Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාරයේ ප්‍රහාරයකින් කුඩා දරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට – යුනිසෙෆ්  

Add comments

මියන්මාරයේ පාසලක් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු ප්‍රහාරයකින් කුඩා දරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය නිවේදනය කරනවා.

කැරළිකරුවන්ගේ ක්‍රියාකාරකම් බහුල ප්‍රදේශයක විහාරස්ථානයක පවත්වාගෙන ගිය පාසලකටයි මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ.

ප්‍රහාරයෙන් පසු ළමුන් 15 දෙනෙකු අතුරුදන්ව ඇති අතර වැඩිහිටියන් 6 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මියගිය සියලු දරුවන් වෙඩි ප්‍රහාරයන්ට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. හෙලිකොප්ටර් යානයක සිට එම පාසලට වෙඩි තැබීම් සිදුකර තිබෙනවා.

කැරළිකරුවන් එම පාසල තුළ සැගවී සිටින බවට ලද තොරතුරක් මත එම ප්‍රහාර එල්ල කළ බවයි මියන්මාර හමුදා පාලනය නිවේදනය කරන්නේ.

මියන්මාරයේ පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු මේ දක්වා හමුදා පාලනය යටතේ පුද්ගලයින් 1,500 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

The post මියන්මාරයේ ප්‍රහාරයකින් කුඩා දරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට – යුනිසෙෆ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG