Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලු ජනතාවට නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මානය කරනවා  

0 comments

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදා සියලු ජනතාවට නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මානය කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පල කළා.

පොතුවිල් සෙන්ගාමම් ප්‍රදේශයේ ඉදිකළ අල්මිනාග්‍රාමම් උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුනු 267 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 258 කින් සමන්විත ගම්මානය ඉදිකිරීම සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ  260 ක්.පානීය ජලය,විදුලිය ඇතුළු සියලු පහසුකම්වලින් මෙය සමන්විතයි.

 

 

 

 

 

The post සියලු ජනතාවට නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මානය කරනවා appeared first on ITN News.

Read More »

යාන් ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවූවන්ට වන්දි  

0 comments

යාන් ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවූවන් සඳහා පූර්ණ වන්දි ප්‍රදානය කිරීම අනුරාධපුරයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

යාන් ඔය ව්‍යාපෘතිය සදහා අනුරාධපුර හොරොව්පතාන හා වාහල්කඩ ප්‍රදේශවලින් ලබාගත් ඉඩම් වෙනුවෙනුයි මෙසේ වන්දි ප්‍රදානය කෙරුණේ. වන්දිලාභීන් 65 දෙනෙකු සදහා රුපයිල් ලක්ෂ 950 ක වන්දි ලබා දුන්නා. මේ වන විට රුපියල් කෝටි 181ක වන්දි මුදල් ප්‍රදානය කර තිබෙනවා.

 

 

 

The post යාන් ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවූවන්ට වන්දි appeared first on ITN News.

Read More »

හොංකොං විරෝධතා නැවතත් ප්‍රචණ්ඩ වෙයි  

0 comments

හොංකොං විරෝධතා නැවතත් ප්‍රචණ්ඩ වී ඇති බව වාර්තා වනවා.

උද්ඝෝෂණවල නිරත වීම තහනම් කරමින් රජය නිකුත් කළ තහනම් නොතකා උද්ඝෝෂණකරුවන් විරෝධතාවල නිරතවනවා. හොංකොං පාර්ලිමේන්තු සංකීර්ණයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ද උද්ඝෝෂණකරුවන් කටයුතු කර ඇති බව සඳහන්. උද්ඝෝෂණකරුවන් පාලනය කිරීමට පොලිසියට කදුළු ගෑස් , ජල ප්‍රහාර සහ රබර් උණ්ඩ යොදා ගනිමින් වෙඩි තැබීමට ද සිදුවුණා. හොංකොං රජය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හැසිරෙන්නේ නැති බව පවසමින් ඔවුන් උද්ඝෝෂණවල නිරතවනවා.

 

 

The post හොංකොං විරෝධතා නැවතත් ප්‍රචණ්ඩ වෙයි appeared first on ITN News.

Read More »

රෝගීන් හා වෛද්‍යවරුන් වෙනුවෙන් නව බලකායක්  

0 comments

රෝගී ජීවිත සුරකිමින් වෛද්‍යවරුන්ගේ අභිවෘද්ධිය සඳහා පෙරමුණ ගැනීමට නවක වෛද්‍යවරුන් පෙළ ගැසී සිටිනවා.

අවසන් වරට පත්වීම් ලැබූ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය නිලධාරීන්ගේ පොදු සංගමයේ කමිටු සාමාජිකයින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමුවුණා.

එහිදී තම සංගමය කළ ඉල්ලීම් රැසකට සාර්ථක ප්‍රතිචාර ලැබුණු බව මෙම වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ගයාන් ගමගේ මහතා පවසනවා.

The post රෝගීන් හා වෛද්‍යවරුන් වෙනුවෙන් නව බලකායක් appeared first on ITN News.

Read More »

ඊශ‍්‍රායල ප‍්‍රහාර සඳහා ප‍්‍රතිචාර දැක්වීමට සූදානම් බව හිස්බුල්ලා නායකයා කියයි  

0 comments

ඊශ‍්‍රායල ප‍්‍රහාර වලට ප‍්‍රතිචාර දැක්වීමට සූදානම් බවට හිස්බුල්ලා නායකයා ප‍්‍රකාශ කළා. ඩ්‍රෝණ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඊශ‍්‍රායලයට ප‍්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවනු ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ.

හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා එරට රූපවාහිනී නාලිකාවක් අමතමින් මෙම අදහස් පළකර තිබෙනවා. ලෙබනනය පදනම් කරගත් ව්‍යාපාර වලින් ද ඔහු ඉල්ලීමක් කළා. ඒ ඊශ‍්‍රායලය සම්බන්ධයෙන් දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඉල්ලමින්.

The post ඊශ‍්‍රායල ප‍්‍රහාර සඳහා ප‍්‍රතිචාර දැක්වීමට සූදානම් බව හිස්බුල්ලා නායකයා කියයි appeared first on ITN News.

Read More »

චීන භාණ්ඩ සඳහා ඇමරිකාවෙන් අද සිට විශේෂ බද්දක්  

0 comments

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 112 ක තීරු බද්දක් අද සිට පැනවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

එය දෙරට අතර වෙළෙද යුද්ධය තවත් තීව‍්‍ර කිරීමට හේතු වනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ. එහෙත් මේ පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුකරන බව චීනය ප‍්‍රකාශ කළා. ඇමරිකා ජනාධිපති ඩොලන්ඩ් ට‍්‍රම්ප්ගේ පාලන කාලය තුළ වෙළෙදාම සම්බන්ධයෙන් සිදුකළ ආන්ද්‍යෝලනාත්මක තීරණයක් ලෙසයි මෙය සැලකෙන්නේ.

The post චීන භාණ්ඩ සඳහා ඇමරිකාවෙන් අද සිට විශේෂ බද්දක් appeared first on ITN News.

Read More »

ටෙක්සාස් ප‍්‍රාන්තයේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. මිය ගිය අතර තුවක්කුකරු ද සිටින බව සඳහන්. කැබ් රථයක ගමන් කරමින් සිටි  පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ඇමෙරිකා පොලිසිය තහවුරු කරනවා. තුවක්කුකරු මෙතෙක් හදුනාගෙන නැහැ. තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකු පොලිස් නිලධාරීන් බව වාර්තා වනවා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

 

 

The post ටෙක්සාස් ප‍්‍රාන්තයේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළ දූෂිතම ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨාභය  

0 comments

මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළ දූෂිතම ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා.

මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මේ බව කියාසිටියා.

 

 

The post මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළ දූෂිතම ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨාභය appeared first on ITN News.

Read More »

රථවාහන නඩු 4667ක්  

0 comments

පොලිසිය දීප ව්‍යප්තව විශේෂ මෙහෙයුමක් සිදුකළා. ඒ අද (31) අලුයම දෙකේ සිට උදෑසන හය දක්වා.

පොලිස් නිලධාරින් දාහතර දහස් හයසිය අනු පස් දෙනෙකුඊට සහභාගී වූ බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ. විවිධ වැරදිවලට සම්බන්ධ 3265 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමත් රියදුරන් 401 දෙනෙකද එම පිරිසට ඇතුලත්. හෙරොයින් ඇතුලු විෂ මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී මධ්‍යසාර වැටලිම් 882 ක් ද සිදුකෙරුණා. අත්අඩංගුවට ගත් වරෙන්තු කරුවන් ගණන 1080 ක්.

තවත් 767 දෙනෙකු විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රථවාහන නඩු 4667 ක් ද පැනවූ බවයි පොලිස් මුලස්ථානය සදහන් කළේ.

The post රථවාහන නඩු 4667ක් appeared first on ITN News.

Read More »

ඩයනා කුමරිය සිහිපත් කරමින් බ්‍රිතාන්‍යයේ අනුස්මරණ උත්සව  

0 comments

වසර විසිදෙකකට පෙර මියගිය ඩයනා කුමරිය සිහිපත් කරමින් බ‍්‍රිතාන්‍යයේ ජනතාව අනුස්මරණ උත්සව පවත්වා තිබෙනවා. ඇය ජිවත් වූ කෙන්සින්ටන් මාලිගයේ දොරටුව අභියස මල් පොකුරු සහ ඡායාරූප තබා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජනතාව වෙනුවෙන් සිහි ජිවිත කාලය කැපකළ ඩයනා කුමරිය වෙනුවෙන් ලොවපුරා ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් ද තබා තිබුණා. 1981 වසරේ චාල්ස් කුමරු සමග විවාහ වූ ඩයනා කුමරියගේ විවාහ මංගල්‍යය ලොවපුරා වැඩිම පිරිසක් නැරඹූ වැඩසටහන් අතරට ද එක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

1997 අගෝස්තු 31 වනදා ඇය පැරිසියේ දී සිදුවූ රිය අනතුරකින් මියගියා.

The post ඩයනා කුමරිය සිහිපත් කරමින් බ්‍රිතාන්‍යයේ අනුස්මරණ උත්සව appeared first on ITN News.

Read More »

හැම ගමකටම සංවර්ධන ග්‍රාම රාජ්‍යයක්  

0 comments

සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදිකළ 260 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කෙරුණා.

අම්පාර අඩ්ඩාලච්චේන දීඝවාපියෙහි ඉදිකළ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

නිවාස 40 කින් සමන්විත මෙම ගම්මානය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 438ක්.

නිවාස ලාභීන්ට හිමිකම් ප්‍රදානය ඇතුලු තවත් ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් මීට සමගාමීව පැවැත්වුණා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා.

 

 

The post හැම ගමකටම සංවර්ධන ග්‍රාම රාජ්‍යයක් appeared first on ITN News.

Read More »

ඩයනා කුමරිය සිහිපත් කරමින් බ්‍රිතාන්‍යයේ අනුස්මරණ උත්සව  

0 comments

වසර විසිදෙකකට පෙර මියගිය ඩයනා කුමරිය සිහිපත් කරමින් බ‍්‍රිතාන්‍යයේ ජනතාව අනුස්මරණ උත්සව පවත්වා තිබෙනවා. ඇය ජිවත් වූ කෙන්සින්ටන් මාලිගයේ දොරටුව අභියස මල් පොකුරු සහ ඡායාරූප තබා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජනතාව වෙනුවෙන් සිහි ජිවිත කාලය කැපකළ ඩයනා කුමරිය වෙනුවෙන් ලොවපුරා ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් ද තබා තිබුණා. 1981 වසරේ චාල්ස් කුමරු සමග විවාහ වූ ඩයනා කුමරියගේ විවාහ මංගල්‍යය ලොවපුරා වැඩිම පිරිසක් නැරඹූ වැඩසටහන් අතරට ද එක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

1997 අගෝස්තු 31 වනදා ඇය පැරිසියේ දී සිදුවූ රිය අනතුරකින් මියගියා.

The post ඩයනා කුමරිය සිහිපත් කරමින් බ්‍රිතාන්‍යයේ අනුස්මරණ උත්සව appeared first on ITN News.

Read More »

කාන්තා හඬ අවධි කිරීමට කාන්තාවන්ට සම අයිතිය ලබාදුන්නේ වත්මන් රජය  

0 comments

කාන්තා හඬ අවධි කිරීමට කාන්තාවන්ට සම අයිතිය ලබාදුන්නේ වත්මන් රජය බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

කහටගස්දිගිලිය ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

The post කාන්තා හඬ අවධි කිරීමට කාන්තාවන්ට සම අයිතිය ලබාදුන්නේ වත්මන් රජය appeared first on ITN News.

Read More »

කාශ්මීරයේ සීමා ලිහිල් කෙරේ  

0 comments

කාෂ්මීරයට පනවා තිබූ සීමා රැසක් ලිහිල් කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

කාශ්මිර අර්බුදයෙන් පසු දුරකථන සහ අන්තර්ජාල සබඳතා සීමා කිරිමටයි බලධාරින් පියවර ගත්තේ.

මේ වන විට තත්ත්වය මුළුමනින්ම පාලනය වි තිබෙනවා. ඒ අනුවයි සිමා ලිහිල් කිරිමට තීරණය කර තිබෙන්නෙ.

The post කාශ්මීරයේ සීමා ලිහිල් කෙරේ appeared first on ITN News.

Read More »

මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි  

0 comments

මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට වෙන්නප්පුව පොලීසිය සමත්වුණා.

වෙන්නප්පුව,  බොරලැස්ස ප්‍රදේශයේ කුකුළු ගොවිපොලක මුවාවෙන් මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබුණා. පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා වැටලීම් ඒකකයට ලැබුණ තොරතුරක් මතයි වැටලීම සිදුකළේ

. එහිදී ගොඩා ග්‍රෑම්ස් විසිහත්දහස් අටසිය හතලිහක් අඩංගු බැරල් 14 ක්,  නිෂ්පාදනය කළ නීතිවිරෝධී මත්පැන් බෝතල් 50 ක් ඇතුළු උපකරණ රැසක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු හා මෙම ජාවාරම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

 

The post මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි appeared first on ITN News.

Read More »

හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට  

0 comments

හෙරොයින් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා තොගයක් සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයයි වැටලිම සිදුකළේ. ඒ කටුගස්තොට ප‍්‍රදේශයේ දි. අත්අඩංගුවට පත්වුණේ අවුරුදු විස්සත් තිහත් අතර වයස්වල පසුවන්නන්.

ඔවුන් මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිප්ත කිරිමටයි නියමිත.

The post හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

විශේෂ කාර්ය බලකායේ 35වන රණවිරු ගුණ සැමරුම හෙට  

0 comments

විශේෂ කාර්ය බලකායේ තිස් පස්වන රණවිරු ගුණ සැමරුම හෙට (01) පැවැත්වෙනවා.

ඒ කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ දි උත්සවය පැවැත්වෙන්නේ ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.

රණවිරු සැමරුම් උත්සවයට සමගාමිව මහනුවර ශ්‍රී‍්‍ර දළදා මාළිගය , කතරගම දේවාලය , අම්පාර රණවිරු ස්මාරකය සහ ජයශ්‍රී‍්‍ර මහා බෝසමිඳුන් අභියසදි ද සැමරුම් උත්සව පැවැත්වෙනවා.

The post විශේෂ කාර්ය බලකායේ 35වන රණවිරු ගුණ සැමරුම හෙට appeared first on ITN News.

Read More »

එක්සත් ජාතික පක්ෂය විහාරස්ථානවලට ගොස් දේශපාලනය කරන්නේ නැහැ  

0 comments

එක්සත් ජාතික පක්ෂය විහාරස්ථානවලට ගොස් දේශපාලනය කරන්නේ නැති බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

බුදුපුත් සුරක්ෂා, සෞඛ්‍ය රක්ෂණාවරණය භික්ෂූන් වහන්සේ සදහා පිරිනැමීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මධ්‍යම පළාතේ භික්ෂූන් වහන්සේ සදහා රක්ෂණාවරණය පිරිනැමීමයි මෙසේ සිදුකෙරුණේ.

 

The post එක්සත් ජාතික පක්ෂය විහාරස්ථානවලට ගොස් දේශපාලනය කරන්නේ නැහැ appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ අනවසර සංක‍්‍රමණිකයන් මිලියන 1.9 ක් සිටින බව හෙළිවෙයි  

0 comments

ඊසානදිග ඇසෑම් ප‍්‍රාන්තයේ අනවසර සංක‍්‍රමණිකයන් මිලියන 1.9 ක් සිටින බව ඉන්දියාව ප‍්‍රකාශ කළා.

ඒ ඔවුන් සිදුකළ දීර්ඝ විශ්ලේෂණයකින් අනතුරුව. අනවසර සංක‍්‍රමණිකයන්ගෙන් බහුතරය බංගලිදේශ ජාතිකයන් බවටයි හෙළිව තිබෙන්නේ. දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විටත් තාවකාලික කඳවුරුවල රඳවා ඇති බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පිටුවහල් කිරිම මෙම ගැටලුවට ස්ථීර විසදුමක් නොවන බවයි ඉන්දිය රජයේ අදහස. අනවසර සංක‍්‍රමණික ගැටලුව විසඳීම සදහා දීර්ඝකාලින වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය බවද ඉන්දිය රජය අවධාරණය කරනවා.

The post ඉන්දියාවේ අනවසර සංක‍්‍රමණිකයන් මිලියන 1.9 ක් සිටින බව හෙළිවෙයි appeared first on ITN News.

Read More »

රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ කප් සිටුවීම සිදු කෙරේ  

0 comments

රත්නපුර ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ පෙරහැර මංගල්‍ය ආරම්භ කරමින් කප් සිටුවීම අද (31) අළුයම සිදු කෙරුණා.

අද (31) සිට ලබන මස 3 වනදා දක්වා කුඹල් පෙරහැර ද හතරවනදා සිට අට වනදා දක්වා වීදි පෙරහැරද පැවැත්වීමට නියමිතයි. සුමන සමන් දෙවියන් උදෙසා ශ්‍රීපාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දේවාල සතරක් ඉදිකර තිබෙන අතර ඉන් ප්‍රධානතම දේවාලය වන්නේ ඓතිහාසික සබරගමු මහසමන් දේවාලයයි.

මෙවර පෙරහැර මංගල්‍ය සදහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරනවා.

 

 

The post රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ කප් සිටුවීම සිදු කෙරේ appeared first on ITN News.

Read More »

කිඹුල් කදුලු හෙලන ඇතැමුන් රාජ්‍ය බලයේ සිටියදී සසුනේ දියුණුවට කිසිවක් කළේ නැහැ  

0 comments

බුදු සසුන පිළිබද කිඹුල් කදුලු හෙලන ඇතැමුන් රාජ්‍ය බලයේ සිටියදී සසුනේ දියුණුව වෙනුවෙන් කිසිවක් සිදුකළේ නැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

බලංගොඩ – වැලිගෙපොල ශ්‍රී වීරසේකර මුදලින්දාරාම විහාරස්ථානයේ දහම්පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. සිසු දහම් සෙවන වැඩසටහන යටතේයි මෙම ගොඩනැගිල්ල ඉදිකෙරෙන්නේ. ඒ සදහා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රුපියල් ලක්ෂ 40 ක මුදලක් වැය කෙරෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post කිඹුල් කදුලු හෙලන ඇතැමුන් රාජ්‍ය බලයේ සිටියදී සසුනේ දියුණුවට කිසිවක් කළේ නැහැ appeared first on ITN News.

Read More »

එජාපය ප්‍රමුඛ සන්ධානය ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයාට නිසැකම ජය  

0 comments

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් පවසනවා. පාදුක්ක මීපේ මස්ජිදුන් නූර් ජුම්මා පල්ලියේ ඉදිරිපස ගල් අතුරා සංවර්ධනය කර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ මෙම සංවර්ධන කටයුතු සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 15ක්. අවිස්සාවේල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක පළාත් සභා මන්ත්‍රි ලෙනාඩ් කරුණාරත්න මහතා ඇතුළු මහජන නියෝජිතයන් මෙන්ම ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.

The post එජාපය ප්‍රමුඛ සන්ධානය ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයාට නිසැකම ජය appeared first on ITN News.

Read More »

විධායකය අහෝසි කිරීමට තමන්ගෙන් බාධාවක් නැති බව ජනපති පවසයි  

0 comments

රට ගොඩනැගීමට නම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

යාපනයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිතුමා අවධාරණය කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ තමන් කිසිදු බාධාවක් සිදු නොකළ බවයි.

රට වෙනුවෙන් එකට සිටිමු යාපනය දිස්ත්‍රික් සමාප්ති උලෙළ යාපනය මහජන ක්‍රීඩාංගනයේදී අද (30) පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එම උත්සවයට විවිධ වැඩසටහන් එක්කර තිබුණා. එහිදී නල්ලූර් කෝවිලේ පැවැත්වෙන උත්සවය හා දෙමළ ජනතාවගේ ප්‍රමුඛ කෘතියක් වන තිරුක්කුරල් ග්‍රන්ථය ඇතුළත් සමරු මුද්දර 2 ක් ප්‍රකාශයට පත් කළ අතර එය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදුකෙරුණා.

අනතුරුව උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා පැවසුවේ ගත වූ සතියක කාලය තුළ රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන මගින් උතුරේ නොවිසඳුණු ගැටලු රැසකට විසඳුම් ලබා දුන් බවයි. අද (30) ආරම්භ කළ පේදුරුතුඩුව ධීවර වරාය ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි තුන්දහසකට වැඩි මුදලක් වැය කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. එමගින් උතුරේ සියයට 40 ක පැවති ධීවර කර්මාන්තය මේ වන විට සියයට 10 දක්වා අඩු වී ඇති බවත් එය පෙර තත්ත්වය ඉක්මවා වැඩි දියුණු කිරීම මෙහි අපේක්‍ෂාව බවත් ජනාධිපතිතුමා සදහන් කළා.

එමෙන්ම වඩමාරච්චි ජල යෝජනා ක්‍රමය වෙනුවෙන් රුපියල් කෝටි 300 ක් වැය කරන බව ද ජනාධිපතිතුමා පැවසුවා. රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපතිතුමා තවදුරටත් කියාසිටියේ මෙම අවස්ථාවේ රට ගොඩනැගීම සදහා දේශපාලන වාද භේද අමතක කර රට වෙනුවෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ඇති කළ යුතු බවයි.

අනතුරුව යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ කෘතවේදීත්වය පළ කරමින් දිස්ත්‍රික් ලේකම්වරයා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළා. තිරුක්කුරල් ග්‍රන්ථයේ තොරතුරු ඇතුළත් විශේෂ තිළිණයක් ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කළේ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතායි. පාසල් දරුවන්ට උපකරණ බෙදා දීමක් ද ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා.

 

The post විධායකය අහෝසි කිරීමට තමන්ගෙන් බාධාවක් නැති බව ජනපති පවසයි appeared first on ITN News.

Read More »

අද සිට ලබන 10 වනදා දක්වා මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනය සීමා කෙරේ  

0 comments

අද (31) සිට ලබන 10 වනදා දක්වා මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනය සීමා කෙරෙනවා.

ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් හේතුවෙන් මෙම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ.

 

The post අද සිට ලබන 10 වනදා දක්වා මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනය සීමා කෙරේ appeared first on ITN News.

Read More »

චීන භාණ්ඩවලට ඇමෙරිකාවෙන් තවත් තීරුබදු  

0 comments

චීන භාණ්ඩ සදහා තවදුරටත් තීරු බදු ඉහළ දැමීම හෙට (01) සිට ක්‍රියාත්මක කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ චීන රජය ඇමෙරිකා ඩොලර් බිලියන හැත්තෑ පහක් වන ඇමෙරිකා නිෂ්පාදන වලට තීරු බදු පනවන බවට කළ නිවේදනයත් සමගයි. චීනයේ එම නිවේදනයත් සමග තීරු බදු සියයට තිහ සහ සියයට 15ක් ලෙස තවදුරටත් ඉහළ දමන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ.

මෙයින් ඇමෙරිකා චීන වෙළෙද යුද්ධය තවත් උත්සන්න වන බව විදෙස් විචාරකයින් පවසනවා.

 

The post චීන භාණ්ඩවලට ඇමෙරිකාවෙන් තවත් තීරුබදු appeared first on ITN News.

Read More »

ඩෝරියන් සුළි කුණාටුව ඇමරිකාවට ළඟාවෙයි  

0 comments

ඩෝරියන් සුළි සුළඟ ප‍්‍රබල චණ්ඩ මාරුතයක් බවට පත්වෙමින් පවතින බව ඇමරිකානු ජාතික සුළි සුළං මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා.

පැයට කිලෝමීටර 215 ඉක්මවන උපරිම සුළං වේගයක් මේ වනවිට නිර්මාණයවී ඇති බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ. බහමාස් දිවයින් හරහා ඉදිරි සතියේදී ෆ්ලොරීඩා වෙරළ තීරයට ඩෝරියන් සුළි සුළඟ ළඟාවීමට නියමිතයි.

1992 වසරේ පුද්ගලයන් 65 දෙනෙකුට ජීවිත අහිමි කරමින් හැමූ ඇන්ඩෲ සුළි කුණාටුවට පසු ෆ්ලොරිඩා ප‍්‍රාන්තයට බලපාන ප‍්‍රබලතම සුළි කුණාටුව මෙය බවයි විදෙස් වාර්තා පවසන්නේ.

The post ඩෝරියන් සුළි කුණාටුව ඇමරිකාවට ළඟාවෙයි appeared first on ITN News.

Read More »

බද්දේගම ගල්කැටියමුල්ල ප‍්‍රදේශයේ නායයාමේ අවදානමක්  

0 comments

බද්දේගම ගල්කැටියමුල්ල කන්දේ ස්ථාන තුනකින් නායයාමේ අවදානමක් මතුව ඇති බව අප වාර්තාකරු ප‍්‍රකාශ කළා.

පස්කඳු කඩාවැටීමෙන් නිවාස හතරකට හානි සිදුව තිබෙනවා. ප‍්‍රදේශය ආශි‍්‍රත නිවැසියන් ආරක්ෂිත ස්ථාන වලට යොමුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරින් එම ස්ථානය සිය නිරික්ෂණයට ලක්කළා.

The post බද්දේගම ගල්කැටියමුල්ල ප‍්‍රදේශයේ නායයාමේ අවදානමක් appeared first on ITN News.

Read More »

විදේශීය දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී‍්‍ර ලාංකිකයෙක් අත්අඩංගුවට  

0 comments

රුපියල් ලක්ෂ 9 කට ආසන් වටිනාකමෙන් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ඩුබායි සිට අද (31) අලුයම ගුවන් තොටුපොළට පැමිණ ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. ගමන් මළු තුළ සඟවා මෙම දුම්වැටි තොගය ගෙනවිත් තිබෙනවා.

සිදුකළ පරික්ෂණයෙන් පසු සැකකරුට රුපියල් පහළොස් දහසක දඩයක් නියම කර දුම්වැටි තොගය රාජසන්තක කළ බවයි රේගුව ප‍්‍රකාශ කළේ.

The post විදේශීය දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී‍්‍ර ලාංකිකයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඇමර්සන් ලැව්ගින්න නිවාදැමීමේ කටයුතු සාර්ථකව සිදුවන බව බ‍්‍රසීල විදේශ ඇමති පවසයි  

0 comments

ඇමර්සන් වනාන්තරයේ ගින්න නිවාදැමීමේ කටයුතු සාර්ථකව සිදුවන බව බ‍්‍රසීල විදේශ අමාත්‍ය අර්නර්ස් ස්ටොක් හෙන්රික්ස් ප‍්‍රකාශ කළා.

ඉන්දියාව, ඇමරිකාව ඇතුලු රටවල් රැසක සහය ලබාගන්නා බවයි විදේශ අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. අතිරේක හමුදා කණ්ඩායම් ද ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා තිබෙනවා.

ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ද සහය ලබාදීම සඳහා කටයුතු කළ බවයි බ‍්‍රසීලය පවසන්නේ.

The post ඇමර්සන් ලැව්ගින්න නිවාදැමීමේ කටයුතු සාර්ථකව සිදුවන බව බ‍්‍රසීල විදේශ ඇමති පවසයි appeared first on ITN News.

Read More »

නීතිවිරෝධී දැව තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට  

0 comments

නීතිවිරෝධී දැව තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊච්චන්කුලම් කෝදණ්ඩ නොච්චිකුලම් ප‍්‍රදේශයේදී.

ඊච්චන්කුලම් නොච්චිකුලම් ප‍්‍රදේශයේ සිදුකළ තවත් වැටලීමකින් දැව තොගයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්වුණා. අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව අඩවි වන නිලධාරී කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

The post නීතිවිරෝධී දැව තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඉන්දු පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක්  

0 comments

ඉන්දීය සහ පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් සැප්තැම්බර් 26 වෙනිදා නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා.

ඒ දකුණු ආසියානු කලාපීය සහායෝගීතා සංගමයේ රැස්වීමකට සමගාමීව. එම හමුවෙන් පසු දෙරට අතර පවතින මතභේදාත්මක තත්වය සමනය විය හැකි බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ.

සාකච්ඡා සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයසංකර්ගේ සහභාගීත්වය තහවුරු කර තිබෙනවා. පකිස්ථානය නිල ප‍්‍රකාශයක් මෙතෙක් සිදුකර නැහැ.

The post ඉන්දු පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් appeared first on ITN News.

Read More »

කසළ තේ කිලෝග‍්‍රෑම් 2340ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට  

0 comments

කසළ තේ කිලෝග‍්‍රෑම් 2340 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගම්පොළ ඇත්ගාල බස් නැවතුම්පොළ අසළදී. සැකකරු ලොරි රථයකින් කසළ තේ ප‍්‍රවාහනය කරමින් සිටි බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

ඔහු විමර්ශන කටයුතු සඳහා ගම්පොළ පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.

The post කසළ තේ කිලෝග‍්‍රෑම් 2340ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

කොංගෝවේ එබෝලා මරණ දෙදහස ඉක්මවයි  

0 comments

කොංගෝ ආශි‍්‍රතව ඉබෝලා ව්‍යප්ත විමෙන් මියගිය ගණන දෙදහස ඉක්මවා ඇතැයි එරට වාර්තා ප‍්‍රකාශ කළා.

එබෝලා මර්දන වැඩපිළිවෙල මීට වඩා ශක්තිමත් විය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රතිකාර සහ පහසුකම් වැඩි දියුණු කිරිමට අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළා.

The post කොංගෝවේ එබෝලා මරණ දෙදහස ඉක්මවයි appeared first on ITN News.

Read More »

සාමය සහ සංහිඳියාව සඳහා ජනපතිගේ වැඩපිළිවෙළ කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන්ගේ පැසසුමට  

0 comments

සාමය හා සංහිදියාව සදහා ජනපතිගේ වැඩපිළිවෙළ කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන්ගේ පැසසුමට ලක්වුණා. අගරදගුරු හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසුනේ ඊයේ (29) රාත්‍රියේයි.

මෙරට සංචාරයක නිරත කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිතුමා ඉමහත් ගෞරවයෙන් පිළිගනු ලැබුවා. එහිදී ජනාධිපතිතුමා පැවසුවේ උන්වහන්සේගේ පැමිණීම මෙරටට ආශිර්වාදයක් බවයි. අනතුරුව ජනාධිපතිතුමා සහ අගරදගුරු හිමිපාණන් වහන්සේ මිත්‍රශීලී සංවාදයක නිරත වුණා. එහිදී අගරදගුරු හිමිපාණන් වහන්සේගේ ඇගයීමට ලක්වූයේ සියලු ආගමිකයින් අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා අවබෝධය ගොඩනගමින් සියලු දෙනාගේ වරප්‍රසාද සහතික කිරීම පිළිබද ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළයි.

මෙම සුහද කතාබහෙන් අනතුරුව අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් සහ ජනාධිපතිතුමා අතර හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුකර ගත්තා.

 

The post සාමය සහ සංහිඳියාව සඳහා ජනපතිගේ වැඩපිළිවෙළ කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන්ගේ පැසසුමට appeared first on ITN News.

Read More »

මොරොක්කෝවේ දකුණු ප්‍රදේශයට බලපෑ ඇති ගංවතුරෙන් 07ක් ජීවිතක්ෂයට  

0 comments

මොරොක්කෝවේ දකුණු ප්‍රදේශයට බලපෑ ඇති ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පසුගිය දින කිහිපය පුරා ඇද හැලුණු අධික වර්ෂාව එයට හේතුවයි. මහාමාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමන කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා.

ගංවතුරෙන් වැඩිම බලපෑම් එල්ල ඇත්තේ ඉර්හම් නගරයටයි. ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැළසීමට මෙහෙයුම් ආරම්භ කර ඇති බව සදහන්.

 

 

 

 

The post මොරොක්කෝවේ දකුණු ප්‍රදේශයට බලපෑ ඇති ගංවතුරෙන් 07ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ජපානයේ රැකියා සඳහා යාමට නියමිත පුහුණු ශ්‍රමිකයින් සඳහා නොමිලේ ගුවන් ටිකට්පත් ප්‍රදානය කෙරේ  

0 comments

2018 සහ 2019 වසර වල ජපානය සමඟ ශ්‍රී ලංකාව ඇති කර ගත් ගිවිසුම් වලට අනුව මහඟු අවසථාවක් ලෙස උදා කර දෙමින් 110 වන කණ්ඩායම ලෙස පුහුණු ශ්‍රමිකයින් 08 දෙනකු අද (30) දින ජපානය බලා පිටත් වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (30) පැවසීය.

ඒ මහතා මේ බව පවසා සිටියේ, විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත් වූ ජපානයේ රැකියා සඳහා පිටත්වීමට නියමිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් නොමිලේ ගුවන් ටිකට්පත් පිරිනමන අවස්ථාවට එක් වෙමින්.

ඒ අනුව, මෙම ශ්‍රමිකයින් ජපානයේ රැකියාවක් සමඟ අධ්‍යාපන කටයුතු සිදු කරගනිමින් උසස් වෘත්තියක නියැලීමේ මහඟු අවස්ථාවක් උදාකරගනිමින් මෙම තාක්ෂණික හා සේවාස්ථ පුහුණු වැඩසටහන යටතේ සත්තු සේවාවන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අංශයන්හි පුහුණුව ලබා ජපන් භාෂාව සඳහා N4 සහ N3 මට්ටමේ සුදුසුකම් ලබා සඳහා රැකියාවන් ට පිටත්වීමට නියමිතයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජපානයත් සමඟ කරන මෙම වැඩසටහන IM JAPAN ආයතනය ජපානයේ මෙම කණ්ඩායම එරටට ගෙන්වන බව සඳහන් කෙරිණි.
ඒ අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදු කරන මෙම වැඩසටහන සඳහා ඕනෑම අයෙකුට ඉදිරිපත් විය හැකි බවත්, ලංකාව තුල ඕනෑම විදේශ සේවා නියුක්ති කාර්යාංශයකට බැඳී N5 විභාගය සිදු කරගනිමින් මෙම මහඟු අවස්ථාව උදා කර ගත හැකි බවත්, රජය විසින් කිසිදු අයකිරීමක් සිදු නොකරන බවත්, මේ සඳහා ජාවාරම්කරුවන්ට නොරැවැටෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා ඊළඟ N5 විභාගය දෙසැම්බර් මස දී පැවැත්වීමට නියමිත බවත්, වැඩිදුරටත් පවසා සිටියේය.

අධීක්ෂණ මන්ත්‍රී මනූෂ නානායක්කාර, ජපානයේ ශ්‍රී ලංකා නියෝජිත කළමනාකරු කවහරා, ජපන් භාෂා ආචාර්ය ඉකෙදා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

The post ජපානයේ රැකියා සඳහා යාමට නියමිත පුහුණු ශ්‍රමිකයින් සඳහා නොමිලේ ගුවන් ටිකට්පත් ප්‍රදානය කෙරේ appeared first on ITN News.

Read More »

මහින්දානන්දට එරෙහි නඩුවක් ඔක්තෝම්බර් 04 වනදා කැදවීමට නියෝග  

0 comments

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අයට එරෙහි දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පවරා ඇති නඩුවක් ඔක්තෝම්බර් 04 වනදා කැදවීමට අධිකරණය නියෝග කළා.

අලුත්ගමගේ මහතා 2014 වසරේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ක්‍රීඩා උපකරණ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 53 ක් අවභාවිත කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ඔවුන් වෙත ත්‍රිපුද්ගල මහාධිකරණය අධි චෝදනා භාරදුන්නා.

අධි චෝදනාවලට අදාළ ලේඛණ අල්ලස් කොමිෂන් සභාව විත්ති පාර්ශ්වයට භාර දුන් අතර ඒ පිලිබද මීලග දින සළකා බැලීමට නියමිතයි.

 

 

 

 

The post මහින්දානන්දට එරෙහි නඩුවක් ඔක්තෝම්බර් 04 වනදා කැදවීමට නියෝග appeared first on ITN News.

Read More »

යුක්‍රේනයට 35 හැවිරිදි නව අගමැතිවරයෙක්  

0 comments

යුක්‍රේනයේ නව අගමැතිවරයා ලෙස ඔලෙක්සි හොන්චාරුක් තේරී පත් වී තිබෙනවා.

මෙම වසරේ යුක්‍රේනයේ ජනාධිපති  ධුරය දිනා ගත් ව්ලොද්මීර් සෙනස්කි එරට පාලනයට අලුත් අයෙකු  ගෙන එන බවට පොරොන්දු වී තිබෙනවා. ඒ සමගයි මෙම නව අගමැතිවරයා පත් කර තිබෙන්නේ. 35 හැවිරිදි නව අග්‍රාමාත්‍යවරයා නීතීඥවරයකු වන අතර ඔහු වයස අවුරුදු 24 දී නීතීඥ සමාගමක් පිහිටුවීමට හවුල් වී තිබෙනවා.

නව අගමැතිවරයා නීති සම්පාදකයින් අමතමින් සදහන් කළේ. දූෂණ වංචා අවසන් කිරීමටත් ආර්ථික ප්‍රතිසංස්කරණ තුළීන් රටේ සංවර්ධනය වේගවත් කිරීමටත් අවධානය යොමු කරන බවයි. ඔලෙක්සි හොන්චාරුක් යුක්‍රේනයේ ලාබාලතම අගමැතිවරයා වීම ද විශේෂත්වයක්.

 

 

 

 

 

The post යුක්‍රේනයට 35 හැවිරිදි නව අගමැතිවරයෙක් appeared first on ITN News.

Read More »

කළු ගගේ සහ ගිංගගේ ජල මට්ටම ඉහළට  

0 comments

කළු ගගේ සහ ගිංගගේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

කළුගඟ රත්නපුර ප‍්‍රදේශයෙන් සහ ගිංගඟ තවලම ප‍්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමක් ද මතුව තිබෙනවා.

එබැවින් රත්නපුර සහ තවලම ප‍්‍රදේශයේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

ඊයේ රාතී‍්‍රයේ වැඩිම වර්ෂාපතනය වාර්තාවී ඇත්තේ කෑගල්ල සහ රත්නපුර දිස්ති‍්‍රක් වලින්.

The post කළු ගගේ සහ ගිංගගේ ජල මට්ටම ඉහළට appeared first on ITN News.

Read More »

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න නියෝගයක්  

0 comments

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාවට මැන්ඩාමුස් රිට් නියෝගයක් නිකුත් කළා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වළකාලමින්  ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ ජනවාරි 30 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ එම ප්‍රාදේශීය සභාවට ප්‍රජාතන්තවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාමයොජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොණු කළ රිට් පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.  එම පෙරමුණේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරියා ගත් තීරණය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

ඒ අනුව මෙම පක්ෂයේ අදාළ නාම යෝජනා ඇතුළත් කර මැතිවරණය පවත්වන  ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේ. බලයලත් නියෝජිතයකු නාමයෝජනා භාර නොදුන් බව පවසමින් තම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා කටයුතු කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සිය පෙත්සමෙන් පවසා සිටියා.

 

 

 

 

The post ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න නියෝගයක් appeared first on ITN News.

Read More »

උතුරුමැද පළාත් පෙරපාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්  

0 comments

පූර්ව ළමා විය සංවර්ධන අධිකාරිය යටතේ නියාමනය වන පෙරපාසල් ගුරුවරුන්ගේ සේවය ස්ථිර කරන බව උතුරුමැද පළාත් ආන්ඩුකාර සරත් ඒකනායක මහතා පවසනවා. ඒ මහතා මේ බව සදහන් කළේ උතුරු මැද පළාතේ පූර්ව ළමා විය සංවර්ධන ඩිප්ලෝමාධාරී ගුරුවරුන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල පූර්ව ළමා විය සංවර්ධන අධිකාරිය යටතේ නියාමනය වන පෙරපාසල් ගුරුවරුන් අතරින් උසස්පෙළ සමත් ගුරුවරුන් සදහා වසරක කාලයක් සිංහල හා දෙමළ මාධ්‍යයෙන් මෙම ඩිප්ලෝමා පාඨමාලාව පවත්වා තිබෙනවා. ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ අයටයි මෙලෙස සහතික පත්‍ර පිරිනැමුණේ.

 

 

 

The post උතුරුමැද පළාත් පෙරපාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක් appeared first on ITN News.

Read More »

තද සුළං, රළු මුහුද සහ ගංගා පිටාර ගැලීම් ගැන අවවාදාත්මක නිවේදන  

0 comments

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර අනතුර ඇගවීමේ නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කලු කැලණි ගිං,  ගංගා වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි.

ඉදිරි පැය කිහිපය තුළද වැසි තත්ත්වය මෙලෙසම පැවතුනහොත් කලු කැලණි සහ ගිං ගාංගාධාර ප්‍රදේශවල සහ ඊට සම්බන්ධ අතු ගංගාවල දෙපස පහත් බිම් ආශ්‍රිත ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කලුගගේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතිනවා. ගිං ගගේ ජල මට්ටම ද තවලම ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමිනුයි පවතින්නේ. කැලණි ගගේ ජල මට්ටම ද කිතුල්ගල සහ දැරණියගල ප්‍රදේශවලින් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

 

 

 

The post තද සුළං, රළු මුහුද සහ ගංගා පිටාර ගැලීම් ගැන අවවාදාත්මක නිවේදන appeared first on ITN News.

Read More »

ඩෝරියන් සුළි කුණාටුව ෆ්ලොරිඩා කළාපයට ළඟාවෙයි  

0 comments

ෆ්ලොරීඩා කළාපය ආශි‍්‍රතව ඩෝරියන් සුළි කුණාටුව වර්ධනය වී ඇතැයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා.

පැයට කිලෝ මීටර් 165 ක වේගයෙන් සුළං ප‍්‍රවාහ හටගත හැකි බවටයි අපේක්ෂා කරන්නෙ. ආපදා තත්ත්වයන්ට මුහුණදීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ෆ්ලොරිඩා බලධාරින් දැනුවත් කර තිබෙනවා.

මේ අතර ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකා ජනාධිපති බැරැක් ඔබාමා සිය පෝලන්ත සංචාරය ද අවලංගු කළා. දෙවන ලෝක යුද්ධයේ සැමරුම් උත්සව වෙනුවෙන් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා පෝලන්තයේ සංචාරයක් සැලසුම් කර තිබූ බවයි ඇමරිකා මාධ්‍ය වාර්තා කළේ.

එහෙත් සුලි කුණාටුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ගෙන් ජනතාව බේරා ගැනීමේ කාර්යයට ප‍්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි ට‍්‍රම්ප් පෙන්වා දෙන්නෙ. උප ජනාධිපති මයික් පෙන්ස් පෝලන්ත සැමරුම් සදහා එක්වන බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

The post ඩෝරියන් සුළි කුණාටුව ෆ්ලොරිඩා කළාපයට ළඟාවෙයි appeared first on ITN News.

Read More »

කේරළ ගංජා තොගයක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට  

0 comments

කේරළ ගංජා තොගයක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලිම සිදුකළේ.

ඒ මන්නාරම උදයපුරම් ප‍්‍රදේශයේ දි. කේරළ ගංජා කිලෝ ග‍්‍රැම් දෙකයි ග‍්‍රැමි 650ක් ඔවුන් ළඟ තිබි සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්වුනේ උදයපුරම් , මන්නාරම සහ පේසාලේ ප‍්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් සහ කේරළ ගංජා තොගය මන්නාරම පොලිසියට භාරදුන් බවයි නාවික හමුදාව සදහන් කළේ.

The post කේරළ ගංජා තොගයක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

අගමැති ප්‍රධානත්වයෙන් දොරට වැඩි සංවර්ධනය පිළිබඳ ග්‍රන්ථය  

0 comments

සී නාරායනන් ස්වාමි මහතා විසින් රචිත ග්‍රන්ථයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දොරට වැඩුණා.

මැනේජින් ඩිවලොප්මන්ට් නමැති මෙම ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය කොළඹදී පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන්.

කෘතියේ මුල් පිටපත් කතුවරයා අතින් ආරාධිතයන් වෙත පිළිගැන්වුණා. සංවර්ධන කළමනාකරණය පිළිබද දශක හතරක අත්දැකීම් මුල්කර ගනිමින් මෙම කෘතිය රචනාකර තිබෙනවා.

අනාගත සංවර්ධන ඉලක්ක ජය ගැනීම සදහා ගතයුතු පියවර මෙන්ම ඒ සම්බන්ධයෙන් කලාපීය රටවල අත්දැකීම් ද ඊට ඇතුළත්.

The post අගමැති ප්‍රධානත්වයෙන් දොරට වැඩි සංවර්ධනය පිළිබඳ ග්‍රන්ථය appeared first on ITN News.

Read More »

ලොකු ලූනු අස්වැන්න ඉහළට  

0 comments

මෙවර ලොකු ලූනු අස්වැන්න ඉහළ ගොස් ඇති බව රජරට ගොවීන් පවසනවා. අස්වැන්නට ඉහළ මිලක් ද පවතින බවයි ඔවුන් පවසන්නේ.

මහවැලි එච් කලාපයේ පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ලොකු ලූනු වගාව මෙවර බෙහෙවින්ම සාර්ථක වී තිබෙනවා. ගොවීන්ට ලොකු ලූනු බීජ බෙදාදීම සහ යහපත් කාලගුණික තත්ත්වයක් පැවතීම අස්වනු ඉහළයාමට හේතුවී තිබෙනවා.

මහවැලි එච් කලාපයේ පමණක් අක්කර 150 ක පමණ ලොකු ලූනු වගාකෙරුණා. එහි පළමු අස්වැන්න නෙලීම ගෝනපතිරාව ගම්මානයේ දී සිදුකෙරුණේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන්ගේද උපදෙස්වලට අනුවයි. අක්කර භාගයක ලොකු ලූනු වගාවකින් කිලෝග්‍රෑම් 3500  ක අස්වැන්නක් නෙළමින් පවතිනවා.

ලොකු ලූනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 120 ත් 130 ත් අතර ඉහළ මිලක පවතින බැවින් මෙවර අතමිට සරුවී ඇති බවයි රජරට ලොකු ලූනු ගොවීන් පවසන්නේ.

 

The post ලොකු ලූනු අස්වැන්න ඉහළට appeared first on ITN News.

Read More »

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පත සකසා අවසන්  

0 comments

එක්සත් ජාතික පක්‍ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පත සකසා අවසන් කර තිබෙනවා. මේ වන විට එය සම්පූර්ණයෙන්ම නිමාවට පත්කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පතට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්‍ෂ නායකයින්ගේ අනුමැතිය ද ලැබී ඇති බව සඳහන්. එම පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට පවරා තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයින් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින්. එමෙන්ම ඒ සඳහා එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් එම පක්‍ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්,  පක්‍ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ද සහභාගි වනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ සභාපති ධුරය හොබවන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. සන්ධානයේ මහ ලේකම්වරයා නම් කිරීමේ බලය ද එක්සත් ජාතික පක්‍ෂයට හිමිව තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවන දිනය මෙන්ම ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමේ කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් නිල සංචාරයෙන් අනතුරුව සිදු කිරීමට නියමිතයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද අදහස් දැක්වූවා.

 

The post ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පත සකසා අවසන් appeared first on ITN News.

Read More »

එක්සත් ජාතික පක්ෂය සියලු සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ගෙන තිබෙනවා  

0 comments

එක්සත් ජාතික පක්ෂය සියලු සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්,

The post එක්සත් ජාතික පක්ෂය සියලු සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ගෙන තිබෙනවා appeared first on ITN News.

Read More »

ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රා බණ්ඩාර මහත්මිය අභාවප්‍රාප්ත වෙයි  

0 comments

ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රා බණ්ඩාර මහත්මිය අභාවප්‍රාප්ත වුණා.

ප්‍රවීන ගිටාර් වාදක සංගීත අධ්‍යක්ෂ මහින්ද බණ්ඩාර සහ ප්‍රවීන ගායන ශිල්පී රාජු බණ්ඩාර යන මහත්වරුන්ගේ මෑණියන් වූ චන්ද්‍රා බණ්ඩාර මහත්මිය මෙරට ගීත සාහිත්‍යයට මහත් මෙහෙයක් ඉටුකළා.

ඇය ප්‍රවීන තාලතරංග වාදන ශිල්පී සංගීත අධ්‍යක්ෂ ප්‍රේමනාත් කොඩිතුවක්කු මහතාගේ සහෝදරිය ද වනවා.

දේහය මේ වනවිට කෑගල්ල මීපිටිය නාගහතැන්නේ පිහිටි නිවසේ තැන්පත්කර තිබෙනවා.

අවසන් කටයුතු අනිද්දා සවස 5 ට කෑගල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

The post ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රා බණ්ඩාර මහත්මිය අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG