Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉක්ම වූ සිසුන් 5000 කට ශිෂ්‍යාධාර  

Add comments

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්ම වූ තවත් සිසුන් පන්දහසකට ශිෂ්‍යාධාර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශිෂ්‍යාධාර ලබන සිසුන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ඇත්තේ වසර 11 කට පසුවයි. මෙතෙක් සිසුන් පහළොස් දහසකට පමණ ශිෂ්‍යාධාර හිමිවුණා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ කැබිනට් මණ්ඩල යෝජනාවකට අනුව තවත් පන්දහසකට ශිෂ්‍යාධාර හිමිවීමත් සමග ශිෂ්‍යාධාර ලබන සිසුන්ගේ සංඛ්‍යාව විසිදහස දක්වා ඉහළ යනවා. 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා මෙම ශිෂ්‍යාධාර මුදල සිසුන්ට හිමිවනවා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ද ශිෂ්‍යාධාර අරමුදල් ලබා ගැනීමට අවස්ථාවක් සම්පාදනය කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 250 දෙනෙකු සඳහා ශිෂ්‍යාධාර හිමිවනු ඇති. ශිෂ්‍යාධාර දීමනාව ද රුපියල් පන්සියයේ සිට රුපියල් 750 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. ශිෂ්‍යාධාර ගෙවීම සඳහා අමතර ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 300 ක් වෙන්කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉක්මවූ දරුවන්ගේ දෙමව්පියන්ගේ මාසික ආදායම රුපියල් හාරදහස් පන්සියය නොඉක්මවන අවස්ථාවලදී ශිෂ්‍යාධාර අරමුදල් ලබා දීම මින් පෙර සිදුකෙරුණා. පසුගියදා හිමි වූ කැබිනට් අනුමැතියත් සමග එම ආදායම් සීමාව ද රුපියල් පහළොස් දහස දක්වා සංශෝධනය කර තිබෙනවා.

The post ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉක්ම වූ සිසුන් 5000 කට ශිෂ්‍යාධාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG