Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝඨාභයගේ අභියාචන පෙත්සම විවාදයට ගැනීමට අධිකරණය දින දෙයි  

0 comments

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම ලබන 14 වනදා තෙක් සිදු නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල මහාධිකරණයට අද නියෝග කළා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 යි දශම 9 ක් සාවද්‍ය පරිහරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අභියාචන පෙත්සම ලබන 11 වනදා විවාදයට ගැනීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. මෙම නඩුව සම්බන්ධයෙන් ගොනු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය පසුගිය ජනවාරි 11 වනදා නියෝගයක් නිකුත් කළා. ඊට එරෙහිවයි ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළේ. මෙම නඩුවට අදාළව මහාධිකරණයේ සාක්ෂි විමසීම ලබන 15 වන දින ආරම්භ කිරීමට නියමිතයි.

The post ගෝඨාභයගේ අභියාචන පෙත්සම විවාදයට ගැනීමට අධිකරණය දින දෙයි appeared first on ITN News.

Read More »

නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සියලු දෙනා කැපවී කටයුතු කළ යුතුයි  

0 comments

නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සියලු දෙනා කැපවී කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හා දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ හමුවක් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය සදහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සංවිධායකයින් මෙන්ම කළමනාකරුවන් දැනුවත් කෙරුණා. පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,උප සභාපති අමාත්‍ය රවී කරුණානායක,ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන් මෙන්ම අමාත්‍යවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ලංකා ඉතිහාසයේ වඩාත් සක්‍රීයම ආණ්ඩුව පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බවයි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියාසිටියේ.

The post නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සියලු දෙනා කැපවී කටයුතු කළ යුතුයි appeared first on ITN News.

Read More »

ජාතික දින සැමරුම් උළෙලේ දී චීනය නව මිසයිලයක් හඳුන්වා දෙයි  

0 comments

70 වන ජාතික දින සැමරුම් උළෙලේ දී චීනය නව මිසයිලයක් හදුන්වා දී ඇති අතර එය ඇමෙරිකාව ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය කළ බවටයි මත පළ කෙරෙන්නේ. පෙළපාලිය සදහා අධිතාක්ෂණික නිපැයුම් රැසක් එක් කර තිබුණා. 1949 වසරේ ඔක්තෝබර් පළමුවනදා මාවෝ සේතුන්ගේ නායකත්වයෙන් යුත් කොමියුනිස්ට් මහජන චීන සමූහාණ්ඩුව බිහි වුණා. ඉන් පසු බිහි වූ ප්‍රබලතම නායකයා ලෙස සැළකෙන්නේ වර්තමාන ජනාධිපති ෂී ජින් පින්. මේ අතර හොංකොං දේශයේද චීන ජාතික දිනය සැමරීම සදහා උත්සව රැසක් සංවිධාන කර තිබුණා.

The post ජාතික දින සැමරුම් උළෙලේ දී චීනය නව මිසයිලයක් හඳුන්වා දෙයි appeared first on ITN News.

Read More »

චීන සමූහාණ්ඩුව පිහිටුවා අදට වසර 70 යි  

0 comments

චීන සමූහාණ්ඩුව පිහිටුවා අදට වසර 70 ක් සපිරෙනවා.

යුද්ධය හේතුවෙන් බිහිසුණු ලෙස ආර්ථිකය පිරිහුනු රටක් ලෙස පැවති චීනය ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි රට බවට අද වන විට පත්ව තිබෙනවා.  මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවා අදට වසර 70 ක් සපිරීම වෙනුවෙන් රට පුරා සැමරුම් උත්සව පැවැත්වෙනවා. බීජිං අගනුවර පැවැත්වෙන ප්‍රධාන උත්සවය සදහා දැවැන්ත හමුදා පෙළපාලියක් ද සංවිධාන කර තිබෙනවා. හමුදා භටයින් පහළොස් දහසකට අධික පිරිසක් ඊට සහභාගීවීමට නියමිතයි.  1949 වසරේ ඔක්තෝබර් පළමුවනදා මාවෝ සේතුන්ගේ නායකත්වයෙන් යුත් කොමියුනිස්ට් මහජන චීන සමූහාණ්ඩුව බිහි වුණා. ඉන් පසු බිහි වූ ප්‍රබලතම නායකයා ලෙස සැළකෙන්නේ වර්තමාන ජනාධිපති ෂී ජින් පින්.

 

 

The post චීන සමූහාණ්ඩුව පිහිටුවා අදට වසර 70 යි appeared first on ITN News.

Read More »

ලොකුළූණු අස්වැන්න ඉහළ යාමත් සමග ගොවීන් සතුටින්  

0 comments

දේශීය ලොකුළූණු අස්වැන්න ඉහළ යාමත් සමග තම ආර්ථික ශක්තිය ද ඉහළ ගොස් ඇති බව ගොවීන් පවසනවා.

දේශීය ලොකුළූණු ගොවියා ශක්ති කිරීම වෙනුවෙන් රජය මේ වන විටත් පියවර කිහිපයක් ගෙන තිබෙනවා. තම අස්වනු වෙළෙඳපොළට පැමිණීමත් සමග ආනයනික ළූණු සඳහා පැවති බද්ද ඉහළ නැංවීමට ද රජය පියවර ගත්තා. ඒ හේතුවෙන් තම අස්වනු සඳහා ඉහළ මිලක් ලැබෙන බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එන ලොකුළූණු කිසිදු ගැටලුවකින් තොරව අලෙවි කර ගැනීමට ද අවස්ථාව හිමිව ඇති බවයි ගොවි ජනතාව පවසන්නේ. පසුගිය කාලය තුළ වගාවන් ඇතුලු අලෙවි කිරීමේ දුෂ්කරතා හේතුවෙන් තමන් මුහුණ දුන් ගැටලු සියල්ලටම පාහේ විසඳුම් ලැබී ඇති බව ද ඔවුන් පවසනවා.

 

The post ලොකුළූණු අස්වැන්න ඉහළ යාමත් සමග ගොවීන් සතුටින් appeared first on ITN News.

Read More »

ITN FM ළමා දින සැමරුම් උත්සවය අද මහරගම තරුණ මධ්‍යස්ථානයේදී  

0 comments

අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් අයිටිඑන් එෆ් එම් සංවිධාන කරන සැමරුම් උත්සවය මහරගම තරුණ මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.

අද උදෑසන අටේ සිට දවස පුරා විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයයි එය මෙහෙයවනු ලබන්නේ. ක්‍රීඩා වෛද්‍ය සංගමයේ මෙහෙයවීමෙන් ළමා දින සැමරුම් උත්සවයට පැමිණෙන සියලු  ළමයින්ගේ ශාරීර ස්කන්ධ දර්ශනය, නිවැරදිව දැන ගැනිමට අවස්ථාව ලබා දිමද මෙවර උළලේ විශේෂත්වයක්. අයිටිඑන් එෆ්එම් මාධ්‍ය කුටියේදී ළමයින්ගේ හඩ පරික්ෂණ සිදු කෙරෙනවා. ඉංග්‍රිසි සහ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයට ද සැලසුම් කර තිබෙනවා. මහරගම ආශ්‍රීත ප්‍රදේශ කිහිපයකදී විදී නාට්‍ය මගින් අයිටිඑන් ළමා දින සැමරුම පිළිබදව දැනුවත් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

 

 

 

The post ITN FM ළමා දින සැමරුම් උත්සවය අද මහරගම තරුණ මධ්‍යස්ථානයේදී appeared first on ITN News.

Read More »

ඉන්දියාව ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට සූදානම්  

0 comments

ඉන්දියාව ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.

එක්වරක් පමණක් භාවිතයට ගත හැකි ප්ලාස්ටික් නිෂ්පාදනයි මෙලෙස තහනම් කිරීමට ඉන්දියාව සූදානම් වන්නේ. ඔක්තෝබර් දෙවනදා සිට මෙම තහනම ක්‍රියාත්මක කෙරෙනු ඇති. ඉන්දීය ජනතාව වැඩි පිරිසක් මෙම ක්‍රියාමාර්ගයට සිය ප්‍රශංසාව පල කරනවා. කෙසේ වෙතත් නිෂ්පාදන කර්මාන්ත ශාලා හා කුඩා ව්‍යාපාර හිමියන් ඊට සිය විරෝධය පල කර තිබෙනවා.

 

 

 

 

The post ඉන්දියාව ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට සූදානම් appeared first on ITN News.

Read More »

රට සංවර්ධනය කිරීමේදී පෞද්ගලික න්‍යාය පත්‍රයක් වෙනුවට පොදු න්‍යයාය පත්‍රයක්  

0 comments

රට සංවර්ධනය කිරිමේදී පෞද්ගලික න්‍යාය පත්‍රයක් වෙනුවට පොදු න්‍යයාය පත්‍රයක් අනුගමනය කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොලොන්නාව ආසන බල මණ්ඩල රැස්විම අමතමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

 

 

 

 

The post රට සංවර්ධනය කිරීමේදී පෞද්ගලික න්‍යාය පත්‍රයක් වෙනුවට පොදු න්‍යයාය පත්‍රයක් appeared first on ITN News.

Read More »

අපිරිසිදු ආහාර අළෙවි කළ අවන්හල් 13 කට නීතිමය පියවර  

0 comments

අපිරිසිදු ආහාර අළෙවි කළ අවන්හල් 13 කට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා. උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැටලීම සිදුකළා. ඒ යාපනය කරවෙඩ්ඩි ප‍්‍රදේශයේදීයි.

සනීපාරක්ෂක ගැටලු, අපිරිසිදු අයුරින් ආහාර ගබඩා කිරීම, පරිභෝජනයට නුසුදුසු ආහාර අසුරා තැබීම වැනි කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමුකර තිබෙනවා. වැටලීම් අඛණ්ඩව සිදුකරන බවයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේ.

The post අපිරිසිදු ආහාර අළෙවි කළ අවන්හල් 13 කට නීතිමය පියවර appeared first on ITN News.

Read More »

අයහපත් කාලගුණයෙන් ඉන්දියාවේ මියගිය ගණන සියය ඉක්මවයි  

0 comments

ඉන්දියාවේ උතුරු ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය පිරිස සියය ඉක්මවා තිබෙනවා.

බිහාර් ප්‍රාන්තයේ උත්තර ප්‍රදේශ් යන ප්‍රාන්තවලටයි වැඩි බලපෑම් එල්ල වී තිබෙන්නේ. බ්‍රිහාර් පාන්තයේ පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. අයහපත් කාලගුණය හේතුවෙන් හෙට දිනයේදීත් පාසල් වසා තැබෙනවා. ඉදිරි පැය 24 තුළ දිස්ත්‍රික්ක 24  කට තද වැසි ඇද හැලෙන බවයි ඉන්දීය කාලගුණ අංශ සඳහන් කරන්නේ. ව්‍යාපාරික ස්ථාන , කාර්යාල ,නිවාස මෙන්ම  රෝහල්වලද දනක් පමණ උසට ජලය පිරී පවතිනවා. ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ්හි ගාංගා පිටාර ගැලීම හේතුවෙන් අවධානම් කලාපවලින්  ඉවත් කර තිබෙනවා.

 

 

The post අයහපත් කාලගුණයෙන් ඉන්දියාවේ මියගිය ගණන සියය ඉක්මවයි appeared first on ITN News.

Read More »

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සජිත් දිනවමු – අගමැති කියයි  

0 comments

රට ලැබූ නිදහස ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්‍ෂකයා දිනවීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිවිල් සංවිධාන නියෝජිතයින් අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රමුඛ දේශපාලනඥයින් රැසක් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා අද හමුවුණා. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණෙන් ඉදිරිපත් කර තිබූ ජනාධිපති අපේක්‍ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල ස්වාමීන්වහන්සේ ද අමාත්‍ය රවුෆ් හකීම් මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

The post ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සජිත් දිනවමු – අගමැති කියයි appeared first on ITN News.

Read More »

ITN FM ලෝක ළමා දින සැමරුම් උත්සවය හෙට  

0 comments

ITN FM ලෝක ළමා දින සැමරුම් උත්සවය මහරගම ජාතික තරුණ සේවා ක්‍රිඩාංගනයේදී හෙට පැවැත්වෙනවා.

ළමුන් සදහා තරග සහ ඉසව් ගණනාවක් ළමා දින සැමරුම් උත්සවයට ඇතුළත්. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයයි එය මෙහෙයවනු ලබන්නේ. පාසල් සහ පෙර පාසල් දරුවන්ගේ නර්තන, ගායනා  හා රංගන රැසකින් ළමා දින සැමරුම උත්කර්ෂවත් වනවා. ක්‍රීඩා වෛද්‍ය සංගමයේ මෙහෙයවීමෙන් ළමා දිනයට සම්බන්ධ වන සියලු  ළමුන්ගේ ශාරීර ස්කන්ධ දර්ශනය, නිවැරදිව දැන ගැනිමට අවස්ථාව ලබා දිමද මෙවර ළමා දින උළලේ විශේෂත්වයක්. ළමුන්ට අවශ්‍ය පෝෂණ උපදෙස් ලබා දීමත් ප්‍රථමාධාර පිලිබද මූලික පුහුණුවක් ලබා දිමත් එහිදි සිදු කෙරෙනවා.

ළමුන් සදහා ආකර්ෂණිය කථා කියාදීමේ කුටියක් ක්‍රියාත්මක විමද මෙවර තවත් විශේෂත්වයක්. ITN FM මාධ්‍ය කුටියේදී ළමුන්ගේ හඩ පරික්ෂණ සිදු කෙරෙනවා. රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යාවහාරික විද්‍යා පිඨයේ දායකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය පිලිබද දරුවන් සහ වැඩිහිටියන් දැනුවත් කිරිමට ද ළමා දින සැමරුමේදී පියවර ගැනෙනවා. හෙට පෙරවරු 08ට ආරම්භ වන ළමා දින සැමරුමට සමගාමිව ජාතික චිත්‍රපට සංස්ථාවේ අනුග්‍රහයෙන් ඉංග්‍රිසි සහ සිංහල චිත්‍රපට කිහිපයක් ප්‍රදර්ශනයටද සැලසුම් කර තිබෙනවා.

ළමුන් සම්බන්ධ නීතිය පිලිබදව වැඩිහිටියන් දැනුවත් කිරිමේ වැඩමුළු කිහිපයක් නිතිඥවරුන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක කිරිමත් මෙවර ITN FM ළමා දින සැමරුමට ඇතුලත්. පරිසරය සහ ළමා අයිතිවාසිකම් සුරකිමේ සංවිධානයේ දායකත්වයෙන් පාරිසරික අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමවේදය පිලිබදව ITN ළමා දිනයට සහභාගිවන ළමුන් සහ වැඩිහිටියන් දැනුවත් කෙරෙනවා. හෙට උදෑසන 7.30සිට මහරගම ආශ්‍රීත ප්‍රදේශ කිහිපයකදී විදී නාට්‍ය මගින් ITN ළමා දින සැමරුම පිලිබදව දැනුවත් කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ.

 

 

The post ITN FM ලෝක ළමා දින සැමරුම් උත්සවය හෙට appeared first on ITN News.

Read More »

ඉන්ධන මිල වැඩිවිය හැකි බවට සෞදි කුමරු අනතුරු අඟවයි  

0 comments

ලෝකය  ඉරානයට විරුද්ධව ක්‍රියා නොකලහොත් ඉන්ධන මිල තවදුරටත් අදහාගත නොහැකි අයුරින් වැඩිවිය හැකි බව සෞදි කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අනතුරු අගවනවා.

තම තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කළේ ඉරානය බැවින් තම රට හා ඉරානය අතර පවතින ගැටුම ලෝක ආර්ථිකයට බලපෑම් එල්ල කළහැකි බවටයි සෞදි ආරාබිය පවසන්නේ. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සෞදි කුමරු මේ බව ප්‍රකාශ කළා. 2018 වසරේ ඔක්තෝම්බර් දෙවනදා සෞදි අරාබියෙ තුර්කි තානාපති කාර්යාලයේදී ඝාතනයට ලක් මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන්ද කුමරු අදහස් දැක්වුවා. ඔහු පවසන්නේ එම ඝාතනය සම්න්ධයෙන් යම්තාක් වගකිමක් භාරගැනීමට හැකි බවයි.

සෞදි අරාබියේ නිල නොවන නායකයා ලෙස කටයුතු කරන්නේ කිරුළ හිමි සල්මාන් කුමරුයි. සෞදි රජය දැඩිලෙස විවේචනය කිරීම හේතුවෙන් කෂෝග්ජිගේ ඝාතනයට සෞදි කුමරුට චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් තම රට සම්පූර්ණ වගකීම භාර නොගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.

The post ඉන්ධන මිල වැඩිවිය හැකි බවට සෞදි කුමරු අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

වර්ජනය මැද අදත් කාර්යාල දුම්රිය කිහිපයක්ම ධාවනට  

0 comments

දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි. ඒ හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. කෙසේ වෙතත් අද දිනයේද කාර්යාල දුම්රිය කිහිපයක්ම ධාවනයට පියවර ගත් බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

අද පෙරවරුවේ කැළණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ දක්වා දුම්රියක් ධාවනය කෙරුණා. පාදුක්ක දුම්රිය නැවතුමෙහිද මගීන් රැසක් රැදී සිටි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එම පිරිස රැගත් දුම්රිය පෙරවරු 6.50 ට පිටත් වුණා. කෙසේ වෙතත් පාදුක්ක දුම්රිය ස්ථානයෙහි ප්‍රවේශ පත්‍ර නිකුත් කරන කවුලු වසා සීල් තබා ඇති අයුරු දැක ගත හැකිවුණා. සේවකයන් සිය ඉල්ලීම් ලබා ගැනීමට තමන් අසීරුතාවයට පත්කිරීම අසාධාරණ බවයි දුම්රිය මගීන් ප්‍රකාශ කරන්නේ.

 

 

 

The post වර්ජනය මැද අදත් කාර්යාල දුම්රිය කිහිපයක්ම ධාවනට appeared first on ITN News.

Read More »

රාජ්‍ය සේවක වෘත්තිය ගැටලු විසඳීමේ කැබිනට් අනු කමිටුව අද රැස්වෙයි  

0 comments

රාජ්‍ය සේවක වෘත්තිය කි‍්‍රයාමාර්ග වලට විසදුම් ලබාදිමේ අරමුණින් කැබිනට් අනු කමිටුව අද රැස්වනවා. කැබිනට් අනු කමිටුව සහ සියලු වෘත්තිය සමිති නියෝජිතයන් අතර සාකච්ඡා අද පස්වරුවේ පැවැත්වෙන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ.

රනුක්ගේ වැටුප් කොමිසමේ නිර්දේශ පදනම් කර ගනිමින් පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගි වන ලෙස වෘත්තිය කි‍්‍රයාමාර්ග වලට එක්ව සිටින සියලු වෘත්තිය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලිමක් කරන බවයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ.

වැටුප් ගැටලුව සම්බන්ධයෙන් රජය සාධනිය ප‍්‍රතිචාරයක් දැක්විම සහ තැපැල් ඡන්ද ඉල්ලුම් පත් සහතික කිරිමේ කටයුතු සලකා බලා අද සහ හෙට වෘත්තිය කි‍්‍රයාමාර්ග අත්හිටුවිමට තීරණය කළ බවයි ශි‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ.

සාකච්ඡාව සාර්ථක වුවහොත් තම වෘත්තිය කි‍්‍රයාමාර්ගය අත්හිටුවිමට සූදානම් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ජනක ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළා.

The post රාජ්‍ය සේවක වෘත්තිය ගැටලු විසඳීමේ කැබිනට් අනු කමිටුව අද රැස්වෙයි appeared first on ITN News.

Read More »

දිවයින පුරා පාසල්වල අධ්‍යයන කටයුතු අද දිනයේ සාමාන්‍ය පරිදි  

0 comments

දිවයින පුරා පාසල්වල අධ්‍යයන කටයුතු අද දිනයේ සාමාන්‍ය පරිදී සිදු කෙරෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දිවයින පුරා රජයේ පාසල්වල ගුරුවරුන් පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හි වැඩවර්ජනයක නිරතවුණා. ඒ හේතුවෙන් පාසල්වල කටයුතු බොහෝ දුරට අඩාල වුණා. කෙසේ වෙතත් අද දිනයේදී සියලු පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදී සිදු කෙරෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ලංකා ගුරු සේවා සංගමය පවසන්නේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලට ද මේ අනුව ගුරුවරුන් සහභාගී වන බවයි.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් දින 4ක් වසා දමා තිබු ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකෙහි පාසල්ද අද දිනයේ අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘතව කෙරුණා.

The post දිවයින පුරා පාසල්වල අධ්‍යයන කටයුතු අද දිනයේ සාමාන්‍ය පරිදි appeared first on ITN News.

Read More »

ආබාධ සහිත රණවිරුවන්ගේ ගැටලුවලට විසදුම් ලබා දෙන බව ඇමති සජිත් කියයි  

0 comments

ආබාධ සහිත රණවිරුවන්ගේ ගැටලුවලට විසදුම් ලබා දෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොටුව දුම්රියපොළ ඉදිරිපිටට ගොස් එම රණවිරුවන් හමුවීමෙන් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

 

 

The post ආබාධ සහිත රණවිරුවන්ගේ ගැටලුවලට විසදුම් ලබා දෙන බව ඇමති සජිත් කියයි appeared first on ITN News.

Read More »

ඩෙංගු යළි හිස ඔසවයි  

0 comments

පවත්නා වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස ඔසවා ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ පිළිබඳ ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

දිවයින පුරා ඩෙංගු රෝගය වැළැක්වීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මකයි. රාජ්‍ය හා පෞද්ගලික ආයතන පරිශ්‍ර පරික්ෂාව ඒ අතර  වනවා. මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය ඇතුළු වව්නියාව නගරයේ ස්ථාන කිහිපයකින් ඩෙංගු මදුරු කීටයන් හමුවී ඇති බව අප වාර්තාකරු පවසනවා. වව්නියාව ප්‍රදේශයෙන් මේ වන විට ඩෙංගු රෝගීන් 11 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා. ස්ථාන 35 කින් ඩෙංගු මදුරු කීටයන් හමුවී තිබෙනවා.

 

 

 

The post ඩෙංගු යළි හිස ඔසවයි appeared first on ITN News.

Read More »

වනඅලින් මිය යාමට හේතුව ප්‍රකාශ කළ හැක්කේ වැඩිදුර විද්‍යාත්මක පරික්ෂණයකින්  

0 comments

හබරන හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ වන අලින් මිය යාමට හේතුව විෂ ශරීර ගතවීමක් බවට නිශ්චිත සාධකයක් මෙතෙක් හෙළිව නොමැති බව  පශු වෛද්‍යවරුන් පවසනවා.

වනඅලින් මිය යාමට හේතුව නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කළ හැක්කේ වැඩිදුර විද්‍යාත්මක පරික්ෂණයකින් බවයි වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසන්නේ. මිය ගිය සතුන්ගේ සිරුරු කොටස් රජයේ රස පරික්ෂක වෙත යොමු කර තිබෙනවා.

 

 

The post වනඅලින් මිය යාමට හේතුව ප්‍රකාශ කළ හැක්කේ වැඩිදුර විද්‍යාත්මක පරික්ෂණයකින් appeared first on ITN News.

Read More »

කේරළ ගංජා සමඟ සැකකරුවෙක් කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට  

0 comments

කේරළ ගංජා කිලෝ ග‍්‍රැම් 15 ක් කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. ඒ කල්මුනේ පොලිසිය සිදුකළ වැටලිමකින්. 28 හැවිරිදි සැකකරු සයින්දමරුදු ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහු කල්මුනේ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කෙරෙනවා.

The post කේරළ ගංජා සමඟ සැකකරුවෙක් කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉන්දිය අධිකරණයකින් නඩු  

0 comments

පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ අධිකරණයක් නඩු පවරා තිබෙනවා.

ඒ නිව්යෝර්ක් නුවර දී එක්සත් ජාතින්ගේ සමුළුව අමතමින් ඉම්රාන් ඛාන් ඉන්දියාවට එරෙහිව ප‍්‍රතිවිරෝධාත්මක අදහස් දැක්වීමක් සිදුකළ බවට චෝදනා කරමින්. ඉන්දිය නීතිඥයකු නඩුව ගොනුකර ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ. එක්සත් ජාතින්ගේ සමුළුවේදි විනාඩි පනහක කාලයක් ආවේගශ්‍රීලිව අදහස් ඉදිරිපත් කළ ඉම්රාන් ඛාන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර මත ගැටුම න්‍යෂ්ඨික යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවයි ප‍්‍රකාශ කර තිබුණේ.

The post ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉන්දිය අධිකරණයකින් නඩු appeared first on ITN News.

Read More »

රුසියාවේ මහල් නිවාස බැල්කනි ආශි‍්‍රතව දුම් පානය තහනම්  

0 comments

රුසියානු මහල් නිවාස බැල්කනි ආශි‍්‍රතව දුම්පානය තහනම් කර තිබෙනවා.

නව නීතිි රෙගුලාසි යටතේ රුසියා හදිසි ආපදා අමාත්‍යාංශය තහනම නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. නව නීතිරීති යටතේ මහල් නිවාස බැල්කනි ආශි‍්‍රතව මෙන්ම නේවාසිකාගාර සහ හෝටලවල ජීවත්වන ප්‍රදේශ ආශි‍්‍රතව විවෘත ගිනි ඇවිලිම් තහනම් කර තිබෙනවා. ගිනිකූරු දැල්වීම සහ දුම් පානය ද විවෘත ගින්නක් ලෙස සැලකෙන බවයි රුසියා හදිසි ආපදා අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඊට අමතරව ඉටි පන්දම් දැල්විම ද තහනම් කර තිබෙනවා.

The post රුසියාවේ මහල් නිවාස බැල්කනි ආශි‍්‍රතව දුම් පානය තහනම් appeared first on ITN News.

Read More »

ඉන්දියාව ලොකු එෑණු අපනයනය අත්හිටුවයි  

0 comments

වහාම කි‍්‍රයාත්මක වන පරිදි ලොකු ළුෑණු අපනයනය අත්හිටුවීමට ඉන්දීය මධ්‍යම රජය තීරණය කර තිබෙනවා.

එරට තුළ ළුෑණු තොග සීමිත වීමයි ඊට හේතුව. ඒ සමඟ එෑණු මිළ ඉන්දිය රජයට පාලනය කරගත නොහැකි මට්ටමකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ ලොකු ලෑණු අස්වැන්න විනාශවී යාම හේතුවෙන් සැපයුම ද අඩුවුණා. ඒ සමඟ ආනයනකරුවන්ට ගබඩා කර තබාගත හැක්කේ කිලෝ ග‍්‍රැම් දස දහසක ප‍්‍රමාණයක් බවයි ඉන්දිය වාර්තා පෙන්වා දෙන්නේ. අපනයනය අත්හිටුවිමත් සමඟ ඉන්දියාවෙන් ලොකු ලෑණු ආනයනය කරන රටවලට ද බලපැම් මතුව තිබෙනවා.

The post ඉන්දියාව ලොකු එෑණු අපනයනය අත්හිටුවයි appeared first on ITN News.

Read More »

ලෙස්බොස්හි ජනාකීර්ණ සරණාගත කදවුරක හට ගත් ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

0 comments

නැගෙනහිර ග්‍රිසීයේ දූපතක් වන ලෙස්බොස්හි ජනාකීර්ණ සරණාගත කදවුරක හට ගත් ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නැගෙනහිර ග්‍රීසියේ ලෙස්බොස්හි පිහිටි මොරියා නම් සරණාගත කදවුරකයි ගින්න හටගත්තේ. ඒ  හේතුවෙන් කලබලයට පත් වූ සරණාගතයින් පොලිසිය සමග ගැටුම් ද ඇති කර ගෙන තිබෙනවා. එම අවස්ථාවේ පොලිසිය සරණාගත කදවුරට කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළා. මෙම කදවුරේ සරණාගතයින් දොළොස් දහසක් පමණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිරියාවේ යුද්ධය හේතුවෙන් සරණාගතයන් මිලියනයකට ආසන්න  සංඛ්‍යාවක් 2015 වසරේදී ග්‍රීසියට පැමිණ තිබෙනවා.

 

The post ලෙස්බොස්හි ජනාකීර්ණ සරණාගත කදවුරක හට ගත් ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

නිදහස් පක්ෂය තනිව නොව සන්ධානයක් ලෙස තරග වදිනවා  

0 comments

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව නොව සන්ධානයක් ලෙස තරගවදින බව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුනෑගල දිස්ත්‍රික් සමුළුව අමතමිනුයි ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුනෑගල දිස්ත්‍රික් සමුළුව අද පැවැත්වුණේ හෙට්ටිපොල සතිපොල භූමියේදීයී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ඇතුළු විශාල ජනකායක් ඊට එක්ව සිටියා.

The post නිදහස් පක්ෂය තනිව නොව සන්ධානයක් ලෙස තරග වදිනවා appeared first on ITN News.

Read More »

සංවර්ධිත රටකට සජිත්ගේ ගමන  

0 comments

ජාත්‍යන්තර තලයේ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කැපවී කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඇල්පිටිය ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියා.

ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ආසන බලමණ්ඩල රැස්වීම පැවැත්වුණා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කොළඹ උද්ඝෝෂණයක නිරතවී සිටින ආබාධිත රණවිරුවන් පිරිසක් මෙම ස්ථානයේදී සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡාවක නිරත වීම ද විශේෂත්වයක්.

අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, පී හැරිසන්,රාජිත සේනාරත්න,අනෝමා ගමගේ,පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post සංවර්ධිත රටකට සජිත්ගේ ගමන appeared first on ITN News.

Read More »

සවුදි හමුදා සෙබලුන් දහස් ගණනක් හූති කැරලිකරුවන්ගේ ග‍්‍රහණයට  

0 comments

ක්ෂණික මෙහෙයුමකින් සවුදි හමුදාවේ සෙබලුන් දහස් ගණනක් සිය භාරයට ගත් බව හූති කැරලිකරුවන් පවසනවා.

සවුදි අරාබියේ නිරිත දිග දේශසිමාව ආසන්නයේදි ඔවුන් සිය භාරයට ගත් බවයි කැරලිකරුවන් පවසන්නේ. සවුදි යුධ හමුදාවේ නිලධාරින් ද එහි සිටින බව කැරලිකරුවන් ප‍්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් හූති කැරලිකරුවන් සිදුකරන මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් සවුදි අරාබි රජය මෙතෙක් කිසිඳු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සවුදි අරාබි හමුදා සෙබලුන්ට අමතරව සන්නද්ධ හමුදා රථ ද කැරලිකරුවන්ගේ භාරයට ගෙන ඇති බවයි යේමනයේ හූති කැරලිකරුවන්ට සහය දක්වන අල්මිශ‍්‍රා රූපවාහිනි නාළිකාව සඳහන් කරන්නේ.

The post සවුදි හමුදා සෙබලුන් දහස් ගණනක් හූති කැරලිකරුවන්ගේ ග‍්‍රහණයට appeared first on ITN News.

Read More »

හෙට පස්වරු දෙකෙන් පසු බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි  

0 comments

හෙට දිනයේ පස්වරු දෙකෙන් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි සමග සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

 

 

 

The post හෙට පස්වරු දෙකෙන් පසු බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.

Read More »

ජනපති සටනට ආ හමුදාපති  

0 comments

ජාතික ජනතා ව්‍යපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානයක මහතා අද නම් කරනු ලැබුවා.

ජාතික ජනතා ව්‍යාපාරය අද පැවැත්වූ විශේෂ සමුළුවේදී එම ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකා නම් කරනු ලැබුවේ. එම ව්‍යාපාරයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. එහිදී අදහස් දක්වමින් මහේෂ් සේනානායක මහතා කියා සිටියේ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වීම පෞද්ගලික තීරණයක් නොව සාමූහික තීරණයක් බවයි.

 

 

 

The post ජනපති සටනට ආ හමුදාපති appeared first on ITN News.

Read More »

ත්‍රිකුණාමලය කොටුපවුර සංචාරකයින්ට විවෘත කරයි  

0 comments

ත්‍රිකුණාමලය කොටුපවුර සංචාරකයින් සඳහා විවෘත කර තිබෙනවා.

සංචාරක දිනයට සමගාමී ලෙසයි කොටුපවුර දෙස් විදෙස් සංචාරකයින් සඳහා ඊයේ විවෘත කෙරුණේ. 2020 වසරේ සිට දවස පුරා මෙම කොටුපවුර සංචාරකයින් සඳහා විවෘත කර තබන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරනවා. සීගිරිය මෙන් ආදායම් ලබන ස්ථානයක් බවට එය පත් කිරීම අරමුදලේ ඉලක්කයයි. පෘතුගීසි, ලන්දේසි,ඉංග්‍රීසි මෙන්ම යටත් විජිත පාලන කාලවලදී මෙම කොටුපවුර බලකොටුවක් ලෙස භාවිත වී තිබෙනවා.

 

 

 

The post ත්‍රිකුණාමලය කොටුපවුර සංචාරකයින්ට විවෘත කරයි appeared first on ITN News.

Read More »

ඔස්ට්‍රියාවේ හදිසි මැතිවරණයක්  

0 comments

ඔස්ට්‍රියාවේ හදිසි මැතිවරණයක් පැවැත්වුණා.

දූෂණ චෝදනාවක් හෙළිදරව් වීමෙන් පසු හිටපු චාන්සලර් සෙබස්තියන් කර්ස්ගේ සභාග ආණ්ඩුව බිඳ වැටීමෙන් පසුවයි හදිසි මැතිවරණය කැඳවනු ලැබුවේ. ලක්‍ෂ 64 ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිනවා. කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් ද කර්ස්ගේ ඕ වී පී පක්‍ෂය ජයගනු ඇති බවයි විචාරකයින් සඳහන් කරන්නේ. තවමත් 33 හැවිරිදි වියේ පසුවන කර්ස්ට පැවති ජනප්‍රියත්වය දුෂණ චෝදනාවත් සමග අඩුවුණා. ඉදිරියේදී ද ඔස්ට්‍රියාවේ සභාග ආණ්ඩුවක් නිර්මාණය වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

The post ඔස්ට්‍රියාවේ හදිසි මැතිවරණයක් appeared first on ITN News.

Read More »

සෞදි රජුගේ ප්‍රධානතම ආරක්‍ෂක නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කෙරේ  

0 comments

සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සවුද් රජුගේ ප්‍රධානතම ආරක්‍ෂක නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මේජර් ජෙනරාල් අබ්දුල් අසීස් අල් ෆග්හැම් නමැති ආරක්‍ෂක නිලධාරියායි මෙලෙස ඝාතනය කර ඇත්තේ. පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන්. මේජර් ජෙනරාල්වරයා සිය මිතුරෙකුගේ නිවසට ගිය අවස්ථාවේදී අදාළ මිතුරා සමග බහින්බස් වීමකින් පසු මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

The post සෞදි රජුගේ ප්‍රධානතම ආරක්‍ෂක නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කෙරේ appeared first on ITN News.

Read More »

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉක්ම වූ සිසුන් 5000 කට ශිෂ්‍යාධාර  

0 comments

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්ම වූ තවත් සිසුන් පන්දහසකට ශිෂ්‍යාධාර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශිෂ්‍යාධාර ලබන සිසුන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ඇත්තේ වසර 11 කට පසුවයි. මෙතෙක් සිසුන් පහළොස් දහසකට පමණ ශිෂ්‍යාධාර හිමිවුණා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ කැබිනට් මණ්ඩල යෝජනාවකට අනුව තවත් පන්දහසකට ශිෂ්‍යාධාර හිමිවීමත් සමග ශිෂ්‍යාධාර ලබන සිසුන්ගේ සංඛ්‍යාව විසිදහස දක්වා ඉහළ යනවා. 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා මෙම ශිෂ්‍යාධාර මුදල සිසුන්ට හිමිවනවා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ද ශිෂ්‍යාධාර අරමුදල් ලබා ගැනීමට අවස්ථාවක් සම්පාදනය කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 250 දෙනෙකු සඳහා ශිෂ්‍යාධාර හිමිවනු ඇති. ශිෂ්‍යාධාර දීමනාව ද රුපියල් පන්සියයේ සිට රුපියල් 750 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. ශිෂ්‍යාධාර ගෙවීම සඳහා අමතර ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 300 ක් වෙන්කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉක්මවූ දරුවන්ගේ දෙමව්පියන්ගේ මාසික ආදායම රුපියල් හාරදහස් පන්සියය නොඉක්මවන අවස්ථාවලදී ශිෂ්‍යාධාර අරමුදල් ලබා දීම මින් පෙර සිදුකෙරුණා. පසුගියදා හිමි වූ කැබිනට් අනුමැතියත් සමග එම ආදායම් සීමාව ද රුපියල් පහළොස් දහස දක්වා සංශෝධනය කර තිබෙනවා.

The post ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉක්ම වූ සිසුන් 5000 කට ශිෂ්‍යාධාර appeared first on ITN News.

Read More »

තලවිල මෝය පාලම සංවර්ධනය කෙරේ  

0 comments

වසර ගණනාවක් පුරා සංවර්ධනය නොකළ තලවිල මෝය පාලම  සංවර්ධනය කෙරුණා. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 400 ක්.

තලවිල මෝය හරහා ඉදිකෙරෙන පාලමේ ඉදිකිරීම් මේ දිනවල කඩිනමින් සිදු කෙරෙනවා. කෘෂිකර්ම හා වාරිමාර්ග කටයුතු අමාත්‍යාංශය මෙම කටයුතු සිදු කරන්නේ ලෝක බැංකු ආධාර යටතේයි. හලාවත තොඩුවාව සිට තල්විල මෝය අසල දක්වා මුහුදුබඩ මාර්ගයද කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. ප්‍රදේශවාසින්ගේ ඉල්ලීම මත පාර්ලිමේන්තු  මන්ත්‍රී හෙකට්ර් අප්පුහාමි මහතාගේ මැදිහත්වීමෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකයි. ගම්පෙරළිය වැඩසටහන යටතේ මාර්ගය සංවර්ධනයට වැය කරන මුදල රුපියල් ලක්ෂ 85 ක්.

 

 

 

 

The post තලවිල මෝය පාලම සංවර්ධනය කෙරේ appeared first on ITN News.

Read More »

සෞදියේ තද ඇඳුම් අඳින පුද්ගලයින්ට හා ප්‍රසිද්ධියේ සිප ගැනීම් සිදු කරන අයට දඩ  

0 comments

තද ඇඳුම් අඳින පුද්ගලයින්ට හා ප්‍රසිද්ධියේ සිප ගැනීම් සිදු කරන අයට එරෙහිව දඩ පැනවීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා.

පොදු විනීතභාවය කඩ කරන්නන්ට එරෙහිවයි මෙලෙස දඩ නියම කිරීම සිදුවන්නේ. වැරදි 19 ක් මේ යටතේ සෞදි රජය ලැයිස්තුගතකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මෙම නීති සෞදි අරාබියට පැමිණෙන සංචාරකයින් සඳහා ද බලපැවැත්වෙනු ඇති. කාන්තාවන් දණහිසින් පහළට ඇඳුම් ඇඳීම සිදු කළ යුතු අතර උරහිස් ආවරණය කිරීමට ද කටයුතු කළ යුතුයි. අදාළ නීති පද්ධතිය මේ වන විට අන්තර්ජාලයට ද එක්කර තිබෙනවා. සෞදි අරාබියට පැමිණෙන සංචාරකයින් සඳහා විද්‍යුත් වීසා ක්‍රමයක් හා ගුවන්තොටුපොළේදී වීසා ලබා දෙන ක්‍රමයක් ද අලුතින් හඳුන්වා දී ඇති අතර මෙම නීති පද්ධතිය ද ඒ සමඟම එළිදක්වා තිබෙනවා.

 

 

 

 

The post සෞදියේ තද ඇඳුම් අඳින පුද්ගලයින්ට හා ප්‍රසිද්ධියේ සිප ගැනීම් සිදු කරන අයට දඩ appeared first on ITN News.

Read More »

සම්බුද්ධ ශාසනය බබලවන යුගයක් නිර්මාණය කරනවා  

0 comments

සම්බුද්ධ ශාසනය බබලවන යුගයක් තම නායකත්වයෙන් නිර්මාණය කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

මිනුවන්ගොඩ නිල්පනාගොඩ ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ ඉදිකළ දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින්. සියලු පහසුකම් සහිතව මෙම ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 40 ක්. විහාරස්ථානයේ පුස්තකාලය සදහා පොත් කට්ටලයක් ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණා.

 

 

The post සම්බුද්ධ ශාසනය බබලවන යුගයක් නිර්මාණය කරනවා appeared first on ITN News.

Read More »

අලි මිය යාම ගැන සොයන්න පරීක්ෂණ කණ්ඩායම් 10ක්  

0 comments

හබරණ හිරිවඩුන්න තුම්බිකුළම රක්ෂිතයේ ඇතින්නියන් මිය යාම සම්බන්ධව සෙවීමට පරික්ෂණ කණ්ඩායම් 10ක් මෙහෙයුම් ක‍්‍රියාත්මක කර තිබෙනවා.

ඉන් කණ්ඩායම් කිහිපයක් කොරසගල්ල ප‍්‍රදේශයේ සිට හිරිවඩුන්න වැව් රක්ෂිතයේ අලි ගමන් ගන්නා මාර්ගය ඔස්සේ ද ගමන් ආරම්භ කළා. අලින් මිය යාමට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ. මිය ගිය ඇතින්නියන් අතර ගැබ්බර ඇතින්නියන් තුන් දෙනෙකු ද සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

The post අලි මිය යාම ගැන සොයන්න පරීක්ෂණ කණ්ඩායම් 10ක් appeared first on ITN News.

Read More »

නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

නීතිවිරෝධී ලෙස මෙරටට සංක‍්‍රමණයවීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

මන්නාරම ඌරුමලේ වෙරළ තීරයේදී සැකකටයුතු යාත‍්‍රාවක් නිරික්ෂණය කිරීමේදීයි මොවුන් අත්අඩංගුවට පත්වුණේ. සැකකරුවන් මුහුදු මාර්ග ඔස්සේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට උත්සාහ කළා. ඔවුන් 2008 වර්ෂයේදී නීතිවිරෝධී ලෙස ඉන්දියාවට සංක‍්‍රමණයවූ ශ්‍රී‍්‍ර ලාංකිකයන් බවයි නාවික හමුදාව පවසන්නේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදී තිබෙනවා.

The post නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

අභාවප්‍රාප්ත රොබට් මුගාබේගේ දේහය ඔහු උපන් නගරයේදී මිහිදන් කෙරේ  

0 comments

සිම්බාබ්වේ හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත රොබට් මුගාබේගේ දේහය ඔහුගේ උපන් නගරයේදී මිහිදන් කර තිබෙනවා.

1980 වසරේ සිම්බාබ්වේ රාජ්‍යයට නිදහස ලැබුණු දා සිට වසර 37 ක් රොබට් මුගාබේ සිම්බාබ්වේ රාජ්‍ය පාලනය කර තිබෙනවා. ඔහු මිය ගියේ පසුගිය 6 වනදායි. සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය යන විට 95 වන වියේ පසුවුණා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා ජාතික විරයන් වෙනුවෙන් සිදු කරන පෙරහැර හෝ විශේෂ උත්සව කිසිවක් සංවිධාන නොකිරීම ද විශේෂත්වයක්. 2017 වසරේ ඔහු අවසන් වශයෙන් ඉල්ලා ඇත්තේ ජාතික වීරයෙකු ලෙස නොව සාමාන්‍ය අයෙකු ලෙස ඔහුගේ උපන් ගම වන දුෂ්කර කුටාමා හි අවසන් කටයුතු කරන ලෙසයි.

 

 

 

The post අභාවප්‍රාප්ත රොබට් මුගාබේගේ දේහය ඔහු උපන් නගරයේදී මිහිදන් කෙරේ appeared first on ITN News.

Read More »

තැපැල් ඡන්ද අයදුම්පත‍්‍ර දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලයට ලබාදෙන්නැයි ඉල්ලීමක්  

0 comments

ජනාධිපතිවරණයට අදාළව මෙතෙක් තැපෑලට යොමු නොකළ අයදුම්පත් ළඟම ඇති දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලයට භාරදෙන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලීමක් කළා.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙට මධ්‍යම රාතී‍්‍ර 12 න් අවසන් වනවා. ජනාධිපතිවරණ ඡන්ද විමසීම නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ. නාම යෝජනා භාරගැනීම ඔක්තෝබර් 7 වෙනිදා පෙරවරු 9 සිට 11 දක්වා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී සිදුකිරීමට නියමිතයි. අපේක්ෂකයන් වෙනුවෙන් ඇප තැන්පත් කිරීම සඳහා ඔක්තෝබර් 6 වෙනිදා දක්වා කාලය ලබාදී තිබෙනවා.

The post තැපැල් ඡන්ද අයදුම්පත‍්‍ර දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලයට ලබාදෙන්නැයි ඉල්ලීමක් appeared first on ITN News.

Read More »

රජයේ සේවක වැටුප් ගැටලුව විසඳීමේ කමිටුව හෙට රැස්වෙයි  

0 comments

රාජ්‍ය අංශයේ වැටුප් ගැටලු වලට විසඳුම් ලබාදීම සඳහා පත්කළ කැබිනට් අනු කමිටුව හෙට රැස්වනවා. එහිදී වර්ජනයේ නිරත වෘත්තීය සමිති සමඟ වෙන වෙනම සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

මංගල සමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර, වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න අමාත්‍යවරුන් ද මෙම කැබිනට් අනුකමිටුවට ඇතුලත්.

The post රජයේ සේවක වැටුප් ගැටලුව විසඳීමේ කමිටුව හෙට රැස්වෙයි appeared first on ITN News.

Read More »

ඇල්පිටිය එජාප බලමණ්ඩල රැස්වීම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්  

0 comments

ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා.

ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ බලමණ්ඩල රැස්වීමට ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිනවා. මේ අතර කොළඹ උද්ඝෝෂණයක නිරතවී සිටින ආබාධිත රණවිරුවන් පිරිසක් මෙම ස්ථානයේදී සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡාවක ද නිරත වී තිබෙනවා. වජිර අබේවර්ධන,පී හැරිසන්,රාජිත සේනාරත්න,අනෝමා ගමගේ යන අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටිනවා.

 

 

The post ඇල්පිටිය එජාප බලමණ්ඩල රැස්වීම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

Read More »

කෙලවරපිටිය විදුලි බලාගාරයෙන් මේගාවොට් 10 ක්  

0 comments

කොළඹ එක්රැස්වන කැලිකසල වලින් විදුලිය නිෂ්පාදනය කිරිම සදහා කෙලවරපිටිය ප්‍රදේශයේ ඉදි කෙරෙන විදුලි බලාගාරයේ ඉදි කිරිම් කටයුතු කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිරික්ෂණයට ලක් කෙරුණා.

කොළඹ නගරයේ එක්රැස්වන අපද්‍රව්‍ය භාවිත කරමින් මේගාවොට් දහයක විදුලි ප්‍රමාණයක් මේ බලාගාරය මගින් නිෂ්පාදනය කිරිමට සැලසුම් කර තිබෙනවා. ව්‍යාපෘතියට සම්බන්ධ නිළධාරින් සමග ද නගරාධිපතිනිය කරුණු සාකච්ඡා කළා. නිරික්ෂණ චරිකාවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කළ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය.

 

 

 

The post කෙලවරපිටිය විදුලි බලාගාරයෙන් මේගාවොට් 10 ක් appeared first on ITN News.

Read More »

නිදහස් පක්ෂය නැතුව කිසිම කෙනෙකුට දිනන්න බැහැ  

0 comments

මෙවර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දක්වන්නේ ඡන්ද සළකුණ පිළිබදව පොදු එකගතාවයකින් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතා පවසනවා. හොරොව්පතාන ප්‍රදේශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

 

The post නිදහස් පක්ෂය නැතුව කිසිම කෙනෙකුට දිනන්න බැහැ appeared first on ITN News.

Read More »

අධික වැස්සෙන් ඉන්දියාවේ 73 දෙනෙකු ජීවිතක්‍ෂයට  

0 comments

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයට හා බිහාර් ප්‍රාන්තයට දින 4 ක් තුළ බලපෑ අධික වැසි හේතුවෙන් පුද්ගලයින් 73 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් හි නැගෙනහිර ප්‍රදේශයටයි දැඩි බලපෑම් එල්ල වුණේ. වාරානාසි නගරයට මිලිමීටර 84 ක දැඩි වර්ෂාවක් ඇද හැලී ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරනවා. නිවාස සිය ගණනකට ගංවතුරෙන් බලපෑම් එල්ල වුණා. මේ හේතුවෙන් පාසල් , සෞඛ්‍ය මධ්‍යස්ථාන වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා. විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

The post අධික වැස්සෙන් ඉන්දියාවේ 73 දෙනෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.

Read More »

දකුණු කොරියාවේ ඉන්ධන නෞකාවක ගින්නකින් නව දෙනෙකු තුවාල ලබයි  

0 comments

දකුණු කොරියාවේ ඉන්ධන නෞකාවක ඇතිවූ ගින්නකින් නාවිකයින් නව දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දකුණු කොරියාවේ වරායක නවතා තිබූ නෞකාවක තිබූ ඉන්දන ටැංකි දෙකක් මෙසේ ගිනි ගෙන ඇති බව සදහන්. අනතුර සිදුවන අවස්ථාවේ රුසියා හා පිලිපීන ජාතික නාවිකයින් 25 දෙනෙකු පමණ නෞකාව තුළ රැදී සිට තිබෙනවා. අනතුර සිදුවූ අවස්ථාවේදීම නාවිකයින් ඉවත් කිරීමටයි දකුණු කොරියා නාවික බලධාරීන් කටයුතු කර ඇත්තේ.

The post දකුණු කොරියාවේ ඉන්ධන නෞකාවක ගින්නකින් නව දෙනෙකු තුවාල ලබයි appeared first on ITN News.

Read More »

වත්තල පොත් අලෙවි සැලක ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වෙයි  

0 comments

වත්තල ප්‍රදේශයේ පොත් අලෙවි සැලක අද උදෑසන ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

වත්තල,නායකකන්ද ප්‍රදේශයේ පිහිටි පොත් අලෙවි සලකුයි මෙසේ ගිනි ගෙන ඇත්තේ. කොළඹ ගිනි නිවීම් සේවා ඒකකය පැමිණ එය සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කළා. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ. කෙසේ වෙතත් ගින්නෙන් වෙළෙදසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. මේ සම්බන්ධයෙන්  වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

 

 

The post වත්තල පොත් අලෙවි සැලක ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වෙයි appeared first on ITN News.

Read More »

චීනයේ අධිවේගී මාර්ග අනතුරකින් 36 දෙනෙකු මියයයි  

0 comments

නැගෙනහිර චීනයේ ජියැන්සු ප‍්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූ රියඅනතුරකින් පුද්ගලයන් 36 දෙනෙකු මියගියා.

තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල්ගත කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මඟී ප‍්‍රවාහන බස් රථයක් ට‍්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. බස් රථයේ කාර්මික ද්‍යෝෂයක් අනතුරට හේතුව බව මූලික පරීක්ෂණවලදී හෙළිවුණා.

The post චීනයේ අධිවේගී මාර්ග අනතුරකින් 36 දෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

ඇමරිකා ජනපතිගේ දුරකථන ඇමතුම්වල පිටපත් ලබාගැනීම සීමා කරයි  

0 comments

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ දුරකථන සංවාදවල පිටපත් ලබාගැනීම ධවල මන්දිරය සීමා කර තිබෙනවා.

රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං සහ සවුදියේ ඔටුන්න හිමි කුමරු සමඟ සිදුකළ සාකච්ඡාවල පිටපත් ලබාගැනීමේදී පළමු වරට මෙම තත්වය උද්ගතව ඇති බවයි විදෙස් මාධ්‍යවේදීන් පෙන්වාදෙන්නේ. දැනට වසරක කාලයක පමණ සිට අවස්ථා කිහිපයකදි මෙම තත්වය දැකගත හැකි වුවද වර්තමානයේ එය සුලභ බව ඔවුන් පවසනවා.

The post ඇමරිකා ජනපතිගේ දුරකථන ඇමතුම්වල පිටපත් ලබාගැනීම සීමා කරයි appeared first on ITN News.

Read More »

රන් ජාවාරමට අත්අඩංගුවට ගත් හිටපු රේගු නිලධාරින් රක්ෂිත බන්ධනාගාරයේ  

0 comments

හිටපු රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්‍ෂ තාරක සෙනෙවිරත්න යන දෙදෙනා ලබන 8 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව ඉදිකළ සඳහිරුසෑයේ තැන්පත් කිරීම සඳහා රත්‍රං කිලෝග්‍රෑම් 8 ක් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මෙම දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ. මෙම රත්‍රං රේගුවේ රාජ සන්තක කිරීමට තිබූ ඒවා බවයි සඳහන් වන්නේ. සැකකරුවන් දෙදෙනා ශ්‍රී ජයවර්ධනපුර හා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොළඹ මූල්‍ය විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ අනුවයි ඔවුන් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ.

 

 

The post රන් ජාවාරමට අත්අඩංගුවට ගත් හිටපු රේගු නිලධාරින් රක්ෂිත බන්ධනාගාරයේ appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG