Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව තවත් වැඩසටහන් රැසක් අද  

Add comments

ජූනි 26 වනදාට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධි ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවූ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ පස් වන දිනය සාර්ථකව ක්‍රියාත්මක විය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් සාර්ථකව දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවිණි.

පොල්ගහවෙල පොලිස් කොට්ඨාසය තුළ මතට ඇබ්බැහිවූවන් එයින් මුදවා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් පොල්ගහවෙල නගර ශාලාවේ දී පැවැත්වුණු අතර, වයඹ පළාත් සභාවේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය, පොල්ගහවෙල පොලිසිය හා ප්‍රාදේශීය සභාව එක්ව එය සංවිධානය කර තිබිණි.

අන්තරාය ඖෂධ හා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් එයින් මුදා ගැනීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම හා ප්‍රතිකාර සම්බන්ධයෙන් පැමිණ සිටි තරුණ තරුණියන් හා වැඩිහිටි පිරිස් දැනුවත් කිරීම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ මනෝවිද්‍යා හා තාක්ෂණ අංශයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙහිදී විශේෂ දේශන පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ තරුණ තරුණියන් සඳහන් කළේ ජනාධිපතිතුමා රටේ ප්‍රධාන පුරවැසියා ලෙස නිතරම සමාජයට උපදෙස් ලබා දෙමින් මෙම මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහන සඳහා ලබාදෙන පුළුල් දායකත්වය පිළිබඳ ස්තුතිවන්ත වන බවයි. මෙම පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහන් හේතුවෙන් තරුණයින් ලෙස නොදැනුවත්ව කළ වැරදි හඳුනා ගැනිමට අද තමන්ට හැකියාව ලැබුණු බවත් මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ නම් තරුණ සමාජය යහමගට ගැනීමට හැකිවන බවත් ඔවුන් ප්‍රකාශ කළහ.

වයඹ පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පී.බී. වික්‍රමසිංහ මහතා ඇතුළු පළාතේ රාජ්‍ය නිලධාරින්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව දකුණු පළාතේ ක්‍රියාත්මක කරන ලද මත්ද්‍රව්‍ය විරෝධි පා ගමනක් ඊයේ (28) පෙරවරුවේ බෙන්තර ඇලකාක මහ විද්‍යාලයෙන් ආරම්භ කෙරිණි. ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලය හා ඌරගස්මංහන්දිය පොලිසිය මෙම වැඩසටහන සඳහා සහාය ලබා දී තිබිණි.

මේ අතර මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව පාසල් දින වැඩසටහනක් කොළඹ මෝදර හින්දු විද්‍යාලයේ දී අද පැවැත්විණි. “මත්ද්‍රව්‍ය නිවාරණය දරුවන්ගෙන් ඉගෙන ගනිමු“ මැයෙන් දැනුවත් කිරීමේ චිත්‍ර හා පෝස්ටර් ප්‍රදර්ශනයක් ද, විදුහල ඉදිරිපිට පාසලේ සිසුන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබිණි.

එමෙන්ම කොළඹ ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ද විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය මාලා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ සය වන දිනය වන අද (29) දින විශ්වවිද්‍යාල සිසුන් කේන්ද්‍රකරගත් විශේෂ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.

The post ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව තවත් වැඩසටහන් රැසක් අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG