Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහා ශිව රාත්‍රී දිනය අදයි  

0 comments

මහා ශිව රාත්‍රී දිනය අදට යෙදි තිබෙනවා. ශිව දෙවියන්ට මුල්තැන දෙමින් ආගමික වතාවත්වල නිරත වීමට  හින්දු බැතිමතුන් අද දිනයේ කටයුතු කරනවා.

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් යුතුව සමරනු ලබන ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබෙනවා. හින්දු දහමට අනුව දෙවියන් අතර බලවත්ම දෙවියා ලෙස සැලකෙන ශිව දිවයින් තම බල පරාක්‍රමය ලොවට විදහා දැක්වූ දිනය ලෙසයි මහා ශිව රාත්‍රී දිනය සැළකෙන්නේ.

ශිව දෙවියන් සිහි කරමින් පුෂ්පොපහාර දක්වා ආගමික වතාවත් සිදු කිරීම අද රාත්‍රියේ සිදුවනවා. මහා ශිවරාත්‍රි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කරන්නේ ශිව රාත්‍රි මංගල්‍යයයෙන් සංකේතවත් කරන විශ්වාසයන් සමස්ත ලෝක වාසී ජනතාව තුළ අධ්‍යාත්මික පිබිදීමක් ඇතිකරවන බවයි. ත්‍යාගශීලි සහ සමාව දීම යන සත්‍යවාදී ගුණාංගයන් අනුව ජීවත්වීමට ආරාධනා කරන බව ජනාධිපතිතුමා එම පණිවුඩයේ සදහන් කරනවා.

 

 

 

The post මහා ශිව රාත්‍රී දිනය අදයි appeared first on ITN News.

Read More »

සෞභාග්‍යයේ දැක්මට අනුව වගා හානි නිසා පීඩාවට පත් ගොවීන්ට වන්දි  

0 comments

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව රටේ ගොවි ජනතාව වෙනුවෙන් මේවන විට රජය සුබ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

පසුගිය මහකන්නයේ බීජ වගාකොට කාලගුණික තත්ත්වය හේතුවෙන් හා අලි ඇතුන් ගොවි බිම්වලට කළ හානි නිසා පීඩාවට පත්ව සිටින ගොවීන්ට වන්දි මුදල් ප්‍රදානය කිරීම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් මත සිදු කෙරෙනවා. මඩකලපුව ප්‍රදේශයේ ගොවීන් නවදහස් හැත්තෑ තුන් දෙනෙකුට රුපියල් කෝටි 36ක වන්දි මුදල් ප්‍රදානය කිරීම වව්නතිව් නව මණ්ඩපතාදි ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ඊයේ සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් මහතාගේ මූලිකත්වයෙනුයි චෙක්පත් ප්‍රදානය සිදු කෙරුණේ.

 

 

 

The post සෞභාග්‍යයේ දැක්මට අනුව වගා හානි නිසා පීඩාවට පත් ගොවීන්ට වන්දි appeared first on ITN News.

Read More »

ගෝලීය වශයෙන් ප්‍රශස්ත ආයෝජන වේදිකාවක් ලෙස චීනයේ ශක්‍යතා තවදුරටත් තහවුරු වෙයි  

0 comments

චීන ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශය ඊයේ (28) ‘2021 වසරේ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සංඛ්‍යා ලේඛන නිවේදනය’ නිකුත් කළේය. ගත වූ වසර තුළ දෙස්-විදෙස් අභියෝග රැසක් ජය ගනිමින් චීන ආර්ථිකය 8.1%ක වර්ධනයක් සාක්ෂාත් කර තිබේ. ඒක  පුද්ගල දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 8%ක වර්ධනයකට ළඟා වී ඇත. ‍ගෝලීය දෙවැනි විශාලතම ආර්ථිකය ලෙස චීනයේ මෙවැනි ජයග්‍රහණ යළි ප්‍රකෘතිමත් වීම කෙරෙහි අවධානයක් යොමු කරන ලෝක ආර්ථිකයන්ට දැවැන්ත පිටුබලයක් සපයා තිබේ.

2021 වසරේ චීනය ලෝක ආර්ථික වර්ධනයට ලබා දුන් දායකත්ව අනුපාතය 25%ක් පමණි. චීනයේ භාණ්ඩ අපනයන හා ආනයන සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 39.1කි. මෙය 2020 වසරට සාපේක්ෂව 21.4%ක වර්ධනයක් පෙන්නුම් කරන අතර ගතවූ වසර 5තුළ චීනය ගෝලීය භාණ්ඩ වෙළඳාම සඳහා අඛණ්ඩව පෙරමුණ ගෙන ඇත.

මෑත වසර කිහිපයක් තුළ විදේශ ආයෝජන චීන වෙළඳ පොළට පිවිසීමේ සෘණාත්මක ලැයිස්තුව අඛණ්ඩව අවම කිරීම, ආයෝජන පහසුකම් ඉහළ නැංවීම මෙන්ම ව්‍යාපාරික පරිසරය සැකසීම මනාව ක්‍රියාවට නංවා ඇත. මේ යටතේ ගෝලීය වශයෙන් ප්‍රශස්ත ආයෝජන වේදිකාවක් බවට චීනය අඛණ්ඩව පත්ව තිබේ. පසුගිය වසරේ චීනයේ අලුතින් ස්පතානය කර ඇති විදේශ ආයෝජන ව්‍යවසායන්ගේ සංඛ්‍යාව 61 දහසක් විය.

2020 වසරට සාපේක්ෂව එය 23.3%ක වර්ධනයකි.නව කොරොනා වසංගතය අඛණ්ඩව පැතිරයාම හා ගෝලීය ආයෝජනය දිගින්දිගටම පහළ මට්ටමක පැවතීම යටතේ, සුවිශාල පරිමාණ‍යකින් යුත් චීන වෙළඳපොළ ගෙනදෙන නව අවස්ථා වැඩි අන්තර්ජාතික සමාගම් සංඛ්‍යාවක් ව්‍යාපාරික කටයුතු කෙරෙහි ආකර්ෂණය කර ගැනීමෙහි බලපා තිබේ.

The post ගෝලීය වශයෙන් ප්‍රශස්ත ආයෝජන වේදිකාවක් ලෙස චීනයේ ශක්‍යතා තවදුරටත් තහවුරු වෙයි appeared first on ITN News.

Read More »

සාම සාකච්ඡා අතරතුරදී යුක්රේනයේ නගර කිහිපයකට රුසියාවෙන් ප්‍රහාර  

0 comments

යුක්රේන රුසියා සාම සාකච්ඡා අතර තුරදී ද යුක්රේනයේ කියෙව්, කාකයිෆ් හා කාසන් යන නගර ඉලක්ක කරගනිමින් රුසියා හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කළා.

යුක්රේනයේ කියෙව් නගරයට ඇතුළු වීම සදහා රුසියා සන්නද්ධ රථ පෙලක් සූදානම් වන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගත් ඡායාරූප මගින් දැක්වුණේ එම සන්නද්ධ රථ පෙල කිලෝමීටර් 40 ක පමණ දිගින් යුතු බවයි. ඒ අනුව අද හෝ හෙට දින තුළදී කියෙව් නගරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවයට අනුමාන කෙරෙනවා. රුසියා ප්‍රහාර ආරම්භ වී අදට දින 06 ක් ගත වුවද යුක්රේන ප්‍රධාන නගර 03 හිම බලය තවමත් පවතින්නේ යුක්රේන හමුදාව යටතේයි.

 

 

 

The post සාම සාකච්ඡා අතරතුරදී යුක්රේනයේ නගර කිහිපයකට රුසියාවෙන් ප්‍රහාර appeared first on ITN News.

Read More »

යුක්රේන  – රුසියා බලධාරීන් අතර පැවති සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්  

0 comments

පැය 05 කට අධික කාලයක් පුරා යුක්රේන  – රුසියා බලධාරීන් අතර ඊයේ බෙලරුස් රාජ්‍යයේ ගෝමේල් නගරයේදී පැවති සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුණා. කෙසේ වුවද ඉදිරි දින කිහිපය තුළදී දෙවන වටයේ සාකච්ඡා ආරම්භ කරන බවයි රුසියාව නිවේදනය කරන්නේ.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කර දින 05 ක් ගතවන ඊයේ දිනයේදී දෙරටේ  බලධාරීන් අතර සාම සාකච්ඡා පැවැත්වුණා. එහිදී යුක්රේනයේ ඉල්ලීම වූයේ සටන් විරාමයකට එළඹීම හා රුසියා හමුදා යුක්රේනයෙන් ඉවත්කර ගැනීමයි. කෙසේ වුවද දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡා පිලිබද මේ වන තෙක් මාධ්‍ය දැනුවත් කර නැහැ.මේ අතර ඊයේ දිනය වන විට රුසියා ප්‍රහාර හේතුවෙන් යුක්රේන සාමාන්‍ය වැසියන් 350 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. එමෙන්ම ලක්ෂ 05 ඉක්ම වූ පිරිසක් යුක්රේනය හැර පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post යුක්රේන  – රුසියා බලධාරීන් අතර පැවති සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් appeared first on ITN News.

Read More »

යුක්රේනයට දරුණු ප්‍රහාරයක් දී සාම කතාවකට පුටින් එකඟ වෙයි  

0 comments

යුධ ගැටුම් නවතා යුරෝපා කලාපයට සාමය ගෙන ඒම සදහා රුසියා යුක්රේන බලධාරීන් අතර සාම සාකච්ඡා අද ආරම්භ වුණා. යුක්රේන,  බෙලරූස් දේශසීමා ආසන්නයේදී මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

සාකච්ඡා මේ වනවිටත් පැවැත්වෙන අතර අවි බිම තබා සටන් විරාමයකට එළඹෙන ලෙසයි යුක්රේනය මෙහිදී රුසියාවෙන් ඉල්ලා ඇත්තේ.

රුසියාවේ යුක්රේන ආක්‍රමණයට අදට දින 5 ක්. ඊයේ රාත්‍රියේ ද යුක්රේනයේ කියෙව්,  කාකයිෆ් හා චර්නිහිෆ් නගර ඉලක්ක කරගනිමින් රුසියා හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළා. එම ප්‍රහාරයන් යුක්රේන හමුදාවට දැඩි බලපෑමක් එල්ල කළ බවයි යුක්රේන හමුදා ප්‍රකාශකයෙකු සදහන් කළේ. ඉදිරි පැය 24 තම රටට ඉතාමත් තීරණාත්මක බව යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලන්ස්කි පවසනවා. ප්‍රහාර දරුණුවීමත් සමග යුරෝපා සංගමය ඇතුළු රටවල් බොහොමයක් යුක්රේනයට ලබාදෙන යුද ආධාර ඉහළ දැමීමට පියවර ගත්තා. එමෙන්ම රුසියා ගුවන් යානා සදහා යුරෝපයේ ගුවන් කලාපය හා රුසියාවේ රාජ්‍ය රූපවාහිනී නාලිකා තහනම් කිරීමට එම සංගමය තීරණය කර තිබෙනවා. ඒත් සමගම බටහිර රටවලට දරාගත නොහැකි සම්බාධක පනවන බවයි රුසියා ජනපති මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කරන්නේ. සම්බාධක මගින් තම ආර්ථිකයට එල්ලවී ඇති බලපෑම විසදා ගැනීමට හැකි බවද ඔහු පවසනවා. මේ අතර අර්බුධය සම්බන්ධයෙන් ජගත් සංවිධානයේ විශේෂ සැසිවාරයක් අද පැවැත්වෙනවා. එහිදී රුසියාවේ ප්‍රහාර සම්බන්ධයෙන් සාමාජික රටවල් 193 ට තම අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදාවනවා. රුසියාවට පනවා ඇති සම්බාධක දැඩි කිරීමත් සමග ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුසියා රූබල‍යේ අගය සියයට 30 කින් පහළ ගියා. මුදල් ලබා ගැනීම සදහා රුසියානු ජනතාව එරට බැංකු අසල දිගු පොල්ම්වල රැදී සිටින බවටයි වාර්තා වන්නේ. රුසියා මහ බැංකුවට පැනවූ සම්බාධකත් සමගින් ඔවුන්ට අයත් ඇමෙරිකා ඩොලර් බිලියන 630 ක විදේශ සංචිත භාවිතයට ගැනීමේ හැකියාව අහිමිවනවා. ඒත් සමගම රුසියා මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගත්තා. සියයට 9 දශම 5 ක්ව තිබූ පොලී අනුපාත සියයට විස්ස දක්වා ඉහළ දමා තිබෙනවා.

අවතැන් වූ යුක්රේන වැසියන් මිලියන 7 කට අධික සංඛ්‍යාවක් අසල්වැසි රටවලට ඇතුළුවනු ඇති බවට යුරෝපා සංගමය විශ්වාසය පළකරනවා. රුසියාවේ ප්‍රහාර හමුවේ මේ වනවිට යුක්රේනය හැර ගොස් ඇති සංඛ්‍යාව ලක්ෂ හතරකට ආසන්නයි. ඔවුන් ජාත්‍යන්තර දේශසීමා හරහා පෝලන්තය,  රුමේනියාව,  හංගේරියාව,  මෝල්ඩෝවා හා ස්ලෝවැකියාව යන රටවලට ඇතුළුවී තිබෙනවා.

මේ අතර බෙලරූස් රාජ්‍ය තුළ න්‍යෂ්ටික අවි ස්ථාපිත කිරීමට එරට ජනතාව සිය අනුමැතිය ලබාදුන්නා. යෝජනාවට පක්ෂව සියයට 65 දශම එකයි හයක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති අතර ඉදිරියේදී රුසියාව බෙලරූස් රාජ්‍ය තුළ න්‍යෂ්ටික අවි ස්ථාපිත කරනු ඇති. මේ අතර යුධ ගැටුම් අතරතුර රුසියා සෙබලුන් 5,300 ක් ඝාතනය කළ බව යුක්රේනය නිවේදනය කරනවා. යුද ටැංකි 191 ප්‍රහාරක ගුවන් යානා 29 ක් හෙලිකොප්ටර් යානා 29 ක් ට්‍රක් රථ 816 ක් සම්පූර්ණයෙන්ම විනාශ කළ බවයි ඔවුන් තවදුරටත් සදහන් කරන්නේ. කෙසේ වුවද මෙම තොරතුරු ස්වාධීනව තහවුරු කර නැහැ. යුධ ගැටුම් නවතාලීමට තම ජනාධිපතිවරයාට බලකර සිටින ලෙස යුක්රේන විදේශ අමාත්‍යවරයා රුසියා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිනුයි ඔහු මෙම ඉල්ලීම සිදුකළේ.

න්‍යෂ්ටික අවි ඒකක සීරුවෙන් තබන ලෙස ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නියෝග ලබා දුන්නා. බටහිර රටවලින් එල්ලවන ආක්‍රමණශීලී ප්‍රතිචාර හේතුවෙන් තමා මෙම පියවර ගත් බවයි රුසියා ජනාධිපතිවරයා සදහන් කරන්නේ. කෙසේ වුවද යුක්රේනයට පහරදීමට න්‍යෂ්ටික අවි භාවිත කිරීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බවද ඔහු වැඩිදුරටත් කියාසිටිනවා.

 

 

The post යුක්රේනයට දරුණු ප්‍රහාරයක් දී සාම කතාවකට පුටින් එකඟ වෙයි appeared first on ITN News.

Read More »

යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය  

0 comments

රුසියානු හා යුක්රේන ගැටුම හේතුවෙන් සිය රට බලා යාමට නොහැකිව සිටින යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දැනටමත් මේ පිළිබදව විදේශ කටයුතු අමාත්‍යාංශය ආගමන විගමන දෙපාර්කමේන්තුව සමග සාකච්ඡාකරමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි.

සංචාරකයන් සදහා වීසා ලබා දෙන්නේ අවම මාසයක කාපයකට බැවින් මේ වන විට මෙරට රැදී සිටිව යුක්රේන ජාතිකයන්ගේ වීසා අවසන් වන කාලයද සැලකිල්ලට ගෙන අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා පවසයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ථා වලට අනුව මේ වන විට යුක්රේන සංචාරකයන් 4000 කට ආසන්න පිරිසක් මෙරට රැදී සිටින අතර මෙරට රැදී සිටින රුසියානු සංචාරකයන් සංඛ්‍යාව 11500 කට ආසන්නය.

The post යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය appeared first on ITN News.

Read More »

පසුගිය සතියේ රිය අනතුරු 43කින් 44ක් මරුට  

0 comments

පසුගිය සතිය තුළ දිවයිනේ මාර්ග රිය අනතුරු 43 ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  නිහාල් තල්දූව පවසනවා. එම අනතුරුවලින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් තිබෙන බවයි තල්දූව මහතා කියාසිටින්නේ.

පසුගිය මාස දෙක තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 457 දෙනෙකු මියගොස් තිබෙනවා.

බරපතල තුවාල සිදුවූ රිය අනතුරු 120 ක්,  සුලු තුවාල සිදුවූ රිය අනතුරු 173 ක් පසුගිය සතිය තුළ සිදුව තිබෙනවා. යතුරුපැදි 17 ක් ලොරි රථ 8 ක් සහ ත්‍රි රෝද රථ 5 ක් මෙම රිය අනතුරු සදහා සෘජුවම මුහුණ දුන් බවයි පොලීසිය පවසන්නේ. යතුරුපැදිකරුවන් 16 ක් පදිකයින් 13 ක් මගීන් 7 ක් සහ පසුපැදිකරුවන් 4 දෙනෙකු මෙම රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වුණා. රිය අනතුරු සිදුකර ඒ පිළිබද දැනුම් නොදී පළායාමේ අවස්ථා 5 ක් දපසුගිය සතිය තුළ වාර්තාවී තිබෙනවා.

එම රියදුරන් සහ වාහන අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.

 

 

 

 

The post පසුගිය සතියේ රිය අනතුරු 43කින් 44ක් මරුට appeared first on ITN News.

Read More »

පෞද්ගලික බස් ධාවනය ඇණහිටියොත් මගී පහසුවට ලංගම සූදානමින්  

0 comments

මේ අතර ඇතැම් ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන නොමැතිවීමෙන් අද දිනයේ දී බස් ධාවනය සීමාකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කලා. මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ පොදු ප්‍රවාහන සේවා සදහා ඉන්ධන ලබා දීමේ දී ප්‍රමුඛතාව ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත් මගී ජනතාවට ප්‍රමාණවත් පරිදි ලංගම බස් රථ ධාවනය සදහා එක් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසනවා.

The post පෞද්ගලික බස් ධාවනය ඇණහිටියොත් මගී පහසුවට ලංගම සූදානමින් appeared first on ITN News.

Read More »

අද කොරෝනා මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කරයි  

0 comments

අද කොරෝනා ආසාදිත මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

 

The post අද කොරෝනා මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කරයි appeared first on ITN News.

Read More »

ඉදිරි පැය 24 තම රටට ඉතාමත් තීරණාත්මක බව යුක්රේන ජනපති කියයි  

0 comments

ඉදිරි පැය 24 තම රටට ඉතාමත් තීරණාත්මක බව යුක්රේන ජනාධිපති සෙලන්කි සදහන් කරනවා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සමග පැවති දුරකතන සංවාදයක් අතරතුරදීයි යුක්රේන ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ. යුක්රේනයේ නගර රැසක් ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන රුසියා මිසයිල ප්‍රහාර දැඩි කිරීමට රුසියා හමුදාව පියවර ගෙන තිබෙනවා. ඊයේ එල්ල වූ ප්‍රහාරවලින්  යුක්රේන හමුදාවට දැඩි බලපෑම් සිදු වූ බවයි යුක්රේන හමුදා ප්‍රකාශකවරයෙකු සදහන් කරන්නේ. මේ අතර රුසියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමත් සමග රුසියාවේ මුදල් ඒකකය වන රූබල් සියයට තිහකින් පමණ පහත වැටී ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. යුක්රේන රුසියා  යුද ගැටුම් සම්බන්ධයෙන් ජගත් සංවිධානයේ විශේෂ මහා මණ්ඩල සැසිවාරයක්ද අද පැවැත්වීමට නියමිතයි.

 

The post ඉදිරි පැය 24 තම රටට ඉතාමත් තීරණාත්මක බව යුක්රේන ජනපති කියයි appeared first on ITN News.

Read More »

කොළඹ ජම්පටාර් වීදියේ ගබඩාවක් තුළ ගින්නක්  

0 comments

ජම්පටා වීදිය ප්‍රදේශයේ ට්‍රැක්ටර් උපාංග සහ අමතර කොටස් ගබඩා කර තිබූ ස්ථානයක අද දහවල් ගින්නක් ඇති වුණා. එම ගබඩාව සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශවී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා. ගින්න හේතුවෙන් අසල නිවාස කිහිපයකට බලපෑම් ඇති වුණා. කෙසේ වෙතත් අවට නිවාස හා ආයතන වලට ගින්න පැතිරීම වළක්වා ගැනීමට ගිනි නිවන ඒකක සමත්වී තිබෙනවා.

කොළඹ ගිනි නිවන ඒකකය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ වරාය අධිකාරියේ ගිනි නිවන ඒකක ද මෙම මෙහෙයුමට එක්වුණා. ගිනි නිවන රථ 11 ක් පමණ ඒ සදහා යොදා ගැනීමට සිදුවූ බවයි පොලීසිය පැවසුවේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.

 

 

 

The post කොළඹ ජම්පටාර් වීදියේ ගබඩාවක් තුළ ගින්නක් appeared first on ITN News.

Read More »

ඉතාලියෙන් රුමේනියාවට ප්‍රහාරක ගුවන් යානා 4 ක්  

0 comments

රුමේනියාවේ ආරක්ෂාව තර කිරීමට ඉතාලි ප්‍රහාරක ගුවන් යානා 4 ක් ලබාදීමට ඉතාලි ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගත්තා.

රුසියා යුක්රේන යුද ගැටුම් උත්සන්නවීමත් සමගයි ඉතාලිය මෙම තීරණය ගෙන ඇත්තේ. මේ වනවිටත් රුමේනියාවේ ඉතාලි ප්‍රහාරක ගුවන් යානා 4 ක් සේවයට යොදවා තිබෙනවා. එමෙන්ම නේටෝ සංවිධානය ශක්තිමත් කිරීමට යුද සෙබලුන් 3,400 ක් ලබාදීමට සූදානම් බවයි ඉතාලිය පවසන්නේ. දැනටමත් ඉතාලි සෙබලුන් 240 ක පිරිසක් නැගෙනහිර යුරෝපයේ ආරක්ෂාව තර කිරීමට නේටෝ සංවිධානයට සහාය ලබාදෙනවා.

 

 

 

The post ඉතාලියෙන් රුමේනියාවට ප්‍රහාරක ගුවන් යානා 4 ක් appeared first on ITN News.

Read More »

දුර්වලයි කියා දරුවන් කොන්කරන්න එපා – ඇමති ඩලස්ගෙන් ඉල්ලීමක්  

0 comments

විභාගවලදී උසස් සාමාර්ථ පමණක් ලබාගන්නා දරුවන් අගයන අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට තමා අධ්‍යාපන ඇමතිධුරය දැරූ කාලයේදී ගත් තීන්දු ක්‍රියාත්මක වන තුරු අපේක්ෂාවෙන් බලා සිටින බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ලේනසි අපරැක්ක ලියනගම දැරිය රචනා කළ සිරිමල් හා කුරුලුපැටියා කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමූ අවස්ථාවේදී නිවසට වී සිටින දරුවන්ගෙන් පොතක් ලියන ලෙසට අමාත්‍යවරයා කළ ඉල්ලීම අනුව දැරිය මෙම ග්‍රන්ථය රචනා කර තිබුණා. රටක් වටින පොතක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා.

The post දුර්වලයි කියා දරුවන් කොන්කරන්න එපා – ඇමති ඩලස්ගෙන් ඉල්ලීමක් appeared first on ITN News.

Read More »

අධිවේගයේ අනාරක්ෂිතව රැඟුම් පෑ කාන්තාව (video)  

0 comments

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් අධි සුඛෝපභෝගී මෝටර් රථයක වහළය කොටසින් එළියට පැමිණි  කාන්තාවක් පිළිබද වාර්තා වුණා. අධිවේගී මාර්ගයේ නීතිය උල්ලංඝනය කරමින් ගමන් ගත් මෙම කාන්තාව ඊට පසුපසින් පැමිණි පුද්ගලයෙකුගේ ජංගම දුරකතනය මගින් වීඩියෝ ගතකර තිබෙනවා.

කළුතර සහ අලුත්ගම අධිවේගී මාර්ග කොටසේදී ඊයේ පස්වරුවේයි මෙම සිද්ධිය සිදුව ඇත්තේ. මේ ආකාරයෙන් අනාරක්ෂිත ලෙස ගමන් කිරීම නීතිවිරෝධි ක්‍රියාවක් බවයි රථවාහන පොලීසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලීසිය පැවසුවා.

 

 

 

The post අධිවේගයේ අනාරක්ෂිතව රැඟුම් පෑ කාන්තාව (video) appeared first on ITN News.

Read More »

ජනතාවට හදවතට දැනෙන රටක් උරුම කරදීමට රජයට හැකියාව තියෙනවා  

0 comments

ජනතාවගේ හදවතට දැනෙන රටක් උරුම කිරීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සෞභාගයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව නිරවුල් රන් බිම ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ ජාතික මහෝත්සවයට ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී අද එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

The post ජනතාවට හදවතට දැනෙන රටක් උරුම කරදීමට රජයට හැකියාව තියෙනවා appeared first on ITN News.

Read More »

එන්නත නිසා විනාශයක් වැළකුණු හැටි ජනපති ලොවටම කියයි  

0 comments

රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කර ගැනීමට හැකිවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ පැවති වැඩසටහනකට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ.

සර්ව එන්නත්කරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ තේමාත්මක විවාදය මැයෙන් එම වැඩසටහන පැවැත්වුණා. ගෝලීය වශයෙන් එන්නත් ලබාගැනීමේ හැකියාවේ අසමානතා පවතින අවස්ථාවක නව ප්‍රභේද මතුවීමේ දැඩි අවදානමක් ඇති බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. සෑම පුද්ගලයෙකුම එන්නත්කරණයට ලක්කිරීම වසංගතයෙන් මිදීමට ඇති හොදම මාර්ගය බව ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා.

විවාදයේ පළමු වටයේදී එන්නත් නිෂ්පාදනයේදී හා බෙදාහැරීමේදී මතුව ඇති අභියෝග ඇතුලු අංශ රැසක් සම්බන්ධයෙන්  අවධානය යොමු වුණා. දෙවන වටයේදී වර්තමාන අභියෝග ජය ගැනීමට අවශ්‍ය නව උත්පාදන හා විසදුම් පිළිබදව සාකච්ඡා කෙරුණා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ශාහිඩ් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් ද මෙහිදි අදහස් පළ කළා.

The post එන්නත නිසා විනාශයක් වැළකුණු හැටි ජනපති ලොවටම කියයි appeared first on ITN News.

Read More »

සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගේ අවසන් කටයුතු පස්වරුවේ  

0 comments

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු තලාහේන පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදුකෙරෙනවා.

කොළඹ යුගයේ විශිෂ්ඨතම කවියෙකු වූ මීමන ප්‍රේමතිලකයන්ට දාව 1944 වසරේ මැයි මස 12  වනදා මෙලොව එළිය දුටු සුනිල් මාධව ප්‍රේමතිලක හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් තම මූලික අධ්‍යාපනය ලබනවා. පසුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ඔහු පාසල් අධ්‍යාපනය ලබන අවදියේදීම පුවත්පත්කරණයට යොමු වනවා.

1963 වසරේදී ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පත සමග සම්බන්ධ වන සුනිල් මාධව පසුව ජනතා පුවත්පතට එක්වන්නේ සිය විප්ලවකාරී අදහස් මුලු ගන්වමින්. අභාවප්‍රාප්ත සුනිල් මාධවගේ දේහය මේ වන විට මහජන ගෞරවය සදහා ‍කොස්වත්ත පයිප්ප පාරේ සිය නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු තලාහේන පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

The post සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගේ අවසන් කටයුතු පස්වරුවේ appeared first on ITN News.

Read More »

චීනය මානව හිමිකම් සංවර්ධන මාවතට ස්ථිර ලෙස අනුගත විය යුතුයි – චීන ජනපති  

0 comments

චීනයේ මානව හිමිකම් සංවර්ධන මාවතට ස්ථිර ලෙස අනුගත විය යුතු බව චීන කොමිනියුස්ට් පක්ෂ මහ ලේකම් හා ජනාධිපති ෂී ජින්පිං මහතා පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ කණ්ඩායම් අධ්‍යයන සැසිය අමතමින් අවධාරණය කරයි.

නවීන සමාජවාදී චීනයක් පූර්ණ ලෙස ගොඩ නැගීම සඳහා රට නව ගමනක් ආරම්භ කර තිබේ. ඒ‍  හේතුවෙන් මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු කිරීමට, ගරු කිරීමට සහ ආරක්ෂා කිරීමට සහ චීනයේ මානව හිමිකම් ප්‍රගමනය වඩා හොඳින් ඉදිරියට ගෙන යාමට වැඩි උත්සාහයක් ගන්නා ලෙසට ජනාධිපතිවරයා එහිදී ඉල්ලා සිටියේය.

මානව හිමිකම්වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම චීන කොමිනියුස්ට් පක්ෂය අත්නොහරින හඹා යෑමක් යැයිද හෙතෙම අවධාරණය කළේය. 2012 වසරේ පැවති 18 වැනි චීන කොමිනියුස්‍ට් පක්ෂ ජාතික සම්මේලනයේ සිට, මානව හිමිකම්වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම ජාතික පාලනයේ වැදගත් න්‍යාය පත්‍රයක් බවට පත් කර ඇති අතර, චීනයේ මානව හිමිකම්හී ඓතිහාසික ජයග්‍රහණ ලබා ගෙන ඇති බවද හෙතෙම පැවසීය.

නිරපේක්ෂ දරිද්‍රතා ප්‍රශ්නය විසඳීමට හැකිව තිබේ. සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් වර්ධනය වී ඇත. සමාජ සමානාත්මතාවය සහ යුක්තිය ස්ථිර ලෙස සුරක්ෂිත කර ඇති අතර, ලොව විශාලතම අධ්‍යාපන, සමාජ ආරක්ෂණ සහ සෞඛ්‍ය සේවා පද්ධති ස්ථාපිත කිරීමට හැකිව ඇති බවද චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

The post චීනය මානව හිමිකම් සංවර්ධන මාවතට ස්ථිර ලෙස අනුගත විය යුතුයි – චීන ජනපති appeared first on ITN News.

Read More »

සති අන්තයේ රාත‍්‍රී කාලයේදී විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නැහැ  

0 comments

හෙටින් ඇරඹෙන සති අන්තයේ රාත‍්‍රී කාලයේදී විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නැති බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා. හෙට දිනයේදී උදෑසන 8.30ත් සවස 5.30ත් අතර කාලය තුළ පැය 3.00ක කාලයක් ඒ බී සී කලාපවලට විදුලිය විසන්ධි වනු ඇති.

සෙසු කලාපවලට උදෑසන 8.30ත් සවස 5.30ත් අතර කාලය තුල පැය දෙකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට එම කොමිසන් සභාව ලංකා විදුලි බල මණ්ඩලය අවසර ලබාදී තිබෙනවා.  ඉරිදා දිනයේදී එනම් 27 වනදා ඒ බී සී කලාපවලට පමණක් පැය දෙකහමාරක කාලයක් විදුලිය විසන්ධි වෙයි.

සෙසු කලාපවලට විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි එම කොමිසන් සභාව වැඩිදුරටත් කියා සිටියේ.

 

 

 

 

 

 

 

 

 

 

 

The post සති අන්තයේ රාත‍්‍රී කාලයේදී විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නැහැ appeared first on ITN News.

Read More »

රුසියානු ජනපතිට සහ එරට විදේශ අමාත්‍යවරයාට සම්බාධක පැනවීමට බටහිර රටවල් තීරණය කරයි  

0 comments

යුක්රේන  ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ එරට විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ වෙත සම්බාධක පැනවීමට බටහිර රටවල් තීරණය කර තිබෙනවා.

ඇමෙරිකාවේ යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය සහ කැනඩාවේ පවතින ඔවුන්ගේ වත්කම් තහනම් කෙරෙන අතර එම රටවල සංචාරය කිරීම ද තහනම් කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. මේඅතර යුරෝපීය චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් තරඟ, යූරෝ විෂන් ගායනා තරග මෙන්ම ෆෝමියුලා වන්, ග්‍රොන් ප්‍රී මෝටර් රථ ධාවන තරග රුසියාවේ නොපැවැත්වීමට ද තිරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post රුසියානු ජනපතිට සහ එරට විදේශ අමාත්‍යවරයාට සම්බාධක පැනවීමට බටහිර රටවල් තීරණය කරයි appeared first on ITN News.

Read More »

දෙමෝදරදී ත්‍රීරෝද රථ දෙකක් ගැටෙයි  

0 comments

දෙමෝදර, උඩුනුවර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ යි මෙම අනතුර සිදුව තිබෙන්නේ. බදුල්ල දෙස සිට පැමිණි එක් ත්‍රිරෝද රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය අසල තිබූ ආරක්ෂිත බැම්මක වැදී පෙරලී ගොස් තිබෙනවා. එම මොහොතේම මාර්ගයේ අනෙක් පසින් පැමිණි අනෙක් ත්‍රිරෝද රථයේ මෙම ත්‍රිරෝද රථය ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම මෙම අනතුරට හේතුවී ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරින් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නොමැති බවයි අප වාර්තාරු සදහන් කළේ.

 

 

The post දෙමෝදරදී ත්‍රීරෝද රථ දෙකක් ගැටෙයි appeared first on ITN News.

Read More »

චීන-රුසියා ජනාධිපතිවරු දුරකථන සාකච්ඡාවක් පවත්වයි  

0 comments

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ රුසියානු ජනාධිපති Vladimir Putin මහතා ඊයේ එමසාකච්ඡාවපැවැත්වූහ.  වත්මන් යුක්රේන තත්වය පිළිබඳ   දෙපාර්ශ්වය අදහස් හුව හුවමාරු කරගත්හ.

ඇමරිකාව හා NATO සංවිධානය දිගුකාලීනව රුසියාවේ සාධාරණ ආරක්ෂක අවධානය නොතකා අඛණ්ඩව නැගෙනහිර දිශාවේ යුධ පහසුකම් සැකසීම  ප්‍රවර්ධනය කිරීම රුසියාවේ උපායමාර්ගික උපරිම  සීමාවන් අභියෝගයට ලක් කරන්නක් බව Vladimir Putin මහතා එහිදී පැවසීය. යුක්රේනය සමග ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට රුසියාව කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය.

යුක්රේන ප්‍රශ්නයේ වැරදි සහ නිවැරදි   තත්වයන් අනුව චීනය සිය ස්ථාවරය තීරණය කරන බව ෂී ජින්පින් මහතා පැවසීය. රුසියාව හා යුක්රේනයට සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්නය  විසඳීමට චීනය සහාය ලබාදෙයි. විවිධ රටවල ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට ගරුකිරීම, එක්සත්ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ අරමුණු හා     මූලධර්මයන් අනුගමනය කිරීම චීනයේ තිරසර  ස්ථාවරය යැයි ෂීජින්පින්  මහතා අවධාරණය කළේය.

The post චීන-රුසියා ජනාධිපතිවරු දුරකථන සාකච්ඡාවක් පවත්වයි appeared first on ITN News.

Read More »

කිරිපිටි නිෂ්පාදන ආයතනයක අලෙවිකරුවෙකු බව පවසමින් වංචනිකව මුදල් ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

මෙරට ප්‍රධාන පෙළේ කිරිපිටි නිෂ්පාදන ආයතනයක අලෙවිකරුවෙකු බව පවසමින් වංචනික ලෙස මුදල් ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

කිරිපිටි නිෂ්පාදන ආයතනයක අලෙවිකරුවෙකු බව පවසමින් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ගොස් මෙම පුද්ගලයා මුදල් ලබාගන්නා බවයි හෙළිවී ඇත්තේ. මාරවිල මූලික රෝහලට පැමිණ ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර කිරිපිටි පැකට් ලබා නොදී හෙද නිලධාරියකගෙන් සූක්ෂම ලෙස රුපියල් 11,000ක මුදලක් ලබාගැනීමට මෙම පුද්ගලයා සමත්වී තිබෙනවා.

ඔහු මුදල් රැගෙන රෝහලෙන් පළායන ආකාරය සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා.

 

 

 

 

The post කිරිපිටි නිෂ්පාදන ආයතනයක අලෙවිකරුවෙකු බව පවසමින් වංචනිකව මුදල් ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

රුසියානු ප්‍රහාර හමුවේ දහස් ගණනක යුක්‍රේන වැසියන් මධ්‍යම යුරෝපයට සංක්‍රමණය වෙයි  

0 comments

රුසියානු ප්‍රහාර හමුවේ දහස් ගණනක යුක්‍රේන වැසියන් මධ්‍යම යුරෝපීය රටවල් දෙසට සංක්‍රමණය වීම ආරම්භ වී තිබෙනවා.

දකුණු පෝලන්තයේ දේශසීමා ආසන්නයේ යුක්‍රේන ජාතිකයින් විශාල පිරිසක් රැස්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙලෙස යුරෝපීය රටවල් වෙත ඇතුළුවන පිරිස් සිය රටට පිලිගැනීමට සහ මානුෂීය ආධාර ලබා දීමට සූදානම් බව හංගේරියානු රජය මේ වන විටත් කැමැත්ත පළකර තිබෙනවා. සෙසු මධ්‍යම යුරෝපීය රටවල් කිහිපයක්ද යුක්‍රේන ජනතාවට ආධාර ලබා දීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර රුසියා හමුදා යුක්‍රේනයේ කොනෙටොප් නගරයට ප්‍රහාර එල්ලකරමින් සිටින බවත් එරට අගනගරය වන කිව් නගරය දෙසට ගමන් කරමින් සිටින බවත් වාර්තා වනවා. මේ අතර යුක්‍රේන ජනාධිපති විලෝදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටින්නේ රුසියාවේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ තමන් සහ තමන්ගේ පවුලේ අය ඝාතනය කිරීම බවයි. එමගින් තම රට අස්ථාවර කිරීම රුසියාවේ බලාපොරොත්තුව වී ඇති බව ඔහු පවසන්නේ.

 

 

 

The post රුසියානු ප්‍රහාර හමුවේ දහස් ගණනක යුක්‍රේන වැසියන් මධ්‍යම යුරෝපයට සංක්‍රමණය වෙයි appeared first on ITN News.

Read More »

ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය වාර්තාකරු ඒ.ලියනගේ මහතා අභාවප්‍රාප්ත වෙයි  

0 comments

ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු (ඒ.ලියනගේ) මහතා අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහතා 79 වන වියෙහි පසුවුණා.

වසර 50කට අධික කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටි ඒ මහතා ස්වාධීන රූපවාහිනියේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් වසර 20කට අධික කාලයක් සේවය කළා.  දෙදරු පියෙකු වන ඒ මහතාගේ වැඩිමල් පුත් සුජිත් පණ්ඩුක ලියනගේ 30වසරක යුද්ධය නිමා කිරීමට දිවිදුන් විරෝධාර රණවිරුවෙකි. ඒ මහතාගේ දේහය අද පස්වරුවේ අංක 14 බණ්ඩරවත්ත,  කඹුරන, මාතර ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.

දේහය පිළිබද අවසන් කටයුතු හෙට පස්වරුවේ මාතර පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

 

 

 

The post ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය වාර්තාකරු ඒ.ලියනගේ මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

Read More »

පළමු තරගයේ ජය ඉන්දියාවට  

0 comments

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ලක්නව් හි පැවති පළවන 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ජය හිමිකර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දිය  කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුණු 199ක් රැස් කළා. ඉන්දියාව  ලබා දුන් ලකුණු 200 ක දැවැන්ත ඉලක්කය හමුවේ අඩපණ වූ ශ්‍රි ලංකා පිතිකරුවන් පන්දුවාර 20 අවසානයේ ලකුණු 137 ක්  පමණයි.

ඒ අනුව පළමු තරගයේ තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලියේ පළමු තරගයේදී  ශ්‍රී ලංකාවට ලකුණු 62ක පරාජයක් අත්වුණා. ඕස්ට්‍රේලියාව සමග පසුගියදා පැවති පැති තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පිතිකරුවා බවට පත්වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ කඩුල්ල පළමු පන්දුවෙන්ම දවා ගැනීමට ඉන්දීය වේග පන්දු යවන බුවනේෂ්වර් කුමාර් සමත්වුණා. එම කඩුල්ල දවා ගැනීමත් සමගම ඉන්දියාවට ශ්‍රී ලංකාවේ පිතිකරුවන් දමනය කර ගැනීමට හැකිවුණා. කමිල් මිෂාරගේ ද  දෙවන කඩුල්ල ලකුණු 13කට සීමා කිරීමට  බුවනේෂ්වර් කුමාර් සමත්වුණා.

 

 

 

The post පළමු තරගයේ ජය ඉන්දියාවට appeared first on ITN News.

Read More »

අද කොරෝනා මරණ 30යි  

0 comments

තවත් කොරෝනා ආසාදිත මරණ 30ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

The post අද කොරෝනා මරණ 30යි appeared first on ITN News.

Read More »

ගොවි ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා – කෘෂිකර්ම ඇමති  

0 comments

පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයට සහභාගී වූ ගොවි මහතුන්ගේ ඉල්ලීම් පිළිබද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.

එම ගොවිමහතුන් සමග විශේෂ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා. කාබනිකගොවිතැන හේතුවෙන් අස්වැන්නේ අඩුවීමක් සිදුවූ ගොවින් වෙත නිශ්චිත වන්දි මුදලක් ලබාදීම,  මෙතෙක් ගෙවා නිම නොකල  කොම්පෝස්ට් සදහා වන රුපියල් 7500 ක මුදල කඩිනමින් ගෙවා අවසන් කිරීම ඇතුලු ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සදහා විසදුම් ලබාදීමට මෙහිදි අමාත්‍යවරයා එකගවුණා. ඇතැම් ගැටලුවලට මේ වනවිටත් විසදුම් ලබාදීමට ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේ.

ගොවි ජනතාව වෙනුවෙන් තමා කොන්දේසි විරහිතව පෙනී සිටින බවද මෙහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

 

 

 

The post ගොවි ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා – කෘෂිකර්ම ඇමති appeared first on ITN News.

Read More »

උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට  

0 comments

මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා 02 සමඟ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු, ඊයේ (23 ) දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් විසින් උතුරු මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට උතුරු දෙසින් සහ කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයන්හි, අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධී bottom trawling පන්න ක්‍රමයට ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා දෙකක් (02) සමඟ එම යාත්‍රාවන්හි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 22 දෙනෙකු සහ ඔවුන් විසින් නීති විරෝධී ලෙස අල්ලනු ලැබූ මත්ස්‍යයින් තොගයක් ද නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ටෝලර් යාත්‍රා සහ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

ඒ අනුව, නාවික හමුදා භාරයටගත් මෙම ටෝලර් යාත්‍රා 02 ද සමඟ 2022 පෙබරවාරි මස ගත වූ කාල සීමාව තුලදී පමණක්, ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට අතුළුව අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා 08 ක් සමඟ එම යාත්‍රාවන්ගේ සිටි ඉන්දීය ධීවරයන් 51 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සුරක්‍ෂිතභාවය සහ මෙරට මත්ස්‍ය සම්පත රැකගනිමින් දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය රැකදීම සඳහා නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබයි.

The post උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට appeared first on ITN News.

Read More »

යුක්රේනයේ මරියුපෝල් වරාය නගරයේ පිපිරීම් කිහිපයක්  

0 comments

යුක්රේනයේ මරියුපෝල් වරාය නගරයේ පිපිරීම් කිහිපයක් සිදුව තිබෙනවා.

අද අලුයම මෙම පිපිරීම් මාලාව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර යුක්රේනය විසින් එරට තුළ හදිසි තත්ත්වයක් ද පැනවීමට කටයුතු කර තිබෙනවා. ඉදිරි දින 30 ක කාලය සදහා එරට තුළ හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීම සඳහා අද රැස්වූ යුක්රේන ආරක්ෂක කවුන්සිලය අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව යුක්රේනයට මේ මොහොත වන විට රුසියා හමුදා තර්ජනය දැඩි ලෙස දැනෙමින් අවදානම් තත්ත්වයක පවතින බවයි පැවසෙන්නේ. රුසියාවේ ජීවත් වන යුක්රේන සම්භවයක් සහිත පුරවැසියන්ට වහාම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසද දැනුම් දී තිබෙනවා. රුසියාව මේ වන විට මහා පරිමාණ යුද ආක්‍රමණයක් යුක්රේනය තුළ සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවට වාර්තා වනවා.

 

 

 

The post යුක්රේනයේ මරියුපෝල් වරාය නගරයේ පිපිරීම් කිහිපයක් appeared first on ITN News.

Read More »

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

0 comments

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ අකුරල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වුණා.

මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පසු පසින් පැමිණි වාහනයක ගැටීමත් සමඟ විසිරී ගොස් තිබෙනවා. බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මෙම වාහනය අනතුරෙන් පසු පලා ගොස් ඇති අතර එය සොයා අම්බලන්ගොඩ පොලීසිය පරීක්ෂණ සිදු කරනවා. මිය ගිය පුද්ගලයා පිළිබඳ තොරතුරු තහවූරු කර ගැනීමට තවමත් නොහැකි වී ඇති අතර අවුරුදු 50 ක පමණ පුද්ගලයෙකු බවටයි සැක කෙරෙන්නේ.

 

 

 

 

The post කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

යුක්රේනය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි  

0 comments

යුක්රේනයට මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉදිරි දින 30 ක කාලය සඳහා යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට යුක්රේන ආරක්ෂක කවුන්සිලය අනුමැතිය ලබා දී තිබෙනවා. රුසියාවේ ජීවත් වන යුක්රේන පුරවැසියන්ට එරටින් පිටවන ලෙසද දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙන්නේ රුසියාව මේ වන විටත් යුක්රේනය පූර්ණ වශයෙන් ආක්‍රමණය කිරීමට සැළසුම් සකස් කර අවසන් බවයි. ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් ද රුසියාව ,යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. රුසියානු හමුදා නැගෙනහිර යුක්රේනය හරහා ඉදිරියට ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

 

 

 

The post යුක්රේනය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි appeared first on ITN News.

Read More »

රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටු විය යුතුමයි – ජනපති  

0 comments

රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටු විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. රාජ්‍ය සේවකයින්ගෙන් බහුතරය වැඩකිරීමට කැමති බවත් අවශ්‍යව ඇත්තේ අධීක්ෂණය, උපදෙස්දීම හා දිරිගැන්වීම බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

රජයේ ඉදිරි සැලසුම් පිළිබදව දැනුවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා රාජ්‍ය නිලධාරීන් අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනා. තමා රාජ්‍ය ආයතන වෙත පෞද්ගලිකවම ගොස් අධීක්ෂණය කරන බව සදහන් කළ ජනාධිපතිතුමා ආණ්ඩුකාරවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද තමන් යටතේ ඇති ආයතන වෙත ගොස් අවශ්‍යතා සපුරාලමින් සියලු සේවකයින් දිරිගන්වමින් ඉහළ අධීක්ෂණයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද මෙහිදී පෙන්වා දුන්නා. සේවා ඉටු කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ ඇති ආයතන ක්‍රියාත්මක විය යුත්තේ එකම රාජ්‍ය ප්‍රතිපත්තියක බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම හමුවේදී තවදුරටත් සදහන් කළේ.

කාබනික පොහොර භාවිතයෙන් පළාත් මට්ටමින් ලැබූ අස්වැන්න පිළිබද සතුටු විය හැකි බවත් විධිමත් අයුරින් ගොවින් දැනුවත් කිරීමෙන් අපේක්ෂිත අරමුණු කරා ළගා විය හැකි බවත් පළාත් ආණ්ඩුකාරවරුන් මෙහිදී පෙන්වා දුන්නා. යල කන්නය සාර්ථක කර ගැනීමට ගෙන ඇති ඉදිරි සැලසුම් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැහැදිලි කළ අතර සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි පස පරීක්ෂා කිරීමට අවශ්‍ය යන්ත්‍ර ලබා දී ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී සදහන් කළා. අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව සැපයීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ. ගම් මට්ටමින් පවතින අඩුපාඩු විමර්ශනය කර තොරතුරු ලබා ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කරමින් ඇති බවද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියා.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුද අමාත්‍යාංශ හා පළාත් සභා නිලධාරීන් මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසක්  මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

 

The post රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටු විය යුතුමයි – ජනපති appeared first on ITN News.

Read More »

ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ජගත් වැල්ලවත්ත පත් කෙරේ  

0 comments

ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ජගත් වැල්ලවත්ත පත්ව සිටිනවා.

නව තානාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත ඉතාලියේ ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීම පසුගියදා සිදුවුණා. අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව වැල්ලවත්ත මහතා ඉතාලි ජනාධිපතිවරයාට හා එම රජයට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උණුසුම් සුබපැතුම් පිරිනැමුවා. ඉන් අනතුරුව ඉතාලි ජනාධිපතිවරයා සහ වැල්ලවත්ත මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාවගෙන් විශාල සංඛ්‍යාවකගේ නිවහන වී ඇත්තතේ ඉතාලිය බව මෙහිදී ඒ මහතා ඉතාලි ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා. කොරෝනා වසංගතයේ උච්චතම අවස්ථාවේදී ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුබසාධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකට සත්කාර කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැල්ලවත්ත මහතා ඉතාලි රජයට සිය කෘතඥතාව පළකළා. සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ විද්වතෙකු වන ආචාර්ය ජගත් වැල්ල වසර 30 කට ආසන්න කාලයක් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළා. ජාතික ප්‍රතිපත්ති මෙහෙයවීමේ විශේෂ හැකියාවක් ඇති සමාජ විද්‍යාඥයෙකු වන වැල්ලවත්ත මහතා විවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලාංකික ප්‍රජාවට සිය අත්දැකීම් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ සහයෝගීතාවය , රාජ්‍ය උකස් හා ආයෝජන  බැංකුව , ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ,ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු ආයතන රැසක සභාපති ධුරය හොබවා ඇති වැල්ලවත්ත මහතා මෙරට කීර්තිමත් සමාජ විද්‍යාඥයෙකු වනවා.

 

The post ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ජගත් වැල්ලවත්ත පත් කෙරේ appeared first on ITN News.

Read More »

මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක්  

0 comments

දැනට ක්‍රියාත්මක ඡන්ද නාමලේඛන ප්‍රතිෂෝධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ හමුවක් කැදවා තිබෙනවා.

මේ වනවිට සාකච්ඡාව පැවැත්වෙන බවයි අප වාර්තාකරු  පවසන්නේ. මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර මේ වසරේ පැවැත්වෙන පළමු හමුව ද මෙය වනවා. ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනයේ දී දැනට මතුව ඇති ගැටලු සදහා කඩිනම් විසදුම් ලබාගැනීම හා දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් ද මෙම සාච්ඡාවේදී අවධානය යොමුකෙරෙනු ඇති.

 

 

 

 

 

 

 

The post මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් appeared first on ITN News.

Read More »

රිය අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට  

0 comments

අද අලුයම අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ දෙහිඕවිට දී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයම අවිස්සාවේල්ල දෙසට ධාවනය කළ ටිපර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. මියගිය පුද්ගලයා යටියන්තොට පොළටගම ප්‍රදේශයේ පදිංචි දාහත් හැවිරිදි තරුණයෙකි.

ටිපර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඕවිට පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

 

The post රිය අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකා – පකිස්ථාන නාවික හමුදාපතිවරුන් අතර හමුවක්  

0 comments

නිළ සංචාරයක් සඳහා පකිස්ථානය වෙත පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න  පකිස්ථාන නාවික හමුදා මූලස්ථානයේදී එරට නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් අම්ජාඩ් ඛාන් නියාසි (M Amjad Khan Niazi) හමුවී තිබෙනවා.

පකිස්තානු නාවික හමුදා ප්‍රධානී ගේ ආරාධනයකට අනුව නිල සංචාරයක් සඳහා පසුගිය (21) වන දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පකිස්ථානය බලා පිටත්ව යන ලද අතර, මෙම නිල සංචාරය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියද එක්ව සිටී.

නිළ සංචාරය ආරම්භ කරමින් ප්‍රථමයෙන් පකිස්තානු නාවික හමුදා මූලස්ථානය වෙත පිවිසි ශ්‍රී ලංකා නාවික හමුදාපති නාවික සම්ප්‍රදායානුකූලව ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට පකිස්තාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් අම්ජාඩ් ඛාන් නියාසි විසින් කටයුතු කරන ලද අතර එහිදී, දෙරටේ නාවික හමුදාපතිවරුන් කළාපීය ආරක්‍ෂාව සහ ද්වීපාර්ශීය වශයෙන් වැදගත් කරුණු පිලිබඳව සුහද පිළිසඳරක නිරත විය.

තවද මෙම නිළ හමුව සනිටුහන් කරමින් පකිස්තාන නාවික හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

The post ශ්‍රී ලංකා – පකිස්ථාන නාවික හමුදාපතිවරුන් අතර හමුවක් appeared first on ITN News.

Read More »

මුතුරාජවෙළ තෙත්බිම සංරක්ෂණයට පරිසර අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 100ක්  

0 comments

මුතුරාජවෙළ තෙත්බිම සංරක්ෂණය සඳහා රජය විසින් ආරම්භ කර ඇති සංරක්ෂණ වැඩ පිළිවෙළට පරිසර අමාත්‍යාංශය විසින් මෙම වසර සඳහා රුපියල් මිලියන 100ක් ලබා දීමට තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හෙක්ටෙයාර් 6236කින් සමන්විත මුතුරාජවෙළ තෙත් බිම හෙක්ටෙයාර් 3168ක් මීගමුව කළපුව දක්වාත්, හෙක්ටෙයාර් 3068ක් වගුරුබිමකින් ද සමන්විතය. මුතුරාජවෙළ තෙත්බිම බොහෝ දෙනෙක් කොළඹ ජනතාවගේ පෙණහැල්ල ලෙස හදුන්වති. එයට හේතුව මෙම තෙත්බිම මගින් කොළඹ නගරයේ වායුදූෂණය අවම කිරීමට ලබා දෙන දායකත්වය මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ භූගත ජල ස්ථරය පෙරීමට ලක් කරන පෙරහණක් වශයෙන් ද කටයුතු කරන නිසාය.

දශක කිහිපයක් තිස්සේ නොයෙක් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මුතුරාජවෙළ තෙත්බිම දූෂණයට හා විනාශයට ලක්විය. මේ සම්බන්ධව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මුතුරාජවෙළට ගොස් ඒ සම්බන්ධව පුද්ගලිකවම කරුණු සොයා බැලීය.එහිදී මුතුරාජවෙළ දූෂණයට ලක් කළ ඇතැම් කර්මාන්තශාලාවල පරිසර
බලපත්‍ර පවා තහනම් කරනු ලැබීය. කෙසේ වුවද එහි ප්‍රතිපලයක් වශයෙන් මුතුරාජවෙළ පාරිසරික සංවේදී කලාපයක් ලෙස සංරක්ෂණය කිරීමට රජය තීරණය කළේය.

මෙම සංරක්ෂණ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි. මුතුරාජවෙළ සංරක්ෂණ කටයුතු සඳහා ඒකාබද්ධ කමිටුවක් පවා පත් කිරීමට රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් පියවර ගත්තේය.

පරිසර අමාත්‍යාංශයට අයවැය මගින් ලබා දී ඇති රුපියල් මිලියන 2000න් රුපියල් මිලියන 100ක් මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ කටයුතු වෙනුවෙන් 2022 වසර සඳහා ලබා දීමට තීරණය කර තිබේ.

The post මුතුරාජවෙළ තෙත්බිම සංරක්ෂණයට පරිසර අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 100ක් appeared first on ITN News.

Read More »

ලොව පුරා දෛනික කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඉහළට  

0 comments

ලොව පුරා රටවලින් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ගතවූ පැය 24ට ලොව පුරා රටවල් 224 කින් හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ දහසය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 8,658 ක්. ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 158,507 හමුව ඇත්තේ ජර්මනියෙන්. එමෙන්ම රුසියාවෙන් 135,000 ක් බ්‍රසීලයෙන් 101,000 ක් හා ප්‍රංශයෙන් 97,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ගතවූ පැය 24ට වැඩිම මරණ ඇමෙරිකාවෙන් සිදුව ඇති අතර එම සංඛ්‍යාව 1,558ක්. ඒ සමඟම ලොව සමස්ත මරණ සංඛ්‍යාව 5,925,482ක් දක්වා ඉහළ ගියා. හමුව ඇති ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් දෙකෝටි අසූ දෙලක්ෂයකට ආසන්න බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post ලොව පුරා දෛනික කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.

Read More »

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන් වූ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන් වූ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

නීති විරෝධී ලෙස තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් දුම්වැටි හයදහසක් පමණ මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු පනස් දෙහැවිරිදි ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කදවුරට නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ.

 

 

The post නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන් වූ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පැවැත්වෙන රුසියා , ඇමෙරිකා සමුළුව ලබන 24 වෙනිදා  

0 comments

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පැවැත්වෙන රුසියා , ඇමෙරිකා සමුළුව ලබන 24 වන දින පැවැත්වීමට දින නියමකර තිබෙනවා.

රුසියා , ඇමෙරිකා සමුළුව ලබන 24 වන දින ස්විට්සර්ලන්තයේ ජිනීවා අගනුරදී පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ යෝජනාවකට අනුවයි මෙම සමුළුව පැවැත්වෙන්නේ. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා හා රුසියා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව සමුළුව පැවැත්වෙන දිනය , වේලාව හා කාලය තීරණය කර තිබෙනවා. රුසියාවේ ආරක්ෂක යෝජනාවලිය සාකච්ඡාවට භාජනය කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් පවතින බවයි රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොෆ් පවසන්නේ.

 

 

The post යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පැවැත්වෙන රුසියා , ඇමෙරිකා සමුළුව ලබන 24 වෙනිදා appeared first on ITN News.

Read More »

යුක්රේනයේ ශ්‍රී ලාංකික සිසුන් ගැන විදේශ අමාත්‍යාංශය විමසිල්ලෙන්  

0 comments

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික දරුවන් සමග සමීප සබදතා පවත්වමින් ඉදිරි කටයුතු පිළිබද සොයා බලන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

යුක්රේනය හා රුසියාව අතර හටගෙන ඇති මතභේදාත්මක ගැටුම් හා රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට පවතින හැකියාව පිළිබද තොරතුරු ලබාගනිමින් එහි සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබද දැඩි අවධානයෙන් කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සදහන් කරන්නේ.

අන්කාරා තානාපති කාර්යාලය සමග සම්බන්ධවෙමින් යුක්රේනයේ සිටින සිසුන් 14 දෙනෙකු ඇතුළු 40 කට අධික ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කර ඇති බවද එහි සදහන්. නිරන්තරයෙන් අන්කාරා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධවෙමින් කටයුතු කරන ලෙස යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා. යුක්රේනය වෙත සිදුකෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වලකින ලෙස ද අමාත්‍යාංශය සියලු ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් ලබාදෙනවා.

 

 

 

 

 

The post යුක්රේනයේ ශ්‍රී ලාංකික සිසුන් ගැන විදේශ අමාත්‍යාංශය විමසිල්ලෙන් appeared first on ITN News.

Read More »

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 65 ඉක්මවයි  

0 comments

මෙරට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 65 සීමාව ඉක්මවා ගොස් තිඛෙනවා.

එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු මාර්ත්‍රාව එක්කෝටි හැට අට ලක්ෂ පනස් පන්දහස් තුන්සිය පනස් නව දෙනෙකු ලබා ගෙන තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව එක්කෝටි හතලිස් ලක්ෂ අනූ එක් දහස් පන්සිය අනූ හතරක්. හැට පන්ලක්ෂ තිස් අට දහස් හත්සිය පනස් නව දෙනෙකු තුන්වවන මාත්‍රාව ලබා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරනවා.

The post බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 65 ඉක්මවයි appeared first on ITN News.

Read More »

එක්ස්ප්‍රස් පර්ල් ශ්‍රී ලංකාවට සිදු කළ හානිය වෙනුවෙන් ඩොලර් මිලියන 5.3ක් ලැබෙයි  

0 comments

එක්ස්ප්‍රස්පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ ආර්ථික හානි පූර්ණයට අදියර දෙකක් යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 5.3 ක මුදලක් මේ වන විට ලැබී ඇති බව සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහඳපුර පවසනවා. ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 400ක මුදලක් රජය වන්දි ලෙස ලබා දී ඇති බවයි ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් සභාපතිනිය කියා සිටියේ.

 

 

The post එක්ස්ප්‍රස් පර්ල් ශ්‍රී ලංකාවට සිදු කළ හානිය වෙනුවෙන් ඩොලර් මිලියන 5.3ක් ලැබෙයි appeared first on ITN News.

Read More »

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1206ක්  

0 comments

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1206 දෙනෙකු මෙරටින් හදුනාගනිද්දී කොරෝනා ආසාදිත මරණ 30 ක් ද වාර්තා කෙරුණා.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1206 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 638,043 ක්. 14,900 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 607,119 ක්. කොරෝනා ආසාදිත මරණ 30 ක් ඊයේ දිනයේ වාර්තා කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 16,024 දක්වා ඉහළ ගියා.

මේ අතර ගෙවී ගිය පැය 24 තුළ ලොව පුරා නව ආසාදිතයින් දොලොස් ලක්ෂ පනස් දහස් තුන්සිය දහ තුන් දෙනෙකු හදුනාගෙන තියෙනවා. වැඩිම ආසාදිතයින් සහ මරණ වාර්තා වුණේ රුසියාවෙන්.  ආසාදිතයින් 152337 දෙනෙකු වාර්තා වෙද්දි මරණ 735 ක් රුසියාවෙන් වාර්තා වුණා.

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1206ක් appeared first on ITN News.

Read More »

ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් යන ප්‍රාන්ත ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්න – රුසියා ජනපති  

0 comments

නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් යන ප්‍රාන්ත යුක්රේනයෙන් වෙන්වූ ස්වාධීන මහජන ජනරජයන් ලෙස පිළිගන්නා බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිවේදනය කරනවා.

ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් යන ප්‍රාන්ත ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්නා නීතිමය ලිපිලේඛනවලට ද රුසියා ජනාධිපතිවරයා අත්සන් තැබුවා. ඒ සමගම එම ප්‍රාන්තයන්ට රුසියා හමුදා අනියුක්ත කිරීමේ නීතිමය හැකියාව පුටින් ජනාධිපතිවරයාට හිමිවන බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. මේ වනවිටත් ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් ප්‍රාන්තයන්හි සාමය ආරක්ෂා කිරීමට රුසියා හමුදා ඛණ්ඩ සේවයට අනියුක්ත කිරීමට ජනාධිපතිවරයා නියෝග ලබාදී තිබෙනවා. රුසියාවේ මෙම තීරණයත් සමග ඇමෙරිකාව / නේටෝ සංවිධානය ප්‍රමුඛ යුක්රේන හිතවාදී රටවල් දැඩි කැළඹීමකට ලක්ව සිටින බවද සදහන්. 2014 වසරේ සිට එම ප්‍රාන්තයන්හි රුසියාවට පක්ෂපාත කැරළිකරුවන් පාලන බලය අත්කරගෙන සිටිනවා. කෙසේ වුවද සාමය ආරක්ෂා කිරීමට එම ප්‍රාන්තයන් දෙකට රුසියා හමුදා  යොමු කිරීම උපක්‍රමයක් බවයි බටහිර රටවල් පෙන්වා දෙන්නේ.

 

 

 

The post ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් යන ප්‍රාන්ත ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්න – රුසියා ජනපති appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව රුසියාවෙන්  

0 comments

ගතවූ පැය 24 ට ලොවපුරා රටවල් 224 කින් කොරෝනා ආසාදිතයින් දොළොස් ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව හයදහස් එකසිය හැත්තෑ තුනක්.

ඊයේ දිනයේ දී වැඩිම වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රුසියාවෙන්. එරටින් ඊයේ දිනයේ දී ආසාදිතයින් එක්ලක්ෂ පනස් දෙදහස් තුන්සිය තිස්හත් දෙනෙකු හමුව ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 735 ක්. එමෙන්ම ජර්මනියෙන් එක්ලක්ෂ එකොළොස් දහසක්, තුර්කියෙන් අසූපන් දහසක් හා බ්‍රසීලයෙන් හතලිස් දෙදහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමගම ලොව සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් දෙකෝටි හැටහතර ලක්ෂයකට ආසන්න වනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස් නව ලක්ෂ නවදහස් එකසිය අසූහතරක්.

 

 

The post ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව රුසියාවෙන් appeared first on ITN News.

Read More »

අල්කයිඩා කල්ලියට එරෙහිව කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක  

0 comments

තම ගම්මානයේ ජනතාවට භිතියෙන් තොරව ජීවත්වීමේ පරිසරයක් උදාකරදෙන ඉල්ලා ගම්පහ කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ ජනතාව අද විරෝධතාවක නිරත වුණා.

ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවූයේ කොටදෙණියාව ගම්මානය භිතියට පත්කළ ආයුධ සන්නද්ධ අල්කයිඩා නම් කණ්ඩායමක විවිධ අපරාධ ක්‍රියා වලට විරෝධය පළකරමින්.

ගම්පහ කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ ජනතාව අද පෙරවරුවේ මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා. ඒ දිවුලපිටිය  මිරිගම ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් වත්තේමුල්ල ප්‍රදේශයෙන් අවහිර කරමින්. එහිදී විරෝධතාකරුවන් සඳහන් කළේ ගම්මානයම භීතියට පත්කරමින් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් මනුෂ්‍ය ඝාතන සහ පහරදීම් ඇතුලු විවිධ අපරාධ ක්‍රියා සිදුකරන බවයි.

විරෝධතාව හේතුවෙන් දිවුලපිටිය මීරිගම ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් ද ඇතිවුණා. පසුව විරෝධතාකරුවන් විසිර ගියේ පොලීසිය පැමිණ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොරොන්දුවීමෙන් අනතුරුවයි. සය හැවිරිදි හා තුන් හැවිරිදි දැරියන් දෙදෙනෙකු කපාකොටා ඝාතනය කිරීමට මෙම අල්කයිඩා නමින් හදුන්වන අපරාධ කල්ලිය තැත්කර තිබුණා. මේ හේතුවෙන් මෙම ගම්මානවල ජීවත්වන ජනතාව දිවා කාලයේදී පවා නිවෙස් තුළටවී කල්ගත කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

 

The post අල්කයිඩා කල්ලියට එරෙහිව කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක appeared first on ITN News.

Read More »

ප්‍රතිපත්තිමය කරුණු මුල්කර ගනිමින් රුසියාව සමඟ පැවත්වෙන සමුළුවකට සහභාගිවීමට ඇමෙරිකා ජනපති එකඟ වෙයි  

0 comments

ප්‍රතිපත්තිමය කරුණු මුල්කර ගනිමින් රුසියාව සමඟ පැවත්වෙන සමුළුවකට සහභාගිවීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් එකඟත්වය පළකරනවා.

රුසියාව සමඟ සමුළුවක් පැවැත්වීමට ප්‍රංශය පසුගියදා යෝජනා කළා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතර පැය තුනක පමණ කාලයක් පුරා පැවති දුරකතන සංවාදයකින් අනතුරුවයි සමුළුව සඳහා එකඟත්වය පළකෙරුණේ. කෙසේ වුවද එම සමුළුව සඳහා ඇමෙරිකා ජනාධිපතිවරයා සහභාගි වන්නේ රුසියාව , යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් වැළකුණහොත් පමණක් බවයි ධවල මන්දිරය නිවේදනය කරන්නේ. මෙම සමුළුව තුළින් යුක්රේන රුසියා අර්බුදයට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබාදීමට හැකිවනු ඇති බවට ප්‍රංශය තම විශ්වාසය පළකරනවා. සමුළුව පැවැත්වෙන දිනය , වේලාව හා කාලය සම්බන්ධයෙන් ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා හා රුසියා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව තීරණය කිරීමට නියමිතයි.

 

 

 

 

The post ප්‍රතිපත්තිමය කරුණු මුල්කර ගනිමින් රුසියාව සමඟ පැවත්වෙන සමුළුවකට සහභාගිවීමට ඇමෙරිකා ජනපති එකඟ වෙයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG