Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහන් තවදුරටත්  

0 comments

කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව එම ජනතාව සදහා වියළි ආහාර ඇතුළු ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ප්‍රදේශ රැසකදී සිදු කෙරුනා.

පන්නිපිටිය ප්‍රදේශයේ පවුල් 150 ක් සදහා වියළි ආහාර ලබාදීම සිදු කෙරුණා. ඇමෙරිකාවේ පදිංචි හේමපාල සිල්වා මහතාගේ මූල්‍ය පරිත්‍යාග මතයි එම ද්‍රව්‍ය ලබා දුන්නේ.
නාරාහේන්පිට අභයාරාම පටුමග ප්‍රදේශයේ පවුල් 400 ක් සදහා වියළි ආහාර ලබාදීම සිදු කෙරුණා. නාගරික මන්ත්‍රී ඉන්ද්‍රානි සතරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ද්‍රව්‍ය පරිත්‍යාග කෙරුණා.

හුදකලා කර ඇති කොළොන්නාව සිංහපුර ජනතාව වෙනුවෙන් වියළි ආහාර ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව සංවිධායක කොළොන්නාව සංවර්ධන කමිටු උප සභාපති අජිත් සුබසිංහ මහතා කටයුතු කළා. එම ද්‍රව්‍ය බෙදාදිම සදහා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් වෙත භාරදීම සිදු කෙරුණා. පවුල් 850 ක් වෙනුවෙන් වියළි ආහාර ලබාදීමට නියමිතයි.

The post කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහන් තවදුරටත් appeared first on ITN News.

Read More »

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කෙ​රේ  

0 comments

රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණීන්ට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

වයස් සීමාව දීර්ඝ කිරීම සදහා විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීම සදහා පසුගිය අප්‍රේල් 20 වනදා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.

මීට පෙර වෛද්‍ය නිලධාරීන් විශ්‍රාම ගන්වා ඇත්තේ අවුරුදු 61 න් පසුවයි.

The post වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කෙ​රේ appeared first on ITN News.

Read More »

ගංජා අලෙවිකිරීමේ ස්ථානයක් වටලයි – දස දෙනෙකු අත්අඩංගුවට  

0 comments

පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ගංජා අලෙවිකිරීමේ ස්ථානයක් පොලීසිය වැටලීමට ලක්කළා.

සැකකරුවන් දස දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බටකැත්තර ගෙවල්පහ වත්ත ප්‍රදේශයේයි මෙම ගංජා ජාවාරම පවත්වාගෙන ගොස් තිබෙන්නේ. සැකකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු මෙය පවත්වාගෙන ගිය පුද්ගලයා වන අතර අනෙක් 9 දෙනා ගංජා මිලදී ගැනීම සදහා පැමිණි පුද්ගලයින්.

මෙම ස්ථානයෙන් මිලදී ගන්නා ගංජා පැකට් කර ප්‍රදේශය පුරා අලෙවි කිරීමට ක්‍රියාකර ඇති බවයි හෙළිවී තිබෙන්නේ. ගංජා මිලදී ගැනීම සදහා පැමිණි පිරිසකගේ යතුරුපැදි සහ ත්‍රි රෝද රථ ද පොලිස් භාරයට ගැණුනා.

 

 

 

 

The post ගංජා අලෙවිකිරීමේ ස්ථානයක් වටලයි – දස දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

රුසියාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ  

0 comments

රුසියාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේ සිදුව තිබෙනවා.

ගත වූ පැය 24 ට රුසියාවෙන් කොරෝනා මරණ 669 ක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව වයිරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව එය වනවා.

මේ වන විට රුසියාව තුළ ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. ආසාදිතයින් විසිඑක්දහස් හතළිස් දෙදෙනෙකුද ඊයේ දිනයේ හමු වී තිබෙනවා.

මේ වන විට රුසියාවෙන් හමු වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පනස්හතර ලක්ෂ අනූතුන්දහස් පන්සිය පනස් හතක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්ලක්ෂ තිස්හතර දහස් පන්සිය හතළිස් පහක්.

මේ අතර රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් තමා වයිරසයට එරෙහි ස්පුට්නික් වී එන්නත ලබාගත් බව ඊයේ නිවේදනය කළා.

 

 

The post රුසියාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ appeared first on ITN News.

Read More »

ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 182,900,000 ඉක්මවයි  

0 comments

ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 182,900,000 ඉක්මවා තිබෙනවා.

වයිරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 3,962,879ක්. ඊයේ දිනයේදී වයිරසය ආසාදිතයින් 381,839 දෙනෙකු හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 7,889 ක්.

ගතවූ පැය 24 ට වැඩිම ආසාදිතයින් හා මරණ වාර්තාවී ඇත්තේ බ්‍රසීලයෙන්. ආසාදිතයින් 64,903 දෙනෙකු ඊයේ දිනයේදී එරටින් හමුවී තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,917 ක්.

 

 

The post ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 182,900,000 ඉක්මවයි appeared first on ITN News.

Read More »

ලොව කිසිඳු රටකට පීඩා නොකරන බව චීන ජනපති පවසයි  

0 comments

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවෙනි සංවත්සරය අදට යෙදී තිබෙනවා.

කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරය චීනයේ ටියානන්මන් චතුරශ්‍රයේදී හැත්තෑදහසක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. සැමරුම් උත්සවයට සහභාගී වී සිටි බහුතරයක් මුඛ ආවරණ පැළඳ නොසිටීම විශේෂත්වයක්. සැමරුම් උත්සවය අමතමින් චීන ජනාධිපති ෂී ජිං පිං පවසා සිටියේ චීනය ලොව කිසිඳු රටකට පීඩාවක් සිදු නොකරන බවයි. එහෙත් කිසියම් රටක් චීනයට පීඩා කිරීමට උත්සාහ කරන්නේ නම් එය වානේ පවුරක හිස ගසා ගැනීමක් ලෙස ඔහු හඳුන්වා  සිටියා. නූතන චීනයේ ඉදිරි ගමන වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ භූමිකාව ලොවටම ආදර්ශයක් බවයි ඔහු මෙහිදී පවසා සිටියේ. ලොව කිසිඳු රටකට චීනයට පීඩා කිරීමට හිරිහැර කිරීමට හෝ අත්පත් කර ගැනීමට කිසිවිටෙක ඉඩ නොතබන බව චීන ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතිඥා දුන්නා. අලංකාරවත් සංදර්ශනයකින් හා හමුදා උත්තමාචාර පෙළපාලියකින්ද කොමියුනිස්ට් පක්ෂයේ සියවෙනි සැමරුම් උත්සවය වර්ණවත් වී තිබුණා.

 

 

The post ලොව කිසිඳු රටකට පීඩා නොකරන බව චීන ජනපති පවසයි appeared first on ITN News.

Read More »

පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට ඉරාන සහයෝගය  

0 comments

මෙරට පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට ඉරාන රජයේ තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ලබා ගැනීම පිණිස සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා ඉරාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී අයෝබ් හෙයිදාරී මහතා අතර විශේෂ සාකච්ඡාවක්  අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණ.

මෙරට විදුලිබල සැපයුමට මෙගාවොට් 100 ක ධාරිතාවක් එක් කිරීමට අපේක්ෂිත සියඔලාණ්ඩුව සූර්ය බලාගාර ව්‍යාපෘතියට ආයෝජනය කිරිමට අයෝබ් හෙයිදාරී මහතා මෙහිදී සිය එකඟතාව පළ කරන ලදී.

තවද ඉරාන රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවේ වැව් හා කලපු ආශ්‍රිතව පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ඉරාන රජයෙන් ඉල්ලීම් කරන ලෙස අයෝබ් හෙයිදාරී මහතා රාජ්‍ය අමාත්‍යතුමන්ට දැනුම් දුන් අතර එම ඉල්ලීම ඉරාන රජයේ විශේෂ අවධානයට යොමු කරවීමට තමන් කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායකයන් සමග එක්ව මෙරට කුඩා ජල විදුලි බලාගාර හයක් (06) ගොඩ නැගීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ද ඉරානයේ අවධානය යොමු වී ඇති බව හෙයිදාරී මහතා අමාත්‍යතුමන් වෙත දැනුම් දෙන ලදී.

පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට යොමු වු මැදපෙරදිග රටවල් අතරින් ඉරානයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. අතීතයේ පටන් පැවත එන ඉරාන – ශ්‍රී ලංකා මිත්‍ර සබඳතා තවදුරටත් තහවුරු කිරීම ශ්‍රී ලාංකික පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට මහත් පිටුවලක් වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කරයි.

The post පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට ඉරාන සහයෝගය appeared first on ITN News.

Read More »

මුහුදු කැස්බෑවන් 176ක්, තල්මසුන් 4ක් සහ ඩොල්ෆින් 20ක් මියගිහින්  

0 comments

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගිනි ගැනීමත් සමඟ සිද්ධ වුණු පරිසර විනාශය නිසා මුහුදු කැස්බෑවන් 176 දෙනෙක්, තල්මසුන් 4 ක් සහ ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.

නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය හමුවේ කැදවූ අවස්ථාවේදි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා මේ බව කියා සිටියා.

විශේෂඥයන් තිස් නව දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් සිදුව ඇති විනාශය පිළිබදව නිර්දේශ ලබාදී තිබෙනවා.

මියගිය සතුන්ගේ ශරීර කොටස් විමර්ශන කටයුතු සදහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

ආයතන කිහිපයක් සිද්ධිය පිළිබදව පරීක්ෂණ සිදු කරනවා.

 

The post මුහුදු කැස්බෑවන් 176ක්, තල්මසුන් 4ක් සහ ඩොල්ෆින් 20ක් මියගිහින් appeared first on ITN News.

Read More »

මුදල් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන්  

0 comments

මුදල් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදි පැවැත්වුණා.

අභියෝග මැදින් සෞභාග්‍ය යේ මාවත කරා යන මැයෙන් භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතා මෙහිදී මුදල් අමාත්‍යංශයේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම ඉදිරිපත් කළා. අසීරු කාල වකවානුවක වුවද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුලු බොහෝ පිරිසකට සහන සැලසීමට ක්‍රියා කළ අයුරු ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

ඒ සියල්ල සිදු කර ඇත්තේ 2019 වසරේ පියවා නොතිබූ රුපියල් බිලියන 423 ක හිග බිල්පත් ද ගෙවා දමමින් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම කොරෝනා පාලනය සදහා පසුගිය වසරේදී රජය රුපියල් බිලියන 117 ක් වැය කර තිබෙනවා. මේ වසරේ මේ දක්වා රුපියල් බිලියන පනස් තුනක් වැය කෙරුණා.

අදාළ කාලය තුළදී එන්නත්කරණය හා අනෙකුත් වියදම් සදහා තවත් රුපියල් බිලියන 92 ක් වැය කර ඇති බව ආටිගල මහතා කියා සිටියා. විමධ්‍යගත අරමුදලෙන් මේ වනවිට රජය අනුමත කර ඇති සංවර්ධන ව්‍යාපෘති ගණන 11000 ක් බව මෙහිදී හෙළි කෙරුණා. නිෂ්පාදන ගම්මාන 500 ක් ඇති කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව  සමෘද්ධි,ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා ප්‍රකාශ කළා.

2020,2024 කාලයේදී කොටස් වෙළදපොල තුළ අලුතින් සමාගම් 500 ක් ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

The post මුදල් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

Read More »

රසායනික පොහොර වෙළඳාමෙන් ජනතාවට හානිකර ප‍්‍රතිඵල රැසක්  

0 comments

ලොව තුන්වන විශාලතම ගනුදෙනුව වන රසායනික පොහොර වෙළෙදාමෙන් ජනතාවට හානිකර ප‍්‍රතිඵල රැසක් උදා වී ඇතැයි මාධ්යෙ හමුවකට එක්වෙමින් අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියා.

වැව් අලංකරණය හා කාබනික පොහොර නිෂ්පාදන නියමු ව්‍යාපෘතිය අනුරාධපුර විලච්චිය යාය හත ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ පී එස් කුමාරසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මෙරට වාරි පද්ධතියට මහත් තර්ජනයක් වී ඇති සැල්වීනියා, ජපන් ජබර වැනි ජලජ ශාක ඉවත් කරමින් වැව් පිරිසිදු කිරීම සිදුවන අතර ඒවා යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම මේ අනුව සිදුවනවා.

රසායනික පොහොර භාවිතයෙන් තොරව නෙදුන්කර්නි ප්‍රදේශයේ යල කන්නයේ සිදු කළ වී වගාවෙන් සරු අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. අස්වනු නෙළීම මේ දිනවල සිදුවනවා. ප්‍රදේශයේ අක්කර පහළොස් දහසකට ආසන්න ප්‍රමාණයක වී වගා කර තිබෙනවා.

 

The post රසායනික පොහොර වෙළඳාමෙන් ජනතාවට හානිකර ප‍්‍රතිඵල රැසක් appeared first on ITN News.

Read More »

දේශපාලන බලපෑම්වලට ලක්වූ ලංගම සේවකයන් 90 දෙනෙක් ආපසු සේවයේ පිහිටුවයි  

0 comments

පහුගිය කාලයේ  දේශපාලන බලපෑම්වලට ලක්වූ ලංගමයේ සේවකයන් අනූ දෙනෙක් ආපහු සේවයේ පිහිටුවා යුතුකම් ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කළා.

2015, 2019 කාලසීමාවේදී මෙසේ දේශපාලන පළිගැනීම් ලෙස සේවයෙන් ඉවත් කළ පිරිසක් යළි සේවයේ පිහිටුවීම සිදු වුණා. ඒ අමාත්‍ය ගාමිණී ලොකුගේ,රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. පළමු අදියර යටතේ මෙසේ අනූ දෙනෙකු සදහා පත්වීම් ලබාදීම සිදු වුණා.

 

The post දේශපාලන බලපෑම්වලට ලක්වූ ලංගම සේවකයන් 90 දෙනෙක් ආපසු සේවයේ පිහිටුවයි appeared first on ITN News.

Read More »

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්  

0 comments

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවල මහජන සේවාවන් සැපයීමට අදාළ කටයුතු අද (30) සිට යළි ආරම්භ කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ පහත නිවේදනයේ වැඩිදුර තොරතුරු සඳහන් වනවා.

The post මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් appeared first on ITN News.

Read More »

පළමු පුරවර විශ්වවිද්‍යාලය කෑගල්ල දිස්ත්‍රික්කයට  

0 comments

පුරවර විශ්වවිද්‍යාල පළමු අදියර කෑගල්ල දිස්ත්‍රික්ක‍ය තුළ අරම්භ කිරීමට නිපුණතා, සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි.

මෙහි දෙවන අදියර වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විමට නියමිතයි.

ඒ පිළිබද සාකච්ඡාවක් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හා නිපුණතා, සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යා විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදි ශිෂ්‍යයින්ට වඩාත් ප්‍රියදායි පරිසරයක, පහසුකම්වලින් සමන්විත ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්විණි.

තවද මෙම පුරවර විශ්වවිද්‍යාලය ඉදිකිරීමට අවශ්‍ය භූමි ප්‍රමාණය හා එහි ගෘහ නිර්මාණ කටයුතු පිළිබඳව ද අවධානය යොමු විය.

The post පළමු පුරවර විශ්වවිද්‍යාලය කෑගල්ල දිස්ත්‍රික්කයට appeared first on ITN News.

Read More »

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 13ක් අ‌ගෝස්තු මාසයේ කෙන්යාවට  

0 comments

කොරෝනා වයිරසයට එරෙහිව ඇමරිකාවේ නිෂ්පාදිත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 13 ක් අ‌ගෝස්තු මාසය වනවිට තම රටට ලැබීමට නියමිත බව කෙන්යා ජනාධිපතිවරයා පවසනවා.

කෙන්යාව තුළ සිදු කෙරෙන වයිරසයට එරෙහිව එන්නත්කරණය වේගවත් කිරීමට එන එන්නත් තොගය ඉවහල් වනු ඇති බවටයි කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා සඳහන් කරන්නේ. අප්‍රිකා කලාපයේ අනෙකුත් රටවල් මෙන්ම කෙන්යාවද වයිරසය හමුවේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටිනවා. කෙන්යාවේ ජන ගහනය මිලියන 47ක් පමණ වන අතර පළමු එන්නත් මාත්‍රාව ලබාදී ඇත්තේ මිලියනයකට පමණයි. තවත් ලක්ෂ තුනක පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී තිබෙනවා. ඇමරිකාවෙන් තමන් මිලදී ගත් එන්නත් මාත්‍රා මිලියන 13 ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම තමාට ලබාදෙනුයේ එන්නත් මාත්‍රා මිලියන 10 ක මිලට බවද ජනාධිපතිවරයා ජනතාව අමතමින් තවදුරටත් පවසා සිටියා. එමෙන්ම ලෝක බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 130 ක මුදලක් ආධාර ලෙස කෙන්යාවට හිමිව තිබෙනවා.

 

 

The post ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 13ක් අ‌ගෝස්තු මාසයේ කෙන්යාවට appeared first on ITN News.

Read More »

2023 තෙක් සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කළ නොහැකියි – UN  

0 comments

කඩා වැටීමට ලක්ව ඇති සංචාරක කර්මාන්තය 2023 වසර වන තෙක් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කළ නොහැකි බවට ජගත් සංවිධානය නිවේදනය කරනවා.

ජගත් සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ. කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් සංචාරක කර්මාන්තය ඇනහිට ඇති අතර එමගින් සිදුව ඇති පාඩුව ඇමරිකා ඩොලර් ට්‍රිලියන 2.4ක් වන බවට ගණන් බලා තිබෙනවා. වයිරස ව්‍යාප්තියට පෙර තත්ත්වය හා සලකා බැලීමේදී මේ වනවිට සංචාරක කර්මාන්තය කඩා වැටීමට ලක්ව ඇත්තේ 75%කින් පමණ බව එම වාර්තාවේ සඳහන්.  සංචාරක ආකර්ශනය දිනාගත් ලොව කුඩා හා දුප්පත් රටවලටයි මෙමගින් වැඩිම හානිය සිදුව ඇත්තේ. වයිරසයට එරෙහි එන්නත්කරණය හා එන්නත් සහතික මගින් සංචාරක කර්මාන්තය යළි නගා සිටුවිය හැකි බව  ජගත් සංවිධානය පවසනවා.

 

 

 

The post 2023 තෙක් සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කළ නොහැකියි – UN appeared first on ITN News.

Read More »

කිංග් ජොන් උන් එරට ඉහළ පෙළේ  නිලධාරීන් රැසකට බැනවදී  

0 comments

උතුරු කොරියා නායක කිංග් ජොන් උන් එරට ඉහළ පෙළේ  නිලධාරීන් රැසකට බැන වැදී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

උතුරු කොරියාව තුළ උද්ගතව ඇති යම් අර්බුදකාරී තත්ත්වයක් මෙම බැනවැදීමට හේතුවී ඇති බවටයි සැක කෙරෙන්නේ. උතුරු කොරියාවෙන් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු හමු නොවූ බවට වාර්තා පළ වුවද එරට තුළ වයිරසය ව්‍යාප්ත වීම නිලධාරීන්ට බැන වැදීමට හේතුවී ඇති බවට විදෙස් මාධ්‍ය සැක පළ කරනවා. වයිරසය එර‌ට තුළට ඇතුල්වීම වලක්වාගැනීම සඳහා එරට දේශ සීමා සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි උතුරු කොරියා නායකයා පියවර ගත්තේ. කෙසේ වුවද එරටට පනවා ඇති ජාත්‍යන්තර සාම්බාධක හේතුවෙන් ආහාර හිඟයක් මෙන්ම ආර්ථිකයද මේ වනවිට කඩා වැටීමට ලක්ව තිබෙනවා. ආහාර අර්බුදයකට සූදානම් වන ලෙසද උතුරු කොරියා නායකයා එරට ජනතාවට දැනුම් දී ඇති බවටයි වාර්තා වන්නේ.

 

 

The post කිංග් ජොන් උන් එරට ඉහළ පෙළේ  නිලධාරීන් රැසකට බැනවදී appeared first on ITN News.

Read More »

බැසිල් පාර්ලිමේන්තු යවන්න පළාත් පාලන ආයතන රැසක යෝජනා සම්මත කරගනී  

0 comments

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට පළාත් පාලන ආයතන රැසක යෝජනා සම්මත කරගෙන තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ගමනට වඩාත් බිය වී සිටින්නේ විපක්ෂය බවයි ආණ්ඩු පක්ෂ නියෝජිතයින් පවසන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත් කරන ලෙස මන්ත්‍රිවරුන් 113 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දීමට කටයුතු කෙරුණා.

අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච් පී සෝමදාස මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් සහාය පළ කරමින් මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

 

 

 

 

The post බැසිල් පාර්ලිමේන්තු යවන්න පළාත් පාලන ආයතන රැසක යෝජනා සම්මත කරගනී appeared first on ITN News.

Read More »

මීගමුව රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්  

0 comments

සිලෝන් ඇග්‍රෝ ප්‍රීමා ආයතනය මීගමුව රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළා.

සිලෝන් ඇග්‍රෝ ප්‍රීමා ආයතනය මෙම උපකරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය වෙත නිල වශයෙන් භාර දුන්නා. ඒ ප්‍රිමා සමාගමේ සාමන්‍යාධිකාරි සුම්පිත් සිං මහතාගේ මූලිකත්වයෙන්. භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන 2.5ක් වනවා. මෙම අවස්ථාවට මීගමුව රෝහලේ අධ්‍යක්ෂ නිර්මලා ලෝගනාදන් මහත්මිය මෙන්ම ප්‍රිමා ආයතනයේ නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගි වුණා.

 

 

The post මීගමුව රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් appeared first on ITN News.

Read More »

ඕනෑම වරදකරුවෙකුට ව්‍යස්ථානුකූලව සමාව දීමේ බලය ජනාධිපති සතුයි  

0 comments

ඕනෑම වරදකරුවෙකුට ව්‍යස්ථානුකූලව සමාව දීමේ බලය ජනාධිපතිතුමා සතු වන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල සමානාත්මතාව පිළිබද ගැටලුවක් පවතින බවද රජයේ ප්‍රවෘත්ති

දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළා.

 

 

 

The post ඕනෑම වරදකරුවෙකුට ව්‍යස්ථානුකූලව සමාව දීමේ බලය ජනාධිපති සතුයි appeared first on ITN News.

Read More »

ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදෙකලා බව ඉවත් කෙරේ  

0 comments

ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කර තිබෙනවා.

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයත් මින්නේරිතැන්න සුනාමි ගම්මානය හා ගම්පහ මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ සියඹලාපේ වත්ත ග්‍රාම නිලධාරි වසමේ උපුල් වසන්ත මාවත හුදකලා බවින් නිදහස් කෙරුණා.

මාතලේ ලග්ගල පොලිස් බල ප්‍රදේශයේ කිව්ලවාඩිය හා ගුරුවෙල යන ග්‍රාම නිලධාරි වසම් මෙන්ම කෑගල්ල දෙහිඕවිට පොලිස් බල ප්‍රදේශයේ අල්ගොඩ ග්‍රාම නිලධාරි වසමේ ඩෙන්ස්වර්ත් වත්ත හුදකලා කිරීමෙන් ඉවත් කර තිබෙනවා.

The post ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදෙකලා බව ඉවත් කෙරේ appeared first on ITN News.

Read More »

මත්කුඩු ජාවාරම්කරුවෙකු වන අංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට  

0 comments

මත්කුඩු ජාවාරම්කරුවෙකු වන අංජු නැමැත්තාගේ ගෝලයෙකු බව කියන මද්දා නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කල්දෙමුල්ල ප්‍රදේශයේදී ගල්කිස්ස පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගැනුණා. මධුශංක සිල්වා නමැති මොහු අගුලාන ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවයි ප්‍රකාශ වන්නේ. එමෙන්ම මත්ද්‍රව්‍ය හා මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන සැකකරුවෙක්. ඩුබායි හි සැඟවී සිටින බව කියන අංජු නැමැත්තාගේ වෙළෙඳ සැලකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද මොහුට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අතර ගම්පහ පොලිසිය මගින් තවත් අපරාධකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙවා. ඔහුගෙන් කළ ප්‍රශ්නකිරිම්වලට අනුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ සඟවා තිබූ ටී පනස්හය වර්ගයේ ගිනි අවියක කොටස් සොයාගෙන තිබෙනවා. මොහු මීට මාස එකහමාරකට පෙර ඇප මත නිදහස් වූ අයෙක්. එමෙන්ම කොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

 

 

 

The post මත්කුඩු ජාවාරම්කරුවෙකු වන අංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

වාද්දුවේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා ඇතුළු 29 දෙනෙකුට කොරෝනා  

0 comments

වාද්දුව දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ 26 නමක් හා ගිහි පුද්ගලයන් 4 දෙනෙකුට කොරෝනා වැලදී තිබෙනවා.

එම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් අසනීප වී තිබෙනවා.

ඒ අනුව කළ පරීක්ෂාකිරීම් වලදීයි මෙසේ කොරෝනා ආසාදනය වී ඇති බව හදුනා ගැණුනේ.

The post වාද්දුවේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා ඇතුළු 29 දෙනෙකුට කොරෝනා appeared first on ITN News.

Read More »

පාරිභෝගිකයා රැකගන්න පනත සංශෝධනය කෙරේ  

0 comments

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සදහා මිල නියම කරන අවස්ථාවලදී වැඩි මිලට එම භාණ්ඩ විකුණන ජාවාරම්කරුවන්ගෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

 

The post පාරිභෝගිකයා රැකගන්න පනත සංශෝධනය කෙරේ appeared first on ITN News.

Read More »

දුම්රිය වර්ජනය අවසන්  

0 comments

අද පෙරවරුවේ ආරම්භ කළ සංකේත දුම්රිය වර්ජනය මේ වනවිට අවසන් කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි එම තීරණයට එළඹ තිබෙන්නේ.

 

 

The post දුම්රිය වර්ජනය අවසන් appeared first on ITN News.

Read More »

දුම්රිය වර්ජනය හේතුවෙන් ලංගමයෙන් අමතර බස් රථ  

0 comments

දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ට‌ සිදුවන අපහසුතා මගහැරවීම සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අමතර බස් රථ යෙදවීමට තීරණය කර තිබෙනවා.

මගී අවශ්‍යතාවය අනුව බස් රථ යෙදවීමේ බලය ඩිපෝ කලමනාකරුවන්ට ලබා දී ඇති බවයි ඒහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ.

The post දුම්රිය වර්ජනය හේතුවෙන් ලංගමයෙන් අමතර බස් රථ appeared first on ITN News.

Read More »

සිඩ්නි නගරයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූ තවත් විසි දෙදෙනෙකු හඳුනා ගැනේ  

0 comments

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයෙන් තවත් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් විසි දෙදෙනෙකු අද හමුවී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටා ඇති සිඩ්නි නගරය සති දෙකක කාලයක් සඳහා පසුගියදා වසා දැමුණා. සිඩ්නි නගරයට අමතරව පර්ත් , බ්‍රිස්බේන් ඇතුලු තවත් නගර රැසක් ඊයේ දිනයේදී වසා දැමුණේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය වැලැක්වීමටයි. සිඩ්නි නගරයෙන් පමණක් ඩෙල්ටා  ප්‍ර භේදය ආසාදනය වූවන් 180 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට හමුවී තිබෙනවා. වසා දැමීම් හමුවේ ඕස්ට්‍රේලියා ජන ගහනයෙන් සියයට අසූවක පමණ පිරිසකට තම නිවෙස්තුළට වී කාලය ගත කිරීමටයි සිදුව ඇත්තේ.

 

 

The post සිඩ්නි නගරයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූ තවත් විසි දෙදෙනෙකු හඳුනා ගැනේ appeared first on ITN News.

Read More »

පෙට් බෝතල් තහනම් කිරීමට පෙර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙළක්  

0 comments

මෙරට බහුලව භාවිත කරන දිරාපත් නොවන පෙට් බෝතල් තහනම් කිරීමට පෙර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙළක් සති දෙකක් තුළ සකස් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රධාන බීම සමාගම් තුනකට දැනුම් දෙයි.

පෙට් බෝතල් යොදා ගනිමින් පැණිබීම නිෂ්පාදනය කරන සමාගම් තුනක නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අදාළ පැණි බීම නිෂ්පාදනය කරන සමාගම් සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කළ අවදියේදී වීදුරු බෝතල් යොදා ගනිමින් නිෂ්පාදන වෙළෙදපොළට නිකුත් කර තිබෙනවා. එහෙත් මේ වන විට එම සමාගම් පරිසරයට හානි කරන ප්ලාස්ටික් බෝතල් වල යොදා පැණි බීම වෙළෙදපොළට නිකුත් කිරීම කණගාටුවට කරුණක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේ වුවද අදාළ සමාගම් ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කළද එය සාර්ථකව සිදුවන්නේ නැහැ.

මේ හේතුවෙන් ඉදිරි සති දෙක තුළ ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.

 

 

The post පෙට් බෝතල් තහනම් කිරීමට පෙර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.

Read More »

‘‘කොළඹ කුරුළු උද්‍යානයේ’’ ඉදිකිරීම් ඇරඹේ  

0 comments

සංචාරක ආකර්ශනය ගෙනෙන කොළඹ කුරුළු උද්‍යාන ව්‍යාපෘතිය මාදිවෙලින් ආරම්භ කෙරුණා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම කුරුළු උද්‍යානය ඉදි කෙරෙනවා. සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලාංකිකයන්ට නවතම සංචාරක අත්දැකීමක් ලබාදීමේ අරමුණින් අක්කර 39 ක් පුරා මෙය ඉදි කෙරෙනවා.

 

 

The post ‘‘කොළඹ කුරුළු උද්‍යානයේ’’ ඉදිකිරීම් ඇරඹේ appeared first on ITN News.

Read More »

කැනඩාවට බලපා ඇති අධික උෂ්ණත්වයෙන් ඊයේ දිනයේදී පමණක් 70 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

කැනඩාවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් ඊයේ දිනයේදී පමණ පුද්ගලයින් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මිය ගිය පිරිසෙන් බහුතරයක් වයස්ගතවූවන් බවයි කැනඩා පොලිසිය නිවේදනය කරන්නේ. ඊයේ දිනයේදී කැනඩාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.5 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙතෙක් කාලයකට කැනඩාවෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයයි.

මීට වසර 84 කට පෙර එරටින් සෙල්සියශ් අංශක 44.5 ක උෂ්ණත්වයක් වාර්තා වුවද කිසිදු දිනක එරට උෂ්ණත්වය සෙල්සියශ් අංශක 45 ඉක්මවා තිබුණේ නැහැ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තම පවුලේ සාමාජිකයන් අසල්වැසියන් මෙන්ම වැඩිහිටි පුද්ගලයින් පිළිබද දැඩි අවධානයෙන් පසුවන ලෙස එරට ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

The post කැනඩාවට බලපා ඇති අධික උෂ්ණත්වයෙන් ඊයේ දිනයේදී පමණක් 70 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිළිබඳ කමිටු වාර්තාව ලබන සතියේ කථානායකවරයාට  

0 comments

2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම පත්කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දීමට (28) රැස් වූ එම කමිටුව තීරණය කළේය.

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් කමිටුව රැස් වූ බව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසීය.

අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුන් ද, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඉම්තියාස් බාකීර් මාකර්, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ද එම කමිටුවේ සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

අප්‍රේල් 21 වැනිදා ඇති වූ ආකාරයේ අර්බුදකාරී වාතාවරණයක් නැවත පාර්ලිමේන්තුව තුළ ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පසුගිය අප්‍රේල් 23 වැනිදා මෙම කමිටුව පත් කරන ලදී.

ඒ අනුව මෙවැනි සිදුවීම් තුළින් සමස්ත පාර්ලිමේන්තුවටම සිදු විය හැකි අහිතකර තත්ත්වය දීර්ඝ වශයෙන් සළකා බැලූ කමිටුව, ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වාලීමට පාර්ලිමේන්තුවක් ලෙස ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන පියවර ද සාකච්ජා කර තිබේ. ඒ සම්බන්ධයෙන් වන පූර්ණ වාර්තාවක් ඉදිරියේ දී කථානායකවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.

The post 2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිළිබඳ කමිටු වාර්තාව ලබන සතියේ කථානායකවරයාට appeared first on ITN News.

Read More »

වීදි සරා වැඩ වරද්දා ගත් ක්‍රීඩකයින් තිදෙනා ලංකාවට පැමිණෙයි  

0 comments

එංගලන්ත සංචාරය අතරතුර ජෛව බුබුළෙන් මිදී වීථියක සංචාරය කළ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් තුන් දෙනා අද මව්බිමට යළි පැමිණියා. තරගාවලිය අතරමැද මේ විදියට හිස් අතින් ම එන්න සිද්ධවීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හා පිතිකරු ධනුෂ්ක ගුණතිලක ක්‍රිකට් සංචාරයක් සදහා එංගලන්තයට ගොස් සිටින අතරතුර ඔවුන් නවාතැන් ගෙන සිටින හෝටලයෙන් පිටතට පැමිණ සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් වීමත් සමගයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ක්‍රීඩකයන් මව්බිමට ගෙන්වා ගැනීමේ තීරණයට එළඹුනේ.

ඔවුන්ට අදාළ ජෛව ආරක්ෂණ බුබුළුලෙන් පිටතට යාමේ සිද්ධිය පදනම් කරගෙන මෙලෙස තරග තහනමක් ද පනවා තිබෙනවා. කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සෞඛ්‍ය නිර්නායකයන්ට අනුකූලව ක්‍රිකට් තරග සංවිධාන කළ අතර එහිදී සියලු ක්‍රීඩකයින් හා කාර්ය මණ්ඩල ජෛව බුබුළකට අනුගතව ක්‍රියා කළ යුතු වනවා. එසේ තිබියදී මෙම ක්‍රීඩකයින් පිටතට පැමිණියේ කෙසේද යන්න පිළිබද විමර්ශනය කෙරෙනවා.

අද දහවල් 1.15 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණි මෙම ක්‍රීඩකයින් දින 14 ක නිරෝධායනය සදහා මීගමුව ප්‍රදේශයේ හෝටලයක් වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

The post වීදි සරා වැඩ වරද්දා ගත් ක්‍රීඩකයින් තිදෙනා ලංකාවට පැමිණෙයි appeared first on ITN News.

Read More »

මීරිගම ප්‍රදේශයේ සගවා තිබූ පොහොර කිලෝග්‍රෑම් 50,000 ගොවීන්ට බෙදා දෙයි  

0 comments

මීරිගම ප්‍රදේශයේ සගවා තිබූ පොහොර කිලෝග්‍රෑම් 50,000 ක පමණ ප්‍රමාණය ගොවීන්ට බෙදා දීමට ක්‍රියා කෙරුණා.

රජය මගින් සහන මිලට ලබා දෙන පොහොර මිටි දහසක් මෙසේ මීරිගම ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවට සගවා තිබුණා. පසුව ගම්පහ පාරිභෝගික අධිකාරිය මගින් එම පොහොර අත්අඩංගුවට ගත්තා.

අදාළ පොහොර තොගය මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් සදහා බෙදා දීම සිදු කෙරුණේ ගොවිජන සේවා කාර්යාලය හා පාරිභෝගික අධිකාරියේ අධීක්ෂණය යටතේයි.

 

 

The post මීරිගම ප්‍රදේශයේ සගවා තිබූ පොහොර කිලෝග්‍රෑම් 50,000 ගොවීන්ට බෙදා දෙයි appeared first on ITN News.

Read More »

තවත් 2,222 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 2,222 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 223,471ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 2,222 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

Read More »

විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යයමණ්ඩල එන්නත්කරණය පිළිබඳ අධ්‍යාපන ඇමතිගේ අවධානය  

0 comments

සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට කොරෝනා එන්නත් ලබාදීම පිළිබද විශේෂ අවධානය යොමුව තිබෙනවා.

විශ්ව විද්‍යාල කඩිනමින් විවෘත කරන ලෙසත් මෙම එන්නත්කරණ වැඩසටහන විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරන ලෙසටත් විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය  ජී එල් පීරිස් මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ. විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක මාර්ගගත අධ්‍යයන ක්‍රමයේ  පවත්නා ගැටලු මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග ආදිය පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

 

 

The post විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යයමණ්ඩල එන්නත්කරණය පිළිබඳ අධ්‍යාපන ඇමතිගේ අවධානය appeared first on ITN News.

Read More »

අධික සුළං හා වර්ෂාව හේතුවෙන් රුසියාවේ මොස්කව් නගර වැසියන් දැඩි පීඩාවට  

0 comments

අධික සුළං හා වර්ෂාව හේතුවෙන් රුසියාවේ මොස්කව් නගර වැසියන් දැඩි පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා.

මහා මාර්ග ජලයෙන් යටවී ඇති අතර මාර්ග දෙපස ඇති ගස් කඩා වැටීමට ලක්ව ඇති බව රුසියා මාධ්‍ය සදහන් කරනවා. පසුගිය දින කිහිපය තුළදී මොස්කව් වැසියන් උෂ්ණාධික කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටියා. අධික සුළං හේතුවෙන් ගොඩනැගිල්ලක වහලක් සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් රථ ගාලක් මතට වැටී තිබෙනවා.

ගංවතුර තත්ත්වය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. විදුලි සැර වැදීම හේතුවෙන් මොස්කව් නගරය ආසන්නයේ පිහිටා ඇති විදුලි බලාගාරයක ගින්නක්ද හටගෙන තිබෙනවා.

 

 

 

The post අධික සුළං හා වර්ෂාව හේතුවෙන් රුසියාවේ මොස්කව් නගර වැසියන් දැඩි පීඩාවට appeared first on ITN News.

Read More »

කොරෝනා හේතුවෙන් පීඩාවට පත් පවුල් සඳහා සහන සැලසීම තවදුරටත්  

0 comments

කොරෝනා හේතුවෙන් පීඩාවට පත් පවුල් සදහා සහන සැලසීම තවදුරටත් සිදුවනවා.

නාරාහේන්පිට කිරුල කොට්ඨාශයේ අබයාරාම පටුමග ප්‍ර දේශයේ පදිංචි ජනතාවට වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනක් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ඉන්ද්‍රානි සතරසිංහ ගීගනගේ මහත්මියගේ ප්‍රධාත්වයෙන් පැවැත්වුණා. පවුල් 400 ක් සදහා වියළි ආහාර පාර්සල් ලබාදීම මෙහිදී සිදු කෙරුණා.

මේ අතර කොරෝනා වයිරසයෙන් ලෝකයම ආරක්ෂා වේවායි යන ප්‍රාර්ථනයෙන් යුතුව පිංකම් මාලාවක් ඇමරිකාවේදී පැවැත්වුණා. පොසොන් පොහොය මුල් කර ගනිමින් මෙම පිංකම් පැවැත්වුණේ පූජ්‍ය තලංගම දේවානන්ද ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේයි. දාන ශීල භාවනා ධර්ම සාකච්ඡා ආදි වැඩසටහන් රැසක් මෙහිදී පැවැත්වුණා.

 

 

 

The post කොරෝනා හේතුවෙන් පීඩාවට පත් පවුල් සඳහා සහන සැලසීම තවදුරටත් appeared first on ITN News.

Read More »

දකුණු අප්‍රිකාව වයිරස ව්‍යාප්තිය පාලනයට පනවා ඇති නීති දැඩි කරයි  

0 comments

වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නීති දැඩි කිරීමට දකුණු අප්‍රිකා රජය පියවර ගෙන තිබෙනවා.

ඩෙල්ටා නව ප්‍ර භේදය දකුණු අප්‍රිකාව තුළ පැතිර යාමත් සමඟයි මෙම පියවර ගෙන ඇත්තේ. ආපනශාලා , අවන්හල් හා මත්පැන් අලෙවිසැල් සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට රජය නියෝග කර තිබෙනවා. නීති දැඩි කිරීමත් සමඟ එරට මහා මාර්ග පාලු ස්වභාවයක් ගන්නා ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. වයිරසයට එරෙහි එන්නත් ලබාදී ඇත්තේ එරට ජන ගහනයෙන් 4%කට පමණයි. අවශ්‍ය මොහොතේදි එන්නත් ඇණවුම් කිරීම රජය හිතාමතාම මගහැරීම මෙයට හේතු වී ඇති බවයි විපක්ෂය චෝදනා කරන්නේ.

 

 

 

 

The post දකුණු අප්‍රිකාව වයිරස ව්‍යාප්තිය පාලනයට පනවා ඇති නීති දැඩි කරයි appeared first on ITN News.

Read More »

ඉතියෝපියා රජය ටිග්රේ ප්‍රාන්තය තුළ සටන් විරාමයක් ප්‍රකාශ කරයි  

0 comments

ඉතියෝපියා රජය ටිග්රේ ප්‍රාන්තය තුළ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පසුගිය මාස අටක කාලයක් පුරා ඉතියෝපියා රජය හමුදා හා සටන්කරුවන් අතර ටිග්රේ ප්‍රාන්තයේ දරුණු ගැටුම් පැවතුණා. සටන් අතරතුරදී දෙපාර්ශවයෙන්ම මානව හිමිකම් කඩවීම් සිදුව ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ.

ටිග්රේ ප්‍රාන්තයේ වෙසෙන මිලියන පහක පමණ ජනතාවක් ආහාර හිග කමින් පෙලෙන අතර තුන් ලක්ෂ පනස්දහසකට පමණ පිරිසක් සාගත තත්ත්වයකට මුහුණ දී ඇති බව එම සංවිධානය තවදුරටත් නිවේදනය කරනවා. කෙසේ වුවද සටන්කරුවන් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ ටිග්‍රේ ප්‍රාන්තයේ ප්‍රධාන නගරය තම පාලනය යටතේ පවත්නා බවයි.

 

 

 

The post ඉතියෝපියා රජය ටිග්රේ ප්‍රාන්තය තුළ සටන් විරාමයක් ප්‍රකාශ කරයි appeared first on ITN News.

Read More »

විශාරද නන්දා මාලනීගේ ගීත නීතිවිරෝධීව සංයුක්ත තැටිවලට ඇතුළත් කළ අයෙකුට දඩ  

0 comments

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා රචනා කළ විශාරද නන්දාමාලනී මහත්මිය ගායනා කර ඇති ගීත නීතිවිරෝධී අයුරින් සංයුක්ත තැටිවලට ඇතුලත් කර විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයෙකුගේ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මෙම විත්තිකරුට පනවා ඇති අත්හිටවූ සිර දඩුවම් හා රුපියල් ලක්ෂ පහක දඩය මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළා. ප්‍රියන්ත ජයවර්ධන, ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගේ එකගත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම තීන්දුව ලබාදුන්නා. 2005 වසරේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී නන්දාමාලිනී මහත්මිය ගායනා කළ ගීත මෙසේ අලෙවි කර තිබෙනවා.

 

 

 

The post විශාරද නන්දා මාලනීගේ ගීත නීතිවිරෝධීව සංයුක්ත තැටිවලට ඇතුළත් කළ අයෙකුට දඩ appeared first on ITN News.

Read More »

ඕස්ට්‍රේලියාවේ ඩෙල්ටා ව්‍යාප්තිය හේතුවෙන් තවත් නගර කිහිපයක් වසා දැමේ  

0 comments

ඕස්ට්‍රේලියාවේ ඩෙල්ටා වයිරස ප්‍ර භේදය ව්‍යාප්තිය හේතුවෙන් සිඩ්නි නගරයට අමතරව තවත් නගර කිහිපයක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

පර්ත්, කුවින්ස්ලන්ඩ් හා බ්‍රිස්බේන් යන ප්‍රධාන නගර මෙන්ම තවත් ප්‍රාදේශීය නගර රැසක්ම මෙලෙස වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම වසා දැමීම මිලියන විස්සක පමණ ජනතාවකට බලපා ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවෙන් හදුනාගත් ඩෙල්ටා නව කොරෝනා වයිරස ප්‍ර භේදය ඕස්ට්‍රේලියාව තුළ ශීඝ්‍ර යෙන් ව්‍යාප්ත වන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. සිඩ්නි නගරයෙන් පමණක් මේ වනවිට හදුනාගෙන ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව එකසිය පනහකට ආසන්නයි.

 

The post ඕස්ට්‍රේලියාවේ ඩෙල්ටා ව්‍යාප්තිය හේතුවෙන් තවත් නගර කිහිපයක් වසා දැමේ appeared first on ITN News.

Read More »

කොරෝනා රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙල ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල ආරම්භ කිරීමට සූදානම්  

0 comments

කළුතර දිස්ත්‍රික්කයේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන කොරෝනා රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙල ගම්පහ හා කොළඹ යන දිස්ත්‍රික්කවල ද කඩිනමින්ම ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා.

The post කොරෝනා රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙල ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල ආරම්භ කිරීමට සූදානම් appeared first on ITN News.

Read More »

අමාත්‍ය මණ්ඩල තීරණ (2021-06-28)  

0 comments

2021-06-28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත පරිදි වේ.

  

The post අමාත්‍ය මණ්ඩල තීරණ (2021-06-28) appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG