Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Showing posts with label Sport. Show all posts

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්  

0 comments

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.


ඉදිරිපැය 24 ටදිවයිනවටාවනමුහුදුප්‍රදේශසඳහාකාලගුණඅනාවැකිය

වැසි තත්ත්වය : කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සුළඟ : සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය : මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැක.

මුහුදු රළ තරංග කාලය වැඩිවීම හේතුවෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ රළු විය හැක.

 

ප්‍රධාන   නගර සදහා කාලගුණ අනාවැකිය                                                       දිනය :   2023-02-14
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 31 20 95 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මඩකලපුව 29 22 90 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
කොළඹ 30 23 85 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
ගාල්ල 29 23 90 75 ප්‍රධාන වශයෙන් වැසි රහිත
යාපනය 30 24 80 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 30 18 95 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
නුවරඑළිය 22 7 90 45 ප්‍රධාන වශයෙන් වැසි රහිත
රත්නපුරය 34 23 95 50 ප්‍රධාන වශයෙන් වැසි රහිත
ත්‍රිකුණාමලය 29 23 85 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මන්නාරම 30 23 85 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත

The post ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් appeared first on ITN News.

Read More »

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා  

0 comments

දකුණු කළුතර දුම්රිය ස්ථානය අසළදී දුම්රිය එන්ජිමක් පීලි පැනීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩපණ වී තිබෙනවා.

දකුණු කළුතර සිට මරදාන දක්වා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා දුම්රියක එන්ජිමකුයි මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත්තේ. දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී එන්ජිම මාරු කිරීම සඳහා ගමන්ගත් මොහොතේදී පීලි පැනීම සිදුවුණා. මේ නිසා දුම්රිය මාර්ගයේ කොන්ක්‍රීට් සිල්පර කිහිපයකට ද හානි සිදුවී තිබෙනවා.

 

 

 

The post මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා appeared first on ITN News.

Read More »

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි  

0 comments

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවකට පෙනී සිටිම සදහායි.

පාස්කු ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට අපොහොසත් වීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමා සහ එම ප්‍රහාරයෙන් වින්දිතයෙකු වු ජේසුදාසන් නඩේසන් යන අය පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට පෙනී සිටින ලෙස මෛත්‍රීපාලන සිරිසේන මහතාට නොතිසි නිකුත් කර තිබුණා.

ඒ අනුව ඔහු අද දින අධිකරණයට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.

 

 

The post හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි appeared first on ITN News.

Read More »

තිස්ස, ලුණුගම්වෙහෙර වී වගාව පරීක්ෂාවට විශේෂ කණ්ඩායමක්  

0 comments

තිස්ස, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ වගා කරන ලද කුඹුරු අක්කර 25000ක් ආශ්‍රිතව නෙමටෝඩා හා ගොයම් කහ වීම පවතින බවට අද දින (24) ප්‍රධාන පුවත්පතක් විසින් වාර්තා කර තිබිනි.

එම ප්‍රවෘත්තියේ දක්වා තිබුනේ කුඹුරු අක්කර 11,000ක් නෙමටෝඩා නිසා විනාශව ඇති බවත්, තවත් අක්කර 14,000ක වී වගාව අත්හැර දමන ලෙස බතලගොඩ වී පර්යේෂණායතනයේ නිලධාරින් කණ්ඩායමක් උපදෙස් දුන් බවයි.

මේ සම්බන්ධව අවධානය යොමු කළ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ පිළිබඳව බතලගොඩ වී පර්යේෂණායතනයෙන් කරුණු විමසීමක් කළේය.

බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා ලුනුගම්වෙහෙර වී වගාවන් සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා මෙතෙක් කිසිදු නිලධාරියෙක් හෝ කණ්ඩායමක් තමන් යොමු නොකළ බවත්, එමෙන්ම කිසිදු අවස්ථාවක වී වගාව අත් හරින ලෙස උපදෙස් ලබා දීමක් තම ආයතනය හෝ නිලධාරින් විසින් ලබා දී නැති බව අවධාරණය කළේය. එමෙන්ම කවර රෝග තත්ත්වයක් වාර්තා වුවත් එය පාලනයට පියවර ගැනීම මිස කිසිදු විටෙක වගාව අත්හැරීමට තම ආයතනය උපදෙස් නොදෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වී වගාව ආශ්‍රිතව යම් යම් රෝග තත්ත්වයන් වාර්තා වන විට ඒ සදහා නිලධාරි කණ්ඩායම් යවා පර්යේෂණ සිදු කරන්නේ තම උපදෙස් මත බවත්, එහෙත් තිස්ස, ලුණුගම්වෙහෙර ආශ්‍රිතව කිසිදු ස්ථානයකට තමන් ගේ අනුදැනුම මත මෙතෙක් නිලධාරින් කණ්ඩායමක් යවා නැති බවත් ඒ මහතා අවධාරණය කළේය.

කෙසේ වුවද තිස්ස, ලුණුගම්වෙහෙර ව්‍යාපාරයේ හානි වී ඇති බවට අදාල පුවත්පත විසින් වාර්තා කර තිබෙන කුඹුරු පරීක්ෂාව සදහා අද දින (24) අම්බලන්තොට වී අභිජනන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හර්ෂනී උමා සිරිවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් පිටත් කර හරින බවත්, එම නිලධාරින් විසින් සිදු කරන විමර්ශනවලින් අනතුරුව වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දීමට පියවර ගන්නා බවත් ආචාර්ය සේනානායක මහතා පැවසීය.

 

The post තිස්ස, ලුණුගම්වෙහෙර වී වගාව පරීක්ෂාවට විශේෂ කණ්ඩායමක් appeared first on ITN News.

Read More »

සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහාය දීමට ඉන්දියාව සූදානම් – ඉන්දිය විදේශ ඇමති  

0 comments

සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහාය දීමට ඉන්දියාව සූදානම් බවට ඉන්දිය විදේශ අමාත්‍ය  එස්.ජයිශංකර් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  හමුවේ ද සහතික වුණා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු තවත් මැතිඇමතිවරු කිහිප දෙනෙකු සහ ජයිශංකර් මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව සඳහා යෝජිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයට ඉන්දියාව පූර්ණ සහාය ලබා දෙන බවට සහතිකවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රසාදය  පල කළා. ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය හිමි රටවලින් එවැනි සහතිකයක් බලාපොරොත්තු වුණා. ණය ප්‍රතිසංවිධාන කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් බිලියන 4 ක් ලබාදීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ස්තුතිය පල කළා. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙහි ආයෝජන සිදු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් ද කළා. ඒ සඳහා ඉහළ හැකියාවක් ඇති බව ද ජයිශංකර් මහතා දැනුම් දුන්නා. පාසල් පෙළ පොත් මිලියන 19 ක් මුද්‍රණය කිරීමට ලබා දුන් සහායට ද  අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී ස්තුතිය පල කළා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේ පොදු ප්‍රවාහනය වැඩි දියුණු කිරීම සදහා ඉන්දීය සහාය අපේක්ෂා කරන බවයි. කැලණිවැලි දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම පිළිබද සළකා බැලීමට සූදානම් බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර විදේශ  අමාත්‍ය අලි සබ්රි මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුවක් විදේශ අමාත්‍යාංශයේදී ඊයේ සිදු කෙරුණා. යටිතල පහසුකම් , බලශක්ති , කර්මාන්ත හා සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබුණා.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශංකර් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමු වුණා. ඒ මහතා සහ උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වුණේ ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදීයී. ආර් සම්බන්ධන් ,එම්.ඒ සුමන්දිරන්, මාවෙයි සේනාධිරාජා,ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සෙල්වම් අඩෙයිකලනාදන් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍ර යන ජනතා නියෝජිතයන් මීට එක්ව සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුවක්ද සිදු වුණා. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදීයී.

ඉන්දීය ධීවර ප්‍රශ්නය සම්බන්ධයෙන් නිසි විසදුමක් ලබා දෙන බවට ඉන්දීය විදේශ අමාත්‍යවරයා පොරොන්දු වූ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා  පවසනවා. ඒ එම හමුවෙන් අමතරව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මේ වසරේදී බස් රථ 600 ක් ප්‍රවාහනයට එක්කිරීමට නියමිතයි. 75 වන නිදහස් දිනය වෙනුවෙන් බස් රථ 150 ක් ප්‍රවාහනයට එක් කිරීමේ සංකේතාත්මක උත්සවය කොළඹදී පැවැත්වුණා.ඒ ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශංකර්  සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

 

The post සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහාය දීමට ඉන්දියාව සූදානම් – ඉන්දිය විදේශ ඇමති appeared first on ITN News.

Read More »

කොල්ලකෑම්වලට සම්බන්ධ කල්ලියක් අත්අඩංගුවට  

0 comments

නැගෙනහිර පළාතේ කොල්ලකෑම්වලට සම්බන්ධ කල්ලියක් කලවංචිකුඩි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ මඩකලපුව කළුතාවල ප්‍රදේශයේ නිවෙසකින් රන් පවුම් 54ක් සහ රුපියල් ලක්ෂ 10ක් සොරකම් කර තිබුණා. එහි ප්‍රධාන සැකකරුගෙන් ලද තොරතුරුවලට අනුව තවත් සැකකරුවන් 3න් දෙනෙකු හා සැකකාරියක අත්අඩංගුවට ගැනුනා. ඔවුන් සමඟ ගිණි අවියක් , අත්බෝම්බයක් සහ රන් ආභරණ ඇතුලු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

The post කොල්ලකෑම්වලට සම්බන්ධ කල්ලියක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

හලාවත පවුල් 350කට පානීය ජල පහසුකම් සැපයීමට නව ජල ව්‍යාපෘතියක්  

0 comments

හලාවත ප්‍රදේශයේ පවුල් 350කට පානීය ජල පහසුකම් සැපයීම වෙනුවෙන් නව ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

හලාවත උඩප්පුව හා තිස්සෝගම යන ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල පහසුකම් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ජල ව්‍යාපෘතියට රජය වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 550 ක්.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ සදහා මූල්‍ය පහසුකම් සළසා තිබෙනවා.

නව ජල ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම ප්‍ර දේශයේ ජනතාව කාලයක සිට පානීය ජල ගැටලුවෙන් පීඩා විදින අතර නව ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමත් සමඟ ඔවුන්ගේ එම ගැටලුවට පිළියම් ලැබෙන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

 

 

The post හලාවත පවුල් 350කට පානීය ජල පහසුකම් සැපයීමට නව ජල ව්‍යාපෘතියක් appeared first on ITN News.

Read More »

පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අප්‍රසාදය  

0 comments

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ජේෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් පිළිබද කාරක සභාවට සහභාගී නොවීම සහ ඒ පිළිබදව විධිමත්ව කාරක සභාව දැනුවත් නොකිරීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අප්‍රසාදය පළ විය.

දෙසැම්බර් 21 වැනිදා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබුණද ඊට සහභාගී නොවීම පිළිබද සාධාරණ පැහැදිලි කිරීමක් ලිඛිතව ඉදිරිපත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් කොමිෂන් සභාවේ ලේකම්වරයාට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී. 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ ඉදිරිපත් කර තිබූ රෙගුලාසි, ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී පසුගියදා (05) සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු අවධාරණය කෙරිණි.

ආයෝජන උත්පාදනය සඳහා වරාය නගර ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව මෙතෙක් සිදු කර ඇති කාර්යයන් සතුටුදායක මට්ටක නොමැති බවද පැවසීය. මෙවැනි ව්‍යාපෘති හසුරුවන වෘත්තිකයන් ලෙස වඩා වගකීම් සහගතබවකින් ක්‍රියාත්මක විය යුතු බව මෙහිදී කමිටුව විසින් පැමිණ සිටි නිලධාරීන්ට පෙන්වා දෙන ලදී. විශේෂයෙන්ම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මගින් සිදුකරන ලියාපදිංචි කටයුතු සහ අයදුම් කිරීමේ කටයුතු අන්තර්ජාලය හරහා සිදුකිරීමට කොමිෂන් සභාව අපේක්ෂා කරන සන්දර්භයක් තුළ නිසි මාර්ගගත (ඔන්ලයින්) වැඩපිළිවෙලක් හෝ වෙබ් අඩවියක් නොතිබුණේ මන්දැයි කාරක සභාව මෙහිදී විමසා සිටියේය. ඒ අනුව එම ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස කාරක සභාව විසින් පැමිණ සිටි කොමිෂන් සභා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

තවද, විගණන වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. වාර්ෂික විගණන වාර්තා කඩිනමින් ඉදිරිපත් කිරීම සහතික කරන ලෙස කාරක සභාව කොමිෂන් සභා නිලධාරීන්ට නියෝග කළේය.

කැසිනෝ ව්‍යාපාරය නියාමන වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබදව අධීක්ෂණය සදහා අනුකමිටුවක් ස්ථාපනය කළ බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සදහන් කළේය.

 

The post පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අප්‍රසාදය appeared first on ITN News.

Read More »

ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කළ විදේශිකයන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට  

0 comments

ගාල්ල ප්‍රදේශයේ ඒ ටී එම් යන්ත්‍ර කපා මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් බල්ගේරියා ජාතිකයන් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයන් පස් දෙනෙකු පොලසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසියේ පරිගනක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ෂණ වලින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුනා. කොළඹ හැව්ලොක් ප්‍රදේශයේදි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමවලදි එක් බල්ගේරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. අනෙක් බල්ගේරියා ජාතිකයා මෙරටින් පළා යාමට උත්සහ දැරිමේ දි අත්අඩංගුවට පත්ව තිබෙනවා. කටුනායක ගොවන්තොටුපලේදි ඔහු අත්අඩංගුවට පත් වු අතර එම පුද්ගලයා මෙරට කොල්ලකෑම් මාලාවක ප්‍රධාන සැකකරු බවයි පොලිසිය පැවසුවේ. අපරාධ සිදු කිරීමට යෙදා ගත් රථයේ රියදුරු පිටිගල ප්‍රදේශයේදි වාහනය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් බද්දේගම ඒ ටී එම් යන්ත්‍රයකින් රුපියල් මිලියන 5.7ක් හික්කඩුව ප්‍රදේශයේ ඒ ටි එම් යන්ත්‍රවලින් රුපියල් මිලියන 4.8ක් සහ කරාපිටිය ඒ ටි එම් යන්ත්‍රවලින් රුපියල් දෙලක්ෂ පනස්දහසක් සොරා ගනෙ තිබෙනවා.

 

 

 

The post ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කළ විදේශිකයන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

නිවාස 6 ක් කොල්ලකා භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

අතුරුගිරිය ප්‍රදේශයේ නිවාස 6 ක් කොල්ලකා භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා නිවාස කොල්ලකා රුපියල් ලක්ෂ 25කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කර ඇති බවට පොලීසියට පැමිණිලි ලැබී තිබුණා. ඒ අනුව අතුරුගිරිය පොලීසිය කළ වැටලීමකදී එම භාණ්ඩ ද සමග සැකකරු අත්අඩංගුවට ගැණුනා. ඔහු සොරකම් කළ ලක්ෂ තුනහමාරක් පමණ වටිනා රත්‍රං වළල්ලක් රුපියල් පහළොස් දහසකට අලෙවි කර තිබියදී සොයා ගැනීමට ද හැකිවී තිබෙනවා. සැකකරු කොස්ගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

 

 

 

 

The post නිවාස 6 ක් කොල්ලකා භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

පසුගිය වසරේදි රබර් ආශ්‍රිත අපනයනයන් 39%කින් ඉහළට  

0 comments

පසුගිය වසරේදි රබර් ආශ්‍රිත අපනයනයන් සියයට තිස් නවයකින් ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ලේ පැවති මාධ්‍ය හමුවකදි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

The post පසුගිය වසරේදි රබර් ආශ්‍රිත අපනයනයන් 39%කින් ඉහළට appeared first on ITN News.

Read More »

මෙරට ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය මේ මස අගදී  

0 comments

මෙරට ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය මේ මස අගදී ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. චීනය සමඟද යළි සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ජනාධිපතිතුමා පවසන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කතෘ වරුන් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේබව කියා සිටියා. මෙම හමුව පැවැත්වුණේ ජනාධිපති නිල නිවසේදීයි.මාධ්‍ය ප්‍රධානීන් සමඟ අද පැවති සාකච්ඡාවේදී ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී තිබුණා. ජනාධිපතිතුමා එහිදී කියා සිටියේ පුවත්පත් හා විද්‍යූත් මාධ්‍ය සඳහා ශ්‍රී ලංකාවේ නීති පැවතුනත් සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් නොමැති බවයි. මේ නිසා සිංගප්පුරුවේ දැනට භාවිතා කරන විදුලි සන්දේශ හා සමාජ පනත තමා ගෙන්වාගෙන එය අධ්‍යයනය කරන බවත් එය ශ්‍රි ලංකාවට ගැලපෙන ආකාරයෙන් සකස් කොට ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිතුමා  ප්‍රකාශ කර සිටියා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා පවතින පරස්පර මත පළමුවෙන්ම විසඳාගත යුතු බවයි. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වූ බවත් , බලය බෙදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සෙසු දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීම සහ එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ලබන අගහරුවාදා සිට සාකච්ඡා ආරම්භ කරන බවත් ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන්ට පෙන්වා දුන්නා.

 

The post මෙරට ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය මේ මස අගදී appeared first on ITN News.

Read More »

පිනකල් අවෝඩ්ස් 2022 සම්මාන උළෙලේදී ITN මාධ්‍ය ජාලයට සම්මාන 3ක්  

0 comments

ශ්‍රී ලංකා පිනකල් අවෝඩ්ස් 2022 සම්මාන උළෙලේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට සම්මාන තුනක්  හිමිවුණා.

මෙම සම්මාන උළෙලේ හොදම ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිමිවූයේද ස්වාධීන රූපවාහිනිය ඔස්ස් විකාශය වූ මාණික්කාවත ටෙලි නාට්‍යයටයි.

ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා  අධ්‍යක්ෂණය කළ මාණික්කාවත ටෙලිනාට්‍යයට හොදම ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිමිවූ අතර ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සරත් කුමාර පෙරේරා මහතා එය ලබා ගත්තා.

මාණික්කාවත රේඩියෝකරණය වෙනුවෙන් ලක්හඩ ගුවන්විදුලියට ද විශේෂ සම්මානයක් හිමිවුණා. එහි නිෂ්පාදක ඉදුනිල් අතපත්තුයි සම්මානය ලබා ගත්තේ.

හොදම පිටපත වෙනුවෙන් ලක්හඩ ගුවන්විදුලියේ සහකාර කළමනාකාරිණී මයුරි ලියනගේ මහත්මිය සම්මානය දිනාගත්තා. ශ්‍රී ලංකා පිනකල් අවෝඩ්ස් 2022 සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වුණා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන වජිර අබේවර්ධන සහ සරත් වීරසේකර යන මහත්වරුන්ද එක්ව සිටියා.

 

 

 

The post පිනකල් අවෝඩ්ස් 2022 සම්මාන උළෙලේදී ITN මාධ්‍ය ජාලයට සම්මාන 3ක් appeared first on ITN News.

Read More »

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තත්වය ගැන මහනාහිමිවරු දැනුවත් කෙරේ  

0 comments

බෞද්ධ හා පාලිවිශ්වවිද්‍යාලයේ වත්මන් තත්ත්වය පිළිබද මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්වහන්සේ දැනුවත් කිරීමට එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය ක්‍රියා කළා.

මහනුවර මල්වතු විහාරය වෙත පැමිණි ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ එහිදී මහානායක ස්වාමීන්වහන්සේ දැනුවත් කළා.

විශ්වවිද්‍යාලයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ විට ප්‍රචාරය වන්නේ අසත්‍ය කරුණු බවයි ශීෂ්‍ය භික්ෂූන්වහන්සේ කියා සිටියේ. විශ්වවිද්‍යාලය  යළි විවෘත කිරීම සදහා මැදිහත්වන ලෙසට උන්වහන්සේ මහානායක ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලා සිටියා.

 

 

The post බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තත්වය ගැන මහනාහිමිවරු දැනුවත් කෙරේ appeared first on ITN News.

Read More »

බානගල උපතිස්ස ස්වාමීන්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක්  

0 comments

ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන්වහන්සේගේ 73 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.

මහාබෝධී විහාරයේ සභාපති හා ජපානයේ ලංකා ජී විහාරයේ විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේ මෙරට ආගමික හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළා.

දෙරට අතර සබදතා තවත් ශක්තිමත් කිරීමටද  උන්වහන්සේගේ සේවාව ඉවහල් වුණා. පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ සුබපැතුම් පණිවුඩය ඉදිරිපත් කළේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතායි.

අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. එමෙන්ම ජපානයේ නියෝජිතයන් මෙන්ම එරට සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද මෙම වැඩසටහනට එක්ව සිටියා.

 

The post බානගල උපතිස්ස ස්වාමීන්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් appeared first on ITN News.

Read More »

IMF මුල්‍ය පහසුකම මේ වසර මුලදී  

0 comments

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලබාදෙන මුල්‍ය පහසුකම මේ වසර මුලදි ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ආර්ථික ස්ථාවරභාවය සදහා සාමාජයේ සෑම අයෙකුගේම සහ සෑම අංශයකම සහාය අවශ්‍ය බවයි මහ බැංකුව අවධාරණය කරන්නේ.

දැඩි විදේශ විනිමය හිගය මධ්‍යයේ තෝරාගත් විදේශීය ණය නැවත ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. අත්‍යවශය ආනයන පාලනය කරමින් විදේශ මුදල් රටින් ගලා යාම තවදුරටත් පාලනය කෙරුණා.

ඉන්ධන, ගල් අගුරු ,ගෑස්,ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ආනයනය සදහා විදේශ විනිමය ලබා ගැනීම සහතික කිරීම තුලින් සාමාජ ආර්ථික නොසන්සුන්තාව පාලනය කර ඇති බවයි මහ බැංකුව පවසන්නේ.

ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම ද සිදු කෙරෙමින් පවතිනවා. මේ වසර සහ ඉදිරිය සදහා ආර්ථික ස්ථායිතාව පවත්වාගෙන යාමට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ප්‍රධාන අපේක්ෂාවක් වන්නේ උද්ධමනය පාලනය කරමින් ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමයි.

පසුගිය වසරේදි සියයට අටකින් හැකිලුනු ශ්‍රී ලංකා ආර්ථිකය මේ වසරේ දෙවන භාගයේ සිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වී වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂාවයි.

අවශ්‍ය ප්‍රතිපත්ති හා නියාමන ක්‍රියාමාර්ග තුළින් සිය අරමුණු ඉටුකර ගැනීම මහ බැංකුවේ අපේක්ෂාවයි. ඉදිරි ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරමින් නිවැරදි කිරිමේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග නිසි පරිදි ක්‍රියාත්මක කරන බව මහ බැංකුව පවසනවා.

පොලී අනුපාත ඉදිරියේදි පහළයා හැකි නමුත් උද්ධමනය සැලකිය යුතු ලෙස පාලනය වන තෙක් මුදල් තත්ත්වයන් දැඩිව පවත්වා ගැනීම අපේක්ෂාව බවයි ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සදහන් කරන්නේ.

 

 

The post IMF මුල්‍ය පහසුකම මේ වසර මුලදී appeared first on ITN News.

Read More »

මුදල් ආරවුලක් මුල් කරගනිමින් පැහැරගත් දරුවා සොයා ගැනේ  

0 comments

මත්කුඩු ජාවරාමකට අදාළව  ඇති වූ මුදල් ආරවුලක් මුල් කරගනිමින් පැහැරගත් කුඩා දරුවා පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගත්තා.

ග්‍රෑන්ඩ්පාස් රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ හෙරොයින් අලෙවි කරන කාන්තාවක් මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට කලක් පුරා මත්කුඩු අලෙවි කිරීම සිදු කර තිබෙනවා.

එම මත්කුඩු සදහා මුදල් නොගෙවීම හේතුවෙන් මීගමුව ප්‍රදේශයේ  අදාළ පුද්ගලයාගේ වයස අවුරුදු 10 ක් වන දරුවකු පැහැරගෙන තිබෙනවා.

ඒ මීගමුව අධිකරණය අසලදීයි. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක කාන්තාවක අත්අඩගුවට ගෙන විමර්ශන ක්‍රියාත්මක කෙරුණා.

ඒ අනුවයි ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල රන්දිය උයන මහල් නිවාසයක සිටි දරුවා සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකි වුණේ. වැඩිදුර විමර්ශන සදහා දරුවා ග්‍රෑන්ඩ් පාස් පොලීසිය වෙත භාරදී තිබෙනවා.

 

 

The post මුදල් ආරවුලක් මුල් කරගනිමින් පැහැරගත් දරුවා සොයා ගැනේ appeared first on ITN News.

Read More »

හංවැල්ලේදී පොලීසියට වෙඩි තැබූ සැකකරුට වැඩ වරදී  

0 comments

හංවැල්ල ප්‍රදේශයේ සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදි සිදු වූ වෙඩි හුවමාරුවකදී එම සැකකරු මිය ගියා.

හංවැල්ල පොලිස් වසමේ දිද්දෙනිය කිඹුල්බෙනය ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් අද අලුයම මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පොලීසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී  මෙම සැකකරු තුවාල ලැබුවා. ඔහු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. වයස අවුරුදු 32 ක් වන මොහු දෙල්වල පිටකන්ද උඩකරවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

හංවැල්ල හරස්පාර ප්‍රදේශයේදී  පසුගිය 18 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරු මෙසේ මිය ගිය බවයි පොලීසිය සදහන් කරන්නේ.

 

 

 

The post හංවැල්ලේදී පොලීසියට වෙඩි තැබූ සැකකරුට වැඩ වරදී appeared first on ITN News.

Read More »

රුසියා සංචාරකයන් 406 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තලට  

0 comments

රුසියා සංචාරකයන් 406 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට අද පෙරවරුවේ පැමිණියා.

රෙඩ් වින්ග්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකුයි මෙලෙස මත්තල ගුවන්තොටුපලට ලගා වුණේ. මෙම සංචාරකයින් ගාල්ල හික්කඩුව බෙන්තර සහ පාසිකුඩා ප්‍රදේශවල සංචාරයහ කිරීමට නියමිතයි.

සතියකට දෙවරක් මෙම ගුවන් සමාගමේ ගුවන් යානයක් සංචාරකයින් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

මේ අතර 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ දී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ පහකට අධික සංඛ්‍යාවකින් ඉහළ ගොස් තිබෙනවා.

 

 

The post රුසියා සංචාරකයන් 406 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තලට appeared first on ITN News.

Read More »

කුරුණෑගල ව්‍යාජ දළදා මාලිගාවක් හදලා! – මහ නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්  

0 comments

ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කර ගොඩනැගීම හා දළදා මාලිගාවට අපහාසවන ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙනවා.

කුරුණෑගල වදාකඩපාර පොතුහැර යන ස්ථානයේ ජානක සේනාධිපති නමැත්තෙකු මෙම ව්‍යාජ දළදා මාලිගාව ඉදිකරමින් සිටින බවයි ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් මහ නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ.

ගිහි පැවිදි බොහෝ දෙනා මිත්‍යාවට රැවටී මෙම ස්ථානයට රත්රන් ආදිය පරිත්‍යාග කරන බවට කරුණු අනාවරණය වෙමින් පවතිනවා.

එමෙන්ම බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයට සේපාල අමරසිංහ නමැත්තෙකු බුදුදහමට හා ශ්‍රී දළදා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති බවද මහ නායක ස්වාමීන් වහන්සේ යොමුකළ ලිපියේ දැක්වෙනවා. එබැවින් මේ පිළිබද කඩිනම් පියවර ගන්නා ලෙසයි උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

The post කුරුණෑගල ව්‍යාජ දළදා මාලිගාවක් හදලා! – මහ නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG