Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජමාට් ඊ ඉස්ලාමි සංවිධානය තහනම් කළ බව ඉන්දියාව කියයි  

0 comments

ජමාට් ඊ ඉස්ලාමි සංවිධානය තහනම් කළ බව ඉන්දියාව ප‍්‍රකාශ කළා.

නීතිවිරෝධී කි‍්‍රයා ඊට හේතුව බවයි ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ. වසර පහක කාලයක් සදහා මෙම තහනම බලපැවැත්වෙනවා.

ජම්මු – කාශ්මීර ආශි‍්‍රත ප‍්‍රදේශයේ නීතිවිරෝධී ආයතන වැටලීමේ වැඩපිළිවෙලක් රජය කි‍්‍රයාත්මක කළ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව මෙම සංවිධානය නීතිවිරෝධී බව ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

 

Read More »

නීතිවිරෝධී පොලිතින් නිෂ්පාදන අළෙවිසැලකට එරෙහිව නීතිමය පියවර  

0 comments

නීතිවිරෝධී පොලිතින් නිෂ්පාදන අළෙවිසැලක් වැටලීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ කුරුවිට ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකින්. හිමිකරුවන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ විමර්ශන එන් එස් ගමගේ මහතා ප‍්‍රකාශ කළේ.
නීතිවිරෝධී පොලිතින් භාවිතයෙන් තොර පරිසරයක් නිර්මාණය කිරිම සදහා මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදුකරන බවයි විමර්ශන අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නෙ.

Read More »

කුලියාපිටියේ දී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු ගැන පුළුල් විමර්ශන  

0 comments

කුලියාපිටියේ දී හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

 

 

 

 

Read More »

විශාලතම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ්  

0 comments

විශාලතම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔවුන් කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත‍්‍රාත් නිතිඥ දීමනී බැද්දේවෙල මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදුකළ වැටලිමකදී මෙම හෙරොයින් තොගය සොයා ගැනුණා. ඒ කොල්ලුපිටිය සුපිරි වෙළද සංකීර්ණයක රථ ගාලක තිබු වෑන් රථ දෙකකින්.මෙතෙක් ශ්‍රී‍්‍ර ලංකාවෙන් හමුවූ විශාලතම භෙරොයින් තොගය මෙය බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. රුපියල් මිලියන 2945 කට වැඩි වටිනාකමින් යුත් භෙරොයින් කිලෝ ග‍්‍රැම් 294 කට වැඩි ප‍්‍රමාණයක් එහිදි සොයා ගැනුණා.

Read More »

කොළඹට කුණු ගේන අය ගමට කුණු ගේන්න එපා කියයි  

0 comments

කසල කළමනාකරණය පාසලෙන් පටන් ගැනීම ඉතා වැදගත් බව  අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළකළේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ස්ථාපිත කරන ලද කසල සම්පත් කෙන්ද්‍රය විවෘත කිරිමෙන් අනතුරුවයි.

පාසල් දූ දරුවන්ට කසල කළමනාකරණය පිළිබද ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙමින් අනාගත පරපුරට පරිසරය සමග පවතින සබදතා වැඩි දියුණු කිරීමේ අරමුණෙන්  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අනුලා විද්‍යාලයේ ද කසල කළමනාකරණ කේන්ද්‍රයක් විවෘත කෙරුණා. ලංකා බැංකුව,  මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය එක්වයි මෙය සංවිධානය කරන්නේ. ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් සී පෙරේරා, මහා කළමනාකාර සෙනරත් බණ්ඩාර  යන මහත්වරුන් සහ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනී ජයනි ප්‍රිෂංගිකා මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්තාවට එක්ව සිටියා.

 

 

 

Read More »

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් සියලු පක්ෂ හා එක්ව කටයුතු කිරීමට සූදානම්  

0 comments

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් සියලු පක්ෂ හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.

මාතරදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

 

 

Read More »

ඉදිරියේදී මෙරට විශාල ආර්ථික පිබිදීමක්  

0 comments

මෙරට විශාල ආර්ථික පිබිදීමක් ඉදිරියේදී ඇතිවන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

ජාතික යටිතල පහසුකම් ගුණාත්මකත්වය සම්බන්ධයෙන් ප්‍රකාශනය එළිදැක්වීම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. යුරෝපා සංගමයේ සහ මෙරට වෙළෙද සබදතාවන්ට අදාළ ව්‍යාපෘතියක් ලෙසයි මෙම ප්‍රකාශනය එළිදැක්වූයේ. යුරෝපා සංගමයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

Read More »

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ දිනය දීර්ඝ කෙරේ  

0 comments

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ දිනය මාර්තු 15 දක්වා දීර්ඝ කර තිබෙනවා. එම දිනයෙන් පසුව එය කිසිසේත් දීර්ඝ කරන්නේ නැති බවයි ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.

වන විනාශය ඇතුළු යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදුවන ජාවාරම් නතර කිරීම සදහා එම කියත් ලියාපදිංචි කිරීමට තීරණය කළේ ජනාධිපතිතුමාගේ තීරණයකට අනුවයි. එය පසුගිය විසි වනදායින් ආරම්භ වුණා. එම කාලය ඊයේ(28) දිනයෙන් අවසන් වීමටයි නියමිතව තිබුණේ. යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ දිනය මාර්තු 15 වනදා දක්වා දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කිරීමත් සමග දිවයින පුරා පොලිස් ස්ථාන වෙතින් එම සහතික නිකුත් කෙරෙනවා. අදාළ ලියාපදිංචියෙන් පසු හදුනාගැනීම සදහා විශේෂ බලපත්‍රයක් සහ අංක තහඩුවක් නිකුත් කිරීමට නියමිතයි.

 

 

 

 

 

Read More »

අනුරාධපුරයේත් වී අස්වනු මිලදී ගැනීමට සූදානම්  

0 comments

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීමට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා.

එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් දෙදහසක උපරිමයක් මිලදී ගැනීමටයි කටයුතු කෙරෙන්නේ.

ඒ සම්බා වී කිලෝවක් රුපියල් 41 කටත් නාඩු වී කිලෝවක් රුපියල් 38 කටත් වන ලෙසයි.

මේ සදහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 150 ක්. එම මුදල් මේ වනවිටත් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලබාදී ඇති බවයි අමාත්‍ය පී හැරිසන් මහතා පවසන්නේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මෙවර මහ කන්නය සදහා හෙක්ටාර එක්ලක්ෂ විසිපන්දහසක වී වගාකර තිබෙනවා.

එහි අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික්ටොන් ලක්ෂ පහක්.

Read More »

බින්ලාඩන්ගේ පුතු හම්සා ගැන තොරතුරු දෙන අයෙකුට ඩොලර් මිලියනයක ත්‍යාගයක්  

0 comments

අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින්ලාඩන්ගේ පුතු වන හම්සා බින්ලාඩන් පිළිබඳ තොරතුරු ලබාදෙන ඕනෑම අයෙකුට ඇමෙරිකා ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බව ඇමෙරිකාව පවසනවා.

ඔසාමා බින්ලාඩන් 2011 වසරේ පාකිස්තානයේදී ඇමෙරිකා මැරීන් භට කණ්ඩායමක් අතින් ජීවිතක්ෂයට පත්වුණා.

ඉන් පසු ඔසාමා බින්ලාඩන්ගේ බිරින්දෑවරුන් සමග හම්සාට ද සෞදිඅරාබියට පැමිණීමට අවසර ලැබුණා.

30 හැවිරිදි වියේ පසුවන හම්සා බින්ලාඩන් අල්කයිඩා සංවිධානයේ වත්මන් නායකයා ද වනවා.

ඔහු පාකිස්තානයේ, ඇෆ්ගනිස්ථානයේ, සිරියාවේ හෝ ඉරානයේ ජීවත්ව සිටින බවට සැක පළකෙරෙනවා.

Read More »

ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරිම ගැන රටවල් රැසක අවධානය  

0 comments

පාකිස්ථාන අත්අඩංගුවට පත් වූ ඉන්දිය ගුවන් නියමුවා නිදහස් කිරිම සම්බන්ධයෙන් රටවල් රැසක අවධානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සාම වැඩපිලිවෙල වෙනුවෙන් ගුවන් නියමුවා අද දිනයේදී නිදහස් කරන බවයි පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කළේ .

එම ප‍්‍රකාශය පිළිබඳව ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

යුද්ධයකින් තොරව ගැටළුව විසඳාගැනීමට දෙපාර්ශවයම කටයුතු කළ යුතු බවයි බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙන්නේ.

Read More »

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට  

0 comments

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගමුව කොච්චිකඩේ ප‍්‍රදේශයේදි. පෑළියගොඩ උතුරු දිසා අපරාධ කොට්ටාසයයි වැටලීම සිදුකළේ.

අත්අඩංගුවටගත් අය අතර කාන්තාවක් ද සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කලා.

හෂිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 600ක් ඔවුන් ළඟ තිබී සොයා ගත්තා.

ඒවායේ වටිනාම රුපියල් ලක්ෂ 78 ඉක්මවන බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියා සිටියේ.

Read More »

බස් රථ අනතුරකින් අට දෙනෙකුට තුවාල  

0 comments

බස් රථ අනතුරකින් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගි බස් රථයක් ටිපර් රථයක හා ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. ඒ පරන්තන් ප‍්‍රදේශයේදි .

ටිපර් රථයේ ගැටුණු බස් රථය ඉන්පසුව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී තිබෙනවා.

තුවාල ලැබූවන් කිළිනොච්චිය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

Read More »

ඇමරිකාව සමඟ සාකච්ඡාවකට එක්නොවන බව උතුරු කොරියා නායකයා කියයි.  

0 comments

ඇමරිකාව සමඟ ඉදිරි සාකච්ඡා සඳහා එක් නොවන බව උතුරු කොරියාව ප‍්‍රකාශ කළා.

සාකාච්ඡා පැවැත්වීම ඇමරිකාවේ අවශ්‍යතාව වුවද තම ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුනොවන බවයි උතුරු කොරියා විදේශ අමාතය රී යොන් හෝ පෙන්වා දෙන්නේ.

දෙපාර්ශවය අතර සාකච්ඡාවක් වියට්නාමයේදී පැවැත්වුණා.

කිසිදු එකඟතාවකින් තොරව එය අවසන් වූ බවයි විදේස් මාධ්‍ය වාර්තා කළේ.

පනවා ඇති සියලු සම්බාධක ඉවත් කිරිමේ උතුරු කොරියා යෝජනාව ප‍්‍රතික්ෂේප කළ බවයි ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ.

එභෙත් සියලු සම්බාධක ඉවත් කිරිමේ ඉල්ලීමක් ඉදිරිපත් නොකළ බව උතුරු කොරියාව පෙන්වා දෙනවා.

Read More »

වඩාත් යෝග්‍ය ජනමත විචාරනයක්  

0 comments

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වඩාත් යෝග්‍ය වන්නේ පාර්ලිමේන්තු මතය නොව ජනමත විචාරනයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

Read More »

කොළඹට ජාත්‍යන්තර තෙත් බිම් සහතිකය  

0 comments

කොළඹ නගරයට අන්තර් ජාතික තෙත් බිම් සහතිකය ලැබී තිබෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

 

 

 

 

Read More »

තාජුඩීන් ඝාතනයට අරලියගහ මන්දිරයෙන් පිටවූ වාහන 4 ක් ගැන විමර්ශන  

0 comments

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන චෝදනාවට සම්බන්ධ ප්‍රධාන අපරාධකරු හදුනාගැනීමට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය කර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක,හිටපු පොලිස් ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා සහ හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මහාචාර්ය ආනන්ද සමරසේකර යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා පැවසුවේ තාජුඩීන්ගේ මරණය සිදුවූ දින අරලියගහ මන්දිරයේ සිට පිටවී ගිය වාහන 4 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.

Read More »

ශ්‍රී‍්‍ර ලංකාව සහ පකිස්ථානය අතර හෙටත් ගුවන් ගමන් අවලංගුයි  

0 comments

පකිස්ථානය සහ ශ්‍රී‍්‍ර ලංකාව අතර ගුවන් ගමන් හෙටත් (01) අත්හිටුවිමට තීරණය කර තිබෙනවා.

පකිස්ථානය තවමත් සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබීමයි ඊට හේතුව. එරට අන්තර්ජාතික ගුවන් සේවය ශ්‍රී‍්‍ර ලංකාව වෙත කි‍්‍රයාත්මක කරන සියලු ගුවන් ගමන් ද අත්හිටුවා තිබෙනවා. ඒ පිළිබද තොරතුරු ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ වෙබ් අඩවියට පිවිසිමෙන් හෝ නියෝජිත ආයතන හරහා ලබාගත හැකියි.

Read More »

මහජන බැංකුවේ නව සභාපති සිය ධුරයේ වැඩ භාරගනී  

0 comments

මහජන බැංකුවේ නව සභාපති ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා සිය ධුරයේ අද වැඩ භාර ගත්තා.

ආගමික වතාවත් මධ්‍යයයේයි නව සභාපතිවරයා වැඩ භාර ගැනීම සිදුකළේ. මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩ භාර ගැනීමේ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් මහතා මෙන්ම, බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් එක්ව සිටියා.

 

 

 

Read More »

අපි දිනාගත්ත දේවල් ආරක්ෂා කරගන්න ඕනෙ  

0 comments

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් දිනාගත් දෑ යළි ආපස්සට හැරවීමට ඉඩදිය යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

 

Read More »

ප‍්‍රංශ සහයෝගිතාවෙන් කිරි සැකසුම් මධ්‍යස්ථාන 6ක් සංවර්ධනයට පියවර  

0 comments

ප‍්‍රංශ ජනරජයේ සහයෝගිතාවෙන් කුඩා පරිමාණ කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් සංවර්ධනයට පියවර ගෙන තිබෙනවා.

දේශී්‍ය දියර කිරි ප‍්‍රචලිත කිරිමේ ව්‍යාපෘතියට සමගාමිව එය කි‍්‍රයාත්මක බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ. කඩුවෙල අත්තනගල්ල , පොලොන්නරුව , මඩකලපුව, වාරියපොල , වෙන්නප්පුව ප‍්‍රදේශවල කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් ඊට තෝරාගෙන තිබෙනවා.

එම මධ්‍යස්ථාන හරහා අගය එකතු කළ කිරි නිෂ්පාදනය කර අදාල ප‍්‍රදේශවල දියර කිරි පරිභෝජනය ප‍්‍රචලිත කිරිමයි අරමුණ. එක් ප‍්‍රතිලාභියෙකු සදහා රුපියල් මිලියන 300 ක් වටිනා කිරි සැකසුම් යන්ත‍්‍ර ලබාදිමට ද සැලසුම් කර තිබෙනවා. ඉන් සියයට පනහක මුදලක් රජයෙන් ලබාදෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.

Read More »

ඊශ‍්‍රායල සහ රුසියා නායකයන් අතර සාකච්ඡා  

0 comments

ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

සිරියාව තුළ පවතින තත්ත්වය පිළිබද එහිදි සාකච්චා කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. සිරියා අර්බුදයේ දි ඉරානයේ කි‍්‍රයාකාරිත්වය පිළිබදව ද දෙරටේ නායකයන් සාකච්ඡා කර තිබෙනවා.

ඉරානයේ කි‍්‍රයාකාරිත්වය මත ඊට ප‍්‍රතිචාර දැක්වීමට ඊශ‍්‍රායලය පසුබට නොවන බවයි අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එහිදී ප‍්‍රකාශ කළේ.

Read More »

එංගලන්ත ළමා කොමිසමෙන් හෙළිදරව්වක්  

0 comments

අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධව සිටින ළමයින් සම්බන්ධයෙන් එංගලන්ත ළමා කොමිසම තොරතුරු හෙළි කලා.

අවුරුදු 10 ත් 17 ත් අතර වයස් ඛාණ්ඩයේ ළමයින් විසිහත් දහසක් විවිධ අපරාධ කන්ඩායම්වලට සම්බන්ධ බවයි හෙළි වුණේ. එංගලන්තයේ ළමයින්ගෙන් තුන්ලක්ෂ දහතුන් දහසක් විවිධ කල්ලිවල සාමාජිකයෙකු හෝ හඳුනන බව එම කොමිසම නිකුත් කළ වාර්තාවක සඳහන්. ඉන් තිස් හතර දහසකට ප‍්‍රචන්ඩකාරි අපරාධ සම්බන්ධයෙන් අත්දැකීම් පවතින බවත්, එම වාර්තාවේ දක්වා තිබෙනවා.

Read More »

දකුණු පළාත් සභාවේ නිදහස් ස්නධාන මන්ති‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්පකුමාරට ඇප  

0 comments

අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් ස්නධාන මන්ති‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්පකුමාර ඇප මත මුදාහැර තිබෙනවා.

රුපියල් විසිපන් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් ඔහුට නියම කිරිමටයි ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේ.

අක්මීමන බටදුව ප‍්‍රදේශයේ 16 හැවිරිදි දැරියකට අතවර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ අනුවයි මන්ති‍්‍රවරයා නීතිඥයෙකු මාර්ගයෙන් අක්මීමන පොලිසියට භාර වුණේ.

Read More »

කුවේට් රාජ්‍යයේ රැදී සිටි ගෘහ සේවිකාවන් 50 දෙනෙකු දිවයිනට  

0 comments

කුවේට් රාජ්‍යයේ සිටි ශ‍්‍රි ලාංකික ගෘහ සේවිකාවන් පනස් දෙදෙනෙකු දිවයිනට පැමිණියා.

ඉන් 46 දෙනෙකු වසරකටත් වඩා අඩු කාලයක් එරට ගෘහ සේවයේ රැදී සිටි කාන්තාවන්. විවිධ ගැටලු සහ කරදරවලට මුහුණ දුන් මෙම පිරිස කුවේට් හි ශ‍්‍රිලංකා තානාපති කාර්යාලයට අනුබද්ධ රැදවුම් මධ්‍යස්ථානයකයි රැදී සිටියේ. කාන්තාවන් පනස් දෙදෙනාගෙන් 44 දෙනෙකු මෙරටට පැමිණ ඇත්තේ එරට රජය මගින් නිකුත් කළ තාවකාලික ගුවන් ගමන් බලපත‍්‍ර භාවිත කරමින්.

ඉන් 35 දෙනෙකු ගුවන් ප‍්‍රවේශපත‍්‍ර ඔවුන්ගේ වියදමින් ලබාගෙන ඇති බව ද ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප‍්‍රකාශ කළා. මෙම සියලුදෙනාට තම නිවෙස් වෙත යාම සදහා ප‍්‍රවාහන දිමනාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

කාන්තා දිනය තේමා කරගනිමින් උද්ඝෝෂණ පාගමනක්  

0 comments

ජාත්‍යන්තර කාන්තා දිනය තේමා කරගනිමින් උද්ඝෝෂණ පාගමනක් හෙට (01) කොළඹ විහාරමහාදේවී පරිශයෙන් පෙ.ව.8.00ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන අමාත්‍ය චන්ද්‍රනි බණ්ඩාර මහත්මිය සඳහන් කරයි.

මේ සඳහා කාන්තා අයිතීන් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රභූ ආර්යාවන් ප්‍රමුඛ පාර්ලිමේන්තු කාන්තා සංසදය, පළාත් පාළන ආයතනවල කාන්තා නියෝජිතවරියන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන් ඇතුළු කාන්තා බල මණ්ඩල සාමාජිකාවන්, විශ්වවිද්‍යාල සිසුන් සහභාගීවීමට නියමිතය.

Read More »

අනුරාධපුර රෝහලේ යන්ත‍්‍රයක් කඩා මුදල් පැහැරගත් පුද්ගලයෙක් අත්අඩංගුවට  

0 comments

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සවිකර තිබු ස්වයංක‍්‍රිීය යන්ත‍්‍රයක් කඩා එහි මුදල් පැහැරගැනීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද අලුයම් කාලයේදිී. රෝහලේ බාහිර රෝගී අංශය ආශ‍්‍රිතව සවිකර තිබු මෙම ස්වයංක‍්‍රීය යන්ත‍්‍රය පෞද්ගලික ජංගම දුරකථන සමාගමකට අයත් වූවක්. එය කඩා සේප්පුව රැගෙන යාමට උත්සාහ කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහල් ආරක්ෂක නිලධාරීන් විසින්. 25 හැවිරිදි සැකකරු විජයපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

Read More »

වසන්ත කරන්නාගොඩ ගොණු කළ පෙත්සම සලකා බැලීම කල්යයි  

0 comments

තරුණයින්  11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වලකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොණු කළ පෙත්සම ලබන 07 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි පෙත්සම විභාගයට ගැනුණේ. පෞද්ගලික හේතුවක් මත පෙත්සම් විභාගයෙන් ඉවත්වන බව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා දැනුම් දුන්නා. ඒ අනුවයි පෙත්සම සළකා බැලීම කල් තැබුණේ.

මේ අතර වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි පරික්ෂණ අවසන් කර ඇති බැවින් ඔහුට එරෙහිව අධිකරණයේ චෝදනා ගොණු කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට  දැනුම් දුන්නා.

 

 

 

 

.

 

 

Read More »

ජනක රණවකට එරෙහි නඩු විභාගය කල්යයි  

0 comments

කෝට්ටේ හිටපු නියෝජ්‍ය නගරාධිපති මධුර විතාන මහතාගේ පරිඝණක දත්ත වෙත නීති විරෝධී ලෙස ප්‍රවේශ වීමේ චෝදනාවට අදාළව හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනුණා.

පරිඝණක අපරාධ පනත යටතේයි විත්තකරුවන්ට එරෙහිව චෝදනා ගොණුකර තිබෙන්නේ. චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදි මූලික විරෝධතා ඉදිරිපත් කරන බව විත්තියේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට මීළඟ දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝග කෙරුණා.  නඩුව මැයි මස 27 වනදා යලි කැදවීමට නියමිතයි.

 

 

 

Read More »

නවීකරණය කළ නාලන්දාවේ මලලසේකර රඟහල සිසු අයිතියට  

0 comments

ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ නාලන්දා විද්‍යාලයීය මලලසේකර සමරු රඟහල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අද(28) උදෑසන විවෘත කරනු ලැබීය.

ආදි ශිෂ්‍ය , දෙමාපිය අරමුදලින් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ මූල්‍යමය දායකත්වයෙන්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ඇතුව මෙම රඟහල ප්‍රතිසංස්කරණය කොට නවීකරණය කොට ඇත. නාලන්දා විදුහලේ නිර්මාතෘ ලෙස සැලකෙන විදුහලේ පළමු විදුහල්පති වන ගුණපාල මලලසේකර මැතිඳුන්ට උපහාර පිණිස මෙම රඟහල මලලසේකර රඟහල නමින් නම් කර ඇත.2006 වසරේ අප්‍රේල මස 06 වන දින රඟහලේ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් රඟහල ගිනිබත් වී විනාශ විය. එවකට විදුහල්පතිවරයා වූ හේමන්ත ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් රඟහල ප්‍රතිසංස්කරණය කිරීම නැවත ආරම්භ විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ මෙම වසර 4 තුළ පාසල් 9500කට ආසන්න ප්‍රමාණයකට ගොඩනැගිලි ඉදිකර දී ඇති බවයි.

සමස්ත පාසල් පද්ධතියම දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවත්ආනමඩුව දිස්ත්‍රික්කය තුළ පමණක් පාසල් 206න් පාසල් 87කට පමණ තට්ටු ගොඩනැගිලි ඉදි කර දී ඇති බවත් ටකරන් හෝ පොල් අතු වහළ අද රටේ කිසිම ප්‍රදේශයක නොමැති බවත්ය.එපමණක් නොව විද්‍යගාර , ජංගම විද්‍යාගාර සහ පුස්තකාල සඳහා මිලියන 700ක පමණ පොත් පත් ලබා දී ඇති බවත්ය. 60% ක් පමණ විදුලිය තිබූ පාසල් මේ වන විට 98%ක් පමණ පාසල් වලට විදුලිය ඇති බවත්ය.

භෞතික සම්පත් පමණක් නොව මානව සම්පතද දියුණු කරමින් විදුහල්පතිවරුන්, ගුරුවරු, ක්‍රීඩා උ‍්පදේශකවරු බඳවා ගැනීමට අවශ්‍ය කටයතුද සිදු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

නවීන ලෝකයට යන්න, ලෝකයේ දැනුම බෙදා ගන්න ඩිජිටල් පංති කාමර විදුහල් වලට ලබා දී ඇති බවත් නාලන්දා විදුහලටද ඩිජිටල් පංති කාමරයක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

මම මේ පුටුවේ අද හිටියට හෙට තව කෙනෙක් ඉන්න පුළුවන්. ඒත් අපි ගන්න ඕන තීරණ අපි ගන්න ඕන. එතකොට තමයි රටක් විදියට අපට ඉදිරියට යන්න පුළුවන්. අපි සාම්ප්‍රදායිකව කටයුතු කළොත් රටක් විදියට ඉදිරියට යන්න බැහැ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙහිදී රඟහල ප්‍රතිසංස්කරණය සඳහා මූල්‍යමය දායකත්වය ලබා දුන් ආදි නාලන්දීයන්ට සමරු තිළිණ ලබා දුන් අතර රුපියල් මිලියන 100කට අධික ප්‍රතිපාදන ලබා දෙමින් මූල්‍යමය දායකත්වය ලබා දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යතුමාට විශේෂ සමරු තිළිණයක්ද ලබා දුණි. තවද මලලසේකර රඟහල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබා දුන් හිටපු ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල සහ එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති ඇතුළු ගුවන් හමුදාවේ සියලු නිලධාරින්ට විදුහල්පති තිලක් වත්තුහේවා මැතිඳුන්ගේ විශේෂ ස්තුතිය හිමි විය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්, ආනන්ද, රාජකීය ඇතුළු කොළඹ පාසල් වල විදුහල් වල විදුහල්පති වරුන්ද එක්ව සිටියහ.

Read More »

කාන්තාවන්ටත් ත්‍රි වීලර් හා යතුරු පැදි අළුත්වැඩියාව පිළිබඳ පාඨමාලාවක්  

0 comments

කාන්තාවන් සවි බලගැන්විම උදෙසා ශ්‍රි ලංකා කාන්තා කාර්යංශය විසින් ඩේවිඩ් පිරිස් මෝටර් රථ සමාගම හා ජාතික ආධුනික හා පුහුණු කිරිමේ ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ත්‍රි වීලර් හා යතුරු පැදි අළුත්වැඩියාව පිළිබඳ මාස 06ක පාථමාලාවක් ආරම්භ කර ඇතැයි අද(28) රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දි කාන්තා කාර්යංශයේ අධක්ෂ චම්පා උපසේන මහත්මිය පැවසුවාය.

මේ යටතේ ත්‍රිවීලර් රථ අලුත් වැඩියා කිරිම,අමතර කොටස් සම්බන්ධයෙන් දැනුම ලබා දිම, හා ඒ ආශ්‍රිතව රැකියා අවස්ථාවන් සඳහා කාන්තාවන් යොමු කිරිම මෙහි අරමුණ වේ.මෙහිදි කාන්තාවකට තනිව ම ත්‍රිවීලර් රථයක් අලුත් වැඩියා කිරිමේ පුහුණුව මෙම පාඨමාලාවෙන් ලබා දිම හා ඒ සඳහා NVQ පාඨමාලාව සහතික පත්‍රයක් ලබා දිම අදහස් කරන බව අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසිය.

මේවන විට කළුතර,පොළොන්නරුව,කිලිනෝච්චිය,අනුරාධපුරය යන දිස්ත්‍රික්වල මෙම පාඨමාලාව අවසන් වි ඇති අතර ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල මෙම පාඨමාලාව ක්‍රියාත්මක වේ.

කිසිදු වයස් සීමාවක් හා අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නොවන අතර ඕනැම වයස් මට්ටමක හා ඕනෑම අධ්‍යාපනික මට්ටමක කාන්තාවකට මෙම පාඨමාලාවට ඉල්ලුම් කළ හැක.ඉල්ලුම්පත් කාන්තා කාර්යංශයට ලබා දිය යුතු බව දි කාන්තා කාර්යංශයේ අධක්ෂ චම්පා උපසේන මහත්මිය පවසයි.

Read More »

කයිරෝ අගනුවර දුම්රිය ස්ථානයේ ගින්නෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඊජිප්තුවේ කයිරෝ අගනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම සිද්ධිය මුල් කරගනිමින් එරට ප්‍රවාහන අමාත්‍යවරයා ඉල්ලි අස්වී තිබෙනවා.

දුම්රියක් කොන්ක්‍රීට් බාධකයක ගැටීමත් සමගම ගින්න හටගත්තා. ගින්නෙන් තුවාල ලැබු පුද්ගලයින් 43 දෙනෙකු පමණ රෝහල් ගත කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ. කෙසේවෙතත් ගින්නෙන් පසුව ඊජිප්තු ප්‍රවාහන ආමත්‍ය හිෂාම් අර්ෆත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ගින්නෙන් මියගිය පිරිසගේ සිරුරු තහවුරු කර ගැනීමට මේ වන තෙක් හැකියාවක් ලැබී නැති බව ද එරට වාර්තා සදහන් කරනවා. දුම්රිය මෙසේ කොන්ක්‍රීට් බාධකයේ ගැටීමට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

Read More »

ඩොනල්ඩ් ට්‍රම්ප් හා කිම් ජොන් උන් දෙවන හමුව අද  

0 comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර දෙවන වටයේ සාකච්ඡා අද පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා රාජ්‍ය නායකයින් වියට්නාමයේ හැනෝයි අගනුවරට පැමිණ සිටිනවා. එම හමුව අද සහ හෙට යන දිනයන් හිදී පැවැත්වීමට නියමිතයි. ඔවුන් අතර කෙටි සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රාහයකටද සහභාගි වීමට නියමිතයි. මේ අතර ඇමෙරිකා ජනාධිපතිවරයා සහ වියෙට්නාම ජනාධිපති නුයෙන් ෆු ට්‍රන්ග් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී දෙරට අතර ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබුණා. කොරියා අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව ද ඇමෙරිකා හා උතුරු කොරියා නායකයින් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මේ වනවිට වියට්නාමෙය් හැනෝයි අගනුවරට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවද වාර්තා වනවා.

Read More »

මහරගම පොලිසියේ කොස්තාපල්වරයෙකු සියදිවි හානිකරගනී  

0 comments

මහරගම පොලිසියේ රථවාහන අංශයේ සේවය කළ කොස්තාපල්වරයෙකු හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

ඔහු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගැනීම සිදුකර ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

29 හැවිරිදි මෙම පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර තලාව ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක්. සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් හෙළිවී නැති බවයි පොලිසිය සදහන් කළේ.

Read More »

වධක තනතුරට අයදුම්පත් 102 ක්  

0 comments

වධක තනතුර සදහා අයදුම්පත් 102 ක් ලැබී ඇති බව බන්ධනාගාර දෙපාර්තමෙන්තුව ප‍්‍රකාශ කළා.

විදේශිකයෙකුගේ අයදුම්පතක් ඒ අතර තිබිම විශේෂත්වයක්. ඔහු ඇමරිකා ජාතිකයෙකු බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

වදක තනතුර සදහා අයදුම්පත් භාරගැනිම පසුගිය 25 වනදායින් අවසන් වුණා. සම්මුඛ පරික්ෂණ කඩිනමින් පවත්වා වදක තනතුරට දෙදෙනෙකු බදවාගැනීමටයි නියමිත.

Read More »

ජනතා සේවයට කැපවූ දේශපාලනඥයෙකු ලෙස ජෝන් අමරතුංග හැදින්විය හැකි – ජනපති  

0 comments

ජනතා සේවයට කැපවූ ජනතාවගේ පිලිගැනීමට ලක් වූ දේශපාලනඥයෙකු ලෙස අමාත්‍ය ජෝන් අමරතුංග මහතා හැදින්විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළා. ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කළ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස්  පල කළා.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තුවට පිවිසියේ ගම්පහ දිස්ත්‍රික්කයෙනුයි. අමාත්‍ය ධුර රැසක් මෙන්ම කතානායක සහ විපක්ෂනායක ඇතුළු ධුර රැසක් හෙබවූ ඒ මහතා පරිනත දේශපාලනඥයෙක්. ඒ මහතාගේ දේශපාලන  දිවියට වසර 40 ක් පිරීම වෙනුවෙන් සංවිධාන කළ මෙම උත්සවය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයී.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතාද මෙහිදී අදහස් දැක්වුවා.

අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීමටද මෙහිදී කටයුතු කෙරුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද, මැති ඇමතිවරුන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

Read More »

මන්නාරම දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම ඇරඹෙයි  

0 comments

මන්නාරම දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරුණා. තම නිෂ්පාදන සහතික මිලට මිලදී ගැනීම පිළිබද ගොවි ජනතාව රජයට ප්‍රශංසාව පළ කරනවා.

මන්නාරම දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම ආරම්භ කෙරුණේ වී අලෙවි මණ්ඩලය මගිනුයි. මන්නාරම නානාට්ටන් සහ අක්කරවේලි යන වී ගබඩාවල මිලදී ගැනීම් සිදු කෙරෙනවා.

මන්නාරම දිස්ත්‍රික්කයේ හෙක්ටාර විසිහතර දහසක පමණ මෙවර වී වගා කෙරුණා. ඉන් සාර්ථක අස්වැන්නක් ලැබී ඇති බවයි ගොවි ජනතාව පවසන්නේ. එම අස්වනු මිලදී ගැනීම සිදුකෙරෙන්නේ සම්බා වී කිලෝවක් රුපියල් 41 කට හා නාඩු වී කිලෝවක් රුපියල් 38කටයි.

 

 

 

Read More »

ශ‍්‍රී ලංකා මියන්මාර සහයෝගීතාව ඉහළ නැංවීමේ තවත් වැඩපිළිවෙලක්  

0 comments

ශ‍්‍රී ලංකා මියන්මාර සහයෝගීතාව ඉහළ නැංවීමේ තවත් වැඩපිළිවෙලක් ආරම්භ වුණා.

ඒ සඳහා එරට මාධ්‍යවේදින් පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන් ශ‍්‍රී දළදා මාළිගාව වැඳපුදා ගත්තා. අනතුරුව මල්වතු පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

Read More »

අභාවප්‍රාප්ත හේමසිරි ජයලත් මහතා ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි  

0 comments

අභාවප්‍රාප්ත හේමසිරි ජයලත් මහතාගේ දේහයට ජනාධිපති අවසන් ගෞරව දැක්වුවා. මේ අතර හිටපු අමාත්‍ය  රාජා සමරනායක මහතාගේ දේහයට අවසන් ගෞර ව දැක්වීමට අග්‍රාමාත්‍යවරයා ඒ මහතාගේ නිවස වෙත පැමිණියා.

වෘත්තීය සමිති නායකයතු වූ හේමසිරි ජයලත්  මහතාගේ දේහය තැම්පත් කර තිබූ කොළඹ පෞද්ගලික මල්ශාලාව වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වුවා. අනතුරුව ජයලත් මහතාගේ පවුලේ ඥාතීන් වෙත ජනාධිපතිතුමා සිය ශෝකය ද පල කළා. අභාවප්‍රාප්ත හේමසිරි ජයලත් මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු ඊයේ (27) පස්වරුයේ සිදු කෙරුණා.

මේ අතර හිටපු අමාත්‍යවරයකු වූ රාජා සමරනායක මහතා අභාවප්‍රාප්ත වුණා. ඒ මහතා මිය යන  විට 83 වන වියෙහි  පසුවුණා. රාජා සමරනායක මහතාගේ දේහය තැම්පත් කර ඇති බණ්ඩාරගම අටලුගම පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේහයට අවසන් ගෞරව දැක්වුවා. අනතුරුව ඥාතීක් වෙත සිය ශෝකයද පල කළා. කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අභාවප්‍රාප්ත රාජා සමරනායක මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු බණ්ඩාරගම පොදු සුසාන භූමියේදී අද(28)  පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

Read More »

ඖෂධ වර්ග 27ක මිළ අඩු කිරීමට රාජිත සූදානම්  

0 comments

ඖෂධ වර්ග 27ක මිළ ඉදිරියේදී අඩු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා.

මේ වනවිටත් වර්ග 73ක මිළ පහත දමා තිබෙනවා. ඒ අනූව විවිධ වෙළඳ නාම යටතේ පවතින ඖෂධ වර්ග දහසක පමණ මිළ කඩිනමින් අඩු කිරීමට හැකි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. නිදහස් සෞඛ්‍ය සේවාවේ ප‍්‍රතිලාභ ජනතාවට උපරිමයෙන් ලබාදීමයි වැඩපිළිවෙලේ අරමුණ.

Read More »

16 හැවිරිදි දැරියක් දූෂණය කළ පලාත් සභා මන්ත‍්‍රී  

0 comments

දකුණු පලාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පොලීසියට භාරවී තිබෙනවා. ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ 16 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන්. මන්ත‍්‍රීවරයා නීතිඥවරයෙකු මගින් අද උදෑසන අක්මීමන පොලීසියට භාරවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.

Read More »

ආනපල්ලමේ පැය 06 ක අලි මෙහෙයුම (video)  

0 comments

වැල්ලවාය ආනපල්ලම ගම්මානයට ඊයේ (27) රාත්‍රියේ කඩාවැදුණු වනඅලියෙකු උදෑසන තෙක්ම එහි රැදී සිටීම හේතුවෙන් ජනතාව දැඩි භීතියට පත්වුණා. පැය 6 ක පමණ මෙහෙයුමකින් පසු වනඅලියා පලවා හැරීමට හැකිවී තිබෙනවා.

මෙම වනඅලියා නිරන්තරයෙන් ගම්මානයට පැමිණෙන බව ප්‍රදේශවාසීන් පවසනවා. ඔවුන් කියාසිටින්නේ වනඅලියා අන්ධ සත්ත්වයෙකු බවයි. ඊයේ රාත්‍රියේ ආනපල්ලම ගම්මානයට පැමිණි වනඅලියා රාත්‍රිය පුරාම ගම්මානයේ සැරිසරමින් සිට තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමත් සමග පැමිණි වැල්ලවාය වනජීවී නිලධාරීන් වනඅලියා පලවා හැරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළා.

අද (28) උදෑසන වනඅලියා පලවා හරින අවස්ථාව වන විට වැල්ලවාය ආනපල්ලම කණිෂ්ඨ විද්‍යාලයේ කටයුතු ද ආරම්භ වී තිබුණා. වනඅලියා පාසල ආසන්නයට පැමිණීමත් සමග පාසලේ කටයුතුවලට ද දැඩි බාධා එල්ල වූ බවයි වාර්තා වුණේ. එම ගම්මානය වටා ඇති අලිවැට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සිදුවන වනඅලින්ගේ තර්ජන නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. අලිවැට විධිමත්ව සකස් කරන දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

 

Read More »

අවිආයුධ සම්බන්ධ නව නීතියට ඇමරිකා නියෝජිත මන්ත‍්‍රී මණ්ඩල අනුමැතිය  

0 comments

අවිආයුධ සම්බන්ධ නව නීිතියට ඇමරිකා නියෝජත මන්ත‍්‍රී  මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ආයුධ අළෙවි කරන පුද්ගලයන්ගේ සියලු තොරතුරු ලබා ගැනීමයි අරමුණ වී තිබෙන්නේ. අන්තර්ජාල ක‍්‍රියාකාරකම් පිළිබඳව ද එහිදී විශේෂ අවධානයට ලක්වනවා. අවිආයුධ භාවිතය හේතුවෙන් ඇමරිකාවේ හිංසාකාරි ක‍්‍රියා උත්සන්න වුණා. ඒවා පාලනයට වැඩපිළිවෙල ඉවහල් වන බවයි බලධාරින් පවසන්නේ.

Read More »

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා  

0 comments

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කළුතර ප්‍රදේශයේ  සිදු වූ පීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ගාල්ල සිට පැමිණි 380 දරණ දුම්රියයි කළුතර දකුණ ප්‍රදේශයේදී  මෙසේ දුම්රිය පීලි පැනීමට ලක් වුණේ. මේ හේතුවෙන් දුම්රිය මාර්ගයට මෙන්ම මැදිරි කිහිපයකටද දැඩි හානි සිදු වුණා. දුම්රිය දෙකක් එක්කර  ධාවනය කෙරුණු දුම්රියකුයි පීලි  පැනීමට ලක් වු‍ණේ. ඒ සමඟ එක් දුම්රියකින් මගී ජනතාව කොළඹ  වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු කෙරුණා.

මේ වන විට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ හේතුවෙන් මුහුදුබඩ  දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බවයි පාලක මැදිරිය සදහන් කළේ.

 

 

Read More »

යල කන්නයේ බඩ ඉරිගු වගාවට දින නියම කෙරේ  

0 comments

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යල කන්නයේ බඩ ඉරිගු වගාව ආරම්භ කිරිමට දින නියම කළා. ලබන මැයි මස පලමු වනදා සිට 15 වනදා දක්වා කාලසීමාව ඒ සදහා සුදුසු බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා සදහන් කළේ.

සේනා දළඹු හානිය ව්‍යප්තවීම වැලැක්වීම සදහා මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ. වැසි නොලැබීම වැනි හේතුන් මත වගාකළ යුතු කාලය වෙනස්විය හැකි බැවින් ඒ පිළිබඳව ගොවීන් දැනුවත් කිරිමටද පියවර ගෙන තිබෙනවා.

Read More »

උතුරේ සියලුම සිද්ධස්ථාන සංරක්‍ෂණය කරන බව ආණ්ඩුකාරවරයා කියයි  

0 comments

උතුරු පළාතේ සියලුම සිද්ධස්ථාන සංරක්‍ෂණය කරන බව එම පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. වව්නියාව ශ්‍රී බෝධිදක්‍ෂිණාරාමයේ පැවති සාකච්ඡාවේදී ඒ මහතා මෙම අදහස් පළ කළා.

ආගමික සහජීවනය ගොඩනැගීම වෙනුවෙන් සර්ව ආගමික සමුළුව ද මාර්තු මාසයේ වව්නියාවේදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ සාකච්ඡාවක් ආගමික හා රාජ‍්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් වව්නියාවේදී පැවැත්වුණා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා.

 

 

 

Read More »

ලඟම පාසල හොදම පාසල ව්‍යාපෘතියේ ඉදිකිරිම් 200ක් හෙට සිසු අයිතියට  

0 comments

ලගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ ඉදිකිරීම අවසන් කළ ව්‍යාපෘති දෙසියක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. එහි ජාතික උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (01) සිදු කිරීමට නියමිතයි. ඒ කුලියාපිටිය නගර සභා පිටියේදී.

කුලියාපිටිය ශාන්ත ජෝෂප් විදුහලේ තෙමහල් ගොඩනැගිල්ල ,  කුලියාපිටිය සාරානාත් විදුහලේ අංගසම්පූර්ණ ශ්‍රවනාගාරය සහ කුලියාපිටිය ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල ඇතුලු පාසල් දෙසියක ව්‍යාපෘති දෙසීයක් මේ අනුව සිසු අයිතියට පත් කිරීමටයි  කටයුතු යොදා තිබෙන්නේ.

ලඟම පාසල හොදම පාසල වැඩසටහනේ සමස්ථ ව්‍යාපෘති වෙනුවෙන් ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 65000 ක්. රුපියල් මිලියන 3938 ක මුදලක් මෙහි  මූලික ව්‍යාපෘති දෙසීය  සදහා වැය කර තිබෙනවා. පාසල් නවදහස් හැට තුනක ව්‍යාපෘති දහඅටදහසක්   මේ වනවිටත් ක්‍රියාත්මකයි.

 

 

 

 

 

 

Read More »

අක්ෂි කාච සහ ස්ටෙන්ස් නොමිලේ ලබාදීම සඳහා අයවැය යෝජනාවක්  

0 comments

ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමිලේ ලබාදීම සඳහා අයවැය යෝජනාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා.

නිදහස් සෞඛ්‍ය සේවාවේ ප‍්‍රතිලාභ වඩාත් ශක්තිමත් කිරිමයි මෙහි මුලික අරමුණවී තිබෙන්නේ. රුපියල් බිලියන 10ක මුදලක් ඒ සඳහා වෙන්කරන ලෙසටයි ඉල්ලා තිබෙන්නේ.

සියලුම රෝග පරික්ෂණ රෝහල් තුළින් සිදු කෙරෙන අතර එම පහසුකම් නොමැති අවස්ථාවලදී බාහිර රසායනාගාරවලින් රජයේ වියදමින් පරික්ෂණ සිදුකිරිමට කටයුතු යොදා තිබෙනවා. එම වැඩපිළිවෙල සඳහා ද මේ වසරේදී පහසුකම් වැඩි කිරිමයි අපේක්ෂාවයි. මානසික සෞඛ්‍ය ප‍්‍රවර්ධනයට ද අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

Read More »

මධ්‍යම පළාතටත් අද සිට සුව සැරිය  

0 comments

සුව සැරිය සේවය අද සිට මධ්‍යම පළාතේ ක‍්‍රියාත්මක වනවා. ඒ අනූව මාතලේ , මහනුවර සහ නුවරඑළිය ජනතාවට ගාස්තු රහිත පූර්ව රෝහල් ප‍්‍රතිකාර සේවාවක් හිමිවන බවයි අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ.

නැගෙනහිර පළාතේ ඉදිරි දින කිහිපය තුළ එය ක‍්‍රියාත්මක කිරිමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනූව සමස්ථ දිවයිනේම සුවසැරිය සේවය ක‍්‍රියාත්මක බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

Read More »

Recent News

Gossip Lanka MAG