Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙටා සමාගම චීනයේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ජාලයක් ඉවත් කරයි  

0 comments

චීනය පදනම් කරගත් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් දහස් ගණනක ජාලයක් ඉවත් කළ බව මෙටා සමාගම පවසනවා.

ෆේස්බුක් , ඉන්ස්ටර් ග්‍රෑම් සහ වට්ස්ඇප් හි මව් සමාගම වන මෙටා සමගාම මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ නිකුත් කරන ලද ඔවුන්ගේ තෛමාසික වාර්තාවකිනුයි.

තර්ජිත සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් මෙම වාර්තාවෙහි තොරතුරු දක්වා තිබෙනවා.

චීනය පදනම් කරගත් ඉවත් කරන ලද ජාලයට ගිණුම් 4700කට අධික සංඛ්‍යාවක් ඇතුලත්ව තිබෙනවා.

ඇමෙරිකානුවන් ලෙස පෙනී සිටිමින් මෙම ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවයි මෙටා සමාගම පවසන්නේ.

එවැනි ගිණුම් තුළින් ගබ්සාව , සංස්කෘතිකමය වටිනාකම් , යුද ගැටම් සහ යුක්රේනයට පක්ෂපාති වීම වැනි කරුණු පිළිබඳ සමාජ විරෝධී අදහස් ගෙනහැර දැක්වීම හේතුවෙන් එම ගිණුම් ඉවත් කළ බව මෙටා සමාගම පවසනවා.

 

 

 

 

The post මෙටා සමාගම චීනයේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ජාලයක් ඉවත් කරයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ දින 6ක සටන් විරාමය අඛණ්ඩව – ඊශ්‍රායලය  

0 comments

ගාසා තීරයේ දින හයක සටන් විරාමය අඛණ්ඩව පවතින බව ඊශ්‍රායල හමුදා පවසනවා.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යාම සඳහායි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඊයේ දිනයේදී ගාසා තීරයෙන් තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු සහ තායි පුරවැසියන් 4 දෙනෙකු නැවතත් තම භූමියට පැමිණ ඇති බව ඊශ්‍රායලය පවසනවා.

 

 

The post ගාසා තීරයේ දින 6ක සටන් විරාමය අඛණ්ඩව – ඊශ්‍රායලය appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වෙයි  

0 comments

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 100 වැනි වියේ පසු වුණා.

හෙන්රි කිසිංගර් විසින් ආරම්භ කරන ලද දේශපාලන උපදේශන සමාගමක් වන Kissinger Associates සමාගම කිසිංගර්ගේ මරණය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයා කනෙක්ටිකට් හි ඔහුගේ නිවසේදී මිය ගිය බවයි.

ජර්මනියේ උපත ලද කිසින්ජර් චීනය රාජ්‍ය තාන්ත්‍රික විවෘත කිරීම, එක්සත් ජනපද-සෝවියට් අවි පාලන සාකච්ඡා, ඊශ්‍රායලය සහ එහි අරාබි අසල්වැසියන් අතර සබඳතා පුළුල් කිරීම සහ උතුරු වියට්නාමය සමඟ පැරිස් සාම ගිවිසුම් ඇති කර ගැනීම , ඔහු ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් යටතේ රාජ්‍ය තාන්ත්‍රික බලවේගයක් ලෙස දිගටම කටයුතු කළ අතර ඔහුගේ ජීවිත කාලය පුරාම දැඩි අදහස් ඉදිරිපත් කිරීම හේතුවෙන් වඩාත් සාකච්ජාවට බඳුන් වූ චරිතයක් බවට පත්ව සිටියා.

The post ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

Read More »

දුම් පානය සම්බන්ධයෙන් ප්‍රංශ රජය විශේෂ තීරණයක් ගනී  

0 comments

ප්‍රංශ රජය විසින් දුම් පානය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ප්‍රංශ වෙරළ තීරයේ සහ පොදු උද්‍යානවල දුම්පානය තහනම් කරන බවයි.

ඒ සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කර තිබෙනවා.

මෙම තීරණය ප්‍රංශ රජය ගෙන ඇත්තේ වසරකට දුම්කොළ ආශ්‍රිත මරණ 75,000ක් එරට සිදුවන බැවින් එය වැළැක්වීම සඳහා යි.

කෙසේ වෙතත්, එරට රජයේ අරමුණ වී ඇත්තේ 2032 වන විට දුම්කොළවලින් තොර පළමු පරම්පරාව ප්‍රංශය තුළ නිර්මාණය කිරීමයි.

එමෙන්ම එරට සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ  සිගරට් මිල ක්‍රමානුකූලව වැඩි කරන බවයි.

The post දුම් පානය සම්බන්ධයෙන් ප්‍රංශ රජය විශේෂ තීරණයක් ගනී appeared first on ITN News.

Read More »

ජපානයේ ගිනි කන්දක් පිපිරෙයි – ලාවා මුහුදට  

0 comments

ජපානයේ ටෝකියෝ අගනුවරට කිලෝමීටර් 150ක් දකුණින් පිහිටි නයිජිමා දූපත අවට ප්‍රදේශයේ ගිනි කන්දක් පුපුරා යාමෙන් මුහුදට ගිනිකඳු පාෂාණ එකතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ගිනි කන්ද පුපුරා යාමේ අවස්ථාව ජපානයේ වෙරළාරක්ෂක බලකාය පටිගත කර ඇති අතර එම පිපිරීම මීටර් 200 පමණ උසකට පැමිණි බව සඳහන්.

The volcanic island ලෙස හඳුන්වන මෙම ගිනිකඳු දූපත වසර දහයකට පෙර හඳුනාගෙන ඇති අතර ගිනිකඳු දූපත “New Island” ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

The post ජපානයේ ගිනි කන්දක් පිපිරෙයි – ලාවා මුහුදට appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල – හමාස් දෙපාර්ශවය අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවක්  

0 comments

ඊශ්‍රායල හමාස් එකඟතාව යටතේ ඊයේ දිනයේදීත් දෙපාර්ශවය අතර ප්‍රාණ ඇපකරුවන් හා සිරකරුවන් හුවමාරුවක් සිදුවුණා.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමය ඊයේ දිනයේ අවසන් වීමට නියමිතව තිබු අතර තවත් දින දෙකක කාලයක් සඳහා එය දීර්ඝ කෙරුණා.

ඊයේ දිනයේ දී හමාස් සංවිධානය භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 12 දෙනෙකු නිදහස් කෙරුණු අතර ඒ අතරට තායි ජාතිකයින් දෙදෙනෙකු ද ඇතුලත්.

එමෙන්ම ඊශ්‍රායලය සිරගත කර සිටි පලස්තීන ජාතිකයින් 30 දෙනෙකු ද නිදහස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ඊශ්‍රායලය නිදහස් කළ පලස්තීන සිකරුවන් සංඛ්‍යාව 150 ඉක්මවා ගියා.

 

 

 

 

The post ඊශ්‍රායල – හමාස් දෙපාර්ශවය අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවක් appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ උමගක් තුළ සිරව සිටි සේවකයින් සියලු දෙනා බේරා ගැනේ  

0 comments

ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ සිල්ක්‍යාරා උමං මාර්ගය කඩා වැටීමෙන් ඒ තුළ සිරව සිටි සේවකයින් සියලුදෙනා ඊයේ රාත්‍රීය වන විට බේරා ගැනීමට සමත්වූ  බව උත්තරකාන්ද් මහා ඇමතිවරයා පවසනවා.

උමග තුළ සිරවී සිටි සේවකයින් බේරා ගැනුනේ ඔවුන් ඒ තුළ සිර වී  දින 17කට පසවුයි.

පසුගිය කාලය පුරා ඔවුන් බේරා ගැනීමට දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.

ඒ සඳහා නවීන තාක්ෂණය හා ක්‍රමවේද යොදාගත් අතර ඊයේ සනධ්‍යා භාගය වන විට ඔවුන් සිරව සිටි ස්ථානය වෙත අඩි දෙකක් පළල නළයක් යොමුකිරීමට සහන කණ්ඩායම් සමත්වුණා.

උමග තුළ සිරව සිටි සියලු සේවකයින් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

 

 

The post ඉන්දියාවේ උමගක් තුළ සිරව සිටි සේවකයින් සියලු දෙනා බේරා ගැනේ appeared first on ITN News.

Read More »

අධික හිම පතනය නිසා වුණු දේ  

0 comments

අධික හිම පතනය හේතුවෙන් යුක්රේනයේ ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණහිට තිබෙනවා.

අධික හිම පතනය හා සුළං හේතුවෙන් යුක්රේනයේ නගර හා ගම් 2000කට අධික සංඛ්‍යාවක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවයි වර්තා වන්නේ.
මෝටර් රථ තුළ සිරව සිටි කුඩා දරුවන් ඇතුලු 48 දෙනෙකු මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්වී තිබෙනවා.

අධිවේගී මාර්ග 14ක් පමණ සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මෝටර් රථ 800කට අධික සංඛ්‍යාවක් ආපසු හරවා යවා ඇති අතර භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ 1400කට ආසන්න සංඛ්‍යාවක් හිම කුණාටුවට මැදිව තිබෙනවා.

මෝල්ඩෝවා රාජ්‍යය / රුසියා / ජෝජියාව හා බල්ගේරියාවට හිම කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති බව ද සඳහන්.

මේ අතර රුසියා පාලනයේ පවතින ක්‍රයිමියා ප්‍රදේශයේ ලක්ෂ 5ක පමණ පිරිසකට විදුලි බලය නොමැති අතර පුද්ගලයින් 3න් දෙනෙකු ජිවිත්කෂයට පත්ව ඇති බව සදහන්.

 

The post අධික හිම පතනය නිසා වුණු දේ appeared first on ITN News.

Read More »

පලස්තීන වැසියන් ස්ථීර සටන් විරාමයක් ඉල්ලයි  

0 comments

තමන්ට ස්ථීර සටන් විරාමයක් අවශ්‍ය බව පලස්තීන වැසියන් සඳහන් කරනවා.

සටන් විරාමය දින දෙකක කාලයකින් දීර්ඝ කිරීමත් සමගයි ගාසා තීරයේ අවතැන්ව සිටින පලස්තීන වැසියන් මේ බව පවසන්නේ.

දින 4ක සටන් විරාම කාලය අදින් අවසන්වීමට තිබු අතර ඊශ්‍රායල පලස්තීන එකඟතාවයෙන් එය තවත් දින දෙකක කාලයක් සදහා දීර්ඝ කළ බව සටන් විරාමයේ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන කටාර් රාජ්‍ය නිවේදනය කරනවා.

ඒ සමගම ගාසා තීරයට අවශ්‍ය මානූෂිය ආධාර තවදුරටත් ලබාදීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි මානව හිමිකම් සංවිධාන මත පළ කරන්නේ.

මිලියන 2.3කට අධික පිරිසක් ගැටුම් හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින අතර පසුගිය ඔක්තෝබර් 7 වන දින සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 15000කට ආසන්න සංඛ්‍යාවක් ජිවිත්කෂයට පත්වුණා.

ඒ අතරින් 5000කට වැඩි පිරිසක් කුඩා දරුවන් බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

The post පලස්තීන වැසියන් ස්ථීර සටන් විරාමයක් ඉල්ලයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය තවත් දින 2 කින් දීර්ඝ කෙරේ  

0 comments

ඊශ්‍රායල හමාස් එකඟතාවය යටතේ හතරවන වරටත් සිරකරුවන් හා ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවක් සිදුකර තිබෙනවා.

එකඟතාවය යටතේ ඊශ්‍රායල භාරයේ සිටි සිරකරුවන් 33 දෙනෙකු හා හමාස් භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 11 දෙනෙකු නිදහස් කර ඇති බවයි බීබීසී පුවත් සේවය නිවේදනය කරන්නේ.

එමෙන්ම හුවමාරුව සදහා සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කර ඇති බව ද වාර්තා වනවා.

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 11 දෙනා අතරට තුන් හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනෙකු ද ඇතුලත්. ඒ සමගම හාමස් සංවිධානය නිදහස් කළ සමස්ත ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 50කට වැඩි බවයි ඊශ්‍රායලය සදහන් කරන්නේ.

එමෙන්ම ඊශ්‍රායල සිර භාරයේ සිටි පලස්තීන කුඩා දරුවන් 30 දෙනෙකු හා කාන්තාවන් 3න් දෙනෙකු නිදහස් කිරීමට පියවර ගැනුනා.

 

 

 

 

 

The post ඊශ්‍රායල – හමාස් සටන් විරාමය තවත් දින 2 කින් දීර්ඝ කෙරේ appeared first on ITN News.

Read More »

ප්‍රාණ ඇපයට ගත් සිව් හැවිරිදි දැරිය මුදා හරී  

0 comments

හමාස් සටන්කාමීන් විසින් ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට සිදු කළ ප්‍රහාරයෙන් පසුව හමාස් ක්‍රියාකාරීන් විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි ඊශ්‍රායල-ඇමරිකානු දැරියක් ඊයේ(26) මුදා හැර තිබෙනවා.

ඉරිදා මුදා හරින ලද ප්‍රාණ ඇපකරුවන් 17 දෙනා අතර මේ කුඩා අවිගේල් ඉඩන් දැරිය ද වූ බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.

හමාස් සටන්කාමීන් විසින් ඇගේ දෙමාපියන්ට ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කරන ලද ඇගේ නිවසින් මේ කුඩා දැරියව ප්‍රාණ ඇපයට ගන්නා විට අවිගේල් ට වයස අවුරුදු තුනයි..

හමාස් විසින් ප්‍රාණ ඇපයට තබාගෙන සිටියදී ඇයට වයස අවුරුදු හතරක් සම්පූර්ණ වූ බවද සඳහන්

අවිගේල් ඔක්තෝබර් 7වැනිදා ඇගේ පවුලේ අය සමඟ සිටින විට හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලදී ඇගේ දෙමාපියන් මිය ගොස් තිබෙනවා.

ඇගේ සහෝදර සහෝදරියන් දෙදෙනා සැඟවී සිටි අතර පසුව ඔවුන්ව බේරාගෙන ඇති බව සඳහන්.

ඇය දිවි ගලවා ගෙන ඇගේ අසල්වැසි නිවසකට ඇවිද යන විට හමාස් විසින් ඇයව පැහැරගෙන ගොස් තිබුණා

The post ප්‍රාණ ඇපයට ගත් සිව් හැවිරිදි දැරිය මුදා හරී appeared first on ITN News.

Read More »

ලොව විශාලතම ගල් අඟුරු අපනයන වරායේදී 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට  

0 comments

ලොව විශාලතම ගල් අඟුරු අපනයන වරායේදී 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ විරෝධතාවක් හේතුවෙන් .

ලොව විශාලතම ගල් අඟුරු වරායේ කටයුතු වලට බාධා වන අයුරින් දින දෙකක් එය අවහිර කළ 109 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දේශගුණික විපර්යාස වලට විරෝධය  දැක්වීම සඳහා ඕස්ට්‍රේලියාවේ නිව්කාසල් වරායේ නැව් මංතීරුව අවහිර වන ලෙස සිය ගණනක් පරිසර ක්‍රියාකාරීන් පිහිනමින් කටයුතු කළා.

මෙම බාධා කිරීම් හේතුවෙන් ගල් අඟුරු ටොන් මිලියන භාගයකට වඩා රටින් පිටවීම වැළැකී ගිය බවයි ඕස්ට්‍රේලියා බලධාරීන් පවසන්නේ.

ඕස්ට්‍රේලියාව ලොව දෙවන විශාලතම ගල් අඟුරු අපනයනකරු වන අතර විදුලි අවශ්‍යතා සඳහා පොසිල ඉන්ධන ලෙස ගල් අඟුරු බහුලව යොදා ගනු ලබනවා.

සිඩ්නි සිට දළ වශයෙන්  කිලෝ මීටර 170ක් පමණ දුරින් පිහිටා ඇති නිව්කාසල් වරාය ගල් අඟුරු නැව්ගත කිරීම සඳහා රටේ වැදගත්ම පර්යන්තයයි.

3000 කට අධික පිරිසක් විරෝධතාවට එක්ව සිටියා.

 

 

 

 

 

The post ලොව විශාලතම ගල් අඟුරු අපනයන වරායේදී 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක් අසළ වෙඩි තැබීමක්  

0 comments

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක් අසළ දී පලස්තීන සිසුන් තිදෙනෙකුට වෙඩි තබා තිබෙනවා.

හිෂාම් අවර්තානි,  තහ්සීන් අහමඩ් හා කින්නාන් අබ්දල්හාමිඩ් යන සිසුන් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වුණා. ඔවුන් අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන අතර අනෙක් දෙදෙනාගේ තත්ත්වය යහපත් බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

පලස්තීන සිසුන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ වෙඩි ප්‍රහාරය ජාතිවාදය මුල්කර ගනිමින් සිදුකරන ලද්දක් ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදුකෙරෙනවා.

බර්ලින්ටන් නගරයේ වර්මොන්ට් විශ්වවිද්‍යාලය අසළදීයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

 

 

 

 

 

The post ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක් අසළ වෙඩි තැබීමක් appeared first on ITN News.

Read More »

තායිවානයේ භූමි කම්පනයක්  

0 comments

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 5.4 ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා.

තායිපේ අගනුවර ගොඩනැගිලි කිහිපයක් සෙලවූ නමුත් හානියක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

තායිවානය භූමිකම්පාවලට ගොදුරු වන භූ තැටි දෙකක් අසල පිහිටා ඇති නිසා නිරන්තර අවධානමකට ලක්වන රටක්.

2016 දී දකුණු තායිවානයේ ඇති වූ භූමිකම්පාවකින් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව සඳහන්ග.

 

 

The post තායිවානයේ භූමි කම්පනයක් appeared first on ITN News.

Read More »

ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වෙයි  

0 comments

ඇන්ටාක්ටිකාවේ මුහුදු පත්ලේ තිබු ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වී තිබෙනවා

මෙම අයිස් කුට්ටිය දශක ගණනාවකට පසු මෙලෙස චලනය වීම ආරම්භ වී ඇති අතර බ්‍රිතාන්‍යයේ අගනුවර මෙන් දෙගුණයකටත් වඩා මෙය විශාල බවයි සඳහන් වන්නේ.

1986 දී Filchner-Ronne අයිස් තට්ටුවෙන් කැඩී ගොස් මෙම විශාල අයිස් කුට්ටිය ඇන්ටාක්ටික් හි වෙඩෙල් මුහුදු පත්ලේ තැන්පත් වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ඇන්ටාක්ටික් හි විද්‍යාඥයන් වන Ella Gilbert සහ Oliver Marsh අවධාරණය කරන්නේ,දශක තුනකට පමණ පසු අයිස් තට්ටුවේ ස්වභාවික වර්ධන චක්‍රයේ කොටසක් ලෙස මුහුදු පත්ලේ ග්‍රහණය නැතිවන තරමට අයිස් කුට්ටිය දියවී ගොස් ඇති අතර දැන් එය චලනය වීමට පටන් ගෙන ඇති බවයි.

The post ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වෙයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකුට නිදහස  

0 comments

හමාස් සංවිධානය රඳවාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු නිදහස් කරගෙන තබෙනවා.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මැදිහත් වීමෙනුයි ඔවුන් මෙසේ නිදහස් කර ගැනීමට හැකිවී තිබෙන්නේ.

එම පිරිස ගාසා තීරයේ සිට ඊජිප්තුවට රැගෙන ආ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කුඩා දරුවන් හා වයස්ගත කාන්තාවන්ද මෙම පිරිසට අයත්.

මෙසේ ඊජිප්තුවට රැගෙන ආ ප්‍රාණ ඇපකරුවන් පිරිස ඊශ්‍රායලයට රැගෙන ඒමට හැකි වී තිබෙනවා.

ඊශ්‍රායලය ද බටහිර ඉවුරේ බෙයිටූනියා මුරපොල හරහා පලස්තීන රැදවූවන් 39 දෙනෙකු නිදහස් කළා.

තායි ජාතිකයන් දස දෙනෙකු මෙන්ම පිලිපීන ජාතිකයෙකු ද හමාස් සංවිධානය නිදහස් කර තිබෙනවා.

කටාර් රාජ්‍යයේ මැදිහත් වීම මතයි ඔවුන් මෙසේ නිදහස් කෙරුණේ.

 

 

 

 

 

The post ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකුට නිදහස appeared first on ITN News.

Read More »

හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් පිරිසක් රතු කුරුස සංවිධානයට බාර දෙයි  

0 comments

ඊශ්‍රායලයෙන් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් හමාස් සංවිධානය විසින් ගාසාහි දී රතු කුරුස සංවිධානයට බාර දී තිබෙනවා.

ඊට පෙර හමාස් සංවිධානය විසින් තායි ජාතිකයන් 12 දෙනෙකු නිදහස් කළා.

ගාසාහි දී ඊශ්‍රායල ජාතික ළමුන් සහ කාන්තාවන් 13 දෙනෙක් නිදහස් කර ඇති අතර, ඔවුන් රෆා පිවිසුම ඔස්සේ ඊජිප්තුවට රැගෙන යාමට නියමිතයි.

පසුව ඔවුන්ව ඊශ්‍රායල බලධාරීන්ට බාරදීමට නියමිත බවයි දැක්වෙන්නේ.

The post හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් පිරිසක් රතු කුරුස සංවිධානයට බාර දෙයි appeared first on ITN News.

Read More »

උමගේ සිරවුණු කම්කරුවන්ගේ ඉරණම කෙසේ විසඳෙයිද?  

0 comments

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක සිර වී සිටින කම්කරුවන් 41ක් දෙනා බේරා ගැනීමේ කටයුතු යළිත් ප්‍රමාද වී තිබෙනවා.

විදුම් යන්ත්‍රයේ ඇති වු ගැටලුවක් හේතුවෙනුයි මෙම කම්කරුවන් බේරා ගැනීම යළිත් වරක් ප්‍රමාද වී ඇත්තේ.

යන්ත්‍රය අලුත්වැඩියා කෙරෙමින් පවතින අතර කඩිනමින් මෙහෙයුම් යළි ආරම්භ කිරීමට හැකිවනු ඇති බවටයි විශ්වාසය පළ කර ඇත්තේ.

ඊයේ දින කියා සිටියේ ඉදිරි පැය 10ත් / 12ත් අතර කාලය තුළ උමගේ සිරවී සිටින සිටින කම්කරුවන් 41 දෙනා බේරා ගත හැකි බවයි.

සති දෙකකට ආසන්න කාලයක් ඔවුන් මෙම උමගේ සිරව සිටිනවා.

ඉදිකෙරෙමින් තිබු උමං මාර්ගය තුළ නාය යාමක් හේතුවෙනුයි කම්කරුවන් එහි සිර වුයේ.

The post උමගේ සිරවුණු කම්කරුවන්ගේ ඉරණම කෙසේ විසඳෙයිද? appeared first on ITN News.

Read More »

සටන් විරාමය ඇරඹෙයි – වෙඩි හඬ නෑසී යයි  

0 comments

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාමය ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඊශ්‍රායල වේලාවෙන් උදෑසන 7ට එම සටන් විරාමය ආරම්භ වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේවෙතත් දෙපාර්ශ්වයම පවසන්නේ එම විරාමය තාවකාලික බවයි.

ගෙවී ගිය මිනිත්තු විස්සක කාලය තුළ වෙඩි හඬක් නොඇසුණු බවද සඳහන්.

කටාරය මැදිහත් වී ඇති ගනුදෙනුව යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු අද දින පසුව නිදහස් කිරීමට නියමිත අතර දින හතරක් තුළ 50 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බව සඳහන්.

ගිවිසුමේ කොටසක් ලෙස ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 150 දෙනෙකු නිදහස් කරනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විරාමය ක්‍රියාත්මක වීමට මොහොතකට පෙර කුඩා අවි සහ මෝටාර් ප්‍රහාරයක් මෙන්ම ගුවන් ප්‍රහාරයක් ද ගාසා තීරය ආසන්නයේ බීබීසී වාර්තාකරුවෙකුට අසන්නට ලැබුණු බවද දක්වා තිබෙනවා

The post සටන් විරාමය ඇරඹෙයි – වෙඩි හඬ නෑසී යයි appeared first on ITN News.

Read More »

පාකිස්තානය වීසා බලපත්‍ර නොමැති සරණාගතයින්ගෙන් ඩොලර් 830ක් අය කරයි  

0 comments

වීසා බලපත්‍ර ආදී රටින් පිටවීමට අවශ්‍ය ලියකියවිලි නොමැති සරණාගතයින්ගෙන් ඩොලර් 830 ක ගාස්තුවක් අය කරන බව පාකිස්තානය පවසනවා.

වීසා නොමැතිව පැමිණි අය රටින් පිටවීමට මෙම ගාස්තුව ගෙවිය යුතු බවයි පාකිස්තාන රජය අවධාරණය කර ඇත්තේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ දි පාකිස්තානය නිවේදනය කළේ වීසා නොමැති විදේශිකයන් ලක්ෂ දාහතක් පමණ තම රට තුළ සිටින බවයි.

නොවැම්බර් පළමුවනදා පෙර ඔවුන් රටින් පිටව යන්නේ නැතිනම් පිටුවහල් කරන බවද ප්‍රකාශ කළා.

2021 වසරේ දී ඇෆ්ගනිස්ථානයේ බලය තලෙයිබාන් යටතට පත්වීමත් සමඟ එරටින් පළාගිය ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පාකිස්තානයට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් නැවත ඇෆ්ගනිස්ථානයට යන ඕනෑම අයෙකුට පිටවීමේ ගාස්තුව අදාළ නොවන බවයි පාකිස්තානය පවසා ඇත්තේ.

 

The post පාකිස්තානය වීසා බලපත්‍ර නොමැති සරණාගතයින්ගෙන් ඩොලර් 830ක් අය කරයි appeared first on ITN News.

Read More »

අයර්ලන්තයේ ඩබ්ලින් අගනුවර ගැටුම් හේතුවෙන් පොදු ප්‍රවාහනයට බාධා  

0 comments

අයර්ලන්තයේ ඩබ්ලින් අගනුවර සිදුවු තියුණු ආයුධ ප්‍රහාරයකින් 4 දෙනෙකු තුවාල ලැබීමත් සමඟ ගැටුම් හටගෙන ඇති බව වාර්තා වනවා.

කැරළිකරුවන් නගරය පුරා විසිර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගැටුම් ඇති වීමත් සමඟ වාහන රැසකට ගිනි තබා ඇති බව වාර්තා වනවා.

අන්ත දක්ෂිණාංශික මතවාදය විසින් මෙහෙයවනු ලබන උන්මත්තක දාමරික කණ්ඩායමක් මෙම ගැටුම් මෙහෙයවන බව අයර්ලන්ත පොලිස් ප්‍රධානියා පවසනවා.

ඒ අතර අයර්ලන්ත ජනාධිපතිවරයා පවසන්නේ න්‍යාය පත්‍රයක් සහිත කණ්ඩායම් විසින් එය සිදුකරන ලද්දක් බවයි.

අයර්ලන්ත අගනුවර ඇතැම් ප්‍රදේශවල පොදු ප්‍රවාහනය අඩාල වී ඇති බව ද වාර්තා වනවා.

 

 

 

 

The post අයර්ලන්තයේ ඩබ්ලින් අගනුවර ගැටුම් හේතුවෙන් පොදු ප්‍රවාහනයට බාධා appeared first on ITN News.

Read More »

ද.කොරියාව – උ.කොරියාව සමඟ ඇති කරගත් යුද ගිවිසුම සම්පූර්ණයෙන්ම අත්හිටුවයි  

0 comments

දකුණු කොරියාව උතුරු කොරියාව සමඟ ඇතිකරගත් යුද ගිවිසුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා.

වසර පහක් පැරණි ගිවිසුමක් මෙසේ අත්හිටුවා තිබෙනවා.

පසුගිය අඟහරුවාදා උතුරු කොරියාව ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශගත කළා.

මීට ප්‍රතිචාර දක්වමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

දේශ සිමා නිරීක්ෂණය සඳහා යයි පවසමින් උතුරු කොරියාව මලිග්යෝන්ග් එක චන්ද්‍රිකාව කක්ෂගත කළා.

මෙම පියවර යටතේ දකුණු කොරියාවද දේශ සිමා නිරීක්ෂණය අරඹා තිබෙනවා.

දකුණු කොරියාව පවසන්නේ  2018 දී විස්තීර්ණ මිලිටරි ගිවිසුම යටතේ ස්ථාපිත කරන ලද පියාසර තහනම් කලාපයක් උල්ලංඝනය කිරීම මෙම චන්ද්‍රිකා කක්ෂගත කිරීම හරහා සිදු වන බවයි.

 

 

 

 

 

 

The post ද.කොරියාව – උ.කොරියාව සමඟ ඇති කරගත් යුද ගිවිසුම සම්පූර්ණයෙන්ම අත්හිටුවයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකා – කැනඩා දේශ සීමා මුරපොල ආසන්නයේ පිපිරීමක්  

0 comments

නයගරා දියඇල්ල ආසන්නයේ පිපිරීමක් සිදුව තිබෙනවා.

පිපිරීම සිදුව ඇත්තේ  අමෙරිකා – කැනඩා දේශ සීමා මුරපොල ආසන්නයේ  මෝටර් රථයක් තුළයි.

පිපිරීමෙන් එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

පිපිරීම හේතුවෙන් අමෙරිකා – කැනඩා දේශ සීමා තාවකාලිකව වසා දමා තිබෙනවා.

කෙසේ වෙතත් පිපිරීම සිදු වුයේ කුමන හේතුවක් මතද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

The post ඇමෙරිකා – කැනඩා දේශ සීමා මුරපොල ආසන්නයේ පිපිරීමක් appeared first on ITN News.

Read More »

දත් 38ක් ඇති කල්පනා ගිනස් වාර්තාවක් තබයි  

0 comments

ඉන්දියාවේ 26 හැවිරිදි කටේ දත් 38ක් සහිත කාන්තාවක් ගිනස් වාර්තාවක් තබා තිබෙනවා.

Kalpana Bala නමැති ඇය සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකුට ඇති දත් සංඛ්‍යාවට වඩා 6ක් පිහිටා තිබෙනවා.

එමෙන්ම ගැහැණු ළමයෙකුගේ මුඛයේ වැඩිම දත් සංඛ්‍යාවක් තිබීමේ වාර්තාවට ද ඇය හිමිකම් ලබයි.

ඇයට පහළ හකු දත් හතරක් සහ ඉහළ හකු දත් දෙකක් වැඩියෙන් පිහිටා තිබෙනවා.

නව යොවුන් වියේ දී Kalpanaගේ අමතර දත් ටිකෙන් ටික මතුවෙමින් එකින් එක වැඩෙන්නට වු අතර වැඩිපුර ඇති දත් නිසා ඇයට කිසිදු වේදනාවක් අත්විඳ  නොතිබුණි.

ඇය පැවසුවේ ආහාර බොහෝ විට දත් අතර සිර වී ඇති බැවින් ආහාර ගැනීමේ දී ඇය අභියෝගවලට මුහුණ දුන් බවයි.

මේ අතර ඇයගේ දෙමාපියන් කියා ඇත්තේ අතිරේක පිහිටා ඇති දත් ගැන දැනගත් පසුව එම දත් ඉවත් කරන ලෙසයි.

නමුත් ඇයගේ දන්ත වෛද්‍යවරයා ඇයට යෝජනා කර ඇත්තේ දත් පහසුවෙන් ඉවත් කළ නොහැකි නිසා ඒවා වර්ධනය වන තුරු රැඳී සිටින ලෙසයි.

නමුත් එයට ඇය බිය වූ නිසා දත් සම්පූර්ණයෙන් වැඩුණු පසුව පවා තබා ගැනීමට ඇය තීරණය කර තිබෙනවා.

මෙම කාණ්ඩය යටතේ පිරිමි වාර්තා දරන්නා කැනඩාවේ Evano Mellone නැමති පුද්ගලයෙක්.

ඔහු වාර්තා තබා ඇත්තේ මුළු දත් 41 ක් සහිතවයි.

කෙසේ වෙතත්, ලෝක ජනගහනයෙන් 3.8% කට අධි සංඛ්‍යාත්මක දත් පිහිටන බවයි වාර්තා වන්නේ.

The post දත් 38ක් ඇති කල්පනා ගිනස් වාර්තාවක් තබයි appeared first on ITN News.

Read More »

නෙදර්ලන්ත මහ මැතිවරණය අද  

0 comments

නෙදර්ලන්ත මහ මැතිවරණය අද පැවැත්වෙනවා.

නෙදර්ලන්ත මහ මැතිවරණයේ දී පක්ෂ 4ක් අතර කරටකර තරගයක් පවතින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

කෙසේ වුවද මධ්‍ය දක්ෂිණාංශික පක්ෂය මහ මැතිවරණයෙන් ජයග්‍රහනය කරනු ඇති බවට මත පළවන අතර එසේ වුවහොත් එහි නායිකාව එරට පළමු අග්‍රාමාත්‍යවරිය බවට පත්වනු ඇති.

පක්ෂ 26ක් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර මිලියන 13කට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

ආසන 150කින් සමන්විත නෙදර්ලන්ත පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට කිසිදු පක්ෂයක් සමත් නොවුණු ඇති බවටද අනාවැකි පළවනවා.

The post නෙදර්ලන්ත මහ මැතිවරණය අද appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව චන්ද්‍රිකාවක් කක්ෂ ගත කරයි  

0 comments

උතුරු කොරියාව චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂ ගතකළ බව නිවේදනය කරනවා.

හමුදා මෙහෙයුම් සඳහා අවශ්‍ය දත්ත ලබා ගැනීමට මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කෙරුණු අතර මීට පෙර දෙවතාවක් එම කක්ෂ ගත කිරීම අසාර්ථක වුණා.

ඊයේ රාත්‍රියේදී කක්ෂ ගත කෙරුණු මෙම චන්ද්‍රිකාව නම්කර ඇත්තේ මැලගියොන් වන් ලෙසයි.

චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමේ අවස්ථාවට උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් සහභාගිවී සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වුවද චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීම ජගත් සංවිධානයේ සම්බාධක කඩ කිරීමක් බව ඇමෙරිකාව නිවේදනය කරනවා.

 

 

 

The post උතුරු කොරියාව චන්ද්‍රිකාවක් කක්ෂ ගත කරයි appeared first on ITN News.

Read More »

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය  

0 comments

සටන් විරාම කාලයේ දී ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමඟ ගිවිසුමකට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය හිමිවුණා.

දින 4ක සටන්විරාම කාලය තුළ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගන්නා බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

මෙම ගණුදෙනුව යටතේ සෑම අමතර ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකුම නිදහස් කිරීම සඳහා සටන්විරාමය එක්දිනකින් දීර්ඝ කිරීමට නියමිතයි.

අද අළුයම දක්වා පැවති දීර්ඝ රැස්වීමකින් පසු මෙම ගණුදෙනුව ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

රැස්වීමට පෙර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ ප්‍රාණ ඇපකරුවන් ගිවිසුමක් ඇති කර ගත්තා ද යුද ප්‍රයත්නය අඛන්ඩව පවතිනු ඇති බවයි.

 

 

 

 

The post ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට වුණු දේ ( VIDEO)  

0 comments

ඊශ්‍රායල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් යේමනයේ හුදි කැරලිකරුවන් තම ග්‍රහණයට ගත් අතර ඊට අදාළ දර්ශන අද මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

ඊශ්‍රායලට අයත් මෙම නෞකාව රතු මුහුදේදී පැහැරගත් බවයි හුදි කැරලිකරුවන් නිවේදනය කරන්නේ.

නෞකාව පැහැර ගැනීමත් සමග ඊශ්‍රායල / ගාසා යුද ගැටුම් කලාපය පුරා ව්‍යාප්ත වන ආකාරය පිළිඹිබු වන බව යුද විශ්ලේෂකයින් පවසනවා.

හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයන්ට ප්‍රතිචාරයක් ලෙස තමන් මෙම නෞකාව ග්‍රහණයට ගත් බවයි හුදි කැරලිකරුවන් සදහන් කරන්නේ.

තුර්කියේ සිට ඉන්දියාව බලා එම නෞකාව ගමන් කරමින් සිටියදීයි එය පැහැර ගැනුනු අතර එම අවස්ථාවේදී 25 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් එහි සිට තිබෙනවා.

The post ඊශ්‍රායල භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට වුණු දේ ( VIDEO) appeared first on ITN News.

Read More »

උමගේ සිරවී සිටින ඉන්දීය කම්කරුවන්ගේ වීඩියෝවක් නිකුත්වෙයි ( VIDEO)  

0 comments

ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටි කම්කරුවන් 41 දෙනාගේ දර්ශන පළමු වරට කැමරාවක සටහන් වී තිබෙනවා.

ඒ දින නවයකට පසුවයි

උමග තුළට විදින ලද නව නලයක් හරහා යැවූ endoscopic කැමරාවක් භාවිතයෙන් වීඩියෝව රූගත කර ඇති බවයි සඳහන් වන්නේ

නොවැම්බර් 12 වැනිදා ඉන්දියාවේ උත්තරකන්ද් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින උමං මාර්ගය නාය යෑමකින් පසු කඩා වැටුණා.

The post උමගේ සිරවී සිටින ඉන්දීය කම්කරුවන්ගේ වීඩියෝවක් නිකුත්වෙයි ( VIDEO) appeared first on ITN News.

Read More »

ඉතාලියේ මාෆියා නඩු විභාගයකදී 200කට වැඩි පිරිසකට වසර 2,200ක සිර දඬුවම්  

0 comments

ඉතාලියේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ මාෆියා නඩු විභාගයක විත්තිකරුවන් 200කට වැඩි පිරිසකට වසර 2200කට අධික සිර දඩුවම් නියම කර තිබෙනවා.

කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි අපරාධ සදහායි මෙම දඩුවම් නියම වී ඇත්තේ.

වසර 3ක නඩු විභාගයකින් අනතුරුව ඔවුන්ට මෙම දඩුවම් නියම කර තිබෙනවා.

මේ තුළින් දකුණු ඉතාලියේ දේශපාලනය සහ මැර කණ්ඩායම් අතර සබදතා මෙන්ම ප්‍රා දේශීය නිලධාරීන් ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ පිරිසක් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවයි එමගින් හෙළිවුණේ.

හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනිගේ පක්ෂයේ නීතීඥයෙකු සහ හිටපු සෙනෙට් සභිකයෙකුද දඩුවම් නියම වූවන් අතර සිටීම විශේෂත්වයක්. වැරදිකරුවන් වූ අනෙක් අය අතර සිවිල් සේවකයන්, වෘත්තිකයන් සහ ඉහළ පෙළේ නිලධාරීන් ද සිටින බවයි ඉතාලි වාර්තා සදහන් කරන්නේ.

විත්තිකරුවන් 100 කට වැඩි පිරිසක් මෙහිදී නිදහස් කර තිබෙනවා.

 

 

 

 

 

 

The post ඉතාලියේ මාෆියා නඩු විභාගයකදී 200කට වැඩි පිරිසකට වසර 2,200ක සිර දඬුවම් appeared first on ITN News.

Read More »

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ගැන හමාස් සංවිධානය ගිවිසුමකට එතැයි බලාපොරොත්තුවක්  

0 comments

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ඉතා ඉක්මනින් නිදහස් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට ඇමෙරිකා ජනාධිපතිවරයා විශ්වාසය පළකරනවා.

ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර අත්හිටවුවහොත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය හැකි බවයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සදහන් කරන්නේ.

ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරියෙකු හමාස් නායකත්වය සමග ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට ද නියමිතව තිබෙනවා.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ දී ඊට අවශ්‍ය පහසුකම් සැපයීමට රතුකුරුස සංවිධානය මැදිහත්වන බවයි වාර්තා වන්නේ.

මේ අතර ගාසා රෝහල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන් එල්ල කරන බවට ඊශ්‍රායල ආරක්ෂක අංශවලට චෝදනා එල්ලවනවා. පසුගිය ඔක්තෝබර් 7 වනදා ආරම්භ ගැටුම් වලින් මේ දක්වා ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 13,300කට අධිකයි.

ඒ අතුරින් 5,000කට අධික පිරිසක් කුඩා දරුවන් වන බවද සදහන්.

 

 

 

 

The post ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ගැන හමාස් සංවිධානය ගිවිසුමකට එතැයි බලාපොරොත්තුවක් appeared first on ITN News.

Read More »

එමිරේට්ස් ගුවන් සමාගම ඩුබායි සිට ටෙල්අවිව් දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි  

0 comments

ඊශ්‍රායලයේ ටෙල්අවිව් අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත ඩුබායි සිට පැමිණෙන එමිරේට්ස් (Emiraes AIR Lines) නැවත දන්වනතුරු අත්හිටවන බව දනුම් දී තිබෙනවා.

ඒ අනුව ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාව බලා ගමන් ගන්නා හා ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය බලා ගමන් ගන්නා මගින් වෙනත් විකල්ප ගුවන් සමාගම්වලින් ටිකට්පත් ලබාගන්නා ලෙස දන්වනු ලැබේ.

සෑම ගුවන් යානයක්ම පාහේ නිරන්තරයෙන් ගුවන් ගමන් වෙනස් වන බැවින් ගුවන්තොටුපල වෙත යාමට පෙර තමන්ගේ ගුවන් යානය නියමිත පරිදි ගමන් කරන්නේ දැයි විමසිලිමත්වන ලෙස ඉල්ලා සිටිමි.

The post එමිරේට්ස් ගුවන් සමාගම ඩුබායි සිට ටෙල්අවිව් දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි appeared first on ITN News.

Read More »

ප්‍රාණ ඇපකරුවන් ගාසා රෝහලට රැගෙන ගිය බව දැක්වෙන CCTV දර්ශන ඊශ්‍රායලය නිකුත් කරයි  

0 comments

ප්‍රාණ ඇපකරුවන් ගාසා රෝහලට රැගෙන ගිය බව දැක්වෙන සීසීටී දර්ශන දුටු බව ඊශ්‍රායලය පවසනවා.

ඔක්තෝබර් 7 වනදා එල්ල වු අති දරුණු හමාස් ප්‍රහාරයෙන් පසු ගාසා තීරයේ විශාලතම රෝහලට ප්‍රාණ ඇපකරුවන් රැගෙන යන අයුරු දැක්වෙන දර්ශන ඊශ්‍රායල හමුදාව නිකුත් කර තිබෙනවා. හමුදා ප්‍රකාශකවරයෙකු පැවසුවේ ඔවුන්ගෙන් එක් අයෙකු එහිදි ඝාතනය කර ඇති බවයි.

19 හැවිරිදි එම පුද්ගලයා සුළු තුවාල ලබා අල්ෂිෆා රෝහලට ගෙන යාමෙන් පසුව මිය ගිය බව ද ඔහු ප්‍රකාශ කළා.

ඊශ්‍රායලය කියා සිටියේ හමාස් අණදෙන මධ්‍යස්ථානයක් යැයි තමන් පවසන ස්ථානයේ උමං මාර්ගයක් ද සොයා ගත් බවයි. කෙසේ වෙතත් හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කරනවා.

ඔක්තෝබර් 7 වනදා උදෑසන සිට හමාස් සංවිධානය ප්‍රහාර එල්ල කළා. එහිදි ඊශ්‍රායල ජාතිකයින් 1200ක් මිය ගොස් 240කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපකරුවන් බවට පත්වුණා.

පසුව ආරම්භ වු ඊශ්‍රායල ප්‍රතිප්‍රහාරවලින් ගාසා තීරයේ 13000කට අධික පිරිසක් මිය ගිය අතර ඉන් 5500කුම කුඩා දරුවන්.

 

 

 

 

 

The post ප්‍රාණ ඇපකරුවන් ගාසා රෝහලට රැගෙන ගිය බව දැක්වෙන CCTV දර්ශන ඊශ්‍රායලය නිකුත් කරයි appeared first on ITN News.

Read More »

අල්ෂිෆා රෝහල් පරිශ්‍රය මරණීය කලාපයක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි  

0 comments

ගාසා හි අල්ෂිෆා රෝහල් පරිශ්‍රය මරණ කලාපයක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

අල්ෂිෆා රෝහල් පරිශ්‍රයෙන් ඊශ්‍රායල හමුදා ඉවත්වීමෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරීන් එම ප්‍රදේශය නිරීක්ෂණය කළා.

රෝහල් පරිශ්‍රයට එල්ල වු ප්‍රහාර කිහිපයක්ම එම නියෝජිතයින්ගේ නිරීක්ෂණයට ලක්වු අතර පිවිසුම ආසන්නයේ මීනි වළක් ද තිබු බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින් පවසන්නේ.

ඒ තුළ මළ සිරුරු 80ක් පමණ තිබු බවද පැවසෙනවා.

එම රෝහලේ රැදි සිටි රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද ඉන් ඉවත්වෙමින් සිටි අතර බතරපළ තත්ත්වයේ පසුවන රෝගීන් 300කට අධික පිරිසක් අල්ෂිෆා රෝහල තුළ රැදි සිටින බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post අල්ෂිෆා රෝහල් පරිශ්‍රය මරණීය කලාපයක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි appeared first on ITN News.

Read More »

මෙවර විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවට  

0 comments

2023 විශ්ව රූ රැජන කිරුළ නිකරගුවාවේ ශේනිස් පැලක්ලොස් විසින් දිනාගෙන තිබෙනවා.

ඇය 23 හැවිරිදි වියේ පසුවන අතර මානසික සෞඛ්‍ය ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

රටවල් 84 කින් ඉදිරිපත් වූ තරගකාරියන් පරාජය කරමින් ශේනිස් මේ කිරුළ දිනා ගත්තේ එල්සැල්වදොර් රාජ්‍යයේ සෙනසුරාදා (18 දා) රාත්‍රීයේ පැවැති අවසන් මහා තරගයෙනි.

 

The post මෙවර විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවට appeared first on ITN News.

Read More »

රුසියාව පෙට්‍රල් අපනයනයට පනවා තිබූ සීමා ලිහිල් කරයි  

0 comments

පෙට්‍රල් අපනයනයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.

පසුගිය මාසයේ දී ඩීසල් අපනයනයට පනවා තිබු සීමා ඉවත් කිරීමට ද රුසියාව පියවර ගත්තා.

තොග මිල පහළ යාම හා පෙට්‍රල් අතිරික්තයක් ඇතිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි රුසියාවේ බලශක්ති අමාත්‍යවරයා නිවේදනය කරන්නේ.

කෙසේ වුවද අවශ්‍ය වුවහොත් නැවත වරක් අපනයන සීමා පැනවීමට ක්‍රියා කරන බවද ඔහු සඳහන් කරනවා.

මේ වනවිට තමන් සතුව මෙට්‍රික් ටොන් මිලියන 2ක පමණ පෙට්‍රල් සංචිතයක් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

රුසියාව තුළ ඉන්ධන මිල ඉහළ යාම හා ඉන්ධන හිඟවීම හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ දී අපනයන සීමා පැනවීම සිදුකෙරුණු අතර පැරණි සෝවියට් රාජ්‍යයට අයත් රටවල් 4ට පමණක් අපනයන කටයුතු සිදුකෙරුණා.

 

 

The post රුසියාව පෙට්‍රල් අපනයනයට පනවා තිබූ සීමා ලිහිල් කරයි appeared first on ITN News.

Read More »

ලයිබීරියා ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායකවරයාට ජය  

0 comments

ලයිබීරියා ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායක ජෝසෆ් බොආකායි ජයග්‍රහනය කර තිබෙනවා.

ලයිබීරියා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට අනුව ජෝසෆ් බොආකායි හිමිකරගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 50.9%ක් වනවා.

ජනාධිපති ජෝර්ජ් වියාහ් හට ලබාගැනීමට හැකිව ඇත්තේ 49.1%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

2017 වසරේ දී පැවති ජනාධිපතිවරණයට ද මොවුන් දෙදෙනා ඉදිරිපත් වූ අතර එහිදී ජෝර්ජ් වියාහ් පහසු ජයග්‍රහනයක් හිමිකර ගත්තා.

කෙසේ වුවද ඔහුගේ පාලනය යටතේ ලයිබීරියාවේ දරිද්‍රතාව , විරැකියාව , ආහාර අනාරක්ෂිතතාව හා දුර්වල විදුලි සැපයුම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් එරට ජනතාව මෙවර ජනාධිපතිවරණයේ දී විපක්ෂ අපේක්ෂකයා ජයග්‍රහනය කරවීමට පියවර ගෙන තිබෙනවා.

 

 

 

 

The post ලයිබීරියා ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායකවරයාට ජය appeared first on ITN News.

Read More »

අල් ෂිෆා රෝහලේ රැඳී සිටින පලස්තීන වැසියන් හා රෝගීන් ඉන් පිටවීම අරඹයි  

0 comments

අල් ෂිෆා රෝහලේ රැඳී සිටින පලස්තීන වැසියන් හා රෝගීන් ඉන් පිටත්වීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ගාසා නගරයේ අල් ෂිෆා රෝහලේ රැඳී සිටින සියලු දෙනාට ඉවත් වන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ ඊයේ දැනුම් දුන්නා.

රෝහල තුළ සිදුකළ මෙහෙයුම් අතරතුරදීයි ඊශ්‍රායලය සිදුකළ ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 80 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල තුළ 7,000ක පමණ පිරිසක් රැඳී සිටින අතර විදුලිබලය හා පානීය ජලය නොමැතිවීම හේතුවෙන් තවත් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

රෝහලේ රැඳී සිටි පලස්තීන සරණාගතයින් හා රෝගීන් ඉන් පිටව යන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයේ පිහිටා ඇති ජගත් සංවිධානයට අයත් පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් එහි රැදී සිටි විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post අල් ෂිෆා රෝහලේ රැඳී සිටින පලස්තීන වැසියන් හා රෝගීන් ඉන් පිටවීම අරඹයි appeared first on ITN News.

Read More »

කෙන්යාවේ, සෝමාලියාවේ සහ ඉතියෝපියාවේ ගංවතුරෙන් 130 දෙනෙකු මියයයි  

0 comments

කෙන්යාවේ, සෝමාලියාවේ හා ඉතියෝපියාවේ ගංවතුරෙන් පුද්ගලයන් 130 දෙනෙකු මිය ගියා.

ඉතියෝපියාව, කෙන්යාව සහ සෝමාලියාව යන රටවලට බලපෑ ගංවතුරෙන් මේ වන විට පුද්ගලයින් 130 දෙනෙකු මිය ගොස් ඇති අතර එය වසර 100 කට පසුව බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයද වනවා.

සෝමාලියා ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය පැවසුවේ ඔක්තෝබර් මාසයේ ආරම්භ වූ වර්ෂාව හේතුවෙන් රට පුරා පුද්ගලයින් 51 දෙනෙකු මිය ගොස් මිලියන භාගයක් අවතැන් වී ඇති බවයි.

තවමත් ගණනය නොකළ බොහෝ පුද්ගලයන් සිටින බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.

මානුෂීය කන්ඩායමක් වන සේව් ද චිල්ඩ්රන් පැවසුවේ මධ්‍යම සෝමාලියාවේ බෙලෙඩ්වේන් නගරයේ ෂබෙල් ගංගාවේ ඉවුරු බිඳීමෙන් නේවාසික ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වූ බවයි.

ඒ හේතුවෙන් පුද්ගලයින් 250,000 ක් එනම්  ජන ගහනයෙන් 90% කට ඔවුන්ගේ නිවෙස්වලින් පිටතට යාමට සිදු වූ බවයි.

 

 

 

The post කෙන්යාවේ, සෝමාලියාවේ සහ ඉතියෝපියාවේ ගංවතුරෙන් 130 දෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයට දින දෙකකට වරක් ඉන්ධන සැපයීමට ඊශ්‍රායලය එකඟවෙයි  

0 comments

සෑම දින දෙකකට වරක් ගාසා තීරයට අවම ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමට ඊශ්‍රායලය එකඟ වී තිබෙනවා.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු සඳහන් කරන්නේ සෑම දින දෙකකටම වරක් ඉන්ධන ලීටර් එක්ලක්ෂ හතලිස්දහසක් ගාසා තීරයට රැගෙන යාමට අවසර දෙන බවයි.

ඒවායින් බොහෝමයක් ආධාර බෙදා හරින ට්‍රක් රථ සඳහා මෙන්ම ජලය හා සනීපාරක්ෂාව සැපයීමේ සේවාව සඳහා යෙදවීමට භාවිත කෙරෙනවා.

එමෙන්ම ඉතිරි ඉන්ධන ප්‍රමාණය ජංගම දුරකතන හා අන්තර් ජාල සේවා සැපයීමේ කාර්ය යළි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් යොදවන බවයි සඳහන් කරන්නේ.

 

 

 

 

The post ගාසා තීරයට දින දෙකකට වරක් ඉන්ධන සැපයීමට ඊශ්‍රායලය එකඟවෙයි appeared first on ITN News.

Read More »

ඕස්ට්‍රේලියාවේ සිසුන් පාසල් වර්ජනය කරමින් දේශගුණික රැළිවලට යයි  

0 comments

ඕස්ට්‍රේලියාවේ සිසුන් දහස් ගණනක් පාසල් වර්ජනය කරමින් දේශගුණික රැළි වලට සහභාගී වීම සඳහා පන්තිවලින් පිටව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන බලපෑම්වලට නිසි විසඳුම් ලබා නොදෙන බව පවසමිනුයි මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මක වන්නේ.

රට ස්වභාවික විපත් සමඟ තවත් ගිම්හානයකට මුහුණ දෙන බැවින් දේශගුණික වෙනස්කම් සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස මෙම සිසුන් ඉල්ලා සිටිනවා.

ප්‍රකට විද්‍යාඥයින් තුන් දෙනෙකු මේ සම්බන්ධයෙන් ලියන ලද ලිපියක් අන්තර්ජාලය ඔස්සේ කියවීමෙන් අනතුරුව සිසුන් මීට වැඩි වශයෙන් පෙළඹුනු බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අධ්‍යාපන බලධාරීන් පවසන්නේ මෙම සටහන විධිමත් වෛද්‍ය සහතිකයක් නොවන බවයි.

නව ගල් අගුරු සහ ගෑස් ව්‍යාපෘති තුළින් තවදුරටත් පරිසරයට හානි සිදුවන බව උද්ඝෝෂකයන් පවසනවා.

සිඩ්නි නුවරදී විරෝධතාකරුවන් පරිසර අමාත්‍යවරියගේ කාර්යාලය ඉදිරිපිට දී හඩ නගමින් විරෝධතාව පළකර තිබෙනවා.

දේශගුණික විපර්යාස හේතුවෙන් එල්ලවන තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව දිගු කළක් ජාත්‍යන්තර විවේචනවලට ද මුහුණ දී සිටිනවා.

 

 

The post ඕස්ට්‍රේලියාවේ සිසුන් පාසල් වර්ජනය කරමින් දේශගුණික රැළිවලට යයි appeared first on ITN News.

Read More »

එක්සත් රාජධානියට ශීත සෘතුවේ හංසයින්ගේ පැමිණීමේ අඩුවක්  

0 comments

බටහිර රටවල ශීත සෘතුවේහි හංසයන් පියාසර කිරීම සුලබ දර්ශනයක් වුවද දේශගුණික විපර්යාස හමුවේ එම තත්ත්වය අඩුවී ඇති බව වාර්තා වනවා.

විද්‍යාඥයින් පවසන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම මෙම හංසයින්ගේ හැසිරීම් රටාවට ද බලපා ඇති බවයි.

එක්සත් රාජධානියට ශීත සෘතුවේ හංසයින්ගේ පැමිණීම අඩුවී ඇති අතර එම සත්ත්වයින්ගේ පැමිණීම ප්‍රමාද වන බව ද විද්‍යාඥයින් පවසනවා.

සාමාන්‍යයෙන් 700ක වාර්ෂික රැළක සංඛ්‍යාව 100 දක්වා අඩු වී ඇති බව ද ඔවුන් සඳහන් කරනවා.

දේශගුණික විපර්යාස හමුවේ හංසයින් බ්‍රිතාන්‍යයට නොපැමිණීම කණගාටුදායක කරුණක් බව එරට විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

සෑම වසරකම ආක්ටික් අභිජනන භූමියෙන් උණුසුම් දේශගුණයක් සොයා ජල කුරුල්ලන් පිටතට පැමිණීම සිදුකරනවා.

සරත් සෘතුවේ අග භාගයේ පැමිණෙන ඔවුන් වසන්තයේ දී යළි උතුරට යාමයි සිදුවන්නේ.

 

 

 

 

 

The post එක්සත් රාජධානියට ශීත සෘතුවේ හංසයින්ගේ පැමිණීමේ අඩුවක් appeared first on ITN News.

Read More »

රුසියා ආක්‍රමණයෙන් පසු විශාල පිරිසක් යුක්‍රේනයෙන් පළා ගොස් ඇති බව හෙළි වෙයි  

0 comments

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු විසිදහසකට ආසන්න පිරිසක් යුක්‍රේනයෙන් පළාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් පුද්ගලයින් විසිඑක්දහස් එකසිය දහතුන් දෙනෙකු පළා යාමට උත්සාහ කළ නමුත් යුක්‍රේන බලධාරීන් එය වැළැක්වූ බවයි වාර්තා වන්නේ.

රුසියා ආක්‍රමණයෙන් පසු වයස අවුරුදු 18 ත් 60 ත් අතර බොහෝ පිරිමින්ට යුක්‍රේනයෙන් පිටවීම තහනම් කර තිබුණා.

එහෙත් විශාල පිරිසක් දිනපතා යුක්‍රේනයෙන් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අසල්වැසි රුමේනියාව, මෝල්ඩෝවා, පෝලන්තය, හංගේරියාව සහ ස්ලෝවැකියාව වැනි දේශසීමාවන්හි ආරක්ෂාව තර කර තිබුණද කෙසේ හෝ මෙම පිරිස පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

 

 

The post රුසියා ආක්‍රමණයෙන් පසු විශාල පිරිසක් යුක්‍රේනයෙන් පළා ගොස් ඇති බව හෙළි වෙයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ අවතැන්වූවන්ට සීතලත් හරහට එයි  

0 comments

ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ පවතින ධාරානිපාත වර්ෂාව සහ ශීත කාලගුණය එහි නවාතැන් ගෙන සිටින දස දහස් සංඛ්‍යාත අවතැන්වූවන්ට තවත් පීඩා ඇති කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා .

The post ගාසා තීරයේ අවතැන්වූවන්ට සීතලත් හරහට එයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ අල් ෂිෆා රෝහලෙන් හමාස් සංවිධානයට අයත් ආයුධ රැසක් සොයා ගැනේ  

0 comments

ගාසා තීරයේ අල්ෂිෆා රෝහලෙන් හමාස් සංවිධානයට අයත් ආයුධ හා උපකරණ සොයාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝපටය ඊශ්‍රායලය නිකුත් කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදා පෙරේදා ගාසාහි ප්‍රධාන රෝහලට ඇතුළු වුණා.

යුද ටැංක හා පාබල හමුදා ඊට ඇතුළු වූ බවයි ඇසින් දුටුවන් ප්‍රකාශ කර තිබුණේ.

ඔවුන් එහි වෙඩි තැබීම් සිදු නොකල බවට ද මාධ්‍ය වාර්තා පලව තිබුණා.

කෙසේ වෙතත් මෙම රෝහලේ සිට හමාස් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බවට ඇමෙරිකා බුද්ධි තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුවයි අදාළ සාක්ෂි සහිත වීඩියෝ පටය ඊශ්‍රායලය නිකුත් කර ඇත්තේ.

පසුගිය ඔක්තෝබර් 07 වනදා ආරම්භ වූ ගැටුම්වලින් ඊශ්‍රාල ජාතිකයන් 1200 දෙනෙකු මිය ගිය අතර 200 කට වැඩි පිරිසක් ප්‍රාන ඇපයට ගනු ලැබුවා.

ගාසා තීරයේ 11,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර ඒ අතර කුඩා දරුවන් 4500 දෙනෙකු සිටිනවා.

 

The post ගාසා තීරයේ අල් ෂිෆා රෝහලෙන් හමාස් සංවිධානයට අයත් ආයුධ රැසක් සොයා ගැනේ appeared first on ITN News.

Read More »

අරුම පුදුම ගැබ් ගැනීම  

0 comments

ගර්භාෂ දෙකක් ඇති කාන්තාවක් එම ගර්භාෂ දෙකෙහිම ගැබ්ගෙන ඇති පුවතක්  අමෙරිකාවේ Alabama ප්‍රදේශයෙන්  වාර්තා වනවා.

Kelsey Hatcher නම් මෙම කාන්තාව 32 හැවිරිදි වියේ පසු වෙයි.

ගර්භාෂ දෙකක් සහිතව උපදින කාන්තාවන් ඉතා දුර්ලභ වන අතර එම කාන්තාවන් අතරින් ගර්භාෂ දෙකෙහිම ගැබ් ගැනීම ද අතිශය දුර්ලභ බවයි දැක්වෙන්නේ.

මේ වන විටත් තිදරු මවක් වන ඇය නැවත ගැබ්ගෙන ඇති අතර එම දරුවන් නීරෝගීව සිටිනවා.

The post අරුම පුදුම ගැබ් ගැනීම appeared first on ITN News.

Read More »

ප්‍රංශයට ගංවතුර අවදානමක්  

0 comments

ප්‍රංශයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර ඇතිවීමේ අවධානමක් මතුව තිබෙනවා.

පසුගිය සතියේද අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රංශයේ ප්‍රදේශ රැසකට ගංවතුර හටගත්තා.

පාසල් වසා දැමීමටයි කටයුතු කෙරුණේ.

නගර 279 ක පාසල් 388 ක් මේ අනුව වසා දැමුණා.ගංගා රැසක් මේ වන විට නැවතත් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

අඩි එකහමාරක් දක්වා ඉහළ ගිය ගංවතුර මට්ටම මේ වන විට සෙන්ටිමීටර් 20 ක් දක්වා පහත වැටී තිබෙනවා.

කියරන් චණ්ඩ මාරුතයෙන් පසුවයි මෙම අයහපත් කාලගුණ තත්ත්වය ඇතිව තිබෙන්නේ.

 

 

 

The post ප්‍රංශයට ගංවතුර අවදානමක් appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ උත්තරකන්ද් උමඟ තුළ සිරවී සිටි කම්කරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්  

0 comments

ඉන්දියාවේ උත්තරකන්ද් උමග තුළ සිරවී සිටින කම්කරුවන් 40 දෙනා බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඉදිකරමින් තිබූ උමගක් කඩා වැටීමෙන් කම්කරුවන් 40 දෙනෙකු ඒ තුළ සිරවී මේ වනවිට දින 3ක් ගතවනවා.

ඔවුන්ට අවශ්‍ය ඔක්සිජන් හා ආහාර අඛණ්ඩව සැපයීමටයි ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

ඉදිකරමින් තිබූ උමගට ඉහළින් තිබූ පස් නායයාමෙන් ඇතිවූ අවහිරවීම  ඉවත් කිරීමට බැකෝ යන්ත්‍ර පවා යොදාගෙන තිබෙනවා.

උමග ආරම්භයේ සිට මීටර් 200ක පමණ දුරින් කම්කරුවන් ආරක්ෂිතව රැඳී සිටිනවා.

 

 

 

 

 

 

 

 

The post ඉන්දියාවේ උත්තරකන්ද් උමඟ තුළ සිරවී සිටි කම්කරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් appeared first on ITN News.

Read More »

බංග්ලාදේශයේ ඩෙංගු පැතිරීම වේගවත් වෙයි  

0 comments

උෂ්ණත්වය ඉහළ යාම හා මෝසම් වැසි ඇතිවීමෙන් බංග්ලාදේශයේ ඩෙංගු පැතිරීම වේගවත් වී තිබෙනවා.

වසර 25ක කාලයක් තුළ ඇතිවූ දරුණුතම ඩෙංගු ව්‍යාප්තියට බංග්ලාදේශය මේ වනවිට මුහුණ දෙමින් සිටිනවා.

මේ වසරේ ඩෙංගු හේතුවෙන් මේ දක්වා මියගිය සංඛ්‍යාව 1,476ක්. වාර්තාවන ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 291,832ක්.

පසුගිය වසරේ දී බංග්ලාදේශයෙන් ඩෙංගු මරණ 281ක් පමණයි වාර්තා වුණේ.

එය මේ වසර හා සැසදීමේ දී පස්ගුණයක ඉහළ යාමක්.

 

 

The post බංග්ලාදේශයේ ඩෙංගු පැතිරීම වේගවත් වෙයි appeared first on ITN News.

Read More »

හමාස් සංවිධානයට අල්ෂිෆා රෝහලේ අණදෙන මධ්‍යස්ථානයක් ඇති බවට ඊශ්‍රායලයෙන් චෝදනා  

0 comments

තම හමුදා හමාස් සංවිධානයට එරෙහිව මෙහෙයුමක් අල් ෂිෆා රෝහලේ ක්‍රියාත්මක කරන බව ඊශ්‍රාලය පවසනවා.

රෝහල තුළ සිටි  ඇසින් දුටුවෙකු බීබීසී රූපවාහිනියට ප්‍රකාශ කර ඇත්තේ යුද ටැංකි සහ කමාන්ඩෝ සෙබලුන් රෝහලින් හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළු වූ බවයි.

හමාස් සංවිධානයට අල්ෂිෆා රෝහලේ සිට අණදෙන මධ්‍යස්ථානයක් ඇති බවට  ඊශ්‍රාලය චෝදනා කරනවා.

කෙසේවෙතත් හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කරනවා.

මේ අතර ගාසා තීරයේ කූඩාරම්වල නිදා සිටින දහස් ගණන් ජනයා ධාරානිපාත වර්ෂාවකට ඊයේ රාත්‍රියේ මුහුණ දුන්නා.

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඔක්තෝබර් 7 වෙනිදායි.

එම ප්‍රහාරයෙන් 1200 දෙනෙකු මියගිය අතර 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට පත් වුණා.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ගාසා තීරයේ 11,000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ඉන් 4500කට වැඩි පිරිසක් ළමුන් බවයි.

 

The post හමාස් සංවිධානයට අල්ෂිෆා රෝහලේ අණදෙන මධ්‍යස්ථානයක් ඇති බවට ඊශ්‍රායලයෙන් චෝදනා appeared first on ITN News.

Read More »

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්  

0 comments

ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ රික්ටර් මාපකයේ 6.1ක අගයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය සඳහන් කර ඇත්තේ ඉන් ශ්‍රී ලංකාවට බලපැමක් ඇති නොවන බවයි .

The post ඉන්දියන් සාගරයේ භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

ලොව ධනවත්ම නළුවන් අතර ෂාරුක් ඛාන් සිවුවැනි තැනට  

0 comments

ෂාරුක් ඛාන් ලොව ධනවත්ම දස දෙනාගේ ලැයිස්තුවට ඇතුළත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොව ධනවත්ම නළුවන් දස දෙනාගේ ලැයිස්තුවට අනුව බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් සිව්දෙනා අතරට තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

එම ලැයිස්තුවේ පළමු ස්ථානය හා දෙවන ස්ථානය ඇමෙරිකාවේ ප්‍රහසන නළුවන් දෙදෙනෙකුට ලැබී ඇති බවයි වාර්තා වන්නේ. ශාරුක් ඛාන්ගේ වත්කම ඇමෙරිකා ඩොලර් මිලියන 770ක් බවයි සදහන් වන්නේ.

 

 

 

 

 

The post ලොව ධනවත්ම නළුවන් අතර ෂාරුක් ඛාන් සිවුවැනි තැනට appeared first on ITN News.

Read More »

චීන-දකුණු ආසියානු වෙළඳාම සඳහා නව කොරි‍ඩෝවක්  

0 comments

චීන-දකුණු ආසියානු වෙළඳාම සඳහා නව කොරි‍ඩෝවක් වන Lizi දේශසීමා දොරටුව ඊයේ (13) නිල වශයෙන් විවෘත කෙරුණා.

ටි‍බෙට් ස්වායත්තයේ Shigatse නගරයේ Zhongba කෝරළයේ Yare ප්‍රදේශයේ පිහිටි Lizi දේශසීමා දොරටුව මීටර් 4500ක උන්නතාංශයක පිහිටා තිබෙනවා.

Lizi දේශසීමා දොරටුවේ සිට නේපාලයේ Kathmandu අගනුවර හා නේපාලයේ වැදගත් නගරයක් වන Pokhara අතර දුර ප්‍රමාණය පිළිවෙළින් කිලෝමීටර් 452ක් හා කිලෝමීටර් 251ක් වනවා.

දකුණු ආසියාව සඳහා විවෘත කොරිඩෝවක් හා Himalaya ප්‍රදේශයේ ආර්ථික සහයෝගිතා තීරය ගොඩනැගීම හා උසස් ගුණාත්මකභාවයෙන් යුතු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Lizi දේශසීමා දොරටුව විවෘත වීම වැදගත් ය.

The post චීන-දකුණු ආසියානු වෙළඳාම සඳහා නව කොරි‍ඩෝවක් appeared first on ITN News.

Read More »

ඩෙබි කුණාටුව නිසා උතුරු අයර්ලන්තයේ සියලුම ප්‍රදේශවලට තද වැසි සහ සුළං  

0 comments

අයර්ලන්ත දූපත් හරහා තද සුළං සහ අධික වර්ෂාපතනයක් ඇති කරමින් ඩෙබි කුණාටුව ගොඩබිමට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී නිවෙස්වලට වී සිටින ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ .

උතුරු අයර්ලන්තයේ සියලුම ප්‍රදේශවලට තද වැසි සහ සුළං පිළිබඳ කහ අනතුරු ඇඟවීමක් සහ ඩවුන් සහ අර්මාග් ප්‍රාන්තවල කොටස් සඳහා ඇම්බර් සුළං අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා .

අයර්ලන්ත ජනරජයේ, රතු අනතුරු ඇඟවීම් ප්‍රාන්ත 14 ක් සඳහා නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

කාලගුණ විද්‍යා සේවය Met Éireann පැවසුවේ ගංවතුර, අනතුරුදායක රිය පැදවීමේ තත්ත්වයන් සහ ගස් කඩා වැටීමේ අවධානමක් පවතින බවයි.

අයර්ලන්ත ජනරජයේ රතු අනතුරු ඇඟවීමේ ප්‍රදේශවල පාසල් ඇරඹීම එරට දේශීය වේලාවෙන් 10:00 දක්වා ප්‍රමාද කරන ලෙසද ඉල්ලා තිබෙනවා

 

The post ඩෙබි කුණාටුව නිසා උතුරු අයර්ලන්තයේ සියලුම ප්‍රදේශවලට තද වැසි සහ සුළං appeared first on ITN News.

Read More »

උමගක් කඩා වැටෙයි – 40ක් පමණ සිරවෙයි  

0 comments

උතුරු ඉන්දියාවේ උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ සිල්ක්යාරා උමග කඩා වැටීමෙන් ඒ තුළ සේවකයින් 40 දෙනෙක් පමණ සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

නාය යාමක් හේතුවෙන් එම උමගේ කොටසක් ඊයේ කඩා වැටී ඇති බවයි ඔවුන් දක්වා ඇත්තේ.

The post උමගක් කඩා වැටෙයි – 40ක් පමණ සිරවෙයි appeared first on ITN News.

Read More »

අමෙරිකානු හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි – සොල්දාදුවන් 5ක් මරුට  

0 comments

අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් අමෙරිකානු සොල්දාදුවන් 5ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ දී එම යානය ඉන්ධන ලබාගැනීමට යාමේදී කඩා වැටී ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

The post අමෙරිකානු හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි – සොල්දාදුවන් 5ක් මරුට appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ ප්‍රධාන රෝහල ඉදිරියට ක්‍රියාත්මක නොවන බව WHO කියයි  

0 comments

ගාසා හි ප්‍රධාන රෝහල ඉදිරියට ක්‍රියාත්මක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ගාසා නගරයේ අල්ෂිෆා රෝහල තවදුරටත් ප්‍රධාන රෝහලක් ලෙස ක්‍රියාත්මක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් නිවේදනය කළා.

රෝහල පිහිටි ප්‍රදේශයට නිරතුරුව බෝම්බ ප්‍රහාර එල්ල වීම හා වෙඩි තැබීම් සිදුවන බැවින් තත්ත්වය බරපතල බවයි එම සංවිධානය පවසන්නේ.

රෝහල තුළ රෝගීන් 2300ක් පමණ සිටින අතර අලුත උපන් දරුවන් 20 දෙනෙකු ශල්‍යාගාරයක රදවා ඇති අයුරු දැක්වෙන දර්ශන බීබීසී රූපවාහිනිය විකාශය කළා.

හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයේ 11000කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර ඉන් 4500කට අධික සංඛ්‍යාවක් ළමුන් වනවා.

 

 

 

 

 

The post ගාසා තීරයේ ප්‍රධාන රෝහල ඉදිරියට ක්‍රියාත්මක නොවන බව WHO කියයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ උතුරු කොටස වට කරයි  

0 comments

ගාසා තීරයේ උතුරු කොටස ඊශ්‍රායල හමුදා මුළුමනින්ම වට කර තිබෙනවා.

ගාසාහි බලය ක්‍රම ක්‍රමයෙන් ඊශ්‍රාලය අතට පත්වෙමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ගාසා තීරය පැහැදලි ලෙසම දෙකට බෙදෙමින් පවතින බවත් එහි උතුරු කොටස ඊශ්‍රාලය හමුදා යටතට පත්වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ගාසාහි ප්‍රධානම නගරය වූ ගාසා නගරයට ඊශ්‍රායල හමුදා ඇතුළු වී තිබෙනවා.

ගාසා නගරය යනු හමාස් සංවිධානයේ ප්‍රධාන බලකොටුව වන අතර එය හිමිවීම එම සංවිධානය ලැබූ බරපතල පරාජයක් ලෙසයි සැලකෙන්නේ.

ගාසා තීරයට එල්ල වූ දැවැන්ත ප්‍රහාරවලින් ගොඩනැගිලි රැසක් නටඹුන් බවට පත්ව ඇති අතර ඊශ්‍රායල හමුදා ගොඩබිම් ක්‍රියාන්විත ආරම්භ කර ඇත්තේ එම ගොඩනැගිලි හා නටඹුන් ඔස්සේ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ප්‍රදේශයේ ඇති උමං මාර්ග පිහිටි ස්ථාන නිරීක්ෂණය කිරීම ද ඊශ්‍රායල හමුදාවන්ගේ තවත් අරමුනක් වී තිබෙනවා.

 

 

The post ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ උතුරු කොටස වට කරයි appeared first on ITN News.

Read More »

ඩොලර් 306,000කට අලෙවි වූ මයිකල් ජැක්සන්ගේ ලෙදර් ජැකැට්ටුව  

0 comments

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ලෙදර් ජැකැට්ටුවක් පවුම් 250,000කට නැතිනම් අමෙරිකා ඩොලර් 306,000කට අලෙවි වී තිබෙනවා.

ලන්ඩන් නුවර පැවැති වෙන්දේසියක දීයි මෙම ජැකැට්ටුව අලෙවි වී තිබෙන්නේ.

1984 වසරේ දී පෙප්සි වෙළෙඳ දැන්වීමක අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන් පැළඳ සිටි කළු-සුදු මේ ජැකැට්ටුවයි මෙලෙස අලෙවි වුණේ.

මෙම අයිතමය සමඟ තවත් සංගීතඥයින්ගේ මතක සිහිවටන 200 කට වඩා අදාළ වෙන්දේසියේ දී ‍අළෙවි වී තිබෙනවා.

The post ඩොලර් 306,000කට අලෙවි වූ මයිකල් ජැක්සන්ගේ ලෙදර් ජැකැට්ටුව appeared first on ITN News.

Read More »

අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමේ අවදානමක්  

0 comments

අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ රික්ටර් පරිමාණයේ 5.1ක භූ කම්පනයකින් පසු පැය 48ක් තුළ සිදුවූ පසු කම්පන 1,485ක් හේතුවෙන්.

එරට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලාවා ගැලීම් පිලිබඳ තවමත් වාර්තා වී නැහැ.

අයිස්ලන්තයේ පිහිටි විශාලතම සංචාරක ආකර්ෂණයක් සහිත බ්ලූ ලැගූන් නම් ස්වාභාවික උණු දිය තටාකයද තාවකාලිකව වසා දමා තිබෙනවා.

උතුරු අත්ලාන්තික් සාගරයේ ක්‍රියාකාරී ගිනි කඳු සහිත ප්‍රදේශයක පිහිටි අයිස්ලන්තයේ සෑම වසර 7කට හෝ 5කට වරක් පිපිරීමක් සිදුවනවා.

මෑත කාලයේදී භයානක ගිනි කඳු පිපිරීමක් සිදු වූයේ 2010 වසරේදීයි.

The post අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමේ අවදානමක් appeared first on ITN News.

Read More »

උතුරු ගාසා තීරයේ රෝහල් කිහිපයක් අසළ පිපිරීම්  

0 comments

උතුරු ගාසා තීරයේ රෝහල් කිහිපයක් අසළ පිපිරීම් සිදුව තිබෙනවා.

ගාසා හි ළමා රෝහලක් අසල මෙන්ම විශාලතම රෝහල ලෙස සැළකෙන අල් ෂිෆා රෝහල ආසන්නයේ මෙසේ පිපිරීම් සිදු වුණා.

එම පිපිරීම්වලින් විශාල පිරිසක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවද පසුගිය ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය පිරිස 1400 ක් නොව 1200 ක් බවයි ඊශ්‍රායලය සඳහන් කරන්නේ.

ඇතැම් හදුනා නොගත් සිරුරු හමාස් සටන්කාමීන්ගේ බවට ඊශ්‍රායලය සැක කරනවා.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවට අනුව ගාස් තීරයේ එකොළොස් දහසකට වැඩි පිරිසක් මේ වන විට මියගොස් තිබෙනවා.

ඒ අතුරින් හාරදහස් පන්සියයකට වැඩි පිරිසක් දරුවන් බවයි ඔවුන් කියා සිටින්නේ.

 

 

The post උතුරු ගාසා තීරයේ රෝහල් කිහිපයක් අසළ පිපිරීම් appeared first on ITN News.

Read More »

අවම වශයෙන් වසර දෙකකට වරක්වත් ඔබේ Gmail ගිණුමට Log වෙන්න  

0 comments

Gmail ගිණුම් මිලියන ගණනක් ලබන මාසයේ දී අක්‍රීය කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා.

ඒ නිතිපතා යාවත්කාලීන නොකරන ගිණුම් ය.

ඒ අනුව වසර ගණනාවක සිට අක්‍රීයව පවතින Gmail ගිණුම් යම් අවදානමකට ලක්ව තිබෙන අතර Gmail ගිණුමක් අවම වශයෙන් වසර 2ක්වත් භාවිත කර නොමැති නම් එම ගිණුම් ද අදාළ පියවර යටතේ ඉවත් කිරීම සිදුකරනු ලබයි.

මේ හේතුවෙන් Google ගිණුමක් සක්‍රීයව තබා ගැනීමට ඇති සරලම ක්‍රමය වන්නේ අවම වශයෙන් වසර දෙකකට වරක්වත් ඒ සඳහා පූරණය වීමයි.

කෙසේ වෙතත්, මෑතක දී Google ගිණුමට හෝ එහි සේවාවන් වෙත පූරණ වී ඇති ගිණුම් සක්‍රිය ගිණුම් ලෙස සලකන අතර ඒවා ඉවත් කිරීමක් සිදු නොවේ.

The post අවම වශයෙන් වසර දෙකකට වරක්වත් ඔබේ Gmail ගිණුමට Log වෙන්න appeared first on ITN News.

Read More »

විෂ සහිත දුමාරය හේතුවෙන් පාකිස්තානයේ දහස් ගණනක් රෝගාතුර වෙයි  

0 comments

විෂ සහිත දුමාරය හේතුවෙන් පාකිස්තානයේ දහස් ගණනක් රෝගාතුර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උගුරේ අමාරුව, කැස්ස සහ සමේ රෝග ඒ අතර වන බවයි වාර්තා වන්නේ.

පාකිස්තානයේ දෙවන විශාලතම නගරය වන ලොහෝර් ඇතුලු නගර 3ක පාසල් ,කාර්යාල, සාප්පුසංකීර් සහ උද්‍යාන ලබන ඉරිදා දක්වා වසා තබා තිබෙනවා.

විෂ දුමාරයේ වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ පංජාබ් ප්‍රාන්තයටයි.

ලාහෝර් හි වායු තත්ත්ව දර්ශකය 400 මට්ටමට ඉහළ ගොස් තිබෙනවා.

ලාහෝර් මායිම් වන්නේ ඉන්දියාවේ අම්රිත්සාර් නගරයටයි.

උතුරු ඉන්දියාව ද විෂ දුමාරයේ බලපෑමෙන් පීඩාවට පත්ව සිටිනවා.

ශිත සෘතුවේ බෝග අපද්‍රව්‍ය පුළුස්සා දැමිම වායු දූෂණයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

The post විෂ සහිත දුමාරය හේතුවෙන් පාකිස්තානයේ දහස් ගණනක් රෝගාතුර වෙයි appeared first on ITN News.

Read More »

20 වන චීන ජාත්‍යන්තර කෘෂිකර්ම ප්‍රදර්ශනයට ඉහළ ආකර්ශනයක්  

0 comments

20 වන චීන ජාත්‍යන්තර කෘෂිකර්ම ප්‍රදර්ශනයට තිස් දහකට අධික දෙස් විදෙස් ගැණුම්කරුවෝ පිරිසක් පැමිණ තිබෙනවා.

චීනයේ ෂන්තුං පලාතේ චින්දාඕ නගරයේ දී පැවැත්වෙන එය වර්ග මීටර 120000 කින් යුක්ත වන අතර ප්‍රදර්ශන කලාප 11 කින් සමන්විතයි.

ව්‍යවසායකයන් 3000 ක් විසින් විසි දහසකට අධික කෘෂි නිෂ්පාදනඑහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

ධාන්‍ය,එළවළු ,පලතුරු, පශු සම්පත්,මත්ස්‍ය නිශ්පාදන ඇතුළු නිෂ්පාදන ඊට අයත්.

ජාත්‍යන්තර ප්‍රදර්ශන කලාපයේ ශ්‍රී ලංකාව , කිරිගිස්ථානය,උස්බෙකිස්ථානය,ඉරානය ඇතුළු රටවල් හා කලාප 18ක නිශ්පාදන දැකගත හැකියි.

සිව්දින ප්‍රදර්ශන කාල‍ය තුළදී ගොවිපළ සන්නාම 425කට අධික සංඛ්‍යවක් එළිදැක්වීමට නියමිතයි.

සන්නාම ප්‍රවර්ධන වැඩසටහන් ද එම කාලය තුළදී සිදු කෙරෙනවා.

The post 20 වන චීන ජාත්‍යන්තර කෘෂිකර්ම ප්‍රදර්ශනයට ඉහළ ආකර්ශනයක් appeared first on ITN News.

Read More »

ජපානයෙන් අලුත් දූපතක්  

0 comments

ලොව මෙතෙක් හමුවී ඇති දූපත්වලට නවතම දුපත ජපානයෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම දූපත පිහිටා ඇත්තේ ජපානයේ ප්‍රධාන භූමියට කිලෝමීටර් 1,200ක් දකුණින් සහ පැසිෆික් සාගරයේ දෙවන ලෝක යුද්ධයේ දරුණුතම සටන සිදුවූ දිවයින වන අයිවෝ ජිමා සිට කිලෝමීටරයක් ​​පමණ දුරින්.

පැසිෆික් සාගරයේ ජපාන දූපතක් වන අයිවෝ ජිමා වෙරළට ඔබ්බෙන් වූ මුහුදෙන් ලොව අලුත්ම දූපත හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) පවසන්නේ නම් නොකළ දූපත ගිනිකඳු පිපිරීමකින් සෑදී ඇති බවයි.

The post ජපානයෙන් අලුත් දූපතක් appeared first on ITN News.

Read More »

සෝමාලියාවට බලපෑ ගංවතුරෙන් 29 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

දශකයකට පසු සෝමාලියාවට බලපෑ අධික ගංවතුරෙන් පුද්ගලයන් 29 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

නැගෙනහිර අප්‍රිකාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ලක්ෂ තුනක පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා.

බොහෝ පිරිසකට නිවාස අහිමි වී ඇති අතර ගංවතුර හේතුවෙන් අවතැන් කඳවුරුවල රැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

සෝමාලියාවට මෙම අධික වැසි සහිත කාලගුණය බලපෑවේ දශක 04 කට පසු දරුණුතම නියගයෙන් පීඩා විදින අවස්ථාවේයි.

සෝමාලියාවට මෙන්ම අසල්වැසි කෙන්යාවට හා ඉතියෝපියාවට ද  වැසි සහිත කාලගුණික තත්ත්වය බලපෑම් එල්ල කළා.

 

 

The post සෝමාලියාවට බලපෑ ගංවතුරෙන් 29 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

රොබෝ යන්ත්‍රයක පහර දීමකින් ජීවිතක්ෂයට පත්වූ සේවකයා  

0 comments

දකුණු කොරියාවේ සමාගම් සේවකයකු රොබෝ යන්ත්‍රයක පහර දීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රොබෝවරයා විසින් ආහාර අසුරා තිබූ පෙට්ටි කිහිපයක් නිවැරැදිව හඳුනා ගැනීමට අපොහොසත් වීම නිසායි රොබෝ යන්ත්‍රය මෙම පුද්ගලයාට පහරදී තිබෙන්නේ.

ෙමොහු 40 හැවිරිදි වියේ පසු වූ අයෙකි.

දකුණු කොරියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන යොන්හැප් වාර්තා කර ඇත්තේ, රොබෝ යන්ත්‍රය විසින් පුද්ගලයා ව අල්ලාගෙන ඔහු ගේ මුහුණ සහ පපුව කුඩු කර දමා ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇතත් පසු ව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රොබෝ යන්ත්‍රයට නියමිත රාජකාරිය වී ඇත්තේ, ගම්මිරිස් පෙට්ටි ඔසවා ඒවා පැලට් මතට මාරු කිරීමයි.

නොවැම්බර් 08 වැනිදා දකුණු ග්යොංසාං පළාතේ ගම්මිරිස් වර්ග කිරීමේ කම්හලකට යෙදවීම සඳහා රොබෝවරයා පරීක්ෂා කිරීම මිය ගිය සේවකයා විසින් සිදු කරනු ලැබ තිබේ.

පොලීසිය වාර්තා කරන්නේ, පරීක්ෂණ ධාවනයට පෙර සේවකයා, රොබෝවරයා ගේ සංවේදක මෙහෙයුම් පරීක්ෂා කරමින් සිටි බවයි.

මේ ආකාරයට මාර්තු මාසයේ ද මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කම්හලක සේවය කරමින් සිටිය දී 50 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයකු රොබෝවරයෙකුට හසු වීමෙන් බරපතළ තුවාල ලැබුවා.

The post රොබෝ යන්ත්‍රයක පහර දීමකින් ජීවිතක්ෂයට පත්වූ සේවකයා appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ මිය ගිය සංඛ්‍යාව දසදහස ඉක්මවයි  

0 comments

ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ 10000 අධික පිරිසක් මිය ගොස් ඇති අතර, 25 000 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පලස්තීනයේ ගාසා තීරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (6) නිකුත් කළ නිවේදනයක මේ බව දක්වා තිබෙනවා.

මිය ගිය අය අතරින් 4100 කට වැඩි පිරිසක් දරුවන් වන අතර 2600 කට වැඩි පිරිසක් කාන්තාවන් බවද සඳහන්.

The post ගාසා තීරයේ මිය ගිය සංඛ්‍යාව දසදහස ඉක්මවයි appeared first on ITN News.

Read More »

ගාසා තීරය දරුවන්ගේ සුසාන භූමියක් බවට පත්වෙමින් පවතිනවා – එක්සත් ජාතීන්ගේ මහලේකම්  

0 comments

ගාසා තීරය දරුවන්ගේ සුසාන භූමියක් බවට පරිවර්තනය වී ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයන් වැඩි කිරීමත් සමඟ ගාසා තීරය දරුවන්ගේ සුසාන භූමියක් බවට පරිවර්තනය වෙමින් පවතින බවයි ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සදහන් කරන්නේ.

ගතවන සෑම පැයක් පාසා ගාසාවේ තත්ත්වය දරුණු අතට හැරෙමින් පවතින බව ඔහු සදහන් කරනවා.

ඉතා ඉක්මනින් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ගාසා වැසියන්ට අවශ්‍ය මානූෂිය ආධාර ලබාදීමට කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගාසා,  ඊශ්‍රායල දෙපාර්ශවයේම සාමාන්‍ය වැසියන් ඝාතනයට ලක්වීම අතිශය ඛේදජනක තත්ත්වයක් බවයි ජගත් සංවිධානය පවසන්නේ.

 

 

 

 

 

The post ගාසා තීරය දරුවන්ගේ සුසාන භූමියක් බවට පත්වෙමින් පවතිනවා – එක්සත් ජාතීන්ගේ මහලේකම් appeared first on ITN News.

Read More »

කුඩා දරුවෙකු ප්‍රාණ ඇපයට ගත් පුද්ගලකුට වුණු දේ  

0 comments

ජර්මනියේ හැම්බර්ග් ගුවන්තොටුපළේ කුඩා දරුවෙකු ප්‍රාණ ඇපයට තබා ගනිමින් කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්වුණා.

පැය 18ක මෙහෙයුමකින් පසුවයි ඔහු අත්අඩංගුවට ගැනුනේ.

ආයුධ අතැතිව සිටි ඔහු අවස්ථා දෙකක දී අහසට වෙඩි තැබු බව ද ජර්මන් පොලිසිය වැඩිදුරටත් සදහන් කරනවා.

තුර්කිය බලා ගුවන් ගත වීමට සුදානම් වු මගීන් පිරුණු යානයක් අසලට ගමන් ගත් ඔහු ඉල්ලා සිටියේ අදාළ දරුවා ද සමග තමන්ට තුර්කියට යාමට අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් යානයේ සිටි මගීන් ආරක්ෂිතව ඉවත් කිරීමට ජර්මන් බලධාරීන් කටයුතු කර තිබුණා.

යානය ප්‍රමාදවී ගමන් කරවීමට සිදුවීම නිසා එම මගීන් හෝටල්වල රැදවීමට ද පියවර ගැනුනා.

The post කුඩා දරුවෙකු ප්‍රාණ ඇපයට ගත් පුද්ගලකුට වුණු දේ appeared first on ITN News.

Read More »

බස් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ප්‍රපාතයකට පෙරලෙයි – 4ක් මරුට  

0 comments

රාජස්ථාන් ප්‍රාන්තයේ ඩවුසා දිස්ත්‍රික්කයේ දී බස් රථයක් වේගය පාලනය කරගත නොහැකිව Dausa Collectorate වටරවුම අසලදී ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා

හරිද්වාර් සිට ජායිපූර් බලා යමින් තිබූ මෙම බස් රථය අඩි 30ක් පහළට පෙරලී දුම්රිය මාර්ගයකට වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

 

 

The post බස් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ප්‍රපාතයකට පෙරලෙයි – 4ක් මරුට appeared first on ITN News.

Read More »

නේපාල භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට  

0 comments

නේපාලයට බලපෑ භූකම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

300කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

බටහිර නේපාලයේ කදුකර ප්‍රදේශයකට පසුගිය සිකුරාදා රිච්ටර් පරිමාණ ඒකක 6යි දශම 4ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයකින් දැඩි හානි සිදුවුණා.

සුන්බුන් අතර සිරව සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අධික ශිත කාලගුණය නොතකා සාමාන්‍ය වැසියන්ට රාත්‍රී කාලය එළිමහනේ ගත කිරීමට සිදුව තිබෙනවා.

බොහෝ පිරිසකට තම නිවාස අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. වසර 8කට පමණ පසු නේපාලයට බලපෑ ප්‍රබලතම භූකම්පනය ද මෙයයි.

 

 

 

 

The post නේපාල භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට appeared first on ITN News.

Read More »

අද දිනයේ ලොව වායු දූෂණය ඉහළම නගර දිල්ලි  

0 comments

අද දිනයේ ලොව වායු ගෝලීය දූෂණය ඉහළම නගර බවට දිල්ලි,  ලාහෝර් හා කොල්කටා යන නගර පත්ව තිබෙනවා.

අද උදෑසන 7.30 වනවිට ලොව වායු දූෂණය ඉහළම නගරය ලෙස සටහන් වූයේ ඉන්දියාවේ දිල්ලි නගරයයි.

දෙවන ස්ථානයේ පාකිස්තානයේ ලාහෝර් නගරය පසුවන අතර තුන්වන ස්ථානය ඉන්දියාවේ කොල්කටා නගරයට හිමිව තිබෙනවා.

දිල්ලි නගරය දූෂිත වායු අංශූන්ගෙන් සමන්විත ඝන දුමාරයකින් වැසී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකයේ අගය 483ක් ලෙසද ලාහෝර් නගරයේ එම අගය 371ක් හා කොල්කටා නගරයේ අගය 206ක් ලෙසයි සටහන් වන්නේ.

ශීත සෘතුව එළඹීමත් සමග සුළගේ වේගය අවම වන අතර ගිනිකෙළි භාවිතය හා පිදුරු දහනය හේතුවෙන් මෙලෙස ඉන්දියාවේ වායු දූෂණය වසරක් පාසා ඉහළ යනවා.

 

 

 

 

 

 

 

 

The post අද දිනයේ ලොව වායු දූෂණය ඉහළම නගර දිල්ලි appeared first on ITN News.

Read More »

නේපාල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 150 ඉක්මවයි  

0 comments

නේපාල භූකම්පනයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 150කට අධික බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

බටහිර නේපාලයෙන් පසුගිය සිකුරාදා රිච්ටර් පරිමාණ ඒකක 6. 4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් වාර්තා වුණා.

සුන්බුන් අතර සිරව සිටින පිරිස් සොයා මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මකයි.

ආරක්ෂක අංශ ඇතුළු සහන කණ්ඩායම් ඒ සඳහා දායකත්වය සපයනවා.

භූ කම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 375ක් පමණ වන බවද සඳහන්.

වසර 8කට පසු නේපාලයේ ඇති වු දරුණුතම භූකම්පනය මෙයයි.

භූ කම්පනයෙන් නවදිල්ලිය දක්වා ගොඩනැගිලි සෙලවීමට ලක්වුණා.

 

 

 

The post නේපාල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 150 ඉක්මවයි appeared first on ITN News.

Read More »

රුසියාවේ ප්‍රධානතම අරමුණ යුක්‍රේනයට ඇති ගෝලීය අවධානය අහිමි කිරීම  

0 comments

ඊශ්‍රායල – හමාස් ගැටුම් හේතුවෙන් යුක්‍රේනයට ලැබී ඇති ගෝලීය අවධානය අහිමිවෙමින් පවතින බව ජනාධිපති වෝල්දෝමියර් සෙලෙන්ස්කි සඳහන් කරනවා.

යුක්‍රේනයට හිමිව ඇති ගෝලීය අවධානය අහිමි කිරීම රුසියාවේ ප්‍රධානතම අරමුණ බවයි යුක්‍රේන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී රුසියාව යුක්‍රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කළා.

මේ වන විට යුක්‍රේනය රුසියාව සමඟ එකඟතාවයකට පැමිණ ඇති බවට පළ වන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බවයි සෙලෙන්ස්කි අවධාරණය කරන්නේ.

පසුගිය සෙනසුරාදා දිනයේ දී රුසියා ප්‍රහාරයන්ගෙන් යුක්‍රේන හමුදාවේ බලඇණියක් සම්පුර්ණයෙන් විනාශයට පත්වු බව එරට ආරක්ෂක අමාත්‍යවරයා නිවේදනය කළා.

කෙසේ වුව ද මිය ගිය සංඛ්‍යාව කෙතරම් ද යන්න සඳහන් කර නැහැ.

 

 

 

 

The post රුසියාවේ ප්‍රධානතම අරමුණ යුක්‍රේනයට ඇති ගෝලීය අවධානය අහිමි කිරීම appeared first on ITN News.

Read More »

ගාසා තීරය තුළ සටන් විරාමක් ප්‍රකාශයට පත්කළ යුතු බව අරාබි රටවල් අවධාරණය කරයි  

0 comments

ගාසා තීරය තුළ සටන් විරාමක් ප්‍රකාශයට පත්කළ යුතු බවට අරාබි රටවල් අවධාරණය කරනවා.

සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම හමාස් සංවිධානයට සහාය පළ කිරීමක් බවයි ඇමෙරිකාව සඳහන් කරන්නේ.

ඇමෙරිකා රාජ්‍ය නායක ඇන්තනි බිල්කන් ලෙබනන් , කටාර් හා ජෝර්දාන නායකයින් සමඟ පැවැත්වු සාකච්ඡාවල දී මේ බව අවධාරණය කර තිබෙනවා.

ඇමෙරිකා රාජ්‍ය නායකයා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පසුගිය සිකුරාදා දිනයේ දී හමුවු අතර එහිදි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ හමාස් සංවිධානය සමඟ කිසිදු ආකාරයේ සටන් විරාමයකට එළඹීමට අදහසක් නොමැති බවයි.

මේ දක්වා දෙපාර්ශවය අතර හටගත් ගැටුම්වලින් පලස්තීන ජාතිකයින් 9400කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

The post ගාසා තීරය තුළ සටන් විරාමක් ප්‍රකාශයට පත්කළ යුතු බව අරාබි රටවල් අවධාරණය කරයි appeared first on ITN News.

Read More »

මධ්‍යම පාකිස්තානයේ හමුදා කඳවුරකට ප්‍රහාරයක්  

0 comments

මධ්‍යම පාකිස්තානයේ හමුදා කඳවුරකට සටන්කාමීන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අද උදෑසන මධ්‍යම පාකිස්තානයේ මියන්වාලි ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරකට සටන්කාමීන් 6 දෙනෙකු පැමිණ ප්‍රහාර එල්ල කර ගුවන් යානා 3කට හානි කළ බව එරට හමුදාව පවසනවා.

සටන්කාමීන් තිදෙනෙකු කඳවුරට පැමිණීමට පෙර මරා දමා ඇති අතර අනෙක් තිදෙනා කොටුකර ඇති බව පාකිස්තාන හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ප්‍රහාරයෙන් මේ වන විට ගුවන් යානා 3කට සහ ඉන්ධන ටැංකියකට හානිසිදු වී තිබෙනවා.

ඉස්ලාමිය සටන්කාමී කණ්ඩායමක් වන තෙහ්රික් ඊ ජිහාඩ් පාකිස්තාන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.

 

 

 

 

 

The post මධ්‍යම පාකිස්තානයේ හමුදා කඳවුරකට ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ සෑම තැනක්ම අනාරක්ෂිතයි – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගාසා තීරයේ නියෝජිත  

0 comments

සෑම තැනකම සටන් ඇවිලෙන බැවින් ගාසා තීරයේ ආරක්ෂිත ස්ථානයක් සොයා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගාසා තීරයේ නියෝජිතයා ප්‍රකාශ කරනවා.

ප්‍රහාරවලින් ආරක්ෂා වීමට උත්සාහ දරන ගාසා වැසියන්ට ආරක්ෂාව සැලසීම තම සංවිධානයට කළ නොහැකි බවයි ඔහු කියා සිටින්නේ.

සරණාගතයින් සඳහා වන පලස්තීනයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයේ නිලධාරී තෝමස් වයිට් කියා සිටින්නේ ප්‍රබල ගැටුම් හේතුවෙන් සිවිල් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමද ගැටලුවක් වී ඇති බවයි.

සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ගාසා තීරයේ හමාස් සංවිධානය සමඟ තාවකාලික සටන් විරාමයක් හෝ ඇති කර ගන්නේ නැති බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළේ.

හමාස් ක්‍රියාකාරීන් භාවිත කරනු ඇතැයි සැකපළ කරමින් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ දී ගිලන් රථයකට ද පහර දී තිබෙනවා.

පසුගිය 7 වනදා ආරම්භ වූ මෙම සටන් වලින් ගාසා හි පුද්ගලයන් නව දහසකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

 

The post ගාසා තීරයේ සෑම තැනක්ම අනාරක්ෂිතයි – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගාසා තීරයේ නියෝජිත appeared first on ITN News.

Read More »

Telegram තුළින් හමාස් සමඟ සමීපව ක‍ටයුතු කරන නාලිකා කිහිපයකට සීමා  

0 comments

Telegram තුළින් හමාස් සමඟ සමීපව ක‍ටයුතු කරන නාලිකා කිහිපයකට ප්‍රවේශය සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ ඊශ්‍රායලය සමඟ යුද්ධය උග්‍ර වෙමින් පවතින බැවින් ය.

ඒ අනුව හමාස්ගේ නිල ගිණුම, එහි සන්නද්ධ කසාම් බළකායේ ගිණුම සහ Gaza Now ප්‍රවෘත්ති ගිණුම මෙලෙස සීමා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

The post Telegram තුළින් හමාස් සමඟ සමීපව ක‍ටයුතු කරන නාලිකා කිහිපයකට සීමා appeared first on ITN News.

Read More »

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයට  

0 comments

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් ඊශ්‍රායලයට පැමිණ සිටිනවා.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ඔක්තෝම්බර් 7 හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයට පැමිණි දෙවන අවස්ථාව මෙයයි.

ගාසා නගරය ඊශ්‍රායල හමුදා මගින් වටකර ඇති බවට ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමත් සමග මොහුගේ පැමිණීම විශේෂත්වයක්. ගාසා නගරය වටලා ඇති බව ඊශ්‍රායලය පවසද්දී  හමාස් හමුදා ප්‍රකාශක පවසා ඇත්තේ ඊශ්‍රායල සොල්දාදුවන් කළුබෑග්වල බහා නිවාස වෙත යවන බවයි.

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර සදහා පූර්ණ සහාය පළකරන එක්සත් ජනපදය හමුදා ආධාර වැඩිකරන බවටද පොරොන්දු වී තිබෙනවා.

මේ අතර රෆා සැපයුම් මාර්ගය හරහා ගාසා තීරයෙන් පිටවීමට අනුමැතිය ලබා දී ඇති අයගේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා. ගාසා තීරය සහ ඊජිප්තුව අතර රෆා සැපයුම් මාර්ගය දෙවන වරටත් ඊයේ විවෘත කෙරුණා.

සිවිල් වැසියන් පිරිසකට සහ විදේශීය ජාතිකයන්ට ඉන් පිටවීමට අවස්ථාව සලසා දී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයට appeared first on ITN News.

Read More »

සටන් විරාමයක් ප්‍රකාශයට පත්කොට ගාසා තීරයේ ප්‍රචණ්ඩත්වය පාලනය කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්  

0 comments

ඊශ්‍රායල-පලස්තීන ගැටුම සමනය කර ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් අරඹන ලෙස චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ඉල්ලා සිටිනවා.

ජෝර්දානයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Ayman Safadi මහතා සමඟ ඊයේ (2) දුරකථන සංවාදයකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත.

ගාසා තීරයේ සරණාගත කඳවුරුවලට එල්ල කරන ප්‍රහාර චීනය දැඩිව හෙළා දකී. නොවැම්බර් මස ආරක්ෂක කවුන්සිලයේ සභාපතිවරයා ලෙස, චීනය සියලු පාර්ශ්ව සමඟ සමීප සන්නිවේදනයක් සහ සම්බන්ධීකරණයක් පැවැත්වීමට සූදානම් බවත්, තත්ත්වය හැකි ඉක්මනින් පාලනය කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලය තුළ සම්මුතියක් ගොඩනැගීමට සෑම උත්සාහයක්ම ගන්නා බවත් වැන්ග් යී මහතා පැවසීය.

ද්වි-රාජ්‍ය විසඳුම නැවත ආරම්භ කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ නව සම්මුතියකට එළඹීමට සහ නිශ්චිත කාලසටහනක් සහ මාර්ග සිතියමක් සකස් කිරීමට හැකි ඉක්මනින් වඩාත් බලයලත් ජාත්‍යන්තර සාම සමුළුවක් කැඳවීමේ අවශ්‍යතාවය ද හෙතෙම අවධාරණය කළේය.

පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් සාධාරණත්වය සහ යුක්තිය තහවුරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හදිසි විශේෂ සැසිවාරයේදී යෝජනාව සම්මත කර ගැනීමට සහාය දීම සම්බන්ධයෙන් Safadi මහතා චීනයට ස්තුතිය පුද කර ඇත.

ද්වීරාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීමට සහ කලාපීය සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට චීනය සමඟ කටයුතු කිරීමට ජෝර්දානය කැමැත්තෙන් සිටින බව ද Ayman Safadi මහතා ප්‍රකාශ කළේය.

The post සටන් විරාමයක් ප්‍රකාශයට පත්කොට ගාසා තීරයේ ප්‍රචණ්ඩත්වය පාලනය කරන ලෙස චීනයෙන් ඉල්ලීමක් appeared first on ITN News.

Read More »

මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක්  

0 comments

6 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලබන 5 වැනිදා සිට 10 වැනිදා දක්වා චීනයේ ශැංහයි නගරයේ දී පැවැත්වේ.

මේ  වනවිට ප්‍රදර්ශනයේ පූර්ව සූදානම් කටයුතු අවසන් වී ඇත.

මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සඳහා Fortune 500 ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් 289 ක් එක්වීම විශේෂත්වයකි.

වෘත්තීමය සහභාගි වන්නන් ලක්ෂ 4.1 කට ආසන්න පිරිසක් මේ සඳහා ලියාපදිංචි වී ඇති අතර, මීට සමගාමී ව උපකාරක ක්‍රියාකාරකම් 121 ක් ද පැවැත්වේ.

“එක් තීරයක් එක් මාවතක්” තේමාවට මෙවර වැඩි අවධානයක් යොමුවනු ඇත.

එම වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල් 64 ක් ප්‍රදර්ශනයට සහභාගි වන අතර, ව්‍යවසාය ප්‍රදර්ශනයට සමාගම් 1,500කට වැඩි සංඛ්‍යාවක් එක්වීමට නියමිතය.

මෙවර ප්‍රදර්ශනය වර්ග මීටර් 80,000 ක පමණ භුමි භාගයක පැවැත්වේ. එය පසුගිය වසරට සාපේක්ෂව 30% ක පමණ වැඩිවීමකි.

මෙවර ප්‍රදර්ශනයට සමගාමී ව, Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය පැවැත්වේ. ප්‍රධාන සංසදය හැර, සෙසු ශාඛා සංසද 22 ක් ද පැවැත්වෙනු ඇත.

8,000 කට අධික පිරිසක් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

The post මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් appeared first on ITN News.

Read More »

තම හමුදාව ගාසා තීරය වට කර ඇති බව ඊශ්‍රාලය කියයි  

0 comments

තම හමුදා ගාසා තීරය වට කර ඇති බව ඊශ්‍රාලය පවසනවා.

ගාසා නගරය සම්පූර්ණයෙන්ම වටලා එහි මුරපොලවලට සහ මාර්ග ඇතුළු ස්තානවලට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගාසා තීරයේ පාසලකට එල්ල  වූ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ වන විට ඊශ්‍රාලය ඔක්තෝබර් 07 වනදා සිට ගුවන් හා කාලතුවක්කු ප්‍රහාර දහස් ගණනක් එල්ල කර තිබෙනනවා.

හමාස් සංවිධානය ඊශ්‍රාලයේ 1400 කට අධික පිරිසක් ඝාතනය කර 200 කට වැඩි පිරිසක් පැහැරගෙන යාමෙන් පසුවයි ඊශ්‍රාලය සිය මෙහෙයුම් ආරම්භ කළේ.

 

 

 

The post තම හමුදාව ගාසා තීරය වට කර ඇති බව ඊශ්‍රාලය කියයි appeared first on ITN News.

Read More »

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයින් වැඩ වර්ජනයක  

0 comments

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා බංග්ලාදේශයේ දහස් ගනනක් ඇඟලුම් සේවකයන් වැඩ වර්ජන වලට එක්ව සිටිනවා.

බංග්ලාදේශයේ ඩකා අගනුවර මෙම විරෝධතා පැවැත්වෙනවා.

ඇඟලුම් සේවක සේවිකාවන් 5,000ක් පමණ ඊට එක්ව සිටියා.

මාර්ග බාධක යොදමින් පොලිසිය ඊට බාධා එල්ල කළා.

කම්කරුවන් වැටුප අවම වශයෙන් ටකා 23,000 ක් එනම් යුරෝ 190ක් දක්වා වැඩි කරන්නයි ඉල්ලා විරෝධතා පැවැත්වෙනවා.

දැනට පවතින්නේ ටකා 8,300ක එනම් යුරෝ 70ක මාසික වැටුපක්.

ඩකා අගනුවර එක් කාමරයක් සහිත නිවසක කුලියට පමණක් ටකා 5,000 සිට 6,000 දක්වා ගෙවිය අතර ටකා 8,300 ක වැටුපකින් එය කළ නොහැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

බටහිර සන්නාම රැසකට ඇඳුම් සපයන කර්මාන්තශාලා 3,500ක් පමණ ඇති බංග්ලාදේශ රෙදිපිළි කර්මාන්තය ලොව විශාලතම ඇඳුම් අපනයනකරුවන්ගෙන් එකක් වන අතර වාර්ෂික ඇඳුම් අපනයන ආදායම වන ඩොලර් බිලියන 55න් 85%කට හිමිකම් කියනවා.

 

 

 

 

 

The post වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයින් වැඩ වර්ජනයක appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ වෙසෙන ඇෆ්ගනිස්තානු ජාතිකයින් පිටව යෑම ඇරඹෙයි  

0 comments

පාකිස්තානයේ වෙසෙන ඇෆ්ගනිස්තානුවන් විශාල වශයෙන් නික්මයාම ආරම්භ වී තිබෙනවා.

ඒ පාකිස්තානයෙන් පිටව යන ලෙස නියෝග කිරීමත් සමඟයි.

පාකිස්තානයේ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ඇෆ්ගනිස්තානුවන්ට නොවැම්බර් පලමු වනදායින් පසු පිටව යන ලෙසයි නියෝග කෙරුණේ.

එරට නීතිවිරෝධී ලෙස ජීවත්වන ඇෆ්ගන් ජාතිකයින් මිලියන 1.7කට ස්වේච්ඡාවෙන්ම පිටව යාම සඳහා නියෝග ලබා දී තිබෙනවා.

එසේ ඉවත් නොවන්නේ නම් බලහත්කාරයෙන් ඉවත් කිරීමට සුදානම් බවයි පාකිස්තාන රජය සඳහන් කරන්නේ.

මේ වන විට එලෙස පිටව යන පෝලිම් කිලෝමීටර් හතක් දුරට විහිදී තිබෙනවා.

දැනටමත් පුද්ගලයින් 29,000ක් ඇෆ්ගනිස්ථානයට පිටත්ව ගොස් ඇතැයි වාර්තා වනවා.

ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර මෙලෙස ඉවත් කිරීම සිදු වනවා.

 

 

 

 

 

The post පාකිස්තානයේ වෙසෙන ඇෆ්ගනිස්තානු ජාතිකයින් පිටව යෑම ඇරඹෙයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ සරණාගත කඳවුරට එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 195ක් දක්වා ඉහළට  

0 comments

ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 195 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම ප්‍රහාරයෙන් තවත් 120 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ මෙය යුද අපරාධයක් බවයි.

මේ වන විට රෆා හරස් මාර්ගය විවෘතව ඇති අතර ඒ ඔස්සේ ගාසා තීරයේ සිට ඊජිප්තුවට සංක්‍රමණයවීමේ හැකියාව පවතිනවා.

ගාසා තීරයේ දුරකතන හා අන්තර්ජාල සබඳතා මේ වන විට මුළුමනින්ම කපාහැර ඇති බව එහි සැපයුම්කරු පවසනවා.

කෙසේ වෙතත් ගාසා තීරයේ ගැටුම්වලින් මේ වන විට ඊශ්‍රායල ජාතිකයන් 1400 දෙනෙකු මිය ගොස් ඇති අතර ගාසා තීරයේ 8700 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

 

 

 

The post ගාසා තීරයේ සරණාගත කඳවුරට එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 195ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

කැනඩාව රජයේ ආයතනවල WeChat තහනම් කරයි  

0 comments

රජයේ ආයතනවල වීචැට් සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබෙනවා.

චීන යෙදවුමක් වන වීචැට් සමාජ මාධ්‍ය, වට්ස්ඇප්, ෆේස්බුක්, ඇමර්සන් හා ටින්ඩර් වැනි සමාජ මාධ්‍ය සමස්තයෙහි එකතුවක් ලෙසයි නිර්මාණය කර ඇත්තේ.

චීනය තුළ බටහිර සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන බැවින් එම සියලු සමාජ මාධ්‍ය එක්කර වීචැට් නිර්මාණය කර තිබෙනවා.

වීචැට් සමාජ මාධ්‍ය හරහා එය භාවිත කරන්නන් සම්බන්ධයෙන් ඔත්තු බැලීමට හැකියවක් පවතින බවයි බටහිර රටවල් චෝදනා කරන්නේ.

ලොව වැඩිම පිරිසක් භාවිත කරන සමාජ මාධ්‍ය ලෙසද වීචැට් හැදින්විය හැකියි.

මීට පෙර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලයේ දී ඇමෙරිකා රාජ්‍ය ආයතන තුළද වීචැට් භාවිතය තහනම් කෙරුණා.

 

 

 

 

 

The post කැනඩාව රජයේ ආයතනවල WeChat තහනම් කරයි appeared first on ITN News.

Read More »

ඉන්දීය රජය ජංගම දුරකතන වලින් අනවසරයෙන් දත්ත ලබාගැනීමක් සිදුකරන බවට විපක්ෂයෙන් චෝදනාවක්  

0 comments

ඉන්දීය රජය තම ජංගම දුරකතන වලින් අනවසරයෙන් දත්ත ලබාගැනීම සිදුකරන බවට එරට විපක්ෂය චෝදනා කරනවා.

ඉන්දීය විපක්ෂ මන්ත්‍රීවරුන් සදහන් කරන්නේ තම ජංගම දුරකතනයන්ට පිටස්තර පුද්ගලයෙකු ඇතුළුවී දත්ත ලබා ගැනීමක් සිදුකර ඇති බවට ඇපල් ජංගම දුරකතන සමාගමෙන් පණිවුඩ ලැබුණු බවයි.

කෙසේ වුවද දත්ත ලබාගැනීම සිදුකළ අය සම්බන්ධයෙන් හෙළිකිරීමක් සිදුකර නැහැ.

විපක්ෂ මන්ත්‍රීවරුන් රජය ඊට සම්බන්ධ බවට චෝදනා කරනවා.

චෝදනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ඊට රජය කිසිදු සම්බන්ධයක් නොමැති බවත් චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ෂනයක් සිදු කිරීමට කටයුතු කරන බවයි.

කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු මන්ත්‍රීවරු රැසකගෙන් සිද්ධියට සම්බන්ධ චෝදනා එල්ලවී තිබෙනවා.

The post ඉන්දීය රජය ජංගම දුරකතන වලින් අනවසරයෙන් දත්ත ලබාගැනීමක් සිදුකරන බවට විපක්ෂයෙන් චෝදනාවක් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG