Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙමුහුන් කොරෝනා වයිරස ප්‍රභේදයක් වියට්නාමයෙන් හමු වෙයි  

Add comments

බ්‍රිතාන්‍යයෙන් හා ඉන්දියාවෙන් හමුවූ කොරෝනා වයිරස ප්‍රභේද එක්ව සෑදුනු දෙමුහුන් වයිරස ප්‍රභේදයක් වියට්නාමයෙන් හමුවූ බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

එම දෙමුහුන් වයිරස ප්‍රභේදය වාතයෙන් ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන බවයි වියට්නාම බලධාරීන් තවදුරටත් සදහන් කරන්නේ. වියට්නාමයෙන් හමුවූ නව වයිරස ප්‍රභේදය අතිශය භයානක බව වියට්නාම සෞඛ්‍ය අමාත්‍යවරයා ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

බ්‍රිතාන්‍යයේ හා ඉන්දියාවේ වයිරස ප්‍රභේද දෙකෙහි අන්තර්ගත ලක්ෂණ වියට්නාම  නව වයිරසෙයේ දක්නට ලැබෙන බව ඔහු තවදුරටත් සදහන් කරනවා. පසුගිය වසරේ ජනාවාරි මස දී කොරෝනා වයිරසය හදුනා ගැනීමෙන් පසු මේ දක්වා නව වයිරස ප්‍රභේද දහස් ගණනක් හමුවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

 

The post දෙමුහුන් කොරෝනා වයිරස ප්‍රභේදයක් වියට්නාමයෙන් හමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG