Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ග්‍රාමීය වැව් 5000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන 05 වනදා ඇරඹෙයි  

0 comments

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ ග්‍රාමීය වැව් 5000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 05 වනදා ආරම්භ වනවා.

කොන්ත්‍රාත් ලබාදීමකින් තොරව සෘජුවම රජයේ මැදිහත්වීමෙන් මේ වසර තුළ වැව් 1000 ක් පමණ ප්‍රතිසංස්කරණය කර අවසන් කරන බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සදහන් කළේ.

 

 

 

 

 

 

 

The post ග්‍රාමීය වැව් 5000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන 05 වනදා ඇරඹෙයි appeared first on ITN News.

Read More »

අග්‍රාමාත්‍යවරයා සහ වරාය වෘත්තීය සමිති එකමුතුව අතර සාකච්ඡාවක්  

0 comments

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබද සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයා සහ වරාය වෘත්තීය සමිති එකමුතුව  අතර මේ වනවිට පැවැත්වෙනවා.

ඒ අරලියගහ මන්දරයේ දීයි. අදාළ ගැටලුව පිළිබද සාධනීය විසදුමක් අපේක්ෂා කරන බවයි වරාය වෘත්තීය සමිති නියෝජිතයන්  ප්‍රකාශ කරන්නේ.

 

 

 

The post අග්‍රාමාත්‍යවරයා සහ වරාය වෘත්තීය සමිති එකමුතුව අතර සාකච්ඡාවක් appeared first on ITN News.

Read More »

උළු කර්මාන්තයේ නියුතු වූවන්ගෙන් රජයට ප්‍රසාදය  

0 comments

දේශීය කර්මාන්තයට ශක්තියක් ලබා දෙමින් උළු කර්මාන්තය වර්ධනය සදහා රජය අනුගමනය කරන වැඩපිළිවෙළට එම කර්මාන්තයේ නියුතු වූවන් ප්‍රසාදය පළ කරනවා.

දේශීය කර්මාන්ත නගාසිටුවීමට රජය විශේෂ තීරණ රැසක් ගනිමින් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. අභාවයට ගොස් තිබූ උළු කර්මාන්තය නගාසිටුවීම සදහා ද සහන ලබා දෙමින් එම ජනතාව දිරිගැන්වීමට කටයුතු කිරීමත් සමග එම කර්මාන්තය ප්‍රබෝධයක් ලබා ඇති බව ජනතාව පවසනවා. වෙන්නප්පුව, කොච්චිකඩේ, දිවුලපිටිය හා කටාන ආශ්‍රිත ප්‍රදේශවල මෙම කර්මාන්තය වැඩි වශයෙන් සිදු කෙරෙනවා. තවදුරටත් උළු කර්මාන්තය වෙනුවෙන් සහන ලබා දෙමින් සමස්ත දේශීය කර්මාන්තයම නගාසිටුවන ලෙස උළු කර්මාන්තයේ නියුතු වූවන් රජයෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

The post උළු කර්මාන්තයේ නියුතු වූවන්ගෙන් රජයට ප්‍රසාදය appeared first on ITN News.

Read More »

මාදිවෙල කිඹුලාවෙල සිට කොළඹ තුරඟ තරඟපිටිය දක්වා පාපැදි මංතීරුවක්  

0 comments

මාදිවෙල කිඹුලාවෙල සිට කොළඹ තුරග තරගපිටිය දක්වා සෑම ඉරිදා දිනකම පාපැදි මංතීරුවක් වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පැපැදි සදහා වෙන් කෙරුණු මංතීරුව ආරම්භ කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. මෙම අවස්ථාවට යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන මහත්වරුන්ද පාපැදි ධාවනයේ යෙදෙමින් එක්වුණා. ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය වර්ධනය කිරීමට සහ පරිසරය ආරක්ෂා කර ගැනීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන හදුන්වාදී තිබෙනවා. සෑම ඉරිදාකම පස්වරු 04 සිට 07 දක්වා මංතීරුව ක්‍රියාත්මකයි.

 

 

 

 

The post මාදිවෙල කිඹුලාවෙල සිට කොළඹ තුරඟ තරඟපිටිය දක්වා පාපැදි මංතීරුවක් appeared first on ITN News.

Read More »

පොදු ජන පෙරමුණේ සිව්වන සංවත්සරයට සමගාමීව දිවයින පුරා ආසන බල මණ්ඩල රැස්වීම්  

0 comments

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිව්වන සංවත්සරයට සමගාමී ලෙස  සිව් දෙස සුරැකි සිව් වසර මැයෙන් ආසන බල මණ්ඩල රැස්වීම් මාලාවක් දිවයින පුරා පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම වැල්ලවත්ත රංජන් විජයරත්න ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක, ආසන සංවිධායක මිලින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වුණා. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සදහන් කළේ මෙරට දේශපාලන පක්ෂ දෙකකට කොටු වී තිබූ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිදහෙලූ බවයි.

බදුල්ල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට ප්‍රමුඛත්වය දෙමින්. ගමට සංවර්ධනය රැගෙන යාම සදහා වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙල ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කළා.

වව්නියා ආසන බල මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත්  සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ වව්නියා නගර සභා ශාලාවේදීයි. මෙම අවස්ථාවට පළාත් සභා සහ ප්‍රා දේශීය සභා මන්ත්‍රීවරුන් මෙන්ම ක්‍රියාකාරී කමිටු සාමාජිකයන් රැසක් ද එක් වුණා.

මැදිරිගිරිය ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ ලංකාපුර ශ්‍රවණාගාරයේ දීයි. නවීන තාක්ෂණය සමග බද්ධ වී කෘෂිකර්මාන්තයෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීමට රජය වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

බද්දේගම ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩම්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික සාමාජිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රංගන ශිල්පීනි ඕෂධි හේවා මද්දුම මහත්මිය මෙන්ම පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ද රැස්වීමට එක්වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

 

The post පොදු ජන පෙරමුණේ සිව්වන සංවත්සරයට සමගාමීව දිවයින පුරා ආසන බල මණ්ඩල රැස්වීම් appeared first on ITN News.

Read More »

ගොවීන් විසින්ම පාරිභෝගිකයා වෙත එළවළු අලෙවි කිරීමේ වැඩපිළිවෙලක්  

0 comments

ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා කරගනිමින් ගොවීන් වෙතින්ම පාරිභෝගිකයා වෙත එළවළු අලෙවි කිරීමේ වැඩපිළිවෙලක්  ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

ගොවි සංවිධානවලට වෙළෙඳසැල් ලබාදී පහසුමිලට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමටයි මෙහිදී කටයුතු කෙරෙන්නේ. කැප්පෙටිපොල විශේෂ ආර්ථීක මධ්‍යස්ථානයේ නව රථගාලක් ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. රථ ගාල ඉදිකිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 25 ක්. ආර්ථික මධ්‍යස්ථානයක විධිමත් රථ ගාලක් නොමැතිවීම නිසා ගොවි ජනතාව දීර්ඝ කළක් දැඩි අපහසුතාවට ලක් වුණා.

 

 

 

The post ගොවීන් විසින්ම පාරිභෝගිකයා වෙත එළවළු අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.

Read More »

සිරියාවේ මෝටර් රථ බෝම්බ දෙකකින් පුද්ගලයින් 11 දෙනෙකු මියයයි  

0 comments

සිරියාවේ ඇලෙප්පෝ නගරයේ පුපුරා ගිය මෝටර් රථ බෝම්බ දෙකකින් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බෝම්බ ප්‍රහාර වලින් තුවාල ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 30ට වැඩි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. අසාස් ප්‍රදේශයේ එක් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර එහිදී පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් බෝම්බයක් නිදහස් සිරියානු හමුදාව පවත්වාගෙන ගිය මුරපොලකදී පුපුරා ගොස් තිබෙනවා. මෙම නිදහස් සිරියානු හමුදාව තුර්කි රජයෙන් වක්‍රව ආධාර ලබනවා. සිරියා ජනාධිපති බෂර්  අල් අසාද්ගේ පාලනය බිඳ දැමීම සඳහා තුර්කිය සන්නද්ධ කණ්ඩායම් රැසකට ආධාර සපයමින්  සිටින බවයි යුද විශ්ලේෂකයන් පවසන්නේ.

 

 

The post සිරියාවේ මෝටර් රථ බෝම්බ දෙකකින් පුද්ගලයින් 11 දෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

මියන්මාර හමුදාව එරට රජයේ  පාලනය අත් කරගනී  

0 comments

මියන්මාර හමුදාව එරට රජයේ  පාලනය අත් කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අවුන්සාන් සුකි ඇතුලු තවත් දේශපාලන නායකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට හමුදාව පාලනයට ගෙන ති‌බෙනවා. මතභේදාත්මක මැතිවරණයකින් පසු එරට සිවිල් රජය සහ හමුදාව අතර ආතතීන් උත්සන්න වීම හේතුවෙන් මෙම කුමන්ත්‍රණය උත්සන්න වී තිබෙනවා. අවුන්සාන් සුකි ඇතුලු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පැයකට පසුව එරට හමුදාව වසරක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ දී පැවති මැතිවරණයෙන් අවුන්සාන් සුකිගේ ජාතික ලීගය පක්ෂය ජයග්‍රහණය කරා. ඒ පාර්ලිමේන්තුවේ වැඩි ආසන ප්‍රමාණයක් හිමි කර ගනිමින්. කෙසේ වෙතත් හමුදාව පවසන්නේ මෙම ඡන්දය වංචනික එකක් බවයි.

 

 

The post මියන්මාර හමුදාව එරට රජයේ  පාලනය අත් කරගනී appeared first on ITN News.

Read More »

මාර්තු 31න් පසු සැෂේ පැකට් තහනම්  

0 comments

තනි භාවිත හා කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු 31 වනදා සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ප්ලාස්ටික් හඳුනා ගැනීම සඳහා ප්‍රමිති සලකුණු නිකුත් කරන බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

තනි භාවිත හෙවත් සැෂේ පැකට් හා කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් හේතුවෙන් පරිසර දූෂණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. නිසි ක්‍රමවේදවලින් තොරව කසළ කළමනාකරණය සඳහා යොදා ගන්නා මෙම ප්ලාස්ටික් වර්ග පරිසරයට එකතු වීම ද ගැටලුවක්. ඒ අනුව පළමු අදියරේදී තනි භාවිත හා කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම ක්‍රියාත්ම කිරීමටයි මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙන්නේ.

මේ අතර එක් එක් ප්ලාස්ටික් වර්ග හඳුනා ගැනීම සඳහා යෙදිය යුතු ජාත්‍යන්තරව භාවිත කරන සංකේත ක්‍රමයක් ද හඳුන්වා දී තිබෙනවා. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පහසු කිරීම මගින් පරිසර දූෂණය අවම කිරීම මෙහි අරමුණයි.

 

 

 

 

The post මාර්තු 31න් පසු සැෂේ පැකට් තහනම් appeared first on ITN News.

Read More »

තවත් කොරෝනා ආසාදිතයින් 351 දෙනෙකු හඳුනා ගැනේ  

0 comments

තවත් කොරෝනා ආසාදිතයින් 351 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

The post තවත් කොරෝනා ආසාදිතයින් 351 දෙනෙකු හඳුනා ගැනේ appeared first on ITN News.

Read More »

ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව හෙට සිට ඉවත් කෙරේ  

0 comments

හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 05 සිට හුදෙකලා බවින් නිදහස් කරන බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

 

 

 

 

 

 

 

The post ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව හෙට සිට ඉවත් කෙරේ appeared first on ITN News.

Read More »

නුවරඑළිය වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පන තත්වයක්  

0 comments

නුවරඑළිය වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද උදෑසන සුළු භූකම්පන තත්ත්වයක් වාර්තා වුණා. මෙවැනි භූ කම්පන ඉදිරි දිනවලදීත් ඇති වීමේ හැකියාවක් ඇති බවයි භූ විද්‍යා අංශ ප්‍රකාශ කරන්නේ. ඒ සමග අවදානම් සහගත ප්‍රදේශවල  ජීවත් වෙන ජනතාවට දැඩි අවදානයෙන් සිටින ලෙස එම අංශ අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

රිච්ටර් පරිමාන ඒකක දෙකක ප්‍රබලත්වයක් සටහන් කෙරුණු මෙම සුළු භූකම්පන තත්ත්වයට පෙර ද මධ්‍යම කදුකරයේ ස්ථාන කිහිපයක සුළු භූ කම්පන වාර්තා වුණා.

මෙම තත්ත්වයක් සමග අධික වර්ෂාවක් ඇති වුවහොත් නාය යෑම් සිදු වීමේ වැඩි අවදානමක් පැවතිය හැකි බවට භූ විද්‍යා අංශ අනතුරු අඟවනවා. නිසි ප්‍රමිතියට සකස් කර නොමැති නිවාසවල බිත්ති ඉරිතලා යාම් සිදුවිය හැකියි. එමෙන්ම ඉහළ කඳුකර ප්‍රදේශවල සිට විශාල ගල් පහත් බිම් කරා පෙරලීමේ අවදානමක්  ද ඇති බැවින් අවදානම් සහගත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට  මේ පිළිබද දැඩි අවදානයෙන් පසුවන ලෙස එම අංශ දැනුම් දෙනවා.

 

 

The post නුවරඑළිය වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පන තත්වයක් appeared first on ITN News.

Read More »

චීනයේ සිනොවැක් බයොටෙක් සමාගම එන්නත් නිෂ්පාදනය වේගවත් කරයි  

0 comments

කොරෝනා වෛරසයට එරෙහි එන්නත් සඳහා පවතින ඉල්ලුම ඉහළ යාමත් සමඟ චීනයේ සිනොවැක් බයොටෙක් සමාගම එන්නත් නිෂ්පාදනය වේගවත් කර තිබෙනවා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සිනොවැක් සමාගමේ නව කර්මාන්ත ශාලාව නිෂ්පාදන ආරම්භ කළා. බීජිං නගරය ප්‍රමුඛ චීනයේ නගර රැසකට එන්නත් බෙදා හරිනු ලබන්නේ එම කර්මාන්ත ශාලාව මගිනුයි. එහි වාර්ෂික එන්නත් නිෂ්පාදනය මාත්‍රා මිලියන 500 ක් පමණ වනවා. කෙසේ වුව ද නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමත් සමඟම එම කර්මාන්ත ශාලාව නොකඩවා පැය 24 ම නිෂ්පාදන කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ. දිනකට එන්නත් මාත්‍රා ලක්‍ෂ 4 ක් නිෂ්පාදනය කිරීම ඔවුන්ගේ ඉලක්කයයි. චීනයට අමතරව ඉන්දුනීසියාව , බ්‍රසීලය හා තුර්කිය යන රටවල් චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත කොරෝනා වෛරසය මැඩලීම සඳහා යොදා ගනු ලබනවා.

 

 

 

 

 

The post චීනයේ සිනොවැක් බයොටෙක් සමාගම එන්නත් නිෂ්පාදනය වේගවත් කරයි appeared first on ITN News.

Read More »

රිය අනතුරු දෙකකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්‍ෂයට  

0 comments

ඒකලදී හා ගම්පොළ නියංගන්දරදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.

ඒකල ගුවන් හමුදා කදවුර ඉදිරිපිටදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගියා. අනතුරින් මිය ගියේ සීදූව පදිංචි තුන්දරු පියෙකු හා රද්දොලුගම පදිංචි 40 හැවිරිදි සහ 60 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකුයි. මොවුන් පැමිණි මෝටර් රථය ගුවන් හමුදා කදවුර ඉදිරිපිට ඇති බස් නැවතුම්පොළේ ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ.

මේ අතර පූඩලුඔය ගම්පොළ මාර්ගයේ නියංගන්දර ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. තරුණයන් කණ්ඩායමක් යතුරු පැදි 5 කින් විනෝදය සදහා යමින් සිටියදීයි අනතුර සිදුව තිබෙන්නේ. අනතුරෙන් මිය ගොස් ඇත්තේ කලපිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයන් දෙදෙනෙකුයි. ලොරි රථයේ රියදුරු නාවලපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

 

The post රිය අනතුරු දෙකකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.

Read More »

මැඩ්රිඩ් නුවරට බලපෑ හිම කුණාටුවෙන් සිදු වූ හානිය යුරෝ බිලියන 1.4 කට ආසන්න බව වාර්තා වෙයි  

0 comments

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරට පසුගිය සතියේදී බලපෑ හිම කුණාටුවෙන් සිදු වූ හානිය යුරෝ බිලියන එකයි දශම 4 කට ආසන්න බව වාර්තා වනවා.

මෙවර ශීත සෘතුවේදී හිමපතනයත් සමග වැඩිම බලපෑමට ලක් වූ යුරෝපීය රට ලෙස ස්පාඤ්ඤය දැක්විය හැකියි. මැඩ්රිඩ් නගරයේ ඇතැම් ස්ථාන සෙන්ටිමීටර 50 ක පමණ අධික හිම තට්ටුවකින් වැසී තිබුණා. හිම කුණාටුවත් සමග කසළ එක් රැස් කිරීම නතර වීම හේතුවෙන් නගරය තුළ ගොඩ ගැසී තිබූ කසළ ප්‍රමාණය ටොන් නවදහසකට ආසන්න බවයි වාර්තා වන්නේ. පාසල්, විශ්වවිද්‍යාල හා පෙර පාසල් පසුගිය සති 2 ක කාලය පුරා වසා තැබීමට බලධාරීන් පියවර ගත්තා. මේ වන විට මැඩ්රිඩ් නගරය සාමාන්‍ය ජන කටයුතු සදහා විවෘතව පවතිනවා.

 

 

 

 

The post මැඩ්රිඩ් නුවරට බලපෑ හිම කුණාටුවෙන් සිදු වූ හානිය යුරෝ බිලියන 1.4 කට ආසන්න බව වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

ආපදාවලදි විපතට පත් ජනතාවට මූල්‍යාධාර ලබාදීම සඳහා විද්‍යුත් කාඩ්පතක්  

0 comments

ආපදාවලදි විපතට පත් ජනතාවට කඩිනමින් මූල්‍යාධාර ලබාදීම සදහා විද්‍යුත් කාඩ්පතක් හදුන්වා දී තිබෙනවා.

එහි නියමු ව්‍යාපෘතියක් කලුතර, රත්නපුර, පුත්තලම හා අනුරාධපුර දිස්ත්‍රික්වල ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව කලුතර දිස්ත්‍රික් වැඩසටහන අද පැවැත්වුණා. ඒ සදහා කලුතර දිස්ත්‍රික්කයේ සියලුම සමෘද්ධි බැංකු වෙත පරිගණක ලබා දීම ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණා. ඒ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 7 ක්. ලෝක ආහාර සංවිධානය ද මේ සදහා සහාය ලබා දෙනවා.

 

 

 

 

The post ආපදාවලදි විපතට පත් ජනතාවට මූල්‍යාධාර ලබාදීම සඳහා විද්‍යුත් කාඩ්පතක් appeared first on ITN News.

Read More »

ප්‍රංශයේ පැරිස් නුවර උද්ඝෝෂණ  

0 comments

මතභේදයට තුඩු දී ඇති ආරක්ෂක පනතට එරෙහිව ප්‍රංශයේ පැරිස් නුවර උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

මාස ගණනක් පුරා එරට නව ආරක්ෂක පනතට විරුද්ධව උද්ඝෝෂණ ක්‍රියාත්මකයි. කෙසේ වුවද ඊයේ පැවති උද්ඝෝෂණ සදහා සහභාගි වූ පිරිස සැලකිය යුතු මට්ටමකින් අඩු බවයි වාර්තා වන්නේ. කොරෝනා වයිරස ව්‍යාප්තිය නැවත වරක් ප්‍රංශය තුළ වේගවත් වීම හේතුවෙන් උද්ඝෝෂණ සදහා සහභාගි වන පිරිස් අඩුවී තිබෙනවා. සවස හයේ සිට ඇදිරි නීතිය ක්‍රියාත්මක බැවින් ඊට පෙර උද්ඝෝෂණ නැවැත්වීමට කටයුතු කරන ලෙස දැනුම් දුන්නද ඔවුන් තවදුරටත් රැදී සිටීම හේතුවෙන් පොලිසිය උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට කටයුතු කළා.

 

 

 

The post ප්‍රංශයේ පැරිස් නුවර උද්ඝෝෂණ appeared first on ITN News.

Read More »

කෙටි කාලයකින් පාර්ලිමේන්තු ජයග්‍රහණයක් දක්වා යාමට හැකි වූ පළමු පක්‍ෂය පොදුජන පෙරමුණ බව ඇමති කෙහෙළිය කියයි  

0 comments

නව දේශපාලන පක්‍ෂයක් බිහි කරමින් කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තු ජයග්‍රහණයක් දක්වා යාමට හැකි වූ පළමු දේශපාලන පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මහනුවරදී පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

 

 

The post කෙටි කාලයකින් පාර්ලිමේන්තු ජයග්‍රහණයක් දක්වා යාමට හැකි වූ පළමු පක්‍ෂය පොදුජන පෙරමුණ බව ඇමති කෙහෙළිය කියයි appeared first on ITN News.

Read More »

මොස්කව් නුවර ආරක්ෂාව තර කෙරේ  

0 comments

රුසියාවේ විපක්ෂ ක්‍රියාකාරී ඇලෙක්සි නවාල්නි අත්අඩංගුවට ගැනීමට විරුද්ධව පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ හේතුවෙන්  ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වනවා.

මොස්කව් නුවර දුම්රිය ස්ථාන රැසක් වසා දමා ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. නගරයේ අවන්හල්  ආපනශාලා හා කඩ සාප්පු ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය සතියේ පැවති උද්ඝෝෂණවලදී හාරදහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. විෂ ශරීරගතවීමක් හේතුවෙන් මාස පහක පමණ කාලයක් ජර්මනියේ ප්‍රතිකාර ලැබූ නවාල්නි පසුගිය 17 වන දින රුසියාවට පැමිණි මොහොතේ දී අත්අඩංගුවට ගැණුනා. ඒ ඔහුට අධිකරණයෙන් ලබාදී තිබූ අත්හිටවූ සිර දඩුවමේ කොන්දේසි කඩ කිරීම හේතුවෙන්.

 

 

The post මොස්කව් නුවර ආරක්ෂාව තර කෙරේ appeared first on ITN News.

Read More »

හම්බන්තොට වරාය විකුණූ අය නැගෙනහිර ජැටිය ගැන කිඹුල් කඳුලු හෙලනවා  

0 comments

හම්බන්තොට වරාය පිහිණුම් තටාකයක් බව පවසමින් විකුණූ අය අද නැගෙනහිර ජැටිය ගැන කිඹුල් කදුලු හෙලන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.කිසිදු හේතුවක් නිසාවත් නැගෙනහිර පර්යන්තය  කිසිවෙකුටත් නොදෙන  බව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ වන විටත්  අවධාරණය කර ඇති බවයි අමාත්‍යවරයා  පවසන්නේ.

 

 

 

The post හම්බන්තොට වරාය විකුණූ අය නැගෙනහිර ජැටිය ගැන කිඹුල් කඳුලු හෙලනවා appeared first on ITN News.

Read More »

ප්‍රාදේශීය මට්ටමින් පළමු පෙළට එන්නත්කරණය අද සිට  

0 comments

ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හා ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට ලබා දීම දැන් ක්‍රියාත්මකයි.

තෝරාගත් ප්‍රධාන රෝහල් කිහිපයක හා යුද හමුදාව සදහා එන්නත්කරණය ඊයේ ආරම්භ කෙරුණා. සෙසු රෝහල්වල කාර්ය මණ්ඩල මෙන්ම ආරක්‍ෂක අංශ සාමාජිකයන් සදහා එන්නත් ලබා දීම සිදුවෙමින් පවතිනවා. ඒ අනුව හොරණ මූළික රෝහලේ කාර්ය මණ්ඩලය සදහා එන්නත් ලබාදීම ඊයේ පස්වරුවේම ආරම්භ කෙරුණා.

වව්නියාව ප්‍රදේශයේ කෝවිඩ් මර්දන වැඩපිළිවෙළේ ඉදිරිපෙළ කටයුතුවල නිරතව සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දීම වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී සිදුවුණා. වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් එච් ඩී බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මතයි එම කටයුතු සංවිධාන කර තිබුණේ.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී ද එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණා. ඒ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

මඩකලපුව දිස්ත්‍රික්කයේ එන්නත් තුන්දහස් හාරසියයක් ලබා දීම මඩකලපුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය එන් මයුරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

The post ප්‍රාදේශීය මට්ටමින් පළමු පෙළට එන්නත්කරණය අද සිට appeared first on ITN News.

Read More »

අධික හිමපතනයත් සමඟ මොස්කව් නුවර වාහන ගමනාගමනය ඇණ හිටී  

0 comments

අධික හිමපතනයත් සමග රුසියාවේ මොස්කව් නුවර වාහන ගමනාගමනය ඇණහිට තිබෙනවා.

හිම පතනයත් සමග වැසී ගිය මහාමාර්ගයන්හි හිම තට්ටු ඉවත් කිරීමට  දහස් ගණනක් සේවකයින් සේවයට කැදවා ඇති බව වාර්තා වනවා. අධික හිම පතනයට අමතරව දැඩි සුළං ද හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ඉදිරි දින කිහිපය තුළද අධික හිම පතනයක් බලාපොරොත්තු විය හැකි  බව එරට කාලගුණික දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. වායු ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශයක සෘණ 25 දක්වා පහත වැටිය හැකි බවටයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් පවසන්නේ.

 

 

The post අධික හිමපතනයත් සමඟ මොස්කව් නුවර වාහන ගමනාගමනය ඇණ හිටී appeared first on ITN News.

Read More »

පොදුජන පෙරමුණු ආසන බල මණ්ඩල රැස්වීම් දිවයින පුරා  

0 comments

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීම් තවදුරටත් පැවැත්වෙනවා . එම පෙරමුණ  පිහිටුවා වසර 4 ක් පිරීම වෙනුවෙන් මෙම රැස්වීම් පැවැත්වෙන්නේ සිව් දෙස සුරකින සිව් වසර මැයෙන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවිස්සාවේල්ල ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුණේ සීතාවක ප්‍රා‌ දේශීය සභා ශ්‍රවණාගාරයේදීයි. අවිස්සාවේල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සංවිධායක නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා එය සංවිධාන කර තිබුණා. අමාත්‍ය  ආචර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි රැස්වීම පැවැත්වුණේ.

කඹුරුපිටිය පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩලයට අයත් කාන්තා බල මණ්ඩලයේ රැස්වීමක් කඹුරුපිටියේ දී පැවැත්වුණා. ඒ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.

ඌව පරණගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීම සංවිධාන කර තිබුණේ එම ආසන සංවිධායක හිටපු මන්ත්‍රී චාමික බුද්ධදාස මහතායි. ඌව පරණගම අඹගස්දෝව විදුහල් ශ්‍රවණාගාරයේ පැවති මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

 

 

The post පොදුජන පෙරමුණු ආසන බල මණ්ඩල රැස්වීම් දිවයින පුරා appeared first on ITN News.

Read More »

රණවිරුවන්ව පාවා දෙනකොට UN එක සංතෝෂ වුණා  

0 comments

යහපාලන රජය සමයේ නිහඩ පිළිවෙතක් අනුගමනය කළ එක්සත් ජාතින්ගේ සංවිධානය යළි අපේ රටට විරුද්ධව යෝජනා ගෙන ඒම සම්බන්ධයෙන් ක්‍රියා කරමින් සිටින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. රණවිරුවන්ට එරෙහි චෝදනා වත්මන් ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීමත් සමග ඔවුන් මෙලෙස ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන සම්මන්ත්‍රණ මාලාවේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වැඩ සමග යළි ගමට වෙනස්ව සිතන්නට බිය නොවන්න යන තේමාවෙන් මෙම සම්මන්ත්‍රණ මාලාව සංවිධාන කෙරෙනවා.

 

 

 

The post රණවිරුවන්ව පාවා දෙනකොට UN එක සංතෝෂ වුණා appeared first on ITN News.

Read More »

නව නීති ක්‍රියාත්මක කිරීමත් සමඟ පැරණි චක්‍රලේඛවලින් පවරා ඇති නඩු ඉවත් කරගන්න  

0 comments

පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

“ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී ජනතාවගෙන් නිරන්තරයෙන් ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින් වනජීවි, වන සංරක්ෂණ, පරිසර, ඉඩම් ඇතුළු සියලු දෙපාර්තමේන්තු හා ආයතනවලට ජනතා යහපතට ඉවහල්වන අයුරින් නව නීති සැකසීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. පවතින ගැටළු නිරාකරණය කරමින් නව නීති කඩිනමින් සැකසේ. වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය ආයතන සමග නඩු කියමින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසනු පිණිස මේ තීරණයට එළැඹිණ.

ගැටළු නිරාකරණය කොට අවසන් වරට සැකසූ ඔප්පු 17,000කට තමා ඊයේ වන විට අත්සන් තබා ඇතැයි රාජපක්ෂ මැතිතුමා පවසයි.

අද (30) පෙරවරුවේ මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල, අලුත්වැව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ, කුකුල්කටුව වැව ඉස්මත්තේ පැවති “ගම සමග පිළිසඳර” අට වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි. විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම ගම සමග පිළිසඳර වැඩසටහනේ අපේක්ෂාවයි.

“ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගී වීමට තණමල්විල ප්‍රදේශයට ගිය ජනාධිපතිතුමා කොටවෙහෙර මංකඩ මහා විද්‍යාල භූමියට රැස්ව සිටී පාසල් සිසුන් හා ගම්මුන් සමග කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටළු විමසා බැලීය.

සිසුන්ගේ ඉල්ලීම පරිදි කොටවෙහෙර මංකඩ මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනය සංවර්ධනය හෙට (31) සිටම ආරම්භ කිරීමට ජනාධිපතිතුමා යුද හමුදාවට උපදෙස් දුන්නේය. විද්‍යාලයේ ශ්‍රවණාගාරය ඉදිකරදීමට ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

මොණරාගල නගරයේ සිට කි.මි 100ක් පමණ දුරින් වූ අලුත්වැව “ගම සමග පිළිසඳර” අට වැනි වැඩසටහන සඳහා තෝරාගෙන තිබිණ. අලුත්වැව ගම්මානය කොටවෙහෙර මංකඩ, වැල්ලවාය, හම්බෙගමුව, වලවේ ගඟ, කණ්ඩියපිට වැව යන ග්‍රාමයන්ට මායිම්ව පිහිටා තිබේ. දලුක්ගල, කොරටුවැව, කිලිම්බුන්න, මිල්ලගල, දහයියාගල, නෑබඩපැලැස්ස සහ පොකුණුතැන්න අලුත්වැව ග්‍රාමසේවා වසමට අයත්ය. පවුල් 790කින් සමන්විත අලුත්වැව ගම්මානයේ ජනගහනය 2794කි. උඩවලව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව දඩයම් කිරීම සහ හේන් ගොවිතැන සඳහා සංක්‍රමණය වීමෙන් 20 වැනි ශතවර්ෂය මුල් භාගයේ අලුත්වැව ජනාවාසයක් බවට පත්ව තිබේ. වී සහ හේන් ගොවිතැන ගම්මානයේ බොහෝ දෙනාගේ ප්‍රධාන ජීවනෝපාය වේ.

ග්‍රාමීය ගැටළු විසඳීමේ දී ජනතාවගේ අදහස් සහ යෝජනාවන්ට ප්‍රමුඛතාව ලැබේ. ඒ වෙනුවෙන් මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ග්‍රාමීය ජනතාව එක්ව ගම කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

දිවයිනේ පාසල් රැසක ඉංග්‍රීසි ගුරු හිඟය පවතින බව අනාවරණය වී තිබේ. ඊට පිළියම් ලෙස අදාළ පාසල්වලට ඉංග්‍රීසි ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාවට නංවන්නැයි ජනාධිපතිතුමා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

තණමල්විල කලාප අධ්‍යාපන කාර්යාලය ඉදි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කිරීමේ වගකීම ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසාම්මිල් මහතා වෙත පවරනු ලැබීය.

සෙවණගල, ඔක්කම්පිටිය, හම්බෙගමුව සහ කොටවෙහෙර මංකඩ විද්‍යාල ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමටත්, අලුත්වැව සහ අවට ගම්මානවල ආබාධ සහිත සිසුන් සඳහා නිසි පහසුකම් සහිත අධ්‍යාපන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමටත් තීරණය කෙරිණ.

දිස්ත්‍රීක්කයේ සියලු පාසල්වල ක්‍රීඩාපිටි සංවර්ධනය කිරීමට ජනාධිපතිතුමා විසින් බලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණ.
දිස්ත්‍රීක්කයේ සියලු පාසල්වල ගුරු හිඟය පියවීමටත්, ක්‍රීඩාපිටි සහ යටිතල පහසුකම් සංවර්ධනයටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

අලුත්වැව, කිලිම්බුන්න, කළුතොට කොටවෙහෙර මංකඩ සහ අලුත්වැව දක්වා මාර්ග සහ ප්‍රදේශයේ අතුරු මාර්ග සහ කෘෂි ඉඩම් මාර්ග සහ පාලම් සංවර්ධනය කිරීමට ද රාජපක්ෂ මැතිතුමා විසින් නියම කෙරිණ.

අලුත්වැව සහ අවට ගම්මානවල පානීය ජල අවශ්‍යතාව සහ එය කඩිනමින් විසඳීමට ගත යුතු ක්‍රියාමාර්ග දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. 1952 වසරේ දී යෝජනා කරන ලදුව මෙතෙක් ක්‍රියාත්මක කර නැති කුඹුක්කන් ඔය ව්‍යාපෘතියේ සැලසුම් වහා අවසන් කර මේ වසරේම වැඩ ආරම්භ කොට කඩිනම් ව්‍යාපෘතියක් ලෙස සම්පූර්ණ කරන්නැයි ජනාධිපතිතුමා ජල සම්පාදන අමාත්‍යාංශයට නියෝග කළේය.

ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සම්පාදනය කරනු පිණිස වෙහෙරගල වැව ව්‍යාපෘතිය සහ සෙවනගල පිරිපහදුව විධිමත්ව ක්‍රියාවට නැංවීමට තීරණය කෙරිණ.

ප්‍රදේශයේ ස්වභාවික ජල මූලාශ්‍ර නිසි පරිදි හඳුනාගෙන පානීය ජල අවශ්‍යතා සපුරාලීමේ කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

RO Plant සහ නළ ජලය මගින් අලුත්වැව ඇතුළු ගම්මාන රැසක පානීය ජල අවශ්‍යතාව සම්පාදනයට ද පියවර ගන්නා ලදී.

සිය වගා කටයුතු සඳහා කුකුල්කටුව වැව ඇතුළු වැව් 10ක් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ජනතාව කළ ඉල්ලීම කඩිනමින් ඉටුකරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගම්මුන්ගේ ඉල්ලීම මත හම්බෙගමුව රෝහලට ළමා හා මාතෘ සායනයක් ස්ථාපනය කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා ජනාධිපතිතුමා සමග එකගතාව පළ කළේය. මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සායන මසකට වරක් හෝ තණමල්විල සහ මොණාරාගල ප්‍රදේශ ආවරණය වන පරිදි සැලසුම් කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

හම්බෙගමුව ප්‍රාදේශීය රෝහල, මොණරාගල, තණමල්විල සහ වැල්ලවාය රෝහල්වල පවතින වෛද්‍ය හා හෙද, හිඟයට පිළියම් යෙදීමට සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධනයට ද අවධානය යොමු විය.

මීට වසර කිහිපයකට පෙර ඉදිකර අක්‍රීයව පවතින දිස්ත්‍රීක්කයේ සියලු අලි වැට යාවත්කාලීන කිරිමට තිරණය කෙරිණ. බෝදාගම වැව් රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් පිළිබඳ කඩිනම් ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදු කර ඉදිරි පියවර ගන්නා ලෙසත්, කිසිදු වැව් රක්ෂිතයක අනවසර ඉදිකිරීම් සඳහා ඉඩ නොතබන ලෙසත් ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

කෘෂිකාර්මික කටයුතුවලදී ප්‍රමිතියෙන් තොර වල් නාශක භාවිතය පිළිබදව වහා සොයා බැලීමට නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා එවැනි අයථා ක්‍රියාවන්හි නිරත වන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළයුතු බව ද අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටල් ආයතනය අලුත්වැව කණිෂ්ඨ හා සෙවණගල මහානාග මහ විද්‍යාලවල “සුහුරු පන්ති කාමර” සඳහා පරිත්‍යාග කළ පරිගණක හා සන්නිවේදන උපකරණ කට්ටල හා ඩයලොග් ආයතනයෙන් පිරිනැමුණු පරිගණක සහ රූපවාහිනී යන්ත්‍ර රතඹලාගල කණිෂ්ඨ හා හම්බෙගමුව මහා විද්‍යාලවල විදුහල්පතිවරුන් වෙත බාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණුකිරීමේ අධිකාරිය වෙතින් පුහුණුව ලැබූ තිදෙනෙකුට පත්වීම් ප්‍රදානය වැඩසටහනට සමගාමීව සිදු විය.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශශීන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, කුමාරසිරි රත්නායක, දයශාන් නවනන්දන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුමේධා ජී. ජයසේන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු සහ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් කුකුල්කටුව වැව ඉස්මත්තේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

The post නව නීති ක්‍රියාත්මක කිරීමත් සමඟ පැරණි චක්‍රලේඛවලින් පවරා ඇති නඩු ඉවත් කරගන්න appeared first on ITN News.

Read More »

පළාත් හතරකට මිලි මිටර 75ක තද වැසි  

0 comments

ප‍්‍රදේශ රැසකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් ඊට ඇතුලත්. ඇතැම් ස්ථානවලට මිලි මිටර 75 ක තරමක තද වැසි ඇති විය හැකි බවයි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සදහන් කළේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.

බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

The post පළාත් හතරකට මිලි මිටර 75ක තද වැසි appeared first on ITN News.

Read More »

දිල්ලි අගනුවර ප්‍රදේශ තුනක අන්තර්ජාල සේවා අත්හිටුවයි  

0 comments

නව කෘෂිකාර්මික නීතිවලට විරෝධය පළ කරමින් ගොවීන් උපවාසයේ යෙදෙන දිල්ලි අගනුවර ප්‍රදේශ තුනක අන්තර්ජාල සේවා අත්හිටුවා තිබෙනවා.

මහජන ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා අද රාත්‍රිය දක්වා මෙම සේවා අත්හිටුවීම අඛණ්ඩව පවතින බවයි ඉන්දීය රජය සඳහන් කරන්නේ. ඒ අනුව දිල්ලි අගනුවර සිංගු, ගාසිපූර් සහ ට්‍රික්රි යන ප්‍රදේශවල මෙලෙස අන්තර්ජාල සේවා අත්හිටුවා තිබෙනවා. මාසයකට අධික කාලයක් ගොවීන් දස දහස් ගණනක් දිල්ලි නගරයේ අඛණ්ඩව විරෝධතා දක්වමින් සිටිනවා. වෘත්තිය සමිති සහ රජය අතර සාකච්ඡා ද බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

 

The post දිල්ලි අගනුවර ප්‍රදේශ තුනක අන්තර්ජාල සේවා අත්හිටුවයි appeared first on ITN News.

Read More »

ප්‍රංශය නැවත වරක් දේශසීමා නීති තර කෙරේ  

0 comments

ප්‍රංශය නැවත වරක් කොවිඩ්  19 වයිරසය හේතුවෙන් දේශසීමා නීති තර කර තිබෙනවා.

යුරෝපා සංගමයෙන් පිටත සිටින රටවල්වල ජනතාවට අත්‍යවශ්‍ය ගමන් හැර අනෙක් සියලු කටයුතු තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එරට අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ ප්‍රංශයේ රාත්‍රීයේ පනවන ඇඳිරිනීතිය වඩාත් තදින් ක්‍රියාත්මක කරන බවයි. සාප්පු සංකීර්ණ මෙන්ම ආපනශාලා ඇතුලු අත්‍යවශ්‍ය නොවන මධ්‍යස්ථාන වසා දමන බවද ඔහු පවසනවා.

 

 

 

 

 

 

The post ප්‍රංශය නැවත වරක් දේශසීමා නීති තර කෙරේ appeared first on ITN News.

Read More »

තවත් කොරෝනා ආසාදිතයින් 406ක්  

0 comments

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 406 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

The post තවත් කොරෝනා ආසාදිතයින් 406ක් appeared first on ITN News.

Read More »

නැගෙනහිර ජැටියෙන් දේශපාලන වාසි ගන්න එපා – වෘත්තිය සමිති පක්ෂවලට කියයි  

0 comments

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන වරාය සේවකයින්ට වගේම රටට සුබදායී උත්තරයක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පවසනවා. වරාය වෘත්තීය සමිති නියෝජිතයන් අවධාරණයෙන් කියාසිටින්නේ මේ සිද්ධියෙන් කාට හෝ දේශපාලන වාසියක් ගැනීමට ඉඩ නොදෙන බවයි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ගැටලුව මුල්කර ගනිමින් එහි සේවකයන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වනවා. අද දිනයේ ස්ථාන කිහිපයකදීම වෘත්තීය සමිති නියෝජිතයන් මනේම අද පෙරවරුවේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩ‍හේවා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළා. (වීඩියෝව පහතින්…)

මේ අතර නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්  අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිවසේදී පැවැත්වුණා. දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් ඊට එක් වුණා.

මාධ්‍ය හමුවක් පැවැත්වූ වරාය අධිකාරියේ සභාලති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා කියා සිටියේ ඉදිරියේදී සතුටුදායක පිළිතුරක් ලැබෙනු ඇති බවයි.

 

The post නැගෙනහිර ජැටියෙන් දේශපාලන වාසි ගන්න එපා – වෘත්තිය සමිති පක්ෂවලට කියයි appeared first on ITN News.

Read More »

විදුලි සැර වැදීමෙන් වනඅලි දෙදෙනෙකු මරුට  

0 comments

විදුලි සැර වැදීමෙන් පොළොන්නරුව මැදිරිගිරිය දහම්වැව ආසන්නයේදී වනඅලින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

බඩඉරිගු වගා භූමියක් අසල ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙනුයි මෙම සත්වයින් දෙදෙනා මිය ගොස් ඇත්තේ.

කවුඩුල්ල වනෝද්‍යානයේ සිට ආහාර සොයා පැමිණීමේදී වන අලි දෙදෙනා මෙම අනතුර ලක්වුණා.

The post විදුලි සැර වැදීමෙන් වනඅලි දෙදෙනෙකු මරුට appeared first on ITN News.

Read More »

තණමල්විල ජනතාවගේ ප්‍රශ්න විසදන්න ජනපති අලුත්වැවට යයි  

0 comments

ගමටම ගිහින් ගමේ ප්‍රශ්නවලට විසදුම් ලබාදෙන්න ජනාධිපතිතුමා ආරම්භ කරපු ජනපති ගම සමග පිළිසදර වැඩසටහනේ අටවැන්න තණමල්විල අලුත්වැව වැව් තාවුල්ලේ දී අද (30) ආරම්භ වුණා.

ජනාධිපතිතුමා සමඟ රාජ්‍ය නිලධාරීන් රැසක්ම මේ වැඩසටහනට එක්වී සිටිනවා.

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුවයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවුණේ. කෘෂිකර්මාන්තයට මූලිකත්වය දෙමින් නොමිලේ පොහොර ලබාදීම සහ තවත් සහන රැසක් හදුන්වා දෙමින් ගොවි ජනතාව ශක්තිමත් කිරීම මෙහිදී සිදුවනවා.

ජනතාවට බලපාන ඉඩම්,  පානීය ජලය,  සෞඛ්‍ය,  අධ්‍යාපන ආදී බොහෝ කේෂ්ත්‍රවල පවත්නා ගැටලුවලට විසදුම් ලබාදීම ජනපති ගම සමග පිළිසදර වැඩසටහනේදී සිදුවනවා.

 

 

 

The post තණමල්විල ජනතාවගේ ප්‍රශ්න විසදන්න ජනපති අලුත්වැවට යයි appeared first on ITN News.

Read More »

චීනය මුඛ ආවරණ බිලියන 222ක් අපනයනය කරයි  

0 comments

තම රට මුඛ ආවරණ බිලියන 222 ක් අපනයනය කර ඇති බව චීනය පවසනවා.

මීට අමතරව චීනය නිෂ්පාදනය කරනු ලබන ආරක්ෂිත උපකරණ සදහා ඇති ඉල්ලුමද ඉහළ ගොස් ඇති බවයි එරට වාණිජ අමාත්‍යංශය පවසන්නේ. කොරෝනා වසංගතය මධ්‍යයේ පසුගිය වසර තුළ ආර්ථික ක්‍රියාකාරකම් විශාල වශයෙන් පහළ බැසීමට ලක් වුවද මුඛ ආවරණ අපනයනය කිරීම එරට ආර්ථිකයේ වැදගත් සන්දිස්ථානයක් පෙන්නුම් කළ බව වාණිජ අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මුඛ ආවරණවලට අමතරව වෙනත් ආරක්ෂිත උපකරණ මිලියන දෙකයි දශම තුනක් සහ පරීක්ෂණ කට්ටල බිලියන එකක් ද චීනය පසුගිය වසරේදී ලොව අනෙක් රටවලට අපනයනය කර තිබෙනවා.

 

 

 

The post චීනය මුඛ ආවරණ බිලියන 222ක් අපනයනය කරයි appeared first on ITN News.

Read More »

සියලු දේශසීමාවන් යළි වසා දමන බව ප්‍රංශ අගමැති කියයි  

0 comments

කොරෝනා වයිරස් ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාම හේතුවෙන් ප්‍රංශයේ සියලු දේශසීමාවන් යළි වසා දමන බව අග්‍රාමාත්‍ය ජෝන් කැස්ටැක්ස් පවසනවා.

ඒ අනුව හෙට සිට යුරෝපා සංගමයට අයත් නොවන වෙනත් රටවලින්  ප්‍රංශයට ඇතුලු වීම තහනම් වන අතර යුරෝපා සංගමයෙන් පැමිණෙන අයගේ පරීක්ෂණ ද දැඩි කෙරෙනවා. රට වසා දැමීමට අදහස් නොකරන නමුත් ඇදිරිනීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

පසුගිය කාලය තුළද විවිධ සීමාවන් ක්‍රියාත්මක වුවත් ප්‍රංශයේ කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා. හත්වන ස්ථානයට ලොව ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ප්‍රංශයෙන්.

 

 

 

 

The post සියලු දේශසීමාවන් යළි වසා දමන බව ප්‍රංශ අගමැති කියයි appeared first on ITN News.

Read More »

රිය අනතුරකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට  

0 comments

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ නාලන්දා මහා විද්‍යාලය අසල දී සිදුවූ රිය අනතුරකින් අඹු සැමි යුවලක ජීවිතක්ෂයට පත්වුණා.

අවිත්තාව ඕපාත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පිරිමි අයෙකු හා වයස අවුරුදු 42 ක කාන්තාවක මෙසේ මිය ගොස් තිබෙනවා.

ඕපාත සිට ඇල්පිටිය දෙසට ඔවුන් යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී විරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් අනතුර සිදුවුණා. බස් රථය විදුලි කණුවක ගැටී නතර වී තිබෙනවා.

 

 

 

The post රිය අනතුරකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 859ක්  

0 comments

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 859 දෙනෙකු හදුනා ගැනුණා.

ඉන් වැඩිම පිරිස වූ 313 වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 211 දෙනෙකු ද කුරුණෑගලින් ආසාදිතයින් 79 දෙනෙකු ද හදුනාගත් බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

ඒ අනුව මේ දක්වා අපේ රටින් හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 62,445 ක්. ඉන් රෝගීන් 6742 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය විමර්ශන යටතේ පසුවන සංඛ්‍යාව 720 ක්. මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 55,398 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඊයේ දිනයේදී කෝවිඩ් මරණ 08 ක් වාර්තා වුණා. කොලොන්නාව,  පානදුර ගාල්ල කළුතර මොරටුව පිළියන්දල,  සයින්ද මරුදු සහ රත්නපුර  යන ප්‍රදේශවලින් එම කෝවිඩ් මරණ වාර්තා වූ අතර මේ දක්වා මෙරට සිදුව ඇති කෝවිඩ් මරණ සංඛ්‍යාව ඒ සමගින් 305 දක්වා ඉහළ ගියා. ඉන් 191 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 114 දෙනෙකු කාන්තාවන් වනවා.

ත්‍රිවිද හමුදාව පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 99 ක් තුළ තවදුරටත්  පුද්ගලයින් 8117 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනයේදී මෙරට පීසීආර් පරික්ෂණ 18132 ක් සිදු කළ බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

මේ අතර කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ගැවසෙන යාදකයින් හේතුවෙන් කෝවිඩ් පැතිරීමේ අවදානමක් ඇතිිබැවින්  එවැනි පිරිස් සොයා විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත් සදහන් කළා.

 

 

 

 

 

 

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 859ක් appeared first on ITN News.

Read More »

හෙරොයින් ග්‍රෑම් 50ක් සමඟ මාලිගාවත්තේ රෂීඩ් අත්අඩංගුවට  

0 comments

කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ මාලිගාවත්තේ රෂීඩ් නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ගමන් කළ මෝටර් රථය ද පොලිස් භාරයට ගැනුණා. කෙසෙල්වත්ත ප්‍රදේශයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු ලෙසයි මොහු සැලකෙන්නේ.

ඇෆ්ගනිස්ථානයේ සිට මෙම පුද්ගලයන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය ලැබී ඇති බවට හෙළිකර ගෙන තිබෙනවා.

The post හෙරොයින් ග්‍රෑම් 50ක් සමඟ මාලිගාවත්තේ රෂීඩ් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ජනපති ගම සමඟ පිලිසඳර අද තණමල්විලදී  

0 comments

ජනපති ගම සමඟ පිලිසඳර මොනරාගල දිස්ති‍්‍රක්කයේ තණමල්විලදී අද (30) පැවැත්වෙනවා.

ජනතා ගැටලු රැසකට මෙහිදී විසදුම් ලැබෙනු ඇති බවයි දිස්ති‍්‍රක් ලේකම් ගුණදාස සමරසිංහ මහතා ප‍්‍රකාශකළේ.

The post ජනපති ගම සමඟ පිලිසඳර අද තණමල්විලදී appeared first on ITN News.

Read More »

නොවා වැක්ස් එන්නත් මාත්‍රා මිලියන 60ක් බ්‍රිතාන්‍ය ඇණවුම් කරයි  

0 comments

ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද නොවා වැක්ස් එන්නත් මාත්‍රා මිලියන 60 ක් බ්‍රිතාන්‍ය ඇණවුම් කර තිබෙනවා.

නොවා වැක්ස් එන්නත මේ දක්වා කරන ලද සායනික අත්හදා බැලීම් වලදී සියයට අනූවක කාර්යක්ෂමතාවයක්  පෙන්නුම් කර ඇති බවයි වාර්තා වන්නේ. ලබන අප්‍රේල් මාසය වනවිට‌ මෙම එන්නත බ්‍රිතාන්‍ය ජනතාවට ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

සායනික අත්හදා බැලීම්වලදී නොවා වැක්ස් එන්නත් මාත්‍රාව කොවිඩ් නයින්ටීන් වයිරසයට එරෙහිව සමස්ත කාර්යක්ෂමතාවය සියයට අනූවක් මෙන්ම එක්සත් රාජධානියේ ප්‍රථම වරට සොයා ගත් නව කොරෝනා ප්‍රභේදයට එරෙහිව සියයට අසූ හයක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.

 

 

 

The post නොවා වැක්ස් එන්නත් මාත්‍රා මිලියන 60ක් බ්‍රිතාන්‍ය ඇණවුම් කරයි appeared first on ITN News.

Read More »

නිදහස් දිනය වෙනුවෙන් ලබන 01දා සිට 07දා දක්වා ජාතික ධජය ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලීමක්  

0 comments

73 වන නිදහස් සමරුව වෙනුවෙන් අනිද්දා (01) සිට ලබන 07 වන දක්වා නිවෙස්, ව්‍යාපාරික ස්ථාන,  රජයේ සහ පෞද්ගලික කාර්යාල මෙන්ම රථවාහනවල ජාතික ධජය ප්‍රදර්ශනය කරන ලෙස රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.

පෙබරවාරි 03 සහ 04 වන දිනවල සියලු ගොඩනැගිලි විදුලි අලෝකයෙන් අලංකරණය ලෙස ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

 

 

 

 

 

 

The post නිදහස් දිනය වෙනුවෙන් ලබන 01දා සිට 07දා දක්වා ජාතික ධජය ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලීමක් appeared first on ITN News.

Read More »

ඥානසාර හිමි අභයාරාමයේ විශේෂ පූජාවක් පවත්වයි  

0 comments

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂටත් රටටත් සෙත්පතලා ආශිර්වාද කරන්න විශේෂ පූජාවක් නාරහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා.

අභයාරාමාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මෙම තෙසැත්තෑඥාන පූජාවේ නිමිත්ත පැහැදිලි කළා.

පූජාව පැවැත්වූයේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මහජන නියෝජිතයින් පිරිසක් ද සැදැහැවතුන් ද මෙම ආශිර්වාද වැඩසටහනට එක්ව සිටියා.

The post ඥානසාර හිමි අභයාරාමයේ විශේෂ පූජාවක් පවත්වයි appeared first on ITN News.

Read More »

ඇස්ට්‍රා සෙනෙකා එන්නත සඳහා යුරෝපා සංගමයේ අනුමැතිය  

0 comments

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය  සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම එක්ව නිෂ්පාදනය කරන කොරෝනා වයිරසයට එරෙහි එන්නත සදහා යුරෝපා සංගමයේ අනුමැතිය හිමිව තිබෙනවා.

යුරෝපා සංගම්  ප්‍රධානී අර්සලා වොන්ඩර් ලියන් ප්‍රකාශ කළේ යුරෝපා සංගමයට අයත් රටවල වයස අවුරුදු 18 න් ඉහළ පුද්ගලයින් සදහා එන්නත නිර්දේශ කරන බවයි. රටවල් 27 කින් යුත් යුරෝපා සංගමය හදිසි භාවිතය සදහා අනුමත කළ තුන්වන කොරෝනා එන්නත මෙය වනවා.

මීට පෙර ෆය්සර් බයෝ එන්ටෙක් සහ මොඩර්නා එන්නත්  යුරෝපා සංගමයේ භාවියට අනුමැතිය හිමිව තිබුණා.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 400 ක් ලබාගැනීම සදහා යුරෝපා සංගමය මේ වන විටත් ඉල්ලුම් කර තිබෙනවා.

 

 

 

The post ඇස්ට්‍රා සෙනෙකා එන්නත සඳහා යුරෝපා සංගමයේ අනුමැතිය appeared first on ITN News.

Read More »

දකුණු කොරියාවේ කොවිඩ් එන්නත්කරණය ලබන මාසයේ සිට  

0 comments

දකුණු කොරියාව ලබන මාසයේ සිට කොවිඩ් එන්නත් ලබාදීමට සැලසුම් කර තිබෙනවා .

සෞඛ්‍ය අංශ වලට මුලින්ම එන්නත ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ. කෙසේවෙතත් සාමාන්‍ය ජනතාවට එන්නත් ලබාදීම වසර අවසානයේදී සිදුවිය හැකි බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ වන විට දකුණු කොරියාවෙන් ආසාදිතයන් හැත්තැ හත් දහස් තුන්සිය අසූ පස් දෙනෙකු හදුනාගැනුණා.

ගත වූ පැය විසි හතර තුළ හදුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 469ක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1399 ක් බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

The post දකුණු කොරියාවේ කොවිඩ් එන්නත්කරණය ලබන මාසයේ සිට appeared first on ITN News.

Read More »

ධීවරයන්ගේ ජීවන උපාය මාර්ගවලට හානි විමට තමා කිසිදා ඉඩ දෙනේ නෑ- ධීවර අමාත්‍ය  

0 comments

අප රටේ මුහුද විනාශ කිරීමටත්, අප ධීවරයන්ගේ ජීවන උපාය මාර්ගවලට හානි විමටත් තමා කිසිදා ඉඩ නොතබන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

යාපනයේ ඊ.පී.ඩී.පී මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදි අමාත්‍යවරයා මෙම අදහස් දක්වන ලදී.

නීති විරෝධී ලෙස අපේ මුහුදු තීරයට පිවිසෙන ඉන්දීය ධීවරයන් අපගේ මුහුදු සම්පත් විනාශ කරමින් නීති විරෝධී ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කර්මාන්තයේ යෙදෙන බවත්, එම නිසා අපගේ ධීවර කර්මාන්ත කරුවන්ගේ ආර්ථීකය හා ජීවන උපාය මාර්ග පසු බෑමට ලක්වන බවත්, ඉන්දීය ධීවරයන්ගේ මෙම ක්‍රියාකලාපය අප ප්‍රතික්ෂේප කරන බවත් දේවානන්දා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙරට ධීවරයන්ගේ ජීවන උපාය මාර්ග හා ඔවුන්ගේ ආර්ථීකය ආරක්ෂා කරමින් ඒ අයට යහපත් අනාගතයක් ඇති කිරීමට කුමන බාධා මැද වුවද වගකිවයුතු අමාත්‍යවරයෙක් ලෙස තමා කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

The post ධීවරයන්ගේ ජීවන උපාය මාර්ගවලට හානි විමට තමා කිසිදා ඉඩ දෙනේ නෑ- ධීවර අමාත්‍ය appeared first on ITN News.

Read More »

ගජ මුතු පහක් සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට  

0 comments

ගජමුතු පහක් නීතිවිරෝධීව විකිණීමට උත්සහ කළ පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ උඩුපුස්සැල්ලාව ප‍්‍රදේශයේදී .

සැකකරුවන් මාතලේ සහ මැදිිරිගිරිය ප‍්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේ.

The post ගජ මුතු පහක් සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

බස්නාහිර පාසල් සෙසු ශ්‍රේණි පෙබරවාරි 15ට පෙර විවෘත කිරීමට සුදානමක්  

0 comments

මේ වනවිට බස්නාහිර පළාතේ පාසල් එළඹෙන මාර්තු මාසයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් විවෘත කොට තිබෙන අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව අනෙකුත් ශ්‍රේණි සඳහා ද පෙබරවාරි මස 15 වැනි දිනට පෙර බස්නාහිර පළාතේ එක් එක් පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා‌ මේ බව පැවසූයේ, එක් එක් පාසල්වල අධ්‍යයන කටයුතු සිදුවන ආකාරය, අන්තර්ජාල අධ්‍යයන ක්‍රමවේදයේ සාර්ථකත්වය, සෞඛ්‍ය විධිවිධාන ආදිය පිළිබඳ විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ දූ දරුවන්ගෙන් තොරතුරු සොයා විමසා බැලීම සඳහා කොළඹ දේවි බාලිකා, නාලන්දා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක අද (29) දින සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

විශාල උනන්දුවක් සහ කැපවීමක් සහිතව ඉතා ක්‍රමානුකූල ව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මේ වැඩපිළිවෙළට සම්බන්ධ වෙමින්, දෙමව්පියන් සමග ද සම්බන්ධීකරණය පවත්වාගනිමින් ඉතා සැලකිලිමත් ව මේ කටයුත්ත සාර්ථක කරගැනීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් අමාත්‍යවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.

එමෙන් ම දරුවන් සමඟ දිනපතා ගැටෙන පිරිසක් ලෙස කොවිඩ් එන්නත ලබාදීමේ දී අපේ ගුරු පරපුරට ප්‍රමුඛතාවක් ලබාදීම ඉතා සාධාරණ කරුණක් බව ද ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමා රජයෙන් ඉල්ලීමක් කරන බව ද සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,.
“කොවිඩ් 19 වසංගතය නිසා වසා දැමුණු පාසල් බස්නාහිර පළාතේ හැරෙන්නට අනෙකුත් ප්‍රදේශවල විවෘත වුණ නමුත් පවතින දැඩි අවදානම් තත්ත්වය මත මේ පළාතේ දිස්ත්‍රික්ක තුනේ පාසල් සියලු ශ්‍රේණි සඳහා විවෘත කෙරුණේ නැහැ. නමුත් අවදානම් තත්ත්වය මත දරුවන්ගේ අනාගතය ම අඳුරු කරන්නට අපට බැහැ. වගකිවයුතු රජයක් ලෙස එම වගකීමෙන් මිදෙන්න අපි සූදානම් නැති නිසා ම සියලු අභියෝග මැද ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු කළා. සෙසු ප්‍රදේශවල අධ්‍යයන කටයුතු ආරම්භ කළා. අභියෝග ජය ගනිමින් එම ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අපිට ශක්තියක් තිබුණා”. යැයි පැවසීය.

මෙවන් අසීරු අවස්ථාවක ගුරුවරුන් කරන අද්විතීය මෙහෙවර සම්බන්ධයෙන් ද තම කෘතවේදීත්වය පළ කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීමෙන් වන පාඩුව වෙනත් දේ මෙන් පියවා ගත නොහැකි බව ද, රට තුළ අවදානමක් පවතින නමුත් පාසල් දිගින් දිගටම වසා තැබීම ප්‍රායෝගික නොවන බව ද, සෞඛ්‍ය, ප්‍රවාහන, ආරක්ෂක ඇතුළු සියලු අංශවල පූර්ණ සහයෝගය යටතේ සමස්ත ක්‍රියාවලීන් සාර්ථක ව යථාතත්වයට පත්කරගැනීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

බස්නාහිර පළාතට අයත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් ආරම්භ කිරීම සඳහා පියවර ගැනීමට ඒ ඒ පාසල්වලට බලය පවරා ඇති බව ද, චක්‍රලේඛවල ගැටලු වෙතොත් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දීමටත් අවස්ථාව ලබා දී ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරයා, ඒ නිසා ම පෙබරවාරි 15වන දිනට පෙර පාසල් ආරම්භ කිරීමට හැකි පාසල් මොනවාද යන්න මේ වනවිට සොයාබලමින් සිටින බවත් පැවසීය. සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් පවත්වාගෙන යාම වෙනුවෙන් ඒ ඒ පාසල්වලට අවශ්‍ය පහසුකම්, මූල්‍ය ප්‍රතිපාදන ආදිය ලබා දීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

බස්නාහිර පළාතේ පෙරපාසල් ආරම්භ කිරීම සඳහා ද අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබෙන බවත්, කුඩා දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී සමාජ දූරස්ථභාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳ කරුණ ප්‍රායෝගිකව ගැටඵකාරී තත්වයක් වන නමුත් පෙරපාසල් වසා තිබීම ද දරුවන්ට, දෙමාපියන්ට මෙන් ම පෙරපාසල් ගුරුවරුන්ට ගැටඵවක් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන් ම බස්නාහිර පළාතේ 1සිට 5 දක්වා ශ්‍රේණි විවෘත කිරීමට ඇති ප්‍රායෝගික හැකියාව ද මේ වනවිට සොයා බලමින් සිටින බවත් හැකි ඉක්මනින් එම ශ්‍රේණි සඳහා ද පාසල් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අමාත්‍යාංශයේ පෞද්ගලික ලේකම් නලින් ගම්ලත් මහතා ඇතුළු අධ්‍යාපන නිලධාරීන් පිරිසක් එක් වූහ.

The post බස්නාහිර පාසල් සෙසු ශ්‍රේණි පෙබරවාරි 15ට පෙර විවෘත කිරීමට සුදානමක් appeared first on ITN News.

Read More »

‘කෝප්’ කාරක සභාවෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවීමක්  

0 comments

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

එමෙන්ම පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාවට කැඳවන අතර, එහිදී ශ්‍රි ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලකිල්ලට ගනු ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවදානම් කලාපයන්හි ජීවත්වන ජනතාව නැවත පදිංචි කිරීමට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීම පෙබරවාරි 24 වැනිදා සිදුවේ.

ශ්‍රි ලංකාවට ප්ලාස්ටික් ආනයනය කළමනාකරණය කිරීම සහ ඒවා මෙරට තුළ භාවිතය පිළිබඳව විශේෂ විගණන වාර්තාවක් පෙබරවාරි 26 වැනිදා සැළකිල්ලට ගැනීමට නියමිත බව කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

The post ‘කෝප්’ කාරක සභාවෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවීමක් appeared first on ITN News.

Read More »

“නැගෙනහිර ජැටිය ද‍ෙවියන් අපට ලබා දුන් තෑග්ගක්” (VIDEO)  

0 comments

කොළඹ නැගෙනහිර ජැටිය ද‍ෙවියන් අපට ලබා දුන් තෑග්ගක් බව රාජ්‍ය අමාත්ය ජයන්ත සමරවීර මහතා පවසනවා.

නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය පූර්ණ හිමිකාරිත්වය යටතේ තිබිය යුතු බව තමා විශ්වාස කරන බව ඒ මහතා කියා සිටියා.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් බොහෝ දේශපාලනඥයන් තවමත් විවිධ අදහස් පළකරනවා.

 

 

The post “නැගෙනහිර ජැටිය ද‍ෙවියන් අපට ලබා දුන් තෑග්ගක්” (VIDEO) appeared first on ITN News.

Read More »

මුස්ලිම් කාන්තාවන්ම කාති උසාවිය නිරුවත් කරයි (VIDEO)  

0 comments

සියලු දෙනාට නීතිය එකසේ තිබිය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. කාති උසාවියෙන් මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් වන බව පවසමින් කාන්තාවන් පිරිසක් අද මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළා.

කාති උසාවි පිළිබද නීති සංශෝධනය කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ මෙම මාධ්‍ය  හමුවේදී ප්‍රකාශ කළේ.

කාති උසාවි ලබා දුන් තීන්දු හේතුවෙන් අසාධාරණයට ලක් වූ බව කියන කාන්තාවන් දෙදෙනෙකු ද මෙහිදී  අදහස් දැක්වුවා.

 

The post මුස්ලිම් කාන්තාවන්ම කාති උසාවිය නිරුවත් කරයි (VIDEO) appeared first on ITN News.

Read More »

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 394ක්  

0 comments

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 394 ක් වාර්තා වී තිබෙන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

The post මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 394ක් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG