Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞඛ්‍යයට මුල්තැනමදී 94 වන ඔස්කාර් ලොස්ඇන්ජලිස් නුවරදී  

Add comments

94 වන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අගනුවරදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් දැඩි සෞඛ්‍ය විධිවිධාන මධ්‍යයේ සම්මාන උළෙල සංවිධානකර තිබූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මෙවර හොදම නළුවාට හිමි සම්මානය සතුකර ගැනීමට විල් ස්මිත් සමත් වුණා. ඒ කිංග් රිචඩ් චිත්‍රපටයේ අතිවිශිෂ්ට රංගන දායකත්වය වෙනුවෙන්. මේ අතර සම්මාන උළෙල අතරතුරදී විල් ස්මිත් සම්මාන උළෙලේ නිවේදකයාට කම්මුල් පහරක් එල්ලකිරීම දැඩි කතාබහට ලක්ව තිබෙනවා. කෙසේ වුවද සම්මානය ලබාගැනීමෙන් පසු විල් ස්මිත් සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටියා.

ද අයි ඔෆ් ටැමී ෆේයි චිත්‍රපටයේ රංගන දායකත්වය වෙනුවෙන් ජෙසිකා චැස්ටන් හට හොදම නිළිය සදහා වන සම්මානය හිමිවූවා.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොදම චිත්‍රපටය ලෙස සම්මානය හිමිකර ගත්තේ කෝඩා චිත්‍රපටයයි. කෙසේ වුවද කෝඩා චිත්‍රපටයට හොදම චිත්‍රපටයට හිමි සම්මානය හිමිකර ගැනීම සදහා ද පවර් ඔෆ් ද ඩෝග් චිත්‍රපටය සමග තියුණු තරගයක නිරතවීමට සිදුවූ බවයි විචාරකයින් පවසන්නේ.

මෙවර හොදම චිත්‍රපට අධ්‍යක්ෂක සදහා වන සම්මානය ද පවර් ඔෆ් ද ඩෝග් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය වන ජේන් කැම්පියන් හිමිවුණා. ඇය හොදම චිත්‍රපට අධ්‍යක්ෂවරිය සදහා දෙවතාවක් නිර්දේශ වූ එකම කාන්තාව ද වනවා. 1967 වසරේ දී තෝමස් සැවේජ් විසින් රචිත නවකතාවක් ඇසුරෙනුයි එම චිත්‍රපටය නිෂ්පාදනය කෙරුණේ.

94 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොදම සහාය නළුවාට හිමි සම්මානය ට්‍රෝයි කොට්සූර්ට හිමිවුණා. බිහිරි පියෙකුගේ චරිතයට පණපොවමින් කෝඩා චිත්‍රපටයේ ඔහු දැක්වූ අති විශිෂ්ට රංගන ප්‍රතිභාව අගය කරමිනුයි ඔහුට මෙම සම්මානය හිමිවුණේ.

මෙවර හොදම සහාය නිළියට හිමි සම්මානය අරියානා ඩිබෝස් හිමිකර ගැනීමට සමත්වුණා. ඇයට එම සම්මානය හිමිවුණේ වෙස්ට් සයිඩ් ස්ටෝරි චිත්‍රපටයේ ඇයගේ රංගන දායකත්වය වෙනුවෙන්.

මේ අතර මෙවර හොදම කැමරා අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඩූන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක ග්‍රෙග් ෆ්‍රේසර් හිමිකර ගැනීමට සමත්වුණා.

එමෙන්ම ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයට ලක්වන සම්මානයක් වන හොදම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයට හිමි සම්මානය එන් කැන්ටෝ චිත්‍රපටය හිමිකර ගත්තා.

 

 

 

 

The post සෞඛ්‍යයට මුල්තැනමදී 94 වන ඔස්කාර් ලොස්ඇන්ජලිස් නුවරදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG