Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් ගුවන් සංදර්ශනයක්  

0 comments

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් ගුවන් සංදර්ශනයක් ලබන 3, 4 සහ 5 දිනයන්හිදී ගාලු මුවදොරදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉන්දීය ගුවන් හමුදාවත් සමග ඒකාබද්ධවයි මෙම සංදර්ශනය පවත්වන්නේ. මෙම සංදර්ශනයේ පෙරහුරුවක් ගාලු මුවදොර අභියසදී පැවැත්වුණා. ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාද එම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

The post ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් ගුවන් සංදර්ශනයක් appeared first on ITN News.

Read More »

අමනුෂ්‍යා එළවන්න වේවැල්පහර කෑ දැරියක් මරුට  

0 comments

වේවැල්පහර කෑමෙන් ජීවිතය අහිමි වූ 9 හැවිරිදි දැරියක පිළිබද අවාසනාවන්ත සිද්ධියක් මීගහවත්ත කදුබොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. අමනුෂ්‍ය දෝෂයකට ප්‍රතිකාර කිරීම සදහා මෙලෙස දැරියට වේවැලකින් පහර දී ඇති බවටයි හෙළිවී තිබෙන්නේ.

මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ කදුබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 9 ක දැරියකයි මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබෙන්නේ. වේවැල් පහර වැදීමෙන් බරපතල තත්ත්වයට පත් වූ දැරිය බියගම රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාව වන විටත් දැරිය මිය ගොස් සිටි බවයි පොලීසිය පවසන්නේ. මහර වැඩබලන මහේස්ත්‍රාත් වසන්ත රාමනායක මහතා පශ්චාත් මරණ පරික්‍ෂණය සිදු කළා. සිද්ධිය සම්බන්ධයෙන් වේවැල් පහර දුන් කාන්තාව හා දැරියගේ මව පොලීසිය අත්අඩංගුවට ගත්තා.

 

 

 

The post අමනුෂ්‍යා එළවන්න වේවැල්පහර කෑ දැරියක් මරුට appeared first on ITN News.

Read More »

ප්ලාස්ටික් සහ පොලිතීන් වෙනුවට විකල්ප හඳුන්වාදීම කෙරෙහි රජයේ අවධානය  

0 comments

ප්ලාස්ටික් සහ පොලිතින් වෙනුවට නව විකල්ප හදුන්වාදීම සදහා රජයේ අවධානය යොමුව ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මේ මස 31 වනදා සිට ප්ලාස්ටික් සහ පොලිතින් වර්ග කිහිපයක් තහනම් කිරිමටයි පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ. එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතින් සහ ප්ලාස්ටික්, පෙට් බෝතල්, මයික්‍රෝන 20 ට අඩු ලන්ච් ෂීට්, ශැෂේ පැකට්, ප්ලාස්ටික් සෙල්ලම් බඩු ආදිය තහනම් කිරීමට නියමිතයි.

මෙම භාණ්ඩ තහනම් කිරීමෙන් පසු පරිසර හිතකාමී විකල්ප හදුන්වාදීමට පරිසර අමාත්‍යාංශය විවිධ අංශ සමග සාකච්ඡා පවත්වමින් සිටිනවා. පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතන කිහිපයක් සමග අමාත්‍යවරයා පසුගියදා සාකච්ඡා වට කිහිපයක් මේ සම්බන්ධයෙන් පැවැත්වූවා.

ප්ලාස්ටික් සහ පොලිතින් නිසා සිදුවන දැවැන්ත පරිසර හානිය අවම කිරීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙළ පෞද්ගලික අංශයේ පැසසුමටද ලක් වුණා.

 

 

 

The post ප්ලාස්ටික් සහ පොලිතීන් වෙනුවට විකල්ප හඳුන්වාදීම කෙරෙහි රජයේ අවධානය appeared first on ITN News.

Read More »

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නැත්නම් අත්පිරිසිඳුකාරක ආනයනයත්, අලෙවියත් තහනම්  

0 comments

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමෙන් තොරව අත් පිරිසිදුකාරක ආනයනය කිරීම හෝ අලෙවි කිරීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් පාරි‍භෝගික කටයුතු පිළිබද අධිකාරිය නිකුත් කර තිබෙනවා. මෙය අප්‍රේල් මස 1 වනදා සිට ක්‍රියාත්මකයි.

මෙම ගැසට් පත්‍රයට අනුව අත් පිරිසිදුකාරක ආනයනකරුවන්, නිෂ්පාදකයන්, බෙදා හරින්නන් හා වෙළෙදුන් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අංකය ඇසුරුම්වල හා බහාලුම්වල පැහැදිලිව පෙනෙන පරිදි සදහන් කළ යුතුයි. පෙබරවාරි මස 25 වනදා නිකුත් කළ ගැසට් පත්‍රයට අවධානය යොමු කරමින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අංකයක් ලබා ගන්නා ලෙස හා එම අංකය ඇසුරුම්වල සදහන් කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ඉල්ලීමක් කරනවා.

වෙළෙදපොළ තුළ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන ඇති බවට ලැබුණු තොරතුරු මතයි මෙම පියවර ගෙන තිබෙන්නේ. ලබන මස 1 වනදා සිට මෙම නීතිවලට අනුව ක්‍රියා නොකරන පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කරනවා.

 

 

 

 

The post ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නැත්නම් අත්පිරිසිඳුකාරක ආනයනයත්, අලෙවියත් තහනම් appeared first on ITN News.

Read More »

තෝරාගත් තවත් පිරිසකට අද සිට සමෘද්ධි දීමනාව  

0 comments

අඩු ආදායම් ලාභීන් බලගැන්වීමේ අරමුණින් දැනට සමෘද්ධි ප්‍රතිලාභ ලබාදෙන ලක්ෂ 02 කට පිරිසට අමතරව තෝරාගත් තවත් පිරිසකට සමෘද්ධි දීමනාව ලබාදීම අද සිට ආරම්භ කරන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා පවසනවා.

 

 

 

The post තෝරාගත් තවත් පිරිසකට අද සිට සමෘද්ධි දීමනාව appeared first on ITN News.

Read More »

නැගෙනහිර වන විනාශය නැවැත්වීමට ‘කඩා පනින හමුදාව’ යෙදවෙයි  

0 comments

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිදු වන වන විනාශය නතර කිරීමට කඩා පනින හමුදාව යෙදවීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ මැදිහත්වීමෙනුයි මෙම කටයුතු සිදු කෙරෙන්නේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සිදුවන වනාන්තර විනාශය නතර කිරීම සදහා අවශ්‍ය තීරණ ගැනීමේ සාකච්ඡාවක් ආණ්ඩුකාරවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ආරක්ෂක අංශ ප්‍රධානීන් එම සාකච්ඡාවට සහභාගී වුණා. වන විනාශයන් පිලිබද දැනුවත් කිරීම සදහා ක්ෂණික ඇමතුම් අංක ප්‍රදර්ශනය කෙරෙන පුවරු සවි කිරීමට ද තීරණය කෙරුණා.

එම පුවරු නිල වශයෙන් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණා. වනාන්තර සහ පුරා විද්‍යා ස්ථාන විනාශ කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි අනුරාධා යහම්පත් මහත්මිය උපදෙස් ලබා දුන්නේ.

The post නැගෙනහිර වන විනාශය නැවැත්වීමට ‘කඩා පනින හමුදාව’ යෙදවෙයි appeared first on ITN News.

Read More »

රටවල් 219 කින් කොරෝනා ආසාදිතයින් 311706 දෙනෙකු හමු වෙයි  

0 comments

ගත වූ පැය 24ට ලොව පුරා රටවල් 219 කින් කොරෝනා වයිරස ආසාදිතයින් තුන්ලක්ෂ එකොළොස් දහස් හත්සිය හය දෙනෙකු හමු වී තිබෙනවා.

ඊයේ දිනයට සිදුව ඇති මරණ සංඛ්‍යාව හයදහස් එකසිය හැටනවයක්. මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එකොළොස්කෝටි හතළිස් හය ලක්ෂ අසූහයදහස් තුන්සිය අසූතුනක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනවා. සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව විසිපන්ලක්ෂ හතළිස් තුන්දහස් දෙසිය හැත්තෑ පහක්. වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ආසාදිතයින් දෙකෝටි අනූදෙලක්ෂ පනස් පන්දහසකට අධික සංඛ්‍යාවක්ද මරණ පන්ලක්ෂ විසිපන්දහස් හත්සිය හැත්තෑ හයක්ද එරටින් වාර්තා වනවා.

 

 

 

 

 

The post රටවල් 219 කින් කොරෝනා ආසාදිතයින් 311706 දෙනෙකු හමු වෙයි appeared first on ITN News.

Read More »

ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අඩු වෙයි  

0 comments

කෝවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3824 දක්වා අඩු වී ඇති බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

The post ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අඩු වෙයි appeared first on ITN News.

Read More »

මැදවච්චිය සිසුවිය ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටුවෙයි (VIDEO)  

0 comments

ගෝමරන්කඩවලදී පැවති ගම සමග පිළිසදර වැඩසටහනේදී ත්‍රිකුණාමලය මැදවච්චිය විද්‍යාලයේ සිසුවියක ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ තම පාසලේ ක්‍රීඩාංගනය සංවර්ධනය කර දෙන ලෙසයි.

ජනාධිපතිතුමා වහා ක්‍රියාත්මක වෙමින් එම ඉල්ලීම එසැණින් ඉටුකර දීමට පියවර ගත්තා.

මැදවච්චිය විද්‍යාලයේ ක්‍රිඩාංගනය සංවර්ධනය කිරීමේ කාර්යය යුද හමුදාවට පැවරුණු අතර පැය 2 ක් යන්නටත් මත්තෙන් එහි සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙන ආකාරය දැක ගැනීමට ලැබුණා.

සිසුවියගේ ඉල්ලීම ඵල ගන්වමින් යුද හමුදාවේ ඉංජිනේරු සේනාංකය හමුදා භට කණ්ඩායම් හා යන්ත්‍රසූත්‍ර සමග එම ස්ථානයට පැමිණියේ දීර්ඝ කාලයක් නොවිසදුණු දරුවන්ගේ සිහිනයක් ඉටුකර දීමේ අරමුණින්.

The post මැදවච්චිය සිසුවිය ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටුවෙයි (VIDEO) appeared first on ITN News.

Read More »

574ක් සුවය ලබයි – නව ආසාදිතයන් 204ක්  

0 comments

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 204 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 83,094 ක් බවට පත්වනවා.

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 574 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 79,000 ට ආසන්න වී තිබෙනවා.

මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 78,947ක් දක්වා ඉහළ ගියා.

The post 574ක් සුවය ලබයි – නව ආසාදිතයන් 204ක් appeared first on ITN News.

Read More »

ජොන්සන් එන්නතේ සාර්ථකත්වය 66%ක් බව තහවුරු වෙයි  

0 comments

ෆයිසර් සහ මොඩර්නා එන්නත්වලට‌ සාපේක්ෂව ජොන්සන් එන්නත මිල අතින්ද ලාබදායී වනවා.

කොරෝනා වයිරස නව ප්‍රභේද සදහා ද මුහුණ දීමට ජොන්සන් එන්නතට හැකියාව ඇති බවයි පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ. කෙසේ වුවද එහි සාර්ථකත්වයේ අගය සියයට හැට හයක් ලෙසයි දැක්වෙන්නේ.  සාමාන්‍ය අධිශීතකරණයක ගබඩා කර තැබිමට ද හැකියාවක් තිබීම නිසා සාමාන්‍ය ජනතාව අතරට මෙම එන්නත පහසුවෙන් රැගෙන යාමට හැකියාව පවතිනවා. බෙල්ජියානු සමාගමකුයි ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත නිෂ්පාදනය කර තිබෙන්නේ. ජුනි මාසය නිම වන්නට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයට එන්නත් මිලියන 100 ක් ලබාදීමට අදාළ සමාගම එකග වී ඇති බව  වාර්තා වනවා.

The post ජොන්සන් එන්නතේ සාර්ථකත්වය 66%ක් බව තහවුරු වෙයි appeared first on ITN News.

Read More »

දහම් පාසල් තුළින් යහපත් පුරවැසියන් නිර්මාණය කර ගැනීමට හැකි බව අගමැති කියයි  

0 comments

දහම්පාසල් ඇතුලු ආගමික කටයුතුවලට දරුවන් හා ජනතාව යොමු කිරීමෙන් අපරාධ නඩු අඩුකර ගැනීමට හැකි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශාසනාරක්‍ෂක මණ්ඩල යතිවර අභිමන් උපහාර උලෙළෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයේදී හම්බන්තොට ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ස්වාමීන්වහන්සේ 7 නමකට උපහාර ප්‍රදානය කෙරුණා.

දහම් පාසල් තුළින් යහපත් පුරවැසියන් නිර්මාණය කර ගැනීමට ඇති හැකියාව පිළිබද කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා බුදු දහම ආරක්‍ෂා කර ගැනීමට මෙන්ම දරුවන් යහමගට ගැනීමට භික්‍ෂූන්වහන්සේ කරන කැප කිරීම අගය කරන බව ද කියා සිටියා.

ගිරුවාගම් දොළොස්දාස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක පුජ්‍ය කුඹුක්වැවේ චන්දසෝම, කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද, හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති පුජ්‍ය උයන්වත්තේ සද්ධාරාම යන ස්වාමින්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය ද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට ඒක්ව සිටියා.

The post දහම් පාසල් තුළින් යහපත් පුරවැසියන් නිර්මාණය කර ගැනීමට හැකි බව අගමැති කියයි appeared first on ITN News.

Read More »

සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹෙයි  

0 comments

අපොස සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට 10 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.

දිවයින පුරා අපේක්ෂකයන් හයලක්ෂ විසිදෙදහසක්  විභාගයට මුහුණ දීමට සූදානමින් සිටිනවා. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542 ක් ද සූදානම් කර ඇති අතර කෝවිඩ් නයින්ටීන් ආසාදනයට ලක් වූ අපේක්ෂකයන් සදහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ මධ්‍යස්ථාන දෙක බැගින් ස්ථාපනය කර  තිබෙනවා.

අතිරේක විශේෂ විභාග මධ්‍යස්ථාන සූදානම් කර තැබීම වෙනුවෙන් පළාත් මට්ටමින් රුපියල් ලක්ෂ 500කට අධික මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව අමාත්‍ය ජී එල් පීරිස් මහතා සදහන් කළා. එක් එක් පළාත්වල අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමග අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවෙමින් තොරතුරු ලබා ගැනීමට අමාත්‍යවරයා කටයුතු කළා.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සිසුන්ගේ පූර්ණ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට ද පියවර ගෙන තිබෙනවා. විභාග කාල සීමාව තුල ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග සාකච්ඡා කිරීමට ද අමාත්‍යවරයා කටයුතු කළා.

කිසියම් ප්‍රදේශයක අයහපත් කාලගුණික තත්ත්වයක් ඇතිවුවහොත් විභාග ශාලා වෙත සිසුන්ට බාධාවකින් තොරව පැමිණීම සදහා ආරක්ෂක අංශවල දායකත්වය ඇතිව සම්බන්ධීකරණ වැඩපිළිවෙලක්ද සකස් කර තිබෙනවා. කොතෙක් අභියෝග පැමිණියද දරුවන්ගේ අධ්‍යාපනය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සදහා පූර්ණ අවධානය යොමුකර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. මෙවර සාමාන්‍ය පෙළවිභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ දී ලබාදී ජූලි මාසයේදී උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සදහා හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල්වල විශබීජහරණ කටයුතු සිදු කෙරෙනෙ ආකාරය මෙලෙස දැක ගැනීමට ලැබුණා.

 

 

 

 

 

 

 

 

 

The post සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹෙයි appeared first on ITN News.

Read More »

ඇන්ටාක්ටිකාවේ විශාල හිම තට්ටුවක් කැඩී යයි  

0 comments

ඇන්ටාක්ටිකාවේ විශාල හිම තට්ටුවක් කැඩී ගොස් තිබෙනවා.

ගුවනින් ලබා ගත් ඡායාරූප අනුව පෙනී ගොස් තිබෙන්නේ මෙම හිම තට්ටුව වර්ග කිලෝමීටර 1270ක් පමණ විශාලත්වයකින් යුතු බවයි. එය එංගලන්තයේ බෙඩ්ෆෝඩ් ෂයර් ප්‍රාන්තය තරම් විශාල බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සදහන් කළා. මෙම හිම තට්ටුවෙන් බරපතල බලපෑමක් සිදු වෙතැයි අපේක්ෂා නොකරන බව  විද්‍යාඥයින් කියා සිටියා. මේ වන විටත් විද්‍යාඥයන් චන්ද්‍රිකා ඡායාරූප සහ වෙනත් උපාංග භාවිතයෙන් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටිනවා.

 

The post ඇන්ටාක්ටිකාවේ විශාල හිම තට්ටුවක් කැඩී යයි appeared first on ITN News.

Read More »

මඩකලපුව දිස්ත්‍රික්කයේ හුදෙකලා ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට නිදහස්  

0 comments

මඩකලපුව දිස්ත්‍රික්කයේ හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන පහේ සිට නිදහස් කර තිබෙනවා.

කාත්තන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ 4 කුයි හුදෙකලා බවින් ඉවත් කර තිබෙන්නේ. ගෆූර් පාර, මොහිනාර් මාර්ගය, සින්නතෝන පාර හා ටෙලිකොම් මාවතේ පළමු හරස් වීදිය යන ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස් කෙරෙන බව කෝවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

 

 

 

 

The post මඩකලපුව දිස්ත්‍රික්කයේ හුදෙකලා ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට නිදහස් appeared first on ITN News.

Read More »

ඔ්ස්ට්‍රේලියාව ඇණවුම් කළ පළමු ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගය එරටට ලැබෙයි  

0 comments

ඔ්ස්ට්‍රේලියාව ඇණවුම් කළ පළමු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගය අද එරටට ලැබී තිබෙනවා.

පළමු ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගය යටතේ එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් ඔ්ස්ට්‍රේලියාව වෙත ලැබුණු බවයි එරට රජය සදහන් කරන්නේ. පසුගිය සතියේදී එරට ජනතාව වෙත වයිරසයට එරෙහි එන්නත් ලබාදීම ආරම්භ කෙරුණා. පළමු අදියර යටතේ මිලියන විසි පහක ජනතාවක් වෙත එන්නත් ලබාදීමට නියමිතයි. පළමු අදියරේදී ෆයිසර් එන්නත ලබාදෙන අතර එහි දෙවන කාණ්ඩයේදී ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිතා කෙරෙනවා. මේ අතර පසුගිය දින තිහක කාලය ඇතුළත ඔ්ස්ට්‍රේලියාවෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. එමෙන්ම මේ වනතෙක් මේ වසර සදහා එරටින් කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නැහැ.

 

 

 

 

The post ඔ්ස්ට්‍රේලියාව ඇණවුම් කළ පළමු ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගය එරටට ලැබෙයි appeared first on ITN News.

Read More »

නවසීලන්තයේ විශාලතම නගරය නැවත වරක් වසා දැමේ  

0 comments

නවසීලන්තයේ විශාලතම නගරය වන ඔ්ක්ලන්ඩ් නගරය නැවත වරක් වසා දැමීමට ලක්ව තිබෙනවා.

ඒ  දින කිහිපයකට ඉහතදී වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් කිහිප දෙනෙකු හමුවීමත් සමගයි. ඒ සමගම නව කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගියා. වයිරසය ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට  දින හතක කාලයක් සදහා යළිත් යරක් ඔ්ක්ලන්ඩ් නරගය වසා දමන බවයි අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩ්න් නිවේදනය කරන්නේ. පොදු ස්ථාන සියල්ලක්ම වසා දමා ඇති අතර අත්‍යවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් පිටවීම තහනම් කර තිබෙනවා.

 

 

The post නවසීලන්තයේ විශාලතම නගරය නැවත වරක් වසා දැමේ appeared first on ITN News.

Read More »

වව්නියාවේ යළි පදිංචි කෙරුණු දිලිඳු පවුල් 100 කට ස්ථිර නිවාස  

0 comments

සෞභාග්‍යා ජාතික නිවාස වැඩසටහන සහ සමෘද්ධි නිවාස වැඩසටහන යටතේ වව්නියාවේ යළි පදිංචි කෙරුණු දිලිදු පවුල් 100 ක් සදහා ස්ථිර නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙනවා.

නිවාස යෝජනා ක්‍රමය සදහා වැය කෙරෙන මුදල රුපියල්  ලක්ෂ දෙසීයක්. අඩු ආදායම්ලාභී පවුල් 100ක් ඒ සදහා තෝරාගෙන තිබෙනවා. වව්නියා දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතා ඉදිකෙරමින් තිබෙන නිවාස නිරීක්ෂණය කළා.

ඔබට ගෙයක් රටට හෙටක් රජයේ නිවාස වැඩසටහන යටතේ පාදුක්ක ජයන්ති මාවතේ නිවසක් නොමැති පවුලක් සදහා නිවසක් ලබාදීම අද සිදු කෙරුණා. නිවාස සංවර්ධන අධිකාරියයි එම නිවස ඉදිකර ඇත්තේ. රුපියල් ලක්ෂ 11ක වියදමින් එය ඉදිකර තිබෙනවා.

ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ මහනුවර හාරිස්පත්තුව ප්‍ර දේශයේ අලුතින් ඉදිකළ නිවාස 4ක් ප්‍රතිලාභීන් වෙත භාර දීම සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. වැය කළ මුදල රුපියල් ලක්ෂ 24ක්.

සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ අකරැල්ල සිට පරගහමඩිල්ල හරහා ඉලුක්කුඹුර මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 1600ක්. කිලෝමීටර් 8 ක් මේ යටතේ සංවර්ධනය කෙරෙනවා.

 

The post වව්නියාවේ යළි පදිංචි කෙරුණු දිලිඳු පවුල් 100 කට ස්ථිර නිවාස appeared first on ITN News.

Read More »

පැහැරගත් නයිජීරියාවේ පාසල් සිසුන්ගෙන් 27 දෙනෙකු නිදහස් කෙරේ  

0 comments

තුවක්කුකරුවන් පිරිසක් පැහැරගත් නයිජීරියාවේ පාසල් සිසුන් 27 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

නයිජීරියා ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙනුයි මෙම නිදහස් කිරීම සිදුකර ඇත්තේ. තවත් පාසල් සිසුවියන් 300 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. උතුරු දිග නයිජීරියාවේ ත්‍රස්තවාදීන් පාසල් දරුවන් පැහැරගෙන යාම පසුගිය කාලය මුළුල්ලේ දැක ගැනීමට ලැබුණා. අල්ලස් ලබා ගැනීම හෝ එම දරුවන් යුද කටයුතු සදහා යොදා ගැනීමට මෙම පැහැර ගැනීම් සිදු කෙරෙනවා.

The post පැහැරගත් නයිජීරියාවේ පාසල් සිසුන්ගෙන් 27 දෙනෙකු නිදහස් කෙරේ appeared first on ITN News.

Read More »

ලංගම-පෞද්ගලික රියදුරන්ටත් කොන්දොස්තරවරුන්ටත් ඉදිරි සති දෙක තුළ එන්නත්  

0 comments

ඉදිරි සති දෙක තුළ ලංගම සහ පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට කොවිඩ් එන්නත ලබා දීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

The post ලංගම-පෞද්ගලික රියදුරන්ටත් කොන්දොස්තරවරුන්ටත් ඉදිරි සති දෙක තුළ එන්නත් appeared first on ITN News.

Read More »

පොළොන්නරුවේ කිරි ගවයන්ට සදහා අවශ්‍ය තෘණ වගා කිරීම අරඹයි  

0 comments

ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් පොළොන්නරුව ගොවිපොළෙහි ඇති කරන කිරි ගවයන් 1250 ක් සදහා අවශ්‍ය තෘණ වගා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කෙරුණා.

අක්කර 2100 ක භූමි ප්‍ර දේශයක පැතිරී ඇති මෙම ගොවිපොළ භූමියේ තෘණ වගාකර ලැබෙන අස්වැන්න සත්ත්ව ආහාර හිග පළාත් වලට ද යැවීමටයි සැලසුම් කර ඇත්තේ.

අතිරේක තෘණ සුළු හා මධ්‍ය පරිමාණ පළාත් ගොවිපොළ වෙත සහ පශු සම්පත් මණ්ඩලයේ ගොවිපොළ වෙත ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

වැඩපිළිවෙළේ පළමු අදියර පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

The post පොළොන්නරුවේ කිරි ගවයන්ට සදහා අවශ්‍ය තෘණ වගා කිරීම අරඹයි appeared first on ITN News.

Read More »

මූලික මිනිස් අයිතිවාසිකම් වෙන්දේසි කළ යුගය අවසන් කළා  

0 comments

තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට මූලික මිනිස් අයිතිවාසිකම් වෙන්දේසි කළ යුගය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයේදී අවසන් කළ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකෙහි ජනතාවට දීර්ඝ කාලයක් පුරා පවතින ජල ගැටලුවට විසදුමක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ හතරවන අදියරට අදාළ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. 2025 වසර වනවිට මාතර හම්බන්තොට දිස්ත්‍රික්කවල පවුල් දෙලක්ෂ අසූ පන් දහසකට පිරිසිදු පානීය ජලය ලබාදීම මෙම වැඩපිළිවෙළ් අරමුණයි. සමස්ත ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන දහඅට‌ දහස්දෙසීය අටක්. රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාද මෙම අවස්ථාවට එක් වුණා.

 

 

 

The post මූලික මිනිස් අයිතිවාසිකම් වෙන්දේසි කළ යුගය අවසන් කළා appeared first on ITN News.

Read More »

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ඇමෙරිකාව තුළ භාවිතා කිරීමට අනුමත කෙරේ  

0 comments

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ භාවිත කිරීම සදහා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා එන්නත අනුමතකර තිබෙනවා.

මෙම එන්නත එක්වරක් පමණක් ලබාදීම ප්‍රමාණවත් බවයි නිෂ්පාදකයන් පවසන්නේ. ෆයිසර් සහ මොඩර්නා එන්නත් මෙන් මිල අධික නොවීම ද විශේෂත්වයක්. සාමාන්‍ය අධිශීතකරණයක ගබඩා කර තැබිමට ද හැකියාවක් තිබීම නිසා සාමාන්‍ය ජනතාව අතරට මෙම එන්නත පහසුවෙන් රැගෙන යාමට හැකිවෙතැයි අපේක්ෂා කරනවා. බෙල්ජියානු සමාගමක් මෙම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත නිෂ්පාදනය කර තිබෙනවා. ජුනි මාසය නිම වන්නට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයට එන්නත් මිලියන 100 ක් ලබාදීමට අදාළ සමාගම එකග වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

 

The post ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ඇමෙරිකාව තුළ භාවිතා කිරීමට අනුමත කෙරේ appeared first on ITN News.

Read More »

සාමාන්‍ය පෙළ විභාගය හෙට දිවයින පුරා මධ්‍යස්ථාන 4513 කදී  

0 comments

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 4513 කදී හෙට ඇරඹෙනවා.

අපොස සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට 10 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි. දිවයින පුරා අපේක්ෂකයන් හයලක්ෂ විසිදෙදහස් තුන්සිය පහක් විභාගයට මුහුණ දීමට නියමිත අතර පාසල් අපේක්ෂකයන් හාරලක්ෂ විසිතුන්දහස් හත්සිය හතළිස් හයක් ඒ අතර වනවා. පෞද්ගලික අපේක්ෂකයන් එක්ලක්ෂ අනූඅටදහස් හයසිය හයක්ද මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කර තිබෙනවා.

සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542 ක් ද සූදානම් කර ඇති අතර කෝවිඩ් නයින්ටීන් ආසාදනයට ලක් වූ අපේක්ෂකයන් සදහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ මධ්‍යස්ථාන දෙක බැගින් ස්ථාපනය කර  ඇති බවයි වාර්තා වන්නේ.

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ද සම්බන්ධීකරණය කිරීම සදහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා.

සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් ITN ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා මෙලෙස අදහස් පල කළා.

The post සාමාන්‍ය පෙළ විභාගය හෙට දිවයින පුරා මධ්‍යස්ථාන 4513 කදී appeared first on ITN News.

Read More »

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනයට සමගියෙන් විශේෂඥ කමිටුවක් (VIDEO)  

0 comments

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනයට විශේෂඥ කමිටුවක් පත් කිරීමට සමගි ජනබලවේගයේ  කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

සමග ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විපක්ෂනායක කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ තිබෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජලබල වේගයේ  කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණා.

 

The post පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනයට සමගියෙන් විශේෂඥ කමිටුවක් (VIDEO) appeared first on ITN News.

Read More »

හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට  

0 comments

හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 1ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750ක ප්‍රමාණයක් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පිළිබද පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සදහන් කරන්නේ.

රුපියල් 15000 ක මුදලක්ද සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

පෙරේදා දිනයේ සිදුකළ මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් තුන්දහස් හත්සිය හැත්තෑ එක් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

The post හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල 30 ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත  

0 comments

කොරෝනා මර්දනය සදහා ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා හාර ලක්ෂ හයදහස් හයසිය තිස් තුනක් ඊයේ දිනය වනවිට ලබාදී අවසන්.

ඉන්දියාවෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මෙසේ ලබාදීම සිදුවනවා. ඊයේ දිනයේද එන්නත් මාත්‍රා දහතුන් දහස් එකසිය හැට හතරක් ලබාදුන්නා. මේ අනුවයි ඊයේ දිනය වනවිට මාත්‍රා හාරලක්ෂ හයදහස් හයසිය තිස් තුනක් ලබාදීමට හැකිවී තිබෙන්නේ. නොමිලේ ලැබුණු එන්නත් මාත්‍රා වලට අමතරව රුපියල් මිලියන 510 ක් වියදම් කරමින් රජයෙන් තවත් එන්නත් තොගයක් ආනයනය කළා.

මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තවීමේ වැඩි අවධානමක් සහිත ග්‍රාම නිලධාරී වසම්වල සිටින වයස අවුරුදු 30 සහ ඊට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත ඊයේ සිට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා.

ඒ අනුව අධි අවධානම් සහිත ග්‍රාම නිලධාරී වසම් හදුනා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී තිබෙනවා. අදාළ ග්‍රාම නිලධාරී වසම්වල ස්ථීරවම මෙන්ම තාවකාලිකව පදිංචිව සිටින පිරිසට  එන්නත ලබාදෙන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබාදී ඇත්තේ.

 

The post කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල 30 ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත appeared first on ITN News.

Read More »

අපි හදන්නේ අපේම අපනයන කොරිඩෝවක් – අගමැති  

0 comments

යහපාලන ආණ්ඩුව ඇමෙරිකාවේ ආර්ථික කොරිඩෝවක්, අපේ රටේ හදන්න උත්සහ කලත් අපි හදන්නේ අපේම අපනයන කොරිඩෝවක් බව අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා.  අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළේ කෘෂි අපනයන කලාප පිහිටුවන ජාතික වැඩසටහන ආරම්භ කරන උත්සවයේදීයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කෙරුණේ කසාගල රජමහා විහාරස්ථානයේදීයි. ව්‍යාපෘතිය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා අඹ පැළයක් රෝපණය කළා. අනතුරුව ඉහළ අලුත්වැවට මත්ස්‍යයන් මුදා හැරීම ද සිදු කෙරුණා. එමෙන්ම ප්‍රදේශවාසීන් සදහා අඹ, කජු හා ගම්බිරිස් ඇතුළු අපනයන බෝග පැළ බෙදා දීමට අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කජු පැළ ලක්ෂයක් සිටුවීමද මෙම ව්‍යාපෘතියට සමගාමීව සිදුකෙරෙනවා.

මෙම වසර අවසන්වීමට පෙර දිස්ත්‍රික්ක දහයක කෘෂි අපනයන කලාප ගම්මාන සියයක් පිහිටුවීමට නියමිතයි. පළාත් නවය තුළ ඇති පාරිසරික හා දේශගුණික තත්ත්වයන්ට සුදුසු වගාවන් සිදුකිරීම මේ අනුව සිදුවනවා.

මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

The post අපි හදන්නේ අපේම අපනයන කොරිඩෝවක් – අගමැති appeared first on ITN News.

Read More »

කොළඹ නගරයේ ස්ථාන 5 කදී කොරෝනා එන්නත් ලබාදීම සාර්ථකව ක‍්‍රියාත්මකයි  

0 comments

අද දිනයේද ප්‍රධාන වශයෙන් කොළඹ නගරයේ ස්ථාන පහකදී කොරෝනා මර්දනය සදහා ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම සිදුවනවා. මාත්‍රා 6000 කට වැඩි ප්‍රමාණයක් මේ අනුව ලබාදීමට අපේක්ෂා කර ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසන්නේ.

උතුරු කොළඹ, මැද කොළඹ, පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනය, කැම්බල් පිටිය, වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය යන ස්ථානවලදීයි එන්නත් ලබාදීම ආරම්භ කෙරුණේ. වැඩි වශයෙන් රෝගීන් වාර්තා වූ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 19 ක් කේන්ද්‍ර කරගනිමින් මෙසේ එන්නත් ලබාදීම සිදුවනවා.

 

 

 

 

The post කොළඹ නගරයේ ස්ථාන 5 කදී කොරෝනා එන්නත් ලබාදීම සාර්ථකව ක‍්‍රියාත්මකයි appeared first on ITN News.

Read More »

කොවැක්ස් ක්‍රියාදාමය අඩපණ කිරීමේ ප්‍රයත්නයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළි කරයි  

0 comments

එන්නත් නිෂ්පාදකයින් සමග සෘජු ගණුදෙනු කරන රටවල් කොවැක්ස් ක්‍රියාදාමය අඩපණ කිරීමේ ප්‍රයත්නයක් දරණ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී චෝදනා කරනවා.

කොවැක්ස් යනු ගැවි නමින් හැදින්වෙන එන්නත් සන්ධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළත්ව පවත්වාගෙන යනු ලබන ආයතනයක් වනවා. එයට අරමුදල් සපයනු ලබන්නේ රජයන්, බහු පාර්ශ්වික ආයතන සහ පදනම් වලින් ලැබෙන පරිත්‍යාගයන් තුළින්. එහි මෙහෙවර වන්නේ කොරෝනා වයිරස ආරක්ෂණ එන්නත් තොග වශයෙන් මිලදීගෙන ධනවත් රටවල් සමග තරගකළ නොහැකි දුප්පත් රටවලට එන්නත් ප්‍රවේශය ලබාදීමයි. තම ජනතාව ආරක්ෂාකර ගැනීමට රජයන් බැදීසිටින බව ඔහු පවසනවා.

 

 

 

The post කොවැක්ස් ක්‍රියාදාමය අඩපණ කිරීමේ ප්‍රයත්නයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළි කරයි appeared first on ITN News.

Read More »

මියන්මාරය හමුදා පාලනයට එරෙහිව කඩිනම් විසඳුමක් ඉල්ලයි  

0 comments

මියන්මාරයේ වත්මන් හමුදා පාලනයට එරෙහිව කඩිනම් විසදුමක් ලබාදෙන මෙන් මියන්මාරය එක්සත් ජාතීන්ගේ විශේෂ සැසි වාරයේදී ඉල්ලා සිටිනවා.

එක්සත් ජාතීන්ගේ විශේෂ සැසියක් අමතමින් එරට නිත්‍ය නියෝජිත කියාව් මෝටුන් මේ බව ප්‍රකාශ කළා. මියන්මාරයේ පැවති මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් රජය හමුදා කුමන්ත්‍රණයකින් පෙරලා දැමීමට පසුගියදා කටයුතු  කෙරුණා. ඉන් අනතුරුව මසකට ආසන්න කාලයක් තිස්සේ මියන්මාරය පුරා හමුදා රජයට එරෙහි ක්‍රියාත්මක වන විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුචි ඇතුලු දේශපාලන ක්‍රියාකාරීන් තවදුරටත් හමුදා අත්අඩංගුවේ පසුවන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

 

 

The post මියන්මාරය හමුදා පාලනයට එරෙහිව කඩිනම් විසඳුමක් ඉල්ලයි appeared first on ITN News.

Read More »

කසකස්තානයේ සිට 7වන සංචාරක කණ්ඩායම මත්තලින් දිවයිනට  

0 comments

කසකස්තානයේ සිට හත්වන සංචාරක කණ්ඩායම මත්තලින් දිවයිනට පැමිණියා.

කසකස්ථානයේ අල්මාට් ගුවන්තොටුපොලේ සිට එකසිය තිස්පස් දෙනෙකුගෙන් සමන්විත මෙම සංචාරක පිරිස දිවයිනට පැමිණියේ අද පෙරවරුවේයි. මීට පෙර දිවයිනට පැමිණි එරට සංචාරක පිරිස මෙම ගුවන්යානයෙන්ම යළි මව්රට බලා යාමට නියමිතයි. කසකස්තානයේ අල්මාට් ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත සතියකට එක් ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කෙරෙනවා. සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතියට අදාළවයි මෙසේ සංචාරකයින් පැමිණීම සිදුවන්නේ.

 

The post කසකස්තානයේ සිට 7වන සංචාරක කණ්ඩායම මත්තලින් දිවයිනට appeared first on ITN News.

Read More »

අපේ රටට එරෙහි යෝජනාවට රටවල් රැසක් විරෝධය පළකිරීම අප ලැබූ ජයග්‍රහණයක්  

0 comments

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අපේ රටට එරෙහිව ගෙන ආ යෝජනාවට බලවත් රටවල් රැසක්ම විරෝධය පළකිරීම රටක් විදිහට අප ලැබූ ජයග්‍රහණයක් බව අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. වෙන්නප්පුවේ පැවති උත්සවයකට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

 

The post අපේ රටට එරෙහි යෝජනාවට රටවල් රැසක් විරෝධය පළකිරීම අප ලැබූ ජයග්‍රහණයක් appeared first on ITN News.

Read More »

නසිරියා ආරක්ෂක හමුදා සහ විරෝධතාකරුවන් අතර ගැටුම්  

0 comments

දකුණු ඉරාකයේ නසිරියා ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නසිරියා ප්‍රදේශයේ ආරක්ෂක හමුදා සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් 175 කට වැඩි පිරිසක් බරපතල තුවාල ලැබූ බවයි ඉරාක මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. තුවාල ලැබූවන් අතර ආරක්ෂක හමුදා නිලධාරීන් 57 දෙනෙකුද වනවා. නසිරියා ප්‍ර දේශයේ ආණ්ඩුකාරවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් සතියක පමණ කාලයක් පුරා ඉරාකයේ නසිරියා නගරයේ විරෝධතා පැවැත්වෙනවා. 2019 වර්ෂයේ පැවති විරෝධතාවකදී 500 කට අධික පිරිසක් මිය යාමටද වත්මන් ආණ්ඩුකාරවරයා වගකිව යුතු බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ. එම සිද්ධියත් සමග ඉරාකයේ හිටපු අග්‍රාමාත්‍ය අඩෙල් අබ්දුල් මහඩිට ද සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවුණා.

 

The post නසිරියා ආරක්ෂක හමුදා සහ විරෝධතාකරුවන් අතර ගැටුම් appeared first on ITN News.

Read More »

පාස්කු කොමිසන් වාර්තාව ගැන නිදහස් පක්ෂයේ මතය ගැටලු සහගත එකක්  

0 comments

පාස්කු කොමිසන් සභා වාර්තාව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ගැටලු සහගත එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.  බණ්ඩාරවෙල ප්‍ර දේශයේදී මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

The post පාස්කු කොමිසන් වාර්තාව ගැන නිදහස් පක්ෂයේ මතය ගැටලු සහගත එකක් appeared first on ITN News.

Read More »

ලංකාවට එරෙහි UN මානව හිමිකම් වාර්තාවට රටවල් 21 ක් විරුද්ධවෙයි -15 ක් මනාපයි  

0 comments

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 21 ක් සහාය දැක්වුවා.

ශ්‍රී ලංකාවට විරුද්ධ වී ඇත්තේ රටවල් 15 ක් විතරයි. ඒ වගේම රටවල් දෙකක් මධ්‍යස්ථව සිය අදහස් පළ කළා.

ජගත් මානව හිමිකම් සැසි වාරය පස්වන දිනටත් ඊයේ පැවැත්වුණා. ශ්‍රී ලංකාව පිළිබදව ජගත් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ඉදිරිපත් කළ විශේෂ නිර්දේශ ඇතුළත් වාර්තාව සම්බන්ධයෙන් ඊයේ රටවල් රැසක් සිය ස්ථාවරය ප්‍රකාශ කළා.

රුසියාව / චීනය / පාකිස්ථානය / ඉරානය / වියට්නාමය / මාලදිවයින / කියුබාව / නිකරගුවා / එරිත්‍රියාව / නේපාලය / කාම්බෝජය / ලාඕසය / අසර්බයිජානය / බෙලාරුස් / උතුරු කොරියාව / පිලිපීනය / ගැබෝන් / සිරියාව සහ ඊජීප්තුව ඇතුලු රටවල් 21 ක් මෙසේ ශ්‍රී ලංකාවට සහාය දැක්වූවා. එම රටවල් 21 න් 10 ක් ම  ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් වනවා.

ශ්‍රී ලංකාවට විරුද්ධව සිය අදහස් පල කළේ එක්සත් රාජධානිය / නෝර්වේ / කැනඩාව / බෙල්ජියම / ඇමරිකාව ප්‍රමුඛ රටවල් 15 ක් පමණයි.

මධ්‍යස්ථව රටවල් 2 ක් සිය ස්ථාවරය ප්‍රකාශ කළ අතර ඒ ඉන්දියාව හා ජපානයයි. ඕස්ට්‍රේලියාව මෙතෙක් ජගත් මානව හිමිකම් කවුන්සිල සැසි වාරයන්හීදි බටහිර රටවලට පක්ෂව අදහස් පළ කළත් මෙවර ශ්‍රී ලංකාව කෙරෙහි මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම විශේෂත්වයක්. මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය නිකුත් කළ වාර්තාවේ ඇතුලත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ක්‍රමෝපායක් සහ කාල සටහනක් එලි දක්වන්නැයි ඇමරිකාව 46 වන මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියා. චීනය වෙනුවෙන් අදහස් ඉදිරිපත් කළ නියෝජිත බෙන්ඉෂු කියා සිටියේ මානව හිමිකම් ගැටලු දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් තමන් විරෝධය පල කරන බවයි.

මේ අතර එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් සිදුකළ කෲර ඝාතන 250 ක් පිළිබද තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් ස්විස්ටර්ලන්තයේ සියලුම බටහිර තානාපති කාර්යාලවලට බෙදාදීමට කටයුතු කෙරුණා. ශ්‍රී ලාංකිකයින්ගේ ජාත්‍යන්තර ජනතා සංවිධානයයි එය බෙදාදීම සිදුකළේ.

 

The post ලංකාවට එරෙහි UN මානව හිමිකම් වාර්තාවට රටවල් 21 ක් විරුද්ධවෙයි -15 ක් මනාපයි appeared first on ITN News.

Read More »

නයිජීරියාවේ පාසලකට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් දැරියන් 300 ක් පැහැර ගනී  

0 comments

නයිජීරියාවේ සම්ෆාරා ප්‍රාන්තයේ නේවාසික පාසලකට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් එහි සිටි පාසල් දැරියන් 300 කට වැඩි සංඛ්‍යාවක් පැහැරගෙන ගොස් තිබෙනවා.

ඊයේ අලුයම මෙම සිද්ධිය සිදුවූ බවයි නයිජීරියා මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. කැබ් රථ සහ යතුරු පැදිවලින් පැමිණි සන්නද්ධ කණ්ඩායම් දැරියන්ගේ හැඩුම් මධ්‍යයේ ඔවුන් පැහැර ගෙන පලා ගොස් තිබෙනවා. සන්නද්ධ කල්ලියේ සියයකට වැඩි පිරිසක් සිටි බවද වාර්තා වනවා. පැහැර ගත් තම දියණියන් සොයා දෙමාපියන් වනන්තර ප්‍ර දේශවලට පිවිස තිබෙනවා. නයිජිරියානු ආරක්ෂක අංශ මගින් මෙහෙයුමක්  ද ආරම්භ කර ඇති  බවයි වාර්තා වන්නේ.

 

 

The post නයිජීරියාවේ පාසලකට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් දැරියන් 300 ක් පැහැර ගනී appeared first on ITN News.

Read More »

ජමාල් කෂෝජි ඝාතනය කිරීම සෞදි කුමරු අනුමත කල බව හෙළි වෙයි  

0 comments

මාධ්‍යෙව්දී ජමාල් කෂෝජි ඝාතනය කිරීමට සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අනුමත කල බව ඇමෙරිකා බුද්ධි අංශ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

2018 වසරේ දී සෞදි මාධ්‍යවේදී කෂෝගි ඝාතනයට ලක්වූයේ තුර්කියේ ස්ථාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට පැමිණි අවස්ථාවේදීයි එහිදී ඔහුගේ සිරුර කැබලිවලට කපා රසායනික ද්‍රව්‍යයක දියකළ බවට තොරතුරු හෙළිවුනා. ඇමෙරිකා බුද්ධි අංශ සකස් කළ වාර්තාවේ දැක්වෙන්නේ මාධ්‍යවේදී කෂෝජි අල්ලා ගැනීමට හෝ ඝාතනය කිරීමට සල්මාන් කුමරු අනුමැතිය ලබා දී තිබු බවයි.  ඒ සදහා ක්‍රියාත්මක වූ සෞදි කණ්ඩායමට සෞදි රජය විසින් පසුව දඩුවම් පැමිණවූයේ ජාත්‍යන්තරයෙන් විවේචන එල්ලවීමත් සමගින් ඔවුන්ට ලබා දුන් මරණ දඩුවම මේ වන විට වසර විස්සක සිරදඩුවමක් දක්වා අඩුකර තිබෙනවා. ඇමෙරිකා බුද්ධි අංශ වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞදි අරාබි රජය ප්‍රකාශ කළේ කෂෝජි ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ට දඩුවම් පමුණුවා තිබියදී ඒ පිලිබද සල්මාන් කුමරුට චෝදනා නැගීම පිළිගත නොහැකි කරුණක් බවයි.

 

 

The post ජමාල් කෂෝජි ඝාතනය කිරීම සෞදි කුමරු අනුමත කල බව හෙළි වෙයි appeared first on ITN News.

Read More »

ජපානයේ ප්‍රදේශ 06ක හදිසි තත්ත්වය ඉවත් කෙරේ  

0 comments

කොරෝනා වයිරස් ව්‍යාප්ති අවදානම අවමවීම හේතුවෙන් ජපානයේ ප්‍රදේශ හයක හදිසි තත්ත්වය ඉවත් කිරීමට ජපන් රජය කටයුතුකර තිබෙනවා.

ඒ අනුව ඕසකා, කොයෝටෝ, හයෝගෝ, අයිචි, ගිෆෝ සහ ෆුකුවෝකා යන ප්‍රදේශවල වයිරස් ව්‍යාප්තිය මත පැනවූ හදිසි තත්ත්වය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. අනෙකුත් ප්‍රදේශවලට පනවා තිබූ හදිසි තත්ත්වය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවයි ජපන් රජය දැනුම් දෙන්නේ.

හදිසි තත්ත්වය යටතේ එරට ප්‍රදේශ ගණනාවක සංචාරය මෙන්ම සිනමා ශාලා මෙන්ම විනෝදාත්මක කටයුතු සීමා කිරීමටයි කටයුතු යොදා තිබුණේ. තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඔලිම්පික් තරගාවලියද ජුලි මාසයේ පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

The post ජපානයේ ප්‍රදේශ 06ක හදිසි තත්ත්වය ඉවත් කෙරේ appeared first on ITN News.

Read More »

පාස්කු ප්‍රහාරය ගැන රජය ගත් විධිමත් ක්‍රියාමාර්ග කඩා කප්පල් කරන්න එපා  

0 comments

පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රජය විධිමත් ක්‍රියාමාර්ග ගනිමින් තිබියදී එය කඩා කප්පල් කිරීමට කිසිවෙකුත් උත්සහ නොකළ යුතු බව අමාත්‍ය සී බී රත්නායක මහතා පවසනවා.

හගුරන්කෙත ප්‍ර දේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

The post පාස්කු ප්‍රහාරය ගැන රජය ගත් විධිමත් ක්‍රියාමාර්ග කඩා කප්පල් කරන්න එපා appeared first on ITN News.

Read More »

නීති ශිෂ්‍ය මිගාරට පහරදුන් චෝදනාවට පොලිසියේ හතරකගේ වැඩ තහනම්  

0 comments

පෑලියගොඩ පොලිස්ථානය තුළදී මිගාර ගුණරත්න නමැත්තාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති විමර්ශනවලට අදාළව ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරුන් 3 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝගයකට අනුව සිදු කළ මෙහෙයුමකදී චෝදනා රැසක් සම්බන්ධයෙන් නයිජීරියන් ජාතිකයන් 4 දෙනෙකු, බෙලරූෂ් කාන්තාවන් දෙදෙනෙකු හා ශ්‍රී ලාංකික පුද්ගලයෙකු හා කාන්තාවක අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් පෑලියගොඩ පොලිස්ථානයේ රැදවුම් නියෝග මත රදවා සිටි බවයි පොලීසිය ප්‍රකාශ කළේ. රුපියල් දාහත්ලක්‍ෂ හතළිස් පන්දහස් පන්සියයක් වංචා කිරීම, හෙරොයින් මත්ද්‍රව්‍ය 25යි මිලිග්‍රෑම් 120 ක් ළග තබා ගැනීම, ජාවාරම් කිරීම, ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීම සදහා යොදා ගන්නා කඩදාසි සියයේ බන්ඩල් 25 ක් ළග තබා ගැනීම, වාණිජමය ලිංගික කටයුතුවල යෙදීම සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනායි.

මෙම සැකකරුවන් අතර සිටි මල්වත්ත විදානලාගේ ප්‍රතිභා දිල්රුක්‍ෂි යන අය බැලීමට රාත්‍රී 8.35 ට පමණ පුද්ගලයෙකු පැමිණ ඇති අතර ඔහු මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්න නමැත්තා බවට හදුනා ගත් බවයි පොලීසිය පවසන්නේ. එහිදී පොලීසිය හා ඔහු අතර ඇති වූ ගැටුමේදී එම පුද්ගලයා තුවාල ලබා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ විශේෂ නියෝගයක් මත පොලිස් පරික්‍ෂණ ක්‍රියාත්මකයි. පොලිස් විශේෂ විමර්ශන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී එස් වික්‍රමසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ එක් කණ්ඩායමක් ද කැලණිය කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වන සුමිත් ගුණරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ තවත් කණ්ඩායමක් ද පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

දැනට සිදුකර ඇති විමර්ශනවලට අදාළව පෑලියගොඩ පොලිස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන් 3 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ද පොලීසියට උපදෙස් දී තිබෙනවා.

 

 

 

The post නීති ශිෂ්‍ය මිගාරට පහරදුන් චෝදනාවට පොලිසියේ හතරකගේ වැඩ තහනම් appeared first on ITN News.

Read More »

දංකොටුව නගරයේ වෙළදසැලක ගින්නකින් දැඩි අලාභ හානි (VIDEO)  

0 comments

දංකොටුව නගරයේ පුද්ගලික බැංකු ගොඩනැගිල්ලක සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය අලෙවිකරන වෙළදසැලක ඇතිවූ ගින්නකින් එම ගොඩනැගිලිවලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

ප්ලාස්ටික් වෙළදසැලේ ඇති වූ  ගින්න පසුව පෞද්ගලික බැංකුව පිහිටි ගොඩනැගිල්ලට පැතිර ගොස් තිබෙනවා. ගින්නෙන් ප්ලාස්ටික් වෙළෙදසැල මුළුමනින්ම විනාශවී තිබෙනවා. මීගමුව හා හලාවත ගිනි නිවන ඒකකය, දංකොටුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න තවදුරටත් පැතිරීම පාලනය කිරීමට කටයුතු කළා. ගින්න නිවාදැමීම සදහා පැය හයක පමණ කාලයක් ගතවූ බවයි දංකොටුව පොලීසිය ප්‍රකාශ කළේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

The post දංකොටුව නගරයේ වෙළදසැලක ගින්නකින් දැඩි අලාභ හානි (VIDEO) appeared first on ITN News.

Read More »

පළමුවෙනි වටයේ ඇස්ට්‍රා සෙනෙකා මාත්‍රා ලක්‍ෂ 4 කට ආසන්න ගණනක් එන්නත් කෙරේ  

0 comments

කොරෝනා මර්දන ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා තුන්ලක්ෂ අනූතුන්දහස් හාරසිය හැටනවයක් ඊයේ දිනය වනවිට ලබාදී අවසන්කර තිබෙනවා. එමෙන්ම තවත් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ඉන්දියාවේ සිට ඊයේ දිවයිනට රැගෙන ආවා. ඒ සදහා රජය වියදම් කළ මුදල රුපියල් මිලියන 510 ක්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා මෙම ගෙවීම සිදුකර තිබෙනවා.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා දාහතර දහස් අටසිය හැට හයක් ඊයේ දිනයේ දී ලබාදී තිබෙනවා. ඒ අනුවයි එන්නත් මාත්‍රා තුන් ලක්ෂ අනූ තුන් දහසකට අධික ප්‍රමාණයක් ඊයේ දිනය වනවිට ලබාදීමට හැකි වී තිබෙන්නේ. මේ අතර ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලක්ෂ පහක තොගය ඉන්දීය ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ දහවල් 1.30 ට පමණ දිවයිනට රැගෙන ඒම සිදුවුණා. ඒ විශේෂ ශීතකරණ පහසුකම් යටතේයි. අනතුරුව එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ මධ්‍යම එන්නත් ගබඩාව වෙත ප්‍රවාහනය කළා.

මධ්‍යම එන්නත් ගබඩාවේදී ඖෂධ තොගය භාරගත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එය වෛද්‍ය සැපයුම් අංශය වෙත භාර කළා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post පළමුවෙනි වටයේ ඇස්ට්‍රා සෙනෙකා මාත්‍රා ලක්‍ෂ 4 කට ආසන්න ගණනක් එන්නත් කෙරේ appeared first on ITN News.

Read More »

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි  

0 comments

ධර්ම සේනාධිපති සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරු ලැබීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

රජග‍හනුවර වේලුවනාරාමයේදී බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සන්නිපාතය ද සිදුවූයේ අද වැනි නවම් පුන් පොහෝ දිනකදීයි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ සදහා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළේද අද වැනි දිනෙක බව ශාසන ඉතිහාසයේ සදහන් වනවා. එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය අත්හැරීම සිදුවූයේත් අද වැනි නවම් පුන් පොහෝ දිනකදීයි.  සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට දකුණත් සවු සහ වමත් සවු යන ශාසනික තනතුරු පිරිනැමීම ද නවම් පොහෝ  දිනකදී සිදුව තිබෙනවා. නවම් පුන් පොහොය වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම දාන ශීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

ස්වාධීන රූපවාහිනිය සෑම පුන් පොහෝ දිනකම ගෙන එන සවණක් රැස් සජීව විකාශය මෙවර ගෙන එන්නේ හගුරන්කෙත ඉඩම්පිටිය මොරපාය රජමහා විහාරස්ථානයේ සිටයි. අද අලුයම සිටම මෙම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වනවා. විහාරාධිපති පූජ්‍ය දීගලහින්නේ සීලවංශ ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි පිංකම් පැවැත්වෙනවා.

මේ අතර ලක්හඩ ගුවන් විදුලිය සෑම පුන් පොහෝ දිනකම ක්‍රියාත්මක කරන ශාසනාලෝක වැඩසටහන ද මෙම විහාරස්ථානයේදී පැවැත්වුණා. සාමණේර භික්‍ෂූන්වහන්සේ සදහා අවශ්‍ය ධර්ම පුස්තක පූජා කිරීම මෙන්ම උන්වහන්සේගේ දෙමව්පියන් සදහා උපහාර පිරිනැමීම ද මෙහිදී සිදුවුණා. මෙවර ක්‍රියාත්මක වූයේ 101 වන  ශාසනාලෝක වැඩසටහනයි.

The post නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි appeared first on ITN News.

Read More »

තවත් 664 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 664 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 77625ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post තවත් 664 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

Read More »

කොරෝනා මරණ භූමදානය කළයුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ විධි විධානවලට අනුකූලවයි  

0 comments

කොරෝනා මරණ භූමදානය සදහා අවසර හිමිවන ගැසට් පත්‍රය නිකුත් කෙරුණා.

කොරෝනා වැලදීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කරන විධි විධානවලට අනුකූලව නිසි බලධාරියා අනුමත කරන සුසාන භූමියක හෝ ස්ථානයක එම බලධාරියාගේ අධීක්ෂණය යටතේ භූමදාන කටයුතු කළ  යුතු බවයි ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ.

මේ අනුව මෙම කටයුත්ත සිදුවිය යුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ විධි විධානවලට අනුකූලවම බව  ගැසට් පත්‍රයේ දැක්වෙනවා.

The post කොරෝනා මරණ භූමදානය කළයුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ විධි විධානවලට අනුකූලවයි appeared first on ITN News.

Read More »

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 25 ඉක්මවයි  

0 comments

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 25 (මිලියන 2.5) ඉක්මවා ගොස් තිබෙනවා . ඒ අනුව මේ වනවිට වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව විසිපන් ලක්ෂ දහනව දහස් තුන්සිය විසිඅටක් ලෙසයි දැක්වෙන්නේ.

මේ වනවිට වාර්තාවන ගෝලීය කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2,520,226ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා ආසාදිතයින්ගෙන් 89,168,208ක් සුවය ලබා ඇති බව වාර්තා වනවා.

අමෙරිකා – 520,785

මෙක්සිකෝව -183,692

බ්‍රසිලය – 251,661

ඉන්දියා – 156,861

එක්සත් රාජධානිය -122,070

ඉතාලිය -96,974

ප්‍රංශය -85,582

රුසියාව – 85,304

 

The post ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 25 ඉක්මවයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG