Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්  

Add comments

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන 4 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඔවුන් ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

ඉදිරි නඩු දිනයේදී සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා. සිය පෞද්ගලික හේතුවක් මත එම නඩුව තමන් ඉදිරියේ නොකැදවන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සිදුකළ ඉල්ලීමට පිළිතුරු ලැබී ඇති බවයි මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ. ඒ අනුව නඩුව ඉදිරියේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ කැදවීමට නියමිතයි. මහේස්ත්‍රාත්වරයා, මේ සම්බන්ධයෙන් විරෝධතාවක් පවතින්නේද යන්න  අදාළ පාර්ශ්ව වලින් ප්‍රශ්න කළා. අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සදහන් කළේ සිය සේවාදායකයා මාස නවයක් සහ සති තුනක කාලයක් බන්ධනාගාර ගතව සිටින බවයි. මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නඩුව තමන් ඉදිරියේ නොකැදවන ලෙස කළ ඉල්ලීම අනුව නඩුව කල් යාමෙන් සිය සේවා දායකයාට අගතියක් සිදුවී ඇති බව නීතීඥවරයා පෙන්වා දුන්නා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG