Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පවුල් ලක්ෂ 65 කට පන්දහසේ දිමනාව ලබාදීමේ කටයුතු ඇරඹෙයි  

0 comments

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ පවුල් ලක්ෂ හැටපහකට ආසන්න සංඛ්‍යාවකට රුපියල් පන්දහසේ දිමනාව ලබාදීමේ කටයුතු ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. දින කිහිපයක් ඇතුළත ප්‍රතිලාභීන්ට දීමනාව ලබාදීමට අපේක්ෂා කරන බවයි ඒ මහතා තවදුරටත් පවසන්නේ.

 

The post පවුල් ලක්ෂ 65 කට පන්දහසේ දිමනාව ලබාදීමේ කටයුතු ඇරඹෙයි appeared first on ITN News.

Read More »

බෙල්ලන්විල පන්සලෙන් කළුබෝවිල රෝහලට ලක්‍ෂ 12 ක ශ්වසන ආධාර යන්ත්‍රයක්  

0 comments

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහැර කමිටුවේ අරමුදලින් ශ්වසන ආධාර යන්ත්‍රයක් කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ලබා දුන්නා.

මෙම යන්ත්‍රයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 12 කට අධිකයි. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන්වහන්සේ මෙම යන්ත්‍රය කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතාට ලබා දුන්නා.

කුරුවිට කටුපියඔරාව විහාරස්ථානයේ පැවති එන්නත්කරණ වැඩසටහන අමාත්‍ය නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර හා හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන මහත්වරුන්ගේ නිරීක්‍ෂණයට ලක්වුණා.

කොරෝනා මර්දනයට කැපවී සිටින සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල දිරිමත් කිරීම මැතිඇමතිවරුන් ඇතුලු සියලු දෙනාගේ වගකීමක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සදහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

මීරිගම රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටු සංකීර්ණය සදහා අවශ්‍ය ජල පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංසදය ක්‍රියා කළා. මෙම වාට්ටු සංකීර්ණයට ජලය නොමැතිකමින් ගැටලු රැසක් මතුව තිබුණා. ඒ පිළිබද කඩිනම් අවධානය යොමු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංසදය අදාළ ගැටලුව විසදීමට පියවර ගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

The post බෙල්ලන්විල පන්සලෙන් කළුබෝවිල රෝහලට ලක්‍ෂ 12 ක ශ්වසන ආධාර යන්ත්‍රයක් appeared first on ITN News.

Read More »

හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙළක්  

0 comments

හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම මෙන්ම වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මීගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් 2500 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාර්සලයක් ලබා දීමේ වැඩසටහනක් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙනවා. රත්නපුර බටුගෙදර ප්‍රදේශයේ මෙවැනි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.

 

 

The post හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.

Read More »

ටිපර් රථයක් වියානා ඇලට පෙරළෙයි  

0 comments

වන අලියෙක් ටිපර් රථයක් පසුපස ලුහුබැදීම හේතුවෙන් එම ටිපර් රථය වියානා ඇලට පෙරලී තිබෙනවා.

රීදිමාලියද්ද කුරුවිතැන්න, පිදේනිපිටිය ප්‍රදේශයේ දීයි වන අලියා ටිපර් රථය පසුපස පන්නා ඇත්තේ. ඒ ඊයේ රාත්‍රි අටට පමණ. එහිදි ලොග්ගල්ඔය වියානා ඇල පාලමේ ටිපර් රථය ගැටීමෙන් එය ඇලට පෙරලී තිබෙනවා. වන අලියා පසුපස පන්නා ඒමත් සමග බියවූ රියදුරාට රථය පාලනය කර ගත නොහැකි වීම හේතුවෙනුයි එය ඇලට පෙරලී ඇත්තේ.

රියදුරා පිහිනාවිත් දිවි බේරාගෙන තිබෙනවා. සියඹලාන්ඩුව ප්‍ර දේශයේ සිට මහනුවර ප්‍ර දේශයට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයකුයි මෙලෙස අනතුරට ලක්වුණේ. වාහනය ගොඩට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

 

The post ටිපර් රථයක් වියානා ඇලට පෙරළෙයි appeared first on ITN News.

Read More »

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 1484ක් දක්වා ඉහළට  

0 comments

මැයි මස 20 වනදා සිට ඊයේ දිනය දක්වා සිදු වූ තවත් කොරෝනා මරණ 43ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මේ අතරට ඊයේ දිනයේ සිදු වූ කොරෝනා මරණ 4 ද ඇතුළත්.

 

 

 

The post මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 1484ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

කොරෝනා මැඩලීමට ගෝලීය වශයෙන් එකඟතාවකට පැමිණීමට කාලය එළඹ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි  

0 comments

කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීම සදහා ගෝලීය වශයෙන් එකගතාවකට පැමිණීමට කාලය එළඹ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හ්නෝම් පවසන්නේ වෛරසය පාලනයට සූදානම් වීම හා ඒ සදහා ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට තවමත් ලෝකය සූදානම් නොමැති බවයි.

ඒ හේතුවෙන් ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සදහා අවශ්‍ය ගෝලිය ඒකගතාවකට එළඹිය යුතු බව ද ඔහු පවසනවා. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර ලබා දීමේදී තිරසර හා නම්‍යශීලී පිළිවෙතක් සාමාජික රටවල් අනුගමනය කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දෙනවා.

 

 

 

 

The post කොරෝනා මැඩලීමට ගෝලීය වශයෙන් එකඟතාවකට පැමිණීමට කාලය එළඹ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි appeared first on ITN News.

Read More »

ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා ප්‍රභේද හඳුන්වාදීමට ග්‍රීක අක්ෂර යොදාගනී  

0 comments

කොරෝනා වයිරසයේ නව ප්‍රභේද නම් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා.

බ්‍රිතන්‍යයෙන්, දකුණු අප්‍රිකාවෙන්  හා ඉන්දියාවෙන් හමුවූ කොරෝනා වයිරස නව ප්‍රභේද හැඳින්වීමට මෙම නව නාමකරණය හඳුන්වා දී ඇත්තේ. ඒ සඳහා ග්‍රීක අක්ෂර යොදාගෙන ඇති බව වාර්තා වනවා. බ්‍රිතාන්‍ය ප්‍රභේදය හැඳින්වීම‌ට ඇල්ෆා අක්ෂරය ද දකුණු අප්‍රිකා ප්‍රභේදයට බීටා අක්ෂරය ද ඉන්දියානු නව ප්‍රභේදය හැඳින්වීමට ඩෙල්ටා අක්ෂරය ද යොදාගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. මෙම නව නාමකරණය තුළින් නව වයිරස ප්‍රභේදයන් හැඳින්වීමේ දී මතුවන ගැටලුකාරී තත්ත්වය වලක්වාලිය හැකි බව එම සංවිධානය තවදුරටත් පවසනවා. ඉන්දියාවෙන් හඳුනාගත් වයිරස ප්‍රභේදය ඉන්දියානු ප්‍රභේදය ලෙස හැඳින්වීම ඉන්දීය රජයේ දෝෂ දර්ශනයට ලක්වීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

 

 

The post ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා ප්‍රභේද හඳුන්වාදීමට ග්‍රීක අක්ෂර යොදාගනී appeared first on ITN News.

Read More »

ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව පහළ බසී  

0 comments

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව සැළකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

ගත වූ පැය 24 ට ඉන්දියාවෙන් වෛරස ආසාදිතයන් එක්ලක්‍ෂ විසිහය දහස් හයසිය අනූඅට දෙනෙකු හමු වී තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 2782 ක්. මේ වන විට එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි අසූ දෙලක්‍ෂයකට ආසන්න වනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව තුන් ලක්‍ෂ තිස්එක්දහස් නවසිය නවයක්. මේ වන විට ලොව පුරා රටවල් 220 කින් කොරෝනා වෛරස ආසාදිතයන් දාහත්කෝටි දාහතර ලක්‍ෂ පනස්පන්දහස් අටසිය තිස් අට දෙනෙකු හදුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව තිස්පන්ලක්‍ෂ හැටහතර දහස් හත්සිය හැට හතරක්.

 

 

 

 

The post ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව පහළ බසී appeared first on ITN News.

Read More »

සංචරණ සීමා උල්ලංඝනය කරමින් පුද්ගලයන් ප්‍රවාහනය කළ බස් රථයක් අත්අඩංගුවට  

0 comments

සංචරණ සීමා උල්ලංඝනය කරමින් අක්කරේපත්තුව සිට කොළඹ බලා පුද්ගලයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ඉගිනියාගල පොලිසිය අත්අඩංගුවට ගත්තා. පසුව එම බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 10 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

The post සංචරණ සීමා උල්ලංඝනය කරමින් පුද්ගලයන් ප්‍රවාහනය කළ බස් රථයක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

හුදෙකලාව තිබූ UNP පාර්ලිමේන්තු අසුනට රනිල්ව නම් කරයි  

0 comments

මේ රටේ  පැරණිතම වගේම දීර්ඝ කාලයක් රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය පසුගිය මහමැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමි වුනු තැනකට ඇදගෙන වැටුනා.

ඒ වගේ දැවැන්ත පක්ෂයක් තමන්ට හිමිවෙච්ච එකම මන්ත්‍රී ධුරයටවත් කෙනෙකු නම් කරගන්න බැරිව මාස 09 කටත් වැඩි කාලයක් කල් මැරුවා. හැබැයි ඒ ප්‍රශ්නෙත් අද විසදන්න එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගෙන  තිබෙනවා.  ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මා  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමටයි.

එක්සත් ජාතික පක්ෂ කෘක්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද රැස් වුණා. එහිදී ගත් මෙම තීරණය පිලිබද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත හෙළි කිරීමට හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පියවර ගත්තා.

 

 

 

 

 

 

 

 

The post හුදෙකලාව තිබූ UNP පාර්ලිමේන්තු අසුනට රනිල්ව නම් කරයි appeared first on ITN News.

Read More »

තවත් කොරෝනා ආසාදිතයින් 1,531ක් හඳුනා ගැනේ  

0 comments

තවත් කොරෝනා ආසාදිතයින් 1,531ක් හඳුනාගෙන තිබෙනවා.

The post තවත් කොරෝනා ආසාදිතයින් 1,531ක් හඳුනා ගැනේ appeared first on ITN News.

Read More »

චන්දිමාල් ජයසිංහ හා පියුමි හංසමාලි ඇප මත නිදහස්  

0 comments

නිරෝධායන නීති කඩ කමින් තරුපහේ හෝටලයකදි උපන් දින සාදයක් පැවැත්වූ බව කියන රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ හා මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ පෞද්ගලික ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණේ. මෙම සාදයට පැමිණි පුද්ගලයන් 12 දෙනෙකු පමණ මේ වන විට හදුනාගෙන තිබෙනවා. සීසීටීවී දර්ශන හරහා සෙසු පිරිස හදුනා ගැනීම සිදුවනවා

The post චන්දිමාල් ජයසිංහ හා පියුමි හංසමාලි ඇප මත නිදහස් appeared first on ITN News.

Read More »

නව නීතිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හමුවෙයි  

0 comments

මෙරට 48 වන නීතිපතිවරයා ලෙස වැඩභාරගත් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවුණා.

නීතිපති ධුරයේ වැඩභාරගත් බවට දැනුම් දීම සඳහා පැමිණි නව නීතිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක් කළා. කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් හා එහිදී සමුද්‍රීය පරිසරයට සිදු වූ හානි සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කළා. එහි නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ඉටුවනු ඇති බව නව නීතිපතිවරයා ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ චූදිතයන් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකර ඔවුන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා බව ද ඒ මහතා ප්‍රකාශ කළා. නීතිපති දෙපාර්තමේන්තුවට අලුත් ගොඩනැගිල්ලක් ලබා දීම පිළිබද සංජය රාජරත්නම් මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කළා. තවත් කරුණු කිහිපයක් පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

 

The post නව නීතිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හමුවෙයි appeared first on ITN News.

Read More »

කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් හමුදා භාරයට  

0 comments

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 48 ක් සිය භාරයට ගැනීමට යුද හමුදාව හා නාවික හමුදාව සමත්වුණා.

යුද හමුදා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාවේ ද සහාය ඇතිව පේදුරුතුඩුව මුහුදු තීරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකෙරුණා. අදාළ ස්ථානයට යතුරු පැදි 2 කින් පැමිණි පිරිසක් ආරක්‍ෂක අංශ සාමාජිකයන් දැක එම යතුරුපැදි අතහැර පලාගොස් තිබෙනවා. එම යතුරුපැදිවල තිබූ උර කිහිපයක් පරික්‍ෂා කිරීමේදීයි මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගැනුණේ. බෝට්ටුවක් ද සිය භාරයට  ගැනිමට ආරක්‍ෂක අංශ සමත් වුණා.

සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දී නිවසක් බිද රුපියල් ලක්‍ෂ 40 කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් සොරකම් කර ඒවා අලෙවි කළ සැකකරුවෙකු මහනුවර අලවතුගොඩ පොලීසිය අත්අඩංගුවට ගත්තා. සැකකරුගේ නිවසට යාබදව පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් මෙම රන් භාණ්ඩ තොගය සොරකම් කර තිබෙනවා.

සංචරණ සීමා ක්‍රියාත්මකව තිබියදී ඒ සියල්ල නොසලකා හරිමින් වැඩි මිලට හා අනාරක්‍ෂිතව ජංගම වෙළෙදාමේ නිරත වෙළෙදුන් මාතලේ නගරයේදී පරික්‍ෂාවට ලක් කෙරුණා. සෞඛ්‍යාරක්‍ෂාව පිළිබද කිසිදු තැකීමකින් තොරවයි මොවුන් වෙළෙදාමේ නිරත වී ඇත්තේ. බේකරි නිෂ්පාදන ආයතන බොහොමයක් මෙසේ සෞඛ්‍යාරක්‍ෂිත නොවන අයුරින් නිෂ්පාදන සිදු කරන අයුරු මාතලේ මහ නගර සභාව කළ වැටලීමකදී හෙළිවුණා.

 

The post කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් හමුදා භාරයට appeared first on ITN News.

Read More »

කොරෝනා හේතුවෙන් ඉන්දියාවේ දරුවන් රැසකට දෙමාපියන් අහිමි වෙයි  

0 comments

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළයාමත් සමග මාපියන් අහිමි වූ කුඩා දරුවන් රැසක් සිටින බව නවතම සමීක්‍ෂණයකින් හෙළිව තිබෙනවා.

බොහෝ දරුවන්ගේ මව හෝ පියා නැතහොත් ඔවුන් දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ජීවිත අහිමිවී ඇති බවයි සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. එකම පවුලේ දරුවන් වුව ද ප්‍රතිකාර සදහා රෝහල් කිහිපයකට යොමුකර ඇති අතර සුව වූ පසු එම දරුවන් යළි භාරකරුවන් වෙත යොමුකර නොමැති බව ද එම සමීක්‍ෂණයෙන් හෙළිවී තිබෙනවා.

මෙවැනි දරුවන් පුනරුත්ථාපනය කිරීම හෝ රැක බලා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් මේ වන තෙක් ඉන්දියාවේ ක්‍රියාත්මකව නැහැ.පසුගිය අප්‍රේල් 1 වනදා සිට මැයි 25 වනදා දක්වා කාලය තුළදී කුඩා දරුවන් 577 දෙනෙකු පමණ මෙලෙස අනාථභාවයට පත්ව ඇති බව ඉන්දීය කාන්තා හා ළමා සුබසාධන අමාත්‍යවරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරනවා.

 

 

 

 

The post කොරෝනා හේතුවෙන් ඉන්දියාවේ දරුවන් රැසකට දෙමාපියන් අහිමි වෙයි appeared first on ITN News.

Read More »

කළුතර දිස්ත්‍රික්කයේ සුව වූ කොරෝනා රෝගීන්ට යළි නිවෙස් බලා යන්න නොමිලේ ප්‍රවාහන සේවාවක්  

0 comments

කොරෝනා ආසාදනය වී සුවවීමෙන් පසුව අදාළ පුද්ගලයන් යළි නිවෙස් බලා රැගෙන යාමට නොමිලේ ප්‍රවාහන සේවාවක් ආරම්භ කෙරුණා.

කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල ප්‍රතිකකාර ලබමින් සිටියදී සුව වූ පුද්ගලයන් අතුරින් නිවෙස් බලා යාමට අසරණව සිටින අය සඳහායි මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක වන්නේ. බැක්හෝම් යනුවෙන් නම් කර ඇති නොමිලේ ප්‍රවාහන සේවා සැපයීමේ මෙම ව්‍යාපෘතිය පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා. මන්ත්‍රීවරයාගේ ධන පරිත්‍යාගයෙන් මෙය ක්‍රියාත්මකයි. දුරකතන අංක 0715129129 ඇමතීමෙන් එම සේවාව ලබාගත හැකියි.

 

 

 

The post කළුතර දිස්ත්‍රික්කයේ සුව වූ කොරෝනා රෝගීන්ට යළි නිවෙස් බලා යන්න නොමිලේ ප්‍රවාහන සේවාවක් appeared first on ITN News.

Read More »

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට  

0 comments

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ක්‍රීඩා සංගමයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ. එම පිරිසෙන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. එම ස්ථානයට පැමිණි නාදුනන තුවක්කුකරුවන් 3 දෙනෙකු රැස්ව සිටි පිරිස ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව පොලීසිය පවසනවා. මෙම වසරේ පළමු දින 132 තුළදී මෙවැනි වෙඩි තැබීම් 200 කට ආසන්න සංඛ්‍යාවක් ඇමෙරිකාව තුළ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

 

 

 

The post ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.

Read More »

ලොස්ඇන්ජලීස් ලංකාරාම විහාරස්ථානයේ වෙසක් කලාපය සාර්ථකව නිමාවට පත් වෙයි  

0 comments

ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් හි ලංකාරාම විහාරස්ථානය සංවිධාන කළ වෙසක් කලාපය සාර්ථකව නිමාවට පත්වුණා.

ලංකාරාම විහාරාධිපති පූජ්‍ය තලංගම දේවානන්ද ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි වෙසක් කලාපය ක්‍රියාත්මක කෙරුණා. දින 7 ක් පුරා පැවති මෙම වෙසක් කලාපයට ලොස්ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලලිත් චන්ද්‍රදාස මහතා ඇතුලු පිරිසක් සහභාගි වුණා. දාන, ශීල, භාවනා ආදී වැඩසටහන් රැසක් පැවැත්වුණා. පහන් කූඩු ප්‍රදර්ශනය, භක්ති ගීත ගායනය හා දන්සල් ආදිය ද මෙහිදී ක්‍රියාත්මක කෙරුණා.

 

 

 

 

The post ලොස්ඇන්ජලීස් ලංකාරාම විහාරස්ථානයේ වෙසක් කලාපය සාර්ථකව නිමාවට පත් වෙයි appeared first on ITN News.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයන් 11 හමු වෙයි  

0 comments

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේ ද නව කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු හමු වූ බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

නව ආසාදිතයන් පොකුර හේතුවෙන් ඉදිරි දින කිහිපය තීරණාත්මක බව ප්‍රාන්ත බලධාරීන් සදහන් කරනවා. නව ආසාදිතයන් 20 දෙනෙකු පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී වාර්තා විමත් සමගම සතියක කාලයක් සදහා වික්ටෝරියා ප්‍රාන්තය වසා දැමුණා. මේ වන විට හමු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 51 දෙනෙකු බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ. පසුගිය සතියේදී නව ආසාදිතයන් පොකුර වාර්තා වීමට පෙර මාස 3 ක කාලයක් තුළදී කිසිදු කොරෝනා ආසාදිතයෙකු වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා නොවීම විශේෂත්වයක්.

 

 

The post වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයන් 11 හමු වෙයි appeared first on ITN News.

Read More »

නවසීලන්තයේ කැන්ටර්බරි ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක්  

0 comments

නවසීලන්තයේ කැන්ටර්බරි ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ගංවතුර තත්ත්වය හේතුවෙන් සිය ගණනක පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. අවදානමට මුහුණපා සිටින තවත් විශාල පිරිසක් පිළිබද දැඩි අවධානයෙන් පසුවන බව ප්‍රාන්ත බලධාරීන් සදහන් කරනවා. පසුගිය දින කිහිපය පුරා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. නිවාස 300 ක පමණ වාසය කළ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව ද වාර්තා වනවා. අයහපත් කාලගුණ තත්ත්වය පිළිබද නවසීලන්ත කාලගුණ දෙපාර්තමේන්තුව රතු නිවේදන ද නිකුත් කර තිබෙනවා.

 

 

 

The post නවසීලන්තයේ කැන්ටර්බරි ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක් appeared first on ITN News.

Read More »

වසා දමා තිබූ කටුනායක ගුවන්තොටුපොළ හෙට සිට විවෘතයි  

0 comments

කෝවිඩ් තත්ත්වයත් සමග වසා දමා තිබූ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හෙට සිට විවෘත කිරීමට කටයුතු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත රෙජී රණතුංග මහතාගේ 13 වන ගුණ සමරුවට එක්වෙමිනුයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව ප්‍රකාශ කළේ. උඩුගම්පොළ ප්‍රදේශයේ පිහිටි රෙජී රණතුංග මහතාගේ ස්මාරකය අසලදී මෙම ගුණසමරුව පැවැත්වුණා.

 

 

 

The post වසා දමා තිබූ කටුනායක ගුවන්තොටුපොළ හෙට සිට විවෘතයි appeared first on ITN News.

Read More »

සංචරණ සීමා අතරේ අත්‍යවශ්‍ය දෑ බෙදා හැරීමේ කටයුතු ජංගම රථ මඟින්  

0 comments

සංචරණ සීමා ක්‍රියාත්මක වන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය දෑ බෙදා හැරීමේ කටයුතු ද සාර්ථකව සිදුවනවා.

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වෙළෙද කටයුතු සදහා 2 වන දිනටත් අද විවෘතව පවතිනවා. ඊයේ දිනයට වඩා ව්‍යාපාරිකයන් වැඩි පිරිසක් අද පැමිණි බවයි බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙද සංගමය සදහන් කරන්නේ. ව්‍යාපාරිකයන්ට හා පාරිභෝගිකයන්ට ඔන් ලයින් ක්‍රමයට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා.

පාරිභෝගිකයන් සූරාකෑම වැළැක්වීම සදහා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු හා පළතුරු මිල ගණන් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමට ක්‍රියා කරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසනවා. නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට ද විශාල වශයෙන් ගොවීන් හා ව්‍යාපාරිකයන් පැමිණෙමින් සිටිනවා. ඊයේ දිනයේදී කෙසෙල් විශාල වශයෙන් මෙම ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබෙනවා.

ග්‍රාමීය ප්‍රදේශවලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම මේ වන විට සිදුවනවා. බලපත්‍ර ලබාගත් කුඩා ව්‍යාපාරිකයන් නිවෙස් අසලටම ගොස් මේවා අලෙවි කරන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

වව්නියාවේ ග්‍රාම නිලධාරී වසම් 102 ක ගම්මාන 505 ක ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා එළවළු, පළතුරු ආදිය අලෙවි කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. සංචරණ සීමා පැනවීම හේතුවෙන් ජනතාවට වෙළෙදසල් කරා යාමට නොහැකි බැවින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනවා.

ජංගම රථ මගින් තම නිවෙස් ඉදිරිපිටටම මෙසේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම

තමන්ට මහත් සහනයක් බවයි ජනතාව පවසන්නේ.

කුරුණෑගලදී මත්කුඩු අලෙවි කරමින් සිටි යුවළක් පොලීසිය අත්අඩංගුවට ගත්තා. සංචරණ සීමා පනවා තිබුණ ද යතුරුපැදිවලින් ගොස් මොවුන් මෙසේ මත්කුඩු අලෙවිකර තිබෙනවා. එමෙන්ම හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 5140 ක් හා සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 3 දෙනෙකු ද පොලීසිය අත්අඩංගුවට ගත්තා. සැකකාර තරුණිය ළග තිබී තවත් හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2430 ක් සිය භාරයට ගැනීමට පොලීසියට හැකිවුණා.

මඩකලපුව කිරාන්කුලම් ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මත්පැන් වෙළෙදාමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා. සංචරණ තහනම පිළිබද නීතිය ද නොසලකා හරිමින් ක්‍රියා කළ මෙම පුද්ගලයන් ළග තිබි මත්පැන් බෝතල් 1271 ක් සොයාගෙන තිබෙනවා.

අක්කරේපත්තුව සිට කොළඹ බලා පුද්ගලයන් 48 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් ඉගිනියාගල නාමල්උයන ප්‍රදේශයේදී පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. එහි රියදුරු හා කොන්දොස්තරවරයා ද අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු පවසන්නේ.

නිරෝධායන නීති උල්ලංඝනය කරන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරනවා.

 

The post සංචරණ සීමා අතරේ අත්‍යවශ්‍ය දෑ බෙදා හැරීමේ කටයුතු ජංගම රථ මඟින් appeared first on ITN News.

Read More »

පිහිටුවීමට යෝජිත ඒකාබද්ධ රජය ජාතික ආරක්ෂාවට තර්ජනයක් – ඊශ්‍රායල් අගමැති  

0 comments

තම රටේ පිහිටුවීමට යෝජිත ඒකාබද්ධ රජය, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

පසුගිය වසර දෙක තුළ ඊශ්‍රායලයේ මහමැතිවරණ 04 ක්  පැවැත් වුවද ඉන් කිසිදු  පක්ෂයක් බහුතර බලයක් හිමිකර ගැනීමට සමත් වූයේ නැහැ. පසුගිය  මාසයේදී   පැවති මැතිවරණයෙන් ද බහුතර බලයක් ලබා ගැනීමට කිසිදු පක්ෂයකට නොහැකි වීම හේතුවෙන්  ඒකාබද්ධ රජයක් පිහිටුවීමට මේ වන විටත් සාකච්ඡා පැවැත්වෙනවා.

එම සාකච්ඡා සාර්ථක වුවහොත් ඊශ්‍රායලයේ වැඩිම  කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ බෙංජමින් නෙතන්යාහුගේ පාලන කාලය ද අවසන් වනු ඇති බවටයි විශ්ලේෂඥකයින් පවසන්නේ. මේ වන විටත් ඔහුට විරුද්ධව විශ්වාසය කඩ කිරීම හා දූෂණ චෝදනා යටතේ එරට අධිකරණයේ නඩු විභාග වනවා.ි

 

 

The post පිහිටුවීමට යෝජිත ඒකාබද්ධ රජය ජාතික ආරක්ෂාවට තර්ජනයක් – ඊශ්‍රායල් අගමැති appeared first on ITN News.

Read More »

සමස්ත ලංකා හෙද සංගමය එක්දින වැඩවර්ජනයක් අරඹයි  

0 comments

හෙද හෙදියන් මුහුණුදී ඇති ගැටලු සදහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා හෙද සංගමය එක්දින වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහල, ජාතික අක්ෂි රෝහළ මෙන්ම ප්‍රධාන රෝහල් ඇතුලු රෝහල් ගණනාවක මෙම වර්ජනය ක්‍රියාත්මකයි.

 

 

 

 

 

 

 

 

The post සමස්ත ලංකා හෙද සංගමය එක්දින වැඩවර්ජනයක් අරඹයි appeared first on ITN News.

Read More »

මාතර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයට  

0 comments

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මාතර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණය කළා.

මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහි වැඩකටයුතු සිදු වන ආකාරය පිලිබද සොයා බැලුවා. රාජ්‍ය නිලධාරීන් , පළාත්පාලන ආයතනවල සනීපාරක්ෂක කම්කරුවන් ,සෞඛ්‍ය නොවන අත්‍යවශ්‍ය සේවා නිලධාරීන් ඇතුළු පිරිසකට මෙම මධ්‍යස්ථානයේදී එන්නත් ලබා දුන්නා.අග්‍රාමාත්‍යවරයා සමඟ මැතිඇමතිවරුන් පිරිසක් ද එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණය කිරීමට එක්වුණා.

The post මාතර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයට appeared first on ITN News.

Read More »

දකුණු අප්‍රිකාව වසා දැමීමේ නීති දැඩි කරයි  

0 comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය යළිත් වරක් වේගවත් වීම සමඟම දකුණු අප්‍රිකාව වසා දැමීමේ නීති දැඩි කර තිබෙනවා.

ඒ අනුව රාත්‍රී කාලයේදී ඇදිරි නීතිය පැනවෙන බවයි දකුණූ අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝෂා සඳහන් කරන්නේ. එළිමහනේ එක්රැස්විය හැකි පිරිස ද සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. ආපනශාලා ,අවන්හල්,කායවර්ධන මධ්‍යස්ථාන රාත්‍රී 10 වන විට වසා දැමිය යුතු අතර  රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක වනවා. එලිමහනේ එක්රැස්විය හැකි පිරිස උපරිම සංඛ්‍යාව250 දක්වා අඩු කර ඇති බවයි වාර්තා වන්නේ. ගොඩනැගිල්ලක් ඇතුළත රැස්විය හැකි උපරිම පිරිස 100 ක් ලෙස නම් කර තිබෙනවා.

 

 

The post දකුණු අප්‍රිකාව වසා දැමීමේ නීති දැඩි කරයි appeared first on ITN News.

Read More »

තවත් කොරෝනා ආසාදිතයින් 2186ක් හඳුනා ගැනේ  

0 comments

තවත් කොරෝනා ආසාදිතයින් 2186ක් හඳුනාගෙන තිබෙනවා.

The post තවත් කොරෝනා ආසාදිතයින් 2186ක් හඳුනා ගැනේ appeared first on ITN News.

Read More »

ITN සභාපතිගේ මැදිහත්වීමෙන් උඳුගොඩ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට රෝද පුටු 2ක්  

0 comments

කෑගල්ල උදුගොඩ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට දැඩි අවශ්‍යතාවක්ව තිබු රෝද පුටු දෙකක් පරිත්‍යාග කිරීම ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ මැදිහත්වීමෙන් සිදු කෙරුණා.

උදුගොඩ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය මගින් විශාල පිරිසකට සේවාවන් සැලසෙනවා. එහි කාර්ය මණ්ඩලයද තමන්ගේ ස්ථානයට පැමිණෙන රෝගීන් සම්බන්ධයෙන් විශේෂ කැපවීමකින් ක්‍රියා කරනවා. මෙම මධ්‍යස්ථානයට රෝද පුටු දෙකක දැඩි අවශ්‍යතාවක් පැවතුණා.

ඒ බව දැනගත් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා සමාධි ජාත්‍යන්තර බෞද්ධ පදනමට කළ දැනුම් දීමකට අනුව මෙම පරිත්‍යාගයන් සිදු කෙරුණා. එම අවස්ථාවට මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය හා ස්වාධීන රූපවාහිනි නියෝජිත පිරිසක් සහභාගි වුණා.

 

 

The post ITN සභාපතිගේ මැදිහත්වීමෙන් උඳුගොඩ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට රෝද පුටු 2ක් appeared first on ITN News.

Read More »

කෝවිඩ් පාලනය වෙනුවෙන් පොදු ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ යුතුයි  

0 comments

කෝවිඩ් වසංගතය පාලනය කිරීම වෙනුවෙන් පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් කැබිනට් මණ්ඩලය මූලික වී සකස් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මා ප්‍රකාශ කර තිබෙනවා.

 

 

The post කෝවිඩ් පාලනය වෙනුවෙන් පොදු ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ යුතුයි appeared first on ITN News.

Read More »

ගිනිගත් පර්ල්ගේ කපිතාන් ඇතුළු 25 කගෙන් ප්‍රකාශ ගන්න පොලීසිය සූදානම්  

0 comments

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න මේ වනවිට බොහෝ දුරට පාලනය කර ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා පවසනවා. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කළ පැමිණිල්ලකට අනුව නෞකාවේ කපිතාන් හා කාර්ය මණ්ඩලයේ ප්‍රකාශ ලබා ගැනීම හෙට දිනයේ දී සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු පිලිබද සාකච්ඡා කිරීමට අද නීතිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන සියලු රාජ්‍ය ආයතනවල සහ නාවික හමුදාපතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා.

මේ අතර ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය අද දිනයේත් නෞකාව ගිනි ගැනීම නිසා පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කළා. මේ වනවිට නෞකාවේ තිබූ ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය කොළඹින් දකුණු ප්‍ර දේශයට ගොඩ ගසමින් පවතින අතර එම ද්‍රව්‍ය ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටිනවා. මේ අතර ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය එම ස්ථානවලින් නියදි ලබාගෙන ඉදිරියටත් පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග මහතා සදහන් කළේ.

මෙම ප්‍ර දේශයේ ධීවර කටයුතු සම්පූර්ණයෙන් තහනම් කරඇති බැවින් දැනට වෙළදපොළේ පවතින මාළු අනුභවය සම්බන්ධයෙන් බියක් ඇති කර නොගන්නා ලෙසයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ගිනිගත් නෞකාවේ වත්මන් තත්ත්වය පිළිබද නීරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයට අයත් ගුවන් යානයක් ඊයේ පස්වරුවේ නිරීක්ෂණ කටයුතුවල නිරත වුණා.

The post ගිනිගත් පර්ල්ගේ කපිතාන් ඇතුළු 25 කගෙන් ප්‍රකාශ ගන්න පොලීසිය සූදානම් appeared first on ITN News.

Read More »

එළවළු අතිරික්තයක් ඇති වුවහොත් සතොස හරහා මිලදීගැනීමට ජනපතිගේ අනුමැතිය ලැබෙයි  

0 comments

එළවළු අතිරික්තයක් ඇති වුවහොත් සතොස හරහා ඒවා මිලදිගැනීමට ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මැතිතුමාගේ අනුමැතිය ලැබී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

කැප්පෙටිපොල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ගොවීන්ගේ  නිෂ්පාදන මිලදී ගැනීම සහ පාරිභෝගිකයන්ට අවශ්‍ය එළවළු හා පළතුරු තොග බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් ආර්ථික මධ්‍යස්ථාන මේ වන විට විවෘතව පවතිනවා. ඒ අනුව කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයට ද විශාල වශයෙන් එළවළු තොග ලැබී තිබුණා.

රාජ්‍ය අමාත්‍යවරයා බණ්ඩාරවෙල එළවළු තොග වෙළදපොලේද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. සංචරන සීමා පනවා තිබුණද  තොග වෙළදාම සදහා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර ඇති අවස්ථාවලදී විධිමත්ව ඒවායෙහි කටයුතු සිදු කිරීම සදහා ගත යුතු පියවර පිලිබද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කරුණු සොයා බැලුවා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාද එක් වුණාත

 

 

 

 

 

 

 

 

The post එළවළු අතිරික්තයක් ඇති වුවහොත් සතොස හරහා මිලදීගැනීමට ජනපතිගේ අනුමැතිය ලැබෙයි appeared first on ITN News.

Read More »

සබරගමුවේ සියල්ලන්ට එන්නත ලබා දෙන බව ටිකිරි කොබ්බෑකඩුව කියයි  

0 comments

සබරගමුව පළාතේ සියලු දෙනාට කොරෝනා එන්නත් ඉදිරියේදී ලබා දෙන බව එම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන අද  ආරම්භ කෙරුණා. එම දිස්ත්‍රික්කයේ දැඩි අවදානම් කලාපවල වෛද්‍ය නිලධාරී කොට්ඨාස 10 ක ග්‍රාම නිලධාරී වසම් 34 ක්  ආවරණය වන පරිදි එන්නත් ලබාදීම සිදු වනවා. මාත්‍රා 50000 ක් ලබාදීම අපේක්ෂාවයි.

 

The post සබරගමුවේ සියල්ලන්ට එන්නත ලබා දෙන බව ටිකිරි කොබ්බෑකඩුව කියයි appeared first on ITN News.

Read More »

කොරෝනා බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ ගැටලු ගැන අවධාරණය  

0 comments

කොරෝනා වයිරසයේ බලපෑමට ලක් වී සිටින ඇගළුම් කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් ගැන සේම පෞද්ගලික අංශයේ සියලුම සේවක සේවිකාවන්ගේ ගැටලු සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම අවධානය යොමු කරන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් බී කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්මයා අවධාරණය කළා.

පසුගිය දිනවල ඇතැම් ඇගළුම් කර්මාන්තශාලා සේවක සේවිකාවන් කොවිඩ් ආසාදිතයන් බවට පත්වීම හේතුවෙන් ඇතැම් පාර්ශ්ව කම්කරු දෙපාර්තමේන්තුවට ද්වේශ සහගත චෝදනා එල්ල කර තිබෙනවා.

කම්කරු දෙපාර්තමේන්තුව එම සියලු චෝදනා ප්‍රතික්ශේප කරන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කොවිඩ් ආසාදිතයින් හදුනාගත් ඇගළුම් කර්මාන්තශාලාවල සෞඛ්‍ය කමිටු පිහිටුවා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කිරීමටත් සෞඛ්‍ය කමිටු සතියකට වරක් රැස්ව සේවක සේවිකාවන් පිළිබද නිරන්තරයෙන් අවධානය යොමු කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

වයිරසය පැතිරීම සෞඛ්‍ය කමිටු පිහිටවා නැති නිසා ඇති වූවක් බවට ඇතැමුන් ගෙන ගිය ප්‍රචාරවලට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම රාජ්‍ය සේවයේ නිරත ගැබිණි මව්වරුන් සේවයට නොකැදවන ආකාරයෙන්ම පෞද්ගලික අංශයේ සේවයේ නිරත ගැබිණි මව්වරුන්ටත් එම වරප්‍රසාදය ලබාදෙන ලෙස කර්මාන්තශාලා හාම්පුතුන්ගෙන් දැනටමත් ඉල්ලීම් කර තිබෙනවා.

පෞද්ගලික අංශයේ  සේවක සේවිකාවන්ටත් එන්නත්කරණයේ දී ප්‍රමුඛතාව ලබාදීමටයි අවධානය යොමු කර ඇත්තේ.

මෙවැනි වසංගතයක් පවතින මොහොතක එකිනෙකාට චෝදනා කර ගැනීම නවත්වා සියලු දෙනා එක්ව  ඇතිව තිබෙන තත්ත්වයට මුහුණ දීමට කටයුතු කළ යුතු බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයෙන්  තවදුරටත් අවධාරණය කර තිබෙන්නේ.

The post කොරෝනා බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ ගැටලු ගැන අවධාරණය appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍ය අගමැති විවාහ ගිවිස ගනී  

0 comments

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද විවාහ ගිවිසගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ පෙම්වතිය වූ කැරී සිමන්ඩ්ස් සමග පවුලේ සාමාජිකයන් පමණක් සහභාගි වූ උත්සවයකදී යුග දිවියට එළඹ ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍ය යේ පුවත්පත් කිහිපයක් මේ පිළිබද වාර්තා කළද අග්‍රාමාත්‍ය කාර්යාලය මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ශේප කර තිබෙනවා. කෙසේ වුවද කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කිහිප දෙනෙක් අග්‍රාමාත්‍යවරයාට ටිව්ටර් සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් එක් කර ඇති බව සදහන්.

The post බ්‍රිතාන්‍ය අගමැති විවාහ ගිවිස ගනී appeared first on ITN News.

Read More »

නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 70 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

නයිජීරියාවේ බෝට්ටුවක් අනතුරකට ලක් වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 70 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

නිරත දිග නයිජීරියාවේ මගීන් ප්‍රවාහනයට යොදා ගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 76 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට රතු කුරුස සංවිධානය සමත් වුණා. අනුමත සංඛ්‍යාවට වඩා මගීන් එහි නංවා ගැනීම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එම බෝට්ටුව අනතුරට පත්වන අවස්ථාවේ දි  පුද්ගලයින් 200 කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කර ඇති බවද සදහන්. ඒ අතරින්  විසි දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට ද සහන කණ්ඩායම් සමත් වී තිබෙනවා.

 

 

The post නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 70 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

සංචරණ සීමා පැවතියත් එළවළු හා පළතුරු නිවෙස් අසලටම  

0 comments

සංචරණ සීමා පනවා තිබුණද ජනතාවට අවශ්‍ය එළවළු හා පළතුරු එම නිවෙස් අසලටම ගොස් බෙදාහැරීමේ වැඩපිලිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

මෙම වැඩපිළිවෙලට සහාය දක්වමින් ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග අලෙවි කිරීමේ කටයුතු අද දිනයේද සාර්ථකව සිදු වනවා. දඹල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් එළවළු තොග ලැබී තිබුණා. වැලිසර ආර්ථීක මධ්‍යස්ථානයෙන් එළවළු තොග මිලදීගැනීම සදහා වෙළෙදුන් විශාල වශයෙන් පැමිණ සිටියා. එමෙන්ම වෙනත් පළාත්වලින් මෙම ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග වැඩි වශයෙන් ලැබී ඇති බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ. එළවළු සහ  පළතුරු නිවෙස්වලටම ගොස් අලෙවි කරන කුඩා පරිමානයේ වෙළෙදුන් සැළකිය යුතු පිරිසක් මෙම ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ සිටියා.

 

 

 

 

The post සංචරණ සීමා පැවතියත් එළවළු හා පළතුරු නිවෙස් අසලටම appeared first on ITN News.

Read More »

විෂ සහිත මත්පැන් පානය කිරීම හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 22දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

උතුරු ඉන්දියාවේ ගම්මානයක පුද්ගලයින් 22 දෙනෙකු විෂ සහිත මත්පැන් පානය කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයින් රැසක් රෝගාතුරවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. විෂ සහිත මත්පැන් අලෙවි කළ පුද්ගලයින් 5 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මත්පැන් සාම්පල පරික්ෂණ කටයුතු සඳහා භාරදී ඇති බව බලධාරීන් සඳහන් කරනවා. විෂ සහිත මත්පැන් පානය කිරීමෙන් සිදු වන මරණ ඉන්දියාවේ සුලබ සිද්ධියක් වන අතර අධික ද්‍රරිද්‍රතාව හේතුවෙන් එම මත්පැන් පානය කිරීමට ජනතාව පෙලඹී ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

The post විෂ සහිත මත්පැන් පානය කිරීම හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 22දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සාර්ථකව  

0 comments

කොරෝනා ව්‍යාප්තිය පවතින මහනුවර දිස්ත්‍රික්කයේ ද එන්නත්කරණය සාර්ථකව සිදු වනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ 1200 කට ආසන්න ග්‍රාමනිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මකයි. මැණික්හින්න ප්‍රදේශයේ  පැවති එන්නත්කරණ වැඩසටහනේ පළමු පැය 03 තුළදී 1500ක පිරිසකට එන්නත් ලබාදී තිබෙනවා.

 

 

 

 

The post මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සාර්ථකව appeared first on ITN News.

Read More »

නාවින්න ආයුර්වේද රෝහලේ ඇඳන් 100 ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් සූදානම්  

0 comments

නාවින්න ආයුර්වේද පර්යේශනාගාරය තුළ කොරෝනා රෝගීන් සදහා ඇදන් 100 කින් යුත් වාට්ටු දෙකක් සූදානම් කෙරෙමින් පවතිනවා. ආයුර්වේද රෝහල් තුළ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීම  මෙන්ම ආයුර්වේද ප්‍රතිකාර ලබාදීමට අවස්ථාව සැළසීම පිලිබද  රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රසාදය පල කරා.

 

 

 

 

 

 

 

 

The post නාවින්න ආයුර්වේද රෝහලේ ඇඳන් 100 ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් සූදානම් appeared first on ITN News.

Read More »

ඕස්ට්‍රේලියාවේ වසාදැමීමේ නීති දැඩි කෙරේ  

0 comments

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු හමුවීමත් සමගම වසාදැමීමේ නීති දැඩි කර තිබෙනවා.

නව කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමග පසුගිය සතියේදී වික්ටෝරියා ප්‍රාන්තය සතියක කාලයක් සදහා වසා දැමුණා.  නව නීති අනුව අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු, එන්නත්කරණය හා පැය දෙකක කාලයක් එලිමහනේ ව්‍යායාම කටයුතුවල නිරතවීම සදහා පමණක් නව කොරෝනා පොකුර නිරෝධායන මධ්‍යස්ථානයකින් පිට වූ පුද්ගලයෙකුගෙන් ව්‍යාප්ත වී ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

ඔහුගේ මාර්ගයෙන් තවත් පුද්ගලයින් 40 දෙනෙකුට පමණ වයිරසය වැළදී ඇති බවට වාර්තා වනවා. වසා දැමීම හේතුවෙන් කඩා වැටුනු ආර්ථිකය කඩා වැටීමට ඕස්ට්‍රේලියා ඩොලර් 200ක මුදලක් ලබා දී ඇති බවයි ආණ්ඩුකාරවරයා සදහන් කළේ.

 

 

 

 

The post ඕස්ට්‍රේලියාවේ වසාදැමීමේ නීති දැඩි කෙරේ appeared first on ITN News.

Read More »

ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම් ලාභී පවුල් 250 කට වියළි ආහාර  

0 comments

කොරෝනා ව්‍යසනයෙන් රටම පීඩාවට පත්ව ඇති මොහොතක එම රෝගීන්ට හා ඔවුන්ට සත්කාර කරන සෞඛ්‍යය ‍හා ආරක්ෂක අංශයේ සේවකයන් වෙනුවෙන් උපකාර කිරීමට බොහෝ දෙනා ඉදිරිපත්ව සිටිනවා.

පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළට බොහෝ දෙනා සහාය පල කරනවා. කඩවත වෙසක් කලාපයට ලැබුණු මුදල් යොදවා ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල සේවය කරන 1800 ක පිරිසකට සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබාදීම මේ අනුව සිදු කෙරෙනවා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මිරිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා සුනේත්‍රා සමරකෝන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රෝහල්වල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පහසුව වෙනුවෙන් අවශ්‍ය උපකරණ ලබාදීමට අමාත්‍ය සී.බී රත්නායක මහතා පියවර ගත්තා. අමාත්‍යවරයා එම උපකරණ  දිස්ත්‍රික් ලේකම් දිස්ත්‍රික් ලේකම් ජී.ආර්.පී.කේ නන්දන මහතා වෙත භාර දුන්නා.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන සදහා අවශ්‍ය මෙට්ට 500 ක් ලබාදීමට දොඩංගොඩ ප්‍රාදේශීය සභාව පියවර ගත්තා. එම ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ හා පරිත්‍යාගශීලීන්ගේ ආධාර ඇතිව සම්පාදනය කරගත් මෙම මෙට්ට තොගය දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ටෙනිල් විශ්වශාන්ත හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන මතුගම ආසන සංවිධායක චන්ද්‍රභානු අධිකාරම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණා.

සංචරණ සීමා හේතුවෙන් ජීවනෝපාය අහිමි වී සිටින අඩු ආදායම් ලාභී පවුල් 250 ක් සදහා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් ආහාර මළු ලබාදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මධුශාන් හරීන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.ගොඩගම, ගාමිණීපුර සහ පනාගොඩ, පැලෑදගොඩ රණවිරුගම  යන ගම්මානවල පවුල් සදහා මෙසේ ආධාර ලබාදීමටයි පියවර ගත්තේ.

මහනුවර ගගවටකෝරලය ප්‍රාදේශීය සභාව හා හාරගම ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථ ශක්ති තරුණ සංගමය එක්ව සංවිධාන කළ සුවධරණි ඔසු බෙදා හැරීමේ වැඩපිලිවෙලක්  ක්‍රියාත්මක කෙරුණා.ඒ එම ප්‍රාදේශීය  සභාවේ සභාපති සුභාෂ් යටවර මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

 

The post ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම් ලාභී පවුල් 250 කට වියළි ආහාර appeared first on ITN News.

Read More »

කොරෝනා මැඩලීමට පනවා ඇති නව නීතිවලට විරෝධය දක්වමින් බෙල්ජියමේ විරෝධතා  

0 comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට පනවා ඇති නව නීතිවලට විරෝධය දක්වමින් බෙල්ජියමේ ජනතාව විරෝධතා ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා.

විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර ද එල්ල කර තිබෙනවා. නව නීති වලට විරෝධය දක්වමින් දහස් සංඛ්‍යාත ජනකායක් රැස්ව සිටි අතර එම පිරිස අතරට නෙදර්ලන්ත  , ජර්මනි  හා බෙල්ජියම් ජාතිකයින් ඇතුළත්. මේ වනවිට බෙල්ජියමෙන් කොරෝනා ආසාදිතයින් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 2831 ක්.

 

 

The post කොරෝනා මැඩලීමට පනවා ඇති නව නීතිවලට විරෝධය දක්වමින් බෙල්ජියමේ විරෝධතා appeared first on ITN News.

Read More »

දෙමුහුන් කොරෝනා වයිරස ප්‍රභේදයක් වියට්නාමයෙන් හමු වෙයි  

0 comments

බ්‍රිතාන්‍යයෙන් හා ඉන්දියාවෙන් හමුවූ කොරෝනා වයිරස ප්‍රභේද එක්ව සෑදුනු දෙමුහුන් වයිරස ප්‍රභේදයක් වියට්නාමයෙන් හමුවූ බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

එම දෙමුහුන් වයිරස ප්‍රභේදය වාතයෙන් ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන බවයි වියට්නාම බලධාරීන් තවදුරටත් සදහන් කරන්නේ. වියට්නාමයෙන් හමුවූ නව වයිරස ප්‍රභේදය අතිශය භයානක බව වියට්නාම සෞඛ්‍ය අමාත්‍යවරයා ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

බ්‍රිතාන්‍යයේ හා ඉන්දියාවේ වයිරස ප්‍රභේද දෙකෙහි අන්තර්ගත ලක්ෂණ වියට්නාම  නව වයිරසෙයේ දක්නට ලැබෙන බව ඔහු තවදුරටත් සදහන් කරනවා. පසුගිය වසරේ ජනාවාරි මස දී කොරෝනා වයිරසය හදුනා ගැනීමෙන් පසු මේ දක්වා නව වයිරස ප්‍රභේද දහස් ගණනක් හමුවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

 

The post දෙමුහුන් කොරෝනා වයිරස ප්‍රභේදයක් වියට්නාමයෙන් හමු වෙයි appeared first on ITN News.

Read More »

නෞකාවේ ගින්නෙන් සිදුව ඇති හානිය කළමණාකරණයට මධ්‍යම පරිසර අධිකාරියෙන් යෝජනා මාලාවක්  

0 comments

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් වෙරළ කලාපයට සිදුව ඇති හානිය සහ අපද්‍රව්‍ය කළමණාකරණය වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

The post නෞකාවේ ගින්නෙන් සිදුව ඇති හානිය කළමණාකරණයට මධ්‍යම පරිසර අධිකාරියෙන් යෝජනා මාලාවක් appeared first on ITN News.

Read More »

5000 දීමනාව එක්ස්ප්‍රස් පර්ල් නිසා බලපෑම් එල්ල වූ ධීවරයන්ටත් ජූනි 02වනිදා සිට  

0 comments

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්නෙන් බලපෑම් එල්ල වූ ධීවර ජනතාවටත් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

එම දීමනාව ලබාදිය යුතු පුද්ගලයින්ගේ නාම ලේඛන ලබාදෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියාසිටියේ.

ලබන මස 02 වැනිදා සිට එම දීමනාව ලබා දීමට කටයුතු කරන බව ⁣ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

 

 

 

The post 5000 දීමනාව එක්ස්ප්‍රස් පර්ල් නිසා බලපෑම් එල්ල වූ ධීවරයන්ටත් ජූනි 02වනිදා සිට appeared first on ITN News.

Read More »

බස්නාහිර ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීම ජූනි 6 තෙක් දීර්ඝ කරයි  

0 comments

පවතින වසංගත තත්වය මත බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ජූනි මස 6 වෙනිදා දක්වා තවදුරටත් අත්හිටුවා තිබෙනවා.

ඒ අනූව මෙම කාල සිමාවේදී කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර සදහා ජූනි මස 30 වෙනිදා දක්වා දඩ මුදල් අය නොකෙරෙනු ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

කෙසේවෙතත් https://ift.tt/361EB1w යන වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත ක්‍රමවේදය හරහා ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාවද පවතින බවද එහි වැඩිදුරටත් සඳහන්.

 

 

The post බස්නාහිර ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීම ජූනි 6 තෙක් දීර්ඝ කරයි appeared first on ITN News.

Read More »

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව පහළට  

0 comments

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව පහළ යාමක් දක්නට ලැබෙන බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ගත වූ පැය 24 ට එරටින් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 174,041ක්.

ඊයේ දිනයේ දී ඉන්දියාවෙන් කොරෝනා මරණ 3,614ක් වාර්තා වීමත් සමඟම එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ විසි පන් දහස ඉක්මවා ගියා. වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයේ පසුවන ඇමරිකාව , ඉන්දියාව හා බ්‍රසීලයෙන් පිළිවෙළින් තුන් කෝටි හතලිස් ලක්ෂය , දෙකෝටි හැත්තැ අට ලක්ෂය හා එක් කෝටි හැට හතර ලක්ෂය ඉක්මවූ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනය කරන්නේ. මේ වනවිට ලොව පුරා රටවල් 220 කින් හමුවූ කොරෝනා ආසාදිතයින්  සංඛ්‍යාව කෝටි දාහත ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව තිස් පන් ලක්ෂ පනස් දහසකට ආසන්නයි.

 

The post ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව පහළට appeared first on ITN News.

Read More »

කොරෝනා පොකුරට ඊයේත් 2850ක් එක්වෙද්දී මරණ ලැයිස්තුවට 39 ක් එක්වෙයි  

0 comments

ඊයේ හදුනාගත් ආසාදිතයින් 2850 දෙනා අතරින් වැඩිම පිරිස වාර්තා වී තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 512ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 443 ක් හා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 281 ක් හදුනා ගැනුණා. මහනුවරින් ආසාදිතයින් 270 දෙනෙකු හා කුරුණෑගලින් ආසාදිතයින් 177 ක් වාර්තා වෙද්දී නුවරඑළියෙන් හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 191 ක්. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 150 දෙනෙකු හමුවුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 177,711ක්. ඒ අතරින් 31349 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 39 ක් වාර්තා වූ අතර ඒ සමගින් මෙරට සිදුවූ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1363 දක්වා ඉහළ ගියා.

මඩකලපුව ආරයම්පති ප්‍රදේශයේ ඇගලුම් කම්හලකින් කොරෝනා ආසාදිතයන් 71 දෙනෙකු හදුනාගැනීමත් සමග එය වසා දැමීමට පියවර ගැනුණා. ආශ්‍රිතයින් සියලු දෙනා නිරෝධායනයට සහ පීසීආර් පරික්ෂණවලට ලක් කිරීමට පියවර ගෙන ඇති බව මඩකලපුව ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන් මයුරන් මහතා සදහන් කළා.

භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍ර දේශයේ සිදුකළ පීසීආර් පරික්ෂණවලදී නව ආසාදිතයින් 45 දෙනෙකු හදුනා ගැනුණා. ඔවුන් මීට පෙර හදුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට කොරෝනා ආසාදනය වීමෙන් පසු වව්නියාව පොලිස් ස්ථානය විෂබීජහරණයට ලක්කිරීමට කටයුතු කෙරුණා. ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කර ඇති අතර ආසාදිත නිලධාරීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි පියවර ගැනුණේ.

The post කොරෝනා පොකුරට ඊයේත් 2850ක් එක්වෙද්දී මරණ ලැයිස්තුවට 39 ක් එක්වෙයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG