Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා විදේශ ඇමති හමුවෙයි  

0 comments

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පසුගිය දා (27) හමු වූ ජපාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කට්සුකී කොටාරෝ මහතා ද්විපාර්ශ්වික කටයුතු, දේශීය වර්ධනයන් සහ ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ලබා දෙන සහය හා සබැඳි කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.

විශේෂයෙන්ම කොවිඩ්-19 ගෝලීය වසංගත ව්‍යාප්තියේ උච්ඡතම අවස්ථාවේ දී ජපාන රජය ශ්‍රී ලංකාවට ලබා දුන් නොමසුරු සහය සහ උපකාර අගය කළ විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග අවම කිරීම සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික මාර්ග හරහා ජපානයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ එක්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් සැකසීමට ගත් තීරණයත් සමඟ ශ්‍රී ලංකා රජය පැරිස් ක්ලබ් ණයදායකයන්ගෙන්, G7 රටවල් සහ අනෙකුත් ණය හිමියන්ගෙන් සහය ලබාගැනීමට අදහස් කරන බව අමාත්‍ය පීරිස් මහතා මෙහිදී පැහැදිළි කළේ ය.

මෙම ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පැමිණීම සඳහා ඉවහල් වන ප්‍රමුඛතම සාධකය වන්නේ ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර ප්‍රජාව අඛණ්ඩව සම්බන්ධ වී කටයුතු කිරීම බව අවධාරණය කළ දෙපාර්ශ්වය, සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගත හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කළහ. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා තිරසාර විසඳුම් සෙවීමට ජපාන රජයේ සහය මෙරටට ලබා දෙන බව ජපාන නියෝජිතයා යළිදු අවධාරණය කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීහු මෙම හමුව සඳහා සහභාගී වූහ.

The post ජපාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා විදේශ ඇමති හමුවෙයි appeared first on ITN News.

Read More »

චීනය සහ ඇමරිකාව සහජීවන මූලධර්මය ස්ථාපිත කළ යුතු බව හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු වන Henry Kissinger මහතා පවසයි‍  

0 comments

චීනය සහ ඇමරිකාව සහජීවන මූලධර්මය ස්ථාපිත කරමින් සහජීවන ක්‍රමයක් සොයා ගත යුතු බව ඇමරිකා හිටපු රාජ්‍ය ලේකම්වරයෙක් පවසයි.

ඇමරිකා හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු වන Henry Kissinger මහතා ඊයේ(31) පැවති Kissinger හා චීන ඇමරිකා සබඳතාව පිළිබඳ වැඩමුළුවට මාර්ග ගතව එක් වෙමින් මේ බව පැවසීය. ප්‍රධාන බලවතුන් ලෙසට චීනය සහ ඇමරිකාව සහජීවන මූලධර්මය ස්ථාපිත කරමින් ඒකාබද්ධව ගැටීම් වැළැක්විය යුතු බව Henry Kissinger මහතා පැවසීය. චීනයේ රාජ්‍ය පාලනය සහ විදේශ ප්‍රතිපත්තිය වසර දහස් ගණනක ඉතිහාසය මත පදනම් වන අතර ඇමරිකාවේ ප්‍රතිපත්ති පදනම් වී ඇත්තේ ප්‍රායෝගික භාවය බව ඔහු පෙන්වා දුන්නේය. දෙරට සංවාද පවත්වමින් එකිනෙකාගේ අවධානයන්ට ගරු කළ යුතු බවට Kissinger යෝජනා කළේය. චීන- ඇමරිකා සංවාදය ඔස්සේ දෙරටට සහ ලෝකයට තිරසර සාමය ගෙන එනු ඇතැයි ඔහු අපේක්ෂා කළේය.

The post චීනය සහ ඇමරිකාව සහජීවන මූලධර්මය ස්ථාපිත කළ යුතු බව හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු වන Henry Kissinger මහතා පවසයි‍ appeared first on ITN News.

Read More »

ලොව ප්‍රබල ක්‍රීඩකයින් සමඟ තරග වැදුණු යුපුන්ගේ දක්ෂතාවය  

0 comments

චෙක් ජනරජයේ පැවැත්වෙන ඔස්ට්‍රේව් ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් සියය පිරිමි ඉසව්වේ පස්වෙනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්වුණා.

තත්ත්පර 10.8 ක කාලයක් වාර්තා කළ යුපුන් අබේකෝන් ඔහුගේ මෙම වාරයේ වාර්තා කළ දෙවන හොදම කාලය ලෙස සටහන් කරගෙන තිබෙනවා. මෙම තරගයේ දී යුපුන්ගේ ප්‍රතිවාදීන් අතර ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් සහ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බයින්ද සිටීම විශේෂත්වයක්. යුපුන් අබේකෝන් මෙහිදී යොහාන් බ්ලේක්ට වඩා තත්ත්පර 0.3ක් පිටුපසින් තරගය අවසන් කිරීම සුවිශේෂී වනවා.

 

 

 

 

 

The post ලොව ප්‍රබල ක්‍රීඩකයින් සමඟ තරග වැදුණු යුපුන්ගේ දක්ෂතාවය appeared first on ITN News.

Read More »

චීනයේ ෂැන්ග්හයි නුවර කෝවිඩ් සංචරණ සීමා ලිහිල් කරයි  

0 comments

චීනයේ ෂැන්ග්හයි නුවර කෝවිඩ් සංචරණ සීමා ලිහිල් කර තිබෙනවා. එරට වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම ලිහිල් කිරීම ක්‍රියාත්මකයි.

චීනයේ ෂැන්ග්හයි නගරය කෝවිඩ් සංචරණ සීමා පැනවීමෙන් පසු මාස දෙකකට පසුවයි මෙලෙස ඉවත්කිරීම සිදුකර ඇත්තේ. මිලියන 25 ක ජනගහනයක් වාසය කරන ෂැන්ග්හයි නුවර වැසියන්ට අද සිට නිදහසේ ගමන් කිරීමට හැකියාව උදාවනවා. කෙසේ වෙතත් කොවිඩ් ආසාදිත හයලක්ෂ පනස් දහසකට වැඩි පිරිසකට තවදුරටත් නිවෙස්ගත නිරෝධායනය සිදුකරන ලෙසටයි උපදෙස් දී ඇත්තේ. කෝවිඩ් ආසාදිතයින් ශූන්‍ය මට්ටමට නැවතත් ළඟාවීම චීනයේ අපේක්ෂාව වී තිබෙනවා.

 

 

 

 

The post චීනයේ ෂැන්ග්හයි නුවර කෝවිඩ් සංචරණ සීමා ලිහිල් කරයි appeared first on ITN News.

Read More »

දිල්ලි නගරයට බලපා ඇති සුළි කුණාටු තත්වය හේතුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඉන්දියාවේ දිල්ලි නගරයට බලපා ඇති සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

2018 වසරෙන් පසු ඉන්දියාවේ දිල්ලි නගරයට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය බවයි ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. සුළගේ වේගය පැයට කිලෝමීටර් සියය ඉක්මවා ඇති බවද සදහන්.

ගස් කඩාවැටීම් 300 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ.

මියගිය පුද්ගලයින් දෙදෙනා අතරිටන් එක් අයෙකු එළිමහනේ සිටියදී අසල නිවසක කොටසක් ඔහු මතට කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනෙක් පුද්ගලයා එළිමහනේ සිටියදී ඔහු මතට ගසක් කඩාවැටීමෙනුයි ඔහු මියගොස් ඇත්තේ. අධික වර්ෂාවත් සමග දිල්ලි නගරයේ උෂ්ණත්වය ද ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති අතර නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 ක් තරම් පහළ අගයක් ගන්නා බවද සදහන්.

 

 

 

The post දිල්ලි නගරයට බලපා ඇති සුළි කුණාටු තත්වය හේතුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

අයහපත් කාලගුණය හේතුවෙන් බ්‍රසීලයේ මියගිය සංඛ්‍යාව 91 දක්වා ඉහළට  

0 comments

බ්‍රසීලයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය දින කිහිපයේ සිට බ්‍රසීලයට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. ඒ සමඟම ගංවතුර හා නායයෑම් ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයින් 100කට අ ධික සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බව බ්‍රසීලයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. 4000කට අධික සංඛ්‍යාවක් අවතැන්ව සිටින අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ පර්නැම්බුකෝ ප්‍රදේශයටයි.නායයෑම් හේතුවෙන් නිවාස 4000ක පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවද සඳහන්.

 

The post අයහපත් කාලගුණය හේතුවෙන් බ්‍රසීලයේ මියගිය සංඛ්‍යාව 91 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

පියෙකු සහ දියණියක සැක කටයුතු අන්දමින් මිය යයි  

0 comments

කළුතර හීනටියන්ගල ප්‍රදේශයේ නිවසක් තුළ පියෙකු සහ දියණියක සැක කටයුතු අන්දමින් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

හීනැටිගල සිසිල උයන ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙකු සහ 33 හැවිරිදි ඔහුගේ දියණියයි මෙලෙස මියගොස් තිබෙන්නේ. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව කළුතර පොලීසිය නිවස පරීක්ෂා කළා. එහිදී පියා පුටුවක් මත සහ දියණිය සාලයේ බිම මියගොස් සිටි බව පොලීසිය පවසනවා.

දෙමව්පියන් සමග මෙම අවිවාහක දියණිය මෙම නිවසේ පදිංචිව සිටි බව සදහන්. කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් හදිසි මරණ පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසු සිරුරු කළුතර දිස්ත්‍රික් රෝහලට රැගෙන යනු ලැබුවා. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

 

 

 

 

 

 

The post පියෙකු සහ දියණියක සැක කටයුතු අන්දමින් මිය යයි appeared first on ITN News.

Read More »

ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයින් උතුරු කොරියාවෙන්  

0 comments

ගතවු පැය 24 ට ලොව පුරා රටවල් 228 ක් අතුරින් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ උතුරු කොරියාවෙන්.

ඊයේ දිනයේ දී උතුරු කොරියාවෙන් හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 100,710 ක්. ඒ සමගම එරට සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 35 ඉක්මවා ගියා.

එමෙන්ම ඊයේ දිනයේ දී තායිවානයෙන් 60,000 ක් ඕස්ට්‍රේලියාවෙන් 26,000 ක් බ්‍රසීලයෙන් 24,000 ක් හා ජර්මනියෙන් 23,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමගම ලොව සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පනස් තුන්කෝටි විසිලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව හැටතුන් ලක්ෂ එකොළොස් දහස් අටසිට අසූවක්.

 

 

 

The post ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයින් උතුරු කොරියාවෙන් appeared first on ITN News.

Read More »

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්  

0 comments

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමඟ කර ඇති සාකච්ඡා සාර්ථක වී තිබේ. එම නිසා පොහොර හිඟය හෝ වෙනයම් හේතුවක් පාදක කරගනිමින් යල කන්නයේ වගාව අතනොහරින ලෙස ජනාධිපතිතුමා සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටි.

යල කන්නයේ වගා කටයුතු සහ ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟය අවම කරගැනීම පිළිබඳ අද (30) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

පොහොර ගෙන්වීම, බෙදාහැරීම, නිසි කළමනාකරණය, දැනුවත් කිරීම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් විය යුතුව ඇතැයිජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය. ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම ලබාදිය යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

යල කන්නයේ වගාව සඳහා යොදා නොගත් කුඹුරු හඳුනාගෙන මුං, කව්පි, සෝයා ඇතුළු අත්‍යාවශ්‍ය භෝග වගාවට උනන්දු කරවීමෙන් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබාදිය හැකිය. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කන්දකාඩු ගොවිපොළ බඩඉරිඟු, සෝයා ඇතුළු භෝග වගාවට කඩිනමින් නිදහස් කර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

වගා කර නොමැති ඉඩම්වලින් ඉහළ ප්‍රතිශතයක් රජය සතු වේ. එම ඉඩම් හඳුනාගෙන තරුණ වගාකරුවන්ට ලබාදීමට තීරණය විය.

ගෙවතු සහ රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල වගා කටයුතු දිරිමත් කළ යුතුය. ඊට ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ සිට සියලුම රාජ්‍ය සේවකයින් දායක වී පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

වගා කළ යුතු භෝග හඳුනාගනිමින් සියලු පළාත් ඒකාබද්ධ වගා ප්‍රවර්ධන සතියක් ඇරඹීමටත් කෘෂිකර්ම, පශු සම්පත් හා මිරිඳිය මත්ස්‍ය කර්මාන්තය සඳහා පළාත් සභාවට වෙන්කර ඇති මුදල් සීමා නොකොට ලබාදීමටත් තීරණය කෙරිණ.

පොහොර අවශ්‍යතාව ඉලක්ක කරගනිමින් එප්පාවල පොස්පේට් නිධිය ප්‍රශස්ත අයුරින් යොදාගනිමින් එළැඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොස්පරස් අඩංගු පොහොර නිෂ්පාදනයකරන ලෙසජනාධිපතිතුමාවිසින් උපදෙස් දෙනු ලැබිණ.

කිරි, බිත්තර, කුකුළු මස් මිල පාලනය සඳහා සත්ව ආහාර සැපයීමට ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි ද පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය.

පසුඅස්වනු හානිය අවම කිරීම, ආහාර අරපිරිමැස්ම, ආහාර ගබඩා කිරීම, කල්තබා ගැනීම හා කෘෂි නිෂ්පාදන අගය වැඩි කිරීම, විකල්ප ආහාර වර්ග හඳුන්වාදීම හා ප්‍රචලිත කිරීම සඳහා සැලසුම් කර තිබේ. එමෙන්ම වගාවන්හි රෝග හා පළිබෝධ හානි වැළැක්වීමට ක්‍රමවේද හඳුන්වා දීම සහ කෘෂි නිෂ්පාදන ආශ්‍රිත ස්වයං රැකියා ප්‍රවර්ධනය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටපියවර ගෙන ඇති බවකෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල ප්‍රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

The post ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් appeared first on ITN News.

Read More »

ලෝකය, චීනය සහ චීන-ඇමරිකානු සබඳතාව කෙරෙහි ඇමරිකාව දරන දැක්ම සාවද්‍ය බව චීනය පවසයි  

0 comments

ලෝකය, චීනය සහ චීන-ඇමරිකානු සබඳතාව කෙරෙහි ඇමරිකාව දරන දැක්ම, සාවද්‍ය බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි.මෑතක දී ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා චීනය කෙරෙහි ඇමරිකානු ප්‍රතිපත්ති පිළිබඳ දේශනයේ දී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, චීන විදේශ අමාත්‍ය වං යී මහතා මේ බව පැවසීය. චීනය ජාත්‍යන්තර පද්ධතිය කෙරෙහි බරපතලම දිගුකාලීන අභියෝගයක් බව Antony Blinken ගේ දේශනය තුළ සඳහන් කෙරිණ.

මානවයන්ගේ සෞඛ්‍ය සුබසාධනය පොදුවේ සුරක්ෂිත කර, ලෝක ආර්ථීකය පුනරුත්ථාපනය ප්‍රවර්ධනය කරමින් ලෝක සාමය සහතික කිරීම, වත්මන් ජගත් ප්‍රජාව මුහුණ දෙන පුමුඛ වගකීම් බව වං යී මහතා පැවසීය. ඒ සඳහා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව පිළිබඳ චින්තනය ගොඩනගා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය සහ මූලධර්මය ක්‍රියාත්මක කළ යුතු ය. එහෙත් සීතල යුද චින්තනයෙන් යුතු ඇමරිකාව අධිපතිවාදය අනුගමනය කරමින් කල්ලි දේශපාලනයේ නිරත ව සිටී. එය ජගත් ප්‍රජාව අතර බෙදීම් හා ගැටුම් පමණක් නිර්මාණය කරනු ඇතැයි වං යී මහතා ප්‍රකාශ කළේය. චීන සංවර්ධනයේ ඉලක්කය වන්නේ අන් අයට අභියෝග කිරීමට වඩා, සිය ජනතා දිවිපැවැත්ම පෙරට වඩා යහපත් කර, ලෝකයට වඩාත් වැඩි දායකත්ව ලබා දීමයි. චීනය හා ඇමරිකාව අතර තරගයක් පැවතිය ද එය විනාශකාරී තරගයක් නොවිය යුතුය. තමරට වඩා යහපත් ලෙස පාලනය කරන්නේ කුමන රට ද සහ ලෝකයට වඩා වැඩි දායකත්ව ලබා දිය හැක්කේ කුමන රටට ද යන්න පිළිබඳ සාධාරණ තරගයකට එක්වීමට චීනය කැමැත්තෙන් සිටින බව ද වං යී මහතා පැවසීය.

The post ලෝකය, චීනය සහ චීන-ඇමරිකානු සබඳතාව කෙරෙහි ඇමරිකාව දරන දැක්ම සාවද්‍ය බව චීනය පවසයි appeared first on ITN News.

Read More »

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරුදිග බ්‍රසීලයේ පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

උතුරුදිග බ්‍රසීලයට බලපා ඇති අයහපත් කාලගුණය පුද්ගලයින් හතළිස් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බ්‍රසීලයේ රෙසිෆ් ප්‍රදේශයට පසුගිය දින කිහිපය පුරා ඇදහැලුණු අධික වර්ශාවත් සමඟ නායයාම් හා ගංවතුර තත්වයක් ද හටගෙන තිබෙනවා. පුද්ගලයින් දහසකට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමටයි පියවර ගෙන ඇත්තේ. එමෙන්ම පර්නම්බුකෝ ප්‍රදේශයේ පවුල් තිස් දෙදහසක් පමණ නායයාම් හා ගංවතුර අවධානමට මුහුණ දී තිබෙන බව ද සඳහන්. අවතැන් වූ පිරිස් වැසි ප්‍රදේශයේ පාසල්වෙත යොමු කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය සහන කටයුතු මේ වන විටත් සලසා තිබෙනවා. ඇලගොවාස් ප්‍රාන්තයේ ප්‍රදේශ තිත්තුනකට හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙනවා.

 

The post අයහපත් කාලගුණය හේතුවෙන් උතුරුදිග බ්‍රසීලයේ පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

රිය අනතුරු 05කින් 06 දෙනෙකු මියයයි – 12 දෙනෙකුට තුවාල  

0 comments

ඊයේ දිනයේ සිදු වූ රිය අනතුරු පහකින් හය දෙනෙකු මිය ගොස් දොළොස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මින්  හතරක්ම යතුරුපැදි අනතුරුවීම විශේෂත්වයක්.

බිබිල බදුල්ල ගම්මන ප්‍රදේශයේ දී යතුරුපැදියක් විදුලි රැහැන් කණුවක ගැටීමෙන් යතුරුපැදිකරු සහ පසුපැදිකරු මිය ගියා. යතුරුපැදිය පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවේ ගැටී තිබුණා.

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ දී පාපැදියක් තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී කොන්ක්‍රිට් කණුවක ද වැදීමෙන් පසුපැදිකරු මිය ගියා. යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

ලංගම බස් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගියා. අනතුර සිදුවුණේ ශ්‍රීපුර සිංහපුර ප්‍රදේශයේදීයි.

තවත් මාරක යතුරුපැදි අනතුරක් සිදුවුණේ මාතර දෙව්නුවර ප්‍රදේශයේදීයි. ටිපර් රථයක යතුරුපැදිය ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් යතුරුපැදිකරු මිය ගියා.

වෑන් රථයක් බෝක්කුවක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් දහ දෙනෙකු තුවාල ලැබුවා. රියදුරට නින්දයාමත් සමඟ රථය පාලනය කරගත නොහැකි වීම හේතුවෙනුයි එය බෝක්කුවේ ගැටී තිබෙන්නේ.

 

 

The post රිය අනතුරු 05කින් 06 දෙනෙකු මියයයි – 12 දෙනෙකුට තුවාල appeared first on ITN News.

Read More »

දකුණු කොරියාවේ කුඩා පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට අතිරේක අයවැයක්  

0 comments

ඇමරිකා ඩොලර් බිලියන 49.5ක අතිරේක අයවැයක් ඉදිරිපත් කිරීමට දකුණු කොරියා රජය පියවර ගෙන තිබෙනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින කුඩා පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමේ අරමුණෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ. පසුගිය මාසයේ සිට ඇමරිකා ඩොලර් බිලියන දෙකක වටිනාකමින් යුත් හදිසි ආධාර මුදලක් කුඩා ව්‍යවසායකින් වෙනුවෙන් ලබා දීමට දකුණු කොරියා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා. කුඩා පරිමාණ ව්‍යවසායකයින් මිලියන 5.5කට අධික සංඛ්‍යාවකට වන්දි ලබා දීම අතිරේක අයවැයෙන් සිදුකෙරුණු ඇතියි. අතිරේක අය වැය සඳහා බදු මුදල් භාවිතා කරන බව ද එරට මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. දී නගරාධිපතිවරු හා ආණ්ඩුකාරවරු තෝරා ගැනීම සඳහා ලබන බදාදා දිනයේ මැතිවරණ පැවැත්වීමට සූදානම් කර තිබියදීයි මෙම ආධාර ලබා දීම සිදුකෙරෙන්නේ.

 

 

 

 

 

The post දකුණු කොරියාවේ කුඩා පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට අතිරේක අයවැයක් appeared first on ITN News.

Read More »

ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව උ.කොරියාවෙන් වාර්තා වෙයි  

0 comments

ගත වූ පැය 24 ට ලොවපුරා රටවල් 228 කින් කොරෝනා වයිරස ආසාදිතයින් තුන්ලක්ෂ විසිපන් දහසකට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 527 ක්.

ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ උතුරු කොරියාවෙන්. එම සංඛ්‍යාව 90,000 කට ආසන්නයි. ඒ සමගම එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව තිස්හතර ලක්ෂ පනස් දහසකට ආසන්න වනවා. එමෙන්ම තායිවානයෙන් 76,000 ක් ඕස්ට්‍රේලියාවෙන් 26,000 ක් ජපානයෙන් 24,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. මේ වනවිට ලොව පුරා රටවලින් හමුවී ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පනස් තුන්කෝටි දහසය ලක්ෂය ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව හැටතුන් ලක්ෂ දසදහසකට අධිකයි.

 

 

The post ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව උ.කොරියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

ගෝඨා ගෝ ගමට දින 50යි – සැමරුමට පාගමනක්  

0 comments

ගෝඨා ගෝ ගම විරෝධතාවට අදට දින පනහක් ගත වීම නිමිත්තෙන් විරෝධතා පාගමනක් පැවැත්වුණා. ඊට විශාල පිරිසක් එක්ව සිටියා.

අරගලයට දින පනහක් සපිරීම වෙනුවෙන් සංවිධාන කළ පාගමන ආරම්භ කෙරුණේ කොල්ලුපිටිය ප්‍රදේශයෙන්. මෙම පිරිස පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණියා. අනතුරුව පාගමනේ පැමිණි විශාල පිරිසක් ලෝටස් පාර ඔස්සේ බැංකු මාවත ඔස්සේ ගමන් කළා. මෙහි දී පාගමනින් පැමිණි විරෝධතාකරුවන් ජනාධිපති මාවතට ඇතුළුවීමට ඉඩනොදී අරගල භූමියේ ම සිටින තරුණ පිරිස් මාර්ගය අවහිර කළා. ඒ අනුව ඔවුන්ට ලෝටස් පාර ඔස්සේ ගමන් කිරීමට ඉඩ සැලසුවා. විරෝධතා පාගමනට සිවිල් සංවිධාන මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් එක්ව සිටිනවා. එමෙන්ම විශ්වවිද්‍යාල සිසුන් ද විරෝධතා පාගමනට සහභාගී වුණා.

 

 

 

 

The post ගෝඨා ගෝ ගමට දින 50යි – සැමරුමට පාගමනක් appeared first on ITN News.

Read More »

ආර්ථිකය අවදානම් තත්ත්වයට පත්වීමෙන් වළක්වා ගන්න ඉන්ධන මිල වැඩි කළා – අගමැති ෂෙබාස්  

0 comments

පාකිස්තානයේ ආර්ථිකය අවදානම් තත්ත්වය පත්වීමෙන් වළක්වා ගැනීම සඳහා ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගත් බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසනවා.

පාකිස්තානය මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට පත්ව සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ද අපේක්ෂා කර ඇති අතර ආර්ථික අර්බුදයෙන් මිදීමට තීරණ රැසක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. රටේ ආර්ථිකය නිසි ලෙද කළමනාකරණය නොකළ බවටයි හිටපු අග්‍රාමත්‍යවරයාට චෝදනා එල්ල වන්නේ. ඒ හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා බලයෙන් පහ කිරීමට ද එරට දේශපාලන අධිකාරිය පසුගියදා ක්‍රියා කළා.

 

 

 

 

The post ආර්ථිකය අවදානම් තත්ත්වයට පත්වීමෙන් වළක්වා ගන්න ඉන්ධන මිල වැඩි කළා – අගමැති ෂෙබාස් appeared first on ITN News.

Read More »

ඉන්දියාවට හා ජපානයට අගමැතිගෙන් ස්තුතිය  

0 comments

ඉන්දියාව හා ජපානය ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීම පිළිබදව එම රටවලට කෘතඥතාවය පළකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උපකාර කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟතාවයකට පැමිණි බව ඊයේ දිනයේදී වාර්තා වුණා. ඒ අනුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් ස්තූතිය පළ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබුණා. එමෙන්ම ලංකාවට ආධාර ලබා දීමට ඇමෙරිකා, ඕස්ට්‍රේලියාව  සහ ඉන්දියාවෙන් කරන ලද ඉල්ලීම්වලට පැහැදිලි ප්‍රතිචාරයක් ලැබී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා එම ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් කියා සිටිනවා.

මේ අතර ඉන්දියාවේ මෙරට මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙහිදී ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිය ජනතාවගේ ස්තූතිය ඉන්දීය රජයට හිමිවන බව මිලින්ද මොරගොඩ මහතා සදහන් කර තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල  සමගද මාර්ගගත ක්‍රමයට සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ණය ලබා ගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් මෙසේ සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ.

 

The post ඉන්දියාවට හා ජපානයට අගමැතිගෙන් ස්තුතිය appeared first on ITN News.

Read More »

අටුලුගම අතුරුදන්ව සිටි 9 හැවිරිදි දැරියගේ සිරුර හමුවේ  

0 comments

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී අතුරුදන් වූ දැරියගේ සිරුර අද හමු වුණා. ඇයගේ මරණය පිළිබද පුළුල් සැකයක් පවතිනවා. දැරියගේ නිවස ආසන්න ප්‍රදේශයේ වගුරු බිමක සිරුර ඇති බවට පොලිසියට ලද තොරතුරකට  අනුවයි සිරුර මෙසේ සොයා ගැනුනේ.

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි ෆාතිමා අයේෂා නමැති දැරිය අතුරුදන්ව තිබුණේ ඊයේ පෙරවරු දහයට පමණයි. ඇයගේ නිවසට මීටර් 250ක පමණ දුරින් පිහිටි වෙලදසැලකට කුකුල් මස් මිලදී ගැනීම සදහා ෆාතිමා ගොස් ඇති අතර යලි නිවසට නොපැමිණිම හේතුවෙන් සිදු කළ සොයා බැලීමක දී ඇය අතුරුදන්ව ඇති බව හෙළිවුණා. දැරිය අලුත්ගම අල්ගස්සාලි විද්‍යාලයේ හතරවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්.

දැරිය වෙළෙදසැලෙන් පිටව යන අවස්ථාවේ දී ඒ අසල නවතා තිබූ වෑන් රථයක් සම්බන්ධයෙන් ද සැක මතුවීම හේතුවෙන් පරීක්ෂණ සිදුකෙරුණා. සීසීටීවී දර්ශන උපයෝගී කර ගනිමින් වෑන් රථයේ අංකය සොයාගෙන ඇති අතර ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකර තිබෙනවා. එහි දී වෑන් රථයේ හිමිකරු සොයා ගැනීමට ද හැකිවුණා. ඔහුගෙන් ද පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගත්තා. කෙසේ වුවද මෙම වැන් රථයේ පැමිණී අය අසල පිහිටි වෙළදසැලකින් භාණ්ඩ මිලදී ගැනීම සදහා එම ස්ථානයේ නතර කර තිබූ බව හෙලිකර ගැනුනා.  දැරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පුදගලයින් විසි දෙනෙකුට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. කෙසේ වුවද පොලිස් පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වන අතරතුර ප්‍රදේශවාසින් ද දැරිය පිළිබද සොයා බැලුවා. ඒ අනුවයි ඇයගේ සිරුර වගුර බිමක තිබී අද සොයා ගැනුනේ. ඒ පිළිබද තොරතුරු සපයා ඇත්තේ ප්‍රදේශවාසීන් විසිනුයි. මෙම මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

 

 

 

 

 

The post අටුලුගම අතුරුදන්ව සිටි 9 හැවිරිදි දැරියගේ සිරුර හමුවේ appeared first on ITN News.

Read More »

දක්ෂිණ අධිවේගයේ ගැලණිගම ප්‍රදේශයේ අනතුරක්  

0 comments

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ හා ගැලණිගම අතර තිස්වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී ඉන්ධන බවුසරයක් හා ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා.  සිද්ධියෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

ලොරි රථයේ ටයරයක සිදුවූ හානියක් යථාතත්වයට පත් කරමින් සිටිය දී පසුපසින් පැමිණි ඉන්ධන බවුසරය මෙම ලොරි රථයේ ගැටීමෙන් අනතුර සිදු වුණා.

 

 

 

 

The post දක්ෂිණ අධිවේගයේ ගැලණිගම ප්‍රදේශයේ අනතුරක් appeared first on ITN News.

Read More »

වගකීම් විරහිත දේශපාලනඥයන් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන ඇමරිකානුවෝ  

0 comments

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක පසුගිය 24වැනිදා සිදු වූ වෙඩි තැබීමෙන් අවම වශයෙන් දරුවන් 19ක් ඇතුළු 21කට වැඩි පිරිසක් මිය ගියහ. එය, මානව හදවත්වලට දැඩි කම්පනය දනවන
ඛේදවාචකයකි. ගොදුරුවූ දරුවෝ තුවක්කු ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන් බවට පත්වූහ. එබඳු වෙඩි තැබීමේ සිද්ධි හේතුවෙන් ඇමරිකානු ජනතාවගේ බලාපොරොත්තු සුන් ව ගියේය. ලාභ නොලබන සංවිධානයක් වන Gun Violence Archive මගින් ප්‍රසිද්ධ කෙරුණු දත්තවලට අනුව, වසර 2012 ඇමරිකාවේ Sandy Hook පාසලේ සිදු වූ ප්‍රචණ්ඩ වෙඩි තැබීමේ සිද්ධියේ සිට එරට හතරක් හෝ ඊටත් වැඩි මරණ ගණනකට තුඩු දුන්, විශාල පරිමාණ වෙඩි තැබීමේ සිද්ධි 3500ක් පමණ සිදු විය. මේ අතර ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මෑතකදී පළ කළ වාර්තාවට අනුව, වසර 2000 සිට 2020 දක්වා ඇමරිකානු අවි ආයුධ නිෂ්පාදකයන් තුවක්කු කෝටි 13.9ක් සිවිල් වෙළෙඳපොළට නිකුත් කර තිබිණ.

මතුපිටින් බැලුවහොත්, ඇමරිකාවේ තුවක්කු පාලනයේ අසීරුතාවට හේතුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි සංශෝධනයේ දැක්වෙන, සිවිල්වැසියන්ට තුවක්කු හිමිවීමේ වගන්තිය වෙනස් කිරීමට
අපහසුවීම වුවද, එහි වඩාත් සංකීර්ණ සාධක සැඟව පවතී. ඇමරිකාවේ දේශපාලන පක්ෂ අතර ගැටුම්, ප්‍රතිලාභ කණ්ඩායම්වල බලපෑම්, වර්ගවාදය එහි සාධක කිහිපයක් ලෙස දැක්විය හැකිය. එහෙත් එම
තත්ත්ව සියල්ල අභිභවා, මීට බලපා ඇති ප්‍රධානම හේතුව, ඇමරිකානු දේශපාලනඥයන්, පොදු ජනතාවගේ ජීවිත කෙරේ දක්වන අතිශය නොසැලකිල්ල හා උදාසීනත්වය බව මනාව පැහැදිලි වී ඇත.

The post වගකීම් විරහිත දේශපාලනඥයන් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන ඇමරිකානුවෝ appeared first on ITN News.

Read More »

අනවසරයෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයින් 45ක් නාවික හමුදා භාරයට  

0 comments

ශ්‍රී ලංකා නාවික හමුදාව, දකුණු සහ බටහිර මුහුදු ප්‍රදේශයන්හි සිදු කළ මුර සංචාර මඟින් එම මුහුදු ප්‍රදේශයන්හි සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) පුද්ගලයන් 45 දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව, දකුණු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාව මඟින් පුද්ගලයින් 26 රැගත් බහුදින ධීවර යාත්‍රාවක්ද, බටහිර මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි ‍නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අයත් පී 481 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් පුද්ගලයින් 19 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ද එම මුහුදු ප්‍රදේශයන්හි සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබියදී මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, මුහුදු ගමනකට යෝග්‍ය නොවන තත්වයේ පවතින බව නිරීක්‍ෂණය කර නාවික හමුදා භාරයට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාවන්ගේ ගමන්ගත් පුද්ගලයන් කල්පිටිය, හලාවත, පුත්තලම, මීගමුව සහ කිලිනොච්චිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලදී. මෙම පුද්ගලයින් මුහුදු මාර්ගයෙන් වෙනත් රටකට අනවසරයෙන් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන අතර, නාවික හමුදා භාරයට ගත් මෙම පුද්ගලයින් සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට නියමිතව ඇත.

ලොව විවිධ රට වල සිදු වන දේශපාලනික වෙනස් වීම් සැලකිල්ලට ගනිමින් මිනිස් ජාවාරම් කරුවන් විසින් අහිංසක මිනිසුන් රවටා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් නීති විරෝධී සංක්‍රමණික කටයුතු කලින් කලට වැඩි වශයෙන් සංවිධානය කරනු ලබන අතර, මුහුදු ගමනකට නුසුදුසු භාවිතයෙන් ඉවත දැමීමට නියමිත අබලන් තත්වයේ අනාරක්‍ෂිත බහු දින ධීවර යාත්‍රා මඟින් ඉතා අනතුරුදායක ලෙස සිදු කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසු වී තම ජීවිත හා දේපල විනාශ කර ගැනීම පමණක් නොව නීතිය ඉදිරියේ වරද කරුවෙකු වීමෙන් වළකින ලෙස ද නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.

The post අනවසරයෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයින් 45ක් නාවික හමුදා භාරයට appeared first on ITN News.

Read More »

ඉන්ධන මිල වැඩි කළේ රට බංකොලොත් වීම වළක්වා ගැනීමට – පාකිස්ථාන අගමැති  

0 comments

පාකිස්තාන රජය ඉන්ධන මිල ඉහළ නැංවූයේ රට බංකොලොත් වීම වළක්වා ගැනීමට බව පාකිස්ථාන නව අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂෙරීෆ් පවසනවා.

පාකිස්ථානයේ පෙට්‍රල් ඩීසල් සහ භූමිතෙල් මිල රුපියල් 30කින් ඉහළ නැංවීමට එරට රජය කටයුතු කළා. එම තීරණය හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වුණා. කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ යාමෙන් එරට දුප්පත් ජනතාවට සිදුවන පීඩාව අවම කිරීම සදහා දීමනාවක් ලබාදීමටත් පාකිස්ථාන රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පවුල් මිලියන 14ක මසකට රුපියල් දෙදහස බැගින් හිමිවනු ඇති. එම දීමනාව මගින් එරට ජනගහනයෙන් තුනෙන් එකකට සහන සැලසෙන බවයි නව අගමැති ෂෙබාස් ෂෙරීෆ් සදහන් කරන්නේ.

 

 

 

 

The post ඉන්ධන මිල වැඩි කළේ රට බංකොලොත් වීම වළක්වා ගැනීමට – පාකිස්ථාන අගමැති appeared first on ITN News.

Read More »

රාජස්ථාන් රෝයල් IPL අවසන් මහා තරගයට  

0 comments

ඉන්දීය ප්‍රිමියලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායම සමත් වුණා. ඒ රෝයල් චැලෙන්ජස් බැංගලෝ කණ්ඩායමට එරෙහි පැවති තරගය ජයගනිමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බැංගලෝර් ක්‍රීඩකයන්  නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 157ක් රැස් කළා. රජට් පටිඩාර් ලකුණු 58යි. පන්දු යැවීමේ දී ප්‍රසිද් ක්‍රිෂ්ණා හා ඔබෙඩ් මැකෝයි කඩුලු 3 බැගින් බිද හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කල රාජස්ථාන් ක්‍රීඩකයන් පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුලු තුනක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල ජොස් බට්ලර් පන්දු හැටක දී නොදෙවී ලකුණු 106ක් රැස් කළා. ඔහු මෙම තරගාවලයේ දී රැස් කළ හතරවන ශතකය මෙයයි. වනිදු හසරන්ග ලකුණු 26කට එක් කඩුල්ලක් දවාගත් අතර ඔහු මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වනවා.

තරගාවලිය අවසන් මහා තරගය රාජස්ථාන් රෝයල් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර හෙට පැවැත්වීමට  නියමිතයි.

 

 

 

The post රාජස්ථාන් රෝයල් IPL අවසන් මහා තරගයට appeared first on ITN News.

Read More »

වසර දෙකකට පසු ජපානය යළි සංචාරකයින් සඳහා විවෘත කෙරේ  

0 comments

වසර දෙකකට පසු ජපානය යළි සංචාරකයින් සඳහා විවෘත කර තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරකයින් සඳහා ජපානය වසා දැමුණේ වසර දෙකකට පෙරයි. ඒ අනුව රටවල් 98ක සාංචාරකයින් සඳහා අද සිට ජපානය විවෘත වනවා.  කෙසේ වෙතත් රටවල් කිහිපයකට පමණක් ජපානය සීමා පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 2020 වසරේ පැවති ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලටද කොරෝනා හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වුණා. ඒ අනුව විදේශීය අමුත්තන්ගේ සහභාගීත්වය අවලංගු කිරීමටයි ඔලිම්පික් බලධාරීන් ක්‍රියා කළේ.

 

 

 

 

The post වසර දෙකකට පසු ජපානය යළි සංචාරකයින් සඳහා විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

කැළණි, කළු, ගිං ගංගා සහ අත්තනගලු ඔය ජල මට්ටම ඉහළට – විමසිලිමත් වන්නැයි ජනතාවට උපදෙස්  

0 comments

අත්තනගලු ඔය, මහ ඔය, කැලණි ගඟ, කලු ගඟ සහ ගිං ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතිනවා. මේ පිළිබද  වැඩි සැලකිල්ලෙන් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඌව පළාතේ මෙන්ම අම්පාර හා මඩකලපු යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුර, උතුරුමැද සහ වයඹ යන පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර හතලිහක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. පුත්තලම සිට කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් පනහක් පනස් පහක් දක්වා වැඩිවන තත්වයකුයි පවතින්නේ. පුත්තලම සිට කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි තත්වයකුයි පවතින්නේ.

අත්තනගලු ඔය, මහ ඔය, කැලණි ගඟ, කලු ගඟ හා හිං ග‌‌ඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් මෙම ජලාශ ආශ්‍රිතව අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානවල විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන් වඩාත් සැලකිලිමත් වන ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

 

 

The post කැළණි, කළු, ගිං ගංගා සහ අත්තනගලු ඔය ජල මට්ටම ඉහළට – විමසිලිමත් වන්නැයි ජනතාවට උපදෙස් appeared first on ITN News.

Read More »

චීනයේ මෙහෙවර ලෝක ආර්ථික සාකච්ඡා සභාවේ පැසසුමට  

0 comments

චීනය ඉටු කර ඇති සේවය ලෝක ආර්ථික සාකච්ඡා සභාවේ පැසසුමට ලක්‍ වේ. ලෝක ආර්ථික සාකච්ඡා සභ‍ාවේ 2022 වාර්ෂික සමුළුව ඊයේ (26) ස්විට්සර්ලන්තයේ දවොස් හිදී නිමාවට පත්විය. ලෝකය වත්මන් ආර්ථික තත්ත්වයට මුහුණ දෙන ආකාරය පිළිබඳව එම සමුළුවේදී සාකච්ඡා කෙරිණ.

ලෝක ආර්ථික සාකච්ඡා සභ‍ාවේ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන කටයුතු බාර නිලධාරීන් චීනය මෙතෙක් ඉටු කර ඇති මෙහෙවර එහිදී ඉහළින් අගය කර ඇත. 2021 වසර වනවිට චීනය ලෝක වෙළඳ සංවිධානයට එක් වී වසර 20ක් ගත වී තිබේ. මෑත වසරවල ප්ලාස්ටික් දූෂණය පාලනය හා ආයෝජන පහසුකරණය ඇතුළු ක්ෂේත්‍රවල චීනය සක්‍රිය කාර්යභාරයක් ඉටු කර ඇති බවත්, එම ක්ෂේත්‍රවල චීනය නායකත්ව දායකත්වයක් ලබා දී ඇති බවත්, එම නිලධාරීන් පවසා තිබේ.

The post චීනයේ මෙහෙවර ලෝක ආර්ථික සාකච්ඡා සභාවේ පැසසුමට appeared first on ITN News.

Read More »

හෙරොයින් සමඟ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට  

0 comments

හෙරොයින්,  මත්කුඩු සමඟ සැකකරුවන් කිහිප දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා.

පිංවත්ත සුනාමි මහල් නිවාස අසළ කළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 580ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. වයස අවුරුදු 41ක් වන මෙම පුද්ගලයා පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 10ක් සමග තවත් සැකකරුවෙකු පෑලියගොඩ ගුවන් පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 31 වන මෙම පුද්ගලයා කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මෙරට නිශ්පාදනය කළ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 70ක සැකකරුවෙකු පුලියන්කුලම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම මෙරට නිෂ්පාදිත තවත් ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු එම ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ,

 

 

 

The post හෙරොයින් සමඟ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

යුද ගැටුම්වලින් යුක්රේනයේ සෙවරෝඩොනේට්ස්ක් නගරයේ පුද්ගලයන් 1500 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

යුක්රේනයේ සෙවරෝඩොනේට්ස්ක් නගරයේ පුද්ගලයන් 1500 කට වැඩි දෙනෙකු යුද ගැටුම්වලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව එහි නගරාධිපතිවරයා පවසනවා.

සෙවරෝඩොනේට්ස්ක්හි නිවාස වලින්  60% කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍යසදහන් කරනනේ. රුසියා  හමුදා නැගෙනහිර යුක්රේනය ඉලක්ක කරගනිමින් පසුගිය දින කිහිපය තුළදී දැඩි ප්‍රහාරයක් එල්ල කළා. රුසියා හමුදා ලුහැන්ස් ප්‍රාන්තයට ද දැඩි ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඇදෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

මේ අතර යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි බටහිර රටවලින් ඉල්ලා සිටින්නේ රුසියාවට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වහා දැඩි කළ යුතු බවයි.

 

 

 

 

The post යුද ගැටුම්වලින් යුක්රේනයේ සෙවරෝඩොනේට්ස්ක් නගරයේ පුද්ගලයන් 1500 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ජාතික සම්මුතියක් ඇති කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා  

0 comments

නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ශ්‍රී ලංකාව මේ වන විට පත්කරගෙන සිටින අතර, ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය පිළිබඳ 27 වන ජාත්‍යන්තර සමුළුව”(Nikkei) අද (26)වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ජපානයේ “නික්කෙයි” (Nikkei) පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව සමුළුව සංවිධාන කරයි.දෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව “බෙදීගිය ලෝකයක ආසියාවේ භූමිකාව නැවත අර්ථ දැක්වීම” යන්නයි.

ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. වර්තමාන ජාතික අර්බුදයට විසඳුම් එම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන්ම ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය අඩපණ වීම, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණවල පහත වැටීම, දරුණු මූල්‍ය අර්බුදයක් ඇතිවීම සහ ශ්‍රී ලංකාවේ ඉහළ ණයබර සමග ඒකාබද්ධ වූ අනෙකුත් සිදුවීම් හේතුවෙන් උද්ධමනය සිදු විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සුදුසු වැඩසටහනක් වෙත යොමුවීමට සමගාමීව අපගේ ණය හිමියන් සමග සාකච්ඡා කර බාහිර රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභිප්‍රාය ඇතිව ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේ දී “ණය ගෙවීමෙන් නැවතී සිටීමක්” නිවේදනය කළේය.

කෙසේ වෙතත්, මෙවැනි විසඳුම් හරහා කටයුතු කරන විට අත්‍යාවශ්‍ය ඖෂධ, ආහාර සැපයුම් සහ ඉන්ධන ආනයනය වැනි අවශ්‍යතා සපුරාලීම සහතික කිරීමට  මිත්‍ර රාජ්‍යවල සහාය ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය බව  ජනාධිපතිතුමා සඳහන් කළේය.

 

ආසියාවේ අනාගතය පිළිබඳ 27 වන ජාත්‍යන්තර සමුළුව (Nikkei)අමතා අතිගරු ජනාධිපතිතුමා කළ කතාව

වෙන්වූ ලෝකයක් තුළ ආසියාවේ භූමිකාව යළි නිර්වචනය කිරීම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන “ආසියාවේ අනාගතය” පිළිබඳ 27 වැනි ජාත්‍යන්තර සමුළුවේදී අද ඔබ ආමන්ත්‍රණය කිරීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටට පත්වෙමි.

ආරම්භයේදීම පවතින ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද මෙම වසරේ නැවත මෙම සමුළුව සංවිධානය කිරීම පිළිබඳමම Nikkei හට සුබ පතමි.

මෙම සම්න්ත්‍රණයට ජපාන අග්‍රාමාත්‍ය ගරු Fumio Kishidaසහ තවත් ලෝක නායකයින් රැසක් සහභාගී වන බවට දැනුවත් වීමි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පසුගිය දශක හතක කාලය තුළ ගොඩනැගුණු ශක්තිමත් මිත්‍රත්වය සහ අප ජාතීන් අතර බොහෝ දිගු කාල පරිච්ඡේදයක් පුරා විහිඳුනු ඓතිහාසික හා සංස්කෘතික සම්බන්ධතා රැසක් මම සිහිපත් කරන්නේ ඉතාමත් තෘප්තියෙනි.

මෙම ඓතිහාසික බැඳීම් අප දෙරට අතර බොහෝ ක්ෂේත්‍ර පිළිබඳ පවතින බහුවිධ සහ ශක්තිමත් හවුල්කාරිත්වය වැඩිදුරටත් ශක්තිමත් කරයි.

දිගු කලක් මුළුල්ලේ අප රටේ සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා සැලකිය යුතු මට්ටමේ ආධාර සහ මූල්‍ය ආධාර ලබා දෙමින් ජපානය සැමවිටම ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන සහයෝගීතා පාර්ශ්වකරුවෙකු ලෙස පැවතීම සහ එලෙස අඛණ්ඩව සිටිමින් ක්‍රියා කිරීම අපට මහත් ආඩම්බරයකි.

පසුගිය මාස කිහිපය ශ්‍රී ලංකාවට අතිශය දුෂ්කර වූ බව නොරහසකි.

අප මේ වන විට සමාජ නොසන්සුන්තාවක් ඇතිවීමට තරම් තුඩු දුන් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට බලපෑමක් ඇති කළ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිමු.

පසුගිය දෙවසර තුළ සංචාරක ව්‍යාපාරය අඩපන වීම සහ කොව්ඩි 19 වසංගතය හේතුවෙන් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණවල තියුණු පහත වැටීම සහ දරුණු මූල්‍ය අර්බුදයක් ඇතිවීම ද ශ්‍රී ලංකාවේ ඉහළ ණයබර සමග ඒකාබද්ධ වූ අනෙකුත් සිදුවීම් ද හේතුවෙන් උද්ධමනය වැඩිවීම සිදු විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සුදුසු වැඩසටහනක් වෙත යොමුවීමට සමගාමීව අපගේ ණය හිමියන් සමග සාකච්ඡා කර මෙම බාහිර රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභිප්‍රාය ඇතිව ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේදී “ණය ගෙවීමෙන් නැවතී සිටීමක්” නිවේදනය කිළේය.

මෙම ප්‍රයත්නයට සමගාමීව විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් අප විසින් පත් කර ඇති අතර, ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා අප පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින්නෙමු.

ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. අපගේ වර්තමාන ජාතික අර්බුදයට විසඳුම් අපගේ ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව හරහා ක්‍රියාත්මකවීම ඉතා වැදගත්ය.

කෙසේ වෙතත්, අපි එවැනි විසඳුම් හරහා කටයුතු කරන විට අත්‍යාවශ්‍ය ඖෂධ ආහාර  සැපයුම් සහ ඉන්ධන ආනයනය වැනි අපගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීමට සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ අපගේ මිතුරන්ගේ සහාය අපට ඉක්මනින් අවශ්‍ය වේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළක් ආරම්භ වන තෙක් අපගේ බාහිර අංශය කෙරෙහි විශ්වාසය නැවත ඇති කිරීමට සහ අපගේ ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය මූල්‍යකරණයක් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවක් අපට පැන නැගී තිබේ.

අපට අවශ්‍ය වූ විට ත්‍යාගශීලීව ප්‍රතිචාර දැක්වු අපගේ සමීප මිතුරා සහ අසල්වැසියා වන ඉන්දියාව ලබාදුන් සහයෝගයට ශ්‍රී ලංකාව කෘතඥ වෙනවා. අපගේ අනෙකුත් අසල්වැසියන් සහ සංවර්ධන හවුල්කරුවන් මෙන්ම කලාපීය සහ ගෝලීය ආයතන විසින් ලබාදෙන සහයෝගය ද බෙහෙවින් අගය කරනවා.

ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු වන අතර ජපානයෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් දැන් පැවැත්වෙන සාකච්ඡා ඉක්මණින් අවසන් වනු ඇතැයි අප බලාපොරොත්තු වන අතර අපි අපේ ආර්ථිකය සහ අපේ ජාතිය ස්ථාවර කිරීමට දරණ උත්සාහයට සහාය වනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙහි පැමිණ සිටින ශ්‍රී ලංකාවේ අනෙකුත් මිතුරන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මෙම දුෂ්කර අවස්ථාවේ මාගේ රටට සහයෝගය ලබාදීමේ හැකියාව සොයා බලන ලෙසයි.

ශ්‍රී ලංකාවේ මෑත කාලීන සිදුවීම්වල සාධනීය අංගයක් වන්නේ අපේ තරුණ තරුණියන් ජාතික දේශපාලනයේ වැඩි වශයෙන් නියැලීමයි.

පවතින පද්ධති කෙරෙහි විශ්වාසය නැතිවීම ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධයක් දැක්වීම දක්වා වර්ධනය වන අතර, වෙනත් රටවල ද එවැනි සමාන ක්‍රියාකාරිත්වයක් අප දැක ඇත්තෙමු. මෙම පද්ධති වැඩිදියණු කිරීම සඳහා අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු වන බව සහතික කිරීම වැදගත් වන අතර එමගින් අනාගත පරම්පරාවලට අධ්‍යාපන සහ රැකියා ක්ෂේත්‍රයේ හොඳ අවස්ථාවලින් ප්‍රතිලාභ ලැබෙනු ඇති අතර එමගින් ඔවුන්ගේ ඵලදායීතාව ඉහළ යනු ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතල දුෂ්කරතාවන්, යුරෝපයේ පවතින ගැටුමෙන් වඩාත් දරුණු අතට හැරුණු COVID-19 වසංගතයේ දිගු කාලීන බලපෑම් පිළිබඳ පූර්ව ඇඟවීමකි. මෙම තත්ත්වයන්, අවදානමට ලක්විය හැකි අනෙකුත් රටවලටද බලපෑ හැකිය. 

කලාපීය මෙන්ම ගෝලීය ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා එවැනි අවදානමට ලක්විය හැකි රටවලට මෙම දුෂ්කරතා කාල සීමාවන් තුළදී සහාය වීම අත්‍යවශ්‍ය වේ.

එබැවින්, මෙම රටවල් මුහුණ දෙන ඉතා බරපතල තර්ජන ජය ගැනීමට ඔවුන් උත්සාහ කරන විට එම රටවලට සහයෝගය ලබාදිය හැකි ජාතීන් ඔවුන්ට අත්වැලක් සැපයීම බලාපොරොත්තු වේ.

අනාගතයේදී ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව ලෝකය මුහුණ දෙන වඩාත් පුළුල් ගැටලුවක් පැනනැගේ.

ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි ආහාර ද්‍රව්‍යවල හිඟය සහ ආහාරවල මිලෙහි තියුණු වැඩිවීම් බොහෝ රටවලට සැලකිය යුතු පීඩනයක් එල්ල කරනු ඇත.

එබැවින්, මෙම තීරණාත්මක ගැටලුව කෙරෙහි අවධානය යොමු කිරීම සහ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දීම මෙන්ම මෙම එළඹෙන ගැටලුව හමුවේ අපගේ ප්‍රත්‍යස්ථතාවය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වේ.

මෙම ගැටලුව ජය ගැනීම සහතික කිරීම සඳහා ජාතීන් අතර සහයෝගීතාව වැඩි කිරීම ද අවශ්‍ය වේ.

අප අනාගතය දෙස බලන විට, මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාසයන් නිසා ඇති වන වඩාත් පුළුල් අභියෝග ආසියානු කලාපයට මෙන්ම ලෝකයට ද ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන බව නොරහසකි.

ජෛව විවිධත්වය අහිමි වීම, ජල හිඟය සහ පරිසර දූෂණය, වාතයේ ගුණාත්මක භාවය සහ පරිසර පද්ධතිවල පිරිහීම ඇතුළු දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්, ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව මෙන්ම බොහෝ ජාතීන්ට මුහුණ දීමට සිදුවන සැලකිය යුතු අභියෝග රැසකට දායක වනු ඇත.

බොහෝ ජාතීන් සාමාජිකත්වය දරන මෙම ගැටලු හා සම්බන්ධයෙන් පවතින ගිවිසුම්, ආඥාපනත් සහ සම්මුතීන් නිසිලෙස පිළිපැදීම සිදුනොවීම කණගාටුවට කරුණකි.

අපේක්ෂා සහගත දේශගුණික අරමුණු ඉටුකරගැනීම සඳහා පුළුල් කැපවීමක් සහතිකව කටයුතු කිරීම ද දුෂ්කර වී ඇත. එයට දැඩි අවධානය යොමුවිය යුතුවේ.

අපට පමණක් නොව අපටත් වඩා වැදගත් ලෙස අපේ අනාගත පරපුරට අයත් පරිසරය සුරැකීමට අපට හැකි වන්නේ සහයෝගයෙන් සිදුකරන කැපවීම් තුළින් පමණක් බවට ඔබ එකඟ වනු ඇතැයි මට විශ්වාසයි.

ආසියාවේ සමුද්‍රීය ආරක්ෂාව යනු විසඳීමට දුෂ්කර තවත් ප්‍රශ්නයක් වන අතර එයට දැඩි ප්‍රතිපත්තිමය අවධානයක් අවශ්‍ය වේ.

නාවික බලය ප්‍රක්ෂේපණය කිරීම හා සම්බන්ධ සාම්ප්‍රදායික ආරක්ෂක ගැටළුවලට අමතරව, මුහුදු මංකොල්ලකෑම්, මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වාර්තා නොවන සහ නියාමනය නොකළ නීති විරෝධී මසුන් ඇල්ලීම ඇතුළු බොහෝ සාම්ප්‍රදායික නොවන ගැටලු නිරතුරුව මෙම කලාපයට අභියෝග එල්ල කරමින් පවතී.

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල උනන්දුවක් දක්වන අතර මුහුදු ගමන් මාර්ග ආරක්ෂා කිරීම හරහා ජපානය ඇතුළු කලාපීය ප්‍රමුඛ ක්‍රියාකාරීන් සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනැගී ඇත.

ඉන්දියන් සාගරයේ සැලකිය යුතු කලාපයක් ආවරණය වන පරිදි පිහිටා ඇති මුහුදු ගමන් මාර්ග සහ සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීම මෙන්ම සමුද්‍රීය අපරාධ මැඩලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වගකීමක් ඇති අතර, මෙම ක්ෂේත්‍රවල අපගේ හැකියාවන් පුළුල් කිරීමට අනාගතයේදී අපේක්ෂා කරන බැවින් ආසියානු ප්‍රජාව සමඟ හවුල්කාරීත්වයන් ගොඩනගාගැනීම අපි බලාපොරොත්තු වෙමු.

තවත් දිගුකල් පවතින කලාපීය ගැටලුවක් වන්නේ මහජන නොසන්සුන්තාවයන්, ගැටුම් සහ වාර්ගික ප්‍රචණ්ඩත්වයයි.

ශ්‍රී ලංකාව ද ඉතිහාසය පුරා වර්ගවාදී අසහනයන්ට ගොදුරු වී ඇත.

එවැනි ගැටලු සම්බන්ධයෙන් සහයෝගී කලාපීය යාන්ත්‍රණ සැකසීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් එක්විය යුතු බව මගේ අදහසයි.

සාමය ගොඩනැගීම සහ සංහිඳියාව යන ක්ෂේත්‍රවල ධාරිතාව ගොඩනැංවීම සඳහා විශේෂඥ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම අත්‍යවශ්‍ය වේ. වරප්‍රසාද නොලත් ජනතාව බලාත්මක කිරීමද එසේම සිදුවිය යුතුය. මන්දයත් ඔවුන්ට නිසි බලය ලබානොදීම නොසන්සුන්තාවයට මූලික හේතුවක් වන බැවිනි.

මෙම සන්දර්භය තුළ, සමහර කලාපීය ආයතනවල මූලික අරමුණු සහ ක්‍රියාකාරීත්වය කෙරෙහි ආර්ථික, දේශපාලනික හෝ උපායමාර්ගික යහපතට අදාළ කාරණා සම්බන්ධයෙන් සාමාජික රටවල පවතින ගැටුම් බලපා ඇති බව මෙම සංසදයට ගෞරවයෙන් සිහිපත් කරමි.

කලාපයේ ප්‍රමුඛතාවන් ඉටු කිරීම සඳහා සාමාජික රටවලට එවැනි බාධක මඟහරවාගෙන ආසියාවේ සැබෑ ජීවගුණය  තුළ එකට වැඩ කිරීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

අවසාන වශයෙන්, මෙම සමුළුව සංවිධානය කිරීම ගැන නික්කෙයි (Nikkei) වෙත සහ මෙම සමුළුවට සත්කාරකත්වය ලබාදීම ගැන ජපාන රජයට මම නැවත වරක් ස්තූතිවන්ත වෙමි.

වර්තමානයේ පවතින දුෂ්කරතා මඟහරවාගෙන හෙට දවස සඳහා නැවත ගොඩනැගීම
ශ්‍රී ලංකාව සිදුකරමින් යන අතරතුර, ආසියාවේ අභිවෘද්ධිය සඳහා අනාගතයේ දී ද එවැනි සමුළු සඳහා අර්ථකාරී ලෙස සහභාගී වීමට අපි බලාපොරොත්තු වෙමු.

ඔබට ස්තුතියි.

 

The post ජාතික සම්මුතියක් ඇති කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා appeared first on ITN News.

Read More »

CIDය හිටපු අගමැති මහින්දගෙන් ප්‍රකාශයක් ගනී  

0 comments

පසුගිය 9 වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද ප්‍රශ්න කළා.

මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඊයේ සවස පැය හතරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

The post CIDය හිටපු අගමැති මහින්දගෙන් ප්‍රකාශයක් ගනී appeared first on ITN News.

Read More »

චීන ජනපති හා ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය අතර හමුවක්  

0 comments

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් Verónica Michelle Bachelet මහත්මිය හමුවෙයි. ඊයේ (25) පැවති හමුවට ජනාධිපතිවරයා බෙයිජිං නුවර සිට වීඩියෝ ආකාරයෙන් එක්විය.චීනයට පැමිණි ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය, ෂී ජින් පිං මහතා සාදරයෙන් පිළිගත්තේය.

චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භයේ සිට ම ජනතාවගේ සුබසාධනය සහ සමස්ත ජාතියේ පුනර්ජීවනය සිය ප්‍රමුඛ මෙහෙවර ලෙස සලකන බව,ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. පොදු අදහස් එක්රැස් කොට මතභේද අවම කරමින්, අන්‍යෝන්‍ය ලෙස අධ්‍යයනය කර පොදු සංවර්ධන අරමුණෙන් යුක්තව, ගෞරවය මත පදනම් වී විවිධ පාර්ශ්ව සමඟ මානව හිමිකම් පිළිබඳ සංවාද හා සහයෝගිතා පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම එහිදී පැවසීය.

මෙම සංචාරය තමා ඉතාමත් වැදගත් කොට සලකන බව Verónica Michelle Bachelet මහත්මිය කියාසිටියාය. දරිද්‍රතාව තුරන් කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙන්ම ආර්ථික හා සමාජ සංවර්ධනයේදී චීනයේ ජයග්‍රහණ ඇය ඉහළින් අගය කළාය. එසේම,බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීම, ජාත්‍යන්තර අභියෝගයන්ට මුහුණදීම හා ලෝක තිරසර සංවර්ධනයට චීනය ලබා දුන් දායකත්වයන් ද මහකොමසාරිස්වරියගේ පැසසුමට ලක්විය. ගෝලීය මානව හිමිකම් ව්‍යායාමයේ සංවර්ධනය සඳහා චීනය සමඟ සහයෝගිතා ප්‍රවර්ධනයට ද ඇය කැමැත්ත පළකළාය.

The post චීන ජනපති හා ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය අතර හමුවක් appeared first on ITN News.

Read More »

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට  

0 comments

අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් සමත් වුණා. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් එක් ලක්ෂ තුන් දහසක මුදලක් හා තරාදි තුනක් ද පොලීසිය අත්අඩංගුවට ගත්තා.

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් හෙළි කර ගත් තොරතුරුවලට අනුවයි මෙම මහාපරිමාන ජාවාරම නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වුණේ.

 

 

 

 

The post අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ප්‍රවාහන ඇමති දුම්රිය සේවයේ නිලධාරින් හමුවෙයි  

0 comments

තම ධූර කාලය තුළ මෙරට දුම්රිය සේවය ලොව දියුණු දුම්රිය සේවාවක් බවට පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වුණා. ඉන් අනතුරුව ඉන්දියාවෙන් ගෙන් වූ දැනට කොළඹ වරාය භූමියේ ගාල් කර ඇති දුම්රිය මැදිරි නිරීක්ෂණයටද අමාත්‍යවරයා එක් වුණා.

 

 

The post ප්‍රවාහන ඇමති දුම්රිය සේවයේ නිලධාරින් හමුවෙයි appeared first on ITN News.

Read More »

ඉම්රාන් ඛාන්ට සහාය දක්වන විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදාව කැඳවයි  

0 comments

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහාය දක්වන විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා හමුදාව කැඳවීමට එරට වත්මන් රජය තීරණය කර තිබෙනවා.

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පක්ෂපාති විරෝධතාකරුවන් දහස් ගණනක් විදී බැසීමත් සමඟයි හමුදාව කැඳවා ඇත්තේ. පාකිස්ථානයේ ප්‍රධාන ගොඩනැගිලි ආරක්ෂා කිරීම සඳහා මෙලෙස හමුදාව යොදවන බවයි පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ. කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් ඉස්ලාමාබාද් අගනුවරට රැස්ව සිටිනවා. විරෝධතාකරුවන් සමඟ හිටපු අග්‍රාමාත්‍යවරයා ද සිටින අතර මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන තුරු ඉස්ලාමාබාද් නුවර පිහිටා ඇති ඩි චොක් චතුරශ්‍රයෙන් ඉවත් නොවන බවයි ඔහු පවසන්නේ. ඉම්රාන් ඛාන්ට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ දී විශ්වාසභංග යෝජනාවක් ගෙන එමින් ඔහු ධූරයෙන් ඉවත් කෙරුණා. ඉන් අනතුරුව පාකිස්ථාන මුස්ලිම් ලීගයේ ෂෙබාස් ශරීෆ් පාකිස්තාන නව අගමැති ලෙස දිවුරුම් දුන්නා.

 

 

 

The post ඉම්රාන් ඛාන්ට සහාය දක්වන විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදාව කැඳවයි appeared first on ITN News.

Read More »

රුසියා ජනපති යුද ගැටුම්වල දී තුවාල ලැබු සෙබළුන් බැලීමට යයි  

0 comments

යුක්රේන යුද ගැටුම්වල දී තුවාල ලැබු රුසියා යුද සෙබළුන් බැලීමට රුසියා ජනාධිපති එක් වුණා.

රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් හා ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂෝගු මොස්කව් නුවර හමුදා රෝහලේ සිටින සෙබළුන්ගේ සුව දුක් බැලීමට එක් වුණා. විදේශයන් හි යොදවා සිටින හමුදා නිලධාරීන් සහ මියගිය සෙබලුන්ගේ පවුල්වලට වන්දි ගෙවිය යුතු බව රුසියා ජනාධිපතිවරයා මෙහිදී  සඳහන් කළා. මෙම සොල්දාදුවන් සහ නිලධාරීන් වීරයන් ලෙස සැලකිය යුතු බවයි රුසියා ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. රුසියා දේශසීමාවල සිටින හමුද‌ා නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමටත් රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් කටයුතු කර තිබෙනවා.

 

 

 

The post රුසියා ජනපති යුද ගැටුම්වල දී තුවාල ලැබු සෙබළුන් බැලීමට යයි appeared first on ITN News.

Read More »

ඇමරිකාවේ ඊනියා “ඉන්දු-පැසිෆික් උපායමාර්ගය” අසාර්ථක වනු ඇතැයි චීන විදේශ අමාත්‍යවරයා කියයි  

0 comments

ඇමරිකාවේ ඊනියා “ඉන්දු-පැසිෆික් උපායමාර්ගය”අසාර්ථක වනු ඇතැයි චීන රාජ්‍ය මණ්ඩල සාමාජික,විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි.

දකුණු චීනයේ Guangzhou නගරයේ සංචාරයක නිරත,පාකිස්ථාන විදේශ අමාත්‍ය Bilawal Bhutto Zardari සමඟ පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.ඇමරිකාවේ “ඉන්දු-පැසිෆික් උපායමාර්ගය” කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව, විශේෂයෙන් ආසියා-පැසිෆික් කලාපය වැඩි සුපරීක්ෂාකාරී බවක් හා අවධානයක් යොමුකර ඇතැයි ද වං යී මහතා පැවසීය.ආසියා පැසිෆික් කලාපයේ ජනතාවට අනිසි ආධිපත්‍යයන් නිසා ඇති වූ ගැටුම් තවමත් මතක ඇති බවත්, ජාතික ස්ථාවරත්වය සහ ප්‍රීතිමත් ජීවිත ගතකිරීම ඔවුන්ගේ අභිප්‍රාය බවත් ඔහු පෙන්වාදෙයි. මෙම කලාපීය රටවලට කිසිදු පැත්තක් ගැනීමට අවශ්‍ය නොවන බවත්, එම රටවලට මනා සහයෝගයෙන් ජීවත් විය හැකි යැයි තමා විශ්වාස කරන බවත් විදේශ අමාත්‍යවරයා අවධාරණය කරයි.

The post ඇමරිකාවේ ඊනියා “ඉන්දු-පැසිෆික් උපායමාර්ගය” අසාර්ථක වනු ඇතැයි චීන විදේශ අමාත්‍යවරයා කියයි appeared first on ITN News.

Read More »

දකුණු කොරියානු රැකියා ක්‍රමවේදය ගැන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැහැදිලි කරයි  

0 comments

ශ්‍රි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා ලබාදීමේදී අවශ්‍ය තෝරාගැනීම් සිදුකරනු ලබන්නේ කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය මගින් බවත්, ඒ සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කිසිඳු බලපෑමක් සිදුකළ නොහැකි බවත් කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොරියානු රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීම සම්බන්ධයෙන් කාර්යාංශය කඩිනමින් පියවර නොගන්නා බවට පළවු මාධ්‍ය වාර්තාවලට පිළිතුරු වශයෙනි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රන්දෙනිය මහතා,

“දකුණු කොරියාවේ කර්මාන්ත ශාලාවල, ඉදිකිරීම් ක්ෂේත්‍රය හා ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් බඳවාගනු ලබන්නේ වාර්ෂිකව පවත්වන විභාග වලින් ඒ කඩඉම් ලකුණු ලබා සමත්වන පිරිසෙන් වෙනත් පරික්ෂණ පවත්වලා අදාළ සුදුසුකම් ලැබූ අය වෙබ් අඩවියට ඇතුළත් කිරීම මගිනුයි. මෙම සුදුසුකම් සහිත පිරිස වෙබ් අඩවියට ඇතුළත් කළ පසු ඔවුන්ට කොරියාවට පැමිණීමට අවශ්‍ය මූලික ලේඛනය වන, සේවා යෝජකයා ලබා දෙන රැකියා ගිවිසුම කාර්යාංශයට එවනවා. එම ගිවිසුම්වලට අදාළ රැකියා ලාභීන් කාර්යාංශයට කැඳවලා සේවා යෝජකයින් සඳහන් කර ඇති කොන්දේසිවලට ඔවුන් එකග නම් එම ගිවිසුම් අත්සන් කර කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ විශේෂ වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබනවා. 2020 වර්ෂයේදී මේ ආකාරයෙන් ගිවිසුම් 1707ක් අත්සන් කර යොමුකර තිබෙනවා. ඒ වගේම 2021 වර්ෂයේදී 1667ක් කාර්යාංශය අත්සන් කර යොමුකර තිබෙනවා. 2022 වර්ෂයේ මේ දක්වා 2347 දෙනෙකුගේ ගිවිසුම් අත්සන් කර අපි කොරියාවට යවා තිබෙනවා. ඒ අනුව 2020/2021/2022 යන වර්ෂ 3දී අපි 5712 දෙනෙකුගේ ගිවිසුම් කොරියාවට යවා තිබෙනවා.

2020 වර්ෂයේ කිසිඳු කෙනෙක් අපිට කොරියාවට යවන්න බැරි වුනේ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග කිසිදු ශ්‍රමිකයෙක් කොරියාවට ගෙන්වා ගත්තේ නෑ. සම්පූර්ණයෙන්ම රට වසා තිබුණා. ශ්‍රි ලංකාවත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසා දමා තිබුණේ. අපි නැවත කොරියාවට යැවීම ආරම්භ කළේ 2021 වර්ෂයේදී. 2021 වර්ෂයේදී පිටත්ව ගියේ 2019 හා 2020 වර්ෂවල ගිවිසුම් අත්සන් කරලා වීසා සඳහා අවශ්‍ය ලේඛන ලැබුණු පිරිසයි.

පහුගිය දිනවල මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා 1000ක පිරිසක්වත් යවාගන්න බැරිවුණා කියලා. නමුත් 2021 වර්ෂයේදී 1108ක් යවලා තියෙනවා. මේ පිරිස කාර්යාංශය තෝරාගෙන යැවු පිරිසක් නෙවෙයි. කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් තෝරාගෙන අප වෙත නාමලේඛනය එවූ පිරිසක් තමයි මේ. ඒ වගේම 2022 වර්ෂයේ 907 දෙනෙකු පිටත් කර තිබෙනවා. මේ 2108 දෙනාම තෝරා එව්වේ කොරියාවෙන්. ගිවිසුම් අත්සන් කළ තවත් පිරිසක් ඉන්නවා CCVI (Certificate of Conformation Visa Issue – වීසා නිකුත් කිරීමට අදාළ වූ අනුකූලතා සහතිකය) ලේඛන නොලැබුණු. කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව ගිවිසුම් අත්සන් කරපු අයට වීසා ලබාදීම පිළිබඳව සොයා බලා අවශ්‍ය ලේඛන එවනවා. ඒ අය තීරණය කරනවා නම් විතරයි ගිවිසුම් අත්සන් කළත් CCVI (Certificate of Conformation Visa Issue – වීසා නිකුත් කිරීමට අදාළ වූ අනුකූලතා සහතිකය) ලේඛන ලැබෙන්නේ. කාර්යාංශයට බලයක් නෑ ගිවිසුම් අත්සන් කරපු සියල්ලම කොරියාවේ යවන්න.

2021 වර්ෂයේ ගිවිසුම් අත්සන් කල 1667 දෙනෙකු අතුරින් මීට සති දෙකකට පෙර කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය දැනුම්දුන්නා 1428 දෙනෙකුගේ නාම ලේඛනය කොරියාවට එවන්න කියලා. මේ පිරිස 175-200 ත් අතර කණ්ඩායම් වශයෙන් සෑම සතියකම අපි කොරියාවට යවන්න කටයුතු කරනවා. මේ සියළු දෙනා උපරිම වශයෙන් මාස 2ක් දකුණු කොරියාව බලා පිටත්ව යනවා. ඉතිරි පිරිසත් බොහෝ දුරට ජූලි මාසයේ සිට පිටත්වීම් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ගිවිසුම් අත්සන් කරපු අයට CCVI ලේඛන ලැබුණා නම් ඔවුන් පිටත් කිරීම සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් අපිට නෑ. ඒ අනුව සතියට 200 බැගින් මාසයකට 800ක් පමණ කොරියාවට යවන්න පුළුවන්. කිසිඳු අකාර්යක්ෂමතාවකින් තොරව දකුණු කොරියාව කියන පමාවට ශ්‍රි ලාංකිකයින් යවන්න කාර්යාංශය සැදී පැහැදි සිටිනවා.”

The post දකුණු කොරියානු රැකියා ක්‍රමවේදය ගැන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැහැදිලි කරයි appeared first on ITN News.

Read More »

ගල්ෆ් කලාපීය රටකින් පළමුවරට මන්කි පොක්ස් ආසාදිතයෙකු හමුවෙයි  

0 comments

ගල්ෆ් කලාපීය රටකින් පළමුවරට මන්කි පොක්ස් ආසාදිතයෙකු හමුවී තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙලෙස පළමුවරට මන්කි පොක්ස් හෙවත් වඳුරු උණ සහිත රෝගියෙකු හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව චෙක් රාජ්‍ය යෙන් සහ ස්ලෝවේනියාවෙන් ද පළමුවරට මන්කි පොක්ස් ආසාදිතයින් හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව මේ වනවිට මන්කි පොක්ස් ආසාදිතයින් හඳුනාගෙන රටවල් සංඛ්‍යාව 18 ක්. අප්‍රිකාවෙන් පිටත මන්කි පොක්ස් ආසාදිතයින් 237 දෙනෙකු ද වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ.

 

 

 

 

 

The post ගල්ෆ් කලාපීය රටකින් පළමුවරට මන්කි පොක්ස් ආසාදිතයෙකු හමුවෙයි appeared first on ITN News.

Read More »

වාහන තුනක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු ජිවිතක්ෂයට  

0 comments

පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේදී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් හතර දෙනෙකු තුවාල ලැබුවා.

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් පෞද්ගලික බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වුණා. රත්නපුර දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයේ ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ. ලොරි රථයට පසුපසින් පැමිණි ත්‍රීරෝද රථයද පාලනයෙන් ගිලිහී ලොරි රථයේ ගැටී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

The post වාහන තුනක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් 21ක් ජීවිතක්ෂයට  

0 comments

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

දකුණු ටෙක්සාස් ප්‍රදේශයේ ප්‍රාථමික පාසලකයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. මියගිය පිරිස අතරතට කුඩා ළමුන් 19 දෙනෙකු හා වැඩිහිටියන් දෙදෙනෙකු ඇතුළත්. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා තරුණයෙකු වන අතර ඔහු තම මිත්තනියට වෙඩි තබමින් මෙම පිරිස ඝාතනය කිරීම ආරම්භ කර ඇති බව පොලීසිය සදහන් කරනවා.

ඔහු ප්‍රදේශයේ උසස් පාසලක සිසුවෙකු වන බවටයි සැක පළකෙරෙන්නේ. මියගිය වැඩිහිටියන් දෙදෙනාගෙන් අනෙක් පුද්ගලයා පාසලේ ගුරුවරයෙකු බව ද සදහන්.

 

 

 

 

The post ඇමෙරිකාවේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් 21ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

“සමස්ත ජාතිය සමන්විත වන්නේ ජනතාවගෙනි” – Xi Zhongxun මහතා  

0 comments

“ඔබ මහලු වෘෂභයෙකු මෙන් චීන ජනතාව වෙනුවෙන් නිහඬව වැඩ කරමින් සිටින්නෙහිය. එය දිවිහිමියෙන් ජනතා සේවයට කැපවීමට මා තුළ පෙළඹවීමක් ඇතිකළේය”, ෂී ජින් පිං මහතා වරක් උපන්දින සුබ පැතුමක තම පියා වන Xi Zhongxun මහතා පිළිබඳ විස්තර කරන්නේ මේ ආකාරයටයි.Xi Zhongxun මහතා, "ජනතාව අතරින්ම උපන් මහජන නායකයෙකි". හෙතෙම බොහෝ විට කියා සිටියේ, තමා ගොවියෙකුගේ පුතෙකු බවත්, සෑමවිටම තමා වැඩ කරන ජනතාවගේ සාමාජිකයෙකු ලෙස සලකන බවත්ය.

Xi Zhongxun මහතා තම ජීවිතයේ විප්ලවය, ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණවල විවිධ ඓතිහාසික කාල පරිච්ඡේද අත්විඳ ඇත.Xi Zhongxun මහතා ජීවිතයේ ඓතිහාසික මෙහෙවර දෙකක් සම්පූර්ණ කිරීමට සහභාගි විය. පළමුව, Liu
Zhidan මහතා සහ Xie Zichang මහතා සමඟ එක්ව,ඔවුහු Shaanxi-Gansu දේශසීමා විප්ලවවාදී පදනම පිහිටුවා ගත්හ. අනෙක නම් Deng Xiaoping මහතා සහ Ye Jianying මහතාගේ සහයෝගය සහ මධ්‍යම රජයේ සෘජු නායකත්වය යටතේ විශේෂ ආර්ථික කලාප පිහිටුවීමයි.

මෙම ප්‍රධාන ඓතිහාසික මෙහෙවර දෙක “ජනතාව” වටා කේන්ද්‍රගත වූ අතර, පළමුවැන්න ජනතාවගේ විමුක්තිය සහ නිදහස සඳහා වන අතර, දෙවැන්න ජනතාවගේ සමෘද්ධිය සහ සතුට සඳහා ය. චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 50 වැනි සංවත්සරයේදී, Xi Zhongxun මහතා Tiananmen චතුරස්‍රයේ උත්සවය නැරඹුවේය. හෙතෙම හැඟීම්බරව

පැවසුවේ “ජාතිය සමන්විත වන්නේ ජනතාවගෙන් වන අතර ජාතියට වැදගත් වන්නේ ජනතාව යැයි අප කිසි විටෙකත් අමතක නොකළ යුතු” බවයි. ජීවිතය පුරාවටම ජනතාව වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ වැඩිහිටි පරම්පරාවේ විප්ලවවාදීන්ගේ හඬ මේ සරල වදන්වලින් ප්‍රකාශ වේ‍.

ෂී ජින් පිං මහතා ද “ජාතිය සමන්විත වන්නේ ජනතාවගෙන් වන අතර ජාතියට වැදගත් වන්නේ ජනතාව” යනුවෙන් නැවත නැවතත් සඳහන් කර ඇත.සාමාන්‍ය ජනතාවගේ යහපැවැත්ම හඳුනාගෙන,හදවතින්ම ඔවුන්ට සත්කාර කරන්න. සාමාන්‍ය ජනතාවගේ දුක් වේදනා ගැන ගැඹුරින් දන්නා, විශාල බරට නිර්භීතව උර දෙන්න.ජනතාව අතරින් පැමිණ ජනතාව තුළ මුල් බැස ගැනීම කොමියුනිස්ට්වාදීන් වන ෂී ජින් පිං මහතා සහ ඔහුගේ පියා පරම්පරා දෙකක නොසැලෙන මුල් අභිලාෂය විශිෂ්ට ලෙස පිළිබිඹු කරති.

The post “සමස්ත ජාතිය සමන්විත වන්නේ ජනතාවගෙනි” – Xi Zhongxun මහතා appeared first on ITN News.

Read More »

නොරොච්චෝලේ මෙගා වොට් 270 පස්වරුවේ ජාතික පද්ධතියට  

0 comments

දැනට අක්‍රීයව පවතින නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයේ මෙගා වොට් 270 ජාතික පද්ධතියට එක්කිරීමේ කටයුතු අද පස්වරුවේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

ජනන යන්ත්‍රයේ ඇති වූ ලිහිසි තෙල් කාන්දුවක් හේතුවෙන් මෙහි තාක්ෂණික දෝෂයක් හට ගත්තේ මීට දින 20කට පමණ පෙරාතුවයි. කෙසේ වෙතත් නොරොච්චෝලේ බලාගාරය යලි පද්ධතියට එක්කිරීම හරහා විදුලි කප්පාදුව යම්තාක් දුරට සීමා කර ගත හැකි වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විශ්වාසය පළ කරනවා.

The post නොරොච්චෝලේ මෙගා වොට් 270 පස්වරුවේ ජාතික පද්ධතියට appeared first on ITN News.

Read More »

9 වෙනිදා දිවුලපිටිය කැළඹූ කාන්තාව සොයන්න පොලීසිය මහජන සහය පතයි  

0 comments

පසුගිය නව වෙනිදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ සැකකාරියක අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහය පතනවා.

මේ අතර පසුගිය 9 වනදා සිදුවූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් එක්දහස් පන්සිය අනූඑක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

දිවුලපිටිය පොලිස් වසමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යාලයකට පහර දී ගිනි තැබීමේ සිද්ධියකටයි මෙම කාන්තාව අවශ්‍යව ඇත්තේ. මෙම සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ ඡායාරූපවල සිටින කාන්තාව එම කාර්යාලයට පහර දී ගිනි තැබීමට මූලිකත්වය ගෙන ක්‍රියා කරන ආකාරය සටහන්ව තිබෙනවා.

මේ වන විට අදාල කාන්තාව සැගව සිටින බැවින්  ඇය අත්අඩංගුවට ගැනීම සදහා සහය වන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අදාල තොරතුරු 071 859 4949 සහ    071 419 6609 දුරකථන අංකවලට ලබා දිය හැකියි.

 

 

 

 

The post 9 වෙනිදා දිවුලපිටිය කැළඹූ කාන්තාව සොයන්න පොලීසිය මහජන සහය පතයි appeared first on ITN News.

Read More »

සටන්විරාමයට එකඟ නොවන බව යුක්රේන රජය නිවේදනය කරයි  

0 comments

රුසියාව ප්‍රකාශයට පත්කර ඇති සටන්විරාමයට එකග නොවන බව යුක්රේන රජය නිවේදනය කරනවා.

රුසියාව ප්‍රකාශයට පත්කර ඇති සටන්විරාමයට අනුව යුක්රේනයේ ඇතැම් ප්‍රදේශවල පාලන බලය රුසියාවට ලබාදිය යුතු වනවා. ඒ සදහා කිසිසේත් එකගතාව පළනොකරන බවයි යුක්රේන ජනාධිපති වොල්දිමීර් සෙලෙන්ස්කි සදහන් කරන්නේ.

යුද්ධය අවසන් කිරීමට එකම විසදුම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාදාමයක් පමණක් වන බවද ඔහු පවසනවා. ඉදිරියේ දී රුසියාවෙන් එල්ලවන අමානුෂික ප්‍රහාරයන්ට අවශ්‍ය ප්‍රතිචාර දැක්වීමට තම හමුදාව සූදානමින් සිටින බවද ජනාධිපතිවරයා නිවේදනය කරනවා.

 

 

 

The post සටන්විරාමයට එකඟ නොවන බව යුක්රේන රජය නිවේදනය කරයි appeared first on ITN News.

Read More »

තවත් කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීම ඇරඹේ  

0 comments

UPDATE : තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීම ඇරඹේ.


තවත් කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකු අද දිවුරුම් දෙයි ?

තවත් කැබිනට් ඇමතිවරුන්  කිහිපදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සුලු පක්ෂ නියෝජනය කරමින් පිරිසක් මෙලෙස දිවුරුම් දෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

කැබිනට් ඇමැතිවරුන් 13 දෙනකු මේ වන විට දිවුරුම් දී තිබෙනවා. ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළත්ව කැබිනට් මණ්ඩලය මේවන විට 15 දෙනෙකුගෙන් සමන්විතයි‍.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළත්ව සමස්ත කැබිනට් මණ්ඩලය 25 කට පමණ සීමා වනු ඇති බවයි වාර්තා වන්නේ.

The post තවත් කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීම ඇරඹේ appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා ආසාදිතයින් උතුරු කොරියාවෙන්  

0 comments

ගතවූ පැය 24 ට වාර්තා වූ කොරෝනා මරණ 476 ත් සමග ලොව පුරා රටවල් 227 කින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 63 ඉක්මවා ගියා.

ඊයේ දිනයේදී හමුව ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 476,103 ක්.  වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ උතුරුකොරියාවෙන්. එම සංඛ්‍යාව 185,000 කට අධිකයි. ඒ සමගම එරට සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව විසිහය ලක්ෂ හතලිස් දහස ඉක්මවා තිබෙනවා.

එමෙන්ම තායිවානයෙන් 79,000 ක් ඕස්ට්‍රේලියාවෙන් 38,000 ක් ජපානයෙන් 34,000 ක් හා ඇමෙරිකාවෙන් 19,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමගම ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස්දෙකෝටි හැත්තෑ හත්ලක්ෂයකට ආසන්න වනවා.

 

 

 

The post ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා ආසාදිතයින් උතුරු කොරියාවෙන් appeared first on ITN News.

Read More »

21 වන ව්‍යවස්ථා සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට  

0 comments

21 වන ව්‍යවස්ථා සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඒ අනුව අදාළ ව්‍යස්ථා සංශෝධනය තුළින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මැතිවරණවලට ඉදිරිපත්වීමේ අවස්ථාව ද අහිමි වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

 

 

 

 

The post 21 වන ව්‍යවස්ථා සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට appeared first on ITN News.

Read More »

චීනයේ විවෘත භාවය අඛණ්ඩව පුළුල් වෙයි  

0 comments

චීනයේ විවෘත භාවය අඛණ්ඩව පුළුල් වන බව පසුගිය 21 හා 22 දිනවල පැවති APEC  සංවිධානයේ 28වැනි වෙළඳ ඇමති සමුළුවට එක්වෙමින්, චීන වාණිජ අමාත්‍ය Wang Wentao මහතා සඳහන් කළා. ගෝලීය හා කලාපීය ආර්ථිකයේ ස්ථාවර වර්ධනය වෙනුවෙන් චීනය අඛණ්ඩව දායක වෙයි.  APEC විධානයට අයත් විවිධ ආර්ථිකයන් අතර සහයෝගිතා තහවුරු කිරීම චීනයේ අභිමතයයි. එමගින්, ලෝක වෙළඳ සංවිධානයේ 12වැනි ඇමති මට්ටමේ රැස්වීම, නව කොරොනා වසංගතයට සටන්කිරීම, ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණ ඇතුළු තේමාවලින් ප්‍රායෝගික ප්‍රගතියක් අත්කරගැනීම පොදුවේ ඉදිරියට මෙහෙයවීමට චීනය කැමැත්තෙන් සිටින බවද වාණිජ අමාත්‍ය Wang Wentao මහතා එහිදී පැවසීය.

APEC සංවිධානයේ 28වැනි වෙළඳ ඇමති සමුළුව සඳහා, එම සංවිධානයට අයත් අාර්ථිකයන් 21ක වෙළඳ අමාත්‍යවරුන් හෝ නියෝජිතයෝ, කාර්මික හා වාණිජ ක්ෂේත්‍ර නියෝජිතයන් මෙම ලෝක වෙළඳ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීහුද එක්ව සිටියහ.

The post චීනයේ විවෘත භාවය අඛණ්ඩව පුළුල් වෙයි appeared first on ITN News.

Read More »

නීති විරෝධී ලෙස ආනයනය කළ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

නීති විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.

විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මහබාගේ වත්තල ප්‍රදේශයේ වැටලීමක් සිදුකළා. එහිදී අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ රජයේ අවවාද ද සඳහන් කර නොතිබූ බව පොලීසිය සඳහන් කළා. අත්අඩංගුවට ගත් සැකකරු කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු මහබාගේ පොලීසිය වෙත භාරදී තිබෙනවා.

 

 

 

The post නීති විරෝධී ලෙස ආනයනය කළ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

එකම චීනය මූලධර්මය ජගත් ප්‍රජාවේ පොදු අභිප්‍රාය බව චීන විදේශ අමාත්‍යංශය පවසයි  

0 comments

75 වන ලෝක සෞඛ්‍ යසම්මේලනය ලබන 22 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වෙනු ඇත. චීන තායිවාන ප්‍රදේශයට එම සම්මේලනයට සහභාගිවීම සඳහා ආරාධනා ලැබී නොමැත.

මෙවර සම්මේලනයේදී තායිවාන ප්‍රශ්නය පිළිබඳ චීනයේ ස්ථාවරය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා පැවසුවේ තායිවානය චීන භූමයෙන් වෙන්කළ නොහැකි කොටසක් බවයි.

රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව රැක ගැනීම වෙනුවෙන් චීන තායිවාන ප්‍රදේශය මෙවර ලෝක සෞඛ්‍ය සම්මේලනයට සහභාගිවීමට චීනය විරුද්ධවේ. මේ වන විට රටවල් 90ක් පමණ එකම චීනය මූලධර්මය අනුගමනය කිරීම හා තායිවාන ප්‍රදේශය ලෝක සෞඛ්‍ය සම්මේලනයට එක්වීමට විරුද්ධ වන ස්ථාවරය පළකර තිබේ. එකම චීනය මූලධර්මය ජගත් ප්‍රජාවේ පොදු අභිප්‍රාය බව ඉන්පෙන්නුම් කෙරේ.

එම ප්‍රශ්නය මත බහුතර රටවල් සාධාරණ මෙන්ම යුක්ති සහගත ස්ථාවරය දරන බව ඉන් පිළිබිඹුවන බව Wang Wenbin මහතා කියා සිටි‌යේය.

The post එකම චීනය මූලධර්මය ජගත් ප්‍රජාවේ පොදු අභිප්‍රාය බව චීන විදේශ අමාත්‍යංශය පවසයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG