Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ කොරෝනා රෝගීන් 586ක් – මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර 6313ක් වෙයි  

Add comments

මිනුවන්ගොඩ ඇගළුම් කම්හල සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 6313 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊයේ දිනය තුළ පමණක් අලුතින් හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 586 ක්.

ඊයේ  දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් අතුරින් එකසිය පහළොස් දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකුද ඊට ඇතුළත්.

සෙසු හාරසිය හැට හත් දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළදසල සහ ධීවර වරාය ආශ්‍රිතව හදුනාගත් ආසාදිතයින් වනවා. මිනුවන්ගොඩ ඇගළුම් කම්හල් කොරෝනා පොකුරේ එක් දහස් හතළිස් එක් දෙනෙකු එම ඇගළුම් කම්හල් සේවක සේවිකාවන්. සෙසු පන්දහස් දෙසීය හැත්තෑ දෙදෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් හා සමීපතමයින් වනවා.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් පන්සිය අසූ හය දෙනා අතරට ගම්පහ දිස්ත්‍රික්කයෙන් 207 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයේ 201 දෙනෙකු යාපනයේ 46 දෙනෙකු හා මොණරාගල දිස්ත්‍රික්කයේ 01 අයෙකු ඇතුළත්. එමෙන්ම ගාල්ල සහ නුවර එළිය දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 02 බැගින් ද බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 04 දෙනෙක් ද හම්බන්තොට හා කෑගල්ල දිස්ත්‍රික්කවලින් 01 ආසාදිතයා බැගින් ද රත්නපුර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 02 ද මෙසේ වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791 ක්. ඒ අතුරින්

ආසාදිතයින් 5630 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ 435 දෙනෙකු පසුවන අතර මෙතෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4192 ක්. මේ දක්වා මෙරටින් කොවිඩ් මරණ 19 ක් වාර්තා වී තිබෙනවා.

පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ද මේ වනවිට‌ කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා. ඉන් ආරක්ෂා වීමට පොලීසිය ගෙන ඇති පියවර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ පැහැදිලි කළා.

 

 

 

 

 

 

The post ඊයේ කොරෝනා රෝගීන් 586ක් – මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර 6313ක් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG