Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලක්ෂ 20 ක් වැය කර, පාදුක්ක, බෝපේ, සියඹලාව සහ හල්වතුර ඇළමාර්ග සංවර්ධනය කිරීම ඇරඹෙයි  

0 comments

වාරිසෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ පාදුක්ක, බෝපේ,  සියඹලාව සහ හල්වතුර ඇළමාර්ග සංවර්ධනය කිරීම ඇරඹුණා.

පුරන් කුඹුරු අක්කර 25 ක් පමණ අස්වැද්දීමට හැකිවන පරිදි මෙම ඇළ මාර්ග සංවර්ධනය කෙරෙනවා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 20 ක්. වාරි මාර්ග අමාත්‍යංශය යටතේ ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරි මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මගිනුයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ.

 

 

 

 

 

 

 

The post ලක්ෂ 20 ක් වැය කර, පාදුක්ක, බෝපේ, සියඹලාව සහ හල්වතුර ඇළමාර්ග සංවර්ධනය කිරීම ඇරඹෙයි appeared first on ITN News.

Read More »

රිය අනතුරක් සිදු කළ උමාරියා අධිකරණයට  

0 comments

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය කොළඹ අලුත් කඩේ අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරෙන බව පොලිසිය පැවසුවා.

රාජගිරිය ගුවන් පාලම අසලදී රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙනුයි ඇය අත්අඩංගුවට ගැණුනේ.

රාජගිරිය ගුවන් පාලම අසලදී ඊයේ පස්වරු පහයි පහලවට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. උමාරියා සිංහවංශ මහත්මිය ගමන් කළ වාහනය සහ ත්‍රි රෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණා. ත්‍රි රෝද රථයේ රියදුරු තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය සදහන් කළේ.

 

The post රිය අනතුරක් සිදු කළ උමාරියා අධිකරණයට appeared first on ITN News.

Read More »

කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමට වත්මන් රජය තරම් වෙන කිසිදු රජයක් මුදල් වෙන්කර නැහැ  

0 comments

කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීම සදහා වත්මන් රජය තරම් වෙනත් කිසිදු රජයක් මුදල් වෙන්කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පවසනවා.

දකුණු පළාතේ දියර කිරි ව්‍යසායකයන් හා පශු වෛද්‍යවරුන් සමග ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ. දකුණු පළාතේ දිනකට දියර කිරි ලීටර් දෙලක්ෂ එකොළොස් දහසක අවශ්‍යතාවක් පවතින බව මෙම රැස්වීමේ දී අනාවරණය වුණා. එහෙත් එම පළාත තුළ දිනකට නිෂ්පාදනය කෙරෙන්නේ දියර කිරි ලීටර් 108,300 ක් පමණක් බවයි හෙළිවුණේ.

 

 

 

 

The post කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමට වත්මන් රජය තරම් වෙන කිසිදු රජයක් මුදල් වෙන්කර නැහැ appeared first on ITN News.

Read More »

ඉෂාලිනීගේ දෙවන මරණ පරීක්ෂණයේ පූර්ණ වාර්තාව ලැබෙන තෙක් දේහය පේරාදෙණිය රෝහලේ  

0 comments

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මිය ගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය පිළිබද දෙවන මරණ පරීක්ෂණය අද සිදුකෙරුණා. ඒ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීයි.

පැය 9 කට අධික කාලයක් දෙවන මරණ පරීක්ෂණය පැවැත්වුණු අතර ඇයගේ දේහයේ කොටස් රසායනාගාර පරීක්ෂණ සදහා යොමු කිරීමට පියවර ගැණුනා.

හැටන් ඩයගම පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ මෘත ශරීරය අධිකරණ නියෝග මත ඊයේ ගොඩගනු ලැබුවා.

පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි දේහය ගොඩගැණුනේ. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නේ කොලඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබද මහාචාර්ය ජීන් පෙරේරා මහත්මියයි. කොලඹ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමීර ගුණවර්ධන සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රභාත් සේනසිංහ යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයන් වනවා.

 

The post ඉෂාලිනීගේ දෙවන මරණ පරීක්ෂණයේ පූර්ණ වාර්තාව ලැබෙන තෙක් දේහය පේරාදෙණිය රෝහලේ appeared first on ITN News.

Read More »

ඇස්ට්‍රා සෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම හෙට සිට  

0 comments

ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින්ට හෙට (01) දිනයේ සිට බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල්,  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඇතුළු ස්ථාන 20 කදී දෙවන මාත්‍රාව ලබාගත හැකි වනවා.

උදෑසන සිට රාත්‍රී කාලය වන තෙක් එන්නත් ලබාදීම සිදුවන බැවින් අනවශ්‍ය කලබලයක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවද සෞඛ්‍ය අංශ සදහන් කළා.

 

The post ඇස්ට්‍රා සෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම හෙට සිට appeared first on ITN News.

Read More »

බෙරිවිල ජනරංජන වැව ආශ්‍රිත කලාපය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්  

0 comments

පොළොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක යාවන බෙරිවිල ජනරංජන වැව ආශ්‍රිත කලාපය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක යාකරන කෙටිම මාර්ගය ලෙස බෙරිවිල මාර්ගය ද සංවර්ධනය කිරීමට නියමිතයි. මෙම කලාපයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමරකීර්ති අතුකෝරල සහ කපිල අතුකෝරල යන මහත්වරුන් එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජනරංජන වැවේ ධීවර කටයුතු සංවර්ධනය කිරීමට මෙන්ම බිසෝපුර මහවැලි කර්මාන්ත පුරයේ රැකියා අවස්ථා ඉහළ නැංවීමට ද රජයේ අවධානය යොමුව තිබෙනවා.

 

 

 

The post බෙරිවිල ජනරංජන වැව ආශ්‍රිත කලාපය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් appeared first on ITN News.

Read More »

හොරණ වැල්ලපිටිය ගංගොඩ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ඇරඹෙයි  

0 comments

හොරණ වැල්ලපිටිය ගංගොඩ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලි‍මේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

මීටර් 530 ක දුර ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි. ඒ සඳහා වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ 60 ක්. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙනවා. ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

 

 

The post හොරණ වැල්ලපිටිය ගංගොඩ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ඇරඹෙයි appeared first on ITN News.

Read More »

දරුවන්ගේ අධ්‍යාපනයට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන එකට අත්වැල් බැදගනී  

0 comments

දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය සදහා මේ මොහොතේ ලබාදිය හැකි උපරිම දායකත්වය සැපයීමට රජය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් එකගතාව පළකළා.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි මෙම එකගතාව පළවුණේ.

සැප්තැම්බර් මස මුල් සතිය වනවිට පාසල් ආරම්භ කිරීමට ද රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලි මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සාකච්ඡාවට එක්වුණා. රූපවාහිනිය යොදා ගනිමින් අධ්‍යාපනය ලබාදීම ඔන්ලයින් ක්‍රමයට වඩා සාර්ථක බවයි අධ්‍යාපන බලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේ. දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට දායකත්වය ලබාදීම හේතුවෙන් මාධ්‍ය ආයතන රටේ සමස්ත ජනතාවගේ පැසසුමට ලක්වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී කියාසිටියා.

සැප්තැම්බර් මස මුල් සතිය වනවිට පාසල් යළි විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසුවේ.

විද්‍යුත් නාලික ඇතුළු මාධ්‍ය මගින් ඉගැන්වීම් ක්‍රියාවලිය සදහා පාඩම් 7,183 ක් පටිගත කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියාසිටියා.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුණා.

 

The post දරුවන්ගේ අධ්‍යාපනයට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන එකට අත්වැල් බැදගනී appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වෙයි  

0 comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 220 කින් හමුවී ඇති වයිරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ තිස්දහස ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

ඊයේ දිනයට සිදුව ඇති මරණ සංඛ්‍යාව 8,772 ක්. වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දුනීසියාවෙන්. එම සංඛ්‍යාව 1,808 ක්. නැවත වරක් ඇමෙරිකාව තුළ කොරෝනා වයිරස ව්‍යාප්තියක් පෙන්නුම් කරන අතර ඊයේ දිනයට පමණක් එරටින් ආසාදිතයින් පනස් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. ඒ සමඟම ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දහනව කෝටි අසූපන්ලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,233,009ක්.

 

 

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

උෂ්ණාධික කාලගුණයත් සමඟ බටහිර ග්‍රීසියේ ලැව්ගිනි පැතිර යයි  

0 comments

උෂ්ණාධික කාලගුණයත් සමඟ බටහිර ග්‍රීසියේ ලැව්ගිනි හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අධික උෂ්ණත්වයත් සමඟ ලැව් ගිනි හටගැනීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඊයේ දිනයේ දී ජනතාවට දැනුම්දී තිබුණා. පෙලපනීස් නගරයේ ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමුකිරීමට සහන කණ්ඩායම් පියවර ගෙන තිබෙනවා. ඇතෑන්ස් නගරයේ සිට පැට්‍රිස් නගරය දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. ලැව්ගිනි ව්‍යාප්තියත් සමඟ බටහිර ග්‍රීසියේ අහස තැඹිලි පැයට හැරී තිබූ ආකාරය මාධ්‍ය වාර්තා කළා. ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා හෙළිකොප්ටර් යානා 8 ක් ගිනි නිවීමට යොදා ගන්නා ගුවන් යානා 8 ක් සමඟ සහන කණ්ඩායම් රැසක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post උෂ්ණාධික කාලගුණයත් සමඟ බටහිර ග්‍රීසියේ ලැව්ගිනි පැතිර යයි appeared first on ITN News.

Read More »

තවත් කොරෝනා ආසාදිතයින් 2,150ක් හඳුනා ගැනේ  

0 comments

කොරෝනා රෝගීන් 2,150 දෙනෙකු අද දිනයේ දී වාර්තා වුණා.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 308,812ක් දක්වා ඉහළ ගියා.

The post තවත් කොරෝනා ආසාදිතයින් 2,150ක් හඳුනා ගැනේ appeared first on ITN News.

Read More »

කොළඹ අග නගරය ආශ්‍රිත වැසි ජල පාලන ව්‍යාපෘති 5ක වැඩකටයුතු අවසන්  

0 comments

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොළඹ අග නගරය ආශ්‍රිත වැසි ජල පාලන ව්‍යාපෘති 5 ක වැඩකටයුතු අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

මරදාන ශාන්ත සෙබස්තියන් දකුණු ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය,  ශාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය,  කොළොන්නාව කලු පාලම ඇළ මාර්ග ගේට්ටුව ව්‍යාපෘතිය,  ගොතටුව ඇල මාර්ග ගේට්ටුව ව්‍යාපෘතිය සහ අඹතලේ ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතියේ වැඩ මෙලෙස අවසන් කෙරුණු බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සදහන් කළා.

අති නවීන විද්‍යාත්මක තාක්ෂණයන් භාවිත කරමින් මෙම සංවර්ධන කටයුතු සිදුකෙරුණු අතර අධික වැසි හේතුවෙන් සිදුවන ජල ගැලීම් පාලනය කිරීමට එමගින් ඉඩ සැළසෙනවා. කොළඹ අග නගරයේ වැසි ජලය පාලනය කිරීම සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 321 ක මුදලක් වෙන්කර ඇති අතර ලෝක බැංකුව මගින් ඒ සදහා සහණ ණය පදනම යටතේ ඩොලර් මිලියන 213 ක් හිමිවනවා.

ශ්‍රී ලංකා රජය ද ඇමෙරිකා ඩොලර් මිලියන 108 ක් ආයෝජනය කර ඇති බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පැවසුවේ. ව්‍යාපෘතීන්වල ප්‍රගතිය රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ නිරීක්ෂණයට ද ලක්වුණා.

 

 

The post කොළඹ අග නගරය ආශ්‍රිත වැසි ජල පාලන ව්‍යාපෘති 5ක වැඩකටයුතු අවසන් appeared first on ITN News.

Read More »

කිලෝමීටර් 5ක දුරක් තනිව ධාවනය කළ හැකි රොබෝ යන්ත්‍රයක්  

0 comments

ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලය කිලෝමීටර් 5ක දුරක් තනිව ධාවනය කළ හැකි රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කර තිබෙනවා.

කැසී නමින් හදුන්වන රොබෝ යන්ත්‍රය තමාගේ පෙඩලය සහිත පාද ආධාර කරගනිමින් කිලෝමීටර් 5ක දුරක්, විනාඩි 53ක කාලයකදී අවසන් කර තිබෙනවා. මෙම රොබෝව ක්‍රියා කරවන පරිගණක යන්ත්‍රය අධි උෂ්ණ තත්ත්වයට පත් වීම හේතුවෙන් තම ගමන් සීමාව තුල රොබෝ යන්ත්‍රය දෙවතාවක් බිමට ඇද වැටුණු බව පැවසෙනවා.

එක් වරක් පමණක් ආරෝපණය කිරීම මගින් කිලෝමීටර් 5ක දුර ප්‍රමාණය අවසන් කිරීමට රොබෝ යන්ත්‍රයට හැකියාව ලැබීම විශේෂත්වයක්.

ඉදිරියේදී භාණ්ඩ ඇනවුම් ප්‍රවාහනය සදහා මෙම රොබෝ යන්ත්‍රය උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වන බවයි නිර්මාණයට සම්බන්ධ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පවසන්නේ.

 

 

 

The post කිලෝමීටර් 5ක දුරක් තනිව ධාවනය කළ හැකි රොබෝ යන්ත්‍රයක් appeared first on ITN News.

Read More »

චීනයේ නැන්ජින් නුවරින් ආරම්භ වූ ඩෙල්ටා කොවිඩ් පොකුර තවත් ප්‍රදේශ දෙකකට ව්‍යාප්ත වෙයි  

0 comments

නැගෙනහිර චීනයේ නැන්ජින් නුවරින් ආරම්භ වූ ඩෙල්ටා කොවිඩ් පොකුර තවත් ප්‍රදේශ දෙකකට ව්‍යාප්ත වී තිබෙනවා.

චීනයේ ෆුජියෑන් ප්‍රාන්තයෙන් සහ චොන්කින් නාගරික ප්‍රදේශයෙන් නව කොරෝනා ආසාදිතයින් 55 දෙනෙකු ගතවූ පැය 24 තුලදී හදුනාගත් බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසන්නේ. මීට දින දෙකකට පෙර නැගෙනහිර චීනයේ නැන්ජින් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පවිත්‍රතා සේවකයින් 9 දෙනෙකුගෙන් ඇරඹුණු ඩෙල්ටා කොවිඩ් ව්‍යාප්තිය මෙලෙස ප්‍රදේශ ගණනාවක පැතිර යාම ආරම්භ වී තිබෙනවා.

මේ හේතුවෙන් නැන්ජින් නුවරින්  ආසන්න ප්‍රදේශවල දස දහසකට ආසන්න පිරිසක් නිරෝධායන සීමාවන්ට යටත් කිරීමට කටයුතු කර තිබෙනවා. චීනයට පැමිණි රුසියානු ගුවන්යානයක් පවිත්‍ර කිරීමෙන් අනතුරුව පවිත්‍රතා සේවකයින්ට වයිරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ගැනුණා.

 

 

 

The post චීනයේ නැන්ජින් නුවරින් ආරම්භ වූ ඩෙල්ටා කොවිඩ් පොකුර තවත් ප්‍රදේශ දෙකකට ව්‍යාප්ත වෙයි appeared first on ITN News.

Read More »

විහාරස්ථානවලත් කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන්  

0 comments

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ගම්පහ,  ගොඩගෙදර උත්තරමූල පිරිවෙන් රජමහා විහාරයේ දී ද ක්‍රියාත්මක කර තිබෙනවා.

විහාරාධිපති පූජ්‍ය මැදගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීම යටතේ විහාරස්ථාන භූමියේ එළවළු,  පළතුරු,  කහ,  ඉගුරු මෙන්ම අලවර්ග ඇතුළු භෝග විශාල ප්‍රමාණයක් වගාකර ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. විහාරස්ථානයේම නිෂ්පාදනය කරගත් කාබනික පොහොර මෙම වගාව සදහා යොදාගැනීමට විහාරාධිපති හිමියන් කටයුතු කර තිබෙනවා. වගාව සදහා අවශ්‍ය උපදෙස් මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය සදහා අවශ්‍ය දිරන ද්‍රව්‍ය ගම්පහ ප්‍රාදේශීය සභාවෙන් සැපයීමට කටයුතු කර ඇති බවයි එම ප්‍රා දේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතා පැවසුවේ.

 

 

The post විහාරස්ථානවලත් කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන් appeared first on ITN News.

Read More »

තවත් 1,906 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 1,906 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 277,118ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 1,906 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

Read More »

බස් රථයේ ගමන් කිරීමට එන්නත් කාඩ්පත අනිවාර්යයි – නැත්නම් ගාස්තුව දෙගුණ වෙයි  

0 comments

සෞඛ්‍ය අවදානම සලකා බලා අන්තර් පළාත් බස් රථ ප්‍රවාහනය ආරම්භ කිරීමත් සමඟ විශේෂිත ක්‍රමවේද ඔස්සේ කටයුතු කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය යෝජනා කර තිබෙනවා.

ඒ අනුව අන්තර් පළාත් ප්‍රවාහනයේදී සහ පළාත තුළ බස් රථවල ගමන් කරන වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් තම කොවිඩ් මර්ධන එන්නත්කරණ කාඩ්පතෙහි ඡායා පිටපතක් ලඟතබාගෙන එය ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ.

එන්කත්කරණ කාඩ්පතහි ඡායා පිටපතක් ඉදිරිපත් කළ අයට සාමාන්‍ය පරිදි එක ලඟ ඉදගෙන යා හැකි බවත් එසේ එන්කත්කරණ කාඩ්පතහි ඡායා පිටපතක් ඉදිරිපත් නොකරන අවුරුදු 30ට වැඩි අයට දෙදෙනෙකුගේ අසුනක තනිව ගමන් කිරීමට සිදුවන බවත් ඒ සදහා දෙගුණයක බස් රථ ගාස්තුවක් අය කිරීමට ද තීරණය කර තිබෙනවා.

මෙම යෝජනාමාලාව අද දිනයේදී ජනාධිපතිවරයා, විෂය භාර ඇමතිවරයා සහ අදාල බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර හෙට දිනයේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැළසුම්කර ඇති බවද ගැමුණු විජේරත්න මහතා සදහන් කළා.

The post බස් රථයේ ගමන් කිරීමට එන්නත් කාඩ්පත අනිවාර්යයි – නැත්නම් ගාස්තුව දෙගුණ වෙයි appeared first on ITN News.

Read More »

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන් නගරය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් නැවත වසා දමයි  

0 comments

ඩෙල්ටා කොවිඩ් වයිරසයේ සීඝ්‍ර පැතිරීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන් නගරය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් නැවත වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

බ්‍රිස්බ්‍රේන් නුවර පාසල් ශිෂ්‍යයෙකු ආශ්‍රිතව නව ආසාදිතයින් 6 දෙනෙකු හදුනාගැනීමත් සමගින් තවත් පාසල් දෙකක ශිෂ්‍යයින් සහ ගුරුවරුන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා.   මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ තුන්වන විශාලතම නගරය වන බ්‍රිස්බ්‍රේන් නරගය ඇතුළු අනෙකුත් ප්‍රදේශවල වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාවට අඛණ්ඩව දින තුනක් නිවෙස්වලට වී සිටින ලෙසයි ප්‍රාන්ත බලධාරීන් දැනුම් දී තිබෙන්නේ.

එරට සිඩ්නි නුවර සහ තදාසන්න ප්‍රදේශවල ද ඩෙල්ටා වයිරස් ප්‍රභේදය වේගයෙන්පැතිරයාම හේතුවෙන් සිඩිනි නුවර වසා තැබීමේ  කාලය ද තවත් මසකින් දීර්ඝකර තිබෙනවා.

 

 

 

 

The post ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන් නගරය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් නැවත වසා දමයි appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති කථානායක හමුවෙයි  

0 comments

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩෘස් ගොන්සාලේස් ගැරී‍ඩෝ මහතා ඊයේ  (30) පස්වරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

පාර්ලිමේන්තුවේදී සිදුවූ මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටි‍යහ.

The post ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති කථානායක හමුවෙයි appeared first on ITN News.

Read More »

ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි  

0 comments

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට අවශ්‍ය බව පවසමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.

The post ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි appeared first on ITN News.

Read More »

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතල තුවාල  

0 comments

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම හා නමවන කිලෝමීටර් කණුව ආසන්නයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.

ලොරි රථ දෙකක් ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. බරපතල තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හොරණ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ඇනතුර හේතුවෙන් පැය කීපයක් වාහන ගමනාගමනයට බාධා එල්ලවූ බව පොලීසිය පවසනවා.

උපකරණ තොගයක් රැගත් ලොරියක් ගාල්ල දෙස සිට කොළඹ දෙසට පැමිණ ඇති අතර එය පසුපසින් ධාවනය වූ මාළු පටවාගත් ලොරියක ගැටීමෙන් අනතුරු සිදුවුණා.

 

 

 

 

The post දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතල තුවාල appeared first on ITN News.

Read More »

ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා තොගයක් රැගත් ගුවන්යානයක් ජපානයෙන් පිටත් වෙයි  

0 comments

ජපානයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා තොගය රැගත් ගුවන් යානය ජපනයෙන් පිටත් වී තිබෙනවා.

කොවැක්ස් පහසුකම යටතේ ලැබෙන මෙම එන්නත් තොගය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එවා ඇති බවයි ජපානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ.

එම ගුවන්යානය අද පස්වරු 05.10ට කටුනායක ගුවන් තොටුපළට ළගාවීමට නියමිතයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන සිටින පිරිස් සඳහා දෙවන මාත්‍රාව ලෙස මෙම එන්නත් පළමුවෙන් ලබාදෙනු ඇති.

අනතුරුව ඉතිරි එන්නත් මාත්‍රා ප්‍රමාණය කෑගල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ.

 

The post ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා තොගයක් රැගත් ගුවන්යානයක් ජපානයෙන් පිටත් වෙයි appeared first on ITN News.

Read More »

සංචාරක ආකර්ෂණය ඇති ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150ක් හඳුනාගැනේ  

0 comments

දිවයින පුරා සංචාරක ආකර්ෂණය ඇති නව ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150 ක් හදුනා ගැනේ.

මෙම ස්ථාන සංචාරක ආකර්ෂණීය ජලජ ගුවන් ධාවන පථ ලෙස සංවර්ධනය කිරිමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොවිඩ් වසංගතයෙන් පසුව සංචාරක කර්මාන්ත යථා තත්ත්වයට පත් කිරිමේ දි සංචාරක ආකර්ෂණීය ස්ථාන හා නව සංචාරක ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව මෙම ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව ඇමතිවරයා කියයි.

මේ වන විට ජලජ ගුවන් පථ 11 ක් ක්‍රියාත්මකයි. බෙන්තොට ගඟ, කැළණි ගඟ, පොල්ගොල්ල ජලාශය, දියවන්නා ඔය, වික්ටෝරියා ජලාශය, මාවුල්ල කළපුව, කාසල්රී ජලාශය, නුවරඑළිය ගෙග්‍රරි වැව, තිස්ස වැව, කොග්ගල කළපුව හා මඩකලපුව කළපුව එම ස්ථානයි. බේරේ වැව, ආරුගම්බේ, දඩුගම් ඔය, අම්පාර කොණ්ඩුවට්ටුවාන් ජලාශය, බදගිරිය වැව, ඉරණමඩු ජලාශය, කල්පිටිය ඕලන්ද බොක්ක, වාලච්චේන කළපුව වැනි ප්‍ර දේශවල ජලජ ගුවන් ධාවන පථ මීට පෙර ක්‍රියාත්මක වුවද මේ වන විට ඒවා අතහැර දමා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය දන්වා ඇතැයි ද ඇමතිවරයා කියයි.

ගුවන් සේවා අධිකාරිය මේ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යනයක් සිදු කර ඇති අතර නව ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150 ක් හදුනාගෙන ඇත්තේ ඒ අනුවයි. ඉදිරියේ දි මෙම ප්‍රදේශවල ආයෝජකයන්ගේ ද සහාය ඇතිව ජලජ ගුවන් පථ පිහිටුවීමට ඇති හැකියාව සොයා බලමින් තිබෙන බව ද ඇමතිවරයා කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍ය යේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඉදිරියේ දී රට තුළ විනෝදාස්වාදය පදනම් කරගත් උද්‍යාන ඇති කිරීමටත්, ආගමික, සංස්කෘතික, ජාතික උරුමයන්, ත්‍රාස්‍යජනක ක්‍රීඩා, කෘෂිකර්ම හා වනාන්තර ආශ්‍රිත සංචාරක ක්ෂේත්‍රයන් තුළ සංචාරක ආකර්ෂණිය ස්ථාන හදුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමටත් සැලසුම් කර තිබේ.

මේ වනවිටත් දිවයින පුරා නව සංචාරක ආකර්ෂණීය ස්ථාන 6000 ක් පමණ හදුනාගෙන ඇති අතර එම සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීමට මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ වැඩපිළිවෙලක් ද සකස් කර ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.

The post සංචාරක ආකර්ෂණය ඇති ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150ක් හඳුනාගැනේ appeared first on ITN News.

Read More »

මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත කාන්තාවක් අත්අඩංගුවට  

0 comments

රත්මලාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා. ඇය සතුව තිබූ රුපියල් දහනව ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අගුලාන පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සයුරුපුර මහල් නිවාසයේ සිදුකළ වැටලීමකදී ඇය අත්අඩංගුවට ගැණුනා. සැකකාරිය අබුඩාබි හි සේවය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව පොලීසිය පවසනවා.

කුඩු අංජු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මුදල් බැංකු ගත කිරීම සිදු කර ඇත්තේ මෙම කාන්තාව බවයි පරීක්ෂණවලදී හෙළිවුණේ. සැකකාරිය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

The post මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත කාන්තාවක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

අනුරාධපුර, උදය මාවතේ සැකකටයුතු ලෙස මියගිය අයෙකුගේ සිරුරක්  

0 comments

සැකකටයුතු ලෙස මරණයට පත්වූ පුද්ගලයෙකුගේ සිරුරක් අනුරාධපුර උදය මාවත ප්‍රදේශයේ දී සොයාගෙන තිබෙනවා.

ජීවිතක්ෂයට පත් පුද්ගලයා අනුරාධපුර, පවිත්‍ර පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.

සිරුර සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

The post අනුරාධපුර, උදය මාවතේ සැකකටයුතු ලෙස මියගිය අයෙකුගේ සිරුරක් appeared first on ITN News.

Read More »

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගයක් අද පස්වරුවේ දිවයිනට  

0 comments

කොවැක්ස් වැඩසටහන යටතේ ලබාදෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා හත්ලක්ෂ විසිඅට දහස් හාරසිය හැටක් අද පස්වරුවේ දිවයිනට ලගාවීමට නියමිතව තිබෙනවා.

ඊට සමාන ඇස්ට්‍රා සෙනෙකා මාත්‍රා සංඛ්‍යාවක් ලබන සෙනසුරාදා දිනයේ ද දිවයිනට ළගාවන බව සෞඛ්‍ය අංශ සදහන් කළා. ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පිරිසට ප්‍රමුඛතාව ලබාදෙමින් එම එන්නත් ලබාදීමට සැළසුම්කර තිබෙනවා.

ඉතිරි ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන සදහා යොමු කිරීමට නියමිතයි.

The post ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගයක් අද පස්වරුවේ දිවයිනට appeared first on ITN News.

Read More »

යල කන්නයේ වී මිලදී ගැනීමට උතුරු පළාතේ මධ්‍යස්ථාන 12ක්  

0 comments

යල කන්නයේ වී මිලදී ගැනීම සදහා උතුරු පළාතේ මධ්‍යස්ථාන 12 ක් ක්‍රියාත්මක කර තිබෙනවා.

රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ උතුරු පළාතේ මධ්‍යස්ථාන 12 කදී වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා. වව්නියාව ප්‍රදේශයේ මධ්‍යස්ථාන 4 ක් මුලතිව් හි  මධ්‍යස්ථාන 3 ක් මන්නාරමෙහි මධ්‍යස්ථාන 2 ක් සහ කිලිනොච්චියේ මධ්‍යස්ථාන 3 ක් මෙලෙස විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ .

නාඩු කිලෝවක් රුපියල් 50 කට,  සම්බා කිලෝවක් රුපියල් 52 සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 55 කට මිලදී ගැනීමට රජය කටයුතු කර තිබෙනවා.

එක් වී කිලෝවක් සදහා රුපියල් 1.50 ක ප්‍රවාහන දීමනාවක් ලබා දීමටයි කටයුතු කර තිබෙන්නේ.

 

 

The post යල කන්නයේ වී මිලදී ගැනීමට උතුරු පළාතේ මධ්‍යස්ථාන 12ක් appeared first on ITN News.

Read More »

සදහිරු සෑයේ තැන්පත් කෙරෙන කොත් වහන්සේ හා චූඩා මාණික්‍ය වන්දනාමානය සදහා ප්‍රදර්ශනය කිරීමට සැලසුම්  

0 comments

අනුරාධපුර සදහිරු සෑයේ තැන්පත් කෙරෙන කොත් වහන්සේ හා චූඩා මාණික්‍ය බැතිමතුන්ට වන්දනාමානය සදහා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් රථ පෙරහැර ලබන මස 8 වනදා හුණුපිටිය ගංගාරාමයෙන් ගමන් ආරම්භ කරනවා. සැප්තැම්බර් 23 දක්වා දින 47 ක් පුරා දිස්ත්‍රික් 19ක් ආවරණය කරමින් එය ගමන් කිරීමට නියමිතයි.

විහාරස්ථාන 48කදී විශේෂ ආගමික වැඩසටහන් ද පැවැත්වෙනවා.

 

 

The post සදහිරු සෑයේ තැන්පත් කෙරෙන කොත් වහන්සේ හා චූඩා මාණික්‍ය වන්දනාමානය සදහා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් appeared first on ITN News.

Read More »

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික අංශ ප්‍රධානී හා ප්‍රවාහන ඇමැති අතර හමුවක්  

0 comments

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා හා ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික අංශ ප්‍රධානී සූසන් එෆ්. වෝක් (Susan.F.walke) මහත්මිය අතර හමුවක් ප්‍රවාහන අමාත්‍යංශයේ දී ඊයේ ( 30) පැවැත්විණි.

මගී හා භාණ්ඩ ප්‍රවාහන‍ ක්ෂේත්‍රයට බලපාන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම ව්‍යාපාර ඇතුළත් Fortune 500 දර්ශකයට අයත් ප්‍රමුඛතම සමාගම් වල සහාය ලබාගෙන ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට ලබා දිය හැකි සහාය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා විය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංයේ ලේකම් මොන්ටි රණතුංග, ඇමරිකානු තානාපති කාර්යාලයේ වාණිජ නිලධාරි ලුයිස්. ජී .සලාස් (Luis.G.Salas) හා ප්‍රවාහන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් තුෂාර වජිර පෙරේරා යන මහත්වරුන් ද සහභාගී වූහ.

The post ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික අංශ ප්‍රධානී හා ප්‍රවාහන ඇමැති අතර හමුවක් appeared first on ITN News.

Read More »

එංගලන්තයේදී විනය කැඩූ ධනුෂ්කට, කුසල්ට සහ දික්වැල්ලට අවුරුද්දක තරග තහනමක්  

0 comments

නිමාවූ එංගලන්ත තරග සංචාරය අතරතුර විනය කඩ කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්,  නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට වසරක කාලයක් සදහා ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබෙනවා.

මීට අමතරව එක් ක්‍රීඩකයෙකුගෙන් රුපියල් මිලියන 10 ක දඩ මුදලක් ද අය කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

නිමාවූ එංගලන්ත තරග සංචාරය අතරතුර විනය කඩ කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්,  නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට වසරක කාලයක් සදහා ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබෙනවා. ඊට අමතරව තවත් වසරකට අත්හිටවූ තරග තහනමක් පනවා ඇති අතර අදාළ කාලය තුළදී මොවුන් යම් විනය නීතියක් කඩ කළහොත් තවත් වසර 2 ක කාලයක් සදහා මෙම තහනම ක්‍රියාත්මක කෙරෙනවා.

මීට අමතරව මොවුන්ට මාස 6 ක කාලයක් සදහා දේශීය තරග තහනමක් ද පනවා ඇති අතර එක් ක්‍රීඩකයෙකුගෙන් රුපියල් මිලියන 10 ක දඩ මුදලක් ද අය කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

තවද මෙම ක්‍රීඩකයින් තිදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිර්දේශ කරනු ලබන වෛද්‍යවරයෙකු යටතේ උපදේශන සේවයකට ද සහභාගී වීමට සිදුවන බවයි පැවසෙන්නේ.

 

The post එංගලන්තයේදී විනය කැඩූ ධනුෂ්කට, කුසල්ට සහ දික්වැල්ලට අවුරුද්දක තරග තහනමක් appeared first on ITN News.

Read More »

ආර්ජන්ටිනාවේ පැටගොනියා වෙරළ කලාපය ආශ්‍රිත කලපු ප්‍රදේශය විනාශයට පත්වීමේ අවදානමකට  

0 comments

ආර්ජන්ටිනාවේ පැටගොනියා වෙරළ කලාපය ආශ්‍රිත කලපු ප්‍රදේශය විනාශයට පත්වීමේ අවදානමකට ලක්ව තිබෙනවා.

මෙම කලපු ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති කර්මාන්තශාලා කිහිපයකින් පිට කරනු ලබන රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් මෙහි ජලය රෝස පැහැයක් ගෙන ඇති බවයි පැවසෙන්නේ. එමෙන්ම කර්මාන්තශාලාවලින් ඉවත දමන කැළි කසල මෙම කලපු ප්‍රදේශයට බැහැර කරනු ලබනවා.

කලපු ප්‍රදේශ‌යේ ජලයේ හදිසි වෙනස්වීම විනාශකාරී පාරිසරික තත්ත්වයක් පිළිබද අනතුරු ඇගවීමක් ලෙසයි සැළකෙන්නේ. මේ සම්බන්ධයෙන් ආර්ජන්ටිනා පාරිසරික පර්යේෂණ කණ්ඩායම් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

 

 

The post ආර්ජන්ටිනාවේ පැටගොනියා වෙරළ කලාපය ආශ්‍රිත කලපු ප්‍රදේශය විනාශයට පත්වීමේ අවදානමකට appeared first on ITN News.

Read More »

ටෝකියෝ නුවර ඇතුලු නගර ගණනාවකට පනවා තිබූ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ  

0 comments

ජපානයේ ටෝකියෝ නුවර ඇතුලු නගර ගණනාවකට පනවා තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන ටෝකියෝ නුවර  ඇතුලු තවත් නගර 5 ක හදිසි තත්ත්වය මෙලෙස දීර්ඝ කිරීමට තීරණය කළ බවයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා නිවේදනය කරන්නේ.

සිග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් නව කොවිඩ් රෝගීන් විශාල සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වනවා. එරට දෙෙනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව 10,000 ඉක්මවා යන බවයි වාර්තා වන්නේ.

ඔලිම්පික් තරගාවලියට සම්බන්ධ පිරිස් ද මේ අතර වන බවයි සදහන් වන්නේ.

 

 

 

The post ටෝකියෝ නුවර ඇතුලු නගර ගණනාවකට පනවා තිබූ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ appeared first on ITN News.

Read More »

බිරිඳව ඝාතනය කළ සැමියා ගෙල වැළලාගනියි  

0 comments

කහටගස්දිගිලිය ප්‍රදේශයේ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඇතිවූ ගැටුමක් නිසා ස්වාමිපුරුෂයා එල්ල කළ ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුව ස්වාමිපුරුෂයාද ගෙල වැළලාගෙන මිය‌ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

කහටගස්දිගිලිය සීප්පුකුලම ප්‍රදේශයේ අඹු සැමි යුවලක් අතර ඇතිවූ ආරවුලකදි මෙම මරණ සිදුවී ඇති බවයි පොලීසිය පැවසුවේ. මිය ගිය කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා අතර කලක පටන් ආරවුලක් තිබී ඇති අතර ඇය තවත් කාන්තාවක් සමග ගොයම් කැපීමට ගොස් නිවස බලා පැමිණෙමින් සිටියදී ස්වාමිපුරුෂයා තියුණු ආයුධයකින් එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය සමග පැමිණි අනෙක් කාන්තාවට ද මෙම පුද්ගලයා පහර දී ඇති අතර එම කාන්තාව ද සිද්ධියෙන් තුවාල ලැබුවා. පසුව සැකකාර පුද්ගලයා ගෙල වැළලාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

 

 

 

The post බිරිඳව ඝාතනය කළ සැමියා ගෙල වැළලාගනියි appeared first on ITN News.

Read More »

දකුණු චීන මුහුදේ යන යුද නැව්වලට චීනයෙන් අනතුරු ඇගවීම්  

0 comments

දකුණු චීන මුහුද හරහා ජපානය දෙසට ගමන් කරන යුධ නෞකා සහ ප්‍රහාරක යාත්‍රා සම්බන්ධයෙන් චීනය අද අනතුරු ඇගවීමක් නිකුත් කළා.

අයිතිය පිළිබද මතභේදකාරී දකුණු චීන මුහුදු ප්‍රදේශයේ කෘතිම දිවයින් සහ ගුවන් ධාවන පථ ඉදිකිරීමට චීනය කටයුතු කර තිබෙනවා. අසල්වැසි රටවලින් ඒ සදහා දැඩි විරෝධයක් එල්ල වී ඇති බවයි පැවසෙන්නේ. චීනයේ අයිතිය පිළිබද අවධානය යොමු නොකරමින් බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකා යුධ හමුදා ද මෙම මුහුදු ප්‍රදේශය හරහා ගමන් කරනු ලබනවා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් චීනය පවසන්නේ දකුණු චීන මුහුද හරහා ජපානය දෙසට ගමන් කරන බ්‍රිතාන්‍ය යුධ නෞකා පෙළ සම්බන්ධයෙන් තමා දැඩි අවදානයෙන් පසුවන බවයි.

කෙසේ නමුත් මෙම සාගර කලාපය හරහා නාවික ගමනාගමනයේ නිදහස තමන් උපරිම වශයෙන් භුක්ති විදින බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් වොලස් පවසන්නේ.

 

 

 

The post දකුණු චීන මුහුදේ යන යුද නැව්වලට චීනයෙන් අනතුරු ඇගවීම් appeared first on ITN News.

Read More »

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට බලපෑම්  

0 comments

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවකට බලපෑම් එල්ලවී තිබෙනවා.

ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයට සුළි කුණාටු දෙකකින් හානි සිදුවුණා. ගොඩනැගිලි රැසක් විනාශ වූ අතර තවත් කිහිප දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මේ අතර කැලිෆෝනියා ප්‍රාන්තයේ උතුරු දිග ප්‍ර දේශයට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් එම ප්‍රදේශයේ ඓතිහාසික ස්මාරක ගණනාවකට  හානි සිදුවී තිබෙනවා.  රථවාහන කිහිපයක් ද ගින්නට හසුවී විනාශ වී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.ගින්න නිවීමේ මෙහෙයුම් මේ වන විටත් ආරම්භ වී තිබෙනවා.

 

 

 

 

 

 

 

 

The post අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට බලපෑම් appeared first on ITN News.

Read More »

දින 36කට පසු දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දෙදහස ඉක්මවයි  

0 comments

දින 36 කට පසු දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේ දෙදහසේ සීමාව ඉක්මවා ගියා.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,370 ක්.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 304,202 ක්. 26,448 දෙනෙකු රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 273,496 ක්.

ඊයේ දිනයේ දී පීසීආර් පරීක්ෂණ 14,147 ක් සිදුකර ඇති අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 5,615 ක් සිදුකර තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් වැඩිවීමේ තත්ත්වය පිළිබද නොසැලකුවහොත් ඉදිරියේදී බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

කොරෝනා අවදානම යළි හිස ඔසවමින් පවතින බැවින් ලබාදී තිබෙන නිදහස අයුතු ලෙස යොදා නොගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දඹුල්ල ප්‍රදේශයේ කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළ යාමත් සමග ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදසැල් 4 ක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. සෙසු වෙළෙදසැල් 140 සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදවලට අනුව විවෘතව පවතින බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා ප්‍රකාශ කළේ.

 

 

 

 

 

The post දින 36කට පසු දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දෙදහස ඉක්මවයි appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු තරග කාලසටහන නිකුත් වෙයි  

0 comments

ලබන සැප්තැම්බර් මසදී එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 6 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන අතර සැප්තැම්බර් 10 වැනිදා සිට විස්සයි-20 තරගාවලිය පැවැත්වෙනු ඇත. මෙම තරගාවලියද කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් ජෛව බුබුලු පරිසරයක් යටතේ පැවැත්වේ.

The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු තරග කාලසටහන නිකුත් වෙයි appeared first on ITN News.

Read More »

අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක්  

0 comments

අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 38,903ක් නිෂ්පාදනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

පසුගියදා එම දිස්ත්‍රික්කයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ බව කියා සිටියා.

යල මහ කන්න දෙකේ අක්කර 3,30,000ක් අම්පාර දිස්ත්‍රික්කයේ වගා කෙරෙන අතර, රටේ ජාතික වී නිෂ්පාදනට 22%ක දායකත්වයක් අම්පාර ගොවි ජනතාව සපයනු ලබයි.

ජාතික නිෂ්පාදනයට 40%ක දායකත්වයක් සපයමින් කව්පි වගාවද අම්පාර දිස්ත්‍රික්කයේ සිදුකරනු ලබයි. ඊට අමතරව බඩඉරිඟු, මිරිස් ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන රැසකට අම්පාර ගොවි ජනතාව දෙන දායකත්වය ඉමහත්.

මහ කන්නයේ කාබනික වගාව වෙනුවෙන් ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් නියමිත පරිදි ලබා දෙන බව මෙම සාකච්ඡාවට එක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

The post අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් appeared first on ITN News.

Read More »

කොළඹ කොටුව සිට බත්තරමුල්ලට නව දුම්රිය මාර්ගයක්  

0 comments

කොළඹ කොටුව සිට බත්තරමුල්ලට නව දුම්රිය මාර්ගයක් ඉදිකරන බව දුම්රිය  සමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර  මහතා පවසනවා.

ගම්පහ දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

The post කොළඹ කොටුව සිට බත්තරමුල්ලට නව දුම්රිය මාර්ගයක් appeared first on ITN News.

Read More »

ඇමරිකාවේ කොවිඩ් එන්නත ලබා ගන්නා සෑම අයෙකුටම ඩොලර් 100ක්  

0 comments

කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට මැළිකමක් දක්වන පුද්ගලයින් දිරි ගැන්වීම සදහා ඇමරිකාව නව වැඩපිළිවෙලක් හදුන්වා දී තිබෙනවා.

අලුතින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට පැමිණෙන සෑම පුද්ගලයෙකුටම අමෙරිකා ‌ඩොලර් 100 බැගින් ලබා දීමට කටයුතු කරන ලෙසයි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රාන්ත බලධාරීන්ට යෝජනා කර තිබෙන්නේ. අමෙරිකාව තුල බොහෝ පිරිසක් තවමත් කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට මැළිකමක් දැක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. මිලියන 330 කට ආසන්න අමෙරිකා ජනගහණයෙන් එන්නත්කරණය සම්පූර්ණ කර ඇත්තේ සියයට 50 ක පිරිසක් පමණයි.

මිලියන දෙකක් පමණක් වන ෆෙඩරල් සේවකයින් අනිවාර්යයෙන් එන්නත ලබා ගත යුත් බවත් ඒ සදහා අවශ්‍ය සාක්ෂි ඔවුන් සන්තකයේ තබා ගත යුතු බවත් අවධාරණය කර තිබෙනවා.

 

 

 

The post ඇමරිකාවේ කොවිඩ් එන්නත ලබා ගන්නා සෑම අයෙකුටම ඩොලර් 100ක් appeared first on ITN News.

Read More »

තවත් 1,716 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 1,716 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 275,212ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 1,716 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

Read More »

”පිරිවෙන් වරුණ” සැමරුම් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්  

0 comments

දහම් පාසල්,  පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවා මේ වෙනවිට වසරක් ගතවෙලා.

එහි ප්‍රගතිය සොයා බලමින් සංවිධානය කළ සැමරුම් උත්සවයක් අද පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරමින් දහම් අධ්‍යාපනය,  පිරිවෙන් අධ්‍යාපනය සහ භික්ෂු අධ්‍යාපනය නගා සිටුවීම සදහා මේ වනවිටත් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවා වසරක් ගතවීමත් සමග එහි ප්‍රගතිය සමාලෝචනය කර ”පිරිවෙන් වරුණ” සැමරුම් වැඩසටහන අද පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන්. දිවයින පුරා මේ වන විට පිරිවෙන් 825 ක් පමණ පිහිටුවා ඇති අතර ශිෂ්‍ය භික්ෂූන් 70000 ක් පමණ අධ්‍යාපනය හදාරනු ලබනවා.

පිරිවෙන් අධ්‍යාපනය හරහා ජාතික උරුමය, සංස්කෘතිය රැකගැනීම වත්මන් රජයේ අපේක්ෂාවයි.

මෙම රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමද ජනාධිපතිතුමන්ගේ සුරතින් අද සිදු කෙරුණා.

 

 

 

 

The post ”පිරිවෙන් වරුණ” සැමරුම් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව පළමු T20 තරගාවලි ජය වාර්තා කරයි  

0 comments

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. මෙය ඉන්දීය පිලට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් පළමු 20 යි 20 තරගාවලි ජයයි.

ඊයේ පැවති තුන්වන තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඉන්දීය පිතිකරුවන්ට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඉන්දියාවේ පළමු කඩුලු 5 ලකුණු 36 ක් තුළ ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත්තේ ලකුණු 81 ක් පමණයි. මෙය 20 යි 20 තරගයකදී ඉන්දීය කණ්ඩායමක් ලබා ගත් තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාවයි. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 23 ක් ලැබූ කුල්දීප් යාදෙව්.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග සිය පන්දු වාර 4 තුළදී ලකුණු 9 ක් පමණක් ලබා දෙමින් කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 14 යි පන්දු 3 කදී කඩුලු 3 ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළා. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 23 යි. ඒ අනුව මෙම ජයත් සමග තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

2008 වසරෙන් පසු ඉන්දීය ජාතික කණ්ඩායමට එරෙහිව ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව ද මෙය වනවා. තරගයේ මෙන්ම තරගාවලියේද වීරයා වූයේ වනිදු හසරංගයි.

 

The post ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව පළමු T20 තරගාවලි ජය වාර්තා කරයි appeared first on ITN News.

Read More »

එන්නත් ලබා ගත් සංචාරකයින්ට අගොස්තු පළවනදා සිට සෞදි අරාබිය විවෘතයි  

0 comments

ලබන අගොස්තු පළවනදා සිට සෞදි අරාබිය විදේශ සංචාරකයින්ට සිය දේශ සීමා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

මාස 17 ක කාලයකට පසුවයි සෞදි අරාබිය මෙලෙස විදේශිකයන් සදහා විවෘත වන්නේ. පූර්ණ එන්නත්කරණය ලැබූ විදෙස් සංචාරකයින් සදහා සෞදි අරාබියට ඇතුල් වීමට අවසර ලබා දෙන බවයි එරට රජය අද නිවේදනය කළේ. අගෝස්තු පළවනදා සිට එරටට ඇතුල් වන විදේශිකයන් ෆයිසර්,  ඇස්ට්‍රා සෙනෙකා,  මොඩර්නා හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා මර්දන එන්නත් පූර්ණ වශයෙන් ලබා සිටිය යුතු බවයි වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

එමෙන්ම සෞදි අරාබියට පැමිණීමට පෙර අවසන් පැය 72 තුළ ලබා ගත් කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයෙකු නොවී සිටීමද අත්‍යාවශ්‍ය වනවා.

එවැනි පුද්ගලයින්ට නිරෝධායන කාල සීමාවකින් තොරව සෞදි අරාබියට ඇතුල් විය හැකි බවයි දැනුම් දී තිබෙන්නේ.

 

 

 

The post එන්නත් ලබා ගත් සංචාරකයින්ට අගොස්තු පළවනදා සිට සෞදි අරාබිය විවෘතයි appeared first on ITN News.

Read More »

රට දියුණුවෙනවට විපක්ෂය බයයි – උද්ඝෝෂණ කරන්නේ ආයෝජනවලට බාධා කරන්න  

0 comments

මාස හතරහමාරක් ඇතුළත ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක ආයෝජන රට තුළට ගෙනඒමට හැකිවූයේ පරිපාලනමය අතින් රට ස්ථාවරයක සිටින නිසා බව ව්‍යාපාරික ප්‍රජාව පවසනවා.

විපක්ෂය මෙම උද්ඝෝෂන සිදුකරන්නේ ආයෝජන හේතුවෙන් රට දියුණුවේයැයි බිය නිසා බවයි ව්‍යාවසායක නියොමාල් පෙරේරා මහතා පවසන්නේ හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.

The post රට දියුණුවෙනවට විපක්ෂය බයයි – උද්ඝෝෂණ කරන්නේ ආයෝජනවලට බාධා කරන්න appeared first on ITN News.

Read More »

කොළඹ වරායේදී ගිනිගැනීමට ගිය තවත් නෞකාවක් බේරාගනී  

0 comments

ඉන්දියාවේ සිට කොළඹ වරායට පැමිණි නෞකාවක තිබූ නයිට්‍රික් ඇසිඩ් බහාලුමක කාන්දුවක් ඇති බවට හදුනා ගැනීම හේතුවෙන් එම නෞකාව ගිනිගැනීම වළක්වාගත හැකි වූ බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

හොංකොං ධජය යටතේ හැපැක් ලොයිඩ් නෞකාව කොළඹ වරායට පැමිණ ඇත්තේ පසුගිය 26 වනදායි. එම නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් බහාලුමක කාන්දුවක් ඇති බවට නෞකාවේ කපිතාන්වරයා ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව වරාය පැමිණීමෙන් පසු කාන්දුව සහිත බහාලුම් නැවෙන් ඉවත්කර ආරක්ෂිතව වෙන් කිරීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ගිනි නිවීමේ ඒකක මේ සදහා වහාම ක්‍රියාත්මක වීම හේතුවෙන් නෞකාවේ ඇතිවීමට ඉඩ තිබූ ගින්න වළක්වා ගැනීමට හැකිවූ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

The post කොළඹ වරායේදී ගිනිගැනීමට ගිය තවත් නෞකාවක් බේරාගනී appeared first on ITN News.

Read More »

අභ්‍යවකාශය ජය ගන්න ගිය රුසියානු යානයේ දෝෂයක්  

0 comments

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය නවතම රුසියානු අභ්‍යවකාශ යානයේ දෝෂයක් හට ගෙන ඇති බව වාර්තා වනවා.

අභ්‍යවකාශ පර්යේෂණ කටයුතු සදහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය නවුකා නමින් හදුන්වනු ලැබූ රුසියානු නව මොඩියුලයේ මෙහෙයුමට ගගනගාමීන් 7 දෙනෙකු සම්බන්ධ වී තිබෙනවා. මොඩියුලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වී පැය කිහිපයකට පසුවයි මෙම දෝෂය ඇතිව තිබෙන්නේ. එය මොඩියුලයේ එන්ජින් දෝෂයක් බවට එහි සිටි ගගනගාමීන් පෘථිවි පාලක මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබෙනවා. එම එන්ජිම අක්‍රිය කිරීමට කටයුතු කර ඇති හෙයින් මොඩියුලයේ ගමන් කළ ගගනගාමීන්ට අවදානමක් නොමැති බවයි පැවසෙන්නේ.

මේ වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ පෘථිවිය අතර සබදතා ප්‍රධාන වශයෙන් රුසියානු අභ්‍යවකාශ යානා මගින් පවත්වා ගෙන යනු ලබනවා. කෙසේවෙතත් අභ්‍යවකාශ යානයේ පර්යේෂණ කටයුතු ලබන අගෝස්තු 3 වනදා දක්වා කල් දැමීමට සිදුව ඇති බවයි රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසන්නේ.

 

 

 

The post අභ්‍යවකාශය ජය ගන්න ගිය රුසියානු යානයේ දෝෂයක් appeared first on ITN News.

Read More »

ඇෆ්ගනිස්ථානයේ හටගත් හදිසි ගංවතුරෙන් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් මරුට  

0 comments

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ හටගත් හදිසි ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 60 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

දින ගණනක් පුරා අඛණ්ඩව ඇද හැලුණු වර්ෂාවත් සමග ගංගා පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරේ මඩ සහ සුන්බුන් අතර සිරවී විශාල පිරිසක් මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කාන්තාවන් කුඩා ළමුන් විශාල පිරිසක්  මිය ගිය පිරිස අතර වනවා. ජල ගැලීමෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ තලෙයිබාන් සටන්කාමීන්ගේ පාලනය යටතේ පවතින අතර මිය ගිය සංඛ්‍යාව 150 දෙනෙකු පමණ වන බව ඔවුන් පවසනවා.

විපතට පත්වූවන් මුදා ගැනීම සදහා අදාළ ප්‍රදේශවලට ඇතුලුවීම සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානය සහ ඇෆ්ගනිස්ථාන රජය අතර සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.

 

 

 

The post ඇෆ්ගනිස්ථානයේ හටගත් හදිසි ගංවතුරෙන් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් මරුට appeared first on ITN News.

Read More »

තුර්කියේ ලැව් ගිනි හේතුවෙන් 3 දෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

තුර්කියේ ලැව් ගිනි හේතුවෙන් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර දස දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

තුර්කියේ දකුණු දිග ප්‍රදේශයේ පවත්නා උණුසුම් කාලගුණික තත්ත්වය සහ දැඩි සුළං හේතුවෙන් ගින්න පැතිර යාම වේගවත් වී ඇති බවයි වාර්තා වන්නේ. එරට ප්‍රදේශ 17 කට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර සංචාරක ආකර්ශනීය නගරයක් වන ආගියන් වෙරළ කලාපය ආශ්‍රිත ප්‍රදේශයට වැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන හමුදා භටයින් 400 ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post තුර්කියේ ලැව් ගිනි හේතුවෙන් 3 දෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG