Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලයි  

0 comments

මෙටා සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග් තම සමාජ මාධ්‍ය ජාලවලින් අගතියට පත් පාර්ශව වලින් සමාව අයැද සිටියා.

මාර්ක් සකර්බර්ග් ඇතුලු ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය ජාල රැසක ප්‍රධානීන් ඇමෙරිකා සෙනෙට් මණ්ඩලය ඉදිරියට කැඳවා තිබුණා.

ඒ ෆේස්බුක්,ටික්ටොක් , ස්නැප් , එක්ස් ඇතුලු සමාජ මාධ්‍ය පරිහරණය කළ කුඩා දරුවන් සියදිවි හානි කර ගැනීම් ඇතුලු සිද්ධීන්වලට එම මාධ්‍ය වගකිව යුතු බවට වු චෝදනා විමර්ෂණය සඳහායි.

මෙහිදි මෙටා ප්‍රධානි මාර්ක් සකර්බර්ග් හා ටික්ටොක් ප්‍රධාන විධායක නිලධාරී ෂු සී චූව් විමර්ෂණ සඳහා වාචික ප්‍රකාශ ලබාදීමට ඉදිරිපත් වුව ද අනෙකුත් සමාජ මාධ්‍ය ප්‍රධානීන් එලෙස ඉදිරිපත්ව සිටියේ නැහැ.

කෙසේ වෙතත් මෙම සමාජ මාධ්‍ය පරිහරණයෙන් පීඩාවට පත් දරුවන්ගේ පවුල් වල සාමාජිකයන් ද මෙම අස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

The post මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලයි appeared first on ITN News.

Read More »

නිවාඩුවක් ගත කරන්න සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව – ඉන්දීය විදේශ ඇමති  

0 comments

ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසා තිබේ.

ඔහු මෙම සහතිකය ලබාදුන්නේ ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයකට එක් වෙමින්.

ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි ඉන්දියානු කළමනාකරණ ආයතනයේ දේශනයක් සඳහා එක්වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ශ්‍රී ලංකාව සමඟ ඇති සමීපත්වය පිළිබඳව අදහස් පළකරමින් මෙම අදහස් දක්වා තිබුණා.

 

The post නිවාඩුවක් ගත කරන්න සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව – ඉන්දීය විදේශ ඇමති appeared first on ITN News.

Read More »

හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ බිරිඳට වසර 14ක සිර දඬුවම්  

0 comments

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිදට වසර 14ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඉම්රාන් ඛාන්ට ඊයේ පැනවූ වසර 10ක සිර දඩුවමට අමතරවයි අද දිනයේ දී මෙලෙස 14 වසරක සිර දඬුවම් නියම කර ඇත්තේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉම්රාන් ඛාන් නෙරපා හරිනු ලැබුවේ 2022 වසරේදීයි. විරුද්ධවාදීන් විසින් නෙරපාහරිනු ලැබීමෙන් අනතුරුව ඔහු දැනටමත් වසර 3ක සිර දඬුවම් විඳිමින් සිටිනවා.

ඒ දූෂණ චෝදනාවට වරදකරුවීම හේතුවෙනුයි. රාජ්‍ය රහස් හෙළිකිරීම සම්බන්ධ නඩුවකින් ඔහුට දස වසරක සිර දඬුවම් ඊයේ දිනයේ දී නියම කෙරුණා.

අද දිනයේ දී තවත් වසර 14ක කාලයක් සිර දඩුවම් නියම කෙරුණේ ඊට බද්ධ කිරීමේ නඩුවක් සඳහායි.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ තමාට එරෙහි මෙම නඩු දේශපාලන අරමුණු මුල්කරගත් ඒවා බවයි.

ඔහුට පෙනී සිටීම තහනම් කර ඇති පාකිස්තානයේ ජාතික මැතිවරණයට සතියකට පෙර මෙම දඬුවම් නියම කිරීමද විශේෂත්වයක්.

ඉම්රාන් ඛාන් පසුගිය අගෝස්තු මාසයේ සිට සිර දඩුවම් විඳිමින් සිටිනවා. ඔහුගේ බිරිද බුෂ්රා බිබී රක්ෂිත බන්ධනාගාර ගතව සිටියා.

මෙම යුවලට ලැබුණු රාජ්‍ය ත්‍යාග පුද්ගලික ලාභ සදහා නීතිවිරෝධී ලෙස විකුණා ඇති බවටයි චෝදනා එල්ලකර ඇත්තේ.

The post හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ බිරිඳට වසර 14ක සිර දඬුවම් appeared first on ITN News.

Read More »

ජෝර්දාන ප්‍රහාරයට දැක්විය යුතු ප්‍රතිචාරය තීරණය කළ යුතුයි – ඇමෙරිකා ජනපති  

0 comments

ජෝර්දාන ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය දැක්විය යුතු ප්‍රතිචාරය තමා තීරණය කළ යුතු බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් ඔහු පවසන්නේ මැදපෙරදිග ප්‍රදේශ තුළ පුළුල් යුද්ධයක් ඇමෙරිකාවට අවශ්‍යවේ යැයි තමා අපේක්ෂා නොකරන බවයි.

පසුගිය ඉරිදා සිරියා දේශ සීමා ආසන්නයේ ඇමෙරිකා හමුදා කඳවුරකට ප්‍රහාරය එල්ල වුණා.

ඉන් ඇමෙරිකා සෙබළුන් තුන්දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායල ගාසා යුද්ධය හටගත් පසු මැදපෙරදිග සතුරු ප්‍රහාරයකින් ඇමෙරිකා සෙබළුන් මිය ගිය පළමු අවස්ථාව මෙයයි.

මේ අතර පසුගිය ඉරිදා එල්ල වු ප්‍රහාරයේ වගකීම ඉරාන සහාය ලබන මිලිෂියා සන්නද්ධ කණ්ඩායමක් භාරගෙන තිබෙනවා.

 

 

 

 

 

 

The post ජෝර්දාන ප්‍රහාරයට දැක්විය යුතු ප්‍රතිචාරය තීරණය කළ යුතුයි – ඇමෙරිකා ජනපති appeared first on ITN News.

Read More »

සංකීර්ණ මැදපෙරදිග තත්ත්වය පිළිබඳ චීනයෙන් ප්‍රකාශයක්  

0 comments

මැදපෙරදිග වත්මන් තත්ත්වය ඉතා සංකීර්ණ සහ සංවේදී වන අතර, ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දීයි.

පසුගිය 28 වැනිදා සිරියානු දේශසීමාව ආසන්නයේ, ඊසානදිග ජෝර්දානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කෙරුණු අතර, ඉන් ඇමරිකානු භටයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Wang Wenbin මහතා කියාසිටියේ පළිගැනීමේ ක්‍රමයක් අනුගමනය නොකර අදාළ පාර්ශ්ව සංවාද සහ මනා සන්නිවේදනය ශක්තිමත් කර ගත යුතු බවයි.

The post සංකීර්ණ මැදපෙරදිග තත්ත්වය පිළිබඳ චීනයෙන් ප්‍රකාශයක් appeared first on ITN News.

Read More »

ඉම්රාන් ඛාන්ට 10ක සිරදඬුවමක්  

0 comments

රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබෙනවා

2022 වසරේ දී දූෂණ චෝදනාවකට වැරදිකරු වූ ඔහු මේ වනවිට බන්ධනාගාරගත කර සිටිනවා.

The post ඉම්රාන් ඛාන්ට 10ක සිරදඬුවමක් appeared first on ITN News.

Read More »

හොඳම නළුවා සහ නිළිය වූ සැමියා සහ බිරිඳ  

0 comments

බොලිවුඩ් සිනමාවේ සම්මාන මංගල්‍යයය වන ‘ෆිල්ම් ෆෙයාර්‘ මෙවර සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානයට පාත්‍ර වුණා

ඔහුගේ බිරිඳ වන ආලියා භාත් හොඳම නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවා

පසුගිය වසරේ බොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතමයන් ඇගැයීමට ලක් කෙරෙන වාර්ෂික ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළ මෙවර ගුජරාට් ප්‍රාන්තයේදී පෙරේදා රාත්‍රී පැවැත්වුණා

‘ඇනිමල්‘ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් වසරේ හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානය දිනා ගනු ලැබූ අතර, ආලියා භාත් හොඳම නිළියගේ සම්මානය දිනා ගනු ලැබුවේ ‘රොකී ඕර් රානි කී කහානි‘ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන්.

මෙවර සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය ලෙස ‘12th Fail‘ තේරී ඇති අතර, හොඳම සහාය නළුවා ලෙස විකී කෞෂාල් සහ හොඳම සහාය නිළිය ලෙස ශබානා ආස්මි සම්මාන දිනා ගත්තා

The post හොඳම නළුවා සහ නිළිය වූ සැමියා සහ බිරිඳ appeared first on ITN News.

Read More »

ගාසා සටන් විරාම සාකච්ඡාවල ප්‍රගතියක්  

0 comments

ගාසා සටන් විරාම සාකච්ඡාවල ප්‍රගතියක් අත්කරගෙන ඇති බව කටාර් අග්‍රාමාත්‍යවරයා පවසනවා.

ඊජිප්තුවේ, ඊශ්‍රායලයේ සහ ඇමරිකාවේ බුද්ධි අංශ නිලධාරීන් ගාසා තීරයේ සටන් විරාමයක් පවත්වා ගනිමින් සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරමින් සිටින බව කටාර් රාජ්‍යය පවසනවා.

ඒ පිලිබඳ සාකච්ඡා ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මන් බින් ජසිම් අල් තානි පවසන්නේ.

ඔක්තෝබර් 7 දා යුද්ධය ආරම්භයේ සිට සටන් නැවැත්වීමේ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා පැවැත්වෙනවා.  එහි නවතම සාකච්චා වටය පසුගිය සති අන්තයේ දී ප්‍රංශයේ පැරිස් නුවරදී සිදු වුණා.

 

 

 

The post ගාසා සටන් විරාම සාකච්ඡාවල ප්‍රගතියක් appeared first on ITN News.

Read More »

ජල අංශුවලින් සමන්විත කුඩා ග්‍රහලෝකයක්  

0 comments

ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන්, හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්, ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත ග්‍රහලොවක් සොයාගෙන ඇති බවට වාර්තා කර තිබෙනවා.

විද්‍යාඥයන් මෙම නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ජී.ජේ. 9827 ඩී’ යන නමින්.

ග්‍රහලෝකය අත්තේ ආලෝක වර්ෂ 97 ක් දුරින් බව ද සඳහන්

ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත වීම යනු මෙම ග්‍රහලොවේ ජීවීන් සිටීමට ඉඩ ඇති බව හෝ ජීවය පහළ වීමට අවශ්‍ය සාධක ඇති බව යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

The post ජල අංශුවලින් සමන්විත කුඩා ග්‍රහලෝකයක් appeared first on ITN News.

Read More »

වසර 19කට පසු නාවුරු අහසේ චීන ජාතික ධජය ‍එසවෙයි  

0 comments

වසර 19කට පමණ පසු පැසිෆික් දූපත් රටක චීන ජාතික ධජය ඔසවන පළමු අවස්ථාව සනිටුහන් කරමින් චීන රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායම අද (29) නාවුරු හි චීන ජාතික ධජය එසවීමේ උත්සවයක් පැවැත්විය.

නාවුරු හි චීන තානාපති කාර්යාලය ආරම්භ කිරීමේ වගකීම දරන කණ්ඩායම විසින් තාවකාලික කාර්යාලය පිහිටි පරිශ්‍රයේ දී මෙම උත්සවය පවත්වන ලදි.

අන්‍යෝන්‍ය වශයෙන් බැඳී සිටින චීනය සහ නාවුරු ජනරජයට ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ දී විශාල හැකියාවක් ඇති බව එම රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායමේ ප්‍රධානී Wang Xuguang මහතා එහිදී පැවසීය.

අනාගතයේ දී දෙපාර්ශ්වයම ඔවුන්ගේ සංවර්ධන උපායමාර්ගවල පෙළගැස්ම ශක්තිමත් කර ගත යුතු අතර, ද්විපාර්ශ්වික සහයෝගීතාවය සඳහා පොදු පදනමක් ගොඩනඟා ගනිමින් දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ හිමි වන උසස් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බව ද හෙතෙම ප්‍රකාශ ක‍ළේය.

පසුගිය ජනවාරි 15 වන දින නාවුරු රජය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ සිය රට එකම චීනය මූලධර්මය පිළිගන්නා බවත් තායිවානය සමග ඊනියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්පූර්ණයෙන්ම අත්හිටුවා චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කරන බවයි.

එමෙන්ම තානාපති මට්ටමින් රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ඇරඹීම පිළිබඳව චීනය සහ නාවුරු අතර ඒකාබද්ධ නිවේදනයක් පසුගිය ජනවාරි 24 වැනිදා බෙයිජිං හිදී අත්සන් කළහ.

The post වසර 19කට පසු නාවුරු අහසේ චීන ජාතික ධජය ‍එසවෙයි appeared first on ITN News.

Read More »

ඉන්දියාව රුසියාවෙන් ඈත්වෙයි?  

0 comments

ඉන්දියාව සිය විශාලතම ආයුධ සැපයුම්කරු වන රුසියාවෙන් ඈත් වීමට උත්සහ කරන බව වාර්තා වනවා.

ඒ යුක්‍රේන යුද්ධයෙන් රුසියාවට යුධ උපකරණ සහ අමතර කොටස් සැපයීමට ඇති හැකියාව සීමා වීම හේතුවෙන්.

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයට අනුව පසුගිය දශක දෙක තුළ ඉන්දියාවේ ආයුධ මිලදී ගැනීම්වලින් ඩොලර් බිලියන 60කට වඩා වැඩි ප්‍රමාණයක් රුසියාව විසින් සපයා තිබෙනවා.

 

 

 

 

 

The post ඉන්දියාව රුසියාවෙන් ඈත්වෙයි? appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව කෲස් මිසයිල කිහිපයක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව කෲස් මිසයිල කිහිපයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව නිවේදනය කරනවා.

උතුරු කොරියාවේ නැගෙනහිර මුහුදු කලාපය වෙත ඔවුන් අත්හදා බැලූ කෲස් මිසයිල පතිත වී ඇති බවයි දකුණු කොරියා ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ.

පසුගිය කාලය පුරා උතුරු කොරියාව වරින් වර මිසයිල අත්හදා බැලීමට කටයුතු කළා.

ඒ සමඟම කලාපයේ රටවල් අතර උතුරු කොරියාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වුවද අද දිනයේ උතුරු කොරියාව කෲස් මිසයිල කොපමණ සංඛ්‍යාවක් අත්හදා බැලූවේද යන්න මෙතෙක් හෙළිව නැහැ.

 

 

 

 

 

 

The post උතුරු කොරියාව කෲස් මිසයිල කිහිපයක් අත්හදා බලයි appeared first on ITN News.

Read More »

ලෝකයේ විශාලතම සංචාරක නෞකාව මංගල ගමන අරඹයි  

0 comments

ලෝකයේ විශාලතම සංචාරක නෞකාව වන Icon of the Seas  සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා.

ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ මියාමි සිට එම නෞකාව ගමන් ආරම්භ කර ඇති අතර දින 7ක් කැරබියන් දූපත් ආශ්‍රිතව ගමන් කිරීමට නියමිත බව විදෙස් මාධය වාර්තා කරනවා.

රෝයල් කැරබියන් ආයතනය සතු මෙම නෞකාව මීටර් 365ක දිගින් සහ තට්ටු 20කින් සමන්විත වන අතර මගීන් 7,600කට එහි ගමන් කළ හැකියි.

ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක විශාලත්වයකින් යුත් මෙම නෞකාවේ පිහිනුම් තටාක 7ක් පවතිනවා.

 

 

 

 

The post ලෝකයේ විශාලතම සංචාරක නෞකාව මංගල ගමන අරඹයි appeared first on ITN News.

Read More »

F-16 ප්‍රහාරක ජෙට් යානා 40ක් තුර්කියට විකිණීමට ඇමරිකාව සූදානම්  

0 comments

ඩොලර් බිලියන 23ක් වටිනා F-16 ප්‍රහාරක ජෙට් යානා තුර්කියට විකිණීමට ඇමරිකාව සූදානම් වනවා.

ස්වීඩනය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව තුර්කිය මෙම ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කිරීම විශේෂත්වයක්.

මේ අනුව නව F-16 ප්‍රහාරක ජෙට් යානා 40ක් තුර්කියට විකිණීමට ඇමරිකා රජය කැමැත්ත පළ කර තිබෙනවා.

මෙම ගනුදෙනුවට දැනට පවතින තුර්කි F-16 යානා 79ක් සඳහා නවීකරණ කට්ටල ලබා දීමද ඇතුළත් වනවා.

මේ අතර ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට කොන්ග්‍රසයට ප්‍රකාශ කළේ ඩොලර් බිලියන 8.6ක් වැය වන F-35 ප්‍රහාරක යානා 40ක් ග්‍රීසියට විකිණීමටද අනුමැතිය ලබා දී ඇති බවයි.

 

 

 

 

 

The post F-16 ප්‍රහාරක ජෙට් යානා 40ක් තුර්කියට විකිණීමට ඇමරිකාව සූදානම් appeared first on ITN News.

Read More »

ඇමරිකාවේ තෙල් නැවකට හූති සටන්කාමීන්ගෙන් මිසයිල ප්‍රහාරයක්  

0 comments

හූති සටන්කාමීන් ඇමරිකා තෙල් නැවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒඩන් බොක්කේ ගමන් ගන්නා අතරතුරයි නැවට ප්‍රහාරය එල්ල වුණේ.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් නෞකාවේ එක් තෙල් ටැංකියක ගින්නක් හටගත් බව නෞකාව අයත් සමාගම පවසනවා.

ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ උපකරණ භාවිත කර තිබෙනවා.

නෞකාවේ ගමන් ගත් කිසිදු අයෙකුට ප්‍රහාරයෙන් තුවාල සිදුවී නැහැ.

 

 

The post ඇමරිකාවේ තෙල් නැවකට හූති සටන්කාමීන්ගෙන් මිසයිල ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ඉරාකය තුළ සිදු කෙරෙන ඇමෙරිකා යුද මෙහෙයුම් අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹෙයි  

0 comments

ඉරාකය තුළ සිදු කෙරෙන ඇමෙරිකා යුද මෙහෙයුම් අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

2003 වසරේ සිට ඇමෙරිකා හමුදා ඛණ්ඩ ඉරාකය තුළ රැඳී සිටිනවා.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රැසක් ඉරාකයේ ත්‍රස්ත සංවිධාන මැඩපැවැත්වීම සඳහා මෙහෙයුම් සිදු කරන අතර එම මෙහෙයුම් අවසන් කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට එකඟ වූ බවයි ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සඳහන් කරන්නේ.

2011 වසරේ දී ඇමෙරිකා හමුදා ඛණ්ඩ රැසක් ඉරාකයෙන් ඉවත් වුවද අයි එස් අයි එස් ත්‍රස්ත තර්ජන හේතුවෙන් 2014 වසරේ දී නැවත වරක් ඇමෙරිකාව තම බල සේනා ඉරාකයට යොමු කළා.

2014 වසරේ සිට අඛණ්ඩව අයි එස් අයි එස් ත්‍රස්ත ඉලක්ක වෙත ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ප්‍රහාර එල්ල කරනවා.

කෙසේ වුවද ඉරාක රජය නිවේදනය කරන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල හමුදා ඛණ්ඩ එරටින් ඉවත් කර ගැනීම සඳහා කාලරාමුවක් සකස් කරන බවයි.

 

 

 

The post ඉරාකය තුළ සිදු කෙරෙන ඇමෙරිකා යුද මෙහෙයුම් අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹෙයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල මෙහෙයුම් ගැන ජාත්‍යන්තර අධිකරණයේ පනවා ඇති නඩුවට අදාළ තීන්දුව මෙම සතියේදී  

0 comments

ගාසා තීරය තුළ සිදුකෙරෙන ඊශ්‍රායල මෙහෙයුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේ පනවා ඇති නඩුවට අදාළ තීන්දුව මෙම සතිය තුළදී ලබාදීමට නියමිතයි.

ඊශ්‍රායලය ගාසා තීරය තුළ ජන සංහාරයක් සිදුකරන බව පවසමින් දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අධිකරණයේ ඊශ්‍රායලය විරුද්ධව නඩු පැවරුවා.

මීට සති දෙකකට පමණ ඉහත දී අදාළ නඩුව විභාග කිරීම ආරම්භ කළ අතර එහි තීන්දුව මෙම සතියේ දී ලබාදීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ජගත් සංවිධානය යටතේ ස්ථාපිත ජාත්‍යන්තර අධිකරණය මගින් ගාසා තීරයේ හමුදා මෙහෙයුම් නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝගයක් නිකුත් කිරීමේ බලතල පවතිනවා.

කෙසේ වුව ද එම තීන්දුව මගින් ඊශ්‍රායලයට විරුද්ධව කිසිදු නීතිමය පියවරක් ගත නොහැකි අතර දේශපාලනික වශයෙන් නඩු තීන්දුව ඊශ්‍රායලයට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

පසුගිය ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 25500කට ආසන්න සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්වු අතර 63000කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

The post ඊශ්‍රායල මෙහෙයුම් ගැන ජාත්‍යන්තර අධිකරණයේ පනවා ඇති නඩුවට අදාළ තීන්දුව මෙම සතියේදී appeared first on ITN News.

Read More »

ඇමෙරිකාව ප්‍රථමවරට මරණ දඬුවම සඳහා නයිට්‍රජන් වායුව භාවිත කරයි  

0 comments

ඇමෙරිකාව ප්‍රථමවරට මරණ දඬුවම සඳහා නයිට්‍රජන් වායුව භාවිත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මරණ දඬුවම නියම වූ කෙනත් ඉයුජින් ස්මිත් නැමති මෙම පුද්ගලයා නයිට්‍රජන් වායුව යොදාගනිමින්  මරණයට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම  මතභේදාත්මක ක්‍රමය එක්සත් ජනපදයේ භාවිතා කළ පළමු අවස්ථාව මෙයයි.

58 හැවිරිදි ස්මිත්ට අවසන් අභියාචනා දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ෆෙඩරල් අභියාචනාධිකරණයට ඉදිරිපත් වුවද ඉන් තහවුරු වූයේද ඔහු ඊට වරදකරු බවයි.

එක්සත් ජනපදයේ සහ මරණ දණ්ඩන තොරතුරු මධ්‍යස්ථානයට අනුව ලෝකයේ ඕනෑම තැනක පිරිසිදු නයිට්‍රජන් වායුව භාවිතයෙන් මරණයට පත් කළ පළමු පුද්ගලයා ස්මිත් ය.

ඔක්සිජන් නොමැතිව වායුව ආශ්වාස කිරීම සෛල බිඳ වැටීමට හේතු වන අතර මරණයට හේතු වනවා.

 

 

The post ඇමෙරිකාව ප්‍රථමවරට මරණ දඬුවම සඳහා නයිට්‍රජන් වායුව භාවිත කරයි appeared first on ITN News.

Read More »

චීන-ඇමරිකා සමුද්‍රීය සහ ගුවන් ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් ඇමරිකාවට චීනයෙන් චෝදනා  

0 comments

චීන-ඇමරිකා සමුද්‍රීය සහ ගුවන් ආරක්ෂක ගැටළුවලට මූලික හේතුව ඇමරිකාවේ ප්‍රකෝපකාරී ක්‍රියා බව චීනය පවසනවා.

පසුගියදා පැවති 17 වන චීන-ඇමරිකා ජාතික ආරක්ෂක අමාත්‍යංශ ක්‍රියාකාරී රැස්වීමේදී චීනය අවධාරණය කළේ ඇමරිකාව සිය භට පිරිස් දැඩි ලෙස පාලනය කළ යුතු බවයි.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය නොකරන බව ඇමරිකාව එහිදී ප්‍රකාශ කළා.

ඒ පිළිබඳව චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Wu Qian මහතා අදහස් දක්වමින් කියාසිටියේ මෙම ගැටළුවලට මූලික හේතුව ඇමරිකාවේ යුධ නැව් සහ ගුවන් යානා චීනය ආසන්නයට අනවසරයෙන් පැමිණීම බවයි.

ඇමරිකාව ජාත්‍යන්තර නීතිය අනිසි ලෙස භාවිත කිරීම නැවැත්විය යුතු බවත් සියලු ප්‍රකෝපකාරී ක්‍රියා නතර කර සිය භට පිරිස්වල ක්‍රියාකාරකම් දැඩි ලෙස පාලනය කළ යුතු බවත් චීනය ප්‍රකාශ කරනවා.

එය අදාළ සමුද්‍රීය සහ ගුවන් අනතුරු වළක්වා ගැනීමේ මූලික උපායමාර්ගය බව ද චීනය එහිදී අවධාරණය කර තිබෙනවා

The post චීන-ඇමරිකා සමුද්‍රීය සහ ගුවන් ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් ඇමරිකාවට චීනයෙන් චෝදනා appeared first on ITN News.

Read More »

ප්‍රංශ ජනපති ඉන්දියාවට  

0 comments

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අද(25) ඉන්දියාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ඒ ඉන්දීය අගමැති මෝදිගේ ආරාධනය මත 75 වන ජනරජ දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීම සඳහායි

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් රාජස්ථානයේ ජායිපූර් වෙත ගොඩබසිනු ඇති බවයි පැවසෙන්නේ

පසුව ඉන්දීය අගමැති මෝදි සමගින් ස්ථාන කිහිපයක සංචාරයක නිරතවීමට නියමිත අතර සංදර්ශනයක් නැරඹීම සඳහාද එක්වීමට නියමිතයි .

The post ප්‍රංශ ජනපති ඉන්දියාවට appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව නව මිසයිලයක් අත්හදා බලයි  

0 comments

න්‍යෂ්ටික හැකියාව සහිත නව වර්ගයේ කෲස් මිසයිලයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසනවා.

එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ අත්හදා බැලූ පුල්වාසාල්-3-31 කෲස් මිසයිලය තවමත් එහි සංවර්ධන අදියරේ පවතින බවයි.

උතුරු කොරියාව සිය යුධ හැකියාවන් තවදුරටත් පුළුල් කරමින් සිටිනවා.

ඔවුන් කියා සිටින්නේ ජපානයේ පිහිටි  ඇමරිකා හමුදා කඳවුරු ද ඉලක්ක කර කිලෝමීටර් 2,000 පරාසයක් දක්වා තමන්ට ප්‍රහාර එල්ල කළ හැකි බවයි.

 

The post උතුරු කොරියාව නව මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.

Read More »

යේමනයෙන් පිටත්ව යන්නැයි ජගත් සංවිධානය හූති කැරළිකරුවන්ට දැනුම් දෙයි  

0 comments

ජගත් සංවිධානයට අනියුක්තව යේමනයේ සේවයේ නියුතු ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය ජාතිකයින්ට වහාම යේමනයෙන් පිටව යන ලෙස හූති කැරළිකරුවන් දැනුම් දී තිබෙනවා.

මාසයක කාලයක් ඇතුළත ජගත් සංවිධානයට අනියුක්තව සේවයේ නියුතු ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය ජාතිකයින් යේමනයෙන් පිටවිය යුතු බවයි ජගත් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශයෙකු සදහන් කර ඇත්තේ.

අදාළ දැනුම්දීම ඇතුළත් ලිපියක් ද හූති කැරලිකරුවන් නිකුත් කර තිබෙනවා.

ජනවාරි 20 වන දින මෙම ලිපිය යොමුකර ඇති අතර පෙබරවාරි 20 වනදින වනවිට ජගත් සංවිධානයේ සේවයේ නියුතු සියලු ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය ජාතිකයින්ට යේමනයෙන් පිටවීමට සිදුවනු ඇති.

රතු මුහුදේ හා ඒඩ්න් බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ හූති කැරළිකරුවන් වෙළද නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය එක්ව පසුගිය සතියේදී හූති කැරළිකරුවන්ට එරෙහි යුද මෙහෙයුම් ආරම්භ කළා.

 

 

 

 

The post යේමනයෙන් පිටත්ව යන්නැයි ජගත් සංවිධානය හූති කැරළිකරුවන්ට දැනුම් දෙයි appeared first on ITN News.

Read More »

මාස 20 කට පසු ස්වීඩනයට තුර්කියෙන් කොළ එළියක්  

0 comments

ස්වීඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම සඳහා තුර්කිය අනුමැතිය ලබාදී තිබෙනවා.

ස්වීඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් තුර්කිය දැඩි විරෝධයක් පල කළා.

සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කර මාස 20 ක පමණ කාලයකට පසුවයි තුර්කිය ඊට අනුමැතිය ලබාදී ඇත්තේ.

ඒ අනුව ඉදිරියේ දී ස්වීඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය හිමිවනු ඇති.

මෙම තීරණය සම්බන්ධයෙන් තුර්කි පාර්ලිමේන්තුවේ මත විමසීමක් සිදු කළ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 287 ක් හිමි වුණා.

නේටෝ සංවිධානය නව රටකට තම සාමාජිකත්වය ලබාදීමට නම් එහි සියලු සාමාජික රටවලින් ඊට අනුමැතිය හිමි විය යුතු වනවා .

 

 

 

 

 

 

 

The post මාස 20 කට පසු ස්වීඩනයට තුර්කියෙන් කොළ එළියක් appeared first on ITN News.

Read More »

නිව් හැම්ප්ශයර් ප්‍රාන්තයේ ජය ට්‍රම්ප්ට  

0 comments

නොවැම්බර් මස පැවැත්වෙන ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂකයා තෝරාගැනීමේ සටනේ නිව් හැම්ප්ශයර් ප්‍රාන්තයේ ජයග්‍රහණයත් හිමිකර ගැනීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  සමත් වුණා.

පසුගිය සතියේ දී රිපබ්ලිකන් අපේක්ෂකයා තෝරාගැනීමේ සටන අයෝවා ප්‍රාන්තයෙන් ආරම්භ වූ අතර එම ප්‍රාන්තයේ ජයග්‍රහණය ද ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමි වුණා.

ඊයේ පැවති නිව් හැම්ප්ශයර් ප්‍රාන්ත තරගයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට 54%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවූ අතර නිකී හේලිට හිමිකරගත හැකිවූයේ 44%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

කෙසේ  වුවද අනෙකුත් ප්‍රාන්ත තරගයන්හිදී ප්‍රබල සටනක් ලබා දෙන බව ප්‍රතිවාදී නිකී හේලි අවධාරණය කරනවා.

ඇය සඳහන් කරන්නේ ට්‍රම්ප්ට මුහුණ දීමට තරම් තමන් ප්‍රබල සටන්කරුවකු බවයි.

තම ප්‍රතිවාදියා සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන බවත් ඇයට අවශ්‍ය ඕනෑම දෙයක් සිදුකිරීමට ඉඩ සලසා දෙන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ද මාධ්‍ය හමුවේ කියා සිටියා.

The post නිව් හැම්ප්ශයර් ප්‍රාන්තයේ ජය ට්‍රම්ප්ට appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ පාසල් හා විශ්වවිද්‍යාල රැසක් වසාදැමේ  

0 comments

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පාසල් හා විශ්වවිද්‍යාල රැසක් වසාදමා තිබෙනවා.

ඉස්ලාමාබාද් අගනුවර පාසල් හා විශ්වවිද්‍යාල වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවිය හැකි බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගැනීමත් සමඟයි මෙම පියවර ගෙන ඇත්තේ.

පාකිස්තාන තලේබාන් සංවිධානය මෙම ප්‍රහාර එල්ල කිරීමට වැඩි ඉඩක් පවතින බව බුද්ධි අංශ තවදුරටත් අනතුරු අඟවා තිබෙනවා.

පාසල් සිසුන්ගේ දෙමව්පියන්ට ප්‍රහාරයන් එල්ල කිරීම සම්බන්ධයෙන් පණිවුඩ ලබාදීමට යම්කිසි කණ්ඩායමක් කටයුතු කර ඇති අතර එම සියලු තොරතුරු විශ්වාස කිරීමෙන් වළකින ලෙස පාකිස්තාන පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වුවද පාකිස්තානය තුළ සිදුකෙරෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග එරට තුළ නීතිවිරෝධීව රැදී සිටින ඇෆ්ගනිස්ථාන ජාතිකයින් පිටුවහල් කිරීමට පාකිස්තාන රජය පසුගිය නොවැම්බර් මාසයේදී පියවර ගත්තා.

 

 

 

The post පාකිස්තානයේ පාසල් හා විශ්වවිද්‍යාල රැසක් වසාදැමේ appeared first on ITN News.

Read More »

හවුති කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් ගුවන් ප්‍රහාර මාලාවක්  

0 comments

යේමනයේ හවුති කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් ඊයේ රාත්‍රියේත් ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර මාලාවක් එල්ලකර තිබෙනවා.

මෙම මස මුල් සතියේ සිට ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය හවුති කැරලිකරුවන්ට එරෙහි ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කළා.

යේමනයේ හවුති ඉලක්කයන් වෙත මේ වන විටත් ගුවන් ප්‍රහාර රැසක් එල්ල කිරීමටයි ඔවුන් පියවර ගත්තේ.

ඊයේ රාත්‍රියේ හවුති ඉලක්ක අටක් වෙත ප්‍රහාර එල්ල කළ බව පෙන්ටගනය නිවේදනය කරනවා.

රතු මුහුදේ ගමන්ගන්නා බටහිර රටවලට අයත් වෙළෙද නෞකා ඉලක්ක කර ගනිමින් හවුති කැරලිකරුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමගයි ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ඔවුන් ඉලක්ක කර ගනිමින් යුද මෙහෙයුම් ආරම්භ කළේ.

ඊශ්‍රායලය පලස්තීනය ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාරයන් අත්හිටුවන තුරු තම ප්‍රහාරයන් අඛණ්ඩව ක්‍රියාත්මක බව හවුති කැරලිකරුවන් නිවේදනය කරනවා.

 

 

 

The post හවුති කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් ගුවන් ප්‍රහාර මාලාවක් appeared first on ITN News.

Read More »

චීනයේ නාය යෑමෙන් අතුරුදන් වූ පිරිස සොයා අඛණ්ඩව මෙහෙයුම්  

0 comments

චීනයේ යුනාන් ප්‍රාන්තයේ සිදුවූ නාය යෑමෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

චීනයේ යුනාන් ප්‍රාන්තයේ කදුකර ප්‍රදේශයක ඊයේ දිනයේදී නාය යෑමක් සිදුවුණා.

පුද්ගලයින් 47 දෙනෙකු නාය යෑමට ලක්වූ ප්‍රදේශයේ පස් තට්ටුව තුළ සිරව සිටින බවයි සහන කණ්ඩායම් සදහන් කරන්නේ.

මළ සිරුරු 11ක් සොයා ගත් බවද ඔවුන් නිවේදනය කරනවා. අතුරුදන් පිරිස් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ආපදාවට පත්වූ පිරිස වෙතක කඩිනම් සහන සලසන ලෙස චීන ජනාධිපති ක්ෂී ජින් පින්ග් උපදෙස් ලබා දී තිබෙනවා.

එම ප්‍රදේශයේ වාසය කළ 500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති අතර සහන කටයුතු සදහා දහසකට ආසන්න පිරිසක් යොදවා ඇති බව සදහන්.

කදුකර ප්‍රදේශයේ ඉහළ පස් තට්ටුව ගැලවී යාමත් සමග මෙම නාය යෑම සිදුව ඇති බවයි මූලික පරික්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

 

 

 

 

 

 

 

 

 

The post චීනයේ නාය යෑමෙන් අතුරුදන් වූ පිරිස සොයා අඛණ්ඩව මෙහෙයුම් appeared first on ITN News.

Read More »

චීනයෙන් ලෝක ආර්ථිකයට ධනාත්මක බලපෑම්  

0 comments

ලෝක ආර්ථික ප්‍රකෘතියට චීනය තවදුරටත් ශක්තියක් වන බව චීන විදේශ අමාත්‍යංශය පවසනවා.

චීනය අඛණ්ඩව වෙළඳපොල ඉල්ලුම සපුරාලමින් ලෝක වෙළඳාම හා ආයෝජන වර්ධනයට වඩා පුළුල් අවකාශයක් ලබා දෙන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය දා පැවති ලෝක ආර්ථික සංසදයේ 2024 වාර්ෂික සමුළුවේදී, චීනයේ ක්‍රියාපිළිවෙළ අනුගමනය කරමින්, ශීත කාලයට අදාළ ආර්ථික සම්පත් හුවමාරු කර ගැනීමේ දී චීන සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට වැඩි අවධානයක් යොමු කරන බව ස්විට්සර්ලන්ත ජාතික සංචාරක දෙපාර්තමේන්තු ප්‍රධානියා පවසා තිබෙනවා.

මේ අතර, චීනයේ ශීත කාලයට අදාළ ආර්ථික කටයුතු උසස් සංවර්ධන අදියරක පවතින බව ද වාර්තා වනවා. 2023-2024 කාල‍ය තුළ, චීනයේ අයිස් සහ හිම ආශ්‍රිත සංචාරක ස්ථාන වෙත පැමිණෙන සංචාරකයින් මිලියන 400 ඉක්මවනු ඇතැයි ද අපේක්ෂා කරන බව Wang Wenbin මහතා එහිදී කියාසිටියා.

ඊට අදාළ සංචාරක කර්මාන්ත ආදායම චීන යුවාන් බිලියන 550 කට ආසන්න වනු ඇති බව ද අපේක්ෂා කරනවා. මෙම ශක්තිමත් සංවර්ධන ප්‍රවණතාව ගෝලීය සංචාරක වෙළඳපොළට ශක්තිමත් ජවයක් එක් කරනු ඇති බවයි Wang Wenbin මහතා වැඩිදුරටත් කියාසිටියේ.

The post චීනයෙන් ලෝක ආර්ථිකයට ධනාත්මක බලපෑම් appeared first on ITN News.

Read More »

ලොව ධනවත්ම දේශපාලනඥයා  

0 comments

ලොව ධනවත්ම දේශපාලනඥයා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බව ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඔහුට අයත් වත්කම් වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක් බවයි සඳහන් කර ඇත්තේ.

එම වත්කම් අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක මන්දිරයක්, ඇමෙරිකානු ඩොලර් මිලියන 716 ක ගුවන් යානයක් තිබෙන බවද ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

එම මන්දිරයේ කෑම කාමරයේ තිබෙන භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක් බවද එම වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

The post ලොව ධනවත්ම දේශපාලනඥයා appeared first on ITN News.

Read More »

යුක්රේනයේ ඩොනෙට්ස්ක් නගරයට එල්ල වූ ප්‍රහාරයකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

රුසියාවේ පාලනය යටතේ පවතින යුක්රේනයේ ඩොනෙට්ස්ක් නගරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඩොනෙට්ස්ක් නගරයේ වෙළඳපොළකට එල්ල වූ මාරාන්තික ෂෙල් ප්‍රහාරයකින් මෙම පිරිස මිය ගියා.

මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම කලාපය තුළ ක්‍රියාත්මක වන යුක්රේන හමුදා කණ්ඩායමක් ප්‍රකාශ කළේ තමන් මෙම  ප්‍රහාරය සිදු නොකළ බවයි.

රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ රුසියාවේ සාමකාමී ජනතාවට එරෙහි ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස මෙය සලකන බවයි.

යුක්‍රේන හමුදා බටහිර රටවල් සපයන ලද ආයුධ ඊට භාවිත කළ බවටද රුසියාව චෝදනා කරනවා.

 

 

The post යුක්රේනයේ ඩොනෙට්ස්ක් නගරයට එල්ල වූ ප්‍රහාරයකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඉරාන ජනපතිගෙන් අනතුරු ඇගවිමක්  

0 comments

ඉරානයේ ඉහළ පෙලේ ආරක්ෂක අංශ නිලධාරීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය නිසි පිළිතුරු ලබාදිය යුතු බව ඉරාන ජනාධිපතිවරයා පවසනවා.

ඊශ්‍රායලය සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ඉහළ පෙළේ ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම සිරියා හමුදාවට අයත් නිලධාරීන් කිහිප දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වුණා.

පසුගිය සතියේ සිට ඊශ්‍රායලය බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව සිරියාවේ ත්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා.

ඉරානය ද සිරියාවේ ත්‍රස්ත ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර කීපයක් එල්ල කළ අතර මේ වනවිට සිරියාව යුද බිමක් බවට පත්ව තිබෙනවා.

කෙසේ වුවද ඉරානයේ හමුදා නිලධාරීන් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය මේ වන තෙක් කිසිදු නිවේදනයක් නිකුත් කර නැහැ.

ඊශ්‍රායල හමාස් ගැටුම් ආරම්භවීමෙන් පසු සිරියාවේ ත්‍රස්ත ඉලක්කයන් වෙත සිදුකෙරෙන ප්‍රහාරයන් ද ඉහළ දමා තිබෙනවා.

 

 

***විදුර/13.28/ගිහාන්

 

The post ඉරාන ජනපතිගෙන් අනතුරු ඇගවිමක් appeared first on ITN News.

Read More »

පාද 6 ක් සහිතව උපත ලැබූ සුනඛයෙකුට සාර්ථක සැත්කමක්  

0 comments

පාද හයක් සහිතව උපත ලැබූ සුනඛයෙකුගේ අතිරේක පාද දෙක සාර්ථකව ඉවත් කිරීමට බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරු පිරිසක් සමත් වුණා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී සුපිරි වෙළෙදසැලක රථ ගාලක අතහැර දමා සිටියදී සති 11ක් වයසැති පාද හයක් සහිත ඒරියල් නමැති මෙම සුනඛයා සොයා ගැනුණා.

පසුව සුනඛයාගේ අතිරේක පාද දෙක ඉවත් කිරීමට ආධාර එක්රැස් කෙරුණු අතර ඒ සදහා බ්‍රිතාන්‍ය පවුම් පහලොස් දහසක මුදලක් රැස්වූ බවයි බී බී සී පුවත් සේවය සදහන් කරන්නේ.

ශල්‍ය වෛද්‍ය ඇරෝන් ලච්ට්මන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ශල්‍යකර්මය සිදු කෙරුණු අතර මේ වන විට සුනඛයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා.

සුනඛයාගේ පසුපස පාද දෙකට සම්බන්ධවී මෙම අතිරේක පාද දෙක තිබූ බව වෛද්‍යවරු පවසනවා.

 

 

 

 

 

The post පාද 6 ක් සහිතව උපත ලැබූ සුනඛයෙකුට සාර්ථක සැත්කමක් appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල අගමැතිගෙන් විශේෂ නිවේදනයක්  

0 comments

පලස්තීනයේ සම්පූර්ණ බලය ඊශ්‍රායලය සතු කර ගත යුතු බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කරනවා.

ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ලවන පීඩනය නොතකා හරින බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ. අනාගත පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමේ තම සංකල්පයට දායකත්වය සපයන ලෙසයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් ඔහු ඉල්ලා සිටින්නේ.

ගාසා තීරය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයන් සම්බන්ධයෙන් තමන්ට හා තම රජයට එල්ලවන පීඩනය නොසලකා හරින බවද ඊශ්‍රායලය අග්‍රාමාත්‍යවරයා පවසනවා.

පසුගිය සතියේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හා ඇමෙරිකා අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ දුරකතන සංවාදයක් පැවති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post ඊශ්‍රායල අගමැතිගෙන් විශේෂ නිවේදනයක් appeared first on ITN News.

Read More »

චීනයේ පාසලක ගින්නකින් සිසුන් 13 දෙනෙකු මියයයි  

0 comments

චීනයේ හෙනාන් පළාතේ පාසලක නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් 13 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

මධ්‍යම චීනයේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන්  13 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සිංහුවා ප්‍රාන්ත පුවත් ඒජන්සිය වාර්තා කරනවා.

හෙනාන් පළාතේ යන්ෂාන්පු ගම්මානයේ කුඩා ළමුන් සඳහා වන පාසලක ඊයේ රාත්‍රියේ මෙම ගින්න ඇති වුණා.

චයිනා ඩේලි පුවත්පතට අනුව, පෞද්ගලිකව පවත්වාගෙන යනු ලබන පාසල ළදරු පාසල් සහ ප්‍රාථමික වයස්වල සිසුන් සඳහා පිහිටවූවක්.

පාසලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

The post චීනයේ පාසලක ගින්නකින් සිසුන් 13 දෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

ජපානය සඳට යැවූ යානාවේ දෝෂයක්  

0 comments

ජපානය සඳ මත ගොඩබැස් වූ යානාවේ රොබෝ යන්ත්‍රයේ දෝෂයක් හටගෙන තිබෙනවා.

සඳ මත සාර්ථක ගොඩබැස්වීමක් සිදු කළද ජපන් යානාවේ රොබෝ යන්ත්‍රයේ සූර්ය බලශක්ති පද්ධතියේ දෝෂයක් හටගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් සඳ මත මෙහෙයුම පැය කිහිපයකට පමණක් සීමා විය හැකි බවයි වාර්තා වන්නේ.

සඳ විමර්ශනය කිරීම සඳහා වන ස්මාර්ට් ලෑන්ඩරය චන්ද්‍ර පෘෂ්ඨය මත මෘදු ස්පර්ශ කිරීමක් සිදු කළේ පෘථිවි වේලාවෙන් ඊයේ රාත්‍රියේයි.

මේ අනුව සඳ තරණය කළ ලොව 5වන රට ලෙස ජපානය සැලකෙනවා. ඇමරිකාව, රුසියාව, චීනය සහ ඉන්දියාවට පසුවයි ජපානය සඳ වෙත යානාවක් ගොඩබැස් වූයේ.

 

 

 

The post ජපානය සඳට යැවූ යානාවේ දෝෂයක් appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව දිය යට න්‍යෂ්ටික අවි පද්ධතියක් අත්හදා බලයි  

0 comments

දිය යට න්‍යෂ්ටික අවි පද්ධතියක් අත්හදා බැලීමට උතුරු කොරියාව කටයුතු කර තිබෙනවා.

ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය පසුගිය දා සිදු කළ ඒකාබද්ධ අභ්‍යාසවලට ප්‍රතිචාර වශයෙන් මෙය සිදු කළ බවයි උතුරු කොරියාව පවසන්නේ.

උතුරු කොරියාව මෙම න්‍යෂ්ටික සන්නද්ධ දිය යට ඩ්‍රෝන යානා අත්හදා බැලීම සිදුකර ඇත්තේ එරට නැගෙනහිරට ඔබ්බෙන් වු මුහුදු  තීරයේදියි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ මෙම ක්‍රියාවට දකුණු කොරියාව සමග මිත්‍ර රටවල් තවමත් ප්‍රතිචාර දක්වා නැහැ.

මේ වන විට උතුරු කොරියා නායක කිම් ජෝන් උන්ග් වැඩි වශයෙන් ආක්‍රමණශිලි වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

දිය යට අවි අත්හදා බැලිමක් සිදු කිරීම සදහා ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය මගින් තමන් කුපිත කර ඇති බවයි උතුරු කොරියාව පවසන්නේ.

මෙවැනි ක්‍රියා එක්සත් ජාතින්ගේ සම්බාදක කඩ කිරීමක් බව ද ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය පවසනවා.

එහෙත් උතුරු කොරියා නායකයා පවසන්නේ ඕනෑම වේලාවක ඇති විය හැකි යුද්ධයකට සුදානම් වීම සදහා තම පාලන තන්ත්‍රය සිය හමුදා අවි ගබඩා ගොඩ නගන බවයි.

 

 

The post උතුරු කොරියාව දිය යට න්‍යෂ්ටික අවි පද්ධතියක් අත්හදා බලයි appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් 14 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

බටහිර ඉන්දියාවේ සිදුවූ බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු මිය ගියා.

අධ්‍යයන චාරිකාවක නිරතවු පාසල් ළමුන් පිරිසක් රැගත් බෝට්ටුවකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ.

සිසුන් 12 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු අනතුරින් මියගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව තුළ පුද්ගලයින් 31 දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

පුද්ගලයින් 07 දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර ඔවුන් රෝහල් ගතකර තිබෙනවා.

බෝට්ටුවේ ගමන් කළ පුද්ගලයින් ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිට ඇති අතර මගීන් වැඩිපුර රැගෙන යාම, නඩත්තු කටයුතු දුර්වල තත්ත්වයක පැවතීම හා ආරක්ෂක උපකරණ නොමැතිවීම හේතුවෙන් ඉන්දියාවේහි බෝට්ටු අනතුරු නිරන්තරව සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

The post ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් 14 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලයෙන් දකුණු ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර  

0 comments

ඊශ්‍රායලය දකුණු ගාසා තීරයට දිගින් දිගටම පහර දෙමින් සිටිනවා.

මේ අතර ගාසා තීරයට අවශ්‍ය වෛද්‍ය ආධාර පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කටාරයේ මැදිහත් වීමකින් පසුව පලස්තීනුවන් සඳහා අවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් ට්‍රක් රථ ගාසා තීරයට ඇතුළු වී තිබෙනවා.

ඒ අතරතුර ඊශ්‍රායල හමුදා පෙර දැනුම් දීමකින් තොරව ගාසාවේ ඛාන් යූනිස් හි නසාර් රෝහල අසල ප්‍රදේශයට දැඩි ලෙස ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර බටහිර ඉවුරට ඊශ්‍රායලය එල්ල කරන ඩ්‍රෝන හා ගොඩබිම් ප්‍රහාර වලින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාර වලින් පුද්ගලයන් 24,448 ක් මිය ගියා.

තවත් 61,504 ක් තුවාල ලබා තිබෙනවා.

හමාස් සංවිධානය සිදු කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139ක්.

 

 

 

 

 

 

 

The post ඊශ්‍රායලයෙන් දකුණු ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර appeared first on ITN News.

Read More »

ඇමරිකාවෙන් හතරවෙනි වරටත් හූති සටන්කාමීන්ට ප්‍රහාර  

0 comments

ඇමරිකාව හතරවෙනි වරටත් යේමනයේ හූති සටන්කාමින් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළා.

යේමන හා ඉරාන පිටුබලය ලබන හූති සටන්කාමීන්ට ඇමරිකාව ප්‍රහාර එල්ල කළ බව පෙන්ටගනය තහවුරු කරනවා.

හූති ඉලක්ක වෙත මිසයිල 14 ක් පමණ ඇමරිකානු හමුදා එල්ල කර තිබෙනවා.

ටොමාහෝක් මිසයිල මේ සඳහා භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය නොවැම්බර් මාසයේදීයි හූති සටන්කාමීන් වෙළඳ යාත්‍රාවලට පහර දීමට පටන් ගත්තේ.

එතැන් සිට, ඔවුන් ලොව කාර්යබහුලම නැව් මාර්ගයක් වන රතු මුහුද හරහා ගමන් කරන වාණිජ නෞකා වලට ප්‍රහාර රැසක් එල්ල කරමින් සිටිනවා.

මේ අතර හූති සටන්කාමීන් ඇමරිකා යාත්‍රාවකට පසුගිය සඳුදා ද බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළා.

 

 

 

 

The post ඇමරිකාවෙන් හතරවෙනි වරටත් හූති සටන්කාමීන්ට ප්‍රහාර appeared first on ITN News.

Read More »

අඛණ්ඩව දෙවන වසරටත් චීන ජනගහනයේ අඩුවීමක්  

0 comments

අඛණ්ඩව දෙවන වසරටත් චීනයේ ජනගහනයේ අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා.

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනයේ ජනගහනය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටී තිබෙනවා.

ඊයේ නිකුත් කරන ලද දත්ත වලට අනුව 2023 වසර අවසානයේ බිලියන 1.409 ක ජනගහනයක් චීනය වාර්තා කළා.

එය 2022 වසරට සාපේක්ෂ 2.08% ක අඩුවීමක්.

වසර 60කට පසුවයි පසුගිය වසරේ සිට ජනගහනයේ  අඩුවීමක් පෙන්නුම් කර ඇත්තේ.

රටේ ප්‍රසාරණය වන නාගරික පන්තිය සහ වාර්තාගත අඩු උපත් අනුපාතිකය මිට හේතු වී තිබෙනවා.

මෙලෙස ජනගහනය පහත වැටීම වැළැක්වීම සඳහා චීන රජය 2015 දී එක දරුවෙකු ඇති දැඩි කිරීමේ ප්‍රතිපත්තිය ඉවත් කර ඇති අතර, නව පවුල් ජිවිත ආරම්භ කිරීම සඳහා වැසියන් දිරිමත් කිරීම සඳහා සහනාධාර ලබා දීම සිදු කරනවා.

 

 

The post අඛණ්ඩව දෙවන වසරටත් චීන ජනගහනයේ අඩුවීමක් appeared first on ITN News.

Read More »

චීනයෙන් පිලීපීනයට අනතුරු ඇඟවීමක්  

0 comments

තායිවාන බෙදුම්වාදී බල‍වේගයන්ට වැරදි සංඥා නිකුත් කිරීමෙන් වළකින ලෙසට චීනය පිලිපීනයට‍ අවධාරණය කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය සඳහන් කරනවා.

පිලිපීන ජනාධිපතිවරයා තායිවාන ප්‍රදේශයේ Lai Ching-te වෙත සුබ පැතීම සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියා.

පිලිපීන ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව එකම චීනය මූලධර්මය සහ චීනය හා පිලිපීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ දී එළඹි එකඟතාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවද මාඕ නිං මහත්මිය එහිදී පැවසුවා.

එය දේශපාලන වශයෙන් පිලිපීනය චීනයට ලබාදී ඇති ප්‍රතිඥාවන් ද බරපතල ලෙස උල්ලංඝනය කරමින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට පැහැදිලි ලෙසම මැදිහත්වීමක්.

මේ සම්බන්ධයෙන් චීනය පිලිපීනයට දැඩි විරෝධය පළකර සිටින බවද මාඕ නිං මහත්මිය කියා සිටිනවා.

The post චීනයෙන් පිලීපීනයට අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

Read More »

ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පාකිස්තානයේ ළමයි දෙදෙනෙකු මියයයි  

0 comments

ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පාකිස්තානයේ ළමයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

පාකිස්තානය පවසන්නේ අසල්වැසි ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරවලින් ළමයින් දෙදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එරට හමුදාවට අනුබද්ධ පුවත් ඒජන්සියකට අනුව ජයිෂ් අල්-අඩ්ල් සටන්කාමී කණ්ඩායමට සම්බන්ධ කඳවුරු දෙකක් ඉලක්ක කර ඉරානය ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එහෙත් පකිස්ථානය සඳහන් කරන්නේ මෙම ප්‍රහාර බරපතල ප්‍රතිවිපාක ගෙන දෙනු ඇති බවයි.

පසුගිය දින කිහිපය තුළ ඉරාකය හා සිරියාව ද ඉරාන ප්‍රහාර වලට ගොදුරු වුණා.

දෙරටට මායිම්ව පිහිටි බලුකිස්තානයේ නිරිතදිග පළාතේ ගම්මානයකට ඉරානය මෙසේ පහර දී තිබුණා.

 

 

The post ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පාකිස්තානයේ ළමයි දෙදෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

හමුදා ඛණ්ඩ තම රටෙන් ඉවත් කර ගන්න – මාලදිවයින ,ඉන්දියාවට කියයි  

0 comments

ඉන්දීය හමුදා ඛණ්ඩ තම රටෙන් ඉවත් කර ගන්නා ලෙස මාලදිවයින ,ඉන්දියාවට දැනුම් දී තිබෙනවා.

සියලු ඉන්දීය හමුදා භට ඛණ්ඩයන් මාර්තු 15 වනදා වන විට මාලදිවයිනෙන් ඉවත් කර ගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ.

පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් චීන හිතවාදී මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කිරීමත් සමග ඉන්දියාව හා මාලදිවයින අතර මතවාදී ගැටුම් හටගත්තා.

පසුගිය සති කිහිපය තුළ දී එම මත ගැටුම් උග්‍ර අතට හැරී තිබෙනවා.

චීන හා මාලදිවයින් ජනාධිපතිවරුන් අතර විශේෂ හමුවක් පසුගිය දා පැවති අතර ඉන් අනතුරුව පසුගිය ඉරිදා ඉන්දියාවේ හා මාලදිවයිනේ ඉහළ පෙළේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ද පැවැත්වුණා.

ඉන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

80 දෙනෙකුගෙන් පමණ සමන්විත ඉන්දීය භට ඛණ්ඩයක් මේ වන විට මාලදිවයින තුළ සේවයේ නිරත වනවා.

The post හමුදා ඛණ්ඩ තම රටෙන් ඉවත් කර ගන්න – මාලදිවයින ,ඉන්දියාවට කියයි appeared first on ITN News.

Read More »

ඇමරිකානු නෞකාවකට හවුති කැරලිකරුවන්ගෙන් මිසයිල ප්‍රහාරයක්  

0 comments

ඇමරිකාවට අයත් බහාලුම් නෞකාවකට හවුති කැරලිකරුවන් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

යේමනයේ වෙරළට ඔබ්බෙන් ගමන් ගත් තම රටට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හවුති කැරලිකරුවන් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඇමරිකාව පවසනවා.

මෙම ප්‍රහාරයෙන් ජිබ්‍රෝල්ටාර් ඊගල් නමැති එම නෞකාවට හානි සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් මාෂල් අයිලන්ඩ්ස් ධජය සහිතව නෞකාව මේ වන විට ඒඩන් බොක්කෙහි සිය ගමන දිගටම කරගෙන යන බවයි වාර්තා වන්නේ.

හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට විරෝධය පළ කරමින් ඉරානයේ පිටුබලය ලබන හවුතිවරු  නොවැම්බර් මාසයේ සිට නැව්වලට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

නැව් සමාගමක් වන ඊගල් බල්ක් ෂිපින්ග් පැවසුවේ ප්‍රහාරයට ලක්වූ නෞකාව වානේ නිෂ්පාදන රැගෙන යමින් සිටි අතර පහර දෙන විට ඒඩන් බොක්කෙහි වෙරළට කිලෝමීටර 160 ක් පමණ දුරින් තිබූ බවයි.

 

 

 

 

The post ඇමරිකානු නෞකාවකට හවුති කැරලිකරුවන්ගෙන් මිසයිල ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ටැන්සානියාවේ පතලක් නායයයි – 22 ක් මරුට  

0 comments

උතුරු ටැන්සානියාවේ Simiyu කලාපයේ Bariadi දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී පතලක සිදුවූ නායයාමකින් පුද්ගලයන් 22 දෙනෙකු මියගොස් ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරනවා.

අධික වර්ෂාව හේතුවෙන් ක්‍රියාකාරකම් සීමා වූ ප්‍රදේශයක පිරිසක් පතල් කැණීම ආරම්භ කිරීමෙන් පසුව මෙම නායයාම සිදුව ඇති බව සඳහන් වනවා.

පවතින අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති බැවින් එම ප්‍රදේශයට ගමන් කිරීමද සීමා කර තිබෙනවා .

The post ටැන්සානියාවේ පතලක් නායයයි – 22 ක් මරුට appeared first on ITN News.

Read More »

හිස්බුල්ලා මිසයිල ප්‍රහාරයට ගොදුරු වූ මව සහ පුතා  

0 comments

හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායල කාන්තාවක් හා ඇගේ පුත්‍රයා මියගොස් තිබෙනවා.

ලෙබනනයේ සිට එල්ල කළ හිස්බුල්ලා මිසයිල ප්‍රහාරයකින් වයෝවෘද්ධ ඊශ්‍රායල කාන්තාවක් සහ ඇගේ පුත්‍රයා මිය ගිය බව ඊශ්‍රායලය පවසනවා.

යුද ටැංකි නාශක මිසයිලයක් ඊශ්‍රායලයේ උතුරු මායිමේ පිහිටි කෆාර් යුවාල් නගරයට එල්ල වීමෙන් මෙසේ මිය ගියේ 45 හැවිරිදි බරක් අයලෝන් සහ ඔහුගේ මව වන 76 හැවිරිදි මිරි අයලන්.

මීට පෙර ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ලෙබනනයේ සිට ඊශ්‍රායලයට යාමට උත්සාහ කළ තුවක්කුකරුවන් හතර දෙනෙකු මරා දැමූ බවයි.

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 24,000කට ආසන්න වන අතර තවත් දහස් ගණනක් සුන්බුන්වලට යටවී මිය ගොස් ඇතැයි විශ්වාස කෙරෙනවා.

මියගිය අයගෙන් තුනෙන් දෙකක් පමණ ළමයින් සහ කාන්තාවන්. 60,000ක් පමණ තුවාල ලබා තිබෙනවා.

 

 

 

The post හිස්බුල්ලා මිසයිල ප්‍රහාරයට ගොදුරු වූ මව සහ පුතා appeared first on ITN News.

Read More »

හවුති සටන්කාමීන්ට පහරදීම හැර වෙනත් විකල්පයක් නොතිබුණු බව බ්‍රිතාන්‍ය කියයි  

0 comments

හවුති සටන්කාමීන්ට පහරදීම හැර වෙනත් විකල්පයක් තමන්ට නොතිබුණු බව බ්‍රිතාන්‍ය පවසනවා.

යේමනයේ හවුති කැරළිකරුවන්ට රතු මුහුදේ දී එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය ඩේවිඩ් කැමරන් මේ බව කියාසිටියේ.

කැමරන් බ්‍රිතාන්‍ය යේ හිටපු අගමැතිවරයෙකු ද වනවා.

හවුති සටන්කාමීන්ට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් විකල්පයක් තමන්ට නොතිබුණ බව විදේශ අමාත්‍යවරයා පවසනවා.

කැමරන් සාමිවරයා පැවසුවේ මෙම සතියේ ඇමරිකාව විසින් මෙහෙයවන ලද ප්‍රහාරවලට සම්බන්ධවීමට පෙර බ්‍රිතාන්‍ය හවුති කැරලිකරුවන්ට අනතුරු ඇඟවීමක් සිදුකර තිබූ බවයි.

 

 

 

The post හවුති සටන්කාමීන්ට පහරදීම හැර වෙනත් විකල්පයක් නොතිබුණු බව බ්‍රිතාන්‍ය කියයි appeared first on ITN News.

Read More »

පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 135 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

අවතැන් ජනතාවගෙන් පිරී ඇති දකුණු ගාසා ප්‍රදේශයට ඊශ්‍රායල ප්‍රහාර එල්ලකර තිබෙනවා.

පසුගිය පැය 24තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 135ක්.

ඒ අතර අවතැන් වූ පවුල් දෙකක දස දෙනෙකු ද සිටින බව හමාස් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් පවසනවා.

ගාසා තීරයේ අනෙකුත් ප්‍රදේශවල අවතැන් වූවන් ආරක්ෂාව පතා දකුණු ගාසා නගරයට පැමිණ ඇති අතර මේ වනවිට මිලියනයකට වැඩි පිරිසක් ජීවත් වනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායලය පවසන්නේ හමාස් සාමාජිකයින් හා තමන් ඔවුන්ගේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන අතර සිවිල් වැසියන්ට සිදුවන හානි අවම කිරීමට උත්සාහ කරන බවයි.

මේ අතර අවතැන් පුද්ගලයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමඟ රෝහල්වල සෞඛ්‍ය පහසුකම් සීමා වී තිබෙනවා.

 

 

 

The post පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 135 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

විලියම් ලායි තුන්වන වරටත් තායිවාන ජනපති වෙයි  

0 comments

චීනය කෝපයට පත් කරමින් තායිවාන ජනතාව විලියම් ලායි තුන්වන වරටත් එරට ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගෙන තිබෙනවා.

විලියම් ලායි මීට පෙර දෙවතාවක් එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.

ඔහු චීන විරෝධී ප්‍රතිපත්තියකුයි අනුගමනය කරන්නේ.

එහෙත් ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු චීනය ප්‍රකාශ කර ඇත්තේ තායිවානය තම රටේ කොටසක් බවයි එමෙන්ම පසුගිය මාස කිහිපය තුළ චීනය තායිවානය වටා  සිය හමුදා බලය වැඩි කර තිබුණා. මේ අතර නව ජනාධිපතිවරයා  පවසා ඇත්තේ රට නිවැරදි මාවතේ  ඉදිරියට ගමන් කරන අතර ආපසු හැරීමක් සිදු නොවන බවයි.

 

 

The post විලියම් ලායි තුන්වන වරටත් තායිවාන ජනපති වෙයි appeared first on ITN News.

Read More »

අධික ශීත කාලගුණයෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට බලපෑම්  

0 comments

ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට අධික ශීත කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

ශීත සෘතුව උදාවීමෙන් පසු ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක ජනතාවට ශීත කාලගුණයෙන් පිඩා විදීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සුළි කුණාටු හා ටොනේඩෝ තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බව ද එරට ජාතික කාලගුණ සේවය පවසනවා.

අයෝවා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 42ක් තරම් පහත අගයක් ගන්නා බවද සඳහන්.

මෙම සතිය තුලදී එම ප්‍රාන්තයට සුළි කුණාටු 3 කින් බලපෑම් එල්ලවුනා.

නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇති අතර ගුවන් ගමන් වාර රැසක් තාවකාලිකව අවලංගු කර තිබෙනවා.

පැයට කිලෝමීටර අසූවක තරම් ප්‍රබලත්වයකින් යුතු සුළි කුණාටු තත්ත්වයක් ඇතිවිය හැකි බවටයි නිව්යෝර්ක් ප්‍රාන්ත කාලගුණ අංශ අනතුරු අගවන්නේ.

එමෙන්ම ටෙක්සාස් ප්‍රාන්තයේ උෂ්ණත්වයද සෙල්සියස් අංශක සෘණ 32ක් තරම් පහළ අගයක් ගෙන ඇති බවද සඳහන්.

 

 

 

 

 

The post අධික ශීත කාලගුණයෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට බලපෑම් appeared first on ITN News.

Read More »

තායිවාන මැතිවරණය අද  

0 comments

චීනය හා ඇමෙරිකාව අතර සීතල යුද්ධය තීව්‍රර කරමින් තායිවාන මැතිවරණය අද පැවැත්වෙනවා.

අද පැවැත්වෙන තායිවාන මැතිවරණයෙන් නව ජනාධිපතිවරයෙකු හා පාර්ලිමේන්තු සභිකයින් තෝරා ගැනීමට නියමිතයි.

තායිවානය හා චීනය අතර  ද්වී පාර්ශ්වික සබදතාවල පැවැත්ම මැතිවරණ ප්‍රතිඵල මත රදා පවතිනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

මිලියන 19.5ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.

තායිවානය ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළද චීනය පවසන්නේ එය තමන්ට අයත් භූමි කොටසක් ලෙසයි.

එමෙන්ම ස්වාධීන  රටක් ලෙස ජාත්‍යන්තරය තුළ 100%ක පිළිගැනීමක් තායිවානයට හිමිව නැහැ.

පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය තෙවන වරටත් පාලක බලය හිමිකර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියද විපක්ෂයට වැඩි ඉඩකඩක් මෙම මැතිවරණයෙන් හිමිව ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

The post තායිවාන මැතිවරණය අද appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍යය යුක්රේනයට ලබන වසරේත් යුද ආධාර ලබා දීමට සූදානම්  

0 comments

ලබන වසර තුළ බ්‍රිතාන්‍යය යුක්රේනයට පවුම් බිලියන දෙකහමාරක යුද ආධාර ලබාදෙන බව එරට අගමැතිවරයා පවසා තිබෙනවා.

රුසියාව යුක්රේනය ආක්‍රමණයෙන් පසු බ්‍රිතාන්‍යය ලබාදෙන විශාලතම ආධාර ප්‍රමාණය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දිගු දුර මිසයිල, ගුවන් ආරක්ෂක හා කාල තුවක්කු උණ්ඩ මෙම යුද ආධාරවලට අයත් වන බව සඳහන්.

ඩ්‍රෝන යානා සඳහා පවුම් මිලියන 200ක් පමණ වැය කෙරෙනු ඇති.

ඉන් බොහෝමයක් එක්සත් රාජධානියේ නිෂ්පාදිත ඒවා බවටයි පැවසෙන්නේ.

මෙම යුද ආධාර පැකේජය අප්‍රේල් මාසයේ ආරම්භ වන මීළඟ මූල්‍ය වර්ෂය සඳහා ලබාදෙන ආධාරයක් වනවා.

 

 

 

 

 

 

The post බ්‍රිතාන්‍යය යුක්රේනයට ලබන වසරේත් යුද ආධාර ලබා දීමට සූදානම් appeared first on ITN News.

Read More »

ඇමරිකාව තායිවාන ප්‍රදේශයේ මැතිවරණයට මැදිහත් නොවිය යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්  

0 comments

තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර, තායිවාන ප්‍රදේශයේ මැතිවරණයට කිසිදු බාහිර මැදිහත්වීමක් සිදු නොවිය යුතු බව, චීන විදේශ අමාත්‍යංශය පවසනවා.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කරමින් පැවසුවේ, චීන-ඇමරිකා සබඳතා සහ තායිවාන සමුද්‍ර සන්ධි‍යේ සාමය සහ ස්ථාවරත්වයට බරපතල හානියක් සිදුවීම වැළැක්වීම සඳහා, ඇමරිකාව කිසිදු ආකාරයකින් චීන තායිවාන ප්‍රදේශයේ මැතිවරණයට මැදිහත් නොවිය යුතු බවයි.

ඇතැම් ඇමරිකා නිලධාරීන් මෑතකදී පෙන්වා දුන්නේ, තායිවාන මැතිවරණයෙන් පසු ධවල මන්දිරය විසින් තායිවානයේ සංචාරය කිරීම සඳහා නිල නොවන දූත පිරිසක් පිටත් කරන බවයි.

මේ පිළිබඳ Mao Ning මහත්මිය අවධාරණය කළේ, ලෝකයේ එකම චීනයක් පමණක් ඇති අතර, තායිවානය අනිවාර්යෙන් ම චීනයේ වෙන් කළ නොහැකි කොටසක් බවයි.

ඇමරිකාව සහ තායිවානය අතර ඕනෑම ආකාරයයේ නිල හුවමාරුවකට චීනය සැමවිටම දැඩි ලෙස විරුද්ධය.

ඇමරිකාව තායිවානය සමඟ කවරාකාරයේ හෝ නිල හුවමාරු නතර කළ යුතු බවත්, තායිවාන මැතිවරණවලට කිසිදු ආකාරයකින් මැදිහත් නොවිය යුතු බවත්, ඇය එහිදී කියා සිටියා.

තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර, තායිවානයේ මැතිවරණ යනු චීනයේ දේශීය කටයුත්තක්.

ඊ‍ට කිසිදු බාහිර මැදිහත්වීමක් අවශ්‍ය නොවේ.

ඇමරිකානු පාර්ශ්වය තායිවානයේ මැතිවරණ සම්බන්ධයෙන් වගකීම් විරහිත ප්‍රකාශ විවෘතව සිදු කරයි.

මේ සම්බන්ධයෙන් චීනය දැඩි අතෘප්තිය සහ දැඩි විරෝධය පළ කරන බව, Mao Ning මහත්මිය සඳහන් කළා.

The post ඇමරිකාව තායිවාන ප්‍රදේශයේ මැතිවරණයට මැදිහත් නොවිය යුතු බවට චීනයෙන් ප්‍රකාශයක් appeared first on ITN News.

Read More »

හවුති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවනින් ප්‍රහාර  

0 comments

යේමනයේ හවුති කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කළා.

සානා අගනුවර ඇතුලු නගර කිහිපයක කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත මෙසේ ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ප්‍රහාර සඳහා ගුවන් යානා මෙන්ම නෞකා හා සබ්මැරීන කිහිපයක් යොදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය 19 වනදා සිට හවුති කැරළිකරුවන් රතු මුහුදේ නෞකාවලට ප්‍රහාර 27ක් පමණ එල්ල කර ඇති බවයි ඇමෙරිකාව ප්‍රකාශ කරන්නේ.

මෙම කැරළිකරුවන්ගේ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහායි ප්‍රහාර එල්ල කර ඇත්තේ.

 

 

 

 

The post හවුති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවනින් ප්‍රහාර appeared first on ITN News.

Read More »

බෝයිං ප්‍රධාන විධායක නිලධාරිවරයා වරද පිළිගනී  

0 comments

බෝයිං 737 මැක්ස් 9 යානාවේ අනතුරට හේතු වූ වරද තමන්ගේ එකක් බවට පිළිගන්නා බව බෝයිං ප්‍රධාන විධායක නිලධාරිවරයා පවසනවා.

බෝයිං සමාගමේ කාර්ය මණ්ඩල රැස්වීමකදී ඔහු මේ බව කියා සිටියා.

බෝයිං ප්‍රධාන විධායක නිලධාරී ඩේව් කැල්හෝන් සඳහන් කළේ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය 737-9 යානා ආරක්ෂිත යැයි තහවුරු කරන තුරු එම යානා සේවයට එක්කර නොගන්නා බවයි.

පසුගියදා ඇලස්කා ගුවන් සේවයට අයත් යානයක් අඩි 16,000ක් ඉහළ අහසේ ගමන් කරමින් තිබියදී එහි දොර කොටසක් කඩා වැටුණා.

ඒ සමඟ එහි මගීන් දැඩි කලබලයට පත්වුණා.

කෙසේ වෙතත් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 177 දෙනාම ආරක්ෂිතව ගොඩබැස්වීමට හැකි වුණා.

 

 

 

 

 

The post බෝයිං ප්‍රධාන විධායක නිලධාරිවරයා වරද පිළිගනී appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල ප්‍රහාරවලින් ඊයේ දිනයේදී පුද්ගලයින් 147 දෙනෙකුට දිවි අහිමි වෙයි  

0 comments

රෆා දේශ සීමා වෙත එල්ල කළ තවත් ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගියා.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊශ්‍රායලය මධ්‍යම හා දකුණු ගාසා තීරයේ බෝම්බ හෙලීම මෙන්ම ගොඩබිම් ආක්‍රමණ තීව්‍ර කර ඇති පසුබිමකයි.

ඊශ්‍රායල ප්‍රහාර වලින් ඊයේ දිනයේදී පුද්ගලයින් 147 දෙනෙකු මිය ගොස් තිබුණා.

මේ අතර දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ඊශ‍්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරන බවට චෝදනා එල්ල කළ අතර ඒ පිලිබඳ නඩු පැවරීමට ජාත්‍යන්තර අධිකරණය තීරණය කර තිබෙනවා.

මේ අතර මධ්‍යම ගාසා තීරයේ ඩීර් එල්-බාලාහි අල්-අක්සා දිවි පිදූවන්ගේ රෝහල අසල ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් අට දෙනෙකු ද  මිය ගියා.

 

 

The post ඊශ්‍රායල ප්‍රහාරවලින් ඊයේ දිනයේදී පුද්ගලයින් 147 දෙනෙකුට දිවි අහිමි වෙයි appeared first on ITN News.

Read More »

වැටුප් කප්පාදුවක් හේතුවෙන් පැපුවා නිව්ගිනියාවේ දැවැන්ත විරෝධතා  

0 comments

පැපුවා නිව්ගිනියාවේ සේවක වැටුප් කප්පාදුවක් හේතුවෙන් එරට දැවැන්ත විරෝධතා පැවැත්වෙනවා.

මේ වන විටත් විරෝධතා හා ගැටුම් හේතුවෙන් කිහිපදෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

පරිගනක දෝෂයක් හේතුවෙන් රජයේ සේවකයන්ගේ වැටුපෙන් ඩොලර් 92ත් / 62ත් අතර මුදලක් අඩුවීම නිසා මෙම විරෝධතාව හටගත්තා.

මෙය ඔවුන්ගේ වැටුප හරි අඩකින් කප්පාදුවීමක් බවයි වාර්තා වන්නේ.

කළහකාරී ලෙස හැසිරිනු පිරිස් කඩසාප්පු හා කාර්යාල ගොඩනැගිලිවලට ගිනි තබා සුපිරි වෙළඳසැල් කොල්ලකා තිබෙනවා.

පෝට් මෝර්ස්බි අගනුවර ආරක්ෂාව ද තර කර තිබෙනවා.

 

 

 

 

 

The post වැටුප් කප්පාදුවක් හේතුවෙන් පැපුවා නිව්ගිනියාවේ දැවැන්ත විරෝධතා appeared first on ITN News.

Read More »

ලෝක ඉතිහාසයේ උෂ්ණත්වය අධිකම වසර ලෙස 2023 වර්ෂය වාර්තා අතරට  

0 comments

ලෝක ඉතිහාසයේ උෂ්ණත්වය අධිකම වසර ලෙස 2023 වර්ෂය වාර්තා අතරට එක්ව තිබෙනවා.

2023 වසර තුළදී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.48කින් පමණ ඉහළ ගොස් ඇති බවයි කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.

මහා පරිමාණයෙන් පොසිල ඉන්ධන දහනය, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුව ඇති කාලගුණ විපර්යාස හා එල්නිනෝ තත්ත්වය මෙලෙස උෂ්ණත්වය ඉහළ යාමට හේතුවී තිබෙනවා.

පසුගිය වසරේ ජුලි මාසයේ සිට සෑම මාසයකදීම වාර්තාගත ලෙස ගෝලීය වායුගෝලීය උෂ්ණත්වය ක්‍රමිකව ඉහළ යන ආකාරය දක්නට ලැබුණු බව විද්‍යාඥයින් පවසනවා.

එමෙන්ම සාගරය මතුපිට උෂ්ණත්වය පසුගිය වසරයන්ට සාපේක්ෂව ඉහළ අගයක පවතින බවයි හෙළිව ඇත්තේ.

 

 

 

 

The post ලෝක ඉතිහාසයේ උෂ්ණත්වය අධිකම වසර ලෙස 2023 වර්ෂය වාර්තා අතරට appeared first on ITN News.

Read More »

පානීය ජල බෝතල් තුළ නැනෝ ප්ලාස්ටික් අංශු පවතින බව අනාවරණය වෙයි  

0 comments

පානීය ජල බෝතල් තුළ නැනෝ ප්ලාස්ටික් අංශු පවතින බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

බෝතල් කළ පානීය ජලය ලීටරයක් තුළ නැනෝ ප්ලාස්ටික් අංශු ලක්ෂ 2.5ක පමණ ප්‍රමාණයක් අඩංගු වන බව කොලොම්බියාවේ විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

ඔවුන් සිදු කළ නවතම සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

පියවි ඇසට නොපෙනෙන මෙම නැනෝ ප්ලාස්ටික් අංශු හඳුනා ගැනීම සඳහා  ලේසර් යුගලයක් සහිත අන්වීක්ෂ ප්‍රථමවරට භාවිත කර තිබෙනවා.

ඔවුන් සිදුකළ පරීක්ෂණය සඳහා ප්‍රධාන පෙළේ සන්නාම තුනකට අයත් පානීය ජල බෝතල් යොදාගෙන ඇති අතර ඒවා ලීටරයක නැනෝ ප්ලාස්ටික් අංශු 110,000ත් 400,000ත් අතර ප්‍රමාණයක් අඩංගු වන බවයි ඔවුන් පවසන්නේ.

 

 

 

 

 

The post පානීය ජල බෝතල් තුළ නැනෝ ප්ලාස්ටික් අංශු පවතින බව අනාවරණය වෙයි appeared first on ITN News.

Read More »

ස්පාඤ්ඤය කටවල් වසයි  

0 comments

කොරෝනා වෛරසය යුරෝපය තුල යලිත් වරක් ව්‍යාප්තවීමත් සමග මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කිරීමට ස්පාඤ්ඤයේ අවධානය යොමු වී තිබෙනවා.

කොරෝනා වෛරසය යළිත් වරක් ලොව පුරා ව්‍යාප්තවීම ආරම්භ වී ඇති අතර ඒ හේතුවෙන් රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන තුළදී මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය කිරීමටයි ස්පාඤ්ඤ බලධාරීන් සූදානම් වන්නේ.

උණ සෙම්ප්‍රතිෂ්‍යාව වැලදුනු රෝගීන් කොරෝනා සමයේදී මෙන් නිවෙස් තුලට වී කාලය ගත කරන ලෙස ද ස්පාඤ්ඤ සෞඛ්‍ය අංශ ඉල්ලා තිබෙනවා.

පොදු ස්ථාන තුල ගැවසීමේදී මුඛ ආවරණ පැලදීමට අවධානය යොමු කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

කොරෝනා වෛරසය හා අනෙකුත් උණ රෝගයන් පසුගිය සති කිහිපය තුළදී යුරෝපා කලාපයහ තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ආකාර දැකිය හැකියි.

 

The post ස්පාඤ්ඤය කටවල් වසයි appeared first on ITN News.

Read More »

ඉක්වදෝරයේ රුපවාහිනී සජීවී වැඩසටහනක් අතරතුර තුවක්කුකරුවන් පිරිසක් මැදිරියට කඩාවදී  

0 comments

ඉක්වදෝරයේ  රූපවාහිනී වැඩසටහනක් සජීව ලෙස විකාශය කරන අතර තුර තුවක්කුකරුවන් පිරිසක් මැදිරියට කඩා වැදී  තර්ජනය කර තිබෙනවා.

මුහුණු ආවරණය කරගත් පිරිසක් ඉක්වදෝරයේ ටී.සී රූපවාහිනී නාලිකාවට කඩා වැදී මෙසේ තර්ජනය කර තිබෙනවා.

පසුව ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනෙකු සමඟ ඔවුන් පිටව යන ආකාරය දැක ගත හැකි වුණා.

කෙසේ වෙතත් එරට පොලීසිය පසුව ඔවුන් අත්අඩංගුවට ගත්තා.

පසුගිය සදුදා සිට ඉක්වදෝරයේ  දින 60 ක කාලයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ එරට මැර කල්ලියක් බන්ධනාගාරයෙන් පැන යාමත් සමඟයි.

රූපවාහිනී මැදිරියට මෙසේ පැමිණියේ එම කල්ලියේ සාමාජිකයන් බවට විශ්වාස කෙරෙනවා.

 

 

 

The post ඉක්වදෝරයේ රුපවාහිනී සජීවී වැඩසටහනක් අතරතුර තුවක්කුකරුවන් පිරිසක් මැදිරියට කඩාවදී appeared first on ITN News.

Read More »

සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් 25ක් මරුට  

0 comments

බ‍්‍රසීලයේ ඊසානදිග බහියා ප‍්‍රාන්තයේ වෙරළබඩ සංචාරයක නිරත වූ සංචාරකයින් රැගත් කුඩා බස් රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් හය දෙනෙකු තුවාල ලබා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා

බහියා හි නෝවා ෆාතිමා සහ ගාවියාඕ නගර අතර මාර්ගයක මෙම අනතුර සිදුවී ඇති බවයි සඳහන් වුණේ.

තුවාල ලැබූවන් අවට රෝහල් වෙත රැගෙන ගොස් තිබෙනවා.

The post සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් 25ක් මරුට appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල ප්‍රහාරයකින් ලේබනනයේ ඉස්බුල්ලා ප්‍රධානියෙකු මරුට  

0 comments

ඊශ්‍රායල ප්‍රහාරයකින් ලේබනනයේ ඉස්බුල්ලා ප්‍රධානියෙකු මිය ගොස් තිබෙනවා.

ඊශ්‍රායලය සිදුකළ බවට සැලකෙන දකුණු ලේබනනයේ ප්‍රහාරයකින් තම අණදෙන නිලධාරියෙකු මිය ගිය බව ලේබනන් කණ්ඩායමක් පවසනවා.

විසාම් තාවිල් ඉස්බුල්ලා කණ්ඩායමේ ප්‍රභූ රඩ්වාන් බලකායේ සාමාජිකයෙකු වු මෙම පුද්ගලයා මෑත කාලීන ගැටුම් හේතුවෙන් ඝාතනයට ලක්වු වඩාත් ප්‍රමුඛ ඉස්බුල්ලා චරිතයක් ලෙසයි සැලකෙන්නේ.

ඊශ්‍රායල හමුදාව මේ පිළිබද ප්‍රකාශයක් සිදු නොකළ අතර දේශසීමා ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉස්බුල්ලා ඉලක්ක වෙත පහරදුන් බවයි ඔවුන් පවසන්නේ.

 

 

 

 

The post ඊශ්‍රායල ප්‍රහාරයකින් ලේබනනයේ ඉස්බුල්ලා ප්‍රධානියෙකු මරුට appeared first on ITN News.

Read More »

ගුවනට සමුදුන් බෝයිං 737 මැක්ස් 9  

0 comments

බෝයිං 737 මැක්ස් 9 යානා තවදුරටත් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ එම යානා පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යාම නිසායි.

ඇමරිකා ගුවන් සේවා නියාමකවරයා පවසා ඇත්තේ බෝයිං 737 මැක්ස් 9 ගුවන් යානා 171 ක් මෙලෙස තාවලාලිකව භාවිතයෙන් ඉවත් කළ බවයි.

එම ගුවන් යානා වල ආරක්ෂිත බව පිළිබඳ සෑහීමකට පත්වන තුරු ගොඩබස්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඇලස්කා ගුවන් සේවයේ ගුවන් යානයක ජනේල කොටසක් පසුගිය සිකුරාදා කඩා වැටීමෙන් පසු මෙම ජෙට් යානා පරීක්ෂා කරමින් සිටිනවා.

ඇලස්කාව ද සිය ගුවන් යානා 65 ක් ගොඩබස්වා ඇති අතර ඊයේ ගුවන් ගමන් 163 ක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

පුද්ගලයන් 25,000 ක් පමණ මේ හේතුවෙන් පීඩාවට පත් වුණා.

The post ගුවනට සමුදුන් බෝයිං 737 මැක්ස් 9 appeared first on ITN News.

Read More »

ශකීබ් අල් හසන් පාර්ලිමේන්තුවට  

0 comments

ඊයේ පැවති මහ මැතිවරණයෙන් වැඩි ඡන්ද 150,000කින් සිය ආසනය ජයගෙන බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වී තිබෙනවා

ඔහු එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නායකත්වය දරන අවාමි ලීග යෙන් මැතිවරණයට ඉදිරිපත් වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ .

“Bangladesh cricket captain Shakib wins parliament seat

Dhaka (AFP) – Bangladeshi cricket captain Shakib Al Hasan won a seat in the country’s parliament Sunday after a landslide victory in a general election boycotted by the opposition, an official said.”

 

The post ශකීබ් අල් හසන් පාර්ලිමේන්තුවට appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ජිවිතක්ෂයට පත්වු මාධ්‍යවේදීන් දෙදෙනා අල් ජසීරා මාධ්‍ය ජාලයේ සේවයේ නියුතු වුවන් බවයි වාර්තා වන්නේ.

හමාස් සාමාජිකයෙකු සමග මෙම මාධ්‍යවේදීන් දෙදෙනා ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කරනවා.

මේ අතර ගාසා තීරයේ අල් අක්ෂා රෝහලේ රෝගීන් හා සෞඛ්‍ය සේවකයින් මේ වන විට පසුවන ස්ථානය සම්බන්ධයෙන් නිල තොරතුරු වාර්තා වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටේඩ්රෝස් ඇඩ්හ්නෝම් පවසනවා.

ගාසා තීරයේ රෝහල් වලට ද ඊශ්‍රායල ප්‍රහාරයන් එල්ල වු අතර ඒ හේතුවෙන් එම රෝහල්වල රෝගීන් කාර්ය මණ්ඩලය ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

 

 

 

 

 

The post ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

හතරවන වරටත් බංග්ලාදේශයේ බලය ෂීක් හසීනාට  

0 comments

අග්‍රාමාත්‍ය ෂීක් හසිනා 4 වන වරටත් බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා තේරී පත්වුණා.

මතභේදාත්මක බංග්ලාදේශ මහා මැතිවරණය ඊයේ පැවති අතර අග්‍රාමාත්‍යවරිය අඛණ්ඩව 4 වන වරටත් අග්‍රාමාත්‍ය ධුරය සදහා සුදුසුකම් ලැබුවා.

ඇයගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය හා එහි සන්ධානය එරට පාර්ලිමේන්තුවේ ආසන 300න් 152ක් දිනා ගැනීමට සමත්වුණා.

ඒ අනුව ෂීක් හසිනා තවත් වසර 5ක කාලයක් සදහා එරට අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇති. ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය මෙවර මහා මැතිවරණය වර්ජනය කළ අතර ඒ සමගම අග්‍රාමාත්‍යවරියගේ පක්ෂය පාර්ලිමේන්තුවේ ඉතිරි ආසන ජයග්‍රාහනය කරනු ඇති බවටයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

මැතිවරණයට පෙර බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායකයින් හා ආධාරකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනුනා.

මෙවර මැතිවරණය සාධාරණත්වයෙන් තොර ව්‍යාජ මැතිවරණයක් බවයි විපක්ෂය චෝදනා කරන්නේ.

 

 

 

 

The post හතරවන වරටත් බංග්ලාදේශයේ බලය ෂීක් හසීනාට appeared first on ITN News.

Read More »

බංග්ලාදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි තබයි  

0 comments

බංග්ලාදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි තබා ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රීයා ද වාර්තා වී තිබෙනවා.

බංග්ලාදේශ මහා මැතිවරණය අද පැවැත්වෙන අතර ඒ සඳහා සූදානම් කර තිබු ඡන්ද මධ්‍යස්ථාන 14කටයි මෙසේ ගිනි තබා ඇත්තේ.

මෙම ඡන්ද මධ්‍යස්ථාන ඩකා අගනුවරට තදාසන්න ප්‍රදේශවල පිහිටි ඒවා බව එරට වාර්තා සඳහන් කළා.

සිකුරාදා දිනයේ දී ද දුම්රියකට ගිනි තබා තිබු අතර ඉන් 4 දෙනෙකු මිය ගොස් තිබුණා.

අගමැතිනි ෂෙයික් හසිනා අඛණ්ඩව සිව්වන වරටත් මෙම මැතිවරණය ජයගනු ඇති බවට මත පළ වී ඇති අතර බොහෝ විරුද්ධ පක්ෂ මැතිවරණය වර්ජනය කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පාලක අවාමි ලීගේ පවසන්නේ ජනතාව පීඩාවට පත් කිරීමට භීෂණය මුදා හරිමින් විපක්ෂ කණ්ඩායම් මෙවැනි තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි.

 

 

 

 

The post බංග්ලාදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි තබයි appeared first on ITN News.

Read More »

රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් යුක්‍රේනයේ 11 දෙනෙකු මියයයි  

0 comments

යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්න්ස්ක් ප්‍ර දේශයටයි මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ.

මිය ගිය පුද්ගලයින් අතර ළමයින් පස් දෙනෙකු ද සිටින බව එරට වාර්තා සඳහන් කරනවා.

මෙවැනි ප්‍රහාරවලට ඉදිරියේ දී ප්‍රතිවිපාක විදීමට රුසියාවට සිදුවනු ඇති බවට යුක්රේනය ජනාධිපතිවරයා පවසනවා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව තවමත් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.

 

 

 

 

 

The post රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් යුක්‍රේනයේ 11 දෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

මාලදිවයින ආසන්නයේ භූ කම්පනයක්  

0 comments

රික්ටර් මාපක 5.4ක භූමි කම්පාවක් මාලදිවයින ආසන්නයේ සිදුව තිබෙනවා.

ඒ මාලදිවයිනේ අගනුවර වන මාලේ සිට කිලෝමීටර් 896ක් බටහිර දෙසින්.

කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් සිදු වූ හානිය පිලිබඳ තොරතුරක් මෙතෙක් වාර්තා වී නැහැ.

The post මාලදිවයින ආසන්නයේ භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

ඇමරිකාවේ ගුවන් යානයක ජනේලයක් ගැලවී යයි  

0 comments

ඇමරිකාවේ ගුවන් යානයක ජනේලයක් ගැලවී යාම නිසා හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

ඇලස්කා ගුවන් සේවයට අයත් බොයිං 737 මැක්ස් 9 ගුවන් යානාවක ජනේලයක් මෙසේ ගැලවී ගොස් තිබෙනවා.

පසුව එය ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයට හදිසි ගොඩබෑමක් සිදු කළා.

කැලිෆෝනියාවට පියාසර කිරීමෙන් මිනිත්තු 35 කට පසුවයි එය පෝට්ලන්ඩ් වෙත ආපසු පැමිණ ඇත්තේ.

මගීන් සහ කාර්ය මණ්ඩලය 177 දෙනෙකු යානයේ සිට තිබෙනවා.

එය ආරක්ෂිතව ගොඩ බැස්වූ බවයි වාර්තා වන්නේ.

 

 

 

The post ඇමරිකාවේ ගුවන් යානයක ජනේලයක් ගැලවී යයි appeared first on ITN News.

Read More »

උ.කොරියාවෙන් ද.කොරියාවට කාලතුවක්කු ප්‍රහාරයක්  

0 comments

උතුරු කොරියාව දකුණු කොරියාවට අයත් දූපතක් දෙසට කාලතුවක්කු ප්‍රහාර එල්ල කර තිබෙනවා.

උතුරු කොරියාව සිය බටහිර වෙරළට ඔබ්බෙන් පිහිටි දකුණු කොරියාවට අයත් යොන්පියොං දූපත දෙසට කාලතුවක්කු උණ්ඩ 200 කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බව දකුණු කොරියාව පවසනවා.

උතුරු කොරියාව යුධ අභ්‍යාස පවත්වන අතරතුරයි මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ.

දකුණු කොරියාව ඔවුන්ගේ වැසියන්ට මේ පිළිබඳ අනතුරු ඇඟවීම්ද කර තිබුණා.

2010 වසරේදී, උතුරු කොරියානු කාලතුවක්කු විසින් යොන්පියොන්ග් දූපතට කිහිප වතාවක් වෙඩි තබා පුද්ගලයන් හතර දෙනෙකු මිය ගියා.

 

 

 

The post උ.කොරියාවෙන් ද.කොරියාවට කාලතුවක්කු ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ට්‍රම්ප්ගේ ජනාධිපති සිහිනය සැබෑ වෙයිද?  

0 comments

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද යන්න තීරණය කෙරෙන නඩුව විභාග කිරිමට ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය සූදානම්වනවා.

2024 ජනාධිපතිවරණ ඡන්දයෙන් ට්‍රම්ප් ඉවත් කිරීමට කොලරාඩෝ ප්‍රාන්තය තීරණය කිරීමත් සමඟ ට්‍රම්ප් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළා.

ඔහුගේ එම අභියාචනය විභාගයට ගැනීමට විනිසුරුවරු එකඟවී තිබෙනවා.

මෙම නඩුව ලබන මාසයේදී විභාගයට ගැනීමට නියමිතයි.

එම තීන්දුව රටේ සෑම ප්‍රාන්තයකටම බලපැවැත්වෙන පරිදී ලබා දෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමෙරිකාවේ කැපිටල් කෝලාහලයේදී කැරැල්ලක නිරතවූ බවට ට්‍රම්ප්ට චෝදනා එල්ලවී තිබෙනවා.

ප්‍රාන්ත ගණනාවක ඔහුට එරෙහිව නඩු පවරමින් ට්‍රම්ප් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නුසුදුස්සෙකු කිරීම විපක්ෂ ක්‍රියාකාරීන්ගේ උත්සාහයයි.

 

 

 

The post ට්‍රම්ප්ගේ ජනාධිපති සිහිනය සැබෑ වෙයිද? appeared first on ITN News.

Read More »

චීන සිසුන් තම රටට පිළිගන්නා බවට කළ ප්‍රකාශය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි  

0 comments

ඇමරිකාව චීන සිසුන් එරට අධ්‍යාපනය ලැබීම සඳහා පිළිගන්නා බවට කළ ප්‍රකාශය ක්‍රියාවට නැංවිය යුතු බව චීනය පවසනවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (4) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මෑත කාලයේ චීන සිසුන් බොහෝ දෙනෙකු ඇමරිකාවේ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා එරටට පිවිසීමේ දී පුළුල් පරීක්ෂාවන්ට ලක් කෙරුණා.

ඇතැම් සිසුන්ගේ වීසා අවලංගු කෙරුණු අතර, වසර 5ක් ඇතුළත ඇමරිකාවට පිවිසීම ද තහනම් කරනු ලැබුවා.

ශාස්ත්‍රීය නිදහස හා විවෘතබව පිළිබඳව ඇමරිකාව නිරන්තරයෙන් වර්ණනා කළ ද එරට ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු පවා දේශපාලනීකරණය වී ඇති අතර, ඇතැම් විට එය අවියක් ලෙස යොදාගෙන ඇති බවයි චීනය පවසන්නේ.

එම ක්‍රියා චීන සිසුන්ගේ නීත්‍යනුකූල අයිතීන් දැඩි ලෙස උල්ලංඝනය කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

චීනය හා ඇමරිකාව අතර සංස්කෘතික හා මානව හුවමාරු සහයෝගීතාවය ඉන් බිඳවැටී ඇති අතර ද්විපාර්ශ්වික හුවමාරු හා සහයෝගිතා පුළුල් කිරීම පිළිබඳ දෙරටේ නායකයන්ගේ එකඟතාවන්ට ද එය පටහැනියි..

චීන සිසුන් තම රටට පිළිගන්නා බවට කළ ප්‍රකාශය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි.

ඒ සඳහා 10043 අංක දරන සාවද්‍ය පරිපාලන නියෝගය අහෝසි කර, අධ්‍යාපනය සඳහා ඇමරිකාවට පැමිණෙන චීන සිසුන් ජාතික ආරක්ෂාව සුරැකීමේ මුවාවෙන් සීමා කිරීම හා පීඩාවට පත්කිරීම නතර කළ යුතු බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කරනවා.

 

 

The post චීන සිසුන් තම රටට පිළිගන්නා බවට කළ ප්‍රකාශය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුවෙක් මරුට  

0 comments

ඇමෙරිකාවේ අයෝවා ප්‍රදේශයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ශීත සෘතු නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ වූ පළමු දිනයේ දීම මෙම වෙඩි තැබීම සිදුවුණා.

තුවාල ලැබූ පුද්ගලයින් පස්දෙනා අතරට හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් හතර දෙනෙකු සහ පාලනාධිකාරියේ සාමාජිකයෙක්ද අයත්. අනතුරුව වෙඩි තැබීම සිදුකළ දාහත් හැවිරිදි එම පාසලේ ඉගෙනුම ලැබූ  සිසුවා සියදිවි හානි කර ගෙන ඇති බවද පොලිසිය සදහන් කරනවා.

වෙඩි තැබීම සිදු කිරීමට පෙර ඔහු සමාජ මාධ්‍යයේ සටහන් කිහිපයක් තබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

 

 

The post ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුවෙක් මරුට appeared first on ITN News.

Read More »

ඉරානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයේ වගකීම ISIS ත්‍රස්ත සංවිධානය භාරගනී  

0 comments

ඊයේ දිනයේදී ඉරානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයන්හි වගකීම අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙනවා.

ඇමෙරිකා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ජෙනරාල් කාසෙම් සොලෙයිමානි සිහිකරමින් පැවති සංවත්සර උත්සවයකට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ලවූ අතර ඉන් සියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

ප්‍රහාරය එල්ලකළ අයිඑස් අයි එස් ත්‍රස්තවාදීන්ට බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවටයි ඉරාන රජය අනතුරු අගවන්නේ.

2020 වසරේ ඇමෙරිකාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඉරාකයේදී ජීවිතක්ෂයට පත්වුණා. ඔහු ජීවිතක්ෂයට පත්වී වසර හතරක් ගතවීම සිහිකරමිනුයි ප්‍රධාන උත්සවය පැවැත්වුණේ.

මීට පෙර මෙවැනි දරුණු ප්‍රහාරයක් ඉරානයට එල්ලවී ඇත්තේ 1979 වසරේ ඉස්ලාමීය විප්ලව සමයේදීයි. එහිදී එල්ලවූ බෝම්බ ප්‍රහාර දෙකකින් දෙසිය අසූහතර දෙනෙකු තුවාල ලැබුවා.

 

The post ඉරානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයේ වගකීම ISIS ත්‍රස්ත සංවිධානය භාරගනී appeared first on ITN News.

Read More »

රුසියාවට ඇමරිකාවෙන් චෝදනාවක්  

0 comments

යුක්‍රේනයට එරෙහි යුද්දයේදී රුසියාව උතුරු කොරියාව විසින් සපයන ලද බැලැස්ටික් මිසයිල භාවිත කර ඇති බවට එක්සත් ජනපදය චෝදනා කරනවා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී මෙම කාරණය මතු කරන බවයි ඇමෙරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකවරයා පවසා ඇත්තේ.

රුසියාවට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ලබාගැනීමට උදව් උපකාර කළ අයට අමතර සම්බාධක පැනවීමට පියවර ගන්නා බව ද ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කිරීමටයි රුසියාව දැනටමත් ක්‍රියා කර ඇත්තේ.

ඇමෙරිකාව මෙම චෝදානා  එල්ල කර පැය කිහිපයකට පසුව උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසා තිබෙන්නේ මිසයිල එල්ල කිරීමේ උපකරණ නිෂ්පාදනය රට තුළ පුළුල් කරන ලෙසයි.

උතුරු කොරියා නායකයා පසුගිය සැප්තැම්බර් මාසයේදී රුසියාවේ සංචාරයක නිරත වුණා.

එහිදී ආයුධ සපයන බවට රුසියාවට පොරොන්දු වී ඇති බවට ඇමෙරිකාව මීට පෙරද චෝදනා කළා.

 

The post රුසියාවට ඇමරිකාවෙන් චෝදනාවක් appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් හිස්බුල්ලා නායකයෙකු ඇතුළු නව දෙනෙක් මියයයි  

0 comments

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනන් දේශසීමා ආසන්න කලාපයේ ප්‍රාදේශීය හිස්බුල්ලා නායකයෙකු ඇතුළු නව දෙනෙක් මිය ගොස් තිබෙනවා.

හුසේන් යස්බෙක් නමැති නායකයා ඇතුළු නව දෙනෙකු මෙසේ මිය ගියා.

හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා පවසන්නේ තම සටන්කාමීන් යුද්ධයට බිය නොවන බවයි.

මේ අතර ඊශ‍්‍රායල ප‍්‍රහාරවලින් ගාසා තීරයේ දකුණු ප‍්‍රදේශයේ ඛාන් යුනිස් නගරයේදී 20දෙනෙකු මිය ගියා.

ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 22,313 ක් මිය ගොස් තිබෙනවා.

තවත් 57,296 දෙනෙකු තුවාල ලබා සිටිනවා.

හමාස් සංවිධානය එල්ල කල ප්‍රහාරයෙන් ගාසා වැසියන් 1,139 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

 

 

 

 

The post ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් හිස්බුල්ලා නායකයෙකු ඇතුළු නව දෙනෙක් මියයයි appeared first on ITN News.

Read More »

පේටන්ට් බලපත‍්‍ර වැඩිම ප්‍රමාණයක් හිමි රට ලෙස චීනය සිව්වන වසරටත් ලොව පෙරමුණේ  

0 comments

ලෝක ‍බුද්ධිමය දේපළ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ චීනය වැදගත් ස්ථානයක පසුවන බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.

ජාත්‍යන්තර ‍බුද්ධිමය දේපළ සහයෝගිතාව හා පාලනයේ දී චීනය ගන්නා පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළා.

පේටන්ට් සහයෝගිතා ගිවිසුමට එක් වී වසර 30 ක් තුළ, බුද්ධිමය දේපළ පිළිබඳ නීති පද්ධතිය අඛණ්ඩව සංවර්ධනය කරමින් සිටින චීනය, ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සංවිධානය සමඟ ජයග්‍රාහී සහයෝගිතා‍ ගොඩනගා ඇති බව ඔහු පෙන්වා දුන්නා.

එම ගිවිසුමට අනුව චීන‍ය ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව අනුව අඛණ්ඩ වසර 4 ක් තිස්සේ ලොව පළමු ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ගෝලීය නවෝත්පාදන ක්ෂේත්‍රයේ වැදගත් කොටසක් චීනයට හිමි ව ඇතැයි ද Wang Wenbin මහතා පවසනවා.

The post පේටන්ට් බලපත‍්‍ර වැඩිම ප්‍රමාණයක් හිමි රට ලෙස චීනය සිව්වන වසරටත් ලොව පෙරමුණේ appeared first on ITN News.

Read More »

ඉරානයේ සැමරුම් උත්සවයක් අතරතුර බෝම්බ ප්‍රහාරයක්  

0 comments

ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා ජෙනරාල් Qasem Soleimani’s ඝාතනය කර සිව්වන සංවත්සරය සමරණ මොහාතේ ඔහුගේ සොහොන අසල පැවැති උත්සවයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස වාර්තා වේ.

ඒ හේතුවෙන් ඇති වූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 103ක් මිය ගිය ගොස් තිබෙනවා.

එමෙන්ම, එම ප්‍රහාරය හේතුවෙන් මේ වන විට තුවාල ලැබූ සංඛ්‍යාව 141ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මාර්ගයක මළ සිරුරු කිහිපයක් දැක්වෙන වීඩියෝවක් ද අන්තර්ජාලය හරහා සංසරණය වේ.

2020 දී ඇමරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය ඉරාන හමුදාවේ වැඩිම බලයක් හිමි අණ දෙන නිලධාරියා වන ජෙනරාල් Qasem Soleimani’s මිය සැමරීමේ උත්සවයක කොටසක් ලෙස අද සිය ගණනක් මිනිසුන් සොහොන් දෙසට ඇවිද ගොස් තිබෙනවා.

ජෙනරාල් Qasem Soleimani’s අයතොල්ලා කමේනිට පසු ඉරාන පාලනයට සම්බන්ධ දෙවෙනි බලවත් පුද්ගලයා ලෙස හැඳින් වේ.

කෙසේ වෙතත්, ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා වෙත සෘජුව වාර්තා කරන කොඩ්ස් බලකාය ‘විප්ලවීය හමුදාවේ’ විශේෂ අංශයක් වන අතර එය මෙහෙය වූ කාසෙම් ජාතික වීරයෙකු ලෙස සඳහන් වේ.

The post ඉරානයේ සැමරුම් උත්සවයක් අතරතුර බෝම්බ ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලය සඳහා ඔත්තු බැලූ අයට වුණු දේ  

0 comments

ඊශ්‍රායලය සඳහා ඔත්තු බැලූ බවට සැකපිට පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගැනීමට තුර්කිය පියවර ගෙන තිබෙනවා.

තුර්කි ආරක්ෂක අංශ සිදුකළ විශේෂ වැටලීමකදී පුද්ගලයින් 33 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊශ්‍රායලයේ මොසාඩ් ආරක්ෂක සේවයට අනියුක්තව කටයුතු කළ බවට සැලකෙන තවත් පුද්ගලයින් 13 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි තුර්කි බලධාරීන් සදහන් කරන්නේ.

තුර්කියේ ජීවත් වන විදෙස් ජාතිකයින් පැහැරගැනීම හා වද හිංසාවලට ලක්කිරීම ඇතුළු ක්‍රියාවන්ට මොවුන් සම්බන්ධ බව තුර්කි බලධාරීන් සදහන් කරනවා.

තුර්කි දේශසීමාව තුළ සිට හමාස් සංවිධානයට පහරදීමට කිසිදුවිටක ඊශ්‍රායලයට ඉඩ ලබානොදෙන බවයි තුර්කිය පවසන්නේ.

 

 

The post ඊශ්‍රායලය සඳහා ඔත්තු බැලූ අයට වුණු දේ appeared first on ITN News.

Read More »

හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායකයා ජීවිතක්ෂයට  

0 comments

හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සලේහ් අල් අරොඋරි ඝාතනය කළ බව ඊශ්‍රායලය නිවේදනය කරනවා.

ලෙබනනයේ බෙයිරූට් අගනුවර සිදුවූ පිපිරීමකින් හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායකයා මෙලෙස ජීවිතක්ෂයට පත්වුණා.

තමන් හමාස් නියෝජ්‍ය නායකයා ඝාතනය කිරීමට ලෙබනනයේදී එල්ල කළ ප්‍රහාරය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරයක් නොවන බවයි ඊශ්‍රායලය සඳහන් කරන්නේ.

කෙසේ වුවද ඊශ්‍රායල හමාස් ගැටුම සදහා ලෙබනනය ඈදා ගැනීමට ඊශ්‍රායලය උත්සාහ කරන බවට ලෙබනන අග්‍රාමාත්‍යවරයා චෝදනා කරනවා.

ඊශ්‍රායල ප්‍රහායර ලෙබනනයේ සෛවරීත්වයට සිදුකළ හානියක් බවයි හිස්බුල්ලා සංවිධානය පෙන්වා දෙන්නේ.

එමෙන්ම තම නියෝජ්‍ය නායකයා ඝාතනය කිරීමේ අනිටු ප්‍රතිවිපාකයන්ට ඊශ්‍රායලයට මුහුණදීමට සිදුවන බවට හමාස් සංවිධානය අනතුරු අඟවනවා.

 

 

The post හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායකයා ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ජපානයේ ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත්  

0 comments

අලුත් අවුරුදු දිනයේ ජපානයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් පසු ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

භුමි කම්පාවෙන් ජපානයේ නිවාස කඩා වැටීම්, ගිනි ගැනීම් හා මාර්ග වලට හානි වීම රැසක් වාර්තා වනවා.

රිච්ටර් පරිමාණ ඒකක 7.6 ක භූමිකම්පාවේ අපි කේන්ද්‍රය වූයේ මධ්‍යම ජපානයේ නොටෝ අර්ධද්වීපයයි.

එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පැවසුවේ දිවි ගලවා ගත් අය බේරා ගැනීම සඳහා සිදු කෙරෙන හදිසි සේවා කාලය සමඟ තියුනු තරඟයක නිරත වනවා.

නොටෝ අර්ධද්වීපයේ ගලවා ගැනීමේ මෙහෙයුම් වලට 3,000 ක පමණ පිරිසක් උත්සාහ කරමින් සිටිනවා.

ජපාන භුමි කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 67ක්.

 

 

The post ජපානයේ ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල රජය හඳුන්වාදුන් අධිකරණ ප්‍රතිසංස්කරණ අවලංගු කරයි  

0 comments

ඊශ්‍රායල රජය හඳුන්වාදුන් අධිකරණ ප්‍රතිසංස්කරණ අවලංගු කිරීමට ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තා.

ඊශ්‍රායල රජය හඳුන්වාදුන් නව අධිකරණ ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් රටපුර විරෝධතා ක්‍රියාත්මක වනවා.

එම ප්‍රතිසංස්කරණ හේතුවෙන් ව්‍යවස්ථා විරෝධි ලෙස සැලකෙන නීති අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි බලය සීමා වී තිබෙනවා.

ඒ හරහා රටේ අධිකරණ පද්ධතිය දුර්වල වී ප්‍රජාතන්ත්‍රවාදයට හානි සිදුව ඇති බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.

රජයේ අධිකරණ ප්‍රතිසංස්කරණ හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියත්වය ද සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව සඳහන්.

මාස කිහිපයක මතභේදාත්මක ගැටුම්වලින් පසුව පසුගිය වසරේ අගභාගයේ දී සම්මත කෙරුණු අධිකරණ ප්‍රතිසංස්කරණ නීති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයත් සමග අවලංගු වනවා.

කෙසේ වවුද ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණය / බලය අනිසි ලෙස භාවිත කිරීමක් ලෙසයි රජය පෙන්වා දෙන්නේ.

The post ඊශ්‍රායල රජය හඳුන්වාදුන් අධිකරණ ප්‍රතිසංස්කරණ අවලංගු කරයි appeared first on ITN News.

Read More »

ජපාන භූ කම්පනයෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ජපානයට බලපෑ භූකම්පනයෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය සඳහන් කරනවා.

රිච්ටර් පරිමාණ ඒකක 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයකින් ඊයේ දිනයේ දී ජපානයට බලපෑම් එල්ල වුණා. භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ.

ජපානයට සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කෙරුණේ 2011 වසරෙන් පසු පළමුවරටයි.

භූකම්පනය හේතුවෙන් මිය ගිය සියලුම පුද්ගලයින් ඉෂිකාවා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව එරට මාධ්‍ය සදහන් කරනවා.

භූකම්පනයත් සමග වයඹ දිග ජපානයට දැඩි හානි සිදුවු අතර සුන්බුන් අතර සිරව සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. දහසකට අධික ස්වයං ආරක්ෂක බලකායේ සාමාජිකයින් පිරිසක් සහන කටයුතු සදහා යොදවා තිබෙනවා.

සුනාමි අනතුරු ඇගවීම හේතුවෙන් දහස් ගණනක පිරිසකට ඊයේ රාත්‍රීය තාවකාලික කදවුරු තුළ ගත කිරීමට සිදුවු අතර මේ වන විට සුනාමි අනතුරු ඇගවීම් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

 

The post ජපාන භූ කම්පනයෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ජපානයේ ප්‍රබල භූකම්පනයක්  

0 comments

ජපානයේ Ishikawa ප්‍රදේශයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ .

The post ජපානයේ ප්‍රබල භූකම්පනයක් appeared first on ITN News.

Read More »

ඩේවිඩ් වෝනර් එක්දින පිටියට සමුදෙයි  

0 comments

ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

37 හැවිරිදි වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ද සමුගන්නා බව මීට පෙර නිවේදනය කර තිබුණා.

හෙට සිඩ්නි හිදී ආරම්භ වන ඔස්ට්‍රේලියා – පාකිස්තාන තුන්වැනි ටෙස්ට් තරගය ඔහුගේ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙසයි සඳහන් වන්නේ..

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ වෝනර් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 161කට ක්‍රීඩා කර ලකුණු 6,932ක් රැස්කර තිබෙනවා.

The post ඩේවිඩ් වෝනර් එක්දින පිටියට සමුදෙයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG