Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉදිරියට තැබූ පය කිසිවිටකදීවත් ආපස්සට ගන්නේ නැහැ – ජන ජීවිතය නගාසිටුවනවා  

Add comments

ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා.

ජීවන වියදම් අනුකාරක සභාව හමුවේයි ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ.

ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ මංගල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍යනවරුන් වන බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ හා මහින්දානන්ද අළුත්ගමගේ රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, ශෂීන්ද්‍ර රාජපක්ෂ හා ලසන්ත අලගියවන්න ආර්ථික පුනර්ජීවන පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

දේශීය කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාව නගා සිටුවීමට ගත් තීරණ හේතුවෙන් කහ ඇතුළු පාරිභෝගික භාණ්ඩ කීපයක මිල ඉහළ ගොස් තිබෙනවා. මිල පාලනයට හෝ පහත හෙලීමට කහ ඇතුළු සෙසු භාණ්ඩ ආනයනය කළහොත් කිසිදු දිනයක අපේක්ෂිත අරමුණට ලගා විය නොහැකි බවයි ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ. කෙටි කාලීනව අපහසුතාවට පත් වුවද ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට ගත් පියවර ආපස්සට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී අවධාරණය කළා. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාමෙන් මධ්‍යම පාන්තිකයින්ගේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබදවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. 40% ක් වන ග්‍රාමීය ගොවි ජනතාවට ස්ථීර හා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමටනම් තම අස්වැන්නට ඉහළ මිලක් සහ ස්ථාවර වෙළද පොළක් රටතුළ පවතින බවට විශ්වාසය තහවුරු කළ යුතුයි. එසේ නොමැතිව ග්‍රාමීය ජනතාව කෘෂිකර්මාන්තයට දිරි ගැන්විය නොහැකි බව සදහන් කළ ජනාධිපතිතුමා පනවා ඇති සීමාවන් ඉවත් කිරීමේ අසීරුතාවද පෙන්වා දුන්නා.

විදේශ විනිමය අනුපාත පාලනයට සහ ඉහළ ණය බරින් මිදීමටත් ආනයනය සීමා කළ යුතු බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. ඉන්දියාව හා ඇමෙරිකාව යන රටවල් ද කොවිඩ් වසංගතයත් සමග ආනයන සීමා පනවා ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. දුප්පත්කම පිටු දැකීමට ක්‍රියාත්මක රැකියා ලක්ෂයෙන් අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරෙනවා. සමෘද්ධි ලාභීන්ගේ පෝෂණයට ඔවුන් දායක කරගත යුතුයි. ගෙවතු වගාව සහ බිත්තර සදහා කුකුළන් ලබාදීම මගින් ඔවුන්ගේ පෝෂණය සහ ජීවන මට්ටම ඉහළ නැංවිය හැකි බවද මෙම අනුකාරක සභවේදී ප්‍රකාශ කෙරුණා. භාණ්ඩ මිල ඉහළ යාමේදී නාගරික මධ්‍යම පාන්තිකයින් මුහුණ දෙන ගැටළු වලට විසදුම් ලබාදීමේ විධිමත් වැඩ පිළිවෙළක අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළා.

ගොවි අස්වැන්න සහන මිලකට ඍජුව පාරිභෝගිකයා වෙතම ලබා දීමට කොවිඩ් වසංගත සමයේ රජය පියවර ගත්තා. එම ක්‍රමවේදය අනුගමනය කිරීමෙන්  අතරමැදියන්ගෙන් සූරා කෑම වලක්වා ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත් නාගරික ජනතාව ඉහළ ජීවන බරින් නිදහස් කිරීමත් සමගාමීව සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී සදහන් කළා.

සතොස, සමූපාකාර, ගොවි ජන සේවා මධ්‍යස්ථාන හා ආරක්ෂක අංශ වලද සහය ඇතිව ගොවි අස්වැන්න ඍජුව පාරිභෝගිකයා වෙත බෙදා හැරීමට පියවර ගැනීම කෙරෙහිද අවධානය යොමු වුණා. රටපුරා ව්‍යාප්ත ආර්ථික මධ්‍යස්ථාන නිවැරදි ක්‍රමවේදයකට අනුගතකර ගොවි අස්වැන්න මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම කෙරෙහිද ජීවන වියදම් අනුකාරක සභාව අවධානය යොමු කළා. සතියකට වතාවක් වෙළදපොළ තත්ත්වය පිළිබද තමා දැනුවත් කරන්නැයි ජනාධිපතිතුමා නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ජාතික හා දිස්ත්‍රික් වශයෙන් පුද්ගලයෙකුට අවශ්‍ය ආහාර ප්‍රමාණය හදුනා ගැනීම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මගින් ගෙවතු වගා කළමණාකරණය සහ කුකුල් පාලනය ප්‍රචලිත කිරීම කෙරෙහි ඉදිරි පියවර ගතයුතු යැයි ආර්ථික පුනර්ජීවන පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙම අනුකාරක  සභාවේදී කියා සිටියා.

කවුපි, උදු, රටකජු, තල, කුරක්කන් හා ළූණු වගාවන් සාර්ථක වී ඇති නිසා ඉදිරියේදී ඒවා ආනයනය කිරීම අවශ්‍ය නොවන බවද නිලධාරීහු මෙහිදි පෙන්වා දුන්නා.

 

The post ඉදිරියට තැබූ පය කිසිවිටකදීවත් ආපස්සට ගන්නේ නැහැ – ජන ජීවිතය නගාසිටුවනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG