Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාරයේ ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාව 500 ඉක්මවා යයි  

Add comments

මියන්මාර හමුදාව හා උද්ඝෝෂකයන් අතර ඇති වූ ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාව 500 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

මේ වන විටත් රට පුරා උද්ඝෝෂණ ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. ඊයේ දිනයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය පෙබරවාරි 01 වන දින මියන්මාර හමුදා එරට පාලන බලය අත්පත් කරගැනීමත් සමග මෙම උද්ඝෝෂණ ආරම්භ වූවා. පෙරේදා දිනයට යෙදී තිබූ එරට හමුදා දිනය හේතුවෙන් උද්ඝෝෂණවල නිතර වූවන්ට හිසට වෙඩි තැබීමට කටයුතු කෙරුණා. එහිදී පුද්ගලයන් 114 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ. මේ වන විට පුද්ගලයන් 510 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

 

 

 

The post මියන්මාරයේ ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාව 500 ඉක්මවා යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG