Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමන  

0 comments

ඩිජිටල් ආර්ථිකයක් කරා යාමට රජය අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. මේ සදහා පෞද්ගලික අංශයේ ද දායකත්වය අත්‍යවශ්‍ය බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය ඉන්ෆොටෙල් 2018 පිළිබද මාධ්‍ය දැනුවත් කිරීම අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වෙයන් සිදුකෙරුණා. එම ප්‍රදර්ශනය ලබන නොවැම්බර් මස 2 වනදා සිට 4 වනදා දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. ඩිජිටල් ආර්ථිකයක් කරා යන තේමාවෙන් ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලනයයි.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,

 

Read More »

ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම අද සිට තෙදිනක් පුරා  

0 comments

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතා හිතසුව පිණිස සිංහල රජ දවසින් පසු කි‍්‍රයාත්මක කර ඇති යෝධ සංවර්ධන සැලැස්ම වන “පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති තවත් සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම අගෝස්තු 1, 2 සහ 3 යන දිනයන්හි පොළොන්නරුවේ දී සිදු කෙරේ. ජනපති, අගමැති, ඇමතිවරුන්, විද්වතුන් හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් අදාළ ජනගත කිරීම් සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ රටේ හයවන ජනාධිපතිවරයා ලෙස තේරි පත්වීමෙන් පසු 2015 වසරේදී ආරම්භ කරන ලද “පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රු. කෝටි 6000 කි. එය පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ සංවර්ධනය උදෙසා සිංහල රජ දවසින් පසුව වෙන් කර ඇති දැවැන්තම මුදල වේ. එමගින් දිස්ති‍්‍රක්කය පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට සම්පූර්ණ කර ජනගත කර ඇති අතර, මෙම දින තුනක කාලය තුළ පමණක් ජනගත කිරීමට අපේක්ෂා කරනු ලබන්නේ තවත් ව්‍යාපෘති 180කි.

මෙමගින් වැඩිම ප‍්‍රතිලාභ අත්කර දෙනු ඇත්තේ රටේ අනාගතය බාරගැනීම සඳහා සූදානමින් සිටින දූ දරුවන් වෙතයි. ඒ අනුව පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ වත්මන් හා අනාගත පරපුර වෙනුවෙන් සිදුකරන දැවැන්තම ආයෝජනයේ තවත් එක් අදියරක් මෙමගින් සපුරා තිබෙන අතර පාසල් 85 ක භෞතික සම්පත් සම්පූර්ණ කරමින් පන්ති කාමර ගොඩනැගිලි, සම්පත් මධ්‍යස්ථාන, තාක්ෂණික උපදේශන ඒකක, විදුහල්පති හා ගුරු නිල නිවාස, බහුකාර්ය ගොඩනැගිලි ආදී වශයෙන් පුළුල් පරාසයක විහිදෙන අවශ්‍යතා සපුරා දී තිබේ. පාසල් අධ්‍යාපනයට අයත් මෙම ව්‍යාපෘති 110 සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 665 කි.

සෞඛ්‍ය සම්පන්න නිරෝගි ජනතාවක් උදෙසා දිස්ති‍්‍රක්කය පුරා බටහිර හා ආයුර්වේද රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ කි‍්‍රයාන්විතයෙහි තවත් එක් අදියරක් සම්පූර්ණ කරමින් රුපියල් මිලියන 890 ක් වැය කරමින් ඉදිකර ඇති ව්‍යාපෘති 15 ක් මේ යටතේ ජනතා අයිතියට පැවරේ.

හිඟුරක්ගොඩ දිස්ති‍්‍රක් රෝහලට අලුතින් එක්කර ඇති වකුගඩු රෝගී සායන ගොඩනැගිල්ල, දන්ත හා ශල්‍ය වෛද්‍ය ඒකකය, බකමූණ රෝහලෙහි පරිපාලන ඒකක ගොඩනැගිල්ල හා වකුගඩු සායන ගොඩනැගිලි, මනම්පිටිය රෝහලෙහි බාහිර රෝගී අංශය සඳහා සහ සායනික කටයුතු සඳහා ඉදිකළ ගොඩනැගිල්ල, මනම්පිටිය ආයුර්වේද රෝහලෙහි නව වාට්ටු ගොඩනැගිල්ල සහ අරලගංවිල රෝහලෙහි නව රසායනාගාර හා සුවදිවි ගොඩනැගිල්ල මෙන්ම දිස්ති‍්‍රක්කය පුරා රෝහල් කිහිපයක වෛද්‍ය නිලධාරි කාර්යාල සමඟ අනෙකුත් අවශ්‍යතා ඒ අනුව සම්පූර්ණ කර තිබේ.

උණගලා වෙහෙර, පුදුර් ඇතුළු ප‍්‍රදේශ තුනක පානීය ජල සම්පාදන ව්‍යාපෘති තුනක් සඳහා මෙන්ම රුපියල් දස ලක්ෂ 191 ක වියදමින් හිඟුරක්ගොඩ හා තමන්කඩුව යන ප‍්‍රදේශවල අඩු ආදායම්ලාභීන් සඳහා ඉදිකළ නිවාස ව්‍යාපෘති 15 ක් සහ රජයේ නිලධාරින් සඳහා ඉදිකරන ලද නව නිවාස ද මේ යටතේ සම්පූර්ණ කර ඇත.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාව මූලික කර ගනිමින් සහ රටේ අනෙකුත් ප‍්‍රදේශවලින් පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා දිස්ති‍්‍රක්කයේ පොදු පහසුකම් නංවාලීම යටතේ ව්‍යාපෘති 09 ක ඉදිකිරිම් අවසන් කොට තිබේ. මැදිරිගිරිය නගරයේ නව බස් නැවතුම්පොළ හා හිඟුරක්ගොඩ දෙමහල් වෙළෙඳ සංකීර්ණය ලංකාපුර ඉදිකර ඇති පේ‍්‍රක්ෂකයින් 800 කට අසුන්ගත හැකි රංග ශාලාව ද මෙයට ඇතුළත්ය.

එයට අමතරව පොළොන්නරුව නව මහනගර සභා ගොඩනැගිල්ල, ලක්ෂඋයන ප‍්‍රජා ශාලාව, මනම්පිටිය හෙළ බොජුන් හළ වැනි ව්‍යාපෘති සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 343 කි.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පිහිටි බෞද්ධ, හින්දු හා ඉස්ලාම් පූජනීය ස්ථානවල සංවර්ධනය වෙනුවෙන් සම්පූර්ණ කර ඇති ව්‍යාපෘති 15 ක් සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 55 කි. ඒ යටතේ දිස්ති‍්‍රක්කයේ විහාරස්ථාන ගණනාවකට නව සංඝාවාස, ධර්මශාලා, භික්ෂු නේවාසිකාගාර, දාන ශාලා ඇතුළු මූලික අවශ්‍යතා ගණනාවක්ම සපුරාලීමට කටයුතු කර ඇති අතර, හින්දු හා ඉස්ලාම් පූජනීය ස්ථාන ගණනාවකම ප‍්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ඒ යටතේ කටයුතු කර තිබේ.

එමෙන්ම නවීන තාක්ෂණික පහසුකම්වලින් යුත් නගරයක්, යල මහ දෙකන්නයේම නොකඩවා වගා කීරීමට ජලය සැපයීමට හැකි වන පරිදි වාරි ප‍්‍රතිසංස්කරණය, ජාතියේ ප්‍රෞඪ ඉතිහාසය මේ යැයි කියාපාන දැවැන්ත කෞතුකාගාරයක්, නාට්‍ය සංගීත ඇතුළු කලාවන්හි සුපෝෂණය සඳහා රංග ශාලා, ක්‍රීඩාංගණ හා කී‍්‍රඩා පිටි යනාදි වශයෙන් ජනතා අවශ්‍යතා ඉලක්ක කරගත් මහා සංවර්ධනයක් දියත්වී තිබේ.

Read More »

ගාල්ලට තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙන බව අගමැති පවසයි  

0 comments

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ඇතැම් මාධ්‍ය විවේචනය කරන්නේ එම ව්‍යාපෘති සැබැවින් දකින්නේවත් නැතිව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගාල්ලේ පැවති උත්සවයක දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ජපාන ආයෝජනයකට අනුව ගාල්ලේ ඉදිකළ ලී ග්‍රෑන්ඩ් සංචාරක හෝටලය විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිතයි. ඒ තුළින් රැකියා අවස්ථා රැසක් නිර්මාණය කෙරෙන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

වජිර අබේවර්ධන, ආචාර්ය සරත් අමුණුගම යන අමාත්‍යවරුන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ඇතුලු පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වුණා.

 

Read More »

එජාප අපේක්ෂකයා ගැන අජිත් මාන්නප්පෙරුම කියයි  

0 comments

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා අදහස් පළ කළා. ඒ ගම්පහ ශ්‍රී බෝධි විදුහලේ පැවති උත්සවයකදී.

අජිත් මාන්නප්පෙරුම,

Read More »

පළාත් සභා මැතිවරණය කල් යන්නේ නැහැ  

0 comments

පළාත් සභා මැතිවරණය කල් යන්නේ නැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා පවසනවා. ඒ පිළිබද වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසි පස් දෙනාටම පවතින බවයි අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ.

අමාත්‍ය ෆයිසර් මුස්තපා,

නව පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබද සිවිල් සමාජ කමිටුව මගින් සකස් කළ වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදීම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. ෆැප්රල් සංවිධානය ඇතුළු මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

Read More »

මෙක්සිකෝ ගුවන් අනතුරෙන් 85 කට තුවාල  

0 comments

මෙක්සිකෝවේ දුරන්ගෝ ප්‍රදේශයේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් අසූ පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් යානයේ 101 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා. තුවාල ලැබූවන් අතුරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ගුවන්තොටුපොලට කිලෝමීටර් 10 ක් පමණ ආසන්න ප්‍ර දේශයේදී හදිසි ගොඩබෑමක් සිදුකිරීමට සූදානම්වන අවස්ථාවේ ගුවන් යානය අනතුරට ලක්ව තිබෙනවා. අනතුරට හේතුව මෙතෙක් තහවුරුවී නොමැති අතර අයහපත් කාලගුණය ද ඊට බලපාන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.

 

Read More »

ශ්‍රී ලංකන් ගැන සෙවීමට පත් කළ කොමිසමේ කාලය වෙනස් වෙයි  

0 comments

ශ්‍රි ලංකන් එයාර් ලයින් , ශ්‍රි ලංකා කේටරින් සමාගම සහ මිහින් ලංකා (පුද්ගලික) සමාගම් සම්බන්ධයෙන් සිදු වූ බව කියන අක්‍රමිකතා සමබනධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාව තවත් මාස 5 කින් දිර්ඝ කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කළ මෙම දීර්ඝ කිරීමේ නියෝගය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කොමිසම අවසන් වීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේයි.

නමුත් 2018 දෙසැම්බර් මස 31 දක්වා කොමිසමේ කාලය දීර්ඝ කෙරෙන බව ගැසට් පත්‍රයේ සඳහන් වනවා.

2006 ජනවාරි මස 31 සිට 2018 ජනවාරි මස 31  දක්වු කාලය තුල අදාළ සමාගම්වල සිදු වු අක්‍රමිකතා විමර්ශනය කිරිම සඳහා මෙම ජනාධිපති  කොමිෂන් සභාව පිහිටවනු ලැබුවේ 2018 ජනවාරි මස 31වනදායි.

මෙම කොමිසමේ සාමාජිකයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ‍්‍රාමලත් විනිශ්චයකාර අනිල් ගුණරත්න, අභියාචනාධිකරණයේ විනිශ්චයකාර ඇතාඋඩ ආරච්චිගේ ගාමිණි රෝහන් අමරසේකර, මහාධිකරණයේ විශ‍්‍රාමලත් විනිශ්චයකාර පියසේන රණසිංහ, විශ‍්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති මල්ලවආරච්චිගේ දොන් ඇන්තනි හැරල්ඞ්, ශ‍්‍රී ලංකා ගිණුම් හා විගණන ප‍්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්තා ජයසීලි කපුගම යන මහත්ම මහත්මීන් ජනාධිපතිතුමා විසින් පත් කර තිබුණා.

ඒ අනුව මෙම නව කොමිසම මගින් අදාළ සමාගම්වල සිදුවූ පහත අක‍්‍රමිකතා පිළිබද සොයා බැලෙනවා.

01- මහා භාණ්ඩාගාරය, ලංකා බැංකුව, මහජන බැංකුව සහ යම් වෙනත් මූල්‍ය ආයතනයක් හෝ ආස්ථිත්‍යයක් විසින් මුල්‍ය සම්පත් යෙදවීම ඇතුළුව කොටස් ප‍්‍රාග්ධනය සහ ණය ගැනීමේ මාර්ගයෙන් අරමුදල් යෙදවීමේ සහ එබදු අරමුදල් ආයෝජනය කිරීම,

02- මිහින් ලංකා සමාගම ස්ථාපිත කරලීම, මෙහෙයුම් සහ නිමාකරලීම,

03- ශී‍්‍ර ලංකන් එයාර්ලයින්ස් සමාගම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් එයාර්ලයින්ස් සමාගම අතර එළඹී ගිවිසුම අවසන් කරලීම, සහ ඊට හේතුන් සහ එහි සංකීර්ණ ප‍්‍රතිඵල

04- ගුවන් යානා සහ යම් වෙනත් වත්කකම් මිලදී ගැනීම, විකිණිම, බදුදීම, විකිණිම සහ ආපසු බද්දට ගැනීම, පැවරුම, හුවමාරුව, මුදාහැරීම සහ බැහැර කිරීමට අදාළ ගිවිසුම් වලට එළඹීම, දීර්ඝ කිරිම, සහ අවලංගු කරලීම.

05- වටිනාකම රු මිලියන 50 ඉක්මවන ගුවන්යානා සහ යම් වෙනත් වත්කම් මිලදී ගැනීම, විකිණිම, බදුදීම, විකිණීම හා ආපසු බද්දට ගැනීම, පැවරුම, හුවමාරුව, මුදාහැරීම සහ බැහැර කිරීම ඇතුළුව භාණ්ඩ හා සේවාවන් ප‍්‍රසම්පාදනය සහ ගුවන් යානා සමූහය නැවත පිහිටුවීම.

06- භාණ්ඩ, සේවා හෝ යම් වෙනත් කර්තව්‍යයක් සැපයීම සදහා අනුයෝජිතයින්, තැරැව්කරුවන්, උපදේශකවරුන්, සමාගම් සහ යම් වෙනත් පුද්ගලයෙකු හෝ ආස්ථිත්‍යයක් බදවාගැනීම සහ පත්කරලීම.

07- අනෙකුත් රටවල්හි මාර්ග ජාලය සහ කාර්යාල විවෘත කරලීම, නඩත්තුව සහ අත්හිටුවාලීම.

08- ශ‍්‍රී ලංකන් එයාලයින්ස්, ශී‍්‍ර ලංකන් කේටරිං සහ මිහින් ලංකා යන සමාගම් අතර ගණුදෙනු.

09- බදවාගැනීම, පත්කරලීම, පාරිශ‍්‍රමිකය, උසස් කිරීම, ස්ථාන මාරුව, සේවක අපවර්තනය සහ විශ‍්‍රාම ගැන්වීම, අධ්‍යක්ෂ මණ්ඩලය, ප‍්‍රධාන විධායක නිලධාරින්, සභාපතිවරු සහ සෙසු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය පත් කරලීම ඇතුළුව මානව සම්පත් කළමනාකරණය.

10- මූල්‍ය වාර්තාකරණය, ආදළ ගිණුම්කරණ සහ විගණන ප‍්‍රමිතීන්ට අනුකුලව කි‍්‍රයා කිරීම, සහ මූල්‍ය සහ මෙහෙයුම් කාර්ය සාධනය සහ තත්ත්වය.

Read More »

ඇමරිකා රාජ්‍ය ලේකම්ගෙන් ඉල්ලීමක්  

0 comments

උතුරු කොරියාවට බලපෑම් කරන ලෙසට ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ආසියා රටවලින් ඉල්ලීමක් කළා. විශේෂ සමුළුවක් සිංගප්පූරුවේ දී අනිද්දා ආරම්භ වනවා. එහිදි රටවල් 27ක නියෝජිතයන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමයි සැලැස්ම. උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදා බලන බවට තොරතුරු භෙළිවුණා. ඒවා නතර කිරිම සඳහා ක‍්‍රියාමාර්ග ගන්නා බවයි ඇමරිකාව පවසන්නේ.

Read More »

බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශ නායකයන් අතර සාකච්ඡා  

0 comments

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ සහ ප‍්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ ලබන සිකුරාදා. යුරෝපා සංගමයට බලපාන කරුණු පිළිබඳවයි මූලික අවධානය යොමු වන්නේ. බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ වැඩපිළිවෙල ගැනද අදහස් හුවමාරු කරගන්නා බව අග‍්‍රාමාත්‍යවරිය ප‍්‍රකාශ කළා. රටවල් දෙක අතර සම්බන්ධතා තහවුරු කර ගැනීමත් අපේක්ෂාවක්.

Read More »

දුම්වැටියක මිල රුපියල් පහකින් ඉහළට  

0 comments

දුම්වැටියක් සදහා  රුපියල් තුනයි ශත අසූවක බද්දක් අය කිරීමත් සමග දුම්වැටියක මිල රුපියල් පහකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රුපියල් පනහක්ව පැවති දුම්වැටියක මිල රුපියල් පනස් පහ දක්වාත්, රුපියල් පනස්පහක්ව පැවති දුම්වැටියක මිල රුපියල් හැට දක්වාත් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දුම්වැටි භාවිතය අවම කිරීමට රජය මීට පෙර ප්‍රගතශීලී පියවර කිහිපයක්ම ගනු ලැබුවා. ඒ අනුවයි දුම්වැටි දවටනවලට රූපමය අවවාද එක් කෙරුනේ. මේ අතර ලබන වසර වන විට දුම්වැටිවලින් තොර නගර 200 ක් බිහි කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයාද පසුගියදා ප්‍රකාශ කළා.

Read More »

මෙක්සිකෝවේ ගුවන් අනතුරකින් 85 දෙනෙකුට තුවාල  

0 comments

මෙක්සිකෝවේ ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් අසූ පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙක්සිකෝවේ දුරන්ගෝ ප්‍රදේශයේදීයි මෙම ගුවන් යානය අනතුරට ලක්ව ඇත්තේ. අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් යානයේ 101 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා. තුවාල ලැබූවන් අතුරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ගුවන්යානය ගුවන්ගත කිරීමෙන් සුළු වේලාවකට පසු අනතුරට ලක්ව ඇති බව වාර්තා වනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ එරෝ මෙක්සිකෝ ගුවන් සේවයට අයත් AN 2431 නමැති යානයයි.

 

Read More »

ප්‍රංශයේ ස්මාර්ට් ජංගම දුරකතන තහනම් කෙරේ  

0 comments

ප්‍රංශයේ පාසල්වල ස්මාර්ට් ජංගම දුරකතන තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම ටැබ් යන්ත්‍ර වැනි වෙනත් අන්තර්ජාල සබදතා සහිත උපකරණ ද තහනම් වනු ඇති.

මෙම තහනම බලපැවැත්වෙන්නේ අවුරුදු තුනත් පහළොවත් අතර පාසල් දරුවන්ටයි. ප්‍රංශයේ උසස් පාසල්වල වයස අවුරුදු පහළොව සහ ඊට වැඩි දරුවන්ට මෙම තහනම බලපැවැත්වීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැහැ. මෙම නීතිය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ මැතිවරණ පොරොන්දුවක්. මෙම නව පනත හැට දෙකට එකක් ලෙස ප්‍රංශ පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා.

 

Read More »

පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ වෙළෙදසැල් 19 කට නඩු  

0 comments

ඇල්පිටිය , ඌරගස්මංහංදිය ප්‍රදේශයේ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ වෙළෙදසැල් 19 කට නඩු පවරා තිබෙනවා.

ආපනා ශාලා ඇතුළු වෙළෙඳසැල් 35 කට වැඩි සංඛ්‍යාවක් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. කල් ඉකුත්වූ ආහාර , කල් ඉකුත්වීමේ දින සදහන් නොකළ ආහාර ,ශීතාගාර නිසි ලෙස පවත්වාගෙන නොයාම , ආහාර තැන්පත් කිරීමේ ක්‍රමවේදවල වැරදි සහ අපිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන යන ආපන ශාලා පිළිබද මෙහිදී විශේෂ අවදානය යොමුකෙරුණා. ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයේ වැටලීම් ඒකකය සහ කරන්දෙණිය සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් වැටලීම සිදුකෙරුණා.

 

 

 

Read More »

ජනතා සුව සේවාව වෙනුවෙන් ඇමති රාජිතට උපහාර  

0 comments

ජනතා සුව සේවාව වෙනුවෙන් කළ මෙහෙවරට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට උපහාර පිරිනැමීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් සිදුකර ඇති කාර්යයන් ජාත්‍යන්තර ඇගයීමට ලක්ව තිබෙනවා. ඒ මහතාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරය පසුගිය මැයි මාසයේ ජිනීවා නුවර පැවති වාර්ෂික සැසි වාරයේ දී පිරිනැමෙන්නේ මෙය වඩාත් තහවුරු කරමින්. රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු විශේෂ කාර්යයන් රැසක් ආරම්භ කළා.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා,

අමාත්‍යවරයාගේ මෙම මෙහෙවරට උපහාර පිරිනැමීම සඳහා උපහාර උළෙල සංවිධාන කරන්නේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය එක්වයි.

 

 

Read More »

වර්ජනයේ වෙනසක් නැහැ – වෛද්‍යවරු කියයි  

0 comments

සැලසුම් කළ පරිදි තම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි යටි අරමුණ රාජපක්‍ෂ හස්තය යළි කරළියට ගෙන ඒම බව බොහෝ පාර්ශව පෙන්වා දෙනවා.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ පටු අරමුණු වෙනුවෙන් රෝගීන් බිල්ලට ගනිමින් මෙවැනි වැඩවර්ජන ක්‍රියාවට නංවනුයේ රජයේ වෛද්‍යවරුන් සඳහා උපරිම සහන සලසා තිබෙන පසුබිමකයි. එනම් වෛද්‍යවරුන්ට ලබා දෙන පැමිණීමේ ප්‍රවාහන දීමනාව හෙවත් ඩැට් දීමනාව සාමාන්‍ය වෛද්‍යවරයෙකුට රුපියල් 15,000කින් ද විශේෂඥ වෛද්‍යවරයෙකුට රුපියල් 25,000කින් ද ඉහළ දැමීමට මහ භාණ්ඩාගාරයේ අනුමැතිය හිමිව තිබෙනවා. එසේම රජයේ සියලුම වෛද්‍යවරුන්ට ඩැට් දීමනාව ලෙස රුපියල් 35,000ක් ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. හදිසි සේවා සඳහා පැමිණීම වෙනුවෙන් දැනට ගෙවන තිස් දහසක මුදල රුපියල් පනස් දහස දක්වා වැඩි කෙරුණා. විශේෂඥ වෛද්‍යවරුන්ට ගෙවන එම මුදල රුපියල් හැට දහස දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. සියලුම දීමනා සහිතව සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකුගේ වැටුප රුපියල් එක් ලක්‍ෂ හැටහත් දහසක් පමණ වනවා. විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වැටුප රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් බව ද සඳහන්. මීට අමතරව රුපියල් ලක්‍ෂ 36 ක බදු සහන සහිත වාහන බලපත්‍රයක් ද හිමියි. රජය කොතෙකුත් මෙවැනි දීමනා ලබා දුන්න ද ඔවුන් සැබෑ ලෙසම අදාළ රාජකාරියේ නිරතවී ඇති බව සොයා බැලීමට නිසි ක්‍රමවේදයක් නැහැ. මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුමට එරෙහි වන බව පවසමින් තම යටි අරමුණු ඉටුකර ගැනීමට අහිංසක ජීවිත බිල්ලට ගැනීම අතිශය අසාධාරණ බව බොහෝ දෙනා පෙන්වා දෙනවා.

Read More »

තිලංගට අර්ජුන හා අරවින්දග‍ෙන් පිළිතුරු  

0 comments

අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සිදු කළ තරග පාවා දීමක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ප්‍රකාශයක් කළා. එම ප්‍රකාශයට මාධ්‍ය හමුවකදී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් අද(31) පිළිතුරු ලබා දුන්නා. අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ද මේ පිළිබඳ තවත් මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූවා.

අර්ජුන රණතුංග-හිටපු ක්‍රිකට් ක්‍රීඩක,

 

Read More »

මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් කිරීමට කැබිනට් අනුමැතිය  

0 comments

මන්නාරම මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි.

කිතුනු බැතිමතුන්ගේ ගෞරවනීය පුදබිමක් වන මඩු දේවස්ථානය බෞද්ධ සහ හින්දු ජනතාවගේ ද වන්දනාමානයට පාත්‍රවන විශේෂ ආගමික ස්ථානයක්. වාර්ෂික මඩු මංගල්‍යයේදී මෙන්ම වසර පුරාම වන්දනාකරුවන් ද දෙස් විදෙස් සංචාරකයින්ද මඩු දේවස්ථානයට පැමිණෙනවා. යුද සමයේ සිදුවූ දැඩි අලාභ හානි සහ දිගුකලක් තිස්සේ ප්‍රතිසංස්කරණ සිදුනොකිරීම හේතුවෙන් දේවස්ථානය අවට ප්‍රදේශය අඩු පහසුකම් සහිත ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රවාහන , මහාමාර්ග , සනීපාරක්ෂක , ජල සැපයුම් ආදී පහසුකම් සංවර්ධනයටත් ප්‍රදේශයේ විශ්‍රාම ශාලා ඇතුළු නවාතැන් පහසුකම් සම්පාදනයටත් පියවර ගැනීමට ජනාධිපතිතුමා යෝජනාකර තිබෙනවා.

 

 

Read More »

ලබන වසර අවසන් වීමට පෙර ඡන්ද තුනක්  

0 comments

නියමිත කාලයට ඡන්ද පැවැත්වීම රජයේ අපේක්‍ෂාව බව මැතිඇමතිවරුන් පෙන්වා දෙනවා. කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කෙරුණා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ ඡන්ද පැවැත්වූ ආකාරය පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කරුණු හෙළි කළා.

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ,

 

 

 

Read More »

ප්‍රතිඵල එන තෙක් සිම්බාබ්වේ ඡන්ද දායකයන් නොඉවසිල්ලෙන්  

0 comments

සිම්බාබ්වේ මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වන තෙක් එරට ඡන්ද දායකයන් නොඉවසිල්ලෙන් බලා සිටිනවා.

සිම්බාබ්වේ මහ මැතිවරණය ඊයේ ඉතා සාමකාමීව පැවැත්වුණා. 75%ක පමණ පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ බවයි සිම්බාබ්වේ මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ. මෙම ඡන්ද විමසීමෙන් එරට පාර්ලිමේන්තුවට සාමාජිකයන් 210 දෙනෙකු හා නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතයි. සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ පාලනයෙන් පසු පැවති පළමු ඡන්ද විමසීම මෙයයි.

Read More »

ජාලිය වික්‍රමසූරියට යළි විවෘත වරෙන්තුවක්  

0 comments

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය යළි විවෘත වරෙන්තු නිකුත් කළා. පළමු සහ දෙවන ඇපකරුවන් වන බිරිද සහ ඥාති සහෝදරියකට ද නැවත වරෙන්තු නිකුත් කෙරුණා.

රජයේ මුදල් ඇමෙරිකා ඩොලර් තුන්ලක්ෂ තිස්දෙදහසක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට චෝදනා එල්ලවී තිබෙනවා. ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එහි පිටපතක් කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන පාලකවරයාට යවන ලෙස ද දැනුම් දුන්නා. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා මාස දෙකක කාලයක් සදහා විදෙස් ගතවූ සැකකරු නියමිත දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි මෙම වරෙන්තු නිකුත් කෙරුණේ.

Read More »

e චැනලින් රජයේ රෝහල්වලත් ක්‍රියාත්මකයි  

0 comments

මෙරට සෞඛ්‍ය සේවා කටයුතු තවදුරටත් පුළුල් කරමින් පෞද්ගිලක රෝහල්වලට පමණක් සීමා වී තිබූ ඊ චැනලින් සේවාව මේ වන විට රජයේ රෝහල්වලද ක්‍රියාත්මකයි. අම්පාර දිස්‍ත්‍රික් මහරෝහලේද එම සේවාව ඊයේ (30) ආරම්භ කෙරුණා.

භාහිර රෝගී අංශය සදහා පැමිණ රෝගීන්ට ඊ චැනලින් සේවාව ඔස්සේ කළින් වේලාවක් හා දිනයක් වෙන්කර ගැනීමේ අවස්ථාව  උදාවනවා.  දැනට පවත්නා සෞඛ්‍ය සේවා පද්ධතිය දියුණු කිරීම හා එය ගෝලීය වශයෙන් ඉහළ නැංවීම  මෙම ව්‍යාපෘතියේ අරමුණයි. සෞඛ්‍ය අමාත්‍යාංශය, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශය  සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ඒජන්සියයි ඒ සදහා දායක්වය ලබා දෙන්නේ. අම්පාර දිස්ත්‍රික් මහරෝහලේ ඊ චැනලින් සේවා කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශයයේ ලේකම් වසන්ත දේශප්‍රිය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන යන මහත්වරුන්ද සහභාගී වුණා.

කුමාරසිංහ සිරිසේන –  සභාපති  – ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය,

ඕනෑම දුරකථන ජාලයක් මගින් 0715 225 225 යන  දුරකථන අංකය ඇමතීමෙන් මෙම ඊ චැනලින් සේවාව ලබාගැනීමට අවස්ථාව උදාකර  දී තිබෙනවා. මේ ඔස්සේ රෝගීන්ට කාර්යක්ෂම සේවාවක් සැපයෙන්නේ ඔවුන්ගේ වටිනා කාලයද ඉතිරි කරමින්.

වෛද්‍ය ලංකා ජයසිංහ-අධ්‍යක්‍ෂ-අම්පාර දිසා රෝහල,

 

Read More »

රාජ්‍ය ආයතනවල සේවකයන් අනුමත සීමාවට පමණයි  

0 comments

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම උපදෙස්වලට පටහැනිව බඳවාගන්නා කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් අදාළ ආයතනයේ, රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා, දෙපාර්තමේන්තු ප්‍රධානියා, පළාත් ප්‍රධාන ලේකම්වරයා හා මූල්‍ය අංශයේ ප්‍රධානියා  විසින් වගකීම දැරිය යුතු යැයි මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අංක 03/2018 හා 2018.07.18 දිනැති චක්‍රලේඛයේ සඳහන්ව ඇත.

රජයේ ව්‍යවස්ථාපිත ආයතනයන්හි අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් එහි වගකීම භාරගත යුතුයැයි මෑතදී අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

පළාත් සභා ඇතුළු සියලුම රාජ්‍ය ආයතන විසින් සිය ආයතනවල දැනටමත් එවැනි සේවක පිරිස් ඇත්නම් ඒ පිළිබඳ සළකා බැලීම සඳහා එම සේවක සංඛ්‍යා හා ඔවුන්ගේ පඩි නඩි පිළිබඳ තොරතුරු, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත දැනුම්දිය යුතුයැයි එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව, මින් මතුවට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ හා මහා භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතියෙන් තොරව සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවන්නේනම් ඒ සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන භාර ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා අදාළ ආයතනයන්හි මූල්‍ය ප්‍රධානීන් වගකිව යුතු බවට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

Read More »

ඉන්දියාවේ එකම පවුලේ 07ක් සිය දිවි හානි කරගනී  

0 comments

ඉන්දියාවේ නැගෙනහිර රංචි නගරයේ එකම පවුලේ 07 දෙනෙකු සිය දිවි හානි කරගෙන තිබෙනවා. මව පියා පුතුන් දෙදෙනා එක් පුතකුගේ බිරිද සහ දරුවන් සිය දිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන්ගේ නිවසේ තිබී සිරුරු සොයාගෙන ඇති අතර කුඩා දරුවන් දෙදෙනකු ද  ඒ අතර සිටින බව සදහන්. ඔවුන් මිය යාමට හේතුව මෙතෙක් හෙලි වී නැහැ. පසුගිය ජූනි මාසයේදී ද නව දිල්ලි නුවරදී සිය දිවි හානිකරගත්  එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකු සිරුරු සොයාගැනුනා.

 

 

Read More »

ධම්මාලෝක හිමිට රට යන්න අවසර  

0 comments

බලපත්‍රයක් නොමැතිව ඇත් පැටවෙකු ළඟ තබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමකට ලක්ව සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේට විදේශ ගතවීම සඳහා කොළඹ මහාධිකරණය අවසර ලබාදුන්නා.

ඒ අනුව ධම්මාලෝක ස්වාමීන් වහන්සේට පනවා තිබූ විදෙස් ගමන් තහනම සැප්තැම්බර් 10 වනදා දක්වා ලිහිල් කිරීමට නියෝග කෙරුණා. අධිකරණයෙන් අවසර ගෙන විදේශගතවීමට පසුගියදා උත්සාහ කළද ගුවන්තොටුපොල බලධාරීන් ඊට ඉඩ ලබානොදුන් බව විත්තියේ නීතීඥවරයා මෙහිදී අධිකරණයට දන්වා සිටියා. ධම්මාලෝක ස්වාමීන් වහන්සේට විදේශගතවීමට නොහැකි වූයේ අධිකරණ නියෝගය වැරදි ලෙස වටහාගැනීම හේතුවෙන් බව රජයේ නීතීඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ධම්මාලෝක ස්වාමීන් වහන්සේට එරෙහිව වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත සහ පොදු දේපල පනත යටතේ අධි චෝදනා දෙකක් ගොනුකර තිබෙනවා.

 

 

 

Read More »

ඉන්දුනීසියාවේ නායයෑමෙන් විපතට පත් 600කට අධික පිරිසක් බේරාගැනේ  

0 comments

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ නායයාමක් හේතුවෙන් විපතට පත්ව සිටි 600කට අධික පිරිසක් බේරා ගැනීමට හැකිව තිබෙනවා.

රින්ජානි කදුකර ප්‍රදේශයේ සිර වී සිටියදීයි මෙම පිරිස සොයා ගෙන ඇත්තේ. පෙරේදා දිනයේදී ලොම්බොක් දූපත ආශ්‍රිතව රිච්ටර් පරිමාණ ඒකක 6.4ක භූ කම්පනයක් හට ගත්තා. ඒ හේතුවෙන් පුද්ගලයින් දහසය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 330 කට අධික පිරිසක් තුවාල ලැබුවා. 200කට අධික පොලිස් සහ හමුදා කණ්ඩායම් ඔවුන් බේරා ගැනීම සදහා එක්ව සිටියා.

 

 

Read More »

ඇෆ්ගනිස්ථානයේ පිපිරිමකින් 11ක් ජිවිතක්ෂයට  

0 comments

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ පිපිරිමකින් පුද්ගලයන් 11 දෙනෙක් ජිවිතක්ෂයට පත්වුණා. බස්රථයක් තුළ පිපිරිම සිදුව ඇති බවටයි එරට වාර්තා සදහන් කරන්නේ. මගියෙකු එම බෝම්බය රැගෙනවිත් ඇති බවට තොරතුරු වාර්තාවී තිබෙනවා. කාබුල් නගරයේ සිට හෙරාත් දක්වා ගමන් කරමින් තිබූ බස් රථයකයි පිපිරුම සිදුවුනේ.

Read More »

නියෝමාල් රංගජීව සහ එමිල් රන්ජන් යළි රිමාන්ඩ්  

0 comments

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද  (31) විභාගයට ගැනුණා. ඒ  කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදියි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව  සහ හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන් ලමාහේවා යන අය  ලබන 07 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ සිද්ධියට අදාළ පරීක්ෂණ වලදී හමුවූ ටී – 56 ගිනිඅවි 25 ක් සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂකවරයාගේ වාර්තාව මෙතෙක් ලැබී නැති බව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවයි. සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ඉල්ලා ගොණු කළ ප්‍රතිශෝධන පෙත්සම් කොළඹ මහාධිකරණය මීට පෙර ප්‍රතික‍්ෂේප කර තිබුණා.

 

 

 

Read More »

නොච්චියාගමදී සිදුවූ රිය අනතුරකින් දස දෙනෙකු තුවාල  

0 comments

අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ නොච්චියාගම ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගුවන් හමුදා බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ පැමිණි දස දෙනෙක්. තුවාල ලැබූවන් නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඉන් අට දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා. තුවාලකරුවන් තුන් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

 

 

Read More »

රාජ්‍ය සේවයේ ස්ථාන මාරුවීම් විදුහල්පතිවරුන්ටත් අදාළයි  

0 comments

රාජ්‍ය සේවකයින්ට බලපැවැත්වෙන ස්ථාන මාරුවීම් අධ්‍යාපන සේවයේ නිරත සියලුම නිලධාරීන්ට ද ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙයි. පසුගිය කාලයේ ගුරුවරුන් එකම පාසලේ වසර 30 ක් පමණ සේවය කළ අවස්ථා වාර්තා වූ බවත් නිසි පරිදි මාරුවීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කටයුතු කරමින් නැවතත් අධ්‍යාපන ක්ෂේත්‍රය විධිමත් සහ ක්‍රමානුකූල කිරීමට තමාට හැකි වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී වසර 8 කට වඩා එකම පාසලේ සේවය කරමින් සිටින ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට ද ස්ථාන මාරුවීම් ලබාදීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව තීරණය කර ඇති බවයි. කුලියාපිටිය කිරින්ඳව මහා විද්‍යාලයේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ඉදිකළ නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම වෙනුවෙන් පසුගියදා පැවති උත්සවයේ දී ඒ මහතා මේ බව සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන් මාරුකිරීමේ තීරණය සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් ඇතැම් මාධ්‍ය යොදාගනිමින් අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු සමාජගත කරමින් පාසල් ප්‍රජාව නොමග යැවීමට උත්සාහයක නිරතවන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ජ්‍යේෂ්ඨත්වය පමණක් නොව අධ්‍යාපන සුදුසුකම්, ශ්‍රේණිය හා නිපුණතා හා කුසලතා සහිතව විදුහල්පති භූමිකාව තුළ සිටිමින් පාසල්වල ඉටු කළ කාර්යභාරය ද සැලකිල්ලට ගනිමින් විනිවිදභාවයෙන් යුතු ලකුණු ලබාදීමේ පටිපාටියක් අනුව විදුහල්පතිවරුන් පත්කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read More »

ලිට්‍රෝ හිටපු සභාපති පිළිබඳ අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියෝග  

0 comments

සයිබර් ප්‍රහාරයක් මගින් තායිවානයේ ප්‍රසිද්ධ බැංකුවකින් මුදල් සොරකම් කළ බව කියන සිද්ධියට අදාලව ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ යන අය පිළිබඳ අගෝස්තු 8 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියෝග කෙරුණා.

ඇමෙරිකා ඩොලර් මිලියන 2104ක මුදලක් මෙසේ සොරකම් කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ශලීල මුණසිංහ යන අය සම්බන්ධ වෛද්‍ය වාර්තා පරීක්ෂා කර සතියක කාලයක් තුළ අධිකරණයට වාර්තා කරන ලෙසද කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. රහස් පොලිසිය එසේ නොකරන්නේ නම් ඊට අදාල සුදුසු නියෝගයක් එදිනට සිදුකරන බවද මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා. සැකකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකු බවත් මෙම සිද්ධිය වෙනත් රටක දී සිදුව ඇති බවත් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා. මෙම නඩුව ඔක්තෝබර් මස 10 වනදා යළි කැඳවීමට නියමිතයි.

 

 

 

 

Read More »

කැලි‍ෆෝනියා ලැව් ගින්නෙන් 08ක් මරුට  

0 comments

උතුරු කැලිෆෝනියාවේ ඇති වූ ලැව් ගින්න හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් තිබෙනවා. කැලිෆෝනියාවේ උතුරු ප්‍රදේශයේ පසුගිය 23 වනදා ලැව් ගින්නක් හටගත්තා. ඉන් හෙක්ටයාර දස දහසකට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ප්‍රදේශයට බලපා ඇති අධික සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පැතිර යන බවයි ආරක්ෂක අංශ සදහන් කරන්නේ.ජනතාව එම ප්‍රදේශ වලින් ඉවත් කිරීමට එරට බලධාරීන් කටයුතු කළා. ගින්න මැඩ පැවැත්වීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

 

 

 

 

 

Read More »

මිනිස් ජාවාරම් වැළැක්වීමට ගෝලීය වැඩපිළිවෙලක්  

0 comments

මිනිස් ජාවාරම් වැළැක්වීමට ගෝලීය වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටෙරස් ප‍්‍රකාශ කළා. විවිධ රටවල දේශසීමා ආශ‍්‍රිතව ගැටලු ගණනාවක් මතුව තිබෙනවා. ළමුන් සහ තරුණ කණ්ඩායම් සංක‍්‍රමණිකයන් ලෙස වෙනත් රටවලට යැවිමට උත්සාහ කිරිමයි ඊට හේතුව. ඉන් සිදුවන හානි වැළැක්වීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගතයුතු බවයි ජගත් මහ ලේකම්වරයා පවසන්නේ.

Read More »

අවිද්‍යාත්මකව සිදු කරන සම්බාහන ක්‍රම වලින් ජනතාව බේරා ගත යුතුයි  

0 comments

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය එක්ව සංවිධානය කරන ක්‍රීඩා සම්බාහන සහ භෞත චිකිත්සක ආධාරකරුවන් වෙනුවෙන් වූ පාඨමාලාව ආරම්භ කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (30) පස්වරුවේ සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“ක්‍රීඩා සම්බාහන සහ භෞත චිකිත්සක විෂය සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන මාතෘකාවක්. තරුණ තරුණියන් විශාල උනන්දුවක් දක්වනවා. භෞත චිකිත්සක සහ සම්බාහන පිළිබද වැරදි මතිමතාන්තර තිබෙනවා. වෛද්‍ය වෘත්තියත් වැරදි විදිහට භාවිතා කරන්න පුළුවන්. පැරණි රජ දවසේ ශ්‍රී ලංකාවේ තිබූ වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණූව උතුරුමැද පළාතේ නටඹුන් වලින් පැහැදිලි වෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා අද තිබෙන වෛද්‍ය විද්‍යාවට වඩා එදා තිබූ වෛද්‍ය ක්‍රම හොදයි කියලා. විදේශ ආක්‍රමණවලින් පසු එම වෛද්‍ය ක්‍රම විනාශ වුණා. හොද සම්බාහක ක්‍රම දේශීයව තිබුණා. ඒවා වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් චීනය වැනි රටවල පැරණි සම්බාහන ක්‍රමතවදුරටත් භාවිත කරනවා. බෝනොවන රෝග විශාල අභීයෝගයක්. ඒ සදහා ව්‍යායාම් කිරිම අත්‍යාවශයයි.වෛද්‍යමය වශයෙන් පිළිගන්නා සම්බාහන ක්‍රම අවශ්‍යයයි. එහිදී මෙවැනි පාඨමාලා ඉතාවැදගත් වෙනවා. දැනට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අවිද්‍යාත්මක සිදු කරන සම්බාහන ක්‍රමවලින් ජනතාව බේරා ගත යුතුයි.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥවෛද්‍ය අනිල් ජාසිංහ, අධ්‍යක්ෂ වෛද්‍ය සේවා ප්‍රියන්ත අතපත්තු, ශ්‍රී ලංකා පදනම්ආයතනයේ සභාපති සරත් කොන්ගහගේ මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Read More »

ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම හෙට සිට තෙදිනක් පුරා  

0 comments

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතා හිතසුව පිණිස සිංහල රජ දවසින් පසු ක්‍රියාත්මක කර ඇති යෝධ සංවර්ධන සැලැස්ම වන ,පිබිදෙමු පොළොන්නරුව, ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති තවත් සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම අගෝස්තු 1,2 සහ 3 යන දිනයන්හි පොළොන්නරුවේ දී සිදු කෙරේ. ජනපති, අගමැති, ඇමතිවරුන්, විද්වතුන් හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් අදාළ ජනගත කිරීම් සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ හයවන ජනාධිපතිවරයා ලෙස තේරි පත්වීමෙන් පසු 2015 වසරේදී ආරම්භ කරන ලද ,පිබිදෙමු පොළොන්නරුව, ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රු. කෝටි 6000 කි. එය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය උදෙසා සිංහල රජ දවසින් පසුව වෙන් කර ඇති දැවැන්තම මුදල වේ. එමගින් දිස්ත්‍රික්කය පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට සම්පූර්ණ කර ජනගත කර ඇති අතර, මෙම දින තුනක කාලය තුළ පමණක් ජනගත කිරීමට අපේක්ෂා කරනු ලබන්නේ තවත් ව්‍යාපෘති 180කි.

මෙමගින් වැඩිම ප්‍රතිලාභ අත්කර දෙනු ඇත්තේ රටේ අනාගතය බාරගැනීම සඳහා සූදානමින් සිටින දූ දරුවන් වෙතයි. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වත්මන් හා අනාගත පරපුර වෙනුවෙන් සිදුකරන දැවැන්තම ආයෝජනයේ තවත් එක් අදියරක් මෙමගින් සපුරා තිඛෙන අතර පාසල් 85 ක භෞතික සම්පත් සම්පූර්ණ කරමින් පන්ති කාමර ගොඩනැගිලි, සම්පත් මධ්‍යස්ථාන, තාක්ෂණික උපදේශන ඒකක, විදුහල්පති හා ගුරු නිල නිවාස, බහුකාර්ය ගොඩනැගිලි ආදි වශයෙන් පුළුල් පරාසයක විහිදෙන අවශ්‍යතා සපුරා දී තිබේ. පාසල් අධ්‍යාපනයට අයත් මෙම ව්‍යාපෘති 110 සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 665 කි.

සෞඛ්‍ය සම්පන්න නිරෝගි ජනතාවක් උදෙසා දිස්ත්‍රික්කය පුරා බටහිර හා ආයුර්වේද රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ ක්‍රියාන්විතයෙහි තවත් එක් අදියරක් සම්පූර්ණ කරමින් රුපියල් මිලියන 890 ක් වැය කරමින් ඉදිකර ඇති ව්‍යාපෘති 15 ක් මේ යටතේ ජනතා අයිතියට පැවරේ. හිඟුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලට අලූතින් එක්කර ඇති වකුගඩු රෝගී සායන ගොඩනැගිල්ල, දන්ත හා ශල්‍ය වෛද්‍ය ඒකකය, බකමුණ රෝහලෙහි පරිපාලන ඒකක ගොඩනැගිල්ල හා වකුගඩු සායන ගොඩනැගිලි, මනම්පිටිය රෝහලෙහි බාහිර රෝගී අංශය සඳහා සහ සායනික කටයුතු සඳහා ඉදිකළ ගොඩනැගිල්ල, මනම්පිටිය ආයුර්වේද රෝහලෙහි නව වාට්ටු ගොඩනැගිල්ල සහ අරලගංවිල රෝහලෙහි නව රසායනාගාර හා සුවදිවි ගොඩනැගිල්ල මෙන්ම දිස්ත්‍රික්කය පුරා රෝහල් කිහිපයක වෛද්‍ය නිලධාරි කාර්යාල සමඟ අනෙකුත් අවශ්‍යතා ඒ අනුව සම්පූර්ණ කර තිබේ.

උණගලා වෙහෙර, පුදුර් ඇතුළු ප්‍රදේශ තුනක පානීය ජල සම්පාදන ව්‍යාපෘති තුනක් සඳහා මෙන්ම රුපියල් දස ලක්ෂ 191 ක වියදමින් හිඟුරක්ගොඩ හා තමන්කඩුව යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන් සඳහා ඉදිකළ නිවාස ව්‍යාපෘති 15 ක් සහ රජයේ නිලධාරින් සඳහා ඉදිකරන ලද නව නිවාස ද මේ යටතේ සම්පූර්ණ කර ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව මූලික කර ගනිමින් සහ රටේ අනෙකුත් ප්‍රදේශ වලින් පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා දිස්ත්‍රික්කයේ පොදු පහසුකම් නංවාලීම යටතේ ව්‍යාපෘති 09 ක ඉදිකිරිම් අවසන් කොට තිබේ. මැදිරිගිරිය නගරයේ නව බස් නැවතුම්පොළ හා හිඟුරක්ගොඩ දෙමහල් වෙළෙඳ සංකීර්ණය ලංකාපුර ඉදිකර ඇති ප්‍රේක්ෂකයින් 800 කට අසුන්ගත හැකි රංග ශාලාව ද මෙයට ඇතුළත්ය. එයට අමතරව පොළොන්නරුව නව මහනගර සභා ගොඩනැගිල්ල, ලක්ෂඋයන ප්‍රජා ශාලාව, මනම්පිටිය හෙළ බොජුන් හළ වැනි ව්‍යාපෘති සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 343 කි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි බෞද්ධ, හින්දු හා ඉස්ලාම් පූජනීය ස්ථානවල සංවර්ධනය වෙනුවෙන් සම්පූර්ණ කර ඇති ව්‍යාපෘති 15 ක් සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 55 කි. ඒ යටතේ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන ගණනාවකට නව සංඝාවාස, ධර්මශාලා, භික්ෂු නේවාසිකාගාර, දාන ශාලා ඇතුළු මූලික අවශ්‍යතා ගණනාවක්ම සපුරාලීමට කටයුතු කර ඇති අතර, හින්දු හා ඉස්ලාමි පූජනීය ස්ථාන ගණනාවකම ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ඒ යටතේ කටයුතු කර තිබේ.

එමෙන්ම නවීන තාක්ෂණික පහසුකම්වලින් යුත් නගරයක්, යල මහ දෙකන්නයේම නොකඩවා වගා කිරීමට ජලය සැපයීමට හැකි වන පරිදි වාරි ප්‍රතිසංස්කරණය, ජාතියේ පෞඩ ඉතිහාසය මේ යැයි කියාපාන දැවැන්ත කෞතුකාගාරයක්, නාට්‍ය සංගීත ඇතුළු කලාවන්හි සුපෝෂණය සඳහා රංග ශාලා, කි්‍රඩාංගණ හා කී්‍රඩා පිටි යනාදි වශයෙන් ජනතා අවශ්‍යතා ඉලක්ක කරගත් මහා සංවර්ධනයක් දියත්වී තිබේ.

Read More »

උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්  

0 comments

අධ්‍යයන පොදුසහතික පත්‍ර උසස්පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (31) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ලබන සැප්තැම්බර් මස පළමුවනදා දක්වා මෙම තහනම බලපැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසන්නේ.  ඒ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම, මෙහෙයවීම, සම්මන්ත්‍රණ  හා වැඩමුළු පැවැත්වීම , අනුමාන ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, පෝස්ටර් අත්පත්‍රිකා ආදිය විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරී‍ම මෙන්ම ඒවා ලග තබා ගැනීම ද තහනම් වනවා.

මෙම නියෝග නොසලකා කටයුතු කරන්නන් විභාග පනත යටතේ වරදකරුවන් වන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා වැඩිදුරටත් පවසන්නේ.   මේ අතර හෙට (01) මධ්‍යම රාත්‍රියේ සිට 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පනත් පැවැත්වීමද තහනම් වනවා.

 

 

Read More »

දිස්ත්‍රික් 08 කට තද සුළං – කාලගුණයෙන් අනතුරු ඇගවීම්  

0 comments

දිවයිනේ දිස්ත්‍රික් 08 කට අද තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කාර්යේ නියුතු කාළගුණ  විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක,

 

 

 

 

Read More »

වවුනියාවේ ගවයින්ට වස දුන් පුද්ගලයන් සොයා මෙහෙයුම්  

0 comments

කෘමිනාශක යෙදූ ආහාර ලබාදීමෙන් ගවයින් මරා දැමීමේ සිද්ධියකට සම්බන්ධ අපරාධකරුවන් සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

වවුනියාව සෙට්ටිකුලම් තට්ටාන්පුරම්  ප්‍රදේශයේ තැනින් තැන ගවයින් මිය යාමේ සිද්ධියක්  පිළිබද විමර්ශනය  කිරීමේදීයී ගවයින්ට වස ලබා දී ඇති බව හෙලිවී ඇත්තේ. ගවයින් 04 දෙනෙකු මිය ගොස් ඇති අතර  09 දෙනෙකු රෝගාතුරව සිටින බව වවුනියාව පොලීසිය සදහන් කරනවා. ගවයින්ට වස දුන් පුද්ගලයින් සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

 

 

 

 

 

Read More »

කොරියානු රැකියා පෙන්වා මුදල් එක් කරන ජාවාරම්කරුවන්ට හසුනොවන්න  

0 comments

දකුණු කොරියාවේ රැකියා සදහා බදවාගැනීම් කටයුතු සිදුකරන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් පමණක් වන නිසා කොරියානු රැකියා ලබාදෙන බව පවසන වංචනිකයින්ට හසුවී ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොරියානු රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් එක් රැස් කරන වංචනිකයින් සම්බන්ධයෙන් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ දැඩි අවධානය යොමුවී ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසද විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදී ඇත.

දකුණු කොරියාවේ රැකියා සදහා බදවාගැනීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි සිදුකරනු ලැබේ. මෙම රැකියා අවස්ථා සදහා දේශපාලනික වශයෙන් හෝ වෙනත් බාහිර පුද්ගලයෙකුට කිසිදු බලපෑමක් සිදුකළ නොහැක. කොරියානු රැකියා පෙර විගමණික පුහුණුව ලබාදෙනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තෝරාගන්නා සුදුසුකම්ලත් පුහුණු උපදේශකයින් විසිනි.

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට භාෂා පුහුණුව ලබාදීම සදහා කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙකු නම්කර නොමැති අතර වගකීම්ද භාරදී නොමැ ති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහෙයින් කොරියානු රැකියා ලබාදෙන බව පවසන පුද්ගලයින්ට හෝ කොරියානු රැකියා ලබාදෙන බව පවසන වංචනික පුද්ගලයින්ට හසුනොවන ලෙසත් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින ලෙසත් කාර්යාංශය කොරියානු රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි.

Read More »

චීන සමාගම්වලින් මුදල් ගත් බවට හිටපු ජනපතිට ජවිපෙන් චෝදනා  

0 comments

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ඉදිකිරීම් කළ සෑම චීන සමාගමකින්ම මුදල් ලබාගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා  කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුවේ පැවති රැස්වීමකදී සහ එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කළුතර පැවති ජනහමුවකදී මේ බව සදහන් කළා.

පා.ම. අනුර කුමාර දිසානායක – නායක – ජනතා විමුක්ති පෙරමුණ,

 

 

 

Read More »

දෙවන පාසල් වාරය ලබන 03 වැනිදායින් අවසන්  

0 comments

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය ලබන 03 වැනි සිකුරාදායින් අවසන් වන අතර තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 සැප්තැම්බර් මස 03 වන සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය දෙවන අදියර 2018 අගෝස්තු මස 20 වන සඳුදායින් අවසන් වන අතර තෙවන පාසල් වාරය 2018 අගෝස්තු මස 27 වන සඳුදා ආරම්භ වේ.

Read More »

මෙරට පළමු හෙද පීඨය අරඹන බව සුව ඇමති කියයි  

0 comments

කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව මෙරට පළමු හෙද පීඨය ආරම්භ කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

අමාත්‍ය රාජිත සේනාරත්න,

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ වාර්ෂික සැසිවාරයට සහභාගී වෙමිනුයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ. මෙවර පැවැති අසූතුන්වන වාර්ෂික සැසිවාරයට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා.

 

 

 

Read More »

අවාරයේත් විශාල දොඩම් ඵලදාවක්  

0 comments

බිබිල කියූ පමණින් මතකයට නැගෙන්නේ දොඩම්. අවාරයේත් විශාල දොඩම් ඵලදාවක් ලබාගැනීමට බිබිලේ වැසියන්ට මෙවර හැකිව තිබෙනවා. එදා රටටම පැණි දොඩම් සැපයූවේ බිබිල ප්‍රදේශය ප්‍රමුඛ වෙල්ලස්සෙන් බව ඉතිහාස කරුණු ගෙන හැර දක්වනවා. එහෙත් පසුකාලයක දිලීර රෝගයක් වැළදීමෙන් බිබිලේ දොඩං වගාවට කණ කොකා හැඩීමට පටන් ගත්තා. ඒ නිසාම බිබිලේ ගොවීන්ද පැණි දොඩම් වගාවට එතරම් තැනක් දුන්නේ නැහැ. කෙසේ වෙතත් බිබිලේ පලතුරු ගෙවත්තක අවාරයේ වුවද පැණි දොඩම් හට ගන්නා ආකාරය අපට දැකගත හැකි වුණා. ඩබ්ලිව් ඒ ජයරත්න නම් ගොවි මහතා පවසන්නේ වාරයේදී රුපියල් පහට විකිණෙන දොඩම් ගෙඩිය අවාරයේ රුපියල් විසිපහත්, තිස්පහත් අතර මිලකට විකිණෙන බවයි. අක්කර විස්සක් පුරා ඔහු දොඩම් වගා කර තිබෙනවා.

ඩබ්ලිව් ඒ ජයරත්න මහතා,

 

 

Read More »

යාපනය රෝගීන්ගේ ඇසේ සුද ඉවත් කිරීමට යුද හමුදා සහය  

0 comments

ඇසේ සුද කඩිනමින් ඉවත් කළ යුතු යාපනයේ රෝගීන් සදහා එම ශල්‍ය කර්ම සිදු කිරීමට යුද හමුදාව මැදිහත් වී සිටිනවා.

කඩවත සිංහ සමාජ ස්වර්ණ ජයන්ති රෝහලේදී අදියර කිහිපයක් යටතේ මෙම රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම මේ වන විට සිදුවනවා. එහි දෙවන අදියර යටතේ රෝගීන් තිස් හය දෙනෙකු ශල්‍යකර්මවලට භාජනය කිරීම පසුගියදා සිදු කෙරුණා. පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේ ඇතුළු දිස්ත්‍රික් 306 බී සිංහ සමාජය ඒ සදහා අක්ෂි කාච ඇතුළු උපකරණ ලබාදීමේ දායකත්වය සැපයූවා. උතුරු ප්‍රදේශය භාර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ද මෙම අවස්ථාවට පැමිණ සිටියා.

 

Read More »

යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම අගෝස්තු 04දා සිට  

0 comments

මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙලා ගන්නා සමය බැවින් 2018 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කටයුතු වහාම අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  වී අලෙවි මණ්ඩලයට උපදෙස් දෙනු ලැබ ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව 2018 යල කන්නයේ වී අස්වනු නෙලීම මේ වනවිට නැගෙනහිර පළාතෙන් ආරම්භ වී තිබෙන නිසා එම ගොවීන්ගේ වී අස්වනු මිල දී ගැනීම ප්‍රථමයෙන්ම ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය තීරණය කළ බව එහි සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා පැවසීය.එම තීරණයට අනුව මෙවර යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම් කටයුතු අගොස්තු මස 04දා පෙරවරු 10.00ට අම්පාර දිස්ත්‍රික්කයේ උහන , කොහොඹාන ගම්මානයෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර, එම කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට  පියවර ගෙන ඇත.
මෙවර යල කන්නයේ දී කුඹුරු අක්කර ලක්ෂ හතරහමාරකට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබෙන අතර, ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1.4ක ඉහළ අස්වැන්නක්  අපේක්ෂා කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වුවද, මෙවර යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගැනීමට අපේක්ෂිත වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,20,000කි. ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වශයෙන් රජය රු. මි. 4900ක මුදලක් පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීම පරිදි අනුමත කරනු ලැබීය.
ගොවීන්ගේ වී අස්වනු මිල දී ගැනීම පමණක් නොව එම වී වලින් සකස් කරන ලද සහල් PMB Rice වෙළෙඳ නාමය යටතේ සතොස ඇතුළු වෙළෙඳ සැල්වලට සහන මිලකට ජනතාවට ලබා දීමට ද කටයුතු යොදා ඇත. මෙවැනි පියවරක් වී අලෙවි මණ්ඩලය විසින් අනුගමනය කරන්නේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයකි.
Read More »

ඉන්දීය අගමැති හා ඉම්රාන් ඛාන් අතර දුරකථන සාකච්ඡා  

0 comments

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉම්රාන් ඛාන් සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වුණා. කලාපයේ සාමය සහ ආරක්ෂාව පිළිබඳවයි මූලික අවධානය යොමු වුණේ. මැතිවරණ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා ඉම්රාන් ඛාන්ට සුබ පැතුම් එක්කර තිබෙනවා. දෙරට අතර හිතවාදී වාතාවරණයක් නිර්මාණය කර ගැනිම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි මැතිවරණයට පෙර පී ටී අයි පක්ෂ සාමාජිකයන් ප‍්‍රකාශ කළේ. එය ක‍්‍රියාත්මක කරන බව ඉම්රාන් ඛාන් සඳහන් කළා.

Read More »

උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලන බවට තොරතුරු හෙළි වෙයි  

0 comments

න්‍යෂ්ටික අවිහරණය පිලිබඳ එකඟතා නොසලකමින් උතුරු කොරියාව නව බැලැස්ටික් මිසයිල නිර්මාණය කරන බව ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවක් පෙන්වා දෙනවා. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගත් ඡායාරූප මගින් ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවක් පෙන්වා දෙන්නේ උතුරු කොරියාව තවමත්  මිසයිල කටයුතු සිදු කරන බවයි.  ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන්  අතර පසුගිය ජුනි මාසයේදී න්‍යෂ්ටික අත්හදාබැලීම් පිළිබඳ සාකච්ඡා පැවත්වුණා. එහිදී න්‍යෂ්ටික අවිහරණය පිළිබද දෙරටේ නායකයින් එකඟතාවකට පැමිණියා. ඒ අනුව පසුගියදා උතුරු කොරියාව මිසයිල අත්හදා බලන ස්ථානයක් විනාශ කල  බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

 

 

 

 

 

Read More »

විදේශ මුදල් තොගයක් හා මත්පැන් බෝතල් සමඟ තිදෙනෙකු  අත්අඩංගුවට  

0 comments

විදේශ මුදල් තොගයක් හා මත්පැන් බෝතල් 12 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක  අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගු නිලධාරීන් සමත් වුණා.

අත්අඩංගුවට ගත් විදේශ මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 13 කට ආසන්න වන අතර මත්පැන් බෝතල් වල වටිනාකම රුපියල් තිස් දහසක් පමණ වනවා. සැකකරුවන් දෙහිවල  ,වතුපිටිවල  හා දම්ඕවිට  ප්‍රදේශවල පදිංචිකරුවන්. මුදල් හා මත්පැන් රාජසන්තක කල බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළා.

 

 

 

Read More »

වසර පහළොවකට පසුව අඟහරු ග‍්‍රහයා පෘථිවියට ළං වේ  

0 comments

වසර පහළොවකට පසුව අඟහරු ග‍්‍රහයා පෘථිවියට ඉතා ආසන්න වනවා. අද (31) රාත‍්‍රියේ දී එහි විශාලත්වය හා දීප්තිය වැඩියෙන් ප‍්‍රදර්ශනය වන බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කළේ. අද (31) අඟහරු ගමන් කරන්නේ පෘථිවියට කිලෝ මීටර මිලියන 57.6ක් ආසන්නයෙන්. මෙය විශේෂ අවස්ථාවක් බවත් චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කළා.  අඟහරු ඇතුළු ග‍්‍රහලෝක ප‍්‍රදර්ශනය කිරිමේ නීරික්ෂණ කඳවුරක් කොළඹ විශ්ව විද්‍යාල ක‍්‍රීඩා පිටියේ දී අද (31) පැවැත්වෙනවා. ඒ රාත‍්‍රී හතේ සිට රාත‍්‍රී දහය දක්වා.

Read More »

උතුරු නැගෙනහිර කඩිනම් සංවර්ධනය ජනපති අධීක්ෂණයෙන්  

0 comments

දීර්ඝකාලයක් පුරා පැවති යුද්ධයෙන් පසුබෑමට ලක්වූ උතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පළමු වරට රැස්විය.

මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ එම සංවර්ධන වැඩපිළිවෙළ විධිමත් සහ කාර්යක්ෂම කරමින් ජනතාවට කඩිනම් ප‍්‍රතිලාභ ලබාදිය යුතු බවයි.

උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතය ගොඩනැංවිමට සහ එහි යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය පසුගිය වසර තුන හමාර තුළ පුළුල් වැඩකොටසක් ඉටුකළ ද ඒ පිළිබඳ ජනතාවට ප‍්‍රමාණවත් අවබෝධයක් ලැබී නොමැති බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම එම පළාත්වල ජනතාව අතර ජාතික සංහිඳියාව සහ සහජීවනය ගොඩනැංවීමට රජය ගෙන ගිය වැඩපිළිවෙළේ සාර්ථක ප‍්‍රතිඵල ලැබී ඇති බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

වසර 26 ක යුද්ධයෙන් උතුරු නැගෙනහිර පළාත්වල අඩාල වූ සංවර්ධනය සහ පසුබෑමට ලක්වූ ජන ජීවිත යළි ගොඩනංවමින් දිවයිනේ අනෙක් පළාත්වල පවතින සංවර්ධනය එම පළාත් දෙක සඳහා ද ලබාදීමට රජය ප‍්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

2018 ජූනි 05 වන දින විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිතුමා විසින් මෙම කාර්ය සාධක බලකාය පත් කරන ලදී. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමායි.

එම කාර්ය සාධක බලකායේ සාමාජිකයෙක් ලෙස අගමැතිවරයා ද කටයුතු කරයි. තවත් කැබිනට් අමාත්‍යවරු 15 දෙනෙක් , පළාතේ දෙකේ ආණ්ඩුකාරවරු හා පළාත් ප‍්‍රධාන අමාත්‍යවරු දෙදෙනා, අමාත්‍යාංශ කිහිපයක් ලේකම්වරු සහ ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානින්ගෙන් එම කාර්ය සාධක බලකාය සමන්විතය.

මෙම කාර්ය සාධක බලකාය විසින් උතුරු හා නැගෙනහිර පළාත්වල කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සොයා බලන අතර, තවදුරටත් කි‍්‍රයාත්මක කළයුතු නව ව්‍යාපෘති සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම සිදුකරයි. ප‍්‍රමුඛ අවශ්‍යතාව පිළිබඳ සලකා බලමින් එම ක්ෂේත‍්‍ර සහ පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් නව සංවර්ධන වැඩපිළිවෙළ කි‍්‍රයාත්මකය.

මේ යටතේ උතුරු නැගෙනහිර පළාත් තුළ නව සංවර්ධන කටයුතු රැසක් මේ වන විට හඳුනාගෙන තිබෙන අතර, ඉන් බොහොමයක් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය.

උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් නිවාස 50,000 ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ නිවාස 25,000ක ඉදිකිරීම් මෙම අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, තවත් නිවාස 10,000 ක ඉදිකිරීම් 2019 ජනවාරි මාසයේදී ආරම්භ කෙරෙනු ඇත.

පළාත් දෙකෙහි මාර්ග කි.මි 1847ක් පමණ සංවර්ධනය කිරීමට නියමිතව තිබේ. යාපනය, මයිලිටි ධීවර වරායේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.

එමෙන්ම පළාත් දෙකෙහි ග‍්‍රාමීය මාර්ග, පානීය ජලය, වාරිමාර්ග, කෘෂිකාර්මික, ආර්ථික මධ්‍යස්ථාන, පාසල්, රෝහල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන ඇතුළු සියලු යටිතල පහසුකම්වල ද පුළුල් සංවර්ධනයක් ඇති කිරීමට සැලසුම් කර තිබේ.

ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ද පුළුල් වැඩසටහනක් කි‍්‍රයාත්මක අතර අම්පාර සීනි කර්මාන්තශාලාව යළි ස්ථාපිත කිරීම, මඩකලපුව කඩදාසි කම්හල සහ මඩකලපුව සහල් කර්මාන්ත ශාලාව යළි ඇති කිරීම ඇතුළු කර්මාන්ත ක්ෂේත‍්‍රයේ පුනරුදය වෙනුවෙන් ව්‍යාපෘති 20 කට වැඩි ප‍්‍රමාණයක් කි‍්‍රයාවට නැංවීමට නියමිතය.

කඩිනමින් කි‍්‍රයාත්මකවන මෙම සංවර්ධන ව්‍යාපෘති මගින් එම පළාත් දෙකෙහි ජනතාවගේ ජන ජීවිත වඩා වේගයෙන් නව පරිවර්තනයකට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More »

Recent News

Gossip Lanka MAG