Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගම්පහ දිස්ත්‍රික් ව්‍යවසායක කර්මාන්ත ප්‍රදර්ශනය නයිවල සතිපොල භූමියේදී  

0 comments

ගම්පහ දිස්ත්‍රික් ව්‍යවසායක කර්මාන්ත ප්‍රදර්ශනය නයිවල සතිපොල භූමිය ආශ්‍රිතව පැවැත්වුණා.

ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය, කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්වයි මෙය සංවිධාන කර තිබුණේ. ආහාර, රෙදිපිළි, හස්ත කර්මාන්ත නිෂ්පාදන ආදියෙන් එය සමන්විත වුණා. ප්‍රදර්ශනය විවෘත කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

 

 

 

The post ගම්පහ දිස්ත්‍රික් ව්‍යවසායක කර්මාන්ත ප්‍රදර්ශනය නයිවල සතිපොල භූමියේදී appeared first on ITN News.

Read More »

නව ආයෝජන වෙනුවෙන් ඉඩම් කොටස් 57ක් සඳහා කැබිනට් අනුමැතිය  

0 comments

මෙරට අධ්‍යාපන ක්‍රමයෙන් ව්‍යවසායක මානසිකත්වයක් ඇති පිරිස් බිහි නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එබැවින් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

නව ආයෝජකයන් සඳහා කර්මාන්තපුරයන්හි ඉඩම් ප්‍රදානය කිරීම සඳහා පැවති උත්සවයක් අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. දිවයින පුරා පිහිටුවා ඇති කර්මාන්තපුර 32 ක් තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 3188ක් රජය ආයෝජනය කර තිබෙනවා. මේ වසරේදී නව ආයෝජන වෙනුවෙන් ඉඩම් කොටස් 57 ක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

The post නව ආයෝජන වෙනුවෙන් ඉඩම් කොටස් 57ක් සඳහා කැබිනට් අනුමැතිය appeared first on ITN News.

Read More »

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කමිටු වාර්තාව ජනපතිට  

0 comments

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දෙනු ලැබිණ.

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද විශාල ගැටලුවකි. නිසි ලෙස කළමනාකරණය නොකරන ලද ඝණ අපද්‍රව්‍ය නිසා පරිසරය සහ ජලය දූෂණය වීම, විවිධ රසායනික ද්‍රව්‍ය පසට එකතුවීම වැනි අහිතකර ප්‍රතිවිපාක රාශියක් ඇති කරයි.

කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මස පත් කරනු ලැබීය. ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා එහි සභාපතිවරයා විය.

කමිටු නිර්දේශයේ ඇතුළත් වාර්තාව රොහාන් සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිතුමාට භාර දෙනු ලැබීය.

විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමක නිරතවීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.
කසල කළමනාකරණයේදී බාහිර පරිසර සාධක පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ජනතා විරෝධතා ඇතිවූ බව පැවසූ ජනාධිපතිතුමා මැසි මදුරු උවදුර මෙන්ම දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කම අවධාරණය කළේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, රොෂාන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු, රාජ්‍ය නිලධාරීහූ සහ විශේෂඥ කමිටු සාමාජිකයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

The post ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කමිටු වාර්තාව ජනපතිට appeared first on ITN News.

Read More »

ගත වූ පැය 24 තුළ ඉහළම කොරෝනා ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන්  

0 comments

ගත වූ පැය 24 තුළ ඉහළම දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේදී බ්‍රසීලයෙන් කොරෝනා මරණ 3950 ක් වාර්තා වුණා. ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 321,886ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළදී බ්‍රසීලයෙන් නව කොරෝනා ආසාදිතයින් 89,200 දෙනෙක් වාර්තා වුණා. ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 12,753,258 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

 

 

The post ගත වූ පැය 24 තුළ ඉහළම කොරෝනා ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් appeared first on ITN News.

Read More »

පොලිසියට අල්ලස් ලබාදීමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට  

0 comments

පොලිසියට අල්ලස් ලබාදීමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර පොලිසියේ රථවාහන අංශ නිලධාරින් ඔහුව පරික්ෂා කිරිමේදී රිය බලපත‍්‍රයක් නොමැතිව රථයක් ධාවනය කළ බවටයි හෙළි වුණේ.

එහිදී එම පුද්ගලයා රුපියල් දහසක අල්ලසක් ලබාදීමට උත්සහ කර තිබෙනවා. සැකකරු සම්බන්ධයෙන් අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බවයි පොලිසිය පවසන්නේ.

The post පොලිසියට අල්ලස් ලබාදීමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඔටුනු නොපලන් කුමාරයාගේ දැනුනු සිනමා පෙළහර  

0 comments

ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුරගේ ඔටුනු නොපලන් කුමාරයාගේ දැනුනු සිනමා උළෙලේ සමාරම්භය කොල්ලුපිටිය ලිබර්ටි සිනමාශාලාවේදී පැවැත්වුණා.

කුමාර තිරිමාදුරගේ කලා ජීවිතයේ 35 වන සැමරුම සනිටුහන් කරමින් පැවැත්වෙන මෙම සිනමා උළෙලේදී සම්මානිත වූ චිත්‍රපට 05 ක් ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

එහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතායි. කලාකරුවන් විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

The post ඔටුනු නොපලන් කුමාරයාගේ දැනුනු සිනමා පෙළහර appeared first on ITN News.

Read More »

පුද්ගලයෙකුට ගිනිඅවියක් ලබාදුන් පොලිස් නිළධාරියෙක් අත්අඩංගුවට  

0 comments

පුද්ගලයෙකුට ගිනිඅවියක් ලබාදුන් පොලිස් නිළධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම නිළධාරියා මීටියාගොඩ පොලිසියට අනුයුක්තව කටයුතු කරන බවටයි හෙළි වුණේ.

ඌරගස්මංහංදිය ප‍්‍රදේශයේ දී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්දයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා . එය විමර්ෂණයේදී හෙළි වුණේ වෙඩි තැබීම අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ නිවසක සිදුව ඇති බවයි.

ඊට සම්බන්ධ පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

The post පුද්ගලයෙකුට ගිනිඅවියක් ලබාදුන් පොලිස් නිළධාරියෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ප‍්‍රංශය සති තුනක් පාසල් වසා දමයි  

0 comments

සති තුනක කාලයක් සදහා පාසල් වසා දැමීමට ප‍්‍රංශය තීරණය කළා. රට තුළ සංචාරක තහනමක්ද පනවා තිබෙනවා.

කොවිඩ් ව්‍යප්තිය හේතුවෙන් තීරණයට එළඹි බවයි ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සදහන් කළේ. ඒ රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින්.

වසංගතය ව්‍යප්ත වීම වැළැක්වීම සදහා කඩිනම් කිු‍්‍රයාමාර්ග ගැනීමයි මූලික අපේක්ෂාව. ඒ අනුව රාත්‍රී හතේ සිට උදෑසන හය දක්වා හදුනාගත් ස්ථානවල ඇදිරි නීතිය කි‍්‍රයාත්මක කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ.

ඉදිරි සති කිහිපය තුළ එක්ව කටයුතු කිරිමෙන් රෝග ව්‍යප්තිය පාලනය කළ හැකි බවයි ප‍්‍රංශ ජනාධිපතිවරයා සදහන් කළේ.

The post ප‍්‍රංශය සති තුනක් පාසල් වසා දමයි appeared first on ITN News.

Read More »

චීන කොවිඩ් එන්නත් මාත‍්‍රා ලක්ෂ 06 ජනපතිට භාරදෙයි (VIDEO)  

0 comments

චීන රජය පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටුනායක ගුවන් තොටුපොලේදී අද භාර ගත්තා. ජනාධිපතිතුමා චීන ජනාධිපති ෂී ජිං පිං මැතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණේ.

එන්නත් මාත්‍රා ලක්ෂ හයක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොලට ලගා වුණා. එහිදී ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ෂෙං හොං මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත එම එන්නත් තොගය භාර දුන්නා. තානාපතිවරයා සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊට අදාළ ලියකියවිලිවලට අත්සන් තැබුවා.  බීජිං අගනුවර ජාතික බයෝටෙක් ඖෂධ සමාගම සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත නිෂ්පාදනය කර තිබෙනවා.

එන්නත මෙරට සිටින චීන ජාතිකයන්ට ලබාදීම ලබන සදුදා සිට ආරම්භ කෙරෙනවා. ශ්‍රී ලාංකිකයන්ට එන්නත ලබාදීම විශේෂඥ කමිටුවක අධ්‍යයනයෙන් පසු සිදු කෙරෙන බවයි ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ. මැති ඇමතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

 

 

The post චීන කොවිඩ් එන්නත් මාත‍්‍රා ලක්ෂ 06 ජනපතිට භාරදෙයි (VIDEO) appeared first on ITN News.

Read More »

මෙරට තෙවැනි විශාලතම ජලාශයේ ඉදිකිරීමේ කටයුතු ඇරඹෙයි  

0 comments

තන්තිරිමලේ ප්‍රදේශයේ මෙරට තෙවැනි විශාලතම ජලාශය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුනා.

ඒ් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්  දිස්ත්‍රික්ක තුනක පානීය ජල අවශ්‍යතා සහ වගා කටයුතු සදහා මෙමගින් ජලය සැපයෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි මෙහි ඉදිකිරීම් සිදු කරන්නේ. යෝජිත ජලාශයේ ධාරිතාව අක්කර අඩි 169,000 ක්. ප්‍රධාන බැම්මේ දිග කිලෝමීටර් 3.6 ක් වනවා. ජලවිදුලි බාලාගාරයක් පිහිටුවීම මගින් ගිගාවොට් 468 ක විදුලිබලයක් ජනනය කිරීම ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙනවා.

ජලය මත පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද නියමිතයි. ජලාශය ඉදිකිරීමෙන් බලාපෑමට ලක්වන්නන් සදහා වන්දි ගෙවීම සහ නැවත පදිංචි කිරීම සදහා ද සැළසුම් සකස් කර තිබෙනවා. ඉදිකිරීම් කටයුතු සදහා යන්ත්‍ර සූත්‍ර වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත භාරදීම සර්ව ආගමික වතාවත් මධ්‍යයේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මීට සමගාමී ලෙස රුක් රෝපණ වැඩසටහනක් ද සංවිධාන කර තිබූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මෙම ව්‍යාපෘතිය වසර තුනක කාලයක් ඇතුළත ඉදිකර අවසන් කිරීමට නියමිත බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියා. මෙම අවස්ථාවට මහාසංඝරත්නය සහ අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, අනුරාධ ජයරත්න යන මහත්වරුන් ඇතුළු දේශපාල නියෝජිතයන් සහ රාජ්‍ය  නායකයන් රැසක් එක්ව සිටියා.

 

 

 

The post මෙරට තෙවැනි විශාලතම ජලාශයේ ඉදිකිරීමේ කටයුතු ඇරඹෙයි appeared first on ITN News.

Read More »

පොලිස් පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට බිරිඳකගෙන් චෝදනා  

0 comments

පොලිස් පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට එම පුද්ගලයාගේ බිරිද චෝදනා කරනවා.

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගත් තම සැමියාට අධිකරණයෙන් ඇප ලැබුණද පහරදීම නිසා ඇති වූ රෝගි තත්ත්වය මත කළුබෝවිල රෝහලෙන් නේවාසික ප්‍රතිකාර ලැබ පිටව ගියද ඊයේ අලුයම යළි රෝහල්ගත කිරීමෙන් පසු අද උදෑසන මිය ගොස් ඇති බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ.

 

 

 

 

 

 

 

The post පොලිස් පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට බිරිඳකගෙන් චෝදනා appeared first on ITN News.

Read More »

තවත් 161 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 161 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 89,251ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 161 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් රත්නපුර ශික්ෂණ රෝහලට PCR යන්ත්‍රයක්  

0 comments

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් රත්නපුර ශික්ෂණ රෝහල වෙත නව පීසිආර් යන්ත්‍රයක් ප්‍රදානය කෙරුණා.

මෙම පීසිආර් යන්ත්‍රයේ වෙළදපොල වටිනාකම රුපියල් ලක්ෂ පනස් හතරක්. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සියලු සේවකයන්ගේ දෛනික වැටුප මේ සදහා දායක කර තිබෙනවා.

රත්නපුර ශික්ෂණ රෝහල මේ වනවිට පීසිආර් පරීක්ෂණ තිස් තුන් දහසක් පමණ සිදුකර ඇති අතර රෝගීන් 4500 දෙනෙකු සොයා ගත්තා. නව පීසිආර් යන්ත්‍රය ලැබීමත් සමග පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට හැකි වුණා.

මෙම අවස්ථාවට‌ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර,  ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

 

 

 

 

 

The post ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් රත්නපුර ශික්ෂණ රෝහලට PCR යන්ත්‍රයක් appeared first on ITN News.

Read More »

හරිත ටීවී රූපවාහිනී නාලිකාව විකාශන කටයුතු අරඹයි  

0 comments

හරිත රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීයි.

කෘෂිකර්මාන්තයෙන් පෝෂිත අතීත සෞභාග්‍යය යළි උදා කරනු පිණිස ආගමික පසුබිමක් තුළ යහපත් කෘෂි ආර්ථිකයකට මඟපෙන්වීම හරිත රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන අරමුණයි. හෙළවත්, හරවත්, හිතවත් යන්න එහි තේමාවයි. හරිත රූපවාහිනී නාලිකාව ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන අධ්‍යාපන පාලක සභාවට අයත්. මංගල රූපවාහිනී විකාශය ආරම්භ කිරීමෙන් පසු හරිත වෙබ් අඩවිය සහ තේමා ගීතය එළිදැක්වීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. පැළ බෙදාදීම සංකේතවත් කරමින් ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමා වෙත පැලයක් පිරිනැමුවා.  මහ නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයද, කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

 

The post හරිත ටීවී රූපවාහිනී නාලිකාව විකාශන කටයුතු අරඹයි appeared first on ITN News.

Read More »

අනතුරට ලක්වූ ශ්‍රී විජය ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනේ  

0 comments

අනතුරට ලක්වූ ශ්‍රී විජය ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

පසුගිය ජනවාරි මස 9 වනදා ජාවා මුහුදේදී මෙම ගුවන් යානය අනතුරට ලක්වුණා. එහිදී පුද්ගලයන් හැට දෙදෙනෙකුට ජීවිත අහිමි වුණා. අනතුර සිදුවන අවස්ථාවේදී සිදුවූ සංවාද ඇතුළත් රෙකෝඩරයද කළු පෙට්ටිය සමඟ සොයා ගැනීමට හැකිවී තිබෙනවා. එහි තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දුනීසියා බලධාරීන් මෙතෙක් කරුණු අනාවරණය කර නැහැ. අනතුර සිදුවීමෙන් පසුව දීර්ඝ කාලයක් කළු පෙට්ටිය සෙවීම සඳහා මෙහෙයුම් සිදු කළද එය සොයා ගැනීමට නොහැකි වුණා.

 

 

 

 

The post අනතුරට ලක්වූ ශ්‍රී විජය ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනේ appeared first on ITN News.

Read More »

රන්ජන්ගේ සහනය ලබා දෙන්න අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නැහැ – අතිරේක සොලිසිටර් ජෙනරාල්  

0 comments

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සදහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තින්දුව ප්‍රකාශ කිරීම ලබන මස 5 වනදා තෙක් කල් තබන බව අභියාචනාධීකරණය දැනුම් දුන්නා. තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද විනිසුරු මඩුල්ල සදහන් කළේ නඩුවේ තීන්දුව මේ දක්වා සූදානම් කර නොමැති බවයි.

සිය සේවාදායකයාට සිර දඩුවම් නියම වී තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ බවත් එය අපරාධමය ගණයට අයත් නොවන වරදක් බැවින් මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට නීතිමය පදනමක් නොමැති බවයි රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය මූලික විරෝධතා මතු කරමින් පෙත්සම්කාර රන්ජන් රාමනායක මහතා ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව කියා සිටියා.

The post රන්ජන්ගේ සහනය ලබා දෙන්න අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නැහැ – අතිරේක සොලිසිටර් ජෙනරාල් appeared first on ITN News.

Read More »

හෙරොයින් සහ අවි ආයුධ සමඟ ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු ඉන්දීය මුහුදු තීරයේදී අත්අඩංගුවට  

0 comments

හෙරොයින් කිලෝ ග්‍රෑම් 300ක් සහ අවි ආයුධ සමගින් ඉන්දීය මුහුදු තීරයේදී ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවේ තිබී සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 3,000කට ආසන්න බවයි එරට බලධාරීන් පවසන්නේ.

කේරළයේ, විසින්ජම් මුහුදු තීරයේදී පසුගිය 25 වැනිදා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරින් සහ එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ගුවනින් සහ මුහුදේ ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කර තිබෙනවා.මෙහිදී ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 03 ක් සිය භාරයට ගෙන තිබු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.  එහිදී ‘‘රවිහංසි‘‘ නම් යාත්‍රාවේ  සඟවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 300යි ග්‍රෑම් 323ක්, AK 47 වර්ගයේ ගිනි අවි 05ක් සහ මිලිමිටර් 09 ජිව පතුරොම් 1,000ක් ඉන්දීය වෙරළාරක්ෂක බලධාරීන් සොයාගෙන තිබෙනවා.

හෙරොයින් තොගය අදාළ ධීවර යාත්‍රාවේ ජල ටැංකිය තුළ පැකට් 310 කට අසුරා තිබියදී සොයාගෙන ඇති බව වාර්තාවන්නේ. එමෙන්ම යාත්‍රාවේ තිබියදී ව්‍යාජ ලිපි ලේඛණ තොගයක්ද සොයාගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම හෙරොයින් පැකට් ඇසුරුම් මත පියාඹන අශ්වයකුගේ සලකුණු තබා තිබුණු බවයි . මත්ද්‍රව්‍ය සඟවා තිබු ‘‘රවිහංසි‘‘ නම් ධීවර යාත්‍රාවේ සිටි L.Y නන්දන, H.K.G.B දාස්ප්‍රිය, A.H.S ගුණසේකර, S.A සෙනරත්, T.රණසිංහ, D.නිශ්ශංක යන ශ්‍රී ලාංකිකයින් හයදෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම හෙරොයින් තොගය ඉරානයේ සිට වෙනත් යාත්‍රාවකින් රැගෙනවිත් ශ්‍රී ලාංකික ධිවර යාත්‍රාව වෙත ලක්ෂද්වීප මුහුදු තීරයේදී ලබාදී ඇති බවට ඉන්දීය බලධාරින් සැක පළකරනවා.

 

 

 

The post හෙරොයින් සහ අවි ආයුධ සමඟ ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු ඉන්දීය මුහුදු තීරයේදී අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

අවුරුදු සමයේ ජනතාව ඒකරාශී වන උත්සව කිසිවකට සෞඛ්‍ය අමාත්‍යංශය අවසර දෙන්නේ නැහැ  

0 comments

අවුරුදු සමයේ වැඩිපුර ජනතාව ඒකරාශී වන උත්සව කිසිවකට සෞඛ්‍ය අමාත්‍යංශය අවසර නොදෙන බවත්, දැනට පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසම පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවාය.

සීමා කිරීම් දිගටම සිදුකරන බවද දැනට කොරෝනා රෝගීන් ලංකාවේ අඩු වුවද යම් ලිහිල් කිරීමක් සිදුකළ හොත් උත්සව සමයෙන් පසු රෝගය ව්‍යාප්තිය වැඩිවීමේ අවධානමක් පවතින බවද මේ වන විට ලෝකයේ ඇතැම් රට වල තුන්වන රැල්ලක් වාර්තා වී ඇති බවද රාජ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය.

ඉන්දියාවේද 62%කින් රෝගීන් වර්ධනය වී ඇති බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යතුමිය දැනට ගෙන ඇති ආරක්ෂිත පියවරවල් එලෙසම පවත්වාගෙන යාමට කටයුතු කරන අතර නීති තද වීමක් සිදුනොවන බවද අවධාරණය කළාය.

The post අවුරුදු සමයේ ජනතාව ඒකරාශී වන උත්සව කිසිවකට සෞඛ්‍ය අමාත්‍යංශය අවසර දෙන්නේ නැහැ appeared first on ITN News.

Read More »

විපක්ෂය ව්‍යාජ පරිසර විනාශයක් මවා පාමින් සිටින බව ඇමති ජොන්ස්ටන් කියයි  

0 comments

යහපාලන ආණ්ඩු සමයේදී පරිසරය ආරක්ෂා කර ගැනීමට කිසිවක් නොකළ පිරිස් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ව්‍යාජ පරිසර විනාශයක් මවා පාමින් සිටින බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ ගල්ගමුව නාන්නේරිය එල්ලංගා පද්ධතියේ අමුණුකොළේ මහ වැව සංවිධානය කිරීමේ වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මෙම එල්ලංගා පද්ධතියේ වැව් හතක් සංවර්ධනය කෙරෙනවා. ඊට වැය කෙරෙන මුදල රුපයිල් මිලියන 240 ක්.

ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කැප වන නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙරමුණට පැමිණෙන බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාද මෙම අවස්ථාවට එක් වුණා.

 

 

 

 

 

 

 

 

 

 

 

The post විපක්ෂය ව්‍යාජ පරිසර විනාශයක් මවා පාමින් සිටින බව ඇමති ජොන්ස්ටන් කියයි appeared first on ITN News.

Read More »

චීන කොවිඩ් එන්නත් මාත‍්‍රා ලක්ෂ හයක් අද දිවයිනට  

0 comments

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත‍්‍රා ලක්ෂ හයක් අද (31) දිනය තුළ මෙරටට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප‍්‍රකාශ කළා.

එම එන්නත් තොගය රැගත් ගුවන් යානය පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපල වෙත ළගා වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

The post චීන කොවිඩ් එන්නත් මාත‍්‍රා ලක්ෂ හයක් අද දිවයිනට appeared first on ITN News.

Read More »

රියදුරෙකුට පොලිස් නිලධාරියෙකු පහරදීමේ සිද්ධිය ගැන පළ වන ඇතැම් වාර්තා අසත්‍යයි  

0 comments

රියදුරෙකුට පොලිස් නිලධාරියකු පහරදීමේ සිද්ධිය මුල් කරගනිමින් සමාජ මාධ්‍ය ජාලාවල පල වන ඇතැම් වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරනවා.

 

 

 

 

 

 

 

The post රියදුරෙකුට පොලිස් නිලධාරියෙකු පහරදීමේ සිද්ධිය ගැන පළ වන ඇතැම් වාර්තා අසත්‍යයි appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ කොරෝනා දරුණු වෙයි  

0 comments

ඉන්දියාවේ කොරෝනා තත්ත්වය වඩාත් දරුණු වී ඇති බව රජය ප්‍රකාශ කරනවා.

කොරෝනා වැළැක්වීමේ මධ්‍යස්ථානය මේ බව ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය සති කිහිපයක කාලය තුළ වයිරසය පැතිරීම දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව සදහන්. වයිරසය විකෘතිතාවයට පත් වී පැතිර යාම හේතුවෙන් තත්ත්වය වඩාත් දරුණු වී ඇති බවයි එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. පන්ජාබ් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිත පුද්ගලයින් නිසි පරිදි නිරෝධායන ක්‍රියාවලියකට යොමුකිරීම හෝ පරික්ෂණ ඉහළ නැංවීමක් සිදු කර නොමැති බව සදහන්. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් ලක්ෂ 03 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. පසුගිය සදුදා දිනයේ ඉන්දියාවෙන් වාර්තා වුණු ආසාදිතයන් සංඛ්‍යාව 68000 ක් වන අතර පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 53,158 ක් සහ මරණ 355 ක් වාර්තා වුණා.

 

 

 

The post ඉන්දියාවේ කොරෝනා දරුණු වෙයි appeared first on ITN News.

Read More »

මාධ්‍යවේදීන්ට සහන මිළට බඩු ගන්න කාඩ් පතක්  

0 comments

සහන මිළට ආයතන 500 කට ආසන්න සංඛ්‍යාවකින් බඩු භාණ්ඩ මිලදී ගැනීමේ කාඩ් පතක් මාධ්‍යවේදීන් වෙනුවෙන් නිකුත් කිරීමේ ඇසිදිසි පෙරමඟ වැඩසටහන ආරම්භ කෙරුණා.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්වුණේ කොළඹ පදනම් ආයතනයේදීයි. දේශීය ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම ඔස්සේ දේශීය ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙසයි ඇසිදිසි පෙරමඟ වැඩසටහන හදුන්වා දී ඇත්තේ. ආයතන රැසක මාධ්‍යවේදීන් මෙම අවස්ථාවට එක් වූ අතර සංකේතාත්මකව මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට කාඩ් පත් ලබා දීම ද මෙහිදී සිදු කෙරුණා. බැංකු ක්ෂේත්‍රය සහ ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post මාධ්‍යවේදීන්ට සහන මිළට බඩු ගන්න කාඩ් පතක් appeared first on ITN News.

Read More »

වත්මන් රජය විශාල පිරිසකට අලුතින් රැකියා දීමට කටයුතු කළා  

0 comments

කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඇතැම් රටවල් රැකියාවලින් සේවකයින් එළියට දමද්දී වත්මන් රජය විශාල පිරිසකට අලුතින් රැකියාදීමට කටයුතු කළ බව ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන්වහන්සේ පවසනවා. ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහන එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

වත්මන් රජය බලයට පත් නොවන්නට මෙරට තරුණ පරපුර මත්‍ද්‍රව්‍ය භාවිතය නිසා මුළුමනින්ම විනාශ වන්නට ඉඩ තිබූ බවයි උන්වහන්සේ මෙහිදී කියා සිටියේ.

 

 

 

 

 

 

 

 

The post වත්මන් රජය විශාල පිරිසකට අලුතින් රැකියා දීමට කටයුතු කළා appeared first on ITN News.

Read More »

ආණ්ඩුවක් ගත යුත්තේ ප්‍රසිද්ධ වන තීන්දුවලට වඩා නිවැරදි තීන්දු  

0 comments

ආණ්ඩුවක් ගත යුත්තේ ප්‍රසිද්ධ වන තීන්දුවලට වඩා නිවැරදි තීන්දු බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

දේශගුණික විපර්යාස සහ එයට ඔරොත්තුදීමේ හැකියාව පිලිබඳ තාරුණ්‍යයේ මැදිහත්වීමේ හැකියාව සම්බන්ධයෙන් පැවති ජාතික සංවාදය පසුගියදා කොළඹදී පැවැත්වුණා. ඒ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා‌ගේ ප්‍රධානත්වයෙන්.

 

 

 

 

The post ආණ්ඩුවක් ගත යුත්තේ ප්‍රසිද්ධ වන තීන්දුවලට වඩා නිවැරදි තීන්දු appeared first on ITN News.

Read More »

” සුදර්ශන පැණිය ” ජනගත කෙරේ  

0 comments

ආයුර්වේද නිෂ්පාදනයක් වන සුදර්ශන පැණිය ජනගත කිරීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී සිදු කෙරුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර සම්බන්ධතා ඒකකය හෙල ඔසු ලංකා පෞද්ගලික සමාගම සමග එක්ව සුදර්ශන පැණිය බෙදාහැරීමට කටයුතු කළා. ඒ සිසිර ජයකොඩි මහ මහාචාර්ය චන්න ජයසුමන යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම නිෂ්පාදනය නව ආකාරයෙන් නිෂ්පාදනයට දායක වී ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් එක්වයි.

 

 

 

 

 

The post ” සුදර්ශන පැණිය ” ජනගත කෙරේ appeared first on ITN News.

Read More »

ජපානයේ චෙරි මල් පිපෙන සෘතුව ඇරඹෙයි  

0 comments

ජපානයේ චෙරි මල් පිපෙන සෘතුව ආරම්භ වී තිබෙනවා.

චෙරි මල් පිපීමත් සමඟ ජපන් ජාතිකයන් උත්සව පැවැත්වීමට ද අමතක කරන්නේ නැහැ. මෙම සාම්ප්‍රදාය වසර 1200ක් තරම් ඈතට දිව යන බවයි විද්වතුන් පවසන්නේ. මේ වසරේදී ඉතා මනරම් ලෙස චෙරි මල් පිපී තිබෙන ආකාරය දැකගැනීමට ලැබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. විශේෂයෙන් කියතෝ නගරයේ මෙම තත්ත්වය දැක ගැනීමට ලැබුණා. ජපානයේ පවුල් අතර සහ මිතුරන් අතර හමුවීම් සහ ප්‍රීතිසාද පැවැත්වීමද චෙරි මල් පිපෙන සමයේදී සිදු කෙරෙනවා. බොහෝ සමාජ මාධ්‍යවලද මෙම උත්සව පිළිබඳ තොරතුරු වාර්තා වී තිබුණා.

 

 

 

 

 

 

 

 

The post ජපානයේ චෙරි මල් පිපෙන සෘතුව ඇරඹෙයි appeared first on ITN News.

Read More »

කොවිඩ් ආරම්භය ගැන WHO ඉදිරිපත් කර ඇති මතය පිළිබඳ රටවල් 14ක නොසතුට  

0 comments

කොවිඩ් රෝගයේ ආරම්භය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති මතය පිළිබඳ රටවල් 14 ක් සිය නොසතුට පළ  කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය , ජපානය , මහා බ්‍රිතාන්‍ය ඇතුලු ප්‍රබල රටවල් රැසක් ද මෙම කණ්ඩායමට ඇතුලත්. මෙම රටවල් සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාව තුළ ප්‍රමාණවත් පරිදි කරුණු ගවේෂණය කර නොමැති බවයි. විශේෂඥයන් 17 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සති හතරක පමණ කාලයක් චීනයේ වූහාන් නගරයේ සංචාරය කරමින් මේ පිළිබඳ කරුණු සොයා බැලුවා. ඔවුන්ගේ තීරණය වූයේ කොවිඩ් 19 වයිරසය පර්යේෂණාගාරයක් තුළ නිෂ්පාදනය වී නොමැති බවයි. සතුන් විශේෂයක් මගින් වයිරසය මිනිසුන්ට සංක්‍රමණය වන්නට ඇති බවයි මෙම කණ්ඩායමේ අවසාන තීරණය වී ඇත්තේ.

 

 

 

The post කොවිඩ් ආරම්භය ගැන WHO ඉදිරිපත් කර ඇති මතය පිළිබඳ රටවල් 14ක නොසතුට appeared first on ITN News.

Read More »

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන සිද්ධියේ දෙවන නඩු විභාගය ඇරඹෙයි  

0 comments

ඇමෙරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන සිද්ධියේ දෙවන නඩු විභාගය ආරම්භ වී තිබෙනවා.

ඩෙරික් චෝවීන් නම් පොලිස් නිලධාරියා කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ හිස සිය දණහිසින් සිරකර ගනිමින් ඔහු ඝාතනය කිරීමට කටයුතු කර තිබෙනවා. එම සිද්ධියට අදාළව පුද්ගලයින් හතර දෙනෙකු ඇසින් දුටු සාක්ෂි ලබාදීම ඇමෙරිකා අධිකරණයකදී සිදු කෙරුණා. එහිදී දහඅට හැවිරිදි තරුණියක කියා සිටියේ ජෝර්ජ් ෆ්ලොයිඩ් තමා ඝාතනය නොකරන ලෙස සමාව ඇයැද සිටි බවයි. ඇයද කළු ජාතික තරුණියක වීම විශේෂත්වයක්. 2020 වසරේදී සිදු වූ මෙම සිද්ධියත් සමඟ ඇමෙරිකාවේ කළු ජාතිකයින්ට සිදු වූ අසාධාරණකම්වලට විරුද්ධව බොහෝ පිරිසක් නැගී සිටියා.

 

 

 

 

 

 

The post කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන සිද්ධියේ දෙවන නඩු විභාගය ඇරඹෙයි appeared first on ITN News.

Read More »

පෙර පාසල් පවත්වාගෙන යාමට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ බෙදාදීමේ වැඩසටහනක්  

0 comments

නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පෙර පාසල් පවත්වාගෙන යාමට අවශ්‍ය සනීපාරක්ෂක සහ සෞඛ්‍ය උපකරණ බෙදාදීමේ වැඩසටහනක් බුලත්සිංහලදී පැවැත්වුණා.

ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.

පෙර පාසල් 116 ක් සදහා උෂ්ණත්ව මාපක සහ අත් සේදීමේ බදුන් ලබාදීම මෙහිදී සිදු කෙරුණා. ලෝක බැංකු ආධාර යටතේයි මෙම වැඩපිලිවෙළ ක්‍රියාත්මක කෙරුණේ.

පෙර පාසල් ගුරුවරුන් සදහා ලබාදී තිබූ පහසුකම් පසුගිය ආණ්ඩුව සමයේ කප්පාදු කෙරුණු ආකාරය රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා.

 

 

 

The post පෙර පාසල් පවත්වාගෙන යාමට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ බෙදාදීමේ වැඩසටහනක් appeared first on ITN News.

Read More »

ඇස්ට‍්‍රා සෙනෙකා එන්නත ගැන ජර්මනියෙන් නව තීරණයක්  

0 comments

ඇස්ට‍්‍රා සෙනෙකා එන්නත වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ට පමණක් ලබාදීමට ජර්මනිය තීරණය කළා.ඒ බලධාරින්ගේ විශේෂ සාකච්ජාවකින් අනතුරුව.

හැටට අඩු පුද්ගලයන්ට කොවිඩ් ඇස්ට‍්‍රා සෙනෙකා එන්නත ලබාදීමෙන් මතුවිය හැකි සෞඛ්‍ය තත්ව පිලිබද ඔවුන් විශ්ලේෂණය කර තිබෙනවා. ඒ අනුව වෛද්‍යවරයෙකුගේ නිර්දේශ සහ පූර්ණ පරික්ෂාවකින් පසුව පමණක් හැටට අඩු පුද්ගලයන්ට එන්නත ලබාගත හැකි බවයි ජර්මනිය පවසන්නේ.

එය වඩාත් ආරක්ෂිත එන්නතක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුරෝපා සෞඛ්‍ය බලධාරින් සදහන් කළා. කෙසේවෙතත් ලේ කැටි ගැසීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වීම හේතුවෙන් ඇතැම් රටවල් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවයි ජර්මනිය පවසන්නේ.

The post ඇස්ට‍්‍රා සෙනෙකා එන්නත ගැන ජර්මනියෙන් නව තීරණයක් appeared first on ITN News.

Read More »

කොවිඩ් එන්නත් ලබාගත් පිරිස ලක්ෂ 9 ඉක්මවයි  

0 comments

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ වන විට මෙරට පුද්ගලයින් 913,219 දෙනෙකුට කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදී තිබෙනවා.

The post කොවිඩ් එන්නත් ලබාගත් පිරිස ලක්ෂ 9 ඉක්මවයි appeared first on ITN News.

Read More »

වියට්නාම තානාපතිනිය ජනපති වෙත අක්තපත්‍ර භාරදෙයි  

0 comments

ශ්‍රී ලංකාවට අලුතින් පත් කරනු ලැබ සිටින, වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය ( Ho Thi Thanh Truc) අද (30) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍රය පිළිගැන්වූවාය.

අනතුරුව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සහ නව වියට්නාම් තානාපතිනිය වත්මන් ද්විපාර්ශ්වික සබඳතා සහ අනාගත සහයෝගීතා වර්ධනය පිළිබඳව කෙටි වේලාවක් අදහස් හුවමාරු කරගත්හ. වියට්නාම් රජයේ සහ ජනතාවගේ සුබ පැතුම් ජනාධිපතිතුමා වෙත පුද කළ හෝ තී තාන් ටෘක් මහත්මිය ශ්‍රී ලංකාව සමග සබඳතාවනට වියට්නාමය ඉහළම ප්‍රමුඛතාවක් දී ඇතැයි සඳහන් කළාය.

සිය රට මුහුණ පා සිටි දුෂ්කර අවධියේ දී ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය තානාපතිනියගේ පැසසුමට ලක් විය. තම ධූර කාලය තුළ දෙරට අතර සහයෝගීතාව සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි සෑම දෙයක්ම කරන බව තානාපතිනිය කීවාය.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය අගය කරමින් කථා බහ ආරම්භ කළ ජනාධිපතිතුමා තම රජයේ සමාජ, ආර්ථික දර්ශනය තානාපතිනියට පැහැදිළි කළේය. “ කෘෂි ආර්ථික සංවර්ධනය, දරිද්‍රතාව පිටුදැකීම, ගැමි ජනයාගේ ආදායම නැංවීම අපේ ප්‍රමුඛතා කිහිපයක්. ඒ අරමුණ දිනා ගැනීමට අවශ්‍ය සැලසුම් දැන් ක්‍රියාත්මක කොට තිබෙනවා. ඒවායේ අවසාන ඉලක්කය අඩු ආදායම්, මැදි ආදායම්, ග්‍රාමීය, නාගරික ආදී සෑම සමාජ ස්ථරයකටම වඩා සතුටුදායක ජිවන තත්ත්වයක් අත්කර දීම. අප සංවර්ධනය දෙස බලන්නේ වාර්ගික දෘෂ්ටියකින් නොවෙයි. ජනතාව සමස්ථයක් ලෙස සලකමින්” ජනාධිපතිතුමා කීය.

වී සහ වෙනත් කෘෂි භෝග සඳහා සහනාධාර දෙමින් ඉහළ මිලක් සහතික කිරීම නිසා සෑම ජන කොටසකටම අයත් ගොවීනට ප්‍රතිලාභ අත්ව ඇතැයි රාජපක්ෂ මැතිතුමා පැවසීය. බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසු ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයෙන් කිසිවෙකු මරණයට පත් නොවූ බවත්, රට තුළ විශාල සංවර්ධනයක් ඇති කිරීමට හැකි වූ බවත් එතුමා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ පවත්නා ආයෝජන ඉඩ ප්‍රස්ථා හඳුනාගෙන ඉන් ප්‍රයෝජන ගන්නැයි වියට්නාමයෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිතුමා දෙරට අතර වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරය තවදුරටත් වර්ධනය කළ හැකි බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා වියට්නාම් ව්‍යාපාරිකයන් දිරි ගැන්වීමටත්, වෙළෙඳ හා සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයටත් ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බවට වියට්නාම් තානාපතිනිය සහතික වූවාය.

ශ්‍රී ලංකා – වියට්නාම් තානාපති සබඳතා 1970 ජුලි 21 වැනිදා ආරම්භ විය.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, වියට්නාම් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ත්‍රාන් ත්‍රොං තාන් යන මහත්වරු කථා බහට එක්ව සිටියහ.

The post වියට්නාම තානාපතිනිය ජනපති වෙත අක්තපත්‍ර භාරදෙයි appeared first on ITN News.

Read More »

කොරෝනා වයිරසය මනුෂ්‍යයින්ට ආසාදනය වූයේ සතුන්ගෙන් විය හැකියි – WHO  

0 comments

කොරෝනා වයිරසය මනුෂ්‍යයින්ට ආසාදනය වූයේ සතුන්ගෙන් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවක දැක්වෙනවා.

වයිරසය ව්‍යාප්තවීම් ආරම්භ වී මාසයකට වැඩි කාලයක් එය මනුෂ්‍යයින් අතර පැතිරෙමින් පවතින්නට ඇති බව එම වාර්තාවේ සදහන්. ඉන් අනතුරවයි 2019 වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ වූහාන් නගරයෙන් වයිරසය හදුනාගැනුණේ. ඒ අනුව කොරෝනා වයිරසය විද්‍යාගාරයක නිපදවා මුදාහල එකක් බවට පත්නා මතය බැහැර වනවා. වයිරසයේ මූලාශ්‍රය සතෙකු ලෙස දැක් වුවද එය වවුලෙකුගෙන් ව්‍යාප්ත  වූ බවට වන මතයද බැහැර කර තිබෙනවා.

කෙසේ වුවද කොරෝනා වයිරසය ආසාදනය වූ කබැල්ලෑවකු ද සොයා ගැනීමට පරික්ෂණ කණ්ඩායම් සමත් වී සිටීම විශේෂත්වයක්.

 

 

 

 

 

The post කොරෝනා වයිරසය මනුෂ්‍යයින්ට ආසාදනය වූයේ සතුන්ගෙන් විය හැකියි – WHO appeared first on ITN News.

Read More »

ලංගම සුඛෝපභෝගි සේවාවක් බවට පත් කිරීමට සුදානම්  

0 comments

ජනතාවට උපරිම ප්‍රවාහන සේවාවක් ලබා දීමේ අරමුණින් ලංගම සුඛෝපභෝගි සේවාවක් බවට පත් කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතියේ දිස්ත්‍රික් නියෝජිත සමුළුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

සිව් දෙස සුරැකි සිව් වසර යන තේමාවෙන් දිස්ත්‍රික් සමුළුව මහනුවරදී පැවැත්වුණා.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

The post ලංගම සුඛෝපභෝගි සේවාවක් බවට පත් කිරීමට සුදානම් appeared first on ITN News.

Read More »

මියන්මාරයේ ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාව 500 ඉක්මවා යයි  

0 comments

මියන්මාර හමුදාව හා උද්ඝෝෂකයන් අතර ඇති වූ ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාව 500 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

මේ වන විටත් රට පුරා උද්ඝෝෂණ ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. ඊයේ දිනයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය පෙබරවාරි 01 වන දින මියන්මාර හමුදා එරට පාලන බලය අත්පත් කරගැනීමත් සමග මෙම උද්ඝෝෂණ ආරම්භ වූවා. පෙරේදා දිනයට යෙදී තිබූ එරට හමුදා දිනය හේතුවෙන් උද්ඝෝෂණවල නිතර වූවන්ට හිසට වෙඩි තැබීමට කටයුතු කෙරුණා. එහිදී පුද්ගලයන් 114 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ. මේ වන විට පුද්ගලයන් 510 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

 

 

 

The post මියන්මාරයේ ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාව 500 ඉක්මවා යයි appeared first on ITN News.

Read More »

තවත් 176 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 89,000 ඉක්මවයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 176 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 89,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 89,090ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 176 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 89,000 ඉක්මවයි appeared first on ITN News.

Read More »

“කැකුළු තුරු උදාන” රුක් රෝපණ වැඩසටහන ඇරඹෙයි  

0 comments

2021 වර්ෂය වෙනුවෙන් පෙරපාසල් ආරම්භ කිරීමට සමගාමීව “කැකුළු තුරු උදාන” නම් වූ රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භය බේරුවල, පාදාගොඩදී සිදුවිය.

ඒ පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි. බේරුවල, මාලේවන්බද්ද, පාදාගොඩ පෙරපාසලේ අභිනවයෙන් ඉදිකෙරුණු පන්ති කාමරය විවෘත කිරීම සහ නව වසරට දරුවන් ලියාපදිංචි කිරීමත් මෙහිදී සිදුවිය. සෞඛ්‍යාරක්ෂිතව පෙරපාසල් පවත්වාගෙන යාමට අවශ්‍ය අත්සෝදන ජලබදුන් ප්‍රදානයක්ද අමාත්‍යවරයා විසින් සිදුකලේය.

මෙවර දිවයින පුරා පෙරපාසල් සදහා ඇතුලත්වන සියලුම දූදරුවන් වෙනුවෙන් තුන්ලක්ෂ තිස්පන්දහසකට ආසන්න පැල ප්‍රමාණයක් “කැකුළු තුරු උදාන” ව්‍යාපෘතිය හරහා බෙදාදෙනු ලබයි. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

බේරුවල ප්‍රදේශීය සභාව මගින් ක්‍රියාත්මක කෙරෙන පෙරපාසල් දුවාදරුවන් වෙනුවෙන් නිලවශයෙන් පැළ බෙදාදීමේ අවස්ථාව සනිටුහන් කරමින් පැළයක් සිටුවීම රාජ්‍ය අමාත්‍යවරයා සහ කැකුළුතුරු උදාන ව්‍යාපෘති අධ්‍යක්ෂ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් රජීව පෙරේරා සහ ව්‍යාපෘති උපදේශක ජනක හේරත් යන මහත්වරුන්ගේ සුරතින් සිදුවිය.

අදාල උත්සවයට බේරුවල ප්‍රදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා, ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

The post “කැකුළු තුරු උදාන” රුක් රෝපණ වැඩසටහන ඇරඹෙයි appeared first on ITN News.

Read More »

කිම් ජොන් උන්ගේ සහෝදරිය දකුණු කොරියාව දැඩි විවේචනයට ලක් කරයි  

0 comments

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන් දකුණු කොරියාව දැඩි විවේචනයට ලක්කර තිබෙනවා.

උතුරු කොරියාව කෙටි දුර බැලැස්ටික් මිසයිල කිහිපයක් පසුගිය සතියේදී අත්හදා බැලීමත් සමග උතුරු කොරියාව සාම සාකච්ඡා සදහා නැවත අවතීර්ණ විය යුතු බව දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් පැවසීම මෙයට හේතු වී තිබෙනවා. උතුරු කොරියාව,දකුණු කොරියාව හා ඇමෙරිකාව අතර සාම සාකච්ඡා අත්හිටුවිය යුතු බවටයි ඇය තවදුරටත් සදහන් කරන්නේ. තම පරම සතුරා වන ඇමෙරිකාව සමග සාකච්ඡා නැවත වරක් ආරම්භ කිරීමට යෝජනා කිරීමම තම රටට සිදු කළ අපහාසයක් බවයි කිම් යෝ ජොන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.

 

 

 

The post කිම් ජොන් උන්ගේ සහෝදරිය දකුණු කොරියාව දැඩි විවේචනයට ලක් කරයි appeared first on ITN News.

Read More »

පාකිස්තාන ජනපතිට කොරෝනා  

0 comments

පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්විට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ.

වෛරසයට එරෙහි එන්නතක පළමු මාත්‍රාව ඔහු ලබාගෙන ඇති අතර එම එන්නත නිෂ්පාදනය කළ සමාගම පිළිබද ඔහු සදහනක් කර නැහැ. එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගන්නා තෙක් වෛරසය වැළදීමට ඉඩකඩ පවතින බව ඔහු තවදුරටත් පවසා තිබෙනවා. කෙසේ වුව ද ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ. මේ අතර එරට ආරක්‍ෂක අමාත්‍යවරයාට ද කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබෙනවා.

 

 

 

The post පාකිස්තාන ජනපතිට කොරෝනා appeared first on ITN News.

Read More »

මෝටර් රථයක් ඇළකට පෙරළීමෙන් 9 හැවිරිදි දැරියක් ජීවිතක්‍ෂයට  

0 comments

මෝටර් රථයක් ඇළකට පෙරළීමෙන් එහි ගමන් කළ 9 හැවිරිදි දැරියක ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ රාජාංගන ඇළ බෝක්කුව පාලම අසලදී අද අලුයමයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. වේගය පාලනය කරගත නොහැකිව මෝටර් රථය ඇළට වැටී ඇති බව සදහන්.

එහි මව,  පියා හා දියණියන් තිදෙනා ගමන් කර තිබෙනවා. මිය ගොස් ඇත්තේ බාලම දියණියයි. මව හා අනෙක් දරුවන් දෙදෙනා  නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුළත්කර තිබෙනවා. රථය පැද වූ පියාට නින්ද යාම අනතුරට හේතුව විය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

 

 

The post මෝටර් රථයක් ඇළකට පෙරළීමෙන් 9 හැවිරිදි දැරියක් ජීවිතක්‍ෂයට appeared first on ITN News.

Read More »

සැකකාර නාකොටික් නිලධාරීන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ  

0 comments

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන 12 වනදා දක්වායි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවටයි මොවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් 20 දෙනෙකු මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්‍ෂණ සිදු කෙරෙන බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. මෙම ජාවාරමට සම්බන්ධ වී විදේශ ගතව සිටින උදාර සම්පත් නමැති සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තුව ජාත්‍යන්තර පොලීසිය වෙත යොමුකර ඇති බව ද පොලීසිය පැවසුවා.

 

 

 

The post සැකකාර නාකොටික් නිලධාරීන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ appeared first on ITN News.

Read More »

දිවයිනේ පළාත් රැසකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි  

0 comments

දිවයිනේ පළාත් රැසකට අද පස්වරුවේ ද ගිගුරම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් වන අනතුරුවලින් ප්‍රවේශම් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරන්නේ.

මේ අතර අධික වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයකින් පස් කදු කඩා වැටීම් වාර්තා වනවා. දෙමෝදර ස්ථාන කිහිපයක නායයෑම් ගස් කඩා වැටීම් ඊට අයත්. දෙමෝදර රෝහළ අසල ගසක් කඩා වැටීමෙන් නිවසකට හානි සිදු වූ අතර රෝහල් අතුරු මාර්ගය මුළුමනින්ම අවහිර වුණා. තවත් ගස් කිහිපයක්ම කඩා වැටීමේ අවදානමක් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ අතර අධික වර්ෂාවත් සමග නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරමආර ඔය පිටාර ගලා තිබෙනවා. ඒ හේතුවෙන් කඹුරුපිටිය මුලටියන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි මාතර ආපදා කළමනාකරණ ඒකකය  ජනතාවගෙන් ඉල්ලා සිටින්නේමෙම ජලගැලීම් හේතුවෙන් මාකදුර හා රන්සෑගොඩ යන ප්‍රදේශයන්හි පහත්බිම් රැසක්  ද ජලයෙන් යටවී තිබෙනවා.

 

 

 

 

The post දිවයිනේ පළාත් රැසකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.

Read More »

ආනයනය කරන සියලු ආහාර ද්‍රව්‍ය තත්ත්ව පරීක්ෂාවෙන් පසු වෙළෙඳපොළට  

0 comments

ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලුම ආහාර ද්‍රව්‍ය අනිවාර්යෙන්ම තත්ත්ව පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව වෙළෙඳපොළට නිකුත් කරන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළා.

 

 

The post ආනයනය කරන සියලු ආහාර ද්‍රව්‍ය තත්ත්ව පරීක්ෂාවෙන් පසු වෙළෙඳපොළට appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG