Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු චීන මුහුදේ යන යුද නැව්වලට චීනයෙන් අනතුරු ඇගවීම්  

Add comments

දකුණු චීන මුහුද හරහා ජපානය දෙසට ගමන් කරන යුධ නෞකා සහ ප්‍රහාරක යාත්‍රා සම්බන්ධයෙන් චීනය අද අනතුරු ඇගවීමක් නිකුත් කළා.

අයිතිය පිළිබද මතභේදකාරී දකුණු චීන මුහුදු ප්‍රදේශයේ කෘතිම දිවයින් සහ ගුවන් ධාවන පථ ඉදිකිරීමට චීනය කටයුතු කර තිබෙනවා. අසල්වැසි රටවලින් ඒ සදහා දැඩි විරෝධයක් එල්ල වී ඇති බවයි පැවසෙන්නේ. චීනයේ අයිතිය පිළිබද අවධානය යොමු නොකරමින් බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකා යුධ හමුදා ද මෙම මුහුදු ප්‍රදේශය හරහා ගමන් කරනු ලබනවා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් චීනය පවසන්නේ දකුණු චීන මුහුද හරහා ජපානය දෙසට ගමන් කරන බ්‍රිතාන්‍ය යුධ නෞකා පෙළ සම්බන්ධයෙන් තමා දැඩි අවදානයෙන් පසුවන බවයි.

කෙසේ නමුත් මෙම සාගර කලාපය හරහා නාවික ගමනාගමනයේ නිදහස තමන් උපරිම වශයෙන් භුක්ති විදින බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් වොලස් පවසන්නේ.

 

 

 

The post දකුණු චීන මුහුදේ යන යුද නැව්වලට චීනයෙන් අනතුරු ඇගවීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG