Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදාතා නිලධාරීන් නොමැති ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට පුහුණු නිලධාරීන්  

Add comments

ග්‍රාමීය තරුණ තරුණියන් අතරින් නව ව්‍යවසායකයන්  බිහිකිරීමට අවශ්‍ය තාක්ෂණික සහ ව්‍යවසායකත්ව දැනුම ලබාදීමට විදාතා සහ නිපුනතා සංවර්ධන නිලධාරීන් ප්‍රමුඛතාව ගත යුතු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. විදාතා නිලධාරීන් නොමැති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සදහා උපාධිධාරී පුහුණු නිලධාරීන් බදවාගැනීමටද අවධානය යොමුව තිබෙනවා.

ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයී.  නිපුනතා සංවර්ධන,වෘත්තීය අධ්‍යාපන, පර්යේශෂන හා නව නිපැයුම් සම්බන්ධයෙන් සහ වේවැල්,පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා. මෙම විෂයන්ට අදාළ රාජ්‍ය අමාත්‍යාංශ මගින් සිදු කෙරෙන අය වැය යෝජනා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. ග්‍රාම සේවා වසමකට කර්මාන්තකරුවෙකු බැගින් නව කර්මාන්තකරුවන් 14022 දෙනෙකු බිහිකිරීම අය වැයේ අපේක්ෂාවයි. විදාතා නිලධාරීන් එම නව කර්මාන්තකරුවන් හදුනාගැනීම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැළසිය යුතුයි. පාරම්පරික ගම්මාන ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් ද මේ යටතේ ක්‍රියාත්මක කෙරෙනවා. රජයේ ආයතන සම්බන්ධ කරගනිමින් තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබාදී ග්‍රාමීය ජනතාව සවිමත් කිරීම රජයේ අපේක්ෂාවයි. සීතා අරඹේපොල, ප්‍රසන්න රණවීර යන රාජ්‍ය අමාත්‍යවරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

 

The post විදාතා නිලධාරීන් නොමැති ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට පුහුණු නිලධාරීන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG