Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Labels

Archives

Showing posts with label Entertainment. Show all posts

පාකිස්තානුවන් විසින් ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි  

0 comments

පාකිස්තානුවන් විසින් මෙම මාසය තුළදී ඇෆ්ගනිස්තාන ජාතිකයින් දහනව දහස් පන්සියයකට වැඩි පිරිසක් එරටින් පිටුවහල් කර ඇති බවට ජගත් සංවිධානය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලියාපදිංචි නොවූ සහ තාවකාලිකව රැදී සිටීමට අවසර ලබාදී ඇති ඇෆිගනිස්ථාන ජාතිකයින් මෙලෙස පිටුවහල් කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දිනපතා පවුල් 700ත් 800ත් අතර සංඛ්‍යාවක් පිටුවහල් කර ඇති අතර […]

The post පාකිස්තානුවන් විසින් ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි appeared first on ITN News.

Read More »

රුසියානු – යුක්‍රේන යුද්ධය ගැන රුසියානු ජනාධිපතිගෙන් විශේෂ තීරණයක්  

0 comments

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පාස්කු ඉරිදා අවසානය තෙක් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියානු ජනාධිපතිවරයා එරට සියලු හමුදාවන්ට නියෝග කර ඇත්තේ පාස්කු සැමරුම් අවසන් වනතුරු සියලු හමුදා මෙහෙයුම් නතර කරන ලෙසයි. ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ඊට ප්‍රතිචාර දක්වමින් පවසන්නේ තමන් එම සටන්විරාමයට අනුගත බවයි. එහෙත් රුසියාව විටින් විට එය කඩකරන බවට […]

The post රුසියානු – යුක්‍රේන යුද්ධය ගැන රුසියානු ජනාධිපතිගෙන් විශේෂ තීරණයක් appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලය ප්‍රහාරවලින් ගාසා තීරයේ 70ක් මරුට  

0 comments

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 70 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ප්‍රහාර හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ගාසාහි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා. ඒ අනුව දැවැන්ත ආහාර හා මානුෂීය […]

The post ඊශ්‍රායලය ප්‍රහාරවලින් ගාසා තීරයේ 70ක් මරුට appeared first on ITN News.

Read More »

කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක්  

0 comments

කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමටද පියවර ගෙන තිබෙනවා. කොලොම්බියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ 2024 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා කහ උණ ​​රෝගීන් 75ක් වාර්තා වී ඇති අතර ඉන් 34ක්ම මියගොස් ඇති බවයි. පවතින අවදානම් […]

The post කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් appeared first on ITN News.

Read More »

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක්  

0 comments

අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යලයක සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩික්කරුද පොලිස් වෙඩිපහරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍යය සඳහන් කරන්නේ. වෙඩිතැබීම සඳහා යෝදාගත් ගිනිඅවියද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. අදාළ සිද්ධියෙන් පසු එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසාදැමීමටයි බලධාරින් පියවරගෙන ඇත්තේ.

The post අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් appeared first on ITN News.

Read More »

යේමනයට එල්ල වු ඇමෙරිකා ගුවන් ප්‍රහාරවලින් 38 දෙනෙකු මරුට  

0 comments

යේමනයට එල්ල වු ඇමෙරිකා ගුවන් ප්‍රහාරවලින් 38 දෙනෙකු මිය ගොස් 102 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. යේමනයේ රාස් ඊසා තෙල් වරායට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ගුවන් ප්‍රහාරවලින් 38 දෙනෙකු මිය ගොස් 102 දෙනෙකු තුවාල ලැබු බවයි හවුති සංවිධානයට අනුබද්ධ මාධ්‍ය නිවේදනය කරන්නේ. හවුති සටන්කරුවන්ට ඉන්ධන සපයන ප්‍රධාන සැපයුම් මාර්ග විනාශ කිරිමේ […]

The post යේමනයට එල්ල වු ඇමෙරිකා ගුවන් ප්‍රහාරවලින් 38 දෙනෙකු මරුට appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලයේ නවතම සටන් විරාම යෝජනාව හමාස් ප්‍රතික්ෂේප කරයි  

0 comments

ඊශ්‍රායලයේ නවතම සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඊශ්‍රායලය පවසා ඇත්තේ යුද්ධය අවසන් කර පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඉතිරි සියලු ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට වහාම සාකච්ඡා කිරීමට සූදානම් බවයි. ප්‍රාණ ඇපකරුවන් 59 දෙනෙකු හමාස් සංවිධානය භාරයේ සිටිය යුතු නමුත් ජිවත්ව සිටිනුයේ 24 දෙනෙකු පමණක් බවටයි විශ්වාස කෙරෙන්නේ. ඊශ්‍රායලයේ […]

The post ඊශ්‍රායලයේ නවතම සටන් විරාම යෝජනාව හමාස් ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.

Read More »

චීන – කාම්බෝජ සබඳතා අලුත් වෙයි  

0 comments

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ කාම්බෝජයේ Norodom Sihamoni රජු අතර හමුවක් ඊයේ (17) කාම්බෝජයේ නොම් පෙන් නගරයේ දී සිදු වුණා. Norodom Sihamoni රජු ඔටුනු පැළදීමේ 20 වැනි සංවත්සරය හා කාම්බෝජයේ සාම්ප්‍රදායික නව වසර නිමිත්තෙන් කාම්බෝජයේ නිල සංචාරයේ නිරත වීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වන බව පැවසූ ෂී ජින්පිං මහතා කාම්බෝජ ජනතාව වෙත නව වසරේ […]

The post චීන – කාම්බෝජ සබඳතා අලුත් වෙයි appeared first on ITN News.

Read More »

කොංගෝවේ බෝට්ටුවක් පෙරළෙයි – 50 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

කොංගෝවේ බෝට්ටුවක් ගිනිගෙන පෙරළීමෙන් පනස්දෙනෙකු මිය ගොස් සියදෙනෙකු අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මගීන් 400 දෙනෙකු රැගත් මෝටර් ලී බෝට්ටුවක් ගිනි ගෙන මෙලෙස පෙරළී තිබෙනවා. අනතුරට පත්වුවන් මුදා ගැනිමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. කොංගෝවේ මාටන්කුමු වරායෙන් බොලොම්බා පල්‍රදේශය බලා පිටත්ව ගිය බෝට්ටුවකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ.

The post කොංගෝවේ බෝට්ටුවක් පෙරළෙයි – 50 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

පොදු නවීකරණ වැඩපිළිවෙලක් වෙනුවෙන් චීන-මැලේසියා එකඟතාවක්  

0 comments

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මැලේසියාවේ උත්තරීතර නායක Ibrahim Sultan Iskandar මහතා අතර හමුවක් අද(16) මැලේසියාවේදී සිදු වී තිබෙනවා. උපායමාර්ගික සම්බන්ධතාව ශක්තිමත් කිරීමෙන් අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණ ඉටු කරමින් දෙපාර්ශ්වයම එක්ව නවීකරණ මාවතේ ඉදිරියට ගමන් කළ යුතු බවයි චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ. ‘චීන-මැලේසියා Qinzhou කර්මාන්ත උද්‍යානය’, ‘මැලේසියා-චීන Kuantan කර්මාන්ත උද්‍යානය’, මැලේසියාවේ නැගෙනහිර […]

The post පොදු නවීකරණ වැඩපිළිවෙලක් වෙනුවෙන් චීන-මැලේසියා එකඟතාවක් appeared first on ITN News.

Read More »

සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ  

0 comments

සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ අනුව සිංගප්පූරුවේ පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වනදා පැවැත්වීමට නියමිත බවයි. මෙය නිදහසින් පසු සිංගප්පූරුවේ පැවැත්වෙන 14 වන මහ මැතිවරණය වන අතර, අගමැති ධුරයට පත් ලෝරන්ස් වොන්ග්ගේ පළමු මැතිවරණය ද වනු ඇති. 2020 මහ මැතිවරණයේදී, පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය ඡන්දවලින් 61.24% ක් ලබා ගත් අතර පාර්ලිමේන්තු […]

The post සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ appeared first on ITN News.

Read More »

ඇෆ්ගනිස්ථානය සහ පිලිපීනය සෙළවෙයි  

0 comments

ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ, රික්ටර් මාපකයේ 5.6ක භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය කිලෝමීටර් 121ක් පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි යුරෝපීය – මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කළේ. මේ අතර, දකුණු පිලිපීනයේ ද රික්ටර් මාපකයේ 5.6ක භූ කම්පනයන් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මින්ඩනාඕ දූපතේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර 30 […]

The post ඇෆ්ගනිස්ථානය සහ පිලිපීනය සෙළවෙයි appeared first on ITN News.

Read More »

ඉරාකයට වැලි කුණාටුවක්  

0 comments

ඉරාකයේ මධ්‍යම හා දකුණු පළාත් හරහා වැලි කුණාටුවක් හඹා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වැලි කුණාටුවෙන් අනතුරුව දහසකට අධික පිරිසකට ශ්වසන අපහසුතා සිදුව ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ. මේ හේතුවෙන් ජෆ් පළාතේ පුද්ගලයන් 250කට අධික පිරිසක් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. ඉරාකය දේශගුණික විපර්යාසවලින් වඩාත් අවදානමකට ලක්විය හැකි රටවල් […]

The post ඉරාකයට වැලි කුණාටුවක් appeared first on ITN News.

Read More »

අමෙරිකාවේ භූ කම්පනයක්  

0 comments

අමෙරිකාවේ සැන් ඩියාගෝ කලාපයට රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් බලපා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . අමෙරිකානු බලධාරීන් පවසන්නේ, එහි අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින් සටහන්වී ඇති බවයි එහි ප්‍රබලත්වය කැලිෆෝනියාවේ ඔරේන්ජ් සහ ලොස් ඇන්ජලීස් කලාප වෙතත් දැනී ඇති බව එම මාධ්‍ය වාර්තා කරනවා .. භූ කම්පනයේ බලපෑමත් සමඟ සැන් […]

The post අමෙරිකාවේ භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

අධිපතිවාදය සහ ආරක්ෂණවාදයට විරුද්ධ වන්නැයි චීන ජනපතිගෙන් ඉල්ලීමක්  

0 comments

අධිපතිවාදය, ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදයට එක්ව විරුද්ධ වන ලෙස චීන ජනපති ෂී ජින්පිං මහතා ඉල්ලා සිටිනවා. වියට්නාමයේ නිල සංචාරයකට එක්ව සිටින චීන ජනපතිවරයා එරට අග්‍රාමාත්‍ය Pham Minh Chinh මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ඒකාබද්ධව ආරක්ෂා කිරීමට මෙන්ම ආසියාවේ හා ඉන් ඔබ්බට සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය ආරක්ෂා කිරීම […]

The post අධිපතිවාදය සහ ආරක්ෂණවාදයට විරුද්ධ වන්නැයි චීන ජනපතිගෙන් ඉල්ලීමක් appeared first on ITN News.

Read More »

කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට යන්න සූදානමින්  

0 comments

කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානම් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඒ බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් බවයි සඳහන් වන්නේ . කාන්තාවන් පමණක් පමණක් මෙලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙනවා . අභ්‍යවකාශයට යාමට සූදානමින් සිටින කාන්තාවන් 6දෙනා අතර ඇමෙරිකාවේ පිළිගත් […]

The post කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට යන්න සූදානමින් appeared first on ITN News.

Read More »

ෆීජි දූපත් කලාපයේ භූ කම්පනයක්  

0 comments

ෆීජි දූපත් කලාපයේ භූ කම්පනයක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා. රිච්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 174ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post ෆීජි දූපත් කලාපයේ භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

තජිකිස්තානයේ භූ කම්පනයක්  

0 comments

තජිකිස්තානයේ භූ කම්පන තත්ත්වයක් මට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා . ඒ අනුව එරට රික්ටර් මාපකයේ 5.9ක භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ . කිලෝමීටර් 16ක් වූ ගැඹුරින් මෙම භූ කම්පන තත්ත්වය හට ගෙන තිබෙන බව සඳහන් වෙනවා .

The post තජිකිස්තානයේ භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

මියන්මාරයේ යළිත් භූ කම්පනයක්  

0 comments

මියන්මාරයේ රික්ටර් මාපක 5. 4 ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ කම්පනය පොලව   මට්ටමේ සිට කිලෝමීටර 20 ක් පමණ ගැඹුරට ඇති වී ඇති බවයි. කෙසේ වෙතත්, භූකම්පනයෙන් කිසිදු දේපල හෝ ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.              

The post මියන්මාරයේ යළිත් භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

න්‍යෂ්ටික වැඩසටහන් ගැන ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ඇරඹෙයි  

0 comments

න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ඇමෙරිකාව හා ඉරානය අතර පළමු වටයේ සාකච්ඡා ඊයේ පැවැත්වුණා. ඕමානයේ දී පැවති සාකච්ඡා සඳහා දෙරටේ ඉහළ පෙලේ නියෝජිතයින් සහභාගී වූ බවයි වාර්තා වන්නේ. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡාවක් පැවැත්වුණේ 2018 වසරෙන් පසු පළමු වරටයි. පැය තුනකට ආසන්න කාලයක් පුරා පැවති සාකච්ඡා ඵලදායී අතර ඉදිරි සතියේ දී දෙවන වටයේ සාකච්ඡා පැවැත්වීමට […]

The post න්‍යෂ්ටික වැඩසටහන් ගැන ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ඇරඹෙයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG