Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාය යෑමේ අවදානමක් සහිත මාර්ගවලට නාය යෑම් වැළැක්වීමේ ඉදිකිරීම්  

Add comments

නාය යෑමේ ඉහළ අවදානමක් සහිත මාර්ගවල නාය යෑම් වැළැක්වීමේ ඉදිකිරීම් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නාය යෑම ඉහළ ප්‍රවණතාවක් පවතින ප්‍රදේශ ලෙස මාර්ග කිහිපයක් හදුනාගෙන තිබෙනවා.  අඹේපුස්ස,  කුරුණෑගල, ත්‍රිකුණාමලය මාර්ගයේ දසවන කිලෝමීටරය ඉන් එක් ස්ථානයක්. වැල්ලවාය, ඇල්ල, කුඹල්වෙල මාර්ගයේ 27 වන කිලෝමීටරය ද නාය යෑම් බහුල ප්‍රදේශයක්. බෙරගල,හාලිඇල මාර්ගයේ 22 වන, 6 වන සහ 33 වන  කිලෝමීටර ආශ්‍රිත ප්‍රදේශ  වලද නාය යෑම්  බහුලව සිදුවනවා. මෙම මාර්ග ආශ්‍රිතව නායයෑම් වැළැක්වීමේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට ජපාන යෙන් මිලියන දෙදහසක මුදලක් වැය කිරීමට අපේක්ෂිතයි. ජාතික මාර්ග ජාලයේ නාය යෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා වෙන් කරන ලද ජපාන යෙන් මිලියන 7619ක අරමුදලෙන් ඉතිරිව පවතින මුදල මේ සදහා යෙදවීමටයි රජය තීරණය කර ඇත්තේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG