Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24 තුළ වැඩිම කෝවිඩ් මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වෙයි  

0 comments

ගතවූ පැය 24 තුළ වැඩිම කෝවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වූ අතර ලෝක කොරෝනා සටහනේ ආසාදිතයන් වාර්තාවීම අතින් ඉන්දියාව, බ්‍රසීලය පසු කිරීමට ඇත්තේ තවත් සුළු සංඛ්‍යාවක් බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඊයේ දිනය තුළ ඉන්දියාවෙන් සොයා ගැනුණු නව කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව හැට අටදහස ඉක්මවා ගියා.  මේ වන විට ඉන්දියාවෙන් වාර්තාවන මුළු කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව තිස්හය ලක්ෂ අනූඑක් දහස් එකසිය හැට හයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත තත්ත්වයත් සමග තමිල්නාඩුව වසා දැමීම ලබන  30 වනදා දක්වා දීර්ඝ කිරීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබෙනවා.මේ අතර වෛරස් ව්‍යාප්තිය සීඝ්‍ර වීම සහ රට වසා දැමීම හේතුවෙන් ඉන්දියාව දරුණු ආර්ථික කඩා වැටීමකට ලක්ව ඇති බව ආර්ථික විෂ්ලේෂකයින් පෙන්වා දෙනවා. මෙය 1996 න්පසු  එරට මුහුණ පෑ දරුණුතම ආර්ථික අවපාතය ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.

The post ගතවූ පැය 24 තුළ වැඩිම කෝවිඩ් මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

ඉන්දීය හිටපු ජනපතිගේ අභාවය වෙනුවෙන් දින 7ක ශෝක කාලයක්  

0 comments

ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතාගේ අභාවය වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතාට ගෞරව දැක්වීමක් වශයෙන් ඉන්දියා රජය මෙම ශෝක කාලය ප්‍රකාශයට පත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. සියලු විනෝදාස්වාද ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ප්‍රාන්ත ධජ අඩකුඹුකර තබන ලෙස එරට රජය සියලු ප්‍රාන්ත වෙත දැනුම් දී තිබෙනවා. දිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ඉන්දීය හිටපු ජනපති ප්‍රනාබ් මුකර්ජි මිය ගියා. මිය යන විට 84 වන වියේ පසුවුණා. ඔහුට කෝවිඩ් නයින්ටීන් වෛරසයද  ආසාදනය වී සිටි බව  ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

 

 

 

The post ඉන්දීය හිටපු ජනපතිගේ අභාවය වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් appeared first on ITN News.

Read More »

පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලිම්වලින් සැකකරුවන් 403ක් අත්අඩංගුවට  

0 comments

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ගෙවීගිය පැය 24 තුළ එම පළාතේ සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 403 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින්,  ගංජා, නීතිවිරෝධී මත්පැන්, අයිස් මත්ද්‍රව්‍ය හා ගෝඩා සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

කළුතර කොට්ඨාසයේ පයාගලදී ගංජා කිලෝග්‍රෑම් 05 ක් සමග සැකකරුවෙකු ද,  ගල්කිස්ස පොලිස් වසමේ දී මාවා ග්‍රෑම් 50 ක් සමගතවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

The post පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලිම්වලින් සැකකරුවන් 403ක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

විශ්වකෝෂ හා ශබ්දකෝෂ පවත්වාගෙන යාමට ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක්  

0 comments

විශ්වකෝශ සහ ශබ්දකෝෂ පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් සමන්විත ස්ථිර කාර්යාල ගොඩනැගිල්ලක් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කාර්යන් පිලිබද සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. එහිදී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගිනිමිනුයි විශ්වකෝෂය හා ශබ්දකෝෂය පවත්වාගෙන යාමට නිසි ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ. එම අඩුපාඩුව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා දැනුම් දුන් අවස්ථාවේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ගැටලුවට පිලියම් යෙදීමට කටයුතු කළා.

ජෝන් ද සිල්වා සමරු රගහල හා කලාභවන ප්‍රතිසංස්කරණ කටයුතු ද අග්‍රාමාත්‍යවරයා සොයා බැලුවා. රුපියල් මිලියන 1600 ක වියදමෙන් පිලිසකර කෙරෙන ජෝන් ද සිල්වා සමරු රගහලේ දෙවන අදියරේ ප්‍රතිසංස්කරණ සදහා නාවික හමුදාව හෝ යුද හමුදාව සම්බන්ධ කර ගැන්නැයි මෙහිදී උපදෙස් ලබා දුන්නා.

ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය 2020 සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමටයි කටයුතු කෙරුණේ. දිවයින පුරා අලුතින් ගොඩනගන සංස්කෘතික මධ්‍යස්ථාන 19 ඉදිරි මාස 03 තුළ විවෘත කරන ලෙසත් ඊට අවශ්‍ය කාර්ය මණ්ඩල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට ලබා ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නා.

රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය පසුගිය වසර හතර හමාර තුළ කිසිදු නඩත්තුවකින් තොරව පවත්වාගෙන ගිය බව එහි සභාපති රවින්ද්‍ර රන්දෙණිය මහතා මෙහිදී කියා සිටියා. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

The post විශ්වකෝෂ හා ශබ්දකෝෂ පවත්වාගෙන යාමට ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් appeared first on ITN News.

Read More »

ඉදිරියට තැබූ පය කිසිවිටකදීවත් ආපස්සට ගන්නේ නැහැ – ජන ජීවිතය නගාසිටුවනවා  

0 comments

ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා.

ජීවන වියදම් අනුකාරක සභාව හමුවේයි ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ.

ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ මංගල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍යනවරුන් වන බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ හා මහින්දානන්ද අළුත්ගමගේ රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, ශෂීන්ද්‍ර රාජපක්ෂ හා ලසන්ත අලගියවන්න ආර්ථික පුනර්ජීවන පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

දේශීය කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාව නගා සිටුවීමට ගත් තීරණ හේතුවෙන් කහ ඇතුළු පාරිභෝගික භාණ්ඩ කීපයක මිල ඉහළ ගොස් තිබෙනවා. මිල පාලනයට හෝ පහත හෙලීමට කහ ඇතුළු සෙසු භාණ්ඩ ආනයනය කළහොත් කිසිදු දිනයක අපේක්ෂිත අරමුණට ලගා විය නොහැකි බවයි ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ. කෙටි කාලීනව අපහසුතාවට පත් වුවද ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට ගත් පියවර ආපස්සට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී අවධාරණය කළා. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාමෙන් මධ්‍යම පාන්තිකයින්ගේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබදවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. 40% ක් වන ග්‍රාමීය ගොවි ජනතාවට ස්ථීර හා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමටනම් තම අස්වැන්නට ඉහළ මිලක් සහ ස්ථාවර වෙළද පොළක් රටතුළ පවතින බවට විශ්වාසය තහවුරු කළ යුතුයි. එසේ නොමැතිව ග්‍රාමීය ජනතාව කෘෂිකර්මාන්තයට දිරි ගැන්විය නොහැකි බව සදහන් කළ ජනාධිපතිතුමා පනවා ඇති සීමාවන් ඉවත් කිරීමේ අසීරුතාවද පෙන්වා දුන්නා.

විදේශ විනිමය අනුපාත පාලනයට සහ ඉහළ ණය බරින් මිදීමටත් ආනයනය සීමා කළ යුතු බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. ඉන්දියාව හා ඇමෙරිකාව යන රටවල් ද කොවිඩ් වසංගතයත් සමග ආනයන සීමා පනවා ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. දුප්පත්කම පිටු දැකීමට ක්‍රියාත්මක රැකියා ලක්ෂයෙන් අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරෙනවා. සමෘද්ධි ලාභීන්ගේ පෝෂණයට ඔවුන් දායක කරගත යුතුයි. ගෙවතු වගාව සහ බිත්තර සදහා කුකුළන් ලබාදීම මගින් ඔවුන්ගේ පෝෂණය සහ ජීවන මට්ටම ඉහළ නැංවිය හැකි බවද මෙම අනුකාරක සභවේදී ප්‍රකාශ කෙරුණා. භාණ්ඩ මිල ඉහළ යාමේදී නාගරික මධ්‍යම පාන්තිකයින් මුහුණ දෙන ගැටළු වලට විසදුම් ලබාදීමේ විධිමත් වැඩ පිළිවෙළක අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළා.

ගොවි අස්වැන්න සහන මිලකට ඍජුව පාරිභෝගිකයා වෙතම ලබා දීමට කොවිඩ් වසංගත සමයේ රජය පියවර ගත්තා. එම ක්‍රමවේදය අනුගමනය කිරීමෙන්  අතරමැදියන්ගෙන් සූරා කෑම වලක්වා ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත් නාගරික ජනතාව ඉහළ ජීවන බරින් නිදහස් කිරීමත් සමගාමීව සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී සදහන් කළා.

සතොස, සමූපාකාර, ගොවි ජන සේවා මධ්‍යස්ථාන හා ආරක්ෂක අංශ වලද සහය ඇතිව ගොවි අස්වැන්න ඍජුව පාරිභෝගිකයා වෙත බෙදා හැරීමට පියවර ගැනීම කෙරෙහිද අවධානය යොමු වුණා. රටපුරා ව්‍යාප්ත ආර්ථික මධ්‍යස්ථාන නිවැරදි ක්‍රමවේදයකට අනුගතකර ගොවි අස්වැන්න මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම කෙරෙහිද ජීවන වියදම් අනුකාරක සභාව අවධානය යොමු කළා. සතියකට වතාවක් වෙළදපොළ තත්ත්වය පිළිබද තමා දැනුවත් කරන්නැයි ජනාධිපතිතුමා නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ජාතික හා දිස්ත්‍රික් වශයෙන් පුද්ගලයෙකුට අවශ්‍ය ආහාර ප්‍රමාණය හදුනා ගැනීම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මගින් ගෙවතු වගා කළමණාකරණය සහ කුකුල් පාලනය ප්‍රචලිත කිරීම කෙරෙහි ඉදිරි පියවර ගතයුතු යැයි ආර්ථික පුනර්ජීවන පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙම අනුකාරක  සභාවේදී කියා සිටියා.

කවුපි, උදු, රටකජු, තල, කුරක්කන් හා ළූණු වගාවන් සාර්ථක වී ඇති නිසා ඉදිරියේදී ඒවා ආනයනය කිරීම අවශ්‍ය නොවන බවද නිලධාරීහු මෙහිදි පෙන්වා දුන්නා.

 

The post ඉදිරියට තැබූ පය කිසිවිටකදීවත් ආපස්සට ගන්නේ නැහැ – ජන ජීවිතය නගාසිටුවනවා appeared first on ITN News.

Read More »

චොකා මල්ලිට පාර්ලිමේන්තුවට යන්න නීතියෙන් ඉඩක් නැහැ – නීතිපති මහලේකම්ට දන්වයි  

0 comments

පවත්නා නීතිමය තත්ත්වය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ඉඩකඩ නොමැති බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

නීතිපති සම්බන්ධීකරණ ලේකම් අධී නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය මේ බව සදහන් කළා.

 

The post චොකා මල්ලිට පාර්ලිමේන්තුවට යන්න නීතියෙන් ඉඩක් නැහැ – නීතිපති මහලේකම්ට දන්වයි appeared first on ITN News.

Read More »

පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුගේ බල ප්‍රදේශ මාරු වෙයි  

0 comments

පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුගේ බල ප්‍රදේශ මාරු කෙරුණා. ඒ වයඹ සහ ඌව පළාත් වලයි.

වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙහි අද (31) දිව්රුම් දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේයි.

මේ අතර ඌව පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ රාජා කොල්ලුරේ මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. දිව්රුම් දීම සිදු කෙරුණේ ජනාධිපති කාර්යාලයේදීයි.

 

The post පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුගේ බල ප්‍රදේශ මාරු වෙයි appeared first on ITN News.

Read More »

පුපුරණ ද්‍රව්‍ය සහ ගිනිඅවි 3ක් නාවික හමුදා භාරයට  

0 comments

නීති විරෝධි ධීවර කටයුතු සදහා යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය සහ බලපත් නොමැතිව ලග තබාගෙන සිටි ගිනි අවි තුනක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඩෙල්ෆ්ට් දූපතේ වෙල්ලෙයි වෙරළ තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි ධීවර කටයුතු සදහා යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය සොයා ගැණුනේ. ඩෙටනේටර් දොළහක් ඒ අතර වනවා.

උතුරු නාවික විධානයට අයත් නාවික හමුදා සාමාජිකයන් මෙම වැටලීම සිදුකළා.

මේ අතර දකුණු නාවික විධානය අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව කළ වැටලීමකදී බලපත් රහිත ගිනිඅවි අත්අඩංගුවට ගැණුනේ.

 

 

The post පුපුරණ ද්‍රව්‍ය සහ ගිනිඅවි 3ක් නාවික හමුදා භාරයට appeared first on ITN News.

Read More »

අතේ මුදලට නැනෝ වතුර ෆිල්ටරයක් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට  

0 comments

දංකොටුවේ ලෙස්ලි සේනානායක මහතා විසින් නිෂ්පාදනය කරනු ලබන ටෙරාකොටා ජල පෙරහනය පිළිබද කරුණු විමසීමක් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් සිදු කළේ ය.

අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව පසුගියදා ලෙස්ලි සේනානායක මහතා අමාත්‍යාංශයට පැමිණියේය.

මෙම වතුර ෆිල්ටරය මගින් නීරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියකට අත්‍යවශ්‍ය පිරිසිදු නැවුම් ස්වභාවික සිසිල් ජලය ලබා ගත හැකි බව ලෙස්ලි සේනානායක මහතා පවසයි. වයඹ විශ්ව විද්‍යාලයේ නැනෝ
තාක්ෂණ පීඨාධිපති ජේෂ්ඨ මහාචාර්ය  C A N ප්‍රනාන්දු මහතා මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණයක් සිදුකරනු ලබයි.

මේ කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ අමාත්‍යවරයා ඉදිරියේ දී මෙම ජල පෙරහනය එහි ධාරිතාවය වැඩිකොට මහජනතාවට දැරිය හැකි මුදලට දේශීය වෙළඳපොලට මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොලට නිකුත් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම තම අමාත්‍යාංශය හරහා ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේ ය.

 

The post අතේ මුදලට නැනෝ වතුර ෆිල්ටරයක් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට appeared first on ITN News.

Read More »

ඇමෙරිකා යුද හමුදා ට්‍රක් රථයක් හා මොටර් රථයක් ගැටීමෙන් කොරියානු වැසියන් හතර දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇමෙරිකා යුද හමුදා ට්‍රක් රථයක් හා මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් කොරියානු වැසියන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උතුරු කොරියා දේශසීමාවට ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇති අතර මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයින් හතර දෙනායි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. එක් ඇමෙරිකා සෙබලෙක් සුලු තුවාල ලබා ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරනවා. ට්‍රක් රථයේ ගැටුණු මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති ආකාරය මාධ්‍ය වාර්තා කළා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලීසිය පවසන්නේ.

 

 

 

 

The post ඇමෙරිකා යුද හමුදා ට්‍රක් රථයක් හා මොටර් රථයක් ගැටීමෙන් කොරියානු වැසියන් හතර දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ ෆෝට්ලන්ඩ් නගරයේ විරෝධතා අඛණ්ඩව  

0 comments

කළු ජාතිකයින්ගේ මානව හිමිකම් කඩවීමට විරෝධය දක්වමින් මාස තුනක් පුරා අඛණ්ඩව ඇමෙරිකාවේ ෆෝට්ලන්ඩ් නගරයේ විරෝධතා ක්‍රියාත්මක වනවා.

ෆෝට්ලන්ඩ් නගරයේ ඊයේ පැවති උද්ඝෝෂණ අතරතුරදී වෙඩි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු මියගියා. ඊට විරෝධය දක්වමිනුයි නව විරෝධතා ආරම්භවී ඇත්තේ. විරෝධතා නීතිවිරෝධි බව පවසමින් පන්සියයක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය මැයි මාසයේ දී නිරෝයුධ කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමත් සමඟයි ෆෝට්ලන්ඩ් නගරයේ උද්ඝෝෂණ ආරම්භ වූයේ. ජාතිවාදයට හා අපහරණයට ඉඩ නොතබමින් ඇමෙරිකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රතිසංස්කරණ රැසක් සිදුකළ යුතු බව උද්ඝෝෂකයින් පෙන්වා දෙනවා.

 

 

 

 

The post ඇමෙරිකාවේ ෆෝට්ලන්ඩ් නගරයේ විරෝධතා අඛණ්ඩව appeared first on ITN News.

Read More »

රනිල් පාස්කු කොමිසමෙන් පිටව යයි  

0 comments

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පිටත්ව ගොස් තිබෙනවා.

The post රනිල් පාස්කු කොමිසමෙන් පිටව යයි appeared first on ITN News.

Read More »

ගායන ශිල්පී මොරිස් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි  

0 comments

සම්මානනීය ගායන ශිල්පී මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ අභාවප්‍රාප්තවී තිබෙනවා.

මොරිස් විජේසිංහයන් 1941 ඔක්තෝබර් 16 වැනි දා ගල්කිස්සේ උපත ලබා ඇති අතර මිය යන විට 79 හැවිරිදි වියේ පසුවිය.

මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ නම් මොහු 80 දශකයේදී චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස සම්මාන පිට සම්මාන ගනිමින් ජනප්‍රිය වුණා.

දූවිල්ලෙන් වත්සුනු තවරා, නිල් අහස් තලේ අගෙයි, ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න වැනි ජනප්‍රිය ගීත මොරිස් විජේසිංහයන් හඬින් ගීතවත් වුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) දින ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

The post ගායන ශිල්පී මොරිස් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

Read More »

රනිල් වික්‍රමසිංහ හා අකිල විරාජ් ජනපති කොමිසමට පැමිණෙයි  

0 comments

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත සාක්ෂි ලබාදීම සඳහා අද පැමිණියා.

අකිල විරාජ් කාරියවසම් මහතා පෙරවරු 09.40 ට කොමිසම වෙත පැමිණි බවයි අප වාර්තාකරු පවසන්නේ. මීට පෙරද ඒ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස්  ඒකකය වෙත පැමිණ සාක්ෂි ලබා දුන්නා. මේ වන විටත් ඔවුන් දෙදෙනා කොමිසම වෙත සාක්ෂි ලබා දෙමින් සිටිනවා.

මේ අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජනාධිපති කොමිසම ඉදිරිපිට පුද්ගලයකු උද්ඝෝෂණයක නිරත වනවා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්.

 

 

 

The post රනිල් වික්‍රමසිංහ හා අකිල විරාජ් ජනපති කොමිසමට පැමිණෙයි appeared first on ITN News.

Read More »

දකුණු දිග ඉතාලි මුහුදු තීරයේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

සරණාගතයින් රැගත් බෝට්ටුවක ඇති වූ ගින්නකින් එහි ගමන්ගත් සරණාගතයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දකුණු දිග ඉතාලි මුහුදු තීරයේදී සරණාගතයින් රැගත් එම බෝට්ටුව ගිණිගැනීමට ලක්ව ඇති අතර පුද්ගලයින් 20 දෙනෙකු පමණ එහි සිටි බවයි ඉතාලි පොලීසිය නිවේදනය කරන්නේ. ගින්නෙන් සරණාගතයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාරග සඳහන් කරන්නේ. ගිනිගත් බෝට්ටුවේ සිටි සරණාගතයින් බේරාගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද ගින්නට හසුව තුවාල ලබා තිබෙනවා. සරණාගතයින් රැගත් බෝට්ටුවේ සිදු වූ පිපිරීමකින් ගින්න හටගත් බවටයි වාර්තා වන්නේ.

 

 

 

 

The post දකුණු දිග ඉතාලි මුහුදු තීරයේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

නවසීලන්තයේ පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මුහුණු ආවරණ පැළදීම අනිවාර්‍ය කෙරේ  

0 comments

අද සිට නවසීලන්තයේ පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය වනවා.

ඒ සමඟම රට තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකිවනු ඇති බවටයි අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩන් විශ්වාසය පළකරන්නේ. කෙසේ වුවද ඕක්ලන්ඩ් නගරය තුළ නිරෝධායන නීති ලිහිල් ලකිරීමට පියවර ගෙන ඇති අතර මහජන එක්රැස්වීම් සඳහා පමණක් සීමා පනවා තිබෙනවා.

 

The post නවසීලන්තයේ පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මුහුණු ආවරණ පැළදීම අනිවාර්‍ය කෙරේ appeared first on ITN News.

Read More »

ස්පාඤ්ඤයේ කොරෝනා දෙවන වටයේ ව්‍යාප්තිය ඇරඹෙයි  

0 comments

ස්පාඤ්ඤය තුළ දෙවන වටයේ වෛරස ව්‍යාප්තියක් ආරම්භවී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ එරට පාසල් නැවත වරක් ආරම්භ කිරීමත් සමඟයි.

පාසල් ආශ්‍රිතව ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් නැවත වරක් පාසල් වසාදැමීම පිළිබඳව අවදානය යොමුව ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ. රට නැවතත් වසා දැමීම තුළින් ආර්ථිකය කඩාවැටීමට වැඩි ඉඩක් තිබුණ ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය පසුබට නොවන බව ඔවුන් තවදුරටත් නිවේදනය කරනවා.

 

The post ස්පාඤ්ඤයේ කොරෝනා දෙවන වටයේ ව්‍යාප්තිය ඇරඹෙයි appeared first on ITN News.

Read More »

දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තාගත කොරෝනා ආසාදිතයින් ගණනක්  

0 comments

දිනක් තුළ ඉන්දියාවෙන් හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (30) දිනයේදී වාර්තා වූ බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

ගතවූ පැය 24 ට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑනව දහස් හාරසිය පනස්හතක්. ඒ සමගම එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 36 ඉක්මවා තිබෙනවා.

ආර්ථිකය කඩාවැටීම වැළැක්වීම සදහා පනවා ඇති නීති ලිහිල් කිරීමත් සමගයි මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ.

 

The post දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තාගත කොරෝනා ආසාදිතයින් ගණනක් appeared first on ITN News.

Read More »

අකිල පාස්කු කොමිසමෙන් පිටව යයි  

0 comments

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පිටත්ව ගියා.

පැය දෙකකට අධික කාලයක් සිය ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පිටත්ව යන අවස්ථා‍වේ ඒ මහතා මාධ්‍ය වෙත මෙ‍ලෙස  අදහස් පල කළා.

The post අකිල පාස්කු කොමිසමෙන් පිටව යයි appeared first on ITN News.

Read More »

කිඹුලාඇල ගුණාගේ මත්ද්‍රව්‍ය ජාලයට අදාළ සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

කිඹුලාඇල ගුණා යන අපරාධකල්ලි සාමාජිකයාගේ මත්ද්‍රව්‍ය ජාලයට අදාළ සැකකරුවන් 8 දෙනෙකු ද මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ මත්කුඩු ග්‍රෑම් 70 ක්,  කඩු දෙකක් සහ රුපියල් විසිදහසක් ද සමගයි.

මේ අතර  මීගමුව ඒත්තුකාල ප්‍රදේශයෙදී ද හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තුන් දෙනෙකු අත්අඩංගුවට පත් වුණා. ඉන් එක් අයෙකු කාන්තාවක්.

 

 

The post කිඹුලාඇල ගුණාගේ මත්ද්‍රව්‍ය ජාලයට අදාළ සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

රන් භාණ්ඩ හා ලක්ෂ 10කට ආසන්න මුදලක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

උකස් ආයතනයකින් සොරකම් කළ රුපියල් ලක්ෂ 70 කට වඩා වටින රන් භාණ්ඩ හා මුදල් ගල්කිස්ස පොලීසිය මඟින් සොයාගෙන  තිබෙනවා.

රත්මලාන ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක්  කඩා ඊට ඇතුළු වී රන්භාණ්ඩ සහ මුදල් සොරකම් කර තිබුණා. ඉන් රුපියල් ලක්ෂ 70 කට අධික රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනුණේ පිලියන්දල ප්‍රදේශයේදී.

අත්පලදනා   27 ක් , මුදු 46 ක්, කරාබු  60 ක්, වලල්ලක් , රන්මාල දෙකක්, පෙන්ඩන්ට් 30 ක් ඇතුළු රන් භාණ්ඩ මෙලෙස සොයා ගෙන තිබෙනවා. සැකකරු පෞද්ගලික ආයතනයක පරිගණක ඉංජිනේරුවරයකු බවයි පොලීසිය පවසන්නේ. ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

 

 

The post රන් භාණ්ඩ හා ලක්ෂ 10කට ආසන්න මුදලක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

පසුගිය රජය සමයේ සිදුකළ මහාපරිමාණ ඖෂධ මාෆියාව පිළිබඳ විධිමත් විමර්ශනයක්  

0 comments

රෝගීන්ට ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදෙමින් පසුගිය රජය සමයේ සිදුකළ මහාපරිමාණ ඖෂධ මාෆියාව පිළිබඳ විධිමත් විමර්ශනයක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මැදවච්චිය ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

 

The post පසුගිය රජය සමයේ සිදුකළ මහාපරිමාණ ඖෂධ මාෆියාව පිළිබඳ විධිමත් විමර්ශනයක් appeared first on ITN News.

Read More »

අයිස් මත්ද්‍රව්‍ය සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට  

0 comments

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 481 ක් සමඟ තුන් දෙනෙකු බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැගුම්හලක මත්ද්‍රව්‍ය පානය කරන පිරිසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ සිදුකරගෙන යන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබද තොරතුරු හෙළිව තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි බම්බලපිටිය පොලීසිය පවසන්නේ. බම්බලපිටිය දුම්රිය ස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකරගෙන ගොස් ඇති මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

The post අයිස් මත්ද්‍රව්‍ය සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

මෝටර් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් 04 දෙනෙකුට තුවාල  

0 comments

මෝටර් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 04 දෙනෙකු තුවාල ලැබුවා.

දඹුල්ල හබරන ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේයි අනතුර සිදු වුණේ. ලොරි රථය නියමිත   ධාවන පථයේ ධාවනය වෙමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් වේගයෙන් පැමිණි මෝටර් රථය එහි ගැටී තිබෙනවා.

ඒ සමඟ ලොරි රථය පෙරලී මීටර් 30 ක් පමණ ඇදී ගොස්  තිබුණා. තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ දෙදෙනෙකු,  ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුයි.  සීගිරිය පොලීසිය අනතුර පිලිබද පරික්ෂණ සිදු කරනවා.

 

 

 

The post මෝටර් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් 04 දෙනෙකුට තුවාල appeared first on ITN News.

Read More »

දෙමටගොඩ චමින්දගේ සගයෙකු වූ තිළිණ නයනජිත් අත්අඩංගුවට  

0 comments

අපරාධ කල්ලි සාමාජික දෙමටගොඩ චමින්ද යන අයගේ සගයෙකු වූ කුඩු රුවන්ගේ පුතා වන තිළිණ නයනජිත් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සුඛෝපභෝගී ජීප් රථයක්ද සමඟයි.

 

 

The post දෙමටගොඩ චමින්දගේ සගයෙකු වූ තිළිණ නයනජිත් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනයට සියළු දෙනා එක්විය යුතුයි  

0 comments

මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා අපේ කියන හැගීමෙන් සියළු දෙනා එක්විය යුතු බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. රටේ ජාතික සම්පත් රැක ගැනීම සියළු දෙනාගේ වගකීම බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොලේ ඉදිරි සංවර්ධන කටයුතු සොයා බැලීම සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අද සහභාගී වුණා.

ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක යන මහත්වරුන්ද එම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා. ගුවන්තොටුපොලේ සෑම අංශයක් වෙතම ගිය අමාත්‍යවරුන් කාර්ය මණ්ඩලය සමඟද සාකච්ඡා කළා.

 

 

The post මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනයට සියළු දෙනා එක්විය යුතුයි appeared first on ITN News.

Read More »

ගිනස් වාර්තා අතරට එක්වූ ලොව වයස්ගතම විවාහක යුවළ  

0 comments

ලොව වයස්ගතම විවාහක යුවළ ලෙස ඉක්වදෝරයේ යුවළක් ගිනස් වාර්තා අතරට එක්ව තිබෙනවා.

ජුලියෝ  සීසර් මෝරා හා වෝල්ඩුමිනා මැක්ලොවියා විවාහ වී වසර 79 ක් වන බවයි ඔවුන් සඳහන් කරන්නේ. ජුලියෝගේ වයස වසර 110 ක් වන අතර වෝල්ඩුමිනාට වයස වසර 105 සපිරෙන්නේ එළඹෙන ඔක්තෝම්බර් මාසයටයි. මේ වන විට ඔවුන්ගේ වයස්වල එකතුව වසර 214 ක් සහ දින 358 ක් වන අතර ඒ සමඟම ලොව වයස්ගතම විවාහක යුවල ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබෙනවා. පාසල් නිවාඩුවක් අතරතුර මුණගැසුණු මොවුන් දෙදෙනා වසර 07 ක ඇසුරකින් පසු විවාහ දිවියට ඇතුළත්ව ඇති බවයි ගිනස් ලෝක වාර්තා කමිටුව සඳහන් කරන්නේ. 1941 වසරේ පෙබරවාරි 07 වන දින ඔවුන් විවාහ දිවියට ඇතුළත්ව ඇති බව  වාර්තා වනවා.

 

 

 

 

The post ගිනස් වාර්තා අතරට එක්වූ ලොව වයස්ගතම විවාහක යුවළ appeared first on ITN News.

Read More »

නායකත්වය ගැන කරූ ගොලුවෙද්දී වජිරත් නායකත්වයට සූදානම්  

0 comments

එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තම පරාජය හමුවේ අත්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කිසිවෙකුත් නම් කිරීමට තවමත් පක්ෂය අපොහොසත් වී සිටිනවා. තර්ක විතර්ක විවිධ අදහස් හමුවේ පක්ෂ අභ්‍යන්තර ගැටුම් පමණක් වර්ධනය වෙමින් පවතිනවා.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්‍ත්‍රී ධුරය සඳහා තීරණයක් ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අවස්ථා කිහිපයකදී රැස් වුණා. එහෙත් ඒ කිසිඳු අවස්ථාවක අවසන් තීරණයකට පැමිණීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වූයේ පක්ෂය තුළ පවතින අර්බුද රැසක් හමුවෙයි. මෙම මන්ත්‍රී ධුරය මෙන්ම එජාප නායකත්වය සම්බන්ධයෙන්ද දැඩි විවේචන  එල්ල වෙමින්  පවතිනවා.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදුටුවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විජේවර්ධන මහතා කියා සිටියේ මෙවර මහමැතිවරණයේ දී ජනතාව එක්සත් ජාතික පක්ෂයට අමතක නොවන පාඩමක් කියා දුන් බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජනබලවේගය අතර පවතින අර්බුදය විසදීමට පක්ෂ නියෝජිතයන්ගේ මැදිහත්වීමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා සහ තිස්ස අත්තනායක යන මහත්වරුන් ඒ සම්බන්ධයෙන් ප්‍රබල උත්සාහයක නිරත වෙමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

 

The post නායකත්වය ගැන කරූ ගොලුවෙද්දී වජිරත් නායකත්වයට සූදානම් appeared first on ITN News.

Read More »

බෙලරූස් රාජ්‍යයේ ජනපතිට ඉල්ලා අස්වන ලෙස බලකරමින් රටපුරා උද්ඝෝෂණ  

0 comments

බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ හට සිය තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් රටපුරා උද්ඝෝෂණ ක්‍රියාත්මක වනවා.

ජනාධිපතිවරයාට විරුද්ධව පැවැත්වෙන විරෝධතා සඳහා දහස් ගනණක් ජනතාව සහභාගී වී සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. උද්ඝෝෂකයන් පොලීසිය අතර සුළු ගැටුම් ද සිදු වූ බව සඳහන්. එහිදී පුද්ගලයින් 140 ක් පමණ අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

මෙම මස 09 වන දින පැවැත්වූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට විරුද්ධවයි මෙම උද්ඝෝෂණ  පැවැත්වෙන්නේ. වසර 26 ක් පුරා ජනාධිපති ධුරය හොබවන  ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ මැතිවරණය දූෂිත බව හා තනතුරෙන් ඉල්ලා අස්වීමද ප්‍රතික්ෂේප කරනවා.

 

 

 

 

The post බෙලරූස් රාජ්‍යයේ ජනපතිට ඉල්ලා අස්වන ලෙස බලකරමින් රටපුරා උද්ඝෝෂණ appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල අගමැතිට ඉල්ලා අස්වන ලෙස බලකරමින් තවදුරටත් උද්ඝෝෂණ  

0 comments

දූෂණ හා අක්‍රමිකතා චෝදනා හේතුවෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් තවදුරටත් උද්ඝෝෂණ ක්‍රියාත්මකයි.

පසුගිය මාස තුනක කාලය තිස්සේ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ඊශ්‍රායලය පුරා උද්ඝෝෂණ ක්‍රියාත්මක වනවා. ඔහුගේ නිල නිවස ඉදිරිපිටදී පැවැත්වෙන මෙම උද්ඝෝෂණ සදහා දහස් ගණනක පිරිසක් සහභාගි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහුට එල්ලවී ඇති දූෂණ චෝදනා හා කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට අසමත්වීම යන කාරණා හේතුවෙන් ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව උද්ඝෝෂකයින් සඳහන් කරනවා. අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව එල්ලවී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණයේ නඩු විභාග වන අතර සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

 

The post ඊශ්‍රායල අගමැතිට ඉල්ලා අස්වන ලෙස බලකරමින් තවදුරටත් උද්ඝෝෂණ appeared first on ITN News.

Read More »

පෝට්ලන්ඩ් නගරයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට  

0 comments

ඇමෙරිකා කළු ජාතිකයින්ගේ මානව හිමිකම් දිගින් දිගටම කඩවීමට  විරෝධය දක්වමින් පෝට්ලන්ඩ් නගරයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පෝට්ලන්ඩ් නගරයේ පැවති බ්ලැක් ලයිව්ස් මැටර් උද්ඝෝෂණයක් අතරතුරදී උද්ඝෝෂකයින් හා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පිරිසක් අතර හටගත් ගැටුමකදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බවට සැක පළ කෙරෙනවා. කෙසේ වුව ද ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් හෙළිව නැහැ. මේ අතර කෙනෝෂා ප්‍රදේශයේ ද කළු ජාතිකයන්ගේ මානව හිමිකම් කඩ කිරීමට විරුද්ධව උද්ඝෝෂණ ක්‍රියාත්මකයි. පසුගිය සතියේදී විස්කොන්සින් ප්‍රාන්තයේදී ජේකොබ් බ්ලේක් නමැති නිරායුද කළු ජාතිකයෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්වීමයි උද්ඝෝෂණවලට හේතු වී ඇත්තේ. වෙඩි ප්‍රහාර 7 ක් එල්ල කර ඇති අතර ඔහුට නැවත කිසිම දිනක ඇවිදීමට හැකියාව ලැබේ දැයි සැකයක් පවතින බවයි වෛද්‍යවරුන් සදහන් කරන්නේ.

 

The post පෝට්ලන්ඩ් නගරයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.

Read More »

කොලොම්බියාවේ ආර්ථිකය සියයට 8 යි දශම 5 කින් කඩා වැටෙයි  

0 comments

කොලොම්බියාව පනවා ඇති නිරෝධායන නීති ලිහිල් කිරීමත් සමගම එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට එරටින් හමුව ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ 6 කට ආසන්නයි. වෛරස අවදානම පහව ගොස් නොමැති හෙයින් වගකීමෙන් යුතුව ක්‍රියා කරන ලෙසයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එරට ආර්ථිකය සියයට 8 යි දශම 5 කින් කඩා වැටීමට ලක්ව තිබෙනවා.

The post කොලොම්බියාවේ ආර්ථිකය සියයට 8 යි දශම 5 කින් කඩා වැටෙයි appeared first on ITN News.

Read More »

ආර්ජන්ටිනාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යයි  

0 comments

ආර්ජන්ටිනාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. කෙසේ වුව ද පනවා ඇති නීති ලිහිල් කිරීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. ඒ අනුව එළිමහනේදී පුද්ගලයන් 10 දෙනෙකුට රැස්වීමට අවසර ලැබෙන අතර ඔවුන් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යය වනවා.

The post ආර්ජන්ටිනාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යයි appeared first on ITN News.

Read More »

ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට  

0 comments

ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගත වූ පැය 24 ට පමණක් එරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව හැත්තෑඅටදහස් හාරසිය හැත්තෑ දෙකක්. එය දිනකදී එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ද වනවා. ඒ සමගම ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ 35 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

The post ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට appeared first on ITN News.

Read More »

දකුණු දිග ස්පාඤ්ඤයේ ලැව් ගිනි වේගයෙන් ව්‍යාප්ත වෙයි  

0 comments

වියළි කාලගුණය හේතුවෙන් දකුණු දිග ස්පාඤ්ඤයේ ලැව් ගිනි වේගයෙන් ව්‍යාප්ත වන බව එරට මාධ්‍ය සඳහන් කරනවා.

ලැව්ගිනි ව්‍යාප්තියත් සමග 500 ක පමණ පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට හදිසි සේවා අංශ පියවර ගෙන තිබෙනවා. ලැව් ගිනි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට මූලික හේතුව වී ඇත්තේ අධික සුළං පැවතීමයි. තත්ත්වය පාලනය කිරීමට ගිනි නිවන භටයන් 200 දෙනෙකු පමණ සේවයට අනුයුක්ත කර ඇති අතර ගිනි නිවීමේ ගුවන් යානා 26 ක් ද යොදවා ඇති බව ආරක්‍ෂක අංශ සඳහන් කරනවා.

 

 

 

 

The post දකුණු දිග ස්පාඤ්ඤයේ ලැව් ගිනි වේගයෙන් ව්‍යාප්ත වෙයි appeared first on ITN News.

Read More »

රාත්‍රී ආහාර පාන අලෙවිසලක සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට  

0 comments

කොටිකාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී ආහාර පාන අලෙවිසලක සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

කොටිකාවත්ත ප්‍රදේශයේ ආහාරපාන අලෙවිසලක් තුළ තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග සිදු වූ බහින්බස්වීමකින් අනතුරුවයි මෙම ඝාතනය සිදුවී තිබෙන්නේ. සිද්ධියෙන් වෙළෙඳසලේ හිමිකරු ජීවිතක්‍ෂයට පත්වුණා. මෙහිදී සැකකාර පුද්ගලයන් දෙදෙනා වෙළෙඳසලේ හිමිකරුට පිහියකින් ඇන තුවාල කර ඇති අතර පසුව ඔහු ජාතික රෝහලට රැගෙන යාමෙන් අනතුරුවයි ජීවිතක්‍ෂයට පත්ව තිබෙන්නේ. කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි මොහොමඩ් මස්ලිම් මොහිදින් නමැති පුද්ගලයා මෙම ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්වූ අතර ඝාතකයන් සොයා වැල්ලම්පිටිය පොලීසිය මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

The post රාත්‍රී ආහාර පාන අලෙවිසලක සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.

Read More »

සුවය ලැබූ සංඛ්‍යාව 2,860ක් දක්වා ඉහළට  

0 comments

මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 2,860ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post සුවය ලැබූ සංඛ්‍යාව 2,860ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ජර්මනියේ නිරෝධායන නීතිවලට විරුද්ධව දහස් ගණන් ජනතාව උද්ඝෝෂණයේ  

0 comments

වෛරස ව්‍යාප්තිය වැලැක්වීමට ජර්මනිය පනවා ඇති නිරෝධායන නීතිවලට විරුද්ධව දහස් ගණන් ජනතාව උද්ඝෝෂණයේ නිතර වනවා.

බර්ලින් නගරයේ පැවති උද්ඝෝෂණ සඳහා 38000 ක පමණ පිරිසක් සහභාගී වූ බවයි මාධ්‍ය සඳහන් කරන්නේ. උද්ඝෝෂණ සාමකාමී මුහුණුවරක් ගත්ත ද එයට සහභාගී වූ 300 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. උද්ඝෝෂකයන් පොලීසිය හා ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ කළ බවයි පොලීසිය චෝදනා කරන්නේ.ඉතාලිය ස්පාඤ්ඤය බ්‍රිතාන්‍යය ඇතුළු තවත් යුරෝපා රටවල් රැසක මේ ආකාරයට පනවා ඇති නිරෝධායන නීතිවලට විරෝධය පල කරමින් උද්ඝෝෂණ පැවැත්වෙනවා.

 

 

 

 

The post ජර්මනියේ නිරෝධායන නීතිවලට විරුද්ධව දහස් ගණන් ජනතාව උද්ඝෝෂණයේ appeared first on ITN News.

Read More »

ජාතික ශිල්ප සභාවේ නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක්  

0 comments

ජාතික ශිල්ප සභාවේ පළාත් දිස්ත්‍රික් හා ප්‍රධාන කාර්යාලයේ සියලු නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.  වේවැල්, පිත්තල, මැටි, ලීබඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී කාර්ය මණ්ඩලය දැනුවත් කෙරුණා. මෙම ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ඉදිරියේ දී පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.  රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විජිත බණ්ඩාරනායක, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post ජාතික ශිල්ප සභාවේ නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකාව විශාල වෙනසකට පරිවර්තනයවීමේ කේන්ද්‍රස්ථානයකට පැමිණෙයි  

0 comments

ශ්‍රී ලංකාව තමන්ට ආවේණික සංවර්ධන මොඩලයක් නිර්මාණය කර ගැනීමේ මාර්ගයට පිවිස සිටින බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුව එම ක්‍රියාවලියේ සංවර්ධන සහකරුවා වෙමින් එය ඉටුකිරීමට අපේක්ෂාවෙන් සිටින බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් මහ බැංකු පරිශ්‍රයේ පැවති සංවත්සර දේශනය සිදුකරමින් මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා මේ බව කියා සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව ඉතා විශාල වෙනසකට පරිවර්තනයවීමේ කේන්ද්‍රස්ථානයට දැන් පැමිණ ඇති බවයි.

 

 

 

 

The post ශ්‍රී ලංකාව විශාල වෙනසකට පරිවර්තනයවීමේ කේන්ද්‍රස්ථානයකට පැමිණෙයි appeared first on ITN News.

Read More »

පාක්ෂිකයන් එජාපයට පාඩමක් කියා දුන්නා  

0 comments

මෙවර මැතිවරණයේ දී පාක්ෂිකයන් එක්සත් ජාතික පක්ෂයට පාඩමක් කියාදුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් විජේවර්ධන මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව ප්‍රකාශ කළේ.

 

 

 

 

 

 

 

 

The post පාක්ෂිකයන් එජාපයට පාඩමක් කියා දුන්නා appeared first on ITN News.

Read More »

රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු මියයයි  

0 comments

කිළිනොච්චිය ඒ 9 මාර්ගයේ 155 හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු මිය ගියා.

ඒ 9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය නගරයේ සිට භාරතීපුරම් දෙසට ගමන්ගත් ටිපර් රථයක යතුරුපැදියක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ. කිළිනොච්චිය පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ සිට යතුරුපැදියකින් ගමන් කළ සෙබලෙකු මෙම අනතුරට මුහුණ දුන්නා. ටිපර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි කිළිනොච්චිය පොලිසිය සඳහන් කළේ. අනතුරෙන් මිය ගියේ මයිල්ගස්වැව ප්‍ර දේශයේ පදිංචි දනපාලගේ රෝෂාන් නමැති සෙබලෙකුයි.

මේ අතර අද උදෑසන ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දඩැල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මාතර සිට පොලොන්නරුව දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූවන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසීය වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙනවා.

 

The post රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු මියයයි appeared first on ITN News.

Read More »

කේරල ගංජා තොගයක් උතුරු පළාතට බෙදාහරිමින් සිටි තුන්දෙනෙකු අත්අඩංගුවට  

0 comments

ඉන්දියාවෙන් ගෙන්වනලද කේරල ගංජා තොගයක් උතුරු පළාතට බෙදාහරිමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. වව්නියාව යුද හමුදා බුද්ධි අංශය හා පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශය එක්ව සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. ජාවාරම්කරුවන් භාවිතකළ සුඛෝපභෝගී මෝටර් රථයක් සහ තවත් කුඩා මෝටර් රථයක් ද මෙහිදී පොලිස් භාරයට ගැනුනා.

ගංජා ග්‍රෑම් 8ක් සමඟ දෙහිවල සුජාතා මාවතේ දී මාලදිවයින් ජාතිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහිවල පොලිසියයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මේ අතර විශේෂ කාර්ය බලකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව තනමල්විල සූරියආර ප්‍රදේශයේ වැටලීමක් සිදු කෙරුණා. එහිදී වියළි ගංජා කිලෝග්‍රෑම් 4ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

The post කේරල ගංජා තොගයක් උතුරු පළාතට බෙදාහරිමින් සිටි තුන්දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

මහාචාර්ය අසංග තිලකරත්න රචනා කළ කෘති 8 ක් එළිදැක්වේ  

0 comments

සේවාර්ජිත මහාචාර්ය අසංග තිලකරත්න මහතා සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් රචනා කළ කෘති අටක් එළිදැක්වුනා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

දර්ශනය හා ආචාර  විද්‍යාව, බෞද්ධ නූතන අධ්‍යයනය, බෞද්ධ සාහිත්‍ය සහ සංස්කෘතිය ආදී ක්ෂේත්‍ර පිළිබදව මෙම ශාස්ත්‍රිය ග්‍රන්ථ රචනාවී තිබෙනවා. පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණේ. බෙල්ලන්විල රජමහා විහාරධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සේවාර්ජිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා ද විශේෂ දෙසුමක් පැවැත්වුණා.

 

The post මහාචාර්ය අසංග තිලකරත්න රචනා කළ කෘති 8 ක් එළිදැක්වේ appeared first on ITN News.

Read More »

හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

රුපියල් ලක්ෂ 8ක වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වුණා. කඩුවෙල සිට බලංගොඩ දක්වා ප්‍රදේශවලට ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදා හැරීමේ නිරතව සිටි මාළඹේ ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු සහ ඔහුට හොරායින් සැපයූ පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.පහළ හංවැල්ල ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණා.

පොතුවිල් පොලිස්වසමේ රොට්ටකුලම් කැලෑබද ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරෙයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 330 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර පිටකොටුව පොලිස් වසමේ පළමු රෝහිණී පටුමගේ සිදු කළ වැටලීමකදීද හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 120 ක් සමඟ 39 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය  මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

The post හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

සෞඛ්‍ය උපස්ථායකයන් ලෙස උසස් වීම් ලැබූ 110 දෙනෙකුට පත්වීම්  

0 comments

දකුණු පළාතේ සීමිත බඳවාගැනීම් යටතේ සෞඛ්‍ය උපස්ථායකයන් ලෙස උසස් වීම් ලැබූ 110 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය ගාල්ල ලබුදූව දක්ෂිණපාය ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා. ඒ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

සභාව ඇමතූ ආණ්ඩුකාරවරයා නව පත්වීම් ලාභීන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ට ලැබෙන වගකීම් විශිෂ්ඨ ලෙස ඉටු කර ජනතා සේවයට කැප වන ලෙසයි. මෙම අවස්ථාවට දකුනු පළාත් ප්‍රධාන සෞඛ්‍ය ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා ඇතුළු පිරිසක් එක්වුණා.

 

 

 

The post සෞඛ්‍ය උපස්ථායකයන් ලෙස උසස් වීම් ලැබූ 110 දෙනෙකුට පත්වීම් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG