්‍යවරයාට එහි රියදුරන් දෙදෙනෙකු පහරදුන් බවට හා ඔවුන් දෙදෙනාට පශු වෛද්‍යවරයා පහරදුන් බවට අම්බලන්තොට පොලීසියට පැමිණිලිකර තිබුණා. පහරදුන් බව පවසමින් පශු වෛද්‍යවරයා මෙන්ම රියදුරෙකු ද රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනීමට ද කටයුතු කළා. පශු වෛද්‍යවරයාට පහරදුන් බව කියන රියදුරන් දෙදෙනා අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරුණා. කෙසේ වෙතත් මෙම පහරදීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම පැමිණිලි ඉදිරිපත් කර ඇති බැවින් තවදුරටත් විමර්ශන සිදුකර වැරදිකරුවන්ට දඩුවම් පමුණුවන බවයි පොලීසිය අවධාරණය කරන්නේ.

 

 

 

 

The post රිදීගම සෆාරි සත්වෝද්‍යානය තුළ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන appeared first on ITN News.

Read More »

ඊයේ වැඩිම ආසාදිතයින් ජර්මනියෙන්  

0 comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 225 කින් කොරෝනා ආසාදිතයින් නවලක්ෂ හතලිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,780 ක්.

ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජර්මනියෙන්. එම සංඛ්‍යාව 215,000 ට ආසන්නයි. එමෙන්ම දකුණු කොරියාවෙන් 187,000 ක් ඔස්ට්‍රියාවෙන් 49,000 ක් ඕස්ට්‍රේලියාවෙන් 46,000 ක් හා ජපානයෙන් 43,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයෙත් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන 335 සිදුව ඇත්තේ රුසියාවෙන්. ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටඑක්ලක්ෂ පනස් එක්දහස ඉක්මවා ගියා. හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් අටකෝටි තිස්පන් ලක්ෂයකට ආසන්න බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

 

 

 

The post ඊයේ වැඩිම ආසාදිතයින් ජර්මනියෙන් appeared first on ITN News.

Read More »

කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට  

0 comments

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයෙකු විෂ මත්ද්‍රව්‍ය සමග බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමේදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. බ්ලූමැන්ඩල්, ඉබ්බාවත්ත ප්‍රදේශයේ කළ වැටලීමේ දී සැකකරු අත්අඩංගුවට ගැණුනු අතර ඔහු ලග තිබී හෙරොයින්, අයිස්, කේරල ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් සොයා ගැණුනා. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් එක්ලක්ෂ පන්දහසකට වැඩි මුදලක් සහ ජාවාරම සදහා භාවිත කළ ජංගම දුරකතන තුනක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම සැකකරු අපරාධකල්ලි සාමාජිකයෙකු වන දැනට ඉන්දියාවේ සිරගතව සිටින කිඹුලා ඇළේ ගුණාගේ ගෝලයෙකු බවයි පොලීසිය සදහන් කරන්නේ.

 

 

 

 

The post කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

IMF වාර්තාව පිළිබඳව ලබන මස මුල් සතියේදී පාර්ලිමේන්තු විවාදයක්  

0 comments

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කර ඇති වාර්තාව පිළිබඳව ලබන මස මුල් සතියේදී පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මෙරට සාර්ව ආර්ථික ස්ථාවර භාවය සහ ණයවල තිරසාර භාවය ඇතුලු කරුණු රැසක් පිළිබඳව තොරතුරු එම වාර්තාවේ අඩංගු වනවා. එමෙන්ම ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සඳහා බදු මුදල් ඉහළ නැංවිය යුතු බවද IMF වාර්තාවේ නිර්දේශවලට ඇතුළත්. කොවිඩ් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරක ලැබිම් අහිමිවීම හා රට අගුලු දැමීම හමුවේ මෙම ආර්ථික ගැටලු වඩාත් තීවුර වූ බව අදාල නිර්දේශ තුළ දක්වා තිබෙනවා. මෙරට ආර්ථිකය මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුද තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා ඊට අදාල වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පසුගියදා මෙරටට පැමිණියා. එම නිලධාරියා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවී සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික තත්වය පිළිබඳ වාර්තාවක් සැකසීමටයි එම සාකච්ඡාවේදී තීරණය කෙරුණේ. ලබන මස මුල් සතියේදී මෙම වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුලදී විවාදයක් පැවැත්වීමට රජය තීරණය කළා.

 

The post IMF වාර්තාව පිළිබඳව ලබන මස මුල් සතියේදී පාර්ලිමේන්තු විවාදයක් appeared first on ITN News.

Read More »

සෞඛ්‍යයට මුල්තැනමදී 94 වන ඔස්කාර් ලොස්ඇන්ජලිස් නුවරදී  

0 comments

94 වන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අගනුවරදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් දැඩි සෞඛ්‍ය විධිවිධාන මධ්‍යයේ සම්මාන උළෙල සංවිධානකර තිබූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මෙවර හොදම නළුවාට හිමි සම්මානය සතුකර ගැනීමට විල් ස්මිත් සමත් වුණා. ඒ කිංග් රිචඩ් චිත්‍රපටයේ අතිවිශිෂ්ට රංගන දායකත්වය වෙනුවෙන්. මේ අතර සම්මාන උළෙල අතරතුරදී විල් ස්මිත් සම්මාන උළෙලේ නිවේදකයාට කම්මුල් පහරක් එල්ලකිරීම දැඩි කතාබහට ලක්ව තිබෙනවා. කෙසේ වුවද සම්මානය ලබාගැනීමෙන් පසු විල් ස්මිත් සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටියා.

ද අයි ඔෆ් ටැමී ෆේයි චිත්‍රපටයේ රංගන දායකත්වය වෙනුවෙන් ජෙසිකා චැස්ටන් හට හොදම නිළිය සදහා වන සම්මානය හිමිවූවා.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොදම චිත්‍රපටය ලෙස සම්මානය හිමිකර ගත්තේ කෝඩා චිත්‍රපටයයි. කෙසේ වුවද කෝඩා චිත්‍රපටයට හොදම චිත්‍රපටයට හිමි සම්මානය හිමිකර ගැනීම සදහා ද පවර් ඔෆ් ද ඩෝග් චිත්‍රපටය සමග තියුණු තරගයක නිරතවීමට සිදුවූ බවයි විචාරකයින් පවසන්නේ.

මෙවර හොදම චිත්‍රපට අධ්‍යක්ෂක සදහා වන සම්මානය ද පවර් ඔෆ් ද ඩෝග් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය වන ජේන් කැම්පියන් හිමිවුණා. ඇය හොදම චිත්‍රපට අධ්‍යක්ෂවරිය සදහා දෙවතාවක් නිර්දේශ වූ එකම කාන්තාව ද වනවා. 1967 වසරේ දී තෝමස් සැවේජ් විසින් රචිත නවකතාවක් ඇසුරෙනුයි එම චිත්‍රපටය නිෂ්පාදනය කෙරුණේ.

94 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොදම සහාය නළුවාට හිමි සම්මානය ට්‍රෝයි කොට්සූර්ට හිමිවුණා. බිහිරි පියෙකුගේ චරිතයට පණපොවමින් කෝඩා චිත්‍රපටයේ ඔහු දැක්වූ අති විශිෂ්ට රංගන ප්‍රතිභාව අගය කරමිනුයි ඔහුට මෙම සම්මානය හිමිවුණේ.

මෙවර හොදම සහාය නිළියට හිමි සම්මානය අරියානා ඩිබෝස් හිමිකර ගැනීමට සමත්වුණා. ඇයට එම සම්මානය හිමිවුණේ වෙස්ට් සයිඩ් ස්ටෝරි චිත්‍රපටයේ ඇයගේ රංගන දායකත්වය වෙනුවෙන්.

මේ අතර මෙවර හොදම කැමරා අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඩූන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක ග්‍රෙග් ෆ්‍රේසර් හිමිකර ගැනීමට සමත්වුණා.

එමෙන්ම ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයට ලක්වන සම්මානයක් වන හොදම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයට හිමි සම්මානය එන් කැන්ටෝ චිත්‍රපටය හිමිකර ගත්තා.

 

 

 

 

The post සෞඛ්‍යයට මුල්තැනමදී 94 වන ඔස්කාර් ලොස්ඇන්ජලිස් නුවරදී appeared first on ITN News.

Read More »

ගෝලීය බලශක්ති අර්බුදය විසඳීමට බොරතෙල්, ගෑස් හා යුරේනියම් ලබාදීමට කැනඩාව සූදානම්  

0 comments

රුසියාවෙන් බොරතෙල් මිලදී නොගන්නා රටවලට අවශ්‍ය බලශක්ති ප්‍රභව සැපයීමට සූදානම් බව කැනඩාව නිවේදනය කරනවා.

ඒ අනුව ගෝලීය බලශක්ති අර්බුදය විසදීමට බොරතෙල්, ගෑස් හා යුරේනියම් ලබාදීමට කැනඩාව සූදානම් වනවා. රුසියාව යුක්රේනයේ විශේෂ යුද මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ සමගම යුරෝපා කලාපයේ බලශක්ති අර්බුදයක්ද හටගැණුනු අතර යුරෝපයේ බොරතෙල් හා ගෑස් අවශ්‍යතාව සපුරාලමින් ලෝක බොරතෙල් වෙළෙදපොලෙන් රුසියාව ඉවත් කිරීමට ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් රැසක් ක්‍රියා කරමින් සිටිනවා. ඒ අනුව දිනකට අමතර බොරතෙල් බැරල් ලක්ෂ දෙකක් නිෂ්පාදනය කිරීමට සූදානම් බවයි කැනඩාව පවසන්නේ.

 

 

 

 

The post ගෝලීය බලශක්ති අර්බුදය විසඳීමට බොරතෙල්, ගෑස් හා යුරේනියම් ලබාදීමට කැනඩාව සූදානම් appeared first on ITN News.

Read More »

නැවෙන් ආ ඉන්ධන මෙට්‍රික් ටොන් 34000 ගොඩබෑම හෙට සිට  

0 comments

ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඉන්ධන මෙට්‍රික් ටොන් තිස් හතර දහසක් රැගත් නෞකාවක තෙල් ගොඩබෑමේ කටයුතු හෙට දිනයේදී ආරම්භ කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. ලබන 31 වනදා ඉන්ධන මෙට්‍රික් ටොන් හතළිස් පන්දහසක් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.

ඛනිජ තෙල් සංස්ථාව සතුව ඩීසල්මෙට්‍රික් ටොන් තිස් දහසක් පමණ සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් පහළොස් දහසක් පමණ මේ වනවිට පවතින බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කරනවා. ඒ අනුව ඉන්දන පිරවුම්හල් වෙත අවශ්‍ය ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ක්‍රමානුකූලව සිදුකරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මේ අතර කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල අද දිනයේදී සීඝ්‍ර ලෙස පහත වැටී තිබුණා. ඩීසල් නොමැතිවීම හේතුවෙන් වෙළෙදුන් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීමේ අඩුවක් තිබීම එළවළු මිල පහත වැටීමට හේතුව බවයි ගොවීන් පවසන්නේ.

 

The post නැවෙන් ආ ඉන්ධන මෙට්‍රික් ටොන් 34000 ගොඩබෑම හෙට සිට appeared first on ITN News.

Read More »

යුද ගැටුම් යුක්රේනයෙන් පලාගිය සංඛ්‍යාව ලක්ෂ 40කට ආසන්නයි – UN  

0 comments

යුද ගැටුම් හේතුවෙන් යුක්රේනයෙන් වෙනත් රටවලට පලාගිය පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 40 කට ආසන්න බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

යුක්රේනයේ වැඩිම පිරිසක් පලාගොස් ඇත්තේ පෝලන්තයටයි. එරටට පලාගිය පිරිස ලක්ෂ 23 කට ආසන්න වනවා. එමෙන්ම රුමේනියාවට 580,000 ඉක්මවූ සංඛ්‍යාවක් හංගේරියාවට 350,000 කට ආසන්න පිරිසක් මෝල්ඩෝවා රාජ්‍යයට 380,000 කට අධික සංඛ්‍යාවක් හා රුසියාවට 270,000 ඉක්මවූ පිරිසක් ලෙස සරණාගතයින් ලෙස පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ. පෝලන්තයේ යුක්රේන වැසියන් විශාල සංඛ්‍යාවක් වාසය කරන අතර එරටට වැඩිම සරණාගතයින් සංඛ්‍යාවක් පලායාමට හේතුවද එයයි.

 

 

 

The post යුද ගැටුම් යුක්රේනයෙන් පලාගිය සංඛ්‍යාව ලක්ෂ 40කට ආසන්නයි – UN appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි  

0 comments

ගතවූ පැය 24ට ලොව පුරා රටවල් 225 කින් කොරෝනා වයිරස ආසාදිතයින් ලක්ෂ දහයකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,354 ක්.

ඊයේ දිනයේ දී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන 318,000 හමුව ඇත්තේ දකුණු කොරියාවෙන්. එමෙන්ම ප්‍රංශයෙන් 110,000 ක් වියට්නාමයෙන් 91,000 ක් ඉතාලියෙන් 59,000 ක් සහ ඕස්ට්‍රේලියාවෙන් 46,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රුසියාවෙන්. එම සංඛ්‍යාව 338 ක්. ඒත් සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටඑක් ලක්ෂ හතලිස් අටදහස ඉක්මවා ගියා. හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් අටකෝටි විසිඑක් ලක්ෂයකට අධික බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

 

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

පරිසර වාර්තා නිකුත් කිරීමේදී මුදල් ලබාගත් බවට එල්ල වූ චෝදනා අසත්‍යයි   

0 comments

පරිසර ඇගයීම් වාර්තා නිකුත් කිරීමේදී කිසිදු බලපෑමකට යටත් නොවී නිවැරදිව සිදුකිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මධ්‍යම පරිසර අධිකාරිය ඇගයීම් වාර්තා නිකුත් කිරීමේදී මුදල් ලබාගෙන ඇති බවට එල්ල වූ චෝදනාව අසත්‍ය බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ඇගයීම් වාර්තා සකස් කිරීමේදී රුපියල් ලක්ෂ තුන්සියයක මුදලක් ඉල්ලා ඇති බවට මධ්‍යම පරිසර අධිකාරියට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කළා. එම චෝදනා විමර්ශනය කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. කිරි ගොවිපල ආරම්භ කිරීමේ ව්‍යාපෘති ප්‍රමාද වීම සම්බන්ධයෙන් එම සමාගම් සඳහන් කළේ පරිසර ඇගයීම් වාර්තා නිකුත් කිරීමට විශාල මුදලක් ඉල්ලා ඇති බැවින් එම වාර්තා ප්‍රමාද වු බවටයි. එවැනි කිසිදු අක්‍රමිකතාවක් සිදුව නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙනවා.

 

The post පරිසර වාර්තා නිකුත් කිරීමේදී මුදල් ලබාගත් බවට එල්ල වූ චෝදනා අසත්‍යයි  appeared first on ITN News.

Read More »

රුසියාවෙන් යුක්රේනයට කෘස් මිසයිල ප්‍රහාරයක්  

0 comments

රුසියාව සිය යුධ නෞකා යොදාගනිමින් නවීණතම කෘස් මිසයිල ප්‍රහාරයක් යුක්රේනයට එල්ල කර තිබෙනවා.

රුසියානු හමුදාව කලීබ්ර් කෘස් මිසයිල භාවිත කරමින් වයඹ දිග යුක්රේන ප්‍රදේශයේ ආයුධ ගබඩාවකට මෙලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. මිසයිල 4 ක් එහිදී එල්ල කර තිබෙනවා. දිගුදුර මිසයිල විශේෂයක් වන කලිබ්ර් මිසයිල ඉලක්ක වෙත නිවැරදිව එල්ල කිරීමට හැකිවීම විශේෂත්වයක්. සැතපුම් 1550 ක් පමණ දුරකට මෙම මිසයිලයක් විදීමට හැකි බවයි යුධ විශ්ලේෂකයන්පෙන්වාදෙන්නේ. යුධ නෞකාවල සිට මෙන්ම සබ්මැරීන් සිට ද එම මිසයිල විදීම සිදුවනවා.

 

 

The post රුසියාවෙන් යුක්රේනයට කෘස් මිසයිල ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ලංකාව ගැන IMF වාර්තාව එළියට  

0 comments

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කරනු ලබන සිය කාර්ය මන්ඩල වාර්තාව ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ අතර එහි විධායක අධ්‍යක්ෂවරයාගේ ශ්‍රී ලංකාව පිළිබද ප්‍රකාශය ද  ඊට ඇතුළත්.

මෙරට සාර්ව ආර්ථික ස්ථාවර භාවය සහ ණයවල තිරසාර භාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සදහා විශ්වාසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපායක් ලංකා රජය විසින් ක්‍රියාවට නැංවීම කඩිනමින් අවශ්‍යවන බවයි එම වාර්තාවේ සදහන් වන්නේ. එමෙන්ම ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සදහා බදු මුදල් ඉහළ නැංවිය යුතු බවද අයිඑම් එෆ් වාර්තාවේ නිර්දේශවලට ඇතුළත්. අදාල අයිඑම් එෆ් වාර්තාව මගින් මෙරට මුහුණපා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශ්ලේෂනාත්මක විග්‍රහයක්  සිදුකර තිබෙනවා. ගෝලිය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල හානියක් සිදුවූ බවයි එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.  කොවිඩ් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරක ලැබිම් අහිමිවීම හා රට අගුලු දැමීම හමුවේ මෙම ආර්ථික ගැටලු වඩාත් තීවුර වූ බව අදාල නිර්දේශ තුළ දක්වා තිබෙනවා. කොවිඩ් බලපෑම හේතුවෙන් 2020 සහ  2021 වසර වල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයකට වඩා විශාල මුල්‍ය හිගයකට ඇදවැටී ඇති අතර විස්සයි විසිඑක වසරේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකසිය දහනවයක් දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාව පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මෙරට ආර්ථිකය මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුද තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා ඊට අදාල වත්මන් තත්ත්වය පිළිබද සොයා බැලීම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පසුගියදා මෙරටට පැමිණියා.

 

 

 

 

The post ලංකාව ගැන IMF වාර්තාව එළියට appeared first on ITN News.

Read More »

යුක්රේනයේ ලීවීව් නගරයට රොකට් ප්‍රහාර  

0 comments

යුක්රේනයේ ලීවීව් නගරයට රොකට් ප්‍රහාර එල්ලවී තිබෙනවා. ලිවීව් නගරාධිපතිවරයා සදහන් කරන්නේ නගරය තුළ ස්ථාන රැසක පිපිරීම් සිදුව ඇති බවයි.

ප්‍රහාර වලින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යුක්රේනයේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි ජනතාව ලිවීව් නගරයේ ස්ථාන රැසක ආරක්ෂිත කදවුරුවල රදවා සිටිනවා. යුක්රේන රුසියා අර්බුදය පවතින අවස්ථාවක ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඊයේ පෝලන්තයේ සිදුකළ සංචාරයට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කර ඇති බවටයි ලිවීව් නගරාධිපතිවරයා සදහන් කරන්නේ. පෝලන්ත දේශසීමාවට කිලෝමීටර 80 ක් දුරිනුයි ලිවීව් නගරය පිහිටා තිබෙන්නේ. ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් එහිදී සිදුකළ රැස්වීමකදී රුසියා ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනයට ලක්කර තිබෙනවා.

 

 

 

The post යුක්රේනයේ ලීවීව් නගරයට රොකට් ප්‍රහාර appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි  

0 comments

ගතවූ පැය 24 ට ලොව පුරා කොරෝනා වයිරස ආසාදිතයින් දොළොස් ලක්ෂ තිස්දහසකට ආසන්න සංඛ්‍යාවක් හුමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,065ක්.

ඊයේ දිනයේ ද වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ දකුණු කොරියාවෙන්. එම සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්පන්දහසකට අධිකයි. එමෙන්ම ජර්මනියෙන් 151,000 ක් ප්‍රංශයෙන් 139,000 වියට්නාමයෙන් 103,000 ක් හා ඉතාලියෙන් 73,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 395 සිදුව ඇත්තේ රුසියාවෙන්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටඑක් ලක්ෂ හතලිස් පන්දහස ඉක්මවා ගියා. හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් අටකෝටි දොළොස් ලක්ෂයකට අධික බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 2000 ක පරිත්‍යාගයක්  

0 comments

ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 2000ක් පරිත්‍යාග කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුවයි චීනය මෙම සහල් තොගය ලබා දී තිබෙන්නේ. දෙරට අතර ඇති සබදතාව තවදුරටත් තහවුරු කරමින් ශ්‍රීලංකාව මුහුණ දී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පරිත්‍යාගය සිදුකරන බවට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන්කරනවා.

 

 

 

The post චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 2000 ක පරිත්‍යාගයක් appeared first on ITN News.

Read More »

පිලිපීනයේ තාල් ගිනිකන්ද සක්‍රිය වෙයි  

0 comments

පිලිපීනයේ තාල් ගිනිකන්ද සක්‍රිය භාවයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිලිපීනයේ මැනිලා අගනුවරට දකුණින් පිහිටි මෙම ගිනිකන්ද කුඩා නමුත් ලොව පවතින සක්‍රියම ගිනිකන්දක් වනවා. මෙම ගිනිකන්ද උසින් මීටර් 311ක් වනවා. අනතුරු ඇගවීම් මට්ටමේ පහෙන් තුනක අවදානම් මට්ටමක ගිනිකන්ද තිබෙන බවයි වාර්තා වන්නේ.

ගිනිකන්ද අවට ජීවත් වූ දහසක පමණ ජනතාවක් මේ වනවිට ඉවත් කර තිබෙනවා. 1911 දී මෙම ගිනිකන්ද පුපුරා යාමෙන් 1300කට වැඩි පිරිසක් මිය ගියා.

 

 

 

The post පිලිපීනයේ තාල් ගිනිකන්ද සක්‍රිය වෙයි appeared first on ITN News.

Read More »

යුක්‍රේනයට එරෙහි යුද්ධයේ පළමු අදියර සාර්ථකයි – රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි  

0 comments

රුසියාව යුක්රේනයේ පළමු අදියරේ යුද මෙහෙයුම් සම්පූර්ණ කළ බව රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

මේ වන විට යුක්රේනයේ ගුවන් හමුදා සහ ගුවන් ආරක්ෂක පද්ධති සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට හැකිවු බවත් යුක්රේන නාවික හමුදා කටයුතු සම්පුර්ණයෙන් අඩපණ කිරීමට හැකිවූ බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා. යුක්රේනියානු නගර වන කියෙව් චර්නිහිව් නිකොලෙව් කර්කවු සුමි යන නගර සියල්ල අවහිර කිරීමටත් කර්සන් සහ සැපොරෂියේ නගරවල පූර්ණ පාලනය ලබා ගැනීමට හැකිවූ බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙහෙයුම් ආරම්භයේ සිට මේ දක්වා යුක්රේන හමුදා භටයන් දාහතරදහසක් මිය ගොස් ඇති අතර රුසියා සෙබලුන් මිය ගොස් ඇත්තේ එක්දහස් තුන්සිය පනස් එකක් පමණක් බවත් රුසියා ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

 

 

 

 

The post යුක්‍රේනයට එරෙහි යුද්ධයේ පළමු අදියර සාර්ථකයි – රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි appeared first on ITN News.

Read More »

ත්‍රි රෝද රථ අමතර කොටස් සොරකමක් සම්බන්ධයෙන් 5 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

ත්‍රි රෝද රථ අමතර කොටස් සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු සපුගස් කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රි රෝද රථ අමතර කොටස් සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය සිදුකළ පරික්ෂණයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔවුන් ළග තිබී රුපියල් ලක්ෂ 18ක් වටිනා ත්‍රි රෝද රථ අමතර කොටස් සහ ඒවා ප්‍රවාහනයට යොදා ගත් මෝටර් රථයක් ද පොලිස් භාරයට ගැනුණා. සැකකරුවන් සොරකම් කළ අමතර කොටස්වල වටිනාකම තිස් දෙලක්ෂ පනස් නව දහස් හත්සිය හැටකට වැඩි බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් වයස අවුරුදු 25,  29 මෙන්ම  30,  31 යන වයස් කාණ්වල පසුවන්නන්. ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

The post ත්‍රි රෝද රථ අමතර කොටස් සොරකමක් සම්බන්ධයෙන් 5 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

රන්ජන් වරද පිළිගෙන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ඉල්ලයි  

0 comments

අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුවට අදාළ චෝදනාවට හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරද පිළිගත්තා. තමා නිවැරදිකරු යැයි මීට පෙර අධිකරණය හමුවේ කළ ප්‍රකාශය ඉවත් කර ගන්නා බවයි වරද පිලිගනිමින් ඔහු සදහන් කළේ.

මෙම පැමිණිල්ල අද කැදවූ අවස්ථාවේ රන්ජන් රාමනායක මහතාගේ නීතිඥවරයා කියා සිටියේ අදාළ චෝදනාවලයට නිවැරදිකරු යැයි තම සේවාදායකයා මීට පෙර කර තිබූ ප්‍රකාශය ඉවත් කරගෙන වැරදිකරු යන උත්තරවාදය ඉදිරිපත් කිරීමට සූදානම් බවයි. ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල රාමනායක මහතා අධිකරණය හමුවට කැදවා ඒ පිළිබද විමසීමක් සිදු කළා. එහිදීයී රාමනායක මහතා සිය වරද පිළිගත්තේ. කෙසේ වෙතත් මෙම චෝදනාවට අදාළ රූපවාහිනී වැඩසටහනේදී තමන් කළ ප්‍රකාශය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් නින්දාවක් හෝ හෑල්ලුවට ලක් කිරීමේ චේතනාවක් නොතිබූ බවද ඔහු ප්‍රකාශ කළා. පැමිණිල්ලට අදාළ ලිඛිත දේශන ඇත්නම් මැයි 04 වනදා ගොණු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් දැමුවා.

 

The post රන්ජන් වරද පිළිගෙන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ඉල්ලයි appeared first on ITN News.

Read More »

බැරල් සංඛගේ ගෝලයින් දෙන්නා කඩවතදී වෙඩි කා මැරුට  

0 comments

කඩවත ප්‍රදේශයේ දී  ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ බැරල් සංඛ නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයින් දෙදෙනෙකු බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඇති බවයි පොලිසිය තවදුරටත් සදහන් කරන්නේ.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත 9 කණුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ මෙම වෙඩිතැබිම සිදුවුණා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර තිබෙනවා.

වෙඩිවැදීමෙන් තුවාල ලැබු දෙදෙනා කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ජාතික රෝහලට ඇතුලත් කර සිටියදීයි මියගියේ. ඔවුන් පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සහ 31 හැවිරිදි වියෙහි පසුවන්නන්. මත්ස්‍ය වෙළෙදාමේ නිරතව සිටි මෙම දෙදෙනා කසුන් චින්තක සහ කැළුම් සමිර යන අය ලෙසයි හදුනාගෙන ඇත්තේ.

මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක් බවයි පොලීසිය පවසන්නේ.

 

 

The post බැරල් සංඛගේ ගෝලයින් දෙන්නා කඩවතදී වෙඩි කා මැරුට appeared first on ITN News.

Read More »

සියලු රටවල් ක්ෂය රෝගය වැළැක්වීම සහ පාලනය කිරීමට සක්‍රීයව එක්වීමේ අවශ්‍යතාව චීන ජනපති ආර්යාව පෙන්වා දෙයි  

0 comments

චීන ජනපති ආර්යා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂය රෝගය සහ ඒඩ්ස් නිවාරණය පිළිබඳ මිත්‍ර තානාපතිනී පෙං ලි යුවාන් මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2022 ලෝක ක්ෂය රෝග දින වීඩියෝ සම්මන්ත්‍රණය අමතයි.

චීන රජය ක්ෂය රෝගය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන බවත්, සෞඛ්‍ය සම්පන්න චීනය යන උපාය මාර්ගයට මෙම කාර්යය ඇතුළත් කර ඇති බවත්, ක්ෂය රෝගීන් සුව කිරීමේ අනුපාතය 90% ට වඩා ඉහළින් පවතින බවත් පෙං ලි යුවාන් මහත්මිය පැවසුවාය. තමා ක්ෂය රෝගය වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා සම්බන්ධ වූ වසර දහයකට වැඩි කාලයක් තුළදී, බොහෝ වෛද්‍ය ආයතන, පාසල් සහ ප්‍රජාවන් වෙත ගොස් ඇති අතර, වෛද්‍ය සහ ස්වේච්ඡා සේවකයන් දහස් ගණනක් ආදරය හා ක්‍රියාශීලි මෙහෙවරයන් තුළින් සෞඛ්‍යය සුරකින අයුරු දුටු බවත් ඇය සඳහන් කළාය.

සියලු රටවල් ක්ෂය රෝගය වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ අත්දැකීම් බෙදා ගනු ඇති බවත් ඵලදායී සහයෝගීතා ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු
වන බවත් පෙං ලි යුවාන් මහත්මිය ප්‍රකාශ කළාය. නියමිත පරිදි තිරසර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රයේ සෞඛ්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීම ප්‍රවර්ධනය කිරීම සහ මානව සෞඛ්‍ය ප්‍රජාවක් පොදුවේ ගොඩනැගීම සඳහා අත්වැල් බැඳගෙන සක්‍රීයව කැපවෙමු යැයි ද ඇය කියා සිටියාය.

The post සියලු රටවල් ක්ෂය රෝගය වැළැක්වීම සහ පාලනය කිරීමට සක්‍රීයව එක්වීමේ අවශ්‍යතාව චීන ජනපති ආර්යාව පෙන්වා දෙයි appeared first on ITN News.

Read More »

නේටෝවේ ශක්තිය ගැන බයිඩ්න්ගෙන් අලුත් කතාවක්  

0 comments

නේටෝ සංවිධානය අන් කවරදාටවත් වඩා මේ වන විට ශක්තිමත් වී ඇති බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සදහන් කරනවා.

ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ බ්‍රසල්ස් නුවරදී යුරෝපීය නායකයන් හමුවීමෙන් අනතුරුවයි. මේ අතර රුසියාව ජී 20 සංවිධානයෙන් නෙරපා හැරීමට තමන් සහාය දෙන බවද බයිඩ්න් සදහන් කළා. මේ අතර යුක්රේන නායක වොල්දොමීර් සෙලෙන්ස්කි යුරෝපීය කවුන්සල සමුළුව අමතා සදහන් කළේ යුරෝපීය නායකයන් රුසියාවේ කටයුතු නැවැත්වීමට ප්‍රමාද වී ක්‍රියා කළ බවයි. කෙසේ වෙතත් රුසියාවට සම්බාධක යෙදීම සම්බන්ධයෙන් පැනවීම කෘතඥ වන බවද සදහන් කළා.

 

 

The post නේටෝවේ ශක්තිය ගැන බයිඩ්න්ගෙන් අලුත් කතාවක් appeared first on ITN News.

Read More »

අතිපූජනීය මකුලෑවේ විමල හිමිපාණන්ට අක්තපත්‍ර ප්‍රදානය කෙරේ  

0 comments

රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක පදවියට පත් අතිපූජනීය මකුලෑවේ විමල හිමිපාණන්ට ලැබුණු උතුම් නායක පදවිය සම්බුද්ධ ශාසනයටත්, ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ආශිර්වාදයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන්ට අභිනව මහානායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවයේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

අක්තපත්‍ර ප්‍රදානය ඊයේ (24) පස්වරුවේ කොළඹ නිදහස් මන්දිරයේ දී සිදු කෙරිණ.

අභිනව මහානායක හිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විජිණිපත පිළිගැන්වීය.

මහා නායක ස්වාමීන් වහන්සේගේ ශාසනික ප්‍රතිපදාව සමස්ත භික්ෂූන් වහන්සේගේ ගෞරවයට පාත්‍ර වන බවත් උන්වහන්සේ තුළ ඇති අල්පේච්ඡ ගුණය සමාජයට වටිනා පණිවිඩයක් දෙන බව ද ජනාධිපතිතුමා පැවසීය.

මහා සංඝරත්නයට ලබාදෙන ගෞරවය සමාජ ප්‍රතිපෝෂණයට ඉවහල් වන්නකි. රජය ශාසනය රකිමින් ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් කැප වන්නේ සමාජය වෙනුවෙන් වූ වගකීමක් ඉටු කිරීමට බව ද ජනාධිපතිතුමා කීය.

1960 මාර්තු මස 24 දින, මීරිගම, මිණිඔළුව විද්‍යාවාස පිරිවෙනේ දී පැවිදි දිවියට පත් වූ අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණෝ ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම විභාග ද උසස් ලෙස සමත්ව බුද්ධශ්‍රාවක ධර්ම පීඨ භික්ෂු විශ්වවිද්‍යාලයෙන් ත්‍රිපිටකවේදී උපාධිය හිමිකර ගත්හ.

දක්ෂ ධර්ම කථිකයාණන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණෝ දෙස් විදෙස්හි දහම් ප්‍රචාරය වෙනුවෙන් මහඟු මෙහෙවරක නිරතව සිටිති. ධර්ම ග්‍රන්ථ රැසක් සම්පාදනය කර ඇති උන්වහන්සේ සිංහල, පාලි, සංස්කෘත, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් උසුළති.

රාමඤ්ඤ මහා නිකායේ විවිධ තනතුරු දැරූ උන්වහන්සේ සද්ධර්ම කීර්ති ශ්‍රී, ශාස්ත්‍ර විශාරද, සාහිත්‍ය කීර්ති ශ්‍රී පරයත්තිධර, ශ්‍රී සරණංකරෝපසේන වංශාලංකාර, ශාසනසෝබන, ශාසනවංශාභිධජ සද්ධම්ම ජෝතික ගරු නාමවලින් පිදුම් ලැබූ අතර බුරුම රාජ්‍යයෙන් ප්‍රදානය කරන අග්ගමහා පණ්ඩිත ගරු නාමයෙන් ද පිදුම් ලැබීය.

අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක හිමිපාණන්ගේ අපවත්වීමෙන් අනතුරුව වර්ෂ 2021 ජනවාරි 29 දින උන්වහන්සේ රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධූරයට පත් වූහ. මහාචාර්ය පූජ්‍ය රළුවේ පද්මසිරි හිමියන් විසින් රචිත අභිනව මහානායක හිමි අභිනන්දන ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහි දී සිදු කෙරිණ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු විසින් අභිනව මහා නායක හිමියන්ට ප්‍රසාද පූජා සිදු කරන ලදී.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, තානාපතිවරු, රාමඤ්ඤ මහා නිකායේ දායක සභාවේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය හා ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු, රාජ්‍ය නිලධාරීහු, දායක සභාවේ සාමාජික සාමාජිකාවෝ සහ මහානායක හිමිපාණන් වහන්සේගේ පවුලේ ඥාතීහු ඇතුළු පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

The post අතිපූජනීය මකුලෑවේ විමල හිමිපාණන්ට අක්තපත්‍ර ප්‍රදානය කෙරේ appeared first on ITN News.

Read More »

කැනඩාව මෙම වසරේදී ඛණිජ තෙල් සහ ගෑස් අපනයනය දිනකට බැරල් ලක්ෂ තුනක් දක්වා වැඩි කිරීමට සැළසුම්  

0 comments

කැනඩාව මෙම වසරේදී ඛණිජ තෙල් සහ ගෑස් අපනයනය දිනකට බැරල් ලක්ෂ තුනක් දක්වා වැඩි කිරීමට සැළසුම් කර ඇති බව එරට ස්වභාවික සම්පත් පිළිබද අමාත්‍යවරයා පවසා සිටියා.

යුක්රේනයේ පවතින යුද්ධය මධ්‍යයේ රුසියාව සපයන බලශක්ති සැපයුමෙන් ඉවත්වීමට විවිධ රජයන් මේ අවස්ථාවේදී උත්සාහ කරමින් පවතිනවා. එවන් අවස්ථාවකයි කැනඩාවේ ස්වභාවික සම්පත් පිළිබද අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ. අමාත්‍ය ජොනතන් විල්කින්සන් සදහන් කරන්නේ මෙම පියවර මගින් ගෑස් හා තෙල් සියයට 5 කින් පමණ වැඩි වනු ඇති බවයි. රුසියාව යුරෝපයට වැඩි වශයෙන් බලශක්තිය සපයන රාජ්‍යයක් වනවා.

 

 

 

 

The post කැනඩාව මෙම වසරේදී ඛණිජ තෙල් සහ ගෑස් අපනයනය දිනකට බැරල් ලක්ෂ තුනක් දක්වා වැඩි කිරීමට සැළසුම් appeared first on ITN News.

Read More »

ගෑස් හිඟය නිම වෙන ලකුණු – දිනකට සිලින්ඩර් 120000ක් වෙළඳපොලට  

0 comments

පවතින ගෑස් හිගයට විසදුමක් ලෙස දෛනිකව ගෑස් සිලින්ඩර් එක්ලක්ෂ විසි දහසක් වෙළදපොලට නිකුත් කිරීමට කටයුතු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම් දෙනවා. ප්‍රමාණවත් ගෑස් සංචිත මේ වන විට පවතින බැවින් දින කිහිපයකින් ගෑස් හිගය සම්පූර්ණයෙන්ම අවසන් වන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. ලාෆ් ගෑස් ද මේ වන විට වෙළදපොලට නිකුත් කෙරෙමින් පවතිනවා.

එසේම දෛනිකව ගෑස් සිලින්ඩර් එක්ලක්ෂ විසිදහසක් වෙළෙදපොළට නිකුත් කරන බවයි එම සමාගම පෙන්වා දී ඇත්තේ. බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්වල දැනට ගෑස් ලබා ගැනීම සදහා පවතින පෝලිම් ඉදිරි දින දෙක තුනේදී අවසන් වන බවද එම සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත දැනුම් දී තිබුනා. මේ වනවිට රෝහල්, ධීවර කටයුතු සහ හෝටල් සදහා ගෑස් ලබා දීමේදී ප්‍රමුඛත්වයක් ලබා දෙන බවයි වාර්තා වන්නේ.

 

 

The post ගෑස් හිඟය නිම වෙන ලකුණු – දිනකට සිලින්ඩර් 120000ක් වෙළඳපොලට appeared first on ITN News.

Read More »

සහභාගී නොවුණු පක්ෂවලට නැවතත් ජනපතිගෙන් ආරාධනා  

0 comments

වත්මන් ආර්ථික ගැටලුවට විසදුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබා ගැනීම සදහා වන සර්වපාක්ෂික සමුළුව අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

සමුළුව කැඳවීම අවංක ප්‍රයත්නයක් මිස  දේශපාලන වාසි ලබාගැනීමක් නොවන බව අවධාරණය කළ ජනාධිපතිතුමා වත්මන් ආර්ථීක ගැටලුවට විසඳුම් සෙවීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්වන ලෙස මෙහිදී ආරාධනා කළා. යෝජනා හා අදහස් ලබාදීමට පැමිණි සියලු පක්ෂවලට ස්තුතිය පල කළ ජනාධිපතිතුමා සහභාගී නොවූ පක්ෂවලටත් සිය ස්ථාවරය පවසන්නැයි ආරාධනයක් ද සිදු කළා.

ජනාධිපතිතුමා කැද වූ සර්ව පාක්ෂික සමුළුව පැවැත්වුණේ ජනාධිපති මන්දිරයේදීයි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය, ශ්‍රීලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල්, කදුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, යන පක්ෂවල නියෝජිතයන් සර්ව පාක්ෂික සමුළුවට එක්ව සිටියා. එසේම ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හවුල්කාර පක්ෂ 11 ක් නියෝජනය කරමින් ඊට සහභාගී වුණා. සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය සහ ඉලංගෙයි තමිල් අරසු කච්චිද සමුළුවට එක්ව සිටියා. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරියක වන ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන ඩයනා ගමගේ මහත්මියද සමුළුවට සහභාගී වුණා. සමගි ජනබලවේගය,  ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය ලබා දෙන ජාතික ජනබලවේගය, ලංකා කම්කරු කොංග්‍රසය සහ සී වී විග්නේස්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික සන්ධානය සමුළුවට සහභාගී වූයේ නැහැ.

The post සහභාගී නොවුණු පක්ෂවලට නැවතත් ජනපතිගෙන් ආරාධනා appeared first on ITN News.

Read More »

චීන ගුවන් අනතුරින් මියගිය අයගේ සිරුරු කොටස් සහ කළු පෙට්ටිය හමුවෙයි  

0 comments

චීන ගුවන් අනතුරින් මියගිය අයගේ සිරුරු කොටස් සහ කළු පෙට්ටිය හමු වී තිබෙනවා. ඒ අනතුර සිදු වූ ප්‍රදේශයේ කළ මෙහෙයුමකදීයි.

මගීන් 130 දෙනෙකුට මරු කැඳවමින් මෙම චීන අභ්‍යන්තර ගුවන් යානය එරට කදුකර ප්‍රදේශයකට කඩා වැටුණේ පසුගිය සඳුදායි. අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳ පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙනවා. යානයේ කළු පෙට්ටිය හමු වී ඇති අතර ඊට හානි සිදුව ඇතත් එහි පටගත වූ දත්තවලට හානි සිදුව නැති බවයි වාර්තා වන්නේ.  අසීරු මෙහෙයුමකින් අනතුරුව යානයේ කළු පෙට්ටිය සොයා ගැනුණේ ඊයේ දිනයේදීයි.

 

 

 

The post චීන ගුවන් අනතුරින් මියගිය අයගේ සිරුරු කොටස් සහ කළු පෙට්ටිය හමුවෙයි appeared first on ITN News.

Read More »

භූ සම්පත් ගවේෂණයට ඒකාබද්ධ වැඩපිළිවෙළක්  

0 comments

මෙරට ඉහළ වටිනාකමකින් යුත් භූ සම්පත් පිහිටි ස්ථාන හඳුනා ගැනීම සඳහා ගවේෂණ කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෙන්ම ලංකා ඛණිජවැලි සමාගම ඒකාබද්ධවයි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ.අදාළ නිලධාරීන් සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ සාකච්ඡාවකදී මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණා.ඇතැම් සමාගම් හා පුද්ගලයන් ගවේෂණ බලපත්‍ර ලබා ගෙන වසර 10 ක් පමණ ගත වුවද ඔවුන් විධිමත් හා කාර්යක්ෂම ලෙස ගවේෂණ කටයුතු සිදු කරන්නේ නැති බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

 

 

The post භූ සම්පත් ගවේෂණයට ඒකාබද්ධ වැඩපිළිවෙළක් appeared first on ITN News.

Read More »

ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් සමඟ ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා භාරයට  

0 comments

මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු, ඊයේ ( 23) රාත්‍රියේ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩ මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු සහ උතුරු මැද නාවික විධානයන්ට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් යොදවා සිදුකළ මෙම විශේෂ මුරසංචාර මඟින්, යාපනය ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් සහ මන්නාරම ඉරනතිවු දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයන්හි, අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධී Bottom Trawling පන්න ක්‍රමයට ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් සමඟ එම යාත්‍රාවන්හි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 16 දෙනෙකු නීති විරෝධී ලෙස අල්ලනු ලැබූ මත්ස්‍යයින් තොගයක් ද සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම් මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ටෝලර් යාත්‍රා සහ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

The post ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් සමඟ ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා භාරයට appeared first on ITN News.

Read More »

රූබලයේ අගය ඉහළට  

0 comments

තම රටෙන් ගෑස් සහ තෙල් ලබා ගැනීමේදී ඩොලර් හෝ යූරෝවලින් නොව රූබලයෙන් ගෙවිය යුතු බවට රුසියා ජනාධිපති ගත් තීරණයත් සමඟ රූබලයේ අගය ඉහළ ගොස් තිබෙනවා.

රුසියාවට පැන වූ බටහිර සම්බාධක හමුවේ රුසියාවේ මුදල් ඒකකය වන රූබලය දැඩි ලෙස අවප්‍රමාණය වුණා. මාර්තු හත්වනදා ඩොලරයට රූබල 132 ක් සහ යූරෝවලට රූබල 147 ක් ලෙස අවප්‍රමාණය වුණේ වාර්තාගත ලෙසයි. කෙසේ වෙතත් තම රටේ තෙල් සහ ගෑස් මිලදී ගැනීමේදී රූබලයෙන් ගෙවිය යුතු බවට රුසියා ජනාධිපතිවරයා ගත් තීරණයත් සමඟ ඩොලරයකට රූබල අනූපහ දක්වාත් යූරෝවකට 110.5 දක්වාත් අධි ප්‍රමාණය වී තිබෙනවා. රුසියාවෙන් ගෑස් ආනයනය කරන ආයතනවලට දේශීය වෙළෙඳපොළෙන් රූබල් මිලදී ගැනීමට අදාළ මෙහෙයුම් සඳහා එරට රජයට සහ මහ බැංකුවට සතියක කාලයක් ලබාදීමටද රුසියා ජනාධිපතිවරයා තීරණය කළා. බටහිර රටවල් රුසියාවේ ඩොලර් බිලියන 300 ක වත්කම් අත්හිටුවා තිබෙනවා. එයද රුසියා මුදල් ඒකකය වන රූබලයේ අගය අවප්‍රමාණය වීමට හේතු වුණා. බටහිර රටවල් සම්බාධක පැනවුවද රුසියාවෙන් තෙල් හා ගෑස් මිලදී ගැනීම දිගටම සිදු කළා.

 

 

 

 

The post රූබලයේ අගය ඉහළට appeared first on ITN News.

Read More »

රුසියාව රසායනික අවි භාවිත කළහොත් ඊට එරෙහිව බටහිර රටවලින් දැඩි පියවර  

0 comments

රුසියාව යුද්ධයේදී විෂ වායු වැනි රසායනික අවි භාවිත කළහොත් ඊට එරෙහිව බටහිර රටවල් දැඩි පියවර ගනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රසායනික අවි යනු ශරීරයට හානි කරන විෂ ද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු ඕනෑම ආකාරයක යුද උපකරණයි. යුක්රේනය ජෛව අවි නිපදවිමට සැලසුම් කර ඇති බවට රුසියාව ප්‍රකාශ කළේ ඉදිරියේදී රසායනික අවි භාවිත කිරීම සාධාරණීකරණය කිරිමක් සඳහා විය හැකි බවට විශ්ලේෂකයන් මත පළ කරනවා. යුක්රේනයේ නීත්‍යානුකූල පර්යේෂණාගාර ඇතත් ඒවා පත්වාගෙන යන්නේ භයානක රෝගකාරකවලට අදාළ පර්යේෂණ කටයුතු සඳහා පමණක් බව යුක්රේනය පවසනවා. මේ අතර රුසියාව පවසන්නේ 2017 දී තම අවසන් රසායනික අවි තොගයද විනාශ කළ බවයි. මීට පෙර පළමු ලෝක යුද්ධයේදීත්, ඉරාන ඉරාක යුද්ධයේදීත් කැරළිකාර හමුදාවන්ට එරෙහිව සිරියා රජයත් රසායනික අවි භාවිත කර තිබෙනවා.

 

 

 

The post රුසියාව රසායනික අවි භාවිත කළහොත් ඊට එරෙහිව බටහිර රටවලින් දැඩි පියවර appeared first on ITN News.

Read More »

චීන ගගනගාමීන් තිදෙනෙකු මෙහෙයවන දෙවන ‘අභ්‍යවකාශ පන්තිය’ සාර්ථකව පැවැත්වේ  

0 comments

චීන ගගනගාමීන් තිදෙනෙකු විසින් පවත්වනු ලැබූ දෙවන ‘අභ්‍යවකාශ පන්තිය’ ඊයේ (23) සවස චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණ. එම මධ්‍යස්ථානයේ චීන ගගනගාමීන් වන, චයි චීගාන්ග්, වං යාපිං සහ යේ ගුවාන්ෆූ, එම පන්තිය මගින් අභ්‍යවකාශ විද්‍යාත්මක දැනුම් බෙදා දී තිබිණ.

විනාඩි 45ක් පුරා පැවති පන්තියේ දී, ගගනගාමීන් තිදෙනා සරල විස්තරවලින් විද්‍යාත්මක පරීක්ෂණවල සංසිද්ධිය පහදා දුන් අතර, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාත්මක පහසුකම් විග්‍රහ කිරීම සිදු කළහ. අනතුරුව ඔවුහු වීඩියෝ තාක්ෂණයෙන් පෘථිවියේ සිසු සිසුවියන් සමග අදහස් හුවමාරු කර ගත්හ. චීන මාධ්‍ය සමූහය මගින් මෙම පන්තිය සජීවීව විකාශ කෙරිණ. චීන විද්‍යා තාක්ෂණාගාරයේ, චීනයේ ටිබෙට් ස්වායත්තයේ ලාසා නගරයේ හා ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ උරුමුචි නගරයේ වෙන් වෙන්ව පෘථිවි ශාඛා පන්ති තුනක් ඊට සමගාමීව පැවැත්විණ.

The post චීන ගගනගාමීන් තිදෙනෙකු මෙහෙයවන දෙවන ‘අභ්‍යවකාශ පන්තිය’ සාර්ථකව පැවැත්වේ appeared first on ITN News.

Read More »

ව්‍යාජ ලිපි ලේඛන සැකසූ පුද්ගලයෙක් මරදානේ දී අත්අඩංගුවට  

0 comments

ව්‍යාජ ලිපි ලේඛන සැකසූ පුද්ගලයෙක් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් මරදානේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

The post ව්‍යාජ ලිපි ලේඛන සැකසූ පුද්ගලයෙක් මරදානේ දී අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

සර්ව පාක්ෂික සමුලුව අද  

0 comments

වර්තමානයේ උද්ගත වී ඇති අර්බුදවලට විසඳුම් ලබා ගැනිමේ අරමුණින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුලුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද පැවැත්වෙනවා.

සර්වපාක්ෂික සමුලුව ආරම්භ වන්නේ පෙරවරු 10ටයි. එක්සත් ජාතික පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාමහජන පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ කිහිපයක සමාජිකයන් මෙම සමුලුවට සහභාගි වන බවයි තහවුරු කර ඇත්තේ. මේ අතර රජයේ පක්ෂ 11 නියෝජනය කරමින් ලංක සම සමාජ පක්ෂය විජයදරණි ජාතික සභාව සමුලුවට එක්වන බව දැනුම දි තිබෙනවා. අමාත්‍ය වාසු දේවනානායක්කාර හිටපු අමාත්‍යවරුන් වන විමල්විරවංශ සහ උදය ගම්මන්පිල සර්ව පාක්ෂික සමුලුවට සහභාගි නොවන බවට දැනුම් දි තිබුණත් ඔවුන්ගේ යෝජනා සහ නිර්දේශ මෙම පක්ෂ 11 නියෝජනය කරන නියෝජිතයින් මගින් සමුළුවට ඉදිරිපත් කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර ආණ්ඩුව නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසය පාර්ලිමේන්තු මන්ත්‍රී සී වී විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සංන්ධානය හා සමස්ත ලංකා දෙමළ කොංගසය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායක්තවයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ ජාතික ජන බලවේගය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවන බවයි දැනුම් දී ඇත්තේ. සමගි ජන බලවේගයද සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායක්තවයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද සමුළුවට සහභාගි නොවන බවයි දැනට ලැබී ඇති ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

The post සර්ව පාක්ෂික සමුලුව අද appeared first on ITN News.

Read More »

මරියුපෝල් නගරය ඉලක්ක කර ගනිමින් රුසියා හමුදා එල්ල කරන ප්‍රහාර දැඩි කරයි  

0 comments

ගැටුම් මධ්‍යයේ මරියුපෝල් නගර වැසියන් ඉන් ඉවත් කළද තවත් ලක්ෂයක පමණ පිරිසක් එහි රැඳී සිටින බව යුක්රේන ජනාධිපතිවරයා පවසනවා.

මරියුපෝල් නගරය ඉලක්ක කර ගනිමින් රුසියා ප්‍රහාර දැඩි කර ඇති අතර නගරය වටකර සිටින බවයි වාර්තා වන්නේ. ඊයේ දිනයේ දී පමණක් මරියුපෝල් නගර වැසියන් හත්දහසකට අධික සංඛ්‍යාවක් ඉවත්කර ගැනීමට බලධාරීන් සමත්වුණා. කෙසේ වුවද නගරය තුළ ආහාර , පානීය ,ජලය , ඖෂධ ,විදුලිබලය හා ගෑස් නොමැතිකමින් ජනතාව පීඩා විදින බවයි යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

 

 

 

 

The post මරියුපෝල් නගරය ඉලක්ක කර ගනිමින් රුසියා හමුදා එල්ල කරන ප්‍රහාර දැඩි කරයි appeared first on ITN News.

Read More »

කියෙව් නගරයට පනවා තිබූ ඇදිරිනීතිය ඉවත් කෙරේ  

0 comments

දින 3ක කාලයක් පුරා කියෙව් නගරයට පනවා තිබූ ඇදිරිනීතිය අද උදෑසන ඉවත් කෙරුණා.

කියෙව් නගරයේ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ රුසියා රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ නගරයට ඇදිරිනීතිය පැනවූවා. සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණෙනුයි මෙලෙස ඇදිරිනීතිය පැනවූයේ. කෙසේ වුවද අද උදෑසන අදිරිනීතිය ඉවත් කළද නගරයට එල්ලවන රුසියා ප්‍රහාර තවමත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. යුක්රේන රුසියා දෙපාර්ශ්වය අතර කියෙව් නගරයේ ආසන්න ප්‍රදේශවල ගැටුම් පවතින බව බ්‍රිතාන්‍ය බුද්ධි අංශ සඳහන් කරන්වා. කෙසේ වුවද රුසියා හමුදා තවමත් කියෙව් නගරයට කිලෝමීටර් 25 ක් දුරින් සිටින බවද සඳහන්.

 

 

 

 

 

The post කියෙව් නගරයට පනවා තිබූ ඇදිරිනීතිය ඉවත් කෙරේ appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG