Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලුත්කඩේ උසාවි සංකීර්ණය සම්පූර්ණයෙන් විෂබීජහරණයට ලක්කෙරේ  

0 comments

අධිකරණ කටයුතු පවත්වාගෙන යාමට හැකිවන පරිදි අලුත්කඩේ උසාවි සංකීර්ණය සම්පූර්ණයෙන් විෂබීජහරණයට ලක් කෙරුණා.

ශ්‍රී ලංකා පොලීසිය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒකාබද්ධවයි එය සිදුකෙරුණේ. අමාත්‍ය අලි සබ්රි , බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

The post අලුත්කඩේ උසාවි සංකීර්ණය සම්පූර්ණයෙන් විෂබීජහරණයට ලක්කෙරේ appeared first on ITN News.

Read More »

කොරෝනා වැළදී සුවපත් වන පුද්ගලයන් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතුයි  

0 comments

කොවිඩ් 19 වැළදී සුවපත් වන පුද්ගලයන් නිවෙස්වල දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

 

The post කොරෝනා වැළදී සුවපත් වන පුද්ගලයන් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතුයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ 94 ඉක්මවා යයි  

0 comments

ගත වූ පැය 24 ට වාර්තා වූ ආසාදිතයන් අසූහයදහස් දෙසීය අනුතුනත් සමග ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ 94 ඉක්මවා තිබෙනවා.

ඊයේ දිනයට වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ද ඇමෙරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව 914 ක්. ඒ සමග එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ තිස්හයදහස් හැත්තෑ දෙකක් බවයි වාර්තා වන්නේ. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර දෙවන හා 3 වන ස්ථානවල ඉන්දියාව හා බ්‍රසීලය පසුවන අතර එම රටවල ආසාදිතයන් සංඛ්‍යාව පිළිවෙළින් ලක්‍ෂ 81 හා ලක්‍ෂ 55 ඉක්මවා තිබෙනවා. මේ වන විට රටවල් 215 කින් කොරෝනා ආසාදිතයන් හාරකෝටි හැටතුන්ලක්‍ෂ හැත්තෑතුන්දහස් හත්සියහැත්තෑහතක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් ජිවිත අහිමි වු පිරිස ලක්‍ෂ 12 ඉක්මවා තිබෙනවා.

 

 

 

 

The post ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ 94 ඉක්මවා යයි appeared first on ITN News.

Read More »

තුර්කියට හා ග්‍රීසියට බලපෑ භූ කම්පනයෙන් පැය 33 කට පසු පුද්ගලයෙකු බේරා ගැනේ  

0 comments

තුර්කියට හා ග්‍රීසියට දැඩි හානි සිදු කරමින් ඇති වූ භූ කම්පනයෙන් පැය 33 කට පසු සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුණා.

 

භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. භූ කම්පනයේ ප්‍රබලත්වයත් සමග ගොඩනැගිලි කඩා වැටෙන ආකාරය කැමරා කාචවල මේ අයුරින් සටහන් වී තිබුණා. භූ කම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් ගොඩනැගිලි 20 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. සුන්බුන් අතර සිර වූ 70 කට අධික පිරිසක් බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වූ බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. පසු කම්පන 196 ක්ද වාර්තා වී ඇති අතර ඉන් 23 ක ප්‍රබලත්වය රිච්ටර් පරිමාන ඒකක 04 ඉක්මවා තිබුණා. නිරතුරුවම භූ කම්පනවලට ලක්වන තුර්කියේ ඉස්මීර් නගරයේ 1999 වර්ෂයේදී සිදුවූ රිච්ටර් පරිමාණ ඒකක 7.6 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයෙන් දාහත් දහසකට අධික පිරිසක් මිය ගියා.

 

 

 

 

The post තුර්කියට හා ග්‍රීසියට බලපෑ භූ කම්පනයෙන් පැය 33 කට පසු පුද්ගලයෙකු බේරා ගැනේ appeared first on ITN News.

Read More »

තවත් කොරෝනා ආසාදිතයින් 137ක් හඳුනා ගැනේ  

0 comments

තවත් කොරෝනා ආසාදිතයින් 137 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

The post තවත් කොරෝනා ආසාදිතයින් 137ක් හඳුනා ගැනේ appeared first on ITN News.

Read More »

ගර්භණී කාන්තාවන්ට පවුල් සෞඛ්‍ය කාර්යාංශයෙන් පණිවුඩයක්  

0 comments

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට රෝගී තත්ත්වයන් පවතින විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා නොපැමිණීම හේතුවෙන් අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.

රෝගි අවස්ථාවක ප්‍රතිකාර ගැනීම වහාම සිදුවිය යුතු අතර, කිසිදු කරුණක් නිසා ප්‍රමාද නොකළ යුතු බව  ඔවුන් අවධාරණය කරයි.

ඒ සඳහා ගර්භණී සටහන්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කරමින් ප්‍රතිකාර සඳහා රෝහල් ගත විය හැකි බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

The post ගර්භණී කාන්තාවන්ට පවුල් සෞඛ්‍ය කාර්යාංශයෙන් පණිවුඩයක් appeared first on ITN News.

Read More »

මහා බ‍්‍රිතාන්‍ය සති 4 ක කාලයක් සඳහා සම්පූර්ණයෙන් වසා දැමේ  

0 comments

සති 4 ක කාලයක් සදහා මහා බ්‍රිතාන්‍ය සම්පූර්ණයෙන් වසා දමන බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනය කරනවා.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය පද්ධතිය හා සාමාන්‍ය ජන ජීවිතය ව්‍යසනකාරී තත්ත්වයකට ළගා වීම වැළැක්විමට මෙම පියවර ගත් බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ. ලබන 5 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට දෙසැම්බර් මස 2 වනදා දක්වා වසා දැමීම ක්‍රියාත්මක වීමට නියමිතයි. ආපන ශාලා, අවන්හල්, කායවර්ධන මධ්‍යස්ථාන හා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා සපයන ස්ථාන මේ අනුව වසා දැමෙනු ඇති. එළඹෙන නත්තල් සමය වෙනස්ම මුහුණුවරක් ගනු ඇති බවට බොරිස් ජොන්සන් සදහන් කරනවා. කෙසේ වුව ද ක්‍රියාත්මක වන සෞඛ්‍ය විධිවිධාන සමග පවුලේ සියලු සාමාජිකයන්ට එක්ව නත්තල සැමරිය හැකිවනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කරන්නේ. මහා බ්‍රිතාන්‍යයට අයත් අයර්ලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය සම්පූර්ණයෙන් වසා දැමුණේ පසුගිය සතියේදීයි.

 

 

 

The post මහා බ‍්‍රිතාන්‍ය සති 4 ක කාලයක් සඳහා සම්පූර්ණයෙන් වසා දැමේ appeared first on ITN News.

Read More »

ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව සපයන බවට රාජ්‍ය ඇමති ජනපතිට සහතික වෙයි  

0 comments

ජාතික සහ බෞද්ධ ධජ අවශ්‍යතාව දේශීයව සපයන බවට ඇගලුම් නිශ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වුණා.

බතික් නිර්මාණයක් ලෙස කළ ජාතික ධජ ජනාධිපති නිවසේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම සිදුවුණා. මෙරට ජාතික සහ බෞද්ධ ධජ අවශ්‍යතාව දේශීයව නිශ්පාදනයට තම අමාත්‍යාංශය සූදානම් බවයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙහිදී ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ කළේ.

ජාතික හා බෞද්ධ ධජ ආනයනය සදහා වාර්ෂිකව විශාල විදේශ විනිමයක් වැය වනවා. ලබන වසරේ සිට අවශ්‍ය ධජ නිර්මාණය ඉහළ ප්‍රමිතියකින් මෙරට දීම නිශ්පාදනයට බතින් සහ අත්යන්ත්‍ර ක්ෂේත්‍රයේ නිශ්පාදකයින් සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

 

 

The post ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව සපයන බවට රාජ්‍ය ඇමති ජනපතිට සහතික වෙයි appeared first on ITN News.

Read More »

ඉතාලියෙන් වාර්තා වූ ඉහළම ආසාදිත සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි  

0 comments

ඊයේ දිනය තුළදී ඉතාලියෙන් හදුනාගත් කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව තිස් දහස ඉක්මවා ගියා.

එය මෙතෙක් එරටින් දිනක් තුළ වාර්තා වූ ඉහළම ආසාදිත සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව ඉතාලියෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිත සංඛ්‍යාව හය ලක්ෂ හතලසි හත් දහස් හයසිය හැත්තෑ හතරක් දක්වා ඉහළ ගියා. ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් වාර්තා වූ  නව කොරෝනා මරණ 199 ද සමගින් ඒරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව තිස් අටදහස ඉක්මවා ගිය බවයි ඒරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

කොරෝනා වයිරස් ව්‍යාප්තියේ මුල් අවධියේ දී ඉතාලිය දැඩි බලපෑමට ලක්වුණා. වර්තමානයේ මුහුණ පා ඇති දෙවන කොරෝනා රැල්ල එම තත්ත්වයටත් වඩා අවදානම් බවයි ඉතාලි බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

The post ඉතාලියෙන් වාර්තා වූ ඉහළම ආසාදිත සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

මත්කුඩු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

මත්කුඩු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අක්මීමන පොලිසිය සමත් වුණා.

අක්මීමන පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කුරුදුවත්ත හා ගනේගොඩ ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් අටයි මිලි ග්‍රෑම් පන්සිය හැටක් සමඟ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අවුරුදු තිස් තුන සහ තිස් පහ යන වයස් කාණ්ඩවල පසුවන ගාලු නගරය ඇතුලු ප්‍රදේශ කිහිපයකට මොවුන් මත්කුඩු බෙදාහැරීම සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණා. මත්කුඩු අලෙවියෙන් උපයාගත් රුපියල් හැට දෙදහස් දෙසීයක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

 

The post මත්කුඩු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

තවත් 117 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 4399ක් දක්වා ඉහළට  

0 comments

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 117දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 4399ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post තවත් 117 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 4399ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ලබන සදුදා සිට එංගලන්තය වසා දැමීමට සැලසුම් කර ඇති බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි  

0 comments

ලබන සදුදා සිට එංගලන්තය මුළුමනින්ම වසා දැමීමට සැලසුම් කර ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා.

ලබන සදුදා දින රට වසා දැමීමේ තීරණය නිල වශයෙන් දැනුම් දීමත තීරණය කර තිබෙනවා. කොරෝනා වයිරස අවදානම සීඝ්‍රලෙස ඉහළ යාම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මේ වන විට යුරෝපා කලාපය වයිරස් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙනවා. ප්‍රංශය,  ජර්මනිය, බෙල්ජියම, සහ ස්පාඤ්ඤය ද සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි කටයුතු කර තිබෙන්නේ. මේ හේතුවෙන් යුරෝපයේ රටවල් රැසක මේ වන විටත් උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

 

 

The post ලබන සදුදා සිට එංගලන්තය වසා දැමීමට සැලසුම් කර ඇති බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි appeared first on ITN News.

Read More »

නවගමුව පොලීසියේ සිරමැදිරියේදී මිය ගිය සැකකරුගේ මරණය ගැන පුළුල් පරීක්ෂණ  

0 comments

නවගමුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවකු එම පොලිස් ස්ථානයේ සිර මැරිදිය තුළදී මිය ගොස් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

 

 

The post නවගමුව පොලීසියේ සිරමැදිරියේදී මිය ගිය සැකකරුගේ මරණය ගැන පුළුල් පරීක්ෂණ appeared first on ITN News.

Read More »

හගුරන්කෙත ඓතිහාසික රජමාළිගා පරිශ්‍රයේ කැණීම් වලදී දිය අගලක් හමුවෙයි  

0 comments

හගුරන්කෙත ඓතිහාසික රජමාළිගා පරිශ්‍රයේ කැණීම් වලදී  දිය අගලක් හමුවී තිබෙනවා.

දහසය වන ශත වර්ෂයට අයත් බව සැලකෙන මහනුවර යුගයේ පාලකයෙකු වූ සෙනරත් රජතුමා ආරක්ෂාව පිණිස ඉදිකරන ලද මෙම රජමාළිගය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පසුකාලීනව වඩාත් විධිමත්ව සැකසූ බව ඉතිහාසයේ සදහන් වනවා. 1992 වසරේ හගුරන්කෙත රජමාළිගා පරිශ්‍රය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කිරීමෙන් අනතුරුව 2020 වසරේ අගෝස්තු 20 වනදා එහි කැණීම් ආරම්භ කළා.

පැරණි සදකඩපහන්,  ප්‍රාකාර බැම්ම,  භූ ගත කාණු පද්ධතිය හා පාදමක් ද මෙහිදී සොයා ගැණුනා. නවතම කැණීම් වලදී හමුවූ දිය අගල මාළිගා පරිශ්‍රයේ තිබූ වැවකින් ජලය ලබා ගැනීම සදහා යොදා ගන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. පාදම හා දෙපස ගල් පතුරු යොදා සැකසූ උමං පද්ධතියේ කොටස් ද කැණීම් වලදී හමුවී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා ද මෙම ස්ථානයේ කටයුතු පරීක්ෂා කර බැලුවා.

The post හගුරන්කෙත ඓතිහාසික රජමාළිගා පරිශ්‍රයේ කැණීම් වලදී දිය අගලක් හමුවෙයි appeared first on ITN News.

Read More »

මිරිහානේ ප්‍රදේශ කිහිපයකටත් කෑගල්ලේ ග්‍රාම නිලධාරී වසම් දෙකකටත් සංචරණ සීමා  

0 comments

ආසාදිතයින් පිරිසක් හමුවීම හේතුවෙන් මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ මාදිවෙල , ප්‍රගතිපුර හා රාහුලපුර යන ප්‍රදේශවලට සංචරණ සීමා පනවා තිබෙනවා.

තවද කෑගල්ල බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වීම නිසා බුලත්කොහුපිටිය සහ ලැවල යන ග්‍රාම නිලධාරී වසම් වලටද සංචරණ සීමා පනවනු ලැබුවා.

The post මිරිහානේ ප්‍රදේශ කිහිපයකටත් කෑගල්ලේ ග්‍රාම නිලධාරී වසම් දෙකකටත් සංචරණ සීමා appeared first on ITN News.

Read More »

ඇඳිරියට පෙර බස්නාහිරින් ගොස් පිටත රැදී සිටින අය ඉන්න තැන්වලම දවස් 14ක් නිරෝධායනයට  

0 comments

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීමට පෙර පිටව ගිය අය රැදී සිටින ප්‍රදේශවලදීම  දින දාහතරක  නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මේ අතර එම පිරිස් සොයා පොලිස් මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.

බස්නාහිර පළාත තුළ මේ වන විට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මකයි. එය ලබන සදුදා අලුයම පහ දක්වා බල පැවැත්වෙනු ඇති. නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ  ඇතුලුවීම හෝ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. බස්නාහිර පළාතටම නිරෝධායන ඇදිරිනීතිය පැනවීමට පෙර ඇදිරිනීතිය පනවා තිබූ පොලිස් බල ප්‍රදේශවල ඇදිරිනීතිය සදුදා අලුයම 5 ට ඉවත් නොකරන අතර එය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශවන කුලියාපිටිය,  දුම්මලසූරිය,  පන්නල,  නාරම්මල,  ගිරිඋල්ල යන ප්‍රදේශවලට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මකයි.

 

 

The post ඇඳිරියට පෙර බස්නාහිරින් ගොස් පිටත රැදී සිටින අය ඉන්න තැන්වලම දවස් 14ක් නිරෝධායනයට appeared first on ITN News.

Read More »

බෝධි පූජාවකට සහභාගී වී සිටි සිව් හැවිරිදි දරුවකු ඇතෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට  

0 comments

පුත්තලම කරුවලගස්වැව රජවිගම ගලපිටගම විහාරස්ථානයේ බෝධි පූජාවකට සහභාගී වී සිටි සිව් හැවිරිදි දරුවකු ඇතෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වුණ.

එම දරුවා මව සමඟ බෝධි පූජාවට එක්ව සිටියදී එම ස්ථානයට කඩා වැදුනු ඇතා මෙම පහර දීම සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

බරපතල තුවාල ලැබූ සිව් හැවිරිදි දරුවා ආනමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.

The post බෝධි පූජාවකට සහභාගී වී සිටි සිව් හැවිරිදි දරුවකු ඇතෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම ඇතුළු සහන වැඩසටහන් රැසක්  

0 comments

කොරෝනා අවධානම හා නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම ඇතුළු සහන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා.

මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ නිරෝධායනයට ලක්ව සිටින පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙලක් පොලිසිය ක්‍රියාවට නංවා තිබෙනවා. බස්නාහි පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කෙරුණා.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමේ පළමු අදියර ක්‍රියාවට නැංවුණේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්. රුපියල් දස දහසක් වටිනා භාණ්ඩ මල්ලක් පවුල් 460 ක් වෙත ලබාදීම ප්‍රා දේශීය ලේකම් එම් ඒ පී ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

කුලියාපිටිය පොලිස් වසමේ නිරෝධායනයට ලක්කර සිටින අඩු ආදායම්ලාභී පවුල්වලට සහන මල්ලක් ලබාදීමට පොලිසිය කටයුතු යොදා තිබෙනවා. පරිත්‍යාගශීලින්ගේ සහයෝගය මත කුලියාපිටිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් එම කටයුතු ක්‍රියාවට නැංවුණේ නිරෝධායන නීති නිසි අයුරින් පිළිපදිමින්.

 

 

The post කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම ඇතුළු සහන වැඩසටහන් රැසක් appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට – තානාපති කාර්යාලය තුළදීම ස්වයං නිරෝධායනයට  

0 comments

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත්කර ඇති කී සෙන් හොන්ග් මහතා ඊයේ (30) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලෙන් දිවයිනට පැමිණියා.

නිරෝධායන සහතිකය ද සහිතව පැමිණි චීන තානාපතිවරයා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය තුළ තවදුරටත් ස්වයං නිරෝධායනයේ යෙදී සිටීමටයි පියවර ගෙන ඇත්තේ.

The post ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට – තානාපති කාර්යාලය තුළදීම ස්වයං නිරෝධායනයට appeared first on ITN News.

Read More »

පසුගිය පැය විසි හතරේදී ඉන්දියාවෙන් කොවිඩ් මරණ 550ක්  

0 comments

ඉන්දියාවෙන් පසුගිය පැය විසි හතරේදී මරණ 550 ක් වාර්තා වුනා. ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව එක්ලක්ෂ විසි එක් දහස් හයසිය අසූ එකක් දක්වා ඉහළ ගියා.

එරට ඊයේ (30) දිිනය තුළ පමණක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව හතලිස් අට දහස් එකසිය විස්සක්. ඒ අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අසූඑක් ලක්ෂ තිස් හත් දහස් එකසිය දහ නවයක් දක්වා වැඩි වී තිබෙනවා.

The post පසුගිය පැය විසි හතරේදී ඉන්දියාවෙන් කොවිඩ් මරණ 550ක් appeared first on ITN News.

Read More »

බෙල්ජියම හෙට සිට සති 6ක් වසා දැමීමට තීරණ කරයි  

0 comments

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වීම හේතුවෙන් හෙට සිට සති හයක කාලයක් රට වසා දැමීමට තීරණය කළ බව බෙල්ජියම් රජය පවසනවා.

බෙල්ජියමේ කොරෝනා ආසාදිතයින් රෝහල්ගතවීම් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි බෙල්ජියම් ආග්‍රාමාත්‍යවරයා පවසන්නේ. සියලුම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වෙළදසල් වසා දැමීමට ද රජය නියෝග කර තිබෙනවා. නිවාස සදහා භාණ්ඩ බෙදා හැරීමට අවසර ලබාදී නොමැති අතර  සුපිරි වෙළෙඳසල් විවෘතව පවතින හෙයින් අනවශ්‍ය ලෙස භාණ්ඩ එක්රැස් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. හැකියාව පවතින පිරිස සඳහා නිවසේ සිට වැඩ කිරීමට ද තීරණය කර තිබෙනවා.

 

 

The post බෙල්ජියම හෙට සිට සති 6ක් වසා දැමීමට තීරණ කරයි appeared first on ITN News.

Read More »

පැය 24ක් තුළ ඇමරිකාවෙන් කොවිඩ් ආසාදිතයන් අනූ නව දහසක්  

0 comments

ලොව පුරා දිනයක් තුළ වැඩිම කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ඊයේ (30) වාර්තා වුණා. එම සංඛ්‍යාව පන්ලක්ෂ හැට හතරදහස් තුන්සිය හැත්තැ හතරක්.

ඉන් අනූ නව දහස් දෙසිය පනස් පහක වැඩිම ආසාදිතයන් වාර්තා වී තිබෙන්නේ ඇමරිකාවෙන්. ඒ අනුව ඇමරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අනූ තුන් ලක්ෂ දාහතර දහස් අනූ එකක් දක්වා වැඩි වුණා.

ඇමරිකාවේ ගත වූ පැය විසි හතරේදී වාර්තා වූ මරණ සංඛ්‍යාව 970 ක්. එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දෙලක්ෂ තිස් පන්දහස් එකසිය හතලිස් එකක් බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

 

The post පැය 24ක් තුළ ඇමරිකාවෙන් කොවිඩ් ආසාදිතයන් අනූ නව දහසක් appeared first on ITN News.

Read More »

කොවිඩ් නිසා පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විකල්ප ආදායම් උත්පාදන වැඩපිළිවෙලක්  

0 comments

කොවිඩ් 19 නිසා පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විකල්ප ආදායම් උත්පාදන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවෙයි.

ඊට අදාළ වැඩ පිළිවෙලක් වහාම සකසන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි.

සංචාරක සංවර්ධන පනත යටතේ විෂය භාර ඇමතිවරයාට පැවරී ඇති බලතල අනුව පත් කෙරුනු උපදේශක කමිටුවේ මංගල රැස්වීමේදී ඇමතිවරයා මේ උපදෙස් ලබා දුන්නේය. කමිටු රැස්වීම ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමණාකරන ආයතනයේ දී  ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පත් කල සංචාරක උපදේශක කමිටුව මෙරට සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධව ප්‍රධාන පෙලේ විද්වතුන් 11 දෙනෙකුගෙන් සමන්විතය. මෙම ප්‍රමුඛ හෝටල් කරුවන් හා සංචාරක නියෝජිතයන් වන හිරාන් කුරේ, චන්ද්‍රා වික්‍රමසිංහ, තිමති රයිට් (ෂැන්ග්‍රිල්ලා උප සභාපති) රජිත දිසානායක (ඩිජිටල් අලේවිකරණ) නිස්තාර් කාසීම් (මාධ්‍යවේදී) නීමේෂ් හේරත් (ඩිජිටල් අලෙවිකරණය), විපුල ගුණතිලක (ප්‍රධාන විධායක නිළධාරී- ශ්‍රී ලංකන් එයාර් ලයින්) ඇතුලු ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වන සවී ගුණසේකර, විකුම් නවගමුව, රංජිත්ද සිල්වා, ට්‍රෙවීන් ගෝමස්, යන මහත්වරු මෙම උපදේශක කමිටුවේ සාමාජිකයෝ වෙති.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැකුවූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා,
“ අපි කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ බිද වැටුනු ප්‍රධාන කර්මාන්තය තමයි සංචාරක හා ගුවන්සේවා ක්ෂේත්‍රය. සංචාරක ක්ෂේත්‍රය සෘජු හා වක්‍ර රැකියා වල නිරත ලක්ෂ තුනකට ආසන්න පිරිසකට අද කොවිඩ් වසංගතය නිසා සිය ජීවනෝපාය සම්පූරණයෙන්ම අහිමි වෙලා. මේ නිසා ඔවුන්ට හා ඔවුන්ගේ යැපෙන්නන් විශාල පිරිසක් දැඩි ආර්ථික අර්බුධයකට ලක්ව තිබෙනවා. ඔවුන්ට කිසියම් සහනයක් සලසන්න රජයක් ලෙස අපි පසුගිය කාලේ කැබිනට් පත්‍රිකා 02ක් දාලා ඒ සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කලා.

කොවිඩ් වසංගතය පාලනය වෙලා ලෝකයේ සංචාරක කාර්මාන්තය නැවත කවදා යථා තත්ත්වයට පත්වේදැයි අපට නිශ්චිතවම කියන්න බෑ. ඒ සදහා අනාවැකි පළ කරන්නත් බෑ. අපි දැනටමත් කෝවිඩ් පාලනය වූ පසු නැවත සංචාරක කර්මාන්තය ආරම්භ කරන්න විවිධ උපාය මාර්ගික සැලසුම් සකස් කර තිබෙනවා. කණ්ඩායම් වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම, සංචාරකයන් සදහා නව රක්ෂණ ක්‍රම හදුන්වා දීම, සංචාරකයන් සදහා නව පරිගණක යෙදුමක් (ඇප්) හදුනා දීම වගේ දේවල්. මේ මොනවා කලත් සෞඛ්‍ය අංශ නිර්දේශ කරන දිනකයි අපිට සංචාරකයන් සදහා රට විවෘත කරන්න වෙන්නේ. ඒ වගේම මෙරට සංචාරකයන් නැවත ගෙන්වීමේදී සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට අපට සිදු වෙනවා.

මේ නිසා සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන් මේ කොවිඩ් වසංගතය පවතින කාලය තුල ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත්. ඒ නිසා මේ අය වෙනුවෙන් විකල්ප ආදායම් උත්පාදන වැඩ පිළිවෙලක් කඩිනමින් හදුන්වා දිය යුතුයි. ඒ සදහා අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කිරීම අමාත්‍යංශය හා සංචාරක අධිකාරියේ නිළධාරීන් හා එක්වී එම වැඩපිළිවෙල කඩිනමින් සකස් කරන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරක ව්‍යාපාරය මෙරට ප්‍රධානම ආදායම් මාර්ගයක් බවට පත් කිරීමට සැලසුම් කලා. ඒ නිසායි 2025 වන විට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 07 දක්වාත්, ඉන් ලැබෙන ආදායම රුපියල් බිලියන 10 දක්වාත් වැඩි කිරීමට යෝජනා කලේ. ඒ සදහා අවශ්‍ය පියවර ගනිමින් ඉන්න කොට තමයි මේ කොවිඩ් වසංගතය ඇවිත් ලෝකයේ සංචාරක ව්‍යාපාරය බිද දැමුවේ. කුමන තත්ත්වයක් යටතේ හෝ ඒ ඉලක්ක සපුරා ගැනීමේ අරමුණ අපි තවම අතහැර නෑ. ඒ ඉලක්ක සපුරා ගැනීම අවශ්‍ය උපදේශණය තමයි මේ අපි මේ උපදේශක කමිටුවේන් අපේක්ෂා කරන්නේ.

කමිටුවේ සභාපති ලෙස හිරාන් කුරේ මෙහිදී පත් කෙරිණ.

අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජයසිංහ යන මත්ම මහත්මීන්ද මෙහිදී අදහස් පල කළහ.

 

The post කොවිඩ් නිසා පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විකල්ප ආදායම් උත්පාදන වැඩපිළිවෙලක් appeared first on ITN News.

Read More »

ජල පර්යේෂණ හා තාක්‍ෂණය සවිබල ගන්වමින් චීන-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුමක්  

0 comments

චීන විද්‍යා ඇකඩමිය (CAS) සහ ශ්‍රී ලංකාවේ ජල සම්පාදන අමාත්‍යාංශය අතර ජල පර්යේෂණ හා තාක්ෂණ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට අනුබද්ධිත ගිවිසුමක් අත්සන් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජල සම්පාදන අමාත්‍යාංශය නියෝජනය කරමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සහ චීන විද්‍යා ඇකඩමිය නියෝජනය කරමින් වැඩ බලන  තානාපතිතුමන් වන හු වෙයි මහතා විසින් ශ්‍රී ලංකාවේදී මෙම ගිවිසුම අත්සන් කරන ලදී. යැං ජිචි මහතා සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී පැවති ඉහළ පෙළේ
සංචාරයකදී දෙරට අතර ජල සම්පාදන හා තාක්‍ෂණික සහයෝගීතාව පිළිබඳව පැවති වැදගත් සම්මුතියේ පසු විපරමක් ලෙස මෙය අත්සන් තැබුණි.

ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින නිදන්ගත වකුගඩු රෝගයට (CKDu) පිළියම් සෙවීම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ සඳහා පිරිසිදු පානිය ජලය සැපයීම ඉලක්ක කරගනිමින් 2014 වර්ෂයේදී එවකට පැවති රජය සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ මුලිකත්වයෙන් මෙම ව්‍යපෘතිය ආරම්භ කරන ලද අතර මේ සම්බන්ධ මුල් අවබෝධතා ගිවිසුම 2015 මාර්තු මාසයේදී අත්සන් කරන ලදී. මෙම අවබෝධතා ගිවිසුමේ සඳහන් ප්‍රධාන අරමුණු වන්නේ ශ්‍රී ලංකාවේ නිදන්ගත වකුගඩු රෝගය ඇතිවීමට හා ව්‍යාප්ත වීමට හේතු විය හැකි සාධක හඳුනා ගැනීමයි.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය බලපෑමට ලක් වූ ප්‍රදේශවල භූගත ජලය පිරිපහදු කිරීමේ ක්‍රම සහ තාක්ෂණයන් සංවර්ධනය කිරීම, වියළි ප්‍රදේශවල වැසි ජලය එක්රැස් කිරීම සහ ක්‍රමතාක්‍ෂණයන් යොදා භාවිතා කිරීම, ඒකාබද්ධ ජල සම්පාදන හා සනීපාරක්ෂක යටිතල පහසුකම් සංවර්ධන සැලැස්ම, ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණ සැලැස්ම සහ ඉඩම් පරිහරණ සැලැස්ම සකස් කිරීම මඟින් ශ්‍රී ලංකා රජයට උපකාර කිරීමයි. මෙම අරමුණු 2016 දී ආරම්භ කරන ලද ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන චීන ශ්‍රී ලංකා පර්යේෂණ අරමුදල් ව්‍යාපෘතිය (CSLRGP) හරහා ක්‍රියාත්මක වේ.

මෙම ගිවිසුමෙහි ප්‍රතිඵලයක් ලෙස ජල තාක්‍ෂණය පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානය (JRDC) මෑතකදී මහනුවර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිශ්‍රයේ දී විශිෂ්ඨ ලෙස ස්ථාපිත කරන ලදී. මෙම මධ්‍යස්ථානය චීන යුආන් මිලියන 124 කට අධික (රු. බිලියන 3.4) චීන අරමුදල් ප්‍රදානයක් යටතේ වර්ග මීටර 5000 ක මුළු ඉදිකිරීම් ප්‍රදේශයක ඉදිකොට ඇත. ඉදිරි වසර 5 තුළ චීන විද්‍යා ඇකඩමිය විසින් වසරකට චීන යුආන් 6-8 ක අරමුදල් (රු. මිලියන 165-220) ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානය සමඟ ඇති සහයෝගිතාවය වෙනුවෙන් සපයනු ඇත.

මෙම ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයෙහි මෙහෙවර වන්නේ ජලය හා සෞඛ්‍ය පර්යේෂකයන්ට සහ වෘත්තිකයින්ට ජලය සම්බන්ධ සෞඛ්‍ය ගැටලු විසඳීම පිළිබඳ උසස් පර්යේෂණ සඳහා එක්ව කටයුතු කිරීමට සහ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් නව දැනුම බෙදා හැරීම සඳහා පහසුකම් සැලසීමයි.

මෙම පරීක්ෂණ මධ්‍යස්ථානයෙහි රුපියල් මිලියන 600 කට වඩා වැඩි වටිනාකමකින් යුතු අති නවීන පර්යේෂණ හා විශ්ලේෂණ උපකරණ 70 කට අධික සංඛ්‍යාවක් ස්ථාපනය කරමින් පවතී. මීට අමතරව පිරිසිදු පානීය ජලය සැපයීමට අදාල පර්යේෂණ පැවැත්වීමට, පර්යේෂණ පුහුණුවට සහ තාක්‍ෂණ සංවර්ධනයට, නියමු ආකෘති ක්‍රියාත්මක කිරීමට, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට පහසුකම් සැපයීම මේ මඟින් සිදුවේ.

ජල විද්‍යාව හා සම්බන්ධ මුලික දියුණුව ළඟා කර ගැනීම, නව සොයා ගැනීම් සැලසුම් කොට නිපදවා වාණිජකරණය කිරීමට දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවට පහසුකම් සැලසීම, ජල පර්යේෂණ හා තාක්‍ෂණය සඳහා වූ මෙම මධ්‍යස්ථානයෙන් අපේක්ෂා කෙරේ. මෙම ක්‍රියාකාරකම් තුළින්, කර්මාන්ත ක්‍ෂේත්‍රයේ, රාජ්‍ය හා ප්‍රජා හවුල්කරුවන් සම්බන්ධ කර ගනිමින් ඉහළම මට්ටමේ ඉංජිනේරු විද්‍යාව යොදා ගනිමින් කලාපීය ජල ගැටලු සඳහා ගෝලීයව පරිවර්තනය කළ හැකි විසඳුම් සංවර්ධනය කිරීම මෙම මධ්‍යස්ථානය මඟින් සිඳුකෙරෙනු ඇත.

මෙම අවබෝධතා ගිවිසුම හරහා පවත්වන ලද අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් යටතේ පසුගිය වසර පහ තුළ ජල සම්පාදන හා වෛද්‍ය වෘත්තිකයින් 66 දෙනෙකු චීන විද්‍යා ඇකඩමිය මඟින් පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වූ අතර, දැනට ශ්‍රී ලාංකික උපාධිධාරී සිසුන් 53 දෙනෙකු (ආචාර්ය උපාධිධාරීන් 19 දෙනෙකු ද ඇතුළුව) චීන විද්‍යා ඇකඩමියෙහි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබති (UCAS). වැඩිවන ජනගහනය, දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය හේතුවෙන් ලොව පුරා ජල සම්පත නිරන්තරයෙන් තර්ජනයට ලක්ව ඇති යුගයක, ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවීම මඟින් වත්මන් හා අනාගත ජල අභියෝගයන්, ඵලදායි ලෙස ජය ගැනීම සඳහා පර්යේෂණ ප්‍රජාව එකතු කරමින් තිරසාර විසඳුම් ලබාදීමට අපේක්ෂා කරයි.

සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවටම සුරක්ෂිත පානීය ජලය සැපයීම, සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම යන දැක්ම පෙරදැරි කරගනිමින් සහ ‘තිරසාර සංවර්ධන ඉලක්ක අංක 6’ වැනි ජාත්‍යන්තර ඉලක්ක අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ජල අංශය මෙම සහයෝගීතාවය මඟින් ජලය හා ඒ ආශ්‍රිත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවෙහි ඉහල සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට අපේක්ෂා කරයි.

මෙම මූලාරම්භය සාක්ෂාත් කර ගැනීමේදී ජල සම්පාදන අමාත්‍යාංශය, චීන විද්‍යා ඇකඩමිය,පේරාදෙණිය විශ්ව විද්‍යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ජාතික විද්‍යා පදනම විසින් සපයන ලද දායකත්වය එහි සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් විය. එබැවින් මෙම ප්‍රධාන පාර්ශවකරුවන්ගෙන් ලද නොමද සහයෝගය බෙහෙවින් අගය කරනු ලැබේ.

The post ජල පර්යේෂණ හා තාක්‍ෂණය සවිබල ගන්වමින් චීන-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුමක් appeared first on ITN News.

Read More »

රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරය සැකසීමට පුරාණ චාරිත්‍රානුකූලව ජනපති නූල් පිළිගන්වයි  

0 comments

රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරය සැකසීම සඳහා නූල් පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෑතිස් ජනපති නිවසේදී සිදු කෙරුණා.

දෙවන පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. රාජ්‍ය කඨින මහෝත්සවය හා පඩු පෙවීමේ මංගල්‍යය ලබන 7 හා 8 යන දිනවල ඓතිහාසික සෝමාවතී පුදබිමේදී පැවැත්වීමට නියමිතයි. බතික් අත්යන්ත්‍ර හා දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය එය සැලසුම් කරනවා. කඨින චීවරය සදහා ජනාධිපතිතුමා, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත නූල් භාරදීම සිදු කළා.

මැදිරිගිරිය බිසෝපුර ගම්වැසියන් මෙම නූල්වලින් අත්යන්ත්‍ර යොදා ගනිමින් කඨින චීවරය සැකසීම හෙට (31) ආරම්භ කරනවා. දේශීය අත්යන්ත්‍ර භාවිතයෙන් ඉහළ ප්‍රමිතියෙන් යුත් සිවුරු අවශ්‍යතාව සපුරාලීමට ඉදිරියේදී පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපතිතුමා සමග මෙහිදී පැවසුවා.

 

 

 

The post රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරය සැකසීමට පුරාණ චාරිත්‍රානුකූලව ජනපති නූල් පිළිගන්වයි appeared first on ITN News.

Read More »

නිරෝධායන නීතිය කඩා තරු පන්තියේ හෝටලයක පැවැත්වූ මංගල උත්සවයක් පොලිසිය වටලයි  

0 comments

කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු පංතියේ හෝටලයක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවති විවාහ මංගල උත්සවයක් පොලීසිය මඟින් වටලනු ලැබුවා.

The post නිරෝධායන නීතිය කඩා තරු පන්තියේ හෝටලයක පැවැත්වූ මංගල උත්සවයක් පොලිසිය වටලයි appeared first on ITN News.

Read More »

තුර්කියට සහ ග්‍රීසියට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළට  

0 comments

තුර්කියට සහ ග්‍රීසියට බලපෑ භූ කම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. භූ කම්පනයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ තුර්කියේ ඉස්මීර් ප්‍රදේශයටයි. රිච්ටර් පරිමාණ ඒකක හතක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි විස්සකට අධික සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා. පසුකම්පන ද සියයකට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post තුර්කියට සහ ග්‍රීසියට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

කසළ බහලුම් 20ක් යළි ප‍්‍රතිනැව් ගත කරයි  

0 comments

කොළඹ වරායේ රඳවා තිබූ කසල බහාලුම් දෙසිය හතලිස් දෙකෙන් විස්සක් ප‍්‍රතිනැව් ගත කිරිම ආරම්භ වුණා. ඒ අභියාචනාධිකරණ නියෝගයකට අනුව.

එක්සත් රාජධානියේ සිට නීතිවිරෝධී ලෙස ආනයනය කර තිබූ කසල බහාලුම් 242ක් වහාම කි‍්‍රයාත්මක වන පරිදි යළිත් එරටට යවන ලෙසයි අභියාචනාධිකරණය පසුගියදා නියෝග කළේ.

එවැනි බහාලුම් 112 ක් කොළඹ වරායේ ඇති බවයි රේගු අධිකාරිය පවසන්නේ. තවත් බහාලුම් 130 ක් නිෂ්කාශනය කර ආයෝජනය මණ්ඩලය යටතේ කි‍්‍රයාත්මක පෞද්ගලික පරිශ‍්‍රයක තබා ඇති බවත් රේගු අධිකාරිය ප‍්‍රකාශකළා.

කොළඹ වරායේ තැන්පත් කර තිබෙන තවත් කසල බහාලුම් 65 ක් ලබන බදාදා එක්සත් රාජධානියට යැවීමට සූදානම් කර ඇති බවයි රේගු අධිකාරිය පවසන්නේ.

The post කසළ බහලුම් 20ක් යළි ප‍්‍රතිනැව් ගත කරයි appeared first on ITN News.

Read More »

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 10,000 ඉක්මවයි  

0 comments

මෙරටින් හදුනාගත් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දස දහස ඉක්මවූවා.

ඒ අද (30) දිනයේදී හදුනාගත් නව කොරෝනා රෝගීන් 314 දෙනෙකු ද සමගිනුයි. මේ වන විට දිස්ත්‍රික් 24 කින්ම කෙරෝනා ආසාදිතයින් වාර්තා වනවා.

ඒ අනුව මෙතෙක් හදුනාගත් මුළු ආසාදිතයන් සංඛ්‍යාව 10 105 ක්. ආසාදිතයින් 140 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

         

The post මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 10,000 ඉක්මවයි appeared first on ITN News.

Read More »

ඇඳිරි නීතියට කලින් බස්නාහිරින් පිටවූ අය සොයා මෙහෙයුම්  

0 comments

බස්නාහිර පළාත තුළ මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි. එය සදුදා (02) අළුයම පහ දක්වා බල පැවැත්වෙනවා. ඇඳිරිනීතියට පෙර බස්නාහිර පළාතෙන් පිට වූ අය සොයා මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.

 

 

The post ඇඳිරි නීතියට කලින් බස්නාහිරින් පිටවූ අය සොයා මෙහෙයුම් appeared first on ITN News.

Read More »

උසස්පෙළ ගිණුම්කරණ විෂය සඳහා වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර  

0 comments

උසස්පෙළ ගිණුම්කරණ විෂය සඳහා වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

 

The post උසස්පෙළ ගිණුම්කරණ විෂය සඳහා වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර appeared first on ITN News.

Read More »

පසුගිය පැස 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 24ක් අත්අඩංගුවට  

0 comments

ගෙවුණු පැය 24 තුළ ද ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

මේ අනුව ඇදිරිනීතිය කඩ කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සමස්ත සංඛ්‍යාව 1260 ක්.

The post පසුගිය පැස 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 24ක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ලෝහාශ්‍රිත පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ 29 දෙනෙකුට කොරෝනා  

0 comments

නවගමුව,  වෑක්කෙවත්ත ලෝහාශ්‍රිත පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ 29 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එහි සේවකයින් 80 දෙනෙකු පමණ කර්මාන්ත ශාලාව තුලදීම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කඩුවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රේමසිරි විජේසේකර මහතා සදහන් කළා. මෙම පිරිස අතර ඉන්දීය ජාතිකයින් කිහිප දෙනෙකුද වනවා.

 

 

The post ලෝහාශ්‍රිත පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ 29 දෙනෙකුට කොරෝනා appeared first on ITN News.

Read More »

PCR පරීක්ෂණ සිදුකරන මුවාවෙන් නිවසක් කොල්ලකයි  

0 comments

PCR පරීක්ෂණ සිදු කරන මුවාවෙන් කොල්ලකෑම් සිදුකරන කල්ලියක් පිළිබද  තොරතුරු හෙලි වී තිබෙනවා.

මහව කැත්තපහුව ප්‍රදේශයේ සිදුවූ එවැනි කොල්ල කෑමක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

 

The post PCR පරීක්ෂණ සිදුකරන මුවාවෙන් නිවසක් කොල්ලකයි appeared first on ITN News.

Read More »

හික්කඩුවේ පෞද්ගලික ඉඩමක සගවා තිබූ ආයුධ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

පොලිස් විශේෂ කාර්ය බලකාය හික්කඩුව වැල්ලවත්ත ප්‍රදේශයේ ඊයේ (29) සිදුකළ මෙහෙයුමකදී පෞද්ගලික ඉඩමක සගවා තිබූ අවි ආයුධ කිහිපයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ටී 56 වර්ගයේ ගිනි අවියක්, ඊට යොදන මැගසීනයක්, ටී 56 පතොරම් 973ක්,  ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා ජීව අත්බෝම්බ දෙකක් ද සොයා ගැනුණු අතර අවි සහ සැකකරු වැඩිදුර පරික්ෂණ සදහා හික්කඩුව පොලිසියට භාර දී තිබෙනවා.

 

 

The post හික්කඩුවේ පෞද්ගලික ඉඩමක සගවා තිබූ ආයුධ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඊයේ කොරෝනා රෝගීන් 586ක් – මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර 6313ක් වෙයි  

0 comments

මිනුවන්ගොඩ ඇගළුම් කම්හල සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 6313 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊයේ දිනය තුළ පමණක් අලුතින් හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 586 ක්.

ඊයේ  දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් අතුරින් එකසිය පහළොස් දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකුද ඊට ඇතුළත්.

සෙසු හාරසිය හැට හත් දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළදසල සහ ධීවර වරාය ආශ්‍රිතව හදුනාගත් ආසාදිතයින් වනවා. මිනුවන්ගොඩ ඇගළුම් කම්හල් කොරෝනා පොකුරේ එක් දහස් හතළිස් එක් දෙනෙකු එම ඇගළුම් කම්හල් සේවක සේවිකාවන්. සෙසු පන්දහස් දෙසීය හැත්තෑ දෙදෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් හා සමීපතමයින් වනවා.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් පන්සිය අසූ හය දෙනා අතරට ගම්පහ දිස්ත්‍රික්කයෙන් 207 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයේ 201 දෙනෙකු යාපනයේ 46 දෙනෙකු හා මොණරාගල දිස්ත්‍රික්කයේ 01 අයෙකු ඇතුළත්. එමෙන්ම ගාල්ල සහ නුවර එළිය දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 02 බැගින් ද බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 04 දෙනෙක් ද හම්බන්තොට හා කෑගල්ල දිස්ත්‍රික්කවලින් 01 ආසාදිතයා බැගින් ද රත්නපුර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 02 ද මෙසේ වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791 ක්. ඒ අතුරින්

ආසාදිතයින් 5630 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ 435 දෙනෙකු පසුවන අතර මෙතෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4192 ක්. මේ දක්වා මෙරටින් කොවිඩ් මරණ 19 ක් වාර්තා වී තිබෙනවා.

පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ද මේ වනවිට‌ කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා. ඉන් ආරක්ෂා වීමට පොලීසිය ගෙන ඇති පියවර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ පැහැදිලි කළා.

 

 

 

 

 

 

The post ඊයේ කොරෝනා රෝගීන් 586ක් – මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර 6313ක් වෙයි appeared first on ITN News.

Read More »

ඇඳිරිනීති කාලය තුළ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විවෘතව ඇති ඉන්ධන පිරවුම්හල්  

0 comments

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ විශේෂ සේවාවන් සඳහා බස්නාහිර පළාත තුළ විවෘත කර තැබෙන ඉන්ධන හල් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

The post ඇඳිරිනීති කාලය තුළ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විවෘතව ඇති ඉන්ධන පිරවුම්හල් appeared first on ITN News.

Read More »

කොවිඩ් තොරතුරු රැස් කරන නව “යෙදුම” (APP) ජනපතිට හඳුන්වා දෙයි  

0 comments

වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වලට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැනගත හැකි නව යෙදුමක් බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හදුන්වා දුන්නා.

කොවිඩ් ආසාදිතයින්,  ආශ්‍රිතයින්,  නිරෝධායනය, පීසීආර් පරික්ෂණ සේවා, නිරීක්ෂණ,  තීරණ ගැනීම්, ආසාදිතයින්ට ආසන්නතම ප්‍රදේශ සම්බන්ධ තොරතුරු ඇතුළු අත්‍යාවශ්‍ය දත්ත රැසක් නව යෙදුමෙන් ලබා ගත හැකියි. ජනාධිපති කාර්යාලයේදී  දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී නව යෙදුම ජනාධිපතිතුමා වෙත හදුන්වාදුන්නේ  බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධම්මිකා ජයරත්න මහත්මිය ප්‍රමුඛ කණ්ඩායමයි. අලුත් වර්ධනයන් පිලිබද තොරතුරු සෑමවිටම දැනගත හැකි අයුරින් යෙදුම සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී පෙන්වා දුන්නා.

රටපුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව 350 ක් . ඉන් 28 කින් කොරොනා ආසාදිතයින් වාර්තා වී ඇති බවත් සෙසු ප්‍රදේශවලට  වෛරසය පැතිරීම වැළැක්වීමට හැකි උපරිම පියවර ගෙන ඇති බවයි කාර්ය සාධක බලකායේ සාමාජිකයින් මෙහිදී සදහන් කළා.

වයිරසය පැතිරයාම වැලැක්වීමේ අරමුණින් පළමු හා දෙවන ආශ්‍රිතයින් ඇතුළු 41000 ක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි අහඹු ලෙස පීසීආර් පරික්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණ කළා.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් මෙම හමුට එක්ව සිටියා

 

 

The post කොවිඩ් තොරතුරු රැස් කරන නව “යෙදුම” (APP) ජනපතිට හඳුන්වා දෙයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG