Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක්  

0 comments

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි. ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනවා.

සෑම ළමා හා වැඩිහිටි දිනයකම ස්වාධීන රූපවාහිනියද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මෙවර ස්වාධීන රූපවාහිනි ළමා දින සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ කළුඅග්ගල ලෙෂර්වල්ඩ් පරිශ්‍රයේදීයි. එහිදී දරුවන් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කර තිබෙනවා.

ලක්හඩ ගුවන් විදුලිය සංවිධාන කරන ලෝක ළමාදින සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ මහවිලච්චිය සාලියමාලා මහා විද්‍යාලයේදී. පාසල් දරුවන් දෙදහසකට තෑගි බෝග රැගෙන ලක්හඩ ගුවන් විදුලියේ කණ්ඩායම හා අනුග්‍රාහකයින් මේ වන විට එම විද්‍යාලයට ගොස් සිටිනවා.

 

 

The post ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් appeared first on ITN News.

Read More »

හෙරොයින් කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 65 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

හෙරොයින් කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 65 ක් සමග සැකකරුවෙකු අවිස්සාවේල්ල වත්තෙකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. හෙරොයින් සහිත පාර්සලය රැගෙන සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තා.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ ගෙවත්තේ වළ දමා තිබූ තවත් හෙරොයින් පාර්සලයක් සොයා ගැනුණා. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 24කට ආසන්න මුදලක් හා විද්‍යුත් තරාදියක්ද සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. වයස අවුරුදු 36 ක් වන මෙම සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

 

 

 

The post හෙරොයින් කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 65 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

උද්ඝෝෂණ ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් යුරෝපා ජාතිකයින් නව දෙනෙකු ඉරානයේදී අත්අඩංගුවට  

0 comments

උද්ඝෝෂණ ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් යුරෝපා ජාතිකයන් නව දෙනෙකු ඉරානයේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඉරානයේ බුද්ධි අංශ මගින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කලේ. ඔවුන් බුද්ධි සේවා කටයුතුකළ පුද්ගලයන් බව ඉරාන රජය සඳහන් කළා. උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කිරීමේදී ඔවුන් තිරය පිටුපස සිට කටයුතු කර ඇති බවයි ඉරාන බලධාරීන් පවසන්නේ. ස්වීඩන් , ජර්මන්, ඉතාලි, ප්‍රංශ නෙදර්ලන්ත හා පෝලන්ත ජාතිකයන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

 

 

 

The post උද්ඝෝෂණ ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් යුරෝපා ජාතිකයින් නව දෙනෙකු ඉරානයේදී අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

අනවසරයෙන් මැණික් ගැරූ නව දෙනෙකු අත්අඩංගුවට  

0 comments

කැළණි ගඟේ අනවසරයෙන් මැණික් ගැරූ නව දෙනෙකු විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත්තා.

විශේෂ කාර්ය බළකායේ පුගොඩ කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කොස්ගම හත්දූවවත්ත ප්‍රදේශයේ කැලණි ගගේ ඇළ මෝදර තොටුපොලේදී මෙම වැටලීම සිදු කෙරුණා. මැණික් ගැරීම සඳහා යොදා ගත් යන්ත්‍ර කිහිපයක්ද සොයාගෙන තිබෙනවා. සැකකරුවන් වයස අවුරුදු 30 ත් 58 ත් අතර සීමාවේ පසුවනවා.

 

 

The post අනවසරයෙන් මැණික් ගැරූ නව දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

කාබුල් නුවර උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්  

0 comments

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

පාසල් වයසේ පසුවන දරුවන් ඇතුළු 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් විශාල පිරිසක් තුවාල ලැබුවා. කාජ් නමැති උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානය ප්‍රහාරයට ඉලක්ක වුණා. මෙම ප්‍රදේශයේ හසාරා නමැති සුළුතර ජනවර්ගයේ පිරිස් වැඩි වශයෙන් ජීවත් වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

පසුගිය කාලයේදීද මෙම ප්‍ර දේශය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර කිහිපයක් එල්ලවුනා. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් වගකීම භාරගෙන නැහැ.

 

 

 

The post කාබුල් නුවර උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලකින් ආහාර ද්‍රව්‍ය තොගයක් සොරකම් කරයි  

0 comments

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැලකින් රුපියල් ලක්ෂ 7 ක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය තොගයක් සොරකම් කර තිබුණා.

කිසියම් පිරිසක් අලුයම 3 ට පමණ මෙම වෙළදසැලේ ගබඩාවේ ඉදිරිපස දොරටුවල අගුලු කඩා එයට ඇතුළු වී තිබෙනවා. තිරිගුපිටි  කිලෝග්‍රෑම් මිටි 17 ක්, කොත්තමල්ලි කිලෝග්‍රෑම් 75 ක්, පරිපපු කිලෝග්‍රෑම් 25 මිටි 38 ක් ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙසේ සොරකම් කර ඇති බවයි වේයන්ගොඩ පොලීසිය පවසන්නේ.

ඔවුන් ඒ අසල පිහිටි වෙළදසැලේ ආරක්ෂක කැමරා පද්ධතියට ද හානි සිදු කර තිබෙනවා.

 

 

 

 

The post වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලකින් ආහාර ද්‍රව්‍ය තොගයක් සොරකම් කරයි appeared first on ITN News.

Read More »

වසර 23 කට පසු ඉන්දීය පාලනයේ ඇති කාෂ්මීර ප්‍රදේශයේ සිනමා ශාලා යළි විවෘත කෙරේ  

0 comments

වසර 23 කට පසු ඉන්දීය පාලනයේ ඇති කාෂ්මීර ප්‍රදේශයේ සිනමාශාලා  යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

1990 දශකයේ මුල් භාගය වන තුරු කාශ්මීර්හි සිනමාශාලා ක්‍රියාත්මක වුවද යුද ගැටුම් ඇතුළු විවිධ හේතු නිසා ඒවා අක්‍රිය වුණා. බොලිවුඩ් චිත්‍රපට රැසක් කාෂ්මීරයේදී රූගත කෙරුණ ද ඒවා එහි ප්‍රචාරය නොවීම විශේෂත්වයක්.

පැරණි සිනමාශාලාවන් හමුදා කටයුතු හා රෝහල් සදහා භාවිත කිරීම  සිදු වුණා. 2019 වසරේදී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාගේ මෙහෙයවීම යටතේ කාෂ්මීර් ප්‍රාන්තය කොටස් දෙකකට වෙන් කිරීමත් සමගම සිනමා කර්මාන්තය ද යළි ආරම්භ කිරීමට පියවර ගැනුනා.

 

 

 

 

The post වසර 23 කට පසු ඉන්දීය පාලනයේ ඇති කාෂ්මීර ප්‍රදේශයේ සිනමා ශාලා යළි විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

රුසියා හමුදා යුක්‍රේනයේ අල්ලාගත් ප්‍රදේශ පිළිනොගන්නා බව ඇමෙරිකාව කියයි  

0 comments

රුසියා හමුදා යුක්‍රේනයේ අල්ලාගත් ප්‍රදේශ කිසිඳු ආකාරයකින් තමන් පිළි නොගන්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

යුක්‍රේනයේ ලුහාන්ස්ක් ඩොනෙස්ක් , සපොර්ෂ්ෂියා සහ කෙරුසන් යන ප්‍රදේශවල ජනමත විචාරණයක් පවත්වමින් මෙම ප්‍රදේශ රුසියාවට ඈදා ගැනීමට පසුගියදා පියවර ගැනුණා. ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරන්නේ මෙම ප්‍රදේශ තවදුරටත් අයත් වන්නේ යුක්‍රේනයට බවයි. අදාළ ජනමත විමසුම ද නිදහස් හා සාධාරණ නොවන බව ඇමෙරිකා රජය ප්‍රකාශ කර තිබෙනවා. යුරෝපයට එරෙහිව ඉදිරියේදී තවත් සම්බාධක පනවන බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා පැවසුවේ.

 

 

 

 

 

The post රුසියා හමුදා යුක්‍රේනයේ අල්ලාගත් ප්‍රදේශ පිළිනොගන්නා බව ඇමෙරිකාව කියයි appeared first on ITN News.

Read More »

ඉන්ධන අඩුවෙන් නිකුත් කළ පිරවුම්හලක පොම්ප 2ක් මුද්‍රා තබයි  

0 comments

ඉන්ධන නිකුත් කිරීමේදී ලීටරයකින් සියයට එකයි දශම දෙකක් අඩුවෙන් නිකුත් කළ ඉන්ධන පිරවුම්හලක පොම්ප දෙකක් මුද්‍රා තැබීමට කටයුතු කෙරුණා.

කොළඹ හත ප්‍රදේශයේ පිහිටි ලංකා ඛන්ජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හලක් පරීක්ෂා කිරීමේදී මේ බව තහවුරු වීමත් සමගයි මහජන උපයෝගී කොමිසම මෙම පියවර ගනු ලැබුවේ.

ඒ අනුව සෑම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින්ම පාරිභෝගිකයාට රුපියල් පහයි ශත හතළිහක මුදලක් පාඩු වී ඇති බව හෙළි වුණා.

 

 

The post ඉන්ධන අඩුවෙන් නිකුත් කළ පිරවුම්හලක පොම්ප 2ක් මුද්‍රා තබයි appeared first on ITN News.

Read More »

ජාතික සභාව පෙරවරු 10.30 ට රැස්වෙයි  

0 comments

පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කෙරුණු ජාතික සභාව අද ප්‍රථමවරට රැස්වනවා.

ඒ පෙරවරු 10.30 ටයි. රටේ ආර්ථික හා දේශපාලනික ගැටලුවලට විසදුම් සෙවීමේ අරමුණින් ජාතික සභාව පිහිටුවීමේ යෝජනාවට පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා. කතානායකවරයා සභාපතිත්වය දරණ එම සභාවට අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්ෂනායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජයනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු 35 කට නොවැඩි සාමාජිකයන් සංඛ්‍යාවක් ඇතුළත් වනවා.

අද පැවැත්වෙන මෙම ජාතික සභාවට තමන් සහභාගී නොවන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුම් දී ඇත්තේ.

 

 

 

The post ජාතික සභාව පෙරවරු 10.30 ට රැස්වෙයි appeared first on ITN News.

Read More »

රුසියාවේ සිට යුරෝපය දක්වා ගෑස් ප්‍රවාහනය කෙරෙන නලයක කාන්දුවක්  

0 comments

රුසියාවේ සිට යුරෝපය දක්වා ගෑස් ප්‍රවාහනය කෙරෙන නලයක කාන්දුවක් ඇති වී තිබෙනවා.

රුසියාවේ සිට යුරෝපයට ගෑස් ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම නාලිකාවක් වන්නේ ද මෙයයි. යුරෝපා සංගමය සඳහන් කරන්නේ මෙම ගෑස් කාන්දුව කිසියම් කඩා කප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් ඇති වී තිබෙන බවයි. කෙසේවෙතත්, එම චෝදනාව රුසියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ස්වීඩනය ගෑස් නලවල ආරක්ෂාව සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට ද සූදානමින් සිටිනවා. රුසියාවේ සිට බෝල්ටික් සාගරය හරහා යුරෝපයට ගෑස් ප්‍රවාහනය කිරීම මෙම නලය මඟින් සිදු වනවා.

 

 

The post රුසියාවේ සිට යුරෝපය දක්වා ගෑස් ප්‍රවාහනය කෙරෙන නලයක කාන්දුවක් appeared first on ITN News.

Read More »

රුසියාව සමඟ වෙළඳ ගිවිසුම් වලට යන්නෙ නැත්තේ ඇයි ? විමල් ප්‍රශ්න කරයි  

0 comments

මේ වන විට සමාජයේ පැන නැගී ඇති අර්බුද උත්සන්න කිරීම හෝ සමාජ කැරලිකාරීත්වයක් නිර්මාණය කිරීම සදහා බලපෑ හේතු කරුණු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවකදී වීරවංශ මහතා මෙම කරුණු  හෙළිදරව් කළා.

 

 

The post රුසියාව සමඟ වෙළඳ ගිවිසුම් වලට යන්නෙ නැත්තේ ඇයි ? විමල් ප්‍රශ්න කරයි appeared first on ITN News.

Read More »

 

0 comments

පසුගිය දශකයේ ගුවන්සේවා ක්ෂේත්‍රෙය් සියලු අංශවලින් සියයට හතරයි දශම පහක වර්ධනයක් පෙන්වීමට හැකි වූ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

කැනඩාවේ මොන්ට්‍රියල් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ගුවන්සේවා සංවිධානයේ 41 වන සැසිවාරය අමතමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා.

රටවල් 194 ක නියෝජිතයන් සහභාගී වන ජාත්‍යන්තර ගුවන්සේවා සංවිධානයේ සැසිවාරය පසුගියදා ආරම්භ වුණා. එය ඔක්තෝබර් 7 වෙනිදා දක්වා කැනඩාවේ මොන්ට්‍රියල් නුවරදී පැවැත්වෙනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා 2021 වසරේ සිට උද්ගත වූ කෝවිඩ් වසංගතය හේතුවෙන් ගෝලීය ප්‍රජාවට ඉතාමත් සංකීර්ණ ජීවන රටාවකට හුරුවීමට සිදු වූ බව පෙන්වා දුන්නා.

මේ නිසා විශාල ආර්ථික අවපතායකට ද මුහුණදීමට සිදු වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මෙම තත්ත්වය ප්‍රවාහන හා සංචාරක ක්ෂේත්‍රයේ විශාල කඩාවැටීමක් සිදු වූ බව ද අමාත්‍යවරයා සදහන් කළා. නමුත් මෙම සියලු බාධා හමුවේ සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් වී තිබීම සතුටට කරුණක් බවයි ඒ මහතා සදහන් කළේ.

අමාත්‍යවරයා සමග කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති හර්ෂ නවරත්න මහතා ද මෙම සැසියට සහභාගී වී සිටිනවා.

 

The post appeared first on ITN News.

Read More »

වන සතුන්ගෙන් සිදුවන වගා හානි  වළක්වා ගැනීමට අවශ්‍ය වුවහොත් ගොවීන්ට ගිනි අවි  

0 comments

වන සතුන්ගෙන් සිදුවන වගා හානි  වළක්වා ගැනීමට අවශ්‍ය වුවහොත් ගොවීන්ට ගිනි අවි ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

The post වන සතුන්ගෙන් සිදුවන වගා හානි  වළක්වා ගැනීමට අවශ්‍ය වුවහොත් ගොවීන්ට ගිනි අවි appeared first on ITN News.

Read More »

ෆ්ලෝරීඩා ප්‍රාන්තයට බලපෑ චණ්ඩ මාරුතයෙන් ලක්ෂ 20කට විදුලිය අහිමි වෙයි  

0 comments

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයට බලපෑ චණ්ඩ මාරුතයෙන් ලක්ෂ විස්සකට වැඩි ජනතාවකට විදුලිය අහිමි වී තිබෙනවා.

හතරවෙනි වර්ගයේ චණ්ඩ මාරුතයක් ලෙස සැළකෙන මෙය පැයට කිලෝමීටර් 241 කට වැඩි වේගයකින් හමා ගොස් ඇති බවයි කාලගුණ අංශ සදහන් කළේ. පසුගිය දින කිහිපයේදී අධික වර්ෂාවක්ද ෆ්ලෝරීඩා ප්‍රාන්තයට ලැබුණා.

අයහපත් කාලගුණය නිසා ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් අවම කර ගැනීම සදහා පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ෆ්ලෝරීඩා ආණ්ඩුකාර රොන් ඩීසැන්ටිස් ජනතාව වෙත නිවේදනය කළේ. මෙම චණ්ඩ මාරුතයෙන් කියුබාවටද හානි සිදු වුණා.

එහි පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post ෆ්ලෝරීඩා ප්‍රාන්තයට බලපෑ චණ්ඩ මාරුතයෙන් ලක්ෂ 20කට විදුලිය අහිමි වෙයි appeared first on ITN News.

Read More »

“ප්‍රශස්ත සංවර්ධනය සහ චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ මානව හිමිකම් කටයුතු ‍ජයග්‍රහණ” පිළිබඳ රැස්වීමක්  

0 comments

එක්සත් ‍ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සම්යම්ලනයට සමගාමීව “ප්‍රශස්ත සංවර්ධනය සහ චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ මානව හිමිකම් කටයුතු ‍ජයග්‍රහණ” පිළිබඳ රැස්වීම පැවැත්වේ.

එම රැස්වීම පසුගියදා චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ Bole නගරයේදී පැවැත්විණ. දෙස් විදෙස් විශේෂඥ පිරිසක් සමග ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ බිම් මට්ටම් ‍ජනතාවගේ නියයෝජිතයන්ජ් හා චීනයේ  සිටින විදෙස් සිසුන්  මාර්ගගතව සහ මාර්ගගත නොවන  ආකාරයට එම රැස්වීමට එක්වූහ.

ස්වායත්ත ර‍ය හා ස්වායත්තයේ චීන   ‍කොමියුනිස්ට් පක්ෂ කමිටුව, නවයුගයේ ෂින්ජ්‍යං ප්‍රාද්ශය පිළිබඳ පක්ෂයේ පාලන උපායමාර්ගය පූර්ණ වශයෙන් මෙන්ම  නිවැරදිව ක්‍රියාත්මක කරමින් පවතින   බව Bole නගරයේ මහ‍න නියයෝජිත සම්යම්ලනයේ ස්ථාවර කමිටු අධයක්ෂ අයිෂන්ජ්ජියං මහතා පැවසීය.

සංවර්ධනය හා ස්ථාවරත්වය, සංවර්ධනය හා ‍ජන ජීවිතය , සංවර්ධනය හා ‍ජනතා අපේක්ෂා අතර පවතින සමීප සම්බන්ධතා මනාව අවබෝධ කරගෙන අදාළ ආයතන තම ස්වායත්තයේ ඉහළ ගුණාත්මකභාවයෙන්   යුතු සංවර්ධනය හා මානව හිමිකම් සහතික කිරීයම් කටයුතු නව අදියරකට රැ‍ගෙන යන බව ද ඔහු පැවසීය.

මෑත වසර කිහිපය තුළ, ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ අන්ජ්තවාදය තුරන්   කිරීම මගින් එම ප්‍රාද්ශයේ විවිධ ජාතීන්ට  අයත් ‍ජනතාවගේ ආගමික ඇදහීම් නිදහස හා ආගමික අවශයතා ඉහළින් සුරක්ෂිත කර ඇතැයි ෂින්ජ්‍යං  විශ්වවිද්‍යාලයේ මාක්ස්වාදය පිළිබඳ ඇකඩමියේ නියයෝ‍ය මහාචාර්ය යරමිනා මහත්මිය මෙහිදී කියා සිටියාය.

The post “ප්‍රශස්ත සංවර්ධනය සහ චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ මානව හිමිකම් කටයුතු ‍ජයග්‍රහණ” පිළිබඳ රැස්වීමක් appeared first on ITN News.

Read More »

චීන-ආර්ජන්ටිනා මානව හා සංස්කෘතික හුවමාරු පිළිබඳ ඉහළ මට්ටමේ සංසදයට දෙරට ජනපතිවරුන්ගෙන් සුබපැතුම්  

0 comments

චීන-ආර්ජන්ටිනා මානව හා සංස්කෘතික හුවමාරු පිළිබඳ ඉහළ මට්ටමේ සංසදය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ආර්ජන්ටිනා ජනාධිපති Alberto Fernández මහතා සුබපැතුම් පණිවුඩ යොමු කරති.

මෙම වසර චීන- ආර්ජන්ටිනා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 50වැනි සංවත්සරය වන අතර, දෙරටේ ‘මිත්‍රශීලි සහයෝගතා වසර’ ද සනිටුහන් වන බව ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ.

අඩ සියවසක කාලය තුළ දෙරට සම්බන්ධතාවය ජාත්‍යන්තර අභියෝග ජය ගෙන, නැගී එන රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සමගියෙන් යුතුව, පොදුවේ සංවර්ධනය කිරීමේ ආදර්ශයක් බවට පත්ව ඇත.

මෙවර සංසදයට සහභාගිවූවන්ට සිය වටිනා අදහස් ඔස්සේ පොදු එකඟතා එක්රැස් කර ගෙන, දෙරටේ සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයේ වර්ධනයට නව පිටුවක් නිර්මාණය කළ හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියි.

ආර්ජන්ටිනාව හා චීනය අත්වැල් බැඳගෙන වසර පනහක් එකට ගමන් කර ඇතැයි ආර්ජන්ටිනා ජනාධිපතිවරයා තම සුබ පැතුම් පණිවුඩයෙන් පවසයි. දෙපාර්ශ්වය වඩාත් ඉහළ මට්ටමක හවුල් ප්‍රජාවක් ගොඩනගනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම කියා සිටී.

දෙරට සහයෝගතා ගැඹුරු කරන අතරම, ආර්ජන්ටිනා- චීන සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය තහවුරු කරමින් දෙරටේ ජනතාවගේ සුබසෙත හා ලෝක සාමය සහ සංවර්ධනය වෙනුවෙන් ද වඩාත් කැපීපෙනෙන දායකත්වයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ද Alberto Fernández මහතා ප්‍රකාශ කර ඇත.

28වැනිදා බෙයිජිංහි පැවති චීන ආර්ජන්ටිනා මානව හා සංස්කෘතික හුවමාරු ඉහළ මට්ටමේ සංසදයේ තේමාව ‘මාධ්‍ය හුවමාරු පුළුල් කරමින් ජනතාව වෙනුවෙන්සුබසෙත නිර්මාණය කිරීම’ යන්නයි. චීන මාධ්‍ය සමූහය හා ආර්ජන්ටිනා පොදු මාධ්‍ය පිළිබඳ රාජ්‍යලේකම් කාර්යාලය විසින් එය ඒකාබද්ධව පවත්වනු ලැබීය.

The post චීන-ආර්ජන්ටිනා මානව හා සංස්කෘතික හුවමාරු පිළිබඳ ඉහළ මට්ටමේ සංසදයට දෙරට ජනපතිවරුන්ගෙන් සුබපැතුම් appeared first on ITN News.

Read More »

උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු  

0 comments

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබෙනවා.

උඩුවේ ධම්මාලෝක හිමියන් විහාරාධිපතිත්වය දරණ පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් තමන්ට හිරිහැර වන අයුරින් කටයුතු කළ බවට එල්ල කළ පෞද්ගලික පැමිණිල්ලකට අදාළව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවේ මෙම නඩුව කැදවා තිබුණා.එම අවස්ථාවේදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරණයේ පෙනී  සිටියේ නැහැ. නඩුව ලබන  ඔක්තෝබර් 31 වනදා යළි කැදවීමට තීරණය කෙරුණා.

The post උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු appeared first on ITN News.

Read More »

කියුබාවේ විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇණහිටියි  

0 comments

ඉයන් සුළි කුණාටුව හේතුවෙන් කියුබාවේ විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කැරිබියන් දූපත් ආශ්‍රිත මුහුදෙන් හටගත් ඉයන් සුළි කුණාටුව ඊයේ කියුබාවට පැයට කිලෝමීටර් 195 ක ප්‍රබලත්වයෙන් යුතුව ඇතුළු වුණා.

සුළි කුණාටුවෙන් කියුබාවේ බටහිර ප්‍රදේශයට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රධානම විදුලි බලාගාරය අක්‍රීයවීම විදුලිබලය ඇණහිටීමට හේතුවී තිබෙනවා.

එමගින් මිලියන 11ක පමණ පිරිසකට අදුරේ කාලය ගත කිරීමට සිදුව තිබෙනවා.

එමෙන්ම විදුලි රැහැන් පද්ධතිවලට ද දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

තුන්වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් ලෙස හැදින්වෙන ඉයන් සුළි කුණාටුවේ බලපෑමෙන් කියුබාවේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

 

The post කියුබාවේ විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇණහිටියි appeared first on ITN News.

Read More »

ත්‍රිකුණාමලය සාම්පූර්හි ඉදිකළ මැරින්පියර් නව ජැටිය විවෘත කෙරේ  

0 comments

ත්‍රිකුණාමලය සාම්පූර්හි ඉදිකළ මැරින්පියර් නව ජැටිය විවෘත කිරීමට කටයුතු කෙරුණා.

ත්‍රිකුණාමලය දකුණු මුහුදු ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමේ අරමුණෙන් සාම්පූර්හි නාවික නෞකා විදුර ආයතනයේ නව මැරින් පියර් ජැටිය විවෘත කෙරුණා.

කොඩ්ඩියාර් බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධි ක්‍රියා මැඩපැවැත්වීමට කුඩා යාත්‍රා මගින් සිදුකෙරෙන නිරීක්ෂණවලදී එම යාත්‍රා ආරක්ෂිතව නවතා තැබීමේ පහසුකම් නොතිබීම ගැටලුවක් වී තිබුණා.

ඊට පිළියමක් ලෙසයි නව මැරින් පියර් ජැටිය ඉදිකිරීමට කටයුතු කෙරුණේ.

එය විවෘත කිරීම සිදුවුණේ නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. නාවික හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට  එක්ව සිටියා.

 

The post ත්‍රිකුණාමලය සාම්පූර්හි ඉදිකළ මැරින්පියර් නව ජැටිය විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බ්‍රිතාන්‍යයට අනතුරු අඟවයි  

0 comments

යෝජිත බදු කප්පාදු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බ්‍රිතාන්‍යයට අනතුරු අඟවනවා.

වසර 50කට පසු ඉතිහාසයේ දැවැන්තම බදු කප්පාදුව සම්බන්ධයෙන් යෝජනා හෙට දිනයේ දී එළිදැක්වීමට නියමිතයි.

බදු සහන පැකේජය පවුම් බිලියන 45කට ආසන්න බවද සඳහන්.

ඒ සම්බන්ධයෙන් වාර්තාවීමත් සමග ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමේ අගය පෙරේදා දිනයේදී ඉතිහාසයේ අවම අගය වාර්තා කළා.

බදු කප්පාදුව සිදුකළහොත් ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ආර්ථික අර්බුදයක් හටගත හැකි බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.

කෙසේ වුවද බ්‍රිතාන්‍ය රජය සඳහන් කරන්නේ බදු කප්පාදුව හරහා ආර්ථික වර්ධනයක් ළගා කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

 

 

The post ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බ්‍රිතාන්‍යයට අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

ඉරානයේ ගැටුම්වලින් 76 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඉරාන ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 76 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉරාන පොලිසිය භාරයේ සිටියදී විසිදෙහැවිරිදි කාන්තාවක් පසුගිය 17 වනදා ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළකරමින් එරට උද්ඝෝෂණ ආරම්භ වුණා.

එම කාන්තාව තම හිසකෙස් ආවරණය වන පරිදි හිජාබය පැළද නොසිටීම හේතුවෙනුයි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දින තුනක් රෝහල්ගතව කෝමා තත්ත්වයෙන් සිටියදී ඇය ජීවිතක්ෂයට පත්වුණා.

ඇය ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළකරමින් ආරම්භ වූ උද්ඝෝෂණ අඛණ්ඩව 12 වන දිනටත් ක්‍රියාත්මකයි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ඉරාන පොලීසිය ජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි තැබීම් සිදුකළ බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරනවා.

පුද්ගලයින් සිය ගණනක් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් පිරිස අතරින් 20 දෙනෙකු මාධ්‍යවේදීන් බවයි වාර්තා වන්නේ.

ඉරානයේ නගර 80 ක් පුරා මේ වනවිට විරෝධතා ක්‍රියාත්මකයි.

 

 

The post ඉරානයේ ගැටුම්වලින් 76 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

සෞදි රජු විසින් අගමැති ලෙස ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු නම් කරයි  

0 comments

සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජු සිය පුත්‍රයා සහ ඔටුන්න හිමි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ලෙසත් ඔහුගේ දෙවන පුත් ඛාලිඩ් කුමරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් නම් කළ බවට රාජකීය නියෝගයක් ලබා දී තිබෙනවා.

මෙම සංශෝධනයට තවත් පුත්‍රයෙකු වන අබ්දුල්අසීස් බින් සල්මාන් කුමරු බලශක්ති අමාත්‍යවරයා ලෙස නම් කළ බව වයෝවෘද්ධ රජු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය විසින් නිවේදනය කරන ලද රාජකීය නියෝගයේ සඳහන් කළා.

විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු, මුදල් අමාත්‍ය මොහොමඩ් අල්-ජදාන් සහ ආයෝජන අමාත්‍ය කාලිඩ් අල් ෆාලිහ් ඔවුන්ගේ තනතුරුවල රැඳී සිටින බව නියෝගය පෙන්වා දෙයි.

 

The post සෞදි රජු විසින් අගමැති ලෙස ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු නම් කරයි appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24 ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් ලක්ෂ 5ක්  

0 comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 228 කින් ලක්ෂ 5 ට ආසන්න වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 967 ක්.

ඊයේ දිනයේ දී හමුවූ වැඩිම කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව වන 95,811 වාර්තා වන්නේ ජර්මනියෙන්.

එමෙන්ම ප්‍රංශයෙන් 73,000 ක් ජපානයෙන් 50,000 ක් තායිවානයෙන් 45,000 ක් හා ඉතාලියෙන් 44,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ගතවූ පැය 24 ට වාර්තා වී ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 171 සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන්.

ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව වන හැටපන් ලක්ෂ හතලිස් දෙදහස ඉක්මවා ගියා.

හමුවී ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හැටදෙකෝටි දොළොස් ලක්ෂයකට අධිකයි.

 

 

The post ගතවූ පැය 24 ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් ලක්ෂ 5ක් appeared first on ITN News.

Read More »

ග්‍රාහකයක ගැටීමට සැළැස්වූ ගවේෂණ යානා මෙහෙයුම  

0 comments

අභ්‍යවකාශයේ පැවති ග්‍රාහකයක,  ගවේශන යානයක් සෘජුව ගැටීමට සැලැස්වීමට නාසා ආයතනය සමත්වුණා.

නාසා ආයතනයට අයත් ඩාර්ට් ගවේෂණ යානය අභ්‍යවකාශයේ පැවති ග්‍රාහකයක ගැටීමට සළස්වා එම ග්‍රාහකයේ ගමන්මාර්ගය වෙනස් කිරීමටයි උත්සාහ කර ඇත්තේ. පෘථිවිය දෙසට ගමන් ගන්නා ග්‍රාහකයන්ගේ ගමන් මාර්ගය වෙනස් කිරීමට හැකියාව පවතින්නේ ද යන්න අත්හදා බැලීම මෙය සිදුකෙරුණා. මීටර් 160 ක පළලකින් යුතු ඩිමෝපෝස් නම් මෙම ග්‍රාහකයේ ගමන් මාර්ගය වෙනස්කිරීමට හැකියාව ලැබුණේ ද යන්න ඉදිරි දින කිහිපය තුළදී පැවසිය හැකි බවයි නාසා ආයතනය පවසන්නේ. යානය ග්‍රාහකයේ ගැටෙන අවසන් මොහොත දක්වා එහි දර්ශන නිරීක්ෂණය කිරීමට නාසා ආයතනය කටයුතු කළා.

 

 

 

 

 

The post ග්‍රාහකයක ගැටීමට සැළැස්වූ ගවේෂණ යානා මෙහෙයුම appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක්  

0 comments

මෙරට රෝහල් සදහා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඇමෙරිකාව ලබාදී තිබෙනවා. එම ඖෂධ නිල වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාරදීම අද සිදුකෙරුණා.

ඇමෙරිකාවේ ඩිරෙක්ට් රිලිෆ් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ රෝහල් සදහා මෙම අත්‍යවශ්‍ය ඖෂධ තොගය පරිත්‍යාග කරනු ලැබුවා. එම ආයතනයේ හදිසි ප්‍රතිචාර කළමනාකරු ක්‍රිස් ඇල්වේ මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඖෂධ තොගය නිල වශයෙන් භාරදීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද සිදුකෙරුණා. ඇමෙරිකාව,  බ්‍රිතාන්‍ය,  කැනඩාව,  මැලේසියාව හා තවත් රටවල් කිහිපයක විවිධ මානුෂීය ආධාර සංවිධාන මෙම ඖෂධ රැස්කිරීමේ දී දායක වූ බව   ඩිරෙක්ට් රිලිෆ් ආයතනයේ සන්නිවේදන සම්බන්ධීකාරක පැඩි දිසානායක මහත්මිය ප්‍රකාශ කළා. මෙම මාසයේ දී ඩොලර් මිලියන 20 කට වැඩි ඖෂධ ශ්‍රී ලංකාවට පිරිනමා තිබෙනවා.

 

 

 

 

The post ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක් appeared first on ITN News.

Read More »

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.

පෑලියගොඩ නව නුගේපාර ප්‍රදේශයේ ගබඩාකර තිබූ මෙම සීනි තොගය අත්අඩංගුවට ගැණුනේ පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණ තොරතුරුකට අනුවයි. සීනි කිලෝග්‍රෑම් තුන්දහසක් එසේ ගබඩාකර තිබූ අතර සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා. සැකකරුවන් හා අදාළ සීනි තොගය වැඩිදුර විමර්ශන සදහා පෑලියගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වෙත භාරදී තිබෙනවා. අදාළ ගබඩාවට මුද්‍රා තැබීමටයි කටයුතු කෙරුණේ.

 

 

 

 

The post මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

රුසියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළට  

0 comments

රුසියාවේ ඉෂෙවුස්ක් ප්‍රදේශයේ පාසලක් ඉලක්ක කරමින් සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය පිරිස අතරට පාසල් සිසුන් 11 දෙනෙකු ඇතුළත්. වැඩිහිටි පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර දෙදෙනෙකු ආරක්ෂක නිලධාරීන් හා අනෙක් දෙදෙනා ගුරුවරුන් වනවා. තවත් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා එම පාසලේ ආධි ශිෂ්‍යයෙකු වන අතර ඔහු සියදිවි හානිකරගෙන ඇති බව ආරක්ෂක අංශ සදහන් කරනවා. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ පාසල් සිසුන් දිවයන ආකාරය සමාජ මාධ්‍ය වාර්තා කළා. එම පාසලේ සිසුන් දහසක් පමණ ඉගෙනුම ලබන බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post රුසියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

පාර්ලිමේන්තුව මහජනතාවට විවෘත කෙරේ  

0 comments

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුකොටගෙන මහජනතාවට පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබූ සීමාවන් මේ වන විට සීමා සහිතව ඉවත් කොට තිබෙනවා.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් සිසුන්ට පාර්ලිමේන්තු සංකීර්ණය නැරඹීම සඳහා රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙ.ව 9.30 සිට ප.ව 3.00 දක්වා අවසර ලබාදී තිබේ.

පාර්ලිමේන්තුව නැරඹීම සඳහා විශාල උද්‍යෝගයක් මහජනතාව අතර ඇති බව පසුගිය දින කිහිපය තුළ ඒ සඳහා ලැබී තිබුණු ඉල්ලීම් විශාල සංඛ්‍යාවෙන් තහවුරු වේ. මේ වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන සහ විදේශීය සංචාරකයින් ආදී පිරිස් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කොට තිබේ.

ඒ අනුව ඊයේ  (26) කොළඹ කාන්තා විද්‍යාලයේ සිසුවියන් සියයකට අධික පිරිසක් අධ්‍යයන චාරිකාවක් සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි. කොවිඩ් වසංගතය හේතුකොටගෙන 2020 මාර්තු මාසයේ සිට පාර්ලිමේන්තුව නැරඹීම සඳහා මහජනත‍ාව වෙත පනවන ලද සීමාවන් පසුගිය 20 වැනිදා ලිහිල් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි පළමු සිසු කණ්ඩායම වන්නේ කොළඹ කාන්තා විද්‍යාලයේ සිසුවියන්ය. මෙම අධ්‍යයන චාරිකාවේදී සිසුවියන් හට මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු සභා ගර්භය නැරඹීමටඅවස්ථාව ලද අතර එහිදී සභාගර්භය පිළිබඳ දැනුවත් කිරිමද සිදුවිය.

එයට අමතරව සෙංකෝලය, සභා ගර්භයට මෙපිටින් ඇති ආලේඛ්‍ය චිත්‍ර සහ පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන රිදී දොරටුවද නරඹා දැනුවත් වීමේ අවස්ථාවද සිසුවියන් වෙත හිමි විය.

පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පාසල් බලධාරීන් හට තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473/ 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන සහ විදේශීය සංචාරකයින්ට ද මෙම පහසුකම ලබාගත හැකිය.

 

The post පාර්ලිමේන්තුව මහජනතාවට විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

නවක වදයට එරෙහිව නීති තිබ්බත් පැමිණිලි ඉතා අඩුයි  

0 comments

නවක වදය සම්බන්ධයෙන් නීති පැවතිය ද එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිල කිරීම ඉතා අඩු මට්ටමක පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණහොත් නීතිය ක්‍රියාත්මක කරන බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී  ඒ මහතා පෙන්වා දුන්නේ.  ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.

 

The post නවක වදයට එරෙහිව නීති තිබ්බත් පැමිණිලි ඉතා අඩුයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමේ අඩුම අගය වාර්තා වෙයි  

0 comments

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමේ අඩුම අගය වාර්තා වී  තිබෙනවා.

ඩොලරයට සාපේක්ෂව පවුමේ අඩුම අගය වාර්තාවූයේ 1971 වසරට පසුවයි.

අද දිනයේදී ඩොලරයට සාපේක්ෂව පවුම 4% කින් පමණ පහත වැටී ඇති අතර එහි අගය සටහන් වූයේ ඇමෙරිකා ඩොලර් 1.3 ක් ලෙසයි.

බ්‍රිතාන්‍ය තුළ නව බදු කප්පාදුවක් හදුන්වාදීම පවුමේ අගය පහත වැටීමට හේතුවී ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ඇමෙරිකා මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීමත් ඩොලරයේ අගය ඉහළ යාම ලොවසෑම රටකම ආර්ථිකයන්ට දැඩි පහරක් එල්ලකර තිබෙනවා.

වසර 20කට පසු යුරෝ මුදල් ඒකකයේ අවම අගයද අද වාර්තා වුණා.

යුක්‍රේන යුද ගැටුම් හේතුවෙන් එළඹෙන සීත සෘතුව වන විට බලශක්ති අර්බුදය උග්‍රවනු ඇති බවට අනාවැකි පළවන අතර ඒ හේතුවෙන් යුරෝ මුදල් ඒකකයේ අගයද පහළ ගොස් තිබෙනවා.

ගෝලීය ඛණිජ තෙල් සහ ස්වභාවික ගෑස් මිල ඉහළ යාමට ද ඩොලරයේ අගය ඉහළ යාම දැඩි බලපෑමක් එල්ලකර තිබෙනවා.

The post ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමේ අඩුම අගය වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

මධ්‍යධරණී මුහුදේ බෝට්ටු අනතුරකින් 97 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

මධ්‍යධරණී මුහුදු කලාපයේ සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 97 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පිරිස අතරට කුඩා දරුවන් 24 දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ.

ලෙබනනයේ සිට යුරෝපයට සරණාගතයින් රැගෙන යමින් සිටි බෝට්ටුවකුයි මධ්‍ය ධරණී මුහුදු කලාපයේ දී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. බෝට්ටුව අනතුරට ලක්වන අවස්ථාවේ දී 150 කට අධික පිරිසක් එහි ගමන්කර තිබෙනවා.

ලෙබනන සිරියා හා පලස්තීන ජාතිකයින් ඊට අයත්. බෝට්ටුව ගමන් ආරම්භ කර පැය 4 කට පමණ පසුව අනතුරට ලක්වූ බව එහි ගමන් ගත් පුද්ගලයෙකු සදහන් කරනවා.

පුද්ගලයින් 20 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති අතර අනෙක් පිරිස අතුරුදන් බවයි වාර්තා වන්නේ.

 

The post මධ්‍යධරණී මුහුදේ බෝට්ටු අනතුරකින් 97 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

චීන විදේශ ඇමතිවරයා 77 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාන්‍ය විවාදය අමතයි  

0 comments

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති වං යී මහතා පසුගියදා නිව්යෝක් හි 77 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාන්‍ය විවාදයට එක්වෙමින් දේශනයක් කළේ ය. ඔහු එහිදී පෙන්වා දුන්නේ, සාමයේ සහ සංවර්ධනයේ යුගයේ තේමාව වෙනස් වී නොමැති අතර, චීනයේ ස්ථාවරය ස්ථිර සහ පැහැදිලි ය. ඒ යුද්ධයට වඩා සාමය අවශ්‍යය. දුප්පත්කමට වඩා සංවර්ධනය අවශ්‍යය. වසා දැමීමට වඩා විවෘත වීම අවශ්‍යයි. ගැටුම් කිරීමට වඩා සහයෝගිතාව අවශ්‍යය. බෙදීමට වඩා සමගිය අවශ්‍යයි. අධිපතිවාදයට වඩා සාධාරණත්වය අවශ්‍යය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයෙන් මෙන්ම ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට ලෙස, චීනය සෑම විටම ලෝක සාමය ගොඩනඟන්නා හා ගෝලීය සංවර්ධනයට දායකයා බව, වං යී මහතා එහිදී කියා සිටියේ ය.

චීනය අනුගමනය කරන මාවත යටත්විජිත කොල්ලයට වඩා සාමකාමී සංවර්ධනයකි. චීනය, මානව සංවර්ධනයේ ගැටළු විසඳීමට සිය ප්‍රඥාව දිගටම ලබා දෙනු ඇති බවත්, මානව ශිෂ්ටාචාරයේ නව ස්වරූපයක් නිර්මාණය කිරීමට සිය දායකත්වය ලබා දෙනු ඇති බවත්, වං යී මහතා සදහන් කළේ ය.

The post චීන විදේශ ඇමතිවරයා 77 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාන්‍ය විවාදය අමතයි appeared first on ITN News.

Read More »

ඇතැම් පිරිස් රට යලි අරාජික කිරීමේ උත්සාහයක – වැඩ බලන ආරක්ෂක ඇමති  

0 comments

ඇතැම් අගතිගාමී වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ තම ඉලක්ක සපුරා ගැනිම සදහා රට යලි අරාජික කිරීමේ උත්සාහයක නිරත වෙන බව වැඩ බලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. බලහත්කාරයෙන් රට තුළ ඇති කිරීමට උත්සාහ කරන මෙම තත්වයට කිසිසේත් ඉඩ නොතබන බවත් එවැනි අවිනීත ක්‍රියා සියල්ල රජය මැඩ පවත්වන බවත් ඒ මහතා අවධාරණය කරනවා.

අධි ආරක්ෂිත කලාප නම් කලේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බව ද අද පැවැති මාධ්‍ය හමුවක දී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද මෙහි දී අදහස් පළ කළා.

 

The post ඇතැම් පිරිස් රට යලි අරාජික කිරීමේ උත්සාහයක – වැඩ බලන ආරක්ෂක ඇමති appeared first on ITN News.

Read More »

ඇල්ල රොක් ගිනි තැබූ සිසුන්ට අධිකරණයෙන් ලැබුණු අපූරු දඬුවම  

0 comments

ඇල්ල කැලෑ ප්‍රදේශයකට ගිනි තබා හානි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පාසල් සිසුන් 16 දෙනාට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය අපූරු දඬුවමක් නියම කර තිබෙනවා.

සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි අධිකරණය මුලින් නියෝග කළේ.

ඉන් අනතුරුව ඔක්තෝම්බර් මස 02 වන ඉරිදා දින ඇල්ල පොලිසිය විසින් තෝරාගත් ප්‍රදේශවල පැළ 10 බැගින් සිටුවන ලෙස නියම කර තිබෙනවා.

සෙනසුරාදා (24) ඇල්ල ප්‍රදේශයේ රක්ෂිතයක කොටසකට ගිනි තැබූ සිසුන් 16 දෙනා ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී තිබුණා.

සැකකරුවන් 16 හැවිරිදි බදුල්ල සහ පස්සර ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම පිරිස රක්ෂිත වනයේ උපන්දින සාදයක් පවත්වා ඉන් අනතුරුව එම ප්‍රදේශයට ගිනි තබා තිබෙනවා.

The post ඇල්ල රොක් ගිනි තැබූ සිසුන්ට අධිකරණයෙන් ලැබුණු අපූරු දඬුවම appeared first on ITN News.

Read More »

ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් කෝටි 62 ඉක්මවයි  

0 comments

ලොව පුරා රටවලින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව කෝටි හැටදෙක ඉක්මවා තිබෙනවා.

ඊයේ දිනයේ දී ලොව පුරා රටවල් 228 කින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 250,000 කට ආසන්නයි.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 454 ක්. වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රුසියාවෙන්. එරටින් ඊයේ දිනයේ දී වයිරස ආසාදිතයින් 47,000 කට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා.

එමෙන්ම ජපානයෙන් 40,000 ක් තායිවානයෙන් 38,000 ක් හා ප්‍රංශයෙන් 31,000 ක් ලෙස වයිරස ආසාදිතයින් වාර්තා වුණා.

ලොව පුරා රටවලින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටපන් ලක්ෂ හතලිස් දහසකට අධිකයි.

 

 

 

 

 

The post ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් කෝටි 62 ඉක්මවයි appeared first on ITN News.

Read More »

සත්ත්ව ආහාර නිෂ්පාදන කර්මාන්ත දිරිගැන්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක්  

0 comments

සත්ත්ව ආහාර නිෂ්පාදන කර්මාන්ත දිරිගැන්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෙසේ වෙතත් ජනතාව පවසන්නේ වී මිලදී ගැනීමේ කටයුතු ඇතුළු සියලු දේ සඳහා අමාත්‍යවරයාට වැඩපිළිවෙළක් නොමැති බවයි.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ මහනුවර ගන්නෝරුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීයි. ආහාර ගැටලුවත් සමගම කුකුළුමස් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. අවශ්‍ය පහසුකම් සපුරා දී දේශීය නිෂ්පාදනය දිරිමත් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ. නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු ඇතුළු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

 

The post සත්ත්ව ආහාර නිෂ්පාදන කර්මාන්ත දිරිගැන්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් appeared first on ITN News.

Read More »

ඇල්ල කඳුවැටියට ගිනි තැබීමක් සිදු කළ බවට සැක කෙරෙන 16 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

ඇල්ල රක්ෂිත කඳුවැටියට ගිනි තැබීමක් සිදු කළ බවට සැක කෙරෙන 16 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා.

ඇල්ල පොලිස් වසමේ ඇල්ල රක්ෂිත කදු වැටිය ඊයේ ගිනි ගැනීමකට ලක් වීමෙන් රක්ෂිත කලාපයට හානි සිදු වුණා. එම ප්‍රදේශයට ගිනි තැබූ බවට ප්‍රකාශ කරමින් ප්‍රදේශවාසීන් විසින් සැකකරුවන් 16 දෙනෙකු රඳවාගෙන සිටිය දී ඇල්ල පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගැනුණා.  එම සැකකරුවන් වයස අවුරුදු 16 -22 ත් අතර වයසේ පසුවන බදුල්ල හාලි ඇල සහ නමුණුකුල ප්‍රදේශවල පදිංචිකරුවන් රක්ෂිත කලාපයේ අක්කර 15ක් පමණ විනාශ වී ඇති අතර සැකකරුවන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

The post ඇල්ල කඳුවැටියට ගිනි තැබීමක් සිදු කළ බවට සැක කෙරෙන 16 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය තැන්පත් කළ රාජකීය සොහොන් ගැබ  

0 comments

දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය තැන්පත් කළ රාජකීය සොහොන් ගැබෙහි ඡායාරූප බකින්හැම් මාලිගය පළමු වරට මාධ්‍යට අද නිකුත් කළා.

පසුගිය සදුදා වින්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය තැන්පත් කෙරුණා. මෙම සොහොන් ගැබ කලු කිරිගරුඩ වලින් නිර්මාණය කර ඇති අතර පිත්තල අකුරු ඇතුළත් කර තිබෙනවා. දෙවන එළිසබෙත් මහ රැජිණගේ දෙමව්පියන් වන හයවන ජෝර්ජ් රජු සහ එළිසබෙත් රැජිණගේ දේහය ද මෙම සොහොන් ගැබ තුළ තැන්පත් කර තිබෙනවා. එමෙන්ම සිය සැමියා වන පිලිප් කුමරුගේ දේහය ද තැන්පත් කර ඇත්තේ මෙම සොහොන් ගැබ තුළයි. අභාවප්‍රාප්ත රාජකීයයන් 4 දෙනාගේ නම් සහ උපත විපත මෙහි සටහන්කර තිබෙනවා. 1967 වසරේ මෙම රාජකීය සොහොන් ගැබ නිර්මාණය කරනු ලැබූවේ 6 වන ජෝර්ජ් රජුගේ දේහය තැන්පත් කිරීම සඳහායි.

 

 

 

 

 

The post දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය තැන්පත් කළ රාජකීය සොහොන් ගැබ appeared first on ITN News.

Read More »

විරෝධතාකරුවන් 83 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

අරගලකරුවන් පිරිසක් ලිප්ටන් වටරවුම අසලින්  විරෝධතා පාගමනක් ආරම්භ කළා. සමාජවාදී තරුණ සංගමයයි මෙය සංවිධානය කර තිබුනේ. මේ හේතුවෙන් විශේෂ ආරක්ෂාවක් ද එම ප්‍රදේශයේ යොදවා තිබෙනු දක්නට ලැබුණා. විරෝධතා පා ගමන ලිප්ටන් වටරවුමේ සිට කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුණා. කෙසේ වෙතත් ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට විරෝධතාකරුවන් ගමන් කිරීමට උත්සහ කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලිසීය කටයුතු කළා.

මෙහිදි නීතිවිරෝධි අයුරින් හැසිරුණු පුද්ගලයන් 83 දෙනෙකු පොලිසීය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පවතින නීතිමය ප්‍රතිපාදන අනුව මෙය නිතිවිරෝධි පෙළපාලියක් වන බැවින් විරෝධතාකරුවන්ට විසිර යන ලෙසට දැනුම් දුන් බවයි පොලිසිය පවසන්නේ. කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදීම පොලිස් අවවාද නොකතමින් විරෝධතාකරුවන් ක්‍රියා කළ බව පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව මහජනතාවට බාධා ඇති වීම, පෞද්ගලික හා රාජ්‍ය දේපලවලට හානී ඇතිවීමේ අවධානම, අධි ආරක්ෂිත කලාපවලට විරෝධතා කරුවන් ඇතුළු වීමේ අවධානම ආදි කරුණු සලකා බලමින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් 77ක් සහ කාන්තාවන් 04 දෙනෙක් සහ ස්වාමීන්වහන්සේ දෙනමක් සිටිනවා. කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණය යටතේ ඉදිරි විමර්ෂන සිදුකරමින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන බව පොලිසිය පවසනවා.

මේ අතර අත්අඩංගුවට පත් විරෝධතාකරුවන් බැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මරදාන පොලිසිය වෙත පැමිණියා.

The post විරෝධතාකරුවන් 83 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

IMF අරමුදල් සහනය දෙසැම්බරයේදී හෝ ජනවාරි මුලදී – මහ බැංකුව කියයි  

0 comments

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට යෝජිත ඇමෙරිකා ඩොලර් බිලියන 2.9ක අරමුදල් පහසුකම දෙසැම්බර් මාසයේදී හෝ ලබන වසර ආරම්භයේදී ලැබෙනු ඇතැයි මහ බැංකු නියෝජිතයින් පවසනවා.

ණය හිමියන් සමග පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් වූ වැඩපිළිවෙළක් රජය මේ වන විට ක්‍රියාවට නංවා තිබෙනවා. පසුගිය පළමුවනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූ අතර එහිදී එම ණය මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර නිලධාරී මට්ටමේ එකඟතාව පළ වුණා. එම අරමුදල ලබා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මන්ඩලයේද අනුමැතිය අවශ්‍ය වනවා. එම අනුමැතියට පෙර රජයේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුම ඉදිරිපත්කළ යුතු අතර ඊට බාහිර ණය හිමියන් එකඟ විය යුතුයි. ඒ අනුව ජාත්‍යන්තර ණය හිමියන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා. ඊට ශ්‍රී ලංකාව වෙනුවෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් එක්ව තිබෙනවා. එහිදී ජාත්‍යන්තර ණය හිමියන් වෙත ශ්‍රී ලංකා බලධාරීන් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාදිමට යෝජිත ණය මුදල එළඹෙන දෙසැම්බර් මාසයේදී හෝ ලබන වසර මුලදී ලැබෙනු ඇති බවයි. ඒ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණා. ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡාවක් විදෙස් තානාපතිවරුන් සමග පසුගියදා පැවැත්වුණා. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ   සාකච්ඡා මෙම වසර අවසන් වන විට සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. ශ්‍රී ලංකාවට මෙම අර්බුදයෙන් කඩිනමින් මිදීමට හැකි වනු ඇති බවටද විදෙස් තානාපතිවරුන් එහිදී සඳහන් කර තිබෙනවා.

මේ අතර කතානායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අයි එම් එෆ් විධායක කමිටුවේ අනුමැතිය ලැබුණු පසු එම අරමුදල සමඟ ඇති කර ගැනීමට නියමිත එකඟතාව සම්බන්ධයෙන් අවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීමට ජනාධිපතිවරයා  වෙත දැනුම් දුන් බවයි. මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කර නොමැති අතර සියලු තොරතුරු ලැබුණු පසු හැකි ඉක්මනින් අදාළ පාර්ශ්ව දැනුවත් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට දැන් වූ බවයි කතානායකවරයා ප්‍රකාශ කළේ.

 

 

 

The post IMF අරමුදල් සහනය දෙසැම්බරයේදී හෝ ජනවාරි මුලදී – මහ බැංකුව කියයි appeared first on ITN News.

Read More »

එරෝෆ්ලොට් ගුවන් සේවාව ශ්‍රී ලංකාව සමඟ යළි ගුවන් මෙහෙයුම් අරඹයි  

0 comments

පසුගියදා ආන්දෝලනයකට තුඩුදුන් රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවාව ශ්‍රී ලංකාව සමග යළි ගුවන් මෙහෙයුම් ආරම්භ කළා.

රුසියා රජය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන රාජතාන්ත්‍රික මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස ගුවන් මෙහෙයුම් මෙසේ යළි ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව ලබන 9 වනදා සිට මෙම ගුවන් ගමන් සිදුවන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

 

 

 

The post එරෝෆ්ලොට් ගුවන් සේවාව ශ්‍රී ලංකාව සමඟ යළි ගුවන් මෙහෙයුම් අරඹයි appeared first on ITN News.

Read More »

ආනයන සීමා හේතුවෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රය බිඳ වැටෙන තත්වයක  

0 comments

රූපලාවන්‍ය ද්‍රව්‍ය සදහා ආනයන සීමා පනවා තිබීම හේතුවෙන් එම කර්මාන්තය මුළුමනින්ම බිද වැටෙන තත්ත්වයක් මතුව ඇති බව රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නිරත පිරිස් ප්‍රකාශ කරනවා. ඒ අනුව ලක්ෂ හතරක පමණ පිරිසකට රැකියා අහිමි විය හැකි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් ප්‍රකාශ කළේ.

The post ආනයන සීමා හේතුවෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රය බිඳ වැටෙන තත්වයක appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව නැගෙනහිර වෙරළ ඔබ්බෙන් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියා හමුදාව තහවුරු කරනවා.

ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් දකුණු කොරියාවට පැමිණ ඒකාබද්ධ යුද අභ්‍යාසවල නිරතවීම සහ ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස් දකුණු කොරියාවේ සංචාරයක ඉදිරි සතියකදී නිරතවීමට පෙරාතුවයි මෙම බැලැස්ටික් මිසයිලය අත්හදා බලා ඇත්තේ. දකුණු කොරියා මාධ්‍ය සඳහන් කළේ උතුරු කොරියාව සබ්මැරීනයකින් මෙම බැලැස්ටික් මිසයිලය අත්හදා බලා ඇති බවයි.

 

 

 

 

The post උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකා රාජ්‍ය ලේකම් සහ චීන විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්  

0 comments

තායිවානය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය අනුගමනය කරමින් සිටින ප්‍රතිපත්තිය නිසා බරපතල විපාක ඇතිවීමේ හැකියාවක් පවතින බව චීනය ප්‍රකාශ කරනවා.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කෙන් සහ චීන විදේශ කටයුතු අමාත්‍ය වැන් ජි අතර පැවති සාකච්ඡාවකදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ. නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම අතරවාරයේදි හමුව සිදු වුණා. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉතා වැරදි ප්‍රතිපත්ති අනුගමනය කළ බවයි චීන විදේශ ඇමතිවරයා කියා සිටියේ. තායිවානය ඔස්සේ සිය අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීම අනුමත නොකරන බවද චීන විදේශ කටයුතු ඇමතිවරයා පැවසුවා. දෙපාර්ශ්වය අතර මිනිත්තු 90 ක පමණ කාලයක් සාකච්ඡා පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

 

The post ඇමෙරිකා රාජ්‍ය ලේකම් සහ චීන විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් appeared first on ITN News.

Read More »

මෙරට ඉපැරණි පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක්  

0 comments

මෙරට ඉපැරණි පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් කැළිනිය විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක කරනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල විද්‍යා අධ්‍යයන අංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර විහාරස්ථාන හා නිවාසවල තිබූ පුස්කොළ පොත් රැසක් මෙම මධ්‍යස්ථානයට ලැබී තිබෙනවා. ඉපැරණි වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර, ජ්‍යෝතිශය, වාස්තු විද්‍යාව, බුදු දහම, ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ පුස්කොළ පොත් මෙහි පවතිනවා.

පර්යේෂණ සිදුකරන අයට මෙන්ම පුස්කොළ පොත් පරිශීලනය කිරීමෙන් පැරණි දැනුම උපයෝගී කරගනිමින් නව නිෂ්පාදන හා නිර්මාණ සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටින අයටද මෙය මහගු අත්වැලක් වනවා.

දිවයිනෙන් රැගෙන ගොස් මේ වන විට විදේශයන්හි ඇති මෙවැනි පොත් පත් පිළිබද ප්‍රදර්ශනයක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා ගත් තීරණය ද මෙහිදී වැදගත් වන බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ලැගුම්දෙණියේ පියරතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ.

 

 

The post මෙරට ඉපැරණි පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් appeared first on ITN News.

Read More »

ගජමුතු අටක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ගජමුතු අටක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී කළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. විවිධ බර ප්‍රමාණයන්ගෙන් යුත් ගජමුතු 8ක් මෙසේ සොයා ගැනුණා. අත්අඩංගුවට ගත් සැකකරු ඌරගස්මංහන්දිය ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු 43ක පුද්ගලයෙක්. කොළඹ ප්‍රදේශයේ විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරීන් හා කුලීගොඩ කදවුරේ යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් පිරිසක් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

 

 

The post ගජමුතු අටක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීමට නේපාලය තීරණය කරයි  

0 comments

සීත සෘතුවේදී ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීමට නේපාලය තීරණය කර තිබෙනවා.

ඉහළ යන විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා මෙසේ මාස 6ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමටයි තීරණය කර ඇත්තේ. නේපාලයේ රාජ්‍ය විදුලි උපයෝගීතා ආයතනය සඳහන් කරන්නේ මෙගාවොට් 350ක් මෙසේ මිලදී ගන්නා බවයි. දෙසැම්බර් පළමුවනදා සිට ලබන වසරේ මැයි මස 31 වනදා දක්වා ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීමටයි සැලසුම් කර තිබෙන්නේ.

 

 

 

 

 

The post ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීමට නේපාලය තීරණය කරයි appeared first on ITN News.

Read More »

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට ලිපියක්  

0 comments

ආගමික සිද්ධස්ථානවල විදුලිය අරපිරිමැස්ම වෙනුවෙන් ගෞරවනීය මහා සංඝරත්නය සිදු කරන අනුශාසනාමය දායකත්වය හා එමඟින් සමාජයට ලබාදෙන පූර්වාදර්ශය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කර සිටී.

විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික ස්ථාන මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ මහානායක හිමිවරු වෙත අද (23) විශේෂ ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
පසුගිය වසර කිහිපය තුළ රටේ ක්‍රමිකව වර්ධනය වූ ආර්ථික අර්බුදයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස විදුලි අර්බුදය ද පැන නැගී ඇති බවත්, ඒ සියලු තත්ත්වයන් රටේ මහජනතාවගේ සහ සමස්ත ආගමික ප්‍රජාවගේ යහපත උදෙසා ක්‍රමිකව විසඳීම තමා ප්‍රමුඛ රජයේ වගකීම ලෙස දකින බවත් ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

2022 වසර වන විට රටේ බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ලියාපදිංචි ආගමික හා සමාජ සේවා ස්ථාන 42,950ක් රටේ ප්‍රධාන විදුලි බල ජාලය හා සම්බන්ධය. 2021 වර්ෂයේ දී ඒ වෙනුවෙන් විදුලි ඒකක මිලියන 91ක් (91 Gwh) ලබා දී ඇත. පැවති විදුලි අය ක්‍රමය යටතේ රුපියල් 7.17ක් සාමාන්‍ය ඒකකයක් සඳහා විදුලි බල මණ්ඩලය අය කරගෙන ඇති අතර, තවත් රුපියල් 11.46ක් බැගින් සෑම ආගමික විදුලි පරිභෝජන ඒකකයක් වෙනුවෙන්ම විදුලි බල මණ්ඩලය විසින් වැය කරනු ලැබ ඇත.

අද වන විටත් බෞද්ධ සිද්ධස්ථාන සහ අනෙකුත් ලියාපදිංචි ආගමික හා සමාජ සේවා ස්ථාන 15,527ක් විදුලි ඒකක 30ට අඩුවෙන් භාවිතා කරයි. තවත් 9,441ක් විදුලි ඒකක 31-90 අතර ප්‍රමාණයකුත්, ස්ථාන 3,274ක් විදුලි ඒකක 91-120 විදුලි පරිභෝජනයක් සහ ආගමික ස්ථාන 4,972ක් විදුලි ඒකක 121-180 අතර ප්‍රමාණයක් පරිභෝජනය කරයි.

බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ලියාපදිංචි ආගමික හා සමාජ සේවා ස්ථාන 33,214ක් පවතින නව විදුලි අය ක්‍රමය යටතේ වුවද මාසික විදුලි බිල සඳහා දරන වැඩිම මුදල වන්නේ රුපියල් 4,000කට අඩු මුදලකි. ඊට වැඩි මුදලක් දැරීමට සිදු වන්නේ ඒකක 180ට වඩා පරිභෝජනය කරන ස්ථාන 9,800කට ආසන්න ප්‍රමාණයකට පමණි.

ඒ අනුව ඒකක 180ට වඩා අඩුවෙන් විදුලි පරිභෝජනය කරන හා ඒකක 180ට වඩා වැඩියෙන් විදුලි පරිභෝජනය කරන විහාරස්ථාන හෝ අනෙකුත් ආගමික ස්ථාන ලෙස වර්ග දෙකක් හඳුනා ගත හැකිය. නව විදුලි බිල සංශෝධනයත් සමග ඒකක 180ට වැඩි අධි විදුලි පරිභෝජනයක් සහිත ස්ථාන වෙත බලපෑමක් එල්ලවන බව සැබෑවකි.

අධි විදුලි පරිභෝජනයක් සහිත වෙහෙර විහාරස්ථාන හා අනෙකුත් ආගමික ස්ථාන හඳුනාගෙන, එම ස්ථාන වෙත විදුලි ඉල්ලුම් කළමනාකරණය සහ විදුලි සංරක්ෂණය සඳහා වන නිසි අධ්‍යයනයක් සහ අඛණ්ඩ සේවාවක් රාජ්‍ය යාන්ත්‍රණයේ මැදිහත්වීමෙන් ලබා දීමටත්, එම ආගමික ස්ථාන රැක බලා ගනිමින් ආගමික, සමාජීය මෙහෙවර වෙනුවෙන් කැපවී සිටින ගිහි පිරිස් අතුරින් බලශක්ති කළමනාකරුවන් පත් කොට ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමටත් එම කාර්යයන් මාසිකව සමීක්ෂණය කිරීමටත් අවශ්‍ය වැඩපිළිවෙළක් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව ඒකාබද්ධ කොට සකස් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ඉතාමත් අධික මට්ටමේ විදුලි බිලක් ගෙවීමට සිදුවන ආගමික සිද්ධස්ථාන වෙත සූර්ය පැනල යෙදීම අතිශය ප්‍රායෝගික වන අතර, එසේ නොකොට වෙනත් විකල්ප වැඩපිළිවෙළක් මගින් සිදු වන්නේ කෙටිකාලීන පහසුවක් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

එසේම සූර්ය පැනල නිෂ්පාදන මිලට යටත්ව ලබාදීමට හෝ යම් ආගමික සිද්ධස්ථානයක් සූර්ය පැනල ආනයනය කිරීමට කටයුතු කරන්නේ නම් ඒ වෙනුවෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට හා මහා නායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා පෙරදැරිව ප්‍රමුඛ හා අත්‍යවශ්‍යතා පදනම මත හඳුනාගත් ආගමික ස්ථාන වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමෙන් විශේෂ ක්‍රමවේදයක් මගින් සූර්ය පැනල සවි කිරීම සඳහා කටයුතු කිරීමටත්, ඒ සියලු උත්සාහයන් මගින් කිසිදු ආගමික සංස්ථාවක දෛනික, මාසික හෝ වාර්ෂික ආගමික කාර්යයන් සඳහා බලපෑමක් නොවන අයුරින් ආගමික, සමාජීය මෙහෙවර අඛණ්ඩව සිදු කිරීමටත් අවශ්‍ය පසුබිම සකස් කරන බව ජනාධිපතිතුමා මහානායක හිමිවරු වෙත යොමු කළ ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී සිටී.

The post විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට ලිපියක් appeared first on ITN News.

Read More »

වන අලි තර්ජනවලින් පීඩාවට පත් මයිලන්කුලම ප්‍රදේශවාසීන්  

0 comments

වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශයේ ජනතාව නිරන්තරව සිදු වන වනඅලි තර්ජනවලින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා.

මයිලන්කුලම ප්‍රදේශයේ  බහුතරයකගේ ජීවනෝපාය කෘෂිකර්මාන්තයයි. තවත් පිරිසක් සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයේ නිරතව සිටිනවා. මේ දෙපිරිසම ජීවත්වීම සඳහා යෙදී සිටින්නේ සුළුපටු අරගලයක නොවේ. එම තත්ත්වය වඩාත් උග්‍රවී ඇත්තේ වනඅලි ප්‍රහාර හේතුවෙනුයි තබ්බෝව අභයභූමියේ සිට සවස් කාලයේ මයිලන්කුලමට වනඅලින් පැමිණෙන්නේ එම ගම්මානය තමන්ට අයිති වූවක් සේ සළකමිනුයි. පවුල් දහසක් පමණ මෙහි ජීවත් වනවා. සුඛෝපභෝගී නිවාස අඩක් ඉදිකළ නිවාසමෙන්ම කඩුමැටි ගසා පොල්අතු සෙවිලි කළ නිවාස ද මෙහි දක්නට ලැබෙනවා. කුඩා පැල්පත් අසලට පැමිණෙන අලින් කටු මැටි බිත්ති බිමට සමතලා කරන වාර අනන්තයි. දිවා රෑ නොබලා අපමන මෙහෙසක් දරා ගෙටගත් අස්වැන්න අලින්ගෙන් බේරාගැනීමට මෙම ගම්වැසියන්ට අපමණ දුකක් විදීමට සිදුව තිබෙනවා. තබ්බෝව අභයභූමියේ සිට මයිලන්කුලම අම්බලම ,ප්‍රදීපාගම , තේවනුවර පාවට්ටා මඩුව ආදී ගම්මාන වෙත ඇදෙන අලි රංචුව අලින් 50 කට අධික සංඛ්‍යාවකින් සමන්විත බවයි ගොවින් පවසන්නේ. මේ වන විට පොල්ගස් 750 ක් පමණ අලින්ට බිලි වී තිබෙනවා.රජය මගින් ඉදිකර ඇති විදුලිවැට අක්‍රියව පවතින අතර එය යථාතත්ත්වයට පත් කර දෙන ලෙසයි මෙම වැසියන් ඉල්ලා සිටින්නේ.

 

The post වන අලි තර්ජනවලින් පීඩාවට පත් මයිලන්කුලම ප්‍රදේශවාසීන් appeared first on ITN News.

Read More »

යුක්‍රේනයට එරෙහි යුද්ධය අතිශයින් සාධාරණ ක්‍රියාවක් – රුසියා විදේශ ඇමති  

0 comments

යුක්‍රේනයට එරෙහි යුද්ධය අතිශයින් සාධාරණ ක්‍රියාවක් බව රුසියා විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොෆ් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

රුසියාවේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් වන ආකාරයෙන් යුක්‍රේනය කටයුතු කරමින් සිටීම නිසා පසුගිය පෙබරවාරි මස 4 වනදා ආක්‍රමණය කිරීමට සිදුවූ බවයි සර්ජි ලැව්රොෆ් ප්‍රකාශ කර සිටියේ එසේම යුක්‍රේනයේ ජීවත්වන රුසියා භාෂාව කතාකරන ජනතාවගේ අයිතිවාසිකම් යුක්‍රේන ආණ්ඩුව මගින් දැඩි ලෙස උල්ලංඝනය කෙරෙමින් පැවති බවද රුසියා විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීමට එක්වූ ලෝක නායකයක් බහුතරය කියා සිටියේ යුක්‍රේනයේ ක්‍රියාත්මක යුද්ධය සමග සිදුවන මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් රුසියාව වග විය යුතු බවයි.

 

 

 

The post යුක්‍රේනයට එරෙහි යුද්ධය අතිශයින් සාධාරණ ක්‍රියාවක් – රුසියා විදේශ ඇමති appeared first on ITN News.

Read More »

නන්දිකඩාල්,  නයාරු,  සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පත් කිරීමට තීරණය කෙරේ  

0 comments

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්බලතිව් කලපුව ඇතුළු ප්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි  කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

සාම්බලතිව් නයාරු සහ නන්දිකඩාල් කලපු වන සංරක්ෂණ කලාප ලෙස නම් කිරීමටත්, දැනට විවිධ අපද්‍රව්‍ය පිරී ඇති එම කලපු පිරිසිදු කිරීම සඳහාත් කටයුතු කළයුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (22) වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාත්, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාත් සහභාගී වූ අතර වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත්, ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක යන මහත්මීහු සහභාගී වී සිටියහ.

ජෛව විවිධත්වයෙන් අනූන සාම්බලතිව් කලපුව වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බැවින් එම කටයුතු කඩිනම් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.

එමෙන්ම නයාරු සහ නන්දිකඩාල් කලපු විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා අපවිත්‍ර වීමත්, විවිධ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා කලපු ගොඩවීම මඟින් කඩොලාන සහ කලපු ආශ්‍රිත ජීවින් රැසක් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති බවත් මෙහිදී අවධාරණය විය. එමෙන්ම ඇතැම් පුද්ගලයින් කලපු ගොඩ කර අත්පත් කර ගැනීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

එම නිසා එම කලපු දෙක ආරක්ෂා කර ගැනීමට කරුණු අධ්‍යයනය සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කළේය. එම කමිටුව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත්, ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කටයුතු කරන අතර,  වනජීවී දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA)  නියෝජිතයින් ද මෙම කමිටුවට අයත් වේ. සති 02 ක් තුළ මේ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා ලංකාවේ තිබෙන කලපුවලින් වැඩි ප්‍රමාණයක් අනවසර ගොඩකිරීම්වලට ලක්ව ඇත්තේ නැගෙනහිර පළාතේ බව ප්‍රකාශ කළේය. තමන් පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දීත් මේ සම්බන්ධව විවිධ පියවර ගත්තත්, ඇතැම් පිරිස් වෙනත් පාර්ශවවල සහයෝගය ඇතිව කලපු ගොඩ කිරීම සිදුකරන බව සඳහන් කළේය. එම නිසා මෙම කලපු වන සංරක්ෂණ කලාප ලෙස නම් කිරීම මඟින් මේවා ආරක්ෂා කර ගැනීම සඳහා පවතින නෛතික තත්ත්වයන් ද ශක්තිමත් වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

The post නන්දිකඩාල්,  නයාරු,  සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පත් කිරීමට තීරණය කෙරේ appeared first on ITN News.

Read More »

ටෙස්ලා සමාගම ඇමෙරිකාවට යැවූ මෝටර් රථ මිලියන1.1 ක් ආපසු කැඳවයි  

0 comments

ලෝ සුප්‍රකට මෝටර් රථ සමාගමක් වන ටෙස්ලා සමාගම ඇමෙරිකා එක්සත් ජනපදයේ මෝටර් රථ මිලියන එකයි දශම එකක් පමණ ආපසු කැදවීමට තීරණය කර තිබෙනවා.

ඇමෙරිකා නියාමන ආයතන ඉදිරිපත් කළ දෝෂ කිහිපයක් අනාවරණය වීමෙන් පසුවයි ටෙස්ලා සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ. විශේෂයෙන් ආරක්ෂක තත්ත්වයන් ප්‍රමාණවත් නොවන බවට ටෙස්ලා සමාගමට එරෙහිව චෝදනා එල්ලවුණා. මෘදුකාංග පද්ධතියේද ගැටලු ඇති බවයි සමාගම සදහන් කර ඇත්තේ. ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදන සමාගම වන්නේ ටෙස්ලා සමාගමයි.

 

 

 

The post ටෙස්ලා සමාගම ඇමෙරිකාවට යැවූ මෝටර් රථ මිලියන1.1 ක් ආපසු කැඳවයි appeared first on ITN News.

Read More »

අලි සබ්රි බයිඩන් හමුවෙයි  

0 comments

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා හමු වී තිබෙනවා. නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 77 වන සැසිවාරය අතරතුරයි මෙම හමුව සිදුව තිබෙන්නේ.

මෙම සැසිවාරය නිමිත්තෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලැබූ පිලිගැනීමේ උත්සවයේදී අදාළ හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post අලි සබ්රි බයිඩන් හමුවෙයි appeared first on ITN News.

Read More »

ජපන් අගමැති සහ දකුණු කොරියා ජනපති අතර පළමු වරට මුහුණ මුහුණ සාකච්ජාවක්  

0 comments

ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ දකුණු කොරියා ජනාධිපති යූන් සූක් ඉයෝල් අතර පළමු වරට මුහුණ මුහුණ ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වුණා.

එක්සත් ජාතීණ්ගේ මහා මණ්ඩල රැස්වීමට සමාගාමී ලෙසයි මෙම හමුව පැවැත්වුණේ. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව දෙරටේ රාජ්‍ය නායකයන් අවධාරණය කළා. පසුගිය දශක කිහිපය තුළ දී දෙරට අතර විවිධ ආකාරයේ මත ගැටුම් පැවති අතර අවසන් වරට එවැනි මතභේදයක් ඇති වූයේ 2018 වසරේ දී යි.

කොරියාව ජපන් කොලනියක් බවට දෙවන ලෝක යුද සමයේ දී පත් වීම ද දෙරට අතර මතභේද පැවතීමට හේතුවක් වී තිබුණා.  දෙරටේ රාජ්‍ය නායකයන් අතර එක්සත් ජාතීණ්ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමී ලෙස පැවති හමුව විනාඩි 30කට ආසන්න කාලයක් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post ජපන් අගමැති සහ දකුණු කොරියා ජනපති අතර පළමු වරට මුහුණ මුහුණ සාකච්ජාවක් appeared first on ITN News.

Read More »

මහවැලි ජානපදිකයන්ගේ නිවාසවලටම ගොස් ඔප්පු පිරිනැමීමේ වැඩසටහනක්  

0 comments

මහවැලි ජානපදිකයන්ගේ නිවාසවලටම ගොස් ඔප්පු පිරිනැමීමේ වැඩසටහනක් හෙට ආරම්භ වනවා. ඒ මහවැලි උරුමය නිවසටම යන තේමාවෙන්.

අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ  යෝජනාවකට අනුවයි මහවැලි උරුමය නිවසටම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. මේ යටතේ මහවැලි කලාප දහයේ පවුල් එක් ලක්ෂ පනස් දහසකට ඔවුන්ගේ ඔප්පු නිවසටම ගෙනවිත් ලැබෙනු ඇති.

මේ සම්බන්ධයෙන් මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ ඔප්පු හරහා නිල අයිතිය ලැබීමත් සමග ඔවුන්ට නිවාස ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථාව ද හිමිවන බවයි.

 

 

The post මහවැලි ජානපදිකයන්ගේ නිවාසවලටම ගොස් ඔප්පු පිරිනැමීමේ වැඩසටහනක් appeared first on ITN News.

Read More »

රුසියාවට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව දඬුවම් පැමිණවීම සිදු කළ යුතුයි – යුක්රේන ජනපති  

0 comments

යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව දඩුවම් පැමිණවීම සිදු කළ යුතු බව යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි පවසනවා.

නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම අමතමිනුයි ඔහු මේ බව සදහන් කළේ. වීඩියෝ තාක්ෂනය ඔස්සේ යුක්රේන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සිදු කළා. රුසියා හමුදා සිදු කළ අපරාධ සම්බන්ධයෙන් විශේෂ යුද අධිකරණයක් පිහිටුවා දඩුවම් කිරීම සිදුකළ යුතු බවයි ඔහු කියා සිටියේ.

මෙම යුද්ධය සහමුලින්ම නීති විරෝධී බව පෙන්වා දුන් සෙලෙන්ස්කි සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් ඉන් පීඩාවට පත් වූ බව සදහන් කලා.

 

 

 

The post රුසියාවට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව දඬුවම් පැමිණවීම සිදු කළ යුතුයි – යුක්රේන ජනපති appeared first on ITN News.

Read More »

ධර්මාචාර්ය විභාගයේ නැවත සමීක්ෂණය සඳහා වූ අයදුම්පත් දැමිය හැක්කේ මාර්ගගත ක්‍රමයට පමණයි  

0 comments

බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ උත්තරපත්‍ර නැවත සමීක්ෂණය සදහා වූ අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැදවන බව විභාග කොමසාරිස් ජෙනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පවසනවා.  අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය වන්නේ ඔක්තෝබර් 31 වනදායි.

 

The post ධර්මාචාර්ය විභාගයේ නැවත සමීක්ෂණය සඳහා වූ අයදුම්පත් දැමිය හැක්කේ මාර්ගගත ක්‍රමයට පමණයි appeared first on ITN News.

Read More »

අතුරුදන් වූ පේරාදෙණිය සිසුවාගේ සිරුර මහවැලි ගං ඉවුරේ තිබී හමුවෙයි  

0 comments

පසුගිය සතියේ අතුරුදන් වූ බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවාගේ සිරුර අද පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

24 හැවිරිදි තරුණයාගේ සිරුර මහනුවර මහවැලි ගං ඉවුරේ තිබී හමුවී වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගිය සිසුවා යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ 4 වසරේ ඉගෙනුම ලබන අයෙකි.

පසුගිය ඉරිදා (18) අතුරුදන් වූ බව කියන සිසුවා සොයා පේරාදෙණිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කළා.

සැප්තැම්බර් 16 වැනි දින මෙම සිසුවා විසින් ලියන ලද ලිපියක් ඔහුගේ නේවාසිකාගාරයේ තිබී හමුවීමෙන් පසු විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

ඔහුගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

 

The post අතුරුදන් වූ පේරාදෙණිය සිසුවාගේ සිරුර මහවැලි ගං ඉවුරේ තිබී හමුවෙයි appeared first on ITN News.

Read More »

ලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නොමැතිව වසා දැමේ  

0 comments

ලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නොමැතිව වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

ගනුදෙනුකරුවන් විසින් සිය මුදල් ආපසු ලබා ගැනීමට බිහිසුනු ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලෙබනනයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයත් සමග බැංකුවලින් මුදල් ලබා ගැනීමට ජනතාව කටයුතු කළා.

එරට ජනතාවගෙන් සියයට අසූවකට පමණ මේ වන විට ආහාර සහ වෛද්‍ය පහසුකම් නොමැති තත්ත්වයක් පවතිනවා.

 

 

 

The post ලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නොමැතිව වසා දැමේ appeared first on ITN News.

Read More »

චීනයේ දරිද්‍රතාව අඩුකිරීමේ අත්දැකීම් අධ්‍යයනය කිරීම වැදගත් බව එක්සත් ජාතීන්ගේ ස්ථාවර නියෝජ්‍ය මහ ලේකම්වරියක් පවසයි  

0 comments

චීනයේ දරිද්‍රතාව අඩුකිරීමේ අත්දැකීම් අධ්‍යයනය කිරීම වැදගත් බව එක්සත් ජාතීන්ගේ ස්ථාවර නියෝජ්‍ය මහ ලේකම් Amina Mohamed මහත්මිය
පවසයි.

ඇය එසේ පැවසුවේ පසුගියදා(19) නිව්යෝර්ක් හිදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සම්මේලනය පැවති අතරතුර චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදියෙකු සමග අදහස් දක්වමිනි. එක්සත් ජාතීන්ගේ සහස්‍ර සංවර්ධන සැලැස්මේ දරිද්‍රතාව අඩුකිරීමේ ඉලක්කය ඉටු කිරීම සඳහා චීනය දැරූ ප්‍රයත්න ඉතා වැදගත් බව ද ඇය කීවාය. ලොව පුරා චීනයේ අත්දැකීම් බෙදා ගැනීමෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය නියැළී සිටියි. අධ්‍යාපනය හා පෝෂ්‍යදායී ආහාර සැපයීම චීන‍ ජයග්‍රහණයේ අත්දැකීම් බව ඇය පෙන්වා දුන්නාය.

The post චීනයේ දරිද්‍රතාව අඩුකිරීමේ අත්දැකීම් අධ්‍යයනය කිරීම වැදගත් බව එක්සත් ජාතීන්ගේ ස්ථාවර නියෝජ්‍ය මහ ලේකම්වරියක් පවසයි appeared first on ITN News.

Read More »

මියන්මාරයේ ප්‍රහාරයකින් කුඩා දරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට – යුනිසෙෆ්  

0 comments

මියන්මාරයේ පාසලක් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු ප්‍රහාරයකින් කුඩා දරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය නිවේදනය කරනවා.

කැරළිකරුවන්ගේ ක්‍රියාකාරකම් බහුල ප්‍රදේශයක විහාරස්ථානයක පවත්වාගෙන ගිය පාසලකටයි මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ.

ප්‍රහාරයෙන් පසු ළමුන් 15 දෙනෙකු අතුරුදන්ව ඇති අතර වැඩිහිටියන් 6 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මියගිය සියලු දරුවන් වෙඩි ප්‍රහාරයන්ට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. හෙලිකොප්ටර් යානයක සිට එම පාසලට වෙඩි තැබීම් සිදුකර තිබෙනවා.

කැරළිකරුවන් එම පාසල තුළ සැගවී සිටින බවට ලද තොරතුරක් මත එම ප්‍රහාර එල්ල කළ බවයි මියන්මාර හමුදා පාලනය නිවේදනය කරන්නේ.

මියන්මාරයේ පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු මේ දක්වා හමුදා පාලනය යටතේ පුද්ගලයින් 1,500 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

The post මියන්මාරයේ ප්‍රහාරයකින් කුඩා දරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට – යුනිසෙෆ් appeared first on ITN News.

Read More »

ත්‍රිපෝෂ ගැන පතුරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යයයි – ඇමති කෙහෙළිය  

0 comments

බෙදාදී ඇති ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් නැමැති විෂ රසායනය ඇති බවට අසත්‍ය ප්‍රචාර සිදු කළ සෞඛ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලා නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම විවිධ අදහස් පළ කළා.

 

The post ත්‍රිපෝෂ ගැන පතුරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යයයි – ඇමති කෙහෙළිය appeared first on ITN News.

Read More »

මෝටර් රථයක් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රි‍යක ගැටෙයි  

0 comments

අඹුසැමි යුවලක් ගමන්ගත් මෝටර් රථයක් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රි‍යක ගැටී තිබෙනවා. මෙම අනතුරින් එම කාන්තාව බරපතල තුවාල ලැබුවා.

නුගේගොඩ දෙල්කද පැඟිරිවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදීයී මෝටර් රථය දුම්රියෙහි ගැටී තිබුණේ.

අවිස්සාවේල්ලේ සිට කොළඹ බලා ගමන් ගත් දුම්රියෙහි අදාළ මෝටර් රථය ගැටී තිබුණේ පැගිරිවත්ත දුම්රිය  හරස් මාර්ගය අසලදීයී.

ඉන් බරපතල තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම ස්ථානයෙහි ආරක්ෂිත ගේට්ටුවක් නොමැති අතර විදුලි ආලෝක පද්ධතියක් පැවතිය ද එය ප්‍රමාණවත් නැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

අනතුරෙන් මෝටර් රථයට සහ එම ස්ථානයේ නවතා තිබූ යතුරුපැදියකට මෙන්ම දුම්රිය රැහැන් පද්ධතියට ද හානි සිදු වී තිබුණා.

 

The post මෝටර් රථයක් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රි‍යක ගැටෙයි appeared first on ITN News.

Read More »

“ලංකා මිනරල් සෑන්ඩ්” ආයතනය ඛණිජවැලි අපනයනය යළි ආරම්භ කරයි  

0 comments

ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනය ඛණිජවැලි අපනයනය යළි ආරම්භ කර තිබෙනවා. දශක තුනකට පමණ පසුවයි ත්‍රිකුණාමල වරාය සිය අපනයන මෙහෙයුම් ආරම්භ කළේ.

මීට වසර 30 කට පමණ පෙර පුල්මුඩේ මුහුදේ දී ත්‍රස්තවාදීන් ඛනිජ වැලි අපනයනය සදහා පැමිණි විදේශ නෞකාවකට පහරදීමෙන් පසු මහා පරිමාණයෙන් නෞකා මගින් ඛනිජ වැලි අපනයනය කිරීම ඇණහිට තිබුණා. ඉන් අනතුරුව ත්‍රිකුණාමල වරායේ කටයුතු ආනයන කටයුතුවලට පමණක් සීමා වී තිබුණා.

ඊයේ දහවල් පුල්මුඩේ මිනරල් සෑන්ඩ් ලිමිටඩ් සමාගමට අයත් ඛනිජ වැලි තොගයක් චීනයට අපනයනය කිරීමෙන් පසුව යළි ත්‍රිකුණාමල වරායේ අපනයන කටයුතු ආරම්භ කෙරුණා.

මීට පෙර හැත්තෑව දශකයේ අවසාන භාගයේ තේ අපනයනය සිදු කෙරුණේද ත්‍රිකුණාමල වරායෙනි.

රට තුළ පවතින ඩොලර් හිඟයට පිළියමක් ලෙස හා ත්‍රිකුණාමල වරායේ මෙහෙයුම් කටයුතු ඉහළ දැමීමේ අරමුණින් යළි අපනයන කටයුතු ආරම්භ කළ බවයි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පවසන්නේ.

The post “ලංකා මිනරල් සෑන්ඩ්” ආයතනය ඛණිජවැලි අපනයනය යළි ආරම්භ කරයි appeared first on ITN News.

Read More »

ජනපති යළි දිවයිනට පැමිණෙයි  

0 comments

දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සදහා එංගලන්තය බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද යළි දිවයිනට පැමිණියා.

අද උදෑසන කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබෙනවා.

මෙය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එක්වූ පළමු විදේශ සංචාරයයි.

ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේ එක්සත් රාජධානිය බලා පිටත්ව ගියේ සඳුදා පැවති දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමටයි.

සිය සංචාරය අතරතුරදී බකිංහැම් මාලිගයේ පැවති උත්සවයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වන චාල්ස් රජු සමඟ සුහද කතාබහක නිරත වුණා.

ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ද හමුවුණා. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීමට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයින් සහ වෘත්තිකයන් රැසක් සහභාගී වී සිටියා.

 

The post ජනපති යළි දිවයිනට පැමිණෙයි appeared first on ITN News.

Read More »

මහේෂ් තීක්ෂණට ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් උසස්වීමක්  

0 comments

යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් අද (20) දින පෙරවරුවේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයට ආරාධනා කර ඔවුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මූල්‍යමය දිරි දීමනා සහ සුබපැතුම් පිරිනැමුණා.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් රටටත්, යුද්ධ හමුදාවටත් කීර්තියක් අත්කර දුන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැසසුමට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන් එකිනෙකා සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තා මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂතුමන් ද එක්වුණා.

මෙම අවස්ථාව සඳහා ආසියානු කුසලාන ශූරතාව – 2022 ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වන යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩක සැරයන් එම්.එම්. තීක්‍ෂණ, ආසියානු දැල්පන්දු ශූරතාව – 2022 ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ කෝප්‍රල් ටී.ටී. අල්ගම, කෝප්‍රල් කේ.බී.වයි. ද සිල්වා හා කෝප්‍රල් එම්.ඒ.අයි.ජේ. පෙරේරා සහ ආසියානු කායවර්ධන ශූරතාවලිය – 2022 හි ලෝකඩ පදක්කම දිනාගත් කායවර්ධන ක්‍රීඩක කෝප්‍රල් ආර්.ඒ.ඩී.පී. රාජපක්‍ෂ ද සහභාගී වී සිටියා.

එම අවස්ථාවේදී, යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ජයග්‍රහණයන් ඇගයීමට ලක්කරමින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස්වීම් ලබාදෙන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් අදාළ නිලධාරීන් වෙත උපදෙස් දුන්නා.

ඒ අනුව, සාමාන්‍ය සෙබළ එම්.එම්. තීක්‍ෂණ සැරයන් නිලයටත්, සාමාන්‍ය සෙබළ ටී.ටී අල්ගම කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබළ කේ.බී.වයි. ද සිල්වා කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළ එම්.ඒ.අයි.ජේ. පෙරේරා කෝප්‍රල් නිලයටත් වශයෙන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත උසස්වීම් ලබාදුන්නා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණ තවදුරටත් ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සැරයන් එම්.එම්. තීක්‍ෂණ, දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවන් සහ කායවර්ධන ක්‍රීඩක ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.ඩී.පී. රාජපක්‍ෂ වෙත මූල්‍ය දිරිගැන්වීම් ප්‍රදානය කළ අතර ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සුබපැතුම් ද පිරිනැමුවා.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති – මුලතිව් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ යූඑස්පී එන්ඩීයූ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී යූඑස්පී සහ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ද එක්ව සිටියා.

The post මහේෂ් තීක්ෂණට ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් උසස්වීමක් appeared first on ITN News.

Read More »

ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් හාරලක්ෂ තිස්දහස ඉක්මවයි  

0 comments

ලොව පුරා රටවල් 228 කින් ඊයේ දිනයේ දී හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ තිස්දහස ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1056ක්.

ඊයේ දිනයේ දී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ජර්මනියෙන්. එම සංඛ්‍යාව 57,000 කට ආසන්නයි.

එමෙන්ම ප්‍රංශයෙන් 51,000 ක් දකුණු කොරියාවෙන් 47,000 ක් හා රුසියාවෙන් 46,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ගතවූ පැය 24 ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 238 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.

ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටපන්ලක්ෂ තිස්තුන්දහස ඉක්මවා ගියා.

එමෙන්ම ලොව සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව හැටඑක් කෝටි අසූලක්ෂයකට අධික බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

 

 

The post ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් හාරලක්ෂ තිස්දහස ඉක්මවයි appeared first on ITN News.

Read More »

ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද  

0 comments

ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වනවා.

රටේ ප්‍රශ්න විසදීම සදහා ජාතික සභාවක් පිහිටුවීම පිළිබද යෝජනාව අද ආණ්ඩු පක්ෂය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත කිරීමට නියමිතයි. ඒ අනුව ඊට අදාළ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇති. ජාතික සභාවේ සභාපතිත්වය කතානයවරයාට හිමිවන අතර අග්‍රාමාත්‍යවරයා සභානායකවරයා විපක්ෂ නායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ දේශපාලන පක්ෂවල නායකයින් විසින් තීරණය කරනු ලබන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 35කට නොවැඩි සංඛ්‍යාවකින් මෙම ජාතික සභාව සමන්විත වනු ඇති.

මේ අතර අද සිට පාසල් සිසුන් ඇතුළු පාර්ශ්වයන්ට පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදාවන බව වේත්‍රධාරී නරේන්ද ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව පාසල් බලධාරීන් සිය අයැදුම්පත් වේත්‍රධාරී වෙත ලිපියකින් හෝ ෆැක්ස් මගින් හෝ ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් පාර්ලිමන්ට් ඩොට් එල් කේ වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ යොමුකළ හැකියි.

 

 

The post ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද appeared first on ITN News.

Read More »

ඉම්රාන් ඛාන්ට එල්ල වූ ත්‍රස්තවාදී චෝදනා ඉවත් කිරීමට පකිස්ථාන් මහාධිකරණයෙන් නියෝග  

0 comments

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදී චෝදනා ඉවත් කරන ලෙස එරට මහාධිකරණය නියෝග කර තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගියදා පාකිස්තානයේ කාන්තා විනිසුරුවරියකට හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි ඔහුට ත්‍රස්තවාදී චෝදනා එල්ලවූයේ. ඉස්ලාමාබාද් නුවර පැවති රැළියක දී ඉම්රාන් ඛාන් ඔහුගේ ප්‍රධානතම සහායකයෙකු වන ශබාෂ් ගිල් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමිනුයි එම ප්‍රකාශය සිදුකළේ. පාකිස්තාන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදී චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කිරීමේ හැකියාවක් පවතිනවා. කෙසේ වුවද හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එල්ල කර ඇති ත්‍රස්තවාදී චෝදනා ඉවත් කරන ලෙස ඊයේ එරට මහාධිකරණය නියෝග කළා.

 

 

 

The post ඉම්රාන් ඛාන්ට එල්ල වූ ත්‍රස්තවාදී චෝදනා ඉවත් කිරීමට පකිස්ථාන් මහාධිකරණයෙන් නියෝග appeared first on ITN News.

Read More »

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට  

0 comments

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලු වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.

උතුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කරෙයි නගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සෝදිසි මෙහෙයුමක් සිදු කළා. එහිදී අනවසර ධීවර කටයුතුවල නිතර ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්ෂණය කළ අතර ඒවා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමට නාවික හමුදාව පියවර ගත්තා. එහිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා. එම යාත්‍රාව සහ ධීවරයින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමෙන් පසු නීතිමය කටයුතු සදහා යාපනය මයිලඩි ධීවර පරික්ෂක කාර්යාලයට භාරදී තිබෙනවා.

 

 

 

The post ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට appeared first on ITN News.

Read More »

නාන්මඩෝල් සුළි කුණාටුව හේතුවෙන් ජපානයට නායයාම් හා ගංවතුර තත්ත්වයක්  

0 comments

ජපානයට බලපා ඇති නාන්මඩෝල් සුළි කුණාටුව හේතුවෙන් නායයාම් හා ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

සුළි කුණාටුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 90 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වනවා. එමෙන්ම එක් පුද්ගලයෙකු අතුරුදන් බවයි සහන කණ්ඩායම් පවසන්නේ. දකුණු කියුෂු දූපතෙන් නාන්මඩෝල් සුළි කුණාටුව  ජපානයට ඇතුළු වූ අතර එය පැයට කිලෝමීටර් 234 ක පමණ ප්‍රබලත්වයකින් යුතුයි. නිවාස 350,000 කට අධික සංඛ්‍යාවක විදුලිබලය ඇණහිට ඇති බව සහන කණ්ඩායම් සදහන් කරනවා. මිලියන 9 ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර ජපානයේ ටෝකියෝ අගනුවරට ද මේ වනවිට අධික වර්ෂාවෙන් බලපෑම් ඇතිවී තිබෙනවා. විදුලි දුම්රිය,  බෝට්ටු සේවා,  ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර වෙළෙදසැල් හා සාප්පු සංකීර්ණ ද වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

 

 

 

 

The post නාන්මඩෝල් සුළි කුණාටුව හේතුවෙන් ජපානයට නායයාම් හා ගංවතුර තත්ත්වයක් appeared first on ITN News.

Read More »

නෙළුම් කුලුන මහජනතාව සඳහා විවෘතව පවතින වේලාවන් වෙනස් වෙයි  

0 comments

කොළඹ නෙළුම් කුලුන මහජනතාව සඳහා නැරඹීමේ වේලාවන් හෙට (20) සිට සංශෝධනය කර ඇති බව කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ සමාගම නිවේදනය කරයි.

එම සමාගමේ ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේ, හෙට සිට සතියේ දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 දක්වා නෙළුම් කුලුන මහජනතාව සඳහා විවෘතව තබන බවයි.

සති අන්තයේ පෙරවරු 10.00 සිට රාත්‍රී 11.00 දක්වා නෙළුම් කුලුන මහජනතාවට විවෘතව තබන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

කොළඹ නෙළුම් කුලුනේ කොටස් කිහිපයක් මහජනතාව සඳහා විවෘත කෙරුණේ සැප්තැම්බර් 15 වන දිනයි.

කොළඹ නෙළුම් කුලුන විවෘත කර පළමු දින තුන ඇතුළත රුපියල් මිලියන 7.5ක ආදායමක් උපයා තිබෙනවා.

The post නෙළුම් කුලුන මහජනතාව සඳහා විවෘතව පවතින වේලාවන් වෙනස් වෙයි appeared first on ITN News.

Read More »

සර්ප විෂ එන්නත සම්බන්ධව වනජීවී දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ගැන ඇමති තොරතුරු කැඳවයි  

0 comments

සර්ප විෂ එන්නත සම්බන්ධ පර්යේෂණවලට සහාය දීමට වනජීවී දෙපාර්තමේන්තුව සහාය නොදුන් බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කඩිනමින් තමන්ට තොරතුරු වාර්තා කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දී තිබෙනවා.

සර්ප විෂ එන්නත සැකසීම සදහා සිදුකෙරෙන පර්යේෂණවලට වනජීවී දෙපාර්තමේන්තුව සහාය නොදුන් බවට මාධ්‍ය වාර්තා පළවුණා. ඒ පිළිබද තොරතුරු ලබාදෙන ලෙස අමාත්‍යවරයා කළ දැනුම්දීමට අනුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ඒ පිළිබද පැහැදිලි කර තිබෙනවා. පර්යේෂණ සිදුකරන මහාචාර්යවරයා බලපත්‍ර කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලීම් කර තිබුණා. ඒ සදහා අවශ්‍ය නිර්දේශ තනි මතයට සිදුනොකෙරෙන අතර බාහිර පාර්ශ්ව වලින්ද සමන්විත පර්යේෂණ කමිටුවක නිර්දේශ මත සිදුකරන බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරන්නේ. අදාළ කමිටුව ලබාදුන් නිර්දේශ මත අනුමැතිය ලබාදුන් බවද ඔහු පවසනවා. මේ සම්බන්ධයෙන් පර්යේෂණ කමිටු රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි.

 

 

 

 

The post සර්ප විෂ එන්නත සම්බන්ධව වනජීවී දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ගැන ඇමති තොරතුරු කැඳවයි appeared first on ITN News.

Read More »

චීනය,  තායිවානය ආක්‍රමණය කළහොත් ඇමෙරිකාව තායිවානයේ ආරක්ෂාවට ක්‍රියාකරන බව බයිඩන් කියයි  

0 comments

චීනය,  තායිවානය ආක්‍රමණය කළහොත් ඇමෙරිකාව තායිවානයේ ආරක්ෂාවට ක්‍රියාකරන බව ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

සීබීඑස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ. ඇමෙරිකාවේ ප්‍රතිපත්ති අතීතයේ සිට මේ වනතෙක් කිසිදු වෙනස්වීමක් සිදුව නොමැති බවයි ජෝ බයිඩන් පෙන්වා දෙන්නේ. තායිවානය ආරක්ෂා කිරීමට තමා බැදී නොසිටිය ද විකල්ප බැහැර කිරීමක් සිදුනොකරන බව ඔහු පවසනවා. පසුගිය මාසයේ දී නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව චීනය තායිවානය ආශ්‍රිත මුහුදු කලාපයේ යුද මෙහෙයුම් ආරම්භ කළා. තායිවානය චීනයට අයත් භූමි ප්‍රදේශයක් ලෙසයි ඔවුන් සලකන්නේ. ඇමෙරිකාව,  තායිවානය තම සමීප මිතුරෙකු ලෙස ඇසුරු කළද චීනයේ ප්‍රතිපත්තිවලට අනුගත වෙමින් මේ වනතෙක් තායිවානය සමග රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භ කර නැහැ.

 

 

 

 

 

The post චීනය,  තායිවානය ආක්‍රමණය කළහොත් ඇමෙරිකාව තායිවානයේ ආරක්ෂාවට ක්‍රියාකරන බව බයිඩන් කියයි appeared first on ITN News.

Read More »

පියෝනා සුළි කුණාටුව හේතුවෙන් පෝටො රීකෝ රාජ්‍යයට විදුලිබලය ඇණහිටී  

0 comments

පෝටො රීකෝ රාජ්‍යයට බලපා ඇති පියෝනා සුළි කුණාටුව හේතුවෙන් විදුලිබලය ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

පැයට කිලෝමීටර් 140 ක පමණ ප්‍රබලත්වයෙන් යුතු පියෝනා සුළි කුණාටුව පෝටො රීකෝ රාජ්‍යයට ඇතුළුවීමත් සමග එහි බලශක්ති පද්ධති බිදවැටුණු බව ලූමා බලශක්ති ආයතනය නිවේදනය කරනවා. අඩි දෙකක් පමණ උසට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටයි ඇමෙරිකා කාලගුණ අංශ අනතුරු අගවන්නේ. අධික සුළං සමග ධාරානිපාන වර්ෂාවක් ද ඇතිවිය හැකි බව ඔවුන් පවසනවා. පෝටො රීකෝ රාජ්‍යයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි ජනාධිපති ජෝ බයිඩන් පියවර ගත්තේ. වරාය හා ගුවන් තොටුපොල කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. විදුලිබලය යථා තත්ත්වයට පත්කිරීමට දින කිහිපයක කාලයක් ගතවනු ඇති බවට වාර්තා වනවා. මිලියන 3කට අධික ජනගහනයක් පෝටො රීකෝ රාජ්‍යයේ වාසය කරන අතර අවශ්‍ය සහන කටයුතු සම්පාදනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

 

 

 

 

 

 

The post පියෝනා සුළි කුණාටුව හේතුවෙන් පෝටො රීකෝ රාජ්‍යයට විදුලිබලය ඇණහිටී appeared first on ITN News.

Read More »

ජනපති එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වයි  

0 comments

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වූවා. ඒ බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මාළිගයේදී.

දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය රාජකීය සම්ප්‍රදායන්ට අනුව වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී හෙට දිනයේ පැවැත්වීමට නියමිතයි. මේ වනවිටත් ඊට සහභාගිවීම සදහා රාජ්‍ය නායකයින් රැසක් මෙන්ම අති විශාල පිරිසක් පැමිණ සිටිනවා.

බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ලන්ඩන් නුවරට ළගාවුණා. ඉන් අනතුරුව දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මාලිගයට පැමිණියා. එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එක්ව සිටියා.

 

 

The post ජනපති එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වයි appeared first on ITN News.

Read More »

කිර්ගිස්ථානය හා ටජිකිස්ථාන් දේශසීමාවේදී ඇතිවූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව ඉහළට  

0 comments

කිර්ගිස්ථානය හා ටජිකිස්ථාන් දේශසීමාවේදී ඇතිවූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 100කට ආසන්න බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එමෙන්ම පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවද සදහන්.

කිර්ගිස්ථානය හා ටජිකිස්ථානය අතර දේශසීමා සම්බන්ධයෙන් ගැටුම් වසර ගණනාවක සිට පවතිනවා. දෙරට අතර සටන් විරාමයක් රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වුවද පසුගිය සිකුරාදා එම සටන් විරාමය බිද වැටුණා. පැරණි සෝවියට් සමූහාන්ඩුවට අයත් රටවල් දෙකක් වන කිර්ගිස්ථානය හා ටජිකිස්ථානය සෝවියට් සමූහාන්ඩුව බිද වැටීමෙන් අනතුරුව ගැටුම් ආරම්භ කළා. කිලෝමීටර් දහසකට අධික දේශ සීමාවක් රටවල් දෙක අතර පවතින අතර ගැටුම් නවතා සටන් විරාමයකට පැමිණෙන ලෙසයි රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දෙරටින්ම ඉල්ලා සිටින්නේ. මේ ආකාරයටම 2021 වසරේ ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා.

 

 

 

 

 

The post කිර්ගිස්ථානය හා ටජිකිස්ථාන් දේශසීමාවේදී ඇතිවූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.

Read More »

මහල් 48ක ගොඩනැගිල්ලකට නැග ප්‍රංශ ස්පයිඩර් මෑන් 60 වන උපන් දිනය සමරයි  

0 comments

ලෝක ප්‍රකට ප්‍රංශ ස්පයිඩර් මෑන් ලෙස හැඳින්වෙන ඇලයින් රොබර්ට් සිය 60 වන උපන්දිනය සැමරීමට පැරිසියේ මහල් 48කින් යුත් ගොඩනැගිල්ලකට නැග තිබෙනවා. ඔහු අනාරක්ෂිත ලෙස එම ගොඩනැගිල්ලට නැගීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය ක්‍රියා කළේ.

ටුවර් ටෝල් එනර්ජීස් ගොඩනැගිල්ලට  මීට පෙර ද 92 වතාවක්ම ඇලයින් රොබර්ට් නැඟ ඇති අතර මෙවර ඔහුට ඉහළට නැඟිමට ගත වී ඇත්තේ මිනිත්තු 60ක කාලයක්. මොහු ලොව ඇති උසම ගොඩනැගිලිවලට අනාරක්ෂිතව නැඟීමෙන් ලෝක ප්‍රසිද්ධ පත්ව තිබෙනවා. මීට පෙර ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ ඉහළට ද  ඔහු අනාරක්ෂිතව නැගෙන තිබෙනවා.

 

 

The post මහල් 48ක ගොඩනැගිල්ලකට නැග ප්‍රංශ ස්පයිඩර් මෑන් 60 වන උපන් දිනය සමරයි appeared first on ITN News.

Read More »

‘ග්ලෝකල් ෆෙයා 2022’ ගාල්ලේ දී  

0 comments

කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල සේවාවන් ලබාදීමට මෙන්ම දේශීය රැකියා හා ජාත්‍යන්තර රැකියා සපයන ආයතන එකට එක් කරමින් ග්ලෝකල් ෆෙයා 2022 ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කම්කරු ගැටලු සහ සුබසාධනය සේ ම විදේශ රැකියා සම්බන්ධ සියලු තොරතුරු සහ අවස්ථාවන් පිළිබඳ පූර්ණ අවබෝධයක් මෙහිදී ලබා ගත හැකි බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා. එසේ ම විගමනික ශ්‍රමිකයන් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමවේදය, වාහන අවසර පත්‍රය ඇතුළු සියලු කරුණු විමසා දැනගත හැකි බව ද අමාත්‍යවරයා මෙහි දී පැවැසීය.

එහි දී වැඩිදුරටත් ඇමැතූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය,
“රටේ සියලුම කම්කරුවන්ගේ වගකීම් දරන්නේ කම්කරු අමාත්‍යාංශයයි. මුළු රටේම මිනිස් බලය ගැන වගකීම දරන අමාත්‍යාංශය අපේ අමාත්‍යාංශයයි. මුළු රටේම තරුණ ප්‍රජාව රැකියා ගත කිරීම, විදේශ රැකියා සදහා යොමු කිරීම වගේම විගමණික ප්‍රජාවගේ ගැටලුවලට විසදුම් ලබාදීම ඇතුළු විශාල විෂය පථයක් ඇතුළත කටයුතු කරනවා. අපි මිනිසුන් ළගට ගිහින් වැඩ කරන්න ඕන. මිනිසුන්ගේ ප්‍රශ්න හොයලා බලලා උදව් කරන්න ඕන. අපේ සේවාවන් ගමට ගිහින් ලබාදීමට අපි තිරණය කළා. එහි ආරම්භක පියවර විදියට, අමාත්‍යාංශය ගමට යාමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. කෙනෙක්ට මේක ජංගම සේවයක් කියලා කියන්න පුලුවන්. කෙනෙක්ට මේක සේවා සපයන කානිවල් එකක්, ‍ෆෙයා එකක් කියලා කියන්න පුලුවන්. ඒ කොහොම කිව්වත් අපි මේක හදුන්වන්නේ ග්ලෝකල් කියලා. ලෝකයත්, ලංකාවත් වැඩ ලෝකයකට එකතු කරන අවස්ථාවක් හැටියට තමයි අපි මේක හදුන්වන්නේ. ඒ අනුව ඔක්තෝබර් 15 -16 යන දින දෙකේදී ගාල්ලේ සමනළ ක්‍රීඩාංගනයෙන් මේක ආරම්භ කරනවා.

මෙතැනදී දේශීය රැකියා, විදේශ රැකියා, කම්කරු අමාත්‍යාංශයේ ප්‍රශ්න විසදාගන්න, නොයෙක් දේ ගැන දැනුවත් වීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම පුද්ගලික අංශය සමග සම්බන්ධවීමට, රැකියා ගැන අධ්‍යයනයන් කිරීමට, අපේ සියලුම සේවාවන් ගමට ගිහින් ලබාදීමට තමයි කටයුතු කරන්නේ. මේක සාම්ප්‍රදායික ජංගම සේවයකට එා ගිහින්, ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහනක් විදියට තමයි කටයුතු කරන්නේ. මෙයට සම්බන්ධවීමට කැමැති අයට ඉදිරියේදී මෙයට අදාලව ලියාපදිංචීවම සදහා වන කිිිවු.ආර්. කෝඩ් හදුන්වාදීමට කටයුතු කරනවා. ඒ හරහා ලියාපදිංචි වෙන්න පුලුවන්. රැකියා සපයන ආයතනවලට, විදේශ රැකියා සපයන ආයතනවලට, තරුණ තරුණියන් පුහුණු කරන ආයතනවලට, පුද්ගලික විශ්ව විද්‍යාලවලට, වෘත්තීය අධ්‍යාපනයක් ලබාදෙන ආයතනවලට මේකට සම්බන්ධ වෙන්න පුලුවන්. මේ සියල්ල සම්පුර්ණ වුන සැණකෙළි ස්වරූපයක් ගන්නා නමුත් අමාත්‍යාංශ ජංගම සේවයක් විදියට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේකත් එක්ක සම්බන්ධ වෙලා නිරන්තරයෙන් තොරතුරු මාධ්‍ය හරහා ලබාදීමට කටයුතු කරනවා. වෙනමම වෙබ් අඩවියක් මේ සදහා විවෘත වෙනවා. වෙනම ෆේස් බුක් පිටුවක් ආරම්භ කිරීමට කටයුතු කරනවා.

මෙතැනදී විදේශ ගත ශ්‍රමිකයින්ට වාහන බලපත්‍ර ලබාදීම, විශ්‍රාම වැටුප ලබාගැනීම ගැන දැනුවත්වීමටත් අවස්ථාව ලබාදි තිබෙනවා. තමන්ට ජීවිතය හදාගැනීමට අවශ්‍ය මාර්ගය හදා ගැනීමට, අනාගතය සකස් කරගැනීමට අවස්ථාව ලැබෙන තැනක් තමයි මේ. මේක සේවා සපයන සැණකෙළියක්. හැබැයි මේක සැණකෙළි පවත්වන්න වෙලාවද කියලා කෙනෙක්ට අහන්න පුලුවන්. අපි රජයේ මුදල් වියදම් කරලා නෙමෙයි මේක කරන්නේ. අපේ සේවාවන් ගමට ගිහින් ලබාදෙන්නේ සංදර්ශනයක් විදියට නෙමෙයි. සේවාවක් සපයනවා. සේවාවක් සපයනවා. ඒක ඉහළ මට්ටමින් ලබාදෙන්නේනේ ජනතාව වියදම් කරගෙන හතර අතේ ඇවිදින එක නතර කිරිමටයි. අමාත්‍යාංශයෙන් කරන සියලුම කටයුතු ගමට ගිහින් . ”

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අදහස් දක්වමින් මෙසේ පැවසුවේය,

“මේක මීට කලින් අපි දැකලා තියෙන රැකියා පොළ අත්දැකීමෙන් ඔබ්බට ගිය දෙයක්. කම්කරු දෙපාර්තමේන්තුවේ සියලු ආයතනවලට අමතර ව මහ බැංකුවත් මේකට සම්බන්ධ වෙනවා. ඒ නිසා ඊපීඑෆ්, ඊටීඑෆ් ඇතුළු ඔබට ප්‍රශ්න තියෙන සියල්ල සදහා මෙතන දී විසදුම් ලබා ගන්න පුළුන්. ඒ නිසා මේ ආයතනවලට අදාළ ගැටලු තියෙන දකුණු පළාතේ සියලු දෙනා ඒ ගැටලු දැන්මම අපිට දැනුම් දෙන්න. ලේකම්, ග්ලෝකල් ෆෙයා 2022, කම්කරු අමාත්‍යංශය, නාරාහේන්පිට, කොළඹ ලිපිනයට සියලු ගැටලු යොමු කරලා තියන්න. ”

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනවල ප්‍රධානීහු එක්ව සිටියහ.

The post ‘ග්ලෝකල් ෆෙයා 2022’ ගාල්ලේ දී appeared first on ITN News.

Read More »

ඇමෙරිකා කතානායක නැන්සි පෙලෝසි ආර්මේනියාවේ සංචාරයක  

0 comments

අසර්බයිජානය සහ ආර්මේනියාව අතර ගැටුම් ඇතිවී දින කිහිපයකට පසු ඇමරිකා කතානායකවරයා ආමේනියාවේ සංචාරයකට එක්ව සිටිනවා. රටවල් දෙක මේ වන විට සටන් විරාමයකට එළඹ සිටිනවා.

ආර්මේනියාව සහ අසර්බයිජානය අතර දේශසීමා ගැටුම් ඇති වී දින කිහිපයකට පසුවයි ඇමෙරිකා කතානායක නැන්සි පෙලෝසි ආර්මේනියාවේ යෙරෙවාන් වෙත පැමිණ ඇත්තේ. දින තුනක සංචාරයක් සඳහා එක් ව සිටින නැන්සි පෙලෝසි ආර්මේනියා අග්‍රාමාත්‍ය නිකොල් පාෂින්යන් ද හමු වීමට නියමිත බවයි වාර්තා වන්නේ. පවතින අර්බුධය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සාකච්ඡා කරනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

 

The post ඇමෙරිකා කතානායක නැන්සි පෙලෝසි ආර්මේනියාවේ සංචාරයක appeared first on ITN News.

Read More »

ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවයිනට  

0 comments

ජපානයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මත් සුෂිතා ෂිංපේ මහතා දිවයිනට පැමිණියා.

ඔහු තුන්වනවරටත් මෙරටට පැමිණ ඇති අතර ජපන් ශ්‍රී ලංකා පාර්ලමේන්තු මිත්‍ර සංසදයේ විධායක සාමාජිකයෙකුයි. ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සහ ගැටලු විමර්ශනය කර ජපානය දැනුවත් කිරීම මෙම සංචාරයේ අරමුණයි. ඒ මහතා ලබන විසි තුන් වෙනිදා දක්වා දිවයිනේ රැදී සිටිමට නියමිතයි.

 

 

The post ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවයිනට appeared first on ITN News.

Read More »

ජපානයේ මිලියන 2කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරේ  

0 comments

ජපානයට බලපෑ හැකි නාන්මඩෝල් සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයින් මිලියන 2 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.

නාන්මඩෝල් සුළීකුණාටුව දරුණු ගණයේ සුළිකුණාටුවක් විය හැකි බවයි ජපාන කාළගුණ අංශ සඳහන් කරනවා. අද පස්වරුව වන විට සුළිකුණාටු ව ජපානයට ඇතුළු විය හැකි බවටයි. කාලගුණ අංශ අනාවැකි පළ කර තිබෙන්නේ. ජපානයේ දකුණු කියුෂූ කලාපයේ කගෝෂිමා, කුමාමතෝ සහ මියසාකි යන නගරවලට දැඩි බලපෑම් එල්ල විමේ අවධානමක් පවතිනවා. ජපානයට නාන්මඩෝල් සුළීකුණාටුව ඇතුළු විමෙන් පසුව උතුරු ප්‍රදේශයට ගමන් කරනු ඇති බවටයි කාළගුණ අංශ සඳහන් කරන්නේ.

 

 

 

 

 

The post ජපානයේ මිලියන 2කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරේ appeared first on ITN News.

Read More »

රටේම ජනතා සහාය ලැබී තිබෙනවා – ජනපති  

0 comments

රටේ බහුතර කැමැත්තත්, රටේම සහායත් තමන්ට ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ඕස්ට්‍රේලියානු ඒ බී සී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ඕස්ට්‍රේලියා ඒ.බී.සී. නාලිකා මාධ්‍යවේදිනිය – ජනාධිපතිතුමනි, ඔබ බලයට පැමිණීමෙන් පසුව විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදු වෙනවා. එවැනි දේ තුළින් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති ගැටලූ වලට විසදුම් ලැබෙයිද?

ජනාධිපතිතුමා – මං හිතන්නේ නෑ රජයේ නිවාස ගිනි තැබීමෙන් මේ අර්බුදය නිම කිරීමට පුලුවන් කියලා. අපි එය තේරුම් ගත යුතුයි. ඔබ හිතනවද ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන්, මාගේ නිවස ගිනි තැබීමෙන් අග‍්‍රාමාත්‍ය නිවස අල්ලා ගැනීමෙන් හා පාර්ලිමෙන්තුව අල්ලා ගැනීමෙන් අපට විසදුම් ලැබෙයි කියලා.

මාධ්‍යවේදිනිය – ඔබ හිතනවද? පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් හෝ මර්දනය තුළින් ප‍්‍රශ්න විසඳන්න පුළුවන් කියලා.

ජනාධිපතිතුමා – අපි අත්අඩංගුවට ගන්නේ නීතිය කඩ කළ පුද්ගලයන් පමණයි. එය කරන්නෙත් මම නෙමෙයි. එය පොලීසියේ රාජකාරියක්. හරියට ඔබේ රටේත් සිදු වෙනවා වගේම.

මාධ්‍යවේදිනිය – ඔබ සිතනවද ඔබට රටේ බහුතරය සහ සහාය පවතිනවා කියලා.

ඔව් මට බහුතරය සහ රට තුළ සහායක් තියෙනවා. මම තමයි නිවැරැදි දේ ක්‍රියාත්මක කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි වැනි දේවල්. ඒ නිසයි ඔවුන්ගේ විශ්වාසය හා සහාය මට හිමි වී තියෙන්නේ. ඒකයි ඔවුන් මා පිළිබඳ විශ්වාස කරන්නේ. මට එය කළ හැකියි.

 

The post රටේම ජනතා සහාය ලැබී තිබෙනවා – ජනපති appeared first on ITN News.

Read More »

ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් වැඩසටහන් රැසක්  

0 comments

ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව වයික්කාල වෙරළ පිරිසිදු කිරිම රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. වෙරළබඩ දිස්ත්‍රික් 14ම ආවරණය වන පරිදි වෙරළ තීර සහ කලපු 200ක් මෙම පවිත්‍රාතා වැසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

 

The post ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් වැඩසටහන් රැසක් appeared first on ITN News.

Read More »

“ආසියා සංගම් හවුල්කරුවන්ගේ ”මාධ්‍ය සහයෝගීතා සංසදය චීනයේ දී  

0 comments

2022“ආසියා සංගම් හවුල්කරුවන්ගේ  ”මාධ්‍ය සහයෝගිතා සංසදය චීනයේ ගුවන්ශී ප්‍රදේශයේ දී
පැවැත්වේ. චීන මාධ්‍ය සමූහය සහ ගුවන්ශී චුවාන් ජාතික ස්වායත්ත රජය එක්ව සංවිධාන කළ“ආසියන් සංගම් හවුල්කරුවන්”නමැති මාධ්‍ය සහයෝගිතා සංසදය පසුගියදා ගුවන්ශී චුවාන් ජාතික ස්වායත්තයේ නැන්නී අගනුවරදී පැවැත්විණ.

රටවල් 17ක 70කට අධික මාධ්‍ය හා ආයතනවල නියෝජිතවරු 180 දෙනෙක් මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරයෙන් ඊට එක් වූහ. ඔවුහු "ප්‍රඥාව, ඒකාබද්ධතාවය සහ සහජීවනය" යන තේමාව යටතේ සංවාදයක් පැවැත්වූහ.

චීනය සහ ආසියාන් සංගම් රටවල් අතර මාධ්‍ය ප්‍රවර්ධනය සඳහා වඩාත් පුළුල්හා ගැඹුරු හුවමාරු හා සහයෝගිතා ක්‍රියාවට නැංවීම එහි විශේෂත්වයකි.

වඩාත් සමීපව බැඳී ඇති, පොදු ඉරණමක් සහිත චීන- ආසියාන් සංගම් ප්‍රජාවක් ගොඩනැගීමට සහාය වීම
එම සංසදයේ ප්‍රමුඛ අපේක්ෂාවකි.

The post “ආසියා සංගම් හවුල්කරුවන්ගේ ”මාධ්‍ය සහයෝගීතා සංසදය චීනයේ දී appeared first on ITN News.

Read More »

ජාත්‍යන්තර වෙ‍‍ළෙඳ කාර්යාලයක් මෙරට ස්ථාපිත කරනවා – ජනපති  

0 comments

ජාත්‍යන්තර වෙළෙඳාම් සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කර සංකීර්ණ ආර්ථික, තාක්ෂණික හවුල්කාරිත්වයක් දක්වා නිදහස් වෙළෙඳ ගිවිසුම යතාවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික සබඳතාවන්හි පවතින ආයෝජන සඳහා වන බාධක සහ වෙළෙඳ ක්ෂේත්‍රය සඳහා වන තීරු බදු නොවන බාධක ජයග්‍රහණය කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (15) පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති “ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයේ” වාර්ෂික සුහද හමුව අමතමිනි. මෙම සුහද හමුව ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම සනිටුහන් කරමින් පැවැත්විණි.
ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවල් වෙළෙඳ ඒකාබද්ධතාවකට පැමිණිය යුතු බවද වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමඟ සමීපව කටයුතු කරන ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයේ ශ්‍රී ලාංකිකයින් සහ ඉන්දියානුවන් 800ක් පමණ සාමාජිකත්වය දරන අතර විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් ඊට අයත් වෙති.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“පළමුවෙන්ම මා ගැන පැවසූ සියලු දේ සම්බන්ධයෙන් මම කුමාර් නඩේසන් මහතාට ස්තූතිවන්ත වෙනවා. ඉන්දියාවේ 75 වන නිදහස් සංවත්සරයේදී ඔබ සියලු දෙනා සමඟ මෙහි සිටීමට හැකි වීම පිළිබඳ මම සතුටු වනවා.
දිවංගත ජවහර්ලාල් නේරු එදා ඔහුගේ කතාව සිදු කළේ ඉන්දියාව පිළිබඳ පමණක් නොවේ මුළු ආසියාවටමයි කියා මා හිතනවා. 1946 දී ඉන්දියාව නිදහස් රටක් වීමට පෙර පළමු ආසියානු සබඳතා සමුළුව කැඳවුවා. එය ආසියානු රාජ්‍යයන්ට එක් වීමට මඟ පෑදුවා. අනතුරුව ආසියානු සහ අප්‍රිකානු රාජ්‍යයන්ට එකතු වීමට මඟ පැදුණා. ඇත්තෙන්ම ඉන්දියාව ඒ අනුව අනෙක් රාජ්‍යයන්ගේ ප්‍රධානියායි. චීනය පැමිණියේ 1949 දීයි. ජපානය පැමිණියේ 1952 දීයි. මේ රටවල් තමයි ආසියාවේ ප්‍රධාන බලවතුන් තිදෙනා.

ඉන්දියාවේ ජයග්‍රහණ ද සිහිපත් කළ යුතුයි. ඉන්දියාව කියන්නේ රාජ්‍යයන් එකතු කිරීමකින් ඇති වු රටක්. ඉන්දියාව අවුරුදු 75ක් පැවතුණා. ඒ අයුරින්ම බොහෝ කාලයක් පැවතෙයි. ඒ ගැන සැකයක් නැහැ. පුද්ගලයන් දෙදෙනෙක් මේ සම්බන්ධයෙන් සිහිපත් කළ යුතු යි. රාජ්‍යන් කිහිපයක් එක් කළ නියෝජ්‍ය අගමැති වලභායි පටෙල් එක් අයෙක්. ඉන්දියාව යන සංකල්පය සහ අනන්‍යතාව ඇති කළ ජවහර්ලාල් නේරු අනෙක් පුද්ගලයායි. එය ඉන්දියාවේ ජයග්‍රහණයක්. ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට පොදු බොහෝ දේ තිබෙනවා. එය අශෝක චක්‍රය තියෙන ඔබගේ ජාතික කොඩියෙන් පෙන්නුම් කරනවා. අශෝක අධිරාජ්‍යයා යටතේ තමයි බුද්ධාගම ශ්‍රී ලංකාවට පැමිණයේ. මෞරි පාලනය ශ්‍රී ලංකාවට පැමිණියේ. එබැවින් රාජ්‍ය ආයතන සහ නගර සැලසුම් මෙම ක්‍රමවේදයෙනුයි පැවතෙන්නෙ.

ශ්‍රී ලංකා සමාජය, මූලාරම්භය ගොඩ නැඟුනේ කෙසේ ද යන්න අද ඉන්දියානු ජාතික කොඩියෙන් පිළිඹිඹු කරනවා. සංස්කෘත සහ පාලි භාෂාවෙන් ඇරඹි සිංහල සහ දෙමළ භාෂා දෙක අපිට තිබෙනවා. ඉන්දියාවෙන්, උතුරු ඉන්දියාවෙන් මෙන්ම දකුණු ඉන්දියාවෙන් බෙහෝ චාරිත්‍ර මෙරටට පැමිණ තිබෙනවා. තමිල්නාඩුවෙන් සහ කේරළයෙන් පැමිණි චාරිත්‍ර අතර සමානකම් තිබෙනවා.

මෙහි සිටින බොහෝ සිංහල අය රාහු කාලය ගැන තදින් විශ්වාස කරන අයයි. ඒක අපට ලැබුණේ කේරළයෙන්. කවුරුවත් ඒක මෙහෙට දුන්නෙ නැහැ. අපි කේරළයෙන් ලද පත්තිනි දේවිය වන්දනාමාන කරනවා. මෙහි බෞද්ධාගමිකයෝත් නොවන, හින්දුත් නොවන විශාල පිරිසක් ඉන්නවා. දකුණු ඉන්දියාවෙන් දෙමළට පරිවර්තනය කළ “කුරානයෙන්” මුස්ලීම් බවට හැරුණු සිංහලයන් කණ්ඩායමක් සිටිනවා.

ඉන්දියාව මහද්වීපයක් වශයෙන් ශ්‍රී ලංකාවට සිදු කළ බලපෑම මෙයින් පෙන්නුම් කරනවා. අපි එකිනෙකා මාස හයකට පසු නිදහස ලබා තිබෙනවා. අපට පොදු සංස්කෘතික උරුමයන් තිබෙනවා. ආගම, සංස්කෘතිය, නර්තනය යනාදිය පොදුයි. එය එක් පැතිකඩක්. උඩ‍රැටියන් අඳින රතු සහ සුදු පැහැය කියන වර්ණ සංකලනයත් කේරළයෙන් ලැබුණේ. මෙයයි පොදු දේ. අපට වෙනස්කම් ද තිබෙනවා. අපි මේ මතයි ගොඩ නැඟෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේ නවීන යුගයේ අපට ගොඩනැඟුණු පොදු දෙයයි. අප සියලුදෙනා එකට එකතු කළ ක්‍රිකට් අපිට ලබා දීම ගැන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අපි ස්තුතිවන්ත වෙනවා. බොලිවුඩ් ලබා දීම ගැන ඉන්දියාවට ස්තූතිවන්ත වෙනවා. මේවා අප එක් කරන නව කරුණු. මේක හුදෙක් ද්විපාර්ශ්විය සබඳතාවක් නෙවේ කියලා මම හැමවිටම කියන්නෙ මේ නිසයි. මෙය ඉන් ඔබ්බට යන්නක්. රවීන්ද්‍රනාත් තාගෝර් විසින් රචිත ඔබේ ජාතික ගීය බලන්න. රවීන්ද්‍රනාත් තාගෝර්ගේ සිසුවෙක් විසින් රචිත අපේ ජාතික ගීය බලන්න. ඔහු ඉන්දියානු මෙන්ම දකුණු ආසියානු තරුවක්. ඔහු අපි සියලුදෙනාටම අයිතියි. රවීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව ගැන මගේ අම්මා කියනවා මට මතකයි. ඔහු මගේ මී මිත්තණිය හමුවී තිබෙනවා. මගේ අම්මටත් රවීන්ද්‍රනාත් තාගෝර්ට කතා කරන්න අවස්ථාව හිමි වෙලා තිබෙනවා.

අපි ඉන්දියාවෙන් පැමිණි බොහෝ දෙනාගෙන් ආභාෂය ලබා තිබෙනවා. අපි දැන් මහාද්වීපයේ එකට බැඳුණු කොටසක් බවට පත් වෙලා. දකුණු ඉන්දියාවේ සිටින සමහර අයට ලංකාවේ සමහර ප්‍රදේශ උතුරු ඉන්දියාවේ ප්‍රදේශවලට වඩා සමීපයි. රජයකට සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්න බැහැ. ඒක ඉබේ සිදු වන්නක්. නමුත් වැදගත් දේ වන්නේ ඉන්දියානු අගමැති දළඳා මාළිගාව වැඳපුදා ගැනීමට පැමිණෙන අතර, ශ්‍රී ලංකා ජනාධිපති තිරුපති යාමයි. මං හිතන්නේ නෑ ඔබට මේ වගේ බැඳීමක් ලෝකෙ වෙනත් කිසිම රටකින් දකින්නට ලැබෙයි කියලා.

සංස්කෘතිය, කලාව මිනිසුන්ට දිය යුතුයි කියලා මං හිතනවා. ඔවුන් තීරණය කරයි ඔවුන්ට අවශ්‍ය මොනවද අනවශ්‍ය මොනවද කියලා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කරන්න රුපියල් බිලියන දෙකක ත්‍යාගයක් ලබා දීම ගැන මම අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට ස්තූතිවන්ත වෙනවා. දෙරට අතර සබඳතා පිළිබඳ ජනතාව දැනුවත්වන නව අදහස් හා ව්‍යාපෘති ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපට ව්‍යාප්ත කළ හැකි ක්ෂේත්‍ර මොනවා ද? වෙළෙඳාම සහ වාණිජ එම ක්ෂේත්‍ර යි. ඉන්දියානු සහ ශ්‍රී ලංකා ආර්ථිකයට අදාළව ආයෝජනයට ඇති බාධා සහ වෙළෙඳාම සඳහා ඇති තීරු බදු නොවන බාධා ජයග්‍රහණය කිරීමට රටවල් දෙකම උත්සාහ කළ යුතුයි.
විශේෂයෙන් ඉන්දු ආර්ථික සබඳතා ජයග්‍රහණය කරන්න උත්සාහ කළ යුතුයි. මෙම යුගයේ දී අග්නිදිග සහ නැගෙනහිර ආසියානු කලාපයේ ඒකාබද්ධතාව ඔබ දකිනවා. අපි මොනවද දකුණු ආසියාවේ කළ යුතු වන්නේ? ඉන්දියාව, ශ්‍රී ලංකාව නේපාලය සහ බංගලාදේශය සම්බන්ධ වෙළෙඳ ඒකාබද්ධතාව අපගේ මතයයි. අපි ක්ෂේත්‍ර ගණනාවකින්ම එය බලාපොරොත්තු වෙනවා.

ඉන්දියාව සමඟ වෙළෙඳ ඒකාබද්ධතාවකට පැමිණීම තමයි වැදගත් වන්නෙ. කොහොමද අප ඉදිරියට කරගෙන යන්නෙ. ඒ සඳහායි අපේ අවධානය දිය යුත්තේ. 2047, 2048 දී අප සිටිය යුත්තේ කොතැන ද? දුප්පත්කමින් තොර සමෘද්ධිමත් සමාජයක අප සිටිය යුතුයි. ඉහළ මධ්‍යම පාන්තිකයන් සඳහා ප්‍රමාණවත් වන ඒක පුද්ගල ආදායම පැවතිය යුතුයි. එසේ නොමැති නම් සමෘද්ධිමත් සංවර්ධිත ආර්ථිකයක් තිබිය යුතුයි. එය වෙළෙඳාම සහ තරඟකාරිත්වය වැනි ප්‍රතිඵල ලබා ගැනීමට රඳා පවතිනවා. ඉන්දියාව අසල්වාසින් සමඟ පවත්වන සබඳතා වෙළෙඳ ඒකාබද්ධතාව මත තීරණය වෙනවා කියා මා හිතනවා. වෙළෙඳ ඒකාබද්ධතාව ආර්ථික පදනමක් සලසනවා.

පොදු ආර්ථික පදනමක් ජාතික ආරක්ෂාව සඳහා වගේම වඩා යහපත් දේශපාලන සබඳතාවක් සඳහා පූර්ව අවශ්‍යතාවක් වෙනවා. මෙය මතකයේ තබාගෙන අප ප්‍රධාන පියවර දෙකක් අනුගමනය කරනවා. සංකීර්ණ, ආර්ථික, තාක්ෂණික හවුල්කාරිත්වයක් දක්වා නිදහස් වෙළෙඳ කලාපීය ගිවිසුම් යාවත්කාලීන කරනවා.

2018, 2019 වර්ෂයේ දී අප එය ආරම්භ කළා. නමුත් කමිටු විශාල ගණනක් ද ඇතිව වාණිජ දෙපාර්තමේන්තුවේ යම් තැනක එය ඇණ හිට ඇති බවට මට මෑතක දී දැන ගැනීමට ලැබුණා. එම අවස්ථාවේ දී එවකට හිටපු මලික් සමරවික්‍රම අමාත්‍යතුමාට මේ පිළිබඳ සාකච්ඡා කරන ලෙස දැන්වූවා. මම ඒ කමිටු සියල්ල අත්හිටවනු ලැබුවා. මෙය ඉහළම දේශපාලන මට්ටමෙන් ඉක්මනින් සිදුවිය යුතු බව දැනුම් දුන්නා. නමුත් ශ්‍රී ලංකාවට තම ජාත්‍යන්තර වෙළඳාම සංවර්ධනය කරගත යුතු නම් අපි වෙනස් ආකාරයකට සිතිය යුතුයි.

සියලුම ජාත්‍යන්තර වෙළෙඳාම් සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් ස්ථාපිත කරන්න මම තීරණය කළා. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සමඟ මම සාකච්ඡා කළ පරිදි මුදල් අමාත්‍යාංශය යටතේ එය ස්ථාපිත කරනවා. එය පසුව ප්‍රතිව්‍යුහගත කිරීමේ දී විදේශ කටයුතු සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය යටතට ගන්නවා. මෙය පළමු පියවරයි. අපි අනවශ්‍ය නීතිරීති ඉවත් කළ යුතුයි.
අපේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අපි අවධානය යොමු කරනවා. අපගේ ව්‍යාපාර පහසු කරවන වෙනම අමාත්‍යාංශයක් පිහිටවිය යුතුයි. විවිධ වෙළෙඳ ගිවිසුම් පිළිබඳවත් බලාපෙරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට එකට එක් වීම සඳහා අවකාශය තිබෙනවා. අපට එක්ව වැඩකළහැකි පුනර්ජනනීය බලශක්තිය, සංචාරක ව්‍යාපාරය, වෙළෙඳාම, සැපයුම්, තොරතුරු තාක්ෂණය ආදි බොහෝ ක්ෂේත්‍ර තිබෙනවා. දෙරටේම යහපත සඳහා අපි එකට වැඩ කළ යුතු යි.

දෙවනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එකඟතාවට පැමිණ ඇති ශ්‍රී ලංකාවේ පාර්ශ්වයෙන් ප්‍රමාද වූ ව්‍යාපෘති ගැන අපි අවධානය යොමු කරනවා. මගේ කාර්ය මණ්ඩල ප්‍රධානිට මම දැනුම් දුන්නා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස. මං දැක්කා අද ඔහුව වට කරගෙන නිලධාරීන් කියනවා ඇයි ඔවුන්ට එය සිදු කිරීමට නොහැකි වුණේ කියලා. ව්‍යාපෘතිවල පැතිකඩ දෙකක් ගැන විතරයි මම කතා කළේ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති විදුලිබල ජාල සම්බන්ධතාවය, සුළං බලශක්තිය, සාම්පූර්හි සූර්ය බලාගාරය (power grid connection, off shore wind energy, Solar power plant of Sampure) යාපනයේ දූපත් තුනෙහි ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති යනාදිය පිළිබඳ එහිදී සොයා බැලෙනවා.

පුනර්ජනනීය බලශක්ති සම්බන්ධයෙන් අපට පුළුල් වපසරියක් තිබෙනවා. ඉන්දියාව ඊට මුලපුරලා තිබෙනවා. තවත් පිරිස් සිටිය හැකියි. පුත්තලම සිට මුලතිව් දක්වා පුනර්ජනනීය බලශක්තිය යොදා ගන්නවා නම් සහ හරිත හයිඩ්‍රිජන් සඳහා යොමු වනවා නම් ඒ තුළින් ඉන්දියාවට බලශක්තිය සපයනවා නම් උතුරුකරයේ ආර්ථිකයේ දියුණුවක් දැකගත හැකි වේවි. එය මින් පෙර අත්නොදැකපු දෙයක්. එය උතුරේ ආර්ථිකයට විශාල බලපෑමක් වෙනවා.
ඉන්දියාවේ උසස් අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කර තිබෙනවා. යාපනය අපි හඳුනාගත් එක් ප්‍රදේශයක්. අපට තිබුණා ත්‍රිකුණාමලය සංවර්ධනය කරන්න. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය, වරාය හා ආයෝජන සංවර්ධනය කිරීම. මේ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා.දියුණු කළ හැකි අවස්ථා තියෙනවා. එය කෙතරම්දයත් උතුරු ප්‍රදේශය ගැන සලකන කොට පුනර්ජනනීය බලශක්ති බටහිර ප්‍රදේශයේත්, නැගෙනහිර ප්‍රදේශයේ වරායත් තිබේවි. එය උතුරේ සංවර්ධනයට දායක වේවි. නමුත් ඒක විතරක් නෙවේ අපි බලාපොරොත්තු වන්නේ. ඇයි අපි සැපයුම් වැඩිදියුණු කළ යුත්තේ. අපි ඉන්දියාවට සහ බංගලාදේශයට තිබෙන ප්‍රධාන වරායන් අතරින් එකක්.

CPC එකෙන් වැඩි තෙල් පිරවුම්හල් ප්‍රමාණයක් මිලට ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු තෙල් සමාගමට මම ස්තූතිවන්ත වෙනවා. වඩා හොඳ ඉන්ධන සැපයුමක් බලාපොරොත්තු වන ඔබ බොහෝ දෙනෙකුට මෙය හොඳ සලකුණක් වේවි. නමුත් මේ සියල්ල ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප ආර්ථික සහයෝගීතාවක් ඇති කිරීම සඳහා අඩිතාලම දමනවා. මෙහි නව ආයෝජන ඇති වේවි. ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවේ ආයෝජන සිදු කිරීම ගැන මම ආඩම්බර වෙනවා. දම්රෝ එවැනි එක් උදාහරණයක්. අපි ඉන්දියානුවන්ට මෙරටට පැමිණෙන්න ආරාධනා කරනවා වගේම ශ්‍රී ලංකිකයන්ටත් ඉන්දියාවට යාමට ඉඩ ලබා දිය යුතුයි. මෙය දියුණු විය හැකි අවස්ථා ඇති එක් විශාල වෙළඳපොළක් ලෙස අපි සලකමු. මොකද අපිට දැන් අනාගතය ගැන සිතන්න තියෙනවා. අපි එය සැලසුම් කළ යුතු යි. අපි දැන් එය කරමු. අතීතය ගැන සිතන්න එපා. ඊළඟ අවුරුදු 25 සඳහා අපේ අරමුණු මොනවද කියලා අපි දන්නවා. ඒ අනුව අපි ඉදිරියට යමු.”

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ විදේශ කටයුතු ඇමති අලී සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයේ කිෂොර් රෙඩ්ඩි යන මහත්ම මහත්මීහු ඇතුළු විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් මෙන්ම උසස් නිලධාරිහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

The post ජාත්‍යන්තර වෙ‍‍ළෙඳ කාර්යාලයක් මෙරට ස්ථාපිත කරනවා – ජනපති appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG