Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාල්ලේ පාසල් කිහිපයක ගොඩනැගිලි සිසු අයිතියට  

Add comments

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සංවර්ධන කටයුතු ඊයේ (31) විවෘත කෙරුණා. ඒ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

ගාල්ල නබදව ශ්‍රී සුමංගල විද්‍යාලයේ කණිෂ්ඨ ද්විත්‍රික විද්‍යාගාර ගොඩනැගිල්ල සහ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කෙරුණා. මේ සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 300 ක් පමණ වනවා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් මෙම නව ගොඩනැගිලි විවෘත කිරීමේ අවස්ථාවට බන්දුලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

ගාල්ල වදුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ලක් ඇතුළු ගොඩනැගිලි තුනක් සහ සෙසු පහසුකම් රැසක් සිසු අතියිතියට පත් කෙරුණේද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ මේ සදහා රුපියල් ලක්ෂ 680 කට අධික මුදලක් වැය කර තිබෙනවා. විද්‍යාලයීය පරිපාලන ඒකකය සහිත තෙමහල් ගොඩනැගිල්ල, ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්තානය සහ සංගීත හා ගෘහ විද්‍යාගාරය ඇතුළත් ගොඩනැගිල්ල ඒ අතර වනවා. විද්‍යාලයීය ජල නළ පද්ධතිය මෙන්ම තවත් සේවා රැසක් සංවර්ධනය කර සිසු අයිතියට පත් කෙරුණා.

The post ගාල්ලේ පාසල් කිහිපයක ගොඩනැගිලි සිසු අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG