Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අරලියගහ මන්දිරයේ ඉන්න බැහැ  

0 comments

රනිල් වික්‍රමසිංහ එලවා දමා ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති පරාජය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතරදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

Read More »

කටුනායක නව ගුවන් යානා අංගනයක් ඇතුලු මගී පර්යන්තවල පහසුකම් පුළුල් කිරීමට පියවර  

0 comments

කටුනායක ගුවන්තොටුපොළේ නව ගුවන් යානා අංගනයක් ඇතුලු මගී පර්යන්තවල පහසුකම් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු යටතේ නව ගුවන් යානා අංගනයක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ජයිකා ආයතනයේ සහන ණය ආධාර යටතේ ඉදිකෙරෙන ගුවන් යානා අංගනය සදහා රුපියල් දස ලක්‍ෂ හයදහසක් වැය කෙරෙන බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පෙන්වා දෙනවා. දැනට පවතින අංගනය තුළ ගුවන් යානා 24ක් නවතා තැබීමේ පහසුකම් පවතිනවා. නව අංගනය ඉදිකිරීමත් සමග තවත් ගුවන් යානා 25ක් නවතා තැබීමට හැකිවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙමගින් දැනට ඇති ගුවන් යානා තදබදය අවම කර ගැනීමට ද හැකිවනු ඇති. මෙහි ඉදිකිරීම් කටයුතු ලබන ඔක්තෝබර් මාසය වන විට නිම කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ගුවන් මගීන්ගේ පහසුව සදහා පිටවීමේ සහ පැමිණීමේ පර්යන්තවල ද නවීකරණ කටයුතු කිහිපයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මෙහි ප්‍රගතිය පරික්‍ෂා කිරීම සඳහා විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවති අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ගුවන් තොටුපොළ පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකට ද එක්වුණා.

 

Read More »

තවත් ප‍්‍රබල භූ කම්පනයක් හිමාල අඩවියේ  

0 comments

තවත් ප‍්‍රබල භූ කම්පනයක් හිමාල අඩවියේ සිදුවිය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිවුණා.

බොහෝ විට එය ඉන්දු – නේපාල දේශසීමාවේ හටගත හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

රිච්ටර් පරිමාණ ඒකක 8.5 ක් හෝ ඊට වැඩි ප‍්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගත හැකි බවට මේ වනවිටත් පුරෝකථනය කර තිබෙනවා.

චන්ද්‍රිකා දත්ත සහ භූ විද්‍යාත්මක දත්ත විශේලේෂණය කිරීමෙන් අනතුරුවයි පර්යේෂකයන් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙන්නේ.

වසර 600 ත් 700 ත් අතර කාලයක් නිද්‍රාගතව පැවති මෙහි භූ කාරක පැලුම් සකි‍්‍රයවීම දක්නට ලැබුණේ 2015 වසරේ සිට බවයි ඉන්දිය භූ විද්‍යා පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

හිමාලය ආශි‍්‍රතව සිදුවු එම භූ කම්පනයෙන් පුද්ගලයන් 8857 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

Read More »

ති‍්‍රරෝද රථ ගාස්තු සඳුදා සිට අඩු කෙරේ  

0 comments

ඉන්ධන මිල අඩුවිමත් සමඟ ති‍්‍රරෝද රථ ගාස්තු අඩු කිරිමට සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ති‍්‍රරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.

ඉන්ධන මිල අඩුවිමත් සමඟ එහි වාසිය මගි ජනතාවට ලබාදිම වෙනුවෙන් ලබන සඳුදා (03) සිට පළමු කිලෝ මීටරය සදහා අය කෙරෙන ති‍්‍රරෝද රථ ගාස්තුව රුපියල් දහයකින් අඩු කිරිමට තීරණය කළ බවයි සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ති‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සදහන් කළේ.ඒ අනුව දැනට රුපියල් හැටක්ව පවතින පළමු කිලෝ මීටරය සදහා වන ති‍්‍රරෝද රථ ගාස්තුව රුපියල් පනහක් දක්වා අඩු කරන බව ඔහු ප‍්‍රකාශ කළා.

Read More »

ඇතෙකු වෙඩි තබා ඝාතනය කරයි  

0 comments

උඩවලව ජාතික වනෝද්‍යානයේදී කිසියම් පිරිසක් ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

මියගිය ඇතාගේ වයස අවුරුදු 12 ක් පමණ වන බවයි වනජීවී නිලධාරීන් සදහන් කරන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් උඩවලව ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරනවා.

Read More »

හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල – හිඳගොඩ සහ බදුලුපිටිය ප‍්‍රදේශ වලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිඳගොඩ ප‍්‍රදේශයේදි මත්කුඩු ග‍්‍රැම් 2යි මිලි ග‍්‍රෑම් 660ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

බදුලුපිටිය ප‍්‍රදේශයේදි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේ භෙරොයින් ග‍්‍රැම් දෙකයි මිලි ග‍්‍රැම් 640 ක් සමඟින්.

බදුල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයයි වැටලිම සිදුකළේ.

Read More »

බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා  

0 comments

ඉන්ධන මිල අඩු විමත් සමඟ බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අද සාකච්ඡා කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය ප‍්‍රකාශ කළා.

සංගමයේ සියලු නියෝජිතයන් අද කොළඹට කැඳවා ඇති බවයි එහි ලේකම් අංජන පි‍්‍රයන්ජිත් සදහන් කළේ.

කෙසේ වෙතත් බස් ගාස්තු අඩු කිරිමට නොහැකි බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප‍්‍රකාශ කළා.

එහෙත් ඉන්ධන මිළ අඩු කිරිමේ වාසිය ජනතාවට ඍජුව ලබාදිම සදහා මැදිහත්වන බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සදහන් කළේ.

Read More »

බිළිඳියක් ළිඳකට දමා ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට  

0 comments

බිළිඳියක් ළිඳකට දමා ඝාතනය කළ ඥාති කාන්තාවක් පුලියන්කුලම උන්ජල්කට්ටුව ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ මාස 8 ක ගැහැණු දරුවෙක්. පුලියන්කුලම පොලීසියට ලැබුණු තොරතුරක් මතයි විමර්ශන ආරම්භ කළේ.

දැරිය නිදිකරවා නිවසෙන් පිටතට ගොස් නැවත පැමිණීමේදී ඇය නොමැති බව දැනගත් මව අවට පරීක්ෂා කිරීමේදී ළිදෙහි ළමයා වැටී සිටින බවට දැක ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඒ බව යුද හමුදා නිලධාරීන්ට දැනුම්දීමෙන් පසුව දැරිය ගොඩට ගෙන නැදුන්කේනි රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලීසිය මවගේ නැන්දනිය අත්අඩංගුවට ගත්තා.

Read More »

ඇලස්කාවේ ප‍්‍රබල භූ කම්පනයක්  

0 comments

ඇලස්කාවේ ප‍්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එය රිච්ටර් පරිමාණ ඒකක 7ක් ලෙස සටහන්ව ඇති බවයි ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

භූ කම්පනයත් සමඟ ගොඩනැගිලි රැසක් කඩාවැටී තිබෙනවා. මාර්ග රැසක් ද පැලී යාමෙන් හානියට පත්ව ඇති බවයි බීබීසී ප‍්‍රවෘත්ති සේවය වාර්තා කළේ.

ඇන්කොරේජ් නගරයේ මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා. ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මෙම කලාපයේ ජිවත් වන බවයි ඇලස්කා වාර්තා පෙන්වාදෙන්නේ.

එභෙත් පුද්ගල හානි සිදුව ඇතැයි මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා කර නැහැ. කෙසේවෙතත් ඇලස්කාවේ වෙරළබඩ ප‍්‍රදේශ සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ගොවි සහන නොමැති නිසා ගොවීන් ලක්ෂ තුනක් සියදිවි හානි කරගෙන  

0 comments

1995 වර්ෂයේ සිට මේ දක්වා ඉන්දීය ගොවීන් ලක්ෂ තුනක් සියදිවි හානි කරගෙන ඇති බව හෙළිවුණා. ඒ කෘෂි නිෂ්පාදන වලට ඉහළ මිලක් නොලැබීම සහ ගොවි සහන කප්පාදු කිරීම හේතුවෙන්.

දශක ගණනක්පුරා ඉන්දීය ගොවීන් නියඟය, ජල හිඟය, නිෂ්පාදනය අඩුවීම සහ නූතන තාක්ෂණික ක‍්‍රම භාවිතයට නොගෙනීම හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

ඒ සමඟ ඉන්දියාවේ දස දහස් ගණනක ගොවීන් ණය ගෙවා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

දහස් සංඛ්‍යාත ගොවීන් පිරිසක් නව දිල්ලි අගනුවර දින දෙකක විරෝධතාවකට ද එක්වුණා. මෙම විරෝධයට ඉදිරියේදී ඉන්දීය විපක්ෂයේ සහාය ලැබෙන බවට ද වාර්තා පළව තිබෙනවා.

මෙලෙස ගොවි උද්ඝෝෂණයක් ආරම්භවී ඇත්තේ ඉන්දීය මහ මැතිවරණය සහ ප‍්‍රාදේශ්‍රීය මැතිවරණ සඳහා දින නියමවී ඇති පසුබිමකයි.

ග‍්‍රාමීය ආදායම් පහත වැටීම ලබන වසරේ ඉන්දීය මහ මැතිවරණයට තීරණාත්මක ලෙස බලපානු ඇතැයි ද එරට දේශපාලන විචාරකයන් පෙන්වාදෙනවා.

Read More »

අසත්‍ය ප්‍රචාර ගෙන යන්නේ ව්‍යාජ ට්විටර් ගිණුමකින් – විනායගමූර්ති මුරලිදරන්  

0 comments

රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ තමා නමින් ව්‍යාජ ට්විටර් ගිණුමක් ආරම්භ කර ඇතැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් මහතා පවසනවා.

එම ව්‍යාජ ගිණුම මගින් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් තමා පිළිබද වැරදි අවබෝධයක් ලබා දෙන බව ඒ මහතා කියාසිටිනවා.

අයිටිඑන් වසන්තම් ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.

 

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් –

දෙමළ ජාතික සන්ධානය එල්ටීටීඊය සමග එක්වී රටේ නොයෙකුත් ප්‍රශ්න ඇති කරනවා. ඒ තුළින් මට එරෙහිවත් චෝදනා නැගීම ගැන කණගාටුයි. මම එල්ටීටීඊය අතහැර පැමිණීමෙන් පසු එම සංවිධානය සමග කිසිදු සම්බන්ධයක් පවත්වා නැහැ. එල්ටීටීඊය සමග සම්බන්ධකම් ඇති පිරිස් මුදල් ලබා ගැනීමේ අරමුණින් දෙමළ ජනතාවට හිරිහැර සිදු කරනවා. දෙමළ ජාතික සන්ධානය එම පිරිසට සහයෝගය පළ කරනවා. ජාති භේද පසෙකලා සියලු දෙනා එක්සත්ව රට ගොඩනැගීමට පියවර ගැනීමයි සිදු කළ යුත්තේ. එල්ටීටීඊය එපා කියලා ඔවුන්ට විරුද්ධව අපි කටයුතු කළේ රටට සාමය ගේන්න ඕන නිසා. ඒ සාමය රැක ගන්න ඕන. එක්සත් ජාතික පක්‍ෂයයි දෙමළ ජාතික සන්ධානය එක්ක ගනුදෙනු කරන්නේ. දෙමළ සන්ධානය එල්ටීටීඊ ඩයස්පෝරාවත් එක්ක සෘජුවම සම්බන්ධ වෙලා වැඩ කරනවා. රටේ ජනතාවට තේරුම් අරං ඉන්නේ ඇත්තටම එල්ටීටීඊය එක්ක  ඉන්නේ කවුද කියලා.”

Read More »

16 ත් 60 අතර රුසියාවේ පිරිමි පුද්ගලයින්ට යුක්රේනය තහනම්  

0 comments

16 ත් 60 ත් අතර වයස් සීමාවේ පසුවන රුසියාවේ පිරිමි පුද්ගලයින්ට යුක්රේනයට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. යුක්රේනයේ පවතින හමුදා නීතියට අනුවයි මෙම නව නීතිය පනවා ඇත්තේ.

අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීම හෝ අත්‍යවශ්‍ය මානුෂීය හේතුවකට හැර කිසිදු ලෙසකින් යුක්රේනයට රුසියානු පිරිමි පුද්ගලයින් ඇතුළු කර ගැනීම මේ අනුව තහනම් වනවා. දෙසැම්බර් 26 වන තෙක් යුක්රේනයේ ප්‍රාන්ත දහයක හමුදා නීතිය ක්‍රියාත්මකයි. රුසියාවට අයත් නෞකා තුනක් සහ නාවිකයින් විසිහතර දෙනෙකු පසුගිය ඉරිදා කළු මුහුදේ දී රුසියාව අත්පත් කර ගැනීමත් සමග දෙරට අතර ගැටලු සහගත තත්වයක් නිර්මාණය වුණා. මේ අතර රුසියාව යුක්රේනයේ නෞකා තුනක් අත්පත්කර ගැනීමේ සිද්ධිය මුල්කර ගනිමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් සමග  පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගුකර තිබෙනවා. ආජන්ටිනාවේ පැවැත්වෙන ජී විස්ස සමුළුවට සමගාමීවයි මෙම සාකච්ඡාව සැලසුම්කර තිබුණේ.

Read More »

සමෘද්ධි නිලධාරීන් 7000 කට ස්ථිර පත්වීම්  

0 comments

සමෘද්ධි නිලධාරීන් 7000 කට ස්ථිර පත්වීම් ලබාදීම සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

සමෘද්ධි ව්‍යාපාරය තුළ සිටින සියලුදෙනා මුහුණදී ඇති ගැටලු කඩිනමින් විසඳීමට ද අවධානය යොමුකරන බවයි අමාත්‍ය විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කළේ. ග‍්‍රාමීය ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකරමින් දුප්පත්කම දුරුකිරිම සඳහා සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කිරීම අරමුණ බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ.

Read More »

තුර්කියේ නිරිතදිග ප්‍රදේශයේ බෝඩ්‍රම් නගරයට ගංවතුරෙන් බලපෑම්  

0 comments

තුර්කියේ නිරිතදිග ප්‍රදේශයේ බෝඩ්‍රම්  නගරයට ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

දින කිහිපයක් පුරා ඇද හැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙනුයි මෙම ගංවතුර තත්ත්වය හට ගත්තේ.පුද්ගලයින් කිහිප දෙනෙකු ද අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රධාන මාර්ග හෝටල් වෙළද සංකීර්ණ  සහ නිවාස ගංවතුරින් යටවී තිබෙනවා. මාර්ගවල ගමනාගමන කටයුතු ද අඩාල වී ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.  සංචාරක කර්මාන්තයට ද මෙමගින් බලපෑම් එල්ල වී තිබෙනවා. විපතට පත් ජනතාව බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

 

 

Read More »

වසර ගණනාවකට පසු දකුණු කොරියා දුම්රියක් උතුරු කොරියාවට  

0 comments

වසර ගණනාවකට පසු දකුණු කොරියා දුම්රියක් උතුරු කොරියාවට පැමිණ තිබෙනවා.

කොරියා රාජ්‍යයන් දෙක අතර සබඳතා ශක්තිමත් කරගැනිම අරමුණ බවයි දකුණු කොරියා රජය ප‍්‍රකාශ කළේ. ඉදිරියේදි දෙරට අතර දුම්රිය සේවය වඩාත් කාර්යක්ෂම කිරිම සදහා අවධානය යොමුව තිබෙනවා. දකුණු කොරියා විශේෂඥයින් පිරිසක් ඒ සදහා නව ව්‍යාපෘතියක් සැලසුම් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

Read More »

බේරුවල වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ තරුණයා ඝාතනය කර ඇති බව හෙළිවෙයි  

0 comments

බේරුවල වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ බව කී 18 හැවිරිදි තරුණයා ඝාතනය කර ඇති බව හෙළිවුණා.  තාරක අරවින්ද නමැති මෙම තරුණයාට දැඩි ලෙස පහරදී දැලක ඔතා මුහුදට දැමූ බවයි හෙළිව තිබෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බේරුවල වරායෙන් පසුගිය ඔක්තෝබර් 15 වන දින තාරක අරවින්ද ඇතුළු පුද්ගලයන් 6 දෙනෙක් මුහුදු ගොස් තිබුණා. ඒ සුබපැතුම් 4 දරණ බහුදින ධීවර යාත්‍රාවෙන්. පසුව තාරක අරවින්ද නමැති තරුණයා අතුරුදන් වී ඇති බවට පවුලේ ඥාතීන් පොලීසියට පැමිණිලිකර තිබුණා. ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට පොලීසිය සමත්වුණා. සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ තරුණයාට දැඩි ලෙස පහරදී මෙම මරණය සිදුකර ඇති බවයි. පවුලේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් එක්ව සැකකරුවන්ට එරෙහිව බේරුව පොලීසිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක ද නිරත වුණා.

 

Read More »

බෝපේ – පෝද්දල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 03 කින් සම්මතයි  

0 comments

බෝපේ  –  පෝද්දල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 03 කින් සම්මත වුණා.

එක්සත් ජාතික පක්ෂ  මන්ත්‍රීවරුන් පිරිසක් කලු ඇදුම් පැළද සභාවට පැමිණියා. විරෝධය පලකරමින් අයවැය වාර්තාව ගිනි තැබීමට ද ඔවුන් කටයුතු කළා. එහිදී දැඩි උනුසුම්කාරී  තත්ත්වයක් හට ගත්තා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා‍වේ අයවැය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

 

 

 

 

 

Read More »

වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්  

0 comments

දිවයින පුරා වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුළදී (දෙසැම්බර් 01 සහ 02) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති වේ. ගාල්ල සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැක.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී 70-80 පමණ) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More »

බහුතරය යනු ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව මැ.කොමිසමේ සභාපති කියයි  

0 comments

බහුතරය යනු ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඉලෙට්‍රොනික ඡන්ද ක්‍රමය ඉදිරියේදී ඡන්ද පොලේදී භාවිත කිරීමට  අවශ්‍ය  කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද ඒ මහතා ප්‍රකාශ කරනවා.

සභාපතිවරයා මෙම අදහස් පල කළේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයකදී. ජූනි 1 වෙනිදාට යෙදී තිබූණූ ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් පැවැත්වූ පාසල් චිත්‍ර තරගාවලියේ ජයග්‍රහී දරුවන්ට තෑගි ලබාදීමේ උත්සවයට එක්වෙමින්. අතීතයේ සිට මේ දක්වා ඡන්ද පැවැත්වීමේදී සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් ද රැස්ව සිටි පාසල් දරුවන් සහ  ජනතාව දැනුවත් කිරීමට  ද දේශප්‍රිය මහතා කටයුතු කළා. පාසල් දරු දැරියන් ප්‍රජතන්ත්‍රවාදය පිළිබද හොදින් අවබෝධ කරගෙන ඇති බව ඔවුන්ගේ චිත්‍ර තුලින් පිලිබිඹු වන බව මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මහින්ද දේශප්‍රිය – මැතිවරණ කොමිසමේ සභාපති,

 

Read More »

සාපෙළ සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශන සංග‍්‍රහයක්  

0 comments

අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ මාර්ගෝපදේශන සංග‍්‍රහයක් නිකුත් කර තිබෙනවා.

විභාග සමයේදි ආතතිය මගහරවා ගනිමින් ශාරීරික හා මානසික සෞඛ්‍ය යහපත් මට්ටමින් පවත්වා ගැනිමේ තොරතුරු ඊට ඇතුලත්. මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගනගේ මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකය එක්ව එම මාර්ගෝපදේශන සංග‍්‍රහය සකස් කර තිබෙනවා. විභාග දිනයේදි කටයුතු කළයුතු ආකාරය සහ එම කාලසීමාවේදි පරිභෝජනය කරන ආහාර සම්බන්ධයෙන් ද මාර්ගෝපදේශන සංග‍්‍රහයෙන් අවධානය යොමුකර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනනේ. ඒ සම්බන්ධයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරිමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර තිබෙනවා.

Read More »

ට‍්‍රම්ප් ආජන්ටිනාවට පැමිණෙයි  

0 comments

ජී 20 සමුළුවට සහභාගීවීම සඳහා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ආජන්ටිනාවට පැමිණියා. චීන ජනාධිපති ෂි ජින්පින් ඇතුලු රාජ්‍ය නායකයන් සමඟ ඔහු සාකච්ඡා කරන බවයි ධවල මන්දිරය ප‍්‍රකාශ කළේ.

ට‍්‍රම්ප් බලයට පත්වීමෙන් පසු ලතින් ඇමරිකාවේ සිදුකරන ප‍්‍රථම නිල සංචාරය මෙයවීම විශේෂත්වයකි.

ජී 20 සමුළුවට සමගාමීව සංවිධානය කර තිබූ රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං සහ ඇමරිකා ජනාධිපතිවරයා අතර හමුව ට‍්‍රම්ප් අවලංගු කර තිබෙනවා.

Read More »

“සේනා” මර්දනයට කෘමිනාශක වර්ග 3ක්  

0 comments

“සේනා” නැමැති ආක්‍රමණශීලී ආගන්තුක දළඹු විශේෂය මේ වන විට දිස්ත්‍රික්ක 03ක බඩඉරිඟු ඇතුළු වගාවන් ගණනාවකට හානි කරමින් ව්‍යාප්තවී තිබෙනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද මෙම දළඹුවා පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත.

“සේනා” දළඹුවා සහ සළබයා මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘමිනාශක වර්ග 03ක් වහා ක්‍රියාත්මක වන පරිදි නිර්දේශ කර ඇත.

Proclaim – Emamectin benzoate – ග්‍රෑම් 4ක් ජලය ලීටර් 10කට මිශ්‍ර කර ඉසීමට
Spinoperam – radiant – 25% WG ග්‍රෑම් 3ක් ජලය ලීටර් 10කට මිශ්‍ර කර ඉසීමට
Coragen – chlorantranilliprole 200g – මිලි ලීටර් 3ක් ජලය ලීටර් 10කට මිශ්‍ර කර ඉසීමට

මෙම කෘමිනාශක වර්ග 03 බෝග වගාවේ “සේනා” දළඹුවා සිටින බවට තහවුරු වූ පසු දින 07කට වරක් මාරුවෙන් මාරුවට මෙම කෘමිනාශක යෙදිය යුතුය.එකම කෘමිනාශකය නැවත නැවත භාවිත නොකළ යුත්තේ “සේනා” දළඹුවා එම කෘමිනාශකවලට අනුවර්තනය වීමේ සුවිශේෂී හැකියාවත් ඇති පළිබෝධකයෙක් වන හෙයිනි.

විශාල වශයෙන් බෝග වගා කර ඇති බිම්වලටත් එමෙන්ම කුඩා වගාවන්ටත් මෙම කෘමිනාශක වර්ග 03 ඉසීම කළ යුතුය.එයට හේතුව නම් කුඩා වගා බිම් ආවරණය නොකළ හොත් නැවතත් මෙම දළඹු වසංගතය පැතිරීමට ඉඩ ඇති බැවිනි.

කෙසේ වුව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ “සේනා” දළඹුවා මර්දනය කිරීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.එමෙන්ම ඒ ඒ අවස්ථාවන්හිදී උද්ගතවන තත්වයන් අනුව පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.

Read More »

ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය බිබිල ප්‍රදේශයේ ඉදි කෙරේ  

0 comments

ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අක්කර 2200කින් සමන්විත මෙම වගා කලාපය තුළ “Bibile sweets”නමැති පැණි දොඩම් විශේෂය වගා කෙරෙන අතර පැණි දොඩම් පැළ 85,000ක් මෙම කලාපය තුළ වගා කෙරේ.බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර 500ක්, මැදගම අක්කර 200ක්, මඩුල්ල අක්කර 500ක්, සියඹලාණ්ඩුව අක්කර 500ක් සහ මොනරාගල අක්කර 500ක් වශයෙන් අක්කර 2,200ක පැණි දොඩම් වගා කරන අතර පළමු වසර තුළ අපේක්ෂිත අස්වැන්න පැණි දොඩම් කිලෝ මිලියන 15කි.අක්කරයක පැණි දොඩම් පැළ 200ක් වගා කෙරෙන අතර සමස්ත අස්වැන්න මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයේ ආයතන දැනටමත් ඉදිරිපත් වී ඇත.

මෙම පැණි දොඩම් කලාපය ස්ථාපිත කිරීමේ කටයුතු ලබන සඳුදා එනම් , 2018.12.03 දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.මෙම කලාපය තුළ වගා කෙරෙන සමස්ත පැණි දොඩම් අස්වැන්න අපනයනය සඳහා අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසු අස්වනු තාක්ෂණික ආයතනයට උපදෙස් දී ඇත.

මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ පැණි දොඩම් සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ බිබිල ප්‍රදේශයේ පසු කාලීනව දොඩම් වගාවෙන් ගොවීහු ඈත් වූහ. Bibile sweets නැමැති දොඩම් ප්‍රභේදය දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගා කළ හැකි වූවත්, එහි රසය වෙනස් වේ.එම ප්‍රභේදයට උචිතම ප්‍රදේශය වන්නේ බිබිල ප්‍රදේශයයි.එමනිසා වාර්ෂිකව දොඩම් ආනයනය සඳහා විදේශ රටවලට ඇදී යන විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

2017 වසරේදී අප රටට දොඩම් ආනයනය සඳහා වැය වූ මුදල රු.මි.2766කි.

Read More »

හොංකොං රියඅනතුරකින් පුද්ගලයන් පස් දෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

හොංකොං හි සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් තිස් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලීසිය පවසන්නේ.

බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. මියගිය අය අතර බස් රථ රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙක් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අනතුරට හේතුව මෙතෙක් භෙළිව නැහැ.

Read More »

මෝදි සහ සල්මාන් කුමරු අතර හමුවක්  

0 comments

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ සවුදි ඔටුන්න හිමිකුමරු මොහොමඩ් බින් සල්මාන් අතර හමුවක් ආජන්ටිනාවේදී පැවැත්වුණා. ඒ ජී 20 සමුළුව අතරතුරයි.

දෙරට අතර ආර්ථික සංස්කෘතික සහ බලශක්ති සබඳතා ශක්තිමත් කිරීම පිළිබදව ද්විපාර්ශවීය සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබෙනවා. ඉදිරියේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට රාජ්‍ය නායකයන් එකඟතාවය පළකළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Read More »

රත‍්‍රං තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් රේගු දැලේ  

0 comments

රත‍්‍රං තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී රුපියල් තිස් එක් ලක්ෂයක් වටිනා රත‍්‍රං බිස්කට් සහ මාල සොයාගත් බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. සැකකරුවන් අතර මාලදිවයින ජාතිකයෙක් ද සිටින අතර අනෙක් පුද්ගලයා රාජගිරිය ප‍්‍රදේශයේපදිංචි ශ්‍රී‍්‍ර ලාංකිකයෙකි. ඔවුන්ගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවයි රේගු මාර්ග ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ.

Read More »

මුදල් පනතක් වෙනස් කිරීමට විපක්ෂයට බැහැ ආණ්ඩුව කථානායකවරයාට මතක්කරයි  

0 comments

ජනරජයේ අරමුදල්වලින් අග්‍රාමාත්‍ය ලේකම්වරයාට මුදල් වියදම් කිරීම තහනම් කරමින් යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම නීත්‍යානුකූල නොවන බව රජයේ මැති ඇමතිවරුන් අවධාරණය කරනවා.

පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතකින් අග්‍රාමාත්‍ය ලේකම්වරයාට මෙම මුදල් බලය ලැබී තිබෙනවා. පනතකින් ලැබුණු එම අයිතිය වෙනස් කළ හැකි වන්නේ ආණ්ඩුව ගෙන එන තවත් පනතකින් පමණයි.  විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවකින් එය වෙනස් කිරීමට බැරි බවයි ආණ්ඩු පක්ෂය අවධාරණය කරන්නේ.

 

 

 

 

Read More »

මනුෂ්‍ය ඝාතන 90 කට සම්බන්ධ ඇමරිකා ජාතිකයෙක් අත්අඩංගුවට  

0 comments

මනුෂ්‍ය ඝාතන 90 කට සම්බන්ධ ඇමරිකා ජාතිකයෙක් අත්අඩංගුවට ගත් බව එෆ්බීඅයි ආයතනය ප‍්‍රකාශ කළා. ඝාතනයවූ වැඩි පිරිසක් කාන්තාවන් බවයි පැවසෙන්නේ.

ප‍්‍රාන්ත 14 ක සැකකරු ඝාතන සිදුකර ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. 78 හැවිරිදි ඔහු 1987 දී පළමු ඝාතනය සිදුකර ඇති අතර මනුෂ්‍ය ඝාතන වලට අමතරව කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය සහ පහරදීම් සම්බන්ධ චෝදනා රැසක්ද සැකකරුට එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ. තවදුරටත් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව එෆ්බීඅයි ආයතනය පවසනවා.

Read More »

ඕස්ට්‍රේලියාවේ පාසල් සිසුන් උද්ඝෝෂණයක  

0 comments

දේශගුණික විපර්යාස සදහා ක්‍රියාමාර්ගයක් ඉල්ලා ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක පාසල් සිසුන් උද්ඝෝෂණයක නිරත වනවා.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඕස්ට්‍රේලියාවට විවිධ ස්වාභාවික ව්‍යසනවලින් බලපෑම් එල්ල වුණා.

වායු විමෝචන වාර්තාව අනුව පසුගිය වසරේ සිට මේ වසර දක්වා ඕස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වයන්හි කිසිදු ගුණාත්මක වර්ධනයක් සිදුව නැහැ.

මෙම පාසල් සිසුන් අවධාරණය කරන්නේ ඕස්ට්‍රේලියා රජය දේශගුණික විපර්යාසයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

 

Read More »

ට්‍රම්ප් පුටින් සමඟ සාකච්ඡා අවලංගු කරයි  

0 comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගුකර තිබෙනවා.

රුසියාව යුක්රේනයේ නෞකා 03ක් අත්පත්කර ගැනීමේ සිද්ධිය මුල්කර ගනිමිනුයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ද ඇමෙරිකා ජනාධිපතිවරයා මීට පෙර ඉල්ලා තිබුණා.

ආජන්ටිනාවේ පැවැත්වෙන ජී විස්ස සමුළුවට සමගාමීවයි මෙම සාකච්ඡාව සැලසුම්කර තිබුණේ.

Read More »

මඩකලපුව පොලිස් නිලධාරීන් දෙදෙනා මියයාම ගැන පුළුල් විමර්ශනයක්  

0 comments

මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්ත මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු හදිස්සියේ මියයාම ගැන පොලීසිය පුළුල් විමර්ශන ආරම්භකර තිබෙනවා.

මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා එම මාර්ග බාධකය අසල මියගොස් සිටියදී අද උදෑසන සොයා ගැනුණා. මරණයට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

පොලිස්පතිවරයාගේ නියෝග මත මඩකලපුව කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ.

Read More »

ඛණිජතෙල් අලෙවියේ මිල විෂමතා ඉවත් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්  

0 comments

ඛණිජ තෙල් අලෙවි කිරීමේ දී පවතින මිල විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඉන්දියන් තෙල් සමාගමට අයත් ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ නියෝජිතයන් අග්‍රාමාත්‍යවරයා සමග පැවති විශේෂ සාකච්ඡාවකදීයි මෙම උපදෙස් ලබා දී ඇත්තේ. බෙදුම්කරුවන්ගේ සංගමයේ ඉල්ලීම වූයේ තෙල් සංස්ථා පිරවුම්හල්වල විකුණුම් මිල හා  ඉන්දීය තෙල් සමාගමේ පිරවුම්හල්වල  මිල ගණන් සමාන මට්ටමකට ගෙනෙන ලෙසයි. ඉන්දීය තෙල් සමාගමේ පිරවුම්හල්වල මිලගණනන් ඉහළ මට්ටමක පවතිනවා. මෙයින් තමන්ට පාඩුවක් සිදුවන බවයි බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. මෙම විෂමතාව මගහැරීමට ඉතා ඉක්මනින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට දැනුම් දුන්නා.

 

 

 

 

Read More »

දෙමළ ජාතික සන්ධානයෙන් ජනපතිට ලිපියක්  

0 comments

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව ලිපියක් මගින් එම සන්ධානය ජනාධිපතිතුමාට දැනුම් දී තිබෙනවා.

මන්ත්‍රිවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුතු  ලිපියක් ඔවුන් අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.  පසුගිය දින කිහිපය පුරාම පාර්ලිමේන්තුවේදී දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආර් එම් සුමන්දිරම් මහතාගේ ක්‍රියා කළාපයෙන්  දෙමළ සන්ධානයේ පූර්ණ සහාය එක්සත් ජාතික පක්ෂයට පළ කෙරුණු බවක් දක්නට තිබුණා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය,සුමන්දිරම් මහතා විසින් මෙහෙය වන ආකාරයක් ද පාර්ලිමේන්තුවේදී ප්‍රදර්ශනය කෙරුනා.

මේ අතර දේශප්‍රේමී එක්සත් ජාතික පෙරමුණ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීද දෙමළ ජාතික සන්ධානයේ වත්මන් ක්‍රියා කළාපය පිළිබදව අදහස් පළ වුණා.

 

Read More »

කෙටි කාලයක් තුළ අගමැතිගෙන් ජනතාවට සහන රැසක්  

0 comments

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වූ දින සිට මේ දක්වා වූ කෙටි කාලයේදී ජනතාවට සහන රැසක් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. එතුමා මේ පිළිබද අදහස් පළ කළේ අග්‍රාමාතය කාර්යාලයේ අද (29) පැවති මාධ්‍ය හමුවකදීයි.

 

 

 

 

 

Read More »

යාපනය කොළඹ බසය හැමිල්ටන් ඇළට පෙරළි 4 ක් මියගොස් 19 කට තුවාල  

0 comments

බස් රථ අනතුරකින් 4 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලැබුවා.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් ඕලන්ද ඇළට පෙරලීමෙනුයි අනතුර සිදුවුණේ. නාත්තන්ඩිය වලහපිටිය ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරෙන් මියගිය අය අතර කාන්තාවන් තුන් දෙනෙකු ද වනවා. ඔවුන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ. තුවාල ලැබූවන් මාරවිල රෝහලට ඇතුළත්කර තිබෙනවා.

 

 

Read More »

මැතිවරණයක් ඉල්ලා ජාතික පෙත්සමකට අත්සන් තැබේ  

0 comments

පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා ජාතික පෙත්සමකට අත්සන් තැබීමක් රත්නපුර නව නගරයේදී සිදු කෙරුණා.

රත්තනපුර, සබරගමු පළාත් සභා කාර්යාලය ඉදිරිපිටදීයී පෙත්සමට අත්සන් තැබීම සිදු කෙරු‍ණේ. ඒ සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඇතුළු ජනතා නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන්. මහාසංඝරත්නය සහ විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියා.  කතානායකවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පල කෙරුණා.

 

 

Read More »

ඉදිරි මැතිවරණයට එජාපයත් සන්ධානයකින්  

0 comments

ඉදිරි මැතිවරණයකට පක්ෂ කිහිපයක් එක්ව සන්ධානයක් ලෙස ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.  පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීම සදහා පැවති හමුවක් අමතමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

 

 

 

 

Read More »

P.M.B රයිස් වෙළඳනාමය යටතේ සකස් කළ සහල් වෙළඳපොලට  

0 comments

වී අලෙවි මණ්ඩලය පී එම් බී රයිස් වෙළෙදනාමය යටතේ සකස් කළ සහල් නිල වශයෙන් වෙළඳපොලට නිකුත් කළා. එහි පළමු ඇසුරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ජනාධිපති කාර්යාලයේ දී අද පිළිගැන්වුණා.

වී අලෙවි මණ්ඩලය ගොවි ජනතාවගේ ජීවන තතත්ත්වය ඉහළනැංවීමේ අරමුණෙන් වී මිලදී ගැනීම සිදු කරනවා. රට පුරා දිස්ත්‍රික්ක 19 ක ගබඩා 220කදී මෙම වී තොග පවත්වා ගැනීම සිදුවනවා. එම වී තොග ඉහළ ප්‍රමිතියකින් යුතු සහල් බවට පත් කර ජනතාව අතරට ගෙන යාම මෙම වැඩපිලිවෙලේ අරමුණයි. ජනාධිපතිතුමාගේ උපදෙස් මත වැඩසටහන ක්‍රියාත්මක වනවා. සියයට සියයක් දේශීයයි යන තේමාව යටතේයි පී එම් බී  රයිස් වෙලෙඳනාමය යටතේ සහල් වෙළඳපොලට නිකුත් කෙරෙන්නේ. සාධාරණ මිල ගණන් යටතේ එම සහල් වෙළඳපොලට නිකුත් කෙරෙනු ඇති. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

Read More »

ජනතා පරමාධිපත්‍යයට ඉඩ සලසමින් මහ මැතිවරණයකට යා යුතුයි  

0 comments

ජනතා පරමාධිපත්‍යයට ඉඩ සලසමින් මහ මැතිවරණයකට යා යුතු බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකදී. දකුණු පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත ස්වාමීන් වහන්සේ ද මෙහිදී අදහස් දැක්වූවා.

 

 

 

 

 

 

Read More »

උතුරු පළාතේ ඇති අධ්‍යාපන ගැටළු නිරාකරණය සදහා නව ක්‍රමවේදයක්  

0 comments

උතුරු පළාතේ ඇති අධ්‍යාපන ගැටළු නිරාකරණය සදහා නව ක්‍රමවේදයක් සකස් කළ යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසනවා. ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සදහා පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

කිලිනොච්චිය හා තුනුක්කායි කලාපවල ඇති පාසල්වල විදුහල්පති හා අංශභාර ගුරුවරුන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සදහායි  මෙම හමුව පැවැත් වුණේ. විද්‍යා, ගණිත, ඉංග්‍රීසි ගුරුහිගයට විසදුම් ලෙස උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයෙන්   හා ඩිප්ලෝමාධාරීන්  බදවා ගැනීමට මෙහිදී යෝජනා වුණා.

ස්වේච්ඡා ගුරුවරුන්ට අවස්ථාව ලබා දෙන ලෙසද මෙහිදී ආණ්ඩුකාරවරයා දැනුම් දුන්නා. කලාප තුළ ගුරු සංචිත පිහිටු වීම පිළිබද සාකච්ඡා කෙරුණා.

ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් වලදී අනුප්‍රාප්තිකයකු රහිතව ස්ථාන මාරුවීම් නොකළ යුතු බවටයි ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේ.

Read More »

කටුනායක – සීදුව නගර සභාවේ අයවැය පරාජයට පත්වෙයි  

0 comments

කටුනායක සීදුව නගර සභාවේ අයවැය අද පරාජයට පත් වුණා. ආණ්ඩුපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අයවැය යෝජනායි මෙලෙස  පරාජයට පත් වුණේ.

ආණ්ඩු පක්ෂය සමග කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් දෙදෙනෙකුද විපක්ෂය සමග එක් වුණා.

මේ අනුව කටුනායක සීදුව නගර සභවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ බලය වැඩි වී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

Read More »

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්  

0 comments

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන 4 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඔවුන් ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

ඉදිරි නඩු දිනයේදී සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා. සිය පෞද්ගලික හේතුවක් මත එම නඩුව තමන් ඉදිරියේ නොකැදවන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සිදුකළ ඉල්ලීමට පිළිතුරු ලැබී ඇති බවයි මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ. ඒ අනුව නඩුව ඉදිරියේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ කැදවීමට නියමිතයි. මහේස්ත්‍රාත්වරයා, මේ සම්බන්ධයෙන් විරෝධතාවක් පවතින්නේද යන්න  අදාළ පාර්ශ්ව වලින් ප්‍රශ්න කළා. අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සදහන් කළේ සිය සේවාදායකයා මාස නවයක් සහ සති තුනක කාලයක් බන්ධනාගාර ගතව සිටින බවයි. මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නඩුව තමන් ඉදිරියේ නොකැදවන ලෙස කළ ඉල්ලීම අනුව නඩුව කල් යාමෙන් සිය සේවා දායකයාට අගතියක් සිදුවී ඇති බව නීතීඥවරයා පෙන්වා දුන්නා.

 

Read More »

ආයෝජන මණ්ඩලය ගැන ඇතැම් මාධ්‍ය සහ වෙබ් අඩවි ගෙන යන ප්‍රචාර අසත්‍යයි  

0 comments

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට විශේෂ පත් කිරීමක් සිදු කර ඇති බවට ඇතැම් මාධ්‍ය සහ වෙබ් අඩවි කිහිපයක් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව එම මණ්ඩලයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා අවධාරණය කරනවා.  මේ සම්බන්ධයෙන් නිවේදනක් නිකුත් කරමින් ඒ මහතා කරුණු පැහැදිලි කළා.

තමා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩයේ සභාපති ලෙස වැඩ භාරගැනීමෙන් පසු මේ දක්වා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත කිසිදු නව පත් කිරීමක් සිදු කර නැති බව හේමසිරි ප්‍රනාන්දු මහතා පවසනවා.

ආයෝජන මණ්ඩලයේ කිසිදු නිලධාරියෙකුගේ පත්වීමක් ස්ථීර කිරීමටද පියවර ගෙන නැති බව එම නිවේදනයේ සදහන්.

ඒ අනුව සත්‍යයයෙන් තොර කරුණු වාර්තා කිරීමෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අනර්ථයක් සිදු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

Read More »

පුටින් සහ ට්‍රම්ප් අතර හමුව අනිද්දා  

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව අනිද්දා පැවැත්වෙන බව රුසියාව පවසනවා.

ආජන්ටිනාවේ පැවැත්වෙන ජී 20 සමුළුවට සමගාමීවයි මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ. රුසියාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රටවල් දෙක අතර පවතින ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු ඇති බවයි. තවද සිරියාව , ඉරානය , උතුරු කොරියාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා සිදුකෙරෙනු ඇති. කෙසේ වෙතත් ඇමෙරිකාවේ ධවල මන්දිරය විසින් මෙම හමුව මෙතෙක් තහවුරුකර නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. මේ අතර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ නිවේදනය කළේ රුසියා ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට තමන් කටයුතු කරන බවයි.

 

 

Read More »

ශ්‍රීපාද මාර්ගයේ අනවසර වෙළඳසැල් ඉවතට  

0 comments

ශ‍්‍රීපාද වන්දනා සමය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පෙරවරුවේ පැවැත්වුණා. ඒ ශ‍්‍රිපාදස්ථානාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන්.

ශ‍්‍රිපාද වන්දනා සමයේදී නල්ලතන්නියේ සිට ශිතගගුල දක්වා ඉදිකර ඇති අනවසර වෙළෙද සැල් කඩා ඉවත්කිරිමටයි එහිදී තීරණය කළේ. වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සහ පොදු ස්ථාන මෙන්ම පරිසරය ආරක්ෂා කරගැනීමට ගතයුතු ක‍්‍රියාමාර්ග ගැන ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

Read More »

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට පෙරවරුවේ විවෘත කෙරේ  

0 comments

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට පෙරවරුවේ විවෘත කරනවා.

එය මේවන විට පිටාර මට්ටමට ලගාවී ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසන්නේ. මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා  ව්‍යාපෘති පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක ද නිරතවීමටයි නියමිත. මොරගහකන්ද කලුගඟ ජලාශ ව්‍යාපෘතිය දශක 4 කට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය ලෙසයි සැලකෙන්නේ.

 

 

Read More »

ලබන වසර සදහා පාසල් සහ පිරිවෙන් පෙළ පොත් මිලියන 39.4ක්  

0 comments

ලබන වසර සදහා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන්වලට අවශ්‍ය පෙළ පොත් මිලියන 39.4ක් මුද්‍රණය කිරීමට නියමිතයි.

ඉන්  87%ක ප්‍රමාණයක් මේ වන විට පාසල් දරුවන්ට බෙදා හැර ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඉතිරි 13%ක ප්‍රමාණය වසර අවසානයට පෙර දරුවන් වෙතට ලබා දීමට කටයුතු යොදා ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර හිටපු අධ්‍යාපන ඇමතිවරයාගේ පණිවුඩයක් සහ ඡායාරූපයක් පෙළ පොත්වලට ඇතුළත් කර තිබීම නිසා මුද්‍රණය කළ පෙළ පොත් බෙදා හැරීම නතර කිරීමක් හෝ අත්හිටුවීමක් සිදුකර නැති බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා. එම පොත් ඒ ආකාරයෙන්ම බෙදා දීමට කටයුතු කර ඇති බව යි අමාත්‍යාංශය තවදුරටත් සදහන් කරන්නේ. මේ අතර හිටපු අධ්‍යාපන ඇමතිවරයාගේ පණිවුඩයක් සහ ඡායාරූපයක් පෙළ පොත්වලට ඇතුළත් කිරීම නිසා ඒ සදහා එක් පොතකට රුපියල බැගින් වැය වුවත් රුපියල් මිලියන 39 කට අධික මුදලක් අමතරව ඒ සදහා වැය වන බව ගුරු සංගම් පෙන්වා දෙනවා.

 

 

Read More »

කුරුනෑගල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 27 කින් සම්මතයි  

0 comments

කුරුනෑගල ප්‍රාදේශීය සභාවේ ඉදිරි වර්ෂ සදහා ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 27 කින් සම්මත වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අය වැය යෝජනාව ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ද ඒ සදහා සහයෝගය දැක්වුවා. එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අය වැය විවාදයට හෝ සහභාගී නොවීම කැපී පෙනුණා.

 

Read More »

ඔස්ටෙ‍්‍රිලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප‍්‍රාන්තයේ ජනතාවට තවදුරටත් අනතුරු ඇඟවීම්  

0 comments

ඔස්ටෙ‍්‍රිලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප‍්‍රාන්තයේ ජනතාවට තවදුරටත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ ලැව් ගිනි ව්‍යප්තවීමේ අවදානමක් හේතුවෙන්. අවදානම් සහිත ස්ථානවලින් ජනතාව ඉවත්කිරිමට බලධාරින් පියවර ගත් බවයි වාර්තා වන්නේ. දැඩි සුලං තත්වය හේතුවෙන් ලැව්ගිනි පැතිරයාම වේගවත් වී ඇති බව ද ක්වීන්ලන්ත බලධාරින් ප‍්‍රකාශ කර තිබෙනවා.

Read More »

කතරගම විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්  

0 comments

කතරගම විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝගයෙන්. සැකකරුවන් ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ. කතරගම කිරි වෙහෙර විහාරාධිපති හිමියන් වෙඩි ප‍්‍රහාරයට ලක්වුණේ පසුගිය ජුලි මාසයේදී.

Read More »

ප්‍රදේශ කිහිපයක වැසි  

0 comments

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැක.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

හම්බන්තොට සිට මඩකලපුව, ත්‍රිකුණාමලය කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං(පැ.කි.මී 70-80 පමණ) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More »

Recent News

Gossip Lanka MAG