Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිය අනතුරු 05කින් 06 දෙනෙකු මියයයි – 12 දෙනෙකුට තුවාල  

Add comments

ඊයේ දිනයේ සිදු වූ රිය අනතුරු පහකින් හය දෙනෙකු මිය ගොස් දොළොස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මින්  හතරක්ම යතුරුපැදි අනතුරුවීම විශේෂත්වයක්.

බිබිල බදුල්ල ගම්මන ප්‍රදේශයේ දී යතුරුපැදියක් විදුලි රැහැන් කණුවක ගැටීමෙන් යතුරුපැදිකරු සහ පසුපැදිකරු මිය ගියා. යතුරුපැදිය පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවේ ගැටී තිබුණා.

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ දී පාපැදියක් තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී කොන්ක්‍රිට් කණුවක ද වැදීමෙන් පසුපැදිකරු මිය ගියා. යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

ලංගම බස් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගියා. අනතුර සිදුවුණේ ශ්‍රීපුර සිංහපුර ප්‍රදේශයේදීයි.

තවත් මාරක යතුරුපැදි අනතුරක් සිදුවුණේ මාතර දෙව්නුවර ප්‍රදේශයේදීයි. ටිපර් රථයක යතුරුපැදිය ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් යතුරුපැදිකරු මිය ගියා.

වෑන් රථයක් බෝක්කුවක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් දහ දෙනෙකු තුවාල ලැබුවා. රියදුරට නින්දයාමත් සමඟ රථය පාලනය කරගත නොහැකි වීම හේතුවෙනුයි එය බෝක්කුවේ ගැටී තිබෙන්නේ.

 

 

The post රිය අනතුරු 05කින් 06 දෙනෙකු මියයයි – 12 දෙනෙකුට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG