Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේනයේ දැවැන්තම ධාන්‍ය නිෂ්පාදන සමාගමේ හිමිකරු රුසියා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට  

0 comments

යුක්රේනයේ මයිකොලයිව් ප්‍රදේශයට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් එරට ප්‍රධාන පෙළේ ධාන්‍ය අපනයනකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්රේනය නිවේදනය කරනවා.

යුක්රේනය දැවැන්තම ධාන්‍ය නිෂ්පාදන සමාගමේ හිමිකරු වන ඔලෙස්කි වඩතුර්ස්කි මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රුසියා ප්‍රහාරයෙන් ඔහුගේ නිවස සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර ව්‍යාපාරිකයාගේ බිරිද ද ජීවිතක්ෂයට පත්වුණා. ධාන්‍ය අපනයනය කිරීම සම්බන්ධයෙන් යුක්රේනය හා රුසියාව අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට ද පසුගිය සතියේ අත්සන් තැබුණා. යුක්රේනයේ වරායන්හි බලය මේ වනවිට රුසියාව සතුව පැවතිය ද ධාන්‍ය අපනයනය කිරීම සදහා යුක්රේනයට අවස්ථාව ලබාදීමට ඔවුන් එකගත්වය පළකළා.

 

 

 

 

 

 

The post යුක්රේනයේ දැවැන්තම ධාන්‍ය නිෂ්පාදන සමාගමේ හිමිකරු රුසියා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

විදේශීය තැපැල් ගාස්තු අද සිට ඉහළට  

0 comments

අද (01) සිට විදේශීය තැපැල් ගාස්තු වැඩිකර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඉන්ධන ගාස්තු, ඩොලරයේ වටිනාකම, ගුවන් ගාස්තු හා ලංගම හා දුම්රිය ගාස්තු ඉහළයාම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව තැපැල්පතිවරයා සදහන් කරයි.

The post විදේශීය තැපැල් ගාස්තු අද සිට ඉහළට appeared first on ITN News.

Read More »

ජනපති මැදුරට හානි කිරීම සම්බන්ධයෙන් නුවරඑළියේ දී අත්අඩංගුවට ගත් පස් දෙනා රිමාන්ඩ්  

0 comments

ජනාධිපති මන්දිරය ඇතුළු පොදු දේපල වලට හානි කිරීම සම්බන්ධයෙන් නුවරඑළියේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවකට අනුව පොලීසිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට යන අවස්ථාවේ තවත් 4 දෙනෙකු එම නිවසේ නවාතැන් ගෙන සිට ඇති බවට හෙළිවී තිබෙනවා. ඔවුන් ගාලුමුවදොර පැවති අරගලයට සහාය දැක්වූ බවට හෙළිවීම හේතුවෙන් ප්‍රශ්න කිරීම් සිදුකෙරුණා. එහිදී ඔවුන් ප්‍රකාශ කර තිබුණේ වරෙන්තු මත අත්අඩංගුවට ගත් සැකකරු ගාලු මුවදොර අරගලයේ දි හඳුනාගත් අතර ඒ අනුව ඔහුගේ නිවසේ නවාතැන් ගෙන සිටි බවයි. ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ලබන මස 4 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි එහි දී  නියෝග කෙරුණේ. ඔවුන් බිංගිරිය , පිටිපන දකුණ , ගොතටුව , නුවරඑළිය බොනවිස්ටා සහ කළුකැලේ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය ප්‍රකාශ කරා.

මේ අතර ගාලු මුවදොර අරගලය 114 වන දිනටත් අද පැවැත්වුණා.

 

 

The post ජනපති මැදුරට හානි කිරීම සම්බන්ධයෙන් නුවරඑළියේ දී අත්අඩංගුවට ගත් පස් දෙනා රිමාන්ඩ් appeared first on ITN News.

Read More »

රත්ගම වෙඩි තැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට  

0 comments

රත්ගම ගම්මැද්දේගොඩ ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එල්ල කල වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වුණේ වයස අවුරුදු 45ක් වන රත්ගම දේවනිගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. තුවාල ලැබූවන් අවුරුදු 47 සහ 29 යන වයස්වල පසුවන්නන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.

 

 

The post රත්ගම වෙඩි තැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24 තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ජපානයෙන්  

0 comments

ගතවූ පැය 24 ට පමණක් ජපානයෙන් වාර්තා වී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා.

ඊයේ දිනයේ දී එරටින් හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 213,000 ආසන්නනයි. ඒ සමගම එරට සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි විසිපන්ලක්ෂ පනස්දහස ඉක්මවා ගියා. එමෙන්ම දකුණු කොරියාවෙන් 73,000 ක් ඉතාලියෙන් 36,000 ක් හා ප්‍රංශයෙන් 31,000 ක් ලෙස ඊයේ දිනයේදී වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ගතවූ පැය 24 ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 109 වාර්තා වන්නේ මෙක්සිකෝවෙන්. ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහතර ලක්ෂ විසිදහසකට ආසන්න වනවා. හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පනස් අටකෝටි විසිඑක් ලක්ෂ හැත්තෑතුන් දහස් හාරසිය අසූපහක්.

 

 

 

 

 

The post ගතවූ පැය 24 තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ජපානයෙන් appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇමෙරිකාවේ කෙන්චුකී නගරයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පිරිස අතර කුඩා දරුවන් 4 දෙනෙකු සිටින බවයි නගරාධිපතිවරයා සඳහන් කරන්නේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මේ වනවිට පුද්ගලයින් 1,200 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. පසුගිය දින කීපයේ දී ඇදහැලුණ අධික වර්ෂාවත් සමඟ දැඩි ගංවතුර තත්ත්වයක් හටගත්තා.

 

 

 

 

The post ඇමෙරිකාවේ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ගැට කපන්නන්ගෙන් ප්‍රවේසම් වන්න  

0 comments

පොදු ප්‍රවාහන සේවාවන් වල ගමන් කිරිමේ දී ගැට කපන්නන්ගෙන් ආරක්ෂා වෙන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

 

 

 

 

 

The post ගැට කපන්නන්ගෙන් ප්‍රවේසම් වන්න appeared first on ITN News.

Read More »

අගමැති දළදා සමිඳුන් වැඳපුදා ගනී  

0 comments

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිගනු ලැබූයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ සහ මහනුවර මහ නගර සභාවේ නගරාධිපති කේසර සේනානායක යන මහත්වරුන් විසින්. අනතුරුව දිනේෂ් ගුණවර්ධන මහතා දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ සියලු පක්ෂ එකතුකරගත් ආණ්ඩුවක් තුළින් රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම එකම අරමුණ බවයි.

 

The post අගමැති දළදා සමිඳුන් වැඳපුදා ගනී appeared first on ITN News.

Read More »

සංචාරක හෝටල් ,නවාතැන් සහ සේවා සපයන ආයතන සඳහා මෘදු මත්පැන් අලෙවි කිරීමට අවසර  

0 comments

දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් සහ සංචාරක කලාපවල ඇති සංචාරක නවාතැන් මෙන්ම සංචාරක සේවා සපයන ආයතන සඳහා මෘදු මත්පැන් අලෙවි කිරීමට අවසර ලබාදී තිබෙනවා. ඒ කොන්දේසිවලට යටත්වයි.

සුරාබදු ආඥාපනතේ 25 වන වගන්තිය සමඟ කියවිය යුතු 32 වන වගන්තිය යටතේ මුදල් , ආර්ථික ස්ථායිතාකරන  සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී ඇති බලතලවලට අනුව මෙම තීන්දුව ගෙන තිබෙනවා. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය නම්‍යශීලී උපාය මාර්ගික ප්‍ර වේශයක් ලෙස මෙය ක්‍රියාත්මක වනවා. සංචාරකයන්ගේ සුව පහසුව පිණිස ආහාර සපයන සංචාරක සංවර්ධන අධිකාරයේ ලියාපදිංචි හෝටල් සහ ආපනශාලා මෙන්ම සංචාරක අධිකාරිය විසින් හදුන්වාදී ඇති සංචාරක කලාපවල පිහිටි නවාතැන් මෙන්ම සේවා සපයන සංචාරක ආයතන සඳහා මෙම අවස්ථාව උදාකර දී තිබෙනවා. එම ස්ථානවල වයින් හා බියර් ඇතුලු පැසවීම මගින් නිපදවන මෘදු මත්පැන් පමණක් මෙසේ අලෙවි කළ හැකි වනවා.

 

The post සංචාරක හෝටල් ,නවාතැන් සහ සේවා සපයන ආයතන සඳහා මෘදු මත්පැන් අලෙවි කිරීමට අවසර appeared first on ITN News.

Read More »

චීන රොකට් යානයේ කොටස් පෘථිවියට කඩා වැටෙයි  

0 comments

ලෝන්ග් මාච් ෆයිව් බී වර්ගයේ චීන රොකට් යානයේ කොටස් පෘථිවියට කඩා වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටියැන්ගෝන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ ඉන්ධන ප්‍රවාහනටය යොදා ගත් ලෝන්ග් මාච් ෆයි බී රොකට් යානය පෘථිවියට කඩා වැටීමේ අවධානමක් ඇති බවට පසුගිය දා නාසා ආයතනය අනතුරු ඇඟවීමක් සිදු කළා. එම රොකට් යානයේ කොටස් ඉන්දු පැසිෆික් සාගරයට කඩා වැටී ඇති බවයි ඇමරිකා සහ චීන බලධාරීන් සඳහන් කරන්නේ.

 

 

The post චීන රොකට් යානයේ කොටස් පෘථිවියට කඩා වැටෙයි appeared first on ITN News.

Read More »

ඉන්ධන සඟවා ගෙන සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට  

0 comments

ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම් වලින් ඉන්ධන සඟවා තැබූ පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

පොළොන්නරුව මීගස්වැව ප්‍රදේශය කළ වැටලීමකදී ඩීසල් වැඩි මිලට අලෙවි කළ කාන්තාවක ඩීසල් ලීටර් 160 ක් සමඟ අත්අඩංගුවට ගත්තා. පෙට්‍රල් ලීටර් 40 ක් සඟවා තබාගෙන සිටි සැකකරුවෙකු මීගස්වැව යාය 8 ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.

අනාරක්ෂිත ලෙස ඉන්ධන ගබඩා කළ තවත් පුද්ගලයෙකු රාජාංගනය ගැමුණුපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා. පෙට්‍රල් ලීටර් 200 ක් සහ ඩීසල් ලීටර් 100 ක් ඔහු ළග තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය අම්පාර ප්‍රදේශයේ කළ වැටලීමක දී මිහිදුපුර ප්‍රදේශයේ පෙට්‍රල් ලීටර් 400 ක් සඟවාගෙන සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඔවුන් සන්තකයේ තිබූ කැබ් රථයක් සහ වායු රයිෆලයක් ද සොයා ගැණුනා. සැකකරුවන් වයස අවුරුදු 28,  32 සහ 36 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

 

 

 

The post ඉන්ධන සඟවා ගෙන සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

මංකි පොක්ස් හේතුවෙන් නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වක්  

0 comments

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට සෞඛ්‍ය හදිසි තත්ත්වක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ මංකි පොක්ස් වයිරසය ශීඝ්‍රයෙන් පැතිරයා හේතුවෙන්.

150,000 ට ආසන්න නිව්යෝර්ක් වැසියන් මෙම තත්ත්වයට ගොදුරුවිය හැකි බවයි නිව්යෝර්ක් නගරාධිපතිවරයා අනතුරු අඟවන්නේ. එම වැසියන්ට කඩිනමින් අවශ්‍ය එන්නත් ලබාගන්නා ලෙස ද නගරාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. එමෙන්ම ඒ සඳහා සිදුකරන පරීක්ෂන ප්‍රමාණය ද වැඩිකරන ලෙසයි නගරාධිපතිවරයා සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබාදී ඇත්තේ.

 

 

 

 

The post මංකි පොක්ස් හේතුවෙන් නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වක් appeared first on ITN News.

Read More »

ජෝ බයිඩ්න්ට නැවතත් කොරෝනා ආසාදනය වෙයි  

0 comments

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හට නැවතත් කොරෝනා ආසාදනය වී ඇති බව ඔහුගේ වෛද්‍යවරයා පවසනවා.

79 වියෙහි පසුවන ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හට පළමුවරට වෛරසය වැළදුනේ පසුගිය 21 වන දායි. ඔහුට එහි දී මෘදු රෝග ලක්ෂණ පැවැති බව සඳහන්. කෙසේ වෙතත් පසුගිය දා නැවතවරක් ඇමරිකා ජනාධිපතිවරයාගේ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීමෙන් හෙලිව ඇත්තේ නැවතත් කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. කෙසේ වෙතත් ඔහුගේ තත්වය බරපතල නොවන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

 

The post ජෝ බයිඩ්න්ට නැවතත් කොරෝනා ආසාදනය වෙයි appeared first on ITN News.

Read More »

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට ගොඩනගන බව ජනපති අවධාරණය කරයි  

0 comments

සියලු දේශපාලන පක්ෂ එක්කර ගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට මුහුණපා ඇති සමාජ, ආර්ථික හා දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා නව මාවතක ගමන් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය.

රට ගොඩනැගීම සඳහා දියත් කරන එම වැඩපිළිවෙලේදී මහා සංඝරත්නයේ අවවාද,  අනුශාසනා නොමදව අපේක්ෂා කරන බව  ජනාධිපතිතුමා සඳහන් කළේ අද (30) පස්වරුවේ මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දකිමිනි.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සාම්ප්‍රදායනුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (30) මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්, අනුනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභික මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

මල්වතු මහා විහාරයීය උපෝසථාගාරය වෙත රැස්ව සිටී මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමි ප්‍රමුඛ අනුනායක හිමිවරුන් සහ කාරක සංඝ සභික භික්ෂුන් වහන්සේ සාම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් සිදු කරමින් ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළහ.

එහිදී කෙටි අනුශාසනාවක්  කරමින් මල්වතු මහා විහාරයීය කාරක සංඝ සභික රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය මහවෙල රතනපාල හිමිපාණන් වහන්සේ සඳහන් කළේ  ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කර රට සංවර්ධනය කරා ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශක්තිය ඇති බවයි.

ජාතික තලයේ සහ ජාත්‍යන්තරයේ කීර්තියක් අත්කරගත් පරිනත, දක්ෂ දේශපාලනඥයෙකු වන එතුමා මහජනතාව මුහුණ දී ඇති දෛනික ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදී රටට අවශ්‍ය සමාජ, ආර්ථික, දේශපාලන වෙනස්කම් සිදු කරනු ඇතැයි මහා සංඝරත්නය විශ්වාස කරන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

අනතුරුව මල්වතු මහා විහාරයේ දී  මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ  සුව දුක් විමසීය.

අස්ගිරි මහා විහාරය වෙත ද පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට  අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරය වෙත රැස්ව සිටී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමිපාණන්, අනුනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභික භික්ෂුන් වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර  ආශිර්වාද කළහ.

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන් වහන්සේ  බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ   සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

 

 

The post සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට ගොඩනගන බව ජනපති අවධාරණය කරයි appeared first on ITN News.

Read More »

ජනපතිගෙන් සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනාවක්  

0 comments

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කරනවා.

ආර්ථික හා සමාජීය ස්ථාවරත්වය ඇති කිරීම සදහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ජනාධිපතිතුමාගේ අදහස වී තිබෙනවා. ඒ සඳහා සියලු මන්ත්‍රීවරුන්ට එක්වන්නැයි ජනාධිපතිතුමා ලිඛිතවම ආරාධනා කළා. රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයට සමගාමීව රට තුළ නිර්මාණය වී තිබෙන දේශපාලනික හා සමාජීය අරාජිකත්වය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය මහත් පරිශ්‍රමයක් දරමින් සිටිනවා. ඒ අනුව ක්‍රමවත් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික සැළසුම් සකස් කෙරෙමින් පවතින අතර ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ද ගනිමින් සිටින බවයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. කෙසේ වුවද අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු වනවා. පොදු මහජනතාවගේ අභිප්‍රාය වන්නේ ද සියලු දෙනා එක්ව කටයුතු කිරීමයි. ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය යළි ගොඩනැගීම සඳහා පුළුල් සංවාදයක් ඇති කරමින් සියලු දෙනා අතර එකගත්වයක් ඇති විය යුතු බව ජනාධිපතිතුමා යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.

 

 

The post ජනපතිගෙන් සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනාවක් appeared first on ITN News.

Read More »

හිට්ලර්ගේ අත් ඔරලෝසුව ඩොලර් මිලියන 1.1 කට අලෙවි වෙයි  

0 comments

ජර්මනියේ හිටපු ආඥාදායක පාලක ඇඩොල්ෆ් හිට්ලර් භාවිත කළ අත් ඔරලෝසුව ඇමෙරිකා ඩොලර් මිලියන 1.1 කට වෙන්දේසියකදී අලෙවි වී තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති මෙම වෙන්දේසියේදී ඔරලෝසුව මිලදී ගෙන ඇත්තේ නම හෙළි නොකළ පුද්ගලයෙකුයි.මෙම ඔරලෝසුවේ නාසි හමුදාවල ප්‍රධානම සළකුණ වූ ස්වස්ථිකය ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් මෙම වෙන්දේසියට යුදෙව් ජනතාව විරෝධය පළකර තිබෙනවා. ඔවුන් සඳහන් කරන්නේ මේ තුළින් හිට්ලර්ගේ නාසි කෘරත්වයට සාධාරණීකරණයක් ලැබෙන බවයි. 1933 සහ 1945 කාල වකවානුවේදී හිටල්ර්ගේ මෙහෙයවීම නිසා යුදෙව්වන් මිලියන 6 ක් ඇතුළු මිලියන 11ක ජනතාවක් ඉතා කෘර ලෙස ඝාතනයට ලක් වුණා.

 

 

 

The post හිට්ලර්ගේ අත් ඔරලෝසුව ඩොලර් මිලියන 1.1 කට අලෙවි වෙයි appeared first on ITN News.

Read More »

රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා ඉහළ ප්‍රගතියක – ජනාධිපති මාධ්‍ය අංශය  

0 comments

රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයය සඳහන් කරනවා.

මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන දේශපාලන සාකච්ඡා ද සාර්ථක මට්ටමක පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ.ආර්ථික අසීරුතා සමනය කොට යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සදහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමේ අරමුණෙන් සිදු කෙරෙන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් අත්පත් කර ගැනීම සඳහා ණය තිරසර භාවය පිළිබඳ විධිමත් සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබුණා. පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවරත්වය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු නොකරන බවට වූ පසුගිය රජයේ දේශපාලන ප්‍රතිපත්තිය හේතුවෙන් එය අඩාල වූ  බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පූර්ණ දේශපාලන ස්ථාවරත්වයක් සහිත රජයක් ස්ථාපනය කොට තිබෙනවා.ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්නා සාකච්ඡා සාර්ථකව අවසන් කොට මූල්‍ය ස්ථායීතාව ඇති කිරීම සඳහා අවශ්‍ය පළමු පියවර තැබිය හැකිය යන්න රජයේ ස්ථාවරය බවයි ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් සඳහන් කරන්නේ.

 

The post රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා ඉහළ ප්‍රගතියක – ජනාධිපති මාධ්‍ය අංශය appeared first on ITN News.

Read More »

වඳුරු උණ සෑදීමෙන් සිදුවූ මරණ 2ක් ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙන්  

0 comments

අප්‍රිකාවෙන් බාහිර පළමුවරට වඳුරු උණ සෑදීමෙන් සිදු වූ මරණය පිළිබද මේ වන විට වාර්තා වීමට පටන්ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. මෙම මරණ වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙනි.

ගෝලීය හදිසි තත්ත්වයක් නිර්මාණය කළ වඳුරු උණ’ හෙවත් මන්කිපොක්ස් අප්‍රිකාවට ආවේණික වයිරසයක්. මෙය පළමුවෙන් මිනිසුන්ට බෝ වීමට පටන්ගෙන ඇත්තේ අප්‍රිකාවේ වඳුරන්ගෙන්. මෙය ගෝලීය වසංගතයක් බවට පත් වූයේ මෙම වසර ආරම්භයත් සමගයි. මේ වන විට වයිරසය ලොව පුරා රටවල් 75 ක පමණ ව්‍යාප්තව පවතිනවා.ආසාදිතයන් 17,000 කට වැඩි පිරිසක් දැනටමත් සොයාගෙන තිබෙනවා.

 

 

 

The post වඳුරු උණ සෑදීමෙන් සිදුවූ මරණ 2ක් ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙන් appeared first on ITN News.

Read More »

ජනපති සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අතර හමුවක්  

0 comments

ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍යය අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට  පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහතික වුණා. ඒ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදීයී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය අතර හමුව සිදු වූයේ ජනාධිපති කාර්යාලයේදීයී.ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පිළිගැන්වූ මහකොමසාරිස්වරිය සාකච්ඡාවක ද නිරත වුණා. ආර්ථිකය යථා තත්ත්වය ගෙන එම සහ දේශපාලන ස්ථාවරත්වය සඳහා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මහකොමසාරිස්වරිය දැනුවත් කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගවීම මානව හිමිකම්වලට අනුකූලව කටයුතු කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

 

 

 

The post ජනපති සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අතර හමුවක් appeared first on ITN News.

Read More »

කදුළු වායු උණ්ඩයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

කදුළු වායු උණ්ඩයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය පසුගිය 13 වනදා පොලිස් ත්‍රීරෝද රථයෙන් පැහැරගත් උණ්ඩවලින් එකක් විය හැකි බවයි පොලීසිය පවසන්නේ.

පසුගිය 13 වනදා බත්තරමුල්ල පොල්දූව හන්දිය අසල විරෝධතාවක් අතරතුරදී පොලීසියට අයත් ත්‍රී රෝද රථයක තිබූ කදුලු උණ්ඩ විරෝධතාකරුවන් විසින් සොරාගෙන ගොස් තිබුණා. බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා. ඒ අනුව ඇතුල්කෝට්ටේ ප්‍රදේශ‍යේ  මාලිගාව මාවතේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ කදුළු වායු උණ්ඩයක් ද සමඟයි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. වැලිකඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 

 

The post කදුළු වායු උණ්ඩයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

පැතුම් කර්නර් අද අධිකරණයට  

0 comments

පසුගිය 13 වනදා බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාව මෙහෙයවමින් හානියක් සිදුකළබවට චෝදනා එල්ලවී ඇති පැතුම් කර්නර් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොළඹ අපරාධ කොට්ඨාසයට ඔහු භාරවීමෙන් අනතුරුව ඊයේ අත්අඩංගුවට ගත්තා.

The post පැතුම් කර්නර් අද අධිකරණයට appeared first on ITN News.

Read More »

කොළඹ නාගරික බල ප්‍රදේශයේ ජීවනෝපාය අහිමි වූ පවුල්වලට සතොස වවුචර් පත්  

0 comments

කොළඹ නාගරික බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට හා ජීවනෝපාය අහිමි වූ පවුල්වලට සතොස වවුචර් පත් ලබාදීම කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

අඩු ආදායම්ලාභී සහ මහජන ආධාර ලබන මෙන්ම දෛනික ජීවනෝපාය අහිමි වූ පවුල් සදහා සතොස වවුචර් පත්‍ර එක්ලක්ෂ විසිදහසක් බෙදාදීමේ වැඩසටහන කොළඹ  නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. කොළඹ මහනගර සභාවේ මහජනාධාර දෙපාර්තමේන්තුවේ සහන නිලධාරීන්ගේ නිර්දේශ මත මෙම වවුචර්පත් බෙදාදීම සිදු වනවා.

 

The post කොළඹ නාගරික බල ප්‍රදේශයේ ජීවනෝපාය අහිමි වූ පවුල්වලට සතොස වවුචර් පත් appeared first on ITN News.

Read More »

දකුණු කොරියාවේ දේපල වටිනාකම් දැවැන්ත කඩා වැටීමකට ලක්ව වෙයි  

0 comments

දකුණු කොරියාවේ දේපල වටිනාකම් මාස 26කට පසු දැවැන්ත කඩා වැටීමකට ලක්ව තිබෙනවා.

දේපළ ණය සම්බන්ධයෙන් ලොව ඉහළම ණය කරුවන් බවට මේ වන විට පත්ව ඇත්තේ දකුනු කොරියා ජාතිකයන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජුනි මාසයේදී දේපළ වෙළෙඳාම් ආශ්‍රිත ගණුදෙනුවල ප්‍රාග්ධන වෙළෙඳපොළ  73%කින් බිඳ වැටී තිබෙනවා. දකුණු කොරියාවේ දේපළ වෙළෙඳපොලේ ඇති ණය ප්‍රමාණය වොන් කොවඩ් ඩ්‍රිලියන 2.6 ක් හෙවත් ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන 1.97 ක්. පවතින තත්ත්වය සමඟ දකුණු කොරියාවේ පරිභෝජනය විශාල වශයෙන් අඩුවිය හැකි බවට ආර්ථික විද්‍යාඥයන් පුරෝකතනය කර තිබෙනවා.

 

 

 

The post දකුණු කොරියාවේ දේපල වටිනාකම් දැවැන්ත කඩා වැටීමකට ලක්ව වෙයි appeared first on ITN News.

Read More »

ඉන්දියාව තුළ අධික තරබාරු භාවයෙන් යුක්ත දරුවන් සංඛ්‍යාව ඉහළ යයි  

0 comments

ඉන්දියාවේ දරුවන් අධික තරබාරු භාවයට පත්වීම සම්බන්ධයෙන් වහා පියවර  නොගත හොත් එය දරුණු සෞඛ්‍ය ගැටලුවක් විය හැකි බව වෛද්‍ය විශේෂඥයන් පවසනවා.

යුනිසෙෆ් සංවිධානයේ දත්තවලට අනුව ඉන්දියාව තුළ අද අධික තරබාරු භාවයෙන් යුක්ත දරුවන් මිලියන 27කට වැඩි සංඛ්‍යාවක් සිටිනවා.

මෙලෙස අධික තරබාරු භාවයට පත්වීමට හේතුවන වන්නේ ක්ෂණික ආහාරවර්ග භාවිත කිරීම බවයි වෛද්‍ය මතය වන්නේ. ශරීරයේ මේද ස්ථර අධික ලෙස ඉහළ යාම නිසා මෙම දරුවන්ට පිළිකා, දියවැඩියාව, හෘද රෝග සහ පෙනහළු ආබාධ ඇතිවිය හැකියි. පසුගිය වසරේදී අධික තරබාරු භාවය නිසා මිලියන 2.8ක පිරිසක් මිය ගොස් තිබෙනවා.

 

 

 

 

 

The post ඉන්දියාව තුළ අධික තරබාරු භාවයෙන් යුක්ත දරුවන් සංඛ්‍යාව ඉහළ යයි appeared first on ITN News.

Read More »

චීන – ඇමරිකානු ජනපතිවරුන් දුරකථන සංවාදයක  

0 comments

චින සහ ඇමෙරිකා ජනාධිපතිවරුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

පැය ‍දෙකකට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාව අතරතුරදී තායිවානය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකිනෙකාට අවදානම් නියෝග නිකුත් කරගෙන ඇති  බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.තායිවානය සම්බන්ධයෙන් ඒක පාර්ශ්වික ආකාරයෙන් කිසියම් රටක් කටයුතු කරන්නේ නම් තමන් දැඩි ලෙස විරුද්ධ වන බව ඔවුන් දෙදෙනාම ප්‍රකාශ කර තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපතිවරයා පැවසුවේ තායිවානය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවයි. තායිවානය චීනයේ කොටසක් යන ප්‍රතිපත්තිය තමන්ද වෙනසක් කර නොමැති බව පැවසූ චීන ජනාධිපතිවරයා ගින්දර සමග සෙල්ලම් කළහොත් පිලිස්සුම් තුවාල ලැබීමට සිදු වන බව අවධාරණය කළා.

 

 

 

The post චීන – ඇමරිකානු ජනපතිවරුන් දුරකථන සංවාදයක appeared first on ITN News.

Read More »

චීන – ඇමරිකානු ජනපතිවරුන් දුරකථන සංවාදයක  

0 comments

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වෙයි.

ඊයේ රාත්‍රියේ පැවති මෙම සංවාදයේ දී නායක දෙපළ චීන-ඇමරිකානු සබඳතා සහ අන්‍යෝන්‍ය වශයෙන් අවධානය යොමුව ඇති ගැටළු පිළිබඳව අවංක ලෙස අදහස් හුවමාරු කර ගත්හ. චීනය, ප්‍රධාන ප්‍රතිවාදියා සහ බරපතලම දිගුකාලීන අභියෝගය ලෙස දැකීම, දෙ‍රටේ සබඳතා පිළිබඳ ඇමරිකාවේ වැරදි විනිශ්චයක් සහ චීනයේ
සංවර්ධනය පිළිබඳ වැරදි අර්ථකථනයක් වන අතර, එමඟින් දෙරටේ ජනතාව සහ ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවෙනු ඇතැයි ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

වර්තමානයේදී, චීනය සහ ඇමරිකාව සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධීකරණය, ගෝලීය කාර්මික හා සැපයුම් දාමවල ස්ථායිතාව පවත්වා ගැනීම සහ ගෝලීය බලශක්ති සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම වැනි ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් සන්නිවේදනය පවත්වා ගත යුතු බව ද
හෙතෙම පැවසීය. එමෙන්ම, තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ මූලධර්මය සහ ස්ථාවරය ෂී ජින් පිං මහතා පැහැදිලි කළේය.

චීන-ඇමරිකානු ඒකාබද්ධ නිල නිවේදන තුන දෙපාර්ශ්වයේම දේශපාලන කැපවීම් බවත්, එකම
චීනය යන මූලධර්මය චීන – ඇමරිකානු සබඳතාවල දේශපාලන පදනම බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. තායිවාන ස්වාධීනත්වය නමින් එන බෙදුම්වාදයට සහ බාහිර බලවේගවල ඇඟිලි ගැසීම්වලට චීනය තරයේ විරුද්ධ වන අතර, එම බලවේග සඳහා චීනය කිසිදු ආකාරයක ඉඩක් නොතබන බව ද හෙතෙම කියා සිටියේය.

තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීන රජයේ සහ චීන ජනතාවගේ ස්ථාවරය ස්ථිර වන අතර, චීනයේ ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව දැඩිව ආරක්ෂා කිරීම බිලියන 1.4 කට වැඩි චීන ජනතාවගේ ප්‍රබල අධිෂ්ඨානය බව ෂී ජින් පිං මහතා පැවසීය.

ඇමරිකාව එකම චීනය යන මූලධර්මයට අවනත විය යුතු අතර චීන-ඇමරිකානු ඒකාබද්ධ නිල නිවේදන තුන ක්‍රියාත්මක කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

`වර්තමාන ලෝකය තීරණාත්මක අවධියක පවතින බව ජෝ බයිඩන් මහතා පැවසීය. ඇමරිකානු-චීන සහයෝගීතාව දෙරටේ ජනතාවට පමණක් නොව
අනෙකුත් රටවල ජනතාවටද ප්‍රයෝජනවත් වේ.

එකම චීනය යන ප්‍රතිපත්තිය පිළිබඳ පිළිගැනීම වෙනස් වී නොමැති අතර, එය ඉදිරියේදී ද වෙනස් නොවන බවත්, තායිවානයේ ස්වාධීනත්වය සඳහා ඇමරිකාව සහාය නොදක්වන බවත් නැවත අවධාරණය කරන බව ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේය.

The post චීන – ඇමරිකානු ජනපතිවරුන් දුරකථන සංවාදයක appeared first on ITN News.

Read More »

ව්‍යාපාරික ආයතනවල QR ලියාපදිංචියට නව ක්‍රමවේදයක්  

0 comments

ව්‍යාපාරික ස්ථානයක් සතු සියලුම රථ වාහන එම ව්‍යාපාරයේ ලියාපදිංචි අංකය සමග නව ක්‍රමය යටතේ ඉන්ධන ලබාගැනීමට ලියාපදිංචි කිරීම අද සිට සිදු වනවා.

ජාතික ඉන්ධන අවසරපත මගින් ව්‍යාපාරයකට ඇති සියලුම රථවාහන ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මක වනවා. ඉන්ධන අවශ්‍යතා ඇති අනෙකුත් යන්ත්‍ර සූත්‍ර සහ උපකරණවල විස්තර ලබාදී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු වනවා. එම උපකරණවලට සතිපති අවශ්‍ය කෙරෙන ඉන්ධන ප්‍රමාණය ද සදහන් කළ යුතු බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ.

කුරුණෑගල පන්නල මාකදුර ප්‍ර දේශයේ යල කන්නයේ අස්වනු නෙලීමට ආසන්න වී පැවතිය ද ඒ සදහා යොදාගන්නා යන්ත්‍රවලට ප්‍රමාණවත් තරම් ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙනවා. මාකදුර වෙල්යායේ අක්කර 850 ක පමණ මෙවර වී වගාව සිදු කර ඇති අතර අස්වනු නෙලීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි ගොවීන් හා අස්වනු නෙලීමේ යන්ත්‍ර හිමිකරුවන් ප්‍රකාශ කරන්නේ.

ඉන්ධන පිරවුම්හල්වලට දිනපතා ඉන්ධන නොලැබීම හේතුවෙන් වාහනයේ අවසන් අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම ඇතැම් ප්‍රදේශවල ගැටලුවක් වී තිබෙනවා. වැලිමඩ හා කැප්පටිපොල යන ඉන්ධන පිරවුම්හල්වල මේ අනුව දිගු පෝලිම් දැකගත හැකියි.

කෙසේ වුවද කිව්.ආර් කේත ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කරන බොහෝ පිරවුම්හල්වල ගැටලු අවම මට්ටමක පවතින බවයි අප වාර්තාකරුවන් සදහන් කරන්නේ. රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහාය ඇතිව රාගම ඇලපිටිවෙල ඉන්ධන පිරවුම්හලේදී රථ වාහන සදහා කිව් ආර් කේතය ලබාදීම සිදු කෙරෙනවා.මේ පිළිබද ජනතාව ද ප්‍රසාදය පල කරනවා.

කිව් ආර් කේත පරික්ෂා කිරීමේ වැඩසටහනක් පුත්තලම විවිධ සේවා සමූපකාර සමිති ඉන්ධන පිරවුම්හලේදී සිදු වුණා. පාරිභෝගිකයන් සිය දෙනෙකු සහභාගී කරගනිමින් මෙම පරික්ෂාව සිදු කෙරුණා. ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ පුත්තලම දිස්ත්‍රික් කළමනාකරු,  පුත්තලම ඉන්ධන පිරවුම්හලේ කළමණාකරු මෙන්ම සමූපකාර සමිතියේ සභාපතිවරයා ද මෙම කටයුතු අධීක්ෂණයට එක්ව සිටියා.

 

 

 

The post ව්‍යාපාරික ආයතනවල QR ලියාපදිංචියට නව ක්‍රමවේදයක් appeared first on ITN News.

Read More »

උද්ඝෝෂකයන් පිරිසක් ඉරාක පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදී  

0 comments

දහස් සංඛ්‍යාත උද්ඝෝෂකයන් පිරිසක් ඉරාකයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී තිබෙනවා.

පැවති අධි ආරක්ෂක තත්ත්වයන් බිද දමමින් මෙම උද්ඝෝෂකයන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළු වී ඇති බවයි විදෙස් මාධ්‍යයන් වාර්තා කළේ. ප්‍රකට පූජකවරයෙකු වන මුක්ටාඩා අල්සදල්ගේ ආධාරකරුවන් මෙම සිද්ධිය පිටුපස සිටින බව ඉරාක රජය පවසනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවති මහමැතිවරණයේදී මුක්ටාඩා අල්සදර්ගේ සහයෝගය ලබන දේශපාලන පෙරමුණ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. එහෙත් ඔවුනට බලයට පැමිණීමට හැකිවූයේ නැහැ. උද්ඝෝෂකයන් පාර්ලිමේන්තුවට කඩා පනින අවස්ථාව වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු එහි නොසිටි බවයි වාර්තා වන්නේ.

 

 

 

The post උද්ඝෝෂකයන් පිරිසක් ඉරාක පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදී appeared first on ITN News.

Read More »

හදිසි නීතිය සම්මත වෙයි  

0 comments

හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 57 කින් සම්මත වුණා.

පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 120 ක් වන අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 63 ක් පමණයි.

ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන පක්ෂ නායකයින් 9 දෙනාගේ කණ්ඩායමද හදිසි නිතියට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂත්වයක්.

The post හදිසි නීතිය සම්මත වෙයි appeared first on ITN News.

Read More »

ජාතික ඉන්ධන බලපත්‍ර සඳහා ලියාපදිංචි වූ ගණන මිලියන 4 ඉක්මවයි  

0 comments

ජාතික ඉන්ධන බලපත්‍රය සදහා ඊයේ රාත්‍රිය වන විට මිලියන 4 ක් ලියාපදිංචි වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දුන්නා.

මේ අතර QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ කටයුතුද පිරවුම්හල් රැසකදී සාර්ථකව ක්‍රියාත්මකයි.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 299 ක හා අයි ඕ සී පිරවුම්හල් 34 කදී අනූදෙදහස් අටසිය හතළිස් පස් දෙනෙකු ගණුදෙනු සම්පූර්ණ කිරීමට QR ක්‍රමවේදය අනුගමනය කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

හොරණ කුළුපන ඉන්ධන පිරවුම්හලෙහි කිව් ආර් කේතය භාවිත කරමින් ඉන්ධන ලබාදීම පළමුවරට සාර්ථකව සිදු කෙරුණා. ජනතාව මෙහිදී සදහන් කළේ මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවයි.

ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් රැසකම කිව් ආර් ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදාදීම සිදුවනවා. අනවශ්‍ය තදබදයකින් තොරව මෙමගින් ඉන්ධන ලබා ගැනීමට හැකි වන බවයි ජනතාව පවසන්නේ.

ගෑස් සැපයුමද අඛන්ඩව සිදු කෙරෙන අතර ගෑස් මෙට්‍රික්ටොන් තුන්දහස් නවසියයක් රැගත් නෞකාවක් දිවයිනට අද ළගා වීමට නියමිතයි. දිවයිනට පැමිණ ඇති නෞකා දෙකේ ගෑස් ගොඩබෑමද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මේ අතර අද දිනයේද ගෑස් සිලින්ඩර් එක්ලක්ෂ හතළිස් දහසක් වෙළෙදපොළට නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඉන් ගෑස් සිලින්ඩර ලක්ෂයක් කිලෝග්‍රෑම් 12 යි දශම පහක් වූ ගෑස් සිලින්ඩර බවයි එම සමාගම පෙන්වා දෙන්නේ. ගෝනාපීනුවල ප්‍රදේශයේ ජනතාවට දින ගණනාවකට පසු ලිට්‍රෝ ගෑස් බෙදාදීමට කටයුතු කෙරුණා. එහෙත් ප්‍රමාණවත් පරිදි ගෑස් නොලැබීම හේතුවෙන් ජනතාව අසීරුතාවට පත් වුණා.

 

The post ජාතික ඉන්ධන බලපත්‍ර සඳහා ලියාපදිංචි වූ ගණන මිලියන 4 ඉක්මවයි appeared first on ITN News.

Read More »

රුසියා විදේශ ඇමති සමඟ සාකච්ඡා කිරීමට ඇමෙරිකා රාජ්‍ය ලේකම් සැරසෙයි  

0 comments

ඉදිරි දින කිහිපය තුළදී රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොෆ් සමග සාකච්ඡා කරන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසනවා.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ යුක්රේන ආක්‍රමණයෙන් පසු රුසියාව ආර්ථික හා දේශපාලනික වශයෙන් විශාල බිදවැටීමකට ලක්ව ඇති බවයි.

ඉදිරියේදී සාකච්ඡාමය විසදුමක් කරා යොමුවීමේ හැකියාවක් සොයා බලන බවද ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කරනවා. යුක්රේනය සමග ඇති කර ගත් ධාන්‍ය අපයනය ගිවිසුම රුසියාව තවදුරටත් කඩකරන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද ඇන්තනී බ්ලින්කන් කියා සිටියා.

 

 

 

The post රුසියා විදේශ ඇමති සමඟ සාකච්ඡා කිරීමට ඇමෙරිකා රාජ්‍ය ලේකම් සැරසෙයි appeared first on ITN News.

Read More »

වජිර අබේවර්ධන දිවුරුම්දෙයි  

0 comments

වජිර අබේවර්ධන මහතා මීට ටික වේලාවකට පෙර කතානායකවරයා ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නා.

The post වජිර අබේවර්ධන දිවුරුම්දෙයි appeared first on ITN News.

Read More »

හිටපු ජනපති ගෝඨාභයට තව සති දෙකක් සිංගප්පූරුවේ ඉන්න අවසර  

0 comments

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ තවත් දින 14ක කාලයක් රැඳී සිටීමට අවසර ලබාදීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

මීට සති දෙකකට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේදී නිකුත් කර තිබූ කෙටි කාලීන සංචාර බලපත්‍රය දින 14කින් දීර්ඝ කර ඇති බව යි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ජූලි 13 වැනිදා ශ්‍රී ලංකාවෙන්  පිටව ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි 14 වැනිදා මාලදිවයින හරහා සිංගප්පූරුවට පැමිණියා.

හිටපු ජනාධිපතිවරයාට පෞද්ගලික සංචාරයක් සඳහා ඇතුළුවීමට අවසර ලබා දී ඇති බවත්, ඔහු සරණාගතභාවය ඉල්ලා හෝ ලබා දී නොමැති බවත් සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළ බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

 

 

The post හිටපු ජනපති ගෝඨාභයට තව සති දෙකක් සිංගප්පූරුවේ ඉන්න අවසර appeared first on ITN News.

Read More »

ගම්පහ අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්  

0 comments

ගම්පහ අධිකරණය ඉදිරිපිටදී අද (27) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙහිදී තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

නඩු විභාගයක් සඳහා පැමිණි පස් පොඩ්ඩා නමැත්තා සහ ඔහු සමග පැමිණි පිරිසකට, වාහනයකින් පැමිණ ඇති යමෙකු හෝ පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කොට තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ සිව්දෙනා මේ වන විට ගම්පහ රෝහලෙහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ

The post ගම්පහ අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක් appeared first on ITN News.

Read More »

චීන ජනාධිපති ආර්යාව හා ඉන්දුනීසියානු ජනාධිපති ආර්යාව අතර හමුවක් බෙයිජිං හිදී  

0 comments

චීන ජනාධිපති ආර්යා පන්ග් ලියුවාන් මහත්මිය ඊයේ (26) බෙයිජිංහි දී ඉන්දුනීසියානු ජනාධිපති ආර්යා Iriana Joko Widodo මහත්මිය හමුවූවාය.

චීනය සහ ඉන්දුනීසියාව එකිනෙකාට වැදගත් අසල්වැසියන් බවත්, දෙරට අතර මිත්‍රත්වයට දිගු ඉතිහාසයක් ඇති බවත් පන්ග්ලියුවාන් මහත්මිය පැවසුවාය. මෑත වසරවලදී, දෙරට අතර සබඳතා වඩාවඩාත් සමීපවී ඇති අතර පුද්ගල හුවමාරුව ද ඉතා සක්‍රීයවී ඇත. චීන සංචාරකයින් කැමැත්ත දක්වන දෙවන විශාලතම සංචාරක ගමනාන්තය ඉන්දුනීසියාවයි. අදාළ ක්ෂේත්‍රවල දෙපාර්ශ්වය අතර හුවමාරු තවදුරටත් පුළුල්වනු ඇතැයි අපේක්ෂා කරන බව චීන ජනාධිපති ආර්යාව පැවසුවාය.

බෙයිජිංහිදී පැරණි මිතුරන් නැවත දැකීම ගැන තමා ඉතා සතුටට පත්වූ බවත්, තමන් වෙත දැක්වූ උණුසුම් පිළිගැනීමට ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ජනාධිපති ආර්යා පන්ග්ලියුවාන් මහත්මිය වෙත ස්තුතිය පළකරන බවත් Iriana Joko Widodo මහත්මිය පැවසුවාය. එමෙන්ම, වැඩි චීන සංචාරකයින් ඉන්දුනීසියාවට පිළිගන්නා බවත් ඉන්දුනීසියාව සහ චීනය අතර දිගු කාලීන මිත්‍රත්වයතවත් ශක්තිමත් වනු ඇතැයිද ඇය ප්‍රාර්ථනා ක‍ළාය.

චීන සංගීත සංරක්ෂණාගාරයේ ගුරුවරුන් සහ සිසුන් ඉදිරිපත් කළ ජන සංගීත සංදර්ශනයක්ද දෙරටේ ආර්යාවන් විසින් රසවිඳින ලදි.

The post චීන ජනාධිපති ආර්යාව හා ඉන්දුනීසියානු ජනාධිපති ආර්යාව අතර හමුවක් බෙයිජිං හිදී appeared first on ITN News.

Read More »

මහින්ද සහ බැසිල්ගේ විදේශ ගමන් තහනම දීර්ඝ කරයි  

0 comments

ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අගෝස්තු 2 වැනිදා දක්වා රටින් පිටවීම වළක්වාලමින් ලබාදුන් අතුරු නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද තවදුරටත් දීර්ඝ කළා.

මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට 2022 ජූලි 28 දක්වා රටින් පිටවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජුලි 15 වැනිදා නියෝගයක් නිකුත් කර තිබුණා.

ඔවුන්ඔවුන් දෙදෙනාට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) සහ තවත් තිදෙනෙකු විසින් ගොනු කර ඇති පෙත්සම අද සලකා බැලීමෙන් අනතුරුවයි මෙම විදෙස් ගමන් තහනම දීර්ඝ කරනු ලැබුවේ.

 

The post මහින්ද සහ බැසිල්ගේ විදේශ ගමන් තහනම දීර්ඝ කරයි appeared first on ITN News.

Read More »

පොල්ගහවෙල පිරවුම්හලේ පොලිස් රාජකාරියට බාධා කළ දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොල්ගහවෙල නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට බැන වැදී තර්ජනය කළ පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බීමතින් සිටි ඔවුන් එක් නිලධාරියෙකුගේ නිල ඇදුමෙන් ඇද තල්ලු කිරීම හේතුවෙන් තුවාල ලැබූ එම නිලධාරියා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ. සැකකරුවන් පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පියා සහ පුතා බව පොලිස් පරික්ෂණවලදී හෙළි වුණා.

මේ අතර කදුලු වායු උණ්ඩ 05 ක් සමග සැකකරුවෙකු ඇතුල් කෝට්ටේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දා පොල්දූව මංසන්ධියේ විරෝධතාවක් අතරතුර පොලිස් ත්‍රීරෝද රථයක තිබූ කදුලු වායු උණ්ඩ විරෝධතාකරුවන් විසින් පැහැරගෙන ගොස් තිබුණා.

The post පොල්ගහවෙල පිරවුම්හලේ පොලිස් රාජකාරියට බාධා කළ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ගත වූ පැය 24 ට කොවිඩ් ආසාදිතයින් අට ලක්ෂ විසි දහස ඉක්මවයි  

0 comments

ලොව පුරා රටවලින් දෛනික වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ගත වූ පැය 24 ට පමණක් රටවල් 228 කින් හමු වී ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ විසි දහසකට අධිකයි.

සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1667 ක්. ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ජපානයෙන්.

එම සංඛ්‍යාව 154,000 කට අධිකයි. එමෙන්ම දකුණු කොරියාවෙන් 99,000 ක්, ඉතාලියෙන් හා ඇමෙරිකාවෙන් 88,000 බැගින්  ද  වයිරස ආසාදිතයින් හමුවී තිබෙනවා.

ඊයේ දිනයට සිදුව ඇති  වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 350  වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 64 ඉක්මවා ගියා.

 

 

 

The post ගත වූ පැය 24 ට කොවිඩ් ආසාදිතයින් අට ලක්ෂ විසි දහස ඉක්මවයි appeared first on ITN News.

Read More »

කැනඩාවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

කැනඩාවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කැනඩාවේ වැන්කූවර් ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව ද සදහන්. නිවාස අහිමි පුද්ගලයින් ඉවත් කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය සිදුකර ඇති බවට පොලීසිය සැක පළකරනවා. කැනඩාවේ සිදුවන අපරාධයන්ගෙන් සියයට තුනක පමණ ප්‍රමාණයක් ගිනි අවි භාවිතයෙන් සිදුකෙරෙන බවයි සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ.

 

 

 

 

 

The post කැනඩාවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු පමුණුගම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.

විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 200 ක්,  කේරල ගංජා ග්‍රෑම් 210 ක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 21,300 ක මුදලක්,  ජංගම දුරකතන සහ විද්‍යුත් තරාදියක් ඇතුළු භාණ්ඩ රැසක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා.

මේ අතර රූපමය අවවාද සටහන් නොකර දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා. එම දුම්වැටි අලෙවි කිරීමට සූදානම් කර තිබියදී රුපියල් ලක්ෂ 19 කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තිස්දහසක් සමග මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට පත්වුණේ.

 

 

 

 

 

The post අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් ගැසට් නිවේදනයක්  

0 comments

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  අලුතින් පත් වූ අමාත්‍ය මණ්ඩලයට අයත් අමාත්‍යාංශවල විෂය පථයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තාක්ෂණ, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම්, වරාය, නාවික හා ගුවන් සේවා සහ ආයෝජන ප්‍රවර්ධන යන අමාත්‍යාංශ සඳහා තවමත් අමාත්‍යවරුන් පත් කර නොමැත.

අදාළ ගැසට් නිවේදනයට අනුව යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පැවරීමක් සිදු කර නොමැති සියලු විෂයන්, කාර්යයන් , දෙපාර්තමේන්තු , රාජ්‍ය සංස්ථා හා ව්‍යස්ථාපිත ආයතය සියල්ලක්ම තවදුරටත් ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇති.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, පසුගිය 22 වැනිදා සිට බලාත්මක වන පරිදියි.

අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය මෙතැනින්

The post අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් ගැසට් නිවේදනයක් appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති අධිකරණ ඇමති හමුවෙයි  

0 comments

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පෝල් මහතා  අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුුුණා.

දෙරට අතර දිගු කාලයක සිට පවතින ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සහයෝගිතාවය තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමුවූ අතර වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තුළ දේශපාලන ස්ථාවරත්වය ඇතිවීම හා ආර්ථිකය යථා තත්වයට පත්වීම කඩිනමින් සිදුවනු ඇති බවත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිළි කළේය.

2016 වසරේ තායිලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට තමාට අවස්ථාව උදා වු බවත්, 2017 වසරේ එම උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වු අවස්ථාවේ තායිලන්තය විශාල දායකත්වයක් ලබා දුන් බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

බෞද්ධ උපසම්පදාව නැවත මෙරටට ලබාදීමට කටයුතු කරමින් බුදු දහම යළි නගා සිටුවීම සදහා මෙන්ම වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික හා ආගමික සංස්කෘතික සංවර්ධනය උදෙසා තායිලන්තය ලබා දෙනු ලබන දායකත්වය අධිකරණ අමාත්‍යවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.

ශ්‍රී ලංකාව තුළ වර්තමානය වන විට පවතින ගැටලු සහගත තත්වයන් අවසන්ව ආර්ථික ස්ථාවරත්වය ඇති වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඒ සදහා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් උපරිම සහයෝගය ලබා දෙන බවත්, තානාපතිවරයා මෙහිදී පැවසීය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ද මෙම අවස්ථාවට එක් විය.

The post ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති අධිකරණ ඇමති හමුවෙයි appeared first on ITN News.

Read More »

ඊයේ වාර්තා වූ මරණ 2ක් සමඟින් කොවිඩ්-19 වර්ධනය යළි පෙන්වයි  

0 comments

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වූ අතර වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 75 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 664,975 දක්වා ඉහළ ගොස් තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ට වැඩි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බවට හඳුනාගෙන ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

The post ඊයේ වාර්තා වූ මරණ 2ක් සමඟින් කොවිඩ්-19 වර්ධනය යළි පෙන්වයි appeared first on ITN News.

Read More »

ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීම විධිමත් කිරීමට උපදෙස්  

0 comments

ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙළ විධිමත්ව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මේ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් අඩුපාඩුවක් නොවන ලෙස කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. ඖෂධ ගෙන්වීම කළමනාකරණය,හා හිඟයකින් තොරව ජනතාවට ඖෂධ ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.”සුවසිරිපාය” සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

ඉන්දියානු ණය ආධාර, චීන ආධාර ඇතුළු පරිත්‍යාග ඔස්සේ ඖෂධ විශාල තොගයක් මෙරටට ලැබෙන බවත් එයට අමතරව ඖෂධ ලබා ගැනීමේ අනෙකුත් වැඩපිළිවෙලද විධිමත් කරමින් හිඟයකින් තොරව ඖෂධ ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. මෙරට ඖෂධ නිෂ්පාදනය යළි කඩිනම් කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට පියවර ගතයුතු යැයිද ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ සාකච්ඡා කර සකස් කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඉන්දියානු ණය ආධාර වැඩපිළිවෙල යටතේ හෝ ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු වැඩසටහන් හරහා එම අමුද්‍රව්‍ය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. ඒ තුළ ඉදිරියේදී හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ ලබාදීමට හැකිවනු ඇතැයිද රඹුක්වැල්ල මහතා කීය.

අවම වශයෙන් අඩුපාඩුවක් නොමැතිව මාස හයක හෝ කාලයකට අවශ්‍ය ඖෂධ රට තුළ තිබිය යුතු බවත් කාර්තුවෙන් කාර්තුවට මේ සඳහා වඩාත් අවධානය යොමු කළ යුතු බවත් හෙතෙම පැවසීය.
ලෝක බැංකුව මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත වෙන් කර ඇති ඩොලර් මිලියන 23 අතුරින් ඩොලර් මිලියන 18.6 ක් මේ වන විට ලැබී අවසන් බව මෙහිදී අනාවරණය විය.

ඩොලරයේ අගය වැඩි වීමත් සමඟ මිල ගණන් සංශෝධන සහිතව හෝ ඖෂධ, උපකරණ ලබා ගැනීම ඉතා වැදගත් යැයිද එහිදී සාකච්ඡා විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව,ජාතික ඖෂධ නියාමන අධිකාරිය,වෛද්‍ය සැපයුම් අංශය ඇතුළු සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ආයතන ගණනාවක නිලධාරීන් රැසක් මේ සඳහා එක්ව සිටියහ.

 

The post ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීම විධිමත් කිරීමට උපදෙස් appeared first on ITN News.

Read More »

කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි පැතිරයාමේ වේගය පාලනය කෙරේ  

0 comments

උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි පැතිරයාමේ වේගය පාලනය කිරීමට ගිනි නිවන භටයින් සමත්වී තිබෙනවා.

කැලිෆෝනියා ප්‍රාන්තය තුළ මෙතෙක් හටගත් දරුණුතම ලැව්ගිනි තත්ත්වය මෙය සැලකෙන අතර ගින්නෙන් සියයට දහයක පමණ ප්‍රමාණයක් පාලනය කිරීමට ගිනි නිවන භටයින් සමත්ව තිබෙනවා. පසුගිය සිකුරාදා මෙම ලැව්ගිනි හටගත් අතර අධික උෂ්ණත්වය හා සුළං හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට අසීරු වී ඇති බවයි කැලිෆෝනියා ගිනි නිවන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. එම ප්‍රාන්තයේ පිහිටා ඇති යෝසෙමයිට් ජාතික වනෝද්‍යානයට ගින්නෙන් හානිවිය හැකි බවට පරිසරවේදීන් අනතුරු අගවනවා.

 

 

 

 

The post කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි පැතිරයාමේ වේගය පාලනය කෙරේ appeared first on ITN News.

Read More »

බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක්  

0 comments

බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය: පොතුවිල් සිට මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක.

සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය: කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විටරළු වේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2022-07-26
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 31 24 90 70 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මඩකලපුව 31 25 90 70 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
කොළඹ 30 27 85 75 වැසි ස්වල්පයක්
ගාල්ල 28 27 95 85 වැසි වාර කිහිපයක්
යාපනය 32 26 90 70 වැසි වාර කිහිපයක්
මහනුවර 28 21 95 70 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය 17 14 85 55 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 30 24 95 70 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 30 25 90 70 සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මන්නාරම 31 26 90 70 වැසි වාර කිහිපයක්

The post බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් appeared first on ITN News.

Read More »

චීන – ඉන්දුනීසියානු සබඳතා වර්ධනීය නව මානයක් කරා  

0 comments

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනා පරිදි ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා අද (25) සහ හෙට(26) දෙදින චීනයේ සංචාරය කිරීමට නියමිත ය. Joko Widodo මහතා බෙයිජිං
ශීත සෘතු ඔලිම්පික් උළෙලෙන් පසු චීනයේ සංචාරය කරන පළමු විදේශ රාජ්‍ය නායකයා වීම විශේෂත්වයකි. චීනය හා ඉන්දුනීසියාව අතර පවතින්නේ දිගුකාලීන මිත්‍රත්වයකි.මෑත වසරවල දෙරටේ
නායකයන්ගේ මඟපෙන්වීම යටතේ ද්විපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. මෑත වසරවල චීන- ඉන්දුනීසියානු සබඳතාව ඇගයීමේදී එක් වැඩපිළිවෙළක්, එක්
ජීවගුණයක්, එක් දුම්රිය මාර්ගයක් සහ එක් ගිවිසුමක් සඳහන් කළ යුතු මය.

“21වැනි සියවසේ මුහුදු සේද මාවත”වැඩපිළිවෙළ, චීනය ඉදිරිපත් කළ ”එක් තීරයක්- එක් මාවතක්” වැඩපිළිවෙළේ වැදගත් කොටසකි. චීන ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ ප්‍රථමයෙන් ඉදිරිපත් කළේ 2013 වසරේ ඔක්තෝබර් මස 3වැනි දා ඉන්දුනීසියානු කොංග්‍රසයේ දේශනයක් පැවැත්වූ අවස්ථාවේදී ය. එතැන් සිට ගත වූ වසර 8 තුළ ඉන්දුනීසියාව එම වැඩපිළිවෙළට සක්‍රිය ව එක් වෙමින් චීනය සමග
විවිධ ක්ෂේත්‍රවල යහපත් සහයෝගිතා පවත්වමින් සිටී. 2015 වසරේ අප්‍රේල් මස 22වැනි දා ඉන්දුනීසියාවේ ජකර්තා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ චීන ජනාධිපතිවරයා දේශනයක් පවත්වමින්, මීට වසර 60කට පෙර පැවති Bandung සමුළුව සිහිපත් කළේ ය. නව යුගයේ Bandung සමුළුවේ ජීවගුණය එනම්, ආසියානු- අප්‍රිකානු රටවල එකමුතුව හා සහයෝගිතාව තවමත් අර්ථවත් වන බව හෙතෙම එහිදී අවධාරණය කළේ ය.

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර සහ Bandung නගරය සම්බන්ධ කරන Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය, ඉන්දුනීසියාවේ පමණක් නොව අග්නිදිග ආසියාවේ ද පළමු අධිවේගී දුම්රිය මාර්ගයයි. මෙම දුම්රිය මාර්ගය චීනයේ තාක්ෂණයෙන් හා ආධාරයෙන් ඉදි කරන ලද්දකි. 2011 වසරේ ඉන්දුනීසියාව ප්‍රථමයෙන්, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම යෝජනා කළේ ය.ඊට චීනය ඇතුළු රටවල් රැසක සහ ආසියාන් සංවිධානයේ සහය ලැබිණ.මේ වසරේ ආරම්භක දිනයේ සිට එම ගිවිසුම නිල වශයෙන් ක්‍රියාත්මක කෙරිණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මේ වසරේ පැවති බෝ ආඕ ආසියා සාකච්ඡා සභාව ඇමතූ අවස්ථාවේදී ද කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම පිළිබඳ ඉහළින් අගය කළේ ය.

The post චීන – ඉන්දුනීසියානු සබඳතා වර්ධනීය නව මානයක් කරා appeared first on ITN News.

Read More »

කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි සීඝ්‍රයෙන් පැතිර යයි  

0 comments

උෂ්ණාධික කාලගුණයත් සමඟ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි සීඝ්‍රයෙන් පැතිර යන බව කැලිෆෝනියා ගිනි නිවන දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

අධික උෂ්ණත්වය හා සුළං හේතුවෙන් ලැව්ගිනි පාලනය කිරීමට අපහසු බවයි ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ වනවිටත් අක්කර පහළොස් දහසකට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. නිවාස 10 ක්  පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර පුද්ගලයින් 6000කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. තවත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන 3200කට අධික සංඛ්‍යාවක් ගිනි ගැනීමේ අවදානමට මුහුණ දී තිබෙන බව ද සදහන්. නීරා ෆෝසා ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කෙරුණා.

 

 

 

 

 

The post කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි සීඝ්‍රයෙන් පැතිර යයි appeared first on ITN News.

Read More »

පොල්දූවේදී පැහැරගත් T-56 අවිය දියවන්නාවෙන් මතුවෙයි  

0 comments

පසුගිය ජුලි 13 වනදා පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධතාවයේදී යුද හමුදා සෙබළෙකුගෙන් සොරාගත් ගිනි අවිය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

බත්තරමුල්ල පොල්දූව හන්දිය අසළ පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන් යුද හමුදා සෙබළාට පහර දී T-56 වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් කිහිපයක් සොරකම් කර ඇති බව පොලීසිය සඳහන් කර තිබුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් සෙනසුරාදා (23) දියවන්නාව පාලම යට තිබී එම ගිනි අවිය සහ හිස් මැගසින් එකක් සොයා ගනු ලැබුවා.

ගිනි අවිය සහ හිස් මැගසිනය වැලිකඩ පොලිසිය වෙත භාරදී ඇති අතර ඔවුන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

 

The post පොල්දූවේදී පැහැරගත් T-56 අවිය දියවන්නාවෙන් මතුවෙයි appeared first on ITN News.

Read More »

ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගයෙන් යාපනයේ හර්ෂාන්ට ලෝකඩ පදක්කමක්  

0 comments

ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට  ලෝකඩ පදක්කමක් හිමිවුණා.

ආර්මේනියාවේ  යෙරෙවාන් හිදී නිමාව දුටු ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ හර්ෂාන් අරුමෝලී සමත්වුණා. රටවල් හැට හතරක් තරගය සඳහා සහභාගී වූ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකව නියෝජනය කරමින් තරග කිරීමට සිසුන් සිවුදෙනකු සුදුසුකම් ලබා සිටියා. ඒ බලංගොඩ ආනන්ද මෛත්‍රිය  විද්‍යාලයේ ප්‍රවීන් තෙන්නකොන්, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිළුනි වික්‍රමතිලක, කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ කාර්තික් ප්‍රවීන් සහ යාපනය හින්දු විද්‍යාලයේ හර්ෂාන් අරුමෝලී. ජූලි 10 සිට 18 දක්වා පැවැත්වූ මෙම තරගාවලිය ප්‍රායෝගික සහ න්‍යායික යන කොටස් දෙකකින් සමන්විත වුණා. 2021 ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලැබූ දරුවන් අතර ශ්‍රී ලංකා ජීව විද්‍යා ආයතනය පැවැත්වූ තරාගාවලියකින් අනතුරුවයි ජ්‍යාතන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජනය කිරීම සඳහා මෙම සිසුන් තෝරා ගැනුණේ.

 

The post ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගයෙන් යාපනයේ හර්ෂාන්ට ලෝකඩ පදක්කමක් appeared first on ITN News.

Read More »

යුක්රේන සෙබලුන් අනූ දෙදෙනෙකුට එරෙහිව රුසියාව නඩු පවරයි  

0 comments

යුද අපරාධ චෝදනා යටතේ යුක්රේන සෙබලුන් අනූ දෙදෙනෙකුට එරෙහිව රුසියාව නඩු පවරා ඇති බව වාර්තා වනවා.

යුක්රේනය සිදුකළ යුද අපරාධ සම්බන්ධයෙන් රුසියාව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ විමර්ශන කණ්ඩායමේ ප්‍රධානියා සදහන් කරන්නේ යුද අපරාධ සිද්ධීන් 1,300 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. එම පරීක්ෂණ කටයුතුවලදී අනාවරණය වූ පරිදි හමුදා භටයින් 96 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව ඇති අතර ඊට නිලධාරීන් 51 දෙනෙකු ඇතුළත්. යුක්රේනය සාමය හා ආරක්ෂාව කඩකරමින් යුද අපරාධයන්හි නිරතව සිටින බවයි රුසියාව චෝදනා කරන්නේ. මේ අතර යුක්රේනය ද යුද අපරාධයන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සිදධීන් විසිඑක් දහසක් පමණ මූලික කර ගනිමින් පරීක්ෂණ කටයුතු සිදුකෙරෙනවා.

 

 

 

 

 

The post යුක්රේන සෙබලුන් අනූ දෙදෙනෙකුට එරෙහිව රුසියාව නඩු පවරයි appeared first on ITN News.

Read More »

ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයින් ජපානයෙන්  

0 comments

ගතවූ පැය 24ට ලොව පුරා රටවල් 228 කින් කොරෝනා වයිරස ආසාදිතයින් ලක්ෂ හයටක අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 769ක්.

ඊයේ දිනයේදී හමුවූ වැඩිම කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ අනූ දෙදහස වාර්තා වන්නේ ජපානයෙන්. එමෙන්ම දකුණු කොරියාවෙන් 65,000ක්, ඉතාලියෙන් 51,000ක් හා ප්‍රංශයෙන් 50,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ගතවූ පැය 24ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 105 වාර්තා වන්නේ මෙක්සිකෝවෙන්. ඒ සමගම ලොව සමස්ථ මරණ සංඛ්‍යාව හැටහතර ලක්ෂ තුන්දහස ඉක්මවා ගියා. හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පනස් හත් කෝටි පනස් තුන් ලක්ෂයකට අධිකයි.

 

 

 

 

 

The post ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයින් ජපානයෙන් appeared first on ITN News.

Read More »

පිලිපීනයේ උපාධි ප්‍රධානෝත්සවයකට එල්ල වූ වෙඩි තැබීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පිලපීනයේ උපාධි ප්‍රධානෝත්සවයකට එල්ල වූ වෙඩි තැබීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිලපීනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රධානෝත්සවයක් අතරුතුර සිදු වූ වෙඩි තැබීමකින් එම උත්සවයට සහභාගී වී සිටි තුන්දෙනෙකු මිය ගොස් තිබෙනවා. වෙඩි තැබීමෙන් හිටපු නගරාධිපතිනියක වන රෝස්ෆුරීගේ මිය ගොස් තිබෙනවා. ඇය පිලපීනයේ ලැමිටන් නගරයෙහි හිටපු නගරාධිපතිනියයි. මෙම වෙඩි ප්‍රහාරයේ දී ඇයගේ සහායිකාව සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකු මිය ගොස් තිබෙනවා. හිටපු නගරාධිපතිනිය අදාල විශ්වවිද්‍යාලයේ තම දියණියගේ උපාධි උත්සවයට සහභාගී වෙමින් සිටි අතර වෙඩි ප්‍රහාරයෙන් ඇගේ දියණියද  තුවාල ලබා තිබෙනවා. පොලිසිය විසින් මේ වන විට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු හිටපු නගරාධිපතිනිය සමඟ පෙර ආරව්ලක් තිබු අයෙක් බව පොලිසිය සඳහන් කරනවා.

The post පිලිපීනයේ උපාධි ප්‍රධානෝත්සවයකට එල්ල වූ වෙඩි තැබීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

මගියෙකුගෙන් පහරකෑ දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට  

0 comments

දුම්රිය මගියෙකුගේ පහරදීමක් හේතුවෙන් ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් බිම ඇද වැටුණු දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වුණා.

කොළඹ කොටුවෙන් ඊයේ රාත්‍රි දහයයි තිහට කන්කසන්තුරේ බලා ගමන් ආරම්භ කළ නගරාන්තර දුම්රියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු එම දුම්රියේ ආරක්ෂක නිලධාරින් සමග බහින්බස් වීමක් සිදුව තිබෙනවා. එහිදී එක් අයෙකු එල්ල කළ පා පහරක් දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුට වැදීමෙන් ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් ඔහු ඇද වැටී තිබෙනවා.

ඊයේ රාත්‍රි එකොළහයි විස්සට පමණ වේයන්ගොඩ වදුරව දුම්රිය ස්ථානය අසලදී මෙම නිලධාරියා දුම්රියෙන් ඉවතට වැටී මෙසේ ජීවිතක්ෂයට පත් වුණා. ඔහු ගම්පහ ඉහළයාගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්. ලක්ෂමන් දිසානායක නමැති මෙම ආරක්ෂක නිලධාරියා දුම්රිය ආරක්ෂක හමුදාවේ තූර්යවාදක කණ්ඩායමේ ප්‍රධානියා බවයි වාර්තා වන්නේ.

දුම්රිය තුළ මත්පැන් පානය කරමින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පිළිබද දුම්රිය ප්‍රවේශ පත් පරීක්ෂකවරුන් සිදු කළ දැනුම්දීමකට අනුව ආරක්ෂක නිලධාරීන් පැමිණ ඔවුන් දෙදෙනා පරීක්ෂා කිරීමට යාමේදීයි මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ.

ඔවුන් දෙදෙනා සතුව දුම්රිය ප්‍රවේශ පත්‍රද නොතිබූ බවයි අනෙක් දුම්රිය ආරක්ෂක නිලධාරියා සදහන් කළේ. ඔවුන් අවුරුදු 31 හා 23 යන වයස්වල පසුවන නොච්චියාගම හා අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හදුනාගෙන තිබෙනවා. සැකකරුවන් මේ වන විට අත්අඩංගුවේ පසුවනවා.

 

The post මගියෙකුගෙන් පහරකෑ දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ජපාන අගමැති ඝාතනය කළ පුද්ගලයා මනෝ වෛද්‍ය විශේෂඥයන් වෙත යොමු කෙරේ  

0 comments

හිටපු ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ඝාතනය කළ පුද්ගලයාගේ මානසික තත්ත්වය පරික්ෂා කිරීම සදහා ඔහු මනෝ වෛද්‍ය විශේෂඥයන් වෙත යොමුකර තිබෙනවා.

තෙත්සියා යමගාමි නමැති 41 හැවිරිදි විරැකියාවෙන් පෙළුණු පුද්ගලයෙකුයි මෙම ඝාතනය සිදුකළේ. ජපානයේ නාරා නගරයේ අධිකරණයක මීට අදාළ නඩුව විභාග වනවා.

ඔහු සම්බන්ධ මනෝ වෛද්‍ය වාර්තා සහ අනෙකුත් මූලික පරික්ෂණ නොවැම්බර් මස 29 වනදා තෙක් ක්‍රියාත්මක වනු ඇති බවයි ජපන් මාධ්‍ය සදහන් කළේ. ඉන්පසුව ඔහුට අදාළව අධි චෝදනා පත්‍ර ගොනු කිරීම සිදුවනවා.

 

 

The post ජපාන අගමැති ඝාතනය කළ පුද්ගලයා මනෝ වෛද්‍ය විශේෂඥයන් වෙත යොමු කෙරේ appeared first on ITN News.

Read More »

ජාතික ඉන්ධන අවසර පත්‍රය භාවිතය ගැන මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්  

0 comments

රටේ පවතින ඉන්ධන අර්බුධය හමුවේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇතිවීමට අමතරව කළු කඩ මිළට ඉන්ධන අලෙවි කරන පුද්ගලයන් බිහිවීම නිසා ලැබෙන ඉන්ධන තොග සාධාරණ ලෙස බෙදා හැරීමේ ගැටළුව මතුවිය.

ඊට විසඳුමක් ලෙස හඳුන්වාදුන් ටෝකන් පත් ක්‍රමය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය සහ ආරක්ෂක අංශ සම්බන්ධ කර ගැනීම වැනි විවිධ ක්‍රමවලින් අපේක්ෂිත ප්‍රතිපල නොලැබීම නිසා ජූලි මස 16දින සිට වාහනයේ ලියාපදිංචි අංකය අනුව දින වෙන් කරමින් සාධාරණ ලෙස ඉන්ධන බෙදා හැරීම සඳහාජාතික ඉන්ධන අවසර පත්‍රය (QR Code) රජය විසින් හඳුන්වා දෙනු ලැබීය.

නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී සුහුරු (Smart) දුරකථන නොමැතිවීම, තාක්ෂණික දැනුමේ ඌණතා, අදාල වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වීම, ඉන්ධන පිරවුම්හලකදී QR කේතය ඉදිරිපත් කිරීමට නොහැකි විම වැනි ප්‍රායෝගික ගැටළුවලට මුහුණ දීමට පොදු ජනතාවට සිදු වූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා අද (22) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් පැවසීය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකය, ඒකාබද්ධව ජාතික ඉන්ධන අවසර පත්‍රය භාවිතය පිළිබඳව මහජනතාව නොමිලයේ දැනුවත් කිරීමේ සේවාවක් ජූලි මස 19 වෙනි දින ආරම්භ කළ බව ලේකම්වරයා කීය.

යෞවන සමාජ සම්ම්ලනයේ ලක්ෂ 04 කට අධික සාමාජික සාමාජිකාවන්ගෙන් 40% ත් 50% ත් අතර තරුණ තරුණියන් පිරිස, තරුණ සේවා සභාවේ යොවුන් පාර්ලිමේන්තුවේ දිවයින පුරා විසිරී සිටින 360 ක් පමණ වන තරුණ සභිකයන්, ජාතික තරුණ සේවා සභාවේ දිවයින පුරා දිස්ත්‍රික් හා ප්‍රාදේශීයමධ්‍යස්ථාන 55 ක විසීරී සිටින තරුණ තරුණියන් සහජාතික යොවුන් සේනාංකයේදිවයින පුරා දිස්ත්‍රික් හා ප්‍රාදේශීයමධ්‍යස්ථාන 55 ක විසීරී සිටින තරුණ තරුණියන් මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන ආශ්‍රිතව, බස් තැවතුම් පල, දුම්රිය ස්ථාන සහ ඉන්ධන පිරවුම්හල් ආසන්නව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ඊට අමතරව ජාතික තරුණ සේව සභාවේ සහ යෞවන සමාජ සම්මේලනයේ තරුණ ප්‍රජාව ගෙයින් ගෙට ගොස් මහජනතාව දැනුවත් කෙරේ.

මෙහිදී සුහුරු (Smart) දුරකථනයට QR කේතය බාගත කර දෙන අතර සුහුරු (Smart) දුරකථන නැති අයට තමන් දන්නා තාක්ෂණය භාවිත කරමින් ළඟ තබා ගැනීමට හෝ වාහනයේ ප්‍රදර්ශනය කිරීමට QR කේතයේ මුද්‍රිත පිටපත් ලබා දෙනු ලැබේ.දැනට ලක්ෂයකට අධික පිරිසක් මෙම සේවාව ලබා ගෙන ඇත.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් රවීන්ද්‍ර සමරවික්‍රම,ජාතික යොවුන් සේනාංකයේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් දර්ශන රත්නායක, යෞවන සමාජ සම්මේලනයේ ලේකම් තරිඳු නලීන් සහ යොවුන් පාර්ලිමේන්තුවේ ප්‍රවාහන අමාත්‍ය ඉෂාන් ප්‍රියරංග යන මහත්වරු ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූහ.

 

 

The post ජාතික ඉන්ධන අවසර පත්‍රය භාවිතය ගැන මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.

Read More »

තායිලන්ත අගමැති 4 වන වරටත් විශ්වාසභංග යෝජනාව ජය ගනී  

0 comments

තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕ චා 4 වන වරටත් තමන්ට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංගයෝජනාවකින් ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

මන්ත්‍රිවරුන් 477කින් සමන්විත තායිලන්ත පාර්ලිමේන්තුවේ ඡන්ද 256 ක් ලබා ගැනීමට ප්‍රයුත් චන්ඕචා සමත්වූ අතර ඔහුට එරෙහිව ඡන්ද 206ක් ලැබුණා.

තවත් මන්ත්‍රිවරුන් 09 දෙනෙකු ඡන්දය භාවිත කර තිබුණේ නැහැ. විශ්වාසභංගයෝජනාවකින් අග්‍රාමාත්‍යවරයා පරාජය කිරීමට නම් පාර්ලිමේන්තුවේ ඡන්ද 239 ක් ලබා ගත යුතුයි.

කෙසේ තවත් මාස 11ක් ඇතුළත ව්‍යවස්ථාවට අනුව මහ මැතිවරණයක් පැවැත්විය යුතු වනවා. ප්‍රයුත් චන් ඕ චා හිටපු හමුදාපතිවරයෙකු වන අතර 2017 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් තායිලන්තයේ බලය අත්කර ගත්තා.

 

 

 

The post තායිලන්ත අගමැති 4 වන වරටත් විශ්වාසභංග යෝජනාව ජය ගනී appeared first on ITN News.

Read More »

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ඉල්ලීමට ජනපතිගෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක්  

0 comments

ජපානයේ තයිසේ සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ ප්‍රවෘත්තිය පදනම් කර ගනිමින් විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේ දී මතුකරන ලද කරුණ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරන ලද ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා  ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කර වාර්තා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, විශ්‍රාමලත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙකු වූ එස්.එම්.ජී.කේ. පෙරේරා යන මහත්වරුන් පත් කර සිටී.

පරීක්ෂණ වාර්තාව මෙම ජූලි 31 දිනට පෙර තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිතුමා දැනුම් දී ඇත.

 

 

 

The post හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ඉල්ලීමට ජනපතිගෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් appeared first on ITN News.

Read More »

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි  

0 comments

නව අග්‍රමාත්‍යවරයා ඇතුළු නව රජයේ අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලය අද (22)  අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 27 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අද (22) පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අද දිවුරුම් දුන් අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලය 18 දෙනෙකුගෙන් සමන්විතය.

එම නම් පහත පරිදි වේ.

01-දිනේෂ් ගුණවර්ධන මහතා               –           රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්
පාලන අමාත්‍ය
02- ඩග්ලස් දේවානන්දා මහතා             –           ධීවර අමාත්‍ය
03- සුසිල් ප්‍රේමජයන්ත් මහතා              –           අධ්‍යාපන අමාත්‍ය
04-බන්දුල ගුණවර්ධන මහතා               –           ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
05-කෙහෙළිය රඹුක්වැල්ල මහතා         –           සෞඛ්‍ය අමාත්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය
06- මහින්ද අමරවීර මහතා                    –           කෘෂිකර්ම අමාත්‍ය සහ වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
07- විජයදාස රාජපක්ෂ මහතා               –           අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
ප්‍රතිසංස්කරණ අමාත්‍ය
08- හරීන් ප්‍රනාන්දු මහතා                      –           සංචාරක හා ඉඩම් අමාත්‍ය
09- රමේෂ් පතිරණ මහතා                     –           වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍ය
10- ප්‍රසන්න රණතුංග මහතා                 –           නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
11-අලී සබ්‍රී මහතා                                 –           විදේශ කටයුතු අමාත්‍ය
12-විදුර වික්‍රමනායක මහතා                  –           බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
13-කංචන විජේසේකර මහතා               –           විදුලිබල හා බලශක්ති අමාත්‍ය
14-නසීර් අහමඩ්  මහතා                                    –           පරිසර අමාත්‍ය
15-රොෂාන් රණසිංහ මහතා                 –           ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය
16- මනූෂ නානායක්කාර මහතා                        –           කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
17-ටිරාන් අලස් මහතා                          –           මහජන ආරක්ෂක අමාත්‍ය
18-නලින් ප්‍රනාන්දු මහතා                      –           වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

 

 

The post නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි appeared first on ITN News.

Read More »

මෙරට විදෙස් තානාපතිවරුන්ගෙන් නව ජනපතිට සුබපැතුම්  

0 comments

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීම සම්බන්ධයෙන් මෙරට සිටින විදෙස් තානාපතිවරුන් සිය සුබපැතුම් එක්කරනවා.

 

The post මෙරට විදෙස් තානාපතිවරුන්ගෙන් නව ජනපතිට සුබපැතුම් appeared first on ITN News.

Read More »

යුරෝපා මහ බැංකුව පොළී අනුපාත ඉහළ දමයි  

0 comments

යුරෝපා මහ බැංකුව පොළී අනුපාත ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා.

යුරෝපා මහ බැංකුව වසර 11 කට පසු පොළී අනුපාත සියයට දශම පහකින් ඉහළ දමා ඇති අතර ලබන සැප්තැම්බර් මාසයේදී ද නැවත පොළී අනුපාත ඉහළ දැමීමේ අවශ්‍යතාවක් මතුවන බව මහ බැංකු අධිපති ක්‍රිස්ටීන් ලගාඩේ පවසනවා.

පසුගිය කාලය තුළ  යුරෝපා කලාපයේ උද්ධමනය ඉහළයාම මීට හේතුවයි. පාරිභෝගික භාණ්ඩ මිල ගණන්ද පසුගිය මාස 12 තුලදී සියයට අටයි දශම හයකින් ඉහළ ගොස් තිබෙනවා.

 

 

The post යුරෝපා මහ බැංකුව පොළී අනුපාත ඉහළ දමයි appeared first on ITN News.

Read More »

යුක්රේනයේ සිට ධාන්‍ය අපනයනය කිරීමට තුර්කිය සහ රුසියාව අතර එකඟතාවක්  

0 comments

යුක්රේනයේ සිට ධාන්‍යය අපනයනය කිරීම සඳහා රුසියාව සමගින් එකඟතාවක් ඇති කර ගත් බව තුර්කිය පවසනවා.

කළු මුහුද හරහා යුක්රේනයේ සිට ධාන්‍ය අපනයනය කිරීම සඳහා මෙම එකඟතාව ක්‍රියාත්මක වනු ඇති. ඊට අදාළ ගිවිසුමක් යුක්රේන සහ රුසියා නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් තුර්කියේ ඉස්තාම්බුල් නුවර දී අද අත්සන්  තැබෙනවා. මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් ද සහභාගී වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. යුක්රේනයේ ඔඩෙසා ප්‍රදේශයේ මේ වන විට අපනයනය කිරීමට නොහැකි ව ධාන්‍ය මෙට්‍රික් ටොන් මිලියන 20ක් පමණ සිරවී තිබෙනවා.

 

 

The post යුක්රේනයේ සිට ධාන්‍ය අපනයනය කිරීමට තුර්කිය සහ රුසියාව අතර එකඟතාවක් appeared first on ITN News.

Read More »

දිවුරුම්දීමෙන් අනතුරුව ජනපති ආරක්ෂක අමාත්‍යංශය වෙත යයි [Photo]  

0 comments

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව සේනාධිනායකයා ලෙස ආරක්ෂක අමාත්‍යංශය වෙත පැමිණියා.

ආරක්ෂක අමාත්‍යංශය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිගනු ලැබුවේ එම අමාත්‍යාංශ ලේකම්  විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතායි.

ආරක්ෂක අංශ ප්‍රධානීන් හමු වූ ජනාධිපතිවරයා ඔවුන් සමග සාකච්ඡාවකට එක් වුණා.   අමාත්‍ය ටිරාන් අලස් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post දිවුරුම්දීමෙන් අනතුරුව ජනපති ආරක්ෂක අමාත්‍යංශය වෙත යයි [Photo] appeared first on ITN News.

Read More »

දුම්රිය ගාස්තු සංශෝධනය හෙට මධ්‍යම රාත්‍රියේ  සිට ක්‍රියාත්මකයි  

0 comments

දුම්රිය ගාස්තු සංශෝධනය හෙට මධ්‍යම රාත්‍රියේ  සිට ක්‍රියාත්මකයි. ඊට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

මේ අතර ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ තැපැල් ගාස්තු ද සංශෝධනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ. විදේශ ගුවන් තැපැල් ගාස්තු සහ මුහුදු තැපැල් ගාස්තු මෙන්ම අධිවේගී තැපැල් ගාස්තුද ඒ අනුව ඉහළ යනු ඇති. ඊට අදාළ ගැසට් නිවේදනයද ප්‍රකාශ කර තිබෙනවා.

 

The post දුම්රිය ගාස්තු සංශෝධනය හෙට මධ්‍යම රාත්‍රියේ  සිට ක්‍රියාත්මකයි appeared first on ITN News.

Read More »

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට  

0 comments

නව කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම්දීමට නියමිතයි.

හෙට පෙරවරු 9 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම සිදුවන බව ජනාධිපති මාධ්‍ය  අංශය නිවේදනය කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඒ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වුණා.

ඒත් සමග කැබිනට් මණ්ඩලය ද  අහෝසි වනවා. මෙම තත්ත්වය යටතේ නව කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පත්වන නව කැබිනට් මණ්ඩලයට කඩිනමින් ඉටුකිරීම සදහා වගකීම් රැසක් පැවරෙනවා.

 

 

 

The post නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට appeared first on ITN News.

Read More »

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

රුපියල් කෝටි 17 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය කරෙයිනගර් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී නාවික හමුදාව සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කළා. එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 575 යි ග්‍රෑම් 600 ක් සොයා ගත් බව නාවික හමුදාව පවසනවා.

සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැණුනු අතර ගංජා තොගය පාර්සල් 17 ක් ලෙස අසුරා තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ. ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙම කේරළ ගංජා තොගය රැගෙන විත් ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වුණා. සැකකරුවන් හා කේරළ ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ සදහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාරදීමටයි නාවික හමුදාව කටයුතු කළේ.

 

 

The post කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

එක්ව වැඩ කිරීමට එකතු වන්නැයි ජනපති සියළු පක්ෂ වලින් ඉල්ලයි  

0 comments

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ අපේක්ෂකයන් වන ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කළ කතාවේදී අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්තුතිය පළ කර සිටියා.

“ජනතාව අපෙන් පරණ දේශපාලනය ඉල්ලන්නේ නැහැ” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පක්ෂවලට, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂවලට නව ආකාරයකින් එක්ව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.

“පසුගිය පැය 48 තුළ අපි දෙකඩ වුණා. ඒ කාලය දැන් ඉවරයි. අපි දැන් එකට වැඩ කළ යුතුයි ” ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී  සිදු කිරීමට නව ජනාධිපතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක් ද කළා.

The post එක්ව වැඩ කිරීමට එකතු වන්නැයි ජනපති සියළු පක්ෂ වලින් ඉල්ලයි appeared first on ITN News.

Read More »

8 වන විධායක ජනාධිපති දිවුරුම්දීම පෙරවරුවේ  

0 comments

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ඉදිරිපිටදී දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේයි.

එම අවස්ථාව සජීවීව විකාශය කිරීම සඳහා ස්වාධීන රූපවාහිනිය සූදානමින් සිටිනවා.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරණ ඡන්ද විමසීමක් සිදු කරමින් තෝරාගත් ප්‍රථම ජනාධිපති ලෙස වික්‍රමසිංහ මහතා ඉතිහාසයට එක්වනු ඇති.

 

 

The post 8 වන විධායක ජනාධිපති දිවුරුම්දීම පෙරවරුවේ appeared first on ITN News.

Read More »

බයිදු සමාගම රියදුරන් නොමැතිව ධාවනය වන කුලී රථ සේවාවක් හඳුන්වා දෙයි  

0 comments

බයිදු සමාගම රියදුරන් නොමැතිව ධාවනය වන කුලී රථ සේවාවක් හදුන්වා දී තිබෙනවා.

ඇපලෝ ගෝ නමන් හැදින්වෙන මෙම කුලී රථ සේවාව නවීනතම තාක්ෂණයෙන් සකස් කර තිබෙනවා.

ඇපලෝ ආර්.ටී  6 ලෙස හදුන්වා දෙන නව මෝටර් රථය සාමාන්‍යයෙන් වසර 20 ක අත්දැකීම් ඇති රියදුරෙකු මෙන් ධාවනය වන බවයි බයිදු සමාගම කියා සිටින්නේ. කෙසේ වෙතත් චීන නීතියට අනුව තවමත් රියදුරෙකු වාහනයේ සිටීම අනිවාර්ය වනවා.

මෙම වාහනයේ සුක්කානම ගලවා එම ස්ථානයට අතිරේක ආසනයක් සකස් කිරීමට ද හැකි වනවා. ඇපලෝ ආර්.ටී 6 මෝටර් රථයක් යුවාන් දෙලක්ෂ පනස් දහසකට අලෙවි වනවා.

 

 

 

 

The post බයිදු සමාගම රියදුරන් නොමැතිව ධාවනය වන කුලී රථ සේවාවක් හඳුන්වා දෙයි appeared first on ITN News.

Read More »

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  තංගල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් සමග 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ සහ හම්බන්තොට පොලීසියේ නිලධාරීන් එක්ව කළ වැටලීමකදීි.

පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී කේරල ගංජා කිලෝග්‍රෑම් 2 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 550 ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු දෙල්ගොඩ පනන්වල පදිංචිකරුවෙක්.

මාලඹේ පොලිස් වසමේ සිදු කළ වැටලීමදකදී ද හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

මේ අතර කළුතර උතුර පොලිස් වසමේ දෙදියවල ප්‍රදේශයේදී  හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 20 ක් සමග තවත් සැකකරුවකුඅත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

 

 

The post මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

08 වන විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයි  

0 comments

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී අද (20) පැවති තීරණාත්මක ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වුණා.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මෙම ජනාධිපති තේරීමේ පාර්ලිමේන්තු ඡන්දයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134 හිමි වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පුරුම මහතාට ඡන්ද 82 ක් හිමි වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හිමිකර ගත්තේ ඡන්ද 03ක් පමණයි.

ඡන්ද විමසීමේදී ප්‍රකාශිත ඡන්ද 223න් ඡන්ද 4ක් ප්‍රතික්‍ෂේප වී තිබුණු අතර දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටියේ නැහැ. ඒ් අනුව වලංගු ඡන්ද සංඛ්‍යාව 219යි.

The post 08 වන විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයි appeared first on ITN News.

Read More »

පුටින් තුර්කි හා ඉරාන නායකයින් සමග විශේෂ සාකච්ඡා   

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් තුර්කි හා ඉරාන නායකයින් සමග විශේෂ සාකච්ඡා  වටයක් පැවැත්වුවා.

රුසියා ජනාධිපතිවරයා විශේෂ සංචාරයක් සදහා ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ඊයේ පැමිණියා.

ඉන් අනතුරුව ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි සමග සාකච්ඡාවක් පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

පසුව තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන්   හා ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සමග ද සාකච්ඡා පැවැත්වුණා.

එහිදී සිරියා යුද ගැටුම් හා කළු මුහුද හරහා යුක්රේනයේ සිට  ධාන්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට භාජනය වී තිබෙනවා.

 

 

 

 

 

The post පුටින් තුර්කි හා ඉරාන නායකයින් සමග විශේෂ සාකච්ඡා  appeared first on ITN News.

Read More »

ජනපති දිවුරුම්දීම හෙට පාර්ලිමේන්තුව අභියසදී  

0 comments

8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද තේරී පත් වුණා. ඒ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැටකට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින්.

පැය 3 කට ආසන්න කාලයක් පැවති ඡන්ද විමසීමකින් අනතුරුවයි ප්‍රතිඵල නිකුත් කෙරුණේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළා.

ඒ මහතා හා තරග වැදුනු ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82 කුත් අනුර කුමාර දිසානායක මහතා ඡන්ද තුනකුත් ලබාගෙන තිබුණා.

රනිල් වික්‍රමසිංහ මහතා 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව අභියසදී හෙට දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

The post ජනපති දිවුරුම්දීම හෙට පාර්ලිමේන්තුව අභියසදී appeared first on ITN News.

Read More »

පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගන්නා ඓතිහාසික අවස්ථාව අද  

0 comments

ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගන්නා ඓතිහාසික අවස්ථාව අද සිදු වනවා. මෙසේ තෝරා ගන්නා ජනාධිපතිවරයා මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙසයි පත්වන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සදහා නාමයෝජනා භාරගැනීම ඊයේ දිනයේදී සිදුවුණා. වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක යන මහත්වරුන් මෙහිදී ජනාධිපති ධුරය සදහා නාමයෝජනා භාරදුන් අතර ඊට අදාළ ඡන්ද විමසීම අද පෙරවරුවේ පැවැත්වීමටයි කටයුතු සම්පාදනය කර ඇත්තේ.

පාර්ලිමේන්තුව මෙන්ම ඒ අවට පරිශ්‍ර යේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා ඇති අතර පාර්ලිමේන්තුව පෙරවරු 10 ට රැස්වීමෙන් අනතුරුවයි ඡන්ද විමසීම ආරම්භ වන්නේ.

 

 

 

The post පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගන්නා ඓතිහාසික අවස්ථාව අද appeared first on ITN News.

Read More »

කොළඹ මහ නගර සභාවේ එන්නත් මධ්‍යස්ථානවලින් ෆයිසර් එන්නත අද  

0 comments

වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින්ගෙන් කොරෝනා වෛරසයට එරෙහි COVID-19 එන්නත් මාත්‍රාව කොළඹ මහ නගර සභාව තුළ එන්නත් මධ්‍යස්ථානවලින් අද ලබා ගන්නා ලෙස කොළඹ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනු ගුරුගේ ඉල්ලා සිටිනවා.

එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබන පුද්ගලයින් වයස අවුරුදු 20 ට වැඩි විය යුතු අතර ඔවුන්ගේ කොවිඩ් අසාදිතව සිටියේනම් සුව වී මාස තුනක් සම්පූර්ණ කර තිබිය යුතු බව ඇය සඳහන් කරනවා.

පළමු, දෙවන, තෙවන සහ සිව්වන ෆයිසර් කොවිඩ් ලබා ගැනීම සඳහා ගින්තුපිටියේ MOH කාර්යාලය, MCH සහ ඩීන්ස් පාරේ MOH කාර්යාලය, නව බසාර් මාතෘ නිවාසය, වැල්ලවත්තේ MOH කාර්යාලය, කැම්බල් පාර්ක් සහ කිරුළ පාරේ MOH කාර්යාලය වෙත පැමිණෙන ලෙස ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා. COVID-19 එන්නත් මාත්‍රා අද පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා එම ස්ථාන වලදී එන්නත් කරගත හැකියි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ සිව්වන මාත්‍රාව වයස අවුරුදු 20 ත් 60 ත් අතර පුද්ගලයින් සඳහා සහ ප්‍රතිශක්ති ඌනතා සහ නිදන්ගත ආබාධ සහිත පුද්ගලයින් සඳහා නිර්දේශ කරන බවයි.

The post කොළඹ මහ නගර සභාවේ එන්නත් මධ්‍යස්ථානවලින් ෆයිසර් එන්නත අද appeared first on ITN News.

Read More »

දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතිියි  

0 comments

දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතී. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය : කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලතැනින් තැනවැසි ඇතිවිය හැක.

සුළඟ : දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කළුතර සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60)දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය: කළුතර සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විටරළු වේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශමද වශයෙන් රළු විය හැක.


 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2022-07-20
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 36 25 90 70 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මඩකලපුව 33 25 90 75 සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
කොළඹ 30 27 85 70 වැසි ස්වල්පයක්
ගාල්ල 29 25 95 75 වැසි වාර කිහිපයක්
යාපනය 34 27 90 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 28 23 90 75 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
නුවරඑළිය 19 13 95 60 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 32 25 95 70 වැසි වාර කිහිපයක්
ත්‍රිකුණාමලය 35 25 95 60 සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
මන්නාරම 31 27 90 70 සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

 

The post දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතිියි appeared first on ITN News.

Read More »

ලොව පුරා කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් ඉහළට  

0 comments

ලොව පුරා රටවලින් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 228 කින් වයිරස ආසාදිතයින් 820,000 ට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,592 ක්.

ඊයේ දිනයේ දී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන 134,000 හමුවී ඇත්තතේ ප්‍රංශයෙන්.

එමෙන්ම ඉතාලියෙන් 120,000 ක් ජපානයෙන් 79,000 ක් ඇමෙරිකාවෙන් 75,000 ක් හා දකුණු කොරියාවෙන් 73,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ඊයේ දිනයට සිදුව ඇති වැඩිම මරණ සංඛ්‍යාව වන 378 වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.

ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටතුන් ලක්ෂ අනූඑක්දහස ඉක්මවා ගියා.

හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පනස්හය කෝටි අනූපන්ලක්ෂයකට අධිකයි.

 

 

 

 

The post ලොව පුරා කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් ඉහළට appeared first on ITN News.

Read More »

අතුරු මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ජය  

0 comments

පාකිස්තානයේ පැවති අතුරු මැතිවරණයකින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය සමත් වුණා.

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පීටීඅයි පක්ෂයට ආසන 20 න් ආසන 15 ක ජය හිමිවුණා. ජයග්‍රහණයත් සමඟ මහ මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසයි හිටපු අග්‍රාමාත්‍යවරයා රජයට බලකර සිටින්නේ. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ මෙම ජයග්‍රහණය වර්තමාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ්ට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත්ව තිබෙනවා. ලබන වසරේ ඔක්තෝබර් මාසයේදී එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර එහි ප්‍රතිඵල මින් පිළිබිඹු වන බවයි විශ්ලේෂකයින් පවසන්නේ. පාකිස්තාන පාර්ලිමේන්තුවට ගෙන විශ්වසභංග යෝජනාවකින් ඉම්රාන් ඛාන් පසුගිය අප්‍රේල් මාසයේ දී ධුරයෙන් ඉවත් කෙරුණා.

 

 

 

 

 

The post අතුරු මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ජය appeared first on ITN News.

Read More »

පකිස්ථානයට 342 ක ඉලක්කයක්  

0 comments

ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. ජයග්‍රහණය සදහා ලකුණු 342 ක ඉලක්කය හඹා යන පාකිස්ථාන කණ්ඩායම දිවා  භෝජනය සදහා තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 68 ක් ලබා සිටියා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවනිම ලකුනු 337 කට සීමා වුණා. ඊයේ දිනයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 09 ක් දැවී ලකුණු 329 ක් ලබා සිටියා.අද දිනයේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 4 කට දැවී යාමත් සමග ශ්‍රී ලංකා දෙවනි ඉනිම අවසන් වූයේ නොදැවී ලකුණු 94 ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල්ට ශතකය ලබාගැනීමට තිබූ අනගි අවස්ථාවක් අහිමි කරමින්. ශ්‍රී ලංකා දෙවනි ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 76 ක් හා ඕෂධ ප්‍රනාන්දු ලකුණු 64 ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු දෙනා ලකුණු 222 ක් රැස් කළ අතර පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 218 ක්.

 

 

 

 

The post පකිස්ථානයට 342 ක ඉලක්කයක් appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය උෂණත්වය සෙල්සියස් අංශක 42 දක්වා ඉහළට  

0 comments

බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය උෂණත්වය සෙල්සියස් අංශක 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙතෙක් එරටින් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ලෙසයි සැලකෙන්නේ.

මීට පෙර 2019 වසරේදී බ්‍රිතාන්‍යයෙන් වැඩිම උෂ්ණත්වය වාර්තා වූ අතර එහි අගය දැක්වුණේ සෙල්සියස් අංශක 38.7 ක් ලෙසයි. උෂ්ණත්වය ඉහළ යාමත් සමගම බ්‍රිතාන්‍යයේ  මධ්‍යම උතුරු හා නිරිත දිග ප්‍රදේශවලට රතු නිවේදන නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගත්තා. අධික උෂ්ණත්වය හේතුවෙන් හට ගන්නා රෝගාබාධයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හිරු රෂ්මියට නිරාවරණය වීම හැකිතාක් අවම කරන ලෙසයි බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ. අධික උෂ්ණත්වයෙන් මිදීම සදහා ජල ස්නානය සදහා ගිය පුද්ගලයින් 04 දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. දුම්රිය ගමන්වාර රැසක් ද අත්හිටුවා ඇති බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ.

 

 

 

The post බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය උෂණත්වය සෙල්සියස් අංශක 42 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ග්‍රාමීය ඩිපෝ වෙත ඉන්ධන බෙදාහැරීම් ඇරඹේ  

0 comments

ග්‍රාමීය ඩිපෝ වෙත ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද ආරම්භ කළ බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය පවසනවා.

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සිට දුම්රිය සහ බවුසර් මගින් ඉන්ධන ප්‍රවාහනය සිදුකෙරෙනවා.

කොළඹ වරායට පැමිණි පෙට්‍රල් නෞකාවේ සාම්පල් පරීක්ෂාව ද අවසන් කර ඇති අතර පෙට්‍රල් තොග ගොඩබෑම ආරම්භ කර තිබෙනවා.

The post ග්‍රාමීය ඩිපෝ වෙත ඉන්ධන බෙදාහැරීම් ඇරඹේ appeared first on ITN News.

Read More »

අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද  

0 comments

මෙරට ඉතිහාසයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සදහා පළමුවරට පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද සිදුකෙරෙනවා. ජනාධිපතිවරණයේ දී සහාය දීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා කිහිපයක් මේ වනවිටත් පවත්වා තිබෙනවා. මේ අතර අද පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනු දැකගත හැකිවුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමත් සමග ඉතිරි ධුර කාලය සදහා නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමට අදාල නාම යෝජනා බාර ගැනිම අද සිදුවනවා.  ඒ සදහා උදෑසන දහයට පාර්ලිම්න්තුව රැස් වීමට නියමිතයි. නාම යෝජනා භාර ගැනීමේ ක්‍රියාවලිය මේහෙය වන්නේ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතායි. පාර්ලිමේන්තු ආරම්භයේ දී නාමයෝජනා භාර දෙන ලෙස මහ ලේකම්වරයා පාර්ලිමේන්තුවට දැනුම් දීම සිදු කෙරෙනවා. එහි දී දේශපාලන පක්ෂ අපේක්ෂකයින් යෝජනා ඉදිරිපත් කළ යුතුයි. එය ස්ථිර කිරීම ද අනිවාර්ය වන අතර අපේක්ෂක මන්ත්‍රීවරයා එම අවස්ථාවේ සභා ගර්භයේ රැදී සිටිය යුතු වෙනවා. එසේ නොවුවහොත් එම යෝජනාව ප්‍රතික්ෂේප වනු ඇති. ඊට අමතරව යෝජනා වන මන්ත්‍රීවරයා තමන් තරග කිරීමට කැමති බව ලිඛිතව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දිය යුතුයි. කතානායකවරයා හැර ඕනෑම මන්ත්‍රීවරයෙකුට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ අවස්ථාවද පවතිනවා. කතානායකවරයාට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය නොහැකි වුවද ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා.

නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් කවුරුන්ද යන්න පිළිබදව පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිතයි. එක් අපේක්ෂකයෙක් පමණක් නාමයෝජනා භාරදී ඇත්නම් එදිනම එම පුද්ගලයා ජනාධිපතිවරයා ලෙස පත්කරනු ලබනවා. එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකුගේ නම් යෝජනා කර ස්ථිර වුවහොත් ඡන්ද විමසීමක් පැවැත්වීම සිදු කළ යුතුයි.

ඡන්ද විමසීමේ දී ඡන්දය භාවිත කරනු ලබන මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට 50 ට වැඩි ප්‍රතිශතයක් ලබාගන්නා අපේක්ෂකයා නව ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වනවා. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් මේ වන විට ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර තිබෙනවා.

 

 

The post අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG