Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

”රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ හතර වන දිනය අද  

0 comments

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ හතර වන දිනය අද(01)යි. ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන මෙම සතිය පුරා ක්‍රියාත්මකයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක් කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මල්වාන උඩමාපිටිගම සේවා පියසේදී කෝමාරිකා පැළ බෙදාදීමක් සිදු කෙරුණා. උඩමාපිටිගම ප්‍රදේශය කෝමාරිකා ගම්මානයක් ලෙස වෙළෙදපොළට විවෘත කිරීමේ අරමුණිනුයි මෙම කටයුතු සිදු කෙරුණේ.

ඊට සමගාමීව ග්‍රාමසේවා වසම් 3 ක ප්‍රතිලාභීන් පනස් දෙනෙකු වෙනුවෙන් පැළ බෙදාදීමද මෙහිදී සිදු වුණා. ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වනවා.

 

The post ”රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ හතර වන දිනය අද appeared first on ITN News.

Read More »

ගාල්ලේ පාසල් කිහිපයක ගොඩනැගිලි සිසු අයිතියට  

0 comments

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සංවර්ධන කටයුතු ඊයේ (31) විවෘත කෙරුණා. ඒ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

ගාල්ල නබදව ශ්‍රී සුමංගල විද්‍යාලයේ කණිෂ්ඨ ද්විත්‍රික විද්‍යාගාර ගොඩනැගිල්ල සහ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කෙරුණා. මේ සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 300 ක් පමණ වනවා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් මෙම නව ගොඩනැගිලි විවෘත කිරීමේ අවස්ථාවට බන්දුලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

ගාල්ල වදුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ලක් ඇතුළු ගොඩනැගිලි තුනක් සහ සෙසු පහසුකම් රැසක් සිසු අතියිතියට පත් කෙරුණේද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ මේ සදහා රුපියල් ලක්ෂ 680 කට අධික මුදලක් වැය කර තිබෙනවා. විද්‍යාලයීය පරිපාලන ඒකකය සහිත තෙමහල් ගොඩනැගිල්ල, ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්තානය සහ සංගීත හා ගෘහ විද්‍යාගාරය ඇතුළත් ගොඩනැගිල්ල ඒ අතර වනවා. විද්‍යාලයීය ජල නළ පද්ධතිය මෙන්ම තවත් සේවා රැසක් සංවර්ධනය කර සිසු අයිතියට පත් කෙරුණා.

The post ගාල්ලේ පාසල් කිහිපයක ගොඩනැගිලි සිසු අයිතියට appeared first on ITN News.

Read More »

කිළිනොච්චියේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට  

0 comments

කිළිනොච්චියේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ජයන්තිනගර් ප‍්‍රදේශයේ නිවසක් තුළ මවක් සහ පුත‍්‍රයකු ඝාතනය කළ බවට පරික්ෂණවලදී භෙළි වුණා.

සැකකරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරිම්වලදී ළිඳක් තුල දමා තිබූ ජංගම දුරකථනයක් සහ යකඩ කම්බියක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

The post කිළිනොච්චියේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ජාවාරම් වැළැක්වීමට රේගුවෙන් නව තාක්ෂණය  

0 comments

ජාවාරම් වැළැක්වීම සඳහා නවීන තාක්ෂණය යොදා ගන්නා බව රේගුව ප‍්‍රකාශ කළා. මේ වනවිටත් උපකරණ රැසක් ඒ සඳහා උපයෝගි කරගෙන තිබෙනවා.

පසුගිය කාලයේ වැටලීම් ගණනාවක් සිදුකිරිමට හැකි වුණා. පසුගිය මාස හය තුළ නීතිවිරෝධි ක‍්‍රියාවලට සම්බන්ධ 89 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප‍්‍රකාශ කළේ.

The post ජාවාරම් වැළැක්වීමට රේගුවෙන් නව තාක්ෂණය appeared first on ITN News.

Read More »

සර්බියාවේ ලැව් ගිනි මැඩපැවැත්වීමට රුසියා හමුදාව  

0 comments

සර්බියාවේ ලැව් ගිනි මැඩපැවැත්වීම සඳහා හමුදාව යොදවන බව රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් ප‍්‍රකාශ කළා. හෙක්ටාර ලක්ෂ 30කට පමණ බලපෑම් එල්ල වී තිබෙනවා.

එය නිවා දැමීමට කණ්ඩායම් ගණනාවක් එක්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ . හමුදා ගුවන් යානාද ඊට උපයෝගි කරගෙන තිබෙනවා. බලපෑම් එල්ල විය හැකි ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කිරිමටත් බලධාරින් පියවර ගත්තා.

The post සර්බියාවේ ලැව් ගිනි මැඩපැවැත්වීමට රුසියා හමුදාව appeared first on ITN News.

Read More »

මහනුවර ඇසළ පෙරහරට සුබ මොහොතින් කප් සිටුවයි  

0 comments

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ පුරාණ චාරිත‍්‍රය සඳහා කප කැපීම අළුයම සිදුවුණා. තෝරාගත් කිරි සහිත එල නොදැරු ගසක් රිදී පොරවකින් කැපීමයි එහිදී සිදුවන්නේ.

එම වෘක්ෂය පනස වෘක්ෂය ලෙස හදුන්වනවා. පිරිත් සජ්ජායනා මධ්‍යයේ සුබ මොහොතින් එය සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරුව එම කප සුදු රෙදි කඩින් ඔතා මහනුවර ශ‍්‍රී විෂ්ණු දේවාලය කරා ඇතු පිටින් රැගෙනවිත් තිබෙනවා.

The post මහනුවර ඇසළ පෙරහරට සුබ මොහොතින් කප් සිටුවයි appeared first on ITN News.

Read More »

ඇමරිකාවෙන් ඉරාන විදේශ ඇමතිට සම්බාධක  

0 comments

ඇමරිකාව ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවෙඩ්ට සම්බාධක පනවා තිබෙනවා. ඒ ඔහුගේ ක‍්‍රියාකලාපය හේතුවෙන්.

ඉරාන විදේශ අමාත්‍යවරයා තර්ජනාත්මක ලෙස කටයුතු කරන බවයි ඇමරිකාව පවසන්නේ. දෙරට අතර මේ වනවිට පවතින්නේ මතභේදාත්මක වාතාවරණයක්. කෙසේ වෙතත් ඇමරිකා සම්බාධකවලින් තමන්ට කිසිදු බලපෑමක් නොමැති බවයි විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ.

The post ඇමරිකාවෙන් ඉරාන විදේශ ඇමතිට සම්බාධක appeared first on ITN News.

Read More »

මාදගල් වෙරළේ සඟවා තිබූ කේරළ ගංජා තොගයක් හමුවෙයි  

0 comments

මාදගල් වෙරළ තීරයේ සඟවා තිබූ කේරළ ගංජා තොගයක් හමු වූ බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඇසුරුම් 52ක තිබූ කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් සියයකට වැඩි ප‍්‍රමාණයක් හමු වුණා. ඉලවාලි පොලිසියයි විමර්ශන සිදුකරන්නේ.

මේ අතර උතුරු මුහුදු ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරිම්වලදී තවත් බීඩි කොළ කිලෝ ග‍්‍රෑම් 50 ක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වුණා. ඉදිරි පරික්ෂණ සඳහා ඒවා යාපනය රේගු කාර්යාලයට භාරදුන් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසන්නේ.

The post මාදගල් වෙරළේ සඟවා තිබූ කේරළ ගංජා තොගයක් හමුවෙයි appeared first on ITN News.

Read More »

ත්‍රිපිටක සංරක්‍ෂණ සාමාජිකයින්ට ජනපතිගෙන් පත්වීම් ලිපි  

0 comments

ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිලිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි.මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි, සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල,  පූජ්‍ය මැදගම ධම්මානන්ද, පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද යන ස්වාමීන්වහන්සේ මෙහි  මූලිකත්වය දරනවා.  ගිහිපැවදි සාමාජිකයින් 43 දෙනෙකුගෙන් මෙම මණ්ඩලය සමන්විතයි.

ත්‍රිපිටකය ජාතික උතුරුමයක් බවට පත් කිරීමට ජනාධිපතිතුමා පසුගියදා පියවර ගත්තා. ත්‍රිපිටකට ලෝක උරුමයක්  බවට සංරක්ෂණය කිරීමේ වැඩපිලිවෙල සකස් කර තිබෙනවා. රාජ්‍ය නායකයකු සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සපුරාලූ ඓතිහාසික කාර්ය භාරය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා එම වගකීම ඉටුකර තිබෙනවා. ත්‍රිපිටක සංරක්ෂණ  මණ්ඩලයේ අනුමැතියකින් තොරව එය නැවත මුද්‍රණය හෝ සංස්කරණය තහනම් වනු ඇති.

 

 

 

 

The post ත්‍රිපිටක සංරක්‍ෂණ සාමාජිකයින්ට ජනපතිගෙන් පත්වීම් ලිපි appeared first on ITN News.

Read More »

ඔසාමා බින් ලාඩන්ගේ පුත‍්‍රයා මියගොස් ඇති බව ඇමරිකාව කියයි  

0 comments

ඔසාමා බින් ලාඩන්ගේ පුත‍්‍රයා මියගොස් ඇති බව ඇමරිකා බුද්ධි අංශ ප‍්‍රකාශ කළා. කෙසේ වෙතත් ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඔවුන් හෙළිකර නැහැ.

හම්සා බින් ලාඩන් පිළිබඳ තොරතුරු ලබාදෙන පුද්ගලයෙකුට ඇමරිකා ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බවට මීට පෙර ප‍්‍රකාශයට පත්කර තිබුණා. ඔහු පසුගිය කාලයේ ඇමරිකාව ඇතුළු රටවල් රැසකට ප‍්‍රහාර එල්ල කරන බවට හඩපට නිකුත් කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

The post ඔසාමා බින් ලාඩන්ගේ පුත‍්‍රයා මියගොස් ඇති බව ඇමරිකාව කියයි appeared first on ITN News.

Read More »

ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස්වෙයි  

0 comments

හදිසියේ රැස්වීමට ජගත් ආරක්ෂක මණ්ඩලය තීරණය කළා. උතුරු කොරියාවේ මිසයිල අත්හදාබැලිම පිළිබඳ සාකච්ඡා කිරිමයි අරමුණ.

බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය සහ ජර්මනිය ඒ සඳහා ඉල්ලීම් කර තිබෙනවා. ආරක්ෂක මණ්ඩල යෝජනා උල්ලංඝනය කිරිම හේතුවෙන් ඒ පිළිබඳ වැඩි අවධානය යොමු කළ යුතු බවයි ඔවුන් පවසන්නේ. ඒ අනූව විශේෂ රැස්වීම අද (01) පැවැත්වෙනවා. ඇමරිකාව සහ දකුණු කොරියාව අතර ආරක්ෂක අභ්‍යාසයට උතුරු කොරියාව විරෝධය පළකළා.

එහි ප‍්‍රතිඑලයක් ලෙස සතියක් ඇතුළත ඔවුන් බලැස්ටික් මිසයිල ප‍්‍රහාර අවස්ථා දෙකකදී එල්ල කර තිබෙනවා. උතුරු කොරියාවේ ක‍්‍රියාකාරිත්වය ගැනද ජාත්‍යන්තරය දැනුවත් කළ යුතු බවයි ජර්මනිය පවසන්නේ.

The post ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස්වෙයි appeared first on ITN News.

Read More »

ශ‍්‍රි ලංකා මුහුදු සීමාවේ ධිවර කටයුතුවල නිරත වූ ඉන්දීය ජාතිකයන් 4ක් අත්අඩංගුවට  

0 comments

ශ‍්‍රි ලංකා මුහුදු සීමාවේ ධිවර කටයුතුවල නිරත වූ ඉන්දීය ජාතිකයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. ඒ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත‍්‍රාවක් සමඟින්.

කෝවිලම් ප‍්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේ දී වැටලීම සිදුකර තිබෙනවා. ඉන්දීය ධීවරයන් නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ආ බවයි නාවික හමුදාව පවසන්නේ. ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂකවරයා වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

The post ශ‍්‍රි ලංකා මුහුදු සීමාවේ ධිවර කටයුතුවල නිරත වූ ඉන්දීය ජාතිකයන් 4ක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

නිවාස 626ක් සමඟ කොම්පඤ්ඤවීදිය මහල් නිවාසය ජනතා අයතියට  

0 comments

කොම්පඤ්ඤවීදියේ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරිම අද (01) පස්වරුවේ සිදුවනවා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ හා අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ සහභාගීත්වයෙන්.

මහල් නිවාස සංකීර්ණය නිවාස 626කින් සහ කඩ කාමර 120කින් සමන්විතයි. ව්‍යාපෘතියට රුපියල් මිලියන හත් දහසක් වැය වූ බවයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ජගත් මුණසිංහ මහතා සඳහන් කළේ.

ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා ද එම අවස්ථාවට සහභාගී වනවා.

The post නිවාස 626ක් සමඟ කොම්පඤ්ඤවීදිය මහල් නිවාසය ජනතා අයතියට appeared first on ITN News.

Read More »

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය පෙරවරුවේ  

0 comments

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය පෙරවරුවේ රැස්වනවා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී.

කරුණු ගණනාවක් එහිදී සාකච්ඡා කෙරෙන බවයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේ.

The post එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය පෙරවරුවේ appeared first on ITN News.

Read More »

පාස්කු ප‍්‍රහාර සැකකරුවන් 20ක් අධිකරණයට  

0 comments

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා සිටින සැකකරුවන් 20 දෙනෙකු අද (01) අධිකරණයට ඉදිරිපත් කරනවා. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ.

ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.

The post පාස්කු ප‍්‍රහාර සැකකරුවන් 20ක් අධිකරණයට appeared first on ITN News.

Read More »

ඇෆ්ගනිස්ථානයේ බස් බෝම්බයකින් තිස් දෙදෙනකු ජිවිතක්ෂයට  

0 comments

ඇෆ්ගනිස්ථානයේ බස් බෝම්බයකින් තිස් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. කාන්තාවන් සහ ළමුන් වැඩි පිරිසක් ඒ අතර වන බවයි එරට වාර්තා සදහන් කළේ.

කන්දහාර් ප‍්‍රදේශයේ සිට ගමන් ආරම්භ කළ බස් රථයට තලේබාන් සංවිධානය බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඇෆ්ගනිස්ථාන සහ විදේශ හමුදා ප‍්‍රහාරයේ ඉලක්කය බවයි ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කරන්නේ.

The post ඇෆ්ගනිස්ථානයේ බස් බෝම්බයකින් තිස් දෙදෙනකු ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

පුජිත් ජයසුන්දරගේ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ  

0 comments

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. ඒ සැප්තැම්බර් 17 වනදාට.

අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පුජිත් ජයසුන්දර මහතා මෙම පෙත්සම ගොනුකර තිබෙනවා. පෙත්සම අද (31) කැදවනු ලැබුයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ. සැප්තැම්බර් 17 වනදාට එය ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කළා. පෙත්සමෙහි හතරවන වගඋත්තරකරු ලෙස නම්කර ඇති ජනාධිපති ලේකම්වරයා දිවුරුම් ප‍්‍රකාශයක් මගින් විරෝධතා ගොනුකර ඇති බව නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

2018 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු තමාට ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් සදහා ආරාධනා ලැබී නොමැති බවයි පුජිත් ජයසුන්දර මහතා පෙත්සමෙන් කරුණු දක්වා තිබෙන්නේ. තමා අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය හේතුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සදහන් සමානව සැලකීමේ මුලික අයිතිවාසිකම උල්ලංඝණය වී ඇති බව පොලිස්පතිවරයා පෙන්වා දෙනවා.

The post පුජිත් ජයසුන්දරගේ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ appeared first on ITN News.

Read More »

විදේශ මුදල් සමඟ පුද්ගලයෙක් කටුනායකදී අත්අඩංගුවට  

0 comments

විදේශ මුදල් නීතිවිරෝධි ලෙස රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ළඟ තිබී ඇමරිකා සහ සිංගප්පුරු ඩොලර් තොගයක් හමුවුණා.

ඒවායේ වටිනාකම ශ‍්‍රී ලංකා රුපියල් තිස් නව ලක්ෂ හැට පන්දහස් පන්සිය තිහක්. සැකකරු එම මුදල් ගමන් මල්ලේ සඟවා සිංගප්පූරුව බලා යාමටයි පැමිණ තිබෙන්නේ.

මුදල් රාජසන්තක කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

The post විදේශ මුදල් සමඟ පුද්ගලයෙක් කටුනායකදී අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

රත්රන් කැබලි තොගයක් රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් හය දෙනෙකුට දඩ  

0 comments

රත්රන් කැබලි තොගයක් රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් හය දෙනෙකුට රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක දඩ මුදලක් පනවා තිබෙනවා.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් චෙන්නායි බලායාමට ඔවුන් පැමිණ ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. මෙම ඉන්දීය ජාතිකයන් කුලී පදනම මත භාණ්ඩ ප‍්‍රවාහනය කරන බවටයි තොරතුරු හෙළිවුණේ. එක් ගමන් වාරයක් සදහා ඔවුන්ට ආහාර පාර්සලයක් සහ ඉන්දිය රුපියල් පන්සියයක මුදලක් හිමිවන බවයි රේගුව පවසන්නේ.

මෙම පුද්ගලයන් හයදෙනා ලග තිබී ග‍්‍රෑම් 737 ක් බර රන් කැබලි තොගයක් හමුවුණා.

The post රත්රන් කැබලි තොගයක් රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් හය දෙනෙකුට දඩ appeared first on ITN News.

Read More »

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර රාශියක් හදිසි නීතිය යටතේ අරගෙන තිබෙනවා  

0 comments

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර රාශියක් හදිසි නීතිය යටතේ අරගෙන තිබෙනවා. ආගම අද ගැටුම්වල මූලාශ්‍රයක් ජාතික ආරක්ෂාව කඩවන මූලාශ්‍රයක් වෙලා. මේ ගැන සිතාමතා බැලීමට අවශ්‍ය බවත් ආගමික අන්තවාදයට වැටබැදීම කළ යුතු බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අද (31) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හදිසි නීතිය මසකින් දීර්ග කිරීමේ විවාදයට එක්වෙමිනි.

”රජය හදිසි නීතිය යටතේ රට පාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අවාසනාවකට පාස්කු ප්‍රහාරය නිසා හදිසි නීතිය පනවන්න සිදු වුණා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර රාශියක් හදිසි නීතිය යටතේ අරගෙන තිබෙනවා. මේ ක්‍රියාමාර්ග ස්ථීර නීතිය යටතට ගන්නා තුළ හදිසි නීතිය පවත්වාගත යුතුයි කියන මතයේ ඉන්නවා.

ආගම අද ගැටුම්වල මූලාශ්‍රයක් ජාතික ආරක්ෂාව කඩවන මූලාශ්‍රයක් වෙලා. මේ ගැන සිතාමතා බැලීමට අවශ්‍යයි. ජාතික ආරක්ෂාව දෙස වෛරයෙන් කෝපයෙන් බලන්නේ නෑතිව වගකීමක් ඇති ජනතා නියෝජිතයන් ලෙස කටයුතු කරන්න සිදු වී තිබෙනවා.

සමාජයම ආගමික වෙලා. ආගමිකයි එය ධාර්මික නෑ.ධාර්මික වෙනකොට ශුද්ධ ලියවිලි ගැන ගැඹුරින් කල්පනා කරනවා. නැවතවරක් සිහිපත් විය යුතුයි ආගමික අන්තවාදයට වැටබැදීම පුරවැසියන් ලෙස ඉටු කළ යුතුයි. පොදු අපරාධ නීතියක් තිබිය යුතුයි. ළමා විවාහය කියන කාරණය බරපතලයි. අයිතිවාසිකම් උල්ලංඝණය වෙනවා ළමා විවාහය නිසා. සියලු දෙනාම මේ කාරණයේ දී පුද්ගල නීති මානව හිමිකම් නීතියට යටත් කරලා යලි අවධාරණය කරන්න ඕන. මානව හිමිකම් සමඟ ගැටෙනවා නම් ඒවා පුනරීක්ෂණය කරලා නීති සකස් කරන්න කටයුතු කරන්න ඕන යැයි ද නියෝජ්‍ය අමත්‍යවරයා පැවසීය.”

The post ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර රාශියක් හදිසි නීතිය යටතේ අරගෙන තිබෙනවා appeared first on ITN News.

Read More »

ජම්බුගස්මුල්ල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට  

0 comments

ජම්බුගස්මුල්ල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියෙන් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලැබුවා.

ඊට ආධාර අනුබල දුන් සැකකරු නුගේගොඩදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. ඔහුගෙන් ආරක්ෂක අංශ ප‍්‍රශ්න කර තිබෙනවා. එහිදී වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් පැළඳ ආ හිස් වැසුම් සොයා ගැනීමට හැකි වූ බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

The post ජම්බුගස්මුල්ල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

“රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ තුන්වන දිනය අද  

0 comments

ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ තුන්වන දිනය අදයි.

ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනින් මෙතෙක් නොවිසිදුනු ජනතා ගැටලුවලට විසදුම් ලබාදීම සිදු කෙරෙනවා. හැදල ඇලකන්ද ප්‍රදේශයේදී මව්වරුන් වෙනුවෙන් විශේෂ පෝෂණ වැඩසටහනක් පැවැත්වුණා. රාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ජනාධිපති සහකාර ලේකම් දිනූෂා සිරිවීර මහත්මිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද සහභාගී වී සිටින මෙම වැඩසටහන්වලදී මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳවද ජනතාව දැනුවත් කිරීම සිදු වුණා. ඒ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ මූලිකත්වයෙන්. මේ අතර වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රෝද පුටු හා අත්වාරු පිරිනැමීමක් ද සිදු වුණා.

 

The post “රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ තුන්වන දිනය අද appeared first on ITN News.

Read More »

ප්‍රදේශ කිහිපයක සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි  

0 comments

නැගෙනහිර හා ඌව පළාත්වලත් නුවරඑළිය, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්වලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

The post ප්‍රදේශ කිහිපයක සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.

Read More »

සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාමට රජයට හැකිවී ඇත  

0 comments

සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාමට රජයට හැකිවී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

රජයේ මැදිහත්වීමෙන් නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 80 කට සහ සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 85 කට පාරිභෝගිකයා වෙත ලබාදීමට හැකිවී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

 

The post සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාමට රජයට හැකිවී ඇත appeared first on ITN News.

Read More »

මෙම වසරේ දෙවන පාසල් වාරය හෙටින් අවසන්  

0 comments

මෙම වසරේ දෙවන පාසල් වාරය හෙටින් අවසන් වනවා. ඒ අනුව රජයේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල තුන්වන වාරය යළි ආරම්භ වන්නේ සැප්තැම්බර් මස දෙවනදායි.

මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා දේශන , සම්මන්ත්‍රණ සහ උපකාරක පන්ති පැවැත්වීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කෙරුණා. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ද සියලු උපකාරක පන්ති හා දේශන පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ අනුව විභාග පැවැත්වෙන කාලය තුළ උපකාරක පන්ති සංවිධාන කිරීම , මෙහෙයවීම , දේශන සම්මන්ත්‍රණ හා වැඩමුලු පැවැත්වීම තහනම් වනවා. ඊට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය , බෙදාහැරීම ඒ බව සඳහන් පෝසටර් , බැනර් , අත්පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ ළඟ තබාගැනීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 4 වනදා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය ආරම්භ වන්නේ ලබන 5 වනදායි.

 

 

The post මෙම වසරේ දෙවන පාසල් වාරය හෙටින් අවසන් appeared first on ITN News.

Read More »

ඉන්දීය අධිකරණය හමුවේ අපරාධයක් වූ දික්කසාද නීතිය  

0 comments

මුස්ලිම් ජාතිකයින්ගේ තුන්වරක් තලාක් යනුවෙන් පවසමින් දික්කසාදවීම ඉන්දීය පාර්ලිමේන්තුව මඟින් අපරාධමය වරදක් ලෙසට නම්කර තිබෙනවා.

මුස්ලිම් නීතියට අනුව සැමියාට සිය බිරිඳ දික්කසාද කිරීමට අවශ්‍ය නම් තලාක් යනුවෙන් කෙටි පණිවුඩයක් හෝ විද්‍යුත් තැපෑල මඟින් තුන්වරක් සඳහන් කිරීමෙන් දික්කසාද විය හැකියි. ඉන්දියාවේ ජීවත්වන මුස්ලිම් කාන්තාවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා මෙය අපරාධමය වරදක් බවට ප්‍රකාශයට පත්කළ බවයි ඉන්දීය පාර්ලිමේන්තුව සඳහන් කළේ. මෙම නීතිය උල්ලංඝනය කරන පුද්ගලයෙකුට වසර තුනක සිර දඩුවම් විදීමට ද සිදුවනවා.

පාලක භාරතීය ජනතා පක්ෂය මේ සම්බන්ධයෙන් පනත් කෙටුම්පත ගෙන ආ අතර විපක්ෂය ඊට සිය විරෝධය පළකළා. කෙසේ වෙතත් එය සම්මත කර ගැනීමට අද දිනයේ හැකිවුණා.

The post ඉන්දීය අධිකරණය හමුවේ අපරාධයක් වූ දික්කසාද නීතිය appeared first on ITN News.

Read More »

නිදහස් පක්ෂ බොරැල්ල නව සංවිධායකවරයා ලෙස චන්දන කත්‍රිආරච්චි පත් කර තිබේ  

0 comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බොරැල්ල නව සංවිධායකවරයා ලෙස චන්දන කත්‍රිආරච්චි මහතා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බොරැල්ල නව ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණු චන්දන කත්‍රිආරච්චි මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා   අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.

 

The post නිදහස් පක්ෂ බොරැල්ල නව සංවිධායකවරයා ලෙස චන්දන කත්‍රිආරච්චි පත් කර තිබේ appeared first on ITN News.

Read More »

උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන ගැන ජපාන අවධානය  

0 comments

උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන් පිළිබඳ විශේෂ අවධානය යොමු කළ බව ජපාන අග‍්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ ප‍්‍රකාශ කළා. ජපාන මුහුදට බලැස්ටික් ප‍්‍රහාර දෙකක් එල්ල වී තිබෙනවා.

ඇමරිකාව ඇතුළු අනෙකුත් මිත‍්‍ර පාර්ශව සමඟ ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමයි අරමුණ. කලාපයේ මතුව ඇති වාතාවරණය ගැන ද අවධානය යොමු කළ බවයි ජපාන අගමැතිවරයා සඳහන් කළේ.

The post උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන ගැන ජපාන අවධානය appeared first on ITN News.

Read More »

තවත් බීමත් රියදුරන් 164 දෙනෙක් අත්අඩංගුවට  

0 comments

ගතවූ පැය 24 තුළ බීමත් රියදුරන් 164 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. දිවයින පුරා විහේෂ මෙහෙයුම ආරම්භ වුණේ පසුගිය පස්වනදා.

ඒ අනුව මේවන විට බීමත් රියදුරන් 6479 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ. විශේෂ කන්ඩායම් ඒ සදහා යොදවා තිබෙනවා.

The post තවත් බීමත් රියදුරන් 164 දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

කෙසෙල්ගමු ඔයේ අනවසරයෙන් මැණික් ගැරූ තුන් දෙනෙක් අත්අඩංගුවට  

0 comments

කෙසෙල්ගමු ඔයේ අනවසරයෙන් මැණික් ගැරූ තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බගවන්තලාව පොලිසියයි වැටලීම සිදුකළේ.

ජාවාරම්කරුවන් දීර්ඝ කාලයක සිට මැණික් ගැරීම්වල නිරත වන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් සතුව තිබූ උපකරණ තොගයක් ද සොයා ගැනීමට හැකි වුණා. හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේදී එම පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන බවයි පොලිසිය පවසන්නේ.

The post කෙසෙල්ගමු ඔයේ අනවසරයෙන් මැණික් ගැරූ තුන් දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

අගමැති රැකියාලාභීන්ට කියූ දේ  

0 comments

අනාගත පරපුරට නව රැකියා අවස්ථා හිමිවන පරිදි ග්‍රාමීය හා නාගරික ආර්ථිකය නවීකරනය කරමින් රට නව යුගයකට යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

රැකියා විරහිත උපාධිධාරීන්ට අභ්‍යාසලාභි පුහුණු නිලධාරීන් ලෙස පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. උපාධිධාරීන් දහසය දහස් අටසියයකට පත්වීම් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ උපාධිධාරීන් තුන්දහස් අටසියයකට මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා.

පත්වීම් ලාභීන්ට තොරතුරු යාවත්කාලීන කිරීම හා සම්ප්‍රේෂණය කිරීම සදහා ඊ ලර්නින් පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම ද සිදුකෙරුණා. මැතිඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post අගමැති රැකියාලාභීන්ට කියූ දේ appeared first on ITN News.

Read More »

අධිකරණ ඇමති සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති අතර හමුවක්  

0 comments

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ මාල දිවයින් තානාපති ඕමාර් අබ්දුල් රසාක් මහතා අතර හමුවක් ඊයේ (30) පස්වරුවේ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙරට බන්ධනාගාරවල සිටින මාලදිවයින් සිරකරුවන් සම්බන්ධව මෙහිදී අදහස් හුවමාරු වු අතර ඔවුන් වෙනුවෙන් ලබා දෙන පහසුකම් හා නීතිමය සහයෝගය පිළිබඳව සාකච්ඡා විය.

මෙහිදි අදහස් පළ කරමින් අමාත්‍යවරිය සඳහන් කළේ, මාලදිවයිනට අවශ්‍ය කරන පහසුකම් අධිකරණ අමාත්‍යාංශ හා විදේශ කටයුතු අමාත්‍යාංශ මට්ටමින් ලබාදීමට රජය සුදානම් බවයි.

පසුගිය අප්‍රේල් 21 වන දින එල්ල වු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තම කණගාටුව පළ කරන බවත් ප්‍රහාරයෙන් පසුව රටක් ලෙස යළිත් නැගී සිටීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධව සතුටු වන බවත් තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

දෙරට අතර අධිකරණ හා නීතිමය දැනුම අවබෝධය වැඩි දියුණු කිරීම පිළිබඳව ද අමාත්‍යවරිය හා තානාපතිවරයා අතර අදහස් හුවමාරු විය.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ති විජේතුංග මාලදිවයින්තා නාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Khadeeja Najjeha යන මහත්මීන්ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

The post අධිකරණ ඇමති සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති අතර හමුවක් appeared first on ITN News.

Read More »

වෙනිසියුලා රජය හා විපක්ෂය අතර යළි සාකච්ඡා  

0 comments

වෙනිසියුලා රජය සහ විපක්ෂය අතර යළි සාකච්ඡා පැවැත්වෙනවා. මේ වනවිට මතුව ඇති දේශපාලන අර්බුදය සමථයට පත්කර ගැනීම මෙහි අරමුණවී තිබෙනවා.

නිකොලස් මදුරෝ සහ යුවාන් ගුවයිඩෝ ඊට එක්වන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. රජයට විරෝධය පළකරමින් උද්ඝෝෂණ ව්‍යාපාර ගණනාවක් පසුගිය දිනවලදී පැවැත්වුණා.

The post වෙනිසියුලා රජය හා විපක්ෂය අතර යළි සාකච්ඡා appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව බලැස්ටික් මිසයිල ප‍්‍රහාර දෙකක් එල්ල කරයි  

0 comments

උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල ප‍්‍රහාර දෙකක් එල්ල කළා. ඒ නැගෙනහිර වෙරළ සීමාවේදී. හෝඩෝ අර්ධද්වීපයේ සිට ජපාන මුහුදට එය එල්ල කර ඇති බවයි දකුණු කොරියාව පවසන්නේ.

කෙසේ වෙතත් උතුරු කොරියාව ඒ සම්බන්ධයෙන් කිසිදු මතයක් පළකර නැහැ. තමන්ගේ දේශ සීමාවට බැලැස්ටික් මිසයිල දෙකක් පතිත නොවූ බවයි ජපාන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ. පසුගිය සතියේදී ද උතුරු කොරියාව කෙටි දුර මිසයිල ප‍්‍රහාර දෙකක් ජපාන මුහුදට එල්ල කළා. ඇමරිකා සහ දකුණු කොරියා ආරක්ෂක අභ්‍යාසයට විරෝධය පළකිරිමයි ඔවුන්ගේ අරමුණ.

මෙම අභ්‍යාසය සිදුකළ හොත් න්‍යෂ්ටික සාකච්ඡාවලට ද බලපෑම් එල්ල විය හැකි බවයි උතුරු කොරියාව සඳහන් කළේ.

The post උතුරු කොරියාව බලැස්ටික් මිසයිල ප‍්‍රහාර දෙකක් එල්ල කරයි appeared first on ITN News.

Read More »

හොංකොං හි විරෝධතා අතරතුර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකළ 44 දෙනෙකු පොලිස් භාරයට  

0 comments

හොංකොං හි විරෝධතා අතරතුර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකළ 44 දෙනෙකු එරට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ආකාරයෙන් විරෝධතාවල නිරතවීමේ චෝදනා මතයි මොවුන් මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙන්නේ. සති කිහිපයක් පුරා මෙම විරෝධතා පැවැත්වුණා. එම විරෝධතා මැඩපැවැත්වීමට පොලීසිය කදුලුගෑස් ප්‍රහාර ද එල්ලකළා. කලුපැහැති කමිස ඇදගත් විරෝධතාකරුවන් ඉතා කළහකාරී ලෙසයි විරෝධතා පවත්වා ඇත්තේ.

 

 

The post හොංකොං හි විරෝධතා අතරතුර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකළ 44 දෙනෙකු පොලිස් භාරයට appeared first on ITN News.

Read More »

රජයේ සේවකයන්ට වට්ටම් කාඩ් පතක්  

0 comments

රාජ්‍ය සේවකයන්ට වට්ටම් කාඩ් පතක් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. සතොස මඟින් භාණ්ඩ මිළදි ගැනීමේදි පහසුකම් සැලසීමයි අරමුණ.

විශාල පිරිසකට ඉන් සෙත සැලසෙන බවයි රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සඳහන් කළේ.

ජාතික ශිල්ප සභාව තුන්වන වරටත් සංවිධාන කළ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ සමාප්ති උළෙලට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළකළා.

The post රජයේ සේවකයන්ට වට්ටම් කාඩ් පතක් appeared first on ITN News.

Read More »

ශ‍්‍රී ලංකාව නැවත සංචාරකයන්ට වඩාත් සුදුසු වී ඇතැයි පිලිපීන රදගුරු බිෂොප්තුමා කියයි  

0 comments

පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ශ‍්‍රි ලංකාව කෙටි කාලයක් තුළදී සංචාරකයන්ට වඩාත් සුදුසු රටක් බවට යළි පත්ව ඇති බව පිිලිපීනයේ රෝමානු කතෝලික රදගුරු පදවියේ බිෂොප් මයිලෝ වෙගාරා පියතුමා ප‍්‍රකාශ කළා.

ඒ ශ‍්‍රි දළදා මාළිගාවේ දී සංචාරයක නිරත වෙමින්. මෙරට පැවති කලා සම්මාන උළෙලක් සඳහා ද සහභාගී වීමට හැකිව තිබෙනවා. සිද්ධස්ථාන රැසක් නිරික්ෂණය කිරිමට ද පියතුමා එක්වුණා. එහිදී රට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇති ආකාරය දක්නට ලැබුණු බවත් මයිලෝ වෙගාරා පියතුමා සඳහන් කළා.

The post ශ‍්‍රී ලංකාව නැවත සංචාරකයන්ට වඩාත් සුදුසු වී ඇතැයි පිලිපීන රදගුරු බිෂොප්තුමා කියයි appeared first on ITN News.

Read More »

පේරු රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පේරු රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් දහනව දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පේරු රාජ්‍යයේ ලිමා ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථයකුයි මෙසේ අනතුරට පත්ව ඇත්තේ. ජීවිතක්ෂයට පත් වූවන් අතර කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු සිටින බව වාර්තා වනවා. එරට පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

 

 

The post පේරු රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

බීඩි කොළ තොගයක් සමග ඉන්දිය ජාතිකයින් 6 දෙනෙකු නාවික හමුදා භාරයට  

0 comments

බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් තුන්සිය හැත්තෑ නවයක් සමග ඉන්දිය ජාතිකයින් හය දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට අයත් වයඹ මුහුදු තීරයේදීයි මෙම වැටලීම සිදු කළේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සාගර නෞකාව මුර සංචාරයේ යෙදී සිටියදී මුහුදු සීමා උල්ලංඝනය කරමින් පැමිණෙන යාත්‍රාවක් නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව සුරනිමල නෞකාවේද සහාය ඇතිව තලවිල දේවස්ථානයේ සිට නාවික සැතපුම් 22 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාව විශේෂ නිරීක්ෂණයකට ලක් කෙරුණා. එහිදී පාර්සල් 74 ක අසුරා සගවා තිබූ බීඩි කොළ තොගය සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වුණා. එම යාත්‍රාව සහ සැකකරුවන් හය දෙනෙකුද නාවික හමුදා භාරයට ගැනුණා. බීඩි කොළ තොගය කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය වෙත රැගෙන ඒමෙන් පසුව රේගු කාර්යාලය වෙත භාර දී තිබෙනවා. සැකකරුවන් සහ යාත්‍රාව ඉදිරි විමර්ශන සදහා පොලීසිය වෙත භාර දීමටයි නාවික හමුදාව පියවර ගත්තේ.

 

 

 

 

 

The post බීඩි කොළ තොගයක් සමග ඉන්දිය ජාතිකයින් 6 දෙනෙකු නාවික හමුදා භාරයට appeared first on ITN News.

Read More »

පාන්දරින් ආ කැබිනට් ඇමතිවරුන්  

0 comments

ලාංකිකයන් ලෙස එක්ව කටයුතු නොකළහොත් රට විනාශයට පත් වන බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා පවසනවා.

අද පෙරවරුවේ කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ  ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදීයී කැබිනට් රැස්වීම පැවැත්වුණේ.

 

 

 

 

The post පාන්දරින් ආ කැබිනට් ඇමතිවරුන් appeared first on ITN News.

Read More »

එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනමතයට අනුව තෝරා ගන්නවා  

0 comments

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනමතයට අනුව තෝරාගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා.

හලාවත මුන්නේෂ්වරම් ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා එම අදහස් පල කළා.

 

 

 

 

 

 

The post එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනමතයට අනුව තෝරා ගන්නවා appeared first on ITN News.

Read More »

රට සංවර්ධනය කිරීමට පෙර කළ යුත්තේ මානව සම්පත සංවර්ධනය කිරීමයි  

0 comments

රට සංවර්ධනය කිරීමට පෙර කළ යුත්තේ මානව සම්පත සංවර්ධනය කිරීම බව අමාත්‍ය නවීන් දිසානයක මහතා පවසනවා.

නුවරඑලිය නගර ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිලිබද අදහස් පල කළා. ගාමිණී දිසානායක වෘත්තීය පුහුණු ආයතනයේ ඩිප්ලෝමා සාර්ථකව නිම  කළ සිසුන්ට සහතිකපත්‍ර ප්‍රදානය කිරීම නවීන් දිසානයක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පෙරපාසල් ගුරුපුහුණු  ඩිප්ලෝමාව නිමකළ සිසුන් 150 දෙනෙකු හා ඉංග්‍රීසි ඩිප්ලෝමාව නිම කළ සිසුන් 250 දෙනෙකු මෙහිදී සහතික පත්‍ර ලබා ගත්තා.

 

The post රට සංවර්ධනය කිරීමට පෙර කළ යුත්තේ මානව සම්පත සංවර්ධනය කිරීමයි appeared first on ITN News.

Read More »

ධාන්‍ය ආනයනයට වඩා ඒවා පියලි කර ගෙන්වීමේදී ඉහළ බද්දක්  

0 comments

ධාන්‍ය ආනයනයට වඩා ඒවා පියලි කර ගෙන්වීමේදී ඉහළ බද්දක් පැනවීමට කටයුතු කර ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

හලාවත මාදම්පේ ඉදිකළ ගොවිජන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා.

The post ධාන්‍ය ආනයනයට වඩා ඒවා පියලි කර ගෙන්වීමේදී ඉහළ බද්දක් appeared first on ITN News.

Read More »

දුමින්ද වංචා දූෂණ අක්‍රමිකතා සොයන ජනාධිපති කොමිසමට එයි  

0 comments

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වංචා දූෂණ අක්‍රමිකතා සොයන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියා.

දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය ධූරය දරන කාලයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගියේ බදු පදනම මත ලබා ගත් ගොඩනැගිල්ලකයි. ඒ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා දුමින්ද දිසානායක මහතා ජනාධිපති කොමිසමට පැමිණි බවටයි වාර්තා වුණේ. මේ වන විටත් ඒ මහතාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා.

 

 

The post දුමින්ද වංචා දූෂණ අක්‍රමිකතා සොයන ජනාධිපති කොමිසමට එයි appeared first on ITN News.

Read More »

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක නොවිසඳුනු ජනතා ගැටලුවලට විසඳුම්  

0 comments

ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ පළමු දිනය අවසන් වන විට ව්‍යාපෘති අටසිය දොළහක් ක්‍රියාත්මක කෙරුණා. ප්‍රතිලාභීන් දෙලක්ෂ දහඅටදහසකට පමණ සහන සැලසීමට හැකි වී තිබෙනවා.

ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක් ඉලක්ක කරගනිමින් මෙතෙක් නොවිසඳුනු ජනතා ගැටලුවලට විසඳුම් ලබාදීම මේ තුළින් සිදු කෙරෙනවා. ඊයේ ආරම්භ කෙරුණු වැඩසටහන සතියක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

 

 

The post ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක නොවිසඳුනු ජනතා ගැටලුවලට විසඳුම් appeared first on ITN News.

Read More »

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහි නඩුව විභාගයට දින දෙයි  

0 comments

හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව ඔක්තෝබර් 23 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (30) දින නියම කළා.

රගර් ක‍්‍රීඩක වසිම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරිමට අදාලව නඩුව පවරා තිබෙනවා. නඩුවේ සාක්ෂිකරුවන් ලෙස වසීම් තාජුඩීන්ගේ සහෝදරිය වන ෆාතිමා තාජුඩීන් කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය අජිත් තෙන්නකෝන් ඇතුලු විසි දෙනෙකු නිතිපතිවරයා විසින් නම්කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනුර සේනානායක මහතා ඇප මත මුදාහැරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා මීට පෙර නියෝග කළේ.

The post හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහි නඩුව විභාගයට දින දෙයි appeared first on ITN News.

Read More »

ඩෙංගු මදුරු මර්දන පුළුල් වැඩසටහනක්  

0 comments

ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය සඳහා පුළුල් වැඩසටහන් ක‍්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප‍්‍රකාශ කළා. විශේෂ වැඩසටහනක් ඒ සඳහා ආරම්භ කර තිබෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර, මාතර හා හම්බන්තොට දිස්ත‍්‍රික් කෙරෙහි වැඩි අවධානය යොමුව ඇති අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 40ක් ආවරණය කරමින් මදුරු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බවයි ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

The post ඩෙංගු මදුරු මර්දන පුළුල් වැඩසටහනක් appeared first on ITN News.

Read More »

සහරාන්ගේ කඳවුරෙන් අවි පුහුණුව ලැබූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට  

0 comments

මොහොමඩ් සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහොමඩ් අබ්දුල් කාදර් නැමති සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගෙන ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ. ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කටුපොත ප‍්‍රදේශයේ දී.

එම සැකකරු නුවරඑළියේ දී අවි ආයුධ පුහුණුවීම් හා දේශනවලට ද සහභාගී වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

The post සහරාන්ගේ කඳවුරෙන් අවි පුහුණුව ලැබූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG