Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජය අසාර්ථක බව පෙන්වීමට උත්සහ දරන්නේ අසාර්ථක දේශපාලනඥයින්  

0 comments

රජය අසාර්ථක බව පෙන්වීමට උත්සහ දරන්නේ අසාර්ථක දේශපාලනඥයින් බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

මහා සංඝ රත්නයේ අනුශාසනා මත රජය සිදු කරන සෑම කටයුත්තක්ම සාර්ථක වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

ඔබට ගෙයක් – රටට හෙටක් ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකළ නව නිවාස අටක් ජනතා අයිතියට පත් කිරීම රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. මෙම වැඩසටහන යටතේ ග්‍රාම නිලධාරී වසම් දාහතර දහස් විසි දෙකක නිවාස ඉදිකිරීම් සිදුවනවා.

මේ අතර ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ දඹුල්ල ප්‍රදේශයේ ඉදිකළ නිවාස කිහිපයක් අදාළ පවුල් වෙත භාරදීම සිදුවුණේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. තෝරාගත් පවුල් සදහා නිවාස ඉදිකිරීම දඹුලල් ආසනය තුළ තවදුරටත් සිදුවන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

 

The post රජය අසාර්ථක බව පෙන්වීමට උත්සහ දරන්නේ අසාර්ථක දේශපාලනඥයින් appeared first on ITN News.

Read More »

 මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 200 ඉක්මවයි  

0 comments

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දෙසීයේ සීමාව ඉක්මවා ගියා.

ඒ ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ පහක් වාර්තා වීමත් සමගයි. දර්ගා නගරයේ පදිංචි හැත්තෑ දෙහැවිරිදි පුද්ගලයෙක්,  හෝමාගම පදිංචි පනස් නව හැවිරිදි පුද්ගලයෙක්,  කොළඹ පහ ප්‍රදේශයේ පදිංචි හැට එක් හැවිරිදි කාන්තාවක්,  ගලේවෙල පදිංචි හතලිස් හය හැවිරිදි පුද්ගලයෙක් හා පැල්මඩුල්ල පදිංචි හැත්තෑ පස් හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

 

The post  මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 200 ඉක්මවයි appeared first on ITN News.

Read More »

තවත් විදෙස්ගත ශි‍්‍ර ලාංකිකයන් පිරිසක් දිවයිනට  

0 comments

විදේශයන්හි සිට පුද්ගලයින් දෙසීය පනස් පස් දෙනෙකු අද (01) උදෑසන මෙරටට පැමිණියා.

ඔවුන් ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට පියවර ගැණුනු අතර එම මධ්‍යස්ථාන තුළ මේ වනවිට පුද්ගලයින් පන්දහස් දෙසීය හතලිස් තුන් දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.

මේ අතර ඊයේ (31) දිනයේ දී  මෙරට තුළ පීසිආර් පරීක්ෂණ දොලොස් දහස් පන්සිය අනූ දෙකක් සිදු කළ බව සෞඛ්‍ය අංශ සදහන් කළා.

 

The post තවත් විදෙස්ගත ශි‍්‍ර ලාංකිකයන් පිරිසක් දිවයිනට appeared first on ITN News.

Read More »

රුපියල් 20 නව සමරු කාසිය ජනපතිට පිළිගන්වයි  

0 comments

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70 ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් විස්සේ නව සමරු කාසිය මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වනු ලැබුවා.

කාසිය පැති 7 ක් සහිත හැඩයකින් යුතුව අලුමිනියම් සහ ලෝකඩවලින් නිමවා තිබෙනවා.

කාසි තුන්දහසක සීමිත නිකුතුවක් වන මෙය සංසරණය සදහා භාවිත නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

The post රුපියල් 20 නව සමරු කාසිය ජනපතිට පිළිගන්වයි appeared first on ITN News.

Read More »

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් රථ 273ක් නැවත ධාවනයට  

0 comments

අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු විය.

දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මේ බස් රථ යොදා ගනු ලැබේ.

ප්‍රවාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසක් අනුව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ උපදේශකත්වයෙන් වැඩසටහන ක්‍රියාවට නැංවිණ.

බිඳ වැටී තිබූ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා නව රජය බලයට පත්වීමෙන් පසු වාහන ආනයනය සීමා කරනු ලැබීය. ඒ නිසා මගී ප්‍රවාහනය සදහා අවශ්‍ය බස් රථ හිඟයක් ඇති විය. ඊට පිළියමක් ලෙස ආරම්භ කළ මේ ව්‍යාපෘතිය මගින් බස් රථ ආනයනය සඳහා වැයවන විනිමය ඉතිරි කර ගැනීමට හැකි වෙයි.

දිවයින පුරා ඇති ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 273ක් අලුත්වැඩියා කර ඇති අතර වැය කළ මුදල රුපියල් මිලියන 115කි.

ශ්‍රී ලංකා පොදු ප්‍රවාහන සේවක සමිතියේ පූර්ණ සහය ඇතිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝ හා ලක්දිව ඉංජිනේරු සමාගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මකය.

බස් රථවල ගුණාත්මක ප්‍රමිතිය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවයකයන් සමග සුහද කථා බහක නිරත වෙමින් ඔවුන් දිරිමත් කළේය.

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

 

 

 

 

 

 

The post ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් රථ 273ක් නැවත ධාවනයට appeared first on ITN News.

Read More »

ලොව පුරා ජනතාව 2021 නව වසර උත්කර්ෂවත්ව සමරයි  

0 comments

ලොව පුරා රටවල් රැසක් කොරෝනා අවදානම හමුවේ 2021 නව වසර උත්කර්ෂවත්ව සැමරීමට කටයුතු කළා.

2021 වසර පළමුව උදාවූයේ සැමෝවා දූපත් සමූහයටයි.

බ්‍රිතාන්‍ය නව අවුරුදු උදාව සැමරුවේ බිග්බෙන් කුළුණෙහි සීනුව නාද කිරීමෙන්.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ටයිම්ස් චතුරශ්‍රය ද නව අවුරුදු උදාව සදහා අලංකාරවත්ව සරසා තිබුණා.

ඇමෙරිකාවේ පවතින කොරෝනා අවදානම හමුවේ වුවද අලංකාරවත් ගිනිකෙළි සංදර්ශන  ද පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ.

කොරෝනා වයිසරය ආරම්භ වූ බවට සැළකෙන වූහාන් නගර වැසියන් බොහෝ කලකට පසුව වීථි බැස උත්කර්ෂවත්ව නව අවුරුද්ද සැමරුවා.

උතුරු කොරියාව, දකුණු කොරියාව, හොංකොං රාජ්‍ය ඇතුළු රටවල් රැසක් නව අවුරුද්ද ගිනිකෙළි සංදර්ශනවලින් අලංකාරවත්ව පිළිගැනීමට කටයුතු කර තිබුණා.

The post ලොව පුරා ජනතාව 2021 නව වසර උත්කර්ෂවත්ව සමරයි appeared first on ITN News.

Read More »

හෙරොයින් සහ අයිස් සමඟ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට  

0 comments

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් නවසිය හතලිස් පහකට අධික ප්‍රමාණයක් සහ හෙරොයින්  කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් නවසිය අනූ දෙකක් ට්‍රෝලර් යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.

ජාඇල දික්ඕවිට වරායේ සිට ගමන් ආරම්භ කර ඇති මෙම ට්‍රෝලර් යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වරාය ආසන්නයේ  ජාකොටුවැල්ලේදීයී. නාවික හමුදා යාත්‍රාවක් මෙහි මඟ හරස් කර තිබෙනවා. එහිදී ට්‍රෝලර් යාත්‍රාවේ නම හා ගමන් මාර්ගය වෙනස් කරමින් යාත්‍රා කිරීමට උත්සාහ කළා.  සැකකරුවන් 04 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ. සැකකරුවන් මාතර, පානම සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

 

 

 

 

 

 

 

The post හෙරොයින් සහ අයිස් සමඟ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට appeared first on ITN News.

Read More »

අපිට එන්න කලින් නවසීලන්තයට ආපු දේ  

0 comments

2021 නව වසරේ උදාව පැසිපික් සාගර කලාපයේ සැමෝවා දිවයිනෙන් අද සටහන් වුණා. නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවරට ද 2021 නව වසර මෙරට වේලාවෙන් පස්වරු 4යි 30ට පමණ උදා වුණා. මේ අතර ඇමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව අද කෝටි 02 ඉක්මවා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

The post අපිට එන්න කලින් නවසීලන්තයට ආපු දේ appeared first on ITN News.

Read More »

වී මෝල් හිමියන්ගෙන් ගසා කන්න හදපු කෙනෙකුත් CID අත්අඩංගුවට  

0 comments

වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික්ටොන් තිස්දහසක් අලෙවි කිරීමේදී වී මෝල් හිමියන්ගෙන් වංචා සහගත ලෙස කොමිස් මුදල් ලබාගත් පුද්ගලයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ පැමිණිල්ලකට අනුවයි විමර්ශන ක්‍රියාත්මක කෙරුණේ. මේ පිළිබද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස පැහැදිලි කළා

ඒ අනුව මෙම වංචාව සම්බන්ධයෙන් පසුගිය 24 වනදා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පසුව ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොමිස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදීම අදාළ නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

The post වී මෝල් හිමියන්ගෙන් ගසා කන්න හදපු කෙනෙකුත් CID අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ගෘහ ආර්ථිකය ශක්තිමත් කර ආහාර සුරක්‍ෂිතතාව වැඩි දියුණු කිරීමට පියවර ගන්නවා  

0 comments

ග්‍රාමීය ව්‍යවසායකයන් තුළින් ගෘහ ආර්ථිකය ශක්තිමත් කර ආහාර සුරක්‍ෂිතතාව වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසනවා. මේ සදහා යෝජනා කර ඇති ව්‍යාපෘතීන් නිසි අධීක්‍ෂණය යටතේ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කරන්නැයි ඒ මහතා පශු සම්පත් ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය මගින් අයවැය යෝජනාවලට අනුව ව්‍යාපෘතීන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවිපොළ කළමනාකරණය තුළින් ඵලදායීතාව ඉහළ නැංවීම, දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීම ඊට අයත්. අභිජනන ගොවිපොළ පිහිටුවීම, මධ්‍ය කාලීන පශු සම්පත් සංවර්ධනය, සූකර සංවර්ධන වැඩසටහන හා සුළු පරිමාණ කුකුලු සංවර්ධන වැඩසටහන ද ඊට ඇතුළත් වනවා. මේ අනුව කුඩා පරිමාණ එළු ගොවිපොළ දාහතරදහසක් සහ සූකර ගොවිපොළ දෙදහසක් පිහිටුවීමට නියමිතයි. බිත්තර දමන කිකිලි ගොවිපොළ එක්ලක්‍ෂ හැටදහසක්, වෙනත් කුකුලු ගොවිපොළ 500 ක්, කුඩා පරිමාණ කිරි ආශ්‍රිත නිෂ්පාදන ඒකක දහසක්, මීගව ගොවිපොළ 500 ක් හා තෘණ අලෙවි කිරීමේ මධ්‍යස්ථාන 500 ක් ද දිවයින පුරා පිහිටුවීමයි අරමුණ. රාජ්‍ය අමාත්‍ය ඩී බි හේරත් මහතා හා නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුණා.

 

The post ගෘහ ආර්ථිකය ශක්තිමත් කර ආහාර සුරක්‍ෂිතතාව වැඩි දියුණු කිරීමට පියවර ගන්නවා appeared first on ITN News.

Read More »

මෙල්බන් නුවරින් යළි කොරෝනා ආසාදිතයින් හමු වෙයි  

0 comments

කොරෝනා පාලනය කිරීමෙන් පසු යලි විවෘත කළ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරින් යළි කොරෝනා ආසාදිතයින් හමුවීමට පටන්ගෙන  තිබෙනවා.

කොරෝනා රෝගීන් 06 දෙනෙකු මෙසේ අලුතින් සොයා ගැනීමත් සමග එරට අවදානම ඉහළ ගියා. සිඩ්නි නගරයේ සිට පැමිණි පුද්ගලයකු හරහා එය පැතිර යන්නට ඇති බවයි සැළකෙන්නේ. පසුගිය ජුලි මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා මෙල්බන් නගරයේ දැඩි සංචරණ සීමා පනවා වයරසය පැතිර යාම පාලනය කිරීමට ප්‍රාන්ත  බලධාරීන් කටයුතු කළා. ඒ ඔස්සේ දෙවැනි රැල්ල පාලනය කිරීමට ප්‍රාන්ත බලධාරීන් සමත් වුණා. නවතම තත්ත්වය පාලනය කිරීම  සදහා කඩිනමින් කටයුතු කරන බවයි ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ. ඒ අනුව මුඛ ආවරණ පැළදීම ඇතුළු නිරෝධායන නීති දැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ මෙල්බන් නගරයේ කෝවිඩ් පැතිර යාම වඩාත් දරුණු තත්ත්වයක් බවයි.

 

 

 

 

 

 

The post මෙල්බන් නුවරින් යළි කොරෝනා ආසාදිතයින් හමු වෙයි appeared first on ITN News.

Read More »

සාද පවත්වා කොරෝනා ලබන වසරට රැගෙන යන්න එපා  

0 comments

නව වසර උදාව සාද පවත්වා කොරෝනාව ලබන වසරට රැගෙන යාමෙන් වළකින්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

 

 

 

 

 

The post සාද පවත්වා කොරෝනා ලබන වසරට රැගෙන යන්න එපා appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව කෝටි 02 ඉක්මවා යයි  

0 comments

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව කෝටි 02 ඉක්මවා තිබෙනවා.

ඊයේ දිනයේදී ඇමෙරිකාවෙන් වාර්තා වූ නව ආසාදිතයින් දෙලක්ෂ තිස් හතර දහස් පන්සිය පනස් දෙනා සමගින් මේ වන විට එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව දෙකෝටි විසි එක්ලක්ෂ හය දහස් නවසිය අනූ එකක් දක්වා ඉහළ ගිය බවයි වාර්තා වන්නේ. ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද ලක්ෂ 03 ඉක්මවා ගියා. මේ වන විට වාර්තා වන ගෝලීය කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව අටකෝටි තිස්ලක්ෂ හැත්තෑ එක්දහස් පනසිය හතලිස් එකක් වන අතර ගෝලීය මරණ සංඛ්‍යාව දහඅට ලක්ෂ දොළොස්දහස් දෙසිය හතලිස් නවයක් ලෙසයි දැක්වෙන්නේ.

 

 

 

 

The post ඇමෙරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව කෝටි 02 ඉක්මවා යයි appeared first on ITN News.

Read More »

පළාගිය ආසාධිත රැඳවියන්ගෙන් අයෙක් සොයා ගැනේ  

0 comments

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට පළාගිය එක් රැඳවියෙක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

22 හැවිරිදි වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන එම ආසාදිත රැඳවියා හලාවත, මාදම්පේ ප්‍රදේශයේ දී  හිතවතෙකුගේ නිවසේ සිටිය දී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

The post පළාගිය ආසාධිත රැඳවියන්ගෙන් අයෙක් සොයා ගැනේ appeared first on ITN News.

Read More »

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 639ක් – වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන්  

0 comments

ඊයේ (30) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 639 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 3 දෙනෙකු විදේශිකයන් බවයි වාර්තා වන්නේ.

ඊයේ හදුනාගත් කොරෝනා ආසාදිතයන් 639 දෙනා අතුරින් 190 දෙනෙකු වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 133 දෙනෙකු ද මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 89 දෙනෙකු ද ඊයේ හදුනාගත් පිරිසට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ ඇගලුම් කම්හල හා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළ කොරෝනා පොකුර 38957 ක් දක්වා ඉහළ ගියා.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 42702 ක්. ඒ අතුරින් 7880 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 545 ක්. මේ දක්වා පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 34623 ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

වැලිකන්ද හා පූනානි කෝවිඩ් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ 64 දෙනෙකු අද පෙරවරුවේ නිවෙස් බලා පිටව ගියා. ඔවුන් කොළඹ,  රත්නපුර,  කෑගල්ල හා අනුරාධපුර පදිංචිකරුවන්.

මේ අතර ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 76 ක් තුළ පුද්ගලයන් 5588 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනය තුළ මෙරට පී සී ආර් පරික්‍ෂණ 12926 ක් සිදු කළ බව ද සෞඛ්‍ය අංශ සදහන් කළා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදු කළ පී සී ආර් පරික්‍ෂණවලදී 6 දෙනෙකු හදුනා ගැනුණා. ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු ද කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තා වුණා. නව ආසාදිතයන් හදුනාගත් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදසල් 4 ක් වසා දැමීමට පියවර ගත් බව නාගරික මහජන සෞඛ්‍ය පරික්‍ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා සදහන් කළා.

දංකොටුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන්ගේ මානසික සුවය වෙනුවෙන් සංගීතමය වැඩසටහනක් සංවිධාන කර තිබුණා. නත්තල හා අලුත් අවුරුද්ද වෙනුවෙන් එය පැවැත්වුණේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී තිලක් රණසිංහ මහතා ඇතුලු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන්.

 

The post ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 639ක් – වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.

Read More »

කොරෝනා ආසාදිත රැඳවියන් 5ක් පළායයි  

0 comments

පොළොන්නරුව ගල්ලෑල්ල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැදවූවන් 5 දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් අද (31) අලුයම් කාලයේ පලාගොස් තිබෙනවා.

ඔවුන් මීගමුව බන්ධනාගාරයේ සිට කෝවිඩ් ආසාදිත විම හේතුවෙන් ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර සිටි පුද්ගලයන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

අවුරුදු 22,  23,  26,  32 හා 52 යන වයස් කාණ්ඩවල පසුවන මෙම පුද්ගලයන් සොයා පොලීසිය හා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් මේ අයුරින් පසුගිය කාලය තුළ පලා ගිය පුද්ගලයන් සංඛ්‍යාව 13 ක්. ඔවුන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

The post කොරෝනා ආසාදිත රැඳවියන් 5ක් පළායයි appeared first on ITN News.

Read More »

බිඳ වැටුණු ආර්ථිකය නගා සිටුවීමට සියලු දෙනා එක් විය යුතුයි  

0 comments

යහපාලන රජය විනාශ කළ, පාස්කු ප්‍රහාර නිසා බිද වැටුණු ආර්ථිකය නගා සිටුවීමට දේශපාලන බේදයෙන් තොරව සියලු දෙනා එක් විය යුතු බව  අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹදී  පැවති  මාධ්‍ය  හමුවකදීයී. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.

 

 

The post බිඳ වැටුණු ආර්ථිකය නගා සිටුවීමට සියලු දෙනා එක් විය යුතුයි appeared first on ITN News.

Read More »

ජාතික තරුණ සේවා සභාවේ තරුණ ගොවි පුහුණු මධ්‍යස්ථානයෙහි ඉදිකිරීම් ඇරඹෙයි  

0 comments

ජාතික තරුණ සේවා සභාවේ තරුණ ගොවි පුහුණු මධ්‍යස්ථානයෙහි ඉදිකිරීම් ඊයේ (30) ආරම්භ වුණා. වසරකට තරුණ තරුණියන් පන්සියයකට මෙහිදී පුහුණුව ලබාදීමට නියමිතයි.

අම්පාර ජාතික තරුණ සේවා සභා තරුණ ගොවිපොල පුහුණු මධ්‍යස්ථානය සහ නේවාසිකාගාරයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ මූලිකත්වයෙන්. නවීන තාක්ෂණය සමග තරුණ තරුණියන් කෘෂිකර්මාන්තය සදහා යොමුකරවීමට අවශ්‍ය පුහුණු පාඨමාලා මෙහිදී පැවැත්වීම අරමුණයි.

දැනට ගොවිපොල භූමියෙහි පවත්වාගෙන යන වගාවන් නිරීක්ෂණයට ද රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස එක්වුණා. අම්පාර කළුගල්ඔය ජලාශයට මත්ස්‍ය පැටවුන් මුදාහැරීම ද සිදුකෙරුණා.

 

 

 

 

The post ජාතික තරුණ සේවා සභාවේ තරුණ ගොවි පුහුණු මධ්‍යස්ථානයෙහි ඉදිකිරීම් ඇරඹෙයි appeared first on ITN News.

Read More »

සෙනරත් පරණවිතාන මහතාගේ 124 වන ගුණ සමරු උත්සවය උත්කර්ෂවත්ව පැවැත්වෙයි  

0 comments

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ 124 වන ගුණ සමරු උත්සවය එම දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා.

මහාචාර්ය සෙනරත් පරණවිතාන ගුණසමරු උත්සවය පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මහාචාර්ය පරණවිතාන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ආරාධිතයන් අතින් සිදු කෙරුණා. පුරාවිද්‍යා උරුමයන් පිළිබද ළමා පරපුර වෙනුවෙන් සකස් කිරීමට නියමිත චිත්‍ර කතා පොතෙහි ආකෘතිය පිළිගැන්වීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ යූ ටියුබ් චැනලය සහ ෆේස්බුක් ගිණුම විවෘත කිරීමද මෙහිදී සිදු කෙරුණා. මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ දේශනය සිදු කළේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතායි. අමාත්‍යාංශ ලේකම් ඒ පී කොඩිකාර, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුනා.

 

 

The post සෙනරත් පරණවිතාන මහතාගේ 124 වන ගුණ සමරු උත්සවය උත්කර්ෂවත්ව පැවැත්වෙයි appeared first on ITN News.

Read More »

බේරේවැව එළිමහන් අවන්හල ජන අයිතියට  

0 comments

බේරේවැව එළිමහන් අවන්හල ජන අයිතියට පත් කෙරුණා.

රුපියල් මිලියන 60 ක වියදමින් නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය පදිකයන්ගේ සනීපාරක්‍ෂාව,  භෝජන පහසුකම්,  විවේක පහසුකම් ඇතුලු පහසුකම් රැසකින් සමන්විතයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත එය ක්‍රියාවට නැංවුණා.

එළිමහන් අවන්හල ජන අයිතියට පත් කිරීම සිදුකෙරුණේ අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස් හා රමේෂ් පතිරණ,  රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

 

 

 

 

 

 

The post බේරේවැව එළිමහන් අවන්හල ජන අයිතියට appeared first on ITN News.

Read More »

කෞතුක භාණ්ඩ කිහිපයක් සමඟ 7 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

රුපියල් කෝටි 10 කට අධික මුදලකට විදේශිකයෙකුට අලෙවි කිරීම සදහා මහනුවරට රැගෙන විත් තිබූ භාණ්ඩ කිහිපයක් සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයයි වැටලීම සිදු කළේ. සැකකරුවන් අතර හිමිනමක ද වන බව පොලීසිය පවසනවා. පුරා වස්තු ජාවාරමක් සදහා පැමිණි මෙම පිරිස මහනුවර හෝටලයක නවාතැන් ගෙන සිටින බවට ලද තොරතුරකට අනුවයි ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. ඉපැරණී වී ඕ සී පලගනාවක් ඇතුලු භාණ්ඩ සැකකරුවන් ළඟ තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ භාණ්ඩ මිලදී ගැනීම සඳහා විදේශිකයෙකු මෙරටට පැමිණෙන තෙක් ඔවුන් සුඛෝපභෝගි හෝටලයේ රැඳී සිට ඇති බවයි හෙළි වුණේ. ඒ සඳහා රුපියල් ලක්‍ෂ 10 ක් පමණ වන හෝටල් බිල පවා අදාළ විදේශිකයා ගෙවා ඇති බව පොලීසිය පවසනවා. සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙම භාණ්ඩ සොරකම් කළ ඒවා ද එසේ නැතිනම් නිධානයකින් ලබා ගත්තේ ද යන්න ආදිය පිළිබඳ පරික්‍ෂණ පවත්වන බව මහනුවර පොලීසිය පවසනවා.

 

 

 

 

The post කෞතුක භාණ්ඩ කිහිපයක් සමඟ 7 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

යේමනයේ ඒඩන් ගුවන්තොටුපලට එල්ල වූ මිසයිල ප‍්‍රහාරයකින් 22ක් ජිවිතක්ෂයට  

0 comments

යේමනයේ සන්ධාන රජය බලය බෙදා ගැනීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ පැවති සාකච්ඡා අවසන් කරමින් නැවත පැමිණීමත් සමග එරට ඒඩන් ගුවන්තොටුපලට මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 22 දෙනෙකු මිය ගිය අතර 50 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. යේමනයේ අග්‍රාමාත්‍ය මේන් අබ්දුල් මාලෙක් පවසන්නේ කිසිදු කැබිනට් සාමාජිකයෙක්ට එම ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදුව නැති බවයි.

ගුවන්තොටුපලට එල්ල වූ මිසයිල ප්‍රහාර පිළිබදව පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. ප්‍රහාරය පිටපස ඉරානයේ සහාය ලබන කැරලිකරුවන් පිරිසක් සිටින බව සෞදි අරාබිය පැවසුවත් මෙතෙක් කිසිවෙකු එහි වගකීම භාරගෙන නැහැ.

 

 

 

 

 

 

 

 

 

The post යේමනයේ ඒඩන් ගුවන්තොටුපලට එල්ල වූ මිසයිල ප‍්‍රහාරයකින් 22ක් ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

පාසැල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ නියාමනයට වැඩපිළිවෙලක්  

0 comments

පාසැල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ නියාමනය සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

 

 

 

 

 

 

 

The post පාසැල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ නියාමනයට වැඩපිළිවෙලක් appeared first on ITN News.

Read More »

ජාතික පාසල් 1000ක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙල ඇරඹෙයි  

0 comments

ජාතික පාසල් දහසක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙලේ සමාරම්භය ඊයේ (30) සිදු කෙරුණා. ඒ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේදීයි.

ජාතික පාසල් දහසක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භක පාසල ලෙස වසර දෙසීයක් පැරණි ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය තෝරාගෙන තිබෙනවා. නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා ද එම විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ අක්කර 14 ක භූමි පරිශ්‍රයක පිහිටා ඇති මෙම විද්‍යාලය දරුවන්ට අංග සම්පූර්ණ අධ්‍යාපනයක් ලබාදීම සදහා අවශ්‍ය පහසුකම් සපයන බවයි ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සදහන් කළේ.

පාසල් අතර පවත්නා විෂමතා අවම කිරීම සදහා රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියා. දරුවන් සදහා වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දීමට ද වැඩපිළිවෙලක් සකස් කෙරෙනවා. යල්පැනගිය විෂයමාලා වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.

ජාතික පාසල් දහසක් පිහිටුවීමේ වැඩපිළිවෙළේ පළමු අදියර යටතේ පාසල් 123ක් සංවර්ධනය කෙරෙනවා.

 

 

The post ජාතික පාසල් 1000ක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙල ඇරඹෙයි appeared first on ITN News.

Read More »

නව බ්‍රෙක්සිට් එකඟතාවට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය  

0 comments

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ නව බ්‍රෙක්සිට් එකඟතාවට ඊයේ එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුරෝපා සංගමය සමඟ බ්‍රසල්ස් හිදී මෙම ගිවිසුමට අත්සන් තැබුවා. බ්‍රිතාන්‍යය ග්‍රිනිච් වේලාවට අනුව අද දිනයේ 23 වන පැයේදී යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය නිල වශයෙන් වෙන්වීමටයි කටයුතු කර තිබෙන්නේ.

යුරෝපා සංගමයෙන් වෙන් වීමට බ්‍රිතාන්‍ය පැවැත්වූ ජනමත විචාරණයෙන් වසර 4 කට පසු මෙම තීරණයට එළඹ තිබෙනවා.

වෙන්වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර වෙළෙඳ සබඳතා පැවැත්වෙන ආකාරය තීරණය කෙරෙනු ඇති.

 

 

 

The post නව බ්‍රෙක්සිට් එකඟතාවට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය appeared first on ITN News.

Read More »

ඩකා ගුවන් තොටුපළ අසල පොලොව යට තිබී කිලෝ ග‍්‍රැම් 250ක බෝම්බයක් හමුවෙයි  

0 comments

බංගලිදේශයේ ඩකා ගුවන් තොටුපළ අසල පොලොව යට තිබී කිලෝ ග‍්‍රැම් 250ක බෝම්බයක් හමුවී තිබෙනවා.

එය 1971 වසරේ ඇති වූ නිදහස් සටනේදී හෙළු බෝම්බයක් විය හැකි බවටයි ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ.

මෙම ප‍්‍රදේශයේ තිබී මීට පෙර එවැනි බෝම්බ හතරක් හමුවී තිබෙනවා. ඉදිකිරිම් භූමියක් සකස් කිරිමේදී එය හමුවී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

The post ඩකා ගුවන් තොටුපළ අසල පොලොව යට තිබී කිලෝ ග‍්‍රැම් 250ක බෝම්බයක් හමුවෙයි appeared first on ITN News.

Read More »

බීමත් සහ අපරික්ෂාකාරි රියදුරන් 1398 දෙනෙක් අත්අඩංගුවට  

0 comments

පසුගිය විසි වනදා සිට සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් පනස් දෙනෙක් මියගොස් තිබෙනවා.

එකසිය තිස් දෙදෙනෙක් බරපතල තුවාල ලැබුවා.

බීමත් හා අපරික්ෂාකාරි රියදුරන් 1398 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

The post බීමත් සහ අපරික්ෂාකාරි රියදුරන් 1398 දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත පළමු මාත්‍රාව ලබාදීමෙන් අනතුරුව 70%ක ප්‍රගතියක්  

0 comments

ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත පළමු මාත්‍රාව ලබාදීමෙන් අනතුරුව සියයට 70 ක ප්‍රගතියක් පෙන්වා ඇති බව විද්‍යාඥයින් පවසනවා.

පළමු එන්නත ලබාදී දින 21 කින් අනතුරුව මෙම එන්නතෙහි ඵලදායිතාව සියයට 70 ක් බවයි වාර්තා වන්නේ.ඇස්ට්‍රා සෙනෙකා සමාගම  හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්ව මෙම එන්නත නිෂ්පාදනය කර තිබෙනවා.

පළමු එන්නත ලබාදී සති 04 ත් සති 12 ත් අතර  කාලය තුළ දෙවන එන්නත ලබා දීමෙන් ඵලදායිත්වය වඩා වර්දනය කර ගත හැති බවයි විද්‍යාඥයින් පවසන්නේ. ඇස්ට්‍රා සෙනෙකා එන්නත ජනතාවට ලබාදීම සදහා අනුමැතිය ලබා දුන් පළමු රට වන්නේ බ්‍රිතාන්‍යයයි.

 

 

 

 

 

The post ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත පළමු මාත්‍රාව ලබාදීමෙන් අනතුරුව 70%ක ප්‍රගතියක් appeared first on ITN News.

Read More »

2020 හෙටින් ඉවර වුණත් රංචු ගැසී විනෝදය එපා – සිවිල් පොලීසිය විමසිල්ලෙන්  

0 comments

හෙට දෙසැම්බර් 31 වුවද වෙනදා මෙන් පිරිස පිරිවරා විනෝද වීමට නොහැකි බව පොලීසිය අවධාරනය කරනවා. සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් පොදු ප්‍රවාහන සේවා නිරීක්ෂණයට ද යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

මේ වන විට පොලිස් බල ප්‍රදේශ 09 ක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කර තිබෙනවා. නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ද ක්‍රියාත්මක බවයි අජිත් රෝහණ මහතා අවධාරණය කරන්නේ.

 

 

The post 2020 හෙටින් ඉවර වුණත් රංචු ගැසී විනෝදය එපා – සිවිල් පොලීසිය විමසිල්ලෙන් appeared first on ITN News.

Read More »

රූපවාහිනී මහගෙදර යළි අංක 1කේ පෙරනිමිති පෙන්වයි – ඇමති කෙහෙළිය  

0 comments

ස්වාධීන රූපවාහිනියට සැබැවින්ම පෙනෙන සුබ අනාගතයක ලකුණු පවතින බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. එමෙන්ම සේවකයා  ඇගයීමට ලක් කරමින් අංක එකේ නාලිකාව බවට නැවතත් ස්වාධීන රූපවාහිනිය පත් කිරීමට තමන් කැපවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. රාජ්‍ය මාධ්‍ය ආයතන නිරීක්ෂණ චාරිකාවේ පළමුවැන්න ලෙස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අද පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට පැමිණි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පිළිගත්තේ සභාපති සුදත් රෝහණ මහතායි. පිළිගැනීමෙන් අනතුරුව ඒ මහතාගේ සංචාරය   සිහිගන්වමින් ඖෂධීය නෙල්ලි පැලයක් ආයතනයේ රෝපණය කිරීම සිදු වුණා. ඉන් අනතුරුව කාලයක් තිස්සේ අඩු පාඩුවක්ව පැවති වෘත්තීය සමිති කාර්යාලය විවෘත කිරීමට ද අමාත්‍යවරයා එක්වුණා. එමෙන්ම ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති නව මැදිරි සංකීර්ණය ඉදිකිරීමට යෝජිත භූමිය දඅමාත්‍යවරයා  නිරීක්ෂණය කළා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ලක්හඩ ගුවන්විදුලි මැදිරි සංකීර්ණයට අමාත්‍යවරයා පැමිණියේ ඉන් අනතුරුයි.

එහිදී සජීව ප්‍රවෘත්ති විකාශය අතරතුර ශ්‍රාවකයන් ඇමතීමට ද අමාත්‍යවරයා  අමතක කළේ නැහැ. ස්වාධීන රූපවාහිනී ප්‍රධාන  පාලක මැදිරිය හා නව ප්‍රධාන පාලක මැදිරිය ස්ථාපිත කිරීමට යෝජිත ස්ථානය ද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. ආයතනයේ අධි විස්තෘත මැදිරි සංකීර්ණය ද  අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර ආයතන ශ්‍රවනාගාරයේ පැවති  උත්සවයට අමාත්‍යවරයා එක් වුණේ ඉන් පසුවයි. ඒ මහතාගේ  පැමිණීම වෙනුවෙන්  කේක් කැපීමේ අවස්ථාවකට ද එක් වුණා. අමාත්‍යවරයා වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සිහිවටන තිළිණය පිරිනැමුවේ සභාපති සුදත් රෝහණ මහතායි. වෘත්තීය සමිති නියෝජිතයන් අමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූවා.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂ හසන්ත හෙට්ටිආරච්චි හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වෘත්තීය සමිතියේ අයිටීඑන් ශාඛාවේ ලේකම් මංගල රදලියගොඩ යන මහත්වරුන් සභාව ඇමතුවා. රැස්ව සිටි පිරිස ඇමතු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා කියා සිටියේ ගත වූ වසරක කාලය තුළ ජනතාව නරඹන රූපවාහිනී නාලිකාවක් බවට ස්වාධීන රූපවාහිනිය පත් කළ බවයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක හා   ඉහළ කළමනාකාරීත්වය, වෘත්තීය සමිති නියෝජිතයන් මෙන්ම  සේවක මණ්ඩලය  ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post රූපවාහිනී මහගෙදර යළි අංක 1කේ පෙරනිමිති පෙන්වයි – ඇමති කෙහෙළිය appeared first on ITN News.

Read More »

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නට උපහාර  

0 comments

ජෙනරාල් ධූරය දක්වා උසස් කරනු ලැබූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට උපහාර පිදීමේ උත්සවයක් රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ මෙන්ම රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේද ලේකම්වරයා ලෙස කටයුතු කරනවා. අමාත්‍යාංශ දෙකක ලේකම් ධූරය හොබවන එකම රාජ්‍ය නිලධාරියා වන්නේද ජෙනරාල් කමල් ගුණරත්න මහතායි.

රාජ්‍ය අමාත්‍යාංශයේ උසස් නිළධාරීන්, ආයතන ප්‍රධානීන් හා හමුදා ප්‍රධානීන් මෙම උත්සවයට එක්ව සිටියා.

 

The post ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නට උපහාර appeared first on ITN News.

Read More »

මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව අධිකරණ ඇමතිට  

0 comments

මහර බන්ධනාගාර සිද්ධිය පිළිබද සොයා බැලීමට පත් කළ කමිටුවේ පූර්ණ වාර්තාව අධිකරණ අමාත්‍යවරයා වෙත අද භාර දුන්නා. මේ අතර මෙම ගැටුමෙන් මියගිය තවත් රැදවූවන් 4 දෙනෙකුගේ සිරුරු ආදාහනය කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා.  මෙම සිරුරු කෝවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජයේ වියදමින් ආදාහනය කරන ලෙසයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කළේ.

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් ඇති වුණේ පසුගිය නොවැම්ර් 29 වනදායි. සිද්ධිය පිළිබද සොයා බැලීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා එදිනම කමිටුවක් පත් කළා. එහි වාර්තාව මසකින් ලබාදෙන ලෙසයි දැනුම් දී තිබුණේ. ඒ අනුව අදාළ වාර්තාව එහි සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අමාත්‍යවරයා වෙත අද භාර දුන්නා. කමිටුවේ සෙසු සාමාජිකයන් වන ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා, අමත්‍යාංශ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී ආර් එල් රණවීර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්වුණා. මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ බන්ධනාගාර තදබදය අවම කිරිම ඇතුළු පියවර රැසක් මේ වන විටත් ගෙන ඇති බවයි.

මේ අතර මහර බන්ධනාගාර ගැටුම පිළිබද නඩුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද විභාගයට ගත්තා. ඒ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ගොනු කර තිබූ මෝසමකට අනුවයි. සිද්ධියෙන් මියගිය කොරෝනා ආසාදිත නොවූ රැදවියන් තුන් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ සම්බන්ධයෙන් වන ප්‍රගතිය ලබන 08 වනදා අධිකරණයට වාර්තාකරන ලෙසයි මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පංච පුද්ගල විද්වත් කමිටුවට නියෝග කළේ. සිද්ධිය පිළිබද පරික්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස රහස් පොලීසියට ද නියෝග කළා. අවශ්‍ය වුවහොත් අමාත්‍ය විමල් වීරවංශ හා රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස ද රහස් පොලීසියට නියෝග කළා. ඒ විමල් වීරවංශ මහතා සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කර ඇති අදහස් දැක්වීම් පිළිබද ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුවයි. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපති සම්බන්ධීකාරක රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පෙනී සිටියා.

 

The post මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව අධිකරණ ඇමතිට appeared first on ITN News.

Read More »

විදාතා නිලධාරීන් නොමැති ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට පුහුණු නිලධාරීන්  

0 comments

ග්‍රාමීය තරුණ තරුණියන් අතරින් නව ව්‍යවසායකයන්  බිහිකිරීමට අවශ්‍ය තාක්ෂණික සහ ව්‍යවසායකත්ව දැනුම ලබාදීමට විදාතා සහ නිපුනතා සංවර්ධන නිලධාරීන් ප්‍රමුඛතාව ගත යුතු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. විදාතා නිලධාරීන් නොමැති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සදහා උපාධිධාරී පුහුණු නිලධාරීන් බදවාගැනීමටද අවධානය යොමුව තිබෙනවා.

ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයී.  නිපුනතා සංවර්ධන,වෘත්තීය අධ්‍යාපන, පර්යේශෂන හා නව නිපැයුම් සම්බන්ධයෙන් සහ වේවැල්,පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා. මෙම විෂයන්ට අදාළ රාජ්‍ය අමාත්‍යාංශ මගින් සිදු කෙරෙන අය වැය යෝජනා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. ග්‍රාම සේවා වසමකට කර්මාන්තකරුවෙකු බැගින් නව කර්මාන්තකරුවන් 14022 දෙනෙකු බිහිකිරීම අය වැයේ අපේක්ෂාවයි. විදාතා නිලධාරීන් එම නව කර්මාන්තකරුවන් හදුනාගැනීම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැළසිය යුතුයි. පාරම්පරික ගම්මාන ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් ද මේ යටතේ ක්‍රියාත්මක කෙරෙනවා. රජයේ ආයතන සම්බන්ධ කරගනිමින් තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබාදී ග්‍රාමීය ජනතාව සවිමත් කිරීම රජයේ අපේක්ෂාවයි. සීතා අරඹේපොල, ප්‍රසන්න රණවීර යන රාජ්‍ය අමාත්‍යවරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

 

The post විදාතා නිලධාරීන් නොමැති ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට පුහුණු නිලධාරීන් appeared first on ITN News.

Read More »

රන්බිම ඔප්පු ප්‍රදානය කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහනින් ප්‍රතිලාභීන් 120 කට ඉඩම් ඔප්පු  

0 comments

රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව රන්බිම ඔප්පු ප්‍රදානය කිරිමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන අද පැවැත්වුණා. ඒ කෑගල්ල නගර සභා ශාලාවේදීයි.

ඉඩම් ඔප්පු 120ක් ප්‍රතිලාභීන් වෙනුවෙන් ලබා දීම මෙහිදී සිදුවුණා. රන්බිම ඔප්පු වැඩසටහන යටතේ දිවයින පුරා ජනතාවට ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සදහන් කළේ දේශපාලන අධිකාරිය මෙන්ම රජයේ නිලධාරීන් ද කාර්යක්ෂමව කටයුතු කිරීමෙන් පමණක් ජනතාවට මනා සේවයක් ඉටු කළ හැකි බවයි. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ද මෙහිදී අදහස් පළකලා.

 

 

 

The post රන්බිම ඔප්පු ප්‍රදානය කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහනින් ප්‍රතිලාභීන් 120 කට ඉඩම් ඔප්පු appeared first on ITN News.

Read More »

මාවනැල්ල ගල්කොරියක පුපුරණද්‍රව්‍ය අතුරුදන් වීම ගැන සෙවීමට විශ්‍රාමික හමුදා නිලධාරියෙක්  

0 comments

මාවනැල්ල ගල්කොරියක තිබූ පුපුරණද්‍රව්‍ය අතුරුදන් වීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සදහා විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත්කර තිබෙනවා. මෙම පුපුරණ ද්‍රව්‍ය කිසියම් බාහිර පාර්ශ්වයක් වෙත කඩාකප්පල්කාරී ක්‍රියාවන් සදහා ලබා දුන්නේද යන්න පිළිබද පුළුල් විමර්ශනයක් සිදු කරන බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.

 

 

 

The post මාවනැල්ල ගල්කොරියක පුපුරණද්‍රව්‍ය අතුරුදන් වීම ගැන සෙවීමට විශ්‍රාමික හමුදා නිලධාරියෙක් appeared first on ITN News.

Read More »

සිය ජනතාවට කොරෝනා එන්නත ලබා දීමට වෙනිසියුලාව රුසියාව සමඟ ගිවිසුමක් අත්සන් කරයි  

0 comments

සිය ජනතාවට ස්පුට්නික් වී කොරෝනා එන්නත නොමිලේ ලබා දීමට වෙනිසියුලාව රුසියාව සමග ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

වෙනිසියුලා රජය රුසියාවෙන් ස්පුට්නික් වී එන්නත් මිලියන 10 ක් මිලදී ගැනීමට නියමිතයි. 2021 වසරේ පළමු මාස තුන තුලදී එන්නත් මිලදී ගැනීමේ පළමු වටය නිම කිරීමට වෙනිසියුලා ජනාධිපති නිකලස් මධුරෝ සැලසුම් කර තිබෙනවා. වෙනිසියුලාවට පැමිණ සිටින සංක්‍රමණිකයන් නව ලක්ෂයක් හැර සෙසු සියලු දෙනාට මෙම එන්නත නොමිලේ ලබා ගැනීමට හැකි බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. එම එන්නත අදියර තුනක් යටතේ ජනතාවට ලබා දීම සිදුකර ඇති අතර එහි කිසිදු අතුරු ආබාධයක් මතු නොවන බව අනාවරණය වී ඇතැයි වෙනිසියුලා ජනාධිපතිවරයා සදහන් කළා.

 

 

The post සිය ජනතාවට කොරෝනා එන්නත ලබා දීමට වෙනිසියුලාව රුසියාව සමඟ ගිවිසුමක් අත්සන් කරයි appeared first on ITN News.

Read More »

තවත් 698ක් සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 34,000 ඉක්මවයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 698 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 34,623ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 698ක් සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 34,000 ඉක්මවයි appeared first on ITN News.

Read More »

උතුරු ඉන්දියාවේ දැඩි ශීත කාලගුණයක්  

0 comments

උතුරු ඉන්දියාවේ දැඩි ශීත කාලගුණයක් ඇති වී තිබෙනවා.

හර්යානා ප්‍රාන්තයේ ඇතැම් කොටස්වල උෂ්ණත්වය අංශක බින්දුවක් ලෙස වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ඇතැම් ස්ථානවලට හිමපතනය ද සිදුවී තිබෙනවා. ජම්මු සහ කාශ්මීර්, ලඩාක්, හිමාචල්, උත්තරාකන්ද් ආදී ප්‍රදේශවල ඉහළ හිම පතනයක් දක්නට ලැබෙනවා. දිල්ලි නගරයේ ද සෙල්සියස් අංශක 3.6ක් වැනි අඩු උෂ්ණත්වයක් වාර්තා වුණා. හිමාචල් ප්‍රදේශයේ දැඩි සීත සුළං රැළි හමා යාම ද මේ දිනවල සිදුවන බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

 

The post උතුරු ඉන්දියාවේ දැඩි ශීත කාලගුණයක් appeared first on ITN News.

Read More »

ඉරානය නිෂ්පාදනය කළ කොරෝනා එන්නත එරට ජනතාවට ලබාදීම ආරම්භ කෙරේ  

0 comments

ඉරානය තුළ නිෂ්පාදනය කළ කොරෝනා මර්දන එන්නතක් එරට ජනතාවට ලබාදීම ආරම්භ කර තිබෙනවා.

ශීෆා ෆාමඩ් නම් සමාගමකුයි මෙම එන්නත නිෂ්පාදනය කර ඇත්තේ. අවුරුදු 18 ත් 50 ත් අතර ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින් පනස් හය දෙනෙකු යොදා ගනිමින් එන්නත අත්හදා බැලීම සිදු කෙරුණා. එන්නත ලබාගැනීමෙන් පසු ඔවුන් මාසයක කාලයක් නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතුයි. දෙවන වටය සදහාද පුද්ගලයන් පන්සිය දෙනෙකු යොදා ගනිමින් එන්නත පරීක්ෂා කර බැලීමට නියමිතයි.

 

 

The post ඉරානය නිෂ්පාදනය කළ කොරෝනා එන්නත එරට ජනතාවට ලබාදීම ආරම්භ කෙරේ appeared first on ITN News.

Read More »

ITN මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහනින් ප‍්‍රජා සත්කාර රැසක්  

0 comments

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය සංවිධාන කළ මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහනක් පැවැත්වුණා.

කොළඹ 10 විහාර මහා දේවී විද්‍යාලයේ දීයි මෙය පැවැත්වුණේ. දිවයින පුරා දුෂ්කරතා සහිත පාසල් 30 ක් තෝරාගෙන එම පාසල්වලට විෂබීජනාශක දියර ඉසින යන්ත්‍ර කට්ටල, විශබීජනාශක දියර සහ පාදයෙන් ක්‍රියාත්මක කරන ජල කරාම ලබා දීම මේ යටතේ සිදු කෙරුණා. ආරක්ෂක අංශ සමාජිකයන් සදහා ආරක්ෂික ඇදුම් කට්ටල සියයක් සහ ලුනාව ආයුර්වේද රෝහල ඇතුළු ආයතන කිහිපයක් වෙත මුඛ ආවරණ සහ අත්සේදුම්කාරක අඩංගු පාර්සල් 100 ක් බෙදා හැරීම ද සිදු කෙරුණා.

මේ අතර කලාකරුවන් සදහා භාණ්ඩ බෙදා දීමට ස්වාධීන කලා පර්ශදය කටයුතු කළා. ඉතාලියේ වෙසන චිත්‍රපට නිශ්පාදන නිශාන්ත ජයකොඩි මහතා ඇතුළු පිරිසකගේ දායකත්වයෙනුයි මෙම පරිත්‍යාගයන් සිදු කෙරුණේ. කලාකරුවන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්වුණා.

The post ITN මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහනින් ප‍්‍රජා සත්කාර රැසක් appeared first on ITN News.

Read More »

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් හෙට  

0 comments

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් හෙට ආරම්භ වනවා. ඒ මත්තේගොඩ, කැකුණගහවත්ත ප්‍රදේශයේ අක්කර 10ක භූමි භාගයකයි. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන තුන්දහස් හයසිය විසිපහක්. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුළු මැති ඇමතිවරුන් ඇතුළු විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙහි ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතයි.

 

 

 

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් හෙට appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍යයෙන් කොරෝනා ආසාදිතයින් 53135ක් හඳුනා ගැනේ  

0 comments

නව කොරෝනා වයිරස් ප්‍රභේදය පැතිරයාමත් සමග බ්‍රිතාන්‍යයෙන් ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් පනස් තුන්දහස් එකසිය තිස් පස් දෙනෙකු හදුනා ගැනුණා.

බ්‍රිතාන්‍යයේ ප්‍රදේශ රැසක නව වයිරස් ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව සදහන්. මේ හේතුවෙන් ඊයේ දිනයේ සිට බ්‍රිතාන්‍යයේ කොරෝනා නීතිරීති දැඩි කිරීමටද කටයුතු කර තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයෙන් අනතුරුව වැඩිම ආසාදිතයින් පිරිසක් මේ මාසය තුළ වාර්තාවීම විශේෂත්වයක්.  එරටින් සොයාගත් නව කොරෝනා වයිරස් ප්‍රභේදය පළමුවරට ඇමෙරිකාවෙන් සහ චිලී රාජ්‍යයෙන්ද වාර්තා වුණා. ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයෙනුයි මෙම වයිරසය ආසාදිත පළමු පුද්ගලයා සොයා ගැනුණේ. ඔහු  20 හැවිරිදි මෑත කාලයේ කිසිදු සංචාරක ඉතිහාසයක්ද නොමැති පුද්ගලයෙක්. මීට අමතරව ඉන්දියාව, දකුණු අප්‍රිකාව,එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවක නව වයිරස් ප්‍රභේදය වැළදුනු රෝගීන් වාර්තා වී තිබෙනවා. මේ වන විට වයිරසය ආසාදිත පුද්ගලයා හුදෙකලා කර තිබෙනවා. ඇමෙරිකාවෙන් මේ දක්වා මිලියන 19 කට වැඩි ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

The post බ්‍රිතාන්‍යයෙන් කොරෝනා ආසාදිතයින් 53135ක් හඳුනා ගැනේ appeared first on ITN News.

Read More »

කැබිතිගොල්ලෑවට ගිය ජනපති ගමේ ප්‍රශ්න විසඳන්න ගම සමඟ පිළිසඳරේ  

0 comments

ජනපති ගම සමග පිළිසදර හතරවන වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර කැබිතිගොල්ලෑව කණුගහ වැව ගම්මානයේ දී මේ වන විට පැවැත්වෙනවා. ඒ පිළිබද තොරතුරු ගෙන එන අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප.

ජනපති ගම සමග පිළිසදර පළමු වැඩසටහන බදුල්ල හල්දුම්මුල්ල ගම්මානයෙන් ආරම්භ කෙරුණා. සිව්වන වැඩසටහන පැවැත්වෙන කැබිතිගොල්ලෑව කණුගහ වැව ගම්මානය අතිශයින් දුෂ්කර ගම්මානයක් ලෙසයි සැළකෙන්නේ. මෙම ගම්මානයේ ජනතාව මූලික යටිතල පහසුකම් අහිමිවීම නිසා දීර්ඝ කලක් පීඩාවන්ට පත්වුණා. ජනතාව අතරට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔවුන් සමග සුහද පිළිසදරක යෙදෙමින් ඔවුන්ගේ ගැටළුවලට ද  සවන් දුන්නා. ජනපති ගම සමග පිළිසදර වැඩසටහනට මහා සංඝරත්නය මෙන්ම ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් එක්ව සිටියා.

 

The post කැබිතිගොල්ලෑවට ගිය ජනපති ගමේ ප්‍රශ්න විසඳන්න ගම සමඟ පිළිසඳරේ appeared first on ITN News.

Read More »

දිවයින පුරා මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මකයි  

0 comments

දිවයින පුරා මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

හිගුරක්ගොඩ ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාසයේ ගිරිතලේ සිට නුගගහ දමන  දක්වා මාර්ගය සංවර්ධනය කෙරෙන්නේද කිලෝමීටර් ලක්ෂයක් වැඩසටහන යටතේයී. ඊට වැය කරන මුදල රුපියල් මිලියන 22 ක්. කිලෝමීටර එකයි මීටර් 40 ක් දුරට එය සංවර්ධනය කෙරෙනවා. මෙහි වැඩ ආරම්භ කෙරුණේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය  සභාවේ සභාපති ඩී.ආර් උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.

මඩකලපුව කෝරලෙයිපත්තු කින්නයඩි ප්‍රදේශයේ මාර්ගයක් සංවර්ධනය කෙරෙන්නේ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක වියදමින්. රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ කෙරුණා. මාර්ග සංවර්ධන අධිකාරියේ නැගෙනහිර පළාත් අධ්‍යක්ෂිකා කලයිවානි වන්නිය සිංහම් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

වැලිමඩ දිවුරුම්ගම ගම්මානයේ අතුරු මාර්ග 03 ක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරෙනවා. ගම්මාන රැසක ජනතාවට සෙත සළසමින් මෙම මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ වැලිමඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඉන්දික සම්පත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට වැය කළ මුදල රුපියල් ලක්ෂ 15 ක්.

 

 

The post දිවයින පුරා මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මකයි appeared first on ITN News.

Read More »

ක්‍රොඒෂියාවේ භූ කම්පනයකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ක්‍රොඒෂියාවේ සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රිච්ටර් පරිමාණ ඒකක 6.7ක ප්‍රබලත්වයකින් යුතු භූමි කම්පාවකුයි ක්‍රොඒෂියාවට බලපෑවේ. මියගිය අය අතර වයස අවුරුදු 12 ක දැරියක් ද වන බව සඳහන්. ක්‍රොඒෂියාවේ ජිල්නා නගරයටයි භූ කම්පනයෙන් වැඩිම බලපෑම් එල්ල වුණේ. සුන්බුන් අතර සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව ක්‍රොඒෂියා වාර්තා සඳහන් කළා. එරට තවත් නගර කිහිපයකටම භූ කම්පනයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

 

 

 

The post ක්‍රොඒෂියාවේ භූ කම්පනයකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍යයෙන් සොයාගත් නව කොරෝනා වයිරස් ප්‍රභේදය ඇමෙරිකාවෙත්  

0 comments

බ්‍රිතාන්‍යයෙන් සොයාගත් නව කොරෝනා වයිරස් ප්‍රභේදය පළමුවරට ඇමෙරිකාවෙන් ද සොයා ගෙන තිබෙනවා.

ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ මෙම වයිරසය ආසාදිත පළමු පුද්ගලයා සොයා ගැනුණා. 20 හැවිරිදි ඔහු මෑත කාලයේ කිසිඳු සංචාරක ඉතිහාසයක්ද නොමැති පුද්ගලයෙකු බවයි ඇමෙරිකා වාර්තා සඳහන් කළේ. ඔහුට මෙම නව වයිරස් ප්‍රභේදය වැළදුණු ආකාරය පිළිබඳ සොයා බැලීමට  පරීක්ෂණ පවත්වන බව ඇමෙරිකා සෞඛ්‍ය අංශ පවසනවා. මේ වන විට වයිරසය ආසාදිත පුද්ගලයා හුදෙකලා කර තිබෙනවා. ඇමෙරිකාවෙන් මේ දක්වා මිලියන 19 කට වැඩි ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

The post බ්‍රිතාන්‍යයෙන් සොයාගත් නව කොරෝනා වයිරස් ප්‍රභේදය ඇමෙරිකාවෙත් appeared first on ITN News.

Read More »

කිසිදු අපරාධකරුවෙක් සමාජයට මුදා හරින්නේ නැහැ -.ආරක්ෂක ලේකම්  

0 comments

වගකිව යුතු රජයක් ලෙස කිසිදු විටක අපරාධකරුවන් සමාජයට මුදා හැරීමට කටයුතු නොකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ  තරුණ පිරිස් පුනරුත්තාපනය කර යළි සමාජගත කරන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළා.

මහනුවර දළදා මාලිගය වෙත ගිය ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා දළදා සමිදුන් වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.(වීඩියෝව පහතින්..)

මේ අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  ද දළදා මාලිගය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව ඒ මහතා මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේ බැහැදුටුවා.

යුද හමුදාපතිවරයා අස්ගිරි මහාවිහාරය වෙත ගොස් මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන ස්වාමීන්වහන්සේ  ද බැහැදුටුවා. උන්වහන්සේ යුද හමුදාපතිවරයා වෙත ආශිර්වාද පල කළා. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමීන්වහන්සේ බැහැදැකීමට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැමිණියේ ඉන් පසුවයි.

ආගමික ආශිර්වාද ලබාගැනීමෙන් පසු යුද හමුදාපතිවරයා මාධ්‍ය වෙත අදහස් පල කළා.(වීඩියෝව පහතින්..)

 

 

The post කිසිදු අපරාධකරුවෙක් සමාජයට මුදා හරින්නේ නැහැ -.ආරක්ෂක ලේකම් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG