Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සාමය සහ සංහිඳියාව සඳහා ජනපතිගේ වැඩපිළිවෙළ කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන්ගේ පැසසුමට  

Add comments

සාමය හා සංහිදියාව සදහා ජනපතිගේ වැඩපිළිවෙළ කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන්ගේ පැසසුමට ලක්වුණා. අගරදගුරු හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසුනේ ඊයේ (29) රාත්‍රියේයි.

මෙරට සංචාරයක නිරත කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිතුමා ඉමහත් ගෞරවයෙන් පිළිගනු ලැබුවා. එහිදී ජනාධිපතිතුමා පැවසුවේ උන්වහන්සේගේ පැමිණීම මෙරටට ආශිර්වාදයක් බවයි. අනතුරුව ජනාධිපතිතුමා සහ අගරදගුරු හිමිපාණන් වහන්සේ මිත්‍රශීලී සංවාදයක නිරත වුණා. එහිදී අගරදගුරු හිමිපාණන් වහන්සේගේ ඇගයීමට ලක්වූයේ සියලු ආගමිකයින් අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා අවබෝධය ගොඩනගමින් සියලු දෙනාගේ වරප්‍රසාද සහතික කිරීම පිළිබද ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළයි.

මෙම සුහද කතාබහෙන් අනතුරුව අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් සහ ජනාධිපතිතුමා අතර හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුකර ගත්තා.

 

The post සාමය සහ සංහිඳියාව සඳහා ජනපතිගේ වැඩපිළිවෙළ කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන්ගේ පැසසුමට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG