Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 859ක්  

Add comments

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 859 දෙනෙකු හදුනා ගැනුණා.

ඉන් වැඩිම පිරිස වූ 313 වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 211 දෙනෙකු ද කුරුණෑගලින් ආසාදිතයින් 79 දෙනෙකු ද හදුනාගත් බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

ඒ අනුව මේ දක්වා අපේ රටින් හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 62,445 ක්. ඉන් රෝගීන් 6742 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය විමර්ශන යටතේ පසුවන සංඛ්‍යාව 720 ක්. මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 55,398 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඊයේ දිනයේදී කෝවිඩ් මරණ 08 ක් වාර්තා වුණා. කොලොන්නාව,  පානදුර ගාල්ල කළුතර මොරටුව පිළියන්දල,  සයින්ද මරුදු සහ රත්නපුර  යන ප්‍රදේශවලින් එම කෝවිඩ් මරණ වාර්තා වූ අතර මේ දක්වා මෙරට සිදුව ඇති කෝවිඩ් මරණ සංඛ්‍යාව ඒ සමගින් 305 දක්වා ඉහළ ගියා. ඉන් 191 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 114 දෙනෙකු කාන්තාවන් වනවා.

ත්‍රිවිද හමුදාව පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 99 ක් තුළ තවදුරටත්  පුද්ගලයින් 8117 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනයේදී මෙරට පීසීආර් පරික්ෂණ 18132 ක් සිදු කළ බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

මේ අතර කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ගැවසෙන යාදකයින් හේතුවෙන් කෝවිඩ් පැතිරීමේ අවදානමක් ඇතිිබැවින්  එවැනි පිරිස් සොයා විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත් සදහන් කළා.

 

 

 

 

 

 

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 859ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG