Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහස් පක්ෂය තුළ පවුල්වාදයට, හොරකමට සහ මංකොල්ලකරුවන්ට ඉඩ නැහැ  

0 comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවුල්වාදයට හොරකමට සහ මංකොල්ලකරුවන්ට ඉඩක් නොමැති පක්ෂයක්  එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.  පොල්ගහවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, පොල්ගහවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ජගත් යාපා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර කැස්බෑව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායක ලෙස පත් කෙරුණු ජීවන් කුමාරතුංග මහතාගේ නව කාර්යාලය කැස්බෑව මංසන්ධියේදී විවෘත කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී තිංලග සුමතිපාල, ගාමිණී තිලකසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

The post නිදහස් පක්ෂය තුළ පවුල්වාදයට, හොරකමට සහ මංකොල්ලකරුවන්ට ඉඩ නැහැ appeared first on ITN News.

Read More »

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයන් දෙදෙනෙකු බගවන්තලාව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බගවන්තලාව කොටියාගල වත්තේ මැණික් ගරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. කැණීම් සඳහා උපයෝගි කර ගන්නා උපකරණ කිහිපයක් ද එහි තිබී සොය ගත්තා. අත්අඩංගුවට ගත් සැකකරුවන් බි‍්‍රඩ්වේල් වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් අද හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

The post බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් මහා සමුළුව අදයි  

0 comments

”ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ” අවසන් මහා සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජූලි 01) දින පෙ.ව.9.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති කාර්යාලය,ආරක්ෂක අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යාංශය,ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව,අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මෙම ජාතික වැඩසටහන සංවිධානය කරයි.

ජූනි 26 දිනට යෙදෙන ”මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය තේමා කරගනිමින් මෙම ජාතික සතිය ක්‍රියාත්මක කෙරිණ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන ”ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය”ට සමගාමීව පාසල්,ආගමික ස්ථාන,රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන සමඟ මහජන සහභාගීත්වයෙන් දිවයින පුරා වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීය.

The post ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් මහා සමුළුව අදයි appeared first on ITN News.

Read More »

අධ්‍යාපන අමාත්‍යවරයා ජනපති කොමිසම හමුවේ  

0 comments

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රාජ්‍ය ආයතනවල අක‍්‍රමිකතා පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවට පැමිණියා.

පාසල් පෙළ පොත් සඳහා තම ඡායාරූපය යෙදීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමටයි අමාත්‍යවරයා මෙලෙස කොමිසම හමුවට කැඳවා තිබෙන්නේ. ඒ අනුව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙරවරු 9.20 ට පමණ කොමිසම හමුවට පැමිණ තිබෙනවා.

The post අධ්‍යාපන අමාත්‍යවරයා ජනපති කොමිසම හමුවේ appeared first on ITN News.

Read More »

කිසිම දවසක මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන නීතියකට එකඟ වෙන්නේ නෑ  

0 comments

කිසිම දවසක මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන නීතියකට එකඟ නොවන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් මහා සමුළුව අමතමින් කියයි.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ජුනි 26 වන දින සිට ජුලි 01 දක්වා දීප ව්‍යාප්ත ක්‍රියාත්මක වු අතර අද (01) එහි අවසන් දිනයයි. මිට සමගාමි ව එහි අවසන් මහා සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ, සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේ දි පැවැත්විය.

මෙහි දි අදහස් දැක් වු සෞඛ්‍ය,පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ, ”ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ පිළිවෙළ එළි දක්වන අද දවසේ මෙම උත්සවයට ආරාධනා කිරිම සම්බන්ධයෙන් ජනාධිපතුමාට ස්තුතියි වන්ත වෙනවා. අපි මේ සටන ආරම්භ කළේ, 2015 ජනවාරි 08 වන දින ඇති කළ මේ වෙනසයි. එදා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්න වෙලාවේ මෙම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ග ගත්තා.

ඒ සිගරට් සම්බන්ධයෙන් රූපමය අවවාදය 85%ක් යෝජනා වුවද, ඊට එරෙහිව සිගරට් සමාගම් නඩු පැවරුවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධීකරණයට සිගරට් සමාගම් ගිය විට එය 60%ක් දක්වා එය අඩු කලා.පාර්ලිමේන්තුවෙන් සම්මත කළ පනතක් නීතියෙන් වෙනස් කරන්න බැ.අර්ථකයක් විතරයි දෙන්න පුළුවන්. ඒත් ඒ කාලේ ජනාධිපතිවරයා ඒකත් කළා.

පසුගිය මැතිවරණයෙන් අපි මේවා එළි දරව් කළා. ඒවා විසදන්න තමයි අපි ජනවරම ගත්තේ. එදා ඉදලා අද වෙනකල් මම ඒවා දිගටම කරගෙන යනවා. ලෝක සෙඛ්‍ය සංවිධානයේ දුම්කොළ ප්‍රඥප්තියේ ඒකක 22න් 20 මේ වන කොට අපි ඉටු කරලා ඉවරයි. මෙහෙම කරපු එකම රට ශ්‍රි ලංකාව විතරයි.

මේ වෙන කොට චින සිගරට් ලංකාවට ගේන්න හදනවා. ඒකට හේතු විදියට කියන්නේ හොරෙන් ගේන්න හදන ඒවා නිති ගත කරන්න හදනවා කියලා. ඒකට රේගුව තියෙනවා. පොලිසිය තියෙන්නේ ඒවා මර්දනය කරන්න. අල්ලවන්න. මෙවැනි දේවල් කරන රජයක මටවත්,ජනාධිපතිවරයාවත් ඉන්න බැ. කිසිම දවසක මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන නීතියකට අපි එන්නේ නෑ. මේ රජය එවැනි පොරොන්දු ගොඩක් ඉටු කරලා තියෙනවා. ඒක ආපස්සට හරවන්න අපි ඉඩ දෙන්නේ නෑ. අතිගරු ජනාධිපතිතුමාගේ සටනට මම සුබ පතනවා වගේ ම ඊට පූර්ණ සහයෝගය ලබා දෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.”

The post කිසිම දවසක මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන නීතියකට එකඟ වෙන්නේ නෑ appeared first on ITN News.

Read More »

ඊශ‍්‍රායල ගුවන් ප‍්‍රහාරයකින් සිරියා සිවිල් වැසියන් 04 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

ඊශ‍්‍රායල ගුවන් ප‍්‍රහාරයකින් සිරියාවේ සිවිල් වැසියන් 04 දෙනෙකු මිය ගියා. තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

ඩැමස්කස් අගනුවර ආසන්නයට ප‍්‍රහාරය එල්ල වී තිබෙනවා. ලෙබනන ගුවන් සීමාව තුළ රැදි සිටිමින් ඊශ‍්‍රායල යුධ ගුවන් යානා ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි සනා ප‍්‍රවෘත්ති ඒජන්සිය ප‍්‍රකාශ කරන්නේ.

එහෙත් ඊශ‍්‍රායලය ඒ සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් නිකුත් කර නැහැ.

The post ඊශ‍්‍රායල ගුවන් ප‍්‍රහාරයකින් සිරියා සිවිල් වැසියන් 04 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

බදුල්ල අලුගොල්ල රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර 40ක් විනාශ වෙයි  

0 comments

බදුල්ල අලුගොල්ල රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර 40 ක පමණ ප‍්‍රදේශයක් විනාශවී තිබෙනවා.

යුද හමුදාව, බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය, බදුල්ල පොලීසිය සහ මහනගර සභාව එක්ව සිදුකළ පැය 4 ක පමණ මෙහෙයුමකින් පසු ගින්න පාලනය කර නිවාදැමීමට හැකිව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

වියළි කාලගුණයත් සමඟ ගින්න සීඝ‍්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා.

The post බදුල්ල අලුගොල්ල රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර 40ක් විනාශ වෙයි appeared first on ITN News.

Read More »

නීතිවිරෝධිව මසුන් ඇල්ලූ 14ක් නාවික හමුදා අත්අඩංගුවට  

0 comments

නීතිවිරෝධිව මසුන් ඇල්ලු 14 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත‍්‍රිකුණාමලය බැග්බේ සහ උප්පාරු ප‍්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

බැග්බේ ප‍්‍රදේශය ධීවර කටයුතු සඳහා තහනම් ප‍්‍රදේශයක්. එහිදී එම ප‍්‍රදේශයේදී පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. අනෙක් 07 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ උප්පාරු ප‍්‍රදේශයෙන්.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් ත‍්‍රිකුණාමල සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

The post නීතිවිරෝධිව මසුන් ඇල්ලූ 14ක් නාවික හමුදා අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

මරණ දඬුවම ගැන අගමැති කී දේ  

0 comments

පරපණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහාය නොදක්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයට උරදුන් විශාලම පක්‍ෂය හා ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂය ඇතුලු පාර්ශ්ව රැසක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මොනරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මොනරාගල දිස්ත්‍රික්කයේ මාරිඅරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්‍ෂ එකොළොස්දහසක මුදලක් වැයකර තිබෙනවා. මාරිඅරාව ජල යෝජනා ක්‍රමය තුළින් පවුල් 766 කට පමණ සෙත සැලකෙනවා. ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු මාරිඅරාව පොළ භූමියේ පැවති ජනහමුව ඇමතූ අග්‍රාමාත්‍යවරයා,

මේ අතර මොනරාගල ඔබ්බේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ ද අග්‍රාමාත්‍යවරයා අතින්. මේ සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 165 ක්.

දැලිව මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්වූයේ ඉන් අනතුරුවයි. ඒ සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 170 ක්.

දැලිව කොස්ගස්අරාවවැව ප්‍රදේශයේ සංචාරය කරමින් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ද අග්‍රාමාත්‍යවරයා නිරීක්‍ෂණය කළා. වැව ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් ලක්‍ෂ 168ක් රජය වෙන්කර තිබෙනවා. යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙනවා.

කතරගම වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. එමෙන්ම කතරගම ප්‍රවේශ මාර්ගයේ පැළ සිටුවීම , මැණික් ගඟ දෙපස ශ්‍රමදානය , සෙල්ල කතරගම මහසෙන් විහාරය අසළ ප්‍රවේශ මාර්ගය විවෘත කිරීම , කතරගම දේවාලය ඉදිරිපිට පැළ සිටුවීම හා කිරිවෙහෙර රථ වාහන අංගනය විවෘත කිරීම ද මෙහිදී සිදුකෙරුණා. අමාත්‍ය පාඨලී චම්පික රණවක , රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන් ද නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

තණමල්විල ජාතික පාසලේ තාක්‍ෂණික විද්‍යා පීඨය හා පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමට ද අග්‍රාමාත්‍යවරයා එක්වුණා. එම තෙමහල් ගොඩනැගිලි සඳහා වැය කළ මුදල රුපියල් ලක්‍ෂ එක්දහස් දෙසීයක්. රුපියල් මිලියන 30 කට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ මේ සඳහා ලබා දී තිබෙනවා.

තණමල්විල යොවුන් සේනාංක මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ද අග්‍රාමාත්‍යවරයා අතින්.

 

The post මරණ දඬුවම ගැන අගමැති කී දේ appeared first on ITN News.

Read More »

යුරෝපා සංගම් ප‍්‍රධානීන්ගේ රැස්වීමක් බ‍්‍රසල්ස්හිදී  

0 comments

යුරෝපා සංගම් ප‍්‍රධානින්ගේ රැස්වීමක් බ‍්‍රසල්ස්හිදී පැවැත්වෙනවා. යුරෝපා සංගමයේ ඉහළ රැකියා ලබාදිය යුතු පාර්ශව සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වුණා.

කෙසේ වෙතත් අවසන් එකඟතාවකට පැමිණ නැති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. පෝලන්ත, හංගේරියා සහ රොමේනියා නියෝජිතයන් වෙනම පාර්ශවයක් ලෙස පෙනී සිටිමට කටයුතු කිරීම හේතුවෙන් ගැටළුව තවත් උග‍්‍රවී තිබෙනවා.

The post යුරෝපා සංගම් ප‍්‍රධානීන්ගේ රැස්වීමක් බ‍්‍රසල්ස්හිදී appeared first on ITN News.

Read More »

සුඩාන විරෝධතාවලින් 07 දෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

සුඩානයේ විරෝධතාවලින් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 180 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

රටපුරා දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. එය පාලනය කිරීමට ගත් උත්සාහයේදී මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සුඩාන වාර්තා පවසන්නේ. විරෝධතාව සම්බන්ධයෙන් මීට පෙර ආරක්ෂක අංශ ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබුණා.

The post සුඩාන විරෝධතාවලින් 07 දෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

හොංකොං පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම්  

0 comments

හොංකොංහි විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් හටගෙන තිබෙනවා. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ගම්මිරිස් කුඩු ප‍්‍රහාරද එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඊයේ ආරම්භ වූ විරෝධතා අදත් ක‍්‍රියාත්මකයි. මාර්ග අවහිර කරමින් විරෝධතාකරුවන් රැදී සිටියම හේතුවෙන් ඔවුන් විසුරුවා හැරිමට සිදුවූ බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

The post හොංකොං පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම් appeared first on ITN News.

Read More »

මෙක්සිකෝ ජාතික ආරක්ෂක බළඇණිය මෙහෙයුම් අරඹයි  

0 comments

මෙක්සිකෝ ජාතික ආරක්ෂක බළඇණිය සිය මෙහෙයුම් ආරම්භ කළා. රට තුළ ආරක්ෂාව තර කිරිමේ අරමුණින් ජනාධිපති ඇන්ඩ‍්‍රස් මැනුවල් ලෝපෙස් නව බලඇණිය පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.

මහජන ආරක්ෂාව යථා තත්ත්වයට පත්කිරිම මෙහි අරමුණවී තිබෙනවා. රටේ ප‍්‍රාන්ත කිහිපයක විටින් විට ක‍්‍රියත්මක වෙමින් තිබූ ජාතික ආරක්ෂක බළඇණිය මේ වනවිට නිල වශයෙන් රටපුරා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මේ වනවිට එහි සාමාජිකයන් සංඛ්‍යාව හැත්තෑ දහසක්. මෙක්සිකෝ නගරයේ නගර සභා බලප‍්‍රදේශ 16න් 08කට නව ආරක්ෂක බළඇණියේ සාමාජිකයන් 2700ක් යොදවා ඇති බව නගරාධිපතිවරයා ප‍්‍රකාශ කළා. කෙසේ වෙතත් මෙලෙස රටපුරා හමුදාව යෙදවීම පිළිබඳ ඇතැම් පාර්ශව ප‍්‍රශ්න කර තිබෙනවා. ඔවුන්ගේ කාර්ය භාරය කුමක් ද යන්න පැහැදිලි නොමැති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙක්සිකෝව තුළ මෑත කාලිනය ඇති වූ සිද්ධින් සැළකිල්ලට ගනිමින් ආරක්ෂාව වැඩි කිරිම අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. වසර 20ක් පුරා ෆෙඩරල් පොලිසිය මෙම අපරාධ මැඩපැවැත්වීමට උත්සාහ කළද ඔවුන් සාර්ථක වී නොමැති බව ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ ෆෙඩරල් පොලිසිය දූෂිත බවද සඳහන් කරමින්. 2023 වනවිට නව ආරක්ෂක බළඇණියේ සාමාජිකයන් සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහසක් දක්වා වැඩි කිරිමටයි සැළසුම් කර ඇත්තේ.

The post මෙක්සිකෝ ජාතික ආරක්ෂක බළඇණිය මෙහෙයුම් අරඹයි appeared first on ITN News.

Read More »

ටෙක්සාස් ප්‍රාන්තයේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් දස දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

සැහැල්ලු මගී ගුවන් යානයක් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව  තිබෙනවා. මෙය පෞද්ගලික ගුවන් යානයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එන්ජිමේ දෝෂයක් හේතුවෙන්  යානය  කඩා වැටීමට ලක්වූ බවට සැක පළ කෙරෙනවා. එහෙත් අනතුරට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

 

The post ටෙක්සාස් ප්‍රාන්තයේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් දස දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්  

0 comments

සිරකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ආණ්ඩුවෙන් සහ රජයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලා සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් යහපත් සමාජ පරමාර්ථයන් සපුරා ගත නොහැකි බවයි.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දරණ  ප්‍රයත්නය මගින් ජාතියටත් වෛද්‍ය වෘත්තියටත් ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින්ගේ ප්‍රමුඛතම විද්වත් සංවිධානය වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මෙම නිවේදනය තුළින් පෙන්වා දී තිබෙනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට හෝ ඒ සඳහා සිරකරුවන්ගේ  යෝග්‍යතාවය පිරික්සීමට හෝ වෛද්‍යවරුන් සහභාගී වීම ආචාර ධර්මවලට පටහැනි බව ද වෛද්‍ය සංගමය සිය නිවේදයෙන් පෙන්වාදී තිබෙනවා.

ශිෂ්ඨ සම්පන්න සමාජය මරණ දඩුවම දිම සාධාරණීයකරනය කිරීම වඩ වඩාත් ප්‍රශ්න  කරමින් සිටී. නීතිවේදීන්, පුරවැසියන් මෙම තීරණය රටට නොගැලපෙන බවට මේ වන විටත් අදහස් පල කර තිබේ. මෙවන් පසුබිමක් තුළ ඉක්මන් තීරණවලට නොඑළඹෙන ලෙසත් දැනට ජනතාව අතර ඇති වී තිබෙන සංවාදය ඉදිරියට යාමට ඉඩ සළසන ලෙසත් ඉල්ලා සිටින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දේශපාලන අධිකාරිය විසින් ආරක්ෂා කිරීමට බැදී සිටින ප්‍රජාතාන්ත්‍රික ගුණාංග සුරකිනු ඇති බවටද විශ්වාසය පල කර තිබෙනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හෝ ඊට කිසියම් ආකාරයට දායක වීම වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි බව සියලුම වෛද්‍යවරුන්ට දන්වා සිටින බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිකුත් කළ නිවේදනයේ සදහන්. මේ අතර පසුගියදා රැස්වීමකට සහභාගීවීමෙන් අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ  මහතාද මරණ දඬුවම ගෙන ඒමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය පිලිබදව මාධ්‍යට අදහස් පල කර සිටියා.

 

 

The post මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක් appeared first on ITN News.

Read More »

ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි  

0 comments

ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (ජූනි 30) යෙදී තිබෙනවා.

තාක්ෂණික විප්ලවත් සමඟ නූතන ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස සමාජ මාධ්‍යය ප්‍රමුඛ ස්ථානයට පැමිණ තිබේ. මේ වනවිට ලෝකයේ දැවැන්ත වෙනසක් සිදු කිරීමට ලෝකය තනි යායක් කිරීමට සමාජ මාධ්‍ය ඉවහල් වී තිබේ. නව මාධ්‍ය ප්‍රවනතා ඔස්සේ මේ වනවිට සමාජ මාධ්‍ය සමාජ කන්ඩායම්වල ආගම බවට පත්ව තිබේ.

තොරතුරු සම්පාදනය ,විනෝදාස්වාදය යන මුක්‍ය සන්නිවේදන අවශ්‍යතා අතික්‍රමනය කරමින් මේ වනවිට සමාජ මාධ්‍ය ප්‍රබල ජනමත නායකත්වයක් ගොඩනගා ගෙන තිබේ. සුහුරු තාක්ෂණ මෙවලම් ඔස්සේ නූතන කියවීමකට තල්ලු කළ සමාජ මාධ්‍ය මිනිසා නොදැනුවත්වම එහි ගොඳුරක් වී ඇති බවයි සන්නිවේදන විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මේ වනවිට ලෝකයේ මහාද්වීප යා කරමින් අත් විශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් ක්‍රියාත්මක වෙයි. ඇතැම් විට මෙම සමාජ මාධ්‍ය ලෝක දේශපාලන බල තුලනයට ද බලපා තිබේ. වෙනත් කලාපයක සමාජ ජාල පිවිසුම් තවත් කලාපයකට ප්‍රවේශ වීමට ඉඩ නොදෙන්නේ එවන් තත්ත්වයන් මතය.

ෆේස් බුක්, ට්විටර්, යූ ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සන්නිවේදන මෙවලම් මේ වනවිට ලෝකයේ සෑම සමාජ ස්ථරයක්ම වෙලාගෙන තිබේ. සමාජ මාධ්‍ය ඇරඹුම පරිගණකය, මෙන්ම ස්මාර්ට් දුරකතනය ඔස්සේ සංකීර්ණත්වයට පත්ව තිබේ. වසර 2002 දී Friendster වසර 2003 දී MySpace ආරම්භ වුණා. වසර 2004 දී ෆේස් බුක් ආරම්භ වුණා.

කෙසේ වෙතත් මේ වනවිට මානව සන්නිවේදනයේ දී සමාජ මාධ්‍ය නැතිව බැරි අන්ගයක් බවට පත්ව තිබේ. සමාජයෙන් මිනිසා අතුරුදහන් වීමත් එම සමාජයේම පෙනී සිටීමත් යන කාරණා දෙක සන්මාජ මාධ්‍ය ජාල තුළ සිදුවෙයි. සමාජ මාධ්‍ය ජාලයේ චැට් බොක්ස් තුළ දැක්වෙන කොළ එළියෙන් අපට හැඟවෙන්නේ ඔහු ජීවතුන් අතර සිටින බවය. එවන් මානව හැඟීමක් ජනිත කරවීමට තරම් සමාජ මාධ්‍ය සමත් වි තිබේ.

විවිධ සමාජ ස්ථර ආමන්ත්‍රණය කිරීම සමත් සමාජ මාධ්‍ය ජාල මානව මතවාද ගොඩනගන මානව මතවාද ඛණ්ඩනය කරන බොහෝ අරපරිස්සමෙන් භාවිතා කළ යුතු මෙවලමක් බවට අද වනවිට සමාජ මාධ්‍ය පත්ව තිබේ. මන්ද වගකීම් විරහිත සමාජ මාධ්‍ය භාවිතය සමාජය බොහෝ කරදරවලට පත් කර තිබෙන බැවිනි. ඒ නිසා වගවීමකින් හා වගකීමකින් සමාජ මාධ්‍ය භාවිතා කිරීම නම් පුද්ගල අනාගතයට කදිම ආයෝජනයකි.

ලෝක සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් – ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් ද ක්‍රියාවට නංවා තිබුණි. ඒ වෙනුවෙන් වෙබ් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමක් ද පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

The post ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි appeared first on ITN News.

Read More »

බලශක්ති අර්බුදයට ස්ථිර විසඳුම සූර්ය බලශක්තිය ප‍්‍රවර්ධනය කිරීමයි  

0 comments

ඉදිරියේදී රට තුළ ඇති විය හැකි බලශක්ති අර්බුදයට ස්ථිර විසඳුම සූර්ය බලශක්තිය ප‍්‍රවර්ධනය කිරීම බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

විදුලිබල ක්ෂේත‍්‍රය පුනර්ජනනීය බලශක්ති ප‍්‍රබවයන් වෙත යොමු කිරීම නිෂ්පාදකයාට මෙන්ම පාරිභෝගිකයාට ද ආර්ථිකමය වශයෙන් වඩා වාසිදායක බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. පරිසරයට සිදුවන හානිය ද අවම මට්ටමක තබාගත හැකිවීම ද විශේෂත්වයක්. සූර්යබල කර්මාන්තකරුවන් සහ සැපයුම්කරුවන් මුහුණදී ඇති ගැටලු නිරාකරණය සඳහා කඩිනමින් මැදිහත් වන බව ද රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළා.

The post බලශක්ති අර්බුදයට ස්ථිර විසඳුම සූර්ය බලශක්තිය ප‍්‍රවර්ධනය කිරීමයි appeared first on ITN News.

Read More »

ජල ගාස්තු වැඩි නොකරන බවට රජය සහතික වෙයි  

0 comments

ජල ගාස්තු වැඩි කරන බවට පළවන වාර්තා අසත්‍ය බව ජල සම්පාදන වැඩ බලන අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

2012 වර්ෂයෙන් පසු මෙතෙක් ජල ගාස්තු වැඩි කර නොමැති බවයි ජයවර්ධන මහතා පෙන්වාදෙන්නේ. රජයට පාඩුවක් සිදුවුව ද ජනතාවට සහන සැලසීමේ අරමුණින් ජල ගාස්තු වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි ද ලකී ජයවර්ධන මහතා සඳහන් කළා.

මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ලකී ජයවර්ධන මහතා මේ අදහස් පළකළා.

The post ජල ගාස්තු වැඩි නොකරන බවට රජය සහතික වෙයි appeared first on ITN News.

Read More »

බීඩි කොළ කිලෝග‍්‍රෑම් 988 ක් නාවික හමුදාව අත්අඩංගුවට  

0 comments

බීඩි කොළ කිලෝග‍්‍රෑම් 988 ක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මන්නාරම නඩුකුඩා ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී. වෙරළේ අත්හැර දමා ගොස් තිබියදී පාර්සල් 20 ක ඇසුරුම් කර තිබූ මෙම බීඩිකොළ තොගය සොයා ගත්තා. ඒවා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලයට භාරදීමටයි නියමිත. පසුගිය දින කිහිපය පුරා මන්නාරම ප‍්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බීඩිකොළ ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 4500 ක්.

The post බීඩි කොළ කිලෝග‍්‍රෑම් 988 ක් නාවික හමුදාව අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

හම්බන්තොට ඉදිකළ නව මහ රෝහල විවෘත කිරීම ජනපති ප‍්‍රධානත්වයෙන්  

0 comments

හම්බන්තොට නව මහ රෝහල හෙට (01) ජනතා අයිතියට පත්කෙරෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. පස්වරු දෙකට උත්සවය ආරම්භ වනවා.

ඊට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු මහජන නියෝජිතයන් ද සහභාගීවීමටයි නියමිත.

හම්බන්තොට නව මහ රෝහල නවීණ පහසුකම් රැසකින් සමන්විත බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.

තවත් ප‍්‍රාදේශීය සහ ග‍්‍රාමීය රෝහල් රැසක් නවීකරණය කිරිමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබෙනවා. සියලු ජනතාවට සෞඛ්‍ය පහසුකම් ගුණාත්මකව සහ විධිමත්ව ලබාදීම අරමුණ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

The post හම්බන්තොට ඉදිකළ නව මහ රෝහල විවෘත කිරීම ජනපති ප‍්‍රධානත්වයෙන් appeared first on ITN News.

Read More »

පොලිස් නිලධාරියෙකුට පහරදුන් පොදුජන පෙරමුණේ ප‍්‍රාදේශීය සභා උප සභාපතිවරයෙක් අත්අඩංගුවට  

0 comments

ශ්‍රී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නාරම්මල ප‍්‍රාදේශීය සභා උප සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාරම්මල පොලිස් ස්ථානය තුළදී රාජකාරියේ යෙදීසිටි නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව හේතුවෙන්.

රියඅනතුරක් සම්බන්ධ කාරණයක් මුල්කර ගනිමින් ඊයේ(29) රාතී‍්‍රයේ මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට කුලියාපිටිය මහ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

සැකකාර ශ්‍රී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නාරම්මල ප‍්‍රාදේශීය සභා උප සභාපතිවරයා අධිකරණයට හමුවට ඉදිරිපත් කරන බවයි පොලීසිය පවසන්නේ.

The post පොලිස් නිලධාරියෙකුට පහරදුන් පොදුජන පෙරමුණේ ප‍්‍රාදේශීය සභා උප සභාපතිවරයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඉඩම් පනත සංශෝධනය කෙරේ  

0 comments

ඉඩම් පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය තහවුරු කිරීමයි අපේක්ෂාව.

ඒ සඳහා ඉදිරි මාස දෙක ඇතුලත ඉඩම් පනතේ සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප‍්‍රකාශ කළා.

ඒ හේතුවෙන් එම ඉඩම පවුලේ වැඩිමහල් දරුවාට පමණක් නොව සියලු දරුවන්ට අයිති වන ආකාරයෙන් නීති සංශෝධනය කරන බවයි ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ.

The post ඉඩම් පනත සංශෝධනය කෙරේ appeared first on ITN News.

Read More »

රුසියාව සවුදිය සමඟ එකඟතාවක  

0 comments

සවුදි අරාබිය සමඟ තවදුරටත් ඔපෙක් ගිවිසුම ඉදිරියට පවත්වාගෙන යාමට රුසියාව එකඟතාව පළ කළා.

මාස 6 ත් 9 ත් අතර කාලයකින් ගිවිසුම ඉදිරියට ගෙන යන බවයි රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං සඳහන් කළේ. සවුදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සමඟ සිදුකළ සාකච්ඡාවෙන් පසු තීරණයට එළඹ තිබෙනවා. භෙට සහ අනිද්දා ඔපෙක් ගිවිසුම්කරුවන්ගේ විශේෂ රැස්වීමක් ද පැවැත්වීමටයි නියමිත.

The post රුසියාව සවුදිය සමඟ එකඟතාවක appeared first on ITN News.

Read More »

ඇමෙරිකා ජනපති උතුරු කොරියා නායකයා හමුවෙයි  

0 comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරියා යුධ මුක්ත කලාපයේදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් මුණගැසුනා.

ඇමෙරිකා ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් ඔස්සේ හමුවන ලෙසට උතුරු කොරියා නායකයාට ආරාධනා කර සිටියා. දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ඔවුන් දෙදෙනා දේශසීමාවේදී සාමය සදහා දෑත් දිගු කරනු ඇති බවයි.

 

 

The post ඇමෙරිකා ජනපති උතුරු කොරියා නායකයා හමුවෙයි appeared first on ITN News.

Read More »

සුඩාන යුද හමුදාව එරට විපක්ෂයට අනතුරු අඟවයි  

0 comments

සුඩාන යුද හමුදාව එරට විපක්ෂයට අනතුරු අඟවා තිබෙනවා.

විරෝධතා සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් අද අගනුවර වීදී වලට කැඳවීමටයි ඔවුන් සැලසුම් කර තිබෙන්නේ. විරෝධතා මැඩපැවැත්වීම සඳහා බලය පාවිච්චි කිරීමට සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ජන ජීවිතය සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යාම සඳහා උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.

The post සුඩාන යුද හමුදාව එරට විපක්ෂයට අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

ජපානය යළි වානිජ තල් මසුන් දඩයම අරඹයි  

0 comments

වසර 30 කට පසු ජපානය යළි වානිජ තල් මසුන් දඩයම ආරම්භ කර තිබෙනවා.

ලබන පළමු වෙනිදා සිට ඔවුන් නිල වශයෙන් ජාත්‍යන්තර තල් මසුන් නියාමන කොමිසමෙන් ඉවත්වීමටයි නියමිත. වානිජ තල් මසුන් දඩයමට අවසර ලබා නොදීමට කොමිසම ගත් තීරණයත් සමඟ ජපානය ඉන් ඉවත්වීමට තීරණය කළා. එහෙත් දැඩි නියාමනයක් සහිතව එම කටයුතු සිදු කරන බවයි එරට රජය පවසන්නේ.

 

 

 

 

The post ජපානය යළි වානිජ තල් මසුන් දඩයම අරඹයි appeared first on ITN News.

Read More »

දකුණු අපි‍්‍රකා ජනපති ඇතුලු දූත පිරිස කෙටි විවේකයක් සඳහා කටුනායක ගුවන් තොටුපොළට  

0 comments

දකුණු අපි‍්‍රකා ජනාධිපති සිරිල් රැම්පෝසා ඇතුලු 20 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස කෙටි විවේකයක් සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණියා.

ඒ ජපානයේ ඔසාකා හි පැවැති ජී 20 සමුළුවට සහභාගී වීමෙන් පසු යළි සිය රට බලා ගමන් කරන අතරතුර. ඊයේ රාතී‍්‍ර 10.50 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන් සඳහාවූ මැදිරියට පැමිණි දකුණු අපි‍්‍රකා ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස පිළිගැනීමට පරිවාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ගුවන් තොටුපොළට පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඔවුන් එහිදී රාතී‍්‍ර ආහාරය ද ලබාගෙන තිබෙනවා. අනතුරුව අද අලුයම 1 ට පමණ ඔවුන් යළි දකුණු අපි‍්‍රකාවේ පි‍්‍රටෝරියා බලා පිටත්ව ගියා. පසුගිය 27 වෙනිදා ද ජී 20 සමුළුවට සහභාගීවීම සඳහා ගමන් කරන අතරතුර කෙටි වේවකයන් සඳහා දකුණු අපි‍්‍රකා ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළට පැමිණියා.

The post දකුණු අපි‍්‍රකා ජනපති ඇතුලු දූත පිරිස කෙටි විවේකයක් සඳහා කටුනායක ගුවන් තොටුපොළට appeared first on ITN News.

Read More »

මෝටර් රථ වායු දූෂණ තහනම ඉවත් කිරීමට විරෝධය පළ කරමින් මැඩ්රිඩ් නුවර විරෝධතා  

0 comments

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පනවා තිබූ මෝටර් රථ වායු දූෂණ තහනම ඉවත් කිරීමට විරෝධය පළ කරමින් විරෝධතා පළකරනවා.

මැඩ්රිඩ් නුවරට එක්වූ දහස් ගණනක් උද්ඝෝෂකයින් පවසන්නේ මෙමගින් නැවතත් නගයර දූෂණය වීම ආරම්භ වන බවයි. මැඩ්රිඩ් නුවරට අලුතින් තේරී පත්වූ කන්සවේටිව් පක්ෂය නියෝජනය කරන නගරාධිපතිවරයා මෙම වායු දූෂණ තහනම ඉවත් කිරීමට පියවර ගත්තා. වායු දූෂණ තහනම මගින් මැඩ්රිඩ් නගර මධ්‍යයයේ පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ ගමන් කිරීම තහනම් කර තිබුණා. එම තහනම කඩකරන පුද්ගලයින්ට දඩ මුදල් ගෙවීමට ද මීට පෙර සිදුවුණා.

 

 

 

The post මෝටර් රථ වායු දූෂණ තහනම ඉවත් කිරීමට විරෝධය පළ කරමින් මැඩ්රිඩ් නුවර විරෝධතා appeared first on ITN News.

Read More »

ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 1466 කට නව සමෘද්ධි හිමිකම් පත්  

0 comments

ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 1466 කට නව සමෘද්ධි හිමිකම් පත් ප‍්‍රදානය සිදු වුණා.

ලක්ෂ 6 කට අලුතින් සමෘද්ධිය ලබාදීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙම හිමිකම් පත් ප‍්‍රදානය සිදු කර තිබෙනවා. තෝරාගත් අඩු ආදායම්ලාභීන් ඊට ඇතුලත්.

The post ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 1466 කට නව සමෘද්ධි හිමිකම් පත් appeared first on ITN News.

Read More »

තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට  

0 comments

තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වෙන්නප්පුව සිරිගම්පල ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී. සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු ඒ අතර වන බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. ඊයේ උදෑසන 9 සිට දහවල් 12 දක්වා සිදුකළ මෙභෙයුමේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් හතරදෙනා අද මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.

The post තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් අවසන්  

0 comments

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් අවසන් වනවා. රාජ්‍ය සේවයේ ක්ෂේත‍්‍ර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දීපව්‍යාප්තව වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මත්ද්‍රව්‍ය භාවිතය හා නීතිවිරෝධී ප‍්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණ සතිය කි‍්‍රයාවට නැංවුණා. 6වන දිනය ලෙස කි‍්‍රයාත්මකවූ ඊයේ දිනයේ ද වැඩසටහන් රැසක් සාර්ථකව පැවැත්වීමට හැකිවුණා. ඒ පාසල් සිසුන් හා සරසවි සිසුන් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ගේ සහභාගීත්වයෙන්. ජනාධිපති කාර්යාලය සහ අන්තරාජයකර ඖෂධ පාලක මණ්ඩලය එක්ව එම දැනුවත් කිරීම සිදුකර තිබෙනවා.

The post ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් අවසන් appeared first on ITN News.

Read More »

210 වන ආදර්ශ ගම්මානයත් අද ජනතා අයිතියට  

0 comments

210 වන ආදර්ශ ගම්මානයත් අද ජනතා අයිතියට පත්කෙරෙනවා. අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ තලාව ප්‍රාදේශීය ගම්මානය විවෘත කිරීම සිදුවන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා ප‍්‍රකාශ කළා.

මෙය අනුරාධපුර දිස්ති‍්‍රක්කය තුළ ඉදිකළ 20 වන ආදර්ශ ගම්මානයයි. මේ අතර 211 වන ආදර්ශ ගම්මානය හෙට විවෘත කෙරෙන්නේ මන්නාරම දිස්ති‍්‍රක්කයේයි.

The post 210 වන ආදර්ශ ගම්මානයත් අද ජනතා අයිතියට appeared first on ITN News.

Read More »

ඇමෙරිකා ජනපති උතුරු කොරියා නායකයා හමුවෙයි  

0 comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියා ව්‍යාපාරික ප්‍රජාව හමුවුණා.

ඇමෙරිකා ජනාධිපතිවරයා අද දිනයේදී දකුණු කොරියා ජනාධිපති හා  උතුරු කොරියා නායකයාද මුණ ගැසුණා. උතුරු කොරියා නායකයා මුණ ගැසුණේ කොරියා යුධ මුක්ත කලාපයේදීයි.තමා හමුවන ලෙසට ඇමෙරිකා ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් ඔස්සේ උතුරු කොරියා නායකයාට ආරාධනා කර සිටියා. ඇමෙරිකා ජනාධිපතිවරයා සහ දකුණු කොරියා නායකයා අතර සාකච්ඡාවේදී කොරියා අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

 

The post ඇමෙරිකා ජනපති උතුරු කොරියා නායකයා හමුවෙයි appeared first on ITN News.

Read More »

අන්තර්ජාල සබඳතා යළි ස්ථාපිත කරන්නැයි ඇමරිකාව මියන්මාර රජයෙන් ඉල්ලයි  

0 comments

මියන්මාරයේ ප‍්‍රාන්ත දෙකකට පනවා ඇති අන්තර්ජාල තහනම ඉවත් කරන ලෙස ඇමරිකාව ඉල්ලීමක් කර තිබෙනවා.

පසුගිය 21 වෙනිදා සිට ප‍්‍රාන්ත දෙකක සියලු අන්තර්ජාල සබඳතා අත්හිටුවීමටයි මියන්මාර රජය තීරණය කළේ. ඒ අනුව එරට ප‍්‍රවාහන හා සන්නිවේදන අමාත්‍යාංශය ජංගම දුරකථන සමාගම් වලට සහ අන්තර්ජාල සේවා සපයන්නන්ට ඒ පිළිබදව දැනුම්දී තිබෙනවා.

ජනවාර්ගික ගැටුමක් මතුවීම හේතුවෙන් මියන්මාර රජය මෙම තීරණය එළඹුණා. එහෙත් අන්තර්ජාල සබඳතා යළි ලබාදීමට කටයුතු කරන ලෙසයි රටවල් කිහිපයක් එරට රජයෙන් ඉල්ලීම් කළේ. අන්තර්ජාල සේවා යළි ලබාදීම පිළිබඳව රජය අවධානය යොමුකර ඇති බව එරට බලධාරීන් ප‍්‍රකාශ කළා. එහෙත් ඒ සඳහා එම ප‍්‍රදේශවල ආරක්ෂාව තහවුරු කළයුතු බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. 2017 වසරේ ද මියන්මාරයේ මෙවැනි ජනවාර්ගික අර්බුදයක් හටගත්තා.

The post අන්තර්ජාල සබඳතා යළි ස්ථාපිත කරන්නැයි ඇමරිකාව මියන්මාර රජයෙන් ඉල්ලයි appeared first on ITN News.

Read More »

දැනට පවතින නීති රාමුව තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැහැ – අගමැති  

0 comments

දැනට පවතින නීති රාමුව තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බව පක්‍ෂ නායකයින් පෙන්වා දෙනවා.

දැනට පවතින නීති රාමුව තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පෙන්වා දෙනවා. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට නව පනතක් ගෙන ඒමට සිදුවන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. වසර අවසානයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා සිදු කළ බව ද කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ හෙළි කළා. සැප්තැම්බර් මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ පක්‍ෂ නායකයින් සමග එකඟතාවකට පැමිණ නොමැති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවත් අයිටිඑන් ප්‍රවෘත්ති අංශය කළ විමසීමේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

සැප්තැම්බර් මාසය තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නීතිමය හැකියාවක් නොමැති බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ද අයිටිඑන් ප්‍රවෘත්ති අංශය සමග සඳහන් කර සිටියා. කෙසේ වෙතත් ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට විපක්‍ෂය සූදානම් බවත් අවශ්‍යව ඇත්තේ මැතිවරණයක් පමණක් බවත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය අංශ ප්‍රධානියා ප්‍රකාශ කර සිටියා.

මේ අතර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මේ දක්වා පක්‍ෂය තුළ කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවයි ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය සඳහන් කරන්නේ.

 

The post දැනට පවතින නීති රාමුව තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැහැ – අගමැති appeared first on ITN News.

Read More »

ට්‍රම්ප් උතුරු කොරියා ව්‍යාපාරික ප්‍රජාව හමුවෙයි  

0 comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියා ව්‍යාපාරික ප්‍රජාව හමුවී තිබෙනවා.

ජී විස්ස සමුළුවට සහභාගී වීමට පැමිණි ඇමෙරිකා ජනාධිපතිවරයා අද දිනයේදී දකුණු කොරියා නායකයා හමුවීමට නියමිතයි. ඇමෙරිකා ජනාධිපතිවරයා උතුරු කොරියාව සහ දකුණු කොරියාව වෙන් වන දේශසීමාවට අද පැමිණීමට නියමිතයි. ඒ සදහා උතුරු කොරියා නායකයාට ද සහභාගී වන ලෙසයි ඇමෙරිකා ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් ඔස්සේ ආරාධනා කර ඇත්තේ. ඇමෙරිකා ජනාධිපතිවරයා සහ දකුණු කොරියා නායකයා අතර සාකච්ඡාවේදී කොරියා අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

 

The post ට්‍රම්ප් උතුරු කොරියා ව්‍යාපාරික ප්‍රජාව හමුවෙයි appeared first on ITN News.

Read More »

දිස්ත‍්‍රික් කිහිපයකට හෙට දිනයේදී දැඩි උණුසුම් කාලගුණයක්  

0 comments

දිස්ත‍්‍රික් කිහිපයකට හෙට (30) දිනයේදී දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත‍්‍රික්කයන්හි ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන වැඩි අවදානයක් යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. එබැවින් එළිමහනේ අධික වෙභෙසකාරි කටයුතු සීමාකර හැකි සැම අවස්ථාවකම සෙවණ සහිත ස්ථානවල රැදෙන ලෙස ජනතාවට දැනුම් දෙනවා.

ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරිම හා සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කිරිම ද වැදගත් බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

The post දිස්ත‍්‍රික් කිහිපයකට හෙට දිනයේදී දැඩි උණුසුම් කාලගුණයක් appeared first on ITN News.

Read More »

බීඩි කොළ කිලෝ ග‍්‍රෑම් 126කට වැඩි ප‍්‍රමාණයක් අත්අඩංගුවට  

0 comments

බීඩි කොළ කිලෝ ග‍්‍රෑම් 126කට වැඩි ප‍්‍රමාණයක් මන්නාරම ඕලුතුඩුවායි ප‍්‍රදේශයේදී සොයා ගැනුණා. ඒ උතුරු මැද නාවික විදානයට අයත් නාවිකයන් පිරිසක් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.

පාර්සල් 04 ක් තුළ අසුරා කැළෑවක මෙම බීඩි කොළ තොගය සඟවා තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නාවික හමුදාව පසුගිය දින කිහිපය පුරා මන්නාරම ප‍්‍රදේශයෙන් පමණක් බීඩි කොළ කිලෝ ග‍්‍රම් 3500කට වැඩි ප‍්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

The post බීඩි කොළ කිලෝ ග‍්‍රෑම් 126කට වැඩි ප‍්‍රමාණයක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

වව්නියාව නොච්චිමෝටෙයි පාලම යට තිබී ජිව උණ්ඩ තොගයක් සොයා ගැනේ  

0 comments

ඒ නවය මාර්ගයේ වව්නියාව නොච්චිමෝටෙයි පාලම යට තිබී ජිව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.

පාලම යට තිබූ සැක සහිත පාර්සලයක් පරික්ෂා කිරිමේ දී එහි ජීව උණ්ඩ 148ක් තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ. මෙම ජිව උණ්ඩ කවුරුන් රැගෙන ආවේද යන්න පිළිබඳ වව්නියාව පොලිසියයි විමර්ශන සිදුකරන්නේ.

The post වව්නියාව නොච්චිමෝටෙයි පාලම යට තිබී ජිව උණ්ඩ තොගයක් සොයා ගැනේ appeared first on ITN News.

Read More »

වැලිමඩ පවුල් 2400කට සමෘද්ධි හිමිකම්පත්  

0 comments

සමෘද්ධි හිමිකම් ලබන පවුල් එය උපයෝගී කර ගනිමින් ජීවන තත්ත්වය ඉහළ නංවාගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසනවා.

යහපත් ජීවන තත්ත්වයක් ළගා කර ගැනීමට සමෘද්ධිය උපකාරී කර ගත යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

වැලිමඩ ප්‍රදේශයේ පවුල් 2400කට සමෘද්ධි හිමිකම් ප්‍රදානය වැලිමඩ සමෘද්ධි මූලස්ථාන කාර්යාලයේ දී සිදු කෙරුණා. ඒ කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් චමින්ද වීරසිංහ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

The post වැලිමඩ පවුල් 2400කට සමෘද්ධි හිමිකම්පත් appeared first on ITN News.

Read More »

මධූෂ්ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරිම්වලින් පසු සඟවා තිබූ ගිනි අවියක් සොයා ගැනේ  

0 comments

පාතාල නායක මාකදුරේ මධූෂ්ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරිම්වලින් පසු සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

මධූෂ් රැගෙනගොස් සෝදිසි මෙහෙයුම සිදුකළ බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ. ඒ මීගමුව අක්කර 50 වත්ත ප‍්‍රදේශයේ. උණ්ඩ රහිත ටී 56 මැගසිනයක් ද එහිදී හමුවුණා. ඒවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

The post මධූෂ්ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරිම්වලින් පසු සඟවා තිබූ ගිනි අවියක් සොයා ගැනේ appeared first on ITN News.

Read More »

තලෙයිබාන් ප‍්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේදී 25 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

තලෙයිබාන් ප‍්‍රහාරයකින් උතුරු ඇෆ්ගනිස්ථානයේ බැග්ලන් ප‍්‍රාන්තයේදී 25 දෙනෙකු මිය ගිය බව ඇෆ්ගන් බලධාරින් ප‍්‍රකාශ කළා.

ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ රජයට පක්ෂපාති හමුදා කණ්ඩායම් ඉලක්ක කර ගනිමින්. ප‍්‍රහාරයෙන් තවත් 08 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් තලෙයිබාන් කැරළිකරුවන් මෙතෙක් ප‍්‍රහාරයේ වගකීම භාරගෙන නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post තලෙයිබාන් ප‍්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේදී 25 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඇමරිකාව සහ චීනය යළි වෙළඳ සාකච්ඡා ඇරඹීමේ සූදානමක්  

0 comments

යළි වෙළඳ සාකච්ඡා ආරම්භ කිරිමට ඇමරිකාව සහ චීනය එකඟතාව පළකර තිබෙනවා.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින් පින්ගේ දීර්ඝ සාකච්ඡාවෙන් පසු එකඟතාවට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පැවති සාකච්ඡාවටය ඉතා සාර්ථකව අවසන් වූ බවද ට‍්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළා. වෙළඳ සාකච්ඡා පැවැත්වෙන කාල සීමාවක් පිළිබඳව මෙතෙක් දැනුම් දී නැහැ.

The post ඇමරිකාව සහ චීනය යළි වෙළඳ සාකච්ඡා ඇරඹීමේ සූදානමක් appeared first on ITN News.

Read More »

GMOA සමග මතවාදී ගැටුම් පැවතිය ද බියගුලු ප්‍රහාර දැඩිව හෙලාදකිනවා  

0 comments

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතාගේ වෛද්‍ය මධ්‍යස්ථානයට කිසියම් පිරිසක් කලුතෙල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උතුරු කළුතර පොලීසිය පරීක්ෂණ පවත්වනවා. කළුතර බණ්ඩාරගම මාර්ගයේ වාඩියමංකඩ මංසන්ධියේයි එය පිහිටා ඇත්තේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග මතවාදී ගැටුම් පැවතිය ද මෙවැනි බියගුලු ප්‍රහාර අනුමත නොකරන බවත් එය දැඩිව හෙලාදකින බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මෙය දැනගත් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස තමන් උසස් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා.

The post GMOA සමග මතවාදී ගැටුම් පැවතිය ද බියගුලු ප්‍රහාර දැඩිව හෙලාදකිනවා appeared first on ITN News.

Read More »

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව තවත් වැඩසටහන් රැසක් අද  

0 comments

ජූනි 26 වනදාට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධි ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවූ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ පස් වන දිනය සාර්ථකව ක්‍රියාත්මක විය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් සාර්ථකව දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවිණි.

පොල්ගහවෙල පොලිස් කොට්ඨාසය තුළ මතට ඇබ්බැහිවූවන් එයින් මුදවා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් පොල්ගහවෙල නගර ශාලාවේ දී පැවැත්වුණු අතර, වයඹ පළාත් සභාවේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය, පොල්ගහවෙල පොලිසිය හා ප්‍රාදේශීය සභාව එක්ව එය සංවිධානය කර තිබිණි.

අන්තරාය ඖෂධ හා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් එයින් මුදා ගැනීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම හා ප්‍රතිකාර සම්බන්ධයෙන් පැමිණ සිටි තරුණ තරුණියන් හා වැඩිහිටි පිරිස් දැනුවත් කිරීම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ මනෝවිද්‍යා හා තාක්ෂණ අංශයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙහිදී විශේෂ දේශන පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ තරුණ තරුණියන් සඳහන් කළේ ජනාධිපතිතුමා රටේ ප්‍රධාන පුරවැසියා ලෙස නිතරම සමාජයට උපදෙස් ලබා දෙමින් මෙම මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහන සඳහා ලබාදෙන පුළුල් දායකත්වය පිළිබඳ ස්තුතිවන්ත වන බවයි. මෙම පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහන් හේතුවෙන් තරුණයින් ලෙස නොදැනුවත්ව කළ වැරදි හඳුනා ගැනිමට අද තමන්ට හැකියාව ලැබුණු බවත් මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ නම් තරුණ සමාජය යහමගට ගැනීමට හැකිවන බවත් ඔවුන් ප්‍රකාශ කළහ.

වයඹ පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පී.බී. වික්‍රමසිංහ මහතා ඇතුළු පළාතේ රාජ්‍ය නිලධාරින්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව දකුණු පළාතේ ක්‍රියාත්මක කරන ලද මත්ද්‍රව්‍ය විරෝධි පා ගමනක් ඊයේ (28) පෙරවරුවේ බෙන්තර ඇලකාක මහ විද්‍යාලයෙන් ආරම්භ කෙරිණි. ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලය හා ඌරගස්මංහන්දිය පොලිසිය මෙම වැඩසටහන සඳහා සහාය ලබා දී තිබිණි.

මේ අතර මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව පාසල් දින වැඩසටහනක් කොළඹ මෝදර හින්දු විද්‍යාලයේ දී අද පැවැත්විණි. “මත්ද්‍රව්‍ය නිවාරණය දරුවන්ගෙන් ඉගෙන ගනිමු“ මැයෙන් දැනුවත් කිරීමේ චිත්‍ර හා පෝස්ටර් ප්‍රදර්ශනයක් ද, විදුහල ඉදිරිපිට පාසලේ සිසුන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබිණි.

එමෙන්ම කොළඹ ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ද විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය මාලා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ සය වන දිනය වන අද (29) දින විශ්වවිද්‍යාල සිසුන් කේන්ද්‍රකරගත් විශේෂ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.

The post ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව තවත් වැඩසටහන් රැසක් අද appeared first on ITN News.

Read More »

අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට වෙඩි ප්‍රහාරයක්  

0 comments

රත්නපුර ගොඩකවෙල නගරයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කළා.

මෙම ලොරි රථයෙන්  නීති විරෝධි ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා. සැකකරුවන් දෙදෙනෙකු මෙහිදි අත්අඩංගුවට ගැනුනා.ගවයන් අටදෙනෙකු ලොරි රථයේ සිටි අතර එම සත්ත්වයන්  සෙවණගල ප්‍රදේශයේ සිට රත්නපුර දක්වායි ගවයන් ප්‍රවාහනය කර ඇත්තේ.

සැකකරුවන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

 

 

The post අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට වෙඩි ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි  

0 comments

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය පාලක මැදිරිය ප‍්‍රකාශ කලා. වෘත්තිය සමිති කිහිපයක් ක‍්‍රියාත්මක කළ දුම්රිය වර්ජනය අවසන් කර තිබෙනවා. ඒ අනූව ගමන් වාර සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක බවයි සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේ.

වර්ජනය හේතුවෙන් මඟීන් මුහුණදෙන ගැටළු කඩිනමින් විසදීමට පියවර ගන්නා බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පෙන්වා දෙනවා. සති දෙකක් තුළ ඊට විසදුම් ලබාදීමයි සැලසුම.

The post දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි appeared first on ITN News.

Read More »

මරණ දඩුවම සක‍්‍රීය කිරිමට පෙර ගැඹුරු විමසුමක් කළ යුතු බව කතානායක කියයි  

0 comments

වසර 40කට වැඩි දීර්ඝ කාලයක් අක‍්‍රීයව පැවති මරණ දඩුවම නැවත සක‍්‍රීය වීමට පෙර දැඩි විමසුමක් සිදුකළ යුතු බව කතානායක කරු ජයසුරිය මහතා ප‍්‍රකාශ කළා.

ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. දිගු කාලිනව ඇති විය හැකි සදාචාරාත්මක, ආර්ථික, නෛතික සහ සංස්කෘතික ප‍්‍රතිවිපාක පිළිබඳව ගැඹුරින් විමසා බැලිය යුතු  බවයි මරණ දඩුවම සම්බන්ධයෙන් අදහස් පළකරන කතානායකවරයා අවධාරණය කරන්නේ.

මරණ දඩුවම යළි සක‍්‍රීය කිරිමේ දී පුළුල් අධ්‍යයනක් සහ විමසා බැලීමක් සිදුකළ යුතු වනවා. ඒ සඳහා දේශපාලන සාධක කිසිදු ආකාරයකින් අදාළ කරගත යුතු නැතැයි ද කතානායකවරයා ප‍්‍රකාශ කළා.

මේ අතර මරණ දඩුවම ලබාදීමට ශ‍්‍රි ලංකාව ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් නෝර්වේ රාජ්‍යයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. මරණ දඩුවම පැනවීමෙන් සෙසු රටවල් සමඟ ශ‍්‍රි ලංකාව පවත්වාගෙන යන සබඳතාවන්ට සහ මානව අයිතීන් සුරක්ෂිත කිරිමේ ක‍්‍රියාවලියට බලපෑමක් විය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් නෝර්වේ රාජ්‍ය සඳහන් කළේ.

සියලු ජාතින්ගේ අයිතීන් සුරක්ෂිත කිරිමට ශ‍්‍රි ලංකාව කටයුතු කරනුු ඇතැයි තම විශ්වාසය බවද නෝර්වේ රාජ්‍ය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

The post මරණ දඩුවම සක‍්‍රීය කිරිමට පෙර ගැඹුරු විමසුමක් කළ යුතු බව කතානායක කියයි appeared first on ITN News.

Read More »

“තව්හිත් ජමාත් එන බව අවුරුදු 2කට කලින් මම කියන්න ඕන තැන්වලට කිව්වා.”  

0 comments

ශ්‍රී ලංකා ජනතා ජාතික පෙරමුණ කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. අන්තවාදී ත්‍රස්තක්‍රියා හේතුවෙන් නැගෙනහිර පළාතේ ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා පිළිබදව එහිදී අදහස් පළ කෙරුණා.

නාගරාසා විෂ්ණුකාන්තන් – මහලේකම් – ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය

The post “තව්හිත් ජමාත් එන බව අවුරුදු 2කට කලින් මම කියන්න ඕන තැන්වලට කිව්වා.” appeared first on ITN News.

Read More »

සිඩ්නි නුවරට අද උදෑසන දැඩි මීදුම් තත්ත්වයක්  

0 comments

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට අද (29) උදෑසන දැඩි මීදුම් තත්ත්වයක් ඇතිවී තිබුණා.

ඕස්ට්‍රේලියාවේ කාර්ය බහුලම ගුවන් තොටුපල ලෙස සැලකෙන සිඩ්නි ගුවන් තොටුපලේ ගුවන් ගමන් රැසකට මෙමගින් බාධා එල්ල වී තිබෙනවා. ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් ගමන් රැසක් නවතා දැමීමටයි ඕස්ට්‍රේලියා බලධාරීන් කටයුතු කළේ.

එම තත්ත්වය පැය කිහිපයක් පවතින බවත් ඉන් පසුව එය ක්‍රමයෙන් සමාන්‍ය අතට හැරෙනු ඇති බවයි එරට කාලගුණ අංශ සදහන් කර ඇත්තේ. පසුගිය සතියේදී ද මෙවැනිම තත්ත්වයක්  සිඩ්නි නුවරින් වාර්තා වුණා.

The post සිඩ්නි නුවරට අද උදෑසන දැඩි මීදුම් තත්ත්වයක් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG